You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Jun 2018 10:19 AM by  Udeshika Herath
කෙටි කතාව
 15 Replies
Sort:
Author Messages

deliya nisansala
New Member
New Member
Posts:22






--
12 May 2018 03:14 AM
  •  Quote
  •  Reply
අද මගේ ජීවිතේ ලස්සනම දවසක් මමයි විරාජ් ආදරේ කරන්න අරන් අවුරු දෙකකින් අද අපි දෙන්නම නීතියෙන් අපෙ වෙලා එකම ගෙදරක පදිංචියට එන්නයි සූදානම.

අනේ පුතේ මට ඉන්න එකම වස්තුව.පන වගේ බලාගන්න ඕන

හරි අම්මෙ අම්ම බය වෙන්න එපා අම්ම වගේම ආදරෙන් මම බලාගන්නම්.

ගෙදරින් එලියට බැහලා මට දරාගන්න බැරි උනේ මගේ අම්මව දාල යන එක.අපි දෙන්න බදාගෙන ඇඩුව තරම් දන්නෙ අපි දෙන්නමයි.

සයුරි අඩන්න එපා ළමයෝ

විරාජ් මගේ හිත හැදුවේ හරිම ආදරෙන්.අපි දෙන්නම කසද බැදලා ගියේ විරාජ්ගෙ ගෙදරට එහේ අම්මයි නංගියි ඉන්නවා.ජීවිතේ කිසිම දුකක් විදපු නැති මට එහේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.විරාජ්ගෙ ආදරය නිසා මම සතුටින් හිටියා.

සයුරි

ඕ..

ඔයා අම්ම එක්ක කුඹුරට ගියාද

අනේ විරාජ් මඩේ යද්දි මට මොකද්දෝ වගේ මට පුරුදු නෑනෙ

කිසිම වැඩක් අපිට කලින් පුරුදු නෑ සයුරි

අනේ ඉතිං ඔයා හවසට ආවම කරමුකො

හැම දේටම මම ඉන්න ඕන නෑ නෙ ගිහිං ඔයත් උදව්වක් කරන්න.

මම නිහඩ උනේ හිතේ ගොඩක් දුකින්.විරාජ් මට කිව්වෙ මොන දේ උනත් එයත් එක්ක විතරයි කියලා ඒ උනට කවදවත් නොකරපු දේ කරන්නත් වෙලා.

දුව..මොනාද ඉව්වෙ

තක්කාලි දාල හොද්දක් හැදුවා අම්ම. ආයෙ මාලුත් තිබුනනෙ.

ඔයාට කියලා තියෙනවනෙ දුව මට තක්කාලි හොද නෑ කියලා

අනේ අම්ම එහෙනම් වෙන මොනා හරි හදන්නද

ඔව් පොල්සම්බෝලයක් හරි හදන්නකෝ

හා හරි අම්මෙ

කුබුරු වැඩ වලට උපරිම උදව් කරා.අම්ම මතක් වෙල හැමදාමත් ඇඩුවා.විරාජ් හැම අතින්ම හොදයි ඒ උනාට මට ආදරේ කරනවද කියලා මට දැන් තේරෙන් නෑ බදින්න කලින් හිටිය විරාජ් ගොඩක් වෙනස් උනා.

අම්මේ මගෙ ඔලුව කරකැවෙනවා වගේ..

මම එහෙම කියලා ලගම තිබුන පුටුවෙන් වාඩි උනා.

අව්ව සැරට වෙන්න ඇති ඕක හරියාවි දුව.

කොහොමහරි දවස් දෙක තුනක් බලලා විරාජ් එක්ක මම ගියා ඩොක්ටර් කෙනෙක් ගාවට

ඔයාලට අලුත් සාමාජිකයෙක් එන්න හදන්නෙ

ඩොක්ටර් එහෙම කිව්වම අපි දෙන්නම සතුටු උනා.වෙනදා වගේම දුක් වේදනා මැද මාස නවයක් ගෙවෙද්දි මගේ පුතා මගේ ලගට ආවා.අපි දෙන්න පුදුම විදියට සතුටු උනේ..

අපි පුතාට මොකද්ද විරාජ් දාන නම

ම්ම් ඔයා ආස නම දාමු අපි.

අපි පුතාට පසිදු මෙත්මල් කියාලා දාමුද විරාජ්.

ම්ම්ම් නියමයිනෙ ලස්සනයි මගෙ කොල්ල වගේම නමත්

මගේ මෙත්මල් පුතාව ආදරෙන් බලාගන්නයි මට ඕනි උනේ.හොද යහපත් ගුනගරුක දරුවෙක් කරන්නයි මගේ හීනෙ වුනේ.
.............................................................
පුතාට අවුරුදු දෙකක් වෙද්දි විරාජ්ගෙ තව තව වෙනස් කම් දැක්කා.මම වැඩිය හිතුවෙ නෑ.ඒ උනාට පස්සෙ මගෙ ඇස් දෙකටම ඒ වෙනස් කමට හේතුව හමු උනා.දවසක් විරාජ්ට කෝල් එකක් ආවා පහන්දි කියලා කෙනෙක්ගෙන්.
මම ආන්ස්වර් කරා.එයත් කවුද බැලුවෙ නෑ කියවන් ගියා.

බබා විරාජ් ඇයි අනේ ඔයා ලේට්.ඉක්මනට එන්නකෝ මම ඔයා එනක්ම් බලන් ඉන්නවා අනෙ.

මම සද්ද නැතුව නම්බර් එක ඩිලිට් කරල විරාජ් ගියාම එයාගෙ පස්සෙන්ම ගියා.මෙයා බයික් එකේ යද්දි මම ත්‍රීවීල් එකකින් ගිහින් බැලුවෙ විරාජ් ලස්සන කෙල්ලෙක් බයික් එකේ දාගෙන අන්තිමට ගියේ රූම් කියල තිබුන ගෙදරකට.මමත් එයල පස්සෙන්ම ඒ රූම් එකට ගියා බගෙට ඇදුම් ගලවන ගමන් දොර ඇරපු විරාජ්

ස..ස..යුරි ඔයා මොකද මේ

මාත් බලන්න ආවෙ කොහෙද මේ ආවෙ කියලා.

ස,, ස..

ඇයි ස ස නෙවෙයි අද ඉදලා මට තමුසෙ එපා මගෙ පුතාට තමුසෙ වගේ තාත්තෙක් කොහොමවත් එපා.

එහෙම කියපු මම ගෙදර ඇවිත් පුතාව අරන් අම්ම ගාවට ආව.එදා ඉදලා මගේ මෙත්මල් පුතාව බලාගන්න මම ගමන්ට් ගියා.අම්ම මගේ පුතාව ඇස් දෙක වගේ බලා ගත්තා.

අම්මියො

ඇයි පුතූ

යාලුවොන්ගෙ අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලෙ එනවා ඔයාවත් එන්නකෝ

මගේ පුතුගෙ ආච්චි අම්ම එනවනෙ ඉතිං

අනේ යාලුවොන්ට පෙන්වන්න එන්නකෝ අම්මියො

හා පුතේ මම හෙට එන්නම්.

ඔය ඇත්තද මගේ හොද අම්මියා.
කියලා මගෙ පුතා මාව ඉබිනවා හෝ ගාල.පහුවෙනිදා මම නිවාඩු දාලා මගේ පුතා එක්ක පෙරපාසල් ගියා එයාට ඒ තරම් සතුටක් තවත් නෑ.හැමෝටම මාව පෙන්වනවා.

යාලුවේ මේ මගේ අම්මා

ඔයාගෙ අම්මද යාලු අපේ අම්මත් ආවා

පොඩ්ඩො හරියට කතාව.මට ටීච කිව්ව මගේ පුතා හරිම ගුන යහපත් කියලා මට ඉතිං තවත් මොනාද..
..............................................................
අම්මියෝ

ඇයි මගෙ පුතේ

අපි අද චිල්ලන් පාක් යමුකෝ

මගෙ පුතු ආසද

ඔව් අම්මියො යමුකෝ

මම හෙට කලින් එන්නම් ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනි ආච්චි අම්ම එක්ක

මගේ හොද අම්මා.

අම්මෝ මගෙ කපටි කොල්ලා

මගේ පුතාට කිසිම දෙයක් අඩු කරේ නෑ අම්මවත් මමවත් .විරාජ් එක දවසක් වත් දරුවා බලන්න ආවෙ නෑ .අපි දෙන්න ඩිවෝස් වෙලත් අවුරුදු දෙකක් වෙනවා.මම දැන් මගේ සල්ලි වලින් ගෙදරම මැශින් ගෙනල්ල මහන්න පටන් අරන් තිබුනෙ.මගේ තැන තව දෙන්නෙක් වැඩ කරනවා.පුතා දැන් පහ වසරේ.මට එදා ලොකු ඕඩර් එකක් තිබුනා ඉස්කෝලෙක කොන්සර්ට් එකකට කොහොමහරි දවස් ගානක් නිදි වරාගෙන රෙදි මහලා පහුවෙනිදා හොදටම අමාරුයි.ඒ උනත් මගේ පුතා වෙනුවෙන් මට මේ දුක විදින්න ඕන එයා එයාගෙ ඉස්කෝලෙ ඉහලින්ම ඉන්න දරුවෙක්..මට ක්ලාන්තෙ හැදිලා අමාරු වෙලා මාව හොස්පිට්ල් ගෙනාවා

අම්මා ඔයාගෙ ඇග හොදටම් දුර්වලයි ඒ එක්කම වයිරස් එකක් ඇගට ඇතුල් වෙලා ඔරොත්තු දෙන්නෙ නැත්තෙ දුර්වල නිසා.

අනේ ඩොක්ටර් මට සනීප වෙන්නෙ නැද්ද මට ඉක්මනට යන්න් ඔන

අම්මා ඔයාට හදිස්සි උනාට බෑ බලන්න ඇගට පන ටිකක් වත් නෑ මොකද කන්නෙ නැත්තෙ

වැඩ ඩොක්ටර් මට

අපි හැමෝටම වැඩ තමයි අම්ම අපි කාලා බීලා ඉන්න ඕනනේ

අනෙ මහත්තයෝ මම ලොකු ඕඩර් එකක් ගත්තා කොන්සට් එකක ඒක ඉවර උනාම ලැබෙන සල්ලි වලින් පුතාගෙ පංති සල්ලි සෙමින සල්ලි ගෙවන්න තියේ ගොඩාක්

ඒ මොනා කරන්නත් කලින් අම්මගෙ ඇගට පන ටිකක් ඕනනේ.

අම්මයෝ ඔයාට හොදයිද

දුව ගෙන ආවෙ මගෙ පුතා

මට හොදයි පුතූ දැන්

මගේ අම්ම ඉක්මනට එන්න ඔනි ගෙදර

මේ අම්මගෙයි පුතාගෙයි කතාව අහන් හිටපු ඩොක්ටර්ට ටිකක් දුක හිතුනා

එයා පුතාට එන්න කියලා කියලා දුන්න අම්ම ලෙඩ උනේ පුතා වෙනුවෙන් කියලා.

මාසයකින් මම ගෙදර එද්දි බාරගත්ත ඕඩර් එක දෙන්න බැරි උනාට ඒ මිනිස්සු ඇවිත් හොදටම දොස් කිව්ව.මම අහන් හිටියෙ. මේව අහන් හිටපු පුංචි මෙත්මල් පුතා මගේ ගාවට ආවා.

අම්මියො මම පංති යන්නෙ නෑ

ඇයි පුතේ

අම්මට එයාල බැන්නෙ මම නිසානෙ

අනේ නෑ මගෙ පුතේ මම එයාලයි වැඩේ කරේ නෑනෙ ඒකයි.

අම්ම ලෙඩ උනෙත් මම නිසා දොස්තර මාමා කිව්වා මට

මගෙ පුතා අම්මට ආදරෙයිද

ඔව් ගොඩාක්

එහෙනම් මගෙ පුතා හොදට ඉගන ගන්න මට එතකොට සනීප වෙනවා.
..............................................................

ලංකාවෙන්ම දෙවෙනියා වෙන්න මගේ පුතාට ශිෂ්ත්වයෙන් පුලුවන් උනා. මගෙ පලමු හීනෙ සැබෑ උනා.මට දරා ගන්න බෑ.මගෙ පුතා හොයගෙන ආපු රූපවාහිනි මහත්තුරුන්ට පුත කිව්වෙ මේ ටික

මගේ අම්මා තමයි මේ ලෝකෙ ඉන්න හොදම අම්ම එය කෑවෙ නැත්ත මාව බඩගින්නෙ තිව්වෙ නෑ කවදාවත් .එයා ලෙඩ උනේ මම නිසා.මම අද ලංකාවෙන්ම දෙවෙනියා උනේ මගේ අම්ම නිසා.මම අම්මගෙ හීනෙ හැබෑ කරනවා.

ඒ මගේ රත්තරං පුතා.මගේ ලෝකෙම එයා.එයාට ඉගනීම ඉවරකරනකම් ගොඩක් අය උදව් කරන්න කැමති උනා ආධාරත් ලැබුනා.මට වෙන සතුටක් නෑ.මගේ ව්‍යාපරයත් පුංචියට කරගෙන ආවා,විරාජ් පහන්දි බැදලා හැමදාම රණ්ඩු කියල නම් ආරංචි උනා.

..............නිමි..................................................

හැමදාම වගේ මගෙ ලගින් ඉන්න ඔයාල මේ කතාව ගැනත් පුංචි වචනයක් හරි කියන්න.
1

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 May 2018 06:58 AM
  •  Quote
  •  Reply
මං තාම කතාව කියවන ගමන්...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 May 2018 07:09 AM
  •  Quote
  •  Reply
කතාව අවසානයේදී හිතට දුකක් දැනුනා.. විරාජ් කල වැරදි නිසා දඩුවම් විදින්නේ අසරණ දරුවා..
ඒ වගේම සයුරි නැවත විවාහයක් සිදුකරගන්නේ නැතිව කල කැපවීම විශිෂ්ඨයි..
මේ වගේ කතා සමාජයට ලොකු ආදර්ශයක්.. ඒක් මිනිසුන් පාඩම් ඉගෙන ගන්නේනැති එකයි වැරැද්ද..
1

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 May 2018 11:25 PM
  •  Quote
  •  Reply
කතාව මාරම ලස්සනයි. කාලෙත් එක්ක මිනිස්සු වෙනස් වෙනව. පණ දෙන්න වගේ මුලින් එයිට පස්සෙ කරන්නෙ හොර වැඩ.
Udeshika Herath
1

deliya nisansala
New Member
New Member
Posts:22






--
13 May 2018 08:44 PM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තූතියි අදහස් වලට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 May 2018 11:15 PM
  •  Quote
  •  Reply
පහන්දිටත් වෙන්නේ ඔය ටිකම තමයි.

මේ කතාවට නමක් දාල තියෙනවද? නැත්නම් අපේ අයට දෙමුද අවස්ථාවක් ලස්සන නමක් යෝජනා කරන්න. ඔයාට පුළුවනි එයින් ලස්සන නමක් තෝරලා දාන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
22 May 2018 12:06 AM
  •  Quote
  •  Reply

Posted By maduranga001 on 13 May 2018 11:15 PM
පහන්දිටත් වෙන්නේ ඔය ටිකම තමයි.

මේ කතාවට නමක් දාල තියෙනවද? නැත්නම් අපේ අයට දෙමුද අවස්ථාවක් ලස්සන නමක් යෝජනා කරන්න. ඔයාට පුළුවනි එයින් ලස්සන නමක් තෝරලා දාන්න.

නමක් දැම්මනෙ මම
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
22 May 2018 12:07 AM
  •  Quote
  •  Reply
කෙටි කතාව.

ශාරිකා මිස් හමු වෙන්න කට්ටියක් ඇවිත්.

මාව.?? ම්ම්ම් කවුද

අපි දන් නෑ ගිහින් බලන්නකෝ

මම වැඩ කරන්නෙ පුද්ගලික රෝහලක හෙදියක් ලෙසට.මට හිතා ගන්න බෑ කවුද මේ මාව හමු වෙන්න ආවෙ කියලා.එහෙම හිතමින් පල්ලෙහට යනකොට ඉන්නවා ටිකක් හුරු පුරුදු කෙනෙක්.

මිස් මාව මතකද

ඔයා අපේ හොස්පිට්ල් එකෙ ඇඩ්මීට් වෙලා හිටියා නේද

ඔව් මිස් මට දැන් හොදටම හොදයි.මිස් මාව බලාගත්තෙ පොඩි ලමයෙක්ව වගේ

අනේ අපි හැමෝටම එහෙම තමයි.ඔයා ආයෙත් වැඩට යනවද

ඔව් මිස් ලබන මාසෙ ඉදලා මම ආයෙත් වැඩට යන්න ඕනි දැන්.ඒකනෙවෙයි මිස් මම මිස්ට කෑමක් ගෙනවා අපේ අම්ම දුන්නෙ.

අනේ පව් ඔයාගෙ අම්මා.ඔයාගෙ නම මොකද්ද

මම සිදත්.මිස් නම් ශාරිකා කියලා ඒ දවස් වල අනිත් මිස්ලා කතා කරද්දි මට ඇහුනා.

ආ..ඔව් ඔව් මට දැන් පොඩ්ඩක් වැඩ වැඩි සිදත් මම යන්නද.

අනේ මිස් තරහා නැතුව මිස්ගෙ phone number එක දෙන්නකෝ.

ම්ම් හරි ඔයාගෙ number eka මට දෙන්න මම ගන්නම්

සිදත් එයාගෙ න්ම්බර් එකත් දීලා ගියෙ මගේ හිතත් අරගෙන වගේ.දන්න තරමට සිදත් යුධ හමුදාවෙ සේවය කරන්නෙ.එයාගෙ කකුලෙ ගෙදරදි උන තුවාලෙකට තමයි අපි ගාවට ඇවිත් බෙහෙත් කරේ.
...............................................................
හෙලෝ..

ආ සිදත් කියන්න ඔයා වැඩට ගියාද

නෑ මිස්.

අනෙ සිදත් දැන් වත් මට ශාරිකා කියන්න

අනේ මාව බලාගත්ත මිස් ට මම එහෙම කියන්නෙ කොහොමද.

ඒකට කමක් නෑ එහෙම කියන්න සිදත්.

හා හරි ශාරිකා...

අන්න හොදයි.

ශාරිකා මිස් උදේ ඇඩ්මිට් කරපු ලෙඩාගෙ රිපෝට් ඇවිත් නාරද ඩොක්ටර් කතා කරා ඔයාට.

හරි පවනි මම එන්නම්.

සිදත් එහෙනම් බුදු සරණයි.පස්සෙ ගන්නම්කො.

හා ශාරිකා මම බලන් ඉන්නවා ගන්නකම්.

දැන් හැමදාම වගේ සිදත් මට කතා කරනවා.වැඩට ගියාමනම් කතා කරන්න වෙන්නෙ නැති වෙයි කියලා කලින්ම සිදත් කියලා ගියෙ.එයා යන දවසෙ ගොඩක් දුක හිතුනා මගේම කෙනෙක් දුරට යනවා වගේ දැනුනෙ.

ශාරි..

හෙලෝ කවුද මේ

මම සිදත්

අනේ මම බලන් හිටියෙ ඔය කතා කරාවි කියලා

අපිට සිග්නල් නෑ මෙහෙට ශාරි .මම සර්ගෙ පෝන් එකෙන් ගත්තෙ.

ඔයා හොදින් නේද සිදත්.

ඔව් ශාරි බය වෙන්න ඕන නෑ ඔයා. මම හොදින් ඉන්නවා.ඒකනෙවෙයි අපේ අම්ම ඔයාව බලන්න එන්න ඕන කිව්වා ඊලග පාර

අනේ ඇයි ඒ

ආසයිලු ඔයාව බලන්න

ඒක හොදයි එක්ක එන්නකෝ.මටත් ආසවක් තිබුනා ඔයාගෙ අම්මව බලන්න.

පරිස්සමෙන් ඉන්න එහෙනම් ශාරි

ඔයා ගොඩක් පරිස්සමින් ඉන්න සිදත්.

එයා ආපහු නිවාඩු එනකම් ඒ විදියට මාත් එක්ක කතා කරා.මගේ හිත මෙයා ඒ වෙද්දි අරන් ඉවරයි ඒ උනාට ඒ බවක් එයාට මම කිව්වෙම නෑ.ඒක හරි නෑනෙ.

ශාරි ..

ඕ කියන්න සිදත්

ඔන්න හෙට මම අම්ම එක්ක එනවා..

ම්ම් හා මාත් මේ බලන් ඉන්නෙ කවද්ද එන්නෙ කියලා.

මම උදේ වෙනකම් හිටියෙ ඉවසිල්ලක් නැතුව.කොහොමහරි උදෙන්ම මගේ වැඩ ඉක්මනට ඉවර කරා.ඔය අතරෙ සිදත් අම්ම එක්ක ආවා.

අම්මේ මේ ඉන්නෙ ශාරිකා.

අනේ දුව ගැන නිතරම කියනවා අපේ පුතා..

එහෙමද මොනාද කියන්නෙ අම්මෙ.

මම කොහොමත් මගේ රස්සවට නැන්දලාට කියන්නෙ අම්ම කියලා ඒ පුරුද්දටයි සිදත්ගෙ අම්මටත් අම්මා කිව්වෙ.

දුව පුතාව හොදට බලාගත්තලු.අනේ පුතේ ඒකටනම් මාත් පිං දෙනෝ ගොඩක් උඩු දුවපු තුවාලෙ දුව සනීප කරේ කිසිම කැතක් නැතුවනෙ.

අනේ අම්මෙ ඒක මගෙ රස්සාවනේ.

රස්සාව උනත් පේ වෙලා කරන්න හැමෝටම බෑ දුව..ඔන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවනෙ.මම දුවට අග්ගලා ගෙනාවා

අනේ අම්මේ.අපේ අම්මත් ඔය වගේමයි.මට ගෙදර ගියාම කෑම ජාති ගොඩාක් හදල දෙනවා.

එදා සිදත් අම්ම එක්ක ගියාට පස්සෙ අපේ ගෙදරට යන පාර මගෙන් අහගෙන සිදත් අම්මයි අප්පච්චි එක්ක අපේ ගෙදර ගිහිං මාව සිදත්ට බදින්න යෝජනා කරලා.කොහොමහරි මම ගෙදර ගියාම නිවාඩුවට.

සුදු දෝනි

අප්පච්චි

මම කැමති නෑ අර ගෙනාපු යෝජනාවට.

ඇයි අප්පච්චි එහෙම කියන්නෙ සිදත් කොයි තරම් හොදයිද

ඒ ලමයා හොදයි.ආයෙ යුද්දයක් කවදා ඇති වෙයිද දන් නෑ මට බෑ මේ ගෙදරට ඉන්න එකම කෙල්ල කනවැන්දුම් වෙනවා බලන්න.

අනේ අප්පච්චි ඔහොම හිතුවොත් හැමෝම හොදට තියේවි.මේ රටේ කාටවත් බදින්න වෙන්නෙ නෑ හමුදාවෙ අයව.

ඒවා මම දන් නෑ මම කැමති නෑ

කවුරු මොනා කිව්වත් මම බදිනවනම් බදින්නෙ සිදත් විතරමයි.
...............................................................

ඊට අවුරුද්දකට පස්සෙ අම්මලගෙ අකමැත්තෙන් උනත් අපි දෙන්නා නීතියෙන්ම අපේ උනා................

අන්තිම කොටස හෙට ලියන්නම් යාලුවනේ.
කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 May 2018 12:11 AM
  •  Quote
  •  Reply
Posted By deliya nisansala on 22 May 2018 12:06 AM
Posted By maduranga001 on 13 May 2018 11:15 PM
පහන්දිටත් වෙන්නේ ඔය ටිකම තමයි.
මේ කතාවට නමක් දාල තියෙනවද? නැත්නම් අපේ අයට දෙමුද අවස්ථාවක් ලස්සන නමක් යෝජනා කරන්න. ඔයාට පුළුවනි එයින් ලස්සන නමක් තෝරලා දාන්න.
නමක් දැම්මනෙ මම
ඉතින් දාපු නම අපටත් කියන්නකො. 

කතාව පටන් ගන්න කලින් නමත් දාලම පටන් ගන්න. ඊළඟ කතාව කියවලම අදහස් එකතු කරන්නම්කො.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 May 2018 12:22 AM
  •  Quote
  •  Reply
කථාවේ ඊළග කොටසත් එනකන් බලන් ඉන්නවා ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 May 2018 12:27 AM
  •  Quote
  •  Reply
ඒ ලමයා හොදයි.ආයෙ යුද්දයක් කවදා ඇති වෙයිද දන් නෑ මට බෑ මේ ගෙදරට ඉන්න එකම කෙල්ල කනවැන්දුම් වෙනවා බලන්න.

අනේ අප්පච්චි ඔහොම හිතුවොත් හැමෝම හොදට තියේවි.මේ රටේ කාටවත් බදින්න වෙන්නෙ නෑ හමුදාවෙ අයව.
ඔව්. සොල්දාදුවොත් මෙහෙම හිතුවා නම් අපට කවදාවත් යුද්ධය දිනන්න බැරි වෙනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
22 May 2018 12:28 AM
  •  Quote
  •  Reply
අන්තිම කොටස හෙට ලියන්නම් යාලුවනේ.
කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.
මේක අපට අදාළ කොටසක් ද නංගි? මොකක්ද කලින් අකෞන්ට් එක?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

deliya nisansala
New Member
New Member
Posts:22






--
23 May 2018 03:37 AM
  •  Quote
  •  Reply

Posted By maduranga001 on 22 May 2018 12:28 AM
අන්තිම කොටස හෙට ලියන්නම් යාලුවනේ.
කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.
මේක අපට අදාළ කොටසක් ද නංගි? මොකක්ද කලින් අකෞන්ට් එක?

Mama oya kathawa demma keti kathaa gonuwata
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
23 May 2018 09:29 PM
  •  Quote
  •  Reply
Posted By deliya nisansala on 23 May 2018 03:37 AM
Posted By maduranga001 on 22 May 2018 12:28 AM  
කතාව ගැන කියන්න මට.මම කලින් කතා ලිව්වෙ මේ එකවුන්ට් එකෙන් නෙවෙයි යාලුවනේ.
මේක අපට අදාළ කොටසක් ද නංගි? මොකක්ද කලින් අකෞන්ට් එක?
Mama oya kathawa demma keti kathaa gonuwata
කෙටිකතාවකටත් නමක් දෙන්න පුළුවන් නේ.. ඒකයි මම අදහස් කළේ නංගි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3294






--
24 May 2018 10:23 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 May 2018 06:58 AM
මං තාම කතාව කියවන ගමන්...
දැන් කාලෙ හුගක් මේවගේ දේවල් වෙනවා... ඒක ලස්සනට කතාවට නංවල තියෙනවා..ස්තූතියි නංගි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
13 Jun 2018 10:19 AM
  •  Quote
  •  Reply
කතාව ලස්සනයි
Udeshika Herath
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below