You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 14 Oct 2018 11:47 AM by  Udari
පාකින්සන්
 15 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Jul 2018 07:36 PM

    homioප්‍රශ්නය - ලෝකය කියන්නේ විවිධ වෛද්‍ය ක්‍රමවලින් පිරුණු තැනක්‌. බටහිර ඇලොපතික්‌ වෛද්‍ය ක්‍රමය, යුනානි වෛද්‍ය ක්‍රමය, ආයුර්වේදය, සිද්ධ, දේශීය, චීන වෛද්‍ය ක්‍රමය, කොරියන් වෛද්‍ය ක්‍රමය ඇතුළු වෛද්‍ය ක්‍රම දස දහස්‌ ගණනක්‌ ලෝකයේ තිබෙනවා. සමහර විශාල රටවල ප්‍රාදේශීය වෛද්‍ය ක්‍රම පවා තිබෙනවා. අද සිට අප සාකච්ඡා කරන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මගින් රෝග සුව කරන ආකාරය ගැනයි.

    වෛද්‍ය අනුෂා හේමකුමාර - මෙහිදී හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන හඳුන්වා දීමක්‌ කළ යුතුයි. 1796 දී සැමුවල් හෙනමාන් නමැති ජර්මන් ජාතික වෛද්‍යවරයා මේ වෛද්‍ය ක්‍රමය සොයා ගන්නවා. ඇලොපති හෙවත් බටහිර වෛද්‍ය ක්‍රමයේ පියා වන හිපොක්‍රටිස්‌ විසින් ක්‍රි. පූ. 900 දී යෝජනා කළ මූලධර්මයකට අනුව තමයි හෝමියෝපති වෛද්‍යක්‍රමය ගොඩනැඟෙන්නේ. කිසියම් රෝගයක්‌ හට ගැනීමට බලපාන කාරකයන් සුළු මාත්‍රාවකින් ශරීරයට ලබා දීමෙන් අදාළ රෝගය සුව කරන්නට පුළුවන් බව ඔහු දැන සිටියා. මෙය ඔහුට ලැබුණ පහත සඳහන් අත්දැකීම ඇසුරෙන් සිදු වූවක්‌ Mandrake (genus mandragora) නමැති විෂ සහිත පැළෑටියක්‌ තිබෙනවා. මෙහි ක්‍ෂාර වර්ග කිහිපයකුත් තිබෙනවා. මේ පැළයේ කොටස්‌ අනුභව කළාම ඔල්මාද ගතියක්‌ හැදෙනවා. වරක්‌ හිපොක්‍රටිස්‌ උමතු රෝගයෙන් පෙළුන කෙනෙකුට මේ පැළයේ මුලකින් සාදාගත් ඖෂධයක කුඩා මාත්‍රාවක්‌ දෙනවා. එවිට අර උමතු ගතිය පහ වෙනවා. ඒ කියන්නේ උමතු භාවය ඇති කරන සාධකයටම පුළුවන් උමතුභාවය නැති කරන්නට. 18 - 19 සියවස්‌ වන විට ඇලොපති වෛද්‍ය ක්‍රමය සතුව තිබුණේ ඉතාම නොදියුණු ඖෂධ ක්‍රමයක්‌. සමහර රෝගවලදී (Bloodletting) හෙවත් ශරීරයෙන් රුධිරය ඉවත් කිරීම සිදු කෙරුණා. මෙහෙම කළාම රෝගීන් රක්‌ත හීනතාවට පත්වෙලා මැරිලා යනවා. තවත් ඖෂධයක්‌ තිබුණා Venice Treacle නමින්. අබිං, පොළොං මස්‌ ඇතුළු අමුද්‍රව්‍ය 69 ක්‌ මේ ඖෂධයේ තිබෙනවා. මේ ප්‍රතිකාරවලදී ලෙඩුන් මියගිය අවස්‌ථා තමයි වැඩිපුර තිබුණේ. වෛද්‍ය සැමුවල් හැනමාන් මේ තත්ත්වයට තරයේ විරුද්ධ වුණා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් තමයි ඔහු හිපොක්‍රටිස්‌ගෙ මූලධර්ම අනුසාරයෙන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගොඩනඟන්නේ.

    ප්‍රශ්නය - මේ වෛද්‍ය ක්‍රමය මගින් ඕනෑම රෝගයක්‌ සුවකරන්න පුළුවන්ද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර - ඉතාම සාර්ථක ලෙස පසු ආබාධ රහිතව ලෙඩ සුව කරන්න මේ වෛද්‍ය ක්‍රමයට පුළුවන්. අප ලබන සතියේ සිට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා හෝමියෝපති ප්‍රතිකාරවලින් පාකින්සන් රෝගය සුව කරන හැටි.

    (ලබන සතියේ තව කොටසක්&zwnj

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    homio1

    homio2

    homio3

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    21 Jul 2018 09:01 PM
    ඊලග කොටසත් ගේන්න අය්ය
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    28 Jul 2018 06:02 PM

    homiyopathiප්‍රශ්නය - පසුගිය සතියේදී අපි හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ආරම්භය සහ එහි ක්‍රමවේදය ගැන කතා කළා. අද අප ඔබෙන් දැන ගන්නට අදහස්‌ කරන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මගින් රෝගියකු සුව කරන ආකාරයයි.

    වෛද්‍ය අනුෂා හේමකු=මාර - මා ඔබට කියන්නට යන රෝගියා අවුරුදු හැටක පමණ පෙනුම ඇති පුද්ගලයෙක්‌. හැබැයි ඔහුට එපමණ වයස නැහැ. ඔහුගේ හිස කෙස්‌ සම්පූර්ණයෙන්ම පාහේ සුදු වී තිබූ අතර ශරීරයේ හම රැළි ගැසී තිබුණා. ඔහු ආදායම්බදු දෙපාර්තමේන්තුවේ වැඩ කළ කෙනෙක්‌. හැබැයි රැකියාව හරිහැටි කර ගැනීමට බැරි වීම නිසා සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණා.

    ප්‍රශ්නය - ඔහුට මේ රෝගය හැදුනේ කොහොමද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර - අවුරුදු හතළිහේදී පමණ විටින් විට තම සිරුර වෙව්ලනවා රෝගියාට දැනුනා. කම්මුල්වල මාංශ පේෂීන්වල තද ගතියකුත් දැනුනා. ඔහුට මේ මූලික රෝග ලක්‍ෂණ පහලවන විට අවුරුදු පනහක්‌ විතර ඇති. එතැන් සිට ක්‍රමයෙන් මේ රෝග ලක්‍ෂණ ශරීරයේ හැම කොටසකටම පැතිර යන්නට පටන් ගත්තා. අනතුරුව ශරිරයේ හැම තැනක්‌ම රිදෙන්නට පටන් ගත්තා. ඔහු මා වෙත එන විට වෙනත් වෛද්‍යවරුන් රැසක්‌ හමුවීමට ගිහින් තිබුණා.

    ප්‍රශ්නය - ඔහුට තිබුණ රෝගය කුමක්‌ද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර - වෛද්‍යවරුන් කියා තිබුණේ ඔහු හඳුනාගැනීමට බැරි ස්‌නායු රෝගයකින් පෙළෙන බවයි. එහෙත් මේ රෝගියා පරීක්‍ෂා කරන විට මට තේරුම් ගියා ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බව.

    ප්‍රශ්නය - මෙයට අමතරව ඔහුට තිබුණ වෙනත් රෝග ලක්‍ෂණ මොනවද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර - ඔහු ටිකක්‌ සිහිමඳ ගතියෙන් පෙළුනා. ඔහුට කිසියම් දෙයක්‌ කෙරෙහි සන්වේදනය වීමේ දුෂ්කරතාව තිබුණා. ඔහු හැම විටම තම ඇඳුම් එක එක පැත්තට ඇද්ද. මේ නිසා මට වැටහී ගියා ඔහු විශාල නොසන්සුන්තාවකින් පසුවනවා කියලා.

    ප්‍රශ්නය - ඔබේ ඊළඟ පියවර කුමක්‌ද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර - අප ඔහුගේ වෛද්‍ය ඉතිහාසය බැලුවා. එතැනදී අපට හෙළිවුණා ඔහුගේ දත්වලින් 19 ක්‌ පුරවා තිබුණ බව. මේ සඳහා රසදිය මිශ්‍ර ද්‍රව්‍යයක්‌ යොදාගෙන තිබුණා. මෙයින් දත් වැඩිහරියක්‌ පුරවා තිබුණේ ඔහු නව යොවුන් තරුණයකුව සිටි කාලයේදීමයි. ඒ අතර ඔහුට දිගින් දිගටම පිටගැස්‌ම එන්නත ලබා දී තිබුණා. ඔහු තවත් මානසික ව්‍යාධියකින් පෙළුනා. ඒ තමයි අධික කාංසාව. ඔහුගේ බිරිය මෙයට අවුරුදු දහයකට කලින් මියගොස්‌ තිබුණා. ඔහු හිටියේ අධික ශෝකයෙන්.

    ලබන සතියට...

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    homiyopathi1

    homiyopathi2

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    28 Jul 2018 09:23 PM
    ලොකු දෙයක් පාකින්සන් හොඳ කරන්න පුළුවන් නම්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    04 Aug 2018 05:44 PM

    mercuryප්‍රශ්නය - පාකින්සන් රෝගය නිසා අකලට මහලු වූ පුද්ගලයකු ඔබ වෙත පැමිණි ආකාරයත් ඔබ ඔහුගේ රෝග නිශ්චය සිදු කළ ආකාරයත් පසුගිය සතියේ අප සාකච්ඡා කළා...

    වෛද්‍ය අනූෂා හේමකුමාර - මේ රෝගියා පරීක්‍ෂා කරන විට අප හඳුනා ගත් ප්‍රධාන කාරණා කිහිපයක්‌ නැවතත් මතක්‌ කර දෙන්නම්. ඔහු කටේ දත් 14 ක කුහර පුරවා තිබුණා. ඒ සඳහා යොදාගෙන තිබුණේ ඉතාම භයානක රසායනික ද්‍රව්‍යයක්‌ වූ රසදිය මිශ්‍රණයක්‌. ඒ දත්වලින් වැඩිහරිය පුරවා තිබුණේ ඔහු ළමයකුව ලෙස සිටි කාලයේදී. මේ වනවිට ඒ රසදිය මිශ්‍රණයෙන් වැඩි හරිය ඛාදනය වී ඔහුගේ සිරුරේ අභ්‍යන්තරයට එක්‌වී තිබුණා.

    ප්‍රශ්නය - ඔබ කියන්නේ රසදිය ශරීරයට හානිකර බවද?

    වෛද්‍ය අනූෂා හේමකුමාර - මිනිසා රසදිය පරිහරණයට ගන්නේ ක්‍රි. පූ. 1500 ටත් පෙර සිටයි. ඊජිප්තු ජනයා චීනය තිබ්බතය යන රටවල ජනයා මෙය ඖෂධයක්‌ ලෙස පරිහරණය කළා. මෙයට වසර දෙදහසකට පමණ පෙර සිටි චීන ජාතික රස විද්‍යාඥයෙක්‌ සදාකාලික ජීවනය ලබා ගැනීම පිණිස රසදිය, ඡේඩ් ගල් කුඩු සහ තවත් ද්‍රව්‍ය කිහිපයක්‌ මිශ්‍ර කර බෙහෙතක්‌ හැදුවා. සදාකාලික ජීවනය ලබා ගැනීමට එය පානය කළ සියලුම දෙනා මියගියා. රසදිය කියන්නේ හරියාකාරව පරිහරණය නොකළාම මරු කැඳවන ලෝහයක්‌. මා හමුවට පැමිණි පාකින්සන් රෝගියාගේ ශාරීරික බෙලහීනතාවට ප්‍රමුඛ සාධකයක්‌ ලෙස මා හඳුනා ගත්තේ රසදියයි. මේ රෝගියාට කුඩා කල සිටම රූමැටික උණ වැළඳී තිබුණා. ඒ නිසා ඔහුට දිගින් දිගටම බෙහෙත් විදලා තිබුණා. ඔහුගේ සම්පූර්ණ ස්‌වරූපය තක්‌සේරු කළ විට cancer diathesis තත්ත්වයක්‌ හටගෙන තිබුණා. cancer diathesis කියන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අයත් වචනයක්‌. පිළිකා උරුමයක්‌ සහිත පවුලක අයකු තුළ පහළ වන මෙය මානසික තත්ත්වයක්‌. පවුලේ සෙසු අයට පිළිකාව නැති විටෙකත් මේ ලක්‍ෂණය පහළ වෙනවා.

    ප්‍රශ්නය - මෙය සුව කළ හැකිද?

    වෛද්‍ය අනූෂා හේමකුමාර - පාකින්සන් රෝගයට හෝමියෝපති ප්‍රතිකාර කරන විට මේ තත්ත්වය ක්‍රමයෙන් පහවී යනවා. මට ලැබුණු රෝගියා සුවපත් කිරීමේදී මට කරන්නට සිදුව තිබූ ප්‍රධානම දේ තමයි, ඔහුගේ ශරීරය පුරා පැතිර ගොස්‌ තිබූ රසදිය විස ඉවත් කිරීම. එම විස තවදුරටත් ශරීරයට එකතු වීම වැළැක්‌වීම සඳහා මුලින්ම කළ යුතුව තිබුණේ. ඔහුගේ දත් පුරවා තිබූ රසදිය මිශ්‍රණය ඉවත් කිරීමයි. දෙවැනි පියවර තමයි නූතනයේ තිබෙන රසදිය මිශ්‍ර නැති දත් පුරවන ද්‍රව්‍ය යොදාගෙන ඔහුගේ දත් නැවත පිරවීම. මොකද, නැවතත් පරණ මිශ්‍රණයම යෙදුවොත් රසදිය විස නැවත වරක්‌ ඔහුගේ ශරීරයට එකතු වෙනවා. එවිට අප කරන හෝමියෝපති ප්‍රතිකාරවලින් කිසිදු ප්‍රයෝජනයක්‌ නැති වෙනවා.

    (පාකින්සන් සුව කරන්නට ඖෂධ දීම කරන හැටි ලබන සතියේ කියවමු.)

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    mercury1

    mercury2

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Aug 2018 07:24 PM
    අද දැන ගත්තෙ රසදිය නිසා පාකින්සන් එන බව
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 Aug 2018 06:55 PM

    pakinsanප්‍රශ්නය :- හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ සුවිශේෂ හැඳින්වීමකුත් එමඟින් රෝග නිවාරණය කරන ආකාරයත් පාකින්සන් රෝගය විශේෂයෙන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරයත් ගැන සාකච්ඡා කළා...

    වෛද්‍ය අනුෂා හේමකුමාර :- හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ සුවිශේෂතාවක්‌ තිබෙනවා. මේ සුවිශේෂත්වය තමයි රෝගයෙන් කොටසකට නොව සමස්‌ත රෝගයටම ප්‍රතිකාර කිරීම සහ ප්‍රතිකාර වශයෙන් ඖෂධ ස්‌වල්පයක්‌ පමණක්‌ පරිහරණය කිරීම. පාකින්සන් රෝගයට ප්‍රතිකාර කිරීමේදී මේ නියතය ඉතා තදින් බලපානවා. මෙහිදී ඖෂධ සහ ප්‍රතිශක්‌තිකරණය අතර ඒකාග්‍රතාවත් ඇතිවෙනවා. ඊළඟට ස්‌වාභාවික ලෙස රෝගය සුව වීමේ ක්‍රියාවලියකට ශරීරය යොමු කරනවා.

    ප්‍රශ්නය :- පාකින්සන් රෝගය හෝමියෝපති ක්‍රමයට සුවකිරීමේදී සුවවීමට කල්ගත වෙන්නේ නැද්ද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර - හෝමියෝපති ක්‍රමය ඉතාම සෙමෙන් රෝග සුවකරන බවට මතයක්‌ ප්‍රචාරය වී තිබෙනවා. එය බොරුවක්‌... මෙය ඉතාම වේගවත් වෛද්‍ය ක්‍රමයක්‌.

    ප්‍රශ්නය :- හෝමියෝපති ඖෂධ මාත්‍රාව ඉතා කුඩා වන්නේ ඇයි?

    වෛද්‍ය අනුෂා හේමකුමාර :- හෝමියෝපති ක්‍රමයේදී රෝගියාට දෙන්නේ රෝග කාරකය නැසීමට අවශ්‍ය ඖෂධ මාත්‍රාව විතරයි. අනවශ්‍ය ප්‍රමාණයට ඖෂධ මාත්‍රාවක්‌ දුන්නාම එය රෝගියාගේ ශරීරයට නරකට බලපානවා. පාකින්සන් රෝගයට හෝමියෝපති ප්‍රතිකාර කිරීමේදී රෝග ඉතිහාසයත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පවුලේ අයගේ එවැනි රෝග තත්ත්ව ගැනත් වෛද්‍යවරයා උනන්දු වෙනවා.

    ප්‍රශ්නය :- පාකින්සන් රෝගයට ප්‍රතිකාර කරන විට යොදාගන්නා හෝමියෝපති ඖෂධ වර්ග මොනවාද?

    kodu1වෛද්‍ය අනුෂා හේමකුමර :- Rhus Tox කියල ශාකයක්‌ තිබෙනවා. මෙය විෂ සහිත පැළෑටියක්‌. ආසියාව සහ ගිනිකොනදිග ඇමෙරිකානු රටවල මේ පැළෑටිය වැවෙනවා. මෙහි විද්‍යාත්මක නාමය Toxicodendron radicans. මෙය වෛද්‍ය උපදෙස්‌ නැතිව පරිහරණය කළ විට අසාත්මිකතා ඇතුළු රෝග ලක්‍ෂණ හටගන්නවා. මෙම ශාක කොටස්‌ මුඛය හරහා ශරීරගත වීමේදී මුඛය ඇතුළත, උගුර, අන්ත්‍රවල ශ්ලේෂ්මල පටලය තුවාල වෙනවා. ඔක්‌කාරය, වමනය ඇති වෙනවා. හෝමියෝපති වෛද්‍යවරයා ගන්නේ මෙහි රෝග නාශක කොටස විතරයි. එය හැකි තරම් බලසම්පන්න ක්‍ෂුද්‍ර මාත්‍රාවක්‌ බවට පත් කර රෝගීන්ට දෙන්නේ. වෙව්ලීම් සහිත වේදනාව හටගන්නා පාකින්සන් රෝගීන්ට මේ පැළෑටිය මිශ්‍ර ඖෂධ මඟින් විශාල සහනයක්‌ ලබාගන්නට පුළුවන්. සමහර පාකින්සන් රෝගීන් ඉන්නවා ඔවුන්ගේ අත්වල ඇඟිලි වකුටුවෙලා, ඇඟිලි තුඩුවල වේදනාවක්‌ හටගන්නවා. නින්දේදී ශීතල කාලගුණය තුළ, තද වර්ෂා කාලයකින් පසු, විවේක ගන්නා විට, උඩුබැලි අතට නිදා සිටින විට වැනි අවස්‌ථාවලදී පාකින්සන් රෝගය තදවන අයටත් ඉහත සඳහන් පැළෑටිය මඟින් නිපදවන ඖෂධ ඉතා ගුණයි.

    ලබන සතියට

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    kodu2

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    18 Aug 2018 06:22 PM

    pakinsanප්‍රශ්නය - පාකින්සන් රෝගයට ගුණදෙන හෝමියෝපති ඖෂධ සෑදීම සඳහා ගන්නා Rhus Tox නමැති පැළෑටිය ගැන පසුගිය සතියේ දී අප සාකච්ඡා කළා. පාකින්සන් රෝගයට සුදුසු වෙනත් ඖෂධීය ද්‍රව්‍ය තිබෙනවා ද?

    වෛද්‍ය අනූෂා හේමකුමාර - Argentaum Nitricum හෙවත් Silver Nitrate එවැනි ද්‍රව්‍යයක්‌. විශේෂයෙන්ම පාකින්සන් රෝගියා සිහිවිකල් තත්ත්වයට පත් වෙනවා නම් හෝ ඔහුගේ අන්ත්‍ර හෙවත් බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයක්‌ හට ගන්නවා නම් හෝමියෝපති වෛද්‍යවරයා සිල්වර් නයිටේ්‍රට සහිත ඖෂධ ලබා දෙනවා. පාකින්සන් රෝගීන්ගෙන් වැඩි දෙනෙක්‌ ඉතාම දුකින් ඉන්නේ. තමන්ට අත්විඳීමට සිදුව තිබෙන ඉරණම ගැන කල්පනා කරමින් ඔවුන් මහත් සේ සොවින් කාලය ගතකරනවා. එවිට හටගන්නා මානසික ආතතිය නිසා ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වයක්‌ ශරීරය තුළ නිර්මාණය වෙනවා. එවිට බඩ දඟලනවා. විවිධ ශබ්ද බඩ තුළින් නැඟෙන්නට පටන් ගන්නවා. මෙවිට රෝගියා තව තවත් නොසන්සුන් වෙනවා විතරක්‌ නොවෙයි මහත් වූ කාංසාවකින් පෙළෙන්නටත් පටන් ගන්නවා. මේ අවස්‌ථාවේදී ඔවුන් තුළ මාරාන්තික හැඟීම් පහළ වෙනවා. ඉන් එකක්‌ තමයි උස ගොඩනැඟිල්ලකට ගිහින් බිමට පැනීම. පාකින්සන් රෝගියාට එහා මෙහා යන්නට වාරු නැහැ. ඒ නිසා ඔහුට උස ගොඩනැඟිල්ලකට නඟින්න බැහැ. අන්තිමේදී ඔහු ඒ ගැනත් කනගාටු වෙනවා. ඊළඟට ඔහු කල්පනා කරනවා බර යමක්‌ ඔසවලා එයින් කෙනෙකුට පහර දෙන්නට. එහෙත් එය ඔසවා ගන්නට බැරි නිසා ඔහු මහත් සේ ශෝක වෙනවා. තවත් විටෙක ඔහුට හිතෙනවා දරුවකු වඩාගෙන ඉන්න කාන්තාවකගෙන් එම දරුවා උදුරලා ගන්න. එහෙත් ඉන්න තැනින් නැඟිට ගන්න බැරි, මුළු ඇඟම වේදනා දෙන රෝගියාට එය කරගන්න බැහැ. ඒ නිසා ඔහුට දුකයි. මේ පාපී සිතුවිලි හැම විටම ඔහු පෙළෙනවා. සිල්වර් නයිට්‌රේට්‌ සහිත ඖෂධවලින් ඉහත සඳහන් මානසික ව්‍යාකූලත්වය තිබෙන අයට සුවයක්‌ ලැබෙනවා කියන කාරණය හෝමියෝපති වෛද්‍ය ශාස්‌ත්‍රයේ එනවා.

    ප්‍රශ්නය - පාකින්සන් රෝගියකුගේ මානසික රෝග ලක්‍ෂණ මොනවා ද?

    වෛද්‍ය අනුෂා හේමකුමාර -

    1. නොඉවසිල්ල, ආවේගශිලීත්වය සහ හදිසිය.

    2. තමන් අමුත්තකු බව නිතර සිතීම, බියපත් වීම, මෝඩ සිතුවිලි ප්‍රකාශයට පත්කිරීම (එනම් කලින් සඳහන් කළ දුම්රියකින් පිටතට පැනීම හෝ දුම්රියකට පැනීම වැනි සිතුවිලි)

    3. තමා කෙරෙහි සානුකම්පිත භාවයක්‌ ඇතිවන පරිදි කතා කිරීම.

    4. උස්‌ ගොඩනැඟිලි මුදුන්වලින් බිමට පැනීමට අදහස්‌ කරන නමුත් උස්‌ මුදුන් කෙරෙහි භීතියෙන් පසුවීම, පාලම් මතින් යැමට බියවීම, නිතරම ප්‍රමාද වීම.

    5. විවිධ කාංසා තත්ත්වයන් පෙන්නුම් කිරීම, ජනෙල් රහිත කාමරයක්‌ තුළ සිටීමට බියවීම, විශාල ජන සමූහයකට බියවීම.

    (ලබන සතියේ තව කොටසක්&zwnj

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    pakinsan1

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Aug 2018 06:46 PM

    weda4ආයුර්වේදයේ ඇති සින්දූරම් ඖෂධ හෙවත් රස ඖෂධ මගින් සිදුකරන ප්‍රතිකාර මගින් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් සුවකළ නොහැකි යෑයි පවසන රෝග පවා සුව කිරීමේ හැකියාවක්‌ පවතී.
     
     නමුත් වර්තමානයේ බොහෝ දෙනා තුළ මෙම රස ඖෂධ ප්‍රතිකාරය පිළිබඳ එතරම් අවබෝධයක්‌ නැත. එබැවින් මෙම රස ඖෂධ ප්‍රතිකාරය පිළිබඳව අපි දැනුවත් බවක්‌ ලබා ගනිමු.
     
     වෛද්‍යතුමනි සින්දූරම් හෙවත් රස ඖෂධ ප්‍රතිකාර යනු කුමක්‌ද?
     
     ආයුර්වේදයේ ඇති ඉතා වටිනාම ප්‍රතිකාර ක්‍රමයක්‌ වන මෙමගින් ඕනෑම රෝග තත්ත්වයක්‌ සුව කිරීමට හැකියාවක්‌ තිබෙනවා.
     
     රසදිය මූලික කරගත් මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා රත්‍රන්, මැණික්‌, රිදී, ගෙන්දගම් ආදී ලෝහ වර්ග භාවිත කරනවා.
     
     රස ඖෂධ ප්‍රතිකාර ක්‍රමයේදී රසදිය මූලික නොවන රස ඖෂධ ප්‍රතිකාර වර්ග ද ඇත. ඒවා මහා රස සහ උප රස ප්‍රතිකාර ලෙසින් හඳුන්වනවා. රස ඖෂධ ප්‍රතිකාර වල වඩාත් ප්‍රසිද්ධ ප්‍රතිකාරය වනුයේ මකරද්ධජ ප්‍රතිකාරයයි. ඒ සඳහා රසදිය ගෙන්දගම් සහ රත්‍රන් යන ලෝහ වර්ග යොදා ගනු ලබනවා.
     
     වෛද්‍යතුමනි රසදිය වැනි බැර ලෝහ වර්ග භාවිත කිරීම තුළින් ශරීරයේ වකුගඩු වැනි ඉන්ද්‍රියයන්ට හානි සිදුවන්නේ නැතිද?
     
     රස ඖෂධ සඳහා යොදාගන්නා මූල ද්‍රව්‍ය ඒ සඳහා භාවිත කරන්නේ ඉතා ස්‌වල්ප වශයෙනි. එනිසා ඉන් ශරීරයට හානියක්‌ සිදු වන්නේ නැහැ. එසේම මෙම ඖෂධ අවශ්‍ය ප්‍රමාණය ශරීරයට උරාගත් පසු ඉතිරිය මුත්‍රා මගින් ශරීරයෙන් බැහැර කරවනු ලබනවා. එසේම මෙම මූල ද්‍රව්‍යවල ඇති ශරීරයට විෂ සහිත බව ශෝධන සහ මාරණය යන ක්‍රම මගින් පිරිසිදු කර ශරීරයට හිතකර තත්ත්වයට පත්කරනවා. එනිසා මෙම බැර ලෝහ මගින් ශරීරයට හානිවෙන්නේ නෑ.
     
     weda5බොහෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ නොහැකි බව පවසන පාකින්සන් රෝගය, කොන්දේ ආබාධ රෝගද රස ඖෂධ ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.
     
     ඒ සඳහා උදාහරණයක්‌ දක්‌වතොත් පාකින්සන් රෝගයේ මුල් අවස්‌ථාවට ගොදුරුව සිටි බ්‍රිතාන්‍යයේ කීර්තිමත් වෛද්‍යවරයෙක්‌ වන මහාචාර්ය ඩේවිඩ් රිචන්ස්‌ මහතා මෙම රෝගය සුවපත් කරගත්තේ මෙම රස ප්‍රතිකාරය භාවිත කිරීම මගිනි.
     
     එම වෛද්‍යවරයා ශ්‍රී ලංකාවේ තම හිතවත් ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්‌ වන මයියා ගුණසේකර මහතා සමග දිනක්‌ මා හමුවීමට පැමිණියා.
     
     ඔහු පාකින්සන් රෝගයේ මුල් අවස්‌ථාවට ගොදුරුව සිටියා. ඔහුට තිබූ රෝග ලක්‌ෂණ වූයේ ශරීරයේ සමබරතාවය නොමැති බව. ඇස්‌ පෙනීම දුර්වල බව, වචන පිට කිරීමේ දුර්වල බව, ඉඳහිට හිස සහ අත්පා වෙව්ලීම ආදියයි. එහිදී මා ඔහුට සති දෙකක්‌ භාවිතය සඳහා රස බෙහෙත් ලබාදුන්නා. එම බෙහෙත්
     
     රැගෙන බ්‍රිතාන්‍යයට ගිය මහාචාර්ය රිචන්ස්‌ මහතා එම ඖෂධ මගින් ලබාගත් සුවය සමග යළිත් ලංකාවට පැමිණ මා හමුවී නැවත වරක්‌ සති දෙකකට රස ඖෂධ රැගෙන ගියා.
     
     ඉන්පසු ඔහු මා හමුවීමට පැමිණියේ පාකින්සන් රෝගය සම්පූර්ණයෙන් සුව වූ පුද්ගලයෙක්‌ ලෙසිනි.
     
     ඒවගේම දැනට සති කිහිපයකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන 47 හැවිරිදි උදය ධර්මසිංහ නමැති අයත් ඇස්‌ පෙනීම දුර්වලයි. ඇස්‌වලින් කඳුළු ගලනවා.
     
     ඇස්‌ බාගෙට වැහිලා සිරුරේ සමබර තාවය නැහැ. නින්ද යන්නේ නැහැ කියා පවසමින් පැමිණියා.
     
     ඔහු ප්‍රතිකාර සඳහා ගිය වෙනත් වෛද්‍ය ප්‍රතිකාර වලදී එම වෛද්‍යවරු පවසා ඇත්තේ ඔහුට මතුව ඇත්තේ පාකින්සන් රෝගය බවත් එය සුව කළ නොහැකි බවත් පාකින්සන් රෝගයට ප්‍රතිකාර ලෙස ලබාදෙන්නේ රෝග පාලනය බැවින් වෙනත් ප්‍රතිකාර පසු පස ගොස්‌ මුදල් අපරාදේ නාස්‌ති කර ගන්න එපා යෑයි කියා එම වෛද්‍යවරු ඔහුට පවසා තිබුණා.
     
     නමුත් රස ඖෂධ ප්‍රතිකාර මගින් මා එම පුද්ගලයාගේ රෝග තත්ත්වය සුවපත් කළා. දැන් ඔහු සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවල යෙදෙනවා.
     
     එසේම කොන්දේ වේදනාව, කොන්ද කෙලින් කර ගැනීමට නොහැකි බව, ඇවිදීමේ අපහසුතා සහ කශේරුකාවල පිහිටීමේ වෙනස්‌ වීම් (Sකසඡ Dසජැ) වැනි රෝග සඳහාද රස ඖෂධ ප්‍රතිකාර මගින් සුවය ලබාදිය හැකියි.
     
     වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0112431530 ඇමැතිය හැකිය.
     
     
     
     මෙම ඖෂධ අවශ්‍ය ප්‍රමාණය ශරීරයට උරාගත් පසු ඉතිරිය මුත්‍රා මගින් ශරීරයෙන් බැහැර කරවනු ලබනවා. එසේම මෙම මූල ද්‍රව්‍යවල ඇති ශරීරයට විෂ සහිත බව ශෝධන සහ මාරණය යන ක්‍රම මගින් පිරිසිදු කර ශරීරයට හිතකර තත්ත්වයට පත්කරනවා. එනිසා මෙම බැර ලෝහ මගින් ශරීරයට හානිවෙන්නේ නෑ.
     
    weda2 

    කොටහේන ආයුර්වේද මධ්‍යස්‌ථානයේ ආයුර්වේද
     වෛද්‍ය ජයන්ත එදිරිසිංහ

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    20 Aug 2018 02:10 AM
    පාකින්සන් හොඳ කරන්න බෑ කියල තමයි අහල තිබ්බෙ
    0

    Udeshika Herath
    Veteran Member
    Veteran Member
    Posts:3955






    --
    26 Aug 2018 11:50 PM
    අම්මෝ හොඳ කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.
    Udeshika Herath
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    02 Sep 2018 07:59 AM

    pakinsanප්‍රශ්නය - පාකින්සන් රෝගයේ විවිධ අවස්‌ථාවන්ට සුවය ගෙන දෙන ඖෂධ පහක්‌ ගැන පසුගිය සතියේ අප සාකච්ඡා කළා.

    වෛද්‍ය අනුෂා හේමකුමාර - ඒ ඖෂධ වර්ග එකින් එක ගුණදායක වන්නේ පාකින්සන් රෝගයේ කවර අවස්‌ථා සඳහා ද යන්න මා අද විස්‌තර කරනවා. හැබැයි මේ ඖෂධ පරිහරණය කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත පමණයි.

    1. argentum nitricum මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය දුර්වලවීම, ගැස්‌ම යන රෝග තත්ත්ව සඳහා

    2. Caustcum පාද වේදනාව සහ පාද වෙව්ලීම සඳහා

    3. Caprum කෙණ්‌ඩ පෙරළීම සඳහා

    4. Mercurius vivus රාත්‍රි කාලයේදී දරුණු වන පාකින්සන් රෝග තත්ත්වය වළක්‌වා ලීමටත්, හදිසියේ හටගන්නා බිය දැනීම වැනි දේ වළක්‌වා ලීමටත්.

    5. Zincum metallicum ආතතිය සඳහා

    ප්‍රශ්නය - මේ ඖෂධවල අන්තර්ගතය සහ මෙහි ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය රෝගීන් මත ක්‍රියා කරන්නේ කොහොමද?

    pakinsan1වෛද්‍ය අනුෂා හේමකුමාර - argentum nitricum කියන්නේ සිල්වර් නයිටේ්‍රට්‌වලට. මූලික වශයෙන් ගත්තාම මේ සංඝටකය උග්‍ර විෂබීජ නාශකයක්‌. ඒ එක්‌කම රෝගීන් තුළ හටගන්නා භීතිය, ස්‌නායු ආබාධ. ඇස්‌වල හට ගන්නා ඤබව්ජඑසඩසඑසි නමැති රෝග තත්ත්වය වර්ධනය කරන්නටත් මේ රසායනික ද්‍රව්‍යයට පුළුවන්. හෝමියෝපති ප්‍රතිකාරවලදී මේ රසායනික ද්‍රව්‍යය ඉතාම ක්‍ෂුද්‍ර මාත්‍රාවලින් ලබා දීම සිදුකරනවා.

    causticum මෙය හුණුගල් සහ පොටෑසියම් සල්ෆේට්‌ මිශ්‍රණයක්‌. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළදී ආත්‍රයිටීස්‌ විකෘතිතාවන්ටත්, බ්‍රොන්කයිටිස්‌ තත්ත්වයටත්, පිළිස්‌සුම් තුවාල. ඇසේ සුද මතුවීම, මළ බද්ධය, කැස්‌ස. බිහිරි භාවය, ගුද විදාදි, ඉඟටියේ හට ගන්නා ආබාධ, වලිප්පුව, අපස්‌මාරය, ඊයම් විෂවීම. ඉන්ෆ්ලුවන්සා, හිසේ වේදනාව යන රෝග ඇතුළු රෝග තවත් සිය ගණනකට ප්‍රතිකාර වශයෙන් මෙය යොදා ගන්නවා.

    Mercurius vivus රසදියවලින් සාදනු ලබන ඖෂධයක්‌ වන මෙය හෝමියෝපති වෛද්‍ය ශාස්‌ත්‍රය තුළ පාකින්සන් ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ලෝහ වර්ගයකි. එසේම චර්ම රෝග සඳහා ප්‍රතිකාර කිරීමටත් මෙය යොදා ගනු ලබනවා. ශරීරයේ ශ්ලේෂ්මල පටල ඇති ස්‌ථාන ආසාදනය වූ විට සැරව හට ගන්නවා. කන් බෙරය පිටුපස සහ ඇස්‌වල මෙවැනි ආසාදන හට ගන්නවා. මේ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට ඇති හොඳම ඖෂධයක්‌ ලෙස රසදිය හඳුන්වා දිය හැකි අතර එය ඉතා සුළු මාත්‍රාවලින් වෛද්‍ය උපදෙස්‌ මත පමණක්‌ පරිහරණය කළ යුතු වෙනවා.

    Zincum metallicum සින්ක්‌ හෙවත් තුත්තනාගම් ලෙස හඳුන්වනු ලබන මෙය හෝමියෝපති වෛද්‍ය ශාස්‌ත්‍රය තුළ ඉතා ඉහළ තැනක තිබෙන ලෝහයක්‌. මනුෂ්‍යයාගේ එන්සයිමවල තිබෙන වඩාත්ම බලගතු ලෝහයක්‌ වන මෙහි රෝග නිවාරණ හැකියාව ඉතා ඉහළයි.

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    pakinsan2

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    02 Sep 2018 03:36 PM
    පොඩි හරි සහනයක් ලැබෙන එකත් කොච්චර දෙයක්ද
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    02 Sep 2018 07:47 PM
    මේක තේරැම් ගන්න මුල ඉදන්ම එන්න වෙනවා......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    14 Oct 2018 06:35 AM

    pakinsanවෛද්‍යතුමියනි කුමක්‌ද මේ හෝමියෝපති කියන්නේ?

    මිනිස්‌ වර්ගයාගේ නූතන විද්‍යාත්මක දියුණුවේ අග්‍රතම ඵලයක්‌ වන හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය, මුළු මිනිස්‌ වර්ගයාටම සුවය ලබාගැනීමේ විද්‍යාත්මක නියම මත පදනම් වූ රෝගයට හේතුව නසන, සම්පූර්ණ සුවය ගෙනදෙන ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී විශේෂ වන්නේ අතුරු ආබාධ නැති ප්‍රතිකාර ක්‍රමයක්‌ වීමයි.

    වසර 200 කට ඉහත ජර්මනියේ විසූ ඇලෝපති වෛද්‍යවරයෙක්‌ වූ වෛද්‍ය සැමුවෙල් ෆෙඩ්රික්‌ ක්‍රිස්‌ටියන් හානේමාන් තුමා එම වෘත්තියේ නියෑලී සිටියදී ඖෂධ මගින් ඇතිවන අතුරු ආබාධ දැක, ඖෂධ ක්‍රියාකාරිත්වයේලා සුවපත් කිරීමේ ශක්‌තිය සඳහා කිසිම මූලධර්මයක්‌ නොමැතිකම හේතුවෙන් තම වෘත්තිය පිළිබඳව කලකිරීමක්‌ ගෙනදුනි. නමුත් මේ විශ්වය තුළ සුව කිරීමේ ශක්‌තිය සඳහා ක්‍රමවත්ව සැකසුනු මූලධර්මයක්‌ සොයාගත හැකි බව ඔහු විශ්වාස කර තිබුණි.

    මේ අනුව ඇලෝපති වෛද්‍ය වෘත්තියේ පියා ලෙස සලකන හානේමාන් තුමා විසින් "රෝගයට විරුද්ධ ප්‍රතිකාර තුළින් රෝගයේ පාලනයත්, රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගයට සුවයත්" යන කරුණු පිළිබඳව විමර්ශනයකට භාජනය කරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස "සමාන දෙයින් සමාන දේ සුවපත් වේ" යන මූලධර්මය සමග හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය 1870 දී වෛද්‍ය හානේමාන් තුමා විසින් මෙලොවට දායාද කරන ලදී.

    මෙම ප්‍රතිකාර ක්‍රමයේ තියෙන විශේෂත්වය කුමක්‌ද?

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය, ප්‍රතිශක්‌තිකරණය එනම් ජීව බලය පදනම්කොට ගොඩනැඟී ඇත. මෙහිදී ජීව බලය වෙනස්‌ වීම එනම් ශරීර පද්ධති අසමතුලිතතාවය සමඟ පෙන්වන්නා වූ රෝග ලක්‌ෂණ වලට ප්‍රධාන තැනක්‌ හිමිවනු ඇත. මෙහිදී කායික හා මානසික රෝග ලක්‌ෂණ සියල්ලම සැලකිල්ලට ගනු ඇත.

    වෛද්‍ය සැමුවෙල් හානේමාන්තුමා පැවසුවේ රෝග ලක්‌ෂණය තුළින් රෝගය හඳුනාගත හැකි බවත්, රෝග ලක්‌ෂණයන්ගෙන් තොරව රෝගයක්‌ සුව කිරීමට නොහැකි බවත්ය.

    මෙලොව ජනිත වන්නාවූ සෑම පුද්ගලයෙකුගේම ඔහුට හෝ ඇයටම ආවේනික වූ ගති ලක්‌ෂණයන්ට උරුමකම් ඇත. මෙම පුද්ගලයන් කේන්ද්‍රගතව ඇති ගති ලක්‌ෂණයන් හේතු කොටගෙන නිරෝගී භාවයේදී මෙන්ම රෝගී භාවයේදීද තමාටම ආවේනික ලක්‌ෂණයන් පෙන්වමින් තමාගේ සුවිශේෂිත්වය තහවුරු කරන්නේය.

    pakinsan1විශ්වයේ සුවිශේෂ වූ රෝග ලක්‌ෂණයට සමාන වූ හෝමියෝපති ඖෂධ නිෂ්පාදනයේහිලා ගනු ලබනුයේ ශාක, පාෂාණ, සත්ත්ව, නිරෝගී පටක, රෝගී පටක හා X-ray කිරණ වැනි ශක්‌තීන් මෙන්ම ද්‍රව්‍යමය කොටස්‌ය. මේවායේ මූලධාතුව ශක්‌තිකරණයකට භාජනය කරනු ලබයි. මූලධාතුව නොමැතිව ශක්‌තිමය බලයක්‌ ලෙස ඖෂධ ලබාදෙන බැවින් හෝමියෝපති ඖෂධවල අතුරු ආබාධ නොමැත.

    හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් රෝගයක්‌ සුවවන ආකාරය ගැන පැහැදිලි කළොත්?

    හෝමියෝපති ප්‍රතිකාර මගින් රෝගයේ රෝග ලක්‌ෂණය වන සංඥාව නිවා නොදමා රෝග ලක්‌ෂණ ඔස්‌සේ අනතුර අඟවන සංඥා මාර්ගය ඔස්‌සේ ගොස්‌ රෝග මූලයම නැති කර දමනවා. එනම් රෝගයට හේතුව නැති කරනවා. රෝග ලක්‌ෂණයට සමාන වූ ඖෂධය ශරීරගත කිරීම තුළින් රෝගියාගේ ව්‍යqහාත්මක වෙනස්‌කම්, ඒවගේම රසායනික වෙනස්‌කම් නැවත යථා තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් ගෙන එනවා. ඒ තුළින් ආතරයිටිස්‌ රෝගියෙකුගේ වේදනාව නැතිව යනවා. ඔවුන්ගේ ශරීරයේ ඇතුළාන්තයෙන් ප්‍රතිශක්‌තිකරණය ගොඩනැඟීමත් සමඟ ගෙවුණු කාටිලේජ වර්ධනය වීම, දිරා යන අස්‌ථි පටක ගොඩනැඟීම හා ඇදවුණු පාද ක්‍රම ක්‍රමයෙන් යළි යථා තත්ත්වයට ගෙන ඒම මෙහිදී සිදුවේ. ඇතුළාන්ත සුවයත් සමඟම ඒ නිසා වේදනා නාශක නොමැතිවම වේදනාව නැතිවීම සිදු වනවා.

    ඒ වගේම වෙනස්‌ වූ රසායනික සංයුතීන් නැවත යථා තත්ත්වයට සැකසීම මේ තුළින් සිදු වෙනවා. ඒ වගේම දුර්වල වී තිබුණා නම් වකුගඩු, අක්‌මාව හා දුර්වල ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයද යථා තත්ත්වයට පත්වීම මේ තුළින් සිදුවීමත්, අතුරු ආබාධ නොමැතිව රෝගියා බොහෝ සුවය මේ තුළින් ලබනවා. කායික මෙන්ම මානසික සතුටද, තාරුණ්‍යය රැකදීමද මෙහි සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයේ ලක්‌ෂණයක්‌ වෙනවා.

    ඕනෑම රෝගයකට හෝමියෝපති ප්‍රතිකාර තිබෙනවාද?

    ඔව්. තීව්ර රෝග, නිධන්ගත රෝග හා බෝවන / බෝ නොවන ආදී සෑම රෝගයකටම හෝමියෝපති වෛද්‍ය සුවිශේෂ වූ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

    ආතරයිටිස්‌, පාකින්සන්, කොඳුඇටපෙළේ ආබාධ, ස්‌නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්‌, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස්‌ සුදුවීම, ගැළවී යැම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළබද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්‌මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්‌ථුලතාව, කැස්‌ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග, දද, කුෂ්ඨ, පොතු කබර, කුරුලෑ, අළුහම්, ශරීරය කැසීම ආදී රෝගයන් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ හැකියි.

    නොමිලේ විස්‌තර සඳහා

    011-2731695 හෝ 0718250716/17

    සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

    pakinsan2

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    14 Oct 2018 11:47 AM
    හෝමියෝපති ලෙඩවල් ගොඩක් හොඳකරන ක්‍රමයක් නේ
    0
    You are not authorized to post a reply.