Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: දරුවන්ට සීමාවල් පැනවිය යුතුද? Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: දරුවන්ට සීමාවල් පැනවිය යුතුද? Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Jaani wasanthiBasic MemberPosts:285 08 Feb 2018 06:49 AM සාමාන්යයෙන් දරුවන්ගෙ තියෙන තවත් එක විශේෂ ලක්ෂණයක් තමයි,හොද දේවල් කරන්න පෙළඹෙනවට වඩා ඉක්මණින් නරක දේවල් කරන්න පෙළඹෙන එක.දරුවන් යහ මගට යොමු නොවෙන්න ප්රධානම හේතුවක් තමයි එ් දරුවන්ගේ දෙමව්පියන්ගේ හා සමාජයේ පවතින දුර්වලතාවයන්.එ් වගේම අැසුරු කරන පුද්ගලයන්.අන්න එ් නිසා තමයි යහමගට ගතහැකි දරුවන් පවා වැරදි මාර්ග තෝරගන්නේ.එ්ක හරිම කණගාටුදායක් තත්ත්වයක්.දරුවෙකුව හොද ඉස්කෝලෙකට දාගත්තා කියලා එ් දරුවා හොදට ඉගෙනගෙන යහපත් පුරවැසියෙක් වෙන්නේ නැහැ.එ් එක්කම දෙමව්පියන් දරුවන් එක්ක ඉතාම ළගින් හොද සම්බන්ධතාවයක් පවත්වාගෙන යා යුතුවෙනවා.එහෙම හොද සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නනම් දෙමව්පියන් බුද්ධිමත් විය යුතුයි.තමන්ගෙ දරුවන්ව තේරුම් ගත යුතුයි.එහෙම තේරුම් අරගෙන තමන්ගෙ දරුවන් එක්ක හෙද සම්බන්ධතාවයක් ගොඩනගාගන්න හේතුවන වැදගත්ම කාරණාව වෙන්නේ තමන්ගෙ දරුවාට හොදින් අැහුම්කන් දිම. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Feb 2018 07:49 AM ඒක කතාව හරි මල්ලි. අනිත් එක තමයි ඔය ගස් උඩ ඔන්චිලි වල ඇබරෙන කොට සමහර අය ඒවා කරන්න දෙන්නේ නෑ පොඩි එකාට. ඒක ඇත්තටම වැරදියි....මොකද කුඩා කල කරන සෙල්ලං වලින් වලට වඩා ඒ වගේ දෙවල් වලින් අස්ථි වලට ලැබෙන දෙය අතිමහත්. shanaka kelumSuper Senior MemberPosts:7332 04 Feb 2018 10:10 PM සමහර දෙමාපියන් දරැවා කරන කියන හැමදේම එපා කියා ගත්ත ගමන් ඉන්නේ සමහරැ දරැවා පුටුවක් උඩ නැගල හිටියත් කෑ ගහනවා වැටෙයි කියල යම් අවදානමක් දෙන්න ඔනෙ කියල මම හිතනවා. අත් දැකීමෙන් ඒ දේවල් දරැවා දැනගත්තාම අය ඒ දේවල් කරන්න හොද නැහැ කියල දරැවාම දැන ගන්නවා Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2018 10:56 AM මගේ අදහස නම් වැරදි දේ වැරදි ඇයි, එපා කියන්නෙ ඇයි ආදරයෙන් කරුණාවෙන් කුඩා කාලෙම කියල දෙන්න ඕන කියල. ඇයි එපා කියන්නේ කියලත් එහි ආදීනවත් කියා දෙන එකයි සුදුසුම. හැබැයි මම පුද්ගලිකව දරුවන්ට තරවටු කිරීම එච්චර අනුමත කරන්නෙ නැහැ. ආදරෙන් ඕනෑම දෙයක් කියල දෙන්න පුළුවන් විදිහට කුඩා කාලේ ඉඳල පුරුදු පුහුණු කරව ගත්තහම හරි. දරුවන් සමඟ සමීපතම සම්භන්ධතාවයක් ගොඩ නංවා ගැනීමෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් කරන කියන දේ ගැන කලින්ම ඉවෙන් වගේ දැන ගැනීමට හැකියාවක් ලැබෙනව. වැරැද්දෙන් මුදවා ගන්න එය පහසු වෙනවා. Imalka HewageVeteran MemberPosts:4533 03 Feb 2018 08:11 AM මේ මාතෘකාව ගැන ජානි මිතුරියට වැඩි වැටහීමක් තියෙන බව හැඟෙනවා. ඔබ ඒ හා සම්බන්ධ රාජකාරියක යෙදෙනවා කියලා දැක්කා වගේ මතකයි........අපි කුඩා අත්දැකීමකින් හෝ අනුමානයෙන් කියන දේවල් නිසැකවම ප්රකාශ කිරීමට ජානිට හැකියාව ඇති නිසා ඒ ගැන වැඩිපුර විස්තර බලාපොරොත්තු වෙනවා Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Feb 2018 05:28 AM දරුවන්ව කිසියම් සීමාවක තබා ගත යුතු වගේම ඔවුනට ඔවුන්ගේ ලමා කාලය විඳීමට අවස්ථාව ලබාදිය යුතුයි. Jaani wasanthiBasic MemberPosts:285 02 Feb 2018 10:20 PM සීමාවල් ලිහිල් කළ යුතු අවස්ථාවෙදි ඒවා ලිහිල් කළයුතුයි. වෙන කෙනෙක් අපිව පාලනය කරනවට අපි කැමති නැහැ වගේ,දරුවොත් කැමති වෙන්නෙ නැහැ ඒකට.ඒ නිසා අනවශ්ය විදියට පාලනය කරන්න ගියාාම දරුවො හිතුවක්කාර වෙන්න පුළුවන්. නිදහසේ හිතලා තමන් කැමති දේ කරන්න අවස්ථාව ලැබුණම දරුවන්ගෙ නිර්මාණශීලි බව වැඩි වෙනවා.ස්වාධීන චින්තනය වර්ධනය වෙනවා. දරුවන් කෙරෙහි ඕනාවට වඩා අවධානය ආදරය යොමු කරාමත් ඒක දරුවන්ට වදයක් වෙනවා. මේ බව දෙමව්පියන් වටහා ගත යුතු වෙනවා. ඒ නිසා,සීමාවන් පැනවිය යුතුයි.නමුත් දරුවන් ගැන හොඳ අවබෝධයකින්.හොඳ කියැවීමකින්. hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 Feb 2018 07:14 AM මම නම් කියන්නේ නිසි කලට නිසි දේවල් ලබා දීම තමයි හොදම දේ. ඒ වගේම දැන් එන කෙරෙන දේවල් ගැන ඒ අයට තේරුම් කරදීම ගොඩක් වැදගත්. හැමෝම කරන දේවල් අපට කරන්න බැරි බව .... Indika KodithuwakkuMost Senior MemberPosts:10470 01 Feb 2018 01:35 AM අපි දරුවන්ට සිමාවන් පැනවූවොත් ඔවුන් එම දේවල් හොරෙන් කිරීමට ඇති හැකියාවේ ප්රවනතාවයක් ඇති වෙනවා නේද? Imalka HewageVeteran MemberPosts:4533 31 Jan 2018 10:07 PM මේ මාතෘකාව නොනවත්වා ඉදිරියට ගෙන යා යුතුයි. මගේ දැක්ම අනුව සීමාවන් තිබිය යුතුය එසේ නොමැති වුවහොත් සීමාවල් හඳුනා නොගෙන ගොස් අසීමිත පශ්න මැද ඔවුන් අසරණ වීමය ...සීමාව ඉක්මවා කටයුතු කිරීමට දරුවන් උනන්දු වන්නේ අවබෝධය අඩු කම, දුදනන්ගේ වැරදි මගපෙන්වීම් හෝ හිතාමතා සීමා කැඩීම යන කාරනා මතය . . සීමාවක් පැනවෙනවා හෝ පනවා ඇතැයි ඔවුනට නොහැඟෙන ආකාරයට ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය වනවානම් කිසිම තැනක සීමාවල් වැටකොටු තමන්ට අභියෝගයක් නොවන්නේය . විශේෂයෙන්ම මිනිසෙකුගේ සංවර්ධනයේ පළමු කොටස සිදුවෙන්නේ මේ ලොව සුරක්ෂිත ස්තානය එනම් මවු කුස තුල සිටියදීමය එය එසේ නම් දරුවෙකුගේ යහ මග යැවීමේ පළමු ගුරුවරයා අම්මා ය. එය මවට තනිවම කල නොහැකි අවස්ථා ද ඇත ය...තාත්තගේ රැකවරණය සහ හැදියාව අත්යවශ්යය. එසේ නම් දරුවාගේ යහ මගේ පළමු උපදේශක මණ්ඩලය දෙමවුපියන් ය. ඒ නිසා ඔවුන් සීමාවල් හඳුනාගෙන කටයුතු කළහොත් දරුවන්ට සීමාවල් හඳුනා කටයුතු කිරීම් අපහසු වනු ඇත. දෙන්න ඔබේ අදහස් shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2018 12:26 AM දැන් කාලෙ ඉන්න දරැවන් ඉස්සර කාලේ හිටිය දරැවෝ වගේ නෙවෙයි වගේ හැගීමක් දැනෙනවා Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Jan 2018 10:10 PM අද බොහෝ දරුවන් ජංගම දුරකථනයට සහ පරිඝණක ක්රීඩා වලට යොමු වෙලා තමතමන්ගේ අධ්යාපන කටයුතු වලට බධාවක් කරගෙන තියෙනවා. වැඩිහිටියන් වශයෙන් මේ ගැන සොයා බැලීම දෙමපියන්ගේ වගකීමක්. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2018 08:27 PM සීමවන් පනවලත් බෑ.. පනවන්නෙ නැතුවක් බෑ.. කොහොමටත් දෙමාපියන් කරන කියන දේවල් තමයි දරුවන් ආදර්ශයට ගන්නේ.. Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 09:37 AM ඔව් රෝසී , පුංචි හිත් එක්ක පරිස්සමට ගනුදෙනු කරන්න ඕන Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2018 06:57 AM ඔව් අනිවාර්යෙන්ම ,ඇයි අපි එහෙම කරන්නේ කියලත් එයාලට හොදින් පහදා දෙන්න ඕනේ , දරුවෝ දැනුම් තේරුම් එනකම් එක අපේ යුතුකම කියලා මන් හිතන්නේ . Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2018 06:48 AM දෙමාපියන් නම් දරුවන් ඉදිරියේදී මත්පැන්,සිගරට් ආදී බොන්න යන්න එපා.බොන්නත් එපා මේක කොහෙත්ම නොබීම ඉන්න පුළුවන් නම් තමයි වටින්නෙ. හැමෝටම හැම අතින්ම හොඳයි. Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 06:32 AM චාමර හොඳ කරුණු ටිකක් එකතු කරලා තියෙනවා.ඒක හොඳම මයින්ඩ් එකක්නෙ chamara duleepMost Senior MemberPosts:13471 26 Jan 2018 06:25 AM දරුවන්ට නිසි පරිදි ඉගැන්විය යුතුයි. නිසි පරිදි ආගමික වතාවක යොදවන්න ඕන සෙල්ලම් කරන්න දෙන්න ඕන නම් හැකිතාක් හොද මිත්රයන්ව ළං කරගන්න. දරුවන්ට ඉගෙනගන්න අවස්ථා වලදී ෆෝන්,පරිගණක,අන්තර්ජාලය,රූපවාහිනි ඈත් කර තබන්න.. නිසි පරිදි ව්යායාම කරන්න ඉඩ දෙන්න ඕන... පුළුවන් තරම් පාසලේ ක්රීඩා වලට යොමු කරන්න දෙමාපියන් නම් දරුවන් ඉදිරියේදී මත්පැන්,සිගරට් ආදී බොන්න යන්න එපා.බොන්නත් එපා පුළුවන් තරම් පැය දෙකකවත් ප්රශ්න පත්රයක් ගෙදරදීම කරන්න දෙන්න. මේ කරුණු ටික දෙමාපියන්ට මතක තබා ගතයුතුයි... Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 01:36 AM KingD,Indoo 👍👍👍 බොහොමත්ම ස්තූතියි! Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Jan 2018 01:28 AM අනිවා හිතට දැනෙන මාතෘකාවක් ...එදා මට දැනුනෙ ඔබව හතුරෙක් වගෙයි තාතෙ ...අද මට දැනෙනෙගෙ ඔබව දෙවියෙකු වාගෙයි තාත්තෙ Indika DampahalaVeteran MemberPosts:3410 26 Jan 2018 12:53 AM අනිවාර්යෙන් සීමා පැනවිය යුතුයි... ජංගම දුරකථන ලබා නොදිය යුතුයි Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 12:44 AM මධුරංග,ඉසුරු,ඉමල්ක... ඇගැයීම ලොකු දිරියක් මට නැවතත් පන්හිඳ අතට ගන්නට.ස්තූතියි බොහොමත්ම .👍 Imalka HewageVeteran MemberPosts:4533 26 Jan 2018 12:22 AM බොහෝ වටිනා අදහසක්.....කතා කල යුතු මාතෘකාවක්. ස්තුතියි ඔබට මේ පටන් ගැනුමට isuru sampathSuper Senior MemberPosts:7342 26 Jan 2018 12:18 AM Posted By Jaani on 25 Jan 2018 10:39 AM දරුවන් යනු බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය පිරිසක් නොවෙති.එම නිසා ඔවුන් පහසුවෙන්ම වැරදි කිරීමට පෙළඹිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කරන කියන දෑ ගැන සීමාවන් පැනවිය යුතුය. විශේෂයෙන් රූපවාහිනිය,අන්තර්ජාලය පරිහරණය කිරීමේදී යම්කිසි කාල වේලාවක් නියම කළ හැක. මිතුරකුගේ / මිතුරියකගේ නිවසකට ගියවිට එහි රැදෙන්නට හෝ නිවසට පැමිණිය යුතු කාල වේලාවක් නියම කළ හැක (නිදසුන් පමණක් බව සලකන්න) යහපත් ගති ගුණ සාරධර්ම විනය පිරිහෙමින් පවතින යුගයක දරුවන්ට යම් යම් දේ සඳහා සීමා මායිම් පැනවීම කළ යුතුවේ. විනයක් නැති තැනක නිසි අධ්යාපනයක්ද නැත.යහ පැවැත්මකට විනය අවශ්යමය. සහතික ඇත්ත මේ කථාව . Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jan 2018 10:51 PM ඒක ඇත්ත නංගි. දරුවන් හොඳින් හදා ගන්න නම් දෙමව්පියන් ඊට වඩා ආදර්ශමත් විය යුතුය කියලත් මම කැමතියි. දරුවන් වැඩිපුරම ආදර්ශයට ගන්නේ අම්මා තාත්තා සහ ගුරුවරුන්. Jaani wasanthiBasic MemberPosts:285 25 Jan 2018 10:39 AM දරුවන් යනු බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය පිරිසක් නොවෙති.එම නිසා ඔවුන් පහසුවෙන්ම වැරදි කිරීමට පෙළඹිය හැක. දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් කරන කියන දෑ ගැන සීමාවන් පැනවිය යුතුය. විශේෂයෙන් රූපවාහිනිය,අන්තර්ජාලය පරිහරණය කිරීමේදී යම්කිසි කාල වේලාවක් නියම කළ හැක. මිතුරකුගේ / මිතුරියකගේ නිවසකට ගියවිට එහි රැදෙන්නට හෝ නිවසට පැමිණිය යුතු කාල වේලාවක් නියම කළ හැක (නිදසුන් පමණක් බව සලකන්න) යහපත් ගති ගුණ සාරධර්ම විනය පිරිහෙමින් පවතින යුගයක දරුවන්ට යම් යම් දේ සඳහා සීමා මායිම් පැනවීම කළ යුතුවේ. විනයක් නැති තැනක නිසි අධ්යාපනයක්ද නැත.යහ පැවැත්මකට විනය අවශ්යමය.