හැමදේම සමබරව ලැබිච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ.. ඉතින් දෙයක් ලැබෙනකොට දෙක තුනක් අහිමි වෙලා.. ඒ නිසා තමන්ට වැදගත්ම වෙන දේ තෝරා ගෙන ඒ වෙනුවෙන් අදිශ්ටානශිලිව ලගා වීම තමයි කරන්න වෙන්නේ..
සමහර දේවල් වලට එහෙම ප්‍රායෝගිකව කරලත් තියෙනවා.. එයින් අත් හරින්න වුනු දේවල් එමටයි..
විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අධ්‍යාපනය අවසන් කරන තුරු කැප කල දේවල්.. එත් අවසානයේ ලැබුණු දේ නිසා අන් හැම දේටම වඩා සතුටු වෙන්න පුළුවන්.. නමුත් ඒ නිසා ඉතා අසා කරන දේවල් අත් හැර ගන්න වෙනවා අපට.
අධ්‍යාපනය හැර ගොඩ යන්න කිසිම ක්‍රමයක් අප වැන්නවුන්ට කොහෙත්ම නැති නිසා වෙන කරන්න කිසිම දෙයක් නැහැ... මොකද එකම තුරුම්පුවෙන් සෙල්ලම් කරපු නිසා.. උපතින් ලොකු බුදලයක් වත් නැහැනෙ අපට..
(මේ කියන්නේ අර පාරම්පරික O/ L --> A/L --> Campus ගිහින් මොකක් හෝ ලැබෙන රස්සාවක් හොයාගෙන ඉන්න බලන එක නෙවෙයි. මොනම හෝ ශිල්පයක් විධිමත්ව සාර්ථකව හැදෑරීම තමයි මම අධ්‍යාපනය විදියට දකින්නේ.. ඉතින් ඔය දේ නිසා ළමා කාලයේත් ගැටවර වයසේත් නැති කර ගත්ත දේ එමටයි. නැතිවූ සරළ දේවල් ගැන නෙවෙයි මේ කිව්වේ.
)
@ඉන්දික007 අයියා - මුලට ගියත් ආයෙත් බොහෝ දුරට එන්නේ අපි ඔය මාවත් ඔස්සේම වේවි කියල මට හිතෙනවා.. ඒ වෙලාවේ කරන්න තියෙන හොදම දේ නේ ගොඩක් වෙලාවට අපි කරන්න පෙළඹෙන්නේ.. අපි වෙන මාවතක් තෝර ගත්ත නම් සමහර විට අදට වඩා පසුතැවිල්ලක් දැනෙන්න ඉඩ තියෙනවා කියල මට හිතෙනව. හැමදේකටම නෙවෙයි.. ඇතැම් දේවල් වලට.
ඒ වගේම මට දැනිලා තියෙනවා අපි දෙයක් නැති වුනාම ලෝකෙම නැති වුනා වගේ දුක් වෙනවා මෙතනින් එහාට ජිවිතයක් නැති වුනා වගේ කියලා හිතල.. නමුත් ඒක එහෙම වෙලා තියෙන්නේ හොදටයි කියල තේරිච්ච අවස්ථාත් තියෙනවා.. පුද්ගලිකවම අවස්ථා තුනක් මට එහෙම වෙලා තියෙනවා.. ජිවිතේ තනිකරම වෙනස් කරපු අවස්ථා තුනක්..අර හොදයි කියල හිතපු විදියට ඒ අවස්ථා තුන නොවුණු එක කොච්චර හොදද කියල පස්සේ අනන්ත හිතිලා තියෙනවා..
ඒ නිසා ඔයාට නැති වෙන්නේ හොදම දේ නෙවෙයි.. හිතා ගෙන හිටපු එක දෙයක් විතරයි කියල හිතා ගන්න එක වඩාත් වැදගත් කියල මට හිතෙන්නෙ...
ජිවිතයට පාර කියන්නේ අපි ලබා ගන්න අත්දැකීම්. කාලයත් සමග අර නැතිවුණු දෙයත් ජිවිතයට එක අත්දැකීමක් විතරයි කියල හිතෙන්න ගන්නවා..