Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: පිරිතෙන් උපන් ගීය ! Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: පිරිතෙන් උපන් ගීය ! Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review chamara duleepMost Senior MemberPosts:13471 23 Aug 2018 05:09 AM බලන්නකෝ ඒකෙත් හැටි...පිරිතේ බලය...මමත් අහනවා පිරිත Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Aug 2018 04:33 AM මේ ගීතය අහන විට රට ගැන ලොකු අභිමානයක් ඇතිවෙනවා... ඒත් මේ දේශපාලුවන් අපට රට එපා කරවනවානේ... Udeshika HerathVeteran MemberPosts:3960 22 Aug 2018 11:45 PM ඇත්තටම හරිම පුදුම දෙයක්.. shanaka kelumSuper Senior MemberPosts:7332 22 Aug 2018 09:26 PM රටේ පෙරලියක් කරන්න සිහිනය සහ පිරිත ඉවහල් වෙච්ච හැටි හරි පුදුමයි Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Aug 2018 08:35 PM “මාත් දුවලා ගියා මහත්තයා මොනවාද මේ මහ රෑ හදිස්සියේම ලියන්නේ කියලා බලන්න.මහත්තයා මට ලියපු දේ පෙන්නුවා. මං මුළ ඉඳන් අගට යනකන්ම කියෙවුවා. මගේ පපුව සීතල වෙලා ගියා“මේ ගීතය අහද්දී තවමත් අපේ පපුව කූල් වෙලා යනවා. මහත් අභිමානයක් දැනෙනනවා. Udari JayasekaraSuper Senior MemberPosts:5555 22 Aug 2018 08:35 PM පින් බිම නම් හොඳයි ....ඒත් සසර වසනතුරු මෙහේම ඉපදෙන එක ගැන නම් ආයි හිතන්න වෙනව... Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Aug 2018 07:25 PM Samantha AbayasekaraMost Senior MemberPosts:13196 22 Aug 2018 07:23 PM පිරිතෙන් උපන් ගීය ! “මම කාමරේ පොඩි වැඩක් කරමින් හිටියේ. එතකොට සෑහෙන්න රෑවෙලා. රේඩියෝ එකේ පිරිත් දාලා තිබුනේ. ඒ පිරිත් හඬ අපේ ගෙදර පුරාම පැතිරිලා යමින් තිබුනේ. මහත්තයා නිදාගෙන හිටියේ“ ---------------------------------------------------------- “1972 වර්ෂයේ පසළොස්වක දවසක රාත්රියක්. වෙලාව රෑ දොළහට පමණ ඇති. රේඩියෝ එකේ මහ පිරිත වාදනය වෙමින් තිබුනා. මම මහ පිරිතට කන්දී ගෙන හුඟ වේලාවක් හිටියා. නිදිත් මතයි. නැන්දාට පිරිත් අහන්න එහෙමම රේඩියෝව දාල තියෙද්දීම මම නිදා ගත්තා. ටික වේලාවක් ගියා. මට නින්දේදීම සිහිනයක් පෙනෙනවා. සිහිනය මේකයි. මම සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන, පළමුවෙන් සිරිමා බෝධීන් වහන්සේ ළඟට ගිහින් වැන්දා. ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගියා. වැන්දා. පස්සෙ තිසා වැවෙන් නාල ආයිත් රුවල්වැලි සෑයට මල් වට්ටිය පූජා කළා. ඒ ඉවරවෙලා මම ගියේ සීගිරියට. සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තෙ සිංහාසනයක් වගේ එකක් තිබුණා. ඒකෙ ඉඳගෙන මම ගිමන් ඇරියා. එච්චරයි. මට එක පාරටම ඇහැරුනා“ ---------------------------------------------------------- “ඒත් එක්කම එකපාරම අවදි වෙච්ච මහත්තයා පිරිත් හඬ අස්සේම මේසෙට ගිහින් මොනවද කොළේක කුරුටු ගෑවා“ ---------------------------------------------------------- “මම එක පාරටම ඇඳෙන් බිමට බැස්සා. කාමරයේ ලයිට් එක දැම්මා. පෑන ගත්තා. ඕක ලියාගෙන ලියාගෙන ගියා. එච්චරයි. එතකොට වේලාව පාන්දර හතරයි“ ---------------------------------------------------------- “මාත් දුවලා ගියා මහත්තයා මොනවාද මේ මහ රෑ හදිස්සියේම ලියන්නේ කියලා බලන්න.මහත්තයා මට ලියපු දේ පෙන්නුවා. මං මුළ ඉඳන් අගට යනකන්ම කියෙවුවා. මගේ පපුව සීතල වෙලා ගියා“ ---------------------------------------------------------- “හැබැයි මේ ගීතය ලියලා ඉවර වුණ හැටියෙම මාව සසල වුණා. කොහොමද මං මේ ගීතය ලිව්වෙ කියල. මං මහ රෑ කරන මේ විප්ලවය මොකක්ද කියල දැන ගන්න ඊළඟට මගේ බිරිඳ දුවගෙන ආවා. එයාට මං ලියු ගීතය පෙන්නුවා. මේක දැකල එයා පුදුමයට පත්වුණා“ ---------------------------------------------------------- සසර වසර තුරු - නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ - යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්නමාලි සෑ කිරණයි - මහ බෝ හෙවනයි තිසා වැවයි සීගිරියයි - මගේ උරුමයයි පිරිතෙන් උපන් ගීය පසුව පණ්ඩිත් අමරදේවයන් අතින් සංගීතවත් වෙනවා. වචන කීපයකින් මුළු මහත් දේශයක අභිමානය කැටිකරපු මෙම ගීය ලියැවෙන්නේ කෘතහස්ත ගීත රචකයකු ලෙස තම ප්රතිභාව ශ්රී ලාංකීය ගීත ක්ෂේත්රයට මුසු කළ ඩෝල්ටන් අල්විස් කලාකරුවා විසිනුයි. සිංහල ජාතිය මේ දෙරණ තුල පවතින තාක් කල් මේ ගීය මේ මිහිතලය තුළ නොමැරී පවතිනු ඇත. කෙටි වදන් කිහිපයකින් මුළු මහත් දේශයක මහිමය ගීයකට කැටි කළ පිනෙන්ම ඩෝල්ටන් අල්විස් නම් වූ ඒ “මිනිසා“ මතු ආත්මයකදී නිවනින් නිවී සැනසෙනු ඇත !