You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 22 Apr 2023 12:28 PM by  maduranga001
.... කදුලත් සැනසුමක්....
 314 Replies
Sort:
Page 14 of 16 << < 1213141516 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Oct 2016 07:37 AM
  •  Quote
  •  Reply
හරි සන්තෝසයි
නියමයි ආ කථාව කෙල්ලේ......................................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 08:09 AM
  •  Quote
  •  Reply

ශා අයියේ........ මොකද ඒක පාරට සතුටක් අැවිත්.....

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 08:13 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 04 Oct 2016 11:38 PM
අනේ පව් කෙල්ලගෙ කකුල...මොකක්ද මේ එක පාරටම කෙල්ලගෙ කකුලට කලේ ...

මම කලේ නෑ අනේ.......

හර්ෂ අයියා තමා වග කියන්න ඔනේ.

රජතුමනි රාජ දන්ඩනයක් ලබා දෙනු මැනවි.

 

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
05 Oct 2016 12:00 PM
  •  Quote
  •  Reply
කතාව නම් හොදට යනවා වගෙයි දැන්
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 01:23 PM
  •  Quote
  •  Reply

මට නම් පේන්නේ නරක පැත්තට යනවා කියලා.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 04:12 PM
  •  Quote
  •  Reply
….. කදුලත් සැනසුමක්….

44. වන කොටස.

 
තිවංක අයියා කතා කලාම, මට එක පාරටම ශානු අයියා දිහා බැලුනා. ගොඩ හිටියට මං ඉන්නෙ අමාරුවෙන් මගෙ හිතත් නාන්නමයි.

මංදා ඔයාට අමාරු නැත්තම් එන්න.


       ශානූ අයියා උරහිස් හකුලමින් කිව්වා. මට නාන්න ඕනිම කියලා හිතුනා. 

එහෙනම් මම එන්නද.

හා එන්න..


     ශානූ අයියා මාව ගන්න ගොඩට ආවා. මමත් අමාරුව පැත්කින් තියලා ඇලට පැන්නා. පීනමින් නාන කොට රිදුනත් මම ගනන් ගත්තෙ නෑ. නාලා එහෙම ගෙදර ආවා. නාලාම ඇසුත් රතු වෙලා. මං නෑවා කියලා ආච්චි අම්මා හොදටම දොස් කිව්වා. මම ඉතිං මගෙ වැරැද්ද නිසා අහගෙන හිටියා.හැමෝම දවල් කෑම වෙලත් අරගත්තා. දැන් ඉතින් ගෙවල්වලට යන වෙලාවත් හරි.


ශදී නංගියෝ ටිකක් ඇවිදින්න උත්සහ කරන්නකො. මට හිත හදන් ගෙදර යන්න.

අනේ ඔව් ශදියෝ.


       ශානු අයියගෙයි ,ගීත්මගෙයි ඇවිටිල්ල නිසාම මම ඇවිදින්න උත්සහ කලා. ඒත් කකුල පුදුම බරක් තියෙන්නෙ උස්සන්න බැ. මම ඒ කකුලට බර දීලා බැලුවා. එක් එක්කම දනිස්ස පන නැතුව ගිහින් මම වැටෙන්න ගියා. ශනූ අයියා පැනලා මාව අල්ල ගත්තා. ඒත් මගෙ දනිස්සෙ ලොකු වේදනවක් පටන් ගත්තා. 


හරි අල්ලගෙන ඇවිදිමු. 

     ශානූ අයියා මගෙ අතක් එයාගෙ කර වටේ දාගෙන ඇවිද්දන්න උත්සහ කලා. ඇවිදින්න තියා දැන් නිකන් ඉන්නත් බෑ වේදනයි. වේදනාව ඉවස ගන්නම බැරි තැන “මට ඇවිදින්න බෑ” කියලා කෑ ගහලා ඇඩුවා. මටම පුදුමයි මම එහෙම කෑගහලා අඩනවා. කොච්චර රිදුනත් මම කෑ ගහලා අඩන කෙනෙක් නෙමෙයි. කට්ටිය හොදටම බය වෙලා, ගීත්මත් අඩනවා. 

සොරි බං මම නිසානේ මේ සේරම.


     ශානූ අයියා මාව එයාලගෙ ගෙදර එක්ක යන්න ලැහැත්ති වුනා. ආච්චි අම්මා දන්නෙ නැහැනෙ මම එහෙ යන බව, එයා යවන්න බෑ කිව්වා. තිවංක අයියත් ශානූ අයියලාගෙ ගේ ළග නිසා, එහෙ එක්ක යන්නෙ කියලා ශානූ අයියා මාව එයාලගෙ ගෙදර එක්කන් ආවා. ආච්චි අම්මා අම්මට කෝල් කරලා, අම්මා මගදි මට කෝල් එකක් ගත්තා. අම්මා ශානු අයියලාගෙ ගෙදර යන්න එපා කියලා බැන්නා. බැරි තැන ඇඩුවා. ඒත් මට ගෙදර බේත් කරන්න කෙනෙක් නැහැ. අම්මට එන්නත් බැහැනේ. මම ශානූ අයියලාගෙ ගෙදර ගියා.
අපි එහෙට යද්දි ශානු අයියලාගෙ තාත්තාත් ගෙදර හිටියා. ශානූ අයියා විස්තරය කිව්වම, එවෙලෙම සිංහල බෙහෙත් කරන තැනකට එක්ක ගෙන යමු කියලා. ශානු අයියලාගෙ තාත්තාත් ත්‍රීවිල් එකට නැග්ගා. රෑ බෙහෙත් කරන්නෙත් නැති තැනකින්, වෙදමහත්තයා ඇහැරවගෙන බෙහෙත් අහ ගත්තා. දනිස්සට බෙහෙත් බැදලා, ගෙදරදි බදින්න බෙහෙත් වට්ටෝරුවක් ලියලා දුන්නා. 


       පහු වෙනිදා උදේ මම ඇහැරෙද්දිත් ශානූ අයියයි තාත්තයි බෙහෙත් කොළ පොතු හොයන්න ගිහින් තිබුනා. දනිස්ස දැන් හුගක් වේදනයි. මම ශානු අයියගෙ තාත්තගේ ඇදේ වැතිරිගෙන හිටියා. උදේ දහය විතර වෙනකොට මගෙ අම්මා ශානූ අයියලාගේ ගෙදර ආවා. ඇවිත් ත්‍රීවීල් එකක් කතා කරලා මාව ගමේ ගෙදරට යවන්න කටයුතු සූදානම් කලා. වෙදගෙදරින් බැදපු බෙහෙත ලිහලා, අලුත් මැල්ලුම බදින්න තිබුනේ පහුවදා උදේට. ඒක නිසා මාව ගෙදර ඇරවලා ශානූ අයියා හවසම ගෙදර ගියා. 


       පහු වෙනිදා උදේ හත වෙනකොට ශානූ අයියා මං බලන්න ආවා. වෙද ගෙදරින් මට කකුල බිම තියන්නවත් එපා කිව්වෙ, කකුලෙ ඇදයක් දිගටම හිටිවී කියලා. ශානූ අයියා අලුත් මැල්ලුමයි තැව්ම් පොට්ටනී ගෙදරින්ම හදාගෙන ඇවිත් තිබුනා. පරන බෙහෙත් එක ලිහලා දාලා. තැව්ම් පොට්ටනි වලින් තවලා ,තෙල් ගාලා, අලුත් මැල්ලුම තියලා වෙලුවා. මේ සියලූදේ සිදු වුනේ ශානූ අයියගෙ අතින් . මට කකුල බිමතියන්න එපා කිව් නිසා ඇදෙන් බහින්නවත් ඉඩක් ලැබුනේ නෑ. වැසිකිලි යන්න පවා සිද්ද වුනේ කාමරය ඇතුලේ. මම කාමරෙන් එළියටවත් ගියෙ නැහැ. 


      ශානූ අයියා දවස ගානෙම බෙහෙත් කොටාගෙන සේරම කරගෙන මම බලන්න ආවා. හැමදාම බෙහෙත් බැන්දෙ ශානු අයියගෙ අතින්. චූටී මාමාත් ඇවිත් බලලා ගියා. ලොකු අම්මත් උදව්වට ඇවිත් තිබුනා. සති දෙකක් ගෙවිලා ගියා . දනහිසේ පොඩි සුවයක් වත් දැනුනේ නැහැ. ආයෙත් දෙවෙනි වතාවටත් වෙද ගෙදර එක්ක ගියා. ආයෙමත් අලුත් බෙහෙත් තුන්ඩුවක් ලියලා දුන්නා. එහෙන් කියනකන්ම මට ඇවිදින්න එපා කිව්වා. ශානු අයියා පුරුදු විදිහටම අලුත් බෙහෙතත් කොටාන මම බලන්න ආවා. සමහර බෙහෙත් වර්ග ආච්චි අම්මලාට හොයලා දෙන්න කිව්වත් එයාලට හොයන්න තැනක් නෑ කිව්වා. පිටිසර ගමක ජීවත් වෙන අපිට බෙහෙත් වර්ග සොයා ගන්න නැ කිව්වම ශානූ අයියා පුදුම වුනා. 
සති තුනක් ගෙවීගෙන යනකොට ගෙදර තත්වය හුගක් වෙනස් වුනා. ආච්චි අම්මලට ,මගෙ නෑදෑයින්ට මාව වදයක් වෙලා තිබුනේ. වචනයෙන් නොකිව්වත් මට ඒ දේවල් තේරුම් ගියා. ශානු අයියට ඕනී වුනේ මම ඉක්මනට සුව කර ගැනීම විතරයි. කවුරු හොයලා නොබැලුවත් ශානූ අයියා මම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කලා. 


      තුන්වෙනි වතාවට ත් අපි වෙදගෙදර ගියා. මේ හැම වියදමක්ම දැරුවෙත් ශානූ අයියා. ඒක තමා මට තිබුන ලොකුම දුක. ඉස්කෝලේ යන්න වියදම් කරමින් හිටිය ශානූ අයියාට, දැන් එකතැන් වුන මාව නඩත්තු කරන්න සිද්ද වෙලා. දැනට මාසයක් මට ඉගෙනීම් කටයුතු මගහැරිලා තිබුනා. මගෙ යාලුවෝ ඇවිත් මාව බලලා ගියා. කාමරයටම වෙලා ඉදීම මට අප්‍රිය ජනක කටයුත්තක් වෙලා තිබුනේ. මම යාලුවන්ට කියලා ටිවුට් ගෙන්න ගෙන ඒවා බලා ගත්තා. ඒත් කවදා හොද වෙයිද ,කවදාවත්ම හොද නොවෙයිද ,කියලා වත් හිතා ගන්න බැරුව මම හිටියේ. 


    දවසක් උදේ මම ඇදේ වැතිරිලා කල්පනා කරමින් හිටියා. එදා ශානූ අයියා එන්න ටිකක් පරක්කූ වෙලා තිබුනා.

කෝ සුදු දූ ශානූ ළමයා.

දැන් එවී සුදු අම්මේ.


මේ ළමයා දැන් එන්නත් පරක්කු වෙන්න පටන් අරන්නේ.

ඇයි සුදු අම්මෙ එහෙම කියන්නෙ අද විතරයිනේ පරක්කු වුනේ. 

ඔහොම තමා එන එක නතර වෙන්නෙ.

මොනවද අනේ ඔය කියවන්නෙ. මෙච්චර කල් සේරම බෙහෙත් හැදුවේ එයානේ. ඒකම මදිද. එයාට ඔහොම කියන්න එපා සුදු අම්මෙ. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කරන්න ඔනී දේවල් නෙමේ එයා මං වෙනුවෙන් කරලා තියෙන්නෙ. ඊට වඩා හුගක් දේවල් මං වෙනුවෙන් කරලා තියෙනවනේ.


    ආච්චි අම්මා නිහඩ වුනේ, ශානූ අයියගෙ බයිසිකලේ සද්දය ඇහිලා. 

ඔය එන්නෙ මනමාල කුරුල්ලා.


     ආච්චි අම්මා කතා කලේ හරිම කේන්තියෙන් , මට හිතා ගන්න බෑ ඇයි එක පාරටම ආච්චි අම්මා වෙනස් වුනේ කියලා. ශානූ අයියා ගෙට ආවෙ හිනා වෙමින්. 

ආච්චි අම්මේ…ඔයාලා කාලද

කෑවේ නෑ. 

ඇයි කෑවේ නැත්තේ. 

කන්න පුලිවන් වෑ ගේ ඇතුලේ වැසිකිලියක් තියාගෙන. 

ඉතිං එයාට එළියට එන්න බෑනේ. 

හොද වෙන්නෙත් නැහැනේ. මුලු ගේම ගදේ බෑ . කන්නෙ කොහොමද.

කෝ කාමරේ එහෙම ගදක් නෑනේ. ඔය හොදට තියෙන්නෙ.


      ශානූ අයියා කාමරයට හිස පොවමින් කිව්වා.


ඔය ළමයගෙ නහය නැතුව ඇති.

 
       මට මේ කතාව නිසා හුගක් දුක හිතුනා. ඇවිදින්න බැරුව ඉන්න කෙනෙකුට මේ මිනිස්සු මෙහෙම කියන්නෙ ඇයි. ඇත්තටම මුලු දවසම කාමරයෙ ඉන්න මට නම් කිසිම ගදක් ආවේ නැහැ. 


හරි හරි සුදු අම්මෙ හෙට ඉදන් මේ පුටුව ටොයිලට් එකෙන් තියලා දෙන්නකෝ.

පිස්සුද ළමයෝ ඔයා කොහොමද එහෙට යන්නෙ. 

කොහොම හරි යනවා. අනිත් මිනිස්සුන්ට කන්න බැරි වෙනවානේ. මෙහෙම ඉන්න ගියාම. 


      ශානූ අයියා නිහඩම මගෙ වෙලුම ලිහන්න ගත්තා. ශානූ අයියට මේ වුන සිද්දිය හිතට ඇල්ලුවේ නෑ. එයාගෙ මුහුනේ ලොකු දුකක් ලියවිලා තිබුනා. ඔයිට කලිනුත් ආච්චි අම්මා මට හිත රිදෙන දේවල් කිව්වා, ඒත් ඒවා මං ශානූ අයියට නොකිව්වෙ දුක හිතෙයි කියලා. 
ශානූ අයියා වෙලුම ලිහලා පරන මැල්ලුම සිලි කවරයකට එකතු කලා. ශානූ අයියා ඊළග බෙහෙත බදින්න වෙලුම් පට් ටික ආයිත් ඔතමින් සිටියා.

අප්පො මේ බෙහෙත් වල ගද. ළමයෝ ඔය සේරම ඒවා ඈතකට විසික් කරලා දාන්න හරිද.

හරි ආච්චි අම්මෙ. 


     ශානූ අයියගෙ මූන තවත් ඇබුල් වුනා.

පුදුම ගදක්නේ මේ තෙල් වල තියෙන්නේ.


         ශානූ අයියා මගෙ දිහා බැලුවේ පුදුමෙන් , ආච්චි අම්මා එහෙ මෙහෙ වෙනකන් බලන් හිටපු ශානූ අයියා.

ආච්චි අම්මට මොකක් වෙලාද?

නිකන් වෙන්න ඇති ශානූ අයියේ.

වෙනදටත් ඔයාට මෙහෙම කියනවද?


      ශානූ අයියට ගෙදර තත්වය ඉවෙන් වගෙ තේරිලා තිබුනා. මට ශානූ අයියා දුක් වෙන එක බලන් ඉන්න බෑ.

අපෝ නෑ. මේ තෙල් ඒක ගදයි තමයිනේ.


      මම හිනාවෙමින් කිව්වා. කාමරේ ඉදීම ඇති වෙලා නිසා මම ශානූ අයියගෙ වාරුවෙන් එළියට යන්න පටන් ගත්තා. ආච්චි අම්මා මට ළග ගෙදරකින් කිහිලි කරුවක් ගෙනත් දුන්නා . මට ඒකෙන් ඇවිදින්න තේරෙන්නෙ නැහැ. 

ඔයාට ඕකෙන් යන්න බෑ. තවත් අත පය කඩා ගන්නෙ නැතුව ඉන්න ළමයෝ. 


      ශානූ අයියා මට ඒකෙන් යන එක තහනම් කලා. ඊට පස්සෙ මම තනිකකුලෙන් පැන පැන ගිහින් මගෙ වැඩ කර ගත්තා. මොකද ශානූ අයියා නැති වෙලාවට වතුර ටිකක් ඉල්ලුවත් ආච්චි අම්මා ඒක කලේ දොස් කියමින්. “මේ කරදරේ කවදා ඉවර වෙයිද මන්දා “කියලා. ඔය වගෙ හේතු නිසා මම මට ඕනි දේවල් තනියම කරගන්න උත්සහ කලා. 
මාස දෙකක්ම ගෙවිලා. ඔය මුලු කාලයටම එක දවසක් ශානූ අයියට එන්න වෙන්නෙ නෑ කියලා, පහුවදා බදින්න තියෙන මැල්ලුමේ කොළ පොතු ටික ආච්චි අම්ම්ලට ගෙනත් දුන්නා. ආච්චි අම්මට පානදර ඇහැරලා පුරුද්දක් නැහැනේ. එදා උදේ හයට විතර ඇහැරගෙන බේත් කොටනවා.. 

මොන කරදරයක්ද මංදා. මගෙ කොන්දත් රිදෙනවා .

අද විතරනේ සුදු අම්මෙ.


     මම නොඩියෙන් කුස්සියට ඇවිත් පුටුවක වාඩී වෙමින් කිව්වා.

හ්ම්ම්ම්. දැන් ඉතිං කරන බව දැන ගත්තම දිගට දීලා නිකන් ඉදි. 

ශානූ අයියා එහෙම කරන්නෙ නෑ සුදු අම්මෙ. අද ඔය නොගිහින්ම බැරි ගමනක් නිසා ගියේ.

මේ ජරාව කොටලා .මේ වංගෙඩියෙ වෙන මොකවත් කොටලා කන්න බැරි වෙයි.

අනේ මංදා සුදු අම්මෙ. වංගෙඩිය ලගට කරලා දෙන්න මං හිමින් කොටන්නම්.


     කියන පරක්කුවට ආච්චි අම්මා වංගෙඩිය මගෙ ළගට කලා. මම පුටුවේ වාඩි ගෙනම කොටන්න පටන් ගත්තා.මේ සිද්දිය නිසා මට දැනුනේ ලොකු දුකක් ශානූ අයියට එන්න බැරි වුන එක දවසට මේ තරම් වෙනසක්. 


       මම අම්මට කතා කරන වෙලාවට මේ හැසීරීම් ගැන කිව්වත් එයා කිව්වේ. “ කොහොම හරි ඉවසන් ඉන්න සුදු දූ. ආච්චි අම්මා ඉස්සරත් ඔහොම තමා. හැම දේටම කියවනවා. ඔයාගේ තාත්තාටත් මාව එපා වුනේ, එයාගෙ කියවිල්ල නිසා තමා” කියලා. එදා බෙහෙත් බැන්දේ. ආච්චි අම්මා. බෙහෙත් බදිනකන්ම මට, අම්මාට, ශානූ අයියට, මගෙ යාලුවන්ට හැමෝටම දොස් කිව්වා. මම කියලා තේරුමක් නැති නිසා නිහඩව හිටියා.
මට වැසිකිලියට යන්න උවමනාවක් තිබුනත් මට එයාට අඩ ගහන්න හිතුනේ නැහැ. මම තනියෙම නොන්ඩියෙන් පැන පැන ගියා . ඒ යද්දිත් ආච්චි අම්මා , මට බැන බැන දොර ළගට වෙලා බලාගෙන ඉන්නවා.

ඊ ළග කොටසි හමුවෙමු...

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Oct 2016 06:08 PM
  •  Quote
  •  Reply
මේ ආච්චිගේ ගෙම්බර් බලකෝ
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 03:06 AM
  •  Quote
  •  Reply

ඒක තමයි ශා අයියේ ඔහොම අය හැබෑටම ඉන්නවා

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Oct 2016 04:23 AM
  •  Quote
  •  Reply
ඒ සැරේ ආච්චිට සේන බාප්පව වැහිලද කොහෙද

ඊලග කොටසත් දාන්නෝ එහෙනම්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 05:00 AM
  •  Quote
  •  Reply
Posted By Dushan on 06 Oct 2016 04:23 AM
ඒ සැරේ ආච්චිට සේන බාප්පව වැහිලද කොහෙද

ඊලග කොටසත් දාන්නෝ එහෙනම්

මැරෙන්නත් කලින් වැහිලා....

මම පොතක් කියෙව්වා ඒකෙත් ඒම කතාවක් තිබුනා වෙන්න පුලුවන්..

අපරාදේ ඒ පොතේ නම මතක නෑ....

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Oct 2016 05:08 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 06 Oct 2016 05:00 AM
Posted By Dushan on 06 Oct 2016 04:23 AM
ඒ සැරේ ආච්චිට සේන බාප්පව වැහිලද කොහෙද

ඊලග කොටසත් දාන්නෝ එහෙනම්

මැරෙන්නත් කලින් වැහිලා....

මම පොතක් කියෙව්වා ඒකෙත් ඒම කතාවක් තිබුනා වෙන්න පුලුවන්..

අපරාදේ ඒ පොතේ නම මතක නෑ....


ඔව් ඔව් ඒ වගේ තමයි 
අපරාදේ එහෙනම් 


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2016 09:34 AM
  •  Quote
  •  Reply
ඔච්චර හොදට හිටපු ආච්චි අම්මට මොකද උනේ හැබෑට.
ආච්චිව සීයත් එක්ක බට් කරමුද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 11:20 AM
  •  Quote
  •  Reply

ඒක කොහොමද කරන්නේ ශා අයියේ.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Oct 2016 06:13 PM
  •  Quote
  •  Reply
…..කදුලත් සැනසුමක්…..

45. වන කොටස.

    මම කේන්තියට වේගෙන් පැනගෙන යන්න ගිහින් වැටුනා. බේරෙන්න ලෙඩ කකුල තිබ්බත්. ඒ කකුල යට වෙන්න මම බිම පෙරලිලා වැටුනා.

ඔය කර ගත්තේ.


      මම අමාරුවෙන් නැගිටින්න උත්සහා කලත් ආච්චි අම්මා දොර ළගින් හෙල්ලුනේ නෑ . මම අත් දෙකේ වාරුවෙන් තනි කකුලෙන් හිට ගත්තා. දනිස්ස පෑරිලාද කොහෙද ආයෙත් ඇදුම් කන්න ගත්තා. 

අනේ සුදු අම්මෙ ඔය කියවිල්ල නවත්තලා මට උදව් කරන්නකෝ.


      මට බැන බැනම සේරම කලා. මගෙ කකුල ආයිත් රිදෙනවා. ඒත් මට ශානු අයියට මේක කියන්න බෑ , කේන්ති යාවී. එතකොටම මට ශානූ අයියගෙන් කෝල් එකක් ආවා. මම හිටියේ කාමරේ මගෙ ඇදේ වැතිරිලා.

හෙලොව් ශානූ අයියේ.

කොහොමද මගෙ සුදු මැනික. බෙහෙත් බැන්දා නේද?

ඔව් ශානූ අයියේ.

ඔයා දුකකින්ද ඉන්නෙ. ඇයි අවුලක් වුනාද?


    ශානූ අයියට මගෙ පොඩි වෙනසත් තේරුනා. ඒක නිසාම මම දුකින් බව එයාට තේරුනා.

නෑ.. නෑ ශානූ අයියේ. මොකුත් ප්‍රශ්නයක් නෑ.

බොරු කියන්න එපා රත්තරං.


    ශානූ අයියට විස්තරය නොකියා බේරුනේ අමාරුවෙ . කකුල ආයිත් රිදෙනවා ඒත් හේතුව කියන්න බැරි නිසා ශානූ අයියට කියන්න බෑ. හතරවෙනි වතාවටත් වෙදගෙදර ගියත් කකුලේ කිසි සුවයක් තිබුනේ නෑ. එදා මම වැටුන නිසා කකුලේ අමාරුව තවත් ඇවිස්සිලා තිබුනේ. මට දැන් ගමේ ගෙදර ඉන්න එපා වෙලා. ආච්චි අම්මගෙ වෙනස් කම් නිසා මම හිටියේ දුකින් .අම්මට කතා කරන හැම පාරම මම දුක කියලා ඇඩුවා. එයා කියන්නෙ “ කරන්න දෙයක් නෑ ඉවසන්න කියලා. දැන් දැන් ආච්ච් අම්මා ශානූ අයියට මූනටම දොස් කියන්න පටන් අරන්.


       මම කාමරේ කල්පනා කරමින් හිටියා.ආච්චි අම්මට කෝල් එකක් ආවේ පුංචි අම්මාගෙන්, බබා ලැබෙන්න ළගයි කියලා එහෙ එන්න කිව්වා. ආච්චි අම්මා චුටී අම්මට කිව්වෙ “මට එන්න වුවමනාව තියේ ඒත් එන්න විදිහක් නෑ කියලා. කෝල් එකෙන් පස්සෙ ආච්චි අම්මා මගෙ කාමරයට ආවා.

සුදු දූ.. මට පුංචි අම්මා එන්නලූ. 

ඉතිං සුදු අම්මා යනවද? 

නෑ මං යන්නෙ කොහොමද? මෙතනත් කරදරයක්නේ.

ඒකනි සුදු අම්මෙ. එයාලා පොඩ්ඩක් තේරුම් ගන්න එපෑ.

චූටී පුංචි කියනවා. මම හැමදාම බලන්නෙ ඔයාට විතරලූ. එයාගෙ ළමයි මගෙ මුනුපුරෝ මිනිබිරියෝ නෙමෙයිද අහනවා. එවන හැම සතේම වියදම් කරන්නෙත් ඔයාටලූ.

මට විතරනේ ඉන්න ගෙයක් නැත්තේ . අම්මා තාත්තාගේ ආරක්ෂාවක් නැත්තේ.


      මගේ ඇස්වලින් කදුලූ කඩා වැටුනේ මටත් නොදැනිමයී. ඇවිද ගන්න බැරි නිසානේ මේ සේරම කියලා මට හිතුනා.

අම්මට භාර දෙන්න කිව්වෙ.


  ආච්චි අම්මා ආයෙත් කිව්වා.

හොදට තියෙයි දැන් එහෙ යැව්වොත්, හොදට හිටි කාලේ අච්චර හරියක් කරන්න ආපූ මිනිහා, ඇවිදින්න බැරි මට මොනවා කරයිද. ඇත්තටම චූටී පුංචිගේ මොලේ හොද නැද්ද.


එහෙමත් බැරි නම් කකුල කඩපු යාලුවාගෙ ගෙදර යවන්නලූ බලා ගන්න.

ඒ ළමයා මගෙ කකුල හිතලා කැඩුවේ නෑ. මෙච්චර කල් මං ඒ ගෙවල් වලනේ හිටියේ. ඒ මිනිස්සු මට කරලා තියෙන ඒවායේ හැටියට. මගෙ නෑදෑයො මට මොනවද කරලා තියෙන්නෙ. බොරුවට උපදෙස් දෙනවා විතරයී.

මංදා ඔය කියන්නෙ. ඒත් ඒ යාලුවා බලන්නවත් ආවේ නැනේ.


ඒකට කමක් නෑ මට පොත් ටිවුට් සේරම එවනවනේ. අනික එයා මගෙ කකුල කැඩුවේ නැහැ. මගෙ අවාසනාවට මේක වුනේ. අනික සති ගනන් ආච්චි අම්මා පුංචිලාගෙ ගෙදර ගිහින් ඉද්දී, මං හිටියෙ..ඒ යාලුවන්ගෙ ගෙවල් වල නෙමේද?

අනේ මංදා සුදු දූ. මං නෙමේනේ ඕවා කියන්නෙ.

අනේ… ඔයා..ලා සේරම… එකයී… සුදු.. අම්මටත් …ඔනී මගෙන්… නිදහස්.. වෙන්න…
මම කෑගලා අඩමින් කිව්වා.

අනේ එහෙම නෙමෙයි සුදු දු…

ඔයාත්… එයා ළගටම… යන්න . සුදු අම්මෙ…. මං .. යනවා . ශානූ අයියලාගේ ගෙදර..

පිස්සුද සුදු දූ…

ඔව් ..මෙහෙම හිටියොත්… මට කොහොමත්… පිස්සු හැදෙනවා.. කාටවත් ඕනී නෑ මගෙ කකුල.. හොද කරන්න… අයියට විතරනී. ඕනී. බේහෙත් කොළයක් හොයලා දෙන්නත් ඔයාලට බැරි වුනානේ.


     මම සේරටම දොස් කියම්න් පැය ගනනාවක් ඇඩුවා. මොන විදිහකින් හරි ශානූ අයියලාගෙ ගෙදරට යනවා කියලා මං හිතා ගත්තා. මේ ගෙදර වෙන දෙවල් නිසා, මීට කලින් සිය දහස් වතාවක් ශානූ අයියලාගෙ ගෙදර යන්න මගෙ හිත ඉල්ලුවා. මම අම්මගෙනුත් යන්න ඇහුවා. එයා දොස් කියන නිසා මම ශානු අයියට මොකුත්ම කිව්වෙ නෑ. ඒත් මට තවත් ඉවසන්න බෑ. ශානූ අයියට මොන තරම් වියදමක් යන්න ඇතිද දවස ගානේ මෙහෙ එන්න බයිසිකලයට තෙල් ගහන්නම. මම ශානූ අයියලාගෙ ගෙදර ගියානම් මේ සේරම ප්‍රශ්න ඉවරයි. මෙහෙ හිටියත් මගෙ සේරම දේවල් කරන්නේ ඒ මිනිස්සුනේ. මම ශානූ අයියට කෝල් කරලා සේරම විස්තරය කිව්වා. ශානූ අයියත් මට හොදටම දොස් කිව්වා මම මෙච්චර කල් ඒවා නොකිව්වට. කලින් කිව්වා නම් මීට කලින් බලෙන් හරි අරන් යනවනේ කිව්වා . අන්තිම වතාවට අම්මගෙ එහෙ යන්න අහන්න කිව්වා. ඒක නිසා මම අම්මට කෝල් එකක් අරන් සේරම විස්‍තර කිව්වේ අඩමින්.

අනේ අම්මේ….. මට.. තවත්… මෙහෙ… ඉන්න බෑ… අයියලාගේ … ගෙදර… යන්න .. දෙන්න…

ඔයාට පිස්සූ හැදිලද සුදු දූ. බදින්න කලින් කොල්ලන්ගෙ ගෙවල් වල නවතින්න.

මෙහෙම ගියොත් තමා අම්මෙ මට පිස්සු හැදෙන්නෙ. මට යන්න… දෙන්න… තවත්.. මේ .. කතා.. අහන්න..බෑ..මට.


නෑ . නෑ ඔයා ඔහෙ ඉන්න. මම අම්මට කතා කරන්නම්.

වැඩක් වෙන්නෙ නෑ …තවත්.. මං.. මෙහෙ ..ඉන්නෙ .. නෑ.

සුදු දු මුරංඩු වෙන්න..එපා…

ඇයි යන්න.. එපා ..කියන්නෙ… මං එහෙ ගියාම මොකද .. වෙන්නෙ.

දවසක රෙද්දක් ඇදන් දීග දෙන්නෙ කොහොමද?

ඕවා හිතන්න තිබුනේ හුගක් කලින් අම්මෙ..

ඒ මොකක්ද්ද ඒ කතාව. 

ඔහෙ ඉන්න කාලේ ඕවා හිතන්න තිබුනනේ. මං කවදා හරී දීග දෙන්න ඕනී කියලා. මං පරිස්සම් වුනේ මගෙ උවමනාවට . ඔයා නිකමටවත් මං කියන දේ පිලිගත්තද නෑනේ. දැන් බොරුවට මාව පරිස්සම් කරන්න හදන්න එපා .


      මට දුකත් එක්කම හොදටම කේන්ති ගිහින් නිසා මං අම්මට දොස් කිව්වා.

හරී මොකුත් වුනේ නැහැනේ ඉතිං.

ඔව් මොකුත් වෙලා තිබුනේ නෑ.

ඒ…. කිව්වේ…


    අම්මගේ කට හඩේ තිබුනේ බියක්. 

වෙන්න ඕනී හැම දේම වෙලා ඉවරයි. මම ශානූ අයියට හැම දේම දුන්නා.

මොනවා….


     අම්මා ටික වෙලාවක් නිහඩව හිටියා. ඊට පස්සෙ මට පුලිවන් තරම් දොස් කියමින් ඇඩුවා. මම සේන බාප්පා මට කරන්න ගිය දේ එයාට විස්තර ඇතුව කිව්වා. ඊට පස්සේ ක්‍රිස්ටි මාමා ලව්ව ශානු අයියලාගේ ගෙදරට කේලම් කියවපු එක ගැනත් කිව්වා. අම්මා අද තමා මං කියන දේ පිලි ගත්ත මුල්ම දවස. ඒත් දැන් පිලි අරන් වැඩක් නෑ. මගේ ජීවිතේට වෙන්න ඕනී සේරම වෙලා ඉවරයි.

මම නම් ආයී ඕකා එක්ක පවුල් කන්නෙ නෑ . මං ඕකගෙන් අද ඉදන් පලි ගන්නවා.
අම්මා අඩමින් කිව්වා.

දැන් වැඩක් නෑ. අම්මේ. ඔයාලා හොදින් ඉන්න. මට දැන් වත් ශානූ අයියා ළගට යන්න ඉඩ දෙන්න.

එපා සුදු දූ ඔයා එහෙ යන්න එපා. 

ඇයී එහෙම කියන්නෙ. ඒ මිනිස්සු මට ආදරෙයී. අනික හැම දේම එයාලත් දන්නවා.

දැන් මොකුත් නොකිව්වට. දවසක ඔයාගෙන් ඕවට පලි ගනීවී සුදු දූ. 

එහෙම වෙන්නේ නැ අම්මේ…

ඔයාට තේරෙන්නෙ නැහැ ළමයො. දවසක ඔයාට බනී. බදින්නත් කලින් පුදුම විසයක් නේ ඕකිට තිබුනේ කියලා. දැන් ඔයා වෙනුවෙන් කරන ඒවටත් බනි. බදින්න කලිනුත් මෙහෙනේ හිටියේ කියයී. 

ඔහේ ඕනී දෙයක් වෙච්චදෙන් ඒක එදාට බලමූ . මට යන්න දෙන්න අම්මේ. අඩු ගනේ ශානූ අයියගෙ වියදම් වත් අඩු වෙයී

කිව්වහම අහන්න ළමයො යන්න එපා. 


        අම්මා මම යනවට පොඩ්ඩක් වත් කැමතී නෑ. මට ඒත් තවත් මෙහෙ ඉන්න බෑ. මම රෑ එළි වෙනකන්ම ඇඩුවා. උදේ වෙනකොට මගෙ මූන සේරම තඩිස්සි වෙලා. ඇස් රතු වෙලා. ආච්චි අම්මා ඇයි අහන්නවත් ආවේ නැහැ. මම රෑ කිප වතාවක්ම තනියෙම දොර ඇරන් , නොන්ඩියෙන් ගියා. ඒත් කවුරුත්ම බැලුවේ නැහැ. එයාලට ඕනී මගෙන් නිදහස් වෙන්න. පහුවදා එළි වෙද්දී ශානූ අයියා මාව බලන්න ආවා. මට ශානූ අයියා දැකපු ගමන් ඇඩුම් ආවා . මගෙ මුහුන දැක්කම මුලු රැම අඩලා කියලා එයාට තේරෙන්න ඇති. මම ඇදේ ඉදගෙන හිටියේ, ශානු අයියා මගෙ ලගින් ඉදගෙන මගෙ මූන එයාගෙ පපුවට තුරුලු කර ගත්තා.

ඊ ළග කොටසින් හමු වෙමු.

 

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Oct 2016 01:10 AM
  •  Quote
  •  Reply
ඉවරයි විනාසයි. කොල්ලා වැඩකාරයා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 02:50 AM
  •  Quote
  •  Reply

ඔව් ඔව් කොල්ලෝ වැඩ කාරයෝ තමා හ්ම්

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Oct 2016 03:45 AM
  •  Quote
  •  Reply
කෙල්ලත් වැඩ කාරයෙක් කියල කවුරැත් දැක්කෙ නැද්ද. සේනයාගෙන් පරිස්සම් වෙලා පරිස්සම් කර ගත්ත එකම මදෑ.............
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Oct 2016 03:58 AM
  •  Quote
  •  Reply
සේනයා කොටියා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
1

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Oct 2016 04:27 AM
  •  Quote
  •  Reply
ආච්චි එන පොට නම් හොද නෑ

සේනයගේ කොටසකුත් තිබ්බා නම් මරු හැබැයි තවත්
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Oct 2016 05:36 AM
  •  Quote
  •  Reply

ඔව් ශදී පව් නේද ශා අයියා.

 සේනයා ඉස්සරහට ඒයි පොඩ්ඩක් ඉවසන්න දුෂාන් අයියා.

දිනයක වැටහේවී...........
0
Add Reply
Page 14 of 16 << < 1213141516 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below