You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2019 09:43 AM by  Udeshika Herath
කෙටි කතා
 107 Replies
Sort:
Page 6 of 6 << < 23456
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
30 Jan 2019 01:18 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 30 Jan 2019 05:26 AM
ලස්සන කථාවක් අනේ...තැන්ක් යු...


වෙල්කම් අනා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
30 Jan 2019 01:19 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 30 Jan 2019 07:02 AM
පොඩි වුන් ඉඳිද්දී ගෙදර කච බචේ උනාට ටික වෙලාවකට හරි උන් නැති උනහම ගෙදර පාළුව කියල වැඩක් නැහැ.


හූම් ඒක හලි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Feb 2019 11:02 AM
  •  Quote
  •  Reply
වැරදීම
(කෙටිම කතාව)


"ඔයා නාගන්න කවී.මං ඉන්නවනෙ පුතා ලග"

"නෑ කමක් නෑ හවසට හෝදගන්නව"

"මේ ටිකේම නාගන්නත් බැරි උනනෙ.නාල එන්න.මං ඉන්නං පුතා ලග"

"කමක් නෑ අනේ කවුරු බලන්නද.මං හවස ඇග හෝදගන්නව" කියා කවීෂා කියද්දී

"හ්ම්"කියූ රොෂාන් වත්ත කෙලවර බන්කුව වෙත යන්නට විය.බන්කුව මත වාඩිවී නොයෙක් විකාර කල්පනා කරමින් සිටි රොෂාන් කවී ගැනද සිතුවේය. 'ඇයි ඉස්සර වගේ එයා ලග ඉන්න නොහිතෙන්නෙ,එපාවීගෙන එනවද.නෑ ආදරෙයිනෙ ඒකිට' සිතමින් නාන කාමරය දෙසට ආවේය.

"කවී කෝ සබන් නෑනේ"

"ඉන්න ගේනවා"කියමින් සබන් කෑල්ලක් ගෙනත් දුන් කවී විගස ගියාය.නාන කාමරයට වැදී නානා අතර රොෂාන් දුටුවේ ටූත්පේස්ට් දැමූ කවීගේ ටූට්බ්රෂ් එකයි. සුසුමක් හෙලමින් ලය සැහැල්ලු කරගත් රොෂාන් හොද හැටි නෑවේය.

නා ඉවරව හිස පිහිමින්ම කාමරයට යද්දී පුතු පැටියා සමගම කවීෂාටද නින්ද ගොස්ය. අවුරුදු එකහමාරක දගමල්ලක් වූ චූටි පුතුගේ මූන බලාගෙනම රොෂාන් කවීෂාගේ හිස අත ගෑවේය.කොන්ඩයද ඉතා ගොරෝසු වී ඇත. පැල්ලම් සහිත පරන ගවුමක් ඇදන් නිදන කවී දකිද්දී රොෂාන්ගේ සිත අතීතයට දිව යයි. පෙරදා ඇය දූවිලි ටිකක් හෝ තිබුන ඇදුමක් නොඇන්දාය.පරනවන ගවුම් දුප්පත් අයට දුන්නේ හොදටම පරනවී නොවේ.අද කෙතරම් ඇදුම් තිබුනද ඇය ඇදුම් ගැනවත් තැකීමක් නොකරයි. ඇයට තමන් ගැන සිතීමටද වෙලාවක් නෑ යැයි සිතුනත් එය එසේමද සිතෙන්නේ ඇය කියන දේවල් නිසාය.

"ඇයි කවී මේ පරන ඉරිච්ච ඇදන්"

"කාට පේන්නද අනේ හැඩවෙල"ඇගේ පිලිතුරයි.
.......

පුතු හා කවී වටා ඇති මදුරු දැල සකස් කර සාලයට ආ රොෂාන් හාන්සි පුටුවට බරවී කල්පනා කලේය. සැනින් ඔලුවට ආ කාර්යාලයේ සොදුරු කාන්තවන් ඔලුවෙන් විසිකිරීමට මෙන් ඔහු හිස සැලීය. කවී කෙතරම් පිරිසිදුව සුන්දරව හිටියද. දැන් එසේ නොවන්නේ ඇය තමාව නොතකන නිසාද.

මෙසේ විවිධ සිතුවිලි හිතට එද්දී
'ඔවු මම එයාට තේරුම් කරනව එයා හැමදාම සුන්දරව බලන්න ආස කෙනා මම කියල.හිත රිදුනත් ඒක අනාගතේට හොදවෙයි අපේ'යැයි රොෂාන් තමාටම කියාගත්තේ විසිරීමට යන සිත එකතැන රඳවාගෙනය.

මෙසේ දවස් දෙක තුනක් ගෙවීගියේය.
දිනක් පුතුව නිදිකර තොටිල්ලේ තැබූ කවීෂා රොෂාන් ලගට පැමින හිඳගත්තාය.
ටික වෙලාවකින්

"කවී"

"හ්ම්"

"ඔයා දන්නවද මං ඇයි ආදරේ උනෙ කියල ඔයාට"

"නෑනෙ"කියමින් කවී හිනැහුනාය.

"හ්ම් කියන්නද"

"හා කියන්නකො"කියමින් නැවත කවී හිනැහුනාය.

"ම් මං මුලින්ම ඔයාගෙ පිරිසිදු කමටයි පිලිවෙලටයි කැමති උනෙ"

"ඊලගට"නැවතත් කවී හිනැහේ.

"ඊලගට ඔයා මට දුන්න අවධානය සහ ආදරේ නිසා ඔයාට මං තවත් ආදරේ උන"

"තව තව"කවී තවත් හිනැහේ.

"ඉතින් ඒ දෙකම ඔයාගෙන් මැකෙනවනං මං මොනවද කරන්නෙ කවී" රොෂාන් කියද්දී කවීෂාගේ සිනහව අතුරුදන්ව කඳුලු පේලි දෙකක් මතුවිය.

"අ අනේ මොනවද රොෂාන් අයියෙ මේ"කියමින් කවී රොෂාන්ගේ කකුල බදාගෙන අඩද්දී ඇයව තුරුල්කරගත් රොෂාන්

"මම ඔයාගෙන් සුන්දරත්වය බලාපොරොත්තු වෙනව කවී. ඒ කියන්නෙ ලස්සන නෙමේ. පිරිසිදුකමයි පිලිවෙලයි. ඒ වගේම පුතු ගැන හොයන අතර මං කනවද කියලවත් අහන්න. ඔයාගෙන් නොලැබෙන ආදරයක් මට පිට අයගෙන් හොයන්න ඕන නෑ කවී" කියද්දී කවීෂා හැඩුම අතරින්ම

"අනේ සමාවෙන්න අනේ.මං හිතුවෙ නෑ,මං ඔයාගෙ කවීම වෙනව.මං හිතුවෙ නෑ."කියමින් රොෂාන්ව තරයේ වැලදගත්තාය.

නිමි.

(වරදින්නට පෙර හදාගන්න)

තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
08 Feb 2019 03:30 PM
  •  Quote
  •  Reply
(වරදින්නට පෙර හදාගන්න)
ලාංකික කාන්තාවන් විවාහයෙන් පසු නොසිතනම කාරණයක්. (ප්‍රොෆෙසර් සරත් විජේසුරියගේ 'හුචක්කුව' වීඩියෝව බලන්න. යුටියුබ් එකේ ඇති.)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Feb 2019 03:43 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 08 Feb 2019 03:30 PM
(වරදින්නට පෙර හදාගන්න)
ලාංකික කාන්තාවන් විවාහයෙන් පසු නොසිතනම කාරණයක්. (ප්‍රොෆෙසර් සරත් විජේසුරියගේ 'හුචක්කුව' වීඩියෝව බලන්න. යුටියුබ් එකේ ඇති.)


මමනම් කලින් බලල තියේ
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:21 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 08 Feb 2019 03:30 PM
(වරදින්නට පෙර හදාගන්න)
ලාංකික කාන්තාවන් විවාහයෙන් පසු නොසිතනම කාරණයක්. (ප්‍රොෆෙසර් සරත් විජේසුරියගේ 'හුචක්කුව' වීඩියෝව බලන්න. යුටියුබ් එකේ ඇති.)

හම්මේ අදම බලන්නම්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Feb 2019 01:23 AM
  •  Quote
  •  Reply
බබෙක් ලැබුණු ගමන් පිරිසිදුව ලස්සන ට ඉන්න එක අපේ රටේ ගොඩ දෙනෙක්ට අමතක වෙනෝ තමා.....මෙහේ නම් ආච්චිලත් හොඳ කෑලි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Feb 2019 09:43 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 09 Feb 2019 01:23 AM
බබෙක් ලැබුණු ගමන් පිරිසිදුව ලස්සන ට ඉන්න එක අපේ රටේ ගොඩ දෙනෙක්ට අමතක වෙනෝ තමා.....මෙහේ නම් ආච්චිලත් හොඳ කෑලි


හූම් ඒක නම් ඒම තමා
Udeshika Herath
0
Add Reply
Page 6 of 6 << < 23456


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below