You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Sep 2015 09:28 PM by  Chandima Max
සමේ පිළිකා සුව කිරීමේ ප්‍රබල ගුණය
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2015 05:59 PM

    ඔලිව් තෙල් මඟින් සමේ ඇතිවන පිළිකා සුවකළ හැකි බව නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. එයිනුත් සමේ පිළිකා අතර භයානකම පිළිකා තත්ත්වය වන මෙලිගන්ට් මෙලනෝමා තත්ත්වය වැළැක්වීමට ඔලිව් තෙල්වලට හැකියි.
    පාරජම්බුල කිරණ සහ සමට අහිතකර විකිරණ වර්ග පලවා හැරීමට ඔලිව් තෙල්වලට තිබෙන හැකියාව එයට හේතුවයි. ඒ අනුව සන්ක්‍රීම් වර්ගයකින් කරන කාර්ය කිරීමේ හැකියාව ඔලිව් තෙල්වලට පවතිනවා.
    සාමාන්‍යයෙන් අහිතකර විකිරණවලට ප්‍රතිරෝධය දැක්වීමට කැරොටීන් අඩංගු ආහාරවලට පුළුවන්. මේ අනුව ඔලිව් තෙල්වලත් කැරොටීන් බහුලව අඩංගු වනවා. ඊශ්‍රාලයේ අවීවි විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොක්ස්ටොක් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මෙම පරීක්ෂණය සිදුකර තිබුණා.

    අතීත ගී්‍රසියේ කාන්තාවන්ගේ සමේ පැහැයේ රහස

    වසර 57,000කට එපිට මුතුන්මිත්තන් ඔලිව් තෙල් ආහාර පිසීම සඳහාත් ප්‍රතිකාර සහ වෙනත් සෞඛ්‍යමය කටයුතු සඳහාත් යොදාගත් බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන් ප්‍රථම වරට ඔලිව් තෙල් භාවිත කළ රට ලෙස හඳුනාගෙන ඇත්තේ සිරියාවයි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 3000 පමණ වන විටත් ඔලිව් තෙල් භාවිත කළ බවට සාධක හමුවනවා.
    ක්‍රිස්තු පූර්ව 1,500 - 1,700 පමණ කාල සීමාවේ ස්පාඤ්ඤය කොලෝසියම සහ ඇමෙරිකාව ඔලිව් තෙල් භාවිත කර තිබෙනවා. එකල අත්ලාන්තික් සාගරය හරහා ඔලිව් තෙල්, ඔලිව් ගෙඩි, ආදිය වෙළෙ¼දාමේද නිරත වී තිබෙනවා.
    අදටත් ඉතාලිය 25%ක්, ස්පාඤ්ඤය 36%ක්, ගී්‍රසිය 18%ක් ලෙස නිෂ්පාදන සඳහා ඔලිව් තෙල් භාවිත කරනවා. මෙම නිෂ්පාදන රැසක් රූපලාවණ්‍ය නිෂ්පාදන වීම විශේෂත්වයක්.
    අතීත ගී්‍රසියේ කාන්තාවන් මොයිෂ්චර් රයිසර් ලෙස ප්‍රථම වරට භාවිත කර තිබෙන්නේ ඔලිව් තෙල්ය.

    දියවැඩියාවට ගුණ ඔෟෂධයක්

    ඔලිව් තෙල් නිතර භාවිත කරන පුද්ගලයන්ට දෙවැනි මට්ටමේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩුවන බව පර්යේෂණයකින් සොයා ගැනුණා. ඒ අනුව රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඔලිව් තෙල්වලට හැකියාව පවතිනවා.
    ඒ අනුව ඔලිව් තෙල්වල පවතින ස්වාභාවික සංතෘප්ත මේද අන්තර්ගතය ප්‍රධාන වශයෙන්ම රුධිරයේ සීනි මට්ටම පහළ හෙළීමට හේතුවනවා. ඒ අනුව ඔලිව් තෙල් මඟින් සීනි මට්ටම පාලනය කර ඉන්සියුලින් ශ්‍රාවය ශක්තිමත් කිරීමද සිදුවෙනවා.

    හෘද රෝගීන්ටත් ගුණයි

    හෘදය සුවපත් කිරීමේ හැකියාවක් ඔලිව් තෙල් සතුව පවතින බවට නවතම පර්යේෂණයකින් අනාවරණය වුණා. එලෙස හෘදය සුවපත් කිරීමට ඔලිව් තෙල්වලට හැකියාව ඇත්තේ ඔලිව් තෙල්වල සංතෘප්ත මේදය අඩංගු වීම හේතුවෙනි. එයට අමතරව කොලෙස්ටරෝල් අවම වීම කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණවත් පරිදි තිබීම හේතුවෙනි.
    රුධිරය සාමාන්‍ය මට්ටමට ගෙන පිරිසිදු කිරීම, රුධිර පීඩනය සමනය කිරීමට පවතින හැකියාව හේතුකරගෙන තවදුරටත් හෘදය සුවපත් වනවා. රුධිර නාළිකා පවා පිරිසුදු කිරීමේ හැකියාව ඔලිව් තෙල් සතුයි.
    පෝෂණවේදය පිළිබඳ ඇමෙරිකානු ජර්නලය විසින් මෙම පර්යේෂණය සිදුකර තිබුණා. දිනෙන් දින වැඩිවන හෘද රෝග පාලනය මෙහි අරමුණයි.

    රුව වඩන ස්වාභාවික සත්කාරයක්

    රූපලාවණ්‍ය ගැන සිතන ස්වාභාවික සත්කාර මඟින් ලස්සන වන්නට කැමැති අයට ඔලිව් තෙල් කියන්නේ හොඳම අමුද්‍රව්‍යයක්. සුන්දර රූ සපුවක් වෙනුවෙන් ඔලිව් තෙල්වලට කළ නොහැකි දෙයක් නැහැ. නාන වතුරට ඔලිව් තෙල් මිශ්‍ර කිරීමෙන් සම සුමුදු වනවා. එසේම මැරුණු සම ඉවත්කර සම නැවුම්ව පැහැපත්ව තබාගත හැකියි. බොඩි ලෝෂන් එකක් ලෙසද ඔලිව් තෙල් භාවිත කළ හැකියි. ඉන් සම වියළීම සහ වයසට යෑම වළක්වා තෙත්ව පැහැපත්ව තබනවා. මේක් අප් ඉවත් කිරීමේ ආලේපනයක් ලෙස ඔලිව් තෙල් භාවිත කළ හැකියි. පුළුන් කැබැල්ලකට ඔලිව් තෙල් ස්වල්පයක් දමා මේක් අප් ඉවත් කිරීමට පුළුවන්.
    මඳක් රත් කළ ඔලිව් තෙල් භාජනයකට විනාඩි 10ක් පමණ දෑත් දමාගෙන සිටින්න. සති දෙකක් පමණ මෙම ප්‍රතිකාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. ඇස් යට අඳුරු පැහැය දුරුකිරීමටද ඔලිව් තෙල් යොදාගත හැකියි. එසේම දෑස් පිහාටුවල ඇහිබැමිවල සියුම්ව ඇඟිලි තුඩුවලින් ගැල්වීමට පුළුවන. ඔලිව් තෙල්වලට බිත්තර කහමද තේ හැන්දක් පමණ කලවම් කර දෙහි යුෂ ස්වල්පයක් දමා ෆේස් මාස්ක් එකක් ලෙසද නිවෙසේදීම සකස්කර ගත හැකියි. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන කහ මදය තේ හැඳි තුනක් කලවම් කර දෙහි යුෂ එක්කර මාස්ක් එකක් ලෙස හිසට දමා විනාඩි 15ක් පමණ තබන්න.

    හංසි ආටිගල|mawbima.lk

    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    14 Sep 2015 07:42 AM
    බොහොම ස්තුතියි වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කලාට.
    0

    Sithara Godewatta
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    14 Sep 2015 07:48 AM
    ම්ම්ම්ම් හොද විස්තර ටිකක් ..ස්තුති
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Sep 2015 08:14 AM
    වැදගත් තොරතුරු ටිකක් ....
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    14 Sep 2015 06:13 PM
    හොද ඔලිව් තෙල් හොයාගන්න හරිම අමාරුයි ....ස්තුත්යි ලිපියට
    0

    chamara duleep
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    15 Sep 2015 05:07 PM
    හොද ඔලිව් තෙල් තියෙන්නේ සෞදි,කුවේට්,බහරේන් වල
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    15 Sep 2015 07:31 PM
    අපේ හාමිනේටත් ඕනේ වෙලා ගෙන්න ගත්තේ අරාබියේ ඉදල එන කෙනෙකුගෙන්.. හැබැයි එහෙ මිනිස්සු මේවා ගන්නකොට හිනා වුනාලු මේවා ඇගේ තවරනවා කිව්වම. ඉවුම් පිහුම් වලට එයාල පාවිච්චි කරනව කියල තියෙන්නෙ..
    0

    Chandima Max
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    15 Sep 2015 09:28 PM
    බෙදා හදා ගත්තාට ස්තුතී
    0
    You are not authorized to post a reply.