You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 May 2019 09:24 PM by  Imalka
මේ මොනවාද ?
 474 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 24 << < 34567 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 12:57 AM


හදුනා ගන්න පුලුවන්ද මොහු කවුරුද කියලා
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
03 Oct 2016 01:09 PM
Posted By Poddi on 01 Oct 2016 12:57 AM


හදුනා ගන්න පුලුවන්ද මොහු කවුරුද කියලා
Pablo Picasso

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 01:21 PM
හරි. ඒ ඔහු තමයි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 06:10 AM


අදුර ගන්න මේ මල්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Oct 2016 06:19 AM
මේ කිතුල් මල්..
අපේ ගෙදර පිටුපස කිතුල් ගහක් තියෙනවා.. ඒ නිසා මේක ගැන හොදට දන්නවා..
උදේට ගහ යට මේ වගේ මල් සිය දහසක් තිබෙනවා...
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 06:47 AM
Posted By indika76 on 04 Oct 2016 06:19 AM
මේ කිතුල් මල්..
අපේ ගෙදර පිටුපස කිතුල් ගහක් තියෙනවා.. ඒ නිසා මේක ගැන හොදට දන්නවා..
උදේට ගහ යට මේ වගේ මල් සිය දහසක් තිබෙනවා...

පුදනකොටම කාපි යකා හිහි
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Oct 2016 08:10 AM
හරි ලස්සනයි නේ කිතුල් මල් .
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 08:28 PM

මේ ගොල්ලෝ අදුරන්න පුළුන්ද බලන්න..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Oct 2016 08:56 PM
හරිම ලස්සන පැටවු ටිකක්...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 09:50 PM

ඉතිං මොන පැටව්ද?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Oct 2016 09:50 PM
මොණර පැටවූ ද?
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 10:16 PM

ඔයා ඒක්ක නම් බෑ මධුරංග අයියේ ඉව තියෙද

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 10:19 PM
Posted By සඳුනි on 04 Oct 2016 08:28 PM

මේ ගොල්ලෝ අදුරන්න පුළුන්ද බලන්න..

අනේ සෝයි

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 11:04 PM
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Oct 2016 11:10 PM

විස්තරයක් හවසට දාන්නම්. මොණර පැටව් තමා.

වංචා කරලා හම්බ කරන් මොණර පැට්ව් ඒහෙම නෙමේ මේ අෑ.

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 11:39 PM
මට සැකයි .....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 08:34 AM

මොනාද අපොයි සැක.

වංචා කරලා මම මොනර පැටව් ගත්තා කියලද?..... හී

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 01:58 PM

 මොණරා (Peacock)

 ( සත්ව ලෝකයේ අාඩම්බරකාරයා)

        

































          

        අනාදිමත් කාලයක සිට මෙම අලංකාර පක්‍ෂියා පෙර අපර දෙදිග ජනයාගේ

 නිරතුරු අවධානයට යොමු විය.විශේෂයෙන් ඉන්දියාවේ හා ශ්‍රි ලංකාවේ ජනතාව 

මහත් භක්තියාදරයකින් යුතුව මොවුන්ට සැළකිල්ලක් දක්වයි. ඉන්දියානුවන්ට ඉතා

 සමීපවූ මොනරා මොවුන්ගේ ජාතික පක්‍ෂියාද වේ.විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය හින්දු 

ජනතාව ද මොනරාට දක්වන්නේ ගෞරවයකි.ඊට විශේෂ හේතුවක්ද වේ. එනම්

මොනරා කතරගමදෙවියන්ගේ වායනය වීමයි. ස්වාභාවික පරිසරයේ වැඩෙන සේ මේ 

අලංකාර පක්‍ෂියා ස්වභාදහමේ සුවිශේෂි නිර්මාණයකි.

             ශ්‍රි ලංකාවේ වියළි කලාපීය වනාන්තරවල ද ඉන්දියාවේද ගිනිකොන දිග 

ආසියාවේද ජීවත්වන ප්‍රමාණයෙන් විශාල පක්‍ෂියෙකි. පිරිමි පක්‍ෂියා මොණරා නමින්ද 

ගැහැණු පක්‍ෂියා සෙබඩ නමින්ද හඳුන්වයි. මොනරා ඉතා සිත්ගන්නා සුළු සත්වයෙක්

 වුවද සෙබඩ රුවැත්තියක්නොවේ. මොනර රූ සිරිය , විශාල පිල්කළඹ, වර්ණ පිහාටු,

ඔටුන්න සහිත හිස, ආදියෙන් විචිත්‍රවත් වී ඇත. සෙබඩ ‍මොනරාට වඩා කුඩා වන අතර

 පිල් කළඹද කෙටිය.

මොනරා අයත්වන්නේ සරණවි ගොත්‍රයටය. එම ගෝත්‍රයට අයත් ප‍ක්‍ෂි කුල හතක් 

බොහෝ ප්‍රදේශවලින් දැකගත හැකිය. ‍මෙම කුල හතෙන් එකක් වන සැවුල් 

(Phasianidae) කුලයට මෙම පක්‍ෂියා අයත්වේ. මෙම කුලයේ පක්‍ෂීන් ඇවිදීමට

 රුසියන්ය. මාංශ භක්‍ෂක සතුන් ‍මොවුන්ගේ ප්‍රියතම ආහාරයකි. නමුත් මොහු

 සර්වභක්‍ෂක‍යෙකි. ධාන්‍ය වර්ග , තණපත්, ශාකපත්‍රද ආහාරයට එක්කරගනි. කෑම 

හොයාගෙන උදේ වරුවේත්, ඉර බැසගෙන යන සැන්දෑවටත් පිටත්වෙයි. කුස 

හොදින් පුරවාගත්පසු මොවුන්ගේ ඉතිරි කාලය වැයකරන්නේ පිහාටු පීරිම, වැලි නෑම,

වැනි කටයුතු වෙනුවෙනි. දිනකට කැලේ බොහෝ දුරක් ඇවිඳීමට මොවුන් සමත්කම්

 දක්වයි. තම දිගු පිල් කළඹ හකුලා බිමට ඉහළින් සිටින සේ තබාගනී. සිය පියාපත්

 යුගලය නිතර පාවිච්චි නොකරයි. අත්තකින් බැසීමට වැනි කටයුත්තකට එය පාවිචිචි 

කරන අතර තමා ගමන් කරන මාර්ගයේ බාදාවක් මතු වූවිට දී ඊට ඉහළින් පියාඹා 

යෑමටද ඔවුන් පියාපත් යුගලය භාවිතා කරයි.

මොනරාගේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ පිල් කළඹේය. සිය පිල් කළඹ විහිදුවමින් 

ප්‍රේම ආලිංගනයේ යෙදෙන අවස්ථාවන්හිදි මොනර පිල් කළඹේ අපූර්වත්වය මනාව

 අත්විදිය හැකිය. වැඩුණු මොනර පිල් කළඹක් මීටර් දෙකක් පමණ වේ. සෙබඩ හා

 සසඳන විට මොනරා ඉතා සුන්දරය. අවානක හැඩයක් ඇති පිල් කළඹ 1_1.5 ක්

 පමණ දිගින් යුතුය. පිහාටු 100 කට ආසන්න ප්‍රමාණක් පිල් කළඹේ ඇත.

 පිහාටුවක මුදුනේ නිල් හා කොට ලෝකඩ වර්ණයෙන් යුත් දීප්තිමත් ප්‍රාගක්‍ෂිය

 (ocellus) බැගින් ඇත. මෙම ප්‍රාගක්‍ෂිය හෙවත් ඇස් මොනරුන්ට සමානකම්

 ඇති ඇතෑම් පක්‍ෂීන් තුළද දක්නට ලැබේ.

මොනරෙක් සිය අලංකාර පිල්කළඹ විහිදන්නේ ප්‍රධාන පරමාර්ථ තුනක් 

පදනම්කරගෙනය.


01) වෙනත් මොනරුන්ට තර්ජනය කිරීමේ අරමුණින්

02)සෙබඩුන් සමඟ යුගල බැඳීම් ඇතිකරගැනීමේ අරමුණින්

03)සෙබඩුන්ට ලිංගික සබඳතා පැවැත්වීමට කෙරෙන ‍පෙළඹීමක් ලෙස

         

          මෙම පරමාර්ථය අතුරින් තුන්වන පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමේ 

අරමුණින් බහුලවම මොනරුන් පිල් විහිදීම සිදුකරන බව සත්ව විද්‍යාඥයන් 

අනාවරණය කර ඇත. මොනරුන්ගේ සෞන්දර්යාත්මක චර්යා රටා නැරඹීම

 ඉතා පරිස්සමින් කළ යුත්තකි. සියුම් ශබ්දයකට පවා කන්දීමේ හැකියාවත්,

හොඳින් අවට දර්ශනයවීමත් නිසා ඌට ලංවීම ඉතා අසීරුය. මිනිස් හෝඩුවාවක් 

දැණුනු විට,ඉක්මනින්ම පැනයාම මොනරාගේ පුරුද්දය. එසේවුවත් සත්ව 

උද්‍යානවල හා මිනිසුන් අතරේ වැඩෙන මොනරුන් එවැනි ප්‍රතිචාර දක්වන්නේ

 නැත.

          වන මොනරුන්මිනිසුන්ගේ සමීපත්වය නොරිස්සුවද විලෝපිත සතුන් 

කෙරේ එවැනි ප්‍රතිචාරයක් නොදක්වයි. දිවියා මොනරුන් ගොදුරුකර ගත්තද

තමා අසළට දිවියා පැමැණෙනුදැක දැකත් නොසෙල්වී සිටින අවස්ථා දැක ඇතැයි

දඩයම්කරුවන් පවසයි.


         තියුණු අන්දමට ශ්‍රව්‍ය හා ද්‍රෘශ්‍ය ඉන්ද්‍රීයන් පිහිටා තිබුනද අසාමාන්‍ය ස්ථානවලදී

 මොනරා ක්‍රියා කරන්නේ ඥානාන්විතව නොවේ. එම නිසා නිරන්තරව විලෝපීයන්ට

 ගෙදුරුවන අවස්ථා බොහෝය. මොනරා ඉතා සුන්දර සත්වයෙක් වුවද උගේ හඬ

 එතරම් මිහිරි නැත. හිමිදිරියේ හා සන්ද්‍යවේ "පී ආච්" "පී ආච්" යනුවෙන් නාද

 කරයි. ප්‍රජනන කාල සමයේදීත් වනාන්තර තුළින් මෙවැනි හඬවල් නිකුත් වේ.


               සත්ව විද්‍යාඥයන් විසින් මොනරුන් වර්ග දෙකකින් වෙන් කරයි.මීට අමතරව 

සුදු මොනර වි‍ශේෂයක්ද වර්තමානයේ සොයාගෙන ඇත.


1. නිල් මොනරා (Blue Peacock)

ඉන්දියාවේ හා ශ්‍රි ලංකාවේ වනාන්තර වල දැකිය හැකිය.

 











2. කොළ මොනරා ( Green Peacock)


         අග්නිදිග ආසියාවේ වනාන්තරවල දක්නට ලැබේ.හිස් මුදුනේ පිහිටි ශිඛාව දිගින් වැඩිය.

 එය ඍජු ලෙස පිහිටා ඇත. නිල් මොනරුන්ගේ ශිඛාව කිරීටයක (Crown) ස්වරූපයක් 

පෙන්නුම් කරයි. නමුත් මෙවැන්නක් කොළ පැහැති මොනරුන්ගේ දක්නට නැත.‍













*සුදු මොණරා.

අළුතින් සොයාගෙන අැති මොණර ප්‍රබේදයයි.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 02:31 PM

   

ප්‍රජනන සමය'

         'ශ්‍රි ලංකාවේ වෙසෙන මොනරුන්ගේ ප්‍රජනන සමය දෙසැම්බර් සිට මැයි

 මාසය දක්වා වු කාලයයි. පෙඳ පිහාටුත් වසරකට වරක් හැලෙන අතර ප්‍රජනන

 සමය එළඹෙන විට ඒවා නැවත වර්ධනය වේ. ප්‍රේම රංගනය හොඳින් දැක්වීම

 සඳහා වැඩුණු පිල් කළඹ අත්‍යාවශ්‍ය සාධකයකි. ශ්‍රි ලංකාවේ වාසය කරන 

මොනරුන් දෙසැම්බර් සිට මැයි මාසය දක්වා වු කාල සමය සිය ප්‍රජනන සමය 

ලෙසට තෝරාගැනීමට බලපාන්නාවු විශේෂ සාධකයක් ඇත. එනම් එම 

වකවානුවේ ආහාර පාන සුලභව වනාන්තරවල පැවතීමයි.



මොනර ප්‍රේමරංගනය

සිය පිල් කළඹ විහිදුවමින් ප්‍රේම ආලිංගනයේ යෙදෙන අවස්ථාවන්හිදි 

මොනර පිල් කළඹේ අපූර්වත්වය මනාව අත්විදිය හැකිය. සිය අභිජනන

 කාලය පැමිණෙන තෙක් මොනරුන් සමූහයක් වශයෙන් හැසිරෙයි.

 එහෙත් ප්‍රජනන කාලය එළඹුණු පසු වැඩුණු මොනරුන් රැලෙන් ඉවත්වෙයි. 

ඉන්පසු ඔහු තනිවම කුඩා බිම් තීරයක් වාස භුමිය ලෙස තෝරාගනී. එම 

ප්‍රදේශයට ‍සෙසු මොනරුන් ට ඇතුල්වීමට ඉඩ නොදේ. මේ අතර නෙමේරු 

මොනරුන් යාබද ස්ථාන -වල ගැවසේ.

          එළිමහනේ ඇති තෝරාගත් භූමියට මොනරුන් අවතීර්ණ වන්නේ 

සෙබඩුන් අවට සිටින විටදීය. සෙබඩුන් අවට ඇත්තම් හෝ පෙනෙන 

තෙක්මානයේ සිටීනම් ඌ පිල් විහිදුවයි. එසේ නැත්නම් නාදකරයි. මෙම 

නාදය ඇසුණු සෙබඩ ඒ අසලට පැමිණෙයි. එවිට මොනරා පළමුව සිය

 පිල්කළඹ මඳක් සොලවයි. සිය ප්‍රේමරංගනයට සැරසෙනන්නේ ඉන් 

අනතුරුවයි. සෙබඩ ඉදිරියේදි අර්ධකවාකාර පිල්කළඹ ඉදිරිපසට ඇළ

 කරමින් ඉදිරියට පැමිණෙන විට සිය පිල්කළඹේ අලංකාරය තවතවත් 

වර්ණවත් කිරීමට ඌ සමත් වේ. පිල් චලනය කිරීමෙන් පිල් ආවරණය 

මතුපිට රැළි මාලා නැංවීමට මොනරා හපන්කම් පායි. මේ අවස්ථාව වන

 විටත් සෙබඩ හැසිරෙන්නේ මොනරාට අවධානයක් නොදක්වමිනි.

 සෙබඩ බිම පරීක්‍ෂා කරමින් ආහාර සොයන ආකාරායක් පෙන්නුම් 

කරයි. එයින්ද මොනරා අධෛර්යයට පත් නොවී මහත් ආඩම්බරයකින්

 යුතුව ප්‍රේමාන්විත රංගනයේ යෙදේ. සෙබඩ කිසියම් හෝ උනන්දුවක් 

දැක්වුවහොත් ඌ නැවත ඉදිරියට ඇඳෙන්නේ බිම ආහාරයක් සොයන්නාක්

 වැනි ආකාරයෙනි. එහා මෙහා හැසිරෙමින් කරන මෙම ගමන අවසානයේ

 දෙදෙනාම මුහුණට මුහුණ ලා සිටගනී ඉන්පසු පැත්තෙන් පැත්තට හැරෙමින්

 හෙමින් සීරුවේ මොනරා සෙබඩට ලං වේ.මෙවැනි අවස්ථාවන්හිදි "සට" "සට"

 හඬින් පිහාටු සොලවයි. මොනරුන්ගේ උත්කර්ෂවත් ප්‍රේමරංගනයේ මෙම 

අවස්ථාව පිළිබඳව සටහන් වන්නේ "ප්‍රහර්ෂය" ලෙසය. ඇතෑම් අවස්ථාවන්හිදි

 මොනරා සෙබඩට තම ප්‍රේමාන්විත ආරාධනය කරනුයේ ශබ්ද කරමින් පාද

 පිල්කළඹ ඉදිරියට ඇලකරමින් සහ සෙබඩ වෙත යුහුසුළුව ගමන් කිරීමෙනි. 

මෙම හැසීරීම දකින සෙබඩ මොනරාට අකමැතිනම් පැන දුවයි. නොඑසේනම් 

මෙනරාගේ ප්‍රේමාන්විත ආරාධනය පිළිගෙන බිම වාඩිවී සිය කැමැත්ත පලකරයි.


මොණර පැටව් .

 

           සෙබඩ බිත්තර දැමීම සඳහා ආරක්‍ෂාකාරී ලැහැබක් තෝරාගනී. ඉන් පසු 

ඇය විසින් තනාගත් වළක බිත්තර 3_5 ක් අතර ප්‍රමාණයක් දමයි. ඇතෑම් විට

 ඇය තම බිත්තර මත වියළි කොළ හා තණපත් අතුරා තිබෙන අවස්ථා ද ඇත.

 බිජුවක ප්‍රමාණය 69*55mm වේ. ලා දුඹුරු පැහැති බිත්තර ඔපවත්ය. බිත්තර

 මෝරා පැටවුන්ට එළියට ඒමට මසක පමණ කාලයක් ගතවේ. සෙබඩ ඇසුරේ

 පැටව් ඇති දැඩි වේ. සුන්දර පිල් කළඹ නිර්මාණය වීමට මොනර පැටවෙකුට

 වසර තුනක පමණ කාලයක් ගතවේ.

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Oct 2016 02:44 PM

මොණරා ගැන ජනවහරේ එන කතා.

 

       මොනරාගේ පිල් කලඹ ගැන ජනවහරේ එන කතාවක් අපි කුඩා කල අසා ඇත. අතීතයේ මොනරා ලස්සන පක්ෂියෙක් නොවෙි.. අවිචිචියා ලස්සන පක්ෂියෙකි  .මෙි නිසා මොනරට ආස හිතුනා අවිචිචියාගේ පෙනුමට. ඒ නිසා දවසක් මගුල් ගෙදරක යාමට කියා අවිචිචියාගේ ඇදුම ඉල්ලා ගත්තේලු. ඊට පසුව එයට ආසා හිතුනු මොනරා ආපසු ඇදුම නොදුන්නේලු. පැමිනිලි කරත් කාගෙන් වත් පිලිසරනක් නොලැබුනේලු. ඒ නිසා අවිචිචියා බලන් ඉන්නවලු මෛත්‍රි බෝසතුන් බුදු වෙනකං ඇදුම ගැන පැමිනිලි කරන්න මෛත්‍රි  බුදුන්ට .  අවිචිචියා කෑගසන්නෙත් මාචිචි-යන් කියා ඒ නිසාලු.  ( කුඩා කල ජනවහරෙන් එන මෙි කතා ගැන සත්‍යය යයි හැගීමක් එකල ඇති වුනත්, වර්තමානය වන විට එසේ පිලි ගැනීමට නමි හූනි ඉක්මන් වන්නේ නැත. ඒ මොනරා යනු විසල් පක්ෂියෙක් වීමත් අවිචිචියා යනු අලංකාර වුවත් කුඩාම පක්ෂියෙක් නිසා..) 


            මොනරා කෙතරමි අලංකාර පක්ෂියෙක් වුවත් ඒ හඩ ඒ තරමි අලංකාර නැත. තියුනු හඩක් නිසා..  සෝකයක් මෙන්ම ,බිය ජනක බවක් ඒ හඩෙහි ගැබි වී ඇත. එ් නිසාම ජනවහරෙන් එන හූනි අසා ඇති කතාවක් ඇත. ඒ මොනරා කෑ ගසන විට සර්ප බිත්තර පුපුරනවලු. විශේෂයෙන් නයින්ගේ බිත්තර. ඒ නිසාම සර්පයන් විශේෂයෙන් නයින් වද වෙනවලු.  එය සත්‍යයක් නමි මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මානය වෙනවා .ස්භාවිකවම  මෙි පක්ෂින් ගැවසෙන ප‍්‍රදේශ වල .

0
You are not authorized to post a reply.
Page 5 of 24 << < 34567 > >>