Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මදූගේ කවි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මදූගේ කවි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 May 2018 10:08 AM අමුතුම ආකාරයේ සංකල්පනාවක්.. ස්තූතියි නැගණියේ.. Prasad MadurangaMost Senior MemberPosts:14124 03 May 2018 09:17 AM Posted By Madud on 03 May 2018 05:24 AM අතැර ගිය සිවලාට මිදිවැල කී කවිය නිතර මලකුනු කෑ නුඹ කුසගින්නෙ සිටි දා හිතට දුක දැනිලා මගේ සුවදක් නුඹට එව්වා. සුවද ඔස්සේ ආ නුඹ මගේ රුව දැකලා කනුද නොකනුද කියා ලතැවිල්ලෙ සිටියා. ලතැවිල්ල පසෙකලා මා ලබා ගනු සදහා වෙහෙස වෙන නුඹ දැකලා මම තව තවත් නුඹට බැදුනා මදින් මද වැඩි වෙන නුඹේ කුසගිනි දැක කඩාගනු නොහැකි තැන මමම මිදි බිම හෙලනු සිතුවා නමුත් නුඹ කැත හිවල අමිහිරක් යයි නම් කොට මා අතැර ගිය කල සිනාසෙනු හැර වෙන කිම කරන්නද. දෙවියන්ට අහර වන මගේ අමයුරු ඵල මළකුනු කන නුඹට කොහොමටත් අකැපයි සබද කුණු හොයන කෙනා යන්නෙම කහළ ගොඩටම තමා. දන්නා කතාවක් වෙනස් අයුරකින් හිතපු ලස්සන නිර්මාණයක්! chamara duleepMost Senior MemberPosts:13471 03 May 2018 06:29 AM හිවලා මිදි කෑම එක කතාවකුත් තිබ්බා පොතක මතක නැහැ..ලස්සන කවි පන්තියක් madushika dilhaniNew MemberPosts:54 03 May 2018 05:24 AM අතැර ගිය සිවලාට මිදිවැල කී කවිය නිතර මලකුනු කෑ නුඹ කුසගින්නෙ සිටි දා හිතට දුක දැනිලා මගේ සුවදක් නුඹට එව්වා. සුවද ඔස්සේ ආ නුඹ මගේ රුව දැකලා කනුද නොකනුද කියා ලතැවිල්ලෙ සිටියා. ලතැවිල්ල පසෙකලා මා ලබා ගනු සදහා වෙහෙස වෙන නුඹ දැකලා මම තව තවත් නුඹට බැදුනා මදින් මද වැඩි වෙන නුඹේ කුසගිනි දැක කඩාගනු නොහැකි තැන මමම මිදි බිම හෙලනු සිතුවා නමුත් නුඹ කැත හිවල අමිහිරක් යයි නම් කොට මා අතැර ගිය කල සිනාසෙනු හැර වෙන කිම කරන්නද. දෙවියන්ට අහර වන මගේ අමයුරු ඵල මළකුනු කන නුඹට කොහොමටත් අකැපයි සබද chamara duleepMost Senior MemberPosts:13471 02 May 2018 07:10 PM ලස්සන කවි කිහිපයක් දාලා තියෙන්නේ..ඒකෙන් නම් නුඹ සදක් එක නම් ලස්සනයි Udeshika HerathVeteran MemberPosts:3960 02 May 2018 01:55 AM ලස්සනයි මේ ටිකම isuru sampathSuper Senior MemberPosts:7342 27 Apr 2018 01:50 AM ලස්සන නිසදැස් ටිකක් ..මේ දේවල් දිගටම අපිත් එක්ක බෙදා හදා ගමු. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Apr 2018 01:07 AM ලස්සන නිසදැස් රාශියක්ම නංගී දාලා... ලංසුව නමැති නිසදැස ගොඩක් ලස්සනයි.. එක වරම හිත ගියා.. madushika dilhaniNew MemberPosts:54 26 Apr 2018 10:51 PM ***** අහිමි වත්සානය***** ගිම්හාන සුලං රැල්... අතු අතර සැරි සරා.. ඉවත් කල පත් ඉපල්... දෙපාමුල දිරනවා.... සිසිල් වස්සානයේ.... හිනැහෙන්න මග බැලූ.... ලපටි හිරිමල් කැකුලු... එකින් එක වැටෙනවා.... මදින් මද ගෙවී යන... රුදුරු සැඩ දින ගනන්.... වත්සානේ පැතුම් වැල්... තව දුරයි කියනවා.... ඉද හිටක හිරු වසා..... නුඹ ගැබේ සිනාසුන...... සොදුරු වැහි වලාකුල.... සිත සතුටු කරනවා.... එහෙත් ඒ වලාකුල..... පාවෙලා ගියපු සද..... අහිමි වත්සානයට..... හිත හුගක් රිදෙනවා.... අඩන්නට කදුලුවත්..... නැති නිසා දෑස් අග..... හිත තවත් හිමි හිමින්... ඉරි තලා පැලෙනවා..... ...............***මදූ****........... madushika dilhaniNew MemberPosts:54 26 Apr 2018 10:51 PM .......ලන්සුව...... නුඹ අඩුම මිල නියමයෙන්... වෙන්දේසියේ දැමූ ... මගේ..ජීවිතය... ඔහු.. තරගකොට.... අවසානයේ..... වැඩිම ලන්සුවෙන්... අයිති කරගනිද්දී.... මා දැනගතිමි...... වෙන්දේසිය .... අවසානයක් නොව.. ආරම්භයක් බව... ******මදූ....... madushika dilhaniNew MemberPosts:54 26 Apr 2018 10:50 PM තඹර මල කල් යල් බලන සද විල් තඹර පිපී ඇත විසිරුනත් මල් සුවද බඹරුන්ට අගේ නැත නිල් විල් පුරාවට පුරා පසලොස් සද බැලුම් දුන්නත් කිරණ ලන් වෙන්න වරම් නැත. ඉතිං සිත දරා දුක හඩන්නත් වරම් නැත හිතින් ගත් සිල් සුවද පුදසුන මතය තඹර මල. madushika dilhaniNew MemberPosts:54 26 Apr 2018 10:48 PM රාම පතිනී සීතාව ලියමි.... විසල් සමුදුර වසාලන සද සිනාසෙන විට වලා මැද සිට හිතේ නොඇරුනු අදුරු පැතිකඩ එකින් එක දොර අගුලු බින්දා කාල වර්ණවූ නුඹේ වත මත විරාගික මදහස නැගෙන විට තෙදස් නුඹගේ රකුස් හද තුල රාවණා ..මම ප්රේමේ දැක්කා... සොයාලන්නට මගේ පතිවත පුලුස්සන කල මගේ සැමි සද.. සිසිල් වුයේ මහා ගිනි කද... නුඹේ ප්රේමය නමිනි රාවණ.. යසස් ඉසුරින් පිරී ඉතිරෙන.. සියක් සේනා මෙහෙයවන නුඹ. එකම බිරිදට පෙම් කරනු දැක මම පතිනි දම හදින් බින්දා.... බුර බුරා නැගි මහා ගිනි කද සිසිල් වූවත් මගේ ගත ලග.. පතිනි දම් බිදි මගේ හදවත පිලිස්සුනු හැටි දුටුද රාවණ. සුසුමකදු කිලුටක් නොකල නුඹ... පතන විට මගේ මුවග මදහස.. මා පිලිස්සූ මගේ සැමි වෙත... කෙලෙස යන්නේ මෙමා රාවණ නොලැබෙනා බව දනිමි රාවණ නුඹේ පෙම අන් ලදකි රාවණ... නමුත් යම් බවයකදි රාවණ. නුඹේ ප්රේමය මමයි රාවණ... මදූ.... madushika dilhaniNew MemberPosts:54 26 Apr 2018 10:47 PM ......නුඹ සදක්...... නුඹ ඈත දිලිසෙන සදක් දුක පිරුනු හිතකට කෝලකම් පෑ පුර පසට අටවක සදක් විල් තෙරට ඉහලින් සිනහ කැන් පෑ.... ප්රේමයෙන් පිරි සදක්. නිල් ජල තරංගය කලාකම් පෑ සොදුරු සුන්දර සදක් පිං බෝධි මලුවට සිසිලසක් දුන් දයාබර වූ සදක්.. තනිකමෙන් උන් කුමුදු මලකට පුරා පසළොස්වක සදක්.. කවි කියන හිතකට තනුව දුන් ඒ කලා සපිරුනු සදක්.... තරු පිරිවරා සිත් අහස එලි කල පුරා මණ්ඩල සදක්... තරු මඩල ඇවිදින් නපුරු වෙන කල බලා හුන් එක් සදක්.. කදුලු දැක දැක නුදුටු සේ සිටි අව පසට අටවක සදක් නිසල වූ හිත කලඹවා විත් බලෙන් පෙම් කල සදක් හින පුරවා සැගවිලා ගිය අමාවක රෑ සදක්... .....මධූ..... madushika dilhaniNew MemberPosts:54 26 Apr 2018 10:09 PM සීගිරි අප්සරාවගේන් පැරණි පෙම්වතාට... ඔව් මට දුන්නා නුඹ ප්රේමය මම දනිමි දහසක් පැතුම් පැතුවේ අපි එකට බැදී කුමරුන් මගේ රුව මත්තේ හිත පැටලී පැතුවේ මෙමා කරගන්නට අග මෙහෙසී හැඩුවා එදා නුඹ පාමුල හැපී හැපී රැක ගනු කියා ඉල්ලූයේ වැටී වැටී කුමරුට බියේ නුඹ මා අත් හල විටදී කුමරුන් සමග ගියෙ මා හදවත මැරී වැටී මා පෙම් කලා නුඹ හට එය හොදින් දනී රජු හට මා පුදා නුඹ සැගවුනු බවද දනී ගැහැණිය රැකගන්න නොහැකිව ලතවන පිරිමී සක්වල රජ උවත් දුහුවිල්ලක් නොවටී ඔහු මා නුඹෙන් ඩැහැගත්තා නපුරු ගතී පවුරු බැන්දෙ මා රැකගන්නට වෙහෙසී රජෙකු නොවී ඔහු මට වූයේය සකී නුඹ හිස් කල හිතට ප්රේමය දුන්නා බැදී කලක් ගතවෙලා අප දැන් මුන නොගැසී පවුරට නැගුනු රුව දුටුවද මේ ලගදී සිත තුල චපල ගති නැවතත් උඩ මතුවී මා සිහිවූයේ රුව දුටුවට පසුද සකී කසුප් නිරිදු නපුරෙකි මා එය නම් දනිමී හදවත ගලකි සීගිරියත් වෙයි දෙවෙනී ඒ හද මත්තෙ මගෙ රුව සිත්තම් විලසී මා සිතුවම් කලා සීගිරියේ ලොවක් දකී දුටුවද මගේ රුව සීගිරියේ ඇදී ඇති කුස රැලි වැටී ඇත තිසරුන් ඇත සැගවී සැමදා දකින මුත් මගෙ රුව යන වැහැරී තාමත් මා කසුප් රජුගේ අග මෙහෙසී වස්තුව සැපත රූපය නම් ඇති තැනදී ගැහැණිය චපල වන බව මුලු ලොවක් දකී නැත එය මුසාවකි සිහිකර බැලු විටදී ගැහැණුන් චපල හිත් නැති පිරිමින් ලගදී ....... මදූ.....