Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ගෙදර ඉඳන් කළ රස්සාවෙන් මට හිර ගෙදරම නවතින්න වුණා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ගෙදර ඉඳන් කළ රස්සාවෙන් මට හිර ගෙදරම නවතින්න වුණා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:57 PM මවුපිය සෙනෙහස නොලද අහිංසකී ‘‘කට ගොන්නක් බී ගත්තම තෝ හිතන්නේ චණ්ඩියා කියලද?’’ ‘‘සුගත් ඇත්තටම උඹට මොකක්ද වෙලා තියෙන්නේ කියපං...’’ ‘‘තොගේ අමන වැඩ නිසා අසරණ වෙන්නේ මේ අහිංසක දරු පැටව්..’’ උඹගේ ගෑනි දන්නේ වදන්න විතරයි. ඒකිගේ හිතේ දරු කැක්කුමක් ගෑවිලාවත් තියෙනවද? සුගත්ගේ අම්මාගේ වේදනාව දෝංකාර දුන්නේ ඒ විදිහට. සුගත් තමන්ගේ පුතා වුණත් මේ සිද්දවෙන සමහර දේවල් ඇයට ඉවසුම් දුන්නේ නැහැ. සුගත් කියන්නේ විවාහ තුනක් කරගත්ත පුද්ගලයෙක්. ඒ විවාහ තුනේම දරුවොත් ඉන්නවා. කුඩම්මා ගෙදරට ගේනකොට මේ අහිංසක දරු පැටවුන්ට සෙනෙහසක්, ආදරයක් ආරක්ෂාවක් ලැබුණේ මිත්තණියගෙන් විතරයි. හරිහමන් රැුකියාවක් නොතිබුණු සුගත්ට වුවමනා වුණේ කීයක් හරි හම්බ කරලා මේ අසරණ පොඩි එවුන්ගේ බඩ පුරවනවට වඩා කොහේ හරි වාඩියකට රිංගලා මත්වතුර තොලගාන්න. බලන්න ඒ ජීවිතේ ලියවෙන්නේ කොයිතරම් නම් අවාසනාවන්ත විදිහටද කියලා. මේ ජීවිතේ එක පැතිකඩක් විතරයි. එතැනින් එහාට මේ අවනඩුව ලියවෙන්නේ කාටවත්ම විසඳන්න බැරි ඛේදවාචකයක් විදිහට. මයුමි කියන්නේ සුගත්ගේ දෙවැනි කසාදේ වැඩිමහල් දියණිය. මයුමිට විතරක් නෙමෙයි අනෙක් දරුවන්ටත් මව් සෙනෙහසක් ළං කරපු මිත්තණියගේ හදිසි මියයෑමත් එක්ක මයුමි ළමා නිවාසයට භාර වෙන්නේ මීට වසර දෙකකට ඉහතදි. ඒ ජාතක කරපු තාත්තගේ අතින්ම අතවරයකට ලක් වෙලා. ‘‘මයුමි කැමතිද මාත් එක්ක කථා කරන්න.’’ නිකමට මෙන් මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණි. ‘‘කැමතියි’’ කටහඬ වෙනස් වෙලා වගේ අසනීපෙන්ද? කථාබහට මුල පුරද්දිම ඇගේ අසනීප ස්වභාවක් දැයි මට සිතුනා. ‘‘ඔව්’’ දානෙට ගෙනාපු අයිස්ක්‍රීම් එකක් දානේ ගෙනාපු නෝනලා තියාගෙන කන්න කියලා අපට දීලා ගියා. ඒක ගොඩක් ලොකුයි. අපි හිතේ හැටියට කෑවා. දැන් හෙම්බිරිස්සාව. මේ දරුපැටව් වෙන කොහෙන් කන්නද? දෙන දෙයක් කාලා බඩ පුරවගන්නවා මිස. ඉල්ලගෙන කන්නේ කාගෙන්ද? ඒ දරුපැටව් අසරණ කරන්න කියනවා නෙමෙයි. ඒත් ඒ දරුවන්ට මේ ලැබෙන දානය රජ බොජුනක්. මයුමි වගේ දරුවෝ තවත් කොච්චර නම් මේ සමාජයේ ඉන්නවද? ලෝකයේ කාටවත්ම පුරවන්න බැරි හිස්තැන් ගොඩක් එක්ක ජීවත් වෙන මේ ළමා නිවාස වල ඉන්න දරුවො අතරේ මයුමිගේ කථාව ඇහෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙන්. මයුමිගේ තාත්තා සුගත් කියන්නේ විවාහ තුනක දරුවො ඉන්න තාත්තා කෙනෙක්. සුගත්තේ පළමු විවාහයේ පිරිමි දරුවො දෙන්නයි. ඒ විවාහය අතහැර දාලා තමයි මයුමිගේ අම්මා සමග සුගත් විවාහ වෙන්නේ. ඒ වෙලාවෙදි පිරිමි දරුවො දෙන්නා සසුන්ගත කරන්න සුගත් ගත්ත තීරණයට සුගත්ගේ අම්මා අකමැති වුණත් පිරිමි දරුවෝ දෙන්නෙකුගේ වගකීම මිත්තණියගේ වයසත් එක්ක දරන්න බැරි නිසා පිරිමි දරුවො දෙන්නා සාසනයට භාර කෙරුණා. ඔය අතරතුරදි සුගත් දෙවැනි විවාහය සිදුකරගත්තත් එය නීත්‍යානුකූල විවාහයක් වුණේ නැහැ. සුගත්ගේ දෙවැනි විවාහයේදී ඉපදුණ දරුවා, මයුමි මේ ලෝකෙට ඉපදෙන්නේ වාසනාවන්ත විදිහට වුණත් මේ පුංචි එකීගේ දෛවය ලියවෙන්නේ හරිම ඛේදනීය විදිහට. තාත්තා වෘත්තියක් හැටියට නිශ්චිත රැකියාවක් කළේ නැහැ. කුලී වැඩ තමයි කළේ. තාත්තා හරියට රැකියාවක් කළේ නැති නිසා ගෙදර අඟහිඟකම් ගොඩාක් තිබුණා. අම්මාත් ඉඳලා හිටලා වතුවල කුලී වැඩට ගියා. තාත්තා කුලී වැඩක් කළත් හැම සතේකින්ම කළේ මත්පැන් බීපු එක. මේ දේවල් එක්ක මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලම ගෙදර අඩදබර තිබුණා. අම්මා කොච්චර රණ්ඩු වුණත් තාත්තගේ බීමත්කම නතර කරන්න බැරි වුණා. ඒ දවස්වල තාත්තා බීලා ඇවිල්ලා අම්මාට හරියට ගහනවා. මගේ අම්මගේ නංගි (පුංචි) හිටියෙත් අපේ ගෙදර පුංචි තමයි අම්මව බේරගන්නේ. පුංචි අපේ ගෙදර ඉඳගෙන රෙදි ගාමන්ට් එකක රැුකියාව කළා. පුංචි අපේ ගෙදර නතර වුණේ මම පුංචි කාලේ මාව බලාගන්නලූ. කොහොම වුණත් ගෙදර පරිසරය ඇතුළේ තාත්තාගේ බීමත්කම ඇරෙන්න වෙන ප්‍රශ්න තිබුණේ නැහැ. ඒත් ගෙදර ආර්ථික ප්‍රශ්න නම් තදින්ම දැනුණා. මට ඉස්කෝලේ යන්න පොත්පත් අරන් දෙන්න තාත්තට වුවමනාවක් තිබුණේ නැහැ. පුංචි රැකියාවක් කරපු නිසා ගෙදරට උදව් කළා. ඒත් මේ අඟහිඟකම් ගොඩ මැද්දේ අම්මා ජීවත් වෙන්න මහ පොළව එක්ක ඔට්ටු වුණේ හරියට පිරිමියෙක් වගේ. අම්මා වතුවල කුලී වැඩට ගියා. මේ දේවල් එක්ක මම ගොඩක් හැදුණේ වැඩුණේ ආත්තම්මා ළඟ. ඔහොම ඉන්නකොට අම්මා එක පාරටම අසනීප වුණා. අම්මාට මාස දෙකක් විතර ඉස්පිරිතාලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න වුණා. ඒත් තාත්තා බිබී පිස්සු නැටුව මිසක් ඒ දේවල් ගැන සෙව්වෙ බැලූවෙ නැහැ. ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාරයි. සුගත්ගේ ජීවිතය වුණේ මත්පැන් විතරයි. තමන්ගේ ගෑනි දරුවො මේ දේවල් වගකීම්ද කියලවත් සුගත්ට තේරුණේ නැහැ. මයුමිගේ අම්මා ලෙඩ ඇඳට වැටුණ කියලවත් සුගත්ගේ සුපුරුදු චර්යාවන් අඩුවුණේ නැහැ. මිත්තණිය සහ සුගත්ගේ බිරිඳගේ නැගණිය මයුමිගේ අම්මා සුව අතට පත්කරගන්න ගොඩක් වෙහෙස මහන්සි වුණා. ඒ අතරතුර සුගත්ගේ පුංචි පුංචි තිරිසන් ගතිත් මතුවෙන්න ගත්තේ මයුමිගේ අම්මා රෝගාතුර වෙලා ලෙඩ ඇඳට වැටුණට පස්සේ. තමන්ගේ ගෑනි ගෙදර නැතිවෙන කොට සුගත් ඒ වාඩුව ගත්තේ තමන්ගේ ගෑනිගේ නංගිගෙන්. ඒ කියන්නේ මයුමිගේ පුංචිගෙන්... ‘‘පුංචි අම්මා, අම්මගේ අසනීපෙ නිසා රැුකියාවෙන් ඉවත් වෙලා ගෙදර නතර වුණා. තාත්තත් වෙනදා හිටපු තාත්තට වඩා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.’’ මයුමිගේ කථාවට පුංචි බාධාවක් කරන්න හිතුවා... මයුමි දන්නවද අම්මට තිබුණු අසනීපෙ ගැන? ‘‘ඔව්, එක පාරටම අම්මගේ කකුල් ඉදිමෙන්න ගත්තා. ඇවිදින්න බැරි වුණා. ඇයි එහෙම වෙන්නේ කියලා දොස්තරලටත් සොයාගන්න බැරි වුණා. ඒක නිසා ටික දවසක් අම්මට ඉස්පිරිතාලේ ඉන්න වුණා. ඔය අතරතුර මම පාසල් ගියා. ලොකුවට ප්‍රශ්න තිබුණේ නැහැ. දවසක් මම ගෙදර එනකොට මම දැක්කා.... එතනින් එහාට සිද්ධ වෙච්ච දේ මම කිව්වොත් හොඳයි කියලා හිතුණා. මොකද මයුමි කියන්නේ මහ ගෑනියෙක් නෙමෙයි තාම අවුරුදු දහයක දරුවෙක්. මේ අතරතුර සුගත්ගෙත්, තමන්ගේ බිරිඳගේ සහෝදරියගෙත් අතර අනියම් සබඳතාවක් ඇතිවෙන්නේ මයුමිගේ අම්මා රෝහල් ගතවෙලා ඉන්න කාල සීමාව තුළ. දිනක් මයුමි පාසල නිම වෙලා නිවසට එනකොට පුංචි එකීගේ දෑස්වලට දැකගන්න ලැබෙන්නේ මේ පුංචි කෙල්ල කෙදිනකවත් අත්නොදැකපු සිදුවීමක්. තමන්ගේ තාත්තා පුංචි අම්මා සමග ඇතිවෙලා තියෙන අනියම් සම්බන්ධය දෑසින් දුටු සිද්ධියත් එක්ක ඇයට වැටහුණා. එහෙත් කළ යුත්තේ කුමක්ද කියන කාරණාව ඇයට වැටහුණේ නැහැ. සුගත් මයුමිව බියවද්දලා මේ සියල්ල සූක්ෂම විදිහට වසන් කළා. ‘‘අම්මා අසනීප වෙලා ඉඳපු කාලේ ගෙදර සිද්ධ වුණ දේවල් ඒ වෙනකොට ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ. අම්මා සනීප වෙලා ආවම මේ දේවල් ආත්තම්මා නොකීවට අම්මාගේ කනවැකෙන්න මහ කාලයක් ගියේ නැහැ. අම්මා ටිකක් සනීප වුණාම මහන්සි වෙලා වැඩක් කරන්න බැරි නිසා පුංචි ගිය රෙදි ගාමන්ට් එකේ රැකියාවට ගියා.’’ ලෙඩ ඇඳේ ඉඳපු මයුමිගේ අම්මා යන්තම්ම සුව අතට හැරුණ ගමන් රැුකියාවක් සොයාගෙන ගියේ ගෙදර අගහිඟකම් නිසාම කිව්වොත් ඒක බොරුවක්. සුගත්ගෙත් තමන්ගේ නැගණියගෙත් අනියම් සම්බන්ධය ඇගේ කණවැකුණේ රෝහලේ ඇඳ උඩ සිටියදිමයි. ඒ කොහොම වුණත් ඇය තමන්ගේ දරුවා, මයුමි ගැන හිතලා නොසිතම බැරි අවස්ථාවලදි පවා ජීවිතේ ඉවසුවා. සුගත් බීමතින් නිවෙසට පැමිණි බොහෝ අවස්ථාවල ඇති වුණ අඬ දබර තුළදි මේ අනියම් සබඳතාව ගැන ඇය තමන්ගේම නැගණියට දෙස් තිබ්බා. කථාවක් තියෙනවනේ හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු පාටයි කියලා. මයුමිගේ අම්මටත් මේ සෙල්ලම බලාගෙන ඉඳලා ඇතිවෙලා හිටියේ. ඇය කළෙත් සුගත් කළ දේමයි. ඇය සේවය කළ වැඩපළේ කෙනෙකු සමඟ ඇතිකරගත්ත අනියම් ඇසුරක් නිසා පුංචි මයුමිවත් මිත්තණියට තනි කරලා වෙනත් දීගෙක ගියා. ‘‘අම්මා මොනවා කළත් මම අම්මට වෛර කරන්නේ නැහැ කවදාවත්. මම නිසා අම්මා ගොඩක් දුක් වින්ඳා. අම්මා තාත්තගෙයි පුංචිගෙයි සම්බන්දෙ දැනගත්තත් කෑගහලා රණ්ඩු කළේ නැහැ. අම්මා වැඩ කරපු වැඩපළේ මාමා කෙනෙක් එක්ක වෙන විවාහයක් කරගත්තා. මම හිටියේ ආච්චි ළඟ. ඔය අතරතුර පුංචිටත් දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ දරුවා ලැබුණට පස්සේ මගේ පාසල් ගමන නතර කරලා දරුවො බලාගන්න කිව්වා. ඒත් ආත්තම්මා තාත්තා එක්ක රණ්ඩු කරලා මාව ඉස්කෝලේ යැව්වා. අනේ මාව ඇහැක් වගේ බලාගත්ත රත්තරං ආත්තම්මාත් මාව දාලා යන්න ගියා. මම මහ පුදුම කරුමක්කාරියක්. අම්මාගේ නංගී වුණත් කුඩම්මානේ... මට හරියට වෙනස්කම් කළා. පුංචිගේ දරුවා බලාගන්න වුණේ මට. සමහර දවසට මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා පුංචි බබාගේ රෙදි සෝදලා උයාගෙන කන්නත් ඕන. පුංචි අම්මා මගෙන් වැඩ ගත්තේ හරියට තිරිසනෙකුගෙන් වැඩ ගන්නවා වගේ. ගමේ ගොඩක් අය දැනගෙන හිටියා පුංචි මට ගහනවා කියලා. මගෙන් හරියට වැඩ ගන්නවා කියලා. මම වැඩ නොකළොත් තාත්තා හවසට ආවම තාත්තට කේලම් කියලා මට ගස්සවනවා. ඔය අතරතුර පුංචිට තව දරුවෙක් හම්බවෙන්න හිටියා. චූටි නංගිත් ගොඩක් පොඩියි. පුංචි සමහර දවස්වලට අසනීප වෙලා ඉස්පිරිතාලේ නතර කරහම චූටි නංගි බලාගත්තේ මම. ඔය අතරතුර තාත්තත් මහ?ට බීගෙන ගෙදර ඇවිල්ලා පුංචි නැති තරහා පිට කළේ මගෙන්. මයුමිගේ අත්වල, දෙපාවල තුවාල කැළැල් ඒ තිරිසන් තාත්තගෙත්, තිරිසන් පුංචිගෙත් පුංචි දරුදුකක් නොගෑවුණ හිත්වල තිරිසන්කම කියාපානවා. සමහර අවස්ථාවලදි සුගත් තමන්ගෙම ලෙයින් උපන් පුංචි මයුමිගෙන් විවිධ ආශාවන් පවා ඉෂ්ට කරගත්තේ ඉතා පිළිකුල් සහගතව. මේ අපායේ ජීවත් වුණ මයුමි ගැන නිර්නාමිකව ළමා හා කාන්තා අංශයට දුන් තොරතුරකට අනුව සුගත් අත්අඩංගුවට පත්වුණා. මයුමිගේ භාරකාරත්වය පරිවාසෙට භාර කෙරුණා. දෙමව්පියන්ගේ ආදරය නොවිඳපු මේ පුංචි සිත සොයන්නේ ආදරයක් නෙමෙයි සිතට සැනසීමක්. මෙවැනි සිදුවීම්වලට මුහුණ දීපු දරුවො අතර මයුමි කියන්නෙත් එක දරුවෙක් විතරයි. මේ ඉරහඳ යට කොහේ හෝ මයුමි ජීවත් වෙනවා. ඇයත් සොයනවා මේ ජීවිතෙන් එහා ලෝකයක්. මේ ළමා නිවාසයේ ඉන්න හැම දරුවෙක්ම ඒ හීන මානයේ ජීවත් වෙනවා. එයයි සත්‍ය. මෙහි එන නම් ගම් මනඃකල්පිතය. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:49 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! kingDVeteran MemberPosts:3309 16 Dec 2015 10:48 PM Posted By Rosi on 25 Nov 2015 06:11 AM ගෙදර ඉඳන් කළ රස්සාවෙන් මට හිර ගෙදරම නවතින්න වුණා “අනේ ස්වාමිනී මට මගෙ මනුස්සයා මැරුණාට පස්සෙ, ජීවත්වෙන්න කරන්න දෙයක් තිබුණේ නෑ. මට සලකන්න කාත් කවුරුත් නෑ. මහත්තයා මැරෙද්දි මගෙ බඩට මාස දෙකයි. ලොකු පුතා ඉස්කෝලෙ තුනේ පන්තියේ, මගේ අම්මට දියවැඩියාවයි, පපුවෙ මහන්සියයි තියනවා. බේත්වලට සෑහෙන ගානක් යනවා. ජීවත්වෙන්න රස්සාවක් හොය හොයා ඉද්දි තමයි මට ගෙදර ඉඳලම කරන්න පුළුවන්. මේ රස්සාව හම්බ වුණේ. මාව සල්ගාදු මුදලාලිට අඳුන්නලා දුන්නේ මගේ මිතුරියක්. මුලදි මම දැනගෙන හිටියේ නෑ. මම පැකට් කරලා දෙන්නේ මත් කුඩුයි කියලා. ඒත් පස්සෙදි දැනගත්තා. ඒ වුණත් මම නැවැත්තුවෙ නෑ.” සාරදා කුමුදුනී මහර මහේස්ත්‍රාත් හමුවේ ඉකි බිඳිමින් කියා සිටියාය. සයමස් ගැබිනියක වන සාරදා කුමුදුනී. කිරිබත්ගොඩ පොලීසිය මඟින් මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා තිබුණි. ඇයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වූයේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමයි. අන්තරායකර ඖෂධයක් වන ඩයිඇසටයින් මෝර්ෆීන් හෙවත් හෙරොයින්, ග්‍රෑම් 15.32 ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් ඇයට වසර 05 ක සිර දඬුවමක් ලැබුණි. පැමිණිල්ල විසින් ද එකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබුණි. මහර බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සාරදාට ද ඉඩක් වෙන් විය. සාරදා කාන්තා වාට්ටුවේ නවාතැන්ගෙන සිටින්නේ මහත් අපහසුවෙනි. දරු ප්‍රසූතියට ඇත්තේ තවත් තෙමසක් පමණ වන බැවින් ඇයට විවිධ ශාරීරික අපහසුතා පැන නඟී. ඒ සියල්ල ඉවසීමට ඇයට සිදුව ඇත. සාරදාගේ සිත අතීතයට දිවයයි. දෛවය තමාට දිගින් දිගටම සරදම් කළාදෝයි ඇයට හැඟෙයි. ජලනළ කාර්මිකයකු වූ සාරදාගේ පියා සාරදාවත් මවත් මෙලොව තනිකර මිය පරලොව යන්නේ සාරදා අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටිමින් සිටියදීය. ඉන්පසු සාරදාත්, මවත් ඉතා අසරණ තත්ත්වයට පත්වන අතර ඔවුන්ට පිළිසරණ වන්නේ රංජිත් අත්තනායකය. ඔහු සාරදාගේ පියා සේවය කළ වැඩබිමේම විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කළේය. යමක් කමක් ඇති පවුලක බාල දරුවා වූ රංජිත්ගේ දෙමවුපියන් රංජිත්ට විවාහ යෝජනා ගෙන එන්නේ සාරදා හා පවතින සම්බන්ධය ඉව වැටීම නිසාය. රංජිත් තමා ජීවත්වූ ආඬිඅම්බලම ප්‍රදේශයෙන් කඩවතට ගොස් සාරදා විවාහ කරගත්තේය. මේ සම්බන්ධයෙන් රංජිත්ගේ පවුලේ අය දැඩි විරෝධය පාමින් ඔහු පවුලෙන් නෙරපා හැරියහ. සාරදාට ලොකු පුතු ලැබුණු පසුව ද රංජිත්ගේ දෙමවුපියන් බැලීමට ගිය ද ඔවුන් සාරදා හා රංජිත් ප්‍රතික්ෂේප කළහ. “මායම් දාලා කොල්ලව අල්ලගත්තා. අපේ දරුවා අපිට නැති කරලා කාලකණ්ණි ගෑනි දැන් එනවද ළමයෙකුත් අරගෙන” රංජිත්ගේ මවගේ ගෝරණාඩුව අඩුවක් නැත. “ඇයි අම්මේ එහෙම කියන්නේ මේ මගේ දරුවනෙ” රංජිත් තම මවගේ දෙපා ළඟ පින්සෙන්ඩු වූයේය. “අපේ පොඩි පුතා මැරුණා කියලා අපි හිත හදාගෙන ඉවරයි. මගෙ දෑහැට නොපෙනී පලයල්ලා මෙතනින්.” රංජිත් හා සාරදා කොතෙක් පින්සෙණ්ඩු වුවද පලක් නොවීය. ඔවුන් නැවත පැමිණියේ බිඳුණු බලාපොරොත්තු ඇතිවය. මේ දෙපළට ලැබුණේ සාරදාගේ මවගේ ආශිර්වාදය පමණි. තම පුතු වැඩෙනු දකිමින්, රංජිත් හා සාරදා සතුටින් සමාදානෙන් ජීවත් වූහ. එහෙත් රංජිත් සිය විවාහ ජීවිතයට දෙමවුපියන්ගේ ආශිර්වාදය නොලැබීම ගැන නිරන්තරයෙන් දුක් වීය. එසේම ඔහු ඒ ගැන නිතරම කල්පනා කරන්නට වූයේය. රංජිත් නිරතුරුවම සිය පවුල පිළිබඳ මෙන් ම සාරදාගේ මව ගැන ද සොයා බලමින් කටයුතු සිදු කළේය. ඔවුන්ගේ පවුලට මහත් රැකවරණයක් වූ සාරදාගේ මව අසනීප වන්නේ මේ අතරය. “බලන්නකො රංජිත් හොඳට හිටිය අම්මට වෙච්ච දේ. අම්මා අපිට කොච්චර උදව් කළා ද? අම්මට වැඩි වයසකුත් නෑනෙ. අපිට හැමදාම කරදරනේ.” “මොනවා කරන්නද සාරදා. පැමිණෙන දුක් පැණි රසයි කියලා හැමදේටම මූණ දෙනවා ඇරෙන්න. මම ඔයාලට ඉන්නවනේ.” රංජිත් නිරතුරුව උත්සාහ කරන්නේ සාරදා සැනසීමටය. ඇය දෙවැනි වරට ගැබිනියක වන විට ලොකු පුතු තිවංක ඉගෙනුම ලැබුවේ දෙක වසරේය. රෝගීව සිටින මව රැකබලා ගනිමින් දරුවා පාසලට රැගෙන යෑම සිදු කරන්නෙ සාරදා විසිනි. කරදර පැමිණෙන විට එන්නේ එකපිටය. හදිසියේ රංජිත්ගේ, රාජකාරි වැඩබිමෙන් දැනගන්නට ලැබුණු පුවතින් ඇයට සිහි එළවා ගත නොහැකි විය. “රංජිත්ට විදුලි සැර වැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චා ටිකක් අමාරුයි.” රංජිත්ගේ වැඩපළේ අයෙක්ගෙන් පණිවුඩය දැනගත් සාරදා රෝහලට දිවයන්නේ අවසිහියෙනි. තම පවුලට සිටි එකම රැකවරණය වූ රංජිත්ගේ අකල් වියොවින් කම්පිත වූ සාරදා රංජිත්ගේ නිහඬ දේහය වැලඳගෙන වැලපුණාය. රංජිත්ගේ මරණයට වන්දි වශයෙන්, ඔහුගේ රාජකාරි ස්ථානයෙන් ලැබුණු සුළු වන්දි මුදල ඔවුන්ගේ දිවි ගැටගසා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. කබලෙන් ළිපට වැටී සිටි සාරදාට ගෙදර සිටම පහසුවෙන් කළ හැකි රැකියාවක් හඳුන්වා දුන්නේ තොටළඟ ප්‍රදේශයේ සිටින ඇගේ යෙහෙළියකි. බෙහෙත් වර්ගයක් පැකට් කිරීම සඳහා ලබාදිය හැකි බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවන බවත් ඇය පැවසුවාය. “උඹට කරදරයකුත් නෑනෙ බං. ගෙදර වැඩයි, ළමයගෙ වැඩයි අම්මගේ වැඩයි සේරම කරලා විවේක වෙලාවෙදි මේ පැකට් ටික හදලා ගිහින් දීපං.” යෙහෙළිය තොටළඟ ප්‍රදේශයේ මුදලාලි කෙනෙක් සාරදාට හඳුන්වා දුන්නාය. මාස ගණනාවක් සාරදා තම රාජකාරිය මැනැවින් ඉටුකළ අතර ඇයට යහමින් මුදල් ලැබුණි. තමන් මෙලෙස පැකට් කර රැගෙන යන්නේ මත්කුඩු බව ටික දිනකින් ඇය දැනගත්තත් ඇයට වෙන කළ හැක්කක් නොවීය. අනිත් අතට, දිනපතා තමන්ට ලැබෙන විශාල ආදායම අහිමි කර ගන්නට සාරදා අකමැති වූවාය. බලාපොරොත්තු රහිත ලෙසින් ඇය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අතරතුරදීය. සාරදාට දැඩි කොන්දේ වේදනාවක් දැනිණ. කාන්තා වාට්ටුවේ බිම වාඩිවී එකම ඉරියව්වේ දිගු වේලාවක් සිටි ඇය කල්පනා ලොවින් පියවි ලොවට පැමිණියාය. කොට්ටාව, පිංහේන ශ්‍රී විජේතිලකාරාමවාසී (කවිබණ දේශක) නරවැල්පිට අරියරතන හිමිපාණෝ සාරදාගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ. “බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා, කිසියම් දෙයක් තමන් විසින් සිදුකරලා පසුව ඒ ගැන දුක් වෙනවානම්, ඒ දේවල් සිදුකරන්න එපා කියලා. මෙම සිද්ධියේ ගැහැනු ළමයා තාත්තා නැතිවූ අයෙක් ලෙස ජීවිතේ හැඩගසා ගත යුතු ආකාරය පිළිබඳ දැන සිටියානම්, මෙතරම් කරදරවලට මුහුණ නොපාන්න ඉඩ තිබුණා. ඇත්තටම ධර්මය අනුව හැඩගැසෙනවානම් හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පහසුයි. බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා ‘ඒකේන භෝගේ භුංජෙයිය’ යන ගාථාවෙන් තමන්ට ලැබෙන ආදායම වියදම් කරන ආකාරය පිළිබඳව. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන්නෙන් ධර්මය පිළිපදිනු ලබන්නා ධර්මය විසින් රකිනු ලබයි යනුවෙන් ද උන්වහන්සේ දේශනා කළා. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම හදිසි තීරණ නොගෙන දුරදිග සිතා බලා කටයුතු කිරීමෙන් ගැටුම් අවම කරගන්න පුළුවන්. නිරන්තරයෙන් වැඩිහිටියන්ගේ, පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම වැදගත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශීල ප්‍රතිපත්තිය. හැම පුද්ගලයකුගේම ජීවිතය සැපවත් කරන්නක්. බුදු දහම තුළ හැම දෙයක්ම හැම පැත්තක්ම කියලා තියනවා. බුදු දහමට අනුගතව යහපත් දිවි පැවැත්මක් ගත කරනවානම් ප්‍රශ්න ගැටලු අඩුයි.” වැරදි දෙයක් කලොත් අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුයි... වැඩේ කියන්නෙ හැම දඩුවමක්ම ලැබෙන්නෙ පොඩි අයටමනෙ ..ලෝක්කෝ කොහොමහරි බේරෙනවා Business, you know, may bring money, But friendship hardly ever does. RosiSuper Senior MemberPosts:5335 16 Dec 2015 06:26 PM ImalkaVeteran MemberPosts:4533 25 Nov 2015 08:55 PM Posted By Ind007ka on 25 Nov 2015 07:53 PM මුලදි මම දැනගෙන හිටියේ නෑ. මම පැකට් කරලා දෙන්නේ මත් කුඩුයි කියලා. ඒත් පස්සෙදි දැනගත්තා. ඒ වුණත් මම නැවැත්තුවෙ නෑ.” <ප්>&න්බ්ස්ප්;<!--ප්--> ඔන්න ඔතන තමයි වැරදුන තැන ඔව්. හැදෙනවා නම් හැදෙන්න කාලයක් තිබිලා තියෙනවා Ind007kaMost Senior MemberPosts:12931 25 Nov 2015 07:53 PM මුලදි මම දැනගෙන හිටියේ නෑ. මම පැකට් කරලා දෙන්නේ මත් කුඩුයි කියලා. ඒත් පස්සෙදි දැනගත්තා. ඒ වුණත් මම නැවැත්තුවෙ නෑ.” <ප්>&න්බ්ස්ප්;<!--ප්--> ඔන්න ඔතන තමයි වැරදුන තැන First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 25 Nov 2015 06:43 PM කුඩු විකිණීමයි, ගණිකා වෘත්තියයි විතරක් නෙවෙයි ගැහැනියෙක්ට අසරණ වුනාම කරන්න තියෙන්නේ.. ඉක්මනින් ගොඩක් මුදල් උපයන්න යාම තමයි මෙතන ගැටලුව. කුලී වැඩක් කරගෙන හරි නැත්නම් පොඩි කර්මාන්ත ශාලාවක හරි අඩු පඩියට හරි වැඩ කරලා හරි යාන්තමට ජීවතේ ගැට ගහ ගත්තත් ඒ ජිවිතේ වැදගත් වගේම වටිනා කමක් තියෙනවා. නැත්නම් වෙන්නේ ජිවිතේ මේ වගේ පසුතැවිල්ලෙන් දුක් වේවි ගෙවන්න තමයි.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10448 25 Nov 2015 06:41 PM Posted By Rosi on 25 Nov 2015 06:11 AM ගෙදර ඉඳන් කළ රස්සාවෙන් මට හිර ගෙදරම නවතින්න වුණා “අනේ ස්වාමිනී මට මගෙ මනුස්සයා මැරුණාට පස්සෙ, ජීවත්වෙන්න කරන්න දෙයක් තිබුණේ නෑ. මට සලකන්න කාත් කවුරුත් නෑ. මහත්තයා මැරෙද්දි මගෙ බඩට මාස දෙකයි. ලොකු පුතා ඉස්කෝලෙ තුනේ පන්තියේ, මගේ අම්මට දියවැඩියාවයි, පපුවෙ මහන්සියයි තියනවා. බේත්වලට සෑහෙන ගානක් යනවා. ජීවත්වෙන්න රස්සාවක් හොය හොයා ඉද්දි තමයි මට ගෙදර ඉඳලම කරන්න පුළුවන්. මේ රස්සාව හම්බ වුණේ. මාව සල්ගාදු මුදලාලිට අඳුන්නලා දුන්නේ මගේ මිතුරියක්. මුලදි මම දැනගෙන හිටියේ නෑ. මම පැකට් කරලා දෙන්නේ මත් කුඩුයි කියලා. ඒත් පස්සෙදි දැනගත්තා. ඒ වුණත් මම නැවැත්තුවෙ නෑ.” සාරදා කුමුදුනී මහර මහේස්ත්‍රාත් හමුවේ ඉකි බිඳිමින් කියා සිටියාය. සයමස් ගැබිනියක වන සාරදා කුමුදුනී. කිරිබත්ගොඩ පොලීසිය මඟින් මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා තිබුණි. ඇයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වූයේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමයි. අන්තරායකර ඖෂධයක් වන ඩයිඇසටයින් මෝර්ෆීන් හෙවත් හෙරොයින්, ග්‍රෑම් 15.32 ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් ඇයට වසර 05 ක සිර දඬුවමක් ලැබුණි. පැමිණිල්ල විසින් ද එකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබුණි. මහර බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සාරදාට ද ඉඩක් වෙන් විය. සාරදා කාන්තා වාට්ටුවේ නවාතැන්ගෙන සිටින්නේ මහත් අපහසුවෙනි. දරු ප්‍රසූතියට ඇත්තේ තවත් තෙමසක් පමණ වන බැවින් ඇයට විවිධ ශාරීරික අපහසුතා පැන නඟී. ඒ සියල්ල ඉවසීමට ඇයට සිදුව ඇත. සාරදාගේ සිත අතීතයට දිවයයි. දෛවය තමාට දිගින් දිගටම සරදම් කළාදෝයි ඇයට හැඟෙයි. ජලනළ කාර්මිකයකු වූ සාරදාගේ පියා සාරදාවත් මවත් මෙලොව තනිකර මිය පරලොව යන්නේ සාරදා අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටිමින් සිටියදීය. ඉන්පසු සාරදාත්, මවත් ඉතා අසරණ තත්ත්වයට පත්වන අතර ඔවුන්ට පිළිසරණ වන්නේ රංජිත් අත්තනායකය. ඔහු සාරදාගේ පියා සේවය කළ වැඩබිමේම විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කළේය. යමක් කමක් ඇති පවුලක බාල දරුවා වූ රංජිත්ගේ දෙමවුපියන් රංජිත්ට විවාහ යෝජනා ගෙන එන්නේ සාරදා හා පවතින සම්බන්ධය ඉව වැටීම නිසාය. රංජිත් තමා ජීවත්වූ ආඬිඅම්බලම ප්‍රදේශයෙන් කඩවතට ගොස් සාරදා විවාහ කරගත්තේය. මේ සම්බන්ධයෙන් රංජිත්ගේ පවුලේ අය දැඩි විරෝධය පාමින් ඔහු පවුලෙන් නෙරපා හැරියහ. සාරදාට ලොකු පුතු ලැබුණු පසුව ද රංජිත්ගේ දෙමවුපියන් බැලීමට ගිය ද ඔවුන් සාරදා හා රංජිත් ප්‍රතික්ෂේප කළහ. “මායම් දාලා කොල්ලව අල්ලගත්තා. අපේ දරුවා අපිට නැති කරලා කාලකණ්ණි ගෑනි දැන් එනවද ළමයෙකුත් අරගෙන” රංජිත්ගේ මවගේ ගෝරණාඩුව අඩුවක් නැත. “ඇයි අම්මේ එහෙම කියන්නේ මේ මගේ දරුවනෙ” රංජිත් තම මවගේ දෙපා ළඟ පින්සෙන්ඩු වූයේය. “අපේ පොඩි පුතා මැරුණා කියලා අපි හිත හදාගෙන ඉවරයි. මගෙ දෑහැට නොපෙනී පලයල්ලා මෙතනින්.” රංජිත් හා සාරදා කොතෙක් පින්සෙණ්ඩු වුවද පලක් නොවීය. ඔවුන් නැවත පැමිණියේ බිඳුණු බලාපොරොත්තු ඇතිවය. මේ දෙපළට ලැබුණේ සාරදාගේ මවගේ ආශිර්වාදය පමණි. තම පුතු වැඩෙනු දකිමින්, රංජිත් හා සාරදා සතුටින් සමාදානෙන් ජීවත් වූහ. එහෙත් රංජිත් සිය විවාහ ජීවිතයට දෙමවුපියන්ගේ ආශිර්වාදය නොලැබීම ගැන නිරන්තරයෙන් දුක් වීය. එසේම ඔහු ඒ ගැන නිතරම කල්පනා කරන්නට වූයේය. රංජිත් නිරතුරුවම සිය පවුල පිළිබඳ මෙන් ම සාරදාගේ මව ගැන ද සොයා බලමින් කටයුතු සිදු කළේය. ඔවුන්ගේ පවුලට මහත් රැකවරණයක් වූ සාරදාගේ මව අසනීප වන්නේ මේ අතරය. “බලන්නකො රංජිත් හොඳට හිටිය අම්මට වෙච්ච දේ. අම්මා අපිට කොච්චර උදව් කළා ද? අම්මට වැඩි වයසකුත් නෑනෙ. අපිට හැමදාම කරදරනේ.” “මොනවා කරන්නද සාරදා. පැමිණෙන දුක් පැණි රසයි කියලා හැමදේටම මූණ දෙනවා ඇරෙන්න. මම ඔයාලට ඉන්නවනේ.” රංජිත් නිරතුරුව උත්සාහ කරන්නේ සාරදා සැනසීමටය. ඇය දෙවැනි වරට ගැබිනියක වන විට ලොකු පුතු තිවංක ඉගෙනුම ලැබුවේ දෙක වසරේය. රෝගීව සිටින මව රැකබලා ගනිමින් දරුවා පාසලට රැගෙන යෑම සිදු කරන්නෙ සාරදා විසිනි. කරදර පැමිණෙන විට එන්නේ එකපිටය. හදිසියේ රංජිත්ගේ, රාජකාරි වැඩබිමෙන් දැනගන්නට ලැබුණු පුවතින් ඇයට සිහි එළවා ගත නොහැකි විය. “රංජිත්ට විදුලි සැර වැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චා ටිකක් අමාරුයි.” රංජිත්ගේ වැඩපළේ අයෙක්ගෙන් පණිවුඩය දැනගත් සාරදා රෝහලට දිවයන්නේ අවසිහියෙනි. තම පවුලට සිටි එකම රැකවරණය වූ රංජිත්ගේ අකල් වියොවින් කම්පිත වූ සාරදා රංජිත්ගේ නිහඬ දේහය වැලඳගෙන වැලපුණාය. රංජිත්ගේ මරණයට වන්දි වශයෙන්, ඔහුගේ රාජකාරි ස්ථානයෙන් ලැබුණු සුළු වන්දි මුදල ඔවුන්ගේ දිවි ගැටගසා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. කබලෙන් ළිපට වැටී සිටි සාරදාට ගෙදර සිටම පහසුවෙන් කළ හැකි රැකියාවක් හඳුන්වා දුන්නේ තොටළඟ ප්‍රදේශයේ සිටින ඇගේ යෙහෙළියකි. බෙහෙත් වර්ගයක් පැකට් කිරීම සඳහා ලබාදිය හැකි බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවන බවත් ඇය පැවසුවාය. “උඹට කරදරයකුත් නෑනෙ බං. ගෙදර වැඩයි, ළමයගෙ වැඩයි අම්මගේ වැඩයි සේරම කරලා විවේක වෙලාවෙදි මේ පැකට් ටික හදලා ගිහින් දීපං.” යෙහෙළිය තොටළඟ ප්‍රදේශයේ මුදලාලි කෙනෙක් සාරදාට හඳුන්වා දුන්නාය. මාස ගණනාවක් සාරදා තම රාජකාරිය මැනැවින් ඉටුකළ අතර ඇයට යහමින් මුදල් ලැබුණි. තමන් මෙලෙස පැකට් කර රැගෙන යන්නේ මත්කුඩු බව ටික දිනකින් ඇය දැනගත්තත් ඇයට වෙන කළ හැක්කක් නොවීය. අනිත් අතට, දිනපතා තමන්ට ලැබෙන විශාල ආදායම අහිමි කර ගන්නට සාරදා අකමැති වූවාය. බලාපොරොත්තු රහිත ලෙසින් ඇය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අතරතුරදීය. සාරදාට දැඩි කොන්දේ වේදනාවක් දැනිණ. කාන්තා වාට්ටුවේ බිම වාඩිවී එකම ඉරියව්වේ දිගු වේලාවක් සිටි ඇය කල්පනා ලොවින් පියවි ලොවට පැමිණියාය. කොට්ටාව, පිංහේන ශ්‍රී විජේතිලකාරාමවාසී (කවිබණ දේශක) නරවැල්පිට අරියරතන හිමිපාණෝ සාරදාගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ. “බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා, කිසියම් දෙයක් තමන් විසින් සිදුකරලා පසුව ඒ ගැන දුක් වෙනවානම්, ඒ දේවල් සිදුකරන්න එපා කියලා. මෙම සිද්ධියේ ගැහැනු ළමයා තාත්තා නැතිවූ අයෙක් ලෙස ජීවිතේ හැඩගසා ගත යුතු ආකාරය පිළිබඳ දැන සිටියානම්, මෙතරම් කරදරවලට මුහුණ නොපාන්න ඉඩ තිබුණා. ඇත්තටම ධර්මය අනුව හැඩගැසෙනවානම් හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පහසුයි. බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා ‘ඒකේන භෝගේ භුංජෙයිය’ යන ගාථාවෙන් තමන්ට ලැබෙන ආදායම වියදම් කරන ආකාරය පිළිබඳව. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන්නෙන් ධර්මය පිළිපදිනු ලබන්නා ධර්මය විසින් රකිනු ලබයි යනුවෙන් ද උන්වහන්සේ දේශනා කළා. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම හදිසි තීරණ නොගෙන දුරදිග සිතා බලා කටයුතු කිරීමෙන් ගැටුම් අවම කරගන්න පුළුවන්. නිරන්තරයෙන් වැඩිහිටියන්ගේ, පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම වැදගත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශීල ප්‍රතිපත්තිය. හැම පුද්ගලයකුගේම ජීවිතය සැපවත් කරන්නක්. බුදු දහම තුළ හැම දෙයක්ම හැම පැත්තක්ම කියලා තියනවා. බුදු දහමට අනුගතව යහපත් දිවි පැවැත්මක් ගත කරනවානම් ප්‍රශ්න ගැටලු අඩුයි.” දෙනෙතට කදුළු උනන කතාවක්.. මේ වගේ අසරණවන මිනිසුන්ට සමාජයෙන් සහනයක් දෙන්න පුළුවන් නම් මේ වගේ දේවල් වලට පෙලඹෙන්නේ නෑ.. මේ මනුස්සයා ජීවත් වෙන්න අවශ්‍ය නිසා තමයි මේ දේ කරලා තියෙන්නේ. කවුරු හරි කියාවි සාධාරණ ක්‍රමයකින් ඉපයූවා නම් ප්‍රශ්නයක් නෑ කියාලා.. ඒත් අද ලෝකේ සාධාරණයෙන් මුදල් හම්බු කරන්න හරිම අමාරුයි. isurusamSuper Senior MemberPosts:7342 25 Nov 2015 05:26 PM මිනිස්සු අසරණ උනහම නොකරන වැරද්දක් නෑ .. RosiSuper Senior MemberPosts:5335 25 Nov 2015 06:32 AM අසරණ වුණාම වෙන දේවල් . ImalkaVeteran MemberPosts:4533 25 Nov 2015 06:24 AM දරුණු කේස් එකක්....අයියෝ පවු RosiSuper Senior MemberPosts:5335 25 Nov 2015 06:11 AM ගෙදර ඉඳන් කළ රස්සාවෙන් මට හිර ගෙදරම නවතින්න වුණා “අනේ ස්වාමිනී මට මගෙ මනුස්සයා මැරුණාට පස්සෙ, ජීවත්වෙන්න කරන්න දෙයක් තිබුණේ නෑ. මට සලකන්න කාත් කවුරුත් නෑ. මහත්තයා මැරෙද්දි මගෙ බඩට මාස දෙකයි. ලොකු පුතා ඉස්කෝලෙ තුනේ පන්තියේ, මගේ අම්මට දියවැඩියාවයි, පපුවෙ මහන්සියයි තියනවා. බේත්වලට සෑහෙන ගානක් යනවා. ජීවත්වෙන්න රස්සාවක් හොය හොයා ඉද්දි තමයි මට ගෙදර ඉඳලම කරන්න පුළුවන්. මේ රස්සාව හම්බ වුණේ. මාව සල්ගාදු මුදලාලිට අඳුන්නලා දුන්නේ මගේ මිතුරියක්. මුලදි මම දැනගෙන හිටියේ නෑ. මම පැකට් කරලා දෙන්නේ මත් කුඩුයි කියලා. ඒත් පස්සෙදි දැනගත්තා. ඒ වුණත් මම නැවැත්තුවෙ නෑ.” සාරදා කුමුදුනී මහර මහේස්ත්‍රාත් හමුවේ ඉකි බිඳිමින් කියා සිටියාය. සයමස් ගැබිනියක වන සාරදා කුමුදුනී. කිරිබත්ගොඩ පොලීසිය මඟින් මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා තිබුණි. ඇයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වූයේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමයි. අන්තරායකර ඖෂධයක් වන ඩයිඇසටයින් මෝර්ෆීන් හෙවත් හෙරොයින්, ග්‍රෑම් 15.32 ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් ඇයට වසර 05 ක සිර දඬුවමක් ලැබුණි. පැමිණිල්ල විසින් ද එකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබුණි. මහර බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සාරදාට ද ඉඩක් වෙන් විය. සාරදා කාන්තා වාට්ටුවේ නවාතැන්ගෙන සිටින්නේ මහත් අපහසුවෙනි. දරු ප්‍රසූතියට ඇත්තේ තවත් තෙමසක් පමණ වන බැවින් ඇයට විවිධ ශාරීරික අපහසුතා පැන නඟී. ඒ සියල්ල ඉවසීමට ඇයට සිදුව ඇත. සාරදාගේ සිත අතීතයට දිවයයි. දෛවය තමාට දිගින් දිගටම සරදම් කළාදෝයි ඇයට හැඟෙයි. ජලනළ කාර්මිකයකු වූ සාරදාගේ පියා සාරදාවත් මවත් මෙලොව තනිකර මිය පරලොව යන්නේ සාරදා අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටිමින් සිටියදීය. ඉන්පසු සාරදාත්, මවත් ඉතා අසරණ තත්ත්වයට පත්වන අතර ඔවුන්ට පිළිසරණ වන්නේ රංජිත් අත්තනායකය. ඔහු සාරදාගේ පියා සේවය කළ වැඩබිමේම විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කළේය. යමක් කමක් ඇති පවුලක බාල දරුවා වූ රංජිත්ගේ දෙමවුපියන් රංජිත්ට විවාහ යෝජනා ගෙන එන්නේ සාරදා හා පවතින සම්බන්ධය ඉව වැටීම නිසාය. රංජිත් තමා ජීවත්වූ ආඬිඅම්බලම ප්‍රදේශයෙන් කඩවතට ගොස් සාරදා විවාහ කරගත්තේය. මේ සම්බන්ධයෙන් රංජිත්ගේ පවුලේ අය දැඩි විරෝධය පාමින් ඔහු පවුලෙන් නෙරපා හැරියහ. සාරදාට ලොකු පුතු ලැබුණු පසුව ද රංජිත්ගේ දෙමවුපියන් බැලීමට ගිය ද ඔවුන් සාරදා හා රංජිත් ප්‍රතික්ෂේප කළහ. “මායම් දාලා කොල්ලව අල්ලගත්තා. අපේ දරුවා අපිට නැති කරලා කාලකණ්ණි ගෑනි දැන් එනවද ළමයෙකුත් අරගෙන” රංජිත්ගේ මවගේ ගෝරණාඩුව අඩුවක් නැත. “ඇයි අම්මේ එහෙම කියන්නේ මේ මගේ දරුවනෙ” රංජිත් තම මවගේ දෙපා ළඟ පින්සෙන්ඩු වූයේය. “අපේ පොඩි පුතා මැරුණා කියලා අපි හිත හදාගෙන ඉවරයි. මගෙ දෑහැට නොපෙනී පලයල්ලා මෙතනින්.” රංජිත් හා සාරදා කොතෙක් පින්සෙණ්ඩු වුවද පලක් නොවීය. ඔවුන් නැවත පැමිණියේ බිඳුණු බලාපොරොත්තු ඇතිවය. මේ දෙපළට ලැබුණේ සාරදාගේ මවගේ ආශිර්වාදය පමණි. තම පුතු වැඩෙනු දකිමින්, රංජිත් හා සාරදා සතුටින් සමාදානෙන් ජීවත් වූහ. එහෙත් රංජිත් සිය විවාහ ජීවිතයට දෙමවුපියන්ගේ ආශිර්වාදය නොලැබීම ගැන නිරන්තරයෙන් දුක් වීය. එසේම ඔහු ඒ ගැන නිතරම කල්පනා කරන්නට වූයේය. රංජිත් නිරතුරුවම සිය පවුල පිළිබඳ මෙන් ම සාරදාගේ මව ගැන ද සොයා බලමින් කටයුතු සිදු කළේය. ඔවුන්ගේ පවුලට මහත් රැකවරණයක් වූ සාරදාගේ මව අසනීප වන්නේ මේ අතරය. “බලන්නකො රංජිත් හොඳට හිටිය අම්මට වෙච්ච දේ. අම්මා අපිට කොච්චර උදව් කළා ද? අම්මට වැඩි වයසකුත් නෑනෙ. අපිට හැමදාම කරදරනේ.” “මොනවා කරන්නද සාරදා. පැමිණෙන දුක් පැණි රසයි කියලා හැමදේටම මූණ දෙනවා ඇරෙන්න. මම ඔයාලට ඉන්නවනේ.” රංජිත් නිරතුරුව උත්සාහ කරන්නේ සාරදා සැනසීමටය. ඇය දෙවැනි වරට ගැබිනියක වන විට ලොකු පුතු තිවංක ඉගෙනුම ලැබුවේ දෙක වසරේය. රෝගීව සිටින මව රැකබලා ගනිමින් දරුවා පාසලට රැගෙන යෑම සිදු කරන්නෙ සාරදා විසිනි. කරදර පැමිණෙන විට එන්නේ එකපිටය. හදිසියේ රංජිත්ගේ, රාජකාරි වැඩබිමෙන් දැනගන්නට ලැබුණු පුවතින් ඇයට සිහි එළවා ගත නොහැකි විය. “රංජිත්ට විදුලි සැර වැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චා ටිකක් අමාරුයි.” රංජිත්ගේ වැඩපළේ අයෙක්ගෙන් පණිවුඩය දැනගත් සාරදා රෝහලට දිවයන්නේ අවසිහියෙනි. තම පවුලට සිටි එකම රැකවරණය වූ රංජිත්ගේ අකල් වියොවින් කම්පිත වූ සාරදා රංජිත්ගේ නිහඬ දේහය වැලඳගෙන වැලපුණාය. රංජිත්ගේ මරණයට වන්දි වශයෙන්, ඔහුගේ රාජකාරි ස්ථානයෙන් ලැබුණු සුළු වන්දි මුදල ඔවුන්ගේ දිවි ගැටගසා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. කබලෙන් ළිපට වැටී සිටි සාරදාට ගෙදර සිටම පහසුවෙන් කළ හැකි රැකියාවක් හඳුන්වා දුන්නේ තොටළඟ ප්‍රදේශයේ සිටින ඇගේ යෙහෙළියකි. බෙහෙත් වර්ගයක් පැකට් කිරීම සඳහා ලබාදිය හැකි බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවන බවත් ඇය පැවසුවාය. “උඹට කරදරයකුත් නෑනෙ බං. ගෙදර වැඩයි, ළමයගෙ වැඩයි අම්මගේ වැඩයි සේරම කරලා විවේක වෙලාවෙදි මේ පැකට් ටික හදලා ගිහින් දීපං.” යෙහෙළිය තොටළඟ ප්‍රදේශයේ මුදලාලි කෙනෙක් සාරදාට හඳුන්වා දුන්නාය. මාස ගණනාවක් සාරදා තම රාජකාරිය මැනැවින් ඉටුකළ අතර ඇයට යහමින් මුදල් ලැබුණි. තමන් මෙලෙස පැකට් කර රැගෙන යන්නේ මත්කුඩු බව ටික දිනකින් ඇය දැනගත්තත් ඇයට වෙන කළ හැක්කක් නොවීය. අනිත් අතට, දිනපතා තමන්ට ලැබෙන විශාල ආදායම අහිමි කර ගන්නට සාරදා අකමැති වූවාය. බලාපොරොත්තු රහිත ලෙසින් ඇය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අතරතුරදීය. සාරදාට දැඩි කොන්දේ වේදනාවක් දැනිණ. කාන්තා වාට්ටුවේ බිම වාඩිවී එකම ඉරියව්වේ දිගු වේලාවක් සිටි ඇය කල්පනා ලොවින් පියවි ලොවට පැමිණියාය. කොට්ටාව, පිංහේන ශ්‍රී විජේතිලකාරාමවාසී (කවිබණ දේශක) නරවැල්පිට අරියරතන හිමිපාණෝ සාරදාගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ. “බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා, කිසියම් දෙයක් තමන් විසින් සිදුකරලා පසුව ඒ ගැන දුක් වෙනවානම්, ඒ දේවල් සිදුකරන්න එපා කියලා. මෙම සිද්ධියේ ගැහැනු ළමයා තාත්තා නැතිවූ අයෙක් ලෙස ජීවිතේ හැඩගසා ගත යුතු ආකාරය පිළිබඳ දැන සිටියානම්, මෙතරම් කරදරවලට මුහුණ නොපාන්න ඉඩ තිබුණා. ඇත්තටම ධර්මය අනුව හැඩගැසෙනවානම් හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පහසුයි. බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා ‘ඒකේන භෝගේ භුංජෙයිය’ යන ගාථාවෙන් තමන්ට ලැබෙන ආදායම වියදම් කරන ආකාරය පිළිබඳව. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන්නෙන් ධර්මය පිළිපදිනු ලබන්නා ධර්මය විසින් රකිනු ලබයි යනුවෙන් ද උන්වහන්සේ දේශනා කළා. හැඟීම්වලට වහල් නොවී බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම හදිසි තීරණ නොගෙන දුරදිග සිතා බලා කටයුතු කිරීමෙන් ගැටුම් අවම කරගන්න පුළුවන්. නිරන්තරයෙන් වැඩිහිටියන්ගේ, පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම වැදගත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශීල ප්‍රතිපත්තිය. හැම පුද්ගලයකුගේම ජීවිතය සැපවත් කරන්නක්. බුදු දහම තුළ හැම දෙයක්ම හැම පැත්තක්ම කියලා තියනවා. බුදු දහමට අනුගතව යහපත් දිවි පැවැත්මක් ගත කරනවානම් ප්‍රශ්න ගැටලු අඩුයි.” indika76Most Senior MemberPosts:10448 22 Nov 2015 08:11 PM මෙය විවාහවන වයසේ දරුවන් සිටින දෙමාපියන් මෙන්ම විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණියන් (තරුණයන්ටත් අදාල වෙනවා) අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්.. විවාහ වන අයගේ දේපල, රැකියාව, යානවාහන, මධුවිතපානය කරනවාද යනාදි කරුණු පමණයි සොයන්නේ.. මේ වගේ පුද්ගලයන් පිළිබඳ දැඩි අවධානය යොමුකල යුතුයි. Ind007kaMost Senior MemberPosts:12931 22 Nov 2015 05:29 PM සමලින්ගික විවාහා පනත ලගදිම එයි වගෙ ..ගොඩක් ස්තුට්යි රොසි මෙ කතාවට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 22 Nov 2015 01:49 PM Ind007kaMost Senior MemberPosts:12931 08 Apr 2015 06:44 PM Posted By isurusam on 08 Apr 2015 09:30 AM thanks rosi akke......... ඉසුරු මල්ලි රොසි අක්කට thanks කරල වඩක් නැහැ ..මෙක එයා ලිව්ව එකක් නෙව්යි ...රොසි අක්කට ගෞරවයක් වශයෙන් මෙ වගෙ ලිපි දානවට එ ලිපි කියවලා කෙටි සටහනක් තබන්න ...නිතරම වචන දෙකෙ comments දාන්නෙ නැතිව First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 08 Apr 2015 09:30 AM thanks rosi akke......... ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 08:56 AM කෙටි කතාස් දෙකක් ම තියෙන්නේ...බොහොම ස්තුතියි.. RosiSuper Senior MemberPosts:5335 08 Apr 2015 07:53 AM isurusamSuper Senior MemberPosts:7342 27 Mar 2015 10:26 PM madai kasadayak kragatha........... Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2015 06:28 PM Posted By Rosi on 27 Mar 2015 08:59 AM මනමලයට තරු පෙන්න අති First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 08:59 AM FIDEBasic MemberPosts:238 10 Mar 2015 08:16 PM කතා ඉතින් අපි එතන thanks රෝසියෝ Ind007kaMost Senior MemberPosts:12931 10 Mar 2015 06:48 PM niyama huwamaruwa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 08:57 AM maduranga001Most Senior MemberPosts:14118 03 Mar 2015 11:27 PM ඔය රට රස්සා වැඩේ නිසා ජීවිත රැකෙනවාට වඩා ජීවිත ගොඩාක් විනාස වෙලා තියෙනවා නම් මමත් අත්දැකීමෙන්ම දැකලා තියෙනවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 03 Mar 2015 05:25 PM arabiye mehekarakam walata ape gaanu yawanne nathiwenna neethi genna thamath bari wuna First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 03 Mar 2015 04:13 PM මේ වගේ සිදුවීම් අද සමාජයේ කොතරම් සිදුවෙනවාද.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 12:49 PM kingDVeteran MemberPosts:3309 03 Mar 2015 01:25 AM ස්තූතියි රෝසි නංගි ..මාත් කියෙව්වා මේක... ඇත්තටම මේවගෙ අම්මලා අද සමාජයෙත් දකින්න ඉන්නවා ... Business, you know, may bring money, But friendship hardly ever does. isurusamSuper Senior MemberPosts:7342 02 Mar 2015 07:52 AM amma thamai me deta waga kiyanna one.... RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 07:43 AM ow samahara ammala hithanne harima patu vidiyata ne samanthaMost Senior MemberPosts:13190 01 Mar 2015 04:45 PM මේ සියල්ලටම අර අම්මා වගකියන්න ඕනෑ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 02:34 PM