indika76
Most Senior Member Posts:10434
14 Dec 2019 08:21 AM |
|
ලංකාවේ සුන්දර ස්ථාන
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
14 Dec 2019 08:23 AM |
|
ශ්‍රී පාද කන්ද
ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා.
1. ආරම්භය
සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා.
මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.
2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම
ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අනුවණ අය ඕනා තරම් සිටිනවා.
නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.
3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා
පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි.
කෝඩුකාරයින් වර්ග දෙකයි.
ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“.
කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ.
බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි.
ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා.
ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි.
අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි.
ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි.
වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්
වඳින්ඩ යන මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට
සුමන සමන් දෙවි පිහිටයි
කරුණාවයි – කරුණාවයි
වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්.
කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්‍රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
14 Dec 2019 08:23 AM |
|
ලිහිණි හෙල අම්බලම ලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි. ධර්මරාජ ගල අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගෙත්තම් පාන/ඉඳිකටු පාන බුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ. මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද? සීතගඟුල මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ. ඇහැල කණුව අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්. අහස්ගව්ව මේ ආශ්‍රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා. මහගිරිදඹය අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
14 Dec 2019 08:26 AM |
|
සිරිපා ගමනට කැමති මාවතක් තෝරා ගන්න
උඳුවප් පුන් පොහෝය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග හයක් ඇත. එහෙත් විදුලි ආලෝකය, සනීපාරක්‍ෂක පහසුකම්, අම්බලම් සහ ආරක්‍ෂාව ඇත්තේ ප්‍රධාන මාර්ග තුනක පමණි. එනම් හැටන්, කුරුවිට එරත්න සහ රත්නපුර පලාබද්දල මාර්ග වල පමණි. දැරණියගල මාලිබොඩ පාර සහ හලුගස්තැන්න මූක්කුවත්ත පාර අතරමගදී කුරුවිට එරත්න පාර එක්වෙයි. මරේවත්ත පාර හෙවත් රාජමලේ පාර හැටන් පාරේ ඇහැළ කණුව අසලදී හැටන් පාරට එක්වෙයි.
හැටන් ශ්‍රීපාද මාර්ගය
හැටන් නගරයට දුම්රියෙන් හෝ බස් රථවලින් පැමිණ නල්ලතන්නිය දක්වා බස් රථයකින් ගමන් කළ හැක. නල්ලතන්නියේ සිට යායුත්තේ පාගමනිනි.
මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මලුව දක්වාම කිලෝ මීටර් හයක පමණ දුරක් කන්ද නැග සිරිපා මලුවට ළඟා විය හැකිය. සිරිපා කරුණා කිරීමට ඇති ළඟම පාර මේ හැටන් පාරයි.
නල්ලතන්නියේ දී සීතගඟුලේ පහළින් එගොඩ වී කල්පවෘක්‍ෂ මහා විහාරය, අසුමහා ශ්‍රාවක මහා බුද්ධ මන්දිරය, මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, පසුකර කරුණා කරන විට වත්පිළිවෙත් සිදුකරන සීතගඟුල යළි හමුවෙයි. මස්කෙළිඔය හෙවත් කැළණි ගඟේ ඉහළ මේ සීතගඟුලයි.
සීතගඟුලේදී දිය නා පිරිසිදුවී කෝඩුකාරයන්ට ආශිර්වාද පතා කුිරි කෝඩු දඬුකෝඩු මේ හැම කෙනාගෙම අත්වල පඬුරු ගැට ගසන්නේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව සිරිපා වන්දනාකර ආපසු ඒමට හැකි වේවායි බලාපොරොත්තුවෙනි.
සීතගඟුල පසුකර මලුව දෙසට යනවිට ඉඳිකටුපාන හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. ගෙත්ම්පානනෙන් දකුණට ඇති අඩිපාර රත්නපුර පාරේ ආඬියා මළතැන්නට යන හරස් අතුරු පාරකි. ගෙත්තම්පාන පසුකර මහගිරි දඹය ඔස්සේ ඉදිරියට යනවිට ඇහැළ කණුව හමුවෙයි. ඇහැළ කණුව පසුකර ඉදිරියට යනවිට භගවා ලෙන හමුවෙයි. එතැනින් පසු සිරිපා මලුව හමුවෙයි.
කුරුවිට එරත්න පාර
කුරුවිට එරත්න පාර ඉතාම පැරණි ම සිරිපා පාරය. සිරිපා මලුව මුලින්ම සොයාගෙන ඇත්තේ මේ ආශ්‍රීත ප්‍රදේශ හරහා ගමන් ගත් ‘කොටා’ විසින් යැයි ජනප්‍රවාදයේ එයි. එහෙත් දැන් ඒ පාර වෙනස්ව ප්‍රධාන පාරක් ලෙස පවතී. මගදෙපස විදුලි ආලෝකය ඇත.
කොළඹ සිට කිලෝමීටර් 88ක් දුරින් කුරුවිට නගරය කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. කුරුවිට නගරයේ සිට එරත්න දක්වා කිලෝ මීටර් 11කි. දැන් තවත් කිලෝමීටර් එකහමාරක් දුරට කැකුණහීන්න දක්වා පොදු මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වෙයි. කැකුණහීන්න දක්වා පුද්ගලික වාහනයකින් වුවත් ගමන් කළ හැකිය. කැකුණහීන්නේ සිට යායුත්තේ පාගමනිනි. එතැන සිට කිලෝමීටර් පහළොවකට ආසන්න දුරක් මලුවට ඇත. ගමන දුර වුවත් ඉතා සුන්දර පරිසරයකින් යුතුය.
ජම්බලගස්යට අම්බලම, සරුවත් අම්බලම පසුකළ විට වර්ණගල හමුවෙයි. වෙනත් මාර්ගයකින් වර්ණගලට වාහනයක් ගමන් කළ හැකි නමුත් පුද්ගලික වාහන සඳහා ඒ මාර්ගයේ ගමන් කිරිමට අවසර නොලැබෙයි. වර්ණගල පොලිස් මුරපොළක් ද පිහිටා ඇත.
සරුවත් අම්බලමේ සිට වර්ණගල පසුකර කිලෝ මීටරයක් පමණ දුරක් දක්වා කන්දය. දවාලක ගමන් කරන්නේ නම් බස්නාහිරින් දැකුම්කලු පරිසර දසුන් නැරඹිය හැකිය. ඉන්පසු සුලුවැල්ල ඔස්සේ සීතගඟුල දක්වාම තැන්නය. සීතගඟුලට තුම්මෝදර යැයිද කියනු ලබයි. කුරුගඟේ ඉහළ ප්‍රදේශය මේ සීත ගඟුලයි.
සීතගඟුල පසුකර ඉදිරියට යනවිට බේරුමණ්ඩිය ද, මැදහින්නද හමුවෙයි. මැදහින්නේද දකුණු පැත්තෙන් ඇති අඩිපාර දැරණියගල සිට මාලිබොඩ හරහා සිරිපා කරුනාකරන මාර්ගයයි. ඉන්පසු ඉඳිකටුපාන හමුවෙයි. තැනිතලාවකි. එතැනටද ගෙත්තම්පාන යැයි කියති. එරත්න පාරේ ඉඳිකටුපානේ සිට ගල්වංගෙඩිය දක්වා දුර තරමක නැග්මකි. ගල්වංගෙඩියේදී රත්නපුර පාර හමුවෙයි. අඩි තිහක් දකුණට ගියවිට හැරමිටිපානය. කෙළින් ගමන් කරන විට ආඬියාමළතැන්න හමුවෙයි.
ආඬියාමළතැන්නෙන් වමට ඇති පාරෙ හැටන් පාරේ ඉඳිකටුපානටය. කෙළින් ඇති අඩිපාර සිරිපා මලුවටය. කුරුවිට සහ රත්නපුර පාරේ එන බැතිමතුන්ට මහගිරි දඹය හමුවන්නේ ඉඳිකටු පානෙදිය. මහගිරිදඹය ඔස්සේ ඉහළට යනවිට ඇහැළ කණුව හමුවෙයි. රත්නපුර පාරේද ඇහැළ කණුවක් ඇත. ඇහැළ කනුව පසුකර ඉහළට කරුණාකරන විට හුලං කපොල්ල හමුවෙයි. ඉන් අනතුරුව සිරිපා මලුවයි.
රත්නපුර රජමාවත හෙවත් පලාබද්දල පාර
රත්නපුර නගරයට පැමිණ මල්වල, ගිලීමලේ පසුකර පලාබද්දල දක්වා වාහනයකින් පැමිණිය හැකිය. පොදු ප්‍රවාහන සේවා පලාබද්දල දක්වා ක්‍රියාත්මකය.
පලාබද්දල සිට පවනැල්ල, දොරලකඬේ, කොකටියකඳ, ලිහිණිහෙල, කටුකිතුල, ගෝණතල්ල, ගැටනිටුල, කොඩිය හෙළ, ධර්මරාජගල, ගල්පොත්ත කඬේ, සෙවලගල පසුකර කරුණාකරන විට සීතගඟුල හමුවෙයි. මේ සීතගඟුල කලු ගඟේ ඉහත්තාවයි. ඉන්පසු හීන් ගඟුල පසුකර ඉදිරියට කරුණාකරන විට හැරමිටිපාන හමුවෙයි. හැරමිටිපාන පසුකර අඩිතිහක් පමණ පල්ලමට බහින විට ගල්වංගෙඩියයි. එතැනදී කුරුවිට එරත්න පාර හමුවෙයි.
මේ පාර ද විදුලි ආලෝක පහසුකම් සපයා ඇත. පලාබද්දල පාරෙන් මලුවට කිලෝමීටර් පහළොවක් පමණ ඇත.
දැරණියගල පාර හෙවත් මාලිබොඩ පාර
දැරණියගල සිට උඩමාලිබොඩ දක්වා වාහනයකින් පැමිණ එතැන්සිට පන්දිනය හරහා මහ වනමැදින් පැමිණ පාගමනින් එන පාරද එරත්න පාරේ මැදහින්නට වැටෙයි. මාලිබොඩ පාර ලෙස නම්කර ඇති මේ පාරෙන් එනවිට සීතගඟුල වන්නේද කරු ගඟේ ඉහත්තාවයි. විදුලි ආලෝක පහසුකම් හෝ අම්මබලම්, තාවකාලික වෙළඳසැල් මැදහින්න දක්වාම නැත.
මූක්කුවත්ත පාර
රත්නපුර මල්වල හංදියෙන් වේවැල්වත්ත පාර ඔස්සේ ගලබඩ හංදිය තෙක් ගමන් කර එැතැනින් හපුගස්තැන්නේ හද්දාරගඟවත්ත තෙක් වාහනයකින් ගමන් කළ හැක.
එතැන් සිට බෙරුහීන්න, බෝතියදොළ (බෝටියදොළ) පසුකළවිට ඌරුමලේ හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. තවත් ඉදිරියට යනවිට රත්නපුර පාරේ ඇහැළ කණුව ආසන්නයේ දී රත්නපුර පාරට එක්වෙයි. විදුලිබල පහසුකම් හෝ වන්දනාවාරයට වෙළඳසැල් මේ පාරේ නැත.
රාජමලේ පාර හෙවත් මරේවත්ත පාර
මස්කෙළියේ මරේවත්තේ රාජමලේ පැත්තෙන් ඇති වනගත පාරකි. මේපාරට ඇහැළකණුව අසල දී හැටන් පාර හමුවෙයි. එහෙත් මේ පාර සමාගම් වත්තක් හරහා වැටී ඇති නිසා ප්‍රභූන් හැර සාමාන්‍ය ජනතාවට එහි ගමන් කළ නොහැක.
(ලංකාදීප පුවත්පතෙනි)
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
17 Dec 2019 11:37 PM |
|
තාම ශ්‍රී පාදයට ගිහින් නෑ..යන්න අදහසක් තියනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
18 Dec 2019 07:11 AM |
|
අය්යො මල්ලි යන්නකො
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
18 Dec 2019 08:54 AM |
|
Posted By chamaramind on 17 Dec 2019 11:37 PM
තාම ශ්‍රී පාදයට ගිහින් නෑ..යන්න අදහසක් තියනවා
එක පාරක් හරි ගිහිල්ල තියෙන්න ඕන මල්ලී..
මේ වාරයේ කොහොම හරි යන්න...
|
|
0 |
|
Imalka
Veteran Member Posts:4522
18 Dec 2019 11:35 AM |
|
බොහොම ස්තුතියි 76 බ්‍රදර් මේ ත්‍රෙඩ් එකට, ශ්‍රීපාද ගමන කිහිප අතකින් ඉතා වැදගත් හැමෝගෙම ජීවිත වලට.
මම දෙවරක් ගිහින් තියෙනවා නල්ලතන්නිය පාරෙන්. ආගමික පසුබිම හා වැදගත්කම වගේම පාගමනින් මේ තරම් උසකට අවහිරයකින් තොරව ආරක්ෂාකාරීව තරණය කරන්නට ලැබෙන්නේ ශ්‍රීපාදය කන්ද පමණයි නේද? කණ්ඩායමක් වශයෙන් ගමන් කරද්දී කිසිම තෙහෙට්ටුවක් නැහැ. ගිහින් ආවම නම් ශාරීරිකව පොඩි පොඩි අපහසුකම් වෙනස්කම් දැනෙනවා. නමුත් දවසින් දෙකෙන් ඒ අපහසුතා මගහැරෙනවා. ඊසානදිග මෝසම් කාලය නිසා ශ්‍රීපාද වන්දනා කාලයේ තදින් වැස්ස නැහැ. නමුත් වැහි කාලයට නම් මේ එකම පාරකින්වත් ලේසියෙන් යන්න අපහසුයි. ඒ වගේම ජෛව විවිධත්වය අතින් ශ්‍රීලංකාවේ ප්‍රබල ස්ථාන වලින් එකක් හෝටන් තැන්න හැරුණු කොට විවිධ ගණ වලට අයත් පක්ෂීන් උරගයන් ක්ෂීරපායී සත්ත්වයින් ගණනාවකගේ නිජබිමක්. ඒ වගේම කළුගගේ ආරම්භය සනිටුහන්වෙන්නේ ශ්‍රීපාද රක්ෂිතයෙනි. අපි මේ ස්ටන් එකේ ඉස්සරම කතා කල ශ්‍රීලංකාවේ කොටි ඒ කිව්වේ කකුල් හතරේ කොටි එහෙමත් නැත්නම් සමහරු දිවියන් ලෙස හඳුන්වන සතුන්ගේ ගහනය ඉතා වැඩි ඉසව්වක්. අලි දෙන්නෙකුත් මේ ආශ්‍රිතව වාසය කරනවාලු. විශේෂයෙන් සමනලයින්.. ඒ කිව්වේ පහුගිය ආණ්ඩුවේ ඇමතිලා ගැන නෙමෙයි ....අලංකාර තේජවන්ත සමනලයින්....වසරේ එක වකවානුවක සමනලයින් ශ්‍රීපාදය වන්දනා කරනවා යයි ජනප්‍රවාදයේ කතන්දර ඔබ අසා ඇතිද ?කොහොම උනත් ශ්‍රීපාද වන්දනාවේදී මේ සතුන් දැකගන්න ලැබෙන්නේ නැහැ මම අසා ඇති විදිහට. නමුත් පක්ෂි වර්ග නම් දකින්න පුළුවන්.. ශ්‍රීපාදය - සමනල කන්ද .....ගිය නොගිය හැමෝම යන්න....ජීවිතේ එකවරක් හෝ...මේ උතුම් පුද බිමට.
බලන්න මේ ගීතය......ඒ අභිමානය ඔබටත් දැනේවා....!
|
|
0 |
|
hasithad
Super Senior Member Posts:5795
19 Dec 2019 10:07 PM |
|
මමත් තාම තාම ශ්‍රී පාදයට ගිහින් නෑ.
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
20 Dec 2019 07:51 AM |
|
ඉතින් මෙ නොගිය කොල්ලො ටික සෙට් වෙලා පලයලලකො
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
13 Jan 2020 08:45 AM |
|
ඔන්න මාත් ගියා..හැටන් වලින් තමයි ගියේ..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
13 Jan 2020 08:47 AM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
13 Jan 2020 08:48 AM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
13 Jan 2020 08:48 AM |
|
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
14 Jan 2020 06:56 AM |
|
අම්මො ඇති යාන්තන්
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
14 Jan 2020 07:47 AM |
|
චාමර මල්ලිත් කෝඩුකාර චරිතයෙන් මිදුනා නේද...
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
14 Jan 2020 07:49 AM |
|
Posted By indika76 on 14 Jan 2020 07:47 AM
චාමර මල්ලිත් කෝඩුකාර චරිතයෙන් මිදුනා නේද...
ඔව් අයියේ...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
chamaramind
Most Senior Member Posts:13470
14 Jan 2020 07:49 AM |
|
Posted By Ind007ka on 14 Jan 2020 06:56 AM
අම්මො ඇති යාන්තන්
ඔව් නේ....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
|
|
0 |
|
Jaani
Basic Member Posts:285
15 Jan 2020 06:56 PM |
|
වැඳලා බැහැපු ඒ ළමයට බුද්ධං සරණේ සරණයි !
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
16 Jan 2020 03:52 PM |
|
නියමයි චාමර මලේ. අග්ගලා එහෙම හදාගෙනද ගියේ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|