Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ~~~~~~~~~~~~රස කතා - තාත්තට වෙන අකරතැබ්බි රස කරලා කියන හැටි ~~~~~~~~~~~ Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ~~~~~~~~~~~~රස කතා - තාත්තට වෙන අකරතැබ්බි රස කරලා කියන හැටි ~~~~~~~~~~~ Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Jan 2019 07:09 AM නැද්ද තව තාත්තට වෙච්ච අකරතැබි එහෙම රස කර කර බලන්න? Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Nov 2018 09:15 PM පව් පොලිස් මාමල. රුපියල් පනහට වැටිල. Imalka HewageVeteran MemberPosts:4533 27 Nov 2018 03:34 PM තේ බෝතලයක් 50/- වඩා මිලයි...ඒ නිසා ෆිෆ්ටියක් දීලා මාරු වෙන එක වඩා වාසියි Udeshika HerathVeteran MemberPosts:3960 17 Nov 2018 03:47 PM හෙ හේ රුපියල් 50 උස්සලා.. ඕමමයි ඕකල Dileeka MadushaniVeteran MemberPosts:2100 17 Nov 2018 03:25 PM ඒකනේ shanaka kelumSuper Senior MemberPosts:7332 17 Nov 2018 02:39 PM රු 50 ට ඒව බලල නෑ පුදුමයි Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Nov 2018 07:10 PM අනේ ඔව් ඔය බාප්පලාට තේමයි ගෙනියන්න ඕන chamara duleepMost Senior MemberPosts:13471 16 Nov 2018 05:32 PM එක නම් මාරම පගාවක්නේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Nov 2018 04:40 PM තාත්තා දන්නේ නැතිවම පගා දීලානේ... Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Nov 2018 04:40 PM පට්ට හිනා Dileeka MadushaniVeteran MemberPosts:2100 16 Nov 2018 03:48 PM එක්තරා දවසක්. තාත්තා හයර් එකක් ගියා ලොරියේ... මගදී ලොරිය පාරේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්ර පරීක්ෂාවක් සදහා නවත්තලා . තාත්තා ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්ර බහාලා තිබු ඉටි කවරය පිටින්ම ඔවුන් අතට දීල තියෙන්නේ. එක පොලිස් නිලධාරියෙක් ඉටි කොලේ අස්සට ඇගිල්ලක් දම දම ඔට්ටු වෙනවලු. තාත්තා හිතලා තියෙන්නේ ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්රය ගන්න අපහසු වෙලා කියලා .. "ඇයි රාළහාමි ගන්න බැරිද කොළ ටික " " හරි හරි පුළුවන්.... හදිස්සිද යන්න." " නැ නැ රාළහාමී " තාත්තා එහෙම කියලා බලාගෙන හිටියලු. " මෙන්න ඉන්ෂුවරන්ස් . වැඩේ හරි. තේ එකක්වත් බොන්නම්කො " රාළහාමි සිනාමුසු මුහුණින් ඉන්ෂුවරන්ස් හා රියදුරු බලපත්ර ය තාත්තාට දුන්නලු.." "තාත්තට ඉතින් තනියම හිනාලු ' මොකද දන්නවද? දවසක් ඒ ඉටි කවරේ ඇතුලේ මොකක්දෝ එකකට ගන්න කියලා තාත්තා දාලා තිබුණ රුපියල් 50 ගන්න තමයි අර රාලහාමිලා ඔට්ටු වෙලා තියෙන්නේ " ගෙදර ඇවිත් ඒ විස්තරය පැවසු තාත්තා අන්තිමට ගත්ත තීරණේ තමයි මේ .. "පව් පාරවල් වල ඉන්න පොලිසියෙන්... ආයේ යනකොට තේ බෝතලයක් හදාගෙන ගිහින් දෙන්න ඕනේ " Udari JayasekaraSuper Senior MemberPosts:5555 16 Nov 2018 02:21 AM අනේ......තාත්තටම නේ වෙන්නෙ chamara duleepMost Senior MemberPosts:13471 15 Nov 2018 05:52 PM කොස්ස කරපු තරම ඉදල් කුරුත් ඇනගෙනද මන්දා.... Dileeka MadushaniVeteran MemberPosts:2100 15 Nov 2018 02:27 PM Posted By indika76 on 15 Nov 2018 11:28 AM පව් තාත්තා... මොනවම් හරි කර ගන්නවනේ තාත්තා . අයියේ Dileeka MadushaniVeteran MemberPosts:2100 15 Nov 2018 02:26 PM Posted By samantha on 15 Nov 2018 02:24 PM කෘමියෙක් වුණ කොස්සා දොස්තර ලඟදී ගෙදර කොස්ස වුණ අපූරුව. එකනේ මාමේ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Nov 2018 02:24 PM කෘමියෙක් වුණ කොස්සා දොස්තර ලඟදී ගෙදර කොස්ස වුණ අපූරුව. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Nov 2018 11:28 AM පව් තාත්තා... Dileeka MadushaniVeteran MemberPosts:2100 15 Nov 2018 11:19 AM මේක නම් මේ ළගදීම වෙච්චි සිද්දියක්.... ************ රාත්රී 7 ට පමණ තාත්තා මට කෑමත් අරගෙන කඩේට එද්දී එයාගේ ඇහැට කොස්සෙක් ගිහිල්ලා. "ළමයෝ මගෙ ඇහැට කොස්සෙක් වැදු...ණා .... බලන්න..කෝ ටිකක් ඉන්න බෑ දනවා'' ඉතින් මම ටෝච් එළියෙන් තාත්තගේ ඇහැ බැලුවත් කොස්සෙක් පේන්න හිටියේ නෑ . හැබැයි ඇහැ රතු වෙලා තිබුණා .. වතුරෙනුත් ඇහැ හොද ගත්තත් දැවිල්ලයි. එදා හොදටම වහින හින්දා පුතත් එක්ක ගෙදර නොගිහින් අපි කඩේම නැවතුණා. පහුවදා උදයේ තාත්තගේ ඇහේ වේදනාව දැඩි නින්දත් සමග තරමක් පහව ගොස් තිබුණා .. කොස්සා වැදිල ඇහැ චුට්ටක් තුවාල වෙලයි තිබුණේ '' තාත්තේ මම පුතාගේ කෑම එක හදනකම් කඩේ දොර අරින්නකෝ...'' මම ගොඩක්ම කැමති තාත්තා හරි මගෙ මහත්තයා හරි කඩේ දොර අරිනවනම්... (බිස්නස් චුට්ටක් හරි වැඩි ඒ දවස්වලට) තාත්තත් ඉතින් කඩේ දොර අරින්න ගියා... අනේ විකුනන්න තිබුණ ඉදල් ටික දොර කෙලවරේම තියන්නේ. තාත්තගේ අර ඇහේ ම ඉදලේ ඉරටු කුරකුත් ඇනිලා.. දැන් හොදටම අමාරුයි. ඉතිං අම්ම කොහොම හරි කෑ ගහලා තාත්තට බෙහෙත් අරගෙන එන්න කියලා පිටත් කළා. තාත්තා බෙහෙත් ගෙන්න ගියා . '' මොකද ජයතිලක '' දොස්තර මහත්තයා බෙහෙත් තුන්ඩුවේ වු නම බලමින් විමසුවේය. ''කොස්සයි,ඉදලයි දෙකම මේ ඇහේ වැදුනා මහත්තයා. දැන් ඉන්න බෑ දනවා . ''මොකද ගෙදර වලියක්වත් ගියාද ? ඉදලයි කොස්සයි දෙකම වද්දගත්තේ .... ''නෑ නෑ මහත්තයා කොස්සා ඊයේ බයික් එකේ යද්දී වැදුනේ.'' '' අහ්හ් ඒක මිසක්.. මන් බෙහෙත් ටිකක් ලියලා දෙන්නම්..'' බෙහෙත් අරගෙන ආපු තාත්තා අත තිබුණු බෙහෙත් ටික මට දීලා ''පුතේ මේ බෙහෙත් ටික තෝරලා දෙන්නකෝ '' පැවසුවේය ''බෙහෙත් ගොඩයි ... මොකද තාත්තේ මෙච්චර බෙහෙත්..'' ඉදලයි කොස්සයි දෙකම වැදිලා හින්ද තමයි ඉතින්...'' තාත්තා සිනාසෙමින් කිවේය. තව ෆාමසියෙනුත් ගන්න එකක් ලියල තිබුණා ... Dileeka MadushaniVeteran MemberPosts:2100 15 Nov 2018 10:48 AM තාත්තට වෙන අකරතැබ්බි රස කරලා කියන හැටි