You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 27 Jan 2016 09:00 AM by  Rosi
ජපනුන්ගෙ සුද්දන්ගෙ වාහන 10කට කියන අපේම නම්
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
21 Jan 2015 12:24 AM
     
     

    Volkswagen මෝටර් රථ නිෂ්පාදන කම්හලක් ලංකාවට එන හැඩ

     

    Volkswagen මෝටර් රථ නිෂ්පාදන කම්හලක් ලංකාවට එන හැඩ

    ජර්මනියේ Volkswagen මෝටර් රථ නිෂ්පාදන සමාගම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලංකාවේ ඉදිකිරීම සඳහා කැමැත්තකින් පසුවන බව මෙරට ජර්මන් තානාපති ජෙර්ගන් මොර්හාර්ඩ් මහතා ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දී තිබේ.

    මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන Volkswagen සඳහා අවස්ථාව ලබාදීමට ලංකාව සූදානම් බවත් ජර්මනිය වැනි කාර්මික තාක්ෂණය සඳහා විශාල ධාරිතාවයක් තිබෙන රටක් සමග වඩාත් සුහදත්වයෙන් කටයුතු කිරීමට සූදානම් බවයි.

    2008 වසරේ සිට Volkswagen සමාගම ලංකාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අදහසකින් සිටියත් විවිධ හේතූන් හමුවේ එය සපුරා ගැනීමට නොහැකිවූ බව මෙහිදී ජර්මන් තානාපතිවරයා සඳහන් කර තිබේ.

    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    21 Jan 2015 04:23 AM
    මෙන්න කරනවානම් වැඩ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    21 Jan 2015 06:15 AM
    අනිවා.මේවා වෙන්නම ඕනේ වැඩ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jan 2015 08:12 AM

    මේ වගේ ආයෝජකයින්  ගෙනවා ගත යුතුයි. පසුගිය කාලේ කොමිස් ප්‍රශ්න නිසා ගොඩක් ආයෝජකයින්  මෙහි ඒම ප්‍රතික්ෂේප කලා.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    21 Jan 2015 08:15 AM
    Posted By samantha on 21 Jan 2015 08:12 AM

    මේ වගේ ආයෝජකයින්  ගෙනවා ගත යුතුයි. පසුගිය කාලේ කොමිස් ප්‍රශ්න නිසා ගොඩක් ආයෝජකයින්  මෙහි ඒම ප්‍රතික්ෂේප කලා.

     

    me kathawa shatika atha........

     

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Jan 2016 10:05 PM

    ලංකාවේ අපි පාවිච්චි කල ලස්සනම Classic වාහන 6ක්

    අද කාලේ තාක්ෂණික දියුණුවත් එක්ක වාහන නිපදවීම ඉතා ඉහලයි. ඒත් ඔබට මේ වාහන බොහොමයක් එකම ආකාරයේ ඒවා කියලා හිතුනේ නැත්ද? නිදසුනක් විදිහට වර්තමානයේ නිපදවන හයිබ්‍රිඩ් වාහන වර්ග වලින් වෙනස් උනත් ඒවා පෙනුමෙන් එකම ආකාරයේ ඒවා.

    නමින් වෙනස් වුනත්, පෙනුමෙන් එකයි.

    නමින් වෙනස් වුනත්, පෙනුමෙන් එකයි.

    එත් අපිට මීට වඩා ලස්සන වාහන අතීතයක් තිබුනා, එක එක වර්ගයේ එක එක හැඩයේ, එකකට එකක් වෙනස් වාහන ඒ කාලේ නිපදවුනා.අපි කතා කරන්නේ යන්නේ ඒ සුන්දර වාහන අතීතයෙන් අවස්ථා කිහිපයක් ගැන.
     

    1. ෆෝක්ස්වැගන්බීට්ල් හෙවත් ජනතාවගේ වාහනය
    ෆෝක්ස්වැගන් බීට්ල්

    අපූරු මෝටර් කුරුමිණියා

    Source – thetimes.co.uk

    අපේ තාත්තලා තරුණ වියේ සිටින විට අතිශය ජනප්‍රිය වාහනයක් වෙලා තිබ්බ බීට්ල් එක, තවමත් මග තොටේදී දකින්නට නොලැබෙන්නේම නැහැ. දෙවන ලෝක යුද්ධ සමයට පිවිසෙද්දී ප්‍රවාහන අවශ්‍යතා සපුරන්නට ඇඩොල්ෆ් හිට්ලර්ගේ අදහසක් මත ෆර්ඩිනැන්ඩ් පොර්ෂ විසින් නිර්මාණිත ෆෝක්ස්වැගන් බීට්ල් රථය, ජනතාව අතර ජනප්‍රිය වෙන්න එහි සුවිසේෂ හැඩය හේතු වුනා කිව්වොත් හරි. සිසිලන පද්ධතිය සඳහා සුළං භාවිත කරන ලද මේ අපුරු මෝටර් කුරුමිණියා වන බීට්ල් රථයේ සිලින්ඩර් 4ක, අශ්වබල 40ක, 1200 CC ඇලුමිනියම් මග්නේසියම් එන්ජිමකින් සමන්විත වුනා.

     

    2. මොරිස් මයිනර් හෙවත් මැදපන්තියේ තේරීම.
    මොරිස් මයිනර්

    සුළු කාලයක් ඇතුලත් ලංකාවේ වෙළඳපොල ග්‍රහණය කරගත්තා

    Source – classiccars.lk

    බ්‍රිතාන්‍ය පාලන කාලය අවසානයේ ඔවුන් මෙරටින් යන විට අපට දායාද කරගිය වාහන කිහිපයෙන් එකක් විදියට මොරිස් මයිනරය හඳුන්වා දෙන්නට පුළුවන්. එංගලන්ත වෙළඳ පොලට නිකුත් කල මේ වාහනය ඉතාමත් සුළු කාලයක් ඇතුලත් ලංකාවේ වෙළඳපොල ග්‍රහණය කරගත්තා. වාහනයේ පවතින සුවිශේෂී හැඩයත්, ඇතුලත පවතින වැඩි ඉඩකඩත් එකල මධ්‍යම පාන්තික පවුල් වල ප්‍රධාන වාහනය වෙන්න බලපෑවා කියන්නට පුළුවන්.
     

    3. මර්සේඩීස් බෙන්ස් S600 හෙවත් ජර්මනියේ උපන් ධනවත් ජේත්තුකාරයා
    මර්සේඩීස් බෙන්ස්S600 හෙවත් ජර්මනියේ උපන් ධනවත් ජේත්තුකාරයා

    ධනවතුන්ගේ හොඳ තෝරාගැනීමක්

    Source – classiccars.lk

    1960 – 1965ත් අතර ලංකාවට එක සුවිශේෂී වාහනයක් ලංකාවට ආවා, මීට කලින් මේ වාහනයේ ලොරි බස් රථ වැනි දේ මේ රටේ තිබුනත්, ඉහල මධ්‍යම පන්තියට තමන්ගේ තත්ත්වය පෙන්නුම් කරන්නට මේ තරම් හොඳ වාහනයක් ඊට පෙර තිබුනේ නැහැ. ඇතුලත සුපිරි නිමාව, සුන්දර පෙනුමත් එක්ක ඉන්ධන ලීටරයකට සාධාරණ දුරක් ධාවනය කරන්නට හැකිවීම කියන කාරණා එක්ක, බෙන්ස් රථයක් කියන්නේ එකල ධනවතුන්ගේ හොඳ තෝරාගැනීමක් වුනා.
     

    4. මිනි කූපර් – ලොව ජනප්‍රියතම මෝටර් විලාසිතා සලකුණ
    මිනි කූපර් - ලොව ජනප්‍රියතම මෝටර් විලාසිතා සලකුණ

    පරිමාවෙන් 80% ක ඉඩක් වාහනයේ ගමන් කරන අය වෙනුවෙන් වෙන් කර ඇත

    Source – classiccars.lk

    මිනිකුපර් ගැන කියන කොට අපිට මතක් වෙන්නේ මැඩෝනා ගායනා කරන “American life”ගීතයේ කොටසක් “I drive my Mini Cooper and I’m feeling super-duper”.
    Madonna

    මුල්කාලයේදී එතරම්ම ජනප්‍රියත්වයක් ලැබුවේ නැති උනත් 1965දී තිරගත වූ “The Italian Job”. චිත්‍රපටය නිසා තමන්ගේ අලෙවිය සිතාගන්නට නොහැකි තරම් ඉහල ගිය වාහනයක්.

    Italian Job

    මෝටර් රථයකටත් වඩා එය විලාසිතාවක් බවට පත් වුනා කිව්වොත් නිවැරදීයි. එහෙත් වාහනයේ පරිමාවෙන් 80% ක ඉඩක් වාහනයේ ගමන් කරන අය වෙනුවෙන් වෙන් කර ඇති එකම වාහනය මේ මිනිකුපරයයි. මේ වෙනකොට එකම මොඩලයෙන් වාහන වර්ග 30ක් පමණ විවිධ සමාගම් හරහා නිකුත් කර ඇති අතර, වර්තමානය වෙනකොටත් තරුණ පරම්පරාව අතර තවමත් ජනප්‍රිය එකම වාහනය කියලා හඳුන්වා දෙන්නට පුළුවන්.

     

    5. හිල්මන් මින්ක්ස් – සහනදායි සුවපහසුව
    හිල්මන් මින්ක්ස් - සහනදායි සුවපහසුව

    තවමත් යාපනය වගේ පලාත් වල ටැක්සි සඳහා හිල්මන් මෝටර් රථ පාවිච්චි කරනවා

    Source – danweemlanka.com

    ලංකාව ඇතුලේ හිල්මන් මෝටර් රථය ජනප්‍රිය වුනේ ටැක්සි රියදුරන් අතර. තවමත් යාපනය වගේ පලාත් වල ටැක්සි සඳහා හිල්මන් මෝටර් රථ පාවිච්චි කරනවා අපිට දැකගන්න පුළුවන්. මිනිස්සු අතර මේ වාහනය ජනප්‍රිය වෙන්න පුළුවන් හේතු විදිහට බලපෑවේ ඉහල වේගයත්, අඩු මිලත් කියලා තමා කියන්නේ. එත් මේ වාහනයේ ඉන්ධන පිරිමැස්ම ටිකක් අඩු බව නම් කියන්න ඕනේ.
     

    6. ලැන්ඩ් රෝවර්Series 01 – බර්මින්හැම් හි උපතලද ලොව සුප්‍රසිද්ධ ඉඩම් වාහනය.
    ලැන්ඩ් රෝවර් Series 01

    ලංකාවට ඇවිත් අවුරුදු 80කටත් වැඩියි

    Source – classiccars.lk

    වර්තමානය වෙනකොට ඉතාම ඉහල මිල අධික ජීප් රථයක් ලෙසින් හඳුන්වන මේ වාහනය ලංකාවට ඇවිත් අවුරුදු 80කටත් වැඩියි. දුර්ග පාරවල් වල ප්‍රවාහන කටයුතු කරන්නට සහ ඉඩම් අවශ්‍යතා වලට පාවිච්චි කරන වාහනයක් විදියට ජනතාව අතරට එකතු උන මේ වාහනය අද ගොඩක් දුරට භාවිතා කරන්නේ නැති උනත්, කුරුණෑගල, හබරණ වගේ ප්‍රදේශ වල අනෙකුත් පළාත් වලට සාපේක්ෂව වැඩිපුර භාවිතා වෙනවා. අනෙකුත් වාහන වලට වඩා මේ වාහනේ විශේෂ වෙන්නේ මෙයින් කරන්නට පුළුවන් වැඩ ප්‍රමාණය අනෙක් වාහන වලින් කරන්නට තියා සිතන්නට වත් බැරි නිසයි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Jan 2016 11:04 PM

    මේවා පරන වුනත් මාර හයියයි.දැන් තියෙන ඒවා හැප්පුනොත් sorryma තමයි.

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Jan 2016 12:51 AM
    එන්ජින් අවුල් නැත්තං ඇත්තටම මේ වාහන වලට මම ගොඩක් කැමතියි.
    මිනිකූපර් එකනං දැන් අලුත් වෙලා එනවා
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    24 Jan 2016 01:15 AM

    Posted By sha733 on 24 Jan 2016 12:51 AM
    එන්ජින් අවුල් නැත්තං ඇත්තටම මේ වාහන වලට මම ගොඩක් කැමතියි.
    මිනිකූපර් එකනං දැන් අලුත් වෙලා එනවා

     

     


    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    24 Jan 2016 02:06 AM
    ඔය තියෙන්නේ බඩු
    ආස හිතෙනවා අයියේ එක දකිනකොට
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    24 Jan 2016 11:00 AM
    classic ම තමා මේවා නම් ...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    24 Jan 2016 05:35 PM
    ලැන්ඩ් රොවෙර් නම් තවම තියෙනවා යාල යනකොට එහෙම
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Jan 2016 06:30 PM
    වාහන කියන්නේ මම ආසම මාතෘකාවක්..
    මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් නියමයි..
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    24 Jan 2016 06:31 PM
    real classic
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Jan 2016 09:37 PM

    ජපනුන්ගෙ සුද්දන්ගෙ වාහන 10කට කියන අපේම නම්

    “අර බලපන් රුක්මණී මොඩල් එකක්”

    “ඔය කියන්නෙ අත්තනායක මොඩල් එක ගැනනෙ”

    පරණ වෑන් ජාතියක්, කාර් එකක් ඇහැ ගැටුනම සමහරු ටක් ගාල ඒක හඳුන්වන්නෙ මේ වගේ නම් වලින්. ඒ විතරක් නෙමෙයි සමහර පත්තර ඇඩ් වල එහෙමත් පරණ වාහන විකුණද්දි අමුතු නම් යොදල තියනව. ඔබත් පුදුම වෙලා ඇති නේද ඇයි මේ වගේ නම් වලින් වාහන හඳුන්වන්නෙ කියල.

    ඉස්සර කාලෙ ඉඳන් එන මේ වගේ නිර්මාණශීලී නම් හැදිල තියෙන්නෙ වාහන වල පෙනුම, ඒව වැඩිපුර පාචිච්චි කරපු අය වගේ හේතු පදනම් කරගෙනයි. සමහර ඉංග්‍රීසි වචන කියද්දි ටිකක් පැටලෙන නිසා වාහන විකුණන අය දාපු නමුත් මේ අතර තියනව.
    සමහර නම් පසුපස තිබෙන්නේ රසබර සිදුවීම්. තවත් සමහරක් පිටුපස දුක්බර සිදුවීමුත් ගැබ්වෙලා නොතිබෙනවා නොවෙයි.
    පහත දක්නට ලැබෙන්නෙ එවැනි අපූරු නම් වලින් හඳුන්වන ලංකාවෙ දකින්න ලැබෙන විදෙස් වාහන කිහිපයක් පිළිබඳ තොරතුරුයි.

     

    1. රුක්මනී මොඩල් – Toyota Hiace
    Rukmani

    අවාසනාවකට යෙදුණු නමක්
    Source – japanesenostalgiccar.com

    අහල තියනවද රුක්මණී මොඩල්? ලංකාවේ කතානාද සිනමාවේ මුල්ම නිළිය වන රුක්මනී දේවියගේ මරණය සිදුවන්නේ හදිසි අණතුරකින්. ඒ 1978 වර්ෂයේදීයි. මේ අවාසනාවන්ත අණතුර සිදුවන විට ඇය ගමන් ගත් වාහනය වී තිබෙන්නේ ටොයොටා හයිඒස් H10 වර්ගයේ වෑන් රථයකුයි. මේ හේතුවෙන් අද දක්වා එම මොඩලයේ වෑන් රථ රුක්මණී මොඩල් නමිනුයි හඳුන්වනු ලබන්නේ.

     

    2. ඩෙලිකා – Mitsubishi Delica

    ඩෙලිකා වෑන් රථ වර්ග දෙකක් ලංකාව ඇතුලෙ වෙනස් නම් වළින් හඳුන්වනු ලබනව. ඒව තමයි මේ.

     

    ජේ. ආර් මූන මොඩල් – Mitsubishi Delica van
    Delica

    හිටපු ජනාධිපතිතුමාට සමානකමක් දරනවා
    Source – 221616.com

    ජේ. ආර් ජයවර්ධන කියන්නෙ ලංකාවෙ විසූ කෘතහස්තම දේශපාලඥයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයෙක්. එතුමාට පිහිටලා තිබ්බ පළල් නලල් තලයක් සහ දිගු නැහැයකින් යුක්ත මුහුණක්. එතුමාගේ ඒ පෙනුමට සමානකම් දැරූ නිසා 80 දශකයේ පමණ දකින්න තිබූ මෙම ඩෙලිකා වෑන් රථය ජේ. ආර් මූණ මොඩලය නමින් හැඳින්වී තිබෙනවා.

     

    කිචි කිචි ඩෙලිකා
    Kichi Delica

    යන අයට කිචි කැවෙන නිසා නම් නෙමෙයි
    Source – green.ap.teacup.com

    Mitsubishi delica T120 කියන වෑන් රථය තමයි මේ නමින් හඳුන්වන්නෙ. ඒකට හේතුවෙලා තියෙන්නෙ මේ රථයෙ යන අයට කිචි කැවෙන නිසා නම් නෙමෙයි. මේ රථයෙන් නැගෙන කිචි කිචි හඬක් නිසාවෙනුයි මේ නම එයට යොදාගෙන තිබෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්න ලොරි බවට හරවපු කිචි කිචි ඩෙලිකා අදටත් ඉඳහිට දක්නට ලැබෙනව.

     

    3. කනේ මයිල් – වොක්ස්වැගන් බීට්ල්
    KaneMayil

    එහි ඇති විශේෂිත cooling උපක්‍රමයක් නිසායි
    Source – flickr.com/allenthepostman

    ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ වාහන හඳුන්වන නමක් තමයි මේ කනේ මයිල් කියන්නෙ. එහෙම හඳුන්වන්න හේතු වෙලා තිබෙන්නේ මේ වර්ගයට අයත් වොක්ස්වැගන් කාර් වල පිටුපස වීදුරුව අසල තිබෙන කොටසක් හේතුවෙන්. මේ වාහන වල එන්ජිම සිසිල් කරන්න අමතර සුළං ධාරාවක් යොදාගැනීමට සඳහා පසුපස වීදුරුව අසල කවාකාර කොටසක් පවතිනවා. මිනිස් කනක ස්වරූපය ගන්නා මෙය තුළ තිබෙන ඉරි රටා නිසා මයිල් සහිත කනක් වගේ ඒ කාලෙ උදවියට පේන්න ඇති.

     

    4. අත්තනායක මොඩල් – ලාන්සර් වැගන්
    Attanayaka

    විප්ලවකාරීය. රස බර කථාවකි.
    Source -autolanka.com

    ලංකාවේ ප්‍රකට විප්ලවීය නායකයෙක් වූ රෝහණ විජේවීර අවසාන වරට අත්අඩංගුවට පත්වීමට ප්‍රථම උලපනේ ප්‍රදේශයට වී “අත්තනායක” නමින් සැඟවුණ ජීවිතයක් ගතකර තිබෙනවා. ඒ කාලයේදී ඔහු භාවිතා කළායැයි පැවසෙන්නේ මේ ආකාරයේ මිට්සුබිෂි ලාන්සර් වැගන් රථයකුයි. පසුකලක අත්තනායක මොඩල් බවට මේ රථය හැඳින්වෙන් පටනගෙන තිබෙන්නේ ඒ හේතුවෙන්.

     

    5. උපාලි ෆියට්
    Upali

    කීර්තිමත්ම ව්‍යාපාරිකයෙකුට සම්බන්ධයි
    Source – wikipedia.org

    ලංකාවෙ හිටපු කීර්තිමත්ම ව්‍යාපාරිකයෙක් වූ උපාලි විජේවර්ධන මහතා 1970 ගණන් වලදී පිටරටින් අමතරකොටස් ගෙනවිත් ලංකාවෙ වාහන එකළස් කිරීම අරඹනව. ඒ විදිහට නිමවෙච්ච ෆියට් කාර් එක තමයි උපාලි ෆියට් නමින් හඳුන්වන්නෙ

     

    6. සදහටම ඔබ මගේ – Nissan serena van
    Sadahatama

    ආදරය හින්ද ද?
    Source – flickr.com

    සදහටම ඔබ මගේ කිව්වම ටිකක් රොමෑන්ටික් ගතියක් තියනවා නේද? ඒ නමින් 1973 නිපදවූ චිත්‍රපටියකුත් තියනවා. අර “අමර පෙම් ලතාවේ” සින්දුව තියෙන්නෙ ඒකෙ.

    හැබැයි මේ සෙරීනා වෑන් රියට මේ නම පටබැඳිල තියෙන්නෙ ඒ රිය හිමියො ඒ රථයට පවතින ආදරය හින්දනම් නෙමෙයි. විවිධ ලෙඩ දෙන නිසා නැවත විකිණීම එහෙමත් නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැතිවීම තමයි ඊට හේතුව. ඉතින් මුල් අයිතිකාරයට සදහටම අයිතිකරගන්න වෙන වාහනයක් හැටියට මෙය ප්‍රසිද්ධ වෙලා තිබෙන්නෙ.

     

    7. ඩොක්ටර් සනී – Nissan Sunny FB 13
    Doctor

    සෙකන්ඩ් හෑන්ඩ් ඉල්ලුම ඇයි ඔච්චර හොඳ?
    Source – wikipedia.org

    1990 ගණන්වල වෛද්‍යවරුන්ට හිමි බලපත්‍ර මගින් ගෙන්වනු ලැබීම නිසයි නිසාන් සනී වර්ගයට අයත් මෙම කාර් රථයට මෙම අපූරු නම පටබැඳී තිබෙන්නේ. මේ වර්ගයේ වාහන වලට සෙකන්ඩ් හෑන්ඩ් හොඳ ඉල්ලුමකුත් තිබුණා මතකයි. මොකද වෛද්‍යවරයෙක්නෙ පාවිච්චි කරල තියෙන්නේ.

     

    8. බටු සනී- Nissan Sunny B210
    Batu

    සයිස් එකටද වැඩ?
    Source – road339.com

    ඉරිදා පත්තර වල, අන්තර්ජාලයේ වාහන විකුණන දැන්වීම් අතර අදටත් නිතර හමුවෙන නමක් තමයි නිසාන් බටු සනී කියන්නෙ. Nissan Sunny B210 තමයි මේ කාරයේ නියම නම වෙන්නෙ. සාමාන්‍ය සනී කාරයකට වඩා කුඩා හුරුබුහුටි බවකින් යුක්ත වන නිසා මේ නම පටබැ‍ඳ ඇති කියා තමයි සිතෙන්නේ.

     

    9. මුක්කන් මූණ
    Mukkan

    විශේෂ කීපයකි
    Source – flickr.com/mecklenburg, flickr.com/sv1ambo

    සිංහල භාෂාවෙ මුක්කන් මූණක් කියල හැඳින්වෙන්නෙ ටිකක් කොට, තැළිච්ච වගේ නහයකින් යුක්ත මූණකටයි. මේ වගේ මුහුණක් සිහිගන්වන ඉදිරිපසකින් යුක්ත වාහන වලට මුක්කන් මූණ නමින් හැඳින්වෙන්න පටන් අරන් තිබෙන්නේ ඒ නිසයි. මුක්කන් මූණ නමින් හැඳින්වෙන වාහන විශේෂ කීපයක්ම තිබෙනවා. ඒ අතරින් මුක්කන් මූන මොරිස් මයිනර් රථ සහ මුක්කන් මූණ බෙන්ස් ලොරි රථය විශේෂයි.

     

    10. ඩොල්ෆින් – Toyota LH102
    Dolphin

    අදත් බහුලයි
    Source – alibaba.com

    ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සහ බහුලව දක්නට ලැබෙන Toyota LH102 නැමැති වෑන් රථය මෙරටදී හැඳින්වෙන්නෙ ඩොල්ෆින් කියන නාමයෙන්. මෙම වෑන් රථයේ ඉදිරිපස කොටස ඩොල්ෆින් මත්ස්‍යයකුගේ මෙන් ඉදිරියට නෙරා පැවතීමයි ඊට හේතුව

     

    11. පළාත් සභා ජීප්/පැජරෝ – Mitsubishi pajero 1980.
    Palath Sabha

    මේවයෙ කොහොමද සෙකන්ඩ් හෑන්ඩ්
    Source – classiccarslist.com

    ඉහත සඳහන් මිට්සුබිෂි ජීප් රථය පළාත් සභා මන්ත්‍රීන් සඳහා විශේෂයෙන්ම ගෙන්වීම හේතුවෙන් එය පළාත් සභා ජීප් වශයෙන් හැඳින්වෙන්න පටන්ගෙන තිබෙනවා.

     

    12. තැපැල් නයින්ටිය – MD 90
    Thapal

    ජපානයේ භාවිතයෙනි මේ නම
    Source – ebay.co.uk

    තැපැල් 90 කියන්නෙ ලංකාවෙ ඉතාම ප්‍රචලිත මොටර් සයිකල් වර්ගයක්. කඳු අදින්න, ඕනැම බරක් පටවගෙන යන්න පුලුවන් සවිශක්තියෙන් යුක්ත බයික් එකක් හැටියටත් මේක හරිම ප්‍රසිද්ධයි. ජපානයේ තැපැල් බෙදීම සඳහා මේ බයිසිකල් වර්ගය භාවිතා වූ බවක් කියවෙනවා. ඒ නිසා මෙයට මේ නම පටබැදෙන්න ඇතැයි කියලයි හිතෙන්නේ .

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    25 Jan 2016 11:36 PM
    ඩොක්ටර් සනියක් මටත් තිබුනා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Jan 2016 01:27 AM
    අදටත් ප්‍රසිද්ධියේ තියෙන නම් ටිකක් තියෙනවා නේද
    ඩොක්ටර් සනී , ඩොල්ෆින්, තැපැල් 90 එහෙම
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Jan 2016 02:42 AM
    වාහන වලට නම් ලැබුණු ආකාරය දැන ගත්තා..
    ගොඩක් ස්තූතියි ලිපිියට...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Jan 2016 02:44 AM
    ඇයි කනෙ මයිල් ..?
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Vita123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    26 Jan 2016 03:07 AM
    නම් ටික අහල තිබ්බට  තේරුම් දැන ගත්තේ අද ... බෝමෝම ස්තුතියි සමන්ත අය්යේ..
    "If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>