You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isurusam
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 11 of 13 << < 910111213 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Nov 2018 03:14 PM
  •  Quote
  •  Reply
නිමල් හේවගේ ගේ කැසට පටය ලගක් වෙනකම් මා ලග තිබුණා...
‍ඒකට මොනව උනාද කියලා මතක නැහැ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Nov 2018 07:10 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 11 Nov 2018 03:14 PM
නිමල් හේවගේ ගේ කැසට පටය ලගක් වෙනකම් මා ලග තිබුණා...
‍ඒකට මොනව උනාද කියලා මතක නැහැ..


කැසට් එක හොයාගන්න විදිහක් නැද්ද...කවුරු හරි අරන් ගිහින්ද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Nov 2018 05:08 PM
  •  Quote
  •  Reply
ගෙදරට ආවාම යාලුවෝ අරන් යනවා..
ගෙනත් දුන්නේ නැහැ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Dec 2018 04:06 PM
  •  Quote
  •  Reply

සැමදා ළඟින් ඉන්න - අජිත් පෙරේරා

http://www.mediafire.com/convkey/d8aa/jy0k7jr3234ca37zg.jpg

Old Version

සැමදා ළඟින් ඉන්න මට ළංවෙලා
පෙම් සිහින සේයා මවාලා
රස ගීත පවසන්න  ඔය දෑත දෑතේ තියා
දෙනතේ මගේ සිහින සේයා
බොඳ වී නොයා..

මල් වසන්තයේ රෑක දෑස හමුවෙලා
ආදරේ මඟේ පැතුම් කියාවී
සඳසේ ළගින් ඉන්න තාරකා
අප ලෝකයේ පායා දිලේවී
අප ලෝකයේ පායා දිලේවී

සැමදා ළඟින් ඉන්න....

ප්‍රේම කල්පනා ගෙනාව තාරකාවියේ
ජීවිතේ පුරා ළඟින් රැඳිලා
සයුරයි රළයි වාගේ ආදරේ
වෙනසක් නොවී සෙනෙහේ පුදන්න
වෙනසක් නොවී සෙනෙහේ පුදන්න

සැමදා ළඟින් ඉන්න....

 

New Version

සැමදා ළඟින් ඉන්න මට ළංවෙලා
පෙම් සිහින සේයා මවාලා
මගෙ නේද පවසන්න ඔය දෑත දෑතේ තියා
දෙනතේ මගේ සිහින සේයා
බොඳ වී නොයා..

මහ මෙරක් තරම් පැතු පැතුම් අපේ ලොවේ
කිසිදාක බිඳඳා නොයන්න...//
දුක දීල නොයනු මගේ සිතින්
සත්තයි කියා දිව්රා කියන්න
සත්තයි කියා දිව්රා කියන්න

සැමදා ළඟින් ඉන්න....

ප්‍රේම කල්පනා ගෙනාව තාරකාවියේ
ජීවිතේ පුරා ළඟින් රැඳිලා
සයුරයි රළයි වාගේ ආදරේ
වෙනසක් නොවී සෙනෙහේ පුදන්න
වෙනසක් නොවී සෙනෙහේ පුදන්න

සැමදා ළඟින් ඉන්න....

ගායනය - අජිත් පෙරේරා

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Dec 2018 04:09 PM
  •  Quote
  •  Reply

මනමාල ගිරව්

http://www.mediafire.com/convkey/e550/5xudlp7n0dq4xapzg.jpg?size_id=f

Old Version

මනමාල ගිරව් මාල පළදන්න ඇවිල්ලා
ඔබ රූ ගැන ආරංචි ගිහිල්ලා
මට රටක් වටී අයියගේ කිරි කෝඩු සිනහවා
අමනාප කතා කියනු එපාවා
දඟකාර නැතේ ආදරේ සිනා
අනේ නඟේ මටත් වාසනා
ගම්මානේ පුරා ආදර ආරංචි ගිහිල්ලා
මනමාල ගිරව් ගමට ඇවිල්ලා

සාරි ඔසරි තෑගි දෙන්න අපිට කොහෙන්දා
පච්ච වඩම් චීත්තයක් හොඳදෝ මන්දා
කනට කරට රණේ රුවට තෑගි ඕන නැහැ
ඔය ආදරයෙන් ඩිංගක් මට දෙයිද දන්නේ නැහැ

මනමාල ගිරව් මාල....

හිමිදිරියේ ඔය හිරිමල් මුහුණ දකින්න
සුදු මාල නඟේ මඟේ ලස්සන හිතට වඳින්න
හත් දවසේ මඟුල් තුලා ගමට ඇහෙන්න
ඔබ මං එන මඟ ආදරයේ තොරණ බඳින්න

මනමාල ගිරව් මාල....

ගායනය - ලලිත් පොන්නම්පෙරුම 
                  නයනා දීප්ති

 

New  Version

මනමාල ගිරව් මාල පළදන්න ඇවිල්ලා
ඔබ රූ ගැන ආරංචි ගිහිල්ලා
මට රටක් වටී අයියගේ කිරි කෝඩු සිනහවා
අමනාප කතා කියනු එපාවා
දඟකාර නැතේ ආදරේ සිනා
අනේ නඟේ මටත් වාසනා
ගම්මානේ පුරා ආදර ආරංචි ගිහිල්ලා
මනමාල ගිරව් ගමට ඇවිල්ලා

හිමිදිරියේ ඔය හිරිමල් මුහුණ දකින්න
සුදු මාල නඟේ මඟේ ලස්සන හිතට වඳින්න
හත් දවසේ මඟුල් තුලා ගමට ඇහෙන්න
ඔබ මං එන මඟ ආදරයේ තොරණ බඳින්න

මනමාල ගිරව් මාල....

සාරි ඔසරි තෑගි දෙන්න අපිට කොහෙන්දා
පච්ච වඩම් චීත්තයක් හොඳදෝ මන්දා
කනට කරට රණේ රුවට තෑගි ඕනද
ඔය ආදරයෙන් ඩිංගක් මට දෙයිද දන්නේ නැහැ

මනමාල ගිරව් මාල....

ගායනය - ලලිත් පොන්නම්පෙරුම 
                  ශ්‍යාමී නදීෂා

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Dec 2018 04:10 PM
  •  Quote
  •  Reply

හඬලා ඉකිබිඳ  - අජිත් පෙරේරා 

http://www.mediafire.com/convkey/ab4b/s9ia8wyfrgaolz9zg.jpg

හඬලා ඉකිබිඳ සිත රිඳිලා
කඳුලැලි නෙතු යුවළේ
කුමරියේ මතකද ඔබ සැනසුම දා
පෙර දවසක මා තුරුළේ.....//

පිපුණු සෙනෙහේ මල් පරවීලා
සිතක සිතුම් ඇත ගොළු වීලා
සිත නැළවූයේ මදහස රුව අහිමි
ඈතක ඔබ අද වෙන් වෙලා

හඬලා ඉකිබිඳ සිත....

ලියු හසුන් මුතු අකුරු බලාලා
කඳුළට සුසුමක් එකතු වෙලා
මා සැනසු මුදු වදනේ දැවටී
හිමී නැති සුවඳක් ඉතිරි වෙලා

හඬලා ඉකිබිඳ සිත....

ගායනය - අජිත් පෙරේරා 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Dec 2018 04:10 PM
  •  Quote
  •  Reply
එහෙම වර්ෂන් දෙකක් තියෙනවද? දැන් තමයි දන්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Dec 2018 04:12 PM
  •  Quote
  •  Reply

කඳුළු අරණක - ලලිත් පොන්නම්පෙරුම

http://www.mediafire.com/convkey/06d4/hm6cf0g4jp1s4kczg.jpg?size_id=e

කඳුළු අරණක තනිවෙමි
ඔබෙන් සමුගෙන මා
පැතුම් මාගේ යයි බිඳි
ආදරෙන් මිඳිලා......//

යාවී ඈතට පා වෙලා
දුක් සුසුම් නැඟිලා...//
අපිට තුන්ලොව රැඳෙන්නට මට
වරම් නැත ලැබිලා

කඳුළු අරණක තනිවෙමි....

ගැයූ අප පෙම් ගීතිකා
සුළගේ ඇත රැඳිලා....//
ඔබේ අතගෙන සිනාවෙන්නට
වරම් නැත ලැබිලා

කඳුළු අරණක තනිවෙමි....

ගායනය - ලලිත් පොන්නම්පෙරුම

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
15 Dec 2018 04:15 PM
  •  Quote
  •  Reply
චාමර මලයා ස්ටන් එක වෙනුවෙන් කල තවත් සුපිරි නිර්මාණයක්. ස්තූතියි මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Dec 2018 10:51 PM
  •  Quote
  •  Reply
එ වගේම ලස්සන ගීතයක පද වැල්....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 09:36 AM
  •  Quote
  •  Reply

නුරාවී දෑස ගස්සා - සන්දිප් ජයලත්

http://www.mediafire.com/convkey/d1b0/sr90jrvkh5fkb5nzg.jpg

රූ තෝරනා..නෙතේ ඈඳිලා..
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා..හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා......//

කොපුලේ පුරා..සිතුසේ සරා
කෙහෙරැල්ල සුළැඟිල්ලෙ සෙල්ලම් කළා
ළමැදේ පවා..සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කළා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා......//

රූ තෝරනා..නෙතේ ඈඳිලා..
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා..හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා......//

ගායනය - සන්දිප් ජයලත්
සංගීතය - දුලිප් මිරැන්ඩෝ
පද රචනය - තරින්ද කසුන්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 11:57 AM
  •  Quote
  •  Reply

ජනහිතකාමී රැජිණිය තේමා ගීතය

http://www.mediafire.com/convkey/adbe/3nf2qoou3hb0684zg.jpg

ජනත සාදයෙන් බැබලෙන
ජනයා යහපත පරම සැපත
ජනහිතකාමි රැජිණිය කෝබා එයි මාගේ දුවේ
ජනානන්ද මැණික් කිරුළ ඔබට බර නොවේ
ජනහිතකාමි රැජිණන් වෙමු අපිත් ලොවේ

රජ සැප හා සතුටු පඬුරු
බාගෙට දුවිලි සමවේ
ස්වර්ණත්මය සිහසුන
වටේ සතුට පිළි සමවේ..හේ...හේ

සඳකැන් දෝතට අරගෙන
සැමටම සිසිළස බෙදමු දුවේ
සරඥානයෙන් සංහිඳි වෙන්න පෙරුම් පුරමු භවේ

දහදුක් විඳිනා ජනහට
දයාබරව දයා පිඳේ
සිනමින පිණි රජ ඔබගේ සිනා දීපයෙන් මොනදේ...හේ..හේ..

දම්වැල් සහ දණ්ඩනීය..දසුන් දෙදරා පැරදේ
හිරු දිස්න සස රජ දම්
පියමන් පියවී හැඬවේ..

ජනත සාදයෙන් බැබළෙන.....

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:02 PM
  •  Quote
  •  Reply

හිනහෙන්න ඇයි -පුන්සිරි සොයිසා

http://www.mediafire.com/convkey/aa3d/6bsi99cgpo5r8v1zg.jpg

හිනහෙන්න ඇයි හඬන්නේ
නව ලොවකට ඔබ යන්නේ
දෙවි පිහිටයි ඔබට දුවේ
හිනහෙන්න ඇයි හඬන්නේ

ඉරණම ලෙසින් සොයා ආ
හිමිකරුට පතිනි වීලා
මංගල ගමන් දුවේ දැන්
යා යුතුයි සතුටු වීලා
සුබ පැතුම් ඔබට මාගේ

හිනහෙන්න ඇයි හඬන්නේ

ළතැවුණු සුසුම් නිවීලා
ජීවිතේ පහන් වේවා
බෝහෝ කල් සැපෙන් මෙසේවා
නිසි සතුට උරුම වේවා
මා හදවතින් පතන්නේ

හිනහෙන්න ඇයි හඬන්නේ

ඔබ වැනි දුවක් ලැබුවා
වාසනාවන්ත වූවා
ඉපදෙන භවෙන් භවේවා
ඔබගේම පියා වේවා
මා එපමණයි පතන්නේ

හිනහෙන්න ඇයි හඬන්නේ....

ගායනය - පුන්සිරි සොයිසා
පද රචනය -චන්ද්‍රදාස ප්‍රනාන්දු

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:06 PM
  •  Quote
  •  Reply

ආරාධනාවන් දෑසේ -විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/3ea4/10s6pi3g3p901a3zg.jpg

ආරාධනාවන් දෑසේ මැවේ
මෙතුවක් වෙලා මා දැහැනේ බැඳී
ඔබ ඉන්න ඇයිදෝ..ඔබ කාගේ කව්දෝ
ඔබ ඉන්න ඇයිදෝ..ඔබ කාගේ කව්දෝ
නෑ මා පතන්නේ ආදරේ කාගේ හෝ
නෑ දැන් එපා මට මේ කාගේ හෝ

දහසක් පහන් පිබිදී..නසයි අඳුර රෑ
මධු මී බඳුන් පිරී..දෙතොල් තෙමෙන රෑ
මා ගී ගයන්නේ රඟ මණ්ඩලේහි
මා ගී ගයන්නේ රඟ මණ්ඩලේහි
ආයාචනාවක් නොවී කාටහෝ
ආයාචනාවක් නොවී කාටහෝ


දහසක් පැතුම් ඉපදී..හඬයි සිත ගාව මා
නෑ තව ඉඩක් නොළගී..දෙදරු මවකි මා
මා ගී ගයන්නේ දරුවන් රකින්නයි
මා ගී ගයන්නේ දරුවන් රකින්නයි
මා ගැන සිතා නොතැවෙන් යාළුවේ
මා ගැන සිතා නොතැවෙන් යාළුවේ

ආරාධනාවන් දෑසේ...

           ගායනය - විශාරද මායා දමයන්ති
             පද රචනය - ෂෙල්ටන් වීරරත්න
   සංගීතය - සරත් ද අල්විස්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:12 PM
  •  Quote
  •  Reply

කෝම් පිට්ටු ඉදියන් - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/6228/jwdv5au72wdvjg5zg.jpg

Old Version

කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් ..//
පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුණු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුණු ඒ කාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් ..//

අම්මි පුතුට ආදරෙයි - තාත්ති පුතුට ආදරෙයි
ආදරයේ නාමයෙන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුණු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ කාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් ..//

කෝම් පිට්ටු කන විලසින් තොල් පෙති දෙක රහසේ
සොලවන සුදු පුතා හොඳයි සිපගන්නට සිතු සේ
මතකයි බාලේ මා නැලවුණු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවුනු ඒ කාලේ

කෝම් පිට්ටු ඉදියන් .......

 

New Version

කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් ..//
පුංචි පුතුට කන්නට දැන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුණු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවෙන මේ කාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් ..//

අම්මි පුතුට ආදරෙයි - තාත්ති පුතුට ආදරෙයි
ආදරයේ නාමයෙන් කෝම් පිට්ටු ඉදියන්
මතකයි බාලේ මා නැලවුණු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවෙන මේ කාලේ
කෝම් පිට්ටු ඉදියන් කෝම් පිට්ටු ඉදියන් ..//

කෝම් පිට්ටු කන විලසින් තොල් පෙති දෙක රහසේ
සොලවන සුදු පුතා හොඳයි සිපගන්නට සිතු සේ
මතකයි බාලේ මා නැලවුණු තාලේ
මගේ පුතුන් මා පෙර මෙන් නැලවෙන මේ කාලේ

කෝම් පිට්ටු ඉදියන් .......


           ගායනය - විශාරද මායා දමයන්ති
                                 පද රචනය - මියුරියල් සෙනෙහෙලත එදිරිසිංහ
සංගීතය - ඩි.වි.ගුණසේන

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:17 PM
  •  Quote
  •  Reply

හිම රේණු වැටෙනා

http://www.mediafire.com/convkey/4711/tivrula6txwfmxhzg.jpg

හිම රේණු වැටෙනා සීතලේ - නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළගේ පා කළේ - ඔබ නේද මාගේ බිසෝ

රන් තේඩු සැලෙනා රාවයේ - සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ - මට නේද මගෙ මල් සරෝ

මධු පානයක් සේ වෑහිලා - යනවාද දෙතොලේ ගෑවිලා
මනමාලයන්ගේ චේතනා - නොකියාද පාලා සිනා

හිම රේණු වැටෙනා.....
රන් තේඩු සැලෙනා ...

මුතු මාලයක් සේ යාවුණේ - අපි ආත්ම ගණනේ පෑ සෙනේ
මනමාලියන්ගේ චේතනා - පවසාවි දෑසේ ලතා

රන් තේඩු සැලෙනා රාවයේ - සිත ගාව බැන්දූ මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ - මට නේද මගෙ මල් සරෝ

හිම රේණු වැටෙනා සීතලේ - නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළගේ පා කළේ - ඔබ නේද මාගේ බිසෝ

ගායනය - ග්‍රේෂන් ආනන්ද
            ලතා වල්පොල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:20 PM
  •  Quote
  •  Reply

නිල්ල මැදින් යං

http://www.mediafire.com/convkey/5ef6/71phgxzfau7ogxozg.jpg

නිල්ල මැදින් යං ආදර පාර නිදැල්ලේ
රත්තරනින් රන් ලෝකය ළඟයි පෙනෙන්නේ
මල් සරාට මල් මදිරා පෙරා ගෙනාවේ
හේ..දිව්‍ය විමානේ කුසුමන් නෙලා ගේනාවේ

හා මල් මද තොල් යුග වී සනසා
මීවත මා ඔබගෙ වූවා
ලස්සන මායාවේ මුසුවෙනවා
සිහිනය ලෙස පසුදා සැඟවෙනවා
සිටු කුමාරී..පෙර කතාවේ
අපි ආදරයේ නිම්න දකිමු යොවුන් වසන්තේ

නිල්ල මැදින් යං....

හා හාදුව සුළගේ පා කරවා
පා බැදී කිංකිණි මිනි සොලවා
රන් රසු දැල් ගීතේ මා ඇසුවා
රන් හදවත ඔබගේ මා දිනුවා
එළි උනාවේ..රෑ උනාවේ
අපි ආදරයේ නිම්න දකිමු යොවුන් වසන්තේ

නිල්ල මැදින් යං....

ගායනය - ග්‍රේෂන් ආනන්ද
            විශාරද මායා දමයන්ති
    පද රචනය - නිහාල් ජයසිංහ
සංගීතය - සරත් ද අල්විස්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:22 PM
  •  Quote
  •  Reply

ඉද්ද මල් කතාවේ

http://www.mediafire.com/convkey/9b38/lm4mxzsixqwl7jrzg.jpg

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරං කුමාරී
මං වගේදෝ...ඒ ඔයාදෝ..මා එයාදෝ..
ඔබ මට දොළෙස් මහේ..පහනේ ආලෝකේ
දිස්න දේවා..ඉන් අපේ මේ..පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරං කුමාරී

ආදරේ ගම්මානෙ කඳුයායේ බිහිවෙලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
හිරු දෙවියෝ සඳ දෙවියෝ පායලා
අප ගැන ගහේ වැලේ ඇළේ දොළේ දැන්
ඇසුණෙද හීන් සැරේ
මුමුණන කතන්දරේ

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරං කුමාරී
මං වගේදෝ...ඒ ඔයාදෝ..මා එයාදෝ..
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරං කුමාරී

කන් පෙති අරුංගලෙන් සරසවනා
කන් පෙති අරුංගලෙන් සරසවනා
අත කර රණේ රුවෙන් හැඩ කර
සුබ නැකතින් - මා එන්නෙම්
ඒ දිනයේ...සුරතල් සිනා
මට දේවි....සුභ වාසනා

ඉද්ද මල් කතාවේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරං කුමාරී
මං වගේදෝ...ඒ ඔයාදෝ..මා එයාදෝ..
ඔබ මට දොළෙස් මහේ..පහනේ ආලෝකේ
දිස්න දේවා..ඉන් අපේ මේ..පුංචි ලෝකේ
ඉද්ද මල් කතාවේ
කුමරී රත්තරං කුමාරී.....//

ගායනය - එච්.ආර්.ජෝතිපාල
            විශාරද මායා දමයන්ති
පද රචනය - අජ්න්තා රණසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:25 PM
  •  Quote
  •  Reply

දෑස වසා සිටියා - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/c891/tb58k28j2pl8v2azg.jpg

දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ.....//

දිවියට සැනසුම සෙනෙහස ගෙනදුන්
ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට...භවයෙන් භවයට...
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ

දෑස වසා සිටියා....

බැඳි සෙනෙහස අමතක වීලා
නිහඬව ඔබ මට පිටු පෑවේ
හදවත බැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහා නොවූයේ

දෑස වසා සිටියා....

       ගායනය - විශාරද මායා දමයන්ති
         පද රචනය - මාලා වජිරා පෙරේරා
සංගීතය - වික්ටර් විජයන්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
23 Dec 2018 12:27 PM
  •  Quote
  •  Reply

නංගිලාට වාසි බෝ

http://www.mediafire.com/convkey/4201/b4bg71lmy9tjal2zg.jpg

නංගිලාට වාසි බෝ වගේ දැන්
අයියලාට වෙන්නේ නෑ ඉතිං
සිදාදියට හිත ගිහිල්ලා නඟාලට හොරෙන්
අයියා නේද පිටවුණේ ගමෙන්

හුරතල් කතාවයි ඔය මල් හිනාවයි
කිසිදාක වියැකෙන්නේ නෑ මා ඉතින්...//
පිළිගන්නවාදෝ සඳා ආදරෙන්

නංගිලාට වාසි බෝ....

ලොකු පන්තියේ ඔන්න..අයියන්ඩියේ ඔන්න
හැරයන්න නොසිතන්න කවදා ඉතින්...//
නවතින්න කෙලෙසින්ද ඈ මඟ බලන්

නංගිලාට වාසි බෝ....

ගායනය - විශාරද මායා දමයන්ති
            විශාරද නිමල් ගුණසේකර
පද රචනය - නිමල් ජූලිගේ
සංගීතය - විශාරද නිමල් ගුණසේකර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
Add Reply
Page 11 of 13 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below