Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හේනේ පැලේ තනි වී කියනා කවි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හේනේ පැලේ තනි වී කියනා කවි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review hasitha dhananjayaSuper Senior MemberPosts:5795 28 Oct 2016 08:39 AM ගාමිනී අයියත් නියම ත්රෙඩ් එකක් පටන් අරගෙන තියෙන්නේ. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2016 01:21 AM කාපු බීපූ වේලාවට කියන ඒවා ගණන් ගන්න එපා... Prasad MadurangaMost Senior MemberPosts:14124 28 Oct 2016 12:57 AM ගාමිණි අයියා කියන්නද. ගාමිණි මල්ලි කියන්න ද අපිත්. ඉන්දික අයිය ඊයේ රෑ එක සැරේට වයසට ගිහින්ද? නැත්නම් ගාමිණි අයිය තරුණ වෙලාද? මතකයෙන් සහ භාවිතයෙන් ඉවත්වෙන මේ කවි පද නැවත මතකයට ගෙන එන ඔබට බොහොම ස්තූතියි. ගාමිණි අයිය ගෙනෙන මේ ඔක්කොම කවි එකම ත්රෙඩ් එකක තිබුණ නම්ඔක්කොම කවි එකට එකවර කෙනෙකුට රස විඳින්න පහසු වෙන්න තිබ්බ ගැනීමටත්. Danu LiyanageVeteran MemberPosts:3457 28 Oct 2016 12:38 AM වැදගත් කවි පෙලක් නේද. අපි අහලා නැහැ කවදාවත් ස්තුති ගාමිනි අයියේ Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Oct 2016 12:18 AM Posted By gamini on 27 Oct 2016 11:41 PM හා හොදයි ලොකු අයියේ ......... ගාමිණී W .D.Veteran MemberPosts:4475 27 Oct 2016 11:41 PM Posted By indika76 on 27 Oct 2016 09:49 PM ඉතාමත් වටිනා කවි කිහිපයක්.. මෙයට කලින් අහලා නෑ.. ගොඩක් ස්තූතියි මල්ලී... හා හොදයි ලොකු අයියේ ......... Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Oct 2016 10:55 PM ගාමිණීත් දැන් තනිය මකන්න පැල් කවි කියන්න පුරුදු වෙලා වගේ.. බොහොමත්ම ස්තූතියි. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 27 Oct 2016 09:49 PM ඉතාමත් වටිනා කවි කිහිපයක්.. මෙයට කලින් අහලා නෑ.. ගොඩක් ස්තූතියි මල්ලී... ගාමිණී W .D.Veteran MemberPosts:4475 27 Oct 2016 03:19 PM Posted By gamini on 27 Oct 2016 02:27 PM හේනේ පැලේ තනි වී කියනා කවි ................... පසලොස්වක ගෙවී දෙදොහයි ගත වූයේ කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ ආයේ එනමුත් මගේ හද තුල ඇති සිත් යායේ අමාවකයි නිතරම හොල්මන් පෑයේ කුරහං පීදිලා සුලඟේ ළෙල දෙනවා වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩි එනවා වැටකොළු පතෝලත් මැහි වල වැජඹෙනවා මෙදා කන්නේ මගෙ අටු කොටු ඉතිරෙනවා දහවල භෝග පක්ෂින්ගෙන් රැක ගන්න රෑ තුන් යමේ වණ සතුනව පන්නන්න සීතල හිමේ මගේ මේ දුක දුරු වෙන්න මේ තනි හිතට කවි සිතිවිලි පූදින්න ඔබ කැන්දන් ඇවිදිල්ලා සුන්දරියේ මේ පෝයට එක සතියයි ගතවුයේ ගෙදර ඇඳේ ඉන්නා විට ඔබ තනියේ හේනේ පැලේ කෙලෙසක සැනසෙම්ද රැයේ කිසි දින නොදැණුනා මෙතරම් සීතලයක් ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ අඩුවක් ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නට පිරියක් ඇතිවී හිත හඬයි වෙන මා කරනු කුමක් හේනට නොආවොත් අටු කොටු හිස් වෙනවා ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි වෙනවා ආදර සිනා වා තලයට මුහු වෙනවා රැවුලයි කැඳයි රැකුමට පැල වෙත එනවා කුරහං කපන තුරු මැණිකේ ඉවසන්න එලවළු ටිකත් ළඟදිම හැක ගෙට ගන්න ඒ හැම විකුණලා මසුරං උපයන්න වණ සතුරනේ මෙහාට නෑවිත් ඉන්න ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුන විටදී ඔබ මුව කමල සිහිනෙන් හද තුල උපදී දෙණියේ ලිඳෙන් නා ගෙන හෙට දහවලදී මා එමි පතිනියේ ඉනු හොඳැහින් කන්දී අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී, චන්දන ගුණසේකරගේ සිතිවිලි සමුදායක්..... ගාමිණී W .D.Veteran MemberPosts:4475 27 Oct 2016 02:27 PM හේනේ පැලේ තනි වී කියනා කවි ................... පසලොස්වක ගෙවී දෙදොහයි ගත වූයේ කිරි සඳ එළියේ අඩුවක් හෙම නෑ ආයේ එනමුත් මගේ හද තුල ඇති සිත් යායේ අමාවකයි නිතරම හොල්මන් පෑයේ කුරහං පීදිලා සුලඟේ ළෙල දෙනවා වට්ටක්කා වැලෙත් ලොකු ලොකු ගෙඩි එනවා වැටකොළු පතෝලත් මැහි වල වැජඹෙනවා මෙදා කන්නේ මගෙ අටු කොටු ඉතිරෙනවා දහවල භෝග පක්ෂින්ගෙන් රැක ගන්න රෑ තුන් යමේ වණ සතුනව පන්නන්න සීතල හිමේ මගේ මේ දුක දුරු වෙන්න මේ තනි හිතට කවි සිතිවිලි පූදින්න ඔබ කැන්දන් ඇවිදිල්ලා සුන්දරියේ මේ පෝයට එක සතියයි ගතවුයේ ගෙදර ඇඳේ ඉන්නා විට ඔබ තනියේ හේනේ පැලේ කෙලෙසක සැනසෙම්ද රැයේ කිසි දින නොදැණුනා මෙතරම් සීතලයක් ගිනි මැල ගසා ඇති මුත් එහි නෑ අඩුවක් ඔබ ළඟ යහනේ වැතිරී ඉන්නට පිරියක් ඇතිවී හිත හඬයි වෙන මා කරනු කුමක් හේනට නොආවොත් අටු කොටු හිස් වෙනවා ඔබේ ගෙල රනින් වැසුමට මට බැරි වෙනවා ආදර සිනා වා තලයට මුහු වෙනවා රැවුලයි කැඳයි රැකුමට පැල වෙත එනවා කුරහං කපන තුරු මැණිකේ ඉවසන්න එලවළු ටිකත් ළඟදිම හැක ගෙට ගන්න ඒ හැම විකුණලා මසුරං උපයන්න වණ සතුරනේ මෙහාට නෑවිත් ඉන්න ඩිංගිත්තක් මගේ ඇහැ පියැ වුන විටදී ඔබ මුව කමල සිහිනෙන් හද තුල උපදී දෙණියේ ලිඳෙන් නා ගෙන හෙට දහවලදී මා එමි පතිනියේ ඉනු හොඳැහින් කන්දී අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී,