Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ඉතිහාසයෙන් කතාවක් - බණ්ඩාරනායක සමරුහල චීනයෙන් තෑගි ලැබුණේ මෙහෙමයි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ඉතිහාසයෙන් කතාවක් - බණ්ඩාරනායක සමරුහල චීනයෙන් තෑගි ලැබුණේ මෙහෙමයි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review isurusamSuper Senior MemberPosts:7342 12 Mar 2015 08:52 AM thanks me nodanna karunu tika danuwath kalata........... RosiSuper Senior MemberPosts:5335 12 Mar 2015 08:45 AM Thanks fide me lipiyata... ImalkaVeteran MemberPosts:4533 12 Mar 2015 07:42 AM ස්තුතිය් FIDE මේ ලිපියට, මේ ගැන හරියට දැනගත්තේ අද Ind007kaMost Senior MemberPosts:12931 11 Mar 2015 01:08 AM dan nam china apith ekka e tharam hitha honda nathi wegena wage enne port city case eka nisa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... FIDEBasic MemberPosts:238 11 Mar 2015 01:00 AM බණ්ඩාරනායක සමරුහල චීනයෙන් තෑගි ලැබුණේ මෙහෙමයි බී.එම්.අයි.සී.එච්. නැතිනම් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ප්රකටව ඇත්තේ දකුණු ආසියාවේ විශාලතම සම්මන්ත්රණ ශාලාව ලෙසිනි. ජාත්‍යන්තර හා දේශීය සම්මන්ත්රණ, සම්මාන උළෙලවල් හා වෙනත් උත්සව පැවැත්වීම ස`දහා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට විශාල ඉල්ලූමක් තිබේ. මෙම සම්මන්ත්රණ ශාලාව පිළිබ`ද පසුගිය දා අලූත් කතාබහක් ඇති වූයේ 2008 වසරේ එවක වෛද්‍ය ශිෂ්‍යාවක වූ සමිතා සමන්මලී මෙනෙවියට සම්මන්ත්රණ ශාලා භූමියේ දී සිදුවූ අනතුරක් වෙනුවෙන් රුපියල් මිලියන 187 වන්දියක් ගෙවීමට සම්මන්ත්රණ ශාලා පාලනාධිකාරියට අධිකරණය මගින් නියම කිරීමත් සමගිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවට දසක හතරක පමණ ඉතිහාසයක් ඇත. එය 1956 සිට 1959 දක්වා මෙරට අගමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා සිහිපත් කිරීම ස`දහා මහජන චීන සමූහාණ්ඩුව ලබා දුන් තිළිණයකි. එයට මුල පිරුණේ එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ චීන සංචාරය අතරතුරය. එවක චීන අගමැතිවරයා වූ චෞ එන් ලායි මහතා, සිය වසරකට අධික කාලයක් මුළුල්ලේ පවතින චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය හා බණ්ඩාරනායක අගමැතිවරයා අනුස්මරණය කිරීම ස`දහා චීනය විසින් කළ යුත්තේ කුමක් දැයි ඇයගෙන් විමසා සිටියේය. එහිදී ඇති වූ එකඟතාව මත සම්මන්ත්රණ ශාලාවක් ඉදිකිරීමේ අදහස 1960 වසරේ අගෝස්තු මාසයේ කි‍්‍රයාත්මක විය. ඒ ස`දහා කැබිනට් අනුකමිටුවක් ද පත් කෙරිණි. බෞද්ධාලෝක මාවත, මැකාති පාර හා ලොන්ඩන් පෙදෙස වටා වූ අක්කර 37ක භූමි භාගය පුරා පැවැති එවක කටුකැලේ නමින් හැ`දින්වුණු හැව්ලොක් ගොල්ෆ් පිටිය මෙම සම්මන්ත්රණ ශාලාව ඉදිකිරීම ස`දහා යොදා ගැනිණි. 1963 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දූත කණ්ඩායම් 40කට සහභාගී විය හැකි සම්මන්ත්රණ ශාලාවක් ඉදි කිරීමට සැලසුම් කරන ලදී. 1964 දී එය දූත කණ්ඩායම් 90කට සහභාගී විය හැකි පරිදි විශාල කිරීමට තීරණය කෙරිණි.මේ ස`දහා චීන රජයේ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව හිමි වූ අතර රුපියල් මිලියන 50ක ආධාරයක් ලබාදීමට චීන රජය එකඟ විය. ගෘහ නිර්මාණ අවශ්‍යතා පිළිබ`ද වාර්තාවක් සකස් කරනු පිණිස ශ්‍රී ලංකා රජය 1966 දී ඇමෙරිකානු ගෘහ නිර්මාණ ශිල්පියකු වූ අබෙල් බොරෙන්සන් පත් කළ අතර ශ්‍රී ලාංකික හා චීන ගෘහ නිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවන් සමඟ එක්ව ඔහු ගොඩනැගිල්ලේ සැලසුම් පිළිබ`ද සම්පූර්ණ වාර්තාවක් සකස් කෙළේය. ඇන්ඩර්සන් ගොල්ෆ් පිටිය පිරිසුදු කිරීමේ කටයුතු නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය පීටර් කේනමන් මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ ශ්‍රමදානයක් මඟින් සිදු කෙරුනේ ඒ ස`දහා වැය වන කම්කරු පිරිවැය අවම කරගැනීම ස`දහාය. 1970 නොවැම්බර් මස 24 වැනි දින සවස 4.00ට එවක අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ප්‍රථම පස් පිඩැල්ල කපමින් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළාය. චීන හා ලාංකීය කම්කරුවන් විශාල පිරිසකගේ දායකත්වයෙන් 1970 සිට 1973 අතර කාලය මුළුල්ලේ එහි ඉදි කිරීම් සිදු විය. සියලූ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන එනු ලැබුවේ චීනයෙනි. සම්මන්ත්රණ ශාලාව එහි වැඩ අවසන් කළ යුතු දිනට මාස තුනකට පෙර ඉදිකිරීම් කටයුතු නිමවූ අතර අපේක්ෂිත මුදලට වඩා මිලියන 5ක් අඩුවෙන් එය නිම කිරීමට ඔවුනට හැකි විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 1973 මැයි මස උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. නව සම්මන්ත්රණ ශාලාවේ පැවැති ප්‍රථම සමුළුව වූයේ රබර් පර්යේෂණ ආයතනය මගින් සංවිධානය කළ ජාත්‍යන්තර රබර් සම්මන්ත්රණයයි. එය 1973 ජුනි මස 22 වැනි දින පැවැත්විණි. 1976 දී පැවැති පස්වැනි නොබැ`දි ජාතීන්ගේ සමුළුව පැවැත්වූයේ ද එහිය. ඒ ස`දහා රටවල් 90ක නායකයෝ සහභාගී වූහ. සම්මන්ත්රණ ශාලා සංකීර්ණය ගොඩනැගිලි 9කින් සමන්විත වන අතර එහි සම්මන්ත්රණ, ප්‍රදර්ශන, නාට්‍ය, සංගීත ප්‍රසංග, සම්මාන උළෙල, විලාසිතා ප්‍රදර්ශන සහ වෙළෙ`ද ප්‍රදර්ශන ද පැවැත්වෙයි. ප්‍රධාන සම්මන්ත්රණ ශාලාවේ පුද්ගලයන් 1600 දෙනකුට පහසුකම් සැලසෙයි. මේ හැර බැන්ක්වට් ශාලාවක් හා කමිටු ශාලා ද, ජාත්‍යන්තර අධ්‍යයන පිළිබ`ද මධ්‍යස්ථානය, බණ්ඩාරනායක කෞතුකාගාරය හා පුස්තකාලයකින් ද සමන්විත එම පරිශ්‍රයට 1998 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සිහිපත් කිරීම ස`දහා ප්‍රදර්ශන ශාලාවක් ද එක් කිරීමට චීන රජය කටයුතු කළේය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව චීන රජය මගින් ශ්‍රී ලංකා රජයට ලබා දුන් පරිත්‍යාගයකි. එය රජය සතු ආයතනයක් වන අතර පාලනය වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අනුස්මරණ පදනම මගිනි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිල බලයෙන් පාලක මණ්ඩල සභාපතිවරයා ලෙස පත්වෙයි. FIDEBasic MemberPosts:238 06 Mar 2015 06:36 PM ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ නින්දා සහගතම රැවටිල්ල ඒ 1936 බර්ලින් ඔලිම්පික් උළෙලයි. 1931 වසරේදී ජර්මනියට ඔලිම්පික් උළෙලේ නිල සත්කාරකත්වය පිරිනැමුණු අතර 1933 වසරේ ජනවාරි මාසය වන විට සමස්ත ජර්මනියම හිට්ලර්ගේ නාසි පාලනයට මුළුමනින්ම නතුවී අවසානය. එම දේශපාලනික පෙරළියත් සමග එවකට ජර්මානු උස පැනීමේ ශූරිය ලෙස මීටර් 1.51ක දක්ෂතාවක් පෙන්නුම් කළ, ග්රිටෙල් බර්ග්මාන්ට තවදුරටත් ඇය නියෝජනය කළ ක්‍රීඩා සමාජය තහනම් වන්නේ ඇය යුදෙව් සම්භවයක් සහිත ක්‍රීඩිකාවක වීමේ වරද හේතුවෙනි.දෙමාපියන්ගේ මැදිහත්වීම මත එම වසරේම අප්‍රේල් මාසයේදී මහා බ්‍රිතාන්‍ය බලා පිටත්වන ග්රිටෙල් මීටර 1.55ක උසක් පනිමින් බ්‍රිතාන්‍යයේ ද උස පැනීමේ ශූරිය වීමට සමත් වන්නීය. ඇය තම සිහිනය කරා ළඟා වද්දී හිට්ලර් ඇයගේ උපන් බිමේ සිට වෙනත් මෙහෙයුමකට අර අදිමින් සිටියේය. 1936 බර්ලින් ඔලිම්පික් උළෙල යනු ඔහුගේ සිහිනයට මලින් කළ පාලමක් වැනිය. එය තම සුපිරි ආර්යය පාරාදීසය සමස්ත ලෝකයටම ප්‍රදර්ශනය කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස අවබෝධ කරගත් හිට්ලර් ප්රමුඛ නාසි බලධාරීහු දීර්ඝකාලීන ව්‍යාපෘතියකට මුල පිරුවහ. අවසාන ප්‍රතිඵලය කෙසේ වන්නේදැයි ඔවුන් පවා නොදැන සිටි අතර රාජ්‍ය අනුග්‍රහය යටතේ බර්ලිනය පුරා අලවා තිබූ යුදෙව් විරෝධී පුවරු සහ පත්‍රිකා රාජ්‍ය අනුග්‍රහයෙන්ම ගලවා දමන්නේ එළඹෙන ඔලිම්පික් උළෙලට පූර්ව සූදානමක් ලෙසය. මන්දයත් ඒ වන විටත් ඔලිම්පික් සම්මේලනය විසින් ජර්මනියේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය කෙරෙහි රතු එළි දල්වා තිබූ බැවිනි. “ඔවුන් මට බලපෑම් කළා. කවුරුහරි අපේ තාත්තාව මුණගැහෙන්න ගිහින් තිබුණා. ඒ අය කියලා තිබුණා මට වහාම ජර්මනියට ඇවිත් ජර්මානු ඔලිම්පික් කණ්ඩායමට එකතුවෙන්න කියලා.” “මව් රටට එපා වූ ග්රිටෙල් බර්ග්මාන් එලෙස නැවතත් මව් රටේම තර්ජනාත්මක ඉල්ලීම මත බර්ලිනයට පැමිණෙන්නීය. එලෙස බලහත්කාරයෙන් කැඳවීමට හේතුවක් තිබිණ. ඔලිම්පික් සම්මේලනය පැනවූ අලුත්ම රෙගුලාසියට අනුව ජර්මනියේ තරග සත්කාරකත්වය අහිමි නොකිරීමට නම්, යුදෙව් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සාධාරණ ලෙස අවස්ථාව ලබා දීමට එරට ඔලිම්පික් තේරීම් සංචිතයට සිදුවිය. “මගේ පවුලේ අය ගැන මම බය වුණා. ඒ අණ ප්‍රතික්ෂේප කළොත් මගේ පවුලේ අයට කරදරයක් වෙන්න තිබුණා. මම වෙන රටක නිදහසේ ජීවත් වුණත් ඒ අය හිටියේ ජර්මනියේ.” ග්රිටෙල් බර්ග්මාන් ජර්මනිය බලා නැවත පැමිණීමට ගත් තීරණය එලෙස සාධාරණීකරණය කිරීමට පෙළඹෙන්නීය.යුදෙව් තරුණියක ලෙස ඇයගේ බිය සහ සැකය අතිශය සාධාරණ බව ඉතිහාසය පිරික්සන ඕනෑම අයකු වටහා ගනු නොඅනුමානය. “මුලින්ම මම හිතුවා මේ දේ කිසිම තේරුමක් නැති දෙයක් කියලා” ඇය නාසීන්ගේ බල කිරීමට යටත්ව ක්‍රීඩා කිරීමට අකැමැති වූ නමුදු අවසානයේ හිත හදා ගැනීමට එක් හේතුවක් සොයා ගන්නීය. “ඒත් යුදෙව් ක්‍රීඩිකාවකට ලැබෙන මේ අවස්ථාව අත්හරින එක මම මගේ ජාතියට කරන ලොකු අසාධාරණයක්” කියලා මට හිතුණා. එසේ සිතන ග්රිටෙල් බර්ග්මාන් බර්ලින් ඔලිම්පික් උළෙලට නාසි ධජය යටතේ ක්‍රීඩා කිරීමටත් ජයග්‍රහණය සඳහා කැප වීමටත් තීරණය කරන්නීය. නමුත් ග්රිටෙල්ගේ සිහිනය තවදුරටත් සිහිනයක් ලෙසම පවතින්නට ජර්මානු බලධාරීන් කටයුතු කරන්නේ අවසාන මොහොතේදී ඇයව ඔලිම්පික් උළෙලෙන් ඉවත් කර දමමිනි. ඇයගේ කුසලතාව ප්‍රමාණවත් නොවේයැයි හේතු දක්වන නාසි නිලධරයන් අතිශය උපක්‍රමශීලී ලෙස යුදෙව් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමුතු හැන්දකින් බෙදන්නට වූ අතර ඔලිම්පික් සම්මේලනයට මැදිහත් වන්නට තරම් කාලයක් ඉතිරිව තිබුණේ නැත. අවසානයේදී නාසීන්ගේ බලපෑම මත මහා බ්‍රිතාන්‍යය හැර දා ජර්මනියට පැමිණි ග්රිටෙල් බර්ග්මාන් හට සිදුවන්නේ නාසීන්ගේ තීරණය පරිදි ඔලිම්පික් උළෙලේ නරඹන්නියක පමණක් වීමටය. කාන්තා උස පැනීම ඉසවුව සඳහා ජර්මනිය නියෝජනය කිරීමට එල්ෆී්රඩා කවුන් සමග ඩෝරා රාට්ජන් නම් වූ යුදෙව් නොවන ක්‍රීඩිකාවන් තෝරා ගැනිණ. ජීවත් වීමේ අයිතිය පවා අහෝසි කරන ලද රටක යුදෙව් ක්‍රීඩිකාවකට ප්‍රශ්න කිරීමේ අයිතියක් නොතිබූ බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ”යැයි සිතමි. එල්ෆී්රඩා කවුන් මීටර් 1.60ක පිම්මක් සමග ලෝකඩ පදක්කම් දිනා ගනිද්දී ග්රිටෙල්ගේ ආදේශිකාව වූ ඩෝරා රාට්ජන් මීටර් 1.58ක පිම්මකින් සිවුවැනි තැන දිනා ගන්නීය. රන් පදක්කම හංගේරියාවටත් රිදී පදක්කම මහා බ්‍රිතාන්‍යයටත් හිමි විය. “මට මගේ කීර්තිය වැඩි කර ගන්න ඕනෑ වුණේ නෑ. මට තිබ්බේ එතැනින් එහාට ගිය පුළුල් අරමුණක්” තමාගෙන් උදුරාගත් අවස්ථාව පිළිබඳව එදාටත් වඩා අද සංතාපයෙන් සිටින ග්රිටෙල් තම කනගාටුව වදනට නංවන්නීය.” යුදෙව් අපිව පෙන්නලා තිබ්බේ ලෝකෙ ඉන්න පහත්ම මිනිසුන් කොට්ඨාසය විදියටයි. මට ඕනෑ වුණා ලෝකය ඉස්සරහා ඒ දේ බොරුවක්ය කියන දේ ඔප්පු කරන්න” ඇත්ත වශයෙන්ම ඇයට ඒ සඳහා අවස්ථාව උදා නොවුණද ලෝකය මේ වන විට ඒ බව මැනවින් වටහාගෙන අවසන්ය. නමුත් එම සත්‍යය ලොවට වටහා දෙන්නට ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජීවිත ප්‍රමාණයක් වධකාගාර තුළ නිරා දුක් විඳ මියගිය බවද අමතක කළ නොහැකිය. බර්ලින් ඔලිම්පික් උළෙලේ කනස්සලු සහගත අත්දැකීම් සමග විසි තුන් හැවිරිදි ග්රිටෙල් බර්ග්මාන් 1937වසරේදී එක්සත් ජනපදය බලා සංක්‍රමණය වූවාය. වෛද්‍යවරයකු සමග විවාහ වන ඇය මාර්ග්‍රට් බර්ග්මාන්-ලැම්බර්ට් යන නමින් අලුත් ජීවිතයකට මුල පුරන්නීය. එහිදී ඇමෙරිකානු මලල ක්‍රීඩා තරගාවලියේදී උස පැනීමේ ශූරීය සහ යගුලිය විසි කිරීමේ ශූරිය වන ග්රිටෙල් නොහොත් මාග්‍රට් 1942 වසරේදී ඇමෙරිකානු පුරවැසි බව ලබන අතර දෙවන ලෝක යුද්ධයේ අතුරු බලපෑම් සමග ක්‍රීඩා දිවියට නැවතීමේ තිත තබන්නීය. නමුත් ග්රිටෙල්ගේ ආදේශිකාව වූ දහ අට හැවිරිදි ඩෝරා රාට්ජන්ගේ ක්‍රීඩා දිවිය ඇරඹෙන්නේ බර්ලින් ඔලිම්පික් උළෙලෙනි. එම උළෙලේ රිදී පදක්කම දිනූ මහා බ්‍රිතාන්‍යයේ ඩොරති ටයිලර්-ඔඩම් සහ ඩෝරා රාට්ජන් අතර ලොව අංක එකේ් උස පැනීමේ ක්‍රීඩිකාව වීම සඳහා සීතල යුද්ධයක් හට ගනී. ඔවුන් දෙදෙනා විසින් කීප වරක්ම ලෝක වාර්තාව අලුත් කරනු ලැබූ අතර 1938 වසරේ පැවැති යුරෝපා ශූරතා මලල ක්‍රීඩා උළෙලේදී ඩෝරා රාට්ජන් මීටර් 1.67ක උසක් පැන නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ලෝක මලල ක්‍රීඩා සම්මේලනය ඩොරති ටයිලර්-ඔඩම් වෙත ලිපියක් ලියමින් ඇය තවදුරටත් උස පැනීමේ ඉසවුවේ ලෝක වාර්තාවට හිමිකම් නොකියන බවද ඩෝරා රාට්ජන් නම් ජර්මානු ක්‍රීඩිකාව එම වාර්තාව හිමිකර ගත් බවද නිල වශයෙන් දැනුම් දෙනු ලබයි. නමුත් ඩෙරති ටයිලර්-ඔඩම් ගෙන් ඔවුන් වෙත ලැබෙන්නේ එක් පසෙකින් විකරරූපී සහ අනෙක් පසින් සාහසික පිළිතුරකි. “ඩෝරා රාට්ජන්” නම් ක්‍රීඩිකාව? ඒ ගැහැනියක් නමෛයි. ඒ මිනිහෙක්.” 1938 වසරේ එනම් එම වසරේම සැප්තැම්බර් 21 වැනි දා ඔස්ට්‍රියාවේ වියානා සිට දිවෙන දුම්රියක ප්‍රවේශ පත්‍ර නිලධාරියෙක් මැග්ඩබර්ග් දුම්රියපොළ නිලධාරීන් අමතමින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවේය. ඔහු පවසන්නේ එක් මැදිරියක කාන්තා ඇඳුමින් සැරසුණු පිරිමියෙක් සිටින බවයි. ප්‍රවේශ පත්‍ර නිලධාරියාගේ පැමිණිල්ල මත දුම්රියෙන් පිටතට ගනු ලබන සැක සහිත කාන්තාව ආරක්ෂක භටයින්ගේ ප්‍රශ්න කිරීමට ලක්වේ. වහා තම ක්‍රීඩා හැඳුනුම්පත ඉදිරිපත් කළ ඇය තමා ජර්මානු උස පැනීමේ ශූරිය සහ වත්මන් ලෝක ශූරිය වන “ඩෝරා රාට්ජන් ”බව හෙළි කළද ඔවුන් සෑහීමකට පත්වන්නේ නැත. දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය පරීක්ෂා කරන බවට ආරක්ෂක භටයින් තර්ජනය කරනු ලබන අවස්ථාවේ “මම ඒකට ඉඩ නොදුන්නොත්”යනුවෙන් සැක සහිත පිළිතුරක් ලබා දෙන ඩෝරා ආරක්ෂකයින්ගේ කෝපයට බඳුන් වන්නීය. අනතුරුව එළැඹෙන දැඩි බලකිරීම් සහ බිය වැද්දීම් හමුවේ අසරණ වන ඩෝරා තමා කාන්තාවක් නොවන බවත් තමා හොර්ස්ට් රාට්ජන් නමින් උපත ලද පිරිමියෙක් බවත් හෙළිදරව් කරන්නේය. ඉන් පසුව එළඹෙන්නේ ලෝක මලල ක්‍රීඩාවේ නින්දා සහගතම කතා පුවතක දිග හැරුමයි. ගැටලු සහගත ලිංගිකත්වයක් සහිතව උපත ලද තමා ඩෝරා ලෙසින් බෞතිස්ම කළ බවත් ඉන් පසුව තම පුරුෂත්වය නොතකා දැරියක ලෙස හදා වඩා ගැනීමට මවුපියන් තීරණය කළ බවත් හොර්ස්ට් හෙවත් ඩෝරා විසින් පාපොච්චාරණය කරනු ලැබිමය. ඩෝරා ලෙසින් ලෝකයම රැවටූ මිනිසා දිනූ සියලුම පදක්කම් ආපසු ලබා දීමට ජර්මනිය කටයුතු කළ අතර ඇය නමට තිබූ සියලුම වාර්තා ඉවත් කිරීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය කඩිනම් පියවර ගනු ලැබිය. බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා ඩොරති ටයිලර්-ඔඩම්ගේ පූර්වෝපකල්පනය සැබෑ වූ අතර ලෝක වාර්තාව නැවතත් ඩොරතිගේ නමින් ලියැවිණි. “මට මේ බව ආරංචි වුණාම පිස්සු හැදෙන්න වගේ ආවා. ඇය අපිත් එක්ක එකට පුහුණුවීම් කළා. වෙන එකක් තියා ඇය මාත් එක්ක එක කාමරේක පවා හිටියා”ග්රිටෙල් බර්ග්මාන් එම විස්මයජනක හෙළිදරව්ව පිළිබඳව තවමත් කම්පා වන්නීය. “ඇත්ත.... ඇය කවදාවත් අපිත් එක්ක එකට නාන කාමරේට නම් ආවේ නැහැ.” ඒ යුවතියක ලෙස ජිවත් වූ යුගයේ ඇගේ මතකයයි. “ඇය අමුතුයි. ඇය වෙනස් සහ හරිම ආගන්තුකයි’ නමුත් මෙහෙම දෙයක් ගැන නම් අපි හීනෙකින් වත් හිතුවේ නැහැ.” තම සමකාලීන යෙහෙළියන් මෙලෙස අතීතය ආවර්ජනය කරද්දී හොර්ස්ට් රාට්ජන් බවට පරිවර්තනය කරන ලද ඩෝරාට පිරිමියෙකු ලෙස දිවි ගෙවීමට සිදුව කිබිණ. ඔහු අවන්හලක වේටර්වරයකු ලෙස සේවය කළ බව වාර්තා වූ අතර කිසිදු පුවත්පත් සාකච්ඡාවක් සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කළේය. “මම ලියුම් කීපයක් යැවුවා. නමුත් එකකටවත් උත්තර ලැබුණේ නැහැ” ආර්ය සම්භවයක් ඇති යුවතියක ලෙස රඟ පෑ ඩෝරා නිසා ඔලිම්පික් වරම් අහිමි වූ යුදෙව් ක්‍රීඩිකාව ග්රිටෙල් එසේ පවසන්නීය. නමුත් ඉතිහාසය සැමදාමත් එක ලෙසම නොපවතී. කාලයකට පසු ප්‍රති පාපොච්චාරණයක යෙදෙන හොර්ස්ට් රාට්ජන් තමා ඩෝරා රාට්ජන් නම් ක්‍රීඩිකාවක් ලෙස ඔලිම්පික් උළෙල වෙත යොමු වුණේ නාසි බලධාරීන්ගේ අණ පරිදි බව හෙළිදරව් කළේය. එමගින් සමකාලීන යුදෙව් ක්‍රීඩිකාවන්ගේ ආගමනය වළකාලීමත් නාසි පාලනය යටතේ ජර්මානු ධජය ලෝක මලල ක්‍රීඩාවේ හිණිපෙත්තට රැගෙන යාමත් ඔවුන්ගේ අරමුණ වූ බව හෝර්ට්ස් පැවැසීය. වසර තුනක් තිස්සේ කාන්තා ස්වරූපයෙන් ලෝක මට්ටමේ රැඳෙමින් කාන්තාවන් සමග ක්‍රීඩා කරමින් ගත කළ එම කාල වකවානුව තමාට මහත් අපහසුවක් ඇති කළ බවද ඔහු හෙළිදරව් කර තිබිණ. අවසාන වශයෙන් තමන් නාසීන්ගේ රහසිගත ආයුධයක් වූ බවත් නින්දා අපවාද හැරෙන්නට කිසිවක් ඉතිරි නොවූ බවත් හෝර්ස්ට් රාට්ජන් මහත් කණස්සලෙන් පවසන ලදී. වසර 56ක් ආයු වළඳන ඇඩොල්ෆ් හිට්ලර් 1945 වසරේ අප්‍රේල් මස 30 වැනිදා තමා විසින්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගනු ලැබිණ. වසර අනූවක් ආයු වළඳන හොර්ස්ට් රාට්ජන් 2008 වසරේ අප්‍රේල් 22 වැනිදා මෙලොවින් සමු ගන්නා අතර බ්රෙමින් හිදී ඔහුගේ සිරුර භූමදානය කෙරිණ. තම ජීවිතයේ මුල් විසි වසර ලෝක පූජිත ක්‍රීඩිකාවක ලෙස ගෞරවාදරයට පත් වූ හොර්ස්ට්ගේ ජීවිතයේ ඉතිරි සැත්තෑ වසර ගෙවී යන්නේ අතිශය ඛිෙදජනක ලෙසිනි. ආත්ම ගෞරවය පවා අහිමිව වංචනිකයෙකු ලෙස හංවඩු ගැසුණු එම දීර්ඝ කාල සීමාව තුළ හෝර්ස්ට්ගේ හෘද සාක්ෂිය කෙසේ ක්‍රියා කරන්නට ඇත්දැයි සිතීම ඔබට භාර කරමි. lakbima RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 11:52 AM raswath lipiyak,,,, ithihase me wage visadunu nethi than kochchara thiyenwada .... sthuthi fide. isurusamSuper Senior MemberPosts:7342 23 Feb 2015 06:18 AM ekanam atha............ FIDEBasic MemberPosts:238 23 Feb 2015 05:48 AM Posted By Ind007ka on 23 Feb 2015 05:29 AM budu ammo dutugamunu rajathumath maara wada ne karala thiyenne..attatama rajathuamage birinda ho raju maruna widiya kohewath hariyata andahan wenne naha Baluwama okkoma rajawaru tika tika, eka wage baluwam Ind007kaMost Senior MemberPosts:12931 23 Feb 2015 05:29 AM budu ammo dutugamunu rajathumath maara wada ne karala thiyenne..attatama rajathuamage birinda ho raju maruna widiya kohewath hariyata andahan wenne naha First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... FIDEBasic MemberPosts:238 23 Feb 2015 05:08 AM නාග ශාපය දුටුගැමුණු මාගම දිනා ගැනීමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වළක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුද පෙරමුණේ ඉදිරියෙන්ම තබාගන්නට සිදුවූයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප්රභූහු විහාර මහා දේවියට අවනත වූහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජරට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය. දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවරදී සහ සෝම නුවරදීය. ඒ දීඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියෙන් ද රජරට රාජධානියෙන් ද වියුක්ත වූ ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත්‍රිකයන්ගේ සුපිරි වෙළෙඳ නගර වූ අතර, දීඝාභය කුමරු හරහා පාලනය වූ බෞද්ධ පුරවරයන් ද විය. දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නේය. මේ සියල්ල වෙතින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුදලි රාසනායගම් පඬිවරයා ක්‍රි.ව. 1906 රචිත තම ”පුරාතන යාපනය” කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයෝත් දෙමළ ඉතිහාසඥයෝත් නිමක් නැති විවාදයක තවමත් ගිලී සිටිති. දුටුගැමුණු කුමරු එළාර රජු ද ඔහුගේ දෙමළ සේනාව ද නසා දිග්විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වූයේ මහා සෑය රුවන්වැලිසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමෙව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්ෂය කපා හෙළන්නට සිදුවිය. එම සිදුවීම දුටුගැමුණුට එරෙහිව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතුවූ අතර එකී විරෝධයට මුල්වූ ගාඩි වංශය දේශපාලනිකව සංවිධානය කළේ නාග ගෝත්‍ර බළමුලූව විසින්ය. එය පාගා දමා මහා සෑය නැංවීම සඳහා දුටුගැමුණු රජු එඩිතර විය. එහෙත් මහා සෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැුගෙන මහ රහතුන් වහන්සේලා පෝක් සමුද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිදුවූ බව මහාවංශය සඳහන් කරයි. එම විරෝධතාවේ පෙරමුණ ගත්තේ ද නාගයන්ය. එය දිය ගොඩ දෙකින්ම සිදුවූ යුද්ධයක් බඳු වූයේය. භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත්‍රික මූල නාගයන් මෙලෙස මහා සෑයට විරෝධය පළ කළේ මන්ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොඳින් ආරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වූයේය. අන් අතකින් මහා සෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතූන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැුකගෙන සිටියේ ද නාගයන්ය. නාගයන් සතුව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතුවූ ප්රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාය. නාග-යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප්රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත්වීමෙනි. ගැටුම නොනැවතුණි. නාගයෝ කෙටි කලක් දුර්මුඛව සිටියෝය. දුටුගැමුණු රජු මහා සෑය නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වූයේ දුටුගැමුණු ඉර, හඳ පවතිනතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය. එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දායාද කළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වූයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව තව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහා සෑය ඒ විස්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කෙරිණි. මේ සියල්ල වඩාත් කේන්ද්‍රගත වූයේ මහා සෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය. මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහ රජ දුටු රුදුරු සිහිනය ඔහුගේ ආත්මය සසල කළේය. එතැන් පටන් මහා සෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහා සෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකල වෙනත් රාජ්‍ය පාලන කටයුත්තක් ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වූයේ ද යත් රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වූයේ මහා සෑ මළුවේදීය. හිමිදිරියේ මහා සෑ මළුවට පැමිණි මහ රජු රාත්‍රිය ළඟා වනතුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය. එක් සැඳෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පාදා පෙනය පුම්බා විෂ දළින් ඇන සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ වීර්යයෙන් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙදැදුරාට ද පහර දී මරා දැමුවේය. නාග ප්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත්වූයේය. දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාස කතාකරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි. ඒත් සිංහල ජන කතාකරු අපූරු ජන කථාවක් ජනප්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනූ විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදිකළේය. විවේකය, සැහැල්ලූව ඇවැසි විට ඒ නාග උයනට සපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වූ ”ජයසේන” නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උදුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝපයට පත්වූ ජයසේනව ගෙල පාගා මහ රජ මරා දමන්නට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජයසේන මිය ගිය බවත් සඳහන් වේ. ඒ මොහොතේ ”තෝ නාගයෙක් වෙලා ඇවිත් මරමි” යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙළා ඇති බව ජනප්‍රවාද කතාව වැඩිදුරටත් කියයි. එසේ නම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුමද? නොවේ නම් කවුරුද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙයද? මෙහි පවසන නාගයා නාගයකු ද නොවේ නම් නාග ගෝත්රිකයකු ද? මේ කිසිවක් නිශ්චිත කරගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත. සරලව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරීක්ෂණ වාර්තාව ජනගත නොවුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගත කිරීමක් ද නොකළෝය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසව ද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන්ද? දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමූ නාගයා කාගේ කවුදැයි අපි තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම සර්පයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජීවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරීක්ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. ඒත් මෙය ඉතිහාස නිමිත්තකි. ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කළ නාගයා එකල රජු අතින් පරාජය වූ නාග ජන ගෝත්‍රයේ වෛර ප්රාර්ථනාවද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප්රාර්ථනාවද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මිය ගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකයද? එසේ නොවේ නම් මේ සියලූ සාධක එකට එක්වී සිදුවූ නියාමයක් ද? කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජ පදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාලිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වූයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහා සෑය සදාතනික වූයේය. ඉතිහාසය සර්ව සාධාරණ රිද්මයක අකුරු මාත්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි. isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2015 09:22 PM kiyawala baluwa....thanks... Ind007kaMost Senior MemberPosts:12931 22 Feb 2015 09:14 PM Posted By isurusam on 22 Feb 2015 06:03 PM Posted By FIDE on 22 Feb 2015 06:55 AM උපුටා ගැනීම මෙන්න මේ වෙබ් අඩවියෙන් : http://worldbeyondworld.blogspot.com thanks edatiyana welaaweka kiyawela balanawa........ onna oka thamai malli ada parapurata wela thiyena deya..ida labunahama kiyawanawa kiyala wadagath dewal maga arinawa..awada gath dewal okkoma kiyawanawa..ape anagatha rata yanne ithihasayak nathiwa First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... Vita123Advanced MemberPosts:549 22 Feb 2015 08:06 PM අසා නොතිබූ ඉතිහාස කතාවක්... බොහොම ස්තුතියි මිත්‍රයා... "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me." samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 06:24 PM අද පරපුරට තියෙන ලොකුම අඩුව තමයි ඉතිහාසය නොදන්නාකම. රටක ඉතිහාසය දන්නේ නැහැ කියන්නේ ඒ රටේ පැවැත්මක් නැහැ කියන එකයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2015 06:03 PM Posted By FIDE on 22 Feb 2015 06:55 AM උපුටා ගැනීම මෙන්න මේ වෙබ් අඩවියෙන් : http://worldbeyondworld.blogspot.com thanks edatiyana welaaweka kiyawela balanawa........ Ind007kaMost Senior MemberPosts:12931 22 Feb 2015 05:31 PM thanks FIDE me kathawa share kalata..mamath danagena unne naha kalin First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 22 Feb 2015 03:19 PM nenda wa bedala sthuthi Fide ,,apuru Ithihasa kathawa ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:13 AM මේ ගැන මගේ අවධානය යොමු කරනෙමි පසුව ඉතිහාසය නොදැන ජීවත් වීමයි අපේ ලොකු අඩුව ඒ ගැන උනන්දුව ඇතිවී ඔබ ගත් පියවර පසුව අගයමි FIDE ඔබේ උත්සාහය නොම අඩුව maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 07:11 AM රසවත් කතාවක් FIDE. ඒ කියන්නේ සුමනදාසලා දන්නා කාලේ ඉදලාම ඉදලා තියෙනවා.. වැරදුනොත් වෙඩි තියාගන්නවා කියලා එහෙම නැතිව ඇති මගේ හිතේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 07:07 AM Posted By FIDE on 22 Feb 2015 05:59 AM ඉතිහාසයෙන් කතාවක් ඉත්තිහාසයේ අපි දන්නා කතාවලට වඩා නොදන්නා කථා බොහොමයි, ඉතින් ඒ වගේ කතා ටිකක් එකතු කරලා දාන්න හිතුවා. ඇඩිමින් ලොක්කට මේක මිට වඩා හොදතැනක් හදලදෙන්න පුළුවන් නම් මේක ඒ වගේ තැනකට අරගෙන යමු. කතා නම් ඉතිං උපුටා ගැනීම් තමයි. ඉතිහාස කතා නිසාත්, උපුටා ගැනීම් නිසාත් "Creative Ideas" වලට වැටෙන්නේ නැහැ.. ඒකට මොකද.. තව කතාවක් දෙකක් වැටෙනකන් ඉදලා හොද තැනකට මුව් කරලා දාමු.. සමහර විට අලුත් කැටගරියක් දාන්නත් වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි FIDE සහෝ වැදගත් තොරතුරු මේ විදියට අලුත් නුලකින් ගෙන ආවට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ FIDEBasic MemberPosts:238 22 Feb 2015 06:55 AM උපුටා ගැනීම මෙන්න මේ වෙබ් අඩවියෙන් : http://worldbeyondworld.blogspot.com FIDEBasic MemberPosts:238 22 Feb 2015 05:59 AM ඉතිහාසයෙන් කතාවක් ඉත්තිහාසයේ අපි දන්නා කතාවලට වඩා නොදන්නා කථා බොහොමයි, ඉතින් ඒ වගේ කතා ටිකක් එකතු කරලා දාන්න හිතුවා. ඇඩිමින් ලොක්කට මේක මිට වඩා හොදතැනක් හදලදෙන්න පුළුවන් නම් මේක ඒ වගේ තැනකට අරගෙන යමු. කතා නම් ඉතිං උපුටා ගැනීම් තමයි.