Posted By Udeshika Herath on 08 Apr 2020 08:14 PM
අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ. මට හැම දෙයක්ම එපාවෙලා ඉන්නෙ.
.
.
.
.
ඔයාටත් එහෙම හිතෙනවද? ඔයා කරන හැම දේම අසාර්ථක වෙනවද. ඔව් අපි කරන හැම දේම සාර්ථක නොවෙන පුළුවන්. එක වතාවක් නෙවේ දහ වතාවක් උනත් ඔයා කරන දේ සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයා ඒ හැම අවස්ථාවකදිම යමක් ඉගෙනගන්නව.
ඔයාට එකම දේ නිතර නිතර කරන්න එපා වෙනවද? කරන්න බෑ කියල හිතෙනවද? එහෙම නැත්නම් ඔයාගෙ අවට ඉන්න යළුවො කියනවද ඕක හරියන්නෑ අතෑරල දාන්න කියල. එහෙමයි කියල ඔයාගෙ හීනෙ අත්හරිනවද? ඔයාට අතරමග නවතින්න බෑ යාළුවා. දිගටම උත්සාහ කරන්න. ඔයාට ගොඩක් කටුක අමිහිරි අත්දැකීම් වලට මූණදෙන්න වෙයි. සමහර දේවල් ඔයාට අහිමි වෙයි. හැබැයි දවසක ඔයා තමා ශක්තිමත් වගේම අති සාර්ථක කෙනා වෙන්න්නෙ. විශ්වාස කරන්න දුර්වල වෙන්න එපා. මතක තියාගන්න ඔයාව කාටවත්ම ආයෙ වට්ටන්න බෑ.
෴Udeshika Herath෴
අපි හීන කීයක් නම් අතහරින්න ඇද්ද.. ඒවා සිහින විතරක්ම වුනා නංගියේ...