You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Oct 2016 10:08 AM by  sha733
රස ගුණ පිරි දේ
 12 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 07:00 AM

    ඔබත් මේ එළවළු හා පළතුරු වල හොදම කොටස් ටික කන්නෙ නැතිව ඉවත දමනව ද?

    අපි එදිනොදා අහාරයට ගන්නා ගොඩක් එළවළු සහ පළතුරු වල පෝෂණ ගුණයෙන් යුක්ත කොටස් නොදැනුවත් කමින් ඉවත් කරනවා. ගොඩක් වෙලාවට අපි එහෙම කරනවා කියලා දන්නේත් නැහැ. මේ ඔයාල නිතර කෑමට ගන්න එළවළු හා පළතුරු වලින් කෑමට නොගෙන  ඉවත දාන එහෙත් පෝෂණ ගුණයෙන් ඉහල කොටස් කීපයක්.

    ඇපල් පොත්ත

    ගොඩක් අය ඇපල් කනකොට එහි පොත්ත ඉවත් කරන්නේ එහි දූවිලි සහ කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය තියනවා කියන නිසයි. ඇපල් පොත්තේ අඩංගු වන quercetin කියන විශේෂ ප්‍රතිඔක්සිකාරකය නිසා පෙනහළු සහ මොලයට ප්‍රතිලාභ රැසක් අත් කර දෙනවා. ඇපල් පොත්ත මදයට වඩා කෙදි සහ විටමින් වලින්ද ගොඩක් වැඩියි. මේ නිසා ඇපල් පොත්ත ඉතාමත් ගුණ දායකයි. ඇපල් කනකොට කවදාවත් පොත්ත නම් ඉවත් කරන්න එපා. පොත්ත හොදින් සේදුවානම් හරි.


    නිවිතිය දඩු

    නිවිතිය පත්‍ර වල යකඩ අඩංගුයි කියල අපි හැමොම දන්නවා. අපි නිවිතය ආහාරයට ගන්නකොට ගොඩක් වෙලාවට එහි කොලය විතරයි ආහාරයට ගන්නේ.  ඒත් නිවිතිය දඩු වල glutamine කියන ඇමයිනෝ අම්ලය අන්තරගත වෙනවා. මේ ඇමයිනෝ අම්ලය අපේ ශරීරය සුවකිරීමේ, වර්ධනය කිරීමේ සහ අළුත්වැඩියාකිරීමේ කටයුතු වලට ඉතාමත් වැදගත් සංඝටකයක්.  නිවිතිය පිසගන්න කොළ කපන විට ඒ එක්කම දඩුත් පොඩිවට කපාගෙන ව්‍යාංජනයට එකතු කරගන්න.


    දොඩම් ලෙල්ල

    දොඩම් කියන්නේ විටමින් C සහිත ආහාරයක්. ඒත් දොඩම් ලෙල්ල සතු සුවිශේෂී ගුණ ගැන ඔබ දන්නවාද? දොඩම් ලෙල්ලට අපේ රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ සුවිශේෂී හැකියාවක් තියනවා. මේ හැකියාව කොලෙස්ටරෝල් වලට ලබා ගන්නා සමහර ඖෂධ වලටත් වඩා ප්‍රභලයි. ඒ විතරක් නෙවෙයි හදවත් රෝග වලින් අපව ආරක්ෂා කිරීමේ හැකියාවත් තියනවා. දොඩම් වලට විතරක් නෙවෙයි දොඩම් පවුලේ අනිත් පළතුරු මේ හැකියාවන් තියෙනවා. එහෙම කීවට දොඩම් ලෙල්ල පිටින්ම ආහරයට ගන්න බැහැ. ඒ නිසා දොඩම් ලෙල්ල කුඩා කැබලි වලට කුඩු කර ආහාර වලට එකතු කරගන්න.


    බීට් රූට් කොළ

    අපි ගොඩක් වෙලාවට කන්නේ බීට් රූට් වල අල විතරයි. සමහර වෙලාවට කොළ තිබ්බත් ඒවා ඉවත් කරනවා. ඒත් බීට් කොළ වල කෙදිකැල්සියම්යකඩ හා A , K යන විටමින් වර්ග අන්තර්ගත වෙනවා. ඒක නිසා බීට් පිසින විට කොළ ටික ඉවත නොදා ව්‍යංජනයට එකතු කරගත්තොත් ගොඩක් හොදයි.


    පැණි කොමඩු පොත්තේ සිවිය

    පැණි කොමඩු වල අපි හැම විටම ආහාරයට ගන්නේ රතුපාට මාංශල කොටස පමණයි. පොත්තත් එකක් ඉවත් කරන සුදු පාට කොටස අපි ආහාරයට ගන්නේම නැති තරම්. ඒත් ඔබ දන්නවාද මේ සුදුපාට කොටසේ L-citrulline කියන ඇමයිනෝ අම්ලය අන්තර්ගතයි කියලා. මෙයින් ශරීරයේ ක්‍රියාශීලී භාවය වැඩි කරන අතර මාංශ පේශීවල වේදනාව දුරු කිරීමේ හැකියවක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි රුධිරයේ නයිට්‍රජන් ඉවත් කිරීමේ හැකියාත් කොමඩු පොත්තට තියෙනවා. මීට පස්සේ කොමඩු කන විට පොත්ත රැහැල ඉවත් කරලා සුදු පාට කොටසත් එක්කම ආහාරයට ගන්න.


    රාබු කොළ

    රාබු කොළ නම් ගොඩක් අය ඉවත් දමන්නේ නැහැ. ඒත් රාබු කොළ කෑමට නොගන්න අය එහි පෝෂණ ගුණය දැනගත හොත් ඒවා නැවත ඉවත දමන එකක් නැහැ. මෙහි විටමින් A , K ඉතාමත් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒ වගේම කෙදි, යකඩ, පොටෑසියම් සහ තවත් ඛණිජ ලවණද රාබු කොළ වල අන්තර්ගතයි.


    අර්තාපල් පොත්ත

    අර්තාපල් පොත්ත නම් අපි කොහොමටත් ආහාරයට ගන්නේ නැහැ. ඒත් අර්තාපල් පොත්තේ කෙදි, විටමින් B,C  යකඩකැල්සියම් සහ පොටෑසියම් අන්තර්ගත වෙනවා. ඔයාලට පුළුවන් නම් අල තම්බනකොට පොත්ත් එක්කම තම්බලා ආහාරයට ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.


    වට්ටක්කා ඇට

    වට්ටක්කා ඇට අපි කවදාවත් වට්ටක්කා ව්‍යංජනයට දාන්නෙම නෑ. වැරදිලා හරි වැටිල තිබුණොත් අපි ඒ අටය අයින් කරල තමයි කන්නේ. ඒත් වට්ටක්ක ඇට කෝප්ප භාගයක දිනකට අවශ්‍ය මැග්නීසියම් ප්‍රමාණය අන්තර්ගතයි කියලා පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. මැග්නීසිය් අඩු වූ විට හෘද රෝග, ඔස්ටියෝ පොරෝසිස් සහ ඔළුවෙ කැක්කුම වගේ රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේවගේ යකඩ සහ ප්‍රොටීන් ද අන්තර්ගතයි. වට්ටක්කා ඇට වල තවත් සුවිශේෂී ගුණාංගයක් වන්නේ අනවශ්‍ය කොලෙස්ටරෝල් පාලනය කිරීමට ඇති හැකියාවයි.

    ඒත් අපි මුදල් ගෙවල හරි, ගෙදර හදල හරි ගන්න මේ ආහාරවල තියෙන වැදගත් පෝෂණීය කොටස් ආහාරයට නොගෙන නිකරුණේ අපතේ හරින එක අපරාධයක්. ඒ නිසා හැකි සැම විටම මේ දේවල් ආහාරයට ගෙන නිරෝගීව ඉන්න ඔයත් උත්සාහ කරන්න.

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Oct 2016 03:29 AM
    අපි කරන්නේ ගුණවත් කොටස ඉවත් කිරීම
    ඉතා වැදගත් ලිපියක්.. ස්තූතියි නංගී..
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    08 Oct 2016 07:30 AM
    එක නේ හොදම හරිය නේ අයින් කරලා තියෙන්නේ මෙතුවක් කල් ...බොහොම ස්තුති නගෝ විස්තර වලට.
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Oct 2016 10:03 AM
    වටිනා විස්තරයක් නංගි.
    මේක ගොඩ දෙනෙක් දන්නේ නෑ.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Oct 2016 10:14 AM
    ඒකනේ මෙයින් එක දෙයක්වත් කරන්නෙ නැහැනේ.
    ස්තූතියි මේ දේ ගැන දැනුවත් කලාට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    08 Oct 2016 10:21 AM
    මෙහෙ අය රාබු, නෝකෝල් කොළ කන්නේ නැහැ. ඒවා කන්න දෙන්නේ හාවන්ට. ඉතිං අපි ඒ කොළ අපේ හාවන්ට කියලා ගෙනත් අපි කනවා..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    09 Oct 2016 02:01 AM
    Posted By samantha on 08 Oct 2016 10:21 AM
    මෙහෙ අය රාබු, නෝකෝල් කොළ කන්නේ නැහැ. ඒවා කන්න දෙන්නේ හාවන්ට. ඉතිං අපි ඒ කොළ අපේ හාවන්ට කියලා ගෙනත් අපි කනවා..

    අයියලත් කපටිම නැහැ නේද
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    09 Oct 2016 03:53 AM

    දැන් අරුමයක් වූ එදා ගම

     

    නුදුරු අතීතයේ දී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ ස්වයංපෝෂිත ගම්මාන තිබුණ බව නොරහසකි. ඒ ගම්මාන සඳහා පිටතින් ගෙන එන ලද්දේ ලුණු පමණකි. අනික් සියලු ම ද්‍රව්‍ය ගමේ ම නිපදවූවා පමණක් නො ව ගමේ නිපදවන වැඩිපුර දේ අලෙවි කිරීමෙන් ආදායමක් ද ලබා ගත්තෝ ය. ඔවුහු මෙසේ ගම ගෙදර සකස් කළෝ ය.

    ප්‍රධාන වැවිල්ල වශයෙන් තම ඉඩමේ පොල් වගා කරන අතර කොස් ගස් හත අටක් ද සිටුවන ලදී. වැල වරකා ගස් මේ අතර විය. වත්ත මායිම් වටේට ම පුවක්ගස් සිටුවූහ. වත්තේ මුඩු ප්‍රදේශවල රට දෙල් ගසක් ද ඈත කොණක වල්දෙල් ගසක් ද විය. අඹ, රඹුටන්, පේර සහ වෙනත් පලතුරු වර්ග ද තැනින් තැන විය. කෙසෙල් ද, ගස් ලබු, කජු, බෙලි, දිවුල් සහ ගේ ආසන්නයේ දෙහි, දොඩම් ගස් විය.

    ගම ආසන්නයේ හේනේ කුරක්කන්, අමු, වැනි ධාන්‍ය වර්ග සහ වට්ටක්කා, පුහුල්, ලබු, මඤ්ඤොක්කා, බතල සහ උක් ගස් ද විය. සෑම ගෙදරක ම අල පාත්ති කීපයක් ද බුලත් පාත්ති කීපයක් ද විය. හිඟුරල, රට අල, බතල, කිරිඅල, කුකුළල එහි වගා කරන ලදී. මේ අතර කිරි එළදෙනක් ද ඇති කළෝ ය. සමහර ගෙවල කුකුල් කොටුවක් ද විය. කුඹුර ආසන්නයේ දෙනිකඩේ එළවළු කොටුවකි. තමාට අවශ්‍ය එළවුළු එහි විය. කෙසෙල් පඳුරු කීපයක්, කහ, ඉගුරු පාත්ති සහ බෙහෙත් පැළෑටි ද ඒ අතර විය.

    පොල්පලා, එලබටු, ඉරමුසු, ඉරිවේරිය, කෝමාරිකා, හාතාවාරිය, වැල්පෙනෙල ද වූ අතර නොවරදවාම ළිඳ ළඟ කොහිල වලක් ද විය. ඉබේ වැවෙන බෙහෙත් ද්‍රව්‍ය වත්තේ වැවෙන්නට ඉඩ හරින ලදී. අක්කපාන, කතුරුපිල, එඬරු, රුක් අත්තන, වෙනිවැල්, ඔලිඳ, මොණරකුඩුම්බිය, ආපසුමදු, බැවිල, තුඹ, තෝර, ඇත්තෝර, අස්වැන්න, දියමෙනේරිය වැනි දෑ ඉබේ වැවෙන්නට ඉඩ හැරිය අතර ඒවායින් සමහර ඒවා ඖෂධ වශයෙන් ද පලා වශයෙන් ද ප්‍රයෝජනවත් විය. ගම්මිරිස්, කෝපි, කරාබු, සාදික්කා වැනි දේ ද වත්තේ විය.

    ගේ ඉදිරිපස දාස්පෙතියා හෙන්දිරික්කා ආදී මල් වර්ග ද විය.

    ගෙදරට අවශ්‍ය වළං, රෙදි, ආයුධ, ආභරණ, ගෘහභාණ්ඩ, ගමෙන්ම සැපයිණ. රෙදි සේදීම, ගොඩනැඟිලි සෑදීම ගමේම අය කළහ. රන්කරුවන්, කුඹල් කරුවන්, කම්මල් කරුවන්, පේෂකාරයින් ගමට අවශ්‍ය දේ සපයා දුන්හ.

    මේ හැර ගම ගෙදර වී බිස්ස නිතර ම වීවලින් පිරී තිබිණ. දුම හා අටුව කජු, දෙල් ඇට, අටුකොස් ඇට සහ මදුලු, කොට්ට පොල් ආදියෙන් පිරී තිබිණ. කුස්සිය මුල්ලේ කොස්ඇට මුල්ලකි. දුම යට එල්ලූ මලුවල බිත්තරට ගන්නා ඇට වර්ග ය. දුමෙන් වේලූ කොප්පරාවලින් ගෙදරට අවශ්‍ය තෙල් ලැබේ. පහන් දැල්වීම, හිසේ ගෑම, බැදුන් සහ කැවුම් කොකිස් ආදියට ඒවා උපකාරී විය.

    ගමේ සෙක්කුවෙන් ඒවා හිඳින ලදී. ගමට එන තොරොම්බල් කාරයාත්, පුවක් සොයන්නාත්, රෙදි පොට්ටනිකාරයාත්, මුදලාලිත් ගමට අවශ්‍ය බඩු සැපයූ අතර මිලදී ගත්තෝ ය. යාන වාහන සඳහා රේස් තිරික්කලය, බක්කි කරත්තය, බර කරත්තය ප්‍රයෝජනයට ගත්හ. ගමේ ජලාශවලින් අවශ්‍ය මත්ස්‍ය සම්පත ද කැලයෙන් මස් ද ලැබිණ. වක්කඩවල්වල ඉරටි තැබීම වලවල් ඉසීම ආදියෙන් අල්ලාගත් මසුන් වැඩිපුර හරිය ලුණු දමා වේලා කරවල කළ අතර මස් ද වියලා තබා ගත්හ.

    ගොරක, බිලිං, කුරුඳු, කරාබු නැටි ආදිය ද වත්තෙන්ම ලැබිණ. සෞඛ්‍ය සේවා සඳහා ගමේ වෙද මහතා ද ගම පාලනය සඳහා ගමේ ආරච්චි රාල ද විය. රෝහල් නොතිබුණ ඒ කාලයේදී ලෙඩ රෝග සඳහා සිංහල බෙහෙත් කරන ලදී. ගමේ පොදු ළිඳ හෝ වැව, කඩ පල, විහාරස්ථානය සැලකිය යුතු තැන් ය. පෝය දිනට සෑම කෙනෙක් ම පන්සල් ගියෝ ය.

    ඉගෙනීම සඳහා ගියේ ද පන්සලටය. ගමරාල, ගම්බාරයා, වෙල් විදානේ ගමේ අනෙක් ප්‍රධානීන් විය. බෙලිමල්, කෝපි, රණවරා, නීරමුල්ලිය වැනි දේ බීම සඳහා ගත් අතර උක්ගස් කපා මිරිකා උණුකර පැණි සහ හකුරු ද කිතුල් ගස්වල මීරාවලින් පැණි සහ හකුරු ද කිතුල් ගස්වල මීරාවලින් පැණි සහ හකුරු ද නිපදවා ගත්හ. තලවලින් තල තෙල්, කැකුණ තෙල්, මීතෙල්, දොඹ තෙල්, පොල් තෙල් වැනි තෙල් වර්ග ද නිපදවා ගත්හ.

    අමුත්තකු ගෙදරට පැමිණි විට කොට්ට කජු හෝ තල කැරලි සාදා පිළිගන්වන ලදී. කොස් ඇට බැද පොල් සමඟ කොටා අග්ගලා හැදීම, මයියොක්කා පිටිවලින් රොටී පිට්ටු සෑදීම ද කළහ. උදයට කොළ කැඳ, රාත්‍රියට කුරක්කන් පිට්ටු හෝ තලප කෑමට ගත්හ. සෑම ගෙදරකම කුරක්කන් ගලක් විය. ගමේ සෙක්කුවක් ද රෙදි වියන ස්ථානයක් ද විය. මේ සඳහා අවශ්‍ය දේ ගමේ ම විය.

    කරත්ත සෑදීම අවි ආයුධ සෑදීම ගමේ කම්මල හා වඩු මඩුව විසින් නිපදවන ලදී. ඒවාට මුදලින් හෝ ද්‍රව්‍යවලින් ශ්‍රමය සඳහා ගෙවන ලදී. ගමේ සෑම බිම් කොටසක්ම කුමන හෝ වගාවකට යොදා ගන්නා ලද අතර ගමට අවශ්‍ය දේ මෙන්ම අහල පහල ගම්වලට අවශ්‍ය ද්‍රව්‍ය ද නිපදවන ලදී.

    ”දෙල් දෙමසක් කාපල්ලා
    හල් දෙමසක් කාපල්ලා
    බිනර මසට මං එනවා නාඬල්ලා”

    පැරණි ගැමියන් මෙලෙස කියන්නේ “අහේම” කාලය මතක් කිරීමට ය. අහේම කාලය කියන්නේ කොස් හෝ දෙල් හෝ නැති කාලයයි. මේ කාලයට හල්, දෙල් (කැලෑ) මඩු වැනි ආහාරයට ගත හැකි ගෙඩි වර්ග ඇත. හල් කටුවෙන් හල් ගෙඩි ගාගෙන පොට්ටනියක් බැඳ ගලායන වතුර පාරක හෝ පීල්ලක බැඳ වතුර වැක්කිරීමට සලස්වයි. එවිට හල්වල ඇති අධික කහට ගතිය සේදී යයි. නැත්නම් තිත්ත රසය. පසුව පොල් හා හාල් පිටි ටිකක් දමා අනා පිට්ටු සාදති. පිට්ටු සේම හල් ගුටි ද රසවත් ය. ගුටි සාදන්නේ පොල්, පිටි, සීනි යොදා අනා කැන්ද කොළවල තුනී කර වණ්ඩුවේ තම්බා ගැනීමෙනි. එසේම මඩු ඇට ද වියළා කොටා පිටිගෙන පිට්ටු සාදති. මඩුගස්වල විශාල වලු වශයෙන් මඩු හටගනී. ඒවා පොතුහැර ඇට පලා අව්වේ ලා වේලා ගනිති. ඒවායින් සාදන පිට්ටු රසවත් ය. අවාරයට වල්දෙල් සෑදේ.

    ඒවා කඩා මදුලු සහ ඇට එකට තම්බා කෑමට ගනිති. වල් දෙල් ඉතා රසවත් මෙන්ම ඖෂධීය කෑමකි. වාත අමාරුවලට දෙල් ඇට තෙල් ගානු ලැබේ. වියළි දෙල් ඇට පොල් සමඟ කොටා සීනි දමා කෑමට ද අමු දෙල් ඇට බැද එසේම පොල් සීනි දමා කෑමට ගනිති. දෙල් ඇට තම්බා ඒ වතුර පෙරූ විට වතුරේ මතුපිට තෙල් පෑදේ. ඒ තෙල් ගෙන උණුකර ගනිති. අවාරයට කෑමට ගැනීමට අටුකොස් මදුළු, ඇට, වැලිකොස් ඇට ප්‍රයෝජනවත් වේ. අටුකොස් මදුළු වැලි කොස් ඇට සමඟ තම්බා පොල්, ලුණු මිරිස් යොදා හැඳිගා කෑමට ගනිති. සමහර අය ඒවා තැම්බෙන විට පෙති තෝර කොළ ද නැතහොත් මුරුංගා කොළ ද යොදති. හේන් වාරයට පැලේ මයියොක්කා තැම්බීම කරන ගොවියා මඤ්ඤොක්කා තැම්බී ගෙන එන විට එම හැලියට බතල කරටි ටිකක් දමා ඒවා තැම්බුණ පසුව ඉවතට ගෙන කොච්චි මිරිස් හා ලුණු දමා අනා ගනිති. එය මඤ්ඤොක්කා කෑමට ඉතා රසවත් ලුණු මිරිසකි.

    අවාරයට ගැමියන්ගේ ගෙවල්වල කෑමට නොයෙක් වර්ගයේ ආහාර රැස්කර තබාගනිති. වැල් අල වර්ග, එනම් රාජ අල, හිඟුරල, කුකුලල, ජාවාල, කිරිඅල, ප්‍රධාන වේ. මේ හැර සමහර අය පොලොං හබරල නමැති වල් හබරල අල ද කඳු යෝදයා කඳල් නමැති කහපාට අල සෑදෙන හබරල වර්ගය ද ආහාරයට ගනිති. සෑම ගෙදරකම දුමේ මෙන්ම අටුවේ ද නොයෙක් වර්ගයේ ආහාර ද්‍රව්‍ය රැස් කරගෙන ඇත.

    එසේම දුමේ දැමූ කොට්ට පොල්, දුමේ එල්ලන ලද බඩඉරිඟු ද, දුමේ මලුවල කුරක්කන් අමු, මෙනේරි, තණ, මුංඇට, කව්පි, මෑ ඇට ද ඇත. ඒ නිසා අවාරය ගැමියනට අවාරයක් නොවේ. වියලන ලද මස් වර්ග සේම මාළු වර්ග ද ඔවුනට අරුමයක් නොවේ.

    ගෙවත්තේ වී පෙට්ටියෙන් ලබා ගන්නා ලද මී පැණි හෝ කිතුලෙන් ලබාගන්නා කිතුල් පැණි, පට්ටියෙන් ලබාගන්නා මී කිරි කෙතරම් රසවත්ද? වත්තේ ගස්වලින් ලැබෙන ගඩා ගෙඩි. එනම් අඹ වාරයට අඹ, රඹුටන් වාරයට රඹුටන්, ඩූරියන් වාරයට ඩූරියන්, අන්නාසි වාරයට අන්නාසි ඔවුනට නො අඩුව ලැබේ.

    වර්තමානයේ දී මේ ස්වයංපෝෂිත ගම් ඇත්තේම නැතිතරම් ය. හරිත උයන් නිසා උඩරට ස්වයංපෝෂිත ගම් අතුරුදහන් විය. පහත රට ද එසේ ම ය. වාණිජ වැවිලි නිසා ධනපතියන් දියුණුව ඔවුන් වලව් ඇති කළේ දුප්පතාගේ කරපිටින් යමිනි. අසරණ ගම්වැසියන් ඔවුනගේ වහලුන් විය. එදා තිබුණ ස්වයංපෝෂිත ගම් ඇත්නම් කාර්යාලවල කුරුටුගෑමට තරුණ තරුණියන් නොයනු ඇත. ඔවුන් අද ඒවාට යොමුවී ඇත්තේ ජීවත්වීමට වෙන ක්‍රමයක් නැති නිසා ය.

    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Oct 2016 09:16 AM
    දැන් මේ දේවල් වලින් බොහොමයක් අපේ ගම් වල නෑ.
    ගම, නගරය දැන් වෙනසක් නැතුවා වාගෙයි.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    09 Oct 2016 05:18 PM

    නියමයි පොඩ්ඩී අක්කී..

     

    දිනයක වැටහේවී...........
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    10 Oct 2016 03:06 PM
    ස්තුති පොඩ්ඩි ඔයාගේ මහන්සියට. වටිනා දෙයක් අපිට දෙන්න උත්සාහ කරාට ගොඩාක් ස්තුති
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    10 Oct 2016 07:43 PM
    ඒ අපේ ගම දැන් අපිට නැ ලිපිය කියවද්දී මැවිලා පෙන්වා .
    ස්තුති නගෝ ලිපියට .
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Oct 2016 10:08 AM
    අපේ ගම වගේම තමා දැන්නං ලස්සන නැහැ
    ඒහෙ යන්න හිතෙන්නෙත් නැහැ දැං හරිම වෙනස් ගමක් නෙවේ ටවුන් එකක වගේ
    0
    You are not authorized to post a reply.