You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Jan 2016 01:55 AM by  Imalka
ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදාගත යුත්තේ ඇයි ?
 11 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Jan 2016 04:32 PM

    ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදාගත යුත්තේ ඇයි ?

     

    ඔබට, ඔබේ නින්ද ශාරීරික හා මානසික  සෞඛ්‍යයට වැදගත්ම කොටසක් වන බව රහසක් නොවේ . කෙසේ වුවත් ඔබ නිදාගන්නා ඉරියව්ව නිදන කාලය මෙන් වැදගත් බව ඔබ දන්නෙහිද ? ඔබ නිදාගැනීමට තෝරා ගන්නා ඉරියව්ව ඔබේ සෞඛ්‍යයට බලපෑමක් කරන බව , සමෙහි තරුණ බව රැකගැනීමට උදව් වන බව , ආහාර ජීර්ණය හොඳින් සිදු වීමට හේතු වන බව සහ වම් පැත්තට හැරී නිදා ගැනීම ඔබේ ජීවිතය රැක ගැනීමට හේතු වන බව ඔබ දන්නෙහිද ? 

    මේ වන විටත් ඔබ වම් ඇලයට හැරී නිදා ගැනීම නොකරන්නේ නම් මෙය කියවීමෙන් පසු ඔබ වම් ඇලයට හැරී නිදා ගැනීම ආරම්භ කල යුත්තේ ඇයිදැයි බලමු . ඔබ නිදා ගන්නේ උඩුබැලි අතට අතටද ? මුනින් අතටද? වම් ඇලයටද? දකුණු ඇලයටද යන්න ඔබේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කරනු ලැබේ.

    ඔබ මුනින් අතට නිදා ගන්නේ නම් හුස්ම ගැනීමට අපහසුතා ඇති වන දුෂ්කර නින්දක් වන අතර ඇදුම රෝගීන්ට ඉතා අනතුරු දායකයි.

    ඔබ දකුණු පසට හැරී නිදාගන්නේ නම් ආහාර ජීර්ණයට ගැටලු ඇති වන බවත් , වම් පසට හැරී නිදා ගන්නේ නම් ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වේ .වම් ඇලයට හැරී නිදා ගැනීමේ ප්‍රතිලාභ ලෙස ඔබේ ශරීර සෞඛ්‍ය වර්ධනය වීම , සෞඛ්‍ය රැක ගැනීමට හැකිවීම, වසා පද්ධතියේ ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ වීම, වසා තරලය විෂ ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය පෙරීමට සෑහෙන කාලයක් ලබා දී වසා ගැටිති හරහා ශිරා එගින් ශරීරය පුරා යාමට සලස්වයි. ඔබ දකුණු පසට හැරී නිදා ගැනිම මඟින් වසා පද්ධතිය මන්දගාමී වන අතර කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවන බැවින් ශරීරරය පුරා වසා තරල ගමන්කිරීමට අසමත් වන බැවින් විෂ , අපද්‍රව්‍ය පෙරීම නිසියාකාරව සිදු නොවන බැවින් එම කාලය තුලදී මාරාන්තික රෝග සඳහා අවධානම් තත්වය ඉහළ යයි.

    එබැවින් වම් පසට හැරී නිදා ගැනීමෙන් විෂ හා අපද්‍රව්‍ය  වලින් මිදෙන්නට ඔබේ ශරීරයට ඇති හැකියාව වැඩි දියුණු විය හැකිය. ආහාර ජීර්ණ පද්ධතිය මඟින්  ඔබේ සිරුරට  අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය ගෙන විෂ ඉවත් කර ගැනිම කාර්යක්ෂමව කරයි .

     ඔබ ඔබේ වම් පැත්තට හැරී නිදා ගැන්මට ශරීරයට උගන්වන්න. ඔබ ස්භාවිකව අනෙක් ඉරියව්වකට මාරු වේ නම්, ඔබ වම් ඇලයට  හැරී නිදා ගැනීමේ පුරුද්ද ඇති කර ගන්නේ කෙසේ දැයි කල්පනා කල යුතුය. ඒ සඳහා පුහුණු වීමට කාලයක් ගත විය හැකිය . නමුත් කැපවිමෙන් මෙම තත්වයයට ඔබේ ශරීරය ඉතා ඉක්මණට පුහුණු කල හැකිය.

    ඹබ ඇදේ නිදාගන්නා පැත්ත මාරු කරන්න. අනෙක්පසට හැරී නිදාගැනිමේ අත්දැකීමෙහි ඇති පහසුව මෙම කුඩා වෙනස මඟින් භුක්තිවිදීමට පුළුවන්වේ.ඔබ මෙලෙස උත්සහ කරන්න. පළමුව වම් ඇලයට හැරී හාන්සි වන්න. ඔබගේ සම්පුර්ණ දිගට සමාන කොට්ටයක් පිටුපසින් තබා ශරීරය දෙසට තද කරන්න . ඔබගේ රාත්‍රී නින්දේ ඉරියව්ව වෙනස් කිරීමට ගන්නා උත්සහය මෙම කොට්ටය විසින් නතර කරනු ඇත.

    ඔබගේ දකුණු පස මේසය මත අඳුරු ආලෝකයක් (dim light) තබා ගැනිම මඟින් ඔබේ ශරීරය ස්භාවිකව මෙම ආලෝකයෙන් වැලකිම සඳහා අනෙක් පස හැරෙනු ඇති බැවින්  වම් ඇලයට  හැරී නිදන ඉරියව්ව  පුරුදු කිරීම එමඟින් ඉතා පහසු වනු ඇත.ඔබගේ නින්දට මෙම කුඩා වෙනසක් කිරීම ඔබගේ සෞඛ්‍ය වෙනුවෙන් ඔබ කරන හොඳම දේ වලින් එකකි, එම නිසා අද රාත්‍රියේම එය ආරම්භ කරන්න.  

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Jan 2016 07:17 PM
    මේ වගක් දැනගෙන හිටියෙ නැහැනේ.. ඒත් ඉතින් නින්දට යනකං නම් මේ කියන වම පැත්තට හැරිලා නිදා ගන්න පුළුවන්.. ඊට පස්සේ වෙන දේ ඉතින් දෙයියෝ තමයි දන්නෙ.. නැගිටිනකොට ඉන්නේ වෙනමම විදියකටනේ..

    අවධානය යොමු කල යුතු ඉතා වැදගත් කාරනාවක් රෝසිගෙන්..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    11 Jan 2016 08:36 PM
    Posted By maduranga001 on 11 Jan 2016 07:17 PM
    මේ වගක් දැනගෙන හිටියෙ නැහැනේ.. ඒත් ඉතින් නින්දට යනකං නම් මේ කියන වම පැත්තට හැරිලා නිදා ගන්න පුළුවන්.. ඊට පස්සේ වෙන දේ ඉතින් දෙයියෝ තමයි දන්නෙ.. නැගිටිනකොට ඉන්නේ වෙනමම විදියකටනේ..

    අවධානය යොමු කල යුතු ඉතා වැදගත් කාරනාවක් රෝසිගෙන්..

    කොහොම උනත් ගෙදර නෝනට දෙවි  කෙනෙකුට වගේ සලකන ස්වාමියෙක්.......... 

     

    ශෝටක් ගහගෙන නිදා ගනින් එතකොට ඔය ප්‍රශ්නේ ට විසඳුම ලැබෙනවා

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    11 Jan 2016 09:41 PM
    මම නම් කොහොමත් නිදා ගන්නේ වම් පැත්තට හැරිලා.. හැබැයි මේ කරුණු දැනගෙන නෙමෙයි. ඒ වුණාට නැගිටිනකොට නම් වම් පැත්තේ නෙමෙයි.. බොහොමත්ම ස්තූතියි අපව දැනුවත් කලාට.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    11 Jan 2016 09:52 PM
    වැදගත් ලිපියක් .. නින්ද ගියාට පස්සේ නම් කොහොම ඉන්නවද දන් නෑ ඉතින් මම නම් ,, හි
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Jan 2016 11:14 PM
    Posted By Imalka on 11 Jan 2016 08:36 PM 
    කොහොම උනත් ගෙදර නෝනට දෙවි  කෙනෙකුට වගේ සලකන ස්වාමියෙක්.......... 
    ශෝටක් ගහගෙන නිදා ගනින් එතකොට ඔය ප්‍රශ්නේ ට විසඳුම ලැබෙනවා

    දවසක් ශෝටක් දාගෙන නිදාගෙනත් උදේ නැගිට්ටෙ දෙයියෙක් වගේ කියාංකෝ.. 
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    11 Jan 2016 11:31 PM
    මගෙ නම් ඇගෙ සරම මම උදෙ නැගිටලා තමයි හොයා ගන්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Jan 2016 11:38 PM
    Posted By Ind007ka on 11 Jan 2016 11:31 PM
    මගෙ නම් ඇගෙ සරම මම උදෙ නැගිටලා තමයි හොයා ගන්නෙ
    ඉතිං ඕක පරෙස්සමට අල්මාරියේ තැනක හොදට නවල තියල නිදා ගන්නකො.. හොයන්නත් අමාරු නැහැ එතකොට.. 

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    12 Jan 2016 12:03 AM
    ලණුවකින් ගැට ගහගන්න නැත්තම්
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    12 Jan 2016 12:05 AM
    Posted By Ind007ka on 11 Jan 2016 11:31 PM
    මගෙ නම් ඇගෙ සරම මම උදෙ නැගිටලා තමයි හොයා ගන්නෙ
    ඇයි ඒක එළිවෙනකොට ඇවිදින්න ගිහින්ද? අහල  පහල ගෙවල් වලටත් යනවද දන්නේ  නැහැ. බලාගෙන .. අල්මාරියට දාලම  නිදා ගත්තනම් තමයි වඩා හොඳ..

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    12 Jan 2016 12:33 AM
    Posted By samantha on 12 Jan 2016 12:05 AM
    Posted By Ind007ka on 11 Jan 2016 11:31 PM
    මගෙ නම් ඇගෙ සරම මම උදෙ නැගිටලා තමයි හොයා ගන්නෙ
    ඇයි ඒක එළිවෙනකොට ඇවිදින්න ගිහින්ද? අහල  පහල ගෙවල් වලටත් යනවද දන්නේ  නැහැ. බලාගෙන .. අල්මාරියට දාලම  නිදා ගත්තනම් තමයි වඩා හොඳ..



    … … …
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    12 Jan 2016 01:55 AM
    Posted By Ind007ka on 11 Jan 2016 11:31 PM
    මගෙ නම් ඇගෙ සරම මම උදෙ නැගිටලා තමයි හොයා ගන්නෙ
    කසාදයක් දෙකක් බැඳපු කාලෙකට නම් ඔහොම බැහැ ලොක්කෝ, දරු මල්ලෝ, වැඩිහිටි ය එහෙම....බයවෙයි ආ


    0
    You are not authorized to post a reply.