Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jan 2016 09:35 PM by sha733 ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් 6 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages RosiSuper Senior MemberPosts:5335 13 Jan 2016 03:21 PM ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කාර්යයන් පිලිබදව විවිධ පර්යේෂණ සිදුවෙමින් පවතී.ආහාර ජීර්ණය පහසු කිරීමට අවශ්‍ය විටමින වර්ග නිපදවීම බැක්ටීරියාවල කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී.මෙම බැක්ටීරියා මිනිසාගේ මනසටද බලපෑම් ඇති කරන බව මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇත. මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වන බවපෙන්වා දී ඇති අතර එනම් ඩොපමීන්, ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA) සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක රසායනික ස්නායු යනු මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයි. ඒවා ස්නායු සෛල, හෙවත් නියුරෝන අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වේ. හෘද ස්පන්දනය අහාර ජීර්ණය ශ්වසනය වැනි ක්‍රියා සදහා ස්නායු ආවේග සම්ප්‍රේශණයට උපකාරී වේ. ස්නායුසම්ප්‍රේෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටළු ඇති වේ.ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් සනායු සම්ප්‍රේෂකයට හැකියාව ඇත. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මෙය උපකාරී වේ.සෙරටොනීන් මගින් විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කෙරේ. ඉගෙනීම ආශ්‍රිත කටයුතු වලදීත් මෙය මහත් උපකාරී වේ.GABA මගින් සතුට සහ සැහැල්ලු බව ඇති කරයි.අපගේ දේහයේ සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා අදාල සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියා කරයි. ආන්ත්‍රික බැක්ටීරියා වල ක්‍රියාකාරිත්වය ශාකමය ආහාර අනුභව කිරිම මගින් වැඩි දියුණු වන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.හෝමෝන ක්‍රියාකාරීත්වය හොදින් සිදු වන අතර මානසික ඒකග්‍රතාවයට වැදගත් වේ.විවිධ රෝග මර්ධනය කිරීමේ හැකියාව ඇති වන බව පෙන්වා දි ඇත.ගර්භණී අවස්ථාවේ දී ශාකමය ආහාර ආහාරයට ගැනීම නිසා එම දරැවන් නිරෝගී වන බව පෙන්වා දී ඇත.මාංශමය ආහාර අනුභව කරන විට අන්ත්‍රය කෙටි වේ.ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩුය.ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුය .මානසික ව්‍යාකූලතා ඇතිවේ.එය විවිධ රෝගී තත්ව වලට හේතු වන බව පෙන්වා දී ඇත. ශාකමය ආහාර සකස් කරන ක්‍රමවේදය ඉතා වැදගත්ය. එනම් බෙලෙන්ඩර් කිරීමට වඩා ඇබරීම සහ කෙටිම වැදගත්ය.කෙටිම සහ ඇබරීම නිසා සෛල බිත්ති තැලී එහි අන්තර්ගව ඇති විශේෂිත වූ එනසයිම සහ පෝෂක ආහාරයට එකතු වේ. ආන්ත්‍රික බැක්ටිරියා ක්‍රියාකාරීත්වය හොදින් සිදුවන අතර අවශෝෂණය පහසු වේ.බෙලෙන්ඩර් කිරීම තුලින් ඉහත කිසිවක් සිදු නොවේ. උපුටා ගැනිම - Science daily 0 indika76Most Senior MemberPosts:10457 13 Jan 2016 07:01 PM ක්ෂුද්‍ර ජීවින් යනු ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්... ඉතාමත් වැදගත් ලිපියක්... ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට... 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2016 07:03 PM මස් මාලු නොකා එලවලු කන්න කියලා තමයි මෙ කියන්නෙ 0 maduranga001Most Senior MemberPosts:14123 13 Jan 2016 07:15 PM සමහර ක්ෂුද්‍ර ජීවින් අනිවාර්යෙන්ම අතවශ්‍යයි.. නමුත් ශරීරයට අහිතකර බැක්ටීරියාවන් ඉතා බහුලයි.. ඔවුන් තමයි ලෙඩ රෝග ඇති කරන්නෙ.. ස්තුතියි ලිපියට.. 0 samanthaMost Senior MemberPosts:13194 13 Jan 2016 10:16 PM වැදගත් කරුණු ටිකක් මඟින් අපව දැනුවත් කලාට ඔබට තුති. 0 PRADO_MONTERONew MemberPosts:12 14 Jan 2016 08:21 AM වටිනා ලිපියට ගොඩක් ස්තුතියි 0 sha733Super Senior MemberPosts:7332 15 Jan 2016 09:35 PM ස්තූතියි ලිපිය පල කිරීම සම්බන්ධව ජීවිතයට වටිනා කියන කරැණු රැසක් තියෙනවා 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner