You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Mar 2015 07:36 AM by  gayanfernando
මගේ පුංචි රෝස මලේ
 0 Replies
Sort:
Author Messages

gayanfernando
New Member
New Member
Posts:66






--
11 Mar 2015 07:36 AM
  •  Quote
  •  Reply

මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා..
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්..
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න..
තරහක් නෑ නුඹ බැස යන්න


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවානම්..
ආසයි මන් කවුළු පියන්
ඇරලා තියන්න..
තරහක් නෑ නෑවිත් ඉන්න
 

අපි කවුරුත් ආදරේ කරනවා.පෙම්වතෙක්,පෙ ම්වතියක් නැති උනත් හිතින් හරි ආදරේ කරනවනේ.ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්.එකට වයස් බේදයක් නෑ.ඕනිම හිතකට ඕනිම කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන්.එක වරදක් නෙමෙයි..

අපට වඩා වයසින් ගොඩක් බාල කෙනෙක් ගැන අපේ හිතේ ආදරයක් ඇති වෙන්න පුළුවන්.ඒත් ඒ ආදරේ අපිට ප්‍රකාශ කරන්න බෑ නේද යාලුවනේ.ඒක මේ සමාජෙට විරුද්දයිනේ.අද මන් ගෙනාපු සිංදුව ධම්මික බණ්ඩාර මහත්මයා අකුරට පත්කරලා තියෙන්නේ ඒ හා සමාන සිදුවීමක් එක්ක..

ගීත ක්ෂෙත්‍රයේ හිටපු වැඩිහිටි ගායකයකු ලබපු අත්දැකීමක් තමයි මේ ආකාරයෙන් ගිතයකට පෙරලි තිබෙන්නේ.මේ ගායකයා කළුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් පැවැත්තුවා.මේ පන්තියට වයලීන් ඉගෙන ගන්න වයසින් අඩු කෙල්ලෙක් ආවා.ඉතින් මේ ගායකයාට මේ කෙල්ල ගැන ආදරයක් ඇති උනා.කොයි තරම්ද කිවුවොත් මේ කෙල්ල නැති දවසට ඔහුට පන්තිය කරන්නවත් හිත දෙන්නේ නෑ.මේ ගායකයා කෙල්ලට උදවු කරනවා.එත් වචනයකින්වත් වැරද්දක් කරන්නේ නෑ..

දවසක් ධම්මික මහත්මයා මේ ගායකයා හම්බවෙන්න යනකොට මේ ගායකයා හොදටම බොනවා.ඔහු කලින් මේ කෙල්ල ගැන ධම්මික මත්මයට කියලයි තිබුනේ.ධම්මික මත්මය ඔහුගෙන් බොන්නේ මොකද කියලා අහනකොට ඔහු හොදටම අඩන්න ගත්තා.අර කෙල්ල කසාද බඳිනවාලු.අද ඔහුට බුලත් දීලා වැඳලා ගිහින්.ඔහුට එක දරා ගන්න බෑ ඒ තරමට ඔහු ඒ කෙල්ලට ආදරේ කරා.ඔන්න ඔහොමයි මේ ගීතය උපත ලැබුවේ..


මගේ පුංචි රෝස මලේ 
මමයි නුඹේ වියපත් බඹරා..
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

ධම්මික මහත්මයා කියන ආකාරයට මේ ගායකයා ගොඩාක් වයසයි.එත හැගීම් තරුණයි.හරියට බඹරෙක් වගේ.එත් මේ කෙල්ලගේ හිතේ මේ බඹරා නෑ.ඒ හිනාවල ඉන්නේ වෙන කුමාරයෙක්..


කළුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්..
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න..
තරහක් නෑ නුඹ බැස යන්න

ජිවිතේ කළුවරයි.තමන්ට වුවමනා ආදරේ හරියට ලැබිලා නෑ.ඇයගේ ආදරේ ලබන්න කැමතියි.නොකී කවිය කියන්නේ ඔහු කවදාවත් ඒ කෙල්ලට කියපු නැති ආදරේ හෙළි කරන්න ආසයි.ආදරේ ප්‍රකාශ කරපු නැති නිසා තරහ වෙන්නත් බෑ..


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සරි සරනවානම්..
ආසයි මන් කවුළු පියන්
ඇරලා තියන්න..
තරහක් නෑ නෑවිත් ඉන්න 

මොහු දුප්පත් මනුස්සයෙක්.ඉන්නේ පුංචි ගෙදරක.ඇය එනවනම් ඔහු කැමතියි.ඕනිම වෙලාවක ඇය වෙනුවෙන් දොර ඇරලා.එත් ඒක කවදාවත් වෙන්නේ නෑ.එහෙම වුනේ නෑ කියලා තරහකුත් නෑ..


ආදරේ කියන්නෙත් හරි පුදුම දෙයක් නේද යාලුවනේ.කොහොම කොතැනදී කාට ඇතිවෙනවද කියලා හිතන්නවත් බෑ.ආදරේ සුන්දරව දකින්න.ආදරේට ආදරේ කරන්න..මගේ පොස්ට් එකට කැමතිනම් මතක ඇතුව සලකලා යන්න...

0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below