You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Mar 2015 06:29 AM by  Rosi
බිත්තර කහමදය පිළිබඳවූ අමිහිරි සත්‍යය....!!!!
 7 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Mar 2015 05:36 PM

    බිත්තර කහමදය පිළිබඳවූ අමිහිරි සත්‍යය....!!!!

     

    ඩේවිඩ් ජෙන්කින්ස් සහ ජීන් ඩේවින්ගන් යන වෛද්‍යවරුන් දෙදෙනා සිදු කල පර්යේෂණයේ ප්‍රතිපල හර්දරෝග පිලිබඳ වූ කැනේඩියානු ජර්නලයේ ප්‍රකාශයට පත්වුනා. ඉන් වඩාත් පැහැදිලි වන්නේ බිත්තරයේ කහමදය ශරීර සෞඛ්‍ය සඳහා අහිතකර වන බවයි.

    ඇමෙරිකාවේ ෆාස්ට් ෆූඩ්ස් අවන්හල් වල ජනප්‍රියතම ආහාර වේල් සමග බිත්තර කහමදයක් සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමටද ඔවුන් කටයුතු කළා. ඔවුන් එම සංසන්දනාත්මක පර්යේෂණය සිදුකලේ බිත්තර කහමදයක කොපමණ කොලොස්ටරෝල් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවද
    යන්න සොයා බැලීමටයි.

    බිත්තර කහමදයක කොලොස්ටරෝල් මිලිග්‍රෑම් 185 සහ 240 අතර ප්‍රමාණයක් තිඛෙනවා. ශරීර සෞඛ්‍ය සඳහා අහිතකර බව කවුරුත් පිළිගන්නා හම්බර්ගර් එකකටත් වඩා එක් බිත්තර කහමදයක කොලොස්ටරෝල් අන්තර්ගතයි. බේකන්, චීස් , මය්යෝනීස් සහ බැදපු කුකුළුමස් පෙති දෙකකින් සමන්විත (KFC ඩබල් ඩවුන් සැන්ඩ්විච් ) නිෂ්පාදනයක අන්තර්ගත වෙන කොලොස්ටරෝල් ප්‍රමාණයටත් වඩා වැඩි කොලොස්ටරෝල් ප්‍රමාණයක් එක් බිත්තර කහමදයක තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

    වැඩුණු පුද්ගලයෙකුට අවශ්‍ය වෙන කොලොස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 200කි. නමුත් බිත්තර නිෂ්පාදකයන් විශාල වශයෙන් මුදල් වියදම් කොට ඔවුන්ගේ නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට කටයතු කරනවා. එම අලෙවිකරණ උපාය ක්‍රම වලට රැවටෙන පාරිභෝගිකයා හැකි පමණ බිත්තර අනුභව කිරීමට පෙළඹීම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක්.

    නියමිත ප්‍රමාණය ඉක්මවා වැඩිපුර කොලොස්ටරෝල් අනුභව කිරීමේ ඇති අවධානම් තත්වය පිළිබඳව එම වෛද්‍යවරුන් දෙදෙනා පවසා සිටිනවා. නොයෙකුත් ප්‍රදාහය තත්වයන් , රුධිර නාලිකා සිහින් වීමේ රෝගය සහ දියවැඩියාව වැනි තත්වයන් පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු බවයි එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා සිටින්නේ. අප එදිනෙදා අනුභව කරන ෆාස්ට් ෆූඩ්ස් වල ශරීරයට අහිතකර සංයෝගයන් කෙතරම් අන්තර්ගත වුනත් ලෝකයම පිළිගත් ඇතැම් සෞඛ්‍ය සංවිධානයන් ඒවා පිළිබඳව කතා කරන්නේ නැහැ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    10 Mar 2015 07:34 PM
    බිත්තර කහමදයේ අධික කොලෙස්ටරෝල් ඇතිබව නම් මමත් අහලා තිබුනා. සතියකට කොපමණ ප්‍රමාණයක් අහාරයාට් ගැනීම උචිතද යන්න සඳහන් වෙලා තිබුනා නම් හොදයි.. දිනපතා ගැනීම නම් කොහෙත්ම හොද නැහැ කියලා නම් පැහැදිළියි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    10 Mar 2015 08:11 PM
    dinapatha gnna hoda na kohomathma..............
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    10 Mar 2015 08:35 PM
    me kathawa nam atta thamai..namuth asawata kanawa..nawattaganna one me purudda
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Himali
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    10 Mar 2015 09:40 PM
    sthuthi samanth ayye me wisthara walata man ahala tiyenne sathiyakata 2 kata wada honda ne kiyala
    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    11 Mar 2015 12:34 AM

    බිත්තර කහ මදයක මෙච්චර කොලොස්ටරෝල් ප්‍රමාණයක් තියෙනවා කියල දැනගෙන හිටියේ නෑ මාත් .... වැඩිපුර කන්නෙ ඔම්ලට් දාල ... එත් ඉතින් කහමදය කැවෙනවනෙ 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    11 Mar 2015 05:38 AM
    Posted By Ind007ka on 10 Mar 2015 08:35 PM
    me kathawa nam atta thamai..namuth asawata kanawa..nawattaganna one me purudda

     

    නවත්තගන්නවා  කිව්වේ, බිත්තර කන එකද බ්‍රදර් ?

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    11 Mar 2015 06:29 AM

    sthuthi aiyya me lipiyata.... mahe aya nam hariyata kanne  oya..math hemadama kanawa

    0
    You are not authorized to post a reply.