You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 24 Mar 2016 02:01 AM by  sha733
අතීතයෙන් කතාවක්...
 47 Replies
Sort:
Page 3 of 3 << < 123
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
01 Mar 2016 02:17 AM
  •  Quote
  •  Reply
අපේ ෂා මල්ලී ඉන්න පැත්තේ නම් ගොඩක් නටඹුන් තියෙනවානේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
06 Mar 2016 02:24 AM
  •  Quote
  •  Reply
ඔව් අයියේ නටඹුන් තියෙනවා
පැරණිම සුසාන භුමියක් වෙන ඉබ්බන්කටුව සොහෙන තියෙන්නෙත් අපේ ගෙවල් ලගමයි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
06 Mar 2016 06:14 AM
  •  Quote
  •  Reply
මේවා මෙහම හරි දකින්න අපි පින් කරලා තිබ්බා ..එත් ඉදිරි පරම්පරාවට දකින්න දෙයක් ඉතුරු වෙයිද මන්දා
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
06 Mar 2016 07:14 AM
  •  Quote
  •  Reply
ඔන්න කෝටිටේ ගැන කියනවා මෙලෝම දෙයක් නැහැ කියල දැන් ඔහොම වෙනවා කියන්නේ ඉස්සරහට මේවටත් වෙයිද කියල සැකයි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
19 Mar 2016 06:08 PM
  •  Quote
  •  Reply

ටොකු ඇන්න උන් ලවා මං පුත් කුමාරයාට වන්දවනවා“

සෙනරත් රජු කන්ද උඩරට රජ කළේය. (ක්‍රි.ව. 1604 - 1635). මාතලේ රාජ්‍යය මෙකල පාලනය කළේ විජයපාල කුමරුය. මාතලේ කඩඉම්පොතේ සඳහන් වන අන්දමට විජයපාලකුමරු මාතලේ රාජ්‍ය පාලනය කළේ මහනුවර සිටය.

එතුමා පසුකලෙක මාතලේ ගොඩපොල සිය රාජධානිය ගොඩනඟා ගත්තේය. සොයුරන් අතර අසමගිය මෙම තත්ත්වය ඇතිවීමට ‍හේතු පාදක විය. අපේ අනෙකුත් රජවරුන් මෙන් විජයපාල රජතුමා ද සිතට අඩුවක්, සාංකාවක් නොදැනෙන්නට අතිශයින් සාර්ථක වූ අන්තඃපුරයක් පවත්වාගෙන ගියේය.

එතුමා එහෙත් එම අන්තඃපුරයෙන් ද සෑහීමකට පත්වූයේ නැත. රජවරුන්ගේ රන්දෝලි, රිදීදෝලි, යකඩදෝලි ලෙසින් හැඳින් වූ බිසවුන් ගැන ඉතින් අහලා නැතුවායැ නේද? විජයපාල රජතුමා යකඩදෝලි පහසට ද ඇලුම් කළේ ය. විශේෂයෙන් ප්‍රියකළේ පිටිසරබද යකඩදෝලීන්ටය. ඔවුන්ගේ ගෙල්වල ද එතුමා රහසිගතව රැය පහන් කළේය.

වේරගම පිහිටියේ මාතලේ ගොඩපොල රාජධානියට ආසන්නවය. වේරගම සුරූපී යෞවනියකගේ ලස්සන දෑස විජයපාල රජතුමාගේ සරාගී දෑසේ ගැටුණේ අහම්බෙනි. එකෙණෙහිම රජතුමා ඇය ගැන සොයන ලෙස අදිකාරම්ට නියෝග කළේය.

අදිකාරම් ඔහුගේ රාජකාරිය අකුරටම ඉටු කළේය. රජතුමා අදිකාරම්ගේ සාර්ථක මෙහෙවර අගය කළේ තෑගි බෝග ප්‍රදානය කරමිනි. වේරගම කෙල්ල ගැන තම සිත තුළ පැළපදියම් වූ ආශාව ගැන ඇගේ මවුපියන් දැනුම්වත් කරන ලෙස රජතුමා අදිකාරම්ට නියෝග කළේය.

“හැබැයි... අදිකාරම්... මේක රහසක් විදියට රැක ගන්නත් ඕනෑ...’’ විජයපාල රජු අදිකාරම්ට උපදෙස් දුන්නේය.

බුදුරජාණන් වහන්සේ ද දේශනා කොට වදාළේ ලෝකයේ රහසක් කියා දෙයක් නැති බවය. වේරගම යකඩදෝලි දැන් ගැබිනියක්ය. ඇගේ පැටික්කාගේ හෝ පැටික්කිගේ පිතෘත්වය විජයපාල රජතුමාගේය. වේරගම යකඩදෝලි කාලය ගත කළේ ලොකු සතුටකින්ය. ආඩම්බරයකින්ය. උජාරුවකින්ය.

යකඩදෝලිට ලැබුණේ පුත්කුමරෙකි. ඉන්පසු රජතුමා යකඩදෝලි බලන්න ආවේ නැත. එතුමා වේරගම යකඩදෝලි මගහැරියා නොවේ. ඇය බලන්න නාවේ මේ වකවානුව වනවිට එතුමා සොයුරන් සමඟ ඇතිකරගෙන තිබූ ආරවුල් උග්‍රවී තිබූ නිසා ය. එතුමාගේ ජීවිතයට පවා ඒ කාලයේ තර්ජන එල්ල වී තිබිණ.

රජපැටියා දැන් පසුවන්නේ සත්වැනිවියෙහිය. වැලිබත් උයනා සමවයසේ කොල්ලන් කෙල්ලන් සමඟ ගහබැණගන්නා, ටොකු ඇනගන්නා කන් මිරිකාගන්නා නළියන, දඟලන වයසේ ය. මේ අතර අවජාතක කතාව ද ඉස්මතු විය. එය නාන ළිං, ඇළ දොළ ළඟ නිරන්තරයෙන් කතාවූ රසබර මාතෘකාවක් විය.

යකඩදෝලිගේ පියා මෙම සියලු තත්ත්වයන් විජයපාල රජතුමාගේ මුහුන්දිරම් ට දැන්වීය. එම තත්ත්වය ඇසූ රජතුමාට හොඳට ම කේන්ති ගියේයෙ.

මගේ පුත් කුමාරයාට අපහාස කළ ටොකු ඇන්න එවුන් ලව්වා මං මගේ පුත් කුමාරයාට වන්දවනවා. මුහන්දිරම් ඒ වගකීම බාරගන්න ඕනෑ. බොහොම ඉක්මනට පුත් කුමාරයාව මහණ කරවන්න ඕනැ.

“එහෙමයි... දේවයන්වන්ස... රජතුමා පැවරූ වගකීම මුහන්දිරම් බාරගත්තේය. ඒ අනුව රජපැටියා, මහණ කළේ මකුලේතැන්න පන්සලේ ය. රජතුමා ද බො‍හොම ගරුසර ඇතිව පුංචි හාමුදුරුවන්ට වැන්දේය. මකුලේ තැන්න පන්සලට රජතුමා ගොඩමඩ ඉඩම් මෙන් ම වස්තුව ද පූජා කළේ ය.

පුංචි හාමුදුරුවන් පසුකලෙක නාහිමි නමක් විය. උන්වහන්සේ ඉදිරියේ වැඩියෙන් ම වැඳ වැටුණේ උන්වහන්සේට ටොකු ඇන්න අයය. රජතුමාට දැනුණේ ලොකු සතුටකි.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Mar 2016 09:11 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 19 Mar 2016 06:08 PM

මේ කතාව මම අහලා නෑ.

ස්තූතියි මේ කථාවට..

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
21 Mar 2016 08:27 AM
  •  Quote
  •  Reply
අහපු නැති එකක් නේන්නම්.....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
24 Mar 2016 02:01 AM
  •  Quote
  •  Reply
කවුරැත් වගේ මමත් අහල නැහැ මේ කථාවනං තැන්ක් යූ අක්කේ
0
Add Reply
Page 3 of 3 << < 123

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below