You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Nov 2019 08:05 AM by  Indika Kodithuwakku
ගීයක අරුත
 17 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960

--
06 Oct 2019 06:06 PM
    සුදු නෙලුම කෝ සොර බොර වැවේ

    අසූව දශකයේ තමය් ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේ ගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකට උගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේ ගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේ පංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනු ලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමට මල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක් වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..

    කොහොම උනත් ලඟ එන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටම අනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒ සල්ලි වලින් කවක‍ටු පෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින් නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට මේ බව ආරංචි වෙලා ඔහු යනවා මලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතු වෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලා තියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකම සුදු ගවුම මිනියට අන්දවලා තියනවා.

    මේ සියල්ල දැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා.

    කොහොම උනත් ගීතයට අනුභූතිය වෙච්ච සිදුවීම හුලංදාවේ ඉස්කොලේ ගිය දෙමට මල් විහාරෙ සුදු නෙලුම් විකුනපු පුංචි දැරිය උනත් සොර බොර වැවයි මහියන්ගනේ පංසලයි ගීපද අතරට එකතු කරලා තියෙන්නේ ගීතයේ සංවේදි බව අසන්නාට හොඳට දැන්නේන්න වෙන්න ඕනි.

    රත්නශ්‍රී කියන විදියට එදා මේ පුංචි දැරිය සදහට දෙනෙත් පියාගනිද්දි ඇගේ දෙමවුපියන්ගේ ඇසේ සිහින් කඳුලක් වැහෙන්නේ ඇයත් හැමෝටම උරුම සංසාර දුකට පත් උනු නිසයි..

    සුදු නෙලුම කෝ සොර බොර වැවේ

    මල් සුවඳ දුන් මුතියංගනේ

    පුන් පෝයද පහලෝස්වකේ

    මල් නෙලා විකිනූ පංසලේ

    වැවට කලුවර යා උනා

    සංසාර දුක බෝ උනා

    නෙලූ මල් මිට ඉහිරුනා

    එහා ඉවුරට පා උනා

    සිහින් සිරිපොද වෑහුනා

    ඉවුරු දෙකොපුල සේදුනා

    සුදු නෙලුම් මල දැස පියවී

    මෙහා ඉවුරට පා උනා

    ගී පද-රත්න ශ්‍රී විජේසිංහ

    ගායනය - පංඩිත් අමරදේව
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    06 Oct 2019 06:07 PM
    😌😌😌😌😌
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    06 Oct 2019 06:24 PM
    පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා.
    කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර
    පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක්‌ එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි..
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    07 Oct 2019 09:18 AM
    ඔව්. මම මේ කතාව අහල තියෙනවා රත්නශ්‍රි මහතා විසින් අත්දැකීමක් වශයෙන් රුපවාහිනි වැඩසටහනක සඳහන් කරනවා.
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    07 Oct 2019 06:27 PM

    උදේශිකා නංගි බොහොම ස්තුතියි මේ වගේ ගීත ගැන මතකය මතක ආවර්ජන නැවත නැවතත් කරනවාට .....මේ ත්‍රෙඩ් එක නොනවත්වා  ඉදිරියටත් කරගෙන යන්න බොහොම රසවත් 

    මේ ගීතය හා බැඳුනු සත්‍ය කතාව රත්න ශ්‍රී විජේසිංහයන් ගේ සම්මුඛ සාකච්චාවකින් මම දැනගෙන පොඩි පොස්ට් එකක් දැම්මා ඉස්සර දවසක. මගේ මිතුරෙකු ඒ ගීතය ට ඔබින ආකාරයේ පසුබිම් චිත්‍ර කිහිපයකින් වීඩියෝවක් සාදා තිබ්බ.. මේ ඒ ගීතය.

    මේ ගීතයේ පසුබිම් කතාව ට එද්දී එතුමා හරි අපූරු ආරම්භයක් ගත්තා...එතුමා මොණරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසලකට මාරු කරවීම විග්‍රහ කරේ "පැලයක් උදුරා ඈතට වීසි කරනා ආකාරයට - මාවත් ඈතට විසි කරා" කියලයි.

    ඔක්කම්පිටියේ දෙමටමල් විහාරය හා ඒ ගම අසබඩ වැව මේ ගීතයේ පසුබිම උනත් අලංකාරයක් එකතු කිරීමට සොරබොර වැව මේ සඳහා ඈඳා ගත්බව ඔහුගේ මුවින් මා අසා ඇත 

    මේ ඒ කතාව 

    ඉන් වසර ගනාවකට පසුව ටවර් රඟහලේ පැවති උත්සවයකදී රත්නශ්‍රී කල දෙසුමකදී හුන් සියල්ලෝම හැඬු බව පැවසුවා. ඒ දැරිය මියගිය දිනයේ ඒ වෙනුවෙන් හඬන්නට කෙනෙක් නොසිටියත් එදා ටවර් රඟහලේ හැඬු නෙත් නිසා ඇගේ අවමගුල සිදුවුනේ ටවර් රංග හලේ උන් සංවේදී මිනිසුන්ගේ නෙත් අබියස බව මෙතුමා පවසනු මා අසා ඇත 

    මේ ගීයක අරුතට වඩා ගීයක පසුබිම් කතාව කිව්වොත් වඩා නිවැරදි නේද ?

    0

    Nishaya
    New Member
    New Member
    Posts:2

    --
    07 Oct 2019 08:54 PM
    ගොඩක් වටිනවා
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    08 Oct 2019 09:15 AM
    Posted By Imalka on 07 Oct 2019 06:27 PM

    මේ වීඩියෝ එක කලින් දැකලා තිබුණේ නැ..

    ස්තූතියි මචං...

    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    18 Oct 2019 08:14 PM
    Posted By indika76 on 06 Oct 2019 06:24 PM
    පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා.
    කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර
    පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක්‌ එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි..

    😊😊😊
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    18 Oct 2019 08:14 PM
    Posted By maduranga001 on 07 Oct 2019 09:18 AM
    ඔව්. මම මේ කතාව අහල තියෙනවා රත්නශ්‍රි මහතා විසින් අත්දැකීමක් වශයෙන් රුපවාහිනි වැඩසටහනක සඳහන් කරනවා.

    😊😊😊
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    18 Oct 2019 08:16 PM
    Posted By Imalka on 07 Oct 2019 06:27 PM

    උදේශිකා නංගි බොහොම ස්තුතියි මේ වගේ ගීත ගැන මතකය මතක ආවර්ජන නැවත නැවතත් කරනවාට .....මේ ත්‍රෙඩ් එක නොනවත්වා  ඉදිරියටත් කරගෙන යන්න බොහොම රසවත් 

    මේ ගීතය හා බැඳුනු සත්‍ය කතාව රත්න ශ්‍රී විජේසිංහයන් ගේ සම්මුඛ සාකච්චාවකින් මම දැනගෙන පොඩි පොස්ට් එකක් දැම්මා ඉස්සර දවසක. මගේ මිතුරෙකු ඒ ගීතය ට ඔබින ආකාරයේ පසුබිම් චිත්‍ර කිහිපයකින් වීඩියෝවක් සාදා තිබ්බ.. මේ ඒ ගීතය.

    මේ ගීතයේ පසුබිම් කතාව ට එද්දී එතුමා හරි අපූරු ආරම්භයක් ගත්තා...එතුමා මොණරාගල ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසලකට මාරු කරවීම විග්‍රහ කරේ "පැලයක් උදුරා ඈතට වීසි කරනා ආකාරයට - මාවත් ඈතට විසි කරා" කියලයි.

    ඔක්කම්පිටියේ දෙමටමල් විහාරය හා ඒ ගම අසබඩ වැව මේ ගීතයේ පසුබිම උනත් අලංකාරයක් එකතු කිරීමට සොරබොර වැව මේ සඳහා ඈඳා ගත්බව ඔහුගේ මුවින් මා අසා ඇත 

    මේ ඒ කතාව 

    ඉන් වසර ගනාවකට පසුව ටවර් රඟහලේ පැවති උත්සවයකදී රත්නශ්‍රී කල දෙසුමකදී හුන් සියල්ලෝම හැඬු බව පැවසුවා. ඒ දැරිය මියගිය දිනයේ ඒ වෙනුවෙන් හඬන්නට කෙනෙක් නොසිටියත් එදා ටවර් රඟහලේ හැඬු නෙත් නිසා ඇගේ අවමගුල සිදුවුනේ ටවර් රංග හලේ උන් සංවේදී මිනිසුන්ගේ නෙත් අබියස බව මෙතුමා පවසනු මා අසා ඇත 

    මේ ගීයක අරුතට වඩා ගීයක පසුබිම් කතාව කිව්වොත් වඩා නිවැරදි නේද ?

    ස්තූතියි අයියේ.
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    18 Oct 2019 08:17 PM
    Posted By Nishaya on 07 Oct 2019 08:54 PM
    ගොඩක් වටිනවා

    ස්තූතියි
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    19 Oct 2019 07:36 AM
    පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේමණීය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි.

    “සර්, එයා විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් ගියා. ඒත් මම...”

    ඔහුගේ මුහුණේ ගැබ් වී තිබුණු කතාව ගුරුවරයාට අවබෝධ වෙයි.

    “ඔහොම තමයි ජීවිතේ. එක් වීම්. වෙන් වීම්. ජය. පරාජය. පුතා දැන් මොකද කරන්නේ?” යනුවෙන් ගුරුවරයා ඔහු සනසයි.

    “මම සර් ප්‍රයිවට් කම්පැණි එකක වැඩ.” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.
    පසු කලෙක මෙම සිදුවීම ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වයි. ඒ ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් විසින් ගයනු ලබන හන්තානට පායන සඳ ගීතයයි.

    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න

    තම පෙම්වතිය සරසවි වරම් ලැබුවද තමා විභාගය අසමත් බැවින් ඇය තමන්ගෙන් ඈත් වීමට වෙර දරයි. කාරණාව වටහා ගත් ඔහු තම ආදරිය වෙත ලිපියක් ලියයි. ඇය වෙසෙන පේරාදෙණිය සරසවියේ ලස්සන ගැන විමසන ඔහු ඇයට ලැබුණු වරම පිළිබඳ ඇයට සුභ පතයි. අතීතයේ තමා සමඟ පෙමින් වෙලී තුරුළු වී පාරේ ගිය හැටි මතක් කරයි.
    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලි කර
    මහවැලියට දමන්න
    නමුත් ඔහු සත්‍ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    19 Oct 2019 02:37 PM
    ධම්මික බණ්ඩාරයන්ගේ ඉතාමත් සුන්දර ගේය පද පෙළක්...
    මේ තරම් සාහිත්‍ය රසයක් නැති වුවත් එම අර්ථයම ලබාදෙන මිල්ටන් මල්ලවආරච්චිගේ මේ ගීතයටත් මම ගොඩක් ආසයි..

    දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැණෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක්වන්නට අද වරම් නැතේ
    එකම පන්තියේ එක ළඟ ඉඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට පෙරුම් පිරූ පාසැල් සමයේ
    සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත ඒ හින්දයි අපි දුරස් වුණේ
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3960

    --
    30 Oct 2019 08:31 AM
    Posted By indika76 on 19 Oct 2019 02:37 PM
    ධම්මික බණ්ඩාරයන්ගේ ඉතාමත් සුන්දර ගේය පද පෙළක්...
    මේ තරම් සාහිත්‍ය රසයක් නැති වුවත් එම අර්ථයම ලබාදෙන මිල්ටන් මල්ලවආරච්චිගේ මේ ගීතයටත් මම ගොඩක් ආසයි..

    දෙනෝදහක් ගැවසෙන සරසවියේ පාළුව තනිකම දැණෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන සුළඟක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක එක්වන්නට අද වරම් නැතේ
    එකම පන්තියේ එක ළඟ ඉඳගෙන පාසල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට පෙරුම් පිරූ පාසැල් සමයේ
    සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත ඒ හින්දයි අපි දුරස් වුණේ😊

    😊😊
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931

    --
    30 Oct 2019 10:12 AM
    පට්ටා සින්දුව
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533

    --
    06 Nov 2019 07:26 PM
    උදේශිකා නංගී අලුතෙන් සින්දුවක් දැම්මා නම්......අපිටත් හැකිවේවි අදහස් එකතු කරන්න
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124

    --
    06 Nov 2019 08:26 PM
    ඉතා ජනප්‍රිය වූ ගීත දෙකක්. හිතට දැනුනු ගීත.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470

    --
    19 Nov 2019 08:05 AM
    කාලෙකින් අලුත් ගීතයක් දැම්මෙත් නෑ නේද?
    0
    You are not authorized to post a reply.