Go to previous topic
Go to next topic
Last Post 03 Oct 2016 11:15 AM by  hasithad
උතුවන්කන්දේ සූර සරදියෙල්
 21 Replies
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Jan 2015 02:32 AM
    සුද්දන්ට මර උණ ගැන්වූ කළු රොබින් හුඩ් උතුවන්කන්දේ සූර සරදියෙල්
    (සරදියෙල් එල්ලා මරා 2014 මැයි 07 වැනිදාට වසර 150 ක් සපිරේ.)


    කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල නගරයට ළඟාවීමට පෙර පසු කරන ගිරි දුර්ගය පිළිබඳව ඉතාම ඕනෑකමින් නිරීක්‍ෂණය කළහොත් මධ්‍යම කඳුකරයේ මුවදොර හරිත වර්ණ වූ කෙත් වතු අතරින් එක්වරම අහස සිපගැනීමට මෙන් ඉහළ නැගුණු කඳු ශිඛරයක් දැකගත හැකිවෙයි. එය බැලූ බැල්මටම බළකොටුවක් අපගේ සිත තුළ චිත්‍රනය කිරීමට සමත් වේ. මේ නිසාම යටත් විජිත සමයේ මෙය “කාසල්රොක්” ලෙස හැඳින්වීය. එම කඳු මුදුනේ ඇති විශාල ගල් කුළු දුර ඈතට ඉංගී‍්‍රසි ජාතිකයින්ට දර්ශනය වූයේ යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුලුනේ හැඩයට බවත් එම නිසා මේ කඳු ශිඛරයට “කාසල්රොක්” යන නම ලැබෙන්නට ඇති බවත් සැලකේ. නමුත් මෙරට ජනතාව මෙම සුන්දර කඳු ශිඛරය “උතුවන්කන්ද” ලෙස හඳුන්වනු ලැබේ. “උතුවන්කන්ද” සතර කෝරළයට අයත් ගලබඩ කෝරළයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනික් පසින්බලන දුර්ගයටත් මැදිව මාඔය (මහඔයේ)) නිම්නයේ සාරවත් කෙත්වතු අතර පිහිටා ඇත.


    කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි උතුවන්කන්ද අද උසුලන කීර්තියට මූලික වශයෙන් හේතු වී ඇත්තේ “සූර සරදියෙල්” නම් වීරවරයා නිසා බව ප්‍රකට කරුණකි. ඔහු ඉංගී‍්‍රසින්ට නම ඇසූ පමණින් ඇඟ කිලිපොළා යන තරමේ භයානක සොරෙකු, පරගැති සිංහල කළු සුද්දන්ට මංකොල්ල කරුවෙකු, කපටි මරක්කල (මුස්ලිම්) වෙළෙන්දන්ට කප්පම් එකතු කරන්නකු වුවත් ඉංගී‍්‍රසි අධිරාජ්‍ය වාදීන්ගෙන් පෑගී මිරිකී ගිය අපේම දුප්පත් පොදු ජනතාවට සරදියෙල් වීරවරයෙක් විය. මේ අපූර්ව මානව හිතවාදියාගේ ජීවිත කතාව වීර කාව්‍යයක් නොවූවත් එයින් නූතන සමාජයට ගතහැකි පාඩම් බොහෝය.

    කී ඉතිහාසගත පුවත දිගහරින කල තත්කාලීන සමාජයේ තතු සලකා බැලීමට සිදුවෙයි. දී කිරි කෑවගේ ආදිසි අප්පු හලාවත හාල්දඬුවන උපන් අයෙකි. යටත් විජිතකරණයෙන් පසු මෙරට ඇති වූ වාණිජ වතු වගාව නිසා මෙරට කොළඹ නුවර මාර්ගය ඉදිවූ අතර එමඟින් ප්‍රවාහන ක්‍ෂේත්‍රය ද දියුණු විය. අදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්තයෙන් කෝපි, දුම්කොළ වැනි වාණිජ බෝග වෙළඳාම් කිරීමය. කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල ආසන්නයේ මාඔය (මහඔය) නිම්නය ගැල්කරුවන්ට තමන්ගේ ගමන් වෙහෙස ඬවාගැනීමට තෝතැන්නක් විය. එම ප්‍රදේශය එදා වෙළඳාමේ පැමිණි කරත්ත ගාල් කර තිබූ ස්ථානය අසල ඇති නිවෙසට අද ද “ගාල්ලේ ගෙදර” යැයි එම ප්‍රදේශයේ ගැමියෝ කියති.

    එම ප්‍රදේශයේ තේ කඩ හිමිකරුවෙකුට ඉතාම සුරූපි දියණියක් විය. ඇය නමින් පිංචොහාමි ය. වෙළඳාමේ ගිය අදාසි අප්පු නිතර නිතර පිංචොහාමිගේ කඩයට ගිය අතර එම සබඳකම තවත් තහවුරු වී අදාසි අප්පුත් කඩේ හිමිකරුගේ දියණිය වන පිංචොහාමිත් මංගල යෝජනාවකින් විවාහ වෙති. විවාහයෙන් පසුව අදාසි අප්පුත් පිංචොහාමිත් උතුවන්කන්ද ප්‍රදේශයේම ජීවත් වූහ. මේ යුවළට දාව පිරිමි දරුවන් හතරදෙනෙක් හා එක් ගැහැනු දරුවෙක් වූ බව පැවසේ. ඔවුන් නමින් සරදියෙල්, ගබ්රියෙල්, පේදුරු, අන්තෝනි හා මාර්තා වේ. 1932 උපන් සරදියෙල් පවුලේ වැඩිමලා වූ අතර ඔහුගේ බාල නැගණිය මාර්තා කුඩා කාලයේ දීම මිය ගිය බව කියැවේ. අදාසි අප්පු උපතින්ම කතෝලිකයෙක් වූ අතර ඔහු අනුව යමින් ගබ්රියෙල්, පේදුරු හා අන්තෝනි කිතු දහම වැලඳගත් අතර සරදියෙල් බෞද්ධයෙකු කිරීමට බොදු කාන්තාවක වූ පිංචොහාමි සමත් විය. ඒ අනුව අකුරු කිරීම සඳහා සරදියෙල් උතුවන්කන්දට නුදුරු ඉලුක්ගොඩ පන්සලට යැවීමට ඇය කටයුතු කළාය.

    ඉලුක්ගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ඇසුරෙහි හැදුණු වැඩුණු කුඩා සරදියෙල් කුඩා කාලයේ සිටම විවිධ තාඩන පීඩන, රැවුම් ගෙරවුම්වලට ලක් විය. ඉලුක්ගොඩ පන්සලට අකුරු කිරීමට පැමිණි ප්‍රදේශයේ වැදගතුන් යැයි සැලකෙන අයගේ දරුවන්ගෙන් ඔහුට විවිධ කෙනෙහිලිකම් විඳීමට සිදුවිය. මෙය දරාගත නොහැකි වූ සරදියෙල් අකුරු කිරීම අත්හැර දැමීමට තීරණය කළේ ගමේ ප්‍රභූන්ගේ දරුවන්ට පන්සල් භූමියේ දීම බිම පෙරළාගෙන පහර දීමෙන් පසුවය. අකුරු කිරීමට ආයුබෝවන් කී ඔහු පන්සලෙන් පලා ගියේය. පලා ගොස් ඔහු කොළඹ සහ මීගමුව ආශ්‍රය කොටගත් ප්‍රදේශයේ ජීවත් වූ බව කියවේ. ඒ වන විටත් සරදියෙල්ට උතුවන්කන්දේ මම්මලේ මරික්කාර් නමැති අඹ යහළුවෙක් විය. සරදියෙල් ඉන් පසුව කොළඹ හමුදා බැරැක්කයක සේවයට ගියේ මේ මිතුරා ද සමඟය. එහිදී ඉතාම හොඳින් අවිආයුධ පිළිබඳව පුහුණුවක් ලබාගැනීමට ඔහු අමතක නොකළේය. හමුදා බැරැක්කයේ දී ඇතිවූ ආරවුලක් නිසා සරදියෙල් සිරගත කරන ලද අතර අවසානයේ ඔහු සිපිරිගෙයින් පැන එන්නේ හමුදා බැරැක්කයෙන් ගිනි අවියකුත් සොරාගෙනය.

    නැවත තමාගේ ගම් පියස වන උතුවන්කන්දට පැමිණෙන සරදියෙල් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එය සාර්ථක නොවීය. මේ ආකර්ෂණීය තරුණයා වටා එවකට මාවනැල්ල අවට ගම්වල තරුණයෝ අත්වැල් බැඳගත්හ. ඔහු වටා මම්මලේ මරික්කාර්, සිරිමලා, උක්කිදා, කිරිහොඳා, හවඩියා ආදී වශයෙන් යහළුවන් පිරිසක් සිටි අතර ඔවුන් සියලුදෙනාම අධිරාජ්‍ය විරෝධි පුද්ගලයන් වූ අතර සමාජයේ තාඩන පීඩන හේතුවෙන් මිරිකී ගිය සාමාන්‍ය පොදු ජනතාව ද වූහ. මේ කාලය වන විට ඉංගී‍්‍රසි පාලනය විසින් මුඩු බිම් පනත ගෙනවිත් ඉඩම් අත්පත් කරන ලද අතර වතුවගාබිම් මගින් කන්ද උඩරට ගිලගෙන තිබිණි. අපේ දේශීය උරුමයන්ගේ සාරය උරාබොමින් සිටි අධිරාජ්‍යවාදීන් මෙරට සිටි ස්වදේශිකයන් ඔවුන්ගේ වහලුන් සේ යොදා ගනිමින් සුදු අධිරාජ්‍යවාදයට කත් අදින කළු සුද්දන් බිහිකිරීම ඔවුන්ගේ අරමුණ විය. ආදායම් බෙදීයාමේ විෂමතාවය පරතෙරට පැමිණි මේ යුගයේ පැවති සමාජ අවශ්‍යතාවයක් වශයෙන් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කටයුතු කිරීම සරදියෙල් විසින් ඉෂ්ට කරයි. නමුත් ඔහු තෝරාගන්නා මාර්ගය වන ඇති හැකි අයගෙන් මංකොල්ල කා නැති බැරි අයට එම ධනය බෙදා දීම ක්‍රමවේදය සාධූ සම්මත සමාජයේ අසම්මත යැයි සැලකෙන, සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැන ගිය ක්‍රමවේදයක් විය.

    එකල උඩරට වතු නිෂ්පාදන මහනුවර සිට කොළඹට ගෙන ගියේ උතුවන්කන්ද හරහාය. සරදියෙල් හා ඔහුගේ සහචරයන් පිරිස උතුවන්කන්ද ගිරිදුර්ගය ප්‍රයෝජනයට ගෙන මේ මාර්ගයේ ඉහළ පහළ යන ගැල් කොල්ල කෑ අතර එම කොල්ල කන ලද දේ අහිංසක, අසරණ, බදු ගෙවා ගත නොහැකි දිළිඳු මිනිසුන් හට බෙදා දෙන ලදි. කොල්ල කෑ මුදල් දිළිඳු ජනතාව අතරට ගොස් බෙදා හැරීමෙන් ඔහු වචනයෙන් විස්තර කළ නොහැකි සතුටක් භුක්ති විඳින ලද බව කියවේ. තවද සාමාන්‍ය ජනතාව පීඩනයට ලක්කළ දේශීය කළු සුද්දන් හටද සරදියෙල්ගෙන් ගැලවීමක් ලැබුණේ නැත.

    1850 – 1860 දශකය වන විට සරදියෙල් පිළිබඳ ප්‍රවෘත්තිය මුළු රට පුරා පැතිර ගිය අතර එය බ්‍රිතාන්‍ය කිරීටයත් දැනගත හැකි විය. මේ හේතුව නිසාම සරදියෙල් ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 100 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ සරදියෙල් ඔවුන්ට පහසුවෙන් මෙල්ල කළ නොහැකි අභියෝගයක් වූ බැවිනි. සරදියෙල් අල්ලා ගැනීමට අවස්ථා කිහිපයකදී ලංකා පොලීසිය උත්සාහ කළ නමුත් එම උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ ඔහුට ආරක්‍ෂාව සැපයීමට ඔහුගේ සගයන්, මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ගම්වැසියන් පමණක් නොව උතුවන්කන්දත් ඒ ආශි‍්‍රත ප්‍රදේශයත් හේතු වූ නිසාය.

    එක් අවස්ථාවකදී සරදියෙල් අල්ලා ගැනීමට පොලීසියෙන් පැමිණෙන විට සරදියෙල් උතුවන්කන්දෙන් බැස අසළ ඇති වෑගන්තලේ නමැති ගම හරහා දිව ගොස් මහඔයෙන් එගොඩට දිව ගිය බව කියයි. එසේ ඔහු පැන යන්නේ “බෝ ඇල්ල” නමැති කුඩා දියඇල්ල උඩින් එගොඩට පැමිණීමෙනි. බෝ ඇල්ල යනු අඩි 13 ක් පමණ ගල් මුවදොරක් තුළින් මහඔයේ සමස්ත ජල කඳම ගලා යන සම්පූර්ණ ගලෙන් ස්වාභාවිකම නිමවුනු ගල් වක්කඩකි. මෙය සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන අතර සරදියෙල් ඉන් එගොඩට පනින නමුත් පොලිස් නිලධාරීන්ට ඔහුට මෙන් සුරුවිරුකම් කළ නොහැකි නිසා පොලීසිය ආපසු හැරී යන බව වෑගන්තලේ ගැමියෝ කියති.

    සරදියෙල් යනු අධික ලෙස සූදුවට ඇබ්බැහි වූවෙකි. මෙයට අමතරව ඔහු මුස්ලිම් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බව පැවසෙයි. ඇය සරදියෙල්ගේ මිතුරකු වූ මම්මලේ මරික්කාර්ගේ වැඩිමහල් සහෝදරියයි. ඇය විවාහ වී සිටියේ “කාදර්” නමැති අයෙකු සමඟය. ඇගේ නිවස මාවනැල්ල ගඩොල් පාලම අසළ තිබූ බව කියයි. මෙයට අමතරව සරදියෙල් යන්ත්‍ර මන්ත්‍ර ගැන දැඩි විශ්වාසයක් තැබූ අයෙකු බව ගම්මු කියති. ඔහු සතු මඩකලපුවේ මුස්ලිම් පල්ලියකින් ගත් “කාල අංජනම” නම් අඳුනක්ද වන්නියේ පන්සලකින් ගත් “නරස්ති මාලය” නමැති යන්ත්‍රය ද තිබූ බව ජනප්‍රවාදවල කියවේ.

    සතර කෝරළයේ පමණක් නොව මුළු මහත් ලංකාව තැති ගැන්වීමට සමත් වූ මේ අසහාය පුරුෂයාගේ සමහර ක්‍රියාකාරකම් නිසා මියගිය පුද්ගලයෝ ද නැතුවාම නොවේ. ඒ අතර “පානිස්” සහ “මංගල්” වැන්නෝ ද වූහ. ඔවුන් ඝාතන කිරීම නිසා 1862 ජූලි 31 වැනි දා අලුත් කඩේ උසාවිය මඟින් වරදකරු කරන ලද සරදියෙල් බන්ධනාගාර ගත කළේය. නමුත් එම වසරේ ම නොවැම්බර් 19 වැනි දින පැන ඒමට ඔහු සමත්වෙයි. පැනවින් උතුවන්කන්දේ තම රාජධානිය තුළ සැඟව සිටියේය. සරදියෙල් සහ ඔහුගේ සහචරයන් පිරිස ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 200 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය 1864 පෙබරවාරි 18 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ ඔහුගේ කුපුරිස් ක්‍රියා අතිශය උත්සන්න වූ නිසාය. සරදියෙල්ගේ වික්‍රමාන්විත දිවියේ අවාසනාවන්තම කාලය උදා වූයේ 1864 මාර්තු 10 වැනි දින සිටය. එවකට පොලිස් සුපිරින්ටැන්ඩන් මැකාර්ටිනි මහතාත් එවකට කෑගල්ලේ උප ඒජන්තවරයා වශයෙන් කටයුතු කළ එෆ්.ආර්. සෝන්ඩර්ස් විසින් තුවක්කු ගත් ජා හමුදාවක් කොළඹින් ගෙන්වා සරදියෙල් අල්ලා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබිණි. ඉංගී‍්‍රසින් සරදියෙල් ඇල්ලීමට සිංහල පොලිස් නිලධාරින් පිරිසක් එවීමට පියවර නොගත්තේ ඒ වනවිට වීරයෙකු වශයෙන් ජනපි‍්‍රයත්වයට පත්ව සිටි සරදියෙල් සමඟ එකතු වී ඔවුන් ද තමන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරනු ඇතැයි යන සැකය නිසා බව පැවසේ. 1864 මාර්තු 16 වැනි දින සරදියෙල් හා ඔහුගේ සහචරයන් අල්ලා ගැනීමට පැමිණි ජෝර්ජ් වෑන් හා ක්‍රිස්තියානු අප්පු සරදියෙල් ඇතුළු පිරිසගෙන් මැරුම් කෑ බවත් තවත් හතර දෙනෙක් තුවාල ලැබූ බව මාවනැල්ලේ ලංකා පොලීසියේ සිහිවටන පුවරුවෙ හි සටහන් කර ඇත.

    සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටියදී සුද්දන්ට සරදියෙල් ගැන ඔත්තු සැපවූයේ ඔහු සමඟම එක බත්පත කෑ සිටි සිරිමලා විසිනි. ඒ අනුව අමාන් නමැති ජා සාජන්ට් වරයාගේ මෙහෙයවීමෙන් එම නිවස වටකර සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම් දියත් කළ බව කියවේ. මෙහෙයුම් අවසාන ප්‍රතිඵලය ලෙස සරදියෙල්ගේ කකුලට වෙඩි වැදුණු අතර සරදියෙල් හා මම්මලේ මරික්කාර් පොලිස් අත්අඩංගුවට පත්වූහ. අත්අඩංගුවට ගැනීමේ දී සිරිමලා තමන් පාවා දුන් බව දැක සිරිමලාට “අපි අතින් හුඟ දෙනෙක් මැරුම් කෑව. මට වෙඩි තියන්න තිබේබෙ ඒ අයට නෙමෙයි උඹට යි” යනුවෙන් සරදියෙල් කියූ බව ජනප්‍රවාදයේ කියැවේ. සෝන්ඩර්ස් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සරදියෙල් හා මම්මලේ මරික්කාර් කරත්ත පෙරහරකින් බෝගම්බර බන්ධනාගාරයට ගෙන ගිය බවත් මහා ජන ගඟක් මාවනැල්ල සිට බෝගම්බර දක්වා මාර්ගය දෙපස එක් රැස් වෙමින් බ්‍රිතාන්‍යන් සසල කළ කෙසග සිරුරක් ඇති සරදියෙල් හා මම්මලේ මරික්කාර් දැක බලා ගත් බවත් කියැවේ.

    ඒ අනුව 1864 මාර්තු 21 වැනි දින සරදියෙල් අත්අඩංගුවට ගැනුණු අතර එහිදී ලංකා පොලීසියේ ක්‍රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා බවට “කොස්තාපල් සාභාන්” පත් විය. පොලිස් සාජන්ට් මුත්තු සාමි තුවාල ලැබීය. සරදියෙල් යටත්කර ගැනීමට මෙහෙයුම දියත් කළ පොලිස් සාජන්ට් ප්‍රධාන කොස්තාපල් ලෙස උසස් වීමක් හා පවුම් 35 දීමනාවක් ද, සාජන්ට් මුත්තු සාමිට පවුම් 20 දීමනාවක් ද, කොස්තාපල් සාභාන් වෙනුවෙන් ඔහුගේ බිරිඳට ජීවිතාන්තය දක්වා මාසිකව පවුම් 2 කුත් සිලිම් 6 කුත් ගෙවූ බව වාර්තාවේ. එදා ලංකා පොලීසියේ ක්‍රියාන්විතයකදී මියගිය පළමු පොලිස් නිලධාරියා සිහි කිරීමට මාවනැල්ලේ ගඩොල් පාලමට නුදුරු එම ස්ථානයේ පොලිස් ස්මාරකයක් ගොඩනඟා ඇති අතර මාර්තු 21 වැනි දින ජාතික පොලිස් දිනය බවට ද ප්‍රකාශයට පත් කර ඇත.

    අත්අඩංගුවට ගත් මේ අපූරු මිනිසා හට කිසිම බුරුලක් ලබානොදීමට ලංකා පොලීසිය කටයුතු කළ අතර ඔහුට විරුද්ධව නඩු විභාගය 1864 අප්‍රේල් 14 වෙනිදා ආරම්භ කළ අතර අවසන් නඩු තීන්දුව වූයේ සරදියෙල් හා මම්මලේ ප්‍රසිද්ධියේ එල්ලා මැරීමටයි. ඔහු එල්ලා මැරීමට නියම වූයේ 1864 මැයි 04 වෙනිදා වුණත් පසුව එය මැයි 07 වැනිදා දීර්ඝ කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 32 කි. ඔහුට මරණ දඬුවම නියම වූ පසු ඔහු කතෝලික ආගමට හරවා ගැනීමට ප්‍රංශ ජාතික “ඒඩ්‍රියල් ඩාප්ෆෝ’” නමැති පූජකයා සමත් වූ බව කියවේ. සමාජ අසාධාරණයෙන්, බලවාදයෙන්, අධිරාජ්‍ය වාදයෙන් නොමඟට යැවුණු කුරිරු සමාජය ඉදිරියේ 1864 මැයි 07 වැනිදා මහනුවර පොදු වෙළඳපළ ඉදිරිපිට දෙනෝදාහක් මැද එල්ලා මැරීම සරදියෙල්ගේ දෛවය විසින් කරන ලද සරදමක් වැනිය. ඔහුගේ මුල් කාලයේ සිට අවසාන හුස්ම පොද දක්වාම අසල සිටි මම්මලේ මරික්කාර්ගෙන් කල්‍යාණ මිත්‍රයින්ගේ උත්තම ගුණය මෙන් ම එකල පැවති ජනවාර්ගික සමගිය ද නිරූපණය කරයි.

    මීට වසර 149 කට පෙර පෝරකය උඩ අවසන් ගමන් ගිය මේ අපූර්ව මිනිසාට අවසන් ගෞරව කිරීමට ඥාතීන්ට දේහය ලබා නොදීමට තරම් බ්‍රිතාන්‍ය කිරීටය කෲර වීය. ශ්‍රී ලංකාවේ රොබින්හුඩ් යන අන්වර්ථ නාමය උතුවන්කන්දේ සූර සරදියෙල්ට හිමි වන්නේ ඔහු හුදෙක්ම කාඩ්බෝඩ් වීරයකු නොව පොදු ගැමි විඥානය තුළ පතුලටම කිදා බැස ගත් දේශජ වීරයෙක් නිසාය.

    සූර සරදියෙල් වැනි වීරෝදාර ලංකා පුරුෂයකුට සෙවණ, රැකවරණය ලබා දුන් උතුවන්කන්ද අදටත් තේජෝ ගුණයෙන් හා අභිමානයෙන් අහස්කුස සිඹින්නේ ඒ උදාර පුරුෂයා පිළිබඳව බොහෝ දෙනා නොදන්නා රහස් ගොන්නක අක්මුල් තමා සතුව සඟවාගෙන පවතින බව කොළඹ නුවර මාර්ගයේ ඉහළ පහළ යන පුද්ගලයින්ට පෙන්වමිනි.
    - ඉමල අබේරත්න http://www.silumina.lk/2013/05/05/_art.asp?fn=af1305056
     
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10457






    --
    13 Jan 2015 02:36 AM
    රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවෝ සදා ජිවමානයි...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    13 Jan 2015 02:42 AM
    Posted By indika76 on 13 Jan 2015 02:36 AM
    රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවෝ සදා ජිවමානයි...

    eka atha.

     

     

    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13194






    --
    13 Jan 2015 02:49 AM

    දුප්පතුන් වෙනුවෙන් ඉතා අඟනා මෙහෙවරක් ඉටුකල ජාතික වීරයෙක්...

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 03:00 AM

    උතුවන්කන්දේ සූර සරදියෙල් ගම

    සරදියෙල් ගමේ පිවිසුම් දොරටුව

    කොළඹ නුවර පාරේ උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව ලගින් වමට හැරී කිලෝමීටරයක් ගිය විට දොස්තර ආරියසේන යූ ගමගේ විසින් නිර්මාණය කරන ලද "සරදියෙල් ගම්මානය" හමු වේ. අක්කර හයක භූමි භාගයක් තුල ගොඩ නැගුනු  "සරදියෙල් ගම්මානය" 2012 ජනවාරි 29 දින මහජනතාවට දැක බල ගැනීම සදහා විවෘත විය. මේ එහි ජායාරූප කිහිපයකි. 
     

    සරදියෙල් ගමේ නාන තොට

     

    සූර සරදියල් පිළිරුව

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 03:01 AM

    අපූරු සිංහයා - උතුවන් කන්දේ සූර සරදියෙල් 02

    ලිවුවේ ධනුෂ්ක කළුආරච්චී

    වරක්‌ සරදියෙල් සොල්දාදුවකු සමග ආරවුලක පැටලිණි. රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සරදියෙල් අත්අඩංගුවට ගැනිණි. සිරගත කළ සරදියෙල් යකඩ කූරු නවා එළියට පැනගෙන තිබිණි. සරදියෙල්ගේ සුරකම් කටින් කට පැතිර ගියේ ඉන් පසුවය.

    කොළඹ, මහනුවර මාර්ගය ඔස්‌සේ සුදු අධිරාජ්ය වාදීන් බඩු බාහිරාදිය ගෙන යනවිට සරදියෙල්ගෙන් ඒවා බේරා ගැනීම ලෙහෙසි නොවිණි.
    පොලිසියටත්, පොලිසියේ ගිනි අවිවලටත් සරදියෙල් කිසි දිනක බිය වූයේ නැත.සුද්දන් අත තිබූ ගිනිඅවි පවා සරදියෙල් පැහැරගත් අවස්‌ථා බොහෝය.වරක්‌ සරදියෙල් රාත්රිතයේ කන්දඋඩරටට ගෙන යමින් තිබූ මුදල් තොගයක්‌ අතර මඟදී පැහැර ගත්තේය.පසුව බලන විට ඒ මුදල් වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවන මුදල්ය.සරදියෙල්ගේ හිත කඩා වැටිණි. ඔහු මුදල් ආපසු දී යන්නට ගියේය.සරදියෙල් දුප්පතුන්ට ආදරේ කළේ ඒ පරිද්දෙනි.
     
    දිනක්‌ සරදියෙල් කරත්තයක්‌ දක්‌කා ගෙන එන බවට ගම් පුරා ප්‍රසිද්ධ විය.බොහෝ අය සිතුවේ සරදියෙල් වස්‌තු කොල්ලකෑමට එනවා ඇතැයි කියාය.ඇතැමෙකු වස්‌තුවත් රැගෙන කැලෑ වැදිණි. තවකෙකු වස්‌තූන් ගැන නොසිතා ජීවිතය බේරාගනු වස්‌ කැලෑ වැදිණි.මේ අතර එක්‌තරා ගැටයකු සරදියල්ට බියේ ළඟ තිබූ පොල් ගසකට බඩගා සැඟවෙන්නට උත්සාහ ගත්තේය.බිය වැඩි කමටම පය ලිස්‌සා ඒ ගැටයා, බිම වැටිණ, ගැටයාගේ මව විළාප තබන්නට වූවාය.සරදියෙල්ද ඒ විළාපය ඇසී ගමන නතර කර එතැනට ආවේය."ඇයි අම්මේ. සරදියෙල් ඇසුවේ පුතෙකු මෙනි.විස්‌තරය කී පසු සරදියෙල් අම්මා අස්‌වසා ගහෙන් වැටී අතපය කැඩී සිටි දරුවාට කැඩුම් බිඳුම් වෙදකු සොයා බෙහෙත් කළේය.සරදියෙල් දුප්පත් කිසිවකුට හිරිහැර නොකළමුත් එකල සුද්දන්ගේ බොරු ප්‍රචාර හා ඒවා තව තවත් ප්‍රචාරය කරන්නට සිටි සිංහල කළු සුද්දන් නිසා ඇතැමෙකු "සරදියල්" නමට බියක් දැක්වීය.‌
     
    සරදියල් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ 1864 මාර්තු 21 වැනිදාය. එදා මහනුවර පොලිසියේ සාජන්ට්‌ මාගාට්‌ සහ කොස්‌තාපල් සභාන් උතුවන්කන්ද දෙසට ගියේ ගිනිඅවි ඇතිවය. ඒ වන විටත් සරදියෙල් පිළිබඳ නිවැරැදි ඔත්තුවක්‌ දෙන්නකුට පවුම් සියයක ත්යායගයක්‌ දෙන බවට සුදු පාලනය නිවේදනය කර තිබිණි. මම්මලේ ඇතුළු සරදියෙල්ගේ සෙසු ගෝල පිරිස පිළිබඳ නිවැරැදි ඔත්තුවට තවත් පවුම් සියයක ත්යායගයක්‌ වෙන් කර තිබිණි. 1864 ජනවාරි 12 වැනිදා ගැසට්‌ නිවේදනයක්‌ මගින් මේ බව කියා තිබිණි.

    කෙසේ හෝ මේ වන විටත් සරදියෙල් සමග කලක්‌ එකට සිටි උක්‌කුවා සහ සිරිමලා සරදියෙල් පිළිබඳ සුදු අධිරාජ්යසයට ගතු කියන්නට ඉදිරිපත්ව සිටියහ. මේ කියන මාර්තු 21 වැනිදා සාජන්ට්‌ මගාට්‌ සහ කොස්‌තාපල් සභාන් වෙත ආ උක්‌කුවා කීවේ සරදියෙල් හා මම්මලේ දෙදෙනා කාදර්ගේ නිවසේ සිටින බවයි. මෙහෙයුම ඇරඹිණි. පොලිස්‌ නිලධාරීන් දෙපළ උක්‌කුවාත්, සිරිමලාත් පෙරටු කරගෙන කාදර්ගේ නිවස වැටලනු ලැබූහ.

    සරදියෙල්ට හොඳ ඉවක්‌ තිබිණි. පොලිසිය වටලා ඇති බව දැනගත් සරදියෙල් එය තහවුරු කරගත්තේ යුද උපක්ර්මවලට අනුවය. වැටලූ පොලිසියේ ඉදිරියෙන්ම සිටි සිරිමලා දුටු සරදියෙල්ට යක්ෂ යා ආරූඪ විය.

    "යකෝ මරන්ඩ තිබ්බේ තෝව. මරන්ඩ ඕන මිනිහ ඉන්දැද්දී අපි වෙන උන් සැක කළා" සරදියෙල් කෑ ගසා කීය. සිරිමලා සහ උක්‌කුවා පණ එපා කියා දුවද්aදී පොලිසිය වෙඩි තැබීය. සරදියෙල්ගේ ඉන පිටුපසට වෙඩි වැදුණි. ඔහු බිම වැටිණි. කොස්‌තාපල් සභාන් ඉදිරියට ගියේ සතුටිනි. ඒ සමගම ආ වෙඩි උණ්‌ඩය සභාන්ගේ ජීවිතයට වග කීවේය. එය මෙරට ඉතිහාසයේ ක්රිදයාන්විතයකදී පොලිස්‌ නිලධාරියකු මියගිය ප්ර්ථම අවස්‌ථාව විය. ඒ වෙඩි උණ්‌ඩය ආවේ මම්මලේගේ තුවක්‌කුවෙනි. සාජන්ට්‌ මගාට්‌ගේ දෙපාමුල වැටුණු සභාන් කීවේ අපි ඉවරයි කියාය. නමුත් ඒ වන විටත් සරදියෙල් සිටියේ ලේ විලකය. අවසන අවශ්යඋව සිටි සරදියෙල් සහ මම්මලේ අත්අඩංගුවට පත්වූහ.
     
    රොබින්හුඩ් වගේ ලක්දිව පතල උන නමයි.....
    උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි... සූර සිංහයා මමයි.....

    සරදියෙල් සිරබාරයට ගැනීමෙන් පසු...
    .



    Reply With Quote
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 03:02 AM

    සරදියෙල්

    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
    උතුවන්කන්දේ සරදියෙල්
    Photograph of Utuwankande Sura Saradiel..jpg
    සුර සරදියෙල් 1864 වර්ෂයෙදි.
    උපත දීකිරිකෑවගේ සරදියෙල්
    මාර්තු 25, 1832
    කෑගල්ල
    මරණය 1864 මැයි 7
    මහනුවර
    මරණයට හේතුව
    බ්‍රිතාන්‍යයන් විසින් එල්ලා මරණ ලදී.
    වාර්ගිකත්වය සිංහල
    වෘත්තිය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසූවෙකි
    වාස නගරය උතුවන්කන්ද, මාවනැල්ල
    ආගම බුද්ධාගම
    හවුල්කරු(වන්) මම්මලේ මරික්කාර්

    දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සරදියෙල් යනු බ්‍රිතාන්‍ය ලංකාවේ ලංකාවේ කල්ලි නායකයෙකු මෙන්ම මංපහරන්නෙකු විය. සමහරුන් විසින් ඔහු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව ප්‍රාදේශීය ලෙසින් පැන නැගුනු කැරැලිකාරුවෙකු ලෙසද සමහරුන් ඔහු නොපනත් මංපහරන්නෙකු ලෙසත් දකී

    අන්වර්ත නාම

    පසු කලෙක ලංකා රොබින් හුඩ් ලෙසින්ද හැඳින්වුනු මොහුගේ චරිතය ආශ්‍රිතව සූර සරදියෙල් නමින් චිත්‍රපටයක්ද එලිදැක්විනු පසු සූර සරදියෙල් ලෙසද හැඳින්විනි .

    මුල් දිවිය

    කෑගල්ලේ උතුවන්කන්ද අසබඩට සංක්‍රමණය වී සිටි, දන්කොටුවේ, හාල්දඞුවන දුම්කොල වෙළෙන්දෙකුට දාව, 1832, මාර්තු 25 දින උපන් ඔහු, පවුලේ වැඩිමහල් දරුවා වූ අතර, ඉලුක්ගොඩ විහාරස්ථාන පාසැලෙහි අධ්‍යාපනය ලැබීය. සරදියෙල් බුද්ධිමත් ශිෂ්‍යයෙකු වුවත් හිතුවක්කාරයෙකු වූ අතර නිතර නිතර කලහ ඇති කර ගත්තේය. ඔහුගේ අධ්‍යාපනය එම ගමේ විදානේගේ සමීප ඥාතී වූ පොහොසත් පවුලක සිසුවෙකුට පහර දීම නිසා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමෙන් අනතුරුව නතර විය.

    නීතිභ්‍රෂ්ටයෙකු ලෙස

    උතුවන්කන්දේ සූර සරදියෙල් සහ ඔහුගේ සහචර මාමලේ මරික්කාර් විසින් භාවිතා කෙරුණු වෙඩිබෙහෙත් කොටන ගිනිඅවි

    1-මාමාලේ මරික්කාර් භාවිතා කල ගිනිඅවිය
    2-උතුවන්කන්දේ සූර සරදියෙල් භාවිතා කල ගිනිඅවිය
    සූර සරදියෙල්ගේ සහචර මාමලේ මරික්කාර් 1864 වර්ෂයෙදි අවසාන වරට සිරභාරයට ගනු ලැබුවායින් පසු.

    සරදියෙල් කෙටි කලක් සොරකමෙහි යෙදුනද, ඔහු සොරකම් කල භාණ්ඩ දුගී ගම්වැසියන් අතර බෙදා දුන්නේය. කෙසේවෙතත් ගම් ප්‍රදේශය අතහැර කොළඹ වෙත පැමිණ ඔහු රයිපල බැරැක්කයෙහි බැරැක්ක ආවතේවකරුවෙකු ලෙසින් සේවයෙහි යෙදෙමින් , අවි පිළිබඳ මනා දැනුමක් ලැබූ අතර, එයින් පිටව යෑමට පෙර ගිනිඅවි කිහිපයක්ද රැගෙන ගියේය.

    ඉන් පසුව ඔහු මංකොල්ල කෑමට යොමු වූ අතර එහිදී දැක්වූ දක්ෂතා නිසාම නීතිභ්‍රෂ්ටයෙකු ලෙස සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේය. සරදියෙල්ට එම කාලයේදී පොහොසත් වෙළෙ‍ඳෙකු වූ නාටකෝටි චෙට්ටියාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසු අත් අඩංගුවට පත් විය. නමුත් සාක්ෂි ප්‍රමාණවත් නොවූ බැවින් ඔහුව නිදහස් කිරීමට අධිකරණයට සිදුවිය. පසුව මොල්ලිගොඩ වලව්ව කොල්ල කෑමේ හේතුවෙන් සරදියෙල් අත් අඩංගුවට ගැනීමට නැවතත් වරෙන්තු නිකුත් කරන ලදී. එබැවින් ඔහු එම ප්‍රදේශය අතහැර නැවතත් කෑගල්ලේ සිය පියා හමුවට පැමිණි අතර පියා සරදියෙල්ට නවාතැන් දීම ප්‍රතික්ෂේප කළේය. එබැවින් සරදියෙල් සිය සැඟවී සිටීමේ ස්ථානය ලෙස උතුවන්කන්ද ‍තෝරාගත්තේය.

    මීගමුවට ආසන්නයේදී පිලවත්තේදී සරදියෙල් කෝලාහයකට පැටලුණු අතර එහිදී පොලිස් ඔත්තුකරුවෙකුට පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙන් ඔහුව නැවතත් අත් අඩංගුවට ‍රැගෙන මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර නඩු විමසීම උදෙසා කොළඹට ගෙන යන ලදී. නමුත් සරදියෙල් මහර බන්ධනාගාරයේ සිරගත කර සිටියදී ඉන් පැන ගිය අතර ඉතා ඉක්මනින් ඔහුව උතුවන්කන්දේදි අත් අඩංගුවට ගත් නමුත් එයින්ද පැන යාමට සමත් විය.

    උතුවන්කන්දට නැවත පැමිණීමෙන් අනතුරුව සරදියෙල් සිය සොර කල්ලිය සාදා ගත් අතර නුවර කොළඹ මහාමාර්ගයේ ගමන් කළ ගැල් සහ අශ්ව කරත්ත මංකොල්ල කෑම ආරම්භ කළේය. ඉතා ඉක්මණින් ඔහුගේ පහරදීම් රඹුක්කන, පොල්ගහවෙල මෙන්ම කුරුණෑගලටද ව්‍යාප්ත විය. මෙය සරදියෙල් දිවයින පුරාම ප්‍රචලිත වීමට මෙන්ම බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් එම ප්‍රදේශ වල පොලිස් බල ඇණි වැඩි වැඩියෙන් ස්ථාපනය කිරීමටද හේතු විය. සංචාරකයන් හට ආයුධ සන්නද්ධ භට පිරිස් ‍රැගත් රථ මඟින් ආරක්ෂාව සලසන ලදී.

    සරදියෙල් සිය මව බැලීමට ඇය විසූ නිවසට ගිය අවස්ථාවේ පොලීසිය එම නිවස වැටලූ අතර එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු ඔහු ඉන් ගැලවී මාතලේට පැන ගියේය. මෙම අවස්ථාවේදී සිරිමලේ නම් සරදියෙල්ගේ කල්ලියේ සාමාජිකයෙකු කල්ලිය මගහැර පොලිස් ඔත්තුකරුවෙකු බවට පත්විය.

    අවසන් අත් අඩංගුවට ගැනීම සහ එල්ලා මැරීම

    1864 මාර්තු 21 වනදා සරදියෙල් මම්මලේ මරික්කාර් සමඟ මාවනැල්ලේ පිහිටි නිවසක සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලන ලදී. අහමත් සාජන්ට්වරයා සරදියෙල් වෙත වෙඩි තබා ඔහුට තුවාල සිදු කළ අතර මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් ශබාන් ජීවිතක්ෂයට පත් විය. සාජන්ට් අහමත් විසින් නිවසෙන් පිටවීමට තිබූ එකම දොර‍ටුව ආරක්ෂා කරන අතර කෑගල්ල සහකාර රජයේ නියෝජිත එෆ්.ආර්. සෝන්ඩර්ස් ශ්‍රී ලංකා රයිෆල් බලකායේ පිරිසක් සමඟ එම ස්ථානයට ඉක්මනින් පැමිණියේය. තව දුරටත් විරෝධය පෑම නිශ්ඵල බව දු‍ටු සරදියෙල් සහ මම්මලේ යටත් වූහ. ඔවුන් දෙදෙනා මහනුවරට ‍රැගෙන යනු ලැබූ අතර විනිසුරු තොම්සන් සහ රජයේ නීතීඥ ලෙස රිචඩ් මෝර්ගන් සහ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කරන ලදී. ජූරිය විසින් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස තීරණය කරන ලද අතර මරණ දණ්ඩනය නියම කරන ලදී. ඔවුන් 1864 මැයි 7 වනදා එල්ලුම් ගහ වෙත ගෙනයනු ලැබූ අතර විශාල ජනකායක් සරදියෙක් දැක ගැනීමට එහි පැමිණ සිටියහ. එල්ලීමට ප්‍රථම සරදියෙල් ‍රැස්ව සිටින ජනතාව ඇමතුවේය.

    පුරාවෘත්තය

    ඔහු විසින් කොල්ලකෑ බොහෝ වස්තුව, සරදියෙල් විසින් දුප්පතුන් අතර බොදා දෙන ලද අතර, කිසිවිටෙක ඔවුන්ගෙන් සොරකම් නොකලේය. මෙය නිසා "ලංකා රොබින්හුඩ්" ලෙසින් ඔහු හැඳින්විණි. ඔහුගේ ආක්‍රමණ වලින් බොහෝමයක් එල්ලවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ එහි පහළ හා මධ්‍යම මට්ටම්හී වැජඹෙමින් ධනය රැස් කර ගත් යටත්විජිත පරිපාලනයේ ස්වදේශීය ආධාරකරුවන් වෙත බැවින්, දුගී ගම්වැසියන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගැනුමට ඔහු සමත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ ක්‍රියාවන් යුක්තිසහගත බවත්, සරදියෙල් යනු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසූවකු මිස මංපහරන්නෙකු නොවන බවත්, බොහෝ දෙනා සලකති.

    සරදියෙල් අත්අඩංගුවට උත්සාහ දැරීමේ මෙහෙයුමේදී මිය ගිය කොස්තාපල් ෂබාන්, ක්‍රියාන්විතයේදී මිය ගිය පළමු ලාංකික පොලිස් භටයා වෙයි. . මේ අනුව, ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන්ගේ මිය ගිය භටයන් සිහි කරන දිනය යෙදී ඇත්තේ මාර්තු 21 දිනදී වන්නේ කොස්තාපල් ෂබාන් මිය ගියේ 1864 මාර්තු 21 දිනදී වන බැවිනි.

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    13 Jan 2015 03:03 AM

    උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි -1

     
     

    උතුවන්කන්දේ සූර සරදියෙල් ගම්මානය නිර්මාණය කල හැටි -1

    සූර සරදියෙල් උණ මට බෝ වුණේ ඇලෝසියස් පෙරේරා නමැති රෝගීයාගෙන්'
    විශේෂඥ වෛද්‍ය ආරියසේන යු. ගමගේ

    ඒ 1980 දශකයයි'එකල මා මාවනැල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාය' නිවෙස් වලට ගොස් ඔත්පල වු රෝගීන්ට පෞද්ගලිකව ප්‍රතිකාර කිරිමේ සේවයේද යෙදි සිටියෙමි'
    දිනක් මා හමුවීමට තරුණියන් දෙදෙනෙක් පැමිණ සිටියෝය' එක් අයෙක් නාලනීය' අනෙක් අය රමණිය' දෙදෙනා සොයුරියන්ය' දෙදෙනාම ගුරුවරියන්ය' අද තෙරේසා නාලනී ද මැල් මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියයි' රමණි පෙරේරා මහත්මිය මාණික්කාව විදුහලේ සහකාර විදුහල්පතිනියයි'
    —ඩොක්ටර් අපේ තාත්තාට ගොඩක් වයසයි' අවුරුදු 85ක් විතර ඇති' ලෙඩ ඇදේ ඉන්නේ' එක්කර ගෙන එන්න අපහසුයි' අපේ ගෙදර උතුවන්කන්දේ අන්වාරම තියෙන්නේ' ගෙදරට ඇවිත් ප්‍රතිකාර කරන්න පුළුවන්ද' ඔවුන් මගෙන් විමසුවේය' මම එකඟ වුනෙමි'
    ඔහුගේ නම ඇලෝසියස් පෙරේරාය' ඔහුද වෘත්තියෙන් ගුරුවරයෙකි' ජීවත් වුනේ කොළඹ නුවර මහාමාර්ගය අද්දරය' ගෙදර නම —ගාලේ ගෙදරය˜' එය ඉතා පැරණි ගෙයකි'ගෙදර මිදුලේ තිබුණු නමිනං ගසේ කඳ පොල් කඳක් තරම් විශාලය' එතරම් විශාල නමිනං ගසක් මගේ ජිවිතයට දැක තිබුණේ නැත'
    —මේක හරි විශාල නමිනං ගසක් නේ.රෑ ගසේ වයස කියක් විතර වෙන්න ඇද්දරෑ මම නාලනීගෙන් විමසුවෙමි'
    —ඕක සරදියෙල් ගේ කාලේ ගහක්'˜ —අවුරුදු සියයකට වඩා වයස ඇති'˜ ඇය පිළිතුරු දුන්නාය'—ශත වර්ෂයක් පැරණි නමිනං ගසක් ගේ මිදුලේ තිඛෙන්නට නම් එම ගෙය ඊටත් වඩා පැරණි විය යුතුය'˜
    මේ ගෙදරට —ගාලේ ගෙදර˜ කියන්නේ ඇයිරෑ ඒ දවස් වල අපේ සීයගෙ තාත්තා (මුත්තා) මෙතන කරත්ත ගාලක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. අපේ ගෙදරට ගාලේ ගෙදර කියන්නේ ඒ නිසයි'˜ නාලනී පිළිතුරු දුන්නාය'
    ඇලෝසියස් පෙරේරා මහතා ගාලේ ගෙදර ඇතුලේ කාමරයක සැතපී සිටියේය' උස මහතින් යුත් පුද්ගලයෙකු වු පෙරේරා මහතා ඔත්පල වි ටික කලක් ගතවී තිබුණි' ඔහු ශ්වසන රෝගයකින් පෙළුණේය' මම ඔහු පරීක‍ෂාවට ලක් කළෙමි' ප්‍රතිකාර නියම කළෙමි' ඉන්පසු සතුටු සාමීචියේ යෙදුනෙමි'
    පෙරේරා මහතා කතෝලිකයෙකි'නිවසේ බිත්තියේ ගසා තිබු කුරුසයෙන් සහ කාමරයේ පසෙක තබා තිබු දේව මැණියන්ගේ ප්‍රතිමාවෙන්  මම එය වටහා ගතිමි'
    —මේ මිස්ටර් පෙරේරාගේ ගම මදරෑ˜
    —නෑ මම ඉපදුනේ කළුතර' කතෝලිකයෙක් වුණාට මම පන්සලේ අධ්‍යාපනය ලබපු කෙනෙක්' උතුවන්කන්දට ආවේ පල්ලියේ ඉස්කෝලේ උගන්වන්න' ඒ ගමන තමයි ගාලේ ගෙදරින් කසාද බැන්දේ' මේ මගේ නෝනාගේ ගෙදර' එයාගේ නම ජෙනට් සිල්වා' එයාගේ තාත්තා රොමෙල් සිල්වා, රොමෙල් සිල්වාගේ තාත්තා හෙන්දිරික් අප්පුහාමි' ඒ කියන්නේ මගේ නෝනාගේ සීයා'එයා උතුවන්කන්දට ඇවිත් තියෙන්නේ මුල්ලේරියාවේ ඉදලා' එයා තමයි මෙතන කරත්තගාලක් ආරම්භ කරලා තියෙන්නේ. 19 වෙනි සියවසේ මුල් කාලේ' මේජර් තෝමස් ස්කිනර්ල කැප්ටන් ඩෝසන් ලා අඹේපුස්සේ ඉදලා කන්ද උඩරටට යන කොළඹ - නුවර මහ පාර හදන කාලේ' ඒ කාලේ මේ පාරේ කාර් වෑන් ලොරි ගියේ නැහැ' බරකරත්ත, බක්කි කරත්ත, අශ්ව කරත්ත තිරික්කල වගේ දේවල් වලින් තමයි බඩු ඇදලා තියෙන්නේ' ඉතින් ඒවා නවත්තලා ගොන්නුන්ට කන්න දීලා පිදුරු මිටි එහෙම කරත්තකාරයෝ මිලදී ගෙන කරත්තවල බැද ගත්තේ මෙතන'˜ පෙරේරා මහතා මා දහනව වන සියවසට කැඳවා ගෙන ගියේය'
    —ඒ කාලේ මාවනැල්ල කුඩා ගම්මානයක්' නගරය තිබුනේ උතුවන්කන්දේ' උතුවන්කන්ද සරදියෙල් ගලට හැරනෙ තැන තියෙන වත්තට අදත් කියන්නේ —පොලීසියේ වත්ත˜ කියලා' ඒ කාලේ එතන තමයි පොලීසිය තිබිලා තියෙන්නේ' ඔය චන්ද්‍ර රණතුංග මහත්තයාගේ (හිටපු අමාත්‍ය) ගෙදර හදලා තියෙන වත්තට කිව්වේ —ඉස්තාල වත්ත˜ කියලා' එතන තමයි අශ්ව ඉස්තාලේ තිබිලා තියෙන්නේ' උතුවන්කන්ද කතෝලික පල්ලිය හදල තියෙන්නේත් අපේ සීයලා පරිත්‍යාග කරපු ඉඩම්වල'
    ඒ කාලේ උතුවන්කන්දේ සූර සර්දියෙල් මේ ගෙදරට නිතර ඇවිත් තියෙනවා' රොමෙල් සිල්වා ඒ කියන්නේ මගේ නෝනාගේ තාත්තා. පිචෝ හාමි කෙල්ල කාලේ ඉදලා තියෙන්නේ හෙන්දිරික් අප්පුහාමි සීයාගේ ගෙදර' රොමෙල් මාමා පුංචි කාලේ නාවලා බලාගෙන තියෙන්නේත් පිචෝහාමි' අදාසි අප්පුට කසාද බන්දලා දීලා තියෙන්නේත් හෙන්දිරික් අප්පුහාමි. පිචෝ හාමිට ලැබුණ පළවෙනි දරුවා තමයි සරදියෙල් පසු කාලෙක හෙන්දිරික් අප්පුහාමි සීයාට සරදියෙල් මහ හිසරදයක් වෙලා තියෙනවා' මොකද මිනිහා දාමරිකම් කරන කාලේ මේ ගෙදරට යනවා එනවාලූ' සමහර දවස් වලදි සරදියෙල් එනකොට ගෙදර දොරවල් වහලා ගෙදර අය සොල්දරයට නැගලා හැංගිලා ඉන්නවලූ. 1864 කාලයේ හෙන්දිරික් අප්පුහාමි සීයා මේ ගෙවල් වහලා දාලා ටික දවසක් මුල්ලේරියාවට පිටමං වෙලත් තියෙනවා'පෙරේරා මහතා ඉතිහාසඥයෙකි' ඔහු උතුවන්කනද පල්ලියේ ඉස්කෝලේ සිංහල සහ ගණිතය උගන්වන ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ' සුදු සරමක් හා සුදු කමිසයක් ඇද සුදු පටියක් බැද ඛෙල්ලේ බොත්තම දමා සුදු කෝට් එකක් ඊට උඩින් ඇද කුඩයක් අතට ගෙන බක්කි කරත්තයක නැඟ උතුවන්කන්ද පල්ලියේ ඉස්කෝලයට යන තරුණ පෙරේරා මහතා මා හට මැවී පෙනේ' උතුවන්කන්ද ප්‍රදේශය පිළිබඳව ඔහු බොහෝ දේ දනී'එබැවින් ඔහුගෙන් උතුවන්කන්දේ සරදියෙල්ගේ කතාව දැනගැනීමේ ආශාවක් මා සිත් තුල ඇති විය'
    —පෙරේරා මහත්තයා උතුවන්කන්දේ ඉතිහාසය හොඳින් දන්නවා වගේ. මට ආසයි ඒ ගැන කතා කරන්න' මං ආයිත් එන්නම්කෝ' ඔබතුමා බලලා යන්න' එතකොට අපට සරදියෙල් ගැන තව ටිකක් තොරතුරු කතා කරන්නත් පුළුවන්නේ'˜ මම අනාගත සාකච්ඡාවන් සඳහා පොටක් පාදා ගතිමි'
    —සූර සරදියෙල් අප්පු මගේ වීරයෙක්' එයාට සුද්දො කිව්වේ ර්‍ණඍදඉසබ යදදා දෙ ක‍ැහකදබ”      — ලංකාවේ රොබින්හුඩ්˜ කියලා' එයා ගැන ලියවිච්ච පත්තර ලිපි, සඟරා ලිපි, මා ළඟ එකතු කරලා තියෙනවා'  මං ඒවා දොස්තර මහත්තයාට පෙන්වන්නම් ලබන පාර අවාට පස්සේ'
    උතුවන්කන්දේ සූර සරදියෙල් ගැන මා කුඩා කල සිට අසා ඇත්තෙමි' ගාළු දිස්තික්කයේ හිනිදුම්පත්තුවේ මාපලගම ඉපදුණු මා උතුවන්කන්දේ සූර සරදියෙල් ඉපදුණු ප්‍රදේශයේ පදිංචියට පැමිණේවි යයි කිසි දිනක සිතුවේ නැත' එය අහඹු සිදුවීමකි' කෙනෙකු එය දෛවෝපගත සිද්ධියක් ලෙසද හැදින්විය හැකිය' කෙසේ වෙතත් මගෙන් ප්‍රතිකාර ලබාගත් පෙරේරා මහතාට වැළදී තිබු සුවිශේෂි —උණක්˜ ඔහුගෙන් මා හට බෝ විය. ඒ —සූර සරදියෙල් ˜ උණයි'
    පෙරේරා ගුරුතුමාගේ දුක් සැප බලා ප්‍රතිකාර කිරීමට කිහිප විටක්ම එතුමාගේ නිවසට ගියෙමි. එක් දිනක් ඔහු බැලීමට ගිය විට ඔහුගේ අල්මාරියක සඟවා තිබු සර්දියෙල් පිළිබද පැරණි ලිපි එකතුවක් මා හට පෙන්වීම සඳහා ඔහුගේ ඇඳ මත තබාගෙන සිටියේය.
    ඇල්.ඩි.ඒ. රත්නායක මහතා විසින් ප්‍රබන්ධ කොට කි්‍ර.ව. 1924 දි සෙව්‍යශ්‍ර යන්ත්‍රාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලද ලෝක ප්‍රසිද්ධ සර්දියෙල් නාටකය නැමති පොත සහ කොළඹ කෞතුකාගාරයේ එච්.ඇල්. කල්දේරා මහතා විසින් සිළුමිණ පුවත්පතට 1935 ක් වු අප්‍රේල් මස 07 වෙනිදා ලියන ලද —උතුවන්කන්දේ සරදියෙල්˜ දහනව වන වෙනි ශත වර්ෂයේ ලංකාවම බියෙන් ඇළලූ —ප්‍රචණ්ඩ දාමරිකයා˜ ඔහු සතුව තිබු පැරණිම ලියවිලි දෙකයි'
    කේ.ඩි.පී.වික්‍රමසිංහයන් විසින් 1951 නොවැම්බර් 11 වන දින ඉරිදා ලංකාදීපයට ලියන ලද —උතුවන්කන්දේ සරදියෙල් ගේ නඩු විභාගය˜,  1958 දී ඩබ්ලිව්.කේ.පි. ගුණවර්ධන විසින් සරදියෙල් පිළිබදව ලියන ලද ලිපි පෙළ පමණක් නොව 1983 දි නීල්ද මොරාසෙස් විසින් සිළුමිණ පත්‍රයට ලියු සරදියෙල් පිළිබද ලිපි පෙලද, —සරදියෙල්ගේ නෑ පරපුරේ තොරතුරු සොයා ගිය ගමනක්˜ නමින් නවයුගය සඟරාවට —මගීයා˜ විසින් ලියන ලද ලිපියක් ද පෙරේරා මහතා සතුව තිබුනි'—ඔබතුමා සරදියෙල් ගේ රසිකයෙක් වගේ නේද මටත් ආසයි සරදියෙල් ගැන දැන ගන්න'˜—දොස්තර මහත්තයාට ඕනේ නම් මේ ලිපි කියවලා ගෙනත් දෙන්න'මගේ සිතේ සරදියෙල් ගම්මානයක් නිර්මාණය කිරිමේ කිසිදු අදහසක් එකල නොවිය' එහෙත් සරදියෙල් පිළිබඳව තොරතුරු රැස් කිරිමේ උනන්දුවක් නම් එහිදි ඇති විය' ඒ උනන්දුව ඇති  කිරිමට මුල් වුනේ ඇලෝසියස් පෙරේරා ගුරුතුමාය'
    කොළඹ සිට දුම්රියෙන් හෝ බසයකින් නුවර දෙසට ගමන් කරන ඕනැම කෙනෙකුගේ ඇස ගැටෙන අලංකාරවු කඳුගැටයකි උතුවන්කන්ද' එය දකින ඕනම කෙනෙකුට මතක් වෙන්නේ සූර සරදියෙල් හෙවත් ලංකාවේ රොබින්හුඩ්ය. එදා බි්‍රතාන්‍යයන් අශ්ව කරත්ත (අශ්වකෝච්චි) ගොං කරත්ත සහ දෝලාවල නැගී කන්ද උඩරට බලා ගමන් කරන විට උතුවන්කන්ද මුදුනේ පිහිටි ගල් කුල දුටුවේ එංගලන්තයේ පිහිටි රජ මාළිගාවක් ලෙසය' එබැවින් ඔවුන් එය ර්‍ණක‍්ිඑකැ ඍදජන” (කාසල් රොක්) ලෙස නම් කළේය' එනමුත් උතුවන්කන්ද පිහිටි උතුවන ගමේ මිනිසුන් එය හඳුන්වන ලද්දේ —උකුණු ගල˜ ලෙසය' එසේ හදුන්වන්නේ අම්මා කෙනෙක් දුවකගේ හිසේ උකුණන් බලන අකාරයට එම ගල් පර්වතය ගමේ මිනිසුන්ට පෙනෙන නිසාය' නමුත් අපේ සූර සරදියෙල් ගම්මානයේ සිට බැලූ කල එම ගල් කුළ මට නම් පෙනෙන්නේ මිහින්තලා පර්වතය මෙනි්. එහෙත් අද ලංකාවේ කවුරුත් එම ගල හදුන්වන්නේ —සරදියෙල් ගල˜ ලෙසය' ඒ සරදියෙල් තම සහචරයන් සමඟ එහි සැඟවි සිට කොළඹ නුවර පාරේ ගමන් ගත් අශ්ව කෝච්චි සහ ගැල් නවතා මං පහරා මුදල් ගෙනැවිත් දුප්පතුන් අතර ඛෙදා දුන් නිසාය'
    කොළඹ නුවර පාරේ උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව ළඟින් වමට හැරි කිලෝමීටරයක් ගිය විට මා විසින් නිර්මාණය කරන ලද —සරදියෙල් ගම්මානය˜ හමුවනු ඇත' අක්කර හයක භූමී භාගයක් තුළ ගොඩනැගෙන සරදියෙල් ගම්මානය මහජනතාවට දැක බලා ගැනිම සදහා 2012 ජනවාරි 29 වන දින විවෘත විය. පූජ්‍ය පක‍ෂය සහ පෙර පාසැල් ළමුන් ගෙන් අය කිරිමක් නොකරේ' නිල ඇඳුමෙන් සැරසී පැමිණෙන පාසැල් සිසුන් සඳහා ටිකට් පතක මිල රුපියල් 20කි' වෙනත් ළමුන් සඳහා රුපියල් 50 කි' වැඩිහිටියන් සඳහා ටිකට් පතක මිල රුපියල් 100= කි'  වැඩි විස්තර 072-2220318' 077-9418999' 077-7808979 අංක ඇමතීමෙන් ලබාගත හැකිය'පියවරෙන් පියවර සරදියෙල් ගම්මානය නිර්මාණය කල ආකාරය පිළිබඳව තොරතුරු මෙතැන් සිට ලක්බිම පාඨකයන් හට  සෑම ඉරිදාවකදීම කියවීමට හැකිවනු ඇත

     

     
                          irosfh,a .ïudkfha msúiqï fodrgqj
     
     
     
    iQr irosfh,a ms
     
                                         irosfh,a .ïudkfha kdkf;dg
     
     
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    13 Jan 2015 09:10 PM
    හිත හොඳ මිනිහා හැමදා දුකෙන් කියන්නේ මේවට තමයි ................හැම බාධකයක් ම හිත හොඳ එකාටමයි....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13194






    --
    13 Jan 2015 09:33 PM
    Posted By Imalka on 13 Jan 2015 09:10 PM
    හිත හොඳ මිනිහා හැමදා දුකෙන් කියන්නේ මේවට තමයි ................හැම බාධකයක් ම හිත හොඳ එකාටමයි....

    හිතහොඳ ගෑනි හැමදාම බඩින් කියල කතාවකුත් තිබුණා නේද?

     

     

    0

    ham123
    Veteran Member
    Veteran Member
    Posts:1636






    --
    15 Jan 2015 10:59 PM
    Posted By Ind007ka on 13 Jan 2015 03:00 AM

    උතුවන්කන්දේ සූර සරදියෙල් ගම

    සරදියෙල් ගමේ පිවිසුම් දොරටුව

    කොළඹ නුවර පාරේ උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව ලගින් වමට හැරී කිලෝමීටරයක් ගිය විට දොස්තර ආරියසේන යූ ගමගේ විසින් නිර්මාණය කරන ලද "සරදියෙල් ගම්මානය" හමු වේ. අක්කර හයක භූමි භාගයක් තුල ගොඩ නැගුනු  "සරදියෙල් ගම්මානය" 2012 ජනවාරි 29 දින මහජනතාවට දැක බල ගැනීම සදහා විවෘත විය. මේ එහි ජායාරූප කිහිපයකි. 
     

    සරදියෙල් ගමේ නාන තොට

     

    සූර සරදියල් පිළිරුව

     

     

    meka balanna yanna puluwan thanakda? mama ahuveth adamaine

     

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    15 Jan 2015 11:31 PM
    Posted By ham123 on 15 Jan 2015 10:59 PM
    Posted By Ind007ka on 13 Jan 2015 03:00 AM

    උතුවන්කන්දේ සූර සරදියෙල් ගම

    සරදියෙල් ගමේ පිවිසුම් දොරටුව

    කොළඹ නුවර පාරේ උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව ලගින් වමට හැරී කිලෝමීටරයක් ගිය විට දොස්තර ආරියසේන යූ ගමගේ විසින් නිර්මාණය කරන ලද "සරදියෙල් ගම්මානය" හමු වේ. අක්කර හයක භූමි භාගයක් තුල ගොඩ නැගුනු  "සරදියෙල් ගම්මානය" 2012 ජනවාරි 29 දින මහජනතාවට දැක බල ගැනීම සදහා විවෘත විය. මේ එහි ජායාරූප කිහිපයකි. 
     

    සරදියෙල් ගමේ නාන තොට

     

    සූර සරදියල් පිළිරුව

     

     

    meka balanna yanna puluwan thanakda? mama ahuveth adamaine

     

     

    ow puluwan

     

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    16 Jan 2015 10:18 PM
    Posted By samantha on 13 Jan 2015 09:33 PM
    Posted By Imalka on 13 Jan 2015 09:10 PM
    හිත හොඳ මිනිහා හැමදා දුකෙන් කියන්නේ මේවට තමයි ................හැම බාධකයක් ම හිත හොඳ එකාටමයි....

    හිතහොඳ ගෑනි හැමදාම බඩින් කියල කතාවකුත් තිබුණා නේද?

     

     

     

    දැන් හිත හොඳ අය  අඩු නිසා ටිකක් අඩුයි කයල කතාවක් තියෙනවා සමන්ත අයියේ 

     

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    05 May 2015 09:11 PM
    thanks indika aiye visthara welata....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10457






    --
    05 May 2015 10:58 PM
    වෙලටවක සරදියෙල් ගම්මානයට යන්න ඕන...
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    06 May 2015 11:21 AM
    Posted By indika76 on 05 May 2015 10:58 PM
    වෙලටවක සරදියෙල් ගම්මානයට යන්න ඕන...

     

    ගියොත් මතක ඇතුව කියපන් මම මතක් කළා කියලා 

     

    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 May 2015 08:28 AM
    මන් කැමති චරිතයක් තමා මේ ,,,, ස්තුති අයියා
    0

    kapila ranjith
    Basic Member
    Basic Member
    Posts:115






    --
    17 May 2015 08:58 AM
    ගොඩාක් ස්තුති වෙනවා මේ ලිපි වෙනුවෙන්
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13194






    --
    17 May 2015 09:01 AM
    සරදියෙල් ලා වගේ වීරයන් බිහිවිය යුතු කාලයක්.
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    02 Oct 2016 05:59 AM
    ජාතික වීරවරයෝ සදා අනුස්මරණියයි.

    ඒත් වර්තමානයේ නම් ජාතිය විනාශයට ඇදගෙන යන පිරිස් මිස මෙවැනි වීරවරයෝ බිහිවේවිදෝ සැක සහිතයි...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    02 Oct 2016 02:20 PM
    oyage kathawa hariyatama hari poddi
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Oct 2016 11:15 AM
    අපිට හිටපු සැබෑම වීරයෝ.
    0


    ---