You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Mar 2015 11:37 PM by  maduranga001
ජනප්‍රවාද - මැණික් හා බැඳුණු ජනප්‍රවාද
 12 Replies
Sort:
Author Messages

FIDE
Basic Member
Basic Member
Posts:238

--
20 Mar 2015 08:28 PM
  •  Quote
  •  Reply

වැලි බොක්කෙන් මතු වූ වාසනාව

මැණිකක් ලැබීමට පෙරපින් තිබිය යුතුයැයි මතයක් පවතී. එනිසා මැණිකක් ලැබෙන්නේ කුමන අවස්ථාවකදී ද කොතැනකදීදැයි කිව නොහැකිය. ඉල්ලම් ගරා නොලැබෙන මැණික් වෙනත් අවස්ථාවලදී ලැබිය හැකිය. මේ එලෙස මැණික් හමුවූ සිද්ධියකි. මේ තැනැත්තන් අප ගමට ආසන්නයේම ජීවත්වන්නන් වන බැවිනුත් එම සිදුවීම මා හොඳාකාරවම දන්නා බැවිනුත් මෙය සත්‍ය සිදුවීමක් බව කිව හැකිය.

මීට වසර දහයකට පමණ පෙර නත්තල් සමය උදා වෙත්ම ඔවුහු සුපුරුදු පරිදි නත්තල් සාදයට සැරසුණහ. අහල පහල හිතවතුන්ට ද ආරාධනා කර සංග්‍රහ කිරීම ඔවුන්ගේ පුරුද්දය. ක්‍රිස්තියානි අයට වඩා බෞද්ධයෝ මේ නත්තල් උත්සවයට සහභාගි වෙති. මා ද එම නත්තල් උත්සවයට සහභාගි වූයේ තවත් මිතුරන් සමඟය.

නත්තල් උත්සවයේ කෑම මේසයේ කටගැස්ම සඳහා කුකුළන් තුන්දෙනකු කැපීමට සූදානම් කර තිබිණ. ෆාම් කුකුළන්ට වඩා ගම් කුකුළන්ට ප්‍රිය කළ ඔවුන් ගම් කුකුළන් තිදෙනා ගෙනැවිත් තිබුණේ අල්ලපු ගමෙනි. එම කුකුළන්ගේ වැඩ කටයුතු කිරීමට නිවසේ මද්දුමයාට භාර විය. ඔහු වත්ත පහළට ගෙන ගොස් කුකුළන් හම ගසා සුද්ධ පවිත්‍ර කරමින් සිටියේය. මෙම වැඩ ගැන හුරු පුරුදුකාරයකු වූ මද්දුමයා එක කුකුළකුගේ ‘වැලි බොක්ක’ නමින් හඳුන්වන කොටස සුද්ද කරමින් සිටියේය. කුකුළා ආහාරයට ගනිද්දී, ඌ ගිලින ලද නොදිරණ ද්‍රව්‍ය මේ වැලි බොක්කේ තැන්පත් වන බව ඔහු දනී. ඒ අනුව වැල්, ගල්, වී පොතු වැනි ද්‍රව්‍ය එහි තැන්පත් වේ. වැලි බොක්ක පිරිසුදු කරමින් සිටි මද්දුමයාට පොඩි කඩල ඇටයක තරම් ගල් කැටයක් අත ගැසිණි. “මෙවැනි ගල් කැටයක් මූ මොනවට ගිල්ලා ද?” කියමින් එම ගල් කැටය ගැන අවධානය යොමු කළ ඔහු එය පරීක්ෂා කර බැලුවේය. රතු පැහැයට හුරු ගල් කැටය වතුරට දමා සේදීමේදී තවත් ඔප වැටී රතු මඩිතිය ඇටයක පැහැය දුන්නේය.

එය රතු මැණික් කැටයකි. එකල එය දළං කැටයක් ලෙස හඳුන්වන කුඩා මැණිකකි. රතු පැහැයට රැවටී කෑමක් යැයි සිතා කුකුළා කොතැනකදී හෝ මේ මැණික ගිල තිබේ. එය හිමිකාරයා සොයා පැමිණියේය. කුකුළා ජීවිතය පූජා කරමින් හිමිකාරයාට මැණික ගෙන දුන්නේය. මද්දුමයාට ඇතිවූ සතුට කියා නිම කළ නොහැකි විය. ඔහු නිවසේ සියලු දෙනාට දළං කැටය පෙන්නා නත්තල් සාදය තවත් සරු කිරීමට අවශ්‍ය දේවල් යහමින් රැගෙන ආවේය.

එදින සවස නත්තල් සාදයට එක්වූ අපට කුකුළා ගෙන් ලද දළං කැටය දැක ගැනීමට හැකි විය. පසුව එය රුපියල් පන්දාහකට අලෙවි කළ බව දැනගන්නට ලැබිණි.

හිකනල් මැණික

පොළොව හාරා ඉල්ලම් සෝදා ගරාගන්නා මැණික් සේ නාග මාණික්‍යය වැනි තවත් මැණික් විශේෂයක් තිබෙන බව ජනප්‍රවාදයේ පවතී. ඒ හීරළුවා නොහොත් හිකනල් මැණික්ය. එම මැණික ලබා ගැනීම සඳහා නාග මාණික්‍යය ලබා ගන්නවාට වඩා උත්සාහයක් ගත යුතු වේ.

සියලුම හිකනලුන් ගේ මැණික් නොමැත. මේ විශේෂිත හිකනලාගේ වලිගයේ කෙළවර වලිග දෙකක් ලෙසට බෙදී පවතී. එම හිකනලුන් සොයා ගැනීම ඉතා අසීරු වේ. එවැනි හිකනලකු අල්ලා ගැනීමෙන් පසු මැණික ලබා ගැනීමට ඌ කපටිකමින් රැවටිය යුතුය. ජනප්‍රවාදයේ එන එම ක්‍රමය මෙසේ ය.

සාමාන්‍ය ප්‍රමාණයේ මුට්ටි දෙකක් ගෙන ඉන් උඩ මුට්ටියේ පතුලේ කුඩා සිදුරක් සාදා අනෙක් මුට්ටියට කිරි දමා සිදුරු කළ මුට්ටිය කිරි මුට්ටිය මත තබන්නේය. සිදුරු කළ උඩ මුට්ටියට හිකනලා දැමීමෙන් පසු ඌ කිරි සුවඳ දැනී කිරි බීමට සැරසේ. එම හිකනලා ගෙල පෙදෙසේ ඇති කෝපි ගෙඩියක් තරම් වූ මැණික සිදුරු කළ වළඳට වමාරන්නේ කිරි බීම පිණිසය. මැණික ඉවතට ගන්නා නාගයා මෙන් හිකනලා ද ආහාර ගැනීමෙන් පසු මැණික මුවට ගෙන නියමිත ස්ථානයේ තැන්පත් කර ගනී.

හිකනලා කිරි බීමට මැණික වමාරද්දී මුට්ටියේ සිදුරෙන් මැණික කිරි මුට්ටියට වැටෙන්නේය.

මුට්ටියේ සිදුර තුළින් කිරි පෙනුණත් කිරි සුවඳ දැනුණත් එම කිරි බීමට හිකනලාට ඉඩ නොලැබේ.

ඒ මුට්ටියේ සිදුරෙන් ඌට හිස දැමීමට නොහැකි බැවිනි. හිකනලා මුට්ටියේ සිදුරෙන් හිස දමා කිරි බීමටත් මුට්ටියට වැටුණු තම මැණික ලබා ගැනීමටත් අපමණ උත්සාහයක යෙදේ. මෙම උත්සාහය අසාර්ථක වීමෙන් ශෝකයෙන් මුට්ටියෙන් ඉවත් වී යන්නේය.

හිකනලා ඉවත් වී ගිය පසු කිරි මුට්ටියට වැටී ඇති මැණික ලබා ගැනීමට හැකි බව ජනප්‍රවාදයේ පවතී. නමුත් මෙවැනි මැණිකක් ලබා ගත් අයකු පිළිබඳව තවමත් කිසිම තැනක සඳහන් වී නොමැත.

වාසනාවන්තයා හා අවාසනාවන්තයා

මැණික් පිළිබඳව මිනිසා මෙන්ම දෙවියන් ද දැන සිටි බව ජනප්‍රවාදයේ කියැවේ. මේ දේව කතාව ද ජනප්‍රිය ජනශ්‍රැතියකි. එය මෙසේ ය.

සෙනසුරු දෙවියෝ හා විෂ්ණු දෙවියෝ සංවාදයක යෙදී සිටියහ. අවාසනාවන්තයා කියා කෙනෙකු නැති බව සෙනසුරු දෙවියෝ පැවසූහ. අවාසනාවන්තයාට වාසනාව දිය නොහැකි බව විෂ්ණු දෙවියෝ කීහ. මේ සංවාදයේ අවසානය වූයේ සෙනසුරු දෙවියන් විසින් අවාසනාවන්තයකු කියා කෙනෙකු නැති බව ඔප්පු කර පෙන්වීමය. එසේම පාරේ ගමන් කරන මඟියකු වාසනාවන්තයකු කරන බවට සෙනසුරු දෙවියෝ පොරොන්දු වූහ.

සෙනසුරු දිව්‍ය රාජයා පාරේ ගමන් කරන මගියකු විෂ්ණු දෙවියන්ට පෙන්වා ඔහු ඉදිරියට මැණිකක් දැමුවේය. මැණික ලැබීමෙන් පසු මගියා ධනවතකු වනවා දැකීමටත් එමඟින් ඔහු වාසනාවන්තයකු ලෙස පෙන්වීමටත් සෙනසුරු දෙවියන්ට අවශ්‍ය විය.

මගියාගේ ගමන්මඟ ඉදිරියේ මැණික දිලිසෙමින් තිබිණි. මැණිකට සමීප වෙද්දී මගියාගේ සිතට නැඟුණේ මොන හේතුවකින් හෝ තමාගේ ඇස් දෙක නොපෙනී ගියහොත් තමා මේ මාර්ගයේ යන්නේ කෙසේ ද” යනුවෙනි.

එසේ වුණොත් මට මෙහෙම තමා යන්න වෙන්නේ සිතමින් ඔහු ඇස් දෙක වසාගෙන ටික දුරක් ගමන් කෙරුවේ අන්ධයකු ලෙසටය. එවිට ඔහු ඉදිරියේ තිබු මැණික මඟ හැරී හමාරය.

සෙනසුරු දෙවියාට උත්තර නැති විය. විෂ්ණු දෙවියන්ගේ තර්කය ජය ගත්තේය. කිසිවකුට වාසනාව දිය නොහැකිය. තමා පෙර ආත්මවල කළ කුසල කර්ම අනුව මේ ආත්මයේ වාසනාව හෝ අවාසනාව අත්වන බව මේ මැණික් කතාවෙන් කියැවේ.

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
20 Mar 2015 09:38 PM
  •  Quote
  •  Reply
මේ පළාතේ ඉන්න ලොකුම පෝසතුන් සිව්දෙනාම බොහොම දුප්පත්ව ඉඳලා මැණිකකින් දියුණු වුනු අය.. දැන් ප්‍රකොටිපතියෝ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
20 Mar 2015 10:16 PM
  •  Quote
  •  Reply
Posted By FIDE on 20 Mar 2015 08:28 PM

ඉතා වටිනා ජනප්‍රවාද ටිකක්..

කුඩා කාලේ අහලා තියෙනවා කියලා පොඩි මතකයකුත් තියෙනවා..

ගොඩක් ස්තූතියි නැවතත් මේවා මතක් කලාට..

පුතාට කියලා දෙන්න ‍මම මේක සේව් කර ගත්තා...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
20 Mar 2015 10:32 PM
  •  Quote
  •  Reply
attatama watina mathakayaen maki giya katha tikak..tx
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
22 Mar 2015 03:41 PM
  •  Quote
  •  Reply
හිකනලා ගේ එක නම් මේ ඇහුවමයි ,, ගොඩක් ස්තුති මේ ලිපියට
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
22 Mar 2015 06:49 PM
  •  Quote
  •  Reply
Poddanta wagema Lokkantath ekase agai neda
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
22 Mar 2015 07:07 PM
  •  Quote
  •  Reply
share karagattata thanks yalu
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
22 Mar 2015 07:44 PM
  •  Quote
  •  Reply
godak davasak indala balnna kiyala hitye. ada thamai meka baluve. bohoma sthuti
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
22 Mar 2015 07:51 PM
  •  Quote
  •  Reply
ගොඩක් වැදගත් ලිපියක් FIDE
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
22 Mar 2015 07:54 PM
  •  Quote
  •  Reply
වලිග දෙකේ හිකනල්ලු නම් මමත් දැකලා නැහැ.. එහෙම එවුන් ඉන්නවද කියලත් හිතා ගන්න අමාරුයි.. අහුවුනොත් නම් අතහරින්නේ නැහැ ඊලග සැරේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
23 Mar 2015 05:17 AM
  •  Quote
  •  Reply
කිසිවකුට වාසනාව දිය නොහැකිය. තමා පෙර ආත්මවල කළ කුසල කර්ම අනුව මේ ආත්මයේ වාසනාව හෝ අවාසනාව අත්වන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
23 Mar 2015 11:32 PM
  •  Quote
  •  Reply
මමත් O/Lඉවරවෙලා කාලයක් මේ පතල් වැඩ කලා.අවසානයට මට ලැබුණ ගෙවුඩය මම ගුරුගේ මැණික් මුදලාලිට තමයි දුන්නේ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
23 Mar 2015 11:37 PM
  •  Quote
  •  Reply
ඔව්.. දැන් ගුරුගේ මුදලාලිගේ පුතා තමයි ඒක කරන්නේ.. හොද කොල්ලෙක්..

ගෙවුඩය ගොඩක් වටිනා මැණිකක්‌ද? මැණික් ගැන මම ව්‍යාපෘතියක් කළා පාසලේදී.. දැන් නම් මතක නැහැ එකක්වත්..

අපි දැන් ඉන්න නිවසෙත් ගෙපැල කපනකොට මැණික් මතු වුනාලු..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below