Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Oct 2016 02:52 AM අනිවාර්යයෙන්ම මේ අදහස් දැක්වීම මෙතරම් සරල විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තූතිය. අපිව ඔබ දන්නා දෙයින් දැනුවත් කිරීම ඉතා වටිනවා. Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 Oct 2016 12:22 AM ඉතා හොඳ අර්ථ දැක්වීමක් මඟින් අපව දැනුවත් කලාට බොහෝම ස්තූතියි. තව තවත් මෙවැනි දේ මඟින් අපගේ දැනුම වර්ධනය කර ගන්න උපකාරී වෙන්න. Sanduni kanchanaVeteran MemberPosts:2462 01 Oct 2016 03:19 PM ඔයා කියන විදියක් තමා............ හී මමත් කියෙව්වා. ඔයාගේ අර්ථ දැක්වීම නම් නියමයී. ගොඩක් ස්තූතියී ගුරු......... Sithara GodewattaSuper Senior MemberPosts:5335 01 Oct 2016 07:05 AM හොද පැහැදිලි කිරීමක් ,,ස්තුති දැනුවත් කරාට . Dileeka MadushaniVeteran MemberPosts:2100 01 Oct 2016 05:59 AM ලිපියට ස්තුතියි Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2016 09:00 PM ඉතා අගනා අදහස් දැක්වීමක්... මෙම කවිය පිළිබඳව ලොකු අදහසක් ලබාගත්තා... (මා දන්නා තරමින් මෙම කවියේ නිර්මාතෘ ජීවත්ව සිටිනවා) ඒත් මට දැනුන එකම දෙය නම් යුද්ධය එදත් තිබුණා. අදත් තියෙනවා. හෙටත් තියේවි.. තාක්ෂණයේ වෙනසක් පමණක් තියෙන්නේ.. මෙවැනි නිර්මාණයක් නැවත සිහිපත් කලාට ඔයාට ගොඩක් ස්තූතියි මල්ලී... gayan danuBasic MemberPosts:127 30 Sep 2016 04:51 PM හඩ වල් දෙකක්.. ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් සමහරු මේක ටාන් ටාන් ටාන් විදියටත් කියනවා.. ඒ්කෙන් පන්සලේ අැහුන ඝන්ටාර හඩට පමනක් කාව්ය නිර්මානයෙ බහුරු අර්ථකතනය සිමා වෙනවා .. ඒ් නිසා මම ගන්නේ ඩාන් ඩාන් ඩාන් හඩ. මේක විචාරකයව ගැඹුරින් හිතන්න යොමු කරපු කවියක්.. ඒ්ත් ඒක්කම කවි වල නිති රිති තියනවා.. ඒලි වැට සමය.. අාදි ගොඩක් කාව්ය නිතිරිතින් තියනවා.. මට නම් දැන් ඒ්වා මතකත් නැ හැබැයි මේ කාව්ය නිර්මානය වුනාය කියන දශයකයන් තුල කවියා මේ නිතිරිතින් පිලිබද අදට වඩා වැඩි අවදානයක් යොමුකරලා තියනවා කියලා බැලු බැල්මටම පෙනෙනවා.. මම මේ කිව්වේ මම ටාන් ටාන් ටාන් අත්හැරලා ඩාන් ඩාන් ඩාන් ගන්න හේතුව.. අපි පටන් ගමු ඩෝන් ඩෝන් ඒකෙන් කිහිප දෙනෙක් කියලා තිබුනා වගේ මේකෙන් ගම්ය වුනේ වෙඩි හද තමයි.. ඒ් වෙඩි හඩත් ඒක්ක විවිද සංකල්පයන් ඉස්මතු වෙනවා.. මර බිය. ත්රස්තවාදය.. ලේ වැගිරිම් ඒ් වගේම ඝාතනයන් .. යුද්ධය .. කල කෝලහාල.. මේ ඔක්කම ඒකිනෙක කැටි කරපුවාම අදාල නිර්මානයේ මාතෘකාව වශයෙන් යොදලා තිබුනු ධර්මද්වීපයේ අද තත්වයයි පැහැදිලි වන්නේ.. මම මෙතනදි අද කියලා සදහන් කලේ කවියා නිර්මානයේ යෙදුනු කාල පරාසය පිලිබද.. නමුත් තුන් කල් බලා නිර්මානයෙහි යෙදෙන කවියා මෙය ඒකි කාලයෙන් ඔබ්බටත් ඒනම් 2016 නමැති කාල පරාසයටත් ඩොන් ඩෝන් ඩෝන් හඩ ගැලපෙන බැව් ප්රත්යක්ශ කොට තිබෙනවා.. අැයි මම ඒහෙම කියන්නේ.. අදටත් මිනිසුන්ගේ ජිවිත වල අයිතිය තිරනය කරන තුවක්කු විටින් විට හඩ ඩෝං හඩ නංගවනවා.. ඉතින් මේ ඩෝන් ඩෝන් ඩෝන් කියලා අැයි මේ වචන තුනක් යොදන්න අැත්තේ.. මට ඒ් දේ නිකමට හිතුනු දෙයක් .. මෙ වචන පේලි වල වචන සංක්යාව අඩු වැඩි කරලාත් ඒ් නිර්මානයම ඒ් අර්තයෙන්ම ඉදිරිපත් කරන්න තිබුනා.. අැයි මේක වචන තුන ගානේ දාලා දික් කලේ නැත්තම් අැයි මේක වචන තුනකින් කෙටි කලේ. සැබැ අර්තය සගවා ලියන කවි වල හැම දෙයක්ම වැදගත්.. වචන තුනේ පේලි දෙකක් යොදාගෙන මේ කවිය නිර්මානය කරලා තියෙන්නේ මේක ඉවර වෙන දෙයක් නෙවෙයි කියලා හිතන තැනට විචාරකයාව යොමු කරන්න.. නිකම් හිතන්න අපි තිත් තුනක් තියලා ලියන දෙයක් නැවැත්තුවොත් ඒතනින් ගම්ය වෙන්නේ මේ දේ නවතින්නේ නැ ඉස්සරහටත් තියනවා.. නැත්තම් අැදෙනවා කියලා පෙන්නන්න. නිර්මාපකයා කවිය තිත් තුන වෙනුවට චචන තුන යෙදුවාය කියන ඒක මගේ මතයක්. දැන් අපි බලමු ඩාන් ඩාන් ඩාන් ඒක ඩාන් ඩාන් ඩාන් කියපු ගමන් අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ බෙරය.. අන්න ඒ් බෙරෙත් ඒක්ක ඊලගට මතක් වෙන්නේ පෙරහැර.. දළදා පෙරහැර කටින පෙරහැර මේ අාදි විවිද පෙරහැරවල්.. ඩාන් ඩාන් ඩාන් ඒකම අර පන්සලේ ඝන්ටාර හඩටත් යොදාගන්න පුලුවන්.. පරපන පන්සල් වල තිබුනේ ලොකු ඝන්ටාර.. ඒ්වගේ හඩත් ඩාන් රාවය තමයි නංවන්නේ... දැන් තියන ඝන්ටාර චුටි හින්දා ටාන් ටාන් ටාන් කියලාත් අැහෙන නිසා කවිය ඒසේ වෙනස් වෙනස් කරන්නට අැත්දෝ කියන සැකයත් මට තියනවා.. කොහොම නමුත් ඒ් හඩ අාශ්රිතව අැතිවන බුද්ධාලම්භන ප්රිතිය කවිය අැසුරෙන් අැති කරවන්නට කවියා සමත් වෙලා තියනවා.. ඉහත මම කියපු පෙරහැර සංස්කෘතියක් ඒක්ක අතිතයට අැදිලා ගියොත් බුද්ධාගම සහ රාජ්ය පාලනය අතර ලොකු සම්බන්දයක් තියනවා කියලාත් පැහැදිලි වෙනවා.. දලදා වහන්සේගේ අයිතිය ලද කෙනායි රටේ රජවෙන්නේ කියලා ඉතිහාසයේ හැමතැනකම වගේ තියනවා මතක අැති.. කොහොම නමුත් ධර්මද්විපය තුල සාමය විනය ගරුත්වය සහ සිලය රැකුනු බව ඒ වචන තුනෙන් ගම්ය කරලා තියනවා.. ඉස්සෙල්ලා කිව්වා වගේ වචන තුනකින් ඒ් කතාවත් ලියලා තිබුනු නිසා අපිට සිතිය හැකි අැත අතිතයට අර්තය සොයා යැමට විචාරකයාට මග සලසා අැති බව.. ධර්මද්වීපය ඒදා සහ අද කියන මාතෘකාව නොතිබුනා නම් මෙය යුද්ධයේ ඒකල මෙකල වෙනස කියලාත් ගන්න තිබුනා.. මොකද ඉස්සර රජවරු යුද්දෙට යද්දි හමුදාව ශක්තිමත් සහ දිරිමත් කරන්න පෙරහැරවලුත් ඒ් සේනාව ඒක්කම ගියා කියලා ඉතිහාස මුලාශ්ර වල තියනවා.. ඒ්කට දැන් ඉස්සෙල්ලාම යන්නේ යුද්ද ටැංකි නැත්තම් මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ. අලුත්ම තත්වය පේන්නෙවත් නැති දුරක ඉදන් මිසයිලත් ගහනවා.. කවියේ නිර්මාපකයා අද සිටියානම් මේ කවිය මිටත් වඩා සංකිර්නව ලියවෙන්නත් තිබුනා.. හැබැයි ඒක අතකට නොසිටිය ඒකත් හොදයි.. මොකද මේ කාලේ කලාව බලු වෙමින් යනවා වානිජ වෙමින්.. කලාකරුවාගේ තත්වයත් ඒ්කම තමයි. අදහස් දැක්විම දිග වැඩි වුනාද මන්දා.. මම පොඩ්ඩක් හිර වෙලා හිටියේ කල්ගත්තට සමාවෙන්නෝනි. Dileeka MadushaniVeteran MemberPosts:2100 30 Sep 2016 05:39 AM එක තමයි , කෝ මේ ගුරු Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Sep 2016 07:38 PM මේක දැනගන්න ගයියා මලයා එනකන් ඉන්න එපායැ... Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Sep 2016 10:46 AM අණ බෙරවත්ද ඉස්සර ඩාන් ඩාන් කීවේ... ම්ම් අනේ මන්දා ඩෝන් ඩෝන් රතිඤ්ඤ Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Sep 2016 11:57 PM කොහොමද දැන් මේ කියමනේ අර්ථය විග්රහ කරන්නේ.. Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Sep 2016 08:47 PM එල එල Sithara GodewattaSuper Senior MemberPosts:5335 25 Sep 2016 02:51 PM මාත් හිතුවේ ඝාන්ටාර සද්දේ වෙනුවට දැන් ඇහෙන්නේ වෙඩි සද්දේ කියලද තෙරුන් කරන්නේ මේකෙන් . Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Sep 2016 09:41 PM කෝ අපේ ගයියා මලයා... hasitha dhananjayaSuper Senior MemberPosts:5795 24 Sep 2016 10:40 AM ඉන්දික අයියා කියපු දේ තමයි මටත් හැගුනේ. Danu LiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 10:25 AM මොකද්ද මේ විස්තරය පොඩ්ඩක් පැහැදිලි කරා නම් gayan danuBasic MemberPosts:127 24 Sep 2016 08:47 AM Posted By indika76 on 24 Sep 2016 08:38 AM මම මේක අහලා තියෙන්නේ ටාං ටාං ටාං ඩෝං ඩෝං ඩෝං කියලා.. ඒ කියනනේ එදා අැහුනේ ඝාණ්ඨාර හඩ අද ඇහෙන්නේ වෙඩි කියන අර්ථයටාං ඒකයි ඩාන් ඒකයි දෙකම මන් ඒක ඒක තැන් වල දැකලා තියනවා. ඒත් මම ඩාං කියන ඒක ගත්තේ අැයි කියලා මේ ගැන විචාරයෙදි කියන්නම්.. බොහොම ස්තුතියි අදහස් ඒකතු කලාට Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Sep 2016 08:38 AM මම මේක අහලා තියෙන්නේ ටාං ටාං ටාං ඩෝං ඩෝං ඩෝං කියලා.. ඒ කියනනේ එදා අැහුනේ ඝාණ්ඨාර හඩ අද ඇහෙන්නේ වෙඩි කියන අර්ථය... Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Sep 2016 08:27 AM ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් කියන්න බලන්න මේ ගයාන් මලයා මොකක් ගැනද මේ කියන්නෙ කියලා. මේකට පිළිතුරු දන්නා අය මේ ස්ටන් එකේ ඉන්නවා මම දන්නා විදිහට. gayan danuBasic MemberPosts:127 24 Sep 2016 08:25 AM ඔයාලා බලන්න අැති මොකක්ද මේ ඩාන් ඩාන් ඩාන් ඩාේන් ඩෝන් ඩෝන් කියලා.. ඔයාලා දන්නවද මේ පේලි දෙක ලොකු අර්තයක් හිර කරලා තියන මහගම සේකරයන්ගේ විශිෂ්ඨ කාව්ය නිර්මානයක් මට මතක විදියට මහගම සේකරයන්ගේ තමයි ... මොකක්ද අර්තය කියලා මම දන්නවා .. ඒ්ත් මම කියන්නේ නැ කියන්නම් ඔයාලා කිව්වට පස්සේ .. සාහිත්යමය රසය හැමොම විදින්න ඔ්නි .. අහැට පේන දේට ඔබ්බෙන් තවත් දේවල් කලාව තුල තියනවා කියන ඒක හැමෝම අත්විදිමෙන්ම දැනගන්න ඔ්නි.. පොත්තට වඩා අභ්යන්තරය රසවත් . ඒ් රසය මතු කරගනනේ කොහොමද කියන ඒක දැන ගන්න උත්සහ කරන්න ඔ්නි.. ඉතින් මේ කාව්ය නිර්මානයේ අර්තය කුමක් විය හැකිදැයි පැවසිමට අවසරයි ඔබ තුමන් තුමියන්ලට.. මේ කාව්ය නිර්මානයට මාතෘකාවකුත් තියනවා.. මම ඒ්කත් ඒක්කම අායෙත් දාන්නම්.. ධර්මද්වීපය ඒදා සහ අද ෴ඩාන් ඩාන් ඩාන් ඩෝන් ඩෝන් ඩෝන් ෴