Go to previous topic
Go to next topic
Last Post 25 Aug 2020 09:03 AM by  indika76
ශ්‍රී ලංකාවේ චිත්‍රපට
 166 Replies
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Apr 2018 03:28 AM
    ශ්‍රී ලංකාවේ චිත්‍රපට - 

    01. කඩවුණ පොරොන්දුව

    02. අශෝකමාලා 

    03. කපටි ආරක්ෂකයා

    04. දිව්‍ය ප්‍රේමය
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2018 03:31 AM
    01. කඩවුණ පොරොන්දුව

    තිරගත කළ දිනය: 1947.01.21
    අධ්‍යක්ෂණය: ජෝතිෂ් සිං
    නිෂ්පාදනය: එස්.එම්. නායගම්
    රංගනය: රුක්මණී දේවි, එඩී ජයමාන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2018 03:32 AM
    ඉන්දිය සිනමාව ආරම්භ වූයේ 1913 දීය. ප්‍රථම ඉන්දීය නිහඬ චිත්‍රපටය (රාජා හරිශ්චන්ද්‍ර) 1913 දී ද, ප්‍රථම ඉන්දීය කතානාද චිත්‍රපටය (ආලම් ආරා) 1931 දී ද ප්‍රදර්ශනය වූයේය. 1920 ගණන්වල සිටම මෙරට තුළ ඉංගිරිසි, හින්දි හා දෙමළ චිත්‍රපට ප්‍රදර්ශනය වූයෙන් සිංහල චිත්‍රපටයක් නැරඹීම සඳහා සිනමාලෝල පිරිසක් 1947 වන විට මේ රටේ ගොඩ නැඟී සිටියහ.

    ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වශයෙන් ‘කඩවුණු පොරොන්දුව’ බිහි වූයේ සිංහල චිත්‍රපට තැනීමට ගත් අසාර්ථක උත්සාහයන් කීපයක්ම ව්‍යාර්ථවීමෙන් ඉනික්බිතිවය. 1925 දී ‘රාජකීය වික්‍රමය’ නමින් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය වුවත් කුමන්ත්‍රණකාරී හේතුවක් මත එම චිත්‍රපටය පිළිස්සී ගිය බැවින් මෙරටදී තිරගත වූයේ නැත. එය කතානාද චිත්‍රපටයක් නොව නිහඬ චිත්‍රපටයකි.

    බී. ඒ. ඩබ්. ජයමාන්න

    එස්. එම්. නායගම්
    ‘කඩවුණු පොරොන්දුව’ සිනමාපටය නිෂ්පාදනය කරන ලද්දේ එවක මෙරට ප්‍රසිද්ධ දෙමළ ව්‍යාපාරිකයකුව සිටි එස්. එම් නායගම්ය. දේශීය චිත්‍රපට කර්මාන්තයකට මුල පිරීමේ ගෞරවය හිමි විය යුතු පළමුවැන්නා ඇත්ත වශයෙන්ම ඔහු බැවින් අපේ ප්‍රණාමය ඔහුට හිමි කර දීම යුතුකමකි. විශේෂයෙන් සිංහල ජාතික ව්‍යාපාරිකයන් චිත්‍රපට කර්මාන්තයක් කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළ පසුබිමක ඔහුගේ මැදිහත්වීම වඩාත් වැදගත්ය. නායගම් මෙන්ම මෙරට චිත්‍රපට කර්මාන්තයට නොයෙක් අංශයන්ගෙන් දායක වූ මෙරට දෙමළ ජන කොටස් මේ 63 වසර තුළදී ප්‍රමාණවත් ඇගැයීමකට පාත්‍රව නොතිබීම කනගාටුදායකය.

    පසුගිය ‘සරසවිය’ සම්මාන උළෙලේ දී ප්‍රවීණ සිනමා කැමරා ශිල්පි වී. වාමදේවයන්ට රණ තිසර සම්මානය පිළිගැන්වීම එබඳු කලාකරුවකුට බුහුමන් දැක් වූ සුවිශේෂ අවස්ථාවක් ලෙස තුටුපහටුව සඳහන් කළ යුතුය.

    1940 දශකය වන විට මෙරට පැවතියේ ටීටර් නාට්‍ය කලා සම්ප්‍රදායකි. එ අතරින් වැඩි ජනකාන්තභාවයක් ඉසුළුයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ‘මිනර්වා’ නාට්‍ය හා සිරිසේන විමලවීරගේ නාට්‍යයය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් මිනර්වා නාට්‍ය හඳුන්වනු ලැබ ඇත්තේ ‘මෙලෝ ඩ්‍රාමා’ යනුවෙනි. ඒ අරුතින් ගත් කල එම නාට්‍ය භාවෝත්සන්න නාට්‍ය විය. ;දබස් සඳහා භාවිත වූයේ පොතේ භාෂාවකි. හැඟීම් ජනනය කිරීම උදෙසා ගීත අසීමාන්තික ලෙස යොදා ගැනිණි. සිංහල සිනමාවට නැඟුණේ මේ ස්වරූපයෙන් අනූන නාට්‍ය කලාවකි.

    1946 ජූනි මස 26 වැනි දින බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ප්‍රමුඛ ‘කඩවුණු පොරොන්දුව’ නාට්‍ය කණ්ඩායම මේ නාටකය චිත්‍රපට ගත කරනු වස් දකුණු ඉන්දියාව බලා පිටත් වූහ. පසු කලෙක රුක්මණී දේවි ප්‍රකාශ කර ඇති පරිදි එය අරුම පුදුම ඓතිහාසික ගමනකි. ඇය එය සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව සෙවීමට කොලොම්බස් ගිය ඓතිහාසික ගමනට සමාන කරමිනි.

    බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ප්‍රමුඛ කණ්ඩායම ඉන්දියාවට ගියේ ‘කඩවුණු පොරොන්දුව’ නාට්‍යයේ වේදිකා තිර ද රැගෙනය. නාට්‍යය රංග ගතවන අවස්ථාවේදීම එය කැමරාගත කරනු ලබතැයි ඔවුහු කල්පනා කළහ. චිත්‍රපටයක් නිපදවීමේ තාක්ෂණික ඥානයක් ඒ වන විට මෙරට කිසිවකුට තිබුණේ නැත.

    ‘කඩවුණු පොරොන්දුව’ රූගත කරන ලද්දේ දකුණු ඉන්දියාවේ මධුරෙයි නගරයේ ‘චිත්‍රකලා’ චිත්‍රගාරයේදීය. (එය නායගම් සතුව තිබූ චිත්‍රාගාරයක් බව පැවසේ) බෙංගාලි ජාතිකයෙකු වූ ජේ. සිංහ ‘කඩවුණු පොරොන්දුව’ අධ්‍යක්ෂණය කළ අතර කැමරාව, සංස්කරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය හා සංගීතය සඳහා ද ඉන්දීය ශිල්පීන් යෙදවිණි.

    සිංහල සිනමාවට ඉන්දීය මුහුණුවරක් කැවුණේ මෙලෙස අපේ චිත්‍රපටවලට ඉන්දීය සිනමා ශිල්පීන් දායකවීම හේතු කොට ගෙනය. ඉන්දීය සිනමා ශිල්පීන්ගේ මෙහෙයවීමෙන් දෙමළ චිත්‍රපට සඳහා යොදා ගත් දර්ශන පසුතල මත ඉන්දීය වේශ නිරූපණ ශෛලියකින් තැනෙන සිංහල චිත්‍රපට ඉන්දීය මුහුණුවරක් ගැනීම පුදුමයක්ද? ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය ගැන පසු කලෙක අදහස් දැක් වූ එවක මෙරට සිටි සුප්‍රකට සිනමා විචාරකයා වූ ජයවිලාල් විලේගොඩ මෙය මෙතෙක් භාෂා 12 ක් කතා කරමින් සිටි භාරත සිනමාවට තවත් භාෂාවක් එක්වීමක් ලෙස හඳුන්වා සිටියේ එම පසුබිම අනුදැනය.

    ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ප්‍රධාන කතා නායිකාවගේ චරිතය රඟපෑවේ එවක මෙරට වේදිකාවේ සිටි ජනප්‍රියම තාරකාව වූ රුක්මණී දේවිය. එවක වේදිකා නාට්‍යවල ගැහැනු චරිත රඟපාන ලද්දේ ද නළුවන් විසිනි.

    මුල්කාලීන ඉන්දීය චිත්‍රපටවල ද එය එලෙසම වූ බව සිහි කටයුතුය. එබඳු වටාපිටාවක් මැද්දේ රුක්මණී වේදිකාවේත් තිරයේත් රඟපෑම සඳහා ඉදිරිපත් වීම ප්‍රශංසා පූර්වක ක්‍රියාවකි. රුක්මණී ගේ සුවිශේෂත්වය වූයේ ඇය නිළියක සේම ගායිකාවක වීමය.

    ඇය රඟපෑ චරිත වෙනුවෙන් පසුබිම් ගී ගැයුවේද ඇයමය.

    ‘කඩවුණු පොරෙන්දුවේ’ විකට චරිතයක් රඟපෑ එඩී ජයමාන්න ද එම චිත්‍රපටයේ ගීත ලියමින් සුළු චරිතයකට ද පෙනී සිටි හියුගෝ ප්‍රනාන්දු ද මේ අවස්ථාවේ අප ගෞරවයෙන් සිහිපත් කළ යුතු තවත් කලාකරුවන් දෙදෙනෙකි.

    1947 ජනවාරි මස 21 වැනි දින කොළඹ කොටහේනේ ගෙයිටි සිනමාහලේ දී ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය තිරගත කරන ලදී. මංගල දර්ශනය දා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ එවක අගමැතිව සිටි ඩී. එස්. සේනානායක මහතාය. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ නැරඹීම සඳහා විශාල ජනකායක් එදින මේ සිනමාහලට රැස් වූ බව වාර්තා වෙයි. ඇතැමුන් රුක්මණීගේ සාරිය සිප ගත් බව ද සඳහන්ව ඇත. ඉන් ස්ඵුට වන්නේ රුක්මණී එක රැයින්ම සිංහල සිනමා තාරකාව බවට පත් වූ වගය.

    ප්‍රථම සිංහල චිත්‍රපටය කඩවුණ පොරොන්දුව රූගත කිරීම ආරම්භ කළ දින චිත්‍රපටයට සම්බන්ධ වූ සියලු දෙනා නිෂ්පාදක නායගම් සමඟ.


    සිංහල සිනමා ඉතිහාසය විමසා බැලීමේදී තවත් සිනමාකරුවන් දෙදෙනකු කෙරෙහි අපේ ගෞරවනීය අවධානය යොමු විය යුතු යැයි සිතමි. ඒ ශාන්ති කුමාර් සෙනෙවිරත්න හා සිරිසේන විමලවීරය.

    දෙවැනි සිංහල කතානාද චිත්‍රපටය වූ ‘අශෝකමාලා’ ශාන්ති කුමාර්ගේ සම අධ්‍යක්ෂණයෙන් බිහිවූවකි. 1947 අප්‍රේල් 5 වැනි දින මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට ආයේය. ‘කඩවුණු පොරොන්දුව’ සමකාලීන කතා පුවතක් වස්තු වූ අතර ‘අශෝකමාලා’ සිනමාපටයට ඓතිහාසික යුගයක් පාදක වූයේය.

    පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් මෙන්ම මොහිදීන් බෙග් ද චිත්‍රපට පසුබිම් ගී ගායනයට එක් වුයේ ‘අශෝකමාලා’වෙනි. මේ චිත්‍රපටයට ඇතුළත් මොහොමඩ් ගවුස්ගේ මධුර ගී තනු හා සංගීතය අදත් අප මුසපත් කරයි.

    සිංහල සිනමාවේ පුරෝගාමීන් තිදෙනාගෙන් ඊළඟ චිත්‍රපට අධ්‍යක්ෂවරයා මෙන්ම වඩාත්ම වැදගත් සිනමාකරුවා සිරිසේන විමලවීරයන්ය. චිත්‍රපටයක් තනිව අධ්‍යක්ෂණය කළ පළමුවැනි සිංහල ජාතිකයා ඔහුය. චිත්‍රපටය ‘අම්මා’ ය. එසේ වූයේ අන් කිසිවක් නිසා නොව ඔහු දුප්පත් කලාකාරයකු වූ බැවින් දකුණු ඉන්දීය චිත්‍රාගාරවල ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ බැවිනි. දකුණු ඉන්දියාවේදී විමලවීර නම් කෙරුණේ ‘POOR DIRECTOR’ යනුවෙනි. ‘දුප්පත් අධ්‍යක්ෂවරයා’ යනුවෙනි.

    චිත්‍රපටයක් තැනීම සඳහා වෙහෙස වූ මුල්ම වේදිකා නාට්‍යකරුවා ද විමලවීරය. ඔහු තමාගේ ‘රොඩී කෙල්ල’ නාටකය චිත්‍රපටගත කිරීමට උත්සුක වූයේ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය තැනීමටත් පෙර සිටය. එහෙත් ඒ සඳහා අර්ථපතියකු සොයා ගැනීමට ඔහුට නොහැකි වූයේය.

    විමලවීරගේ මුල්ම චිත්‍රපටය වූ ‘අම්මා’ රූපගත කෙරුණේ දකුණු ඉන්දියාවේ ‘නෙප්චූන්’ චිත්‍රගාරයේය. එම චිත්‍රාගාරයේදී අපේ ශිල්පීන් විඳි දුක විමලවීරත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ඩී. ආර්. නානායක්කාරත් පසු කලෙක පුවත්පත්වලට අනාවරණය කරනු ලැබ ඇත.

    විමලවීරගේ ‘සීදේවි’ චිත්‍රපටය නිපදවීමට ගොස් පැදුරු කඩමාලුවල නිදාගත් ආකාරය ඩී. ආර්. ලියූ ලිපියකින් විස්තර වන්නේය.

    ජයමාන්න හා ශාන්ති කුමාර්ගේ චිත්‍රපටවලට සාපේක්ෂව ගත් විට වැඩි දේශීය මුහුණුවරකින් යුක්ත වූයේ විමලවීරගේ චිත්‍රපටය. විශේෂයෙන් ඔහුගේ ‘සරදියෙල්’ හා ‘පොඩි පුතා’ සිනමා ඉතිහාසයේදී ලේසියෙන් මඟහැර නොහැකි චිත්‍රපට දෙකකි.1963 දී විමලවීර මියගිය අවස්ථාවේ ජයවිලාල් විලේගොඩ ලියූ සටහනක් මෙහිදී මට සිහිපත් වෙයි. ඒ මෙපරිදිය. ‘සිංහලත් නොවන සිනමාත් නොවන සිංහල සිනමාවක් ඇති රටක තරමක්වත් සිංහලකමක් ඇති චිත්‍රපට නිපද වූයේ ඔහුය. නරකම චිත්‍රපටවලින් පිරි සිංහල තිරයට නරක නැති චිත්‍රපට කීපයක් ගෙනාවේ ඔහුය’.

    තම චිත්‍රපට උදෙසා දේශීය මුහුණුවරක් ලබාදීමෙන් මෙරට තුළ චිත්‍රාගාරයක් (නව ජීවන) ඉදි කිරීමෙන් හා එමඟින් ශ්‍රී ලාංකේය සිනමා ශිල්පි පරපුරක් බිහිකිරීමෙන් විමලවීරයන් ඉටු කළ යුග කාරක මෙහෙවර සැබැවින්ම ප්‍රශංසා පූර්වකය. ප්‍රකට සිනමා කලා විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා සඳහන් කර ඇත්තේ දේශීය සිනමාවක් බිහි වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාවෙන්’ නොව ඊට වසරකට ඉහත (1955) ප්‍රදර්ශිත විමලවීරගේ ‘පොඩි පුතා’ චිත්‍රපටයෙන් බවය. අප ඊට එකඟ වූවත් නැතත් එබඳු විචාර මතවාද ද විමලවීරගේ චිත්‍රපට සම්බන්ධයෙන් පවතින බව අපට නොතකා හළ නොහැකිය.

    - සුනිල් මිහිඳුකුල -
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2018 03:34 AM
    චිත්‍රපට ගීත – කඩවුණ පොරොන්දුව

    1. ශ්‍රි ජය විජය සිරින් පිරි

    ශ්‍රි ජය විජය සිරින් පිරි

    අප සිරි ලංකා මාතා ලෝ කුසේ…//

    සිංහල ජාතිය කීර්ති ධජා

    නංවා දිනෙවා නිතරා…//

    සිරි ලංකා මීගමු දියණී

    දරු පෙම් දුලා මිනර්වා කැළා…//

    එස් එම් නායගම් මැතිඳා

    ගුණ කරුණා ධා‍රේනා…//

    චිත්‍ර කලා කැළ ඒ

    චිත්‍ර කළා මෙ ර‍ඟේ

    ලියලා තොසිනා රඟනා

    දෝ සැම ඒ දුරලා

    ප්‍රීතිය වේවා සැමා

    දෝ සැම ඒ දුරලා

    ප්‍රීතිය වේවා සැමා

    ගායනය: මිනර්වා ගායක කණ්ඩායම

    ෴ ෴ ෴ ෴

    2. ප්‍රේම දයා

    ප්‍රේම දයා මාගෙ පියාණෝ

    අයියෝ ගියා අප දාලා ලෝකේ

    ප්‍රේම දයා

    ඔබගෙ තිබුණ ප්‍රේමේ

    සිහි වෙනවා රෑ දවාලේ…//

    වාමි කෝම සෝකේ සෝකේ

    ප්‍රේම දයා

    සැප හිරු බැස ගියා

    අඳුර මතුවි ලෝකේ සෝකේ

    කාගේ පාපේ මාගෙ පියාට හිමි උනේ

    දේවනේ

    අයියෝ මගේ පියතුමා

    ප්‍රේම දයා

    මාගේ පියා

    ගායනය: රුක්මනී දේවි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    3. ළපටි රූපෙ ඈගේ

    ජොසී, ඔය පාරෙ කාර් බස් එනව තේරුණ‍ාද? පාරෙ මැද්දට වෙලා පලයන් ජොසී. මෙයා නම් කවදාවත් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. සුර ලොවෙන් ආපු හොල්මනක් මගෙ අම්මා

    ළපටි රූපෙ ඈගේ

    ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ…//

    ළපටි රූපෙ ඈගේ

    මෙතනට විත් පැන්නා මා නිකම්ම ගල් ගැහුණා

    සැරවී මට රැව්වා නුමුත් එක්ක යන්ඩ හිතුණා

    මට වඩා ගන්න හිතුණා

    මටම ඔබින රූපේ

    මට බැන්නා මම රැව්වා

    මාගේ තරමට උස හොඳා

    මටම ඔබින රූපේ

    මාගේ තරමට උස හොඳා

    ආදරේ මගෙ කෑදරේ…//

    උඩ පැන පැන මාව දාලා පැනල දිව්වා වේගේ…//

    ළපටි රූපෙ ඈගේ

    පැනල දිව්වා වේගේ

    ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ

    ගායනය: එඩී ජයමාන්න ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    4. දේව ස්වාමි

    දේව ස්වාමි කරුණා වේවා

    පවුලට මා ලැබේවා ශාන්ති

    ආදර හිමි රජාණෝ

    මෙලොව මාගේ දෙවියාණෝ

    සාදර වූ සුරතල් දියණී

    අප ප්‍රීතිය සාදන සුර දූතී

    ගායනය: රූපා දේවි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    මෙම ගීය තැටි ගත නොවූයෙන් එහි ශ්‍රව්‍ය ගබඩා කිරීමක් සොයා ගන්නට නැත.

    ෴ ෴ ෴ ෴

    5. සන්ධ්‍යාවෙ ශ්‍රීය

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා…//

    අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා

    රශ්මි ධාරා

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

    ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා

    නෙත් පිනන්නා

    අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා

    වැළඳ ගන්නා

    සූර්යා ද අපට ඉඟි බිඟි පානා

    හකුලා ධාරා…//

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

    පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා

    ගිම් නිවන්නා

    දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදීලා

    වෙහෙස වීලා

    අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා

    රශ්මි ධාරා

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

    ගංගා සැමා යයි ගලා සාගරේ වෙතා…//

    එ ජල කඳා ගනි වැළඳා සමුදුරේ වැදා

    පෙම් ජලේ ගැලීලා

    නාමු ‍ප්‍රේම ධාරා

    පෙම් ජලේ ගැලීලා

    නාමු ‍ප්‍රේම ධාරා

    ඒ ඉතා වේ ප්‍රියා

    ගායනය: රුක්මනී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    1944 දී තිරගත වූ “Rattan” හින්දි චිත්‍රපටියේ “Pardeshi Balma Badal Aaya” ගීයේ තනුව මීට යොදා ගෙන ඇත.

    6. ඉස් ඉස්සරවෙලා

    ඉස් ඉස්සරවෙලා උඹව මම

    දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ…//

    දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ

    උඹත් ආදරෙ ද දැම්මම කියපන්

    ඇයි මේ මාර්ගෙ කොලොප්පන්

    ලැජ්ජා නැද්ද මනප්පු අයියේ…//

    මට ලැජ්ජා හිතෙනව මනප්පු අයියේ

    පාරේ මේ මිනිස්සු එනවා

    මම දැන් යනවා මනප්පු අයියේ…//

    ඉතින් උඹට බෑ තනි මග යන්නට

    තනියට එනවා මනප්පුවා…//

    කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට

    පාරේ යාමට මට කිසි බය නෑ…//

    මින්පසු දෙන්නගෙ කලබල හොඳ නෑ

    පස්සට යන කල හිතා ගමු…//

    පස්සට යන කල හිතා ගමු

    අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු…//

    ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    7. පාපේ ශාපේ දෝ

    පාපේ ශාපේ දෝ මේ මාගේ

    ප්‍රේමිය, නුඹගේ සුන්දර ඡායාව දකින විට, ජීවිතේ නමැති කුරුසියේ බර, මට ඉතා සැහැල්ලුය.

    ලෝකයේ මගේ ආනන්ද රූපා…//

    මා හද දිනූ යස ප්‍රේමී

    කෝමල රූ ශ්‍රී දේ සුරංගී

    සුගුණ ලලන මා සුහද පිනවනා…//

    ආදර ප්‍රේමිය රූපාංගී

    ප්‍රීතිය මා ප්‍රීතිය රංජනී

    සෝක නොවන් මා ප්‍රේම සමින්දා…//

    ප්‍රීති උදාවේ ශෝක මැකී…//

    අප ප්‍රේමය මතු දේ ශාන්තී

    සඳ ලප සේ මා දිනේ අප ප්‍රේමා…//

    සුරනා රැක දේවා ශාන්තී

    ගායනය: රුක්මනී දේවි සහ ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර් ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    8. මගේ සක බඹරේ

    මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා…//

    කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

    ඔබයි කැරකෙන බඹරා…//

    කුසුම නොරිද්දා බඹරා රොන් උරයි අනේ…//

    නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ

    කුසුමා පරවෙලා වැටේ

    ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ

    අනේ නෑ රිද්දන්නේ

    නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ

    කුසුමා පරවෙලා වැටේ

    ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ

    අනේ නෑ රිද්දන්නේ

    ප්‍රේමයෙන් වෙලී හිටියොත් දෝස නෑ අනේ…//

    ප්‍රේම අපේ දිවි ඇති තෙක් නෑ මැකී යන්නේ…//

    සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

    මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

    කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

    ඔබයි කැරකෙන බඹරා

    ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    9. තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා

    තක්කිට තරිකිට උඩ පැන නටන්ඩ හිතුණා

    නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්ට හිතුණා…//

    කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නෙ කකුල් දෙකෙන්…//

    ගෑණුන් රවටන්ඩ පිරිමි ඇයි ද නොදන්නේ…//

    මී මැස්සා රොන් හොයනව…//

    ජොසී ළඟට හෙමින් හෙමින්

    මනප්පුවත් කිට්ටු වෙනව…//

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ

    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…//

    වැස්සට පින්නට තෙමි තෙමි

    රෑ දාවල් නින්ද නැතිව…//

    කෙළ හළ හළ බැඳපු ආලෙ රත්තරන් වගේ…//

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ

    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ

    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

    ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    10. සුන්දරී රූපා රංජිනී

    සුන්දරී රූපා රංජිනී

    ප්‍රේමේ ජයා හිමි වුණා

    මගේ ප්‍රමාණේ මේ නිසා තේරේ

    ඉතා අගෙයි මා මිත්‍රයා

    සන්තොෂා සේ මේ සිදු වුණා

    ප්‍රේමයේ ජයා හිමි වුණා

    වාසනාව මේ නුඹේ

    මා හිනා සෑදියේ

    ස්තුති ඒ ගැනා

    අති අගනා

    පෙම් සිරි පානා හදේ

    ඒ වැඩි වේ මතු තිරයේ සන්තොෂා සේ

    මේ සිදු වුණා ප්‍රේමයේ ජයා හිමි වුණා

    ගායනය: ස්ටැන්ලි මල්ලවාරච්චි සහ පීටර් පීරිස් ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    11. ජීවිතයේ සාමේ

    ජීවිතයේ සාමේ

    දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

    ජීවිතයේ සාමේ

    දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

    ජීවිතයේ සාමේ

    දනා ප්‍රියවෙනා ගීතේනා..//

    සෑමා, දනා ප්‍රියවෙනා ගීතේනා

    සෑමා දුක සින්දා ජීවිතයේ සාමේ

    දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

    ජීවිතයේ සාමේ

    ගීතේනා, සංගීතෙනා පිනවනා, නාදේ

    නදන ගීතෙනා පිනවනා, නාදේ

    දෙව් ලොව ශ්‍රී සුර සැමා ප්‍රීති සංගීතෙනා

    පිනවනා නාදේ

    පිනන සැම ලෝ දනා රන්ජනා

    සතුරු ඒ මිතුරු වේ සැමා

    මධුර වේ අමා ලෝකේ

    ප්‍රේමයෙ ආහාරේ

    වේ මේ ගීතේ රම්‍යා

    ගීතේ සාරා ප්‍රේමයෙ ආහාරේ

    ගායනය: රුක්මනී දේවි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    12. යාමි ඉන්දියා දෙසටා

    යාමි ඉන්දියා – දෙසටා

    යාමි ඉන්දියා – ආ…නන්ද වේ

    දෙසටා – යාමි ඉන්දියා ආ…නන්ද වේ

    සිත මා, ප්‍රේමාවන් දිනේ……//

    යමුනා ගංතෙරා බැසා – ප්‍රේමා පානා ලෙසිනා……//

    සිත මා ලල ලල්ලල ලල්ලල ලල්ලා ලාලා

    ලා ලා ලා ලා හා හහා හා හහා

    ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල්, ලෝකේ….//

    ප්‍රේමා – සැමදා අප පෙම් දාමා

    සෝබා කාන්ති දේවා – දේවා

    දෙසටා යාමි ඉන්දියා ආ…නන්ද වේ….//
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Apr 2018 04:45 AM
    මේක නම් නියමයි.පළවෙනි චිත්‍රපටය සිට මේ දක්වා චිත්‍රපටය දැම්ම නම් වටිනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    19 Apr 2018 04:58 AM
    ඔන්න මම කාලාන්තරයක් බලාගෙන හිටපු ත්‍රෙඩ් එක. නියමයි. චිත්‍රපට නාමවලියම හෙමින් හෙමින් මේ ආකාරයට ඉදිරිපත් කරන්න. .අනෙත් අයත් මේ හැකි දන්නා තොරතුරු ඉදිරිපත් කරන්න. අඩුම තරමේ කොමෙන්ටුවකින් හෝ මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගෙනයාමට සහය වන්න. දිරිමත් කරන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    19 Apr 2018 06:48 PM
    මාස ගානකඉන් අද තමයි පොරොන්දුව කඩ නොවී ඉශ්ට වුනෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Apr 2018 11:02 PM

    මේ තියෙන්නේ චිත්‍රපටයේ කොටසක් සහ ගීතයක්...

    https://www.youtube.com/watch?v=-DCLqt_YCNY

     

    https://www.youtube.com/watch?v=mD1X71l_9ic

     

    0

    gamini
    Veteran Member
    Veteran Member
    Posts:4472






    --
    20 Apr 2018 06:56 AM
    ශා නියමනේ ඔයාගේ ඔය ප්‍රයත්නය ........... ඉතාමත් ඉහලින් අගයනවා මල්ලි, කොටසයි කියවුවේ හෙමින් සීරුවේ මුළුමනින්ම කියවා ඉවර කරන්නට ඕන
    ආදරයේ උල්පත අම්මා ......................
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Apr 2018 07:24 AM
    Posted By indika76 on 19 Apr 2018 03:34 AM
    චිත්‍රපට ගීත – කඩවුණ පොරොන්දුව

    1. ශ්‍රි ජය විජය සිරින් පිරි

    ශ්‍රි ජය විජය සිරින් පිරි

    අප සිරි ලංකා මාතා ලෝ කුසේ…//

    සිංහල ජාතිය කීර්ති ධජා

    නංවා දිනෙවා නිතරා…//

    සිරි ලංකා මීගමු දියණී

    දරු පෙම් දුලා මිනර්වා කැළා…//

    එස් එම් නායගම් මැතිඳා

    ගුණ කරුණා ධා‍රේනා…//

    චිත්‍ර කලා කැළ ඒ

    චිත්‍ර කළා මෙ ර‍ඟේ

    ලියලා තොසිනා රඟනා

    දෝ සැම ඒ දුරලා

    ප්‍රීතිය වේවා සැමා

    දෝ සැම ඒ දුරලා

    ප්‍රීතිය වේවා සැමා

    ගායනය: මිනර්වා ගායක කණ්ඩායම

    ෴ ෴ ෴ ෴

    2. ප්‍රේම දයා

    ප්‍රේම දයා මාගෙ පියාණෝ

    අයියෝ ගියා අප දාලා ලෝකේ

    ප්‍රේම දයා

    ඔබගෙ තිබුණ ප්‍රේමේ

    සිහි වෙනවා රෑ දවාලේ…//

    වාමි කෝම සෝකේ සෝකේ

    ප්‍රේම දයා

    සැප හිරු බැස ගියා

    අඳුර මතුවි ලෝකේ සෝකේ

    කාගේ පාපේ මාගෙ පියාට හිමි උනේ

    දේවනේ

    අයියෝ මගේ පියතුමා

    ප්‍රේම දයා

    මාගේ පියා

    ගායනය: රුක්මනී දේවි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    3. ළපටි රූපෙ ඈගේ

    ජොසී, ඔය පාරෙ කාර් බස් එනව තේරුණ‍ාද? පාරෙ මැද්දට වෙලා පලයන් ජොසී. මෙයා නම් කවදාවත් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. සුර ලොවෙන් ආපු හොල්මනක් මගෙ අම්මා

    ළපටි රූපෙ ඈගේ

    ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ…//

    ළපටි රූපෙ ඈගේ

    මෙතනට විත් පැන්නා මා නිකම්ම ගල් ගැහුණා

    සැරවී මට රැව්වා නුමුත් එක්ක යන්ඩ හිතුණා

    මට වඩා ගන්න හිතුණා

    මටම ඔබින රූපේ

    මට බැන්නා මම රැව්වා

    මාගේ තරමට උස හොඳා

    මටම ඔබින රූපේ

    මාගේ තරමට උස හොඳා

    ආදරේ මගෙ කෑදරේ…//

    උඩ පැන පැන මාව දාලා පැනල දිව්වා වේගේ…//

    ළපටි රූපෙ ඈගේ

    පැනල දිව්වා වේගේ

    ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ

    ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ

    ගායනය: එඩී ජයමාන්න ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    4. දේව ස්වාමි

    දේව ස්වාමි කරුණා වේවා

    පවුලට මා ලැබේවා ශාන්ති

    ආදර හිමි රජාණෝ

    මෙලොව මාගේ දෙවියාණෝ

    සාදර වූ සුරතල් දියණී

    අප ප්‍රීතිය සාදන සුර දූතී

    ගායනය: රූපා දේවි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    මෙම ගීය තැටි ගත නොවූයෙන් එහි ශ්‍රව්‍ය ගබඩා කිරීමක් සොයා ගන්නට නැත.

    ෴ ෴ ෴ ෴

    5. සන්ධ්‍යාවෙ ශ්‍රීය

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා…//

    අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා

    රශ්මි ධාරා

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

    ඈත උසට කඳු පර්වත සැම අතින් පෙනෙන්නා

    නෙත් පිනන්නා

    අහසෙ දුවන සිනිඳු වලා කන්දේ හැපෙන්නා

    වැළඳ ගන්නා

    සූර්යා ද අපට ඉඟි බිඟි පානා

    හකුලා ධාරා…//

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

    පුෂ්ප කුසුම් මිශ්‍ර සුළං දසතින් හමන්නා

    ගිම් නිවන්නා

    දිනිඳු දුවයි සැඟවි ගන්ට සාගරේ වැදීලා

    වෙහෙස වීලා

    අද අහසෙ දිලිසෙ ස්වර්ණ වර්ණ පා

    රශ්මි ධාරා

    සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා

    ගංගා සැමා යයි ගලා සාගරේ වෙතා…//

    එ ජල කඳා ගනි වැළඳා සමුදුරේ වැදා

    පෙම් ජලේ ගැලීලා

    නාමු ‍ප්‍රේම ධාරා

    පෙම් ජලේ ගැලීලා

    නාමු ‍ප්‍රේම ධාරා

    ඒ ඉතා වේ ප්‍රියා

    ගායනය: රුක්මනී දේවි සහ ස්ටැන්ලි මල්ලවාරච්චි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    1944 දී තිරගත වූ “Rattan” හින්දි චිත්‍රපටියේ “Pardeshi Balma Badal Aaya” ගීයේ තනුව මීට යොදා ගෙන ඇත.

    6. ඉස් ඉස්සරවෙලා

    ඉස් ඉස්සරවෙලා උඹව මම

    දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ…//

    දැක්ක දිනේමයි ආදරෙ බැඳුණේ

    උඹත් ආදරෙ ද දැම්මම කියපන්

    ඇයි මේ මාර්ගෙ කොලොප්පන්

    ලැජ්ජා නැද්ද මනප්පු අයියේ…//

    මට ලැජ්ජා හිතෙනව මනප්පු අයියේ

    පාරේ මේ මිනිස්සු එනවා

    මම දැන් යනවා මනප්පු අයියේ…//

    ඉතින් උඹට බෑ තනි මග යන්නට

    තනියට එනවා මනප්පුවා…//

    කුලප්පු වෙන ඔය මනප්පු නැතිවට

    පාරේ යාමට මට කිසි බය නෑ…//

    මින්පසු දෙන්නගෙ කලබල හොඳ නෑ

    පස්සට යන කල හිතා ගමු…//

    පස්සට යන කල හිතා ගමු

    අපි අවුල් නොවී ප්‍රේමෙන් වසමු…//

    ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    7. පාපේ ශාපේ දෝ

    පාපේ ශාපේ දෝ මේ මාගේ

    ප්‍රේමිය, නුඹගේ සුන්දර ඡායාව දකින විට, ජීවිතේ නමැති කුරුසියේ බර, මට ඉතා සැහැල්ලුය.

    ලෝකයේ මගේ ආනන්ද රූපා…//

    මා හද දිනූ යස ප්‍රේමී

    කෝමල රූ ශ්‍රී දේ සුරංගී

    සුගුණ ලලන මා සුහද පිනවනා…//

    ආදර ප්‍රේමිය රූපාංගී

    ප්‍රීතිය මා ප්‍රීතිය රංජනී

    සෝක නොවන් මා ප්‍රේම සමින්දා…//

    ප්‍රීති උදාවේ ශෝක මැකී…//

    අප ප්‍රේමය මතු දේ ශාන්තී

    සඳ ලප සේ මා දිනේ අප ප්‍රේමා…//

    සුරනා රැක දේවා ශාන්තී

    ගායනය: රුක්මනී දේවි සහ ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර් ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    8. මගේ සක බඹරේ

    මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා…//

    කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

    ඔබයි කැරකෙන බඹරා…//

    කුසුම නොරිද්දා බඹරා රොන් උරයි අනේ…//

    නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ

    කුසුමා පරවෙලා වැටේ

    ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ

    අනේ නෑ රිද්දන්නේ

    නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ

    කුසුමා පරවෙලා වැටේ

    ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ

    අනේ නෑ රිද්දන්නේ

    ප්‍රේමයෙන් වෙලී හිටියොත් දෝස නෑ අනේ…//

    ප්‍රේම අපේ දිවි ඇති තෙක් නෑ මැකී යන්නේ…//

    සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

    මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා

    කුසුම මමයි ඔබ මා වට කැරකෙන බඹරා

    ඔබයි කැරකෙන බඹරා

    ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    9. තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා

    තක්කිට තරිකිට උඩ පැන නටන්ඩ හිතුණා

    නුඹව කරේ තියන් ලෝකෙ වටේ දුවන්ට හිතුණා…//

    කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නෙ කකුල් දෙකෙන්…//

    ගෑණුන් රවටන්ඩ පිරිමි ඇයි ද නොදන්නේ…//

    මී මැස්සා රොන් හොයනව…//

    ජොසී ළඟට හෙමින් හෙමින්

    මනප්පුවත් කිට්ටු වෙනව…//

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ

    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…//

    වැස්සට පින්නට තෙමි තෙමි

    රෑ දාවල් නින්ද නැතිව…//

    කෙළ හළ හළ බැඳපු ආලෙ රත්තරන් වගේ…//

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ

    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ

    අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ

    ගායනය: එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    10. සුන්දරී රූපා රංජිනී

    සුන්දරී රූපා රංජිනී

    ප්‍රේමේ ජයා හිමි වුණා

    මගේ ප්‍රමාණේ මේ නිසා තේරේ

    ඉතා අගෙයි මා මිත්‍රයා

    සන්තොෂා සේ මේ සිදු වුණා

    ප්‍රේමයේ ජයා හිමි වුණා

    වාසනාව මේ නුඹේ

    මා හිනා සෑදියේ

    ස්තුති ඒ ගැනා

    අති අගනා

    පෙම් සිරි පානා හදේ

    ඒ වැඩි වේ මතු තිරයේ සන්තොෂා සේ

    මේ සිදු වුණා ප්‍රේමයේ ජයා හිමි වුණා

    ගායනය: ස්ටැන්ලි මල්ලවාරච්චි සහ පීටර් පීරිස් ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    11. ජීවිතයේ සාමේ

    ජීවිතයේ සාමේ

    දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

    ජීවිතයේ සාමේ

    දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

    ජීවිතයේ සාමේ

    දනා ප්‍රියවෙනා ගීතේනා..//

    සෑමා, දනා ප්‍රියවෙනා ගීතේනා

    සෑමා දුක සින්දා ජීවිතයේ සාමේ

    දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා

    ජීවිතයේ සාමේ

    ගීතේනා, සංගීතෙනා පිනවනා, නාදේ

    නදන ගීතෙනා පිනවනා, නාදේ

    දෙව් ලොව ශ්‍රී සුර සැමා ප්‍රීති සංගීතෙනා

    පිනවනා නාදේ

    පිනන සැම ලෝ දනා රන්ජනා

    සතුරු ඒ මිතුරු වේ සැමා

    මධුර වේ අමා ලෝකේ

    ප්‍රේමයෙ ආහාරේ

    වේ මේ ගීතේ රම්‍යා

    ගීතේ සාරා ප්‍රේමයෙ ආහාරේ

    ගායනය: රුක්මනී දේවි ගී පද: කේ. හියුගෝ ප්‍රනාන්දු සංගීතය: ආර්. නාරායන් අයියර්

    ෴ ෴ ෴ ෴

    12. යාමි ඉන්දියා දෙසටා

    යාමි ඉන්දියා – දෙසටා

    යාමි ඉන්දියා – ආ…නන්ද වේ

    දෙසටා – යාමි ඉන්දියා ආ…නන්ද වේ

    සිත මා, ප්‍රේමාවන් දිනේ……//

    යමුනා ගංතෙරා බැසා – ප්‍රේමා පානා ලෙසිනා……//

    සිත මා ලල ලල්ලල ලල්ලල ලල්ලා ලාලා

    ලා ලා ලා ලා හා හහා හා හහා

    ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල්, ලෝකේ….//

    ප්‍රේමා – සැමදා අප පෙම් දාමා

    සෝබා කාන්ති දේවා – දේවා

    දෙසටා යාමි ඉන්දියා ආ…නන්ද වේ….//
    මගේ අදහස නම් මේ එක ගීතයක් එක කොමෙන්ටුවක් වෙන ආකාරයට ඒ ගීතයේ ඕඩියෝ හෝ වීඩියෝ හෝ යූටියුබ් වීඩියෝවක් සහිතව තිබ්බ නම් වඩාත් වටිනවා කියල. රසවත් සහදැනුවත් වීමට පහසුයි. නිකං අදහසක් පමණයි ඉදිරිපත් කළේ. ලංකාවේ සිනමාව ගැන ඉදිරිපත් වෙන ත්‍රෙඩ් එකට මගේ සුභ පැතුම්..!
    හැමෝගෙම දායකත්වය මේ ත්‍රෙඩ් එකට දී ත්‍රෙඩ් එක පවත්වාගෙන යාම සඳහා දායක වන්න.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Apr 2018 04:25 AM
    02. අශෝකමාලා

    තිරගත කළ දිනය: 1947.04.09
    අධ්‍යක්ෂණය: ශාන්ති කුමාර් සෙනෙවිරත්න / ටී. ආර්. ගෝපු
    නිෂ්පාදනය: ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් (සීමාසහිත සිලෝන් තියටර්ස්)
    රංගනය: ශාන්ති කුමාර් (සාලිය), එමලින් දිඹුලාන (අශෝකමාලා) මයිකල් සන්නස් ලියනගේ්(විපුල සෙනෙවි), හර්බි සෙනෙවිරත්න (සේන),
    දොන් එඩ්වඩ් (රන්කිරා), ඔස්ටින් අබේසේකර (අබය ඈපා), මයිකල් රුද්‍රිගෝ (දුටුගැමුණු රජ),
    මෙහිදීන් බෙග් , ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා, ශ්‍රීමතී කරුණාදේවි, සූරියමුත්තු, සුනිල් ප්‍රේමදාස, එන්. එම්. සාදුවර්ධන
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Apr 2018 04:32 AM
    ගීත සංඛ්‍යාව – 10

    ගීත ප්‍රබන්ධය – ඩී. ටී. ප්‍රනාන්දු

    සංගීත අධ්‍යක්ෂණය – මොහොමඩ් ගවුස්

    සංගීත අධ්‍යක්ෂණයට සහය සහ වයලින් වාදනය – ඩබ්. ඩී ඇල්බට් පෙරේරා (ඩබ්. ඩී. අමරදේව)

    ගීත පටිගත කිරීම – දකුණු ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් ට්ත්‍රාගාරය

    ගීත හා ගායන ශිල්පීන් –
    1. භවේ භීත හැර – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
    2. ප්‍රීති ප්‍රීති – භාග්‍යරති සහ පිරිස
    3. හෝ ප්‍රේමේ බැබැලේ – මොහිදීන් බෙග් / භාග්‍යරති
    4. ශාන්ත මේ රාත්‍රියේ – භාග්‍යරති
    5. ආලේ මගේ – මොහිදින් බෙග්
    6. ඇයි කරේ යමෙක් ආලේ – ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා
    7. ජලේ මේ දැන් ගීත – භාග්‍යරති
    8. නයනා වැනි සුදෝ – මොහිදින් බෙග් / භාග්‍යරති
    9. ආලෝකේ දෙයි – භාග්‍යරති
    10. සදවු ජය ශ්‍රී – මොහිදින් බෙග්
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    25 Apr 2018 05:43 PM
    මේ දේවල් දැනගැනිම ඉතාමත් වටිනවා අයියේ..
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    25 Apr 2018 06:26 PM
    මෙයට සම්බන්ද ගොඩක් අය සිහල බාද්දයන් නොවුනත් බලන්න එහි ඇති වටිනාකම ..එකමුතු කම
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Apr 2018 07:59 PM
    මේ ගීත ටිකත් අහන්න තිබ්බ නම් සුපිරි.

    මම වැරදිද මන්ද. අශෝකමාලා චිත්‍රපටය රූපගත කලේ කඩවුණු පොරොන්දුවටත් කලින්ය කියල, කොහේ හරි කියල තියෙනව වගේ මතකයි. නමුත් තිරගත උනේ පසුව ලු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    26 Apr 2018 01:20 AM
    රැගුම් පාලකගෙ කතුරට අහුවෙලා තියෙන්න ඇති
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Apr 2018 04:40 AM
    1945 දී නායගම් විසින් චිත්‍රකලා මූවිටොන්(Chithrakala Movietone) සමාගම ආරම්භ කර, මදුරෙයිහි සිංහල චිත්‍රපට සෑදීම පිණිසම චිත්‍රාගාරයක් ගොඩනැගුවා. එතුමා තීරණය කළේ ඓතිහාසික වටිනාකමකින් යුත්, සාලිය අශෝකමාලා කථා පුවත චිත්‍රපටයකට නැගීමට යි. මෙ සඳහා තිර පිටපතක් සොයාගැනීමට තරඟයක් පැවැත්වූ අතර, ඉන් සාලිය අශෝකමාලාහි තිර රචකයා වශයෙන් එවකට නගී එන කලාකරුවෙකු වූ ශාන්ති කුමාර් ය. කෙසේ නමුත් අදහස්වල නොගැලපීම නිසා මෙම කටයුත්ත මගදී නැවත්වීමට සිදුවුනා. අනතුරුව, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන් හා එක්ව ඔවුගේ කඩවුණු පොරොන්දුව නිශ්පාදනය කිරීමට එකඟතාවයක් අති කරගන්නා ලදී.

    කුමාර් ඔහුගේ තිර පිටපත චිත්‍රපට ගතකිරීමෙ අරමුණින් නායගම්ගේ සමාගමින් ඉවත්වී, සිලෝන් තියෙටර් සමාගම චිත්‍රපටය සඳහා මුදල් වියදම් කිරීමට එකඟ කර ගෙන මුලසිට නැවත චිත්‍රපටය ගොඩනැගීමේ භාරදූර කාර්යයට මුහුණ දුන් අශෝකමාලා ව්‍යාපෘතිය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු ඇරඹී මාස දෙකකට පමණ පසු කොයිම්බටොර් හිදී තිරගත කිරීම අරඹන ලදී. නායගම්ගේ චිත්‍රපටය 1947 ජනවාරි මස 21වන දින මයිලන්ඩ් හිදී තිරගත විය. අශොකමාලා චිත්‍රපටය ඉන් මාස 3කට පසු 1947 අප්‍රේල් මාසයේ දී එල්ෆිනිස්ටන් හිදී තිරගත විය.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    26 Apr 2018 07:33 AM
    2. ප්‍රීති ප්‍රීති – භාග්‍යරති සහ පිරිස
    මේ ගීතය ඉරාජ් ගොයියා විසින් රිමික්ස් කර විකෘති ගීතයක් සඳහා යොදා ගත්තා මතකයි. රිදී ටීවී එකේ මේ පැරණි ගීතය කිහිප සැරයක්ම බලල තියෙනවා..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Apr 2018 11:04 PM
    03. කපටි ආරක්ෂකයා

    තිරගත කළ දිනය: 1948.02.23
    අධ්‍යක්ෂණය: ජෝතිෂ් සිං / කේ. සුබ‍්‍රමනියම්
    නිෂ්පාදනය:සීමාසහිත සිලෝන් තියටර් සමාගම (රොබට් පරාක්‍රම සේනානායක / සර් චිත්තම්පලම් ගාඩිනර්)
    රංගනය: රුක්මණී දේවි (මල්ලිකා), ක්‍රිස්ටි ද මෙල් (පාල), එඩී ජයමාන්න (ජේකබ්), බර්ට්‍රම් ප්‍රනාන්දු (ජුන්ඩා), හර්බි සෙනෙවිර්තන (විපුලසේන), බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (ලොකු තාත්තා), ජෙමිනි කාන්තා (සුපිනා), ජොසපින් ජයලත්
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Apr 2018 11:06 PM
    සංගීත අධ්‍යක්ෂණය – සී. එන්. පණ්ඩුරංගන්

    ගීත නිබන්ධනය – පී. එල්. ජේ. නන්දනකීර්ති

    ගීත සංඛ්‍යාව – 14

    ගීත ගායන ශිල්පීන් –
    දුක සැප නිති පෙරළේ – ක්‍රිස්ටි ද මෙල්
    අඹරේ තඹ පැහැ – රුක්මණී දේවි / ක්‍රිස්ටි ද මෙල්
    ශ්‍රිය දෙනා – රුක්මණී දේවි
    දුක දේ සැප දේ – පී. ඩබ්ලිව්. පිල්ලේ
    සුපිනගේ රූපේ – එඩී ජයමාන්න
    මහ මුහුදේ සුළිය වගේ – එඩී ජයමාන්න / ජෙමිනි කාන්තා
    බබලනා නුඹගේ මුහුණ – එඩී ජයමාන්න / ජෙමිනි කාන්තා
    පින්සාර මාගේ සොයුරා – රුක්මණී දේවි
    සෝඩා නොදා – ජෙමිනි කාන්තා
    පාපේ සාදනා – රුක්මණී දේවි / ක්‍රිස්ටි ද මෙල්
    උදය නැගිට – එඩී ජයමාන්න/
    ජෙමිනි කාන්තා /බර්ට්‍රම් ප්‍රනාන්දු
    පරණ කාලේ – එඩී ජයමාන්න / ජෙමිණි කාන්තා
    දුප්පත් ගෝල අපිටා – එඩී ජයමාන්න

    සුධවල සුන්දර -මිනර්වා නාට්‍ය කණ්ඩායම

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    29 Apr 2018 06:12 PM
    මේ පිටුව නම් හරි වටිනවා..දිගෙටම කරගෙන යමු අයියේ.මමත් සහයෝගයක් දෙන්නම් මමත් දන්න විදිහට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 May 2018 04:54 PM
    04. දිව්‍ය ප්‍රේමය

    තිරගත කළ දිනය: 1948.05.22
    අධ්‍යක්ෂණය: එන්.වී. ජවේරි, ඩී.එස්. බාබු
    නිෂ්පාදනය: එන්. තුරෙයිසිංහම්, එම්.කේ. කුප්පුසාමි
    රංගනය: ශ්‍රීමති කරුණාදේවී ( ලලිතා ), ලූෂන් රාජපක්ෂ (පැරකුම් ), පීටර් සිරිවර්ධන, ශ්‍රීමති ප්ලෝරිදේවී, ජයන්ත රාජදාස, සයිමන්ද සිල්වා, රොබට් පෙරේරා, රානි මොල්ලිගොඩ, චන්ද්‍රා දසනායක, ප්‍රැන්සිස් මොල්ලිගොඩ, කමලා සෙනෙවිරත්න, රොබට් රත්නායක
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 May 2018 04:55 PM
    දිව්‍ය ප්‍රේමය සංක්ෂිප්ත කතාව

    ලලිතා සහ පැරකුම් අතරේ මිතුදහම ඇතිවූයේ ඔවුන් පාසැල් ළමාවියෙහිදි සිටය. කිසියම් වරදකට ගුරුතුමා පැරකුම්ට වේවැල් පහර දෙද්දී පවා ලලිතා දුකින් වැළපුනාය. සිතින් තැවුනාය. ලලිතාගේ පියා සිංහබාහු වූකලී මහා සිටුවරයෙකි. පැරකුම් දහය නමැති සාමාන්‍ය සෙනෙවියෙකුගේ පුතෙකි. ඔවුන්ගේ සමාජ තත්වය අහසට පොළොව මෙන් දුරස්තය. එහෙත් ලලිතා සහ පැරකුම්ගේ සබැඳියාව නොවෙනස්ව පැවතිනි. ඔවුන් තාරුණ්‍යයට පත්වීමත් සමඟ පෙර මිතුදම දැඩි ප්‍රේම සබැඳියාවකට පෙරළින. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ට ඔවුනොවුන් නොදැක සිටීමට පවා අපහසු විය. සිංහබාහුගේ සේවකයෙකු වන ටිකිරා විසින් ලලිතා සහ පැරකුම් අතරෙහි පවත්නා පෙම් සබැඳියාව හෙළිදරව් කිරීමෙන් පසු කෝපයෙන් වියරු වැටුනු සිටුවරයා පැරකුම්ගේ පියාට තර්ජනය කරමින් තම දියණිය සමඟ පවතින සම්බන්ධය වහා නවත්වන ලෙස පැරකුම්ට අවවාද කරන ලෙසට දැනුම්දෙයි. ඉන් සිදිවූයේ පැරකුම්ගේ සහ ලලිතාගේ ප්‍රේමය තවදුරටත් වර්ධනය වීම පමණි. පැරකුම් වැනි සිය තත්වයට නොගැළපෙන තරුණයෙකු සමඟ තම දියණිය ප්‍රේමයෙන් බැඳී සිටීම සිටුවරයා සැලකුවේ එය තම කුල අභිමානයට සිදුවිය හැකි නොමැකෙන කැලලක් ලෙසටය. ඊට පිළියම් ලෙස ඔහු ලලිතාව කැටුව වෙනත් දුරබැහැර මන්ධිරයක වාසයට ගියේය. තම පෙම්වතිය එසේ දුරස්වීමෙන් පසු පැරකුම් උම්මත්තකයෙකු සේ ඇයව සොයමින් ගමින් ගමට සැරිසරයි. මේ අතර සෙංකඩගල රාජධානියේ රජකම් කරන රජුගේ පුත්‍රයෙකු වන නරේන්ද්‍රසිංහයෝ රූමත් ලලිතා පිළිබඳව තොරතුරු දැන ඇයව ආවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් සිටුවරයා වෙත යෝජනාපත් යවයි. එම යෝජනාවට කැමතිවුනු සිටුවරයා, ලලිතාගේ දැඩි අකැමැත්ත ගැනද නොසලකා ඇයව නරේන්ද්‍රට සරණපාවා දෙයි. නරේන්ද්‍රගේ වාසභවනයට පැමිනි දා පටන් තම පෙම්වතා ගැන සිතමින් දිවා රෑ ශෝකයෙන් කාලය ගතකරයි. ඇයගේ මෙම දුක්ඛිත තත්වය සැකහැර දැනගත් නරේන්ද්‍රසිංහ සානුකම්පිතව සිතාබලා තම පියානන් වෙතට ආපසු යැවීමට කටයුතු සම්පාදනය කළේය. ඇයව දෝලාවකින් ගෙනයාම සඳහා සේවකයින්ද යොදවයි. මෙසේ වනදුර්ග තරනය කරමින් දෝලාව ගෙන යන සේවකයින්, ලලිතාගේ භාරකාරයා ලෙස යන ටිකිරාව මරා දමා ලලිතා සතු රන් මුතු මැණික් ආභරන පැහැරගැනීමට කුමන්ත්‍රණය කරයි. එම කුමන්ත්‍රනයේ ප්‍රථිඵලය වූයේ සේවකයින් අතරෙහි දරුණු ගැටුමක් ඇතිවීමයි. ඉන් ටිකිරා මරුමුවට පත්වුනු අතර ලලිතා ඔවුන්ගෙන් මිදී තම පෙම්වත් පැරකුම් සොයමින් නිරාහාරව ඉබාගාතේ ඇවිදියි. එසේ යන ඇය, කඳුගැටයකට නැගී අවට විමසුම් ඇසින් බලද්දී උමතුවෙන් ගමන් කරන පැරකුම් දැකගත හැකිවිය. ඇය කලබලයට පත්ව පැරකුම් වෙත යාමට තැත් කරත්ම පය පැකිළී කඳුගැටයෙන් පහළ පාතාලයට ඇදවැටින. එය දුටු පැරකුම් තම පෙම්වතිය බේරාගනුවස් පාතාලයට පැන්නේය. එම පාතාලය තුලදී ඔවුනොවුන් එකිනෙකා වැළඳගෙන ප්‍රේමයේ අමරනීයත්වය පසක් කරවමින් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    11 May 2018 06:24 PM
    ගොඩක් අය ඩ්‍රවිඩයන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    11 May 2018 07:15 PM
    ලස්සන කතාවක සිනමාවක්.ඒත් මේ වගේ ඒවා පෙන්නන්නේ නෑ රූපවාහිනියේ..දාන්නෙම ගියපු ඒවාමයි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 May 2018 09:34 PM
    අපේ ගමේ සීයා කෙනෙක් කීවා මේකේ ප්‍රේමවන්තයෙන් දෙන්නා මිය යන නිසා මිනිසුන් එතරම් මෙම චිත්‍රපටයට කැමති වුනේ නැහැ කියා..
    0

    Madud
    New Member
    New Member
    Posts:54






    --
    11 May 2018 11:20 PM
    මේ චිත්‍රපටිය අසාර්ථක වීමට අවසානයේ වන මරණයටත් වඩා ප්‍රභලව බලපාන්න ඇත්තේ ඒ ප්‍රේමවන්තයාගේ තිබ්බ දුර්වල පෞරුෂය කියලයි මට නම් හිතෙන්නෙ
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    12 May 2018 02:40 AM
    ඔය කියන නළුවන් දෙදෙනා එතරම් දක්ෂයින් දෙදෙනෙක් නෙවෙයි ද එතකොට?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    12 May 2018 02:51 AM
    මධුගේ අදහස මටත් හිතුනා..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 May 2018 11:24 PM
    දිව්‍ය ප්‍රේමය චිත්‍රපටයේ ඇතුලත් ගීත

    (1) සිරිනි සාර ධීර තේජ ( සමුහ )

    (2) ශ්‍රියාවි යාය ප්‍රසන් ( ලලිතා )

    (3) ප්‍රීති සෞභාග්‍ය සිඳී ( පැරකුම් )

    (4) ආමි ආමි ( ලලිතා,පැරකුම් )

    (5) ලොව නවාතැනක්මය ( සමූහ )

    (6) රුව දිශ්නා ( සමූහ )

    (7) ශාක්ෂි දේ චිත්තේ ( ලලිතා )

    (8) සුප්‍රියා ඔබත් හැරා ( ලලිතා පැරකුම් )

    (9) ඕ මාර්ගේ යෙදී යාමේ ( පැරකුම් )

    (10) සුරින්ද්‍ර සුරින්ද්‍ර ( චන්ද්‍රා කුමරිය )

    (11) ප්‍රීත්‍යානන්ද ( ලලිතා, පැරකුම් )

    (12) යනු වහා ගෙනනට ( ටිකිරා )
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    15 May 2018 03:56 AM
    Posted By indika76 on 14 May 2018 11:24 PM
    දිව්‍ය ප්‍රේමය චිත්‍රපටයේ ඇතුලත් ගීත

    (1) සිරිනි සාර ධීර තේජ ( සමුහ )

    (2) ශ්‍රියාවි යාය ප්‍රසන් ( ලලිතා )

    (3) ප්‍රීති සෞභාග්‍ය සිඳී ( පැරකුම් )

    (4) ආමි ආමි ( ලලිතා,පැරකුම් )

    (5) ලොව නවාතැනක්මය ( සමූහ )

    (6) රුව දිශ්නා ( සමූහ )

    (7) ශාක්ෂි දේ චිත්තේ ( ලලිතා )

    (8) සුප්‍රියා ඔබත් හැරා ( ලලිතා පැරකුම් )

    (9) ඕ මාර්ගේ යෙදී යාමේ ( පැරකුම් )

    (10) සුරින්ද්‍ර සුරින්ද්‍ර ( චන්ද්‍රා කුමරිය )

    (11) ප්‍රීත්‍යානන්ද ( ලලිතා, පැරකුම් )

    (12) යනු වහා ගෙනනට ( ටිකිරා )

    මේ සින්දු නම් මං අහලා නැහැ.ෆිල්ම් එකත් බලලා නැහැ
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    15 May 2018 10:32 PM
    සිංදු දොළහක්ම තියෙනව. ෆිල්ම් එකේ දෙබස් වලට වෙලාවක් තිබ්බද දන්නෙ නැහැ මේවායේ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    16 May 2018 01:38 AM
    මම අහලත් නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 May 2018 04:11 AM
    මම අහලත් නැහැ.....මේවනම් හොයන්නවත්නැතුව ඇති .
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Jun 2018 07:33 AM
    05. වැරදුණු කුරුමානම

    තිරගත කළ දිනය: 1948.12.03
    අධ්‍යක්ෂණය: ජෝතිස් සිං
    රංගනය: රුක්මනී දේවි, බී.ඒ.ඩබ්. ජයමාන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Jun 2018 07:37 AM
    06. අම්මා

    තිරගත කළ දිනය: 1949.08.19
    අධ්‍යක්ෂණය: සිරිසේන විමලවීර
    රංගනය: ඩී.ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    19 Jun 2018 07:39 AM
    අම්මා යනු සිරිසේන විමලවීර විසින් 1949 වසරෙහිදී අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එම නාමයම දැරූ ඔහුගේ නාට්‍යයක් අනුසාරයෙන් එය අනුවර්තනය කෙරිණි. නළු නිළි පිරිස අතරට එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් ඇතුලත් වූ අතර එය රූ ගත කෙරුණේ මදුරාසියෙහි නෙප්චූන් චිත්‍රාගාරයෙහිය.

    එය තිරගත කෙරුණේ මරදානෙහි සෙන්ට්‍රල් සිනමා ශාලාවෙහිය. නිෂ්පාදනය කලේ නවජීවන චිත්‍රපට සමාගම විසිනි.

    නළු නිළි පිරිස
    පර්ල් වාසුදේවි නීලා ලෙසින්: ප්‍රධාන කාන්තා චරිතය
    ඩී. ආර්. නානායක්කාර සරණපාල ලෙසින්
    එඩී ජූනියර් තිලක ලෙසින්: ප්‍රධාන පිරිමි චරිතය
    උපසේන විමලවීර ලමා තිලක ලෙසින්
    මියුරින් නිස්සංක වයලා ලෙසින්
    ආර්. මාෂල් පෙරේරා රෝමියෝ ලෙසින්
    කාමන් වැනිඩොටි ජුලියට් ලෙසින්
    එන්. ආර්. ඩයස් ජුවානිස් ලෙසින්
    ආර්. එච්. නිකලස් පෙරේරා ජොමී ලෙසින්
    සුමානා රණසිංහ නොයිහාමි ලෙසින්
    ටියුරින් සිල්වා
    ඇසිලින් රණසිංහ
    එස්. එච්. ජෝතිපාල
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Jun 2018 04:56 PM
    දැන් ඉන්න සමහර අය මේ වගේ ෆිල්ම්ස් බලන්නේ නැහැනේ.ඒ වාගේ එකක් ගියත් බලන්නේ නැහැ.මේවායේ වටිනාකම තේරෙන්නේ නැහැ.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    19 Jun 2018 04:57 PM
    Posted By indika76 on 19 Jun 2018 07:39 AM
    අම්මා යනු සිරිසේන විමලවීර විසින් 1949 වසරෙහිදී අධ්‍යක්ෂණය කෙරුණු ශ්‍රී ලාංකික චිත්‍රපටයකි. එම නාමයම දැරූ ඔහුගේ නාට්‍යයක් අනුසාරයෙන් එය අනුවර්තනය කෙරිණි. නළු නිළි පිරිස අතරට එඩී ජූනියර්, පර්ල් වාසුදේවි, ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් ඇතුලත් වූ අතර එය රූ ගත කෙරුණේ මදුරාසියෙහි නෙප්චූන් චිත්‍රාගාරයෙහිය.

    එය තිරගත කෙරුණේ මරදානෙහි සෙන්ට්‍රල් සිනමා ශාලාවෙහිය. නිෂ්පාදනය කලේ නවජීවන චිත්‍රපට සමාගම විසිනි.

    නළු නිළි පිරිස
    පර්ල් වාසුදේවි නීලා ලෙසින්: ප්‍රධාන කාන්තා චරිතය
    ඩී. ආර්. නානායක්කාර සරණපාල ලෙසින්
    එඩී ජූනියර් තිලක ලෙසින්: ප්‍රධාන පිරිමි චරිතය
    උපසේන විමලවීර ලමා තිලක ලෙසින්
    මියුරින් නිස්සංක වයලා ලෙසින්
    ආර්. මාෂල් පෙරේරා රෝමියෝ ලෙසින්
    කාමන් වැනිඩොටි ජුලියට් ලෙසින්
    එන්. ආර්. ඩයස් ජුවානිස් ලෙසින්
    ආර්. එච්. නිකලස් පෙරේරා ජොමී ලෙසින්
    සුමානා රණසිංහ නොයිහාමි ලෙසින්
    ටියුරින් සිල්වා
    ඇසිලින් රණසිංහ
    එස්. එච්. ජෝතිපාල
    මේ ෆිල්ම් එක ළඟදී ටිවි එකේ ගියා


    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Jun 2018 04:01 AM
    7. පෙරලෙන ඉරණම

    තිරගත කළ දිනය: 1949.10.20
    අධ්‍යක්ෂණය: ජෝතිෂ් සිං
    නිෂ්පාදනය: ජෝතිෂ් සිං
    රංගනය: රුක්මණී දේවි, එඩී ජයමාන්න, අරුණ ශාන්ති, මාක් සමරනායක
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Jun 2018 04:04 AM
    සංගීතය – බී. ඇස්. පෙරේරා
    ගීත පටිගත කිරීම – නැප්චූන් චිත්රාගගාරය – මදුරාසිය
    ගීත සංඛ්‍යාව – 11
    ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දන කීර්ති

    ගීත හා ගායන ශිල්පීන්
    1. නටන්ඩ හිතුනා – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
    2. නින්දේදී රාත්‍රී යහනේ – රුක්මණී දේවි
    3. කෝ තව ආවේ නෑ – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
    4. බැඳිලා කාසි බැම්මේ – රුක්මණී දේවි
    5. මං බඳින වයස – බර්ට්‍රම් ප්‍රනාන්දු
    6. හද ආදර ප්‍රේමේ – රුක්මණී දේවි, අරුණ ශාන්ත
    7. කරුණා ජලේ – රුක්මණී දේවි
    8. සිනාසිසි නැග එන්නා – ජෙමිණි කාන්තා
    9. ඕළු මලේහි සුදෝ – රුක්මණී දේවි, අරුණ ශාන්ති
    10. ගෙන එනවා පවුඩර් සාප්පුවක් – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
    11. පාපේ මේ ජීවිතේ – රුක්මණී දේවී, අරුණ ශාන්ති
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    20 Jun 2018 04:44 AM
    මෙයින් සමහරක් ගීත අදටත් අතිශය ජනප්‍රියයි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    20 Jun 2018 07:26 AM
    මෙතනින් ගීත දෙක තුනක් ඇර ඉතිරි ඒවා අහලා නෑ මම නං.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Jun 2018 07:46 PM
    Posted By indika76 on 20 Jun 2018 04:04 AM
    සංගීතය – බී. ඇස්. පෙරේරා
    ගීත පටිගත කිරීම – නැප්චූන් චිත්රාගගාරය – මදුරාසිය
    ගීත සංඛ්‍යාව – 11
    ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දන කීර්ති

    ගීත හා ගායන ශිල්පීන්
    1. නටන්ඩ හිතුනා – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
    2. නින්දේදී රාත්‍රී යහනේ – රුක්මණී දේවි
    3. කෝ තව ආවේ නෑ – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
    4. බැඳිලා කාසි බැම්මේ – රුක්මණී දේවි
    5. මං බඳින වයස – බර්ට්‍රම් ප්‍රනාන්දු
    6. හද ආදර ප්‍රේමේ – රුක්මණී දේවි, අරුණ ශාන්ත
    7. කරුණා ජලේ – රුක්මණී දේවි
    8. සිනාසිසි නැග එන්නා – ජෙමිණි කාන්තා
    9. ඕළු මලේහි සුදෝ – රුක්මණී දේවි, අරුණ ශාන්ති
    10. ගෙන එනවා පවුඩර් සාප්පුවක් – එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා
    11. පාපේ මේ ජීවිතේ – රුක්මණී දේවී, අරුණ ශාන්ති

    මේ සින්දු නම් අදටත් ජනප්‍රියයි...දැන් එන අළුත් සින්දු වලට වඩා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    20 Jun 2018 09:52 PM
    Posted By indika76 on 14 May 2018 11:24 PM
    දිව්‍ය ප්‍රේමය චිත්‍රපටයේ ඇතුලත් ගීත

    (1) සිරිනි සාර ධීර තේජ ( සමුහ )

    (2) ශ්‍රියාවි යාය ප්‍රසන් ( ලලිතා )

    (3) ප්‍රීති සෞභාග්‍ය සිඳී ( පැරකුම් )

    (4) ආමි ආමි ( ලලිතා,පැරකුම් )

    (5) ලොව නවාතැනක්මය ( සමූහ )

    (6) රුව දිශ්නා ( සමූහ )

    (7) ශාක්ෂි දේ චිත්තේ ( ලලිතා )

    (8) සුප්‍රියා ඔබත් හැරා ( ලලිතා පැරකුම් )

    (9) ඕ මාර්ගේ යෙදී යාමේ ( පැරකුම් )

    (10) සුරින්ද්‍ර සුරින්ද්‍ර ( චන්ද්‍රා කුමරිය )

    (11) ප්‍රීත්‍යානන්ද ( ලලිතා, පැරකුම් )

    (12) යනු වහා ගෙනනට ( ටිකිරා )
    අම්මෝ මෙච්චර සින්දු එක චිත්‍ර පටියකට .. දැන් කාලෙ නම් සින්දු හතරයි පහයි නේද තියෙන්නෙ 
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    20 Jun 2018 11:11 PM
    අහලා නැති ගීත තමයි ගොඩක්ම තියෙන්නේ .........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    13 Aug 2018 07:53 AM
    ඊළඟ චිත්‍රපටයත් දාමුද එහෙනම්?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2019 09:51 PM
    8. ගම්බද සුන්දරි

    තිරගත කළ දිනය: 1950.01.27
    අධ්‍යක්ෂණය: Whinston Bastian , Gy Brohiyer , George Wijegunarathna
    නිෂ්පාදනය: George Wijegunarathna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2019 09:52 PM
    ලංකාවේ ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය ගම්බද සුන්දරී

    තුම්පනේ ප්‍රසිද්ධ ධනවතෙකු වූ සේකර මුදලාලිට කොළඹ පැමිණි අවස්ථාවේ ශාස්ත්‍රකරුවෙකු හමුවෙයි. මුදලාලිගේ දියණිය වූ රූපා උසස් ධනවත් මහතෙකු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගත කරන බව ශාස්ත්‍රකරුවා සහතික වෙයි. මුදලාලි හාමිනේ මේ කිසිවක් මායිම් නොකොට තමා සැළසුම් කොට තිබූ මහියංගනයේ වන්දනා ගමනට සූදානම් වූවාය. පසු දින පිළියෙල කරගත් පරිදි මුදලාලි, තම හාමිනේ හා දියණියන් දෙදෙනා වූ රූපා හා ස්වර්ණා සමඟ වන්දනාවේ යති. මහියංගණයට ගොස් වන්දනා කර එන අතරමග ඔවුහු ආහාර ගැනීමට නතර වූහ. ස්වර්ණා වතුර ගැනීමට යන අතර රූපා මලක් නෙළා ගැනීමට කැලෑවට ගියාය. කැළේ සිටි වැද්දෙක් රූපා ඔසවා ගෙන අතුරුදන් වෙයි. ස්වර්ණා කෑ ගසා ගෙන දෙමාපියන් වෙත දිව්වාය. සියලු දෙනාම රූපාව සොයා කැලෑ වැදුණාහ. මුදලාලිට වූ කරදර දුටු විමල් හා සිරිල් නම් තරුණ මිතුරන් දෙදෙනෙක් රූපා සෙවීමට එක් වූහ.


    රූපා සොයා ගැනීම දුෂ්කර බව දුටු මුදලාලි නැවත හැරී ගෙදර එයි. විමල් හා සිරිල් උත්සාහය අත නොහැරියහ. ඔවුන් වැද්දා සිටි තැන සොයා ගොස් ඔහු හා සටන් වැද රූපා ගලවා ගෙන, ඇය මුදලාලිගේ නිවසට ගෙන ගොස් භාර දෙති. තරුණයන් දෙදෙනාට ස්තුති කළ මුදලාලි කළගුණ සැලකීම වශයෙන් සංගීත කලාව ඉගෙන ගැනීම සඳහා ඔවුන් භාරතයේ ඉහළම සංගීත විද්‍යාලයට යවති. ඔවුන් සංගීතය හදාරා පැමිණෙති. විමල් රූපා විවාහ කර ගැනීමට අවසර ඉල්ලුවත් මුදලාලි එයට අකමැති වෙයි. සිරිල් කූට උපායක් යොදා මුදලාලි රවටා තම මිතුරා වූ විමල්ට රූපා විවාහ කරදෙයි. මේ උපාය හෙළි වූ පසු මුදලාලි සිරිල්ට තර්ජනය කරයි. මුදලාලි හාමිනේ සමාදානයට කැමති කාන්තාවක් නිසා මෙය හොඳ විවාහයක් බව තම සැමියාට තේරුම් කර දුන්නාය. නව යුවළ මුදලාලිගෙන් සමාව ඇයද දෙමාපියන්ගේ ආශිර්වාදය ලබති.


    මේ කතා පුවත එන්නේ ප්‍රථම ශ්‍රී ලාංකේය වර්ණ කතා නාද වෘත්තාන්ත චිත්‍රපටය වූ “ගම්බද සුන්දරී” චිත්‍රපටයේය. මිලි මීටර් 16 ප්‍රමාණයෙන් නිපදවන ලද මේ චිත්‍රපටයට මුල්වරට ලාංකිකයන් හවුල්වී නිම කළ සිංහල චිත්‍රපටය ද වන්නේය. සිරිසේන විමලවීර “අම්මා” චිත්‍රපටයට පසු සිංහලයකු නිපද වූ චිත්‍රපටය ද මෙය වෙයි. මේ නිෂ්පාදකවරයා ජෝර්ජ්.එස්. විජේගුණරත්නය. ඔහු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක, සම කැමරා ශිල්පියාද විය. අනික් සම කැමරා ශිල්පියා වූයේ ලෙස්ලි පේද්‍රිස්ය. ඉසබෙල් බ්‍රෝහියර් හා ශීලා බ්‍රෝහියර් සංස්කරණය කළ මෙහි කතාව, දෙබස්, ගීත රචනය හා සංගීත නිර්මාණය එන්.කේ. කාරියවසම් ගෙනි. ක්වීටස් පීරිස් වෙස් ගැනීමේ ශිල්පියාය. නිෂ්පාදන විධායක හා සම අධ්‍යක්‍ෂ වින්ස්ටන් බැස්ටියන්ය. ගයි බ්‍රෝහියර් ශබ්ද පරිපාලකවරයාය.


    ගම්බද සුන්දරී ප්‍රසාද් ෆිල්ම් ප්‍රඩක්ෂන් විසින් නිපද වූ ප්‍රථම සිංහල චිත්‍රපටය විය. “ලංකාවේ ප්‍රථමයෙන් ගන්නා ලද සිංහල වෛවර්ණ චිත්‍රපටය - ගම්බද සුන්දරී බව චිත්‍රපටයේ සමරු කලාපයේ සඳහන් වී ඇත. :ඨ්ඵඊ්ෘ්‍යෑ ීඹභෘ්ඍෂ :ඪෂඛඛ්ඨෑ ඊෑඛඛ්* ත්‍සරිඑ ත්‍ැ්එමරු ත්‍සකප ඡරදාමජැා සබ ක්‍ැහකදබ සබ ීදමබා ්බා ක්‍දකදමර* චිත්‍රපටයේ ගම්බද සුන්දරී නොහොත් රූපා ලෙස ශීලා පීරිස්ද, විමල් ලෙස කිංස්ලි ජයසේකර ද, මුදලාලි ලෙස ඊ.සී. බුලත්සිංහල ද, සිරිල් ලෙස වින්සන්ට් ද පෝල් පීරිස් ද, හාමිනේ ලෙස එලන් පෙරේරා ද, ස්වර්ණා ලෙස සුජාතා බුලත්සිංහල ද, වැද්දා ලෙස ජී.ඕ. ෆොන්සේකා (බී.ඒ. ලන්ඩන්), ශාස්ත්‍රකරු ලෙස ඩබ්ලිව්. දළුවත්ත ද රඟපෑහ. සෙසු චරිත හර්බට් පෙරේරා, තිලකා සිරිවර්ධන, එච්. ගුණසේකර, තිලක් ගුණතිලක, මල්ලිකා මොරිස්, විමල් වික්‍රමරත්න, පද්මිණී වික්‍රමරත්න ද රඟ පෑහ.


    1949 වසරේ ගම්බද සුන්දරී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ශීලා පීරිස් රඟපාන විට ඇගේ වයස අවුරුදු විස්සක් බව මීට වසර 10කට ප්‍රථම අප හා පැවසුවාය.


    “ගම්බද සුන්දරීට මාව තෝරා ගත්තේ සංගීත අධ්‍යක්‍ෂ එන්.කේ. කාරියවසම් මහතා. ඔහු සමඟ 1946 වසරේ “කොලොම්බියා” තැටියකට ගීතයක් ගැයුවා. “සාර කෙතේ ගොයම් පැසීලා මහිමේ.” කියලා. මේ චිත්‍රපටයේ රූපාගේ චරිතය රඟපාමින් පසුබිම් ගීතත් ගැයුවා. ප්‍රධාන චරිතය (විමල්) රඟපෑවේ කිංස්ලි ජයසේකර සමඟ. මුලින්ම කැමරාවට මුහුණ දෙනකොට මට බියක් තිබුණේ නෑ. මම ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස කුඩා කළ සිටම හැම දෙයකටම ඉදිරිපත් වීම නිසා. එහෙත් ‘ගම්බඳ සුන්දරී’ චිත්‍රපටයේ එක දර්ශනයක් රඟපෑමට මහියංගණයේ කැලේට ගිහින් මල් කඩන අවස්ථාවක් තිබුණා. ඒ වේලාවේ වැද්දෙක් විදිහට රඟ පෑ ජී.ඕ. ෆොන්සේකා හිටිගමන් මාව උස්සගෙන කැලේ ඇතුළට යනවා. කලින් මම මේ අවස්ථාව දැන නොසිටි නිසා හොඳටම බිය වෙලා කෑ ගැසුවා.”


    ශීලා පීරිස් එදා ගැයූ “සුදු සඳ රැස්” ගීතය අතිශයින්ම ජනප්‍රිය ගීතයක් විය. 1929 සැප්තැම්බර් 25 වැනිදා බොරැල්ලේ උපත ලැබූ ඇය කැම්බල් පෙදෙසේ සියලු සාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. වේදිකා නාට්‍ය කිහිපයකම රඟ පෑ ඇය 2014 ඔක්තෝබර් 19 වෙනිදා මිය ගියාය.


    ‘ගම්බද සුන්දරී චිත්‍රපටයේ විමල් හා සිරිල් ලෙස රඟපෑ කිංස්ලි ජයසේකර හා වින්සන්ට් පෝල් පීරිස් ද ගුවන් විදුලියේ ගායකයන් දෙදෙනකු ලෙස ප්‍රකටව සිටියහ. ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කිංස්ලි ජයසේකර ‘ගම්බද සුන්දරී’ චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු 23කි. ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය අදත් ජනප්‍රිය ගීතයකි. 1924 අප්‍රේල් 04 වැනිදා උපන් ඔහු 2004 පෙබරවාරි 07 වෙනිදා මිය ගියේය. සිරිල් ලෙස රඟ පෑ වින්සන්ට් ද පෝල් පීරිස් ද ජනප්‍රිය ගායකයෙකි. ‘බසියිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ’, ‘සිරිපාදේ සමනළ කන්ද පෙනේ, අලෝකය සමන් ගිරේ.’ ගීත දෙක වින්සන් ද පෝල්ගේ ජනප්‍රියත්වයට හොඳම නිදසුන්ය. 1922 මාර්තු 11 වෙනිදා උපත ලැබූ ඔහු 2014 ජූලි 22 මිය ගියේය. ශීලා, කිංස්ලි හා වින්සන්ට් “ගම්බද සුන්දරී” චිත්‍රපටයේ පසුබිම් ගීත ගයමින් රඟපෑම විශේෂයකි.
    ගම්බද සුන්දරී චිත්‍රපටයේ ගීත පටිගත කොට ඇත්තේ ලංකාවේදීය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ජෝර්ජ් ඇස්. විජේගුණරත්න එදා තමාගේ අභිප්‍රාය සමරු සංග්‍රහයේ මෙසේ සටහන් කර තිබුණි.


    “ගම්බද සුන්දරී මේ දිවයිනේම ජනිත වූවන් විසින්ම නිපදවන ලද්දකි. මේ තාක් චිත්‍රපටි නිෂ්පාදනය අතින් ලංකාව තැබූ මුල් පියවර ද මෙයයි. නොයෙක් දුෂ්කරතා හා අඩු ලුහුඩුකම් මධ්‍යයේ මෙය කරන්නට සිදු විය. චිත්‍රපටි නිසා අතිමහත් ධනස්කන්ධයක් මේ දිවයිනෙන් පිටරටට ඇදෙති. කෝටි ගණනින් සීමිත එයින් ටිකක්වත් නවතා ගැනීමට හැකි වෙතත් එය අපේ මේ වෑයමෙහි ප්‍රතිඵලයයි. මේ රම්‍ය භූමියේ, අති රමණීය සෞන්දර්යත්, ජාතික පරිසරයත්, ගැමියන්ගේ ගති සිරිත් හා ගුණවගාවත්, ගීත කලාව හා චිත්‍රකලාවත්, දෛනික ජීවිතයත් පිළිබිඹු කරවීමේ අභිලාෂයෙන්ම මෙය පිළියෙල විය. අපරදිග චිත්‍රපට තරමට මෙය දියුණු නැතත් මේ දිවයිනේම නිපැදෙන චිත්‍රපටවලට දීප්තිමත් අනාගතයක් ඇති බව මෙයින් පැහැදිලි වෙයි.


    ගම්බද සුන්දරී මෙරට නිපද වූ අටවැනි කතානාද සිංහල චිත්‍රපටයයි. 1950 ජනවාරි 27 ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත්තේ වෙළෙඳ ඇමති හෙන්රි අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ ක්‍රවුන් සිනමාහලේදීය. මෙහි එක පිටපතක් පමණක් මුද්‍රණය කිරීමද විශේෂය. මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූපගත කොට මිලි මීටර් 35ට මෙය විශාල කළ බව කියවෙතත් එය විවාද සම්පන්නය.


    සුපුරුදු ලෙස මෙවැනි චිත්‍රපට සඳහා මුලින්ම ප්‍රචාරය දී ඇත්තේ “ශ්‍රී ලංකාදීපයයි”. ලංකාවේ නිපදවන ප්‍රථම වර්ණවත් චිත්‍රපටිය නමින් ප්‍රථම පුවත 1949 මැයි 14 වැනිදා “ශ්‍රී ලංකාදීප” පත්‍රයෙන් එය අනාවරණයවී ඇත. එය මෙසේය.


    “ප්‍රථමවරට ලංකාවේ නිපදවන වර්ණ චිත්‍රපටිය වූ “ගම්බද සුන්දරී” ලබන ජූලි මාසයේදී පමණ ලංකාවේ සිනමාගාරවල දී දක්නට ලැබෙතැයි සිතිය හැකිය. මේ චිත්‍රපටියේ හැම ජවනිකාවක්ම ලංකාවේ දර්ශනවලින් පිළියෙල කර ඇත.”


    රුපියල් 30,000කින් සිංහල චිත්‍රපටයක් නිපද වූවා යයි කිවහොත් එය විශ්වාස කළ හැකිද? 1952 වසරේ එවැනි සිද්ධියක් සිංහල සිනමා ඉතිහාසයෙන් අනාවරණයවී ඇත. සිංහල චිත්‍රපට නිපදවීමට ඉන්දියානු චිත්‍රාගාරවල පිහිට සෙවූ ඒ කාලයේ වර්නන් ජයවර්ධන නම් සිංහල කැමරා ශිල්පියා ටවර් යුගයේ ජනප්‍රියව තිබූ ‘සිරිසඟබෝ’ නාට්‍ය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට සිතා තමා සතු කැමරාවත් තම ශිල්පීන් සමග එළිමහනකට ගොස් ඇත. ඔහු රඟපෑම සඳහා තෝරා ගත්තේ ද ටවර් නළු නිළියන්මය. එපමණක් නොව ටවර් යුගයේ චිත්‍රාභරණද පසුතල දර්ශනද තෝරා ගෙන අත්තනගල්ල, අනුරාධපුරය, කොට්ටාව ආදී ප්‍රදේශවල එළිමහන් දර්ශනද ගන්නා ලදි. එඞ්වින් පෙරේරා දෙබස් ලියා අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයේ රජමාළිගා, ඇතුළු අභ්‍යන්තර දර්ශන රාශියක් ගොඩනැගිල්ලක නිර්මාණය කළේ ටවර් යුගයේ අති දක්‍ෂ නළුවකුව සිටි එම්. රොමානිස් ප්‍රේරාගේ පුත්‍රයකු වූ එම්. පියදාසය.


    වර්නන් ජයවර්ධනගේ තොරතුරු ‘ලංකාදීප’ පත්‍රයෙන් විටින් විට ඉදිරිපත් කළේ ඩී.වී සෙනෙවිරත්න විසිනි. ලංකාවේ ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය වූ “පලිගැනීමේ” (1936) ඡායාරූප ශිල්පියාද වර්නන් බව ඔහු පවසා ඇත. ඔහු කියන ආකාරයට ‘සිරිසඟබෝ’ චිත්‍රපටයට පෙර 1947 වසරේ වර්නන් ජයවර්ධන විසින් “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටයක් ලියා අධ්‍යක්‍ෂණය කර ඇත.


    “1947 ජනවාරි මාසයේදී පමණ මා ඇතුළු පිරිසකට ජයවර්ධනගේ “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටය කොළඹ බේස්ලයින් පාරේ පිහිටි ඔහුගේ නිවසේ ප්‍රදර්ශනය කළා. ඡායාරූප ශාලාවක් හිමි ඔහුට බයිස්කෝප් කැමරා කිහිපයකුත්, ප්‍රදර්ශන යන්ත්‍ර කිහිපයකුත් තිබුණා. මේ චිත්‍රපටය පාසල් ශිෂ්‍යයන්ටත් කලා සංගම්වලටත් ප්‍රදර්ශනය කළා.”


    වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටයේ රූප ගත කිරීම් නිම කළත්, පසුබිම් හඬ හා ශබ්ද කැවීමට මුදල් නැතිවීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය. රූගත කළ එක රීලයක් ජයවර්ධන විසින් සිලෝන් තියටර්ස් අධිපති ගාඩිනර්ට් රීගල් සිනමාහලේදී පෙන්විය. ඔහුගෙන් ලැබුණු මුදලින් චිත්‍රපටයේ හඬ කැවීමට, දෙබස් කැවීමට මදුරාසියේ සරස්වතී චිත්‍රාගාරයට ගියේය. එහිදී ජයවර්ධන හා අධ්‍යක්‍ෂ එඞ්වින් පෙරේරා අතර “මත ගැටුමක්” ඇතිවිය. එඞ්වින් තමා සතු ගීත, දෙබස් ජයවර්ධනට නොදී ලංකාවට පැමිණියේය. ජයවර්ධනට එතැන දී පිහිටට ආවේ වතුරේගම සෝමාලංකාර හිමියන්ය. උන්වහන්සේ දෙබස්, ගාථා, ගීත අලුතින් ලියා දුන්හ. මුල්වරට බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනෙකු සිනමාවට සම්බන්ධ වන්නේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙනි.


    අලුතින්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹූ වර්නන් ජයවර්ධන තමාගේ අධ්‍යක්‍ෂණයෙන් යුතුව, ටී.ඩී. ඇඞ්වින් පෙරේරා, පියදාස පෙරේරා, තෙරේසා වීරසිංහ, දේවි සකුන්තලා, ලක්‍ෂ්මි බායි, ක්ලෙමන්ට් ගවුඩර් සමග නැවත මදුරාසිය බලා පිටත්වී හඬ ගන්නා එහි පළමු රීලය සිලෝන් තියටර්ස් සමාගමට ප්‍රදර්ශනය කොට මුදල් ලබා ගත්තේය. වැඩ නිම කළ “සිරිසඟබෝ” 1952 ජූලි 18 වැනිදා සිලෝන් තියටර්ස් සමාගමට අයත් එල්ෆින්ස්ටන් සිනමාහලේ නළු නිළියන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පවත්වා ඇත. වැල්ලවත්තේ රොක්සි, අම්බලන්ගොඩ ලක්‍ෂ්මි, ත්‍රිකුණාමලේ නෙල්සන් හා මහනුවර වේල්ස්, බණ්ඩාරවෙල රෝයල් යන සිනමාහල්වල ද චිත්‍රපටය තිරගත විය. පුවත්පත් දැන්වීම්වලට චිත්‍රපටය ගැන මෙසේ සඳහන් වී තිබුණි.


    “රජකුගේ විශිෂ්ට පරිත්‍යාගය විදහා දැක්වෙන, ලංකාවේ අතීත ඉතිහාසයෙන් පිටුවක් ආගමික සහ ඓතිහාසික වටිනාකමෙන් යුතු පුවතකි.”
    “අපේ රටේ පැරණි සෞභාග්‍ය විදහාපාන ලංකාවේ ධර්මිෂ්ඨ රජතුමා පිළිබඳ මෙම චිත්‍රපටිය සෑම සිංහලයකු විසින්ම නැරඹිය යුතුය.”
    “ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතා චිත්‍රපටයට දිරි දෙමින් විවේචන පළ කරමින් හැකි හැම උපකාරයක්ම දුන්නේය. නූතන අත්තනගල්ල විහාරස්ථානයේ දර්ශනයක් සමඟ එහි වැයෙන ඝන්ටාර රාවයේ නාදයෙන් බුදු දහම ඔස්සේ සිත් යවමින් පටන් ගැනෙන මේ චිත්‍රපටයේ භික්‍ෂූන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අනුව සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය කුමාරයන් තිදෙනා අනුරාධපුර බලා නික්මෙන ගමන චිත්‍රපටයට නගා ඇති අයුරු පැසසිය යුතු බව 1952 ජූලි 20 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයට තිලක (සිරිපාල තිලකසේන) ලියා තිබුණි.
    වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සාර්ථක වූයේ නම් සිංහල කතානාද චිත්‍රාගාරයක් හැදීමට ලොකු ආසාවකින් සිටි බව ඩී.වී. සෙනෙවිරත්න කියා තිබුණි. අවාසනාවට දින දහයක් තිරගතව තිබියදී ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කළේ දින 2කට පමණ මරදානේ ටවර් සිනමාහලට මාරු කොට යැව්වේය. මෙසේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දින 10කින් ඉවත් කළේ දිලිප් කුමාර් රඟ පෑ “ආන්” හින්දි චිත්‍රපටය තිරගත කිරීමට ගත් තීරණය නිසාය. එහෙත් බොහෝ දෙනා පුල පුලා බලා සිටි දිලිප් කුමාර් 1952 ජූලි 20 වැනිදා ලංකාවට පැමිණියේ නැත. දිලිප් එනතුරු එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගතවී ඇත්තේ ‘සම්සාරම්’ නම් ද්‍රවිඩ චිත්‍රපටයයි. 1952 අගෝස්තු 12 දිලිප් ලංකාවට එන විට වර්නන් ජයවර්ධන නම් උත්සාහවන්ත මිනිසාට සිදු විය හැකි හැම දුෂ්කරතාවක්ම විඳීමට සිදුව ඇත.
    කෙසේ වුවද මේ “දිරිය මිනිසා”ගේ ප්‍රයත්නය අගය කළේ “ලංකාදීප” පත්‍රය පමණි. ඔහුගේ නම සිංහල සිනමා ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී තිබුණි. එහෙත් මේ චිත්‍රපටයේ පිටපතක් අනාගත පරපුරට දැක ගන්නට නොලැබීම අවාසනාවකි.

    (ලංකාදීප පුවත්පතෙනි)
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Aug 2019 06:25 PM
    9. හදිසි විනිශ්චය

    තිරගත කළ දිනය: 1950.05.26

    Main Actor : B.A.W. Jayamanne
    Main Actress : Rukmani Devi
    Director : B.A.W. Jayamanne , Mersalin Albert
    Producer : B.A.W. Jayamanne
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    27 Aug 2019 05:02 AM
    Posted By indika76 on 25 Aug 2019 06:25 PM
    9. හදිසි විනිශ්චය

    තිරගත කළ දිනය: 1950.05.26

    Main Actor : B.A.W. Jayamanne
    Main Actress : Rukmani Devi
    Director : B.A.W. Jayamanne , Mersalin Albert
    Producer : B.A.W. Jayamanne


    මේ ෆිල්ම් එක නම් බලලා නැහැ...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Aug 2019 07:32 AM
    මටත් මතක නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Aug 2019 04:39 PM
    මටත් මේ චිත්‍රපටයේ පිටපතක් සොයාගන්න බැරිවුනා.
    ජීවන සැප ශ්‍රී පානා, ප්‍රේම රජා මාගේ, මන පිනවායා යන ගී මෙහි තියෙනවා..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Sep 2019 03:36 PM
    10. සීදේවි

    තිරගත කළ දිනය: 1951.03.09

    Main Actor: Eddy Junior
    Main Actress: Miurin nishshanka
    Director: Sirisena Wimalaweera
    Producer: Sirisena Wimalaweera
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Sep 2019 03:40 PM
    11. සැඟවුණ පිළිතුර

    තිරගත කළ දිනය: 1951.05.20

    Main Actor: Eddy Jayamanna
    Main Actress: Rukmani Devi
    Director: B.A.W. Jayamanne , Gration Jayamanna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Sep 2019 03:42 PM
    12. බණ්ඩා නගරයට පැමිණීම

    තිරගත කළ දිනය: 1952.05.04

    Main Actor: W.M.Bernad Perera
    Main Actress: Nanda Shamali Lilanayaka
    Director : Raja Wahab Kashmeer , A.B. Raja
    Producer: S.M.Nayagam , K.D.Sebestian
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Sep 2019 03:45 PM
    බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයට ගීත 11 ක් ඇතුළත් වුවත් එකම ගීතයක්වත් ජනප්‍රිය වූයේ නැත.

    1. සැරද සිරි සාරා සිරිනි මනහාරා (මංගල ගීතය),
    2. දම් තත් දිම් තරිකිට තක පදය යොදලා (අප්පා, මීසෝ, නෝබට්, නෝනා),
    3. ආයි අප්පා අප්පා කොළඹ පුරේ. (බණ්ඩාරගේ හුදකලා ගීතය),
    4. ගොනේ ගොනේ (බණ්ඩාගේ හුදකලා ගීතය),
    5. හෝ ඩාලිං ශ්‍රියාවි මාලිනි මැණිකේ (බණ්ඩා සහ මාලිනි),
    6. නංගි නංගී එන්ඩ මල්ලී (බුලත්විට වෙළෙන්ද‌ාගේ හුදකලා ගීතය),
    7. සල්ලි සල්ලි හුඟයි මේ සැරෙ (මීසෝ සහ අප්පුහාමිගේ යුග ගීතය),
    8. අයිසේ මැරී මී ඕ ඩයරි (මාලිනි සහ ලියෝගේ යුග ගීතය)
    9. මාව රවටලා පෙන්වන ආලේ (මාලිනිගේ හුදකලා ගීතය),
    10. ශ්‍රී කමලාපති (ඩාන්ස් ගීතය),
    11. අන්ධකාරේ (අන්ධ ගායකයාගේ ගීතය)
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Oct 2019 12:05 PM
    ඉහතින් සඳහන් කල සියලු ච්ත්‍රපට තවම සංරක්ෂිතව පවතිනවද?

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Oct 2019 12:06 PM
    10. සීදේවි
    11. සැඟවුණ පිළිතුර


    මේවයේ ගීත නැද්ද?
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    07 Oct 2019 06:08 PM
    බොහොම ස්තුතියි මේ විස්තර වලට. මෙහෙම චිත්‍රපට තිබ්බා කියලා ඇහුවෙත් මෙතනින්
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Dec 2019 10:34 AM
    13 වන චිත්‍රපටය ගැන කතා කරමු නේද දැන්.. දිගු නිහැඬියාවකට පසු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Dec 2019 04:02 PM
    13. උමතු විශ්වාසය

    තිරගත කළ දිනය: 1952-05-09

    Main Actress :  Florida Jayalath
    Director :  B.A.W. Jayamanne
    Producer :  B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Dec 2019 04:07 PM
    1952 මැයි 9 සිට එල්ෆින්ස්ටන් (මරදාන) හිදී (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). සුදට සුදේ සිරිය දිලේ, කොළොම්පුරේ ශ්‍රියා, ඉස්තීර ආලේ යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
    ද්විත්ව චර්ත නිරූපණයක් (රුක්මණී දේවි මව සහ දුව ලෙස) රැගත් පළමු සිංහල චිත්‍රපටිය.
    රුක්මනී දේවි, එඩී ජයමාන්න, හර්බට් සෙනෙවිරත්න, සුමිත් බිබිලේ, මේබල් බ්ලයිත්, ලැටීෂියා පීරිස්, රූබි ද මෙල්, බී. ඒ. ඩබ්. ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, බර්ට්‍රම් ප්‍රනාන්දු රංගනයෙන් දායක විය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Dec 2019 04:19 PM
    සුදට සුදේ සිරිය දිලේ පුන්සදේ...

    https://youtu.be/Hj8Jy-Vchm8

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Dec 2019 04:29 PM
    14. සිරිසඟබෝ

    තිරගත කළ දිනය: 1952-07-18.

    Main Actor : T.V.Edvin Perera
    Main Actress : Theresa Weerasighe
    Director : Wernan Jayawardana
    Producer : Wernan Jayawardana
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Dec 2019 04:30 PM
    උපුටාගැනීම ලංකාදීප පුවත්පතෙනි...

    රුපියල් 30,000කින් සිංහල චිත්‍රපටයක් නිපද වූවා යයි කිවහොත් එය විශ්වාස කළ හැකිද? 1952 වසරේ එවැනි සිද්ධියක් සිංහල සිනමා ඉතිහාසයෙන් අනාවරණයවී ඇත. සිංහල චිත්‍රපට නිපදවීමට ඉන්දියානු චිත්‍රාගාරවල පිහිට සෙවූ ඒ කාලයේ වර්නන් ජයවර්ධන නම් සිංහල කැමරා ශිල්පියා ටවර් යුගයේ ජනප්‍රියව තිබූ ‘සිරිසඟබෝ’ නාට්‍ය ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට සිතා තමා සතු කැමරාවත් තම ශිල්පීන් සමග එළිමහනකට ගොස් ඇත. ඔහු රඟපෑම සඳහා තෝරා ගත්තේ ද ටවර් නළු නිළියන්මය. එපමණක් නොව ටවර් යුගයේ චිත්‍රාභරණද පසුතල දර්ශනද තෝරා ගෙන අත්තනගල්ල, අනුරාධපුරය, කොට්ටාව ආදී ප්‍රදේශවල එළිමහන් දර්ශනද ගන්නා ලදි. එඞ්වින් පෙරේරා දෙබස් ලියා අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයේ රජමාළිගා, ඇතුළු අභ්‍යන්තර දර්ශන රාශියක් ගොඩනැගිල්ලක නිර්මාණය කළේ ටවර් යුගයේ අති දක්‍ෂ නළුවකුව සිටි එම්. රොමානිස් ප්‍රේරාගේ පුත්‍රයකු වූ එම්. පියදාසය.


    වර්නන් ජයවර්ධනගේ තොරතුරු ‘ලංකාදීප’ පත්‍රයෙන් විටින් විට ඉදිරිපත් කළේ ඩී.වී සෙනෙවිරත්න විසිනි. ලංකාවේ ප්‍රථම සිංහල නිහඬ චිත්‍රපටය වූ “පලිගැනීමේ” (1936) ඡායාරූප ශිල්පියාද වර්නන් බව ඔහු පවසා ඇත. ඔහු කියන ආකාරයට ‘සිරිසඟබෝ’ චිත්‍රපටයට පෙර 1947 වසරේ වර්නන් ජයවර්ධන විසින් “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටයක් ලියා අධ්‍යක්‍ෂණය කර ඇත.


    “1947 ජනවාරි මාසයේදී පමණ මා ඇතුළු පිරිසකට ජයවර්ධනගේ “සරදියෙල්” නම් කෙටි චිත්‍රපටය කොළඹ බේස්ලයින් පාරේ පිහිටි ඔහුගේ නිවසේ ප්‍රදර්ශනය කළා. ඡායාරූප ශාලාවක් හිමි ඔහුට බයිස්කෝප් කැමරා කිහිපයකුත්, ප්‍රදර්ශන යන්ත්‍ර කිහිපයකුත් තිබුණා. මේ චිත්‍රපටය පාසල් ශිෂ්‍යයන්ටත් කලා සංගම්වලටත් ප්‍රදර්ශනය කළා.”


    වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටයේ රූප ගත කිරීම් නිම කළත්, පසුබිම් හඬ හා ශබ්ද කැවීමට මුදල් නැතිවීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය. රූගත කළ එක රීලයක් ජයවර්ධන විසින් සිලෝන් තියටර්ස් අධිපති ගාඩිනර්ට් රීගල් සිනමාහලේදී පෙන්විය. ඔහුගෙන් ලැබුණු මුදලින් චිත්‍රපටයේ හඬ කැවීමට, දෙබස් කැවීමට මදුරාසියේ සරස්වතී චිත්‍රාගාරයට ගියේය. එහිදී ජයවර්ධන හා අධ්‍යක්‍ෂ එඞ්වින් පෙරේරා අතර “මත ගැටුමක්” ඇතිවිය. එඞ්වින් තමා සතු ගීත, දෙබස් ජයවර්ධනට නොදී ලංකාවට පැමිණියේය. ජයවර්ධනට එතැන දී පිහිටට ආවේ වතුරේගම සෝමාලංකාර හිමියන්ය. උන්වහන්සේ දෙබස්, ගාථා, ගීත අලුතින් ලියා දුන්හ. මුල්වරට බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනෙකු සිනමාවට සම්බන්ධ වන්නේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටයෙනි.


    අලුතින්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරඹූ වර්නන් ජයවර්ධන තමාගේ අධ්‍යක්‍ෂණයෙන් යුතුව, ටී.ඩී. ඇඞ්වින් පෙරේරා, පියදාස පෙරේරා, තෙරේසා වීරසිංහ, දේවි සකුන්තලා, ලක්‍ෂ්මි බායි, ක්ලෙමන්ට් ගවුඩර් සමග නැවත මදුරාසිය බලා පිටත්වී හඬ ගන්නා එහි පළමු රීලය සිලෝන් තියටර්ස් සමාගමට ප්‍රදර්ශනය කොට මුදල් ලබා ගත්තේය. වැඩ නිම කළ “සිරිසඟබෝ” 1952 ජූලි 18 වැනිදා සිලෝන් තියටර්ස් සමාගමට අයත් එල්ෆින්ස්ටන් සිනමාහලේ නළු නිළියන්ගේ ප්‍රධානත්වයෙන් මංගල දර්ශනය පවත්වා ඇත. වැල්ලවත්තේ රොක්සි, අම්බලන්ගොඩ ලක්‍ෂ්මි, ත්‍රිකුණාමලේ නෙල්සන් හා මහනුවර වේල්ස්, බණ්ඩාරවෙල රෝයල් යන සිනමාහල්වල ද චිත්‍රපටය තිරගත විය. පුවත්පත් දැන්වීම්වලට චිත්‍රපටය ගැන මෙසේ සඳහන් වී තිබුණි.


    “රජකුගේ විශිෂ්ට පරිත්‍යාගය විදහා දැක්වෙන, ලංකාවේ අතීත ඉතිහාසයෙන් පිටුවක් ආගමික සහ ඓතිහාසික වටිනාකමෙන් යුතු පුවතකි.”
    “අපේ රටේ පැරණි සෞභාග්‍ය විදහාපාන ලංකාවේ ධර්මිෂ්ඨ රජතුමා පිළිබඳ මෙම චිත්‍රපටිය සෑම සිංහලයකු විසින්ම නැරඹිය යුතුය.”
    “ලංකාදීප” කර්තෘ ඩී.බී. ධනපාල මහතා චිත්‍රපටයට දිරි දෙමින් විවේචන පළ කරමින් හැකි හැම උපකාරයක්ම දුන්නේය. නූතන අත්තනගල්ල විහාරස්ථානයේ දර්ශනයක් සමඟ එහි වැයෙන ඝන්ටාර රාවයේ නාදයෙන් බුදු දහම ඔස්සේ සිත් යවමින් පටන් ගැනෙන මේ චිත්‍රපටයේ භික්‍ෂූන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අනුව සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය කුමාරයන් තිදෙනා අනුරාධපුර බලා නික්මෙන ගමන චිත්‍රපටයට නගා ඇති අයුරු පැසසිය යුතු බව 1952 ජූලි 20 වෙනිදා ‘ලංකාදීප’ පත්‍රයට තිලක (සිරිපාල තිලකසේන) ලියා තිබුණි.
    වර්නන් ජයවර්ධන ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සාර්ථක වූයේ නම් සිංහල කතානාද චිත්‍රාගාරයක් හැදීමට ලොකු ආසාවකින් සිටි බව ඩී.වී. සෙනෙවිරත්න කියා තිබුණි. අවාසනාවට දින දහයක් තිරගතව තිබියදී ‘සිරිසඟබෝ’ චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කළේ දින 2කට පමණ මරදානේ ටවර් සිනමාහලට මාරු කොට යැව්වේය. මෙසේ ‘සිරිසඟබෝ’ චිත්‍රපටය දින 10කින් ඉවත් කළේ දිලිප් කුමාර් රඟ පෑ “ආන්” හින්දි චිත්‍රපටය තිරගත කිරීමට ගත් තීරණය නිසාය. එහෙත් බොහෝ දෙනා පුල පුලා බලා සිටි දිලිප් කුමාර් 1952 ජූලි 20 වැනිදා ලංකාවට පැමිණියේ නැත. දිලිප් එනතුරු එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගතවී ඇත්තේ ‘සම්සාරම්’ නම් ද්‍රවිඩ චිත්‍රපටයයි. 1952 අගෝස්තු 12 දිලිප් ලංකාවට එන විට වර්නන් ජයවර්ධන නම් උත්සාහවන්ත මිනිසාට සිදු විය හැකි හැම දුෂ්කරතාවක්ම විඳීමට සිදුව ඇත.
    කෙසේ වුවද මේ “දිරිය මිනිසා”ගේ ප්‍රයත්නය අගය කළේ “ලංකාදීප” පත්‍රය පමණි. ඔහුගේ නම සිංහල සිනමා ඉතිහාසයේ නොමැකෙන ලෙස සටහන් වී තිබුණි. එහෙත් මේ චිත්‍රපටයේ පිටපතක් අනාගත පරපුරට දැක ගන්නට නොලැබීම අවාසනාවකි.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    12 Dec 2019 07:46 AM
    බොහොම ස්තුතියි මේ විස්තර වලට ..........මේ දේවල් දැනන් හිටියේ නෑ .
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Dec 2019 12:10 PM
    15. එදා රෑ

    තිරගත කළ දිනය: 1953-02-14

    Main Actor : Shantha Kumar Senevirathna
    Main Actress : Seetha Jayawardana
    Director : Shantha Kumar Senevirathna
    Producer : Sisil Disanayaka
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Dec 2019 12:11 PM
    සිංහලයෙකු සම අධ්‍යක්ෂණය කළ (ශාන්ති කුමාර්) පළමු චිත්‍රපටය 'අශෝකමාලා' (1947)ය. එහෙන් මේ චිත්‍රපටයෙන් ඇරඹුණු ශාන්ති කුමාර් තනිව අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වූයේ (1953) 'එදා රෑ' ය.
    මෙහි ශාන්ති කුමාර් හා සීතා ජයවර්ධන ප්‍රධාන චරිත රඟපෑහ. ශාන්ති කුමාර්ගේ සිනමා ගමන බාධා සහිත එකකි.
    'එදා රෑ' චිත්‍රපටයට චිත්‍රාගාර පහසුකම් ලැබී ඇත්තේ රාත්‍රී කාලයේ නිසා චිත්‍රපටය රාත්‍රී කාලයට උචිත ලෙස සකස් කිරීමට සිදු වී ඇත.
    එහෙත් 'අශෝක මාලා' තරම් 'එදා රෑ' සාර්ථක නොවීය.

    (සරසවිය පුවත්පතෙනි)
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Dec 2019 12:16 PM
    (මේ ලංකාදීප පුවත්පතෙන් උපුටාගන්නා ලද ලිපියකි)

    මහ රෑ හැදූ ලංකාවේ මුල්ම චිත්‍රපටය

    ඊයේ රෑ පෙන්වන්නට පටන් ගත් එදා රෑ මෙතෙක් ලංකාවේම නිපද වූ එකම චිත්‍රපටියකි.

    1953 පෙබරවාරි 15 ඉරිදා ලංකාදීප පත්‍රයේ 13 වැනි පිටුවේ පළ වූ විශේෂාංගයක ධරම්සි ලියා තිබුණි. ධරම්සි යනු ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ව සිටි ධර්මසිරි ජයකොඩිය. එදා රෑ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළේ 1953 පෙබරවාරි 14 වෙනිදා සිටය.

    අශෝකමාලා චිත්‍රපටය 1947 වසරේ සම අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසින් මුල් වරට තනිවම අධ්‍යක්ෂණය කළ එදා රෑ චිත්‍රපටය කඳානේ සුන්දර චිත්‍රාගාරයේ ආරම්භ කළේ 1951 ජුනි 20 වෙනිදාය. මේ ප්‍රවෘත්තිය ලංකාදීප පත්‍රය වාර්තා කර තිබුණේ මේ ශීර්ෂ පාඨයෙනි.

    සිනමා චිත්‍රපටි ලංකාවේම නිපදවයි.

    එතෙක් දකුණු ඉන්දීය චිත්‍රාගාරවල නිපද වෙමින් තිබූ සිංහල චිත්‍රපට ලංකාවේ චිත්‍රාගාරයක නිපදවීමට මුල් පියවර තැබුවේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න බව මේ ප්‍රවෘත්තියෙන් මොනවාට පැහැදිලි වෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් හා රෝමානු කතෝලික ආගම්වල චාරිත්‍ර අනුව ආගමික සිරිත් විරිත් පවත්වා කඳානේ දී එදා රෑ (That Night) චිත්‍රපටය ඇරැඹුණු බව ද එහි වාර්තා වී තිබුණි. අශෝකමාලා චිත්‍රපටය නිෂ්පාදනය කළ සිලෝන් තියටර්ස් සමාගමට රුපියල් ලක්ෂ දෙක හමාරක් උපයා දුන් නිසා ශාන්ති කුමාර්ගේ එදා රෑ නිපද වීමට සිලෝන් තියටර්ස් සමාගම එකඟ විය.

    මේ කාලයට ආසන්න (1950) දිනක් ලංකාදීප පුවත් පතේ උප කර්තෘවරයකු වූ ඩී.වී. සෙනෙවිරත්නට ශාන්ති කුමාර් හමු වී ඇත.

    බලන්න සෙනේ, අශෝක මාලා ත් කරලත් අවුරුදු එක හමාරක් ගත වුණා. මට තවම දෙවෙනි චිත්‍රපටිය හදන්න බැරි වුණා නොවැ. මගේම වියදමින් චිත්‍රපටියක් හදන්න මිල මුදල් තිබුණා නම් ඉන්දියාවට ගිහින් චිත්‍රපටියක් කරනවා. ශාන්ති කුමර් කනස්සල්ලෙන් කියූ කතාවක් ගැන 1969 වනිතාවිත්ති පුපත් පතට ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණි.

    එය ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සංක්‍රාන්ති සමය විය. චිත්‍රපටියක් අධ්‍යක්ෂණ්‍ය කිරීම පසෙක දමා තමා භාරතයේ දී මැනවින් ප්‍රගුණ කළ නර්තන කලාව උගන් වන පාසලක් ඇරඹුවේය. එය ශාන්ති නිකේතනය නම් විය. එ් අතර ශාන්ති රජයේ චිත්‍රපට අංශය (G.F.U.) තිබුණි. වාර්තා චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කිරීමට පවරා ඇත. මේ චිත්‍රපට දෙකේ ලුවී රුද්‍රිගු, ජෝසප් සෙනෙවිරත්න, සිරිමතී රසාදරී, චාන්දනී ගුණතිලක රඟපෑහ.
    තමා විසින්ම ඉංග්‍රීසි​ෙයන් ලියන ලද කතා පිටපතක් රැගෙන ශාන්ති සිලෝන් තියටර්ස් අධිපති සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් හමුවීමට කොටුව​ රීගල් සිනමා හලට යාබදව ඇති ඔහුගේ කාර්යාලයට ගියේය. කතා පිටපත කියවා බැලූ සර් ගාඩිනර් එය නිෂ්පාදනය කිරීමට එකඟ විය. කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි එම්පයර් සිනමා හලේ කාමරයක සිට ශාන්ති කුමාර් තමා ලියූ කතාව විකාශය කළේය. එවකට සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රචාරක නිලධාරියාව සිටි ප්‍රේමනාත් මොරායස් මේ කතාවට අනුව දෙබස් රචනා කළ අතර ඒ සඳහා ශාන්තිගේ බාල සොහොයුරු හර්බි සෙනෙවිරත්න හා ලුවී රුද්‍රිගු සහය වූහ.

    ආලයත් විවාහයත් අතර ඇති වන ගැටීම් අලලා සමාජ සාමයට බාධක උස්මිටිකම් පහත්කොට තකන කතාවක් තමා විසින් ලියන දැයි ශාන්ති කුමාර් ඉරිදා ලංකාදීපයට කියා තිබුණි. චිත්‍රපට කතා පිටපත සකස් කිරීමෙන් පසු කාර්මික ශිල්පීන්, නළු නිළියන් තෝරා ගත් ඔහුට මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ ලංකාවේ චිත්‍රාගාරයක් ​ෙත්රා ගැනීමය.

    ශාන්ති මුලින්ම ගියේ රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා හමුවීමටය. වාණිජ චිත්‍රපටයක් කිරීමට තම අයතනයෙන් පහසුකම් සලසන්නේ නැතැයි ඔහු ශාන්තිට කියා ඇත. ඊළඟට ඔහුගේ අවධානය යොමු වූයේ කඳානේ අභිනවයෙන් ඉදිකෙරුණු සුන්දර චිත්‍රාගාරය වෙතය.

    එහි අධිතිවරයා එස්.එම්. නායගම් හමුවීමට ශාන්ති ගියේ චකිතයකිනි. ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය ඉදිරිපත් කිරීමේ තරගය නිසා නායගම් හා ශාන්ති අතර මත භේදයක් තිබුණ ද ඔහු සිලෝන් තියටර්ස් සමාගමට උදව් කිරීමට එකඟ විය.

    කඳානේ සුන්දර චිත්‍රාගාරයේ මුලින්ම කැමරා ගත කළ චිත්‍රපටය එදා රෑ ය. චිත්‍රපටයේ වැඩ කටයුතු භායක් පමණ නිම වෙද්දී නායගම් සිලෝන් තියටර්ස් සමාගම සමග තිබූ ගිවිසුම කඩ කළේය. නායගම් නිෂ්පාදනය කිරීමට සැලසුම්කොට තිබූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ වැඩ කටයුතු කඩිමුඩියේ ආරම්භ කළේය. දවල් කාලයේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා කැමරා උපකරණ හා පසුතල ලබා ගත හැකි වූයේ රාත්‍රී කාලයේ දී බව කණස්සල්ලෙන් ඉරිදා ලංකාදීපයට (1953 පෙබරවාරි 15) කියා තිබුණි.

    එහි මෙසේ සඳහන් වී ඇත.

    අවුරුදු දෙකකට පමණ පෙර මුහුර්තය පවත්වා කඳානෙන් ඇරඹුණු එදා රෑ ශාන්ති කුමාර්ට දිගින් දිගටම රෑ නින්ද නැති කළ රෑම නිපද වූ චිත්‍රපටයකි. රෑ වී එළිවෙන තුරුත් රෑ තිස්සේ එදා රෑ නිපදවන්නට සිදු වූයේ එදා රෑ නිපද වූ සුන්දර චිත්‍රාගාරයේ නිෂ්පාදන භාණ්ඩ දවල් තිස්සේ වෙනත් වැඩවලට නායගම් යොද වන ලද බැවිනි.

    නායගම් ට අවශ්‍යව තිබුණේ එදා රෑ වැඩ කටයුතුවලට බාධා පමුණුවා එය තිරගත කිරීමට පෙර තමාගේ චිත්‍රාගාරයේ තමා නිපද වූ බණ්ඩා නගරයට පැමිණීම මුලින්ම තිරගත කිරීමටය. ශාන්ති කුමාර් ද උත්සාහය අත්හැරියේ නැත. නළු නිළියන් හා කාර්මික පිරිසගේ නොමඳ සහායත් අප්‍රතිහත ධෛර්යයත් ඔහුට ලැබිණි. එහෙත් ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපට ගත කළ සිංහල චිත්‍රපටය ලෙස ඉතිහාසගත කිරීමට ශාන්ති කුමාර් සමත් විය.
    එදා රෑ චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ මෙසේය.

    රංජිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂතා දක්වයි.

    සිය පවුලේ නඩත්තුව සඳහා විශල අරගලයක් කළත් රංජිත්ගේ පියා තම පුතුගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමට හැම උපකාරයක්ම කරයි. තමා කරන සුළු ව්‍යාපාරයෙන් ලැබෙන මුදල අරපිරිමසා ගෙන පියා රංජිත්ව උසස් පාසලකට ඇතුළු කරන්නේ සතුටු කඳුළු වගුරුවමිනි. උසස් ලෙස සමත් වන රංජිත් තම පියා මෙතෙක් කළ දුක්ඛිත ජීවිතයෙන් මුදවා ගැනීමට රැකියාවක් සොයයි. පියාගේ පැතුම ඉටු කරමින් රංජිත් විශාල වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ලෙස්ලි ගුණරත්න යටතේ උසස් රැකියාවක් ලැබෙයි. රංජිත්ගේ බුද්ධිය නිසා ගුණරත්නගේ ව්‍යාපාර දියුණුවට පත්වෙයි.

    දැන් රංජිත් කඩවසම් ක්‍රියාශීලී නිහතමානී තරුණයෙකි. ඔහු කෙරෙහි තරුණියන්ගේ සිත් ඇදී යන්නේ නිරායාසයෙනි. ධනවත් පවුලක තරුණියක් වූ චන්ද්‍රා රංජිත් හා ප්‍රේම සබඳතාවක් පත්වාගෙන ගියාය. රංජිත්ගේ වත්පොහොසත් කම ගැන නොසිතූ චන්ද්‍රා ඔහු සමග විවාහ වීමට කැමති වූවාය. චන්ද්‍රාගේ පියා මුදලිඳු කෙනෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ ධන මානයෙන් හිස උදුම්මා ගත් දෙදෙනෙකි. චන්ද්‍රා හා රංජිත් අතර සම්බන්ධය දැනගත් ඔවුන් තම දුවට තර්ජනය කරමින් ඔවුන්ගේ සම්බන්ධයට තහනම් නියෝග පැනවූහ.

    රංජිත් සේවය කළ මහා පරිමාණයේ ව්‍යාපාරයේ අධිපති ගුණරත්න මහතාගේ බිරිඳ මියගොස්ය. ඔහුට සිටියේ එකම පුතා වික්ටර් ගුණරත්න නාස්තිකාරයෙකි. ඔහුට බීමත් කමට මෙන්ම සල්ලාලකමට ළැදි අපූරු මිතුරන් කිහිප දෙනෙකුගේ ඇසුර ලැබිණි. වික්ටර් මිතුරන් සමග සමාජ ශාලාවල කාලය කා දැම්මේය. බීමත්ව තරුණියන් පහස ලබමින් වික්ටර් පියාගේ ධානය නාස්ති කළේය.

    චන්ද්‍රාගේ මව (මුදලි බිරිඳ) ගුණරත්නගේ සොහොයුරියකි. තම පුතු වික්ටර්ට විවාහ කර දීමෙන්වත් ඔහු සුමගට යොමු වේ යැයි ගුණරත්න සිතුවේය. මේ ගැන ගුණරත්න තම සොහොයුරිය හා මස්සිනා සමග කතා කළේය. චන්ද්‍රා සමග පැමිණ තම නිවසේ නවතින්න යයි ගුණරත්න තම සොහොයුරියට ආරාධනය කළේ ද උපායක් වශයෙනි.

    චන්ද්‍රා නොදැක සිටීමත් ඇගේ ප්‍රිය සල්ලාපයෙනුත් ඈත්වී සිටි රංජිත් බලවත් සංතාපයට පත් විය. දිනක් චන්ද්‍රා කොළඹ දී රංජිත්ට හමුවීමට අවස්ථාව සැළසුණි. මේ හමු වීම දුටු වික්ටර්ගේ කෝපයත් ක්‍රෝධයත් දස දහස් වාරයකින් දැඩි විය. මේ සම්බන්ධය වහාම නතර කරන්නැයි රංජිත්ට තර්ජනය කිරීමෙන් සෑහීමකට පත් නොවූ වික්ටර් ඔහුට පහර දුන්නේය.

    රංජිත්ගේ හා චන්ද්‍රාගේ පෙම් සබඳතාව නොබිඳිය හැකි බව සක්සුදක්සේ දැනගත් චන්ද්‍රාගේ මව වික්ටර් සමග එක්වී රංජිත් තම පියාගේ ව්‍යාපාරික කටයුතුවලින් නෙරපා දැමීමට උත්සාහ ගත්හ. අවංක සේවකයකු වූ රංජිත් රැකියාවෙන් අස්කිරීමට පෙර මේ සම්බන්ධය නතර කරන ලෙස ගුණරත්න අවවාද ක​ෙළ​්ය. ගුණරත්නට අවශ්‍ය වූයේ වික්ටර් හා චන්ද්‍රාගේ විවාහය ඉක්මණින් කිරීමටය.

    වික්ටර් පිළිකුල් කළ චන්ද්‍රා රංජිත් සේවයෙන් පහ කිරීම හේතුවෙන් මුරණ්ඩු වූවාය. රැකියාවද පෙම්වතිය ද අහිමි වූ රංජිත් රැකියාවක් සොයා කොළඹට පැමිණ එයින් ප්‍රතිඵල නොලැබ ඔහු පොළොන්නරුව බලා ගියේ ජනපද යෝජනා ක්‍රමය යටතේ රැකියාවක් ලබා ගැනීමටය.

    රංජිත් දැන් ජීවත්වන්නේ හැඟීමකින් තොරවය. ඔහුට අනාගතයක් ගැන හැඟීමක් නැත. ඔහුගේ සිත බලවත් ලෙස කැළඹුණේ හදිසියේම තමා බලමින් සිටි පුවත්පතේ පළවී තිබුණු චන්ද්‍රා - වික්ටර්ගේ විවාහය ළඟදීම සිදුවන බව දක්වන ප්‍රවෘත්තියෙනි.

    තම පියාගේ හදිසි මරණයට පැමිණීමට තරම්වත් රංජිත්ගේ මානසික තත්ත්වය අවුල් වී තිබුණි. මිතුරන්ගේ බල කිරීම නිසා ඔවුන් ලබාදුන් මුදල් ද රැගෙන පියාගේ මෘත දේශය අවසන් වරට දැක ගැනීමට රංජිත් පිටත් විය.
    වික්ටර් - චන්ද්‍රා විවාහ කර ගැනීමේ උත්සවයට තව ඇත්තේ සතියකි. එහෙත් තම පරණ පුරුදු අත්නොහළ වික්ටර් මිතුරන් සමග දූකෙළියට ගියේය. දුරාචාරයේ, යෙදුණේය. තම පියාගේ ධනය දහස් ගණනින් විනාශ කර දැම්මේය. දූ කෙළියේ දී වික්ටර් තමා සතු මුළු මුදලම පැර දී වෙරි මරගාතේ මුදල් දිනූ තැනැත්තාට වෙඩි තැබීය. ඔහු මැරී වැටුනේය.

    බලවත් සේ කැලඹුණු වික්ටර් ගෙදර පැමිණියේ මරු විකලයෙනි. චන්ද්‍රා බලෙන්ම තම මෝටර් රථයට ගොඩනංවා ගත් වික්ටර් අධික වේගයෙන් රථය පැදවීය. තම රථයට මිනිසෙකු වේගයෙන් හැපුණේය. ඔහු රංජිත්ය.
    ජීවිතයේ කිසිදු අරමුණක් නොමැතිව සුන් වූ බලාපොරොත්තු ඇතිව පාරේ යමින් සිටි රංජිත් පාරේ ඇවිද්දේ උම්මන්තකයකු ලෙසය. අනතුරට ලක් වූ රංජිත් විසිවී බිම වැටුණි. වික්ටර්ගේ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් පිටට පැන ගොස් පෙරළුණි. මේ මාරක අනතුරින් වික්ටර් එතැනම මියගිය අතර චන්ද්‍රා බරපතළ ලෙස තුවාල ලැබුවාය.

    රංජිත් හා චන්ද්‍රා රෝහලට ගෙන එනු ලැබීය. ඔවුන් දෙදෙනාම පිය වී සිහිය ලැබෙන විට දින ගණනක් ගත වී තිබුණි. දෙදෙනා එකිනෙකා හඳුනා ගත්හ. අනපේක්ෂිත ලෙස යළිත් පෙම්වතුන් යුවළ හමු වූහ. යළිත් වෙන් කරලිය නොහැකි ලෙස මේ පෙම්වතුන් යුවල ප්‍රේමාභිෂේක ලැබූහ.

    එදා රෑ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ චන්ද්‍රා ලෙස රඟපෑවේ සීතා ජයවර්ධන (1925-1978) චිත්‍රපටයක රඟ පෑ මුල්ම අවස්ථාව විය. ඇය පුවත්පත් කලාවේදිනියකි. ලේඛිකාවකි. උඩරට නැටුම් මෙන්ම භරථ, මනිපුරි, කථකලි මෙන්ම බටහිර නර්තයෙන් ද කුසලතා පෙන්වා තිබුණි. නිව්මන් ජුබාල්ගේ ලිලියම්, එදිරිවීර සරච්චන්ද්‍රගේ පබාවතී නාට්‍යවල රඟ පෑ ඇය ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ කාන්තා පිටුවේ සංස්කාරකවරිය ද වූවාය. එංගලන්තයේ පුවත්පත් කලාව හැදෑරූ ඇය ඊවිනිං ස්ටෑන්ඩඩ් පුවත් පතේ ද කලක් සේවය කර තිබුණි. හිටපු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ලේලියකි. ඇය ඇගේ පියා කර්නල් සී.පී. ජයවර්ධනය. එවකට ආදායම් බදු කොමසාරිස්වරයකුව සිටි සාලි පරාක්‍රම ඇගේ සැමියාය. පසු කලෙක සීතා ඔබ්සර්වර් පත්‍රයේ උපකතුවරියක් ලෙස ද සිලෝන් වුමන් පත්‍රයේ ද සංස්කාරිකාවක ලෙස ද කටයුතු කළාය.

    රංජිත් ලෙස රඟපෑවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශාන්ති කුමාර් සෙනෙවිරත්න (1916-1967) ය. වික්ටර් ලෙස මයිකල් සන්නස් ලියනගේ (1908 - 2006) ද, ලක්දාස් ලෙස ප්‍රේමනාත් මොරායස් (1923-1998) ද බණ්ඩා ලෙස හර්බි සෙනෙවිරත්න (1925-198....?) මුදලි ලෙස ඔස්ටින් අබේසේකර (1912-1984) ලෙස ද මුදලි බිරිය ලෙස Phyllia Perera ද, මැගී ලෙස වංශවතී දවුලගල ද රඟ පෑ අතර බර්ගර් ජාතික නළු නිළියන් වන Chelvathy phillipe, Molly De Hoedt, Lueilly Perere, Moriain Perera, Jimmy Uonsanden, Stanly Joseph, Aseez mihla ද චරිත නිරූපණය කර ඇත. පසු කලෙක චිත්‍රපට නළුවකු හා අධ්‍යක්ෂවරයකු වූ ඩඩ්ලි වානගුරු (1922 - 2003) ගායකයකු හා නළුවකු වූ තිලකසිරි ප්‍රනාන්දු (1913 - 1974) මෙහි සෙසු චරිත රඟපෑහ.

    එදා රෑ චිත්‍රපටයේ ගීත හා දෙබස් ඇතුළත් සිංදු පොතක් නිකුත් වී ඇත. එහි ඉංග්‍රීසියෙන් ද තොරතුරු පළ වී ඇත. සීතා ජයවර්ධන හා ශාන්ති කුමාර් රඟපාන ප්‍රේ‍ම ජවනිකාවක් සහිත මේ සිංදු පොත Shanti Kala Niketan Present THAT NIGHT කියා හඳුන්වා තිබුණි. එහි සඳහන්ව ඇති පරිදි චිත්‍රපටයට සම්බන්ධ පිරිස මෙසේ දක්වා ඇත.

    කතාව හා කතා පිටපත ශාන්ති කුමාර්, දෙබස් - හර්බි සෙනෙවිරත්න සහ ලුවී රුද්‍රිගු, ගීත රචනය - ඩී.ටී. ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න හා ලුවී රුද්‍රිගු, කැමරාකරණය - වී.කේ.බී. මානියම්, ශබ්ද පරිපාලනය ඒ.එස්. රාම මූර්ති, සංගීතය මොහොමඩ් ගවුස්, වේෂ නිරූපණය සී.එල්. බාස්කරන්, කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට්, කේ.ඩී. මුත්තු නිෂ්පාදන විධායකය.

    එදා රෑ චිත්‍රපටයට ගීත 12 ඇතුළත් වී ඇත. මෙහි ගී තනු ස්වතන්ත්‍ර බව පවසන මාහාචාර්ය සුනිල් ආරියරත්න එයින් ආනන්දේ ආනන්දේ හර් දේ පෙම් ගීත රසේ ගීත දෙක ජනප්‍රිය වූ බවත් (සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956)) සඳහන් කරයි.

    ශාන්ති කලා නිකේතන ඉදිරිපත් කරන එදා රෑ සිංදු පොතේ 1953 ගීතය පෙර කෙටි හැඳින්වීමක් ද කර තිබුණි. එය චිත්‍රපට දෙබස් හා කතා වෙන සේ එදා ස්වරූපය වටහා ගැනීමට කදිම සාක්ෂියකි. කෙනෙකු උත්සාහ කළොත් මේ ශක්ති සම්පන්න ප්‍රාසාදය වුණත් විනාශ කරන්ඩ පුළුවන් රංජිත් කියයි.

    නෑ රංජිත්, එය මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. මම ඔයාට බැඳී තිබෙන ආදරය ස්ථිරයි.

    රංජිත්ගේ උත්තරයේ පිළිතුරක් වශයෙන් මේ කිව්වේ චන්ද්‍රාය. දෙදෙනාට ​ෙදදෙනා මුහුණ ළං කර ගත්තෝ ය. ප්‍රේමය නමැති මලේ රස උරා බොන මේ බඹරුන් දෙදෙනා මේ මනු ලෝකයේ අනංගයාගේ මඟුල් මඩුවේ අඹුසැමි දෙදෙනාත්ය.

    ඊළඟට එන්නේ චන්ද්‍රා හා රංජිත් ගයන ප්‍රේම ගීතයකි. හර්දේ පෙම් ගීත රසේ ගීතය ගයන ගායක යුවළ හෝ ගීත රචකයගේ නම් පළවී නැත. (මේ ගීතය මොහිදින් බෙග් සහ රුද්‍රාණි ගයන බවත් එහි පද මාලාව ඩී.ටී. ප්‍රනාන්දුගේ බවත් සිංහල චිත්‍රපට ගීතාවලියේ (1947-1956) කෘතියේ සඳහන් වෙයි.

    රංජිත් හා චන්ද්‍රා ගයන හෝ දුල් වේ ප්‍රේ‍ම ධාරා (ගායනය මොහිදින් බෙග් සහ රුද්‍රාණි. ගීත රචනය ඩී.ටී. ප්‍රනාන්දු) මේ ගීතයේ හැඳින්වීම මෙසේය.

    එකිනෙකා ළඟ සිට ගෙන ප්‍රේම රසය භුක්ති විඳින්නාක් මෙන් ගීත භාණ්ඩයේ හඬින් එය අසා සිටින කාට වුවත් වැටහෙන්නේය. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ මොහිදීන් බෙග් ගැයු ගී නාදේ ශාන්ත ප්‍රේමයේ ගිතය සඳහා පෙනී සිටින්නේ රංජිත්ය. මේ ගීතය ගැන එන විවරණයේ මෙසේ සඳහන් වෙයි.

    දැන් නම් චන්ද්‍රාට මේ ලෝකය අපායකි.

    තම පවුලේ රහස් සියල්ලම සක්සුදක්සේ පෙනේ. අහෝ ලෝකයක හැටි.

    චන්ද්‍රා තම පියා වූ මුදලිට මෙසේ කීවාය. තාත්තා රංජිත් මේ ගමෙන් ඈත්වීමටත් ඔහුගේ පියාගේ හදිසි මරණයකටත් මම ද හවුල්කරුවෙක්.

    රුද්‍රාණි ගයන ගීතයකි. ආනන්දේ ආනන්දේ ප්‍රේම හර්දේ මනෝහාරි රුද්‍රානි සහ මොහිදින් බෙග් ගැයූ නයනා රසී මේ ඔබ මා සුදා වේ ගීතයේ රචනය ඩී.ටී. ප්‍රනාන්දුගෙනි. මේ ගීතයේ විවරණය සඳහන් වී ඇත්තේ මෙසේය.
    හදිසියෙන් ලැබුණ ටැලිපෝන් පණිවිඩයකි. එදා හවස බෝට්ටු පැදීමේ මේ විනෝදයට රංජිත්ගේ ආරාධනාවට චන්ද්‍රා කැමති වුණේ හඳ එළියෙන් බබලන්නා වූ සන්ධ්‍යා සමයේ චන්ද්‍රයෝ දෙදෙනෙකුගේ ආලෝකය රංජිත්ට ලබා දෙන අදහසිනි.

    මොහිදීන් බෙග් ගයන ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ස්ථිර ආලෙ යයි පලා දුප්පත් වූ කල්හි ගීතය ගැන සිංදු පොතේ ඇති විස්තරයයි මේ.

    එක් සන්ධ්‍යාවක හවස් මානයේ පත්‍රයක් බලමින් සිටි රංජිත්ට හදිසියේම දක්නට ලැබුණේ චන්ද්‍රාගේත්, වික්ටර්ගේත් විවාහ ගිවිස ගැනීමයි.

    ​ෙමය රංජිත් කවදාවත් නොසිතූ දෙයකි. ක්ෂණයකින්ම රංජිත්ගේ මුඛයෙන් මේ වචන ස්වල්පය පිට විය. දුප්පතා වූ කල්හි ස්ථිර ආලයත් පළා යයි.

    එදා රෑ චිත්‍රපටයට විකට ගීත ද ඇතුළත් ව තිබුණි. මැගී (වංශවතී දවුලගල) හා බොංසෝ (ලුවී රුද්‍රිගු) මවන මේ ප්‍රේම ජවනිකාවට පසුබිම් ගිතයක් ඇතුළත්ව ඇත. මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍යාරි වෙන්ඩකෝ ආලේ නම් මේ ගීතය ගයා ඇත්තේ හර්බි සෙනෙවිරත්න සහ ලතා ප්‍රනාන්දු (වල්පොල) විසිනි. ලතා චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ මුල්ම අවස්ථාව මෙය විය. මේ ගීතියේ රචනය ලුවී රුද්‍රිගු ගෙනි.

    ගීතමය අවස්ථාව ගැන සිංදු පොතේ මෙසේ විස්තර කර ඇත.

    කො​ෙහ් හිටියත් මට නං මැගීව මතක් වෙනවාමයි. ඒක හින්ද නොමැ හොයා ගෙනම ආවේ.

    මෙවැනි ආදාර සුරතල් වචන දෙදෙනා හුවමාරු කර ගත්තාය.

    මැගී ලෙට්ස් බයි. ගෝන්ස් බී බයි ගොන්ස් කියා බොංසෝ මැගී ගේ අතින් ඇල්ලුවේ සදහටම මැගීව බොංසෝට හිමි වේ ය යන අදහසිනි.

    බංඩා (හර්බි සෙනෙවිරත්න) හා මැගී (වංශ වතී දවුලගල) විවාහක යුවළ ගයන ගීතයකි. හැබෑම මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසයි. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ මේ ගීතය ගයන්නේ හර්බි හා ලතාය. ගීතයේ පසුබිම මෙසේය.

    තම භාර්යාව ද රේස් සූදුවේ අගතැන්පත් කෙනෙක් බව දන්නා බංඩා ගෙදර ඇවිත් ප්‍රියාවිගේ ද දැන මුතුකම් ලැබ සූදුවට යන්ට පිටත් විය. නමුත් මුදල් කෙරෙහි කෑදරකමක් ඇත්තා වූ මැගී රේස් සූදුවෙන් බංඩා දිනුවොත් ඒ මුදලින් සික්ස් සිලින්ඩර් නෑෂ් කාර් එකක් ගේන්ඩ කිව්වේ ඇගේ ලක් එක ආවේ බංඩා විවාහ කර ගත්තාට පසුවය කියමිනි.

    ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ රුද්‍රානි ගැයූ දැවේ ගිනි ජාලයෙන් හර් දේ නොවාවිද නම් ගීතය චන්ද්‍රා ප්‍රේම වියෝවෙන් ගයන ගීතයකි. බංඩා හා මැගී ගයන යුග ගීයක් වූ ලතා හා හර්බි ගයා ඇත. මේ ගීතයේ රචනය හර්බි ගෙනි.
    හරි හරි හා හා හා හරි හරි තෑගි නං කෝක වුණත් සිටියා. නම් ගීතයට පෙර මේ දෙබස් ඛණ්ඩය ඇතුළත්ව ඇත.

    අනේ මැගී අද නම් සුබම ආරංචියක්. එහෙනං කියපල්ලා කෝ.

    බංඩාගෙන් සියලු විස්තර දැනගත් මැගී අන්තිමට මුකුලු සිනාවක් පෙන්වීය. දැන් නම් බංඩා මැගීට ඉනා වෙලාය.

    එහෙනං මැගී උඹ ඉල්ලන ඕනෑම එකක් අරන් දෙනවා.

    ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ බයිලා ගීතයක් ද මේ චිත්‍රපටයට ඇතුළත් විය. සිංහල චිත්‍රපටයක ආ මුල්ම බයිලා ගීතයයි මේ. ලුවී රුද්‍රිගු සහ පිරිස ගයන මගේ පණා දිලේ සුවිට් බබා වගේ නම් මේ ගීතයට බොංසෝ නෝනා බණ්ඩා මැගී යන චරිත රංගනයෙන් එකතු වූහ.

    ගීතයට පෙර එන දෙබස් ඛණ්ඩයකි මේ.

    දැන් බොංසෝට බයිලා ජොලියයි ඕනෑ. ලියන මහත්තයම පටන් ගන්ඩ මමත් උදව් වෙන්නම්. අරක්කු බෝතලය කටේ වත්කර ගනිමින් මේ කීවේ බංඩාය.

    බොංසෝත් දැන් මනමාලයෙකි. තම ප්‍රියාවද සියල්ලන්ට අඳුන්වා දීමට කැඳවා ගෙන ආවේ විනෝද ගමෙනන් පසුව තමාගේ මගුල ද උත්සවශ්‍රීයෙන් ගන්නා අදහසිනි. දැන් සියල්ලෝම (රංජිත්, චන්ද්‍රා, බංඩා, මැගී බොංසෝ) සතුටු ගීතයක් ගයමින් මෝටර් රථයේ අවසාන විනෝද ගමන යන්නේ මේ මඟුල් සක්වල ඒ අයට සදහටම හිමි වූ බව සිතාය.

    ගී රසේ ලෝකේ පුරා සදනවා නම් මේ සමූහ ගීතය ඩී.ටී. ප්‍රනාන්දු රචනය කළ අතර මොහිදින් බෙග්, රුද්‍රාණි ඇතුළු පිරිස ගයා ඇත. මෙය චිත්‍රපටයේ සමාප්ති ගීතයයි.

    අසෝක මාලා චිත්‍රපටයේ ස්වතන්ත්‍ර ගීත තනු 10 නිර්මාණය කළ මොහොමඩ් ගවුස් ගේ ඒ ගී අතිශයින්ම ජනප්‍රියව විචාරක ප්‍රසංශාවට ද ලක් විය. එහෙත් එදා රෑ චිත්‍රපටයෙහි ආ ගී දොළොසම ගවුස් මාස්ටර්ගේ යැයි සිතිය නොහැකි තරම් නීරස ඒවා බවත් ඒ අතරින් රසිකයන් අතර යාන්තමින් හෝ රඳා සිටියේ රුද්‍රාණි ගැයූ ආනන්දේ අනන්දේ ප්‍රේම හර්දේ මනෝහාරි ගීත පමණක් බව මහාචාර්ය සුනිල් ආරියරත්න (ගාන්ධර්ව අපදාන I) සඳහන් කර ඇත.

    ලංකාවේ තිර ගත වූ 15 වන සිංහල චිත්‍රපටය ලෙස තිර ගත වූ එදා රෑ සිංහල සිනමාව බිහි වී වසර හයක් සපිරුණු සමයේ එනම් 1953 පෙබරවාරි 14 වෙනිදා සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා හල්වල තිර ගත විය. මේ චිත්‍රපටය නිපදවීමට එම සමාගමට රු එක්ලක්ෂ විසි පන් දහසක් පමණ වියදම් වූ බව පැවසේ. වියදමට වඩා හත් අට ගුණයක් රුපියල් ලක්ෂ 15 ක් ආදායමක් ලැබුවත් ගවුස් මාස්ටර් ගේ සංගීතය සඳහා වැඩි මුදල වැය වූ බව පවසා ඇති ඩී.වී. සෙනෙවිරත්න චිත්‍රපටයේ දුර්වල අධ්‍යක්ෂණය මතු වී පෙනුණ බව දක්වා තිබුණි.

    චිත්‍රපටයේ විකට ගතිය මතු වූයේ බංඩා විසින් මී හරකෙකු එළවන දර්ශනය රූගත කරන විට කැමරාවට හසු නොවන හරියේ සිටින වුන් විසින් වැලිගසන ආකාරයත්, මල් වැලක ආධාරයෙන් ජවනිකාවක මල් ගොමු සොලවන සැටිත් චිත්‍රපටයේ පැහැදිලිව සෙනෙවිරත්නයන්ට පෙනී ඇත. (වනිතා වික්ති 1969)



    එ්.ඩී. රන්ජින් කුමාර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Dec 2019 10:47 AM
    16. ප්‍රේම තරඟය

    තිරගත කළ දිනය: 1953-03-27

    Main Actor : Hugo Fernando
    Main Actress : Ayesha Weerakoon
    Director : A.B. Raja
    Producer : S.M.Nayagam

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Dec 2019 10:52 AM
    ලතා වල්පොල, ධර්මදාස වල්පොල, හරූන් කුමාර් මෙහි චික්‍රපටයේ ගීත ගායනා කරන ලදී...

    ඉතා ජනප්‍රිය ගීතයක් වූ “හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ“ මෙම චිත්‍රපටයේ ගීතයකි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Dec 2019 11:42 AM
    17. පිටිසර කෙල්ල

    තිරගත කළ දිනය: 1953-04-24

    Main Actor : Eddy Shanthpriya
    Main Actress : Theresa Weerasighe
    Director : Sirisena Wimalaweera
    Producer : Sirisena Wimalaweera
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    26 Dec 2019 11:46 AM
    වැදගත් ලිපියක් හමුවුනා. ඒත් මේ ලිපිය ලියන ලද පුද්ගලයාගේ නම නම් හමුවුනේ නැහැ..

    සිංහල සිනමාවේ කාන්තා ප්‍රවේශය.

    1947 ජනවාරි 21 වන දින ප්‍රදර්ශණය වූ 'කඩවුනු පොරොන්දුව' සිංහල සිනමාවේ මුල්ම කථානාද චිත්‍රපටය ලෙසින් සිනමා වංශ කතාවට එක්වුවද ඊට පෙරාතුව එනම් 1926 දී 'රාජකීය වික්‍රමය' නමින් චිත්‍රපටයකට අඩිතාලම දැමීම බැහැර කළ නොහැකිය.නූර්බායි නැමැත්තෙකු නිෂ්පාදනය කළ එම චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට පෙරාතුව ඉන්දියාවේදී අභිරහස් ලෙස විනාශවූ බව ඓතිහාසික තොරතුරු ගවේශනයේදී හෙලි වන්නේය. 'රාජකීය වික්‍රමය' ශ්‍රී ලංකාවේ තිරගත් වූයේ නම් එහි ප්‍රධාන චරිතය රඟපෑ සිබ්ලි සිමී නමැති තරුණිය ප්‍රථම කතා නායිකාව ලෙස පිළිගැනීමට සිදුවනු ඇත.කෙසේ වෙතත් සිංහල සිනමාවේ ප්‍රථම කාන්තාව වීමේ භාග්‍යය ලද්දේ ඒ වනවිට ගායිකාවක හා වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස ප්‍රකටව සිටි රුක්මනි දේවිය බව සඳහන් කළ යුතුය.

    'කඩවුනු පොරොන්දුව' තිරගත වී තෙමසක් ගතවූ කල 1947 අප්‍රේල් 09 වෙනිදා තිරගත වූ 'අශෝකමාලා' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ එමලින් දිඹුලානාය.එය ඇයගේ ප්‍රථම හා අවසාන චිත්‍රපටය විය. කලින් කලට වැඩ ඇනහිටිමින්, විවිධ දුෂ්කරතා මාධ්‍යයේ කළ තෙවැනි චිත්‍රපටය 'දිව්‍ය ප්‍රේමය'යි.1948 ජූනි 04 වෙනි දින සිට ප්‍රදර්ශනය කළ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ශ්‍රීමතී කරුණාදේවි යයි.ඇය ප්‍රකට ගායිකාවක් වන චන්ද්‍රිකා සිරිවර්ධනගේ මෑණියන් වන්නීය. 1949 අගෝස්තු 19 වන දින රිදී තිරයට පිවිසි 'අම්මා' චිත්‍රපටයෙන් සිනමා ගමන ඇරඹූ පර්ල් වාසුදේවි ඉන්පසු සිය දිවියෙන් සමුගන්නා තෙක්ම සිනමාවේ විවිධ චරිත රඟපාමින් කළ මෙහෙයද අමතක නොවන්නේය.

    මි.මී 16 දළ සේයා පට උපයෝගී කරගනිමින් නිපදවූ 'ගම්බද සුන්දරී' වර්ණ චිත්‍රපටය 1950 ජනවාරී 27 දින කොළඹ ක්‍රවුන් සිනමාශාලාවේ ප්‍රදර්ශනය කෙරින.එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ජනප්‍රිය ගායිකාවක වන ශීලා පීරිස්ය. 1951 මාර්තු 09 වන දින සිට ප්‍රදර්ශනය ඇරඹුනු 'සීදේවී' චිත්‍රපටයේ කතානායිකාව වූයේ ජේ.සී.කේ.රූපවතී නමැත්තියයි. 1952 වසර සිනමාවේ නව ප්‍රබෝධයක් ඇතිකරමින් ලංකාවේ ප්‍රථම චිත්‍රාගාරය වන සුන්දර සවුන්ඩ් ගොඩනැගින.එහි මුලින්ම රූගත කළ 'එදා රෑ' චිත්‍රපටය 1953 පෙබරවාරි 14 දින ප්‍රදර්ශනය කෙරුනේ සීතා ජයවර්ධන නමැති කාන්තාව ප්‍රධාන චරිතයට පනපොවමින්.ඉන්පසු කලෙක ඇය 'ජීවිත සටන' , 'සංසාරේ' චිත්‍රපට වල රඟපෑවාය.

    සිංහල සිනමාවට එක්වුනු 16 වන චිත්‍රප්පටය 'ප්‍රේම තරඟය' යි.එහි කතා නායිකාව වූ අයේශා වීරකෝන් පසුව ජීවිත සටන, සුකුමලී, සිහිනය වැනි චිත්‍රපට කිහිපයක් රඟපා සිනමාවෙන් සමුගනු ලැබුවාය. 1953 අප්‍රේල් 24 දින තිරයට පිවිසි 'පිටිසර කෙල්ල' එහි නිෂ්පාදක සිරිසේන විමලවීරයන් විසින් ගොඩනැගූ කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ ප්‍රථම නිෂ්පාදනයයි.'පිටිසර කෙල්ල ' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූයේ හලාවත ලුණුවිල ග්‍රාමයේ උපත ලද තෙරේස් වීරසිංහය.ඉන්පසුව ඇය 'සරදියල්' , 'උතුම් ස්ත්‍රිය', 'සුරේඛා' චිත්‍රපට වලටද දායක වූවාය.

    1953 මැයි 04 දින ප්‍රදර්ශනය වූ බන්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ කතානායිකාව වූයේ ජනප්‍රිය නම් ප්‍රේම් ජයන්තගේ බිරිඳ බවට පත්වුනු ශ්‍යාමලී නන්ද ලීලානායකයි.ඉන්පසු ඇය පුදුම ලේලි චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව විවාහ දිවියට එලඹ සිනමාවෙන් සමුගනු ලැඹුවාය.1953 මාර්තු 27 වන දින තිරගත් වූ 'පුදුම ලේලි' චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ක්ලැරිස්ද සිල්වා දෙවැනි සහායක නිළිය වූයේ සිනමාවේ දිගු ගමනක ආරම්භයක් ලෙසිනි.ඇය ප්‍රථම වරට කතානායිකාව වූයේ 1955 අගෝස්තු 27 දින ප්‍රදර්ශනය ඇරඹුන මාතලන් චිත්‍රපටයෙනි.

    1953 මැයි 27 දින ප්‍රදර්ශනය වූ ලැළැහඳ චිත්‍රපටයේ සහාය නිළියක වූ රීටා රත්නායක ප්‍රධාන නිළිය බවට පත්වූයේ 1954 අප්‍රේල් 10 වෙනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ වුනු 'වරද' කාගෙද ' චිත්‍රපටයෙනි. 1953 ජූනි 26 දින ප්‍රදර්ශනය ඇරඹූ 'සුජාතා' හි කතා නායිකාව වූයේ ඊට කලින් ප්‍රදර්ශනය වූ 'සැඟවුනු පිළිතුර' චිත්‍රපටයේ සාලිය අශෝකමාලා නාට්‍යයේ නාට්‍ය ශිල්පිනියක් ලෙස සුළු චරිතයකින් තිරයට පිවිසි ෆ්ලොරීඩා ජයලත් ය.ඉන්පසු ඇය සැඩ සුළං, සරදම්, දරුවා කාගෙද ආදී චිත්‍රපට රාශියකම රඟපෑවාය.ඉන්පසුව ඇයට රදළ පිළිරුව,රම්‍යලතා, සුකුමලී ආදී චිත්‍රපට රැසකම රඟපෑමේ භාග්‍යය ලැබිනි.

    1955 පෙබරවාරි 19 දා ප්‍රදර්ශනය ඇරඹුනු 'සුරඟනි' සිරිල් වී.අබේරත්නගේ කතාව දෙබස් සහිතව කේ.වෙම්බු නමැති ද්‍රවිඩ අධ්‍යක්ෂකවරයෙකු අධ්‍යක්ෂනය කළ සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රථම නිෂ්පාදනයි.මෙහි කතා නායිකාවක ලෙස රඟපෑවේ විවාහක කාන්තාවක වූ දිශ්නා රංජනීය.ඇය දස්කම, සුභද්‍රා චිත්‍රපට වල රංගනයෙන් පසුව සිනමාවෙන් සමුගනු ලැබුවාය. 1955 මාර්තු 04 වෙනිදා සිට සිනමාස් සමාගමේ සිනමාහල් වල තිරගත කෙරුනු 'අශෝකා' චිත්‍රපටයේ කතා නායිකාව වූයේ පුෂ්පා ජෙනට්ය.ඉන්පසු ඇයගේ රඟපැම් සීමා වූයේ 'පොඩි පුතා' චිත්‍රපටය පමනි. සිංහල සිනමාවට අළුතින්ම දායක වූයේ එස්.ඒ.සාමි අධ්‍යක්ෂනය කළ 'ඩිංගිරි මැණිකා' නවකතාවයි.කතා නායිකාව වූයේ විමලා වෙනීශියා නමැත්තියකි.ඇයගේ රංගනයද ඩිංගිරි මැණිකාට පමනක් සීමා විය.

    1956 පෙබරවාරි 02 දා තිරගත වුනු සිනමාස් සමාගමේ 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ කතා නායිකාව වූයේ 'සුරන්ගනී' සිතුවම් පටින් උප ප්‍රධාන චරිතය රඟපෑ කාන්ති ගුනතුංග නමැති සුරූපී තරුණියයි.ඉන්පසුව ඇයට ශූරයා, වන මෝහිනී, සංදේශය, සූරසේන වැනි අතීශය ජනප්‍රිය චිත්‍රපට වල රඟපෑමේ අවස්ථාව ලැබින.1956 සැප්තැම්බර් 19 දා තිරගත වුනු 'සුරතලී' චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලැබුවේ සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ ප්‍රථම නිපැයුම වශයෙනි.එහි ප්‍රධාන කතා නායිකාව ලෙස තෝරාගනු ලැබුවේ 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටයේ නැටුම් ශිල්පිනියක වූ ලීනාද සිල්වා ය. බී.ඒ.ඩබ්ලිව් ජයමාන්නයන්ගේ සෑම චිත්‍රපටයකම කතා නායිකාව වූයේ රුක්මනී දේවියයි.එහෙත් 1956 මැයි 23 දා තිරගත් වුනු 'දෛව විපාකය' චිත්‍රපටයට බී.ඒ.ඩබ්ලිව් විසින් කතා නායිකාව ලෙස තොරාගනු ලැබුවේ එතෙක් ඔහුගේ චිත්‍රපට වල විකට නිළියක ලෙස රඟපෑ මේබල් බ්ලයිත් ය.

    සිංහල සිනමාවේ මෙතෙක් පැවති වානිජ රැල්ල කණපිට හරවාලමින් රිදී රේඛාවක් පෑවූයේ 1956 දෙසැම්බර් 28 වෙනිදාය.එය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ප්‍රවීන සිනමාකරුවාගේ 'රේඛාව' යි. 'රේඛාව' තුළින් ප්‍රධාන කාන්තා භූමිකාව ලෙස සැලකුව හැක්කේ අයිරාංගනී සේරසිංහ නමැති කෘතහස්ත නිළියගේ සිනමා ප්‍රවේශය සිදුවීමයි. 1958 අගෝස්තු 21 දින ප්‍රථම වරට තිරගත වුනු සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ දෙවැනි නිෂ්පාදනය වූ සුනීතා චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයට තෝරාගනු ලැබුවේ අශෝකා චිත්‍රපටයේ පණීභසරතගේ නැටුම් ශිල්පිනියක ලෙස සුළු චරිතයකින් සිනමාවට පිවිසි පුන්‍යා හීන්දෙනියයි.ඒ අතරේදී ඇයට ප්‍රධාන චරිතය රඟපෑමට ලැබුනේ 1958 දී තිරගතවුනු 'දෙයියන්ගේ රටේ' චිත්‍රපටයෙනි.එතැන් සිට ඇය වානිජ රැල්ලෙන් මිදී කුරුළුබැද්ද, සිකුරු තරුව, ගම්පෙරළිය, රන්සළු වැනි චිත්‍රපට වලට දායක වෙමින් සම්මානනීය නිළියක බවට පත්වූවාය.

    1957 ජනවාරි 25 දා නවජීවන චිත්‍රාගාරයෙන් බිහිවුනු 'සිරකරුවා' ප්‍රංශ කතාවක් වන වික්ටර් හියුගෝගේ The less miserable ඇසුරෙන් ලාංකික පරිසරයට අනුකූලව තැනුනු චිත්‍රපටයකි.මෙහි ප්‍රධාන කාන්තා චරිතයට යොදාගනු ලැබුවේ කුමාරි මානෙල් නම් යුවතියකි.ඉන්පසු ඇය වනමල, මා ආලය කළ තරුණිය, චායා වැනි චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය සැපයූවාය. 1958 ජූලි 188 ප්‍රදර්ශනය කළ 'සල්ලි මල්ලි සල්ලි' තුළින් සිනමාවට පිවිසි ආශා පෙරේරා පසුව 'සුභ සරණ සැප සිතේ' රඟපෑමෙන් පසු සමුගත්තාය. ලංකා චිත්‍රාගාරයෙන් බිහිවූ 'ගැහැණු ගැට' චිත්‍රපටය ප්‍රදර්ශණය වූයේ 1959 ජූලි 24 දාය.ජේ.සිංහ අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපටයේ කතා නායිකාව වූයේ කුමාරි බිබිලේ නමැත්තියකි. සුජාතා විජේසේකර ප්‍රධාන කතා නායිකාව වෙමින් 1959 සැප්තැම්බර් 11 දින සිට ප්‍රදර්ශනය කෙරුණු සිරිමලී චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලැබුවේ රොබින් තම්පෝ විසිනි. සී/ස සිනමාස් සමාගමේ සෑම චිත්‍රපටයක්ම නිපදවූයේ දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර තුළය.ඔවුන් එසේ නිපදවූ අවසන් චිත්‍රපටය වීර විජයයි. සේතු මාධවන් අධ්‍යක්ෂනය කළ වීර විජය චිත්‍රපටයේ කතා නායිකාව ජීවරානී කුරකුලසූරියයි.ජීවරානි බෙහෙවින්ම ජනප්‍රිය නිළියක් බවට පත්වූයේ රන්මුතු දූව චිත්‍රපටයේ රඟපෑම තුළිනි.එතැන් පටන් ඇයට කතා නායිකාව රැගත් චිත්‍රපට ගලාගෙන එන්නට විය.

    නව ජීවන චිත්‍රාගාරයෙන් බිහිවූ තවත් චිත්‍රපටයකි වැදිබිම.එම්. පී. ගිල්මන් අධ්‍යක්ෂණය කළ වැදිබිම හි ප්‍රධාන නිළි චරිතය හෙබවූයේ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රෝහිණි ජයකොඩිය.1963 සැප්තැම්බර් 04 දින තිරගතවූ රොබින් තම්පෝගේ සුදු සඳේ කළු වළා චිත්‍රපටයට එක්වුනු සුවිනීතා වීරසිංහ එතැන් පටන් ඇය සුදෝ සුදු, දෙලොවක් අතර, වැලිකතර, සිකුරු ලියා, හුලවාලි ආදී වශයෙන් සිනමාපට 19 කට පමන සිය රංගන දායකත්වය සපයමින් පැසසුම් ශිල්පිනියක බවට පත්වූවාය. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ ගැටවරයෝ සිතුවම් පටය රිදීතිරයේ ආක්‍රමනය කලේ 1964 පෙබරවාරි 26 වෙනිදාය.එහි කතා නයිකාව වූයේ සෝබනී අමරසිංහය.

    ඇයගේ සිනමා දිවිය.සාරවිට, හන්තානේ කතාව සහ ලස්සෙට කොඩිය චිත්‍රපට හතරට සීමා විය. කොළඹ බ්ලූමැන්ඩල් තට්ටු නිවාසයක දිවි ගෙවූ ඉවෝන් පෙරේරා නමැති යුවතියක් එක් සන්ධ්‍යභාගයක නවජීවන චිත්‍රාගාරයට පිවිසියේ එහි නිෂ්පාදනය කිරීමට සූදානම්වූ රොඩී කෙල්ල චිත්‍රපටයේ රඟපැමේ වරම් ලැබීමටය.අහේතුවකට මෙන් එම චිත්‍රපටයේ වැඩකටයුතු ඇනහිටි නමුත් සන්ධ්‍යාභාගයේදී නිළියක වීමේ අපේක්ෂාවෙන් පැමිනි ඉවෝන් පෙරේරා පසුකලෙක සන්ධ්‍යා කුමාරි නමින් හැඳින්වුනි.විජය චිත්‍රාගාරයේ මුල්ම චිත්‍රපටය වන අදට වැඩිය හෙට හොඳයි හි උප ප්‍රධාන චරිතයක් රඟපෑ අතර 1964 අප්‍රේල් 10 දා තිරගත වුනු සිනමාස්ගේ ධීවරයෝ චිත්‍රපටයේ රොසලින්ගේ චරිතය තුළින් ඇය සිංහල සිනමාවට නැතුවම බැරි නිළියක් බවට පත්වූවාය.එසේ 1963දී ඇරඹුනු ඇයගේ සිනමා ගමන 1978 දක්වා දිවයමින් සිනමාපට 43කට පමන ඇයගේ රංගන දායකත්වය ලැබින.

    හෙළදිව ෆිල්ම් ආර්ට් සමාගමේ චන්ඩාලි චිත්‍රපටය 1964.08.14 දා මුලින්ම තිරගත වූයේ ජෙනී විනිප්‍රීඩා නමැති යුවතිය කතා නායිකාව බවට පත් වෙමිනි. ආරියදාස පීරිස් අධ්‍යක්ෂනය කළ සෝබන සිත 1964 දෙසැම්බර් 11 වන දින තිරයේ දිගහැරුනේ සුභද්‍ර මානෙල් නමැත්තියක ප්‍රධාන කතා නායිකාවක බවට පත්වෙමිනි. ප්‍රතිභා පූර්ණ නිළියක වූ අනුලා කරුණාතිලක මුලින්ම සිනමාවට පිවිසියේ 1965 මාර්තු 18 දා මුලින්ම තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ චන්ඩියා චිත්‍රපටයෙනි.සිනමාස්ගේ චන්ඩියා එකල ආදායම් වාර්තා තබමින් අතීශය ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වූයේ අනුලා කරුණාතිලකට දීප්තිමත් අනාගතයක් උරුම කරවමිනි.එතැන් සිට ඇය සොඳුරු යුවල,පරසතුමල්, සීතල වතුර, දරුදුක ආදී සිනමාපට 21 පමන රංගනයෙන් පිදුම් ලැබුවාය.

    ඩබ්ලිව්.එම්.එස්.තම්පෝ අධ්‍යක්ෂනය කළ ලඳක මහිම 1965 දෙසැම්බර් 24 දින තිරගත වූයේ නවක නිළියක වන නීට ප්‍රනාන්දු දොරට වැඩීමෙනි.සතුටයි කඳුලයි, ලයට ලය, රුහුනු කුමාරි, පික් පොකට් වැනි සිනමා පට 40කට පමන ඇයගේ රංගන දායකත්වය ලැබිනි. සොහොයුරෝ, පුරුෂ රත්නය වැනි සිනමා පටවල සුළු චරිත රඟපාමින් සිනමාවට පිවිසි විජිත මල්ලිකාට ප්‍රධාන චරිතයක් ලැබුණේ 1965 පෙබරවාරි 03 වෙනිදා තිරගත කෙරුනු හඳපාන චිත්‍රපටය තුළිනි.ඇය ඉන්පසු සිනමාපට 42ක පමන රඟපාමින් ඉමහත් ජනාධරයට පත් ශිල්පිනියක් බවට පත්වූවාය.ජී.ඩී.එල්.පෙරේරා අධ්‍යක්ෂනය කළ සාමා චිත්‍රපටයෙන් ලියෝනි කොතලාවල ප්‍රධාන නිළිය වූවාය.නිව් ඔලිම්පියා සිනමාහල්වල සාමා ප්‍රදර්ශනය ඇරඹුනේ 1965 මැයි 23 දාය.කොළඹ හාදයෝ 1966 පෙබරවාරි 25 වෙනි දින මංගල ප්‍රදර්ශනය පැවැත්විය.එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවේ ශිරානි ගුණතිලකය.ඉන්පසු ඇයගේ රංගන දායකත්වය ලැබුනේ වනසරා චිත්‍රපටයටය.

    1966 ජූලි 07 වෙනිදා තිරගත වුනු සීගිරි කාශ්‍යප චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නන්දා වීරක්කොඩිගේ රංගනයද එම සිතුවම් පටයට පමනක් සීමා විය. සිංහල සිනමාවේ මං සලකුණක් ලෙසින් 1967 පෙබරවාරි 22 වෙනිදා රිදී තිරයට පිවිසි සත්සමුදුර අධ්‍යක්ෂනය කළේ ආචාර්‍යා සිරී ගුණසිංහය.දොස්තර ලීනස් දසනායක නිෂ්පාදනයෙන් සහායවුනු සත්සමුදුරහි විශිෂ්ඨ රංගනයක් යෙදුනු ස්වර්ණා මල්ලවාරච්චි කිසිදාක අමතක නොවන ශිල්පිනියක බවට පත්වීමට මඟපෑදුනේ හන්තානේ කතාව, තුංමං හන්දිය, නිම්වලල්ල, මාතර ආච්චි වැනි වානිජ නොවන කෘතීන් තුළ ජීවත්වීමේ භාග්‍යය ලද බැවිනි. 1967 මාර්තු 07 වෙනිදා තිරගතවු ‘හැංගි හොරා’ චිත්‍රපටය අධ්‍යක්ෂනය කළේ ප්‍රවීණ නිළියලක වන රෝහිනී ජයකොඩි විසිනි.එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට තෝරාගනු ලැබුවේ ඇයගේම වැඩිමහල් දියණිය වූ නිරූපා ජයකොඩිය.

    රුක්මනි දේවියගෙන් පසුව කතා නායිකාවන් බොහෝ පිරිසක් සිනමාවට දායක වෙමින් තම කුසලතාවන් දක්වමින් සිටි යුගයේ 1968 වර්ෂය විශේෂ වන්නේ සිනමාවේ දීර්ඝ ගමනකට සූදානමින් පැමිනි යුවතියකි.ඇය මාලනී සෙනෙහලතා ෆොන්සේකාය.වයසින් මෙන්ම දැනුමින් හා හැකියාවෙන්ද පරිපූර්ණව හිඳින මාලනීගේ කුළුඳුල් සිනමා රංගනය වනුයේ 1968 පෙබරවාරි 26 දා තිරගත වූ පුංචි බණ්ඩා සිතුවමයි.1997 වසර අවසානය වන විට ඇය සිනමා සිත්තම් 127 කට දායක වී සිටින්නීය. විමලනාත් දසනායකගේ 'මාතෘ භූමි'චිත්‍රපටය තිරගත් වූයේ 1968 අප්‍රේල් 11 වෙනිදාය.එහි ප්‍රධාන නිළිය චන්ද්‍රකලා නම් වූවාය.1968 ජනවාරි 17 දින තිරයට පිවිසි සුදුසු දා ඇම් රෝස් නිෂ්පාදකයින්ගේ දෙවෙනි නිපැයුම වූ අතර පද්මා සිරිවර්ධන එහි ප්‍රධාන නිළිය බවට පත්විය.

    1969 අගෝස්තු 10 වෙනිදා තිරගත් වු මුදලිනායක සෝමරත්නගේ බිනරමලී චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ස්වර්ණා කහවිට ඉන්පසු අභිරහස, පූජිතයෝ, රන් ඔංචිල්ලා වැනි චිත්‍රපට 14 කට පමන සිය රංගන දායකත්වය ලබා දෙමින් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක බවට පත් වූවාය.ජේ.සෙල්වරත්නම් අධ්‍යක්ෂනය කළ ඔහොම හොඳද සිතුවම් පටය මහජන ප්‍රදර්ශනයට පිවිසියේ 1969 ඔක්තෝම්බර් 11 වෙනිදායා.කොහොමද වැඩේ චිත්‍රපටයේ නැටුම් ජවනිකාවක් තුළින් සිනමාවට පිවිසි සෝනියා දිසානායක ප්‍රථම වතාවට කතා නායිකාව වූයේ ඔහොම හොඳද චිත්‍රපටය තුළිනි.1955 වසර වන විට ඇය සිනමාපට 84කට පමන දායක වූවාය. 1969 දෙසැම්බර් 21 වෙනිදා තිරයට පිවිසි රෝමියෝ ජුලියට් කතාව අධ්‍යක්ෂනය කළ පී.ඩී.එල්.පෙරේරා කතා නායිකාව ලෙස තෝරාගත් මෝනා මංගලා නමැත්තියගේ සිනමා ගමන එම චිත්‍රපටයට පමණක් සීමා විය.

    1970 ජූලි 15 වන දින සිට සිලෝන් තියටර්ස් සමාගමේ සිනමාහල් තුළ ප්‍රදර්ශනය ඇරඹුනු ගීතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ජානකී කුරුකුල සූරියගේ රඟපෑම සීමිත චිත්‍රපට කිහිපයකට පමණක් සීමා වූයේය.නිම්වලල්ල, කතුරුමුවාත් ඇය රඟපෑ චිත්‍රපට ලෙස දැක්විය හැක. අමරනාත් ජයතිලක අධ්‍යක්ෂනය කළ ප්‍රියංගා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුනේ 1970 සැප්තැම්බර් 20 වෙනිදාය.එහි කතා නායිකාව වූ කාන්ති ලංකා ඊටපසු සුජීවා, සිතිජයය, දයාබර නිලූ, හලෝ ශ්‍යාමා, පෙම් රජ දහන ආදී චිත්‍රපට 15 කට පමන සිය රංගන දායකත්වය ලබා දුන්නාය. 1968 අප්‍රේල් 04 වෙනිදා තිරගත් වූ ගොළු හදවත චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ශ්‍රියානි අමරසේන නමැති සුරූපී නිළියට ප්‍රධාන කාන්තා චරිතය ලැබුණේ 1971 සැප්තැම්බර් 17 වෙනි දින තිරගත කෙරුනු සීයේ නෝට්ටුව චිත්‍රපටයෙනි.එතැන් සිට ඇයගේ සිනමා ගමන හතරදෙනාම සූරයෝ, අපරාධය සහ දඬුවම, කල්‍යානි ගංගා, සිහසුන, දෑස නිසා, රත්‍රං අම්මා ආදී වශයෙන් විහිදුනේය.

    කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂනය කළ කළණ මිතුරෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නීලා ලියනගෙදරගේ රංගනය කතුරුමුවාත්, මෙහෙම හරිද, හතර පෙරළිය වැනි සිනමාපට කිහිපයකට පමනක් සීමා වූවාය.කළණ මිතුරෝ 1971 මාර්තු 03 වෙනිදා තිරයට පිවිසියේය. 1972 මැයි 22 දා සිලෝන් තියටර්ස් සිනමාශාලා වල ප්‍රදර්ශනය ඇරඹූ රොබින් තම්පෝ ගේ අද මෙහෙමයි සිතුවම් පටින් සිනමාවට පිවිසි රුවිනා දීපානිගේ රංගනයද සීමා විය.1972 නොවැම්බර් 17 දින තිරගත වුනු මිරිඟුව සහ 1972 දෙසැම්බර් 20 වෙනිදා තිරගත වූ රොඩී ගම තුළින් එඩ්නා සුගතපාල සහ විමලා ජයවර්ධනගේ සිනමා ගමනද චිත්‍රපට කිහිපයකට පමනක් සීමා වූයේය.1972 දෙසැම්බර් 21 දා තිරයට පිවිසි වනරජා චිත්‍රපටයෙන් ප්‍රධාන නිළිය පර්ල් කුරේය.ඊට පෙරාතුව ඇය පික්පොකට්, හරි මග, සුළි සුළං, රන් ඔංචිල්ලා, වීදුරු ගෙවල් වැනි චිත්‍රපට වලට දායක විනි. බියුලා ඩයස්ගේ සිනමා ගමන ආරම්භ කෙරුනේ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා දුලීකා චිත්‍රපටයෙනි.

    1974 අප්‍රේල් 27 දින ප්‍රදර්ශනය ඇරඹුනු රොබින් තම්පෝගේ සුරේඛා චිත්‍රපටයේ ප්‍රධාන නිළියක ලෙස රංගනයෙහි යෙදුනු ජෙනීටා සමරවීරගේ සිනමා ගමන චිත්‍රපට 31 ට පමන සීමා වූයේ ඇය විවාහ පත්වීමෙන් පසු සිනමාවෙන් සමුගත් බැවිනි. මාලිනි ෆොන්සේකාගෙන් පසුව් සිනමාවට පිවිසි ජනකාන්ත නිළියක බවට පත්වුනු ගීතා කුමාරසිංහගේ ප්‍රථම රංගනය වාසනා චිත්‍රපටයෙන් ඇරඹුවද ඇය ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනයට ලක්වූයේ 1975 ජූනි 20 දා තිරගත වූ නීල් රූපසිංහගේ ලස්සන කෙල්ල චිත්‍රපටයෙනි.වාසනා චිත්‍රපටය නිසාම වාසනාවන්ත නිළියක බවට පත්වුනු ගීතා කුමාරසිංහ 1987 වසර වන විට සිනමා කෘති 73 කට දායක වීම ඇයගේ රංගන කුසලතාව කොතෙක් දුරට සාර්ථක දැයි නිගමනය කළ හැකිය.සිංහල සිනමාවේ දීර්ඝ ගමනකට සූදානමින් 1978 සැප්තැම්බර් 01 වෙනිදා සිට ප්‍රදර්ශනය කෙරුනු අප්සරා චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්න වූ වීණා ජයකොඩි ද 1987 වසර වන විට සිනමා පට 33 කට පමන රංගන දායකත්වය දෙමින් තවමත් සිනමාවේ රැඳී සිටින රංගන ශිල්පිනියක වීම විශේෂත්වයකි.

    කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය කළ ජනක සහ මංජු චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත තැබූ ගෝතමී පතිරාජ එතැන් සිට වජිරා, සත්කුළු පව්ව, යස ඉසුරු,පූජා වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකට ඇයගේ රංගන දායකත්වය ලැබින.1978 මාර්තු 17 වෙනිදා සිට තිරගත කෙරුනු සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයි සිතුවම් පටය තුළින් සිනමා ගමන ආරම්භ කළ වසන්ති චතුරානි තවමත් සිනමාවේ හා රූපවාහිනියේ සිය කුශලතාවයන් දැක්වීම අගය කළ යුතුය. 1963 දී ප්‍රදර්ශනය කෙරුනු සිනමාස්ගේ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ සහාය නිළියක ලෙස දොරට වැඩි අග්‍රා සජීවනීද අල්විස් ප්‍රථම වරට කතා නායිකාව වූයේ ඇය විසින්ම නිෂ්පාදිත 1974 සැප්තැම්බර් 14 වෙනිදා තිරයට පිවිසි සුගන්දි සිතුවම් පටයෙනි.ඇය එහි ගීත ගායනා කරමින් ද්විත්ව චරිතයන්ද රඟපෑවාය.

    1988 නොවැම්බර් 07 වෙනිදා සිට මහජන ප්‍රදර්ශනයට තැබූ කාංචනා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නදීකා ගුණසේකර 1996 වනවිට සිනමා කෘති 30 කට පමන දායකත්වය දෙමින් තවමත් සිනමාවේ රැඳී සිටීම ඇයගේ රංගන හැකියාවන් පෙන්නුම් කරන්නකි. සිංහල සිනමාවේ මුල් වකවානුවේදී ජනප්‍රිය නළු නිළි යුගල බවට පත්ව සිටි ස්ටැන්ලි පෙරේරාගේ සහ ගර්ලි ගුණවර්ධනගේ දියණියක වන සබීතාට දෛවෝපගත ලෙසින් ප්‍රථම වරට සිනමාවට පිවිසීමට අවස්ථාව ලද්දේ තම නමින්ම නිෂ්පාදනය කෙරුනු සබීතා චිත්‍රපටයෙනි.එතැනින් ඇරඹුනු ඇයගේ සිනමා ගමන තවදුරටත් ඔප් නැංවීමට හැකියාව හැකියාව හා වාසනාව ඇයට ලැබිනි.1980 නොවැම්බර් 07 වෙනිදා සිට තිරගත කෙරුනු සබීතා ට ඉන්පසුව රංගන අවස්ථා වැල නොකැඩී ගලා එන්නට විය.1997 වනවිට ඇය සිනමා කෘති 70 කට අධික සංඛ්‍යාවක රංගනයේ යෙදෙමින් සිංහල සිනමාවට කළ සේවය අගය කළ යුතුය.

    සිංහල සිනමා ආරම්භයට දේදුන්නක් පෑයූවේ 1990 අප්‍රේල් 14 වෙනිදාය.රස සාගර මැවූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක යස පාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනළියක් සිතුවම තුළින් සිනමාවට පිවිසි සමනළිය දිල්හානි අශෝකමාලා ඒකනායකය.සබීතා පෙරේරා මෙන්ම සිනමාවට සුවිශාල වූ රංගන දායකත්වය දෙමින් සිනමා ගමන් මඟ හෙළි පෙහෙළි කරගත් දිල්හානි 1997 වසර වන විට චිත්‍රපට 33 කට පමන තම හැකියාව කැපකර තිබීම විශේෂ්යෙන්ම සඳහන් කළ යුතුය.තවමත් ඇය සිනමාවේ රැඳී සිටීමද ඇයගේ ජනප්‍රිය භාවය මොනවට පිළිඹිමු කරන්නීය.

    1992 තිරගත වුනු It’s the matter of time චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසි සංගීතා වීරරත්න ප්‍රතිභා සම්පන්න රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දීම නිවැරදිය.එතැන් සිට යසස, ලස්සනයි බලන්න, සප්ත කන්‍යා, අරගලය, නොමියන මිනිසුන් ආදී සිනමා පට වල රංගනයේ යෙදුනු සංගීතා 1997 වසර වන විට සිනමා කෘති 19 කට පමන දායක වී සිටීමද වැදගත් සේ සැලකීම වටී.

    පූජා උමාශංකර් යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත, දෙමළ, සහ සිංහල සිනමාවේ, ජනප්‍රිය හා සම්මානනීය රංගන ශිල්පිණියකි..ශ්‍රී ලාංකික සිංහල මවකට (සන්ධ්‍යා) හා ඉන්දියානු කර්ණාටක පියෙකුට (එච්.ආර්.උමාශංකර්) දාව, ශ්‍රී ලංකාවේදී පූජා උපත ලැබුවාය.ශ්‍රී ලංකාව තුලදී සිය පෙරපාසල් අධ්‍යාපනය හමාර කල පූජා, පසුව ඉන්දියාව වෙත සංක්‍රමණය වූවාය. කන්නාඩා, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව සඳහන් වෙයි.අංජලිකා 2006, ආසයි මං පියාඹන්න 2007, සුවඳ දැනුනා ජීවිතේ 2010, කුස පබා 2012, පත්තිනි 2016 සිනමා දිවියේ හොඳම රංගනය සහිත චිත්‍රපටි ලෙස සැළකෙයි.
    2

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    02 Jan 2020 05:26 PM
    ලතා වල්පොල, ධර්මදාස වල්පොල, හරූන් කුමාර් මෙහි චික්‍රපටයේ ගීත ගායනා කරන ලදී...

    ඉතා ජනප්‍රිය ගීතයක් වූ “හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොඳ නරක දිනුවේ“ මෙම චිත්‍රපටයේ ගීතයකි...
    අදටත් හොඳටම ප්‍රසිද්ධයි මේ ගීතය. ස්තුතියි ඉන්දික අයියේ තිරතුරු වලට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    03 Jan 2020 08:51 AM
    බොහොම ස්තුතියි මේ විස්තර වලට ඉන්දික අයියේ ....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Jan 2020 07:59 AM
    18. කැලෑ හඳ 

    තිරගත කළ දිනය: 1953-05-27

    Main Actor : B.A.W. Jayamanne
    Main Actress : Rita Rathnayake , Rukmani Devi
    Director : B.A.W. Jayamanne
    Producer : B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Jan 2020 08:06 AM
    සත්මඩල වෙබ් අඩවියෙනි...

    ඩබ්ල්යු. ඒ. සිල්වාඑදා කියූ කතාවක්

    මරදාන ටවර් නෘත්‍ය ශාලාවේ ජේ. ඩී. ඒ. පෙරේරාගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යය නරඹමින් සිටි චිත්‍රපට අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අසල අසුනේ තවත් මහත්මයෙක් වාඩි වී සිටියේය. විවේක කාලයේදී මීට ඉහත ජයමාන්න නොහඳුනන මේ මහතා ඔහු හා මිත්‍ර වී කතාවකට මුලපිරී ය.

    “ජයමාන්න මහත්තයා චිත්‍රපටගත කරන්නේ ඔබ ලියූ මිනර්වා නාට්‍ය පමණ ද?” “නැහැ මහත්මයා, මගේ අලුත් චිත්‍රපටය සඳහා අවශ්‍ය කතාවක් ගැන මම විපරමින් සිටින්නේ. චිත්‍රපටයකට නඟන්න හොඳ නවකතාවක් ඉල්ලලා මම කමර්ෂල් රේඩියෝ එකේ (ගුවන්විදුලියේ වෙළෙඳ සේවයට) මම දැන්වීමකුත් දැම්මා. පොත් හුඟාක් ආවා. වැදගම්මකට නැහැ.”

    “ඇයි, ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්තයගේ හොඳ නවකතා තියෙන්නේ? ‘කැලෑ හඳ’ වගේ කතාවක් හොඳ නැද්ද?”

    “කැලෑ හඳ පංකාදු නවකතාවක් නොවැ. මේ දවස්වල සිංහල ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගයටත් නියමිත නේ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. සිල්වා මහත්තයා හරියට බර්නාඩ් ෂෝ වගේලු. කිව්වොත් කිව්වමලු. වචන දෙකක් නැහැ.” “ජයමාන්න මහත්තයා ඔය තරම්ම ‘කැලෑ හඳ’ට කැමැති නම් මට පුළුවනි උපකාර කරන්න. සිල්වා මහත්තයා මගේ මිත්‍රයෙක්.”

    එදා 1951 වසරේ අගභාගයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට හමු වූ මේ අමුත්තාගේ නම මාතර කේ. එච්. ඒ. ධර්මසේකර ය. පසු කලෙක ‘කතා රජ කතාව’ නම් ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන්ගේ අපදාන කතාව ලියා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ඔහු ය.

    එදා කතා කරගත් ආකාරයට ධර්මසේකර කපුකම කිරීමට බාර ගත්තේය. සිල්වා සූරීන් හා ජයමාන්න අතර ලිපි හුවමාරු විය.

    “කැලෑ හඳ නවකතාව මට පවරා දෙන්නේ නම් මෙතෙක් සිංහල සිනමාවට ආ චිත්‍රපට සියල්ල පරදවන චිත්‍රපටයක් නිපදවන්නම්.”

    ජයමාන්න සිල්වා සූරීන්ට ලියූ අවසාන ලිපියේ සඳහන් කළේය.

    සියල්ල නිසි ලෙස සිදු විය. කැලෑ හඳ නවකතාව සිනමාවට නැඟීමට ‍තීරණය විය. මේ සියලු කටයුතුවල ‘නිශ්ශබ්ද වීරයා’ වූයේ ධර්මසේකරයන් ය. සිල්වා සූරීන්ගේ ඇරියුම පරිදි ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි හා ධර්මසේකර සිල්වා සූරීන් පදිංචිව සිටි දියතලාවේ ‘ද නූක්’ නිවෙසට ගිය ගමන ධර්මසේකරයන් තමා ලියූ ‘කතා රජ කතාව’ කෘතියේ එදා තිබූ භෝජන සංග්‍රහය ගැන විස්තර වන්නේ මෙසේය.

    “එළු මස්, කුකුළු මස්, හරක් මස්, ඌරු මස් යන සිව් වැදෑරුම් ගොඩ මසින් ද, තෝර මාළු, බල මාළු, මූදු ඉස්සන් යන තෙවැදෑරුම් දිය මසින් ද, ගෝවා, බෝංචි, කැරට්, මුරුංගා යන සිව් වැදෑරුම් එළවළු යෙන් ද, සීනි සම්බෝලයකින් හා ලූනු මිරිස් අච්චාරුවකින් ද, පලතුරු සලාදයකින් ද සමන්විත වූ විසිතුරු කෑම මේසය මුළුමනින් ම අප කතානායක (සිල්වා මහතා) අතින් පිළියෙල වූයේය. කුඩා කොල්ලකුගේ උදව් පමණක් ඇතිව මේ සියලු රසමසවුළු ඔහුගේ ම දෙඅතින් ඉවුම් පිහුම් කෙරුණු කාරණය ඉතාම පුදුමයකි.”

    “මම මගේ දියණියකට වගේ කැලෑ හඳට ආ‍දරෙයි. අද ඔබට ඇය විවාහ කර දෙනවා” යි සිල්වා සූරීන් භෝජන සංග්‍රහය අවසානයේ සියල්ලන් හිනස්සමින් කියා ඇත. කැලෑ හඳ සිනමාවට නැඟීමට පෙර එහි ප්‍රධාන චරිතය වූ මාලිනි ලෙස රඟපෑ රුක්මණී දේවියට සිල්වා ශූරීන් උපදෙස්දී ඇත චිත්‍රපට ගත කිරීම් කළ මදුරාසියේ සිටිඩ්‍රල් චිත්‍රාගාරයට ද ඔහු ගොස් රූපගත කිරීම් නිරීක්ෂණය කර ඇත. අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න තමා ඊට පෙර නිෂ්පාදන අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට වඩා රුපියල් ලක්ෂ 1 1/2 ක් වැඩිපුර වියදම් කර නිපදවූ කැලෑ හඳ චිත්‍රපටයේ එන ඇ‍ඩා ජයපාල නිතර හිඳ සිටින කළුවර ලීයෙන් තැනූ නාග පුටුව ගැන සිල්වා සූරීන් විශේෂයෙන් සැලකිලිමත් වී ඇත.

    මේ නාග පුටුව සෑදීමට කලා අධ්‍යක්ෂ කේ. ප්‍රභාකර්ට මාස එකහමාරක් ගත වූ බව වාර්තා වේ.

    චිත්‍රපටයේ නන්දරාල ලෙස රඟපෑ අධ්‍යක්ෂ ජයමාන්න චිත්‍රපටයේ කැපී පෙනෙන නළුවා වූ අතර ඔහු 1956 මුල්වරට පැවැත්වූ දීපශිකා සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස ද, මාලිනී ලෙස රඟපෑ රුක්මණී දේවි ජනප්‍රිය චිත්‍රපට නිළිය ලෙස දිනමිණ චිත්‍රපට තරගයෙන් සම්මාන දිනා ගත්හ. ජෝන් ජයපාලගේ චරිතයට වෙන්නප්පුවේ ජෝසප් වාස් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිටි ස්ටැන්ලි පෙරේරා තෝරාගත් අතර, ඇඩා ජයපාලගේ චරිතයට මිලී කහඳවල හා ඩේසි අත්තනායකගේ චරිතයට රීටා රත්නායක ද රඟපෑමට බී. ඒ. ඩබ්ලිව්. තෝරා ගත්තේය. මේ නළු නිළියන් නවක අය වීම තවත් විශේෂයකි.

    කැලෑ හ‍ඳේ එඩී ජයමාන්නට සුදුසු චරිතයක් නොවීය. මේ නිසා කනස්සල්ලට පත් එඩී, සුපුරුදු විකට යුවල බී. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපටයක නැති වීම වාණිජ අතින් අසාර්ථක වීමට හැකි යයි තර්ක කර ඇත. බී. ඒ. ඩබ්ලිව් මේ බව සිල්වා සූරීන්ට සැලකර විට ඔහු කෝපයට පත් විය.

    “ඔය අදහසට මම කොහෙත්ම කැමැති නෑ. එහෙම කළොත් මගේ කතාවට වන්නේ බලවත් හානියක්” සිල්වා ශූරීන් කියා ඇත.

    “අපි කතාවට හානියක් නොවන ලෙස අන්ද්‍රා හා මිසීගේ චරිතය යොදා ගමු.”

    අධ්‍යක්ෂවරයාගේ හඬට ඇහුම්කන් දුන් සිල්වා සූරීන් අන්ද්‍ර හා මිසීගේ චරිතය උචිත දෙබස් ‍ටික් ලියාදී ඇත. මිසී ලෙස රඟපෑවේ මේබල් බ්ලයිත් ය. චිත්‍රපටයේ එන සංගිලි පාලම ලංකාවේ අරණායකදීම රූපගත කළ යුතු බවට සිල්වා ශූරීන් කොන්දේසියක් පනවා තිබිණි. එය එසේම සිදු විය. අරණායක, මීගමුව, කටාන, මා ඔය ගඟ ඇත්ගාල යන ප්‍රදේශවල දර්ශන රූගත කිරීමට ද්‍රවිඩ කාර්මික පිරිස ලංකාවට පැමිණ ඇත.

    1933 වසරේ සිල්වා සූරීන් රචනා කළ ‘කැලෑ හඳ’ නවකතාව 1953 වසරේ තිරගත විය. චිත්‍රපටයේ ගීත අතිශයින්ම ජනප්‍රිය වීය. විශේෂයෙන් රුක්මණි දේවිත්, මොහිදින් බෙග් ගැයූ ගීත එදා සිනමා රසිකයන්ගේ තුඩ තුඩ රැව් දුන් බව එදා සිටි වැඩිහිටියන් කියන කතාවලින් මොනවට පැහැදිලි වේ. ‘මැවිලා පෙනේවි රූපේ’, ‘දෙවා ගිනි මවා දුක්’, ‘අන්න සුදෝ අර පාට වලා’, ‘මගෙය ප්‍රේම මාලිනි’, ‘පෙම් අමධාරා’ මේ ගීත අතර ප්‍රධාන ය. හින්දි ගීත තනු ඇසුරෙන් හර්බට් එම්. සෙනෙවිරත්න ලියූ ගීත එස්. එස්. වේදා සංගීතවත් කර තිබිණි.

    ‘කැලෑ හඳ’ චිත්‍රපටය අතිශයින් ජනප්‍රියව ආදායම් උපදවමින් තිරගත වුවද විචාරකයන්ගේ දැඩි විචාරයට ලක්වී ඇත. ‘සංස්කෘති’ සඟරාවට විචාරයක් ලියූ ගණනාථ ඔබේසේකර ‘කැලෑ හඳ’ නරක චිත්‍රපටයක් ‍බවත්, තමා දුටු පහත් නිෂ්පාදනයක් බවත් කියා තිබිණි. ගුණදාස අමරසේකර පසු කලෙක සරසවිය සිනමා වාර්ෂිකයට (1964) පවසා තිබුණේ මෙසේය.

    “සිංහල චිත්‍රපටි අතරින් මා දැක ඇත්තේ ඉතා සුළු ගණනක් පමණි. ‘කැලෑ හඳ’ චිත්‍රපටය බැලීමට යෑමෙන් පසු මම ජනමාන්නලාගේ චිත්‍රපට බැලීමට නොගියෙමි.”

    විමල් අභයසුන්දරයන් කියා තිබුණේ වෙනස් මතයකි.

    “දෙතුන් වතාවක්ම ‘කැලෑ හඳ’ කියවා මා ‘කැලෑ හඳ’ චිත්‍රපටය නැරඹුවේ අපූර්ව චමත්කාරයක් ලබමිනි. ග්‍රන්ථ රූපයේ රස නිෂ්පාදනය චිත්‍ර රූපයේ රස නිෂ්පාදනයට වඩා උසස් යැයි මට සිතිණි. කියැවීමෙන් ලැබූ ආහ්ලාදය මගේ සංවේදිතයෙහි තරයේ බැඳී සිටි හෙයිනැයි හිතමි.”

    සිල්වා සූරීන් නවකතා ලියූවේ සිනමාවට නැඟීම උචිත ලෙස බව ඇතැම් විචාරකයන්ගේ මතය විය. ඔහුගේ නවකතා කිහිපයක්ම සිනමාවට නැඟී ඇත. ‘කැලෑ හඳ’, ‘රදල පිළිරුව’, ‘දෙයියන්නෙ රටේ’, ‘දෛවයෝගය’, ‘සිරියලතා’, ‘හඳපාන’, ‘හිඟන කොල්ලා’ හා ළඟදි තිරගත වන ‘විජයබා කොල්ලය’ ද මේ අතර කැපී පෙනෙයි.

    එදිරිවීර සරච්චන්ද්‍රයන් 1951 ලියූ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ ග්‍රන්ථයේ මුල්වරට සිල්වා සූරීන්ගේ කෘතිවල ඇති සිනමාත්මක ලක්ෂණ ගැන ඉඟියක් කර තිබිණි.

    “කැලෑ හඳ සිල්වා මහතාගේ නොවටනාම කෘතියයි හැ‍ඟේ. කතා නායිකාව වන මාලිනීගේ චරිතය නිරූපණය කරමින් ආරම්භ කරන ලද මේ කතාව ඉක්මනින් හොලිවුඩ් චිත්‍රපට හෑල්ලක තත්ත්වයට පිරිහෙයි. මේ කතාව අභව්‍ය සිදුවීම්වලින් හා දෛවයෝගවලින් ද අනූන ය.”

    විචාරකයන් අභව්‍ය සිදුවීම්වලින් ගහන බව කියද්දී පණ්ඩිත ගුණපාල සේනාධීරයන් ‘කැලෑ හඳ’ හිදී මාලිනි ලවා සිය පණ නසාගන්නට සැලැස්වීම මැයකොට ගනිමින් එකල පුවත්පත් මඟින් පැවැත්වුණු වාදයක් ගැන ආවර්ජනය කර ඇත. එහිදී එක පක්ෂයක් ‘කැලෑ හඳ’ කතුවරයා මාලිනියට එබඳු ඉරණමක් අත්කැරදීම බලවත් වරදෙකැයි කියා ඇති අතර දිනෙක මේ පිළිබඳ වැ සිල්වා සූරීන්ගේ අදහස ගුණපාල සේනාධීරයන්ගේ අදහස විමසා ඇත.

    “වෙන මොනවද අයිසේ, ඒකිට කරන්න තිබුණෙ? එහෙන් අර උද්ධච්ච අම්මණ්ඩි (ජයපාල මැතිනිය) පුතාගේ (ජෝන් ජයපාල) මහන්තත්තේ පරිස්සම් කර දෙන්ඩ ඒකව කන්න හදනවා. මෙහෙන් මේ සෙවෙලයා (ජෝන්) ඇගේ පස්සෙන් එලවනවා. බේරුමක් නෑ. ඒ සේරටම වැඩිය අර වලව්කාරි (ජයපාල මැතිනිය) ඇවිත් මේකිට කරපු කන්නලව්ව කොච්චර බරපතළ එකක් ද, මාලිනි වගේ ගමක ලැජ්ජා බය ඇතිව හැදුණු ගෑනියකුට? ගෑනියෙක් තවත් ගෑනියකට ඒ වගෙ ඉල්ලීමක් කළාම මොන හැදිච්ච ගෑනිට ද ඒක තකන්නෙ නැතිව ඉන්ඩ පුළුවන් වෙන්නෙ? මේ වගේ කරුණුවලදී අපට අහසින් වැටිච්ච මිනිස්සු වගේ යමක් දිහාව බලන්න බෑ. මේක බලන්න ඕනෑ මාලිනිගෙ අච්චුවෙ ගෑනියකගේ තත්ත්වෙ ඉඳගෙන. අන්තිමට වුණේ අල්ලපු ‍අත්තත්, පය ගහපු අත්තත් කියන දෙකම නැති වුණ එක. සැනසිල්ලේ ජීවත් වෙන්න තියා මැරෙන්නවත් ඈට නිදහසක් තිබුණ ද?”

    “‘කැලෑ හඳ’ චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී චරිතය රඟපෑ රුක්මණී දේවි ගැන ද ගුණපාල සේනාධීරයෝ මෙසේ කියා තිබිණි. එය රංගනයට පිවිසෙන, පිවිසි නිළියන්ට අපූරු උපදෙසකැයි අපට සිතිණි.

    “මේ පුවත මට ‘ඩබ්. ඒ.’ ගෙන් දැනගන්නට ලැබුණේ ‘කැලෑ හඳ’ චිත්‍රපටය පිළිබඳ ‘මුහුර්ත මංගල්‍යය’ සිදුවීම පිළිබඳ පුවත, පත් මඟින් දැනගන්නට ලැබුණු අලුත දිනෙකය. එදින සිල්වමියරයෙහි ඩබ්. ඒ. හමු වූ මම මේ පිළිබඳ එක්තරා තොරතුරු එතුමාගෙන් විමැසීමි. මුහුරත් මංගල්‍යයෙන් පසු විවේක නිකේතනයක සාදයක් චිත්‍රපටයේ නිෂ්පාදක සමාගම විසින් පවත්වන්නට යෙදිණ. මේ හමුවෙහිදී රුක්මණී දේවිය තමා ඉදිරියට අවුත් දණින් වැටී තම දෙපා වැඳි බව කීයේ දුක්බර සිතිනි. එහිදී ‘ඩබ්. ඒ.’ මතුකර කීයේ ඇගේ ගුණවත් බව ය. නළුකම වැනි රැකියාවකට පිවිසුණ ද ඇය යහපත් මව්පියන් ඇසුරෙහි හැදුණු වැඩුණු ආචාරශීලි කාන්තාවක බව තමාට එදා වැටහුණු බව ‘ඩබ්. ඒ.’ සඳහන් කළේය.”

    අවසාන වශයෙන් කරුණාසේන ජයලත් කී මේ ප්‍රකාශයෙන් ලිපිය අවසන් කරමි.

    “ඩබ්ලිව්. ඒ. සිල්වාගෙන් සිංහල සිනමාවට සිදු වූ සේවාව මීට වඩා පුළුල් ලෙසත්, ක්‍රමවත් ලෙසත් සාකච්ඡාවට භාජන විය යුතු කාලය එළැඹ ඇතැයි සිතමි.”

    .... ඒ.ඩී. රන්ජිත් කුමාර ....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Jan 2020 08:32 AM
    19. සුජාතා

    තිරගත කළ දිනය: 1953-06-26

    Main Actor : Prem Jayanth
    Main Actress : Florida Jayalath
    Director : Chari , T.R. Sundaram
    Producer : K. Gunaratnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Jan 2020 08:41 AM
    සුජාතා යනු බරී බෙහෙන් නම් බොලිවුඩ් චිත්‍රපටය මත පදනම්ව 1953 වසරෙහිදී තැනුනු ශ්‍රී ලාංකික ප්‍රේම වෘත්තාන්ත සංගීතමය චිත්‍රපටයකි. එකල වන තෙක් තැනුනු වඩාත් සාර්ථක ශ්‍රී ලාංකික චිත්‍රපටය එය වූ අතර, අලජ්ජ ලෙසින් ඉන්දියානු චිත්‍රපට කොපි කිරීමෙහි නැඹුරුව එයින් ඇරඹිණි.


    කතා සාරාංශය
    ඔවුන්ගේ මවගේ මිය යෑමෙන් පසුව, කතානායිකාව වන සුජාතා විසින් තම අධ්‍යයන කටයුතු අතහැරදමන්නේ ඇයගේ බාල සොහොයුරිය ප්‍රේමා පෝෂණය කිරීම සඳහාය. ප්‍රේමා හට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ සිහිනය ඔවුන්ගේ මව තුල සැමවිටම වූ බැවින් මෙම කැපකිරීම අතිශයින් යෝග්‍ය බව සුජාතා විශ්වාස කරයි. කෙසේවෙතත් ප්‍රේමා නගරයට සම්ප්‍රාප්ත විමෙන් පසු, තොඳොල් බසින් කතාවෙහි රුසි රැවටිලිකාර සල්ලාලයෙක් වූ විකී වෙතින් දූෂණය වී ගැබිණියක වෙයි. විකී විසින් අත්හැරදමනු ලබන ප්‍රේමා යළි තම වැඩිමහළු සොහොයුරිය සමග ජීවත්වීමට යයි. ඔවුනට අස්වැසිල්ලක් ලැබෙන්නේ සුජාතා සමග පෙමෙන් වෙලෙන නිහාල් නමැති සානුරෝධ දොස්තර මහතෙකු නිසාය.


    නළු නිළි කැල සහ චරිත

    ෆ්ලොරිඩා ජයලත් - සුජාතා
    ප්‍රේම් ජයන්ත් - නිහාල්
    ශාන්ති ලේඛා - ප්‍රේමා
    ඩොමී ජයවර්ධන - විකී
    ජෙමිණි කාන්තා
    ඩේවිඩ් ධර්මකීර්ති


    ගීත
    "ප්‍රේමාලෝකය නිවී" – ජමුනා රානි සහ මොහිදීන් බෙග්,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
    "සුමධුර වේ" – කේ. රානි
    "අයියෝ බබා බබා" – සුනිල් ප්‍රේමදාස, කේ. රානි සහ ධර්මදාස වල්පොල
    "මෙන්න මැණිකො" – ඩොමී ජවයර්ධන සහ ස්වර්ණලතා
    "වේදනා හර්දේ නැගේ" – ජමුනා රානි
    "පෙම් රැල්ල නැගේ" – කේ. රානි සහ ධර්මදාස වල්පොල,(පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
    "මායාවෙන් මේ ලෝකේ (ක්‍රෝධය දේ)" – මොහිදීන් බෙග්
    "ප්‍රේම ගඟේ" – කේ. රානි සහ මොහිදීන් බෙග්, (පද මාලා ඩී. ටී. ප්‍රනාන්දු විසිනි)
    "මනරංජන දර්ශනීය ලංකා" – කේ. රානි සහ ගායක වෘන්දය
    "දන්න කලේ" – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
    "නාරිලතා පුෂ්පේ" – මොහිදීන් බෙග්
    "ගියා තමයි " – ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු (ගී තනුව ජාල් නමැති 1952 බොලිවුඩ් චිත්‍රපටයෙහි එන ලතා මංගේශ්කාර්ගේ "චෝරි චෝරි මෙරි ගාලි" වෙතිනි )
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    06 Jan 2020 07:33 PM
    මේ සුජාතා චිත්‍රපටයම නැවත නව වර්ෂන් එකක් රුගත කරලා තිරගත උනා නේද මෑතකදී? සබීතා එහෙම තමා හිටියේ. 1998 වර්ෂයේදී මම BMICH එකේදී බැලුවා මේ ච්ත්‍රපටයේ අලුත් වර්ෂන් එක. ඔය ගීත ටිකමයි. ඒ කතාවමයි. අලුත් නළු නිලියන් සමඟ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 04:41 PM
    @ මධුරංග මල්ලී...
    මටනම් එහෙම එකක් මතක නැහැ..
    චිත්‍රපට කිහිපයක්ම ප්‍රතිනිර්මාණය කරලා ආවා. ඒත් සුජාතා චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වුනේ නැහැ වගේ..
    මම ටිකක් හොයල බලන්නම්..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 04:45 PM
    20. පුදුම ලේලි

    තිරගත කළ දිනය: 1953-12-04

    Main Actor : Prem Jayanth
    Main Actress : Clarice De Silva
    Director : A.S. Nagarajan
    Producer : S.M.Nayagam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 04:50 PM
    21. වරද කාගෙද

    තිරගත කළ දිනය: 1954-04-09

    Main Actor : Prem Jayanth
    Main Actress : Rita Rathnayake
    Director : G.R. Rabo , T.R. Sundaram
    Producer : K.Gunarthnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 04:58 PM
    22. අයිරාංගනී

    තිරගත කළ දිනය: 1954-04-10

    Main Actor : B.A.W. Jayamanne
    Main Actress : Rukmani Devi
    Director : B.A.W. Jayamanne
    Producer : B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 05:00 PM
    මෙම චිත්‍රපටයේ
    ''තරු පායන ආකාසේ'' - රුක්‌මණී දේවි, මොහිදින් බෙග්,
    ''රාණී එන්කෝ නැගී මපෙම්'' - රුක්‌මණී දේවි, මොහිදින් බෙග්
    වැනි ගීත ජනප්‍රිය විය...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 05:10 PM
    23. සරදියෙල්

    තිරගත කළ දිනය: 1954-08-05

    Main Actor : Mathayas Fernando
    Main Actress : Theresa Weerasighe
    Director : Sirisena Wimalaweera
    Producer : Herbet Jayasighe , Sirisena Wimalaweera
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Jan 2020 05:12 PM
    ලංකාදීප පුවත්පතෙනි....


    සිරිසේන විමලවීර විසින් 1953 අග භාගයේ සරදියෙල්ගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කළේය.

    ඒ සඳහා නළු නිළියන් 400ක් යොදා ගන්නා බව (1953 අගෝස්තු දෙසතිය) ධර්ම ශ්‍රී කල්දේරාගේ සංස්කරණය කළ චිත්‍රපටි පුවත්පතේ මුල් පිටුවෙන් වාර්තා කර තිබුණි. ඉරිදා ලංකාදීප කර්තෘ ඩී.බී. ධනපාල මහතා සරදියෙල් චිත්‍රපටයට වැඩි තැනක් දී තිබුණි. චිත්‍රපටය රූගත කරන ඡායාරූප නිළියන්ට වෙස් ගැන්වෙන හැටි චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කරන හැටි චිත්‍රපටය සංස්කරණය කරන හැටි දැක්වෙන ඡායාරූප පිටුවක්ම පළ කරමින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට උපරිම සහාය ලබා දී ඇත.

    සරදියෙල් චිත්‍රපටයේ කතාව, තිර නාටකය හා දෙබස් ලියා අධ්‍යක්ෂණය කළේ සිරිසේන විමලවීරයන් විසිනි. ඔහු සරදියෙල් කතාවට අලුත් චරිත ද සිද්ධි ද ඇතුළත් කර තිබූ බව ආරංචියෙන් දැන ගත් සරදියෙල්ගේ මුණුබුරන් කණ්ඩායමක් තම විරෝධය පළ කළ පුවතක් 1953 සැප්තැම්බර් 20 වෙනි ඉරිදා ලංකාදීපයේ පළ වී තිබුණි. එහි ශීර්ෂපාඨය මෙසේය.

    “පමුණුගම දීකිරි කෑ පරපුරේ නොසන්සුන්කමකි.”

    “සාදන චිත්‍රපටි ගැන සරදියෙල් පෙළපත කැළඹේ.”

    “විරෝධය දක්වා ලියුම් යවති.”

    වාර්තාව ලියා තිබුණේ ඉරිදා ලංකාදීප පමුණුගම වාර්තාකරු විසිනි. එය අරඹා තිබුණේ මෙසේය.

    උතුවන්කන්දේ සරදියෙල් අප්පුගේ ජීවිත කතාව සිරිසේන විමලවීර මහතා විසින් චිත්‍රපටයට නැඟීමේ ප්‍රවෘත්තිය දැන ගත් සරදියෙල්ගේ මුණුබුරන් කණ්ඩායමක් බලවත් සේ කුලප්පුව සිටිති.

    මේ පිරිස කුලප්පු වී සිටියේ සරදියෙල්ගේ ජීවිත කතාව ඔවුන්ගෙන් හැර අන් කිසිදු තැනකින් ලබා ගත නොහැකි යැයි සලකා මේ නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයේ අසත්‍ය කරුණු ඇතුළත් වී ඔවුන්ගේ පරම්පරාවට අපකීර්තියක් අත්විය හැකි යැයි අදහස් කිරීමෙනි.

    ජාඇල පමුණුගම මහවත්තේ පදිංචිව සිටින මේ මුණුබුරු කණ්ඩායමෙන් කිහිප දෙනෙකු විසින් සරදියෙල් චිත්‍රපටිය නිෂ්පාදක සිරිසේන විමලවීර මහතාට ලිපියක් ලියමින්, ඔබ නිපදවන සරදියෙල් චිත්‍රපටිය මගින් සරදියෙල්ටත් ඔහුගේ ලේ උරුමක්කරුවන් වන අපටත් නිගාවක් හෝ කැළලක් හෝ වූයේ නම් ඒ පිළිබඳ විරෝධය පළ කිරීමට නීතියෙන් අවස්ථාව හා අයිතිවාසිකම් ඇති බව විශේෂයෙන් මතක් කර සිටිමුයි දන්වා තිබුණි.
    සරදියෙල් නිෂ්පාදක සිරිසේන විමලවීර මහතා මේ පිළිබඳව ඉරිදා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සරදියෙල් චිත්‍රපටය චිත්‍රයට නැඟීමට සඳහා කතා ප්‍රවෘත්තිය පදනම් කර ගත්තේ 1951 නොවැම්බර් 11 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ සරදියෙල්ගේ නඩු විභාගය යන ලිපිය හා පොලිස් වාර්තාව බව කියා තිබුණි.

    පමුණුගම මහවත්තේ (1953) පදිංචිව සිටි සරදියෙල් පරම්පරාවෙන් පැවත එන්නේ සරදියෙල්ගේ සහෝදරයකු වන පේදුරුගෙනි. ඔහු තම ග්‍රාමය වූ හාල්දඬුවනින් පැමිණ පමුණුගම මහවත්තේ පදිංචි වී තිබේ. එදා මහවත්තේ මේ පරම්පරාවෙන් පැවතෙන්නෝ හැට දෙනෙක් ජීවත්ව සිටියෝය. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව සුරුවම් කැපීමය. සරදියෙල්ගේ සහෝදරයා වූ පේදුරුගේ වාසස්ථානය පිහිටි ස්ථානයේ සරදියෙල් සැඟවී සිටි හෙයින් ඒ නිවාසය කැඩී ගොස් ඇති නමුත් ඒ පරම්පරාවේ වැදගත් ස්ථානයක් ලෙස ආරක්ෂා කර ගෙන තිබුණි.

    සරදියෙල් පිළිබඳ ඔවුහු ගෞරවයෙන් කතා කර තිබේ. ඔහුගේ චරිතය මංකොල්ලකාරයකු සේ හැඳින්වීම පැතිර පවත්නා අසත්‍ය කරුණු නිසා සිදු වන්නක් හෙයින් කිසිසේත් එසේ නොසිදු විය යුත්තේ යැයි පරම්පරාව වෙනුවෙන් කතා කළ දීකිරි කෑවගේ පේදුරු කළ ප්‍රකාශයක් ද ඉරිදා ලංකාදීපය පත්‍රයේ පළ වී තිබුණි. මේ නොසන්සුන් තත්ත්වය යටතේ සිරිසේන විමලවීර මහතා විසින් සරදියෙල් චිත්‍රපටියේ කටයුතු අඩක් පමණ නිම කර තිබුණි.

    සරදියෙල් චිත්‍රපටයේ කතාව සිරිසේන විමලවීරයන් ලියා තිබුණේ මේ ආකාරයටය.

    වරින් වර ගමෙන් පැන යන සරදියෙල් වරක් පිටිසර ගමක ගඟින් මිනිසුන් එතෙර කරන තොටි​ෙයකි. දිනක් රටේ මහත්තයා අඟුලෙන් එගොඩ වීමට ආවේය. කවදත් දුප්පතුන් තලා පෙළන ධනවතුන් මාන්නක්කාරයන්, නුරුස්සන සරදියෙල් ඔහු අල්ලා ගඟට දැමීය. එගොඩට පැමිණි සරදියෙල් ගසකට නැගී ගමේ පැවති උත්සවයක් බලමින් සිටින අතර මරලතෝනියක් ඇසෙයි. කිඹුලා කෑවෝ යි හඬ ඇසී කිරිච්චියත් ගෙන දියට පැන පීනන විට රූමත් තරුණියක් කිඹුලකු විසින් ඇදගෙන යනු පෙනෙයි. කිඹුලා සමඟ සටන් කොට ඌ මරා ඇය බේරාගත් පසු ඇගේ පියා ඔහුට ප්‍රසංශා කරයි. මේ තරුණියගේ නම සිරිමලීය. ඇය හා සරදියෙල් අතර ප්‍රේමයක් හට ගනී.

    මේ අතර රටේ මහතා ගඟට තල්ලු කිරීම නිසා පොලීසිය සරදියෙල් ඇල්ලීමට සිරිමලීගේ ගෙදරට එති.

    පොලිසිය පළවා හරින සරදියෙල් ආරක්ෂාව පතා උතුවන්කන්දට යන්ට ලැහැස්ති වෙන විට සිරිමලී ඔහුට වෙඩි නොවදින හෙණරාජ තෙල දෙන්නීය. තංගා රූමතියකි. ධනවත් තරුණයන් දැලේ දමා සූදු පොළකට ගෙන ගොස් මැරවර මුදලාලි කෙනෙකුට බාර දෙන්නී තංගා ය. තංගාගේ මායමට හසු වූ සරදියෙල්ට ඇය ඇත්තටම ආදරය කළාය. සූදුවෙන් දිනන රහස් ඇය ඔහුට කියා දෙයි. සල්ලි වැඩි වැඩියෙන් දිනූ සරදියෙල් හා මැරවර මුදලාලි අතර ඇති වූ මාරක සටනින් මුදලාලි මිය යයි. තංගා ගැන බලාපොරොත්තුවෙන් සිටින සිරිමලා නම් තරුණයා සරදියෙල් අතර ද මාරක සටනක් ඇති වෙයි. ඔහු පරාජය කළ සරදියෙල් උතුවන්කන්දට යයි.
    සරදියෙල්ගේ අතුරුදන් වීමෙන් ප්‍රේම වියෝගය ඉවසාගත නොහැකි නිසා සිරිමලී තම පියා ද සමග උතුවන්කන්දට ගිය විට දක්නට ලැබුණේ ඔහු හා තංගා ප්‍රේමයෙන් පසු වන බවය. කලකිරීමෙන් සිටි සිරිමලී, පියා සැඟවී සිටි අතර සිරිමලී සරදියෙල් හා තංගා වෙත යයි. සිරිමලී හඬා වැළපෙන අතර ඇගේ පියා සරදියෙල් වෙත යැවූ හී පාර වදින්නේ සිරිමලීටය. ඇය සරදියෙල්ගේ උකුල මත අවසන් හුස්ම හෙළුවාය.

    හතර කෝරළයෙන්ම හාර දහසක් පමණ වැසියන් එකතු කරගෙන පොලිසිය සරදියෙල් ඇල්ලීමට එන බව ඔහුටත් ප්‍රාණ සම මිතුරු මම්මලේ මරික්කාර්ටත් අසන්නට ලැබේ. මේ දෙදෙනා ​සොල්දර ගෙදරක සිටින බව තංගාට පෙම් කළ සිරිමලා පොලිසියට ඔත්තුවක් දෙයි. පොලිසිය හා වෙඩි හුවමාරු කර ගන්නා අතර වෙඩි පහරකින් සරදියෙල් අත බැඳ තිබූ හෙණරාජ තෛලය සහිත සුරය කැඩී වැටෙයි. ඒ බව සරදියෙල් දැන නොසිටියේය. සරදියෙල්ට වෙඩි තැබීමට ඉදිරියට ආ පොලිස් නිලධාරී සභාන්, මම්මලේ තැබූ වෙඩි පහරින් මිය යයි. පොලිසියෙන් තැබූ තව වෙඩි පහරකින් සරදියෙල්ගේ අතක් තුවාල වෙයි. තුවක්කු බිම තැබීමට දුන් නියෝගය පිළිපැදීමෙන් පසු උතුවන්කන්දේ දරුණු සහාසිකයන් දෙදෙනා නීතියේ රැහැනට හසු වූහ. නඩු විභාග කිහිපයකින් ජූරි සභාවේ තීරණය අනුව ඔවුන් එල්ලා මැරීමට තීන්දු වෙයි.

    “​ෙමච්චර කල් අපි හිතාගෙන හිටියේ තමුසේ හොරෙක්, අපරාධකාරයෙක්, නීචයෙක්, මංකොල්ලකාරයෙක්, මීනිමරුවෙක් කියලායි. නමුත් දැන් අපට තේරුණා තමුසෙ අපේ හිත මිතුරෙක්, ගැලවුම්කාරයෙක්, දුප්තාට පිහිට වන දෙවියෙක්.”

    ​ෙම් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට දුන්නේ සරදියෙල් ගැන දුප්පතුන් කළේ ඔහුගේ ගුණවැනීමක් වැනි පණිවුඩයකි. සරදියෙල් මංකොල්ලකෑවේ ධනවතුන්ගෙන්ය. ඔහු දාමරිකයකු වූයේ ඔවුන්ටයි. ඔහු කෙරේ පිහිටි මහඟු ගුණධර්ම රාශියක් තිබූ අතර ආලය හමුවේ උණුවන හදවතක් ද ඔහුට තිබූ බව නිරූපණය කිරීමට සිරිසේන විමලවීර අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන ඇත.

    සරදියෙල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මතායස් ප්‍රනාන්දුය. ඔහු 1953 සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ ‘පිටිසර කෙල්ල’ චිත්‍රපටයේ ද රඟපෑවේය.

    එම චිත්‍රපටයේ රඟපෑ තෙරේසා වීරසිංහ මේ චිත්‍රපටයේ සිරිමලී ලෙස රඟ පෑ අතර තංගා ලෙස රඟපෑවේ ගර්ලි ගුණවර්ධනය. ඇය ජනප්‍රිය චිත්‍රපට නළු ස්ටැන්ලි පෙරේරාගේ බිරිඳය. ප්‍රවීණ චිත්‍රපට නිළි සබීතා පෙරේරාගේ මවය. මම්මලේ මරික්කාර් ලෙස ඇන්.ආර්. ඩයස් ද සිරිමලා ලෙස එච්.එස්. ජෝතිපාල ද රඟ පෑ අතර මාෂල් පෙරේරා, චන්ද්‍රදාස ද සරදියෙල් පවුලේ මුණුබුරන් කිහිප දෙනෙකුට රඟපා ඇත. හියුගෝ ප්‍රනාන්දු සංගීතය අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1954 අගෝස්තු 05 වෙනිදා තිරගත වී ඇත.

    සරදියෙල් චිත්‍රපටයේ ළමා සරදියෙල් ලෙස රඟ පෑ උපසේන විමලවීර හා කුඩා සරදියෙල්ගේ මිතුරකු ලෙස රඟ පෑ දයා(නන්ද) විමලවීර ද එදා රඟ පෑ හැටි අපට විස්තර කළේය. මේ දෙදෙනාම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සිරිසේන විමලවීරයන්ගේ පුතුන් දෙදෙනකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා කැමරා අධ්‍යක්ෂවරයකු වූ දයා විමලවීර ද චිත්‍රපට නිෂ්පාදකවරයකු හා චිත්‍රපට සංස්කරණ ශිල්පියකු වූ උපසේන විමලවීර ද සරදියෙල් චිත්‍රපටයට සම්බන්ධ අද ජීවතුන් අතර සිටින කලාකරුවන් දෙදෙනෙකි. දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචිව සිටින දයා අතීතය සිහිපත් කළේ මෙසේය.

    “මම සරදියෙල් චිත්‍රපටයේ රඟපාන කොට වයස අවුරුදු 12 පමණ ඇති. කොළොන්නාවේ ටෙරන්ස් ඇන්.ද. සිල්වා විද්‍යාලයේ ඉගෙන ගෙන සිටි මා මරදානේ ශාන්ත ​ෙජා්ෂප් විද්‍යාලයට පැමිණ එහි උගනිමින් හිටියෙ. ඒ කාලේ තාත්තා අසීරුතා මැද මේ චිත්‍රපටය කළේ. 1953 වසරේ තාත්තා කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේ ගම්බද දර්ශන රූගත කළේ. තාත්තා කැමරා ශිල්පී පෝල් මතායස් ප්‍රමුඛ කාර්මික පිරිස සමග උතුවන්කන්දට ගිය හැටි මට මැවිලා පේනවා. ඒ කාලේ චිත්‍රාගාරයේ තිබුණ වින්ටර් එවරට් කැමරාව ඔසවා ගෙන යාමට හය දෙනෙක් වත් ඕනෑ. ඒකට හරියන බැටරියත් බරයි. ත්‍රීෆේස් ජෙනරේටරයත් බරයි. මේවා උස්සාගෙන දිනපතා කන්ද නගින්න ඕනෑ.

    ඒ කාලේ ශබ්දය පටිගත කිරීමේදී තාත්තා ලොකු අභියෝගයකට මුහුණ දුන්නේ. චිත්‍රාගාර දර්ශනවලදී ශබ්දය පටිගත කළේ රෑට. රෑට කිරිබත්ගොඩ නගරයේ කරත්ත නඩ පේලි යනවා කවි කිය කියා. ඒවා ඈතට යනකන් ඇහෙනවා. ඒනිසා කවි හඬ නැති වෙනකන් තාත්තා බලා හිටියා. චිත්‍රපටයේ දර්ශන රැසක් උතුවන්කන්දේ හා මාවනැල්ලේ රූපගත වුණේ. අනින් ගම්බද දර්ශන ගත්තේ කෘතිම ගෙවල් චිත්‍රාගාරයේ හදලා. ඒ කාලේ හැටියට (1953) චිත්‍රපටයට ගිය මුළු වියදම රුපියල් හැට පන්දාහයි.”

    දයාගේ සොහොයුරු උපසේන විමලවීර ඒ අතීතය සිහිපත් කළේ මෙසේය.

    “කොළොන්නාවේ ටෙරන්ස් ඇන්.ද. සිල්වා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මට තාත්තාගේ චිත්‍රපටයේ සරදියෙල්ගේ ළමා කාලය රඟපෑවේ බයටමයි. මට එතකොට වයස අවුරුදු 10ක් විතර ඇති. සරදියෙල්ගේ කුඩා චරිතය නව ජීවන චිත්‍රාගාරයේ ඉදි කළ පාසලක මම අනික් දඟ ළමයි එක්ක රඟපෑවා.

    හාමුදුරුවන් ඉගැන් වූ ‘ගණ දෙවියෝ නුවණ දෙන්න’ කවිය මම වැරදියට කියලා දඬුවම් ලබනවා. කඩල කාරයට ගහල කඩල අරන් යාළුවොත් එක්ක බෙදා ගෙන කන අවස්ථාව මට දැන් මතක් කර ගන්න පුළුවන්. මගේ ළමා කාලය ඉවර වෙන්නේ පාරේ දුවන දර්ශනයකින්. මේ දර්ශනය තාත්තා ගත්තේ කළු රෙද්දක් බිමට දාලා ඒ මත එක තැන දුවන්න පුරුදු කිරීමෙන්. ඊට පස්සේ එතැනම සරදියෙල්ට රඟපාන මතායෙස් ප්‍රනාන්දුව එක තැන දුවලා රූපගත කරලා එතැනින් රේස් කරත්තයක යන දර්ශනයකට සංස්කරණය වෙනවා.”

    සරදියෙල් චිත්‍රපටයට විචාරක ප්‍රසංශා හිමිව ඇත. ජයවිලාල් විලේගොඩ පවසා තිබුණේ සරදියෙල් දේශීය ඇසකින් බලා සැනසුම් සුසුමක් හෙළිය හැකි බිය නැතිව සිංහල යැයි කිවහැකි චිත්‍රපටයක් බවය. ‘සංස්කෘති’ සඟරාවට විචාරයක් ලියූ අමරදාස වීරසිංහ පවසා තිබුණේ සරදියෙල් ග්‍රාම්‍ය ඇඳුම් මෝස්තර ප්‍රදර්ශන, බජව්, බයිලා, චූන්, කොමිට්, ඝෝර භීෂණ සිද්ධි ආදියෙන් තොරව ජීවිතය විකෘති කොට නොදක්වා නරඹන්නන් තුළ ස්වස්ථ විනෝදයක් ඇති කළ චිත්‍රපටයක් බවය.

    සරදියෙල් චරිතය ඇසුරෙන් ඇන්ටන් ග්‍රෙගරි විසින්ද චිත්‍රපටයක් නිපදවා ඇත. 1986දී තිරගත වූ සූර සරදියෙල් නැමැති එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණිය විසිනි.
    0

    Udari
    Super Senior Member
    Super Senior Member
    Posts:5555






    --
    07 Jan 2020 10:50 PM
    සින්හල ෆිලුමක් කාලෙකින් බැලුවෙ නෑනේ😔😔
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    07 Jan 2020 11:02 PM
    Posted By Udari on 07 Jan 2020 10:50 PM
    සින්හල ෆිලුමක් කාලෙකින් බැලුවෙ නෑනේ😔😔
       සේහ්හ්...අපරාදේ නේ. ලංකාවේ චන්ද ප්‍රතිඵල බැලුවා නම් ටීවී එකේ..පැය 48 තිස්සේ බලන්න තිබ්බ ෆිලුම් එකක්ම 
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Jan 2020 08:09 AM
    සමහර ඩිත්‍රපට බලලාම එපා වෙලා තියෙන්නේ...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Jan 2020 08:50 AM
    Posted By Imalka on 07 Jan 2020 11:02 PM
    Posted By Udari on 07 Jan 2020 10:50 PM
    සින්හල ෆිලුමක් කාලෙකින් බැලුවෙ නෑනේ😔😔
       සේහ්හ්...අපරාදේ නේ. ලංකාවේ චන්ද ප්‍රතිඵල බැලුවා නම් ටීවී එකේ..පැය 48 තිස්සේ බලන්න තිබ්බ ෆිලුම් එකක්ම 

    හැමදාම යන ඒවා තමයි යන්නේ .......
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    08 Jan 2020 09:55 AM
    Posted By indika76 on 07 Jan 2020 04:41 PM
    @ මධුරංග මල්ලී...
    මටනම් එහෙම එකක් මතක නැහැ..
    චිත්‍රපට කිහිපයක්ම ප්‍රතිනිර්මාණය කරලා ආවා. ඒත් සුජාතා චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වුනේ නැහැ වගේ..
    මම ටිකක් හොයල බලන්නම්..
    මේකේ ප්‍රති නිර්මාණයක් තිබ්බා. සුජාතා තමා ඒකෙත් නම. මම 11 වසරේදී බැලුවෙ. සඳු ටික ඒවම උනාට අලුතින් ගහල තිබ්බා. ලතා වල්පොල තමා පැරණි ගාය්කාවන් වෙනුවට ගීත කිව්වේ. සුනෙත් වල්පොල ධර්මදාස වල්පොල වෙනුවට ගීත කිව්වේ. නව සංගීතය සමඟ.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    08 Jan 2020 03:44 PM
    හරිනේ මල්ලී.. ඇවිල්ලා තියෙනවානේ...
    1994 වර්ෂයේ ඇවිත් තියෙනවා.. සනත් සහ සබීතා තමයි රගපාලා තියෙන්නේ..
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 06:55 PM
    24. අහංකාර ස්ත්‍රී

    තිරගත කළ දිනය: 1954-09-17

    Main Actor : Ravindra Rupasena , Anasta Wayala Fernando
    Main Actress : Leena De Silva
    Director : A.B. Raja
    Producer : S.M.Nayagam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 06:58 PM
    ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි මරුව ළඟා වෙනවා
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි ලොව දම් කැරකෙනවා..

    ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
    බමරෙක් එය පිළිකුල් කරන්නේ
    සෝබා දර්මේට නිගා දෙවන්නේ....

    ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයට හියුගෝ මාස්ටර් ලියූ ‍මේ ගීත දෙක ඉතා ජනප්‍රිය විය. ලංකා ලංකා ජීවිතේ විකාරයකි වැනි ගීතද එහි අඩංගුය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:02 PM
    25. රදල පිළිරුව

    තිරගත කළ දිනය: 1954-12-24

    Main Actor : Laddy Ranasinghe
    Main Actress : Mili Kahandawala, Rita Rathnayake
    Director : T.R. Sundaram
    Producer : K.Gunarthnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:05 PM
    සිනමාවට නැඟුණු ප්‍රථම උපහාස කතාව

    ‘රපියෙල් බාස් කිඹිසින්න විය - උදේ අවදි වූ වේලේ පටන් තොරතෝංචියක් නැතිව, කිඹිසින්න විය. ඔහුට හැඳීගෙන එන්නේ, හෙම්බිරිස්සාවකි. වෙන මිනිහකුට නම්, මේ හෙම්බිරිස්සාව කරදරයකි - නිව්මෝනියා වැනි භයානක රෝගයකට වුවත්, පාර කැපෙන්නට හැකි හෙයින් පරෙස්සම් විය යුත්තකි. එහෙත් රපියෙල් බාස්ට මේ හෙම්බිරිස්සාව ප්‍ර‌ීතියකි. ප්‍ර‌ීතිය වුණේ, අන් කිසිවක් නිසා නොව, වැළඳුණේ, හොඳ කෙනෙකුගෙන් හෙයිනි. රදළ කෙනෙකුගෙන් වැලඳුණු හෙම්බිරිස්සාව, අහක දැමිය යුත්තක් නොවේ’’

    සාහිත්‍ය කීර්ති ඩබ්ලියූ.ඒ.සිල්වා මහතා 1939 වැන්නේ මාර්තු 10 වැනි දින මතුරට දී ලියා නිම කළ දස වැනි නවකතාව වූ ‘රදළ පිළිරුව’ ඇරඹෙන්නේ එසේය. ‘රදල පිළිරුව’ ඉංග්‍රීසියෙන් සඳහන්ව ඇත්තේ Radala Piliruwa Or 'THE PUPPET NOBLEMAN' කියාය.

    පාන් පෙට්ටිය ඔළුවේ තබාගෙන ‘පාන් පාන්’ කියමින් වෙළෙඳ‌ාමේ ගිය රපියෙල් බාස් සුදුසු රැකියාවක් සොය සොයා කොළඹ වීථි ගානේ රස්තියාදු වෙමින් සිට අයිස් ක්‍රීම් වෙළෙඳාම, පාන් විකිණීම ආදියෙන් කිසිම සරුවක් නොවූයෙන් උඩරට තේවත්තක රක්ෂාවකට ගියේය. හෙතෙම ක්‍රමයෙන් භාග්‍යය ලබන්නට විය. වතු ජීවිතය ඇරඹූ ඔහු පසුව ගොඩනැගිලි කොන්ත්‍රාත් කරුවකු වී මුදල් හදල් හම්බ කර ගෙන යළිත් කොළඹ දෙමටගොඩ පදිංචියට ආවේය. මුදල් හදල් අතේ වැඩි වෙන්නට වෙන්නට අතීතය මතක් කරනු ලැබීම ද අප්‍රිය කළේය. අන් කිසිවක් තබා ඔහු මෙතරම් තත්ත්වයකට ගෙන ඒමට එකම බලපෑම වූ සිය පරණ පැළැන්තියේ බිරිඳ වන හෙලේනාගේ දර්ශනය ද ඔහුට සතුට ගෙන දෙන්නක් නොවීය.

    කොළඹ කුරුඳුවත්තේ විශාල නිවසක් මිළ දී ගත් රපියෙල් බාස් අහංකාරයෙන් මත්විය. ලොකු ලොක්කන් ඇසුරු කිරීම ඉතා ප්‍රිය මනාප විය. මෙකල ඔහු ආශ්‍රයට වැටුණු චාලි හාමු නමැත්තකු නිසා මේ රදළ පිස්සුව දෙගුණ තෙගුණ විය. චාලි හාමු කියන පදයට රපියෙල් බාස්ට නටන්නට සිදුවිය. මේ කරදරය නිසා වඩාත් කරදරයට පත්වූයේ බිරිඳ හෙලේනාත්, දියණිය වන නන්ද‌ාවතීත් ගෙදර මෙහෙකාරිය වූ අයෙෂාත්ය.

    රපියෙල් බාස්ගේ මේ අලුත් පිස්සුව කෙරෙහි කළකිරී සිටි තවත් කෙනෙකු වූයේ ඔහුගේ ලියන්නා වූ ජස්ටින් ​ෙෆාන්සේකාය. ඔහු රපියෙල් බාස්ට මෙන්ම ගෙදර ස්වාමිදුවටද, දියණියට හිතවත්ය. චාලි හාමු තමා හා විවාහ ගිවිස ගෙන සිටි ලැවිනියා නම් වැන්දඹු වලව්කාරිය රපියෙල්බාස්ට ජෝඩු කොට මුදල් ගැරීමට සමත් විය.

    ලැවිනියා කෙරෙහි සිත ඇදී ගිය රපියෙල් බාස් කොණ්ඩය කපා, කලිසන් කෝට් අඳින්නට පටන් ගත්තේය. දිනක් ළමා තැනීම රපියෙල් බාස් බංගලාවට කැඳවන බව චාලි හාමු දන්නා පණ්ඩිතයකු ගෙන්වා පිළිගැනීමේ සිරිත්, උගැන්නුවේය. මොහුගේ නම ශ්‍රී කමලනාථය. ඊට අමතරව සංගීතඥයෙක් ගෙන්වා සංගීතය ඔහු උගත්තේය. දැන් රපියෙල් ‘මිස්ට රෆායෙල්’ ය. ඔහු පණ්ඩිතයාගෙන් ව්‍යාකරණ ශාස්ත්‍රය පාළි සංස්කෘත, ප්‍රාකෘතාදිය චන්දස්, අලංකාර ඉගෙන ගත්තේය. නවීන පන්නයේ පුස්තකාලයක්ද නිවසේ ඉඳි කර ගත්තේය. ඔහුගේ උපදේශකයා කිළිටි ඇඳුම් අඳින, විකාර ඇඳුමකින් සැරසුණු කමලනාථ පඬිවරයා කෝලමක් බඳු චරිතයකි.
    මිස්ටර් රෆායල්ගේ දියණිය ගිල්බට් නම් තරුණයකු හා පෙමින් වෙළී සිටියාය. මුලදී ඔවුන්ගේ විවාහයට කැමතිව සිටි රෆායෙල් රදළ පිස්සුව නිසා ඔහුගේ වංශයට, පුරාජේරුව මදි වී තම දියණිය චාලි හාමුට විවාහ කර දීමට සිතුවේය. ගිල්බට්ට මෙය දැරිය නොහැකි දුකක් විය. නන්ද‌ාවතීද ගිල්බට් අමතක කර දැමීමට නොහැකිව ළතවූවාය. ගිල්බට්ට මෙහිදී පිහිටට ආවේ කාවන් නම් හිත මිතුරාය. ඔහු රාෆායෙල්ගේ රදළ උණ සනීප කිරීමට උපායක් සෙවීය. එය ක්‍රියාත්මක විය. නන්දාවතීට විවාහයට සුදුසු සියම් කුමාරයෙක් ගැන කාවන් රෆායෙල්ට යෝජනා කළේය.

    මේ යෝජනාවට හෙලේනා හා නන්ද්‍රවතී විරුද්ධ විය. රාෆායෙල් සියම් දූත පිරිසට තම බංගලාවට ආරාධනා කළේය. අවසානයේ සියම් කුමාරයා ගිල්බට් බව සැවොම දැන ගත්තේ විවාහ ගිවිස ගැනීමෙන් පසුවය. රෆායෙල් තම රදළ පිස්සුව නිමා කරමින් නව යුවළට ආශිර්වාදය කළේය. නන්දාවතී ගිල්බට් සමඟ ද චාලි ලැවිනියා සමගද, ගෙදර මෙහෙකාරිය අයෙෂා හා රියැදුරු තෝමස්ද විවාහ වීමෙන් සියලු ප්‍රශ්න නිමාවට පත්වෙයි. ර​ෆායෙල් නැවත ‘රපියෙල් බාස්’ වීමෙන් පසු තම බිරිඳ හෙලේනාගේ අගය වැඩි වැඩියෙන් වැටහිණි.

    ‘රදළ පිළිරුව’නවකතාව ඩබ්ලියු.ඒ. සිල්වා මහතාගේ සෙසු නවකතාවල මෙන් මිනිමැරුම් දිවි නසා ගැනීම් නැත. එය උපහාස රසය පිරි කතාවකි. ප්‍රංශ ජාතික නාට්‍යකරුවකු වූ මෝලියර්ගේ ‘ල බුර්ජවා ජොංටිඔම් Le Bourgeois Gentlihomme' (The Would be gentleman) නම් කෘතියෙන් සිංහලයට ගළපා ගන්නා ලද්දක් බව එදිරිවීර සරච්චන්ද්‍රයෝ ‘සිංහල නවකථා ඉතිහාසය හා විචාරය’ ග්‍රන්ථයේ පළකරති. ඇතැම් තැනක සංවාද පවා මෝලියර්ගේ නාට්‍යයෙන් පරිවර්තනය කර ඇති බවත්, මේ කෘතියෙන් සිල්වා මහතා රදලවරුන්ගේ ජීවිතය උපහාසයට ලක්ව ඇතැයි ද ඔහු පවසයි.

    ‘රදල පිළිරුව සිනමාවට නැඟෙන්නේ 1954 වසරේ මුල භාගයේදීය. ඒ මදුරාසියේ සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරයේදීය. එය සිනමාවට නැගීමේ පසුබිම් කතාවේ ප්‍රධාන චරිතය 1956 මහා මැතිවරණයෙන් ජයලබා කැබිනට් ඇමැතිවරයකු වූ ටී.බී.ඉලංගරත්න මහතාය.

    මහනුවර කච්චේරියේ ලිපිකරුවකු ලෙස සේවය කරන කාලේ ‘නිකං ආවා’ ‘හඳහන’ ඩබ්ලියු.ඒ. සිල්වාගේ ‘රදළ පිළිරුව’ නවකතාව ඇසුරෙන් ​ෙගාතන ලද නාට්‍යය ද රචනා කොට නිෂ්පාදනය කළ ඉලංගරත්නගේ සිත තිබුණේ කවදා හෝ සිනමා ක්ෂත්‍රයට සම්බන්ධවීමටය. මේ කාලයේ ඉලංගරත්නයන්ගේ සමීපතම මිතුරෙකු වූයේ නීතිඥ එස්.නඩේසන්ය. නවකතා රචනයට පිවිසි ඉලංගරත්නයන් ‘විලම්බීත’ පොත ලියා තිබෙනු දුටු න​ෙඩ්සන් එය මුද්‍රණය කර ගැනීමට සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ගේ අනුග්‍රහය ලබා දී ඇත.

    මේ වන විට ‘සුජාතා’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරිව සිටි ටී​. සෝමසේකරන්, ගුණරත්නම් සමඟ අමනාප වී සිටියේය. හොඳ කතා කාරයකු වූ ඉලංගරත්නයන් ගුණරත්නම් විසින් සේලම් නුවරට කැඳවාගෙන ගොස් චිත්‍රපට අධ්‍යක්ෂ ටී. සුන්දරම් හඳුන්වා දී චිත්‍රපට කතාවක් ලියන ලෙස කීවේය.

    ‘මගේ කාර්ය භාරයන් වෙහෙස වූත්, රසවත් විය. අධ්‍යක්ෂතුමා සිංහල නොදත් නිසා දෙබස් විලාසය හා ​ෙව්ගය මට කියා දුන්නේ රැඟුමෙන් හා හස්ක මුද්‍රා වෙන්ය. මේ චිත්‍රපටයේ නම ‘වරද කාගේද?’ ය. මම මේ චිත්‍රපටයේ ශිෂ්ට සම්පන්න කරුණාවන්තයකුගේ චරිතය රඟපෑවෙමි. ‘වරද කාගේද’ චිත්‍රපටය සාර්ථකව තිර ගත වීමෙන් පසු සිනමාස් සමාගමේ ඊළඟ නිෂ්පාදනය සඳහා සුදුසු කතාවක් තෝරා ගැනීම. මට භාර විය. මම ‘රදළ පිළිරුව’ යෝජනා කළෙමි. වේදිකා නාට්‍යයක් ලෙස මා සකස්කර මහනුවර විනෝද රංග මණ්ඩලය ලවා රඟ දැක්වීමෙන් එයට ප්‍රසිද්ධියක් ලබා තිබුණි.

    නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර එම යෝජනාව සම්මත කර ගත් පසු ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා සමඟ මම නැවත සේලම් බලා ගියෙමි. ඩබ්ලිව්.ඒ සිල්වා මහතාණන්ගේ පරිශ්‍රමය වූයේ දෙබස් සියල්ලම ව්‍යාකරණානුකූලව හෙවත් ‘පොතේ භාෂාවෙන්’ සකස් කිරීමටය. එය ස්වභාවිකත්වයටත් තාත්විකත්වයටත් බාධාවක් බව තරයේ කියා සිටියෙමි. අන්තිමේදී මගේ කාරුණික බලවත් ඉල්ලීමට ඔහු එකඟ විය. එහෙත් ඇතැම් ජවනිකා සකස් කිරීමත් කැමරා ගත කිරීමත් ඔහුට රහසින් කිරීමට සිදුවිය.

    මේ තොරතුරු එන්නේ ටී.බී. ඉලංගරත්නයන් විසින් ලියා ඇති ‘යුගයක ගමන’ කෘතියේය. මුලදී රෆායෙල් ලෙස තේරාගෙන සිටි නළුවාට වඩා ඉලංගරත්නයන් හොඳ යයි අධ්‍යාක්ෂවරයා යෝජනා කළත් ඔහු ඒ වෙනුවට දොස්තර ඔලිවර් නම් ළන්දේසි වෛද්‍යවරයාගේ චරිතය තෝරා ඇත.

    ‘චිත්‍රපටයේ වැඩ කටයුතු බැලීමට සිල්වා මහතා සේලම් නගරයට සැපත් වී මොඩර්න් චිත්‍රගාරයට නුදුරින් පිහිටි වික්ටෝරියා හෝටලයේ නවාතැන් ගෙන ඉලංගරත්නයන් සමඟ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළත් ‘රදළ පිළිරුව’ සිනමා ගත කළ ආකාරය ඔහුගේ සිත් නොගත්තේය. දෙසතියකට පමණ පසු චිත්‍රපටය මෙහෙය වූ අධ්‍යක්ෂවරයා සමඟ නොයෙක් මත භේද ඇතිකර ගන්නටත්, නළු නිළියන් පුහුණු කිරීමේ අඩු ලුහුඩුකම් දක්වමින්. සුළු වරදකට පවා තදින් කිපුණු හෙයින් නොයෙක් විට ඔහුගේ නහරගත රුධිරය කෝපාග්නියෙන් දැෙවන්නට විය.

    ‘රදල පිළිරුව’ වෙනුවෙන් දෙමසක් පමණ දැඩි වෙහෙසට පත් වූ ඔහු පෙරළා දියතලාවට සැපත් වූයේ අන්තයට පිරිහුණු ශරීර ශක්තියෙන් යුක්තව බව සිල්වා සූරින්ගේ චරිතය වූ ‘කතා රජ කතාව’ කෘතියේ කර්තෘ කේ.එච්.ඒ ධර්මසේකරයන් සඳහන් කර ඇත.

    ‘රදල පිළිරුව’ චිත්‍රපටයේ එකල සිටි දක්ෂ චරිතාංග නළු නිළියෝ රඟපෑහ. රපියෙල් බාස් නොහොත් මිස්ටර් රාෆයෙල් ලෙස ලැඩී රණසිංහ ද, ඔහුගේ බිරිඳ හෙලේනා ලෙස මිලී කහඳවල ද, දියණිය නන්ද‌ාවතී ලෙස රීටා රත්නායක ද, ගිල්බට් ලෙස හර්බ්ට් සෙනෙවිරත්න ද, චාලි හාමු ලෙස ඩොමී ජයවර්ධන ද, ලැවිනියා ලෙස ශාන්ති ලේඛා ද, ජෝන් ලෙස ප්‍රේමනාත් මොරායස්ද, තෝමස් ලෙස ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, කමලනාත පණ්ඩිතයා ලෙස බන්දු ගුණසේකරද, අයේෂා ලෙස උදුලා දාබරේද ඩොලී ලෙස ලතා ප්‍රනාන්දු (වල්පොළ) ද රඟපෑහ.

    ‘රදල පිළිරුව’ චිත්‍රපටයේ සියලුම ගීත ජනප්‍රිය වී ඇත. සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය ජාතික එස්. දර්ශනමූර්තිය. ඩී.ටී. ප්‍රනාන්දු, හර්බට් එම්.සෙනෙවිරත් ගීත රචනා කර ඇත. ඒ ගීත සියල්ල මහාචාර්ය සුනිල් ආරියරත්න තම සිංහල චිත්‍රපට ගීතාවලියේ දක්වා තිබුණි.

    ‘සුදෝ සුදෝ එන්න සුදෝ මාගෙ ප්‍රේම සිනමාවේ’ ගායනය මොහිදීන් බෙග් සහ ජමුණා රාණි) ‘මිහිර පෙන්නා දී ආලේ පෑ මා හඳේ ‘සුන් සුන් සුන් ඩාලිං මා’ ගායනය - ධර්මදාස වල්පොළ හා ලතා) ‘නම්බුව සොයා සොයා’ (ලතා) ‘ශාන්ති වේවා, නිරෝගි වේවා’ (ජමුනා රාණි සහ පිරිස) මේ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වී ඇත.

    ‘රදල පිළිරුව’ චිත්‍රපටයට සම්බන්ධ බොහෝ කලාකරුවන් කලාකාරියන් අද ජීවතුන්ගෙන් සමුගෙනය. කමලනාථ පඩිතුමා ලෙස රඟපෑ බන්දු ගුණසේකර (පසුව ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විය) මොරටු වේ සොයිසා මහල් නිවස සංකීර්ණයේ ඕ 7/2/3 නිවසේ පදිංචිව සිටියි. ඔහු 88 හැවිරිදිය.

    ‘‘මම රදල පිළිරුවේ රඟපෑවේ කිළිටි පණ්ඩිතයෙක්ගේ චරිතයක්. චිත්‍රපටය තිරගත වූ කාලයේ මම බොරැල්ලේ පදික වේදිකාවේ ඇවිදගෙන යන කොට මාව දැකලා ප්‍රේක්ෂකයෙක් තව ප්‍රේක්ෂකයෙකුට කිව්වා ‘අන්න යනවා අපි බලපු පික්චර් එකේ ගඳ පණ්ඩිතයා කියලා. අනික් ප්‍රේක්ෂකයා කිව්වා ඌ තමයි මිනිහා ගඳයා’ කියලා. ‘මට තනියම හිනා. චිත්‍රපටයේ මම රඟපෑ පණ්ඩිතයාගේ චරිතය නාන්නේ නැති අපිරිසිදු ඇඳගත් මිනිහෙක්. ඒ වුණාට ලංකාදීපයේ කරුණාසේන ජයලත් එයාගේ විචාරයේ කියලා තිබුණා චිත්‍රපටයේ හොඳම නළුවා මම බවයි’’ බන්දු ගුණසේකර මා සමඟ කීය.

    උදුලා ද‌ාබරේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ 5 ඕ/20/08 නිවසේ වෙසෙන්නීය. චිත්‍රපටයේ ජනප්‍රිය ගීත ගායනා කරමින් රඟපෑ 84 හැවිරිදි වියේ පසුවන ලතා මාලඹේ පදිංචිව සිටින්නීය.

    රදල පිළිරුව චිත්‍රපටය 1954 දෙසැම්බර් 24 වෙනිදා ගාමිණී, සැෆයාර් ඇතුළු සිනමාහල් 10 ක තිරගත වී අැත. සිංහල සිනමාවට නැඟුණු දෙවන නවකතාව ‘රදල පිළිරුව’ ය මුල් නවකතාව වූයේ ‘කැලෑහඳ’ය
    ‘දිනමිණ’ පත්‍රයේ ජයවිලාල් විලේගොඩ රදල පිළිරුව ගැන මෙසේ ලියා තිබුණි.

    ‘මේ චිත්‍රපටයේ ඉතා හොඳ ජවනිකා කිහිපයක් ඇත. ඒ. ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ පොතට අනුකූලව චිත්‍රපට ගත කෙරුණ ඒවාය. රපියෙල් බාස් සංගීතය හා භාෂාව ඉගෙන ගන්නා කොටස් හා සියම් අමුත්තන් පිළිබඳ ජවනිකා පෙළ තිරයේ නිරූපණය වන්නේ පොතේ එන අයුරින්ම යයි මම සිතමි. චිත්‍රපටයේ එන හොඳම ජවනිකා කීපය ද ඒවා යයි මම සිතමි.

    ජයවිලාල්ගේ මතය අනුව රපියෙල් ලෙස රඟපාන ලැඩී රණසිංහ ඉතා දක්ෂ ලෙස රඟපායි. එතෙක් ආයා අප්පු චරිත රඟපෑ බර්ට්‍රම් ප්‍රනාන්දු (කාවන්) නළුවකුගේ දක්ෂතාව පෙන්විය නොහැකි බවට ජයවිලාල් අනතුරු අඟවා ඇත. පණ්ඩිත කමලනාත ලෙස රඟ පෑ බන්දු ගුණසේකරට ජයවිලාල්ගේ ප්‍රශංසාව ලැබී ඇත. 1954 දෙසැම්බර් 26 වෙනිදා ‘ඉරිද‌ා ලංකාදීප’ පත්‍රයේ ‘රදල පිළිරුව’ ගැන මුළු පිටුවක්ම ලියා තිබුණි. නවකථාවේ කතා වස්තුව පළ කර තිබූ අතර මේ කතාවෙත් තිරගතවන චිත්‍රපටයේත් සමාන අසමානකම් මේ ලිපියෙන් දක්වා තිබුණි. මේ ලිපිය ලියූ ලියුම්කරුගේ නම පළවී නොතිබුණත් එය කරුණාසේන ජයලත් ලියා ඇති බවට අනුමාන කළ හැකිය.

    ‘සංස්කෘති’ සඟරාවට අමරද‌ාස වීරසිංහ ලියූ චිත්‍රපට විචාරයේ වූයේ ‘රදල පිළිරුව’ ක්‍රමයෙන් පිරිහුණු ශුර නළුවෙක්’ කියාය.

    ‘ප්‍රේමතරගයෙන් අපගේ ප්‍රශංසාව දිනාගත් ලැඩී රණසිංහ නම් නළුවා රදල පිළිරුවෙන් විනාශ වී ගියේය. ඔහු බොහෝ වේලාවක් යනතුරු ලැඩී රණසිංහ ද එඩී ජයමාන්නද යනු හිතා ගැනීමට අපහසුවිය. ඔහු රඟපෑවේ රපියෙල් බාස් නම් මෝඩ මිනිසාගේ චරිතය නොව එඩී ජයමාන්න නම් විකට නළුවාගේ පිළිරුවක් ලෙසය. දැන් ඔහු ගැනද අප යම් කිසි බලාපොරොත්තුවක් තබා තිබුණේ නම් එය අත්හැරීම හොඳය. අනිත් නළු නිළියන් ගැන කථා කිරීමට මම වෙහෙස නොවෙමි.

    ‘රදල පිළිරුව’ නවකථාවේ සමාජ විද්‍යාත්මක පැත්තෙන් එකල (1938 දී පමණ) ලංකාවේ තිබුණ සිනමාහලක් ගැන ද කියවෙයි. ඒ 1930 වසරේ ආරම්භ කළ කොටුවේ රීගල් සිනමාහල ගැනය. නන්දාවතීගේ පෙම්වතා වූ ගිල්බට් තම ප්‍රියාවිය ගැන වැරදි අවබෝධයකින්, බස් රියකින් කොටුවේ රීගල් සිනමාහල පසුකර යන විට දුටු අවස්ථාවක් ලේඛක සිල්වා මහතා මෙසේ විස්තර කොට තිබුණි.

    ‘ලේන්සුවකින් පවන් සල - සලා, වට - පිට බලන ඔහුට බස් රිය, රීගල් සිනමා ශාලාව පසු කර යන විට එහි විශාල සිතියමක, තරුණයකු තරුණියකට පිස්තෝලයකින් වෙඩි තබන්නට සැරසෙන විලාසයක් පෙනිණි. ඒ තරුණිය ඔහුට පෙනුණේ, නන්දාවතීය මෙනි. ඇය බියෙන් විකසිත වූ දෙනෙතින් යුත් හිස ඔසවාගෙන පිටි අතට දිගු හැර ගත් යුගත් ඝෝෂාවක ගසා ගෙන ලය ඉදිරියට ලා ගෙන සිටින සැටි’’

    ඒ.ඩී. රන්ජිත් කුමාර
    ලංකාදීප පුවත්පතෙනි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:06 PM
    26. සුරංගනී

    තිරගත කළ දිනය: 1955-02-19

    Main Actor : Eddy Junior
    Main Actress : Kanthi Gunathunga
    Director : K.Wembu , Syril P. Abeyrathna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:08 PM
    27. අශෝක

    තිරගත කළ දිනය: 1955-03-04

    Director : Sirisena Wimalaweera
    Producer : Darmadasa Kulathunga
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:09 PM
    28. මතභේදය

    තිරගත කළ දිනය: 1955-04-14

    Main Actor : B.A.W. Jayamanne
    Main Actress : Rukmani Devi
    Director : B.A.W. Jayamanne
    Producer : Rukmani Devi , Eddy Jayamanna , B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:11 PM
    29. සැඩ සුලං

    තිරගත කළ දිනය: 1955-06-24

    Main Actor : Prem Jayanth
    Main Actress : Florida Jayalath
    Director : T. Somasekaran
    Producer : T. Somasekaran
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    16 Jan 2020 07:16 PM
    ජනතාව කැලඹුණු ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ පෝස්ටරය

    ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය ඇරඹෙන්නේ කතා නායකයා වූ සුනිල්ගේ පාපෝච්චාරණයකිනි. සුනිල් හා සීතා පාසල් වේදිකාවේ ගීතයක් ගියයි. ගීතය මුලින්ම ගයන්නේ පුංචි සුනිල්ය.

    ‘‘ජීවන මේ ගමන සංසාරේ
    යාවී නම්
    අන්ධකාරේ
    නොලැබ ආලෝකේ
    යා හැකිදෝ සොයා මාර්​ෙග්’’
    කුඩා සීතා ගැයූ කොටසයි මේ.
    ‘‘ඔබ යයි නම් තනිව අන්ධකාරේ
    ඔබට අාලෝකේ
    දෙන්නෙමි තිරසාරේ
    දිවි ඇති තෙක් මේ සංසාරේ’’


    සර් පර්සි පලිපානගේ දියණිය සීතා පාසල් වියේ සිටින දැරියකි. ඇගේ අඹ යහළුවා සුනිල් ය. ඔහුගේ මාපියන් මිය ගොස්ය. සුනිල් හා සීතා අතර දුප්පත්, ධනවත් භේදයක් නොතැකූ මිත්‍රකමක් තිබුණි. සර් පර්සිගේ ප්‍රථම බිරිඳ මිය ගොස්ය. දැන් ඔහු ජීවත්වෙන දෙවැනි බිරිඳ උඩඟු ගැහැනියකි. මේ නිසා ඇය කුඩා සීතාට වෙනස්කම් කළාය. සීතා හා සුනිල් අතර තිබෙන මිත්‍රත්වය ඇය නුරුස්සයි. සුනිල්ට ආර්ථික දුෂ්කරතා ඇති බැවින් සීතා නිතරම රස කෑමක් ගෙනවිත් දුන්නාය. ඉගෙනීමට දක්‍ෂ ශිෂ්‍යයෙකු වූ සුනිල්ට නිතරම උපකාර කිරීමට සීතා පෙලඹුණේ ඔහුට ඇති ආදරය නිසාය.

    ‘‘ඔයා සර් ජෝන් කෙනෙකු වෙන්ට ඕනෑ’’ යයි සීතා නිතර සුනිල්ට කියන්නීය.

    සුනිල් ලිපිකාර තනතුරක් ලබාගන්නේ සීතා විවාහ කරගන්නා අදහසිනි. මේ වෙනවිට සීතා කුඩම්මාගේ හිරිහැර නිසා කලකිරී සිටියාය. සුනිල් සේවය කළ ආයතනයේ හිමිකරුගේ බිරිඳ රූමත් තරුණියකි. තම සැමියා මහල්ලෙකු නිසා ඇයගේ සිත ​ෙයාවුන් වියේ සිටි සුනිල් වෙත යොමු වෙයි. ඇය නොයෙක් උපක්‍රමවලින් සුනිල් වසඟයට ගැනීමට උත්සාහ ගනී. තමාගේ දියුණුවට අතහිත දුන් හාම්පුතාට​ ද්‍රෝහී වීමටත්, තම පෙම්වතිය වූ සීතාට පිදූ ආදරයට කැළලක් නොකිරීමත් නිසා සුනිල් කාමුක ස්ත්‍රි​යගේ ඉල්ලීම් පිළිකුල් කරයි. ඇය සුනිල්ගෙන් පළිගැනීමට සිතා බොරු කියා සුනිල් රැකියාවෙන් පිටමං කරයි.

    සත්‍යවාදියාටත්, පිරිසිදු චරිතයක් ඇත්තාටත් ඒ සත්‍යවාදීකමත් පිරිසිදුකමත් බොහෝ විට නපුරට සිටින බව සුනිල්ට වැටහිණ.

    සීතාගේ කුඩම්මා උත්සාහ කළේ සමාජශාලාවල නිතර හැසිරෙන එහි නළඟනන් හා අනඟ රැඟුම් රඟන දුෂ්ට චරිතයක් අැති එඩ්වඩ්ට සීතා විවාහ කරදීමටය. සීතා වරක් සුනිල් සමඟ පැනයාමට උත්සාහ කළ ද දෛවය එයට ඉඩ දුන්නේ නැත. රැකියාවක් සොයා සෑම තැනම රස්තියාදු වෙන සුනිල්ට එඩ්වඩ්ට හිමි හොර තැබෑරුමක රැකියාවක් ලබා දෙන්නේ ඇක්මන් නම් දාමරිකයාය. මේ තැබෑරුමේ අැතිවෙන සණ්ඩු බේරන්නේ සුනිල්ය. ඔහු වරෙක දාමරිකයකු ලෙසද හැසිරෙයි. දැන් සුනිල් හොර මැරකම්වලට තල්ලු වී ගිය දාමරිකයෙකි.

    එඩ්වඩ්ගේ මංගල යෝජනාවට අකමැතිව ගෙදරින් පැන යන සීතා වරෙක නොදැන ගණිකා මඩමකට රැකවරණය සඳහා යන්නී. එතැනින්ද පැන යන ඇය නාට්‍ය කණ්ඩායමකට බැඳෙයි. ඇය දක්‍ෂ නාටිකාංගනාවක් වී මේ නැටුම් කණ්ඩායම සමඟ රට පුරා යයි. මේ නාට්‍ය කණ්ඩායම කරත්ත පේළියකින් එක් පාළු ප්‍රදේශයකින් යන විට සුනිල් හා ඔහුගේ සහායකයෝ ඔවුන් වටලා කොල්ලකති. එදා රෑ කෑම කමින් සිටි සුනිල්ට සීතා මතක් වෙයි. ​ඉවෙන් මෙන් ඇය සොයා යන ඔහුට සීතා හමුවෙයි. තම පෙම්වතා හොරෙකු මෙන් කල් ගෙවන අයුරු දුටු සීතාට ඇති වූයේ බලවත් සෝකයකි. සීතා සුනිල්ට කීවේ ඔය කාලකණ්ණි ජීවිතය අත්හැර දමා හොඳ මිනිසෙකු වෙන ලෙසය. සුනිල් බැංකුවක් බිඳීමට තැත් කරන බව කී විට සීතා කීවේ තමා ඒ බව පොලීසියට දන්වන බවය. බැංකුව බිඳීමට සුනිල් ඇතුළු සගයන් සැලසුම් කර ඇති බවට සතුරු පිරිසක් පොලීසියට ඔත්තුවක් දුන්හ. මේ නිසා සුනිල්ගේ උත්සාහය අසාර්ථක විය. සීතා ගැන සැක කළ සුනිල් ඇය සොයා පැමිණ පහර දෙයි.

    ‘‘අවාසනාවයි, කාසි මිනිහ වහල් කරන හැටි’’ සුනිල් නිතර කියන වචනයකි.

    මේ අතර දාමරිකයකු වූ එඩ්වඩ් අතින් සමාජ ශාලාවක නළඟනක් වූ නීලා මැරුම්කයි. නීලාගේ දේහය එඩ්වඩ් විසින් සුනිල්ගේ ගෙදර අසලට ගෙන දමයි. පොලිසිය සැක කරන්නේ සුනිල්වය. සුනිල් දැන් සිරකාරයෙකි. සර් පර්සි ඉදිරිපත් වී එඩ්වඩ් නම් මිනීමරුවාව සාක්‍ෂි සහිතව අධිකරණයට ඉදිරිපත් කරයි. සීතා සුනිල් බැලීමට හිරගෙදර යයි.

    ‘‘ඔයා කිව්ව විදිහට මට සර් ජෝන් කෙනෙක් වෙන්න බැරි වුණා. සීතා මට සමාවෙන්න.’’

    සිරගෙදර ​​පොලු අතරින් සුනිල් සීතාට කියයි.

    ‘‘සැඩ සුළං’’ ජනප්‍රියත්වයෙන් වාර්තා පිහිටවූ ‘‘සුජාතා’’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරි ලෙස කටයුතු කළ ටී. සෝමසේකරන් මුලින්ම අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයයි. ඒ වෙන විට සෝමරසේකරන් චිත්‍රපටයක් නරඹන්නන් අතර ජනප්‍රියවෙන රහස දැන සිටි, චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේ විවිධ උපක්‍රම හොඳින් භාවිතා කළේය. විශාරදයෙක්ව සිටියේය. ‘‘සුජාතා’’ චිත්‍රපටයේ නිෂ්පාදක ​ෙක්. ගුණරත්නම් සමඟ අමනාප වී සිටි සෝමසේකරන් ‘‘සුජාතා’’ට නොදෙවෙනි ජනප්‍රිය චිත්‍රපටයක් නිපදවීමට සියලු උත්සාහයන් ප්‍රයෝජනයට ගත්තේය.

    ‘‘සුජාතා’’ චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ ප්‍රේම් ජයන්ත් හා ෆ්ලෝරිඩා ජයලත් යොදා එතෙක් සිංහල චිත්‍රපටයකට ඇතුළත් නොවූ ජනප්‍රිය වේ යයි සිතූ ගීත 17 ක් ඇතුළත් කොට, එහි එක් ගීතයක් සඳහා භාරතයේ ජනප්‍රියතම ගායන ශිල්පිනී ලතා මංගෙශ්කර් ලවා ගීතයක් ගැයීමට ද සෝමසේකරන් සමත් විය. මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ රූපගත වූ මේ චිත්‍රපටයේ ලංකා​වේ දර්ශන කිහිපයක් ඔහු ඇතුළත් කළේය. ඒ අනුව මහනුවර දළදා මාළිගාව අසල ද කොළඹ පාර්ලිමේන්තුව අසල ද නිදහස් චතුරශ්‍රය, කඩුගන්නාව බිංගෙය ද ආදී ස්ථාන ඉන්දීය ජාතික කැමරා ශිල්පී රාජ් ගෝපාල් ලවා කැමරාවට ගන්නා ලදී.

    ‘‘සැඩ සුළං’’ ගීත ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956) කෘතියේ මෙසේ සඳහන් කරති.

    ‘‘මනරංජන දර්ශනීය ලංකා’’ ගීය (සුජාතා චිත්‍රපටයේ) ජනප්‍රිය නිසා ‘‘සැඩ සුළං’’ සඳහා ද එවැනිම දේශානුරාගී ගීයක් සමඟ තවත් ගීත දෙකක් නිර්මාණය කිරීමේ වරම ආනන්ද සමර​කෝන්ට හිමි විය. (1) ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි (2) කෙල්ලනි නුඹලා දන්නේ නටන්නයි (3) පදමට පොල් තෙල් ගාපල්ලා යනු ඔහු පදමාලා හා තනු නිර්මාණය කළ ගී තුනයි. මේ අතරින් වඩාත් ප්‍රශංස්ථ පදමාලාව හා තනු නිර්මාණය වූ කලී ‘‘ශ්‍රී ලංකා මාතා මා ප්‍රියාදර ජය භූමි’’ ගීයයි. තවද භාරත ගීත කෝකිලාව වන ලතා මංගේශ්කර් විසින් ගයන ලද ප්‍රථම හා එකම ගීතය නිසාද එය සිංහල චිත්‍රපට ගීතාවලියෙහි වෙසෙසින් සටහන් වෙන්නේය.

    ලතා මංගෙශ්කර් ලවා මේ ගීතය ගායනා කරවීම සඳහා ඉතා විශාල මුදලක් (රුපියල් පනස්දාහක් පමණ) ගෙවා ඇති බවත්, නිල වශයෙන් සෝමසේකරන් ලතාට ඉස්තරම්ම වර්ග​යේ ප්‍රංශයේ නිෂ්පාදිත සුවඳ විලවුන් පෙට්ටියක්ද තෑගි කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යූ. අමරසේන ‘‘සිංහලේ මහා සිනමා වංශය’’ කෘතියේ සඳහන් කර ඇත. ලතා සමඟ යුග ගීයකට එක්වූ එකම ගායකයා මොහිදීන් බෙග් ය. ‘‘ඉදිරියටා යමු සැවොමා’’ මේ ගීතයයි.

    ‘‘සැඩ සුළං’’ සංගීතවත් කළේ ඉන්දීය ජාතික දක්‍ෂිණ මූර්ති ය. කලින් කී ආනන්ද සමරකෝන් රචනා කළ ගීත වූයේ ‘‘හම්ලොග්’’ චිත්‍රපටයේ හින්දි ගීතයේ තනුවකට ලියූ ‘‘පෙම් කැකුළ පිපී එන විට මහදේ’’, ‘‘ජීවන මේ ගමන සංසාරේ’’ (ගායනය - ජමුනා රාණී සහ ඒ.එම්. රාජා), ‘‘ඉදිරියටා යමු සැවොමා’’ (ගායනය - ලතා මංගෙශ්කර් සහ ​ෙමාහිදින් බෙග්), ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ‘‘හරි සාරයි මේ කාලේ බලත්වා’’ (ගායනය - ජමුනා රාණි සහ පිරිස), ‘‘ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මා හා’’ (ගායනය - කේ. රාණි) ගීත ද ගී තැටිවල හෝ ගීත පොත්වල කර්තෘත්වය ​ෙනාසඳහන් බැවින් කර්තෘ අවිනිශ්චිත ගීත බව මහාචාර්ය ආරියරත්න පවසන ගීත මෙසේය. ‘‘හිස් වී ගියේය ලෝ’’ (ගායනය - ජමුනා රාණි), ​‘‘සෙමිබර පෙම් රැළි මහද නැගේ’’ (ගායනය - ධර්මදාස වල්පොල සහ කේ. රාණි), ‘‘කොයි ද මා ජීවිතේ යන්නෙ මේ’’ (ගායනය - ධර්මදාස වල්පොල), ‘‘මෝහයෙන් මුලා වෙලාද’’ (ගායනය - මොහිදීන් බෙග් හා සරෝජා), ‘‘කළු කඩ කාසි සොයාලා’’ (ගායනය - කේ. රාණි හා ධර්මදාස වල්පොල), ‘‘ඔයා තමයි මට හරියන්නේ’’ (කේ. රාණි හා සුනිල් ප්‍රේමදාස).

    ‘‘සුජාතා’’ චිත්‍රපටයේ රඟපෑ ෆ්ලෝරිඩා ජයලත් මේ චිත්‍රපටයේ සීතා ලෙස ද, ප්‍රේම් ජයන්ත් සුනිල් ලෙස ද ඩේවිඩ් ධර්මකීර්ති සර් පර්සි පලිපාන ලෙස ද ඩොමී ජයවර්ධන එඩ්වඩ් ලෙස රඟපෑමට තෝරාගත් සෝමසේකරන් ඇක්මන් ලෙස නවක නළුවෙකු වූ පියදාස ගුණසේකර ද පලිපාන මැතිනිය ලෙස රොසලින් ප්‍රනාන්දුත්, ධනවත් මුදලාලිගේ සරාගී බිරිඳ ලෙස සුජාතා චන්ද්‍රදාස (පසුව පරමනාදන්) ද හඳුන්වාදීමට සෝමසේකර සමත් විය. පියදාස ගුණසේකර මේ චිත්‍රපටයේ ‘‘පදමට පොල්තෙල් ගාපල්ලා’’ ගීතය ගැයීමට ඔහු විසින් තෝරා ගන්නා ලදී. ​සෝමසේකරන් හා වූ මත​ෙභ්දයක් නිසා ඩොමී ජයවර්ධන ඉවත් විය. ඉන්පසු ඒ චරිතයට ‘‘පුදුම ​ෙල්ලි’’ චිත්‍රපටයේ රඟපෑ ධර්ම ශ්‍රී රණතුංග තෝරා ගන්නා ලදී. නැටුම් ගුරුවරයා ලෙස ශාන්ති අබේසේකර ද, නීලා නම් නළඟන ලෙස ඉන්දීය නිළි බිම්බා කුමාරි ද, රොඩ්ඩා ලෙස රිචඩ් ඇල්බට් ද, සෙසු චරිත සුනිල් ප්‍රේමදාස (රස්තියාදු), ඇම්.පී. ගිල්මන් ද මේ චිත්‍රපටයේ රඟපෑහ. චිත්‍රපටයේ රඟපෑ පද්මා ද මැල් නිළිය ද අස්කර ඇත.

    අධ්‍යක්‍ෂ සෝමරසේකරන් විසින් ‘‘සැඩ සුළං’’ හි කතාව, තිරනාටක ලියූ අතර එහි දෙබස් රචනය සඳහා ආනන්ද සමරකෝන්. ඩී.ටී. ප්‍රනාන්දු හා ඇම්.පී. ගිල්මන්ට පැවරිණි. මෙහි සංස්කරණය හා සහාය අධ්‍යක්‍ෂණය ටී.ඇන්. රාඕ ගෙනි. නැටුම් අධ්‍යක්‍ෂණය අනිල් කුමාර් චොප්රා ගෙනි.

    ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ ‘‘ජීවන මේ ගමන සංසාරේ’’ ගීතය දෙවතාවක් ගැයේ. කුඩා සුනිල් ලෙස රඟපෑවේ කොළඹ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍ය, දයා අබේසේකරය. ගීත රචක කරුණාරත්න අබේසේකරගේ සො​ෙහායුරෙකි දයා.

    ‘‘සැඩ සුළං චිත්‍රපටය ආරම්භ කළේ 1954 දී. මම ‘‘වරද කාගේද’’ චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපානවා දැකල සෝමසේකරන් මාව ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ කුඩා සුනිල්ගේ චරිතය සඳහා තෝරා ගත්තා. කුඩා සීතා ලෙස රඟපෑවේ මියුසියස් විද්‍යාලයේ ශිෂ්‍යාවක් වූ පද්මිණි දහනායක. ඇය ජනප්‍රිය ගායක මොරිස් දහනායකගේ නැඟණිය. ඇය නර්තන උපදේශිකාවක්. වරෙක මම සීතා සමඟ පාසල් යනකොට මෙහෙම අහනවා.
    ‘‘මම ඔයාට අාදරෙයි. දුප්පත් මගේ ආදරය ඔයා පිළිගන්නවාද?’’

    ‘‘සත්තකින්ම ඔව්. සුනිල් ඔයා කවදා හරි සර් ජෝන් කොතලාවල මහත්තයා වගේ හොඳ ලොකු මහත්තයෙක් වෙන්න ඕනෑ’’ කුඩා සීතා කීවාය.

    මේ දර්ශනය ඉන්දියාවේ තිරගත වූ 1954 වසරේ ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූයේ සර් ජෝන් කොතලාවලය. සුනිල් ලෙස රඟපෑ ප්‍රේම් ජයන්ත් හා සීතා ලෙස රඟපෑ ෆ්ලොරිඩා ජයලත් ‘‘ජීවන මේ ගමන සංසාරේ’’ ගීතය ගයමින් විවෘත මෝටර් රථයක (හෝන් එක ගසමින්) මහනුවර වැව රවුමේ යන දර්ශනය රූගත කොට අවසන් වූ පසු කිසිවෙකු ඇවිත් ප්‍රේම් ජයන්ත්ට රහසක් කීවේය.

    ‘‘ප්‍රේම් මහත්තයාගේ නෝනා ටෙලි​ෙෆා්න් එකෙන් කතා කළා. දැන් දුවෙකුගේ තාත්තා කෙනෙක්.’’

    ප්‍රේම් තම දියණියට ‘‘සුනිලා’’ නම් තැබුවේ තමා සැඩ සුළං චිත්‍රපටයේ ‘‘සුනිල්’’ ගේ චරිතය මතක් වීමටය.

    සැඩ සුළං චිත්‍රපටයේ විශේෂ දර්ශනය බැලීමට පැමිණි අමුත්තෝ සර් පර්සි ලෙස රඟපෑ ඩේවිඩ් ධර්මකීර්ති ළඟට පැමිණ සුබ පැතුවෝය.

    ‘‘චිත්‍රපටයේ විශිෂ්ටතම නළුවා ඔබ. මගේ සුබ පැතුම්. මම ‘‘රේඛාව’’ කළ ලෙස්ටර් පීරිස්. අපි දැන් කරන ‘‘සන්දේශය’’ චිත්‍රපටයට අනිවාර්යයෙන්ම චරිතයකට ඔබව ගන්නවා’’

    ලෙස්ටර් ජේම්ස් පීරිස් තම පොරොන්දුව ඉටු කරමින් ඩේවිඩ්ව ‘‘සන්දේශය’’ චිත්‍රපටයේ දිසාවගේ චරිතයට තෝරා ගත්තේය. එහෙත් චිත්‍රපටයේ දක්‍ෂතම නළුවා ලෙස විචාරකයන් නම් කර තිබුණේ පියදාස ගුණසේකරය.
    සෝමසේකරන් එතෙක් සිංහල චිත්‍රපටයක නොකළ විදියේ වෙළෙඳ ප්‍රචාරයක් දීමට සූර​ෙයක් විය. 1954 අප්‍රේල් 11 ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූ සැඩසුළං චිත්‍රපටයේ වෙළෙඳ දැන්වීමක මෙසේ පළ වී තිබුණි.

    ‘‘සුජාතා’’ සකස් කළ අය මතකද? සෝමසේකරන් - ආනන්ද සමරකෝන් - දක්‍ෂිණ මූර්ති - අනිල් කුමාර් චොප්රා. ප්‍රේමා ලෝකය නිවී ගියා. ජමුනා රාණි, ධර්මදාස වල්පොල, ‘‘එහෙනම් මතක තබා ගන්න, හොඳ චිත්‍රපටයක් සෑදීමට වැඩිකල් ගතවෙන බව.’’

    (උපුටනය - සිංහල චිත්‍රපට ගීතාවලිය)

    ‘‘සිංහලේ මහා සිනමා වංශය’’ (ආතර් යූ. අමරසේන) කෘතියේ ඇති පුවත්පත් දැන්වීමක තිබුණේ ප්‍රධාන නිළි ෆ්ලෝරිඩා ජයලත්ගේ සමීප රූපයකි.

    සුජාතා ආපසු එයි

    ෆිල්ම් ස්​ෙලාන්ගේ සැඩ සුළං

    කැලඹුණු චිත්තාවේගය උදුරා යන සැඩ පහරකි.

    කථාව, නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂකත්වය - සෝමසේකරන්

    පියදාස ගුණසේකර සහ පිරිස ගැයූ ’’පදමට පොල්තෙල් ගහපල්ලා’’ නම් ආනන්ද සමරකෝන් ලියූ ගීතයේ කොටසක් ගීත පටිගත කිරීමෙන් පසු ඉවත් කර ඇති බව මහාචාර්ය ආරියරත්නගේ කෘතියේ සඳහන් වෙයි. ඒ මේ කොටසය.

    ‘‘යූ.අැන්.පී, කොමිනිස්ට් පාටී
    දන්නව අපි ඒවයෙ හැටි
    ඒ ගොල්ලන් අපටා බන්
    දෙනවද මේ වගෙ සම්පත්තී’’
    කේ. රාණි ගයන ගීතයකි මේ.
    ‘‘කවුද මා මැවූ දෙවියා - මා හට පීඩා කරනා
    මා කළෙ කුමක් ද අහෝ - මෙම දුක් විඳින්නට සදා
    පණුවෙක් සේ දැවෙනා දැල්වෙන උඳුනක් මැදෙහි
    හීන වූ නිසා ද අහෝ මා හද උනනා රුධිරේ
    කවුද මා මැවූ...
    වරදක් වීදෝ... වරදක් වීද අ​හෝ
    පෙම් කළෙ නම් යමෙකුට මා
    ඉරණම වීද මගෙ මෙහෙම මුළා වී ඉඳුමා...
    කවුද මා මැවූ...’’

    ෆ්ලෝරිඩා ජයලත් බුදු පිළිමයක් ඉදිරිපිට හඬා වැටෙමින් ගයන මේ ගීතමය ජවනිකාවේ කතා නායිකාව විනිවිද පෙනෙන අයුරු ආලෝකකරණය කළ රූප රාමුවක ඇගේ දෙකලවා අඩු වැඩි වශයෙන් දැක්වූ බව ආතර්. යූ. අමසේන විසින් ලියූ ලිපියක සඳහන් වෙයි.

    අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන් ද චිත්‍රපටයේ එක් දර්ශනයක එනම් කතා නායිකාව කාමරයක අඩ අඳුරේ නිදා සිටින විට අතවර කිරීමට එන පුද්ගලයාගේ චරිතය රඟපෑ බව ජයවිලාල් විලේගොඩ දිනමිණේ ‘‘සිනමා පැන’’ තීරයෙන් පාඨකයකු ඇසූ පැනයකට පිළිතුරු දී තිබුණි.

    සෝම​ෙස්කරන් චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් අද්දවා ගැනීමට ‘‘සැඩ සුළං එනවා, ප්‍රවේශම් වෙන්න’’ නම් පෝස්ටරයක් මගින් ප්‍රචාරය දුන් බවත් ඒ පෝස්ටරය දුටු ජනතාව බියට පත්වූ බව තමාට මතක යයි සිරි කහවල මාධ්‍යවේදියා අපට කීය.

    ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය 1955 ජුනි 24 වෙනිදා සිට සිලෝන් තියටර්ස් සිනමාහල්වල තිරගත වී ඇත. මරදානේ ඇල්පින්ස්ටන් සිනමා හලේ පමණක් මාස 02 යි දින 23 තිරගත වී ඇත.

    සිංහල සිනමාවේ එතෙක් චිත්‍රපටයක් සඳහා ප්‍රචාරක විධි බහුලව භාවිතා කර ඇත්තේ ද ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයෙනි. වරෙක ‘‘සැඩ සුළං තහනම්’’ යයි පෝස්ටරයක් ද පසුව ‘‘සැඩ සුළං තහනම් නොවේ’’ යයි පෝස්ටරයක් ඉදිරිපත් කිරීම ද මෙයට සාක්‍ෂියකි. මෙයට අමතරව ෆ්ලෝරිඩාගේ වර්ණ ඡායාරූපයක් සහිත කැලැන්ඩරයක් නොමිලේද ඇගේ වර්ණ ඡායාරූපයක් ශත 50කට හා ​​පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපයක් ශත 25කට ද අලෙවි කොට ඇත.

    1955 මැයි 05 වෙනිදා ‘‘සැඩ සුළං’’ බයිසිකල් තරග​ෙය් තෑගි බෙදා දීම සඳහා කොළඹ නගරාධිපති ආචාර්ය අැන්. ඇම්. පෙ​ෙර්රා උදෑසන 9 ට ගාලු මුවදොර පිටියට පැමිණ ඇත.

    මෙම බයිසිකල් තරගයෙන් මුල් තැන දිනා බී.එස්.ඒ. බයිසිකලය දිනා ඇත්තේ ෂර්ලි ප්‍රනාන්දුය. දෙවැන්නා වූ ඒ.එෆ්. කිට්ට රු. 100 ද, තෙවැන්නා වූ ස්ටැන්ලි මෙන්ඩිස්ට රු. 50ක් හිමිවී ඇත.

    ගාලු මුවදොරින් පටන් ගෙන කළුතර නගර ශාලාවෙන් අවසන් වූ (කළුතර දී කළුතර පළාත් ආණ්ඩු සභාපති චම්ලි ගුණවර්ධන පිළිගෙන ඇත) මේ බයිසිකල් තරගයේ ඉදිරියෙන් ගමන් ගත්තේ සැඩ සුළං නළු නිළියන් බවත් එය සිලෝන් තියටර්ස් සමාගම සංවිධානය කර ඇති බවත් ආරියරත්න කහවිට විසින් සංස්කරණය කළ ‘‘සිනමාදීප’’ සිනමා සඟරාවේ (1955 මැයි අග සතිය) පළ වී ඇත. මේ සඟරාවේ චිත්‍රපටයේ පින්තූර, කතාව, ගීත, රස තොරතුරු ඇතුළත් විශේෂ අති​ෙර්කයක් ද පළවී තිබුණි.

    ‘‘සැඩ සුළං’’ චිත්‍රපටයේ තවත් පෝස්ටරයක් තහනම් කළ පුවතක් 1955 ජුනි 01 වෙනිදා ‘‘දිනමිණ’’ පුවත්පතේ මුල් පුවතින් දැක්වේ. ඒ පුවත සමඟ ෆ්ලෝරිඩා ජයලත් වැතිර සිටින දර්ශනයක් ද ඇයට පිටුපස බුදුරුවක්ද වෙයි. (මේ බුදුරුව මදුරාසියේ වාහිනී චිත්‍රාගාර​ෙය් කලා අධ්‍යක්‍ෂවරයකු විසින් අඹන ලද පිළිමයක් බව පැහැදිලිය) පුවත ලියා තිබුණේ දිනමිණ විශේෂ වාර්තාකරුවකු විසිනි. ශීර්ෂපාඨය වූයේ ‘‘සැඩ සුළං දැන්වීම තහනම්’’ ය.

    ‘‘ළඟදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන එක්තරා සිනමා චිත්‍රපටියක් සම්බන්ධයෙන් දැනට කොළඹ ආදී ප්‍රදේශවල තාප්ප, බිත්ති ආදියෙහි අලවා ඇති දැන්වීම් පත්‍රයක් පිළිබඳ ලංකා බෞද්ධ මණ්ඩලය වෙත සිය විරෝධය පළ කර තිබේ යයි ද මේ ගැන සුදුසු ක්‍රියා කිරීම සඳහා බෞද්ධ මණ්ඩලය ස්වදේශ කටයුතු ඇමැතිවර ඒ. රත්නායක මහතා වෙත ඒ පිළිබඳව කරුණු සැලකරනු ඇතැයි ද දැන ගන්නට තිබේ.’’

    1955 ජුනි 04 වෙනිදා ‘‘දිනමිණ’’ පත්‍රයේ මුල් පිටුවේ ‘‘සිත් රිදවන සිංදුවක් කපා දමන්ට නියම වේ’’ ශීර්ෂයෙන් වාර්තාවක් පළ වී තිබුණි. ඒ අනුව ‘‘සැඩ සුළං’’ නැරඹූ ආණ්ඩුවේ පරීක්‍ෂක මණ්ඩලය එහි එන ‘‘කවුද මා මැවූ දෙවියා’’ යන වචන සහිත සිංදුව කපා හැරීමට නියම කොට ඇත. අධ්‍යක්‍ෂ ටී. සෝමසේකරන්ට ඒ සිංදුව කපා හරින්නට වූ බවද, ජුනි 03 වෙනිදා චිත්‍රපට​ය පෙන්වන්නේ මේ සිංදුව නැතිව බවත්, මේ සිංදුව අස් කිරීමට තරයේ කියා ඇත්තේ ආණ්ඩුවේ පරීක්‍ෂක මණ්ඩලයේ එක් සභිකයෙකු පමණක් බවද වාර්තා වේ. ආනන්ද සමරකෝන්ගේ නිබන්ධයක් වන මේ ජමුනා රාණි ගැයූ ගීතයේ කොටසක් ඉවත් කර ඇත.

    ‘‘කවුද මා මැවූ දෙවියා
    මා හට පීඩා කරනා
    මා කළෙ කුමක් ද අහෝ
    මෙම දුක් විඳින්නට සදා
    පණුවෙක් සේ දැවෙනා දැල්වෙන උදුනක් මැදෙහි
    හීන වූ නිසා ද අහෝ මා හද උනනා රුධිරේ
    කවුද මා මැවූ...’’

    ‘‘සුඩ සුළං’’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ෆ්ලෝරිඩා ජයලත්ට අධ්‍යක්‍ෂ සෝමසේකරන් වොක්ස්හෝල් මෝටර් රථයක් තෑගී දී ඇත්තේ මේ චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවමින් තිරගතවීම නිසාය. ෆ්​ෙලා්රීඩා වොක්ස්හෝල් රථයක (EN 591) බොනට්ටුව උඩ වාඩි වී සිටින ඡායාරූපයක් 1955 ජුනි 26 වෙනි ඉරිදා ලංකාදීප පත්‍රයේ සීමාසහිත ටකර්ස් සමාගමෙන් පළ කර තිබුණි. එහි මෙසේ ද සඳහන් ව තිබුණි.

    ‘‘වොක්ස්හෝල් රථයට තවත් ජයග්‍රහණයකි. ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට තාරකාවක්වන ෆ්ලෝරිඩා වොක්ස්හෝල් රථයක් තෝරා ගනී. දිනපතා දහස් ගණන් ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් විසින් නරඹනු ලබන ‘‘සැඩ සුළං’’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ෆිල්ම් සිලෝන් සමාගම විසින් සිය දක්‍ෂතම නිළිය වන ෆ්ලෝරිඩාට ඇයගේ විශිෂ්ටතම රඟපෑම නිසා පිරිනැමෙන විශේෂ ත්‍යාගයක් වශයෙන් රු. 15,000කට නොවැඩි ඇය කැමති රථයක් තෝරා ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී ඇය තෝරා ගත්තේ කැඩ්ලැක් සහ ඕපල් නිෂ්පාදකයන් වන ජෙනරල් මෝටර්ස් විසින් සාදනු ලබන වොක්ස්හෝල් රථයකි.’’

    ඉරිදා ලංකාදීප පුවත්පතේ උප කතුවරයකුව සිටි සිනමා ඉතිහාසඥ ඩී.වී. සෙනෙවිරත්න පවසා ඇත්තේ සැඩ සුළං චිත්‍රපටයේ ලතා මංහෙශ්කර් හා මොහොමඩ් රාෆි ගී ගයන බව සෝමසේකරන් ගුවන් විදුලියෙන් හා පුවත්පත්වලින් පූර්ව ප්‍රචාරයක් දුන් බවය. එහෙත් රාෆි එහි ගී නො ගැයූ බවත් ලතාට ගීතය සඳහා රු. 20,000 ක් ගෙවා ඇති බවය. සෙනෙවිරත්න පවසා තිබුණේ චිත්‍රපටයේ සරාගී ගැහැනියක ලෙස රඟපෑ සුජාතා චන්ද්‍රදාස (පරමනාදන්) තම ඇඟ පසඟ දකින සේ ඇඳුම් මාරු කරන දර්ශනය පරීක්‍ෂක මණ්ඩලයේ කතුරට හසු නොවීම පුදුමයක් බවය. සුජාතාට 1956 ලංකාදීප පංච කල්‍යාණි තරගයෙන් තෙවැනි තැන හිමි වී ඇත. ෆ්ලොරිඩා ජයලත් 50 දෙනකුගෙන් යුත් සමූහ නැටුම් දර්ශනය (‘‘ශ්‍රී ලංකා මාතා’’ හා ‘‘ඉදිරියටා යමු සැවොමා’’) පුහුණුවීමට මාස හයක් ගත කළ බව ද ඔහු ‘‘වනිතා විත්ති’’ පුවත්පතට ලියා තිබුණි.

    1955 ජුනි 28 වෙනිදා ‘‘ලංකාදීප’’ පුවත්පතේ මුල් පිටුවේ ‘‘අගමැතිට - සැඩ සුළං, නළු නිළියන්ට තෑගි’’ ප්‍රවෘත්තිය පළ වී තිබුණි.

    අගමැති සර් ජෝන් ​කොතලාවල රත්මලානේ කොතලාවලපුර අභිනවයෙන් ඉදි කළ ‘‘විජිත’’ සිනමා හලේ 1955 නොවැම්බර් 10 වෙනිදා ප්‍රදර්ශනය කළ මුල්ම චිත්‍රපටය වූ සැඩ සුළං සවස 6.30 දර්ශනයට සහභාගී වී එහි නළු නිළියන්ට සම්මාන පිරිනමා ඇත. කළුවර ලීයෙන් තැනූ පිළිරුවක් සහිත මේ සම්මානයක වටිනාකම රු. 150 කි. දර්ශනය අවසානයේ අගමැති නළු නිළි පිරිස කඳවලවත්තේ නිවසට කැඳවා බිත්තර අාප්ප සහිත සංග්‍රහයක් පවත්වා ඇත.

    ‘‘විජිත’’ සිනමාහලේ අයිතිකරු නෙවිල් ප්‍රනාන්දු මහතා මීට වසර අටකට ඉහත මට පවසා සිටියේ තමා ද කඳවලවත්තේ සංග්‍රහයට සහභාගී වූ බවත්, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් විවෘත කළ තම සිනමා හලේ ‘සැඩ සුළං’ මුල් දින උදේ 10.30 හා 2.30, රාත්‍රී 9.30 දර්ශන නොමිලේ ප්‍රදර්ශනය කළ බවය.

    ජයවිලාල් විලේගොඩ විචාරක ලියා තිබුණේ සෝමසේකරන්ගේ සුජාතා (1953) හා සැඩ සුළං (1955) චිත්‍රපට ඔහුගේ නිවුන් සොහොයුරන් කියාය. සිංහල සිනමාවේ සිටි ඉතා දක්‍ෂ ප්‍රචාරක කටයුතුවල විශාරදයා වූ තම්බිරාජා සෝමසේකරන් ‘‘සරදම්’’ (1957), ‘අවිශ්වාසය’’ (1959), ‘‘ගැහැනු ගැට’’ (1959), ‘‘පිරිමියෙක් නිසා’’ (1960), ’’වෙන ස්වර්ගයක් කුමටද?’’ (1963), ‘‘සුබ සරණ සැප සිතේ’’ (1964) හා ‘‘සමාජ සතුරෝ’’ (1969) චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ අතර 1968 දෙසැම්බර් 12 වෙනිදා මිය ගියේය. බීමත්ව කාමරයකට වී සිටියත් ‘‘බීමත්ව මේ කාමරයට ඇතුළු නොවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි’’ යන පුවරුවක් ද එල්ලා තබා මිය ගොස් ඇති බව වාර්තා වේ.


    ඒ.ඩී. රන්ජිත් කුමාර
    ලංකාදීප පුවත්පතෙනි...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    16 Jan 2020 07:35 PM
    සැඩ සුළං චිත්‍රපටයේ ගීත සියල්ලක්ම වාගේ ඉතා ජනප්‍රිය වුවා. අදටත් ඉතා ජනප්‍රියයි.

    මම දැක්කා මේ මස 21 වෙනිදා තරංගනී ශාලාවේ සවස 5 ට මේ චිත්‍රපටය නොමිළේ ප්‍රදර්ශනය කරන වග. ජාතික චිත්‍රපට සංස්ථාව සංවත්සරය නිමිත්තෙන්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Jan 2020 07:57 AM
    30. මාතලන්

    තිරගත කළ දිනය: 1955-08-27

    Main Actor : Shesha Palihakkara
    Main Actress : Clarice De Silva
    Director : A.S. Nagarajan
    Producer : S.M.Nayagam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Jan 2020 08:00 AM
    2019 මැයි 01 දින පලවූ ලිපියකි...

    සිංහල සිනමාවේ සුවිශේෂී කඩඉමක් වූ 'මාතලන්'

    අද වන විට සිංහල සිනමාවට 72 වසරක් සපිරී තිබෙනවා. මේ කාලය තුළ සිංහල චිත්‍රපට 1300කට ආසන්න සංඛ්‍යාවක් මෙහි තිරගතව තිබෙනවා. මින් සමහරක් ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී තිබෙනවා.

    අද මෙන් නොව 1950 දශකයේ දී සිංහල චිත්‍රපටයක් නිපදවීම ඉතා අභියෝගාත්මක කාර්යයක් වුණා. සිනමාකරණයට අවශ්‍ය මූලික පහසුකම් පවා එවකට මෙහි සොයාගැනීම උගහට වූ නිසා ඒවා සොයාගෙන ඉන්දියාවට යාමට අධ්‍යක්ෂකවරුන්ට සිදුවුණා. මෙවැනි බාධක රාශියක් තිබූ නිසාත්, කර්මාන්තයක් හැටියට එතරම් මුල්බැසගෙන නොතිබූ නිසාත් 1950 දශකය නිමවන විට තනා තිරගතව තිබුණේ සිනමාපට 73ක් පමණයි. කෙසේ නමුත් මේ අතරෙන් කිහිපයක්ම ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් අතර මින් අතලොස්සක් පිළිබඳ අදටත් මිනිසුන් සිහිපත් කරනවා. 1955 වසරේ තිරගත වුණු 'මාතලන්' චිත්‍රපටය එවැන්නක්.

    මාතලන් කතා සාරාංශය
    එක්තරා ඉන්දියානු රාජ්‍යයක චිත්‍රාලම්භ නම් කුමාරයෙක් වාසය කරනවා. ඉතා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ඔහුට ඊටම සරිළන මිතුරන් පිරිසක් ද සිටිනවා. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ රට පුරා රෝන්දේ ගැසීම යි. එහිදී හමුවන සුරූපී ළඳුන් සිය ග්‍රහණයට ගැනීම ඔවුන් විසින් සිදුකරනවා.

    චිත්‍රවල්ලී ඉහත රාජ්‍යයේ වෙසෙන ඉතා රූමත් මෙන්ම කටකාර ගොවි තරුණියක්. ඇය ඉතා එඩිතර යි. ඇගේ මව මියගොස් වන අතර ජීවත් වන්නේ පියා සමග යි. එක් දිනක අහම්බයකින් ඇගේ පියා චිත්‍රාලම්භ කුමරුගේ හොඳම මිතුරා වන මහ ඇමති පුත් දුෂ්ටබුද්ධි ගෙන් පහර කනවා. මෙය නොඉවසන චිත්‍රවල්ලී පියාගේ කීම ද නොතකා රජමාලිගාවට යන්නේ කුමරයා බැහැදැක දුෂ්ටබුද්ධිට දඬුවම් පමුණවන්නට යි. ඇය දකින කුමරා රාගයෙන් මත් වන අතර ඇයට හොඳ වේෂයක් මවාපානවා.

    චිත්‍රවල්ලි නැවත නිවසට පැමිණ කමතෙහි තල වේලන අතරතුර කුමරා ඇය සොයා එනවා. අනතුරුව චුම්භනයක් දීම සඳහා අවස්ථාව පතනවා. දඟකාර තරුණියක වන චිත්‍රවල්ලි ඊට කැමති සෙයක් පෙන්වා චුම්භනය දෙන අවස්ථාවේ දී කුල්ල පානවා. මේ සිද්ධියෙන් ඉතා උදහසට පත්වන කුමරු යම් දිනක ඇය සරණ පාවාගෙන ජීවිත කාලයටම සිර කරන බව ශපථ කරනවා. ඒත් සමගම අභියෝගයක් කරන චිත්‍රවල්ලි එසේ කළහොත් යම් දිනෙක ඔහුටම දාව පුතෙක් උපද්දවා කසයකින් ඔහුට තලවන බවට පොරොන්දු වෙනවා.

    රාජ බලතල භාවිතා කරන චිත්‍රාලම්භ කුමරු කියූ ලෙසම චිත්‍රවල්ලි සරණ පාවාගෙන ඇය මාලිගයක සිර කරනවා. එනමුත් ඇයට සියළු රජ සැප දීමටත්, ඇගේ පියාට තාන්න මාන්න මෙන්ම දියණිය බැලීමට අවස්ථාව දීමටත් ඔහු ක්‍රියා කරනවා. සිරගත වන චිත්‍රවල්ලි සිය පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ කෙසේදැ යි කල්පනා කරනවා. හදිසියේම ඇයට අදහසක් පහළ වන අතර කාටත් හොරෙන් නිවසේ සිට ඇය රඳවා සිටින මාලිගයට උමගක් කණින ලෙස සිය පියාට දන්වනවා. චිත්‍රාලම්භ කුමරුගේ මුදල්වලින්ම ඇගේ පියා එය සිදු කරන අතර චිත්‍රවල්ලි ඇය අසල තබා ඇති කාන්තාව බියකර සිය කුටියෙන් පිටකර තබාගන්නට සමත් වෙනවා.

    තමන්ට රිසි සේ නිවසට යන චිත්‍රවල්ලි සිය උපායේ ඉදිරි කොටස ක්‍රියාත්මක කරනවා. චිත්‍රාලම්භ කුමරු විජ්ජා හා නර්ථනවලට කැමති බැව් සොයාගන්නා ඕ කාටත් සොරෙන් නර්ථන කණ්ඩායමකට බැඳී ඒවා ඉගෙනගන්නවා. අනතුරුව ඔවුන් සමග මාලිගාවට ගොස් ඒවා රඟ දක්වනවා. කවදත් ස්ත්‍රී ලෝලියෙකු වූ කුමරු ඒ චිත්‍රවල්ලි බැව් හඳුනා නොගෙන ඇය හාද කරගෙන යහන් ගත වෙනවා. ඇය ගැබිණියක බවට පත් වෙනවා.

    කාටත් හොර රහසේ සිය පියාගේ නිවසේ සිය පුතුට උප්පත්තිය දෙන ඇය ඔහුට 'මාතලන්' යැ යි නම තබනවා. සිය පියා යටතේ සියළු ශිල්ප ශාස්ත්‍ර ඔහුට උගන්වන්නට ඇය කටයුතු කරනවා. ඉතා බුද්ධිමත් මෙන්ම ක්‍රියාශීලී තරුණයෙකු වූ මාතලන් ඉක්මණින් තරුණයෙක් බවට පත් වන අතර සම්පූර්ණයෙන් චිත්‍රාලම්භ කුමරුගේ ස්වරූපයම ඔහුට ලැබී තිබෙනවා.

    නිසි කළ වයස එළඹි පසු මාතලන් සිය මවට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට පටන්ගන්නවා. ඔහු රාජ්‍යයේ විවිධ කලබගෑනි ඇති කර මේ වන විට රජු බවට පත් ව සිටින චිත්‍රාලම්භගේ සිත ව්‍යාකූල කරනවා. මේ අතර වර්තමාන මහ ඇමති දුෂ්ඨබුද්ධි ගේ දියණිය හා හාදවන්නටත් ඔහු සමත් වෙනවා. රජු වහාම ඔහු ඇල්ලීමට භට කණ්ඩායම් යොදන නමුත් ඒවායින් ඔහු ගැලවෙන්නේ රජුට සමාන රූපකායක් තිබීමත්, වැඩි බුද්ධියකින් යුක්ත වීමත්, දුෂ්ඨබුද්ධිගේ දියණියගේ සහාය ලැබීමත් යන කාරණා නිසා යි. ඔහු අල්ලාගැනීම සඳහා වූ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන රජු තනිවම ඔහු ඇල්ලීමට යනවා.

    මාතලන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා රජු ගෝනියක බහා බැඳ දමන්නට ඔහු සමත් වෙනවා. අනතුරුව රජ ඇඳුම් ඇඟලාගන්නා ඔහු තමන් මාතලන් ඇල්ලූ බව භටයන්ට දැනුම් දී රජු සහිත ගෝනිය මාලිගාවට ගෙනයනවා. ජනයා ප්‍රීතිඝෝෂා නගන අතර මාතලන් චිත්‍රාලම්භට කස පහර දෙන්නට සූදානම් වනවා. මේ අතර චිත්‍රවල්ලි මැදට පැන එය නවත්වා දමා රජුටත් ජනතාවටත් කරුණු පැහැදිළි කරනවා. රජු සිය මුග්ධභාවය පිළිගෙන, තමන්ට හොඳ භාර්යාවක් හා පුත්‍රයෙක් සිටීම පිළිබඳ සතුටු වෙනවා. අනතුරුව මාතලන් කුමරුට රජකම භාර දෙනවා.

    මාතලන්හි පාත්‍ර වර්ගයා
    මාතලන් චිත්‍රපටය ලංකාව තුළ මුලින්ම තිරගත වූයේ 1955 වසරේ අගෝස්තු මස 27 වන දා යි. ඒ සිංහල සිනමාවේ 30 වන චිත්‍රපටය ලෙස යි. මෙහි අධ්‍යක්ෂණය ඒ.එස් නාගරාජන් විසින් වන අතර නාගරාජන් හා හියුගෝ ප්‍රනාන්දු මෙහි තිර පිටපත රචනා කොට තිබෙනවා. ශේෂා පළිහක්කාර චිත්‍රාලම්භ කුමරුගේ හා මාතලන් ගේ ද්විත්ව චරිත නිරූපණය කරන අතර, චිත්‍රවල්ලි ලෙස ක්ලැරිස් ද සිල්වා, චිත්‍රවල්ලිගේ පියා ලෙස හියුගෝ ප්‍රනාන්දු, දුෂ්ඨබුද්ධි ලෙස මාක් සමරනායක හා ඔහුගේ දියණිය ලෙස රත්න කුමාරිත් රංගනයෙන් දායක වෙනවා.

    එස්.එම් නායගම් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර කැමරාකරණය කොන්ඩා රෙඩ්ඩි හා සංස්කරණය එල්.එස් රාමචන්ද්‍රන් විසින් සිදුකර තිබෙනවා. මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන් පාහේ සිදුවී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ දී යි.

    මාතලන්හි සාර්ථකත්වයට එහි සංගීතය හා ගීත ඉතා දැඩි සේ රුකුල් දී තිබෙනවා. මෙහි ගීත 12ක් අන්තර්ගත අතර විශේෂත්වය වන්නේ ඉන් එකක් හැර අන් 11ම ස්වතන්ත්‍ර නිර්මාණයන් වීම යි. මෙහි සංගීතය ආර්. මුත්තුසාමි විසින් සිදුකර ඇති අතර ගී ගායනය ධර්මදාස වල්පොළ හා ලතා වල්පොළ විසින් සිදුකර තිබෙනවා. විශේෂයෙන් මෙහි අඩංගු වූ 'සිරිනි සරුසර වීලා', 'රන්වන් දුල් කරලින් පැසිලා', හා 'හනික යමන් පුල්ලි ගොනෝ' වැනි ගීත අතිශය ජනප්‍රිය වුණා.

    ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාර
    මාතලන් චිත්‍රපටය ඉන්දියානු ජනකතවක් අනුසාරයෙන් තැණුනු චිත්‍රපටයක්. මේ සඳහා එම ජනකතාව යොදාගෙන තැණුනු දමිළ චිත්‍රපටවල ආභාෂය ගෙන ඇති අතර පිටපත මෙන්ම ඇඳුම් ආයිත්තම් ද දමිළ ඌරුවට සෑදී තිබෙනවා. කෙසේ නමුත් මෙය ලාංකීය ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය වුණා. මෙහි ප්‍රබල තිර පිටපත ඊට ප්‍රධානතම සාධකයක් වුණා. එහි ආරම්භයේ සිටම අවසානය දක්වා ගලායාම ඉතාමත් සුමට වන අතර ප්‍රේක්ෂක අවධානය නොකැඩී තබාගන්නට සමත් වෙනවා. මෙය හා හොඳ මට්ටමක ඇති රංගනයත් විශිෂ්ට සංගීතයත් මුසු වූ විට කුහුලින් යුතු ඉතා රසවත් නිර්මාණයක් ප්‍රතිඵල වී තිබෙනවා. විචාරකයින් මෙය වාණිජ්‍ය පැත්තට බර නිර්මාණයක් සේ නම් කළ ද සරල රසවින්දනය හේතුවෙන් සම්භාව්‍ය හා එසේ නොවන යන ප්‍රේක්ෂක දෙවර්ගයාගේම ප්‍රසාදය දිනාගැනීමට සමත්ව තිබෙනවා. මෙය කෙතරම් ජනප්‍රිය වී ද යත් පසුකාලීනව නැවත සංස්කරණය කරන ලද පිටපත් ද තිරගත කෙරුණා.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    28 Jan 2020 08:24 PM
    මම මේ මාතලන් චිත්‍රපටිය මුලින්ම බැලුවේ ගුවන් විදුලියෙන්.

    ඔව්. ගුවන් විදුලියෙන්.

    ඔය චිත්‍රපට මුලින්ම ටීවී එකේ පෙන්වන කාළයේ මාසෙකට එකක් දෙකක් වගේ තමා ටීවී එකෙත් ගියේ... හරිම අගේ ඒ කාලේ නම්.
    ඒ කාලේ රේඩියෝ එකත් පටන් ගත්තා මාසෙකට එක ෆිල්ම් එකක් පෙන්නන්න. දෙබස් යන අතරතුරේ නිවේදකයෙක් කියනවා සමහර දර්ශන විස්තර කරලා. ෆිල්ම් එක හිතේ මැවිලා පේන විදිහට. රාත්‍රී 9.30 ඉඳල පාන්දර එක විතර වෙනකන්ම ඉතින් ෆිල්ම් එක යනවා. ඒ කාලේ මකම ගුවන් විදුලි නාට්‍ය රස විඳින්න පුරුදු වෙලා තිබුණු නිසා මේ ආකාරයට චිත්‍රපටයක් රස විඳින එකත් හරිම අපුරු අත්දැකීමක් වුණා. අනෙක අපිට කුඩා කාලයේ නිවසේ රුපවාහිනියක් තිබ්බෙ නැහැ. (හොඳ වෙලාවට )

    මාතලන් චිත්‍රපටයත් ඒ වගේ රස විඳපු එකක්. කාට හරි මතකද මම කියන කාරණාව?

    'සිරිනි සරුසර වීලා', 'රන්වන් දුල් කරලින් පැසිලා', හා 'හනික යමන් පුල්ලි ගොනෝ'
    මේ ගීත ප්‍රචාරය වුනා මතකයි. විශේෂයෙන්ම තල නෙලන ගීතය.


    රන් වන් දුල් කරළින් පැසිලා
    නැමිලා බරවීලා
    තල වැවිලා රමණී සෝබා
    කෙත්වතු පිරිලා සාරා
    ඕ කෙත්වතු පිරිලා සාරා//

    ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා//
    මිටි බැඳලා හිස මත ගනිමූ
    යාමූ පෙළ සෑදීලා///
    මිටි බැඳලා හිස මත ගනිමූ
    යාමූ පෙළ සෑදීලා
    බටලී සංගීතේ මතු ගවයෝ රැඳේයා
    ගොපලුන් හා මිහිරේ වෙළිලා
    යාවී රංචු හෝයියා///
    රන්වන් දුල් කරලින් පැසීලා.......

    මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා//
    තල වේලා පොල් අතු හැරලා
    කමතේ පිරි ධාන්‍යා///
    තල වේලා පොල් අතු හැරලා
    කමතේ පිරි ධාන්‍යා
    සැම දෙයියා පිහිටාධාරෙන් කරුණා ලැබීලා
    ගම සාරයි හාමත දුරු වෙයි
    ගොවිසෙත ප්‍රීතී හෝයියා///

    රන්වන් දුල් කරලින් පැසීලා.......
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    29 Jan 2020 07:02 AM
    මදුරන්ග මතකයන් අලුත් කලා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    29 Jan 2020 08:40 AM
    බොහොම ස්තුතියි මේ විස්තර වලට ............
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 11:56 AM
    31. පෙරකදෝරු බෑණා

    තිරගත කළ දිනය: 1955-10-14

    Main Actor : Baby Nimal , Eddy Jayamanna
    Main Actress : Rukmani Devi
    Director : A.B. Raja
    Producer : Willi jayamanna , B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 11:58 AM
    පෙරකදෝරු බෑණා

    සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත් එල්පිනිස්ටන් ප්‍රමුඛ සිනමාශාලාවලදී තිරගත කෙරුනු " පෙරකදෝරු බෑණා " ප්‍රදර්ශනය ඇරඹුනේ 1955 ඔක්තෝබර් 10 වෙනිදාය.එය සිංහල සිනමාවේ තිස්වන චිත්‍රපටය වන්නේය.

    ජයමාන්න සිනමාටෝන් සමාගමේ කුළුඳුල් චිත්‍රපටය වන “ පෙරකදෝරු බෑණා ” නිපදවනු ලැබුවේ B.A.W.ජයමාන්නගේ සොහොයුරෙකු වන විලී ජයමාන්න විසිනි. එවකට ප්‍රකට නාට්‍ය රචකයෙකු වූ S.D.ස්ටීවන් සිල්වාගේ නාට්‍යයක් ඇසුරෙන් සකස්කරන ලද “පෙරකදෝරු බෑණා” හි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ A. බාස්කර් රාජ් විසිනි. කැමරා ශිල්පියා B.S.මානි ය. සහය අධ්‍යක්ෂණය සඳහා ස්වර්ණ ශ්‍රී සරත්වීර දායක විය. චිත්‍රපටයේ සංස්කරණ කටයුතු C.රාජන් විසිනුත්, ශබ්ද පරිපාලනය P.කන්දප්පන් විසිනුත්, නැටුම් පුහුණුව ශ්‍රී.රාමමූර්ති විසිනුත්, වේශ නිරූපණය K.K.ශ්‍රීනිවාසන් වෙතිනුත් ඉටුකෙරින. මෙහි සංගීත අධ්‍යක්ෂණය B.S.පෙරේරාගෙනි. ගීත ප්‍රබන්ධය කරනු ලැබුවේ ප්‍රකට ගුවන්විධුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ ආනන්ද සරත් විමලවීරය. “ පෙරකදෝරු බෑණා ” ට ඇතුළත් කෙරුණු ගීත නවයෙන්, අටක් සවතන්ත්‍ර නිර්මාණ ලෙස සැලකිය හැකිය. රුකමනි දේවී ගායනා කරන තනිවුනා ප්‍රේම සහරාවේ යන ගීතය පමණක් හින්දි ' අමර් ' චිත්‍රපටයේ ගීතනුවක් අනුව සකස්කර තිබින.

    (1) වනමලේ පිනිබිඳේ (රුකමනි දේවී )

    (2) ආදර නදිය ගලා (මොහොදීන් බෙග් සහ රුක්මනි දේවී)

    (3) වනබඹරා (රුක්මනි දේවී)

    (4) මාගේ පෙම්වතා (රුක්මනි දේවී)

    (5) තනිවුනා ප්‍රේම සහරාවේ

    (6) හද සිදුරු වුනා මාගේ (මොහොදින් බෙග් සහ රුක්මනි දේවී

    (7) මුහුදේ පතුළේ කිමිදී (මොහොදින් බෙග් / රුක්මනි දේවී

    (8) පාපේ ගැලිලා (මොහ්දින් බෙග්)

    (9) සිතූ දේ ලොවේ (රුක්මනි දේවී

    (10)නැතුම් වාදනය යන ගීත එකසේ ජනප්‍රිය වූ බව සඳහන් කළයුතුය.

    එම ගීත WN567- WN568- WN569- WN570- WN570- WN571 යන අංක යටතේ HMV වෙළඳ තැටි මඟින් වෙළඳපළට නිකුත් කරන ලදි. නළුනිළි එඩී ජයමාන්න ( ගුණතිලක රාළහාමි ), රූබි ද මෙල් නොහොත් විනෝද රසාංජලි ( මැණෛකේ ), රුක්මනි දේවි ( මාලිනි ), විලියන්ට් සිල්වා ( ලලිතා ), සිසිර පියසේන ( ගාමිනි සිරිවර්ධන ), පී.සරණතිස්ස ( ඇලෙක්ස් වල්පොල ), ග්‍රේෂන් ජයමාන්න ( සාදප්පු කංකානම ), ආනන්ද සිරිවර්ධන ( ඇලෙක්ස් සිල්වා ), ස්වර්ණ ශ්‍රී සරත්වීර ( සේතුවා ), නිමල් අබේ වික්‍රම ( දොස්තර ), රත්නා අබේරත්න ( ශීල ) ඇතුළු තේඩියස් සිල්වා, කේ.රාජපක්ෂ, නෝමන් පෙරේරා, ප්‍රේමා ජයතිලක ආදී අතිරේක නළු නිළියන් දායක වූහ.

    පෙරකදෝරු බෑණා සංශිප්ත කතාව

    ගුණතිලක රාළහාමි, සිංහල සිරිත් විරිත් අකුරටම ගරු කරන ප්‍රතිපත්ති ගරුක වගේම ඉඩම් හිමි ධනවතෙකි. ඔහුගේ පළමු විවාහයෙන් ලත් දියණිය මාලිනිය.ඇයද සිය පියාගේම අඩිපාරේ යමින් විනීත ගති පැවතුම් වලින් හා කුලසිරිත් ගරුකරන රූමත් තරුණියකි. ඇයගේ මෑණියන් මිය පරළොව යාමෙන් පසුව රාළහාමි දෙවෙනි විවාහයක් කරගත්තේය. දෙවෙනි බිරිඳගෙන් ලද දියණිය ලලිතාය. ඇය මාලිනි මෙන් නොව සංකර සිරිත් විරිත් මහත් අභිමානයෙන් සලකන්නියකි. එම ගති සිරිත් ඇයට පුරුදු පුහුණු වූයේ තම මෑණියන් වන මැණිකේ ගෙනි. නාගරිකව වෙසෙන වත්පොහොසත්කම් ඇති කඩවසම් තරුණයෙකු වූ ගාමිණි සිරිවර්ධන මාලිනිගේ පෙම්වතා බවට පත්වූයේ ගුණතිලක රාළහාමිගේ අනුමැතිය හා ආශිර්වාදය නොමදව ලබමිනි. එහෙත් තම දෙවෙනි දියණිය ලලිතා, තම පෙම්වතා ලෙස තෝරාගනු ලැබුවේ ඇලෙක්ස් වල්පොල නමින් හැඳින්වෙන පෙරකෝදෝරුවෙකි. එම සම්බන්ධයට ලලිතාගේ මෑණියන් විරෝධය නොපෑ නමුත් රාළහාමි තුළ එතරම් පැහැදීමක් ඇති නොවීය. සාදප්පු කංකානම- ගුණතිලක පවුලේ හිතවතෙකි. ඔහු ලක්ෂ්මන් නම් පුතෙකුගේ සහ ශීලා නම් දියණියකගේ ආදරබර පියෙකි.

    මේ අතර හොර ජාවරම් කරමින් යහමින් හරි හම්බකරගත් හෙක්ටර් සතුරුසිංහ නමැති සල්ලාලයෙකු ශීලා විවාහ කරගැනීමේ අභිප්‍රායයෙන් නිතර නිතර ඇයගේ නිවසට යාම් ඊම් කළේය.සතුරුසිංහගේ ධනවත්කම විනා ඔහු කපටි කයිරාටික සල්ලාලයෙකු වග නොදත් සාදප්පු කංකානම, තම දියණියට ඔහු විවාහ කරදීමට තීරණය කරගෙන තිබුනි. එහෙත් සතුරුසිංහගේ ක්‍රියා කලාපය හොඳින්ම අධ්‍යනය කරගෙන සිටි ශීලා සතුරුසිංහව පිළිකෙව් කොට පාසල් අවධියේ පටන් ඇසුරු කළ ආනන්ද සිරිවර්ධන සමඟ පෙම්දමින් බැඳී සිටියාය. ආනන්ද සිරිවරධන වූ කලි මාලිනි සමඟ විවාහ ගිවිසගෙන සිටින ගාමිණි සිරිවර්ධනගේ එකම සොහොයුරාය.

    ශීලාගේ සහ ආනන්දගේ සබැඳියාව දැනගත් හතුරුසිංහ කෝපයෙන් සහ වෛරයෙන් දැවෙන්නට වූයේ, ආනන්දගෙන් පළිගන්නා අටීයෙනි. හතුරුසිංහගේ හතුරුකම් පිළිබඳ දැනගත් ශීලා සහ ආනන්ද රහසින් පැනගොස් විවාහ වූහ.ඉන්පසු ඔවුන් හතුරුසිංහගෙන් ගැලවීම සඳහා කිසිවෙකුටත් නොදැනෙන සේ රහසින් ජීවත්වන්නට අදිටන් කරගත්හ.ඉන් පසුබට නොවුනු හතුරුසිංහ කෙසේ හෝ ඔවුන් සොයාගැනීමට වෙහෙසුනේය. ගාමිණිගේ සොයුරු ආනන්ද සාදප්පු කංකානමගේ දියණිය පැහැරගෙන ගොස් ඇතැයි යන සැකයෙන් පෙළුනු රාළහාමි, මාලිනි-ගාමිණි විවාහයට එරෙහි වූයේය.ඔහු කලින් ගෙන තිබූ තීරණය එසේ වෙනස් කළද ගාමිණි වෙත බැඳුනු මාලිනිගේ ආදරය කිසිසේත්ම වෙනස් නොවුනේය.

    මේ අතර සතුරුසිංහ ආනන්ද සහ ශීලා සොයමින් රටපුරා ඇවිදින අතරතුරේද ඔහුගේ මෝටර් රථය හදිසි අනතුරකට භාජනය වීමෙන් ගිනිගත්තේය. එම මහා ගින්නෙන් බේරිගත නුහුනු හතුරුසිංහ තමා කළ සියළුම පාප කර්මයන්ට වන්දි ගෙවන්නාසේ ගිනිගෙන දැවෙන රථය තුළදීම මියගියේය. මෙම සියළු කරුණු කාරණා සැකවින් තේරුම්ගත් ගුණතිලක රාළහාමි - ගාමිණි සහ මාලිනි අතර විවාහයත් ඇලෙක්ස් සහ ලලිතාගේ විවාහයත් එකම දිනයක සිදුකිරීමට යුහුසුළු වූයේ සියල්ලෝම සතුටින් ඉපිලෙමිනි.

    අවසානයේදි විවාහයන් සිදුකිරීමෙන් පසු රාළහාමි සහ මැණිකේ තම දූවරුන් හා බෑණාවරුන් සමඟ දඹදිව වන්දනා ගමනක් යාමට සූදානම් වූයේය.

    -කලාභූෂන වැළිහිඳ මුනිරත්න-
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 12:20 PM
    32. පොඩි පුතා

    තිරගත කළ දිනය: 1955-11-25

    Main Actor : Ananda Weerakoon , Sirisena Wimalaweera
    Main Actress : Pushpa Janet
    Director : Sirisena Wimalaweera
    Producer : Sirisena Wimalaweera
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 12:21 PM
    1955 වසරේ තිරගත කරන ලද චිත්‍රපට අතරින් බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූයේ සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයයි. විමලවීරයන් යනු තනිවම චිත්‍රපටයක් නිෂ්පාදනය කළ මෙන්ම තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන ලද මුල්ම ලාංකිකයා ද විය. විමලවීර මාස්ටර් සිනමාවට පිවිසෙන්නේ ද නාට්‍යකරුවකු ලෙසය. ඔහු සිනමාවට පිවිසෙනුයේ අම්මා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලීමෙනි. සීදේවි, පිටිසර කෙල්ල, සරදියෙල්, අසෝකා, පොඩි පුතා, සිරකරුවා, එකමත් එක රටක, මා ආලේ කළ තරුණිය ඔහු නිර්මාණය කරන ලද සෙසු චිත්‍රපට විය. අශෝකා හැර ඔහුගේ සෙසු සියළු චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ නව ජීවන චිත්‍රපට වෙනුවෙනි. එමෙන්ම පිටිසර කෙල්ල චිත්‍රපටයේ සිට සියලු චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ ඔහු විසින්ම කිරිබත්ගොඩ ඉදි කරන ලද නව ජීවන චිත්‍රාගාරයේය. දේශීය සිනමාවක අවශ්‍යතාව වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක නියැළුණු විමලවීරයන්ගේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සැළකෙනුයේ පොඩි පුතාය. ගාමිණී වේරගම විසින් ලියන ලද දේශිය සිනමා වංශය ග්‍රන්ථයේ සඳහන් වන පරිද්දෙන් පොඩි පුතා යනු 1970 දශකයේදී සුහුඹුළුව වැඩෙන සමාජ යථාර්ථ රීතියේ මුලබීජ අවිධිමත්ව හෝ ගැබ් වූ ප්‍රථම චිත්‍රපටය වන්නේය. එපමණක් නොව ඔහු පවසන පරිද්දනේ එහි හොඳම රංගනය ද විමලවීරයන්ගේය.

    නම පොඩි පුතා වුව ද මේ චිත්‍රපටයේ කතාව ගෙතුණේ පියා වටාය. සුද්දප්පු හෙවත් සුදු මාමා ගේ චරිතය රඟපෑවේද විමලවීරයන්ය. මේ ඔහුගේ ප්‍රථම සිනමා රංගනයයි. ධනවත් ව්‍යාපාරිකයකු යටතේ සේවය කරන ඔහුට පුතුන් දෙදෙනෙකි. නීතිඥවරයකු වෙන්නට වෙර දරන වැඩිමල් පුතා වෙනුවෙන් වැය කරන්නට සිදුවීමෙන් පොඩි පුතාගේ ඉගෙනීම නතර වෙයි. ඉඩම් උගස් කර පුතුට ඉගැන්වීමෙන් අවසන් විභාගයට මුදල් යැවීමට නොහැකි වෙයි. ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන්සීයක් සොරකම් කරන පොඩි පුතා තෙවසරකට සිර ගෙට යයි. පියා නීතිඥවරයකු වූ ලොකු පුතා සමඟ ජීවත් වුව ද ලේලියගේ ක්‍රියා නිසා මහ මඟට වැටෙයි. සිරෙන් නිදහස් වන පොඩි පුතා රැකියාවක් කරමින් පියා ද රැක බලා ගනී. අවසානයේ සිදුවන සොයුරන්ගේ අරගලයේදී පියා මිය යයි.

    පොඩි පුතා 1956 වසරේ පැවැත් වූ මෙරට මුල්ම සිනමා සම්මාන උළෙල වන දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. උසස් සිංහල චිත්‍රපටයක් කවදා හෝ නවජීවන චිත්‍රාගාරයෙන් බිහි වෙතැයි සරදියෙල් තුළින් අප තබා ගත් බලාපොරොත්තු ඉටු කරමින් සිරිසේන විමලවීරගේ පොඩි පුතා 1955 චිත්‍රපටය වර්ෂය අවසාන කළේ දෝෂයෙන් යුක්තව තිබූ අපේ චිත්‍රපට කලාව සෝදා පිරිසිදු කර හැරීමෙන් යනුවෙන් ජයවිලාල් විලේගොඩ දිනමිණ පුවත්පතට ලිව්වේය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 03:59 PM
    33. දොස්තර

    තිරගත කළ දිනය: 1956-02-02

    Main Actor : Eddy Jayamanna
    Main Actress : Rukmani Devi
    Director : K. Shankar
    Producer : K.Gunarthnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 04:02 PM
    1956 වසරේ පෙබරවාරි 02 වෙනිදා තිරගත වූ 32 වැනි සිංහල චිත්‍රපටය වූ ‘‘දොස්තරට’’ පසුබිම් වී ඇත්තේ ද මෝලියර් ගේ කතාවකි. මේ කතාව ඇසුරෙන් 1942 වසරේ කේ. (කන්නන්) ශංකර් නම් මලයාලම් අධ්‍යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කළ ‘‘එන් මානවී’ (En Manaivi) නම් දෙමළ චිත්‍රපටය නිපදවී ඇත. එය මෝලියර්ගේ My Wife නම් කතාව ඇසුරෙන් වල්ලිපුරම් සෝමනාදන් විසින් දෙමළ චිත්‍රපටයේ කතාව හා දෙබස් ලියා ඇත. 2000 වසරේ සිංහල සිනමාවේ තිඹිරිගෙය සොයා දකුණු ඉන්දියාවට ගිය මියගිය මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුල කෝඩ බක්කම්හි පිහිටි වල්ලිපුරම් සෝමානදන්ගේ නිවසට ගොස් ඇත. ‘‘දොස්තර’’ චිත්‍රපටයේ කතාව සකස් කළ ඔහු ලංකාවට පැමිණ බම්බලපිටියේ ග්‍රීන්ලන්ඩ් හෝටලයේ නැවතී සිට සිරිසේන විමලවීරට දොස්තර චිත්‍රපටයේ කතාව කියූ බවත් ඔහු එය සිංහලට පරිවර්තනය කළ බවත් සෝමනාදන් පවසා ඇත.
    ‘‘දොස්තර’’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ය. සිනමාස් චිත්‍රපට මීට පෙර නිපදවා තිබුණේ මදුරාසියේ මොඩර්න් චිත්‍රාගාරයේ වුවද දොස්තර නිපදවූයේ මදුරාසියේ A.V.M. චිත්‍රාගාරයේ දී වීම විශේෂයකි. මීට වසර 71 කට ඉහත ඒ.ඩී. මෙයියප්පන් ආරම්භ කරන ලද A.V.M. චිත්‍රාගාරයේ දී 1955 ආරම්භ කළ ‘‘දොස්තර’’ ඇතැම් දර්ශන රූගත කරනවා බැලීමට මෙයියප්පන් හා බිරිඳ රත්මලානේ ගුවන්තොටුපළට පැමිණි විට කේ. ගුණරත්නම් පිළිගත් ඡායාරූප එකල පුවත්පත්වල පළ වී තිබුණි. දොස්තර චිත්‍රපටයේ රඟපෑ (දොස්තර ලෙස) එඩී ජයමාන්න සමග භාරතීය චිත්‍රපට නළු භගවාන් ඩාඩා (Bhgawan Dada) රඟපෑම ද සුවිශේෂ සිද්ධියකි. ලංකාවේ තිරගත වූ අල්බේලා හින්දි චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස විකට චරිතයක් රඟ පෑ භගවාන් අපේ විකට රාජා වූ එඩී ජයමාන්න සමග ‘දොස්තර’ චිත්‍රපටයේ ඇත්තටම ගහගත් බව පැවසේ. යකෙකුටවත් බය නැති දොස්තර පණ්ඩිතරත්නගේ චරිතය රඟපාන එඩී ජයමාන්නගෙන් බෙහෙත් ගැනීමට ලොකු අරක්කු බෝතලයක් රැගෙන එන දර්ශනයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි කහවලට මතකය.
    ‘‘දොස්තර’’ ප්‍රචාරක පත්‍රිකාවක භගවාන් ගැන මෙසේ සඳහන්ව තිබිණ.

    ‘‘හින්දි තිරයේ සිය නම තැනක තබා ගත් ඉහළම විකට රජා භගවාන්ව හඳුනති ලොව හැම කෙනෙක්ම චිත්තර පටියෙහි ‘‘දොස්තර’’ රඟ පා දෙන රස මතුකර ඔහු පිළිබඳ මොටද ඉතින් කරන්න වැඩිපුර විස්තර

    ‘‘දොස්තර’’ චිත්‍රපටයට විශාල වියදමක් දරා ජීව වර්ණයෙන් එක් කරන ලද නැටුමක් නිසා සිංහලෙන් මේ තාක් නිපදවන ලද ඉතාමත් නේත්‍රාංජන චිත්‍රපටය විය හැකි බව පෙනෙන බව සිනමාස් සමාගම විසින් ප්‍රකාශයට පත් ‘‘කලා’’ පුවත්පතේ (1956 සැප්තැම්බර් 05) පළ වී ඇත. 1956 අගෝස්තු මාසයේ අරඹා ඇති ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්‍රයක් වන ‘‘කලා’’ පත්‍රයේ ආරම්භ කර්තෘ පත්‍රකලාවේදී මාරක කතා ලිවීමේ සූරයකු වූ ඇස්. පියසේනය. මේ පත්‍රයේ “ජීව වර්ණ නැටුම් වලින් හා අමද්‍යප නැටුමින් දොස්තර අලංකාර වේ” යන ප්‍රවෘත්තියෙන් භගවාන් සහ තරුණියන් 25 දෙනෙකු නටන අමද්‍යප ව්‍යාපාරයට රුකුල් දෙන නැටුමක් නිසා චිත්‍රපටයේ අාධ්‍යාත්මික වටිනාකමද වැඩි වන බව පෙනෙන බව සඳහන් කර ඇත. 1913 උපන් භගවාන් 2002 දී මිය ගියේය.

    එ​තෙක් (1947 - 1955 දකවා) බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා චිත්‍රපටවල පමණක් රඟ පෑ එඩී හා රුක්මණී වෙනත් චිත්‍රපට සමාගමක විත්‍රපටයක රඟ පෑ මුල් අවස්ථාව සනිටුවන්නේ දොස්තර චිත්‍රපටයෙනි. සිනමාස් සමාගමේ වජ්‍ර ජයන්ති වර්ෂය ඇරඹී ඇත්තේද දොස්තර චිත්‍රපටයෙනි. ශ්‍රී ලංකාවේ මුල් වරට චිත්‍රපට නිළියකගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයක් නිකුත්කර ඇත්තේද ‘‘දොස්තර’’ චිත්‍රපට තිරගතවීම නිමිත්තෙනි.
    ඒ කෘතියේ නම ‘‘මගේ ජීවිත විත්ති’’ ය. කතුවරිය රුක්මණී දේවිය. රුක්මණී ​දේවි විසින් 1955 වසරේ සිට සතිපතා ඉරිදා ලංකාදීප පත්‍රයට ලියන ලද ලිපි එකතුවකි මේ. මේ ලිපි පෙළ රුක්මණී වෙනුවෙන් රචනා කළේ ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි කරුණාසේන ජයලත් විසිනි. මේ පොත ලක්ෂණ ඡායාරූප සහිත රසවත් පොතක් ලෙසත් එහි මිල රු. 2.00 ක් බවත් සිනමාස් සමාගමේ පළකර තිබූ වෙළෙඳ දැන්වීමක සඳහන්ව තිබුණි.
    ‘‘දොස්තර’’ කතාව විකාශය වෙන්නේ මෙසේය.

    පණ්ඩිතරත්න කාල සටහනක් අනුව වැඩ කරන දොස්තරවරයෙකි. එක් දිනක් ඔහු ගමනක් ගොස් වේලාසන ගෙදර පැමිණියේය. ජනේලය හැර පාර දිහා බලන ඔහුට දකින්නට ලැබුණේ සයිකල් අනතුරකට ලක් වූ තරුණියකි. සිහිසුන්ව බිමට වැටීමට ඔන්න මෙන්න තිබිය දී එතැනට ගිය දොස්තර පණ්ඩිතරත්න ඇය අල්ලා ගත්තේය. ඔහු ඇයට ප්‍රථමාධාර දීමට සිය ගෙදරට කැඳවා ගෙන ගියේය.

    ‘එන්න මේ තියෙන්නේ මගේ ගෙදර’ දොස්තර කියනු ඔහුගේ බිරිඳ කාන්තිට ඇසිණ.

    කාන්තිට තම සැමියා ගැන සැක සිතුණි. ඇය මේ සිද්ධිය වරදවා සිතුවාය. තම සැමියා ඇය සමග කාමරයට වී කරන්නේ පෙම්බස් කීම යයි සැක කළ කාන්ති අතරමග හමුවන මේ තරුණියට ඔහු සැබවින්ම ආදරය කරන්නේ යයි ඇය සැකකළාය.

    මේ තරුණියගේ නම චන්ද්‍රාය. ඇය නළඟනකි. එහෙත් දොස්තර ඇය මෙයට පෙර දැක නැත. දොස්තර චන්ද්‍රා සමග ඇගේ නිවසට ගියේ ඈ තනියම යාම පරෙස්සම් නැති නිසාය. දොස්තර තම බිරිඳ වූ රූමත් කාන්තිට හොඳටම ආදරේය. කාන්තිත් තම සැමියාට ඒවගේම ආදරේය. එහෙත් කාන්ති දොස්තර සැකකරයි. කාන්තිට පණමෙන් ආදරේ කළත් දොස්තර ද ඇය සැක කරයි.

    කාන්ති කැලණි විහාරයට යන වන්දනා ගමන් ද මේ සිද්ධියට පසු වැඩිවෙන්නට විය. තම බිරිඳ සැක කරන ​දොස්තර ඇය ගැන විපරමින් සිටියේය. කාන්ති එදා අහම්බෙන් අනතුරකදී තම සැමියාට හමු වූ චන්ද්‍රා වැටී සිටි ස්ථානයට ගියාය. බයිසිකලය තිබූ තැන තිබී කාන්තිට තරුණයකුගේ ඡායාරූපයක් හමු විය. කාන්තිට මෙය ප්‍රහේළිකාවකි. මේ ඡායාරූපය කාන්ති පරෙස්සමෙන් තබා ගත්තාය. වරෙක ඇය ඒ ඡායාරූපය කොට්ටය යට තබා සිටි අවස්ථාවක සැමියාට හමු විය. මේ නම් බිරිඳ හා පෙම් බඳින තරුණයාගේ ඡායාරූපය යයි ඔහු සිතයි. දොස්තර මේ තරුණයා කවුදැයි රට පුරා සෙවීය.

    රංජිත් නළඟනක් වූ චන්ද්‍රාට ආලය කළේය. ඔහු ධනවත් පවුලක තරුණයෙකි. ඔහු ආලය කළ තරුණිය දුප්පත් නළඟනක් වීම ගැන ඔහුගේ මිත්‍ර කල්‍යාණප්‍රිය කැමති නොවීය. තම මිතුරාගේ කීමට පිටු පෑ රංජිත් චන්ද්‍රා සමග විවාහ ගිවිස ගත්තේය. එදා චන්ද්‍රා අනතුරට පත් වූ ස්ථානයේදී තිබී දොස්තර බිරිඳට හමු වූයේ රංජිත්ගේ ඡායාරූපයකි.

    මිනිසුන් දෙස ඉතා විමසිල්ලෙන් බලමින් ඡායාරූපයේ සිටි තරුණයා සොයා යන දොස්තරට නොයෙක් අතවරවලට මුහුණ දීමට සිදුවෙයි. අන්තිමට දොස්තරට රංජිත් හමුවෙයි. තමා පෙම්වතිය වූ චන්ද්‍රාට දුන් ඡායාරූපය වෙනෙකකු අතට පත් වී තිබෙනු දුටු රංජිත්ගේ මොළය අවුල් විය.

    ‘‘කෝ චන්ද්‍රා මම දුන්න මගේ පින්තූරය?” රංජිත් අසන විටය චන්ද්‍රාට පින්තූරය සිහියට ආවේ.

    චන්ද්‍රා සිතා සිටියේ රංජිත්ගේ පින්තූරය කොහේ හෝ ඇති කියාය. එයට සිදු වූ ඇත්ත සිද්ධිය චන්ද්‍රා දැන නොසිටියාය. රංජිත් පින්තූරය ඉල්ලූ නිසා ඇය එය හැම තැනම සොයා බැලුවාය. එහෙත් එය සම්බ නොවුණි. මේ නිසා රංජිත් හා චන්ද්‍රා අමනාප විය.

    මේ අතර රංජිත් දොස්තර සොයා ඔහුගේ නිවසට ගියේය. ගමනක් ගොස් සිටි දොස්තර වෙනුවට රංජිත්ට හමු වූයේ ඔහුගේ බිරිඳ කාන්තිය. චන්ද්‍රා හා දොස්තරගේ සිද්ධිය කාන්ති රංජිත්ට විස්තර කළ පසු රංජිත් චන්ද්‍රා ගැන තිබූ සැකය වඩාත් තහවුරු විය.

    ඉන්පසු රංජිත් චන්ද්‍රා සොයා ගියේය. චන්ද්‍රාට මේ සියල්ල ප්‍රහේලිකාවකි. ඇය රංජිත් ගැන සිතමින් කාලය ගත කළාය. රංජිත් තමාව මෙසේ සැක කරන්නේ ඇයි? මේ සියල්ලටම මුල හිටි හැටියේ රංජිත්ගේ ඡායාරූපය අතුරුදන් වීමය. මේ අවුලට මුල කාන්ති අතට රංජිත්ගේ ඡායාරූප පත්වීමය. චන්ද්‍රා බැරිම තැන දොස්තර හමුවීමට ගියාය. මේ අතර රංජිත් චන්ද්‍රා සොයා එන විට දැනගන්නට ලැබුණේ ඇය දොස්තර ගෙදරට ගිය බවය. චන්ද්‍රා අවේලාවේ තම නිවසට පැමිණි බව දැනගත් දොස්තර කලබලයට පත්වෙයි. මහා විනාශයක පෙර මග ලකුණු දුටු දොස්තර චන්ද්‍රාව අල්මාරියක දමා වැසීය. මේ අතර රංජිත් ද දොස්තර සොයා පැමිණියේය. රංජිත්ගේ පැමිණීමෙන් ගේ තුළ සිට පැමිණි කාන්ති කලබලයට පත් විය. සැමියා පැමිණියොත් තමා අවිශ්වාසයට පත්වෙන බව කාන්ති දැන ගත්තාය. ඇය කළේ රංජිත්ව කාමරයක දමා වැසීම ය.

    අල්මාරිය තුළ සිර වී සිටීමෙන් අපහසුවට පත් චන්ද්‍රා එහි තුළ දඟලන්නට පටන් ගත්තාය. රංජිත් ද කාමරය කඩා එළියට පැන්නේය. සියලු දෙනාම එක් වූහ. ඔවුන්ගේ කතා බහෙන් සියලු සත්‍යය අනාවරණය වෙයි. මේ සියලු දෙයම සිදු වූයේ අවිශ්වාසය සැකය නිසා බව හෙළි වෙයි.

    දොස්තර පණ්ඩිතරත්න ලෙස එඩී ජයමාන්නත්, චන්ද්‍රා ලෙස රුක්මණී දේවි ද රංජිත් ලෙස හර්බට් එම්. සෙනවිනරන්න ද කාන්ති ලෙස කාන්ති ගුණතුංග ද ප්‍රධාන චරිත රඟ පෑ දොස්තර චිත්‍රපටයේ බණ්ඩා ලෙස හියුගෝ ප්‍රනාන්දු, මැණිකා ලෙස උදුලා දාබරේ, මාක් සමරනායක, ශාන්ත රසාදරී, විනෝදා රසාංජලී, ශාන්ති ලේඛා රඟපෑහ. චිත්‍රපටයේ දෙබස් කේ හියුගෝ ප්‍රනාන්දුගෙනි. කතාව කියා නාමාවලියේ සඳහන් වෙන්නේ සිනමාස් සමාගමේ කතා දෙපාර්තමේන්තුව කියාය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ වූ කේ. ශංකර් මලයාලි ජාතිකයෙකි. ඔහු භාෂා 06 කින් චිත්‍රපටය ද මලයාලි චිත්‍රපට 100 ක් ද අධ්‍යක්ෂණය කළ බව පැවසේ. දෙමළ, හින්දි, තෙළිගු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය දොස්තර ය. ගාමිණි ​ෆොන්සේකා රඟ පෑ නීලකඩලින් ඔරන්තිලෙයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඔහුය.

    පාරා ශක්ති, දෛව සරවි යන ද්‍රවිඩ චිත්‍රපට හා ලඩ්කි හින්දි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ආර්. සුන්දරම් දොස්තර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයාය. මෙහි සියලුම ගීත ජනප්‍රිය වූ බව කියන මහාචාර්ය සුනිල් ආරියරත්න (සිංහල චිත්‍රපට ගීතාවලිය 1947 - 1956) චිත්‍රපටයේ තනු සියල්ල හින්දි හා දෙමළ චිත්‍රපටවලින් උපුටා ගත් ඒවා බව කියයි.

    (උදා: හෝ පෙම් රාජයා - ‘බහාර්’ චිත්‍රපටයෙන්, වාසනාවන්ත කල ලබා - අලි බබා චිත්‍රපටයෙන්) හර්බට් එම්. සෙනෙවිරත්න ආනන්ද සමරකෝන්, හියු​​​ගෝ ප්‍රනාන්දු මෙහි ගීත රචනා කර ඇත.

    අවිශ්වාසය චිත්‍රපටයට තේමා වන නිසා ධර්මදාස වල්පොල ගයන මේ ගීතය චිත්‍රපටයට ඇතුළත් කොට ඇත.

    ‘‘අවිශ්වාසයක් සිත් හි මවා ගෙන විකල්ව මේ මිනිසා බලත්ව යන හැටි මේ විලසා’’

    රංජිත් (හර්බට් එම්. සෙනෙවිරත්න) තරහෙන් ඉන්න අවස්ථාවක චන්ද්‍රා (රුක්මණී දේවි) ගයන මේ ගීතයද එදා අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ගායනය රුක්මණී දේවියගේය.

    ‘‘බලාපල්ලා මේ මූණේ හැටී උදෙන්ම දැක ගන්ට කීයක් වටී’’

    රංජිත්ගෙන් වෙන් වී චන්ද්‍රා ගැයූ මේ ගීතය ගයන්නේ ද රුක්මණී දේවිය.

    ‘‘ජීවිතේ මා පාළු වී යයි අන්ධකාරේ පාවෙවී අහෝ පාවෙමි ප්‍රේම පාලා ගිය දමලා මේ අහිංසක ආදරී ඔබේ ආදරී

    මේ හැර රුක්මණී ගැයූ ආදරේ පුරා මහදේ - මතු වේවි උල්පත සේ, පෙම් සාගරේ ගිලී නාමු ප්‍රේමෙපා ගීත දෙකත් ඒ.එම්. රාජා ගැයූ ගෙයක් ගානේ වැඩපළ කර ඉඳලා කාටද පලක් වු​ණේ පී. සුසිලා ගැයූ තායම් මායම් හොර හිත හින්දා - පිරිමින් ලෝකෙට ගෙන දෙයි නින්දා, ලතා වල්පොල ගයන දිළිඳු බව ලැබ ඉපදුණි මෙලොවේ ගීත ද එකල කොලොම්බියා තැටි අලෙවි වීමට සාධකයක් වී ඇත.

    රුක්මණී දේවි තමා ‘‘දොස්තර’’ චිත්‍රපටයේ සමහර විට දිගටම පැය 10, 12, ඒ.එම්.වී. චිත්‍රගාරයේ සිටීමට සිදු වූ දවස් ගැන ඇය ලියූ මගේ ජීවිත විත්ති පොතේ සඳහන් කරන්නීය.

    ‘‘දොස්තර චිත්‍රපටයේ රඟපාන විට දිනක් පාන්දර 4 ට චිත්‍රාගාරයට ගිය මට ආපසු එන්නට ලැබුණේ පසුව දා පාන්දර හතරටය. ​දොස්තර චිත්‍රපටියේ රඟපාන අතරම තවත් අවස්ථාවක එක දිගටම පැය 27 ම වැඩ කිරීමට සිදු විය. ‘‘ලංකාදීප’’ පත්‍රය මගින් පවත්වන ලද පංච කල්‍යාණි තරගයේ විනිශ්චයකාර මණ්ඩලයට පත්වීමේ ගෞරවය මට ද එම පත්‍රය මගින් පිරිනමන ලදී. සැප්තැම්බර 16 වැනිදා තරගය සඳහා ඊට ප්‍රථම දා මට ලංකාවට එන්නට තිබුණා. ඒ දිනවල වැඩ කළේ මගේ නැටුම් ජවනිකාවක් චිත්‍රපටි ගත කිරීමටය.

    ‘‘දොස්තර’’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ රූප ගත කෙරිණි. එහි එළිමහන් දර්ශනයක් රුක්මණී හා හර්බට් එම්. සෙනෙවිරත්න පෙම් ගීතයක් ගයමින් මෝටර් රථයකින් යමින් නුවර වීදියේ යන දර්ශනයක අත්දැකීමක්ද රුක්මණී විස්තර කර ඇත.

    ගීතය ගේය පද රචනය මෙසේය.
    ‘‘වාසනාවන්ත කල ලබා
    ජීවිතේ ආදරෙන් පිරී ගියා
    දුක් නිවාලා - ශාන්ති පාලා
    හර්දයේ ආදරෙන් විනෝද වී ගියා

    රුක්මණී හා හර්බට් මේ ගීතය ගයමින් යන අතර වූ අවදානම් අත්දැකීමට මුහුණ දෙන විට ගැයීමට තිබී ඇත්තේ ගියේ මේ කොටසය.

    වංගු බෝ වැඩියි දැන් ඉතින් මේ මාර්ගයේ හර්බට් ගයයි.

    හොඳ ප්‍රවේශමෙන් යන්නකෝ සුදා මගේ ඒ රුක්මණිගේ කොටසය.

    ‘‘දොස්තර චිත්‍රපටයේ එළිමහන් දර්ශනය සඳහා නුවරඑළි ගිය අවස්ථාවේදී ඊටත් වඩා අවදානම් දෙයක් සිදු විය. මෙහි ප්‍රධාන නළුවා වූ හර්බට් එම්. සෙනෙවිරත්නත් මමත් මෝටර් රථයක නැගී යන ජවනිකාවක් තිබේ. නුවර එළියේ වංගු සහිත පාරක අපට ගමන් කරන්නට තිබේ. මෙහිදී රථය පදවන්නේ හර්බට් ය.

    අධ්‍යක්ෂක හා කැමරා ශිල්පීන් පහළ සිටිය දී අපි පල්ලමේ රථයෙන් පැමිණියෙමු. වංගුවක දී හදිසියේ පාරේ ගමන් කළ තවත් රථයක් මුණ ගැසුණේය. අපේ රථයවත් අනිත් රථයවත් නළාව ශබ්ද කළේ නැත. අපේ වම් අත පැත්තේ මහ හෙළකි. හදිසියේ ඉදිරිපසින් පැමිණි රියෙන් බේරෙන්නට හර්බට් අපේ රථය අයිනට කළේය. පල්ලමේ වේගයෙන් පැමිණි රථය එසේ අයිනට කරද්දී සැතපුම් ගණනක් පහළ ඈතට විහිද ගිය මහ හෙළට නොවැටී ​බේරුණේ පෙර පිනකිනි. මේ සිද්ධිය මතක් වෙන විට තවමත් මගේ ඇඟ හිරිවැටෙයි.

    රුක්මණීට හා හර්බට්ට මේ චිත්‍රපටයේ එළිමහන් දර්ශන වගයක් සඳහා දෙහිවල සත්වෝද්‍යානයට යාමට සිදුව ඇත. එහි කටුක අත්දැකීම රුක්මණී තම ජීවිත කතාවේ විස්තර කොට ඇත්තේ මෙසේය.

    ‘‘එදා මම පැය හතරක් පමණ දිගටම අව්වේ සිටියෙමි. දවල් 2.30 පමණ වනතුරු දවල් ආහාරය ගන්නට නොලැබුණි. දෙකට පමණ එක තැනක දී කව්දෝ මා පිටු පසින් සිට ‘‘මේ බලන්නයයි කියනු ඇසුනෙන් මම හැරී බැලුවෙමි. සත්වෝද්‍යානයේ පාලක මේජර් ඕබ්රි වයිමන් මහතාගේ පුත්‍රයා නයකු අතින් අල්ලා මා ළඟම සිටිනු මම දුටුවෙමි. ඒ දෙහිවල බවත් ඌ හිලෑ කළ නයකු බවත් මට අමතක විය. ඒ භයානක සතා මගේ නෙතට ලක් වූයේ කෙතරම් හදිසියෙන් හා කිට්ටුවෙන්ද යත් මට ඉ​බේටම කෑ ගැසුණි. මා තුළ විශාල බියක් මෙන් තැති ගැන්වීමක්ද ඇති විය. මඳ වේලාවකදී ගතට වෙහෙසක් සමග ඉවසිය නොහැකි හිසරදයක් දැනුණි.

    ‘‘දොස්තර’’ චිත්‍රපටයේ මංගල දර්ශනය 1956 වැල්ලවත්තේ සැෆයාර් නෘත්‍ය ශාලාවේ පැවැත්වීම නිසා එදා එම නෘත්‍ය ශාලාව උත්සවශ්‍රීයෙන් වෙලී ගිය හැටි 1956 පෙබරවාරි 05 වෙනි ඉරිදා ‘‘කලා’’ සිනමා පුවත්පතේ මුල් පිටුවෙන් අනාවරණය වෙයි. එහි ශීර්ෂ්‍ය වූයේ මංගල සිරිගත් මහා චිත්‍රපටියේ මංගල දර්ශනය ය. එහි මෙසේ ද සඳහන් වී ඇත්තේය.

    සවස පහ වෙන්නටත් පෙර අගමැතිතුමා (සර් ජෝන් කොතලාවල) හා දොස්තර නළු නිළියන් දැක ගැනීමේ ආශාවේ වෙළී ගිය මහා ජනයාගෙන් තාප්පය අවට මහ මාර්ගය පිරීයාම නිසා රථවාහන හසුරුවන්නට විශේෂ පොලිස් භටයන්ට සිදුවිය. සවස 6 ට අගමැති තුමා හා නළු නිළියන් පැමිණෙත්ම මහා ජනයා ප්‍රීති ඝෝෂා පැවැත් වූහ. සැමට ආයුබෝවන් කියා අගමැති තුමා අසුන් ගත් ඉක්බිති ලක්දිව මෙතෙක් පෙන්වන කලාත්මක සිංහල චිත්‍රපටය තිරයේ දුවන්න පටන් ගත්තේය. රජයේ වැදගත් කටයුත්තක් සඳහා 6.15 ට පිටත්ව ගිය අගමැති තුමාට චිත්‍රපටයේ නළු නිළියන් හා අධ්‍යක්ෂ ෂන්කර් මහතා හඳුන්වා දෙන ලදී. අගමැති තුමා නිෂ්පාදක ගුණරත්නම්ට ප්‍රශංසා කරනු පුවත්පත් නි​යෝජිතයෝ සිනා මුසුව බලා සිටින ඡායාරූපයක් ද මේ පුවත්පත් වල පළ වී තිබුණි. එය මෙහි පළ වී ඇත. එහි සිටින පුවත්පත් නියෝජිතයෝ එල්මෝ ගුණරත්න (ජනතා) කරුණාසේන ජයලත් (ලංකාදීප) හා ජයවිලාල් විලේගොඩ (දිනමිණ) වෙති.

    ලංකාදීප පත්‍රයේ ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණේ අධ්‍යක්ෂ ශංකර් (දෙමළ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) දොස්තර චිත්‍රපටයෙන් දස්කම් දක්වන බවය. සිංහල නොදන්නා ඔහුට චිත්‍රපටයෙහි කරන්නට ඇත්තේ ඉන්දියානු චිත්‍රපටයක කරන දේවල් බව පවසා ඇත. කරුණාසේන ජයලත් (1956 පෙබරවාරි 06) ලංකාදීපයට ලියා තිබුණේ දොස්තර මුල් කෘතියට වඩා වෙනස් කර ඇතත් එහි කතාව රසවත් බවය. අපේ නළු නිළියන් හැම දෙනාම ගැන බලන විට රඟපෑම් අතින් මෙතරම් හොඳ චිත්‍රපටියක් කලකින් නොදුටු තරම් බවය. ජයවිලාල් මිලේගොඩ දිනමිණ විචාරයේ මෙසේ සඳහන් කර තිබුණි.

    ‘අපේ චිත්‍රපටවලට නැතිව බැරිව තිබූ ආයා, අප්පු, විහිළු නයා, ගී ගයන හිඟන්නා, පිස්තෝලය හා දෙපැත්තට වී දුක් ගී ගයන කෙල්ලයි, කොල්ලයි නැති, තමන්ගේ කලින් නිෂ්පාදනවල දක්නට ලැබෙන තරම්ම දෙමළ මුහුණවර හා අඩනිරුවත් රැඟුම් වලින් තොර වූ සිංහල චිත්‍රපටයක් මෙවර සිනමාස් සමාගම නිපදවා ඇත.

    ඒ.ඩී. රන්ජිත් කුමාර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 04:36 PM
    34. ඩිංගිරි මැණිකා

    තිරගත කළ දිනය: 1956-05-11

    Main Actor : Sairas W. Senevirathna
    Main Actress : Theja Senevirathna
    Director : A.S.A. Saamy
    Producer : A.D.S.Somarathna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 04:38 PM
    ‘ඩිංගිරි මැණි­කාට’ වසර සිය­යයි !

    බටහිරි සංස්කෘතිය උසස් කොට සැලකූ ඉහළ පන්තියේ මිනිසුන් නිසා සිංහල සිරිත් විරිත් ඉවත දමමින් පරසිරිතට ශීඝ්‍රයෙන් ගොදුරු වු සිංහල සමාජය පියදාස සිරිසේන මහතාගේ විවේචනයට කවදත් ලක් විය. ඩිංගිරි මැණිකා හිදී ඔහු තම කාර්යය වික්‍රමපාල ලවා සිදු කරවයි. නම් ගම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම්, කථාබහ ආදී සෑම දෙයක්ම සංකර වී තිබුණු සමයක අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනගත් ඩිංගිරි මැණිකා ද මේවාට ගොදුරුවීම පුදුමයක් නොවේ. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය යළිත් සිංහල කුල සිරිතට වෙනස් වීම වික්‍රමපාල අගය කරයි. බේබදුකම කවදත් කතුවරයා විසින් හෙළා දකිනු ලැබුවකි.

    ඒ යුගයේ කීර්තිමත් සිංහල නවකතාකරුවා වු පියදාස සිරිසේන මහතා විසින් ‘ඩිංගිරි මැණිකා’ කෘතිය ලියා පළ කරන ලද්දේ 1918 දීය. ඒ අනුව ප්‍රථම සිංහල රහස් පරීක්ෂක නවකතාව ලෙස සැලකෙන මෙය ලියැවී මේ වසරට, වසර සියයකි.

    පාඨක රුචිය වෙනස් වී ඇතත් “‍නොව පැරණිය වන රමණිය විටින් විට” කීවාක් මෙන් අද වුවද ‘ඩිංගිරි මැණිකා’ ආසාවෙන් කියවිය හැකි නවකතාවකි.

    වසර සියයක් ගත වුවද කථා නායිකාව වන ඩිංගිරි මැණිකා තවමත් අපට පෙනෙන්නේ රූමත් තරුණියක ලෙසමය.

    එදා මෙය අතිශයින්ම ජනප්‍රිය කෘතියක් වු බව 1956 දී එහි සයවන මුද්‍රණය නිකුත් වන විට පිටපත් 30,000 කට වඩා අලෙවි වී තිබීමෙන් සිතාගත හැකිය. 1956 දී මෙය චිත්‍රපටයට නැගීමෙන් පසුව පොතේ ජනප්‍රිය බව චිත්‍රපටයටද ලැබුණු බව එහි ආදායම් වාර්තාවලින් පෙනේ. එදා රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වැය කොට තැනුණු චිත්‍රපටය, රුපියල් පහළොස් ලක්ෂයක් උපයා දී ඇත. චිත්‍රපටයේ වු ගිරිහෙල් මුදු‍ෙන්, පෙරදිග මුතු ඇ‍ටයයි මේ, සැබෑවේ සිහිනය මාගේ වැනි ගීත අදටත් ජනප්‍රියව පවතී.

    කථා සාරය.

    ගම්පොළ මීවිටිගල නිලමේගේ එකම දියණිය වු ඩිංගිරි මැණිකාට මහනුවර පරසිරිත් අනුගමනය කළ අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනුම ලබද්දී ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි තම ගමේම “පහත්” පවුලක තරුණ රන් බණ්ඩා හමු වෙයි.

    රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය පරසිරිත් ඉවතලා සිංහල කුල චාරිත්‍රවලට පුරුදු වෙයි. දෙ‍දෙනාගේ මිත්‍රත්වය ප්‍රේමයකට හැරේ. මෙය දැනගත් දෙමාපියෝ ඇය පාසලින් ඉවත් කර ගෙදර ගෙන එති. රන් බණ්ඩා ද ඉගෙනුම නතර කොට සිය ගමට අවුත් ගොවිතැන් කටයුතුවල යෙදෙයි. දෙදෙනාගේ ප්‍රේමය රහසින් මෝරයි. තමාව විවාහ කරගන්නා ලෙස ඇය ඔහුට බල කරයි. තම පන්තියේ කෙනෙකුට මැණිකා විවාහ කරදීමට දෙමාපියෝ සැරසෙති.

    විවාහයට දින හතරකට පෙර රාත්‍රියේ රන් බණ්ඩා සමඟ නිවසින් පැන යාමට ඇය තීරණය කරයි.

    එදිනම, ඒ වලව්වේ සිටි වැඩකාර ස්ත්‍රිය මැගීද වටිනා බඩුමුට්ටු කිහිපයක්ද සොරකම් කරගෙන පැන යෑමට සුදානම් වෙයි.

    ගණදුරු රැයේ ඩිංගිරි මැණිකා සහ මැගීද වැරදි වාහනවල නගිති. වැරැද්ද තේරෙන විට බොහෝ දුරක් ගොස් අවසන්ය. සොරකු අතට පත් වුණු මැණිකා ගණේවත්තට එහා කැළයක හොරුන්ගේ වාඩියකට ගෙනයනු ලබයි. මැගී තම නාවලපිටියේ බත් කඩයට යයි.

    වික්ෂිප්ත වු රන් බණ්ඩා නුවර යයි. පසුව, අධිකරණයෙන් රන් බණ්ඩාට වසර තුනකටත්, මැගීට මාස තුනකටත් සිර දඬුවම් නියම වේ.

    ඩිංගිරි මැණිකා සොයා ගැනීමට ගත් සියලු පරිශ්‍රම ව්‍යර්ථ වේ. දස මසකට පසු මීවිටිගල නිලමේට පෞද්ගලික රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල දුම්රියේදී හමු වේ. මාස දෙකක පරිශ්‍රමයෙන් අනතුරුව වික්‍රමපාල ඇය ‍හොර වාඩියෙන් මුදාගනී. පසුව ඇය හා රන් බණ්ඩා ද විවාහ වෙති.

    කෝන්ගොඩ වික්‍රමපාල

    කතාවේ කැපී පෙනෙන චරිතය කෝන්ගොඩ වික්‍රමපාලයි.

    එහෙයින්ම පොත නම් කොට ඇත්තේ ඩිංගිරි මැණිකා ෙනාහොත් වික්‍රමපාලගේ ‘පළමුවන වික්‍රමය’ යනුවෙනි. ඉංග්‍රීසි පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වු රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය, සර් ආතර් ‍කොනන් ‍ඩොයිල් විසින් නිර්මාණය කෙ‍රුණේ 1887 දීය. සිංහල පාඨකයන් අතරට රහස් පරීක්ෂක වික්‍රමපාල පැමිණෙන්නේ ඉන් වසර 31 ට පසුවය.

    මේ දෙදෙනාම රහස් පරීක්ෂකයන් වුවද දෙදෙනා විසින් ඉටු කරන කාර්යය දෙවිධියකි. ෂර්ලොක් හෝම්ස් සිය කාර්යය රහස් පරීක්ෂාවට පමණක් යොදවන අතර, වික්‍රමපාලගේ කාර්යය ඊට වඩා විහිදී ගිය සංකීර්ණ එකකි. මේ පිළිබඳව පසුකාලීන වි‍වේචකයෙකු දක්වන අදහස වැදගත්ය.

    “සාමාන්‍ය සිංහලයා බටහිර ගැතිව, බටහිරට ආවඩන අවධියක ජාතික සංස්කෘතිය, ආගම, භාෂාව, සිරිත් විරිත් නගා සිටුවීම මේ දේශප්‍රේමින්ගෙත්, පියදාස සිරිසේනගෙත් ප්‍රයත්නය විය. මේ සඳහා පියදාස සිරිසේන නවකතා ලීවේය, කවි ලීවේය, පත්‍රයක් ප්‍රසිද්ධ කළේය, සඟරාවලට ලිපි ලීවේය, ප්‍රසිද්ධ කථා පැවැත්වුයේය, සිර දඬුවම් වින්දේය, දිවා රෑ ‍නොතකා තම ධනය, ශ්‍රමය, කාලය හා නිදහස කැප කළේය.

    මොහුගේ මෙවැනි උත්සාහයක ප්‍රතිඵලයකි. කෝන්ගොඩ වික්‍රමපාල. වික්‍රමපාලගේ චරිතය තුළින් රහස් පරීක්ෂකයෙක්, සමාජ ශෝධකයෙක්, ජාතික වීරයෙක්, අමද්‍යප ව්‍යාපාරිකයෙක්, ධර්මධරයෙක් හා දේශප්‍රේමියෙක් පිළිබිඹුව පෙනෙයි.

    පියදාස සිරිසේනට මේ චරිතය නිර්මාණය කිරීමට අවශ්‍ය ආභාසය ලැබුණේ එකල ඔහුට ඇසුරු කිරීමට ලැබුණ පුද්ගලයන්ගෙනැයි කල්පනා කළ හැකිය.

    කෝන්ගොඩ වික්‍රමපාල චරිතය, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා තුළ පිළිබිඹු වන ලකුණු රාශියක් ඒකී භූත‍ෙකාට නිර්මාණය කරන ලද්දක් බව සිතිය හැක. ධර්මපාලතුමෝ පර‍දේශීය දෙයට, පරසිරිතට, ජාති විරෝධී දෙයට, ආගම් විරෝධී දෙයට නිර්ධය ලෙස පහර දුන්හ.

    උසස් පහත් භේදයක් නොතකා වරද දුටු තැන වරදට පහර දුන්හ. නියම ජාතිකාභිමානයෙන් සිංහලයා නගා සිටුවීම සඳහා දේශනා පැවැත්වුහ.

    රටපුරා ඇවිද රටවැසියා හික්මවීමට අවස්ථාව ලද හැම විටදීම එසේ කළහ. කෝන්ගොඩ වික්‍රමපාල චරිතයද පියදාස සිරිසේනයන් විසින් ගොඩනගා ඇත්තේ මේ පදනම උඩයයි නිගමනය කළ හැකිය. ’’ (ජී.ඒ. ඉඳුරුගොල්ල)

    කෝන්ගොඩ වික්‍රමපාල ඩිංගිරි මැණිකා සොයමින් ගම් දනව් පුරා යන ගමනේදී ඔහුට හමුවන විවිධ පුද්ගලයින් හා කරන කතාබහෙන් ද දකින දෙයින් ද එදා මෙරට සමාජිකත්වය පිළිබඳ ‍හොඳ අවබෝධයක් ලබාගත හැකිය.

    සිංහල ආත්මාර්ථකාමිත්වය

    සිංහල මිනිසුන්ගේ ආත්මාර්ථකාමීත්වය කිහිප තැනකදීම ඔහුගේ විවේචනයට ලක් වේ. දුම්රියේදී දුර්වලයන්ට සිය ආසන නොදී සුවසේ වාඩි වී සිටි තරුණයන් විවේචනය කිරීම මෙහි පළමුවැන්නයි. මාතර සිංහල බෞද්ධ ධනවතුන් සමාජ සේවා කටයුතුවල නොයෙදීමත්, බෞද්ධ දරුවන් සඳහා පාසල් ඉදි කිරීමට ඉදිරිපත් නොවීමත් ඔහුගේ නිර්දය විවේචනයට ලක් වේ. කර්නල් ඕල්කොට්තුමා විසින් බෞද්ධ නායකයන්ගේ ආධාර ඇතිව 19 වන සියවස අවසානයේ පටන් ගත් බෞද්ධ පාඨශාලා පිහිටු වීමේ ව්‍යාපාරය, මේ වන විටත් මාතරට නොපැමිණි‍යා සේය.

    අනුරාධපුරයට යන ඔහු පාසල් හා අනාථ නිවාසවල අවශ්‍යතාව දකී. පරංගි සෑදී බඩ ඉදිරියට නෙරා අවුත් දුක්විඳින දුප්පත් දරුවන් සඳහා අනාථ නිවාස පිහිටුවීමට තරම් පරාර්ථකාමීත්වයත් ජාති හිතෛෂී යැයි කියාගන්නා නායකයන් තුළ නොවීමද ඔහු විවේචනය කරයි.

    පන්ති භේදය හා කුල භේදය ද වික්‍රමපාලගේ අවධානය ලබයි.

    මීවිටිගල නිලමේ සිය දියණිය රන් බණ්ඩාට විවාහ කර නොදෙනේනේ ඔහු පහත් පන්තියකට අයත් බව කියමිනි.

    “අනේ මහත්මයෝ මොනවා කියනවාද, ඒ රන් බණ්ඩා කියන්නේ අපේ නින්දගමේ අපට මෙහෙ කරන කපුරුහාමිගේ පුතාය. එබඳු පාත පවුලකට අපේ ළමයකු දෙන්නේ කොහොමද?” මේ නිලමේගේ වචනයි.

    වෘද්ධ තෙරුන් කෙනකු සමඟ කරන කථාබහේ දී කුලවාදය මතු වේ. මෙහිදී ‘කුල පුත්‍රයන් මහණ කිරීමද’ ඔහු විවේචනය කරයි. ඔහු මෙසේ ද කියයි.

    “ගුණ ධර්මයෙන් පිහිටි සත් පුරුෂයන්ගේ කුලය, උසස් කුලයයි. අධර්මවාදී අසත් පුරුෂයන්ගේ කුලය, නිච කුලයයි.

    තමුන්නාන්සේලාට මේ උසස් කුලයේ මිනිසුන් මහණ නොකොට බොහෝ පහත් කුලයේ අය මහණ කරති. ශාසනයත්, ජාතියත් විනාශ වුණේ ඒ වැරැද්දෙනි.

    පගාව එදත් මෙරට පැවති විෂමාචාරයකි. හිරගෙදර ගාඩ්කමක් ලබාගැනීම සඳහා එළු ගාතයකුත්, ලොකු ගෝවා ගෙඩියකුත් රැගෙන ඔහු ඉහළ නිලදරයකු හමු වෙයි. එම නිලධාරියා රුපියල් 15ක පගාවක් ඉල්ලයි.

    “පියුන්ගේ පටන් දෙපාර්තමේන්තුවක අල්ලස් නොගන්නා කෙනෙක් සම්භවීම වල්ගා තරුවක් දකින්නට ලැබීම වැනි ආශ්චර්යය අද්භූත කාරණයකි. මේ කාලයේ යුත්තියක්, ධර්මයක් කෙසේ ඉෂ්ට වේද?’’ මේ වික්‍රමපාලගේ වචනයි.

    බටහිරි සංස්කෘතිය උසස් කොට සැලකූ ඉහළ පන්තියේ මිනිසුන් නිසා සිංහල සිරිත් විරිත් ඉවත දමමින් පරසිරිතට ශීඝ්‍රයෙන් ගොදුරු වු සිංහල සමාජය පියදාස සිරිසේන මහතාගේ විවේචනයට කවදත් ලක් විය.

    ඩිංගිරි මැණිකා හිදී ඔහු තම කාර්යය වික්‍රමපාල ලවා සිදු කරවයි. නම් ගම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම්, කථාබහ ආදී සෑම දෙයක්ම සංකර වී තිබුණු සමයක අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනගත් ඩිංගිරි මැණිකා ද මේවාට ගොදුරුවීම පුදුමයක් නොවේ. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය යළිත් සිංහල කුල සිරිතට වෙනස් වීම වික්‍රමපාල අගය කරයි.බේබදුකම කවදත් කතුවරයා විසින් හෙළා දකිනු ලැබුවකි.

    මත්පැන් නිසා ජාති‍යේ නිදහස නැති වී බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට සිදු වු අයුරු ඔහු නොයෙක් තැන පවසා ඇත.

    විනාශකාරී මත්පැන් ඔහු තම සතුරන් මර්දනයට යොදාගනී. ඩිංගිරි මැණිකා සොරමුලෙන් මුදා ගැනීමට ඔහුට ආධාර වන්නේ නිදි බෙහෙත් දැමූ අරක්කුය. සොරුන් සිය ජයපානය බොමින් එකා පිට එකා ඇද වැටෙද්දී ඔහු ඩිංගිරි මැණිකා බේරාගෙන එතැනින් පලා යයි.

    කව් රස
    සිරිසේන මහතාගේ අනෙක් කෘතිවල මෙන්ම මෙහිද රසවත් කවි ගණනාවක් වෙයි. ඒ අතරින් රන් බණ්ඩා හිරගෙදර සිටිමින් මැණිකේ ගැන ලියු කවිපෙළත්, මැණිකේ හොරුන්ගේ ග්‍රහණයේ සිටිමින් රන් බණ්ඩා ගැන ලියු කවි පෙළත් ඉතා ජනප්‍රිය විය. රන් බණ්ඩාගේ කවියක වු “මට හිරගේ හොඳයි නුඹ ඉඳිතොත් සැපෙනි”යන්නත්,

    මැණිකේගේ කවි පෙළ අවසන් වන “දුක් බව නසන තුරු ඔබමය මගේ හිමි” යන්නත් බොහෝ කාලයක් තිස්සේ පෙම්වතුන්ගේ ලයාන්විත පාඨ විය.

    කතා රසය පමණක් සඳහා නොව සමාජ ශෝධනය සඳහා ද වසර සියයකට පෙර පියදාස සිරිසේන මහතා විසින් සිංහල නවකතා සාහිත්‍යයට දායද කළ ‘ඩිංගිරි මැණිකා’ අදත් නවතාවයෙන් කියවිය හැකි කෘතියකි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 04:39 PM
    35. දෛව විපාකය

    තිරගත කළ දිනය: 1956-05-23

    Main Actor : Senadeera Kuruppu , B.A.W. Jayamanne
    Main Actress : Mebal Josapin Blaith
    Director : B.A.W. Jayamanne
    Producer : B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    06 Feb 2020 04:42 PM
    චිත්‍රපට කතා තරගයකින් ජයගත් ප්‍රථම චිත්‍රපටය දෛව විපාකය

    කොළඹ​ කොටුවේ ඔරලෝසු කණුවෙහි සීනුව දෙ‌‌‌‌ාළොස් වරක් නාද වෙමින් මැදියම් රැයෙහි නිසංසලත්වය බිඳ හැරියේය. තාර කළුවර අතරින් මාවත් දිගේ දැල්වෙන විදුලි පහන් බැබළි බැබළී පෙනුණි. සඳ නැතත් වැහි කළුවලින් තොර අහස අඳුරු පැහැති රෙද්දක සිහින් සුදු මල්කමක් කළාක් මෙන් අනන්තාප්‍රමාණ තාරකා එළියෙන් පිරී පැවැත්තේය. කොටුව, පිටකොටුව හා මරද‌ාන යන පෙදෙස්වල අතරින් පතර රාත්‍රී ආපනශාලාවක දෙ‌ාර විවෘතව තිබෙනු දක්නා ලද නමුදු කුරුඳුවත්ත, කොල්ලුපිටිය ආදී සුඛෝපභෝගීන්ගේ වාසභවනයන්ගෙන් සැදුම්ලත් පෙදෙසේ ඉඳහිට වේගයෙන් ඇදී ගිය මෝටෝ රියකින් විහිදුණු එළියක් හෝ මාවතක පහන් කණුවක දැල්වෙමින් ඇති පහනක් හෝ හැරුණු විට අන් කිසි එළියක් නොදක්නා තරමින් මැදියම් රෑ සැප නින්දේ පසුවිය.

    වික්ටෝරියා මහා වනෝද්‍යානයෙන් ඔබ්බෙහි කොල්ලුපිටියට අයත් අතුරු මාවතක පිහිටි රන්දුණු කුලපතියන්ගේ වාසභවනය ද මේ මහ රෑ තද නින්දේ පසුවනු දක්නට ලැබිණ. ගෙහිමි රන්දුණු මහතා සිය ව්‍යාපාරික කටයුතු පිළිබඳව හපුතලේට ගොස් මේ ගතවෙන්නේ දෙවැනි රැයය. ඔහුගේ තුරුණු දියණියන් ද වූ චින්තා රන්දුණු මෙනවිය ද අවශ්‍ය ඥ‌ාති පිරිසක සමඟ මේ රෑ චිත්‍රපට දර්ශනයක් බැලීම සඳහා කොටුවේ රීගල් හල කරා ගොස් සිටියාය. ගෙදර සිටියේ රන්දුණු මැතිනිය හා සේවක සේවිකාදීන් පමණකි. ඕ තොමෝ මැඳුරේ උඩුමාලෙහි වූ සයනාගාරයක සිය සේවිකාව ද සමඟ සැප නින්දේ පසු වූවාය.

    හදිසියේම සිය ඇඟ මත තැබුණ ස්පර්ශයෙන් රන්දුණු මැතිනිය පිබිදුණාය. ඇස හැර බැලුවාය. ආවරණය කළ විදුලිමය මේස ලාම්පුවක අඳුරු එළියෙන් ඇයට දක්නට ලැබුණේ කවරෙක් ද? සුරතින් පිස්තෝලයක් තමා වෙත එල්ලකර ගත් වනම මාරාවේශයෙන් පෙනී සිටින බියකරු හොල්මනකි.

    ‘කට අරින්ට එපා’ යයි හොල්මන ඇයට පහත් හඬින් කියමින් ඇය කරා ළං විය.

    ඇය සැලෙන ගතින් යුතුව මොහොතක් ගල් ගැසුණාය.

    ‘ෂ්.... කට වහගනින්. ඝෝෂා කළොත් මේ පිස්තෝලෙන් වෙඩි තබා මරා දානවා. මම තමයි හොල්මන. දෑතින්ම කටවහ ගනින්. මම තමයි හොල්මන. රුපියල් සියයක් දීපන්.’ යි ​හොල්මනගෙන් අණක් ලැබිණ.
    ‘රුපියල් සීයක්..?’ විස්මයෙන් ඇය සෙමින් ඇසුවාය.

    රන්දුණු මැතිනිය අණට කීකරු වූවාය. රුපියල් සියයක් අඩංගු නෝට්ටු මිටිය ඇගේ අතින් ගත් හොල්මන යළිත් වරක් ඈ දෙස බැලීය. යළිත් ඇයට තර්ජනයක යෙදුණු හොල්මන දෙවැනි මොහොතේ එතැනින් අතුරුදන් විය.

    1956 වසරේ ප්‍රකාශයට පත් සිසිර කුමාර මානික්කආරච්චි විසින් ලියන ලද ‘දෛව විපාකය’ චිත්‍රපටය ඇරඹෙන්නේ එලෙසය.

    ලංකාවේ පුවත්පතක් මීට වසර 67කට එපිට එනම් 1955 පෙබරවාරි මාසයේ සංවිධානය කළ චිත්‍රපට කතා තරගයකින් මුල් තැනට තේරුණ ‘දෛව විපාකය’ චිත්‍රපට කතාව ඇසුරෙන් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කළ ඒ නමින් හැඳින්වුණ චිත්‍රපටය 1956 මැයි 27 වැනිද‌ා තිරගත වී ඇත.

    ‘හොඳම සිංහල චිත්‍රපට කතාවට රු. 2000ක තෑග්ගක් පිරිනැමීමේ තරගය’ක් ගැන ‘ජනතා’ පත්‍රය මගින් 1955 පෙබරවාරි මාසයේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණි. මේ මුදල් ත්‍යාගය සමඟ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ජයග්‍රාහී කෘතිය චිත්‍රපටගත කරන බවට ද ප්‍රතිඥාවක් දුන්නේය. ලංකාවේ පළමු වරට ආරම්භ කරන ලද මේ චිත්‍රපට කතා තරගයට කෘතීන් 333ක් ඉදිරිපත් කර තිබුණි. පරීක්ෂණයෙන් පසු පොත් 36ක් ද දෙවැනි විනිශ්චය මණ්ඩලයකින් ඒ කෘති 36 අතුරින් හතරක් ද තෝරාගෙන ඇත.

    ඒවා නම් මොරටුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රකට කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරිගේ ‘ශක්ති’, ජේ.ඒ.සී. ජයසූරියගේ ‘වහල්ලු’, ඇම්.කේ.ජේ. සෝමසිරිගේ ‘පිටිසර’ හා සිසිර කුමාර මානික්කආරච්චිගේ ‘දෛව විපාකය’ මේ සඳහා තෝරාගෙන ඇත.

    ජයග්‍රාහක කෘතිය තෝරන මණ්ඩලයට රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා, ලංකා ගුවන් විදුලි සේවයේ වැඩසටහන් බාර අධ්‍යක්ෂ ඇස්.බී. සේනානායක හා සුප්‍රකට නාට්‍ය නිෂ්පාදක ඩික් ඩයස් යන මහත්වරු මේ මණ්ඩලයට ඇතුළත් වූහ. විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය මෙසේය.

    “දෛව විපාකය දේශීය මුහුණුවරක් ගෙන තිබේ. එහි බස හොඳින් ගළපා ඇත. හාස්‍යය, ශෝකය, ත්‍රාසජනක සිද්ධි මේ කතාවට ඇතුළත් වෙයි. කතාව මැනවින් ගොතා ඇත්තේය. එහි ගළපා ඇති අනුපිළිවෙළ නිසා කතාව ගැටීමක් නැතිව මැනවින් කියවෙයි. මුළු කතාවම හොඳින් පුරුද්දා ඇත්තේය. විහිළු විශිෂ්ටය. ගාම්‍ය කවට වදන් ඇතුළත් නොවේ. දේශීය පදමාලාවකින් සහ හාස්‍ය ඇතිකරවන වදනින් යුක්ත වෙයි. රු. 2000 ත්‍යාගය පිරිනැමීමට මේ චිත්‍රපට කතාව සුදුසු බව අපේ අදහසයි.”

    විනිශ්චය මණ්ඩලයේ නිර්දේශය ‘ජනතා’ කර්තෘ ඩෙන්සිල් පීරිස් මහතා 23.07.1956 දින නිකුත් වූ ප්‍රකාශයකින් දක්වා තිබේ.

    ‘දෛව විපාකය’ කථාන්තරයම වස්තු කොට 1949 ඔක්තෝබර් 08 වැනි දින ලංකා ගුවන් විදුලි සේවයෙන් ඉදිරිපත් කරන ලද ‘හොල්මන’ නම් නාට්‍යය ගුවන් විදුලි රඟමඬලින් ප්‍රචාරය වී ඇත.

    අප ඉහතින් දැක්වූ මහ රෑ නිවෙස්වලට ගොඩ වදින හොල්මන කවුද?

    චිත්‍රපටය ආරම්භ වී විනාඩි 15ක් ගත වනවිට මේ සොරා කිත්සිරි නම් තරුණයා බව ප්‍රේක්ෂකයාට අවබෝධ වෙයි. ඔහු එවර සොරකමේ යන්නේ ධනවත් නිවසක් වූ පිලෝරිස් බටුගෙදර වලව්වටය. බටුගෙදර රාලහාමි එද‌ා හිතවතුන් සමඟ රක්වානේ පතලක් බැලීමට ගොස්ය. එද‌ා එහි සිටියේ රෝහිණී නම් බටුගෙදර රාළහාමිගේ එකම දියණිය පමණි. එඩිතර තරුණියක වූ රෝහිණී උපාය මාර්ගයකින් මේ සොරා නතුකර ගනී.
    ‘හොල්මන, කාත් කවුරුත් නැති ගෙවල්වලට රිංගා ගෑනුන් බියගන්වා මංකොල්ලකන සාහසිකයා, උඹේ හදවතේ ලෙයින් ​ෙම් කාමරයේ බිම සෝදන්න ද? නැත්නම් පොලිසියේ රත්තරන් වළලුවලින් දෑත් සරසන්න ද? අපරාධකාරයා කතා කරපන්.’

    පිස්​ෙතා්ලයක් අතැතිව රෝහිණී කරන තර්ජනයෙන් හොල්මන මෙල්ල වෙයි. ​හොල්මන වෙස් ගලවයි. ඔහු කඩවසම් තරුණයෙකි. ඔහු පාපොච්චාරණයක යෙදෙයි.

    ‘මේ නින්දිත හොරකමට ඇවිත් මා ඔබට අසුවුණු මොහොත දක්වා මගේ දුක්මුසු කතාව ඔබට ඇසුවොත් දාමරිකයකු ඉදිරියේ ගලක් මෙන් නොසෙල්වෙන ඔබේ ඔය වීර හදවත අනුකම්පාවෙන් වෙඬරු පිඩක් වාගේ උණු වෙනවාට කිසිම සැකයක් නැත. ගුණවත් නෝනා, මා ඔබෙන් ඉල්ලා සිටින එකම දේ නම් මේ හොරකමෙහි මා යෙදුණේ මන්ද? යන බව දැනගෙන ඉන්පසු මට සුදුසු ඕනෑම දඬුවමකට මා යටත් කරන්න කියායි.’
    කිත්සිරි අතීත කතාව කීමට පටන් ගනී.

    ටයිටස් අමරතුංග කුඩා පුත් කිත්සිරිටත් බිරිඳ සිල්වියාටත් දැක්වූයේ අසීමිත ආදරයකි. ඔහු සූදුවට ඇලුම් කළේය. එද‌ා ඔහු ඔට්ටුවට ගියේ සිය ගෙයත්, වත්තත් උගසට තබාය. ටයිටස් අන්තිම මොහොතේ ජය ගත්තේය. ඔහු මැණික් පතල් හිමියෙක් විය. ඔහු කොතරම් වාසනාවන්තයෙක් ද යත් තම පතලෙන් වෛරෝඩියක් හා නිල්කැට මතු වුණේය. ටයිටස් කැලෑ පාරකින් ගමන් කරන අතරතුර රථය ක්‍රියාවිරහිත වෙයි. එවිටම සාහසිකයන් දෙදෙනෙක් ටයිටස්ට වෙඩි තබා මැණික් පැහැර ගනී.

    එතැන් සිට ටයිටස්ගේ බිරිය සිල්වියා හා කුඩා පුතු කිත්සිරි අසරණ වෙයි. ගෙය හා වත්ත ඔවුනට අහිමි විය. සිල්වියා ගෙවල් ගාණේ ගොස් බැල මෙහෙවර කරමින් දස දුක් විඳ කුඩා පුතු පෝෂණය කළාය. කිත්සිරිගේ පාසල් ජීවිතය අමිහිරි විය. මවගේ අකල් වියෝවෙන් කිත්සිරි මෙලොව තනි වෙයි. නව යොවුන් වියේ සිටි කිත්සිරි විහාරමහාදේවි උද්‍යානයේ ගීතයක් ගයමින් සිටියේය. එය අසා සිටි නළඟනක් වූ ශිරෝමාලා නිසා කිත්සිරිගේ ඉරණම වෙනස් වෙයි.

    ‘හැබෑම මිහිරි ගීතයක්.’ ශිරෝමාලා කීවාය.

    ‘බොහෝම ස්තූතියි’

    ‘මම නළඟනක්. ඔබේ මිහිරි කටහඬ මගේ කලාකාමී සිතේ තදින් කා වැදුණා. ඉතින් ඔබ කැමැති නම් මා රක්ෂාව කරන නාට්‍ය සංගමයේ ඔබටත් රක්ෂාවක් ලබා දෙන්නට පුළුවන්.’

    ‘​බොහොම ස්තූතියි.’

    පසුද‌ා මාලාගේ ඉල්ලීම පරිදි කිත්සිරි නාට්‍ය කණ්ඩායමේ කළමනාකරු හමු විය. මාලාගේ රැඟුමත්, කිත්සිරිගේ ගායනයත් නිසා මේ දෙදෙනාට ප්‍රසිද්ධිය ගලා එන්නට විය. වරෙක මාලා ගැයූ දීර්ඝ ගීයක ඇය චරිත කිහිපයක්ම රඟපෑවාය. තම ඥාතියකුගේ නිවසක ජීවත්වන මාලාගේ උපන් දිනයට ඇය සොයා පැමිණ කිත්සිරි මාලයක් තෑගි දෙයි.

    ‘බොහෝම ස්තූතියි සිරි, ඔබ අද මා වෙනුවෙන් බොහොම වියදම් කරලා තියෙනවා.’

    ‘මාලා, මගේ අඳුරු ජීවිතයට ආලෝකය දුන් දෙව්දුව ඔබ මට අමතක වෙන්නේ නෑ. ඔබට පින්සිද්ධ වෙන්න මම දැන් හොඳ පඩියක් ලබනවානේ.’

    ‘පිස්සුද සිරි, ඔබේ පිරිසිදු හදවතේ ආදරයත් එක්ක ඔබ අල්පෙන්තියක් තෑගි කළත් හොඳටම ඇති. ඔබ වැනි ගුණවත් තරුණයකුගේ ජීවිතය යම්තම්වත් සැපවත් කරන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.’
    ‘ඔව් මාලා, කියන්න ඔබේ උපන් දවසේම පොරොන්දු වෙන්න මගේ මුළු ජීවිතයත් වාසනාවත් බාරගන්න ඔබ සතුටුද?’

    ‘ඔව් සිරි ඉතා සතුටින් ඒ වගකීම මම බාර ගන්නවා.’ මාලා කීවාය.

    මාලා තේ පිළියෙළ කිරීමට ගිය අතර කිත්සිරි සිගරට් පැකැට්ටුවක් ගෙන එ්මට ටවුමට ගියේය. මේ අතර එහි පැමිණියේ නාට්‍ය සංගමයේ කළමනාකරුය. ඔහු පැමිණියේ උපන් දින තෑග්ගක් දෙන ගමන්ම තම ආදරය මාලාට ප්‍රකාශ කිරීමටය.

    කළමනාකරු මාලාට අතවර කිරීමට සූද‌ානම් වෙත්ම කිත්සිරි පැමිණෙයි. ඔවුන් අතර ඇතිවෙන ගැටුමේදී කිත්සිරි පිත්තල මල් බඳුනකින් ගසන පහර වදින්නේ මාලාගේ හිසටය. ලේ වගුරවමින් ඇය බිම ඇද වැටෙයි. හිසට වැදුණු පහරින් මාලාගේ මානසික තත්ත්වය වෙනස් වෙයි. දැන් ඇය උමතු රෝගී තත්ත්වයට පත්ව ඇත. වෛද්‍යවරු කියන්නේ ඇය ඉන්දියාවේ විශේෂඥවරයකුට පෙන්විය යුතු බවය. ඒ සඳහා මුදල් සෙවීමට කිත්සිරි හොල්මනක් ලෙස රඟපාමින් මුදල් කොල්ලකෑමට පටන් ගනී. කිත්සිරිගේ කතාව ඇසූ රෝහිණී කිත්සිරි කාමරයක දමා දොරගුළු දමා මෙහි සත්‍යය දැන ගැනීමට මාලා සොයා යන්නීය. මරණාසන්නව සිටි මාලා තම මියගිය පසු කිත්සිරි බලා ගන්නා ලෙස කියා මිය යයි.

    රෝහිණී වගකීම් රැසක් හිසේ තබා ගෙදර එන විට ඇගේ පියා වූ සිලෝරිස් මුදලාලි පැමිණ සිටියේය. දඩයමේ ගිය තම පියාගේ කකුලේ සර්පයකුගේ ඇටකටු ඇනීමෙන් විස වැඩි වී මරණාසන්නව සිටියේය. පියාගේ පාපොච්චාරණය අනුව කිත්සිරිගේ පියා ටයිටස් මරා වටිනා වෛරෝඩිය සොරා ගත්තේ තමා බව කියයි. වියරු වැටුණු රෝහිණී කිත්සිරි සොයා ගොස් දෙපා මුල වැටී සමාව අයදියි.

    ‘ඔබ වැනි ගුණගරුක තරුණයකුගේ සියලු බැල මෙහෙවර කරන්න මම සතුටුයි. මේ ගෙදර, වස්තුව අයිති ඔබට. මට තාත්තා වෙනුවෙන් සමාවෙන්න.’

    රෝහිණී කියන විට කිත්සිරි ඇයගේ අත ආදරයෙන් අල්ලා ගත්තේය.

    බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න දෛව විපාකය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය වූ පිලෝරිස් බටුගෙදර රාළහාමිගේ චරිතය රඟපැවේය. ඔහුගේ බිරිඳ වූ ග්‍රේස් ජයමාන්න මෙහි කිත්සිරිගේ මව (සිල්වියා) ලෙස රඟපාමින් ගීතයක් ද ගැයුවාය. එය දරු නැලවිලි ගීතයකි.

    ‘දොයි දොයි දොයි පුත

    කෝමල මා පුත

    රං කිරි බීලා දොයි දොයියා’

    කිත්සිරි ලෙස රඟපෑවේ සේනාධීර කුරුප්පුය. ෂර්ලි බ්ලයිත් රෝහිණී ලෙස ද මේබල් බ්ලයිත් ශිරෝමාලා ලෙස ද ඩඩ්ලි වානගුරු නාට්‍ය කළමනාකරු ලෙස ද කුඩා කිත්සිරි ලෙස ‘සුජාතා’ චිත්‍රපටයේ චුට්ටා ලෙස රඟපෑ මර්වින් අල්විස් ද ඔස්ටින් අබේසේකර බටුගෙදරගේ සහචරයා වූ සිරිතේක්කු ලෙස ද රඟපෑ අතර මෙහි රූබී ද මැල්, ධර්ම ශ්‍රී රණතුංග, එඩ්ලින් බාලසූරිය, රාජා ජයවර්ධන, පීටර් පීරිස්, ඒ. ධර්මසේන ද රඟපෑහ. මදුරාසියේ ෆිල්ම් සෙන්ටර් චිත්‍රගාරයේ රූපගත කොට ගීත ද එහිදීම පටිගත වූ දෛව විපාකය ලංකාවේ ද රූපගත කොට ඇත. සර් ජෝන් කොතලාවලගේ කඳවල වත්තේ එක් ගීතයක් (සුදෝ සුදු රන් කඳ මගේ) හා වික්ටෝරියා පාක් හි (සාගර හිමිය සොයා) ගීතය ද රූගත කර ඇත. මේ ගීත දෙකම කිරිබත්ගොඩ නව ජීවනයේ කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා විසින් රූගත කළ බව ජනතා පත්‍රයේ වාර්තා වී තිබුණි. ඇතැම් දර්ශන බී.ඒ.ඩබ්ලිව්.ගේ හොරම්බාවේ වත්තේ ද කැමරාගත කර ඇත. මේ චිත්‍රපටය සඳහා රු. ලක්ෂ 2 1/2ක් වියදම් වී ඇතැයි ද පැවැසේ.

    එතෙක් (1947 සිට 1956 දක්වා) තිරගත වූ චිත්‍රපටයකට ඇතුළත් වූ දිගම ගීතය මේබල් බ්ලයිත් ගයන්නේත්, රඟපාන්නේත් මේ චිත්‍රපටයේය. මේබල් මේ ගීතය වේදිකාවේ සිට ගයන අතර දර්ශනයේ එන පොලිස් රාළහාමිගේ හා සරාගොයියාගේ චරිත ද රඟපා ඇත.

    ‘සරා ගොයිය හරි මිනිහා තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා සරා ගොයියා හරි මිනිහා’

    මේ ගීතය රාජ් කපූර්ගේ ‘ශ්‍රී 420’ චිත්‍රපටයේ මන්නාඩේ ගැයූ ‘රමයා වතාවයා’ ඇසුරෙන් ‘සාගර හිමිය සොයා’ (ගායනය මොහිදීන් බෙග් හා මේබල් බ්ලයිත්) ගීතයත්, ‘ජනක් ජනක් පායල් බාජි’ චිත්‍රපටයේ ගීත​ෙය් තනුවට ‘නීල අහසේ මිහිරියාව’ ගීතය ෂර්ලි බ්ලයිත් ගැයූ බවත්, හේමන්ත් කුමාර් ගැයූ හින්දි ගීතයක තනුව ඇසුරෙන් මොහිදීන් බෙග් ‘සුදෝ සුදු රන් කඳේ මගේ පෙම්’ ගීතය ගයා ඇති බවත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ පවසති.

    ප්‍රධාන නිළිය වූ ෂර්ලි බ්ලයිත් එම චරිතයට අදාළ ගීත ඇය විසින්ම ගායනා කරවීමට සංගීත අධ්‍යක්ෂ ආර්.ඒ. චන්ද්‍රසේනට පැවැරිණ. ගීත රචනා කළේ ඒ.ජේ. ද සොයිසාය. ඒ සඳහා චන්ද්‍රසේනයන්ට විශාල කැපවීමකින් යුතුව පුහුණු කිරීමට සිදු වූ බවත් ආධුනික ගායිකාවක් වූ බැවින් ඇයට එය ගැයීමට දුෂ්කර වූ බවත් ‘චන්ද්‍රසේන සංගීතවේදියාණන්ගේ උද‌ාර මෙහෙවර’ කෘතියේ සඳහන් වෙයි.

    මොහිදි‌ීන් බෙග් හා ෂර්ලි බ්ලයිත් සමඟ ගැයූ මේ ගීතය එ‌දා රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වී ඇත.

    ‘සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ විවාහයේ මල් නෙළා පලඳිමුකෝ...’

    දෛව විපාකය චිත්‍රපටයට ජේ.ඊ. සේදරමන් නාට්‍යාචාර්යවරයාගේ ‘කුවේණි’ හා ‘විජයාගමනය’ මුද්‍රා නාට්‍යය ද ඇතුළත්ව තිබුණි. එය මේ අවධියට (1956) උචිත වන පරිදි ඇතුළු කොට ඇති බැව් විචාරකයන් පවසා තිබුණි.

    ‘සිළුමිණ’ පුවත්පතට (1956 මැයි 27) විචාරයක් ලියූ ඇස්. සුබසිංහ කියා තිබුණේ ‘දෛව විපාකය’ සමාජ විෂමතාව පෙන්වන චිත්‍රපටයක් බවය. එහි මෙසේ සඳහන් වෙයි.

    “මේ චිත්‍රපටයේ සිනමා තිරයට පිවිසි ස්ටෙලා ග්‍රේස් ජයමාන්න තමාට අයත් වූ දුෂ්කර චරිතය නියම හැඟීමකින් යුතුව ඉතා දක්ෂ ලෙස රඟපාන්නීය. එහෙයින් දෛව විපාකය මෙතෙක් තිරයෙන් ඈත්ව සිටි දක්ෂ තරුවක් හඳුන්වා දෙයි. සේනාධීර කුරුප්පුගේ රඟපෑම ප්‍රසංසනීයය. අසරණයකුට සමාජයේ විඳින්නට සිදුවන අපමණ දුක් ගැහැට හා දුප්පතාගේ දුක උණු නොවන දැඩි හදවතකින් යුතු කෲර නම්බුකාරයන් පිළිබඳ තතු විදහා දැක්වෙන ලෙස ලියා ඇති කතාවේ ඇතැම් සිද්ධීන් සමාජයේ විෂමතාව අතිශයෝක්තියෙන් දැක්වීමක් වන්නේය.” විචාරකයා සඳහන් කර තිබුණි.

    ආතර් යූ. අමරසේන ලියූ ‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතියේ ද දෛව විපාකය චිත්‍රපටය ගැන අගනා තොරතුරු සඳහන්ව තිබුණි.

    ජයවිලාල් විලේගොඩ (1956 මැයි 23 දිනමිණ) ලියූ විචාරයෙන්​ කොටසකි මේ.

    “ආයා-අප්පු කෝලම නැතිව, පොතේ භාෂාවේ දෙබස් නැතිව, රුක්මණී අඬවන්නේ නැතිව, එඩීට මනප්පු පාට් එක නැතිව, මත්පැන් පාටි නැතිව බී.ඒ.ඩබ්ලිව්. සිංහල චිත්‍රපට ඉදිරිපත් කරන්නේ කවද‌ා දැයි පසුගිය වර්ෂයේ අලුත් අවුරුදු ද‌ා ‘මතභේදය’ බලා එහි විවේචනය අවසන් කරමින් මා ඇසූ ප්‍රශ්නයකට බී.ඒ.ඩබ්ලිව්. දුන් පිළිතුරු මේ වෙසක් ද‌ා දෛව විපාකය නරඹද්දී මම දිටිමි.”

    2500 බුද්ධ ජයන්තිය පවත්වන ලද වෙසක් කාලයේ දෛව විපාකය තිරගත වීම නිසා චිත්‍රපටයේ නාමාවලියට ‘ජාතික කලා රසේ’ නම් සමූහ ගීතය බී.ඒ.ඩබ්ලිව්. විසින් ඇතුළත් කර තිබීම වි​ෙශ්ෂයකි. මේ ඒ ගීතයයි.

    ජාතික කලා රසේ නංවමු සිංහලයේ සම්බුදු ජයන්තියේ ලංකා කලාකාමීන්ගේ මහා වීර ජනතා පතින් පෑව කථිකා රජා බී.ඒ.ඩබ්ලිව්. සමාගමේ කලා ප්‍රේමීන්ගේ
    අාධාරේ ද නිසි සේ යොද‌ා සිනමාවට නැගුවේ දෛව විපාකය මේ සම්බුදු ජයන්තියේ දෙදහස් පන්සියයේ ජාතික කලා රසේ නංවමු සිංහලයේ

    ඒ.ඩී. රන්ජිත් කුමාර
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    23 Feb 2020 04:02 PM
    ‘සරා ගොයිය හරි මිනිහා තුවක්කුවක් කරේ තියා දවසක් දඩයමේ ගියා සරා ගොයියා හරි මිනිහා’

    ‘සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ විවාහයේ මල් නෙළා පලඳිමුකෝ...’


    මේ ගීත දෙක අදටත් ගොඩක් ප්‍රසිද්ධ ගීත දෙකක්.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Feb 2020 08:49 AM
    36. දුප්පතාගේ දුක

    තිරගත කළ දිනය: 1956-08-10

    Main Actor : Laddy Ranasinghe
    Main Actress : Gerly Gunawardana
    Director : T.R. Sundaram , Mithradas
    Producer : K. Gunaratnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Feb 2020 08:54 AM
    දුප්පතාගේ දුක

    ‘‘1815, ඔක්​තෝබර් මාසය මුල දවසෙක සවස් කාලයේ සූර්යාස්ථයට පැයකට පමණ පෙර - පයින් ම ගමන් ගත් එක්තරා මිනිසෙක් ප්‍රංශයේ දා.......... නම් කුඩා නගරයට පිවිසියේය. ​ෙම් වේලාවේ ගෙදොර සිටි නුවරුන් ඔහු නැරඹුයේ තරමක් සැක සංකාවෙනි. අනන්තයට ම පින් පිරිහුණු දැකුම් ඇති මඟියා නූස් ය; නො මිටිය; කාය බලයෙන් ඔද වැඩුණු නි​රෝගී දේහයෙන් යුක්ත ය. ඔහුගේ වයස හවුුරුද සත සාළිසක් නොහොත් අට සාළිස් යයි කිව හැකි යි. හිරු රැසින් දැවී මැලවී ඩා දියෙන් තෙමී ගිය මුහුණ පැත්තක් වැසෙන සේ යම් කේතුවෙකින් යුක්ත ශිරස්කයක් හේ ලා සිටියේ ය. කසාවන් දළ පිළියෙන් පිළියෙළ කොට රිදී අංකරයෙකින් කර පියවා අඳින ලද ඉහිල් අංගරකාව අස්සෙන් ලොමින් ගැවැසි ඔහු ළ පැත්ත පෙනිණි. දෙපට කොට ඇඹරූ රැහැනක් සේ හගළ දෙපසින් රැඳ රෙදි පටියෙක දවටා ඇඳ සිටි සරුවාලය නිල් මෙට්ට රෙදි වර්ගයෙකින් මසන ලද්දෙකි ය. පැරැණිය; එක් දණ හිසෙකින් ඉරී වියැකී අනෙක් දණහිසෙන් සායම් දිය වී සුදට පෙනිණ, කමිසයට උඩින් ඇඳ සිටි කංචුකය ද අණ්ඩ ඇල්ලුණු වැරැහැල්ලෙකි. කට ගහ පිරි ලොකු අලුත් ඔලොඟුවක් පිටෙන් එල්ලා ගෙන සිටි ඔහු අතෙහි ගැට ​ෙමාට මහ මුඟුරෙක් ද පාද ජාලා සහිත දෙපයෙහි යකඩ ඇඩි ගැසුණු සපත්තු සඟලෙක් ද විය. ඔහු හිස මුඩුය; රැවුල මහත්ය. ඩා දිය, දාහය, දූලි, ගමන් විඩාව යන මේ ආදිය නිසා මගියාගේ දුගී පෙනුම වඩාත් අශෝභන වී ය.

    අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් 1953 වසරේ ලියා පළ කළ පෙරමුණ මුද්‍රණාලයයේ මුද්‍රිත ‘‘මනුතාපය’’ නම් කෘතියේ ප්‍රධාන චරිතය වූ ජනවර්ජන ගැන පළමු පරිච්ඡේදයෙන් හඳුන්වා දෙන්නේ ඒ ආකාරයටය. ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ විසින් ලියන ලද ‘‘ද ලේ මිසරාබ්ල’’ (Les Miserables) නවකතාවේ සාංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් වූ ‘‘මනුතාපය’’ 1957-1960 ඉංග්‍රීසි සිංහල පොදු සහතික පත්‍ර විභාගයට නියමිත පාඨ ග්‍රන්ථයක් විය.

    Les Miserables ඇසු​ෙරන් ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවූ 1935 වසරේ Twentieth century Pictures සමාගම විසින් චිත්‍රපටයක් නිපදවා ඇත. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ Fredric March ය. සෙසු චරිත රඟපා ඇත්තේ Charless Laughton, cedric Hardwicke හා Rochelle Hudson ය. අධ්‍යක්‍ෂවරයා Richard Boleslawski ය. 1935 අප්‍රේල් 20 වෙනිදා ලෝකය පුරා රටවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර එහි ධාවන කාලය විනාඩි 108 කි. මෙහි ප්‍රංශ භාෂාවෙහි නිපැයූ I Miserabili චිත්‍රපට 1958 මාර්තු 18 වෙනිදා තිරගත වී ඇත. අධ්‍යක්‍ෂණය Jean - Paul Le chanois ය. චිත්‍රපටයේ ධාවනය කාලය විනාඩි 217 කි. ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ Jean Gabin ය.

    මේ කතාව ඇසුරෙන් K. Ramnoth අධ්‍යක්‍ෂණය කළ Ezhai Padum Paady ‘‘එලෙයි පාඩම් පාඩු’’ ද්‍රවිඩ චිත්‍රපටය 1950 නොවැම්බර් 06 වෙනිදා තිරගත වී ඇති අතර එය ලාංකීය ජනතාවට නැරඹීමේ අවස්ථාව ලැබී ඇත. Chittor V. Nagaiah, M.N. Ranjam, Javar seetharaman ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 197 කි. මේ කතාව ඇසුරෙන් සොරාබ් මෝඩි (Sohrob Modi) නිපදවූ ‘‘කුණ්ඩාන්’’ (Kundan) චිත්‍රපටය 1955 තිරගත විය.

    1956 අගෝස්තු 10 වෙනිදා තිරගත වූ ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයට ඍජුව බලපෑවේ Ezhai Padum Paadu (එලෙයි පාඩුම් පාඩු) දෙමළ චිත්‍රපටයයි.

    1955 වෙන විට සිනමාස් සමාගම ‘‘සුජාතා’’ (1953) ‘‘වරද කාගේද’’, ‘‘රදළ පිළිරුව’’ (1954), ‘‘දොස්තර’’ (1956) චිත්‍රපට නිපදවා තිබුණී. මුල් වරට විදේශීය නව කතාවක් තම අලුත්ම චිත්‍රපටය සඳහා තෝරා ගැනීමට නිෂ්පාදක කේ. ගුණරරත්නම් සිතුවේය. ඒ සඳහා 1950 තිරගත වූ ‘‘එලෙයි පාඩුම් පාඩු’’ චිත්‍රපට කතාව​ තෝරා ගත්තේය. මේ චිත්‍රපටයේ මුල්ම නම ‘‘කාලකණ්ණියා’’ ය. සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුව සිටි ඒ. මිත්‍රදාසන් (ඇන්ටනි මිත්‍රදාස) අධ්‍යක්ෂවරයා විය. මේ චිත්‍රපටය රූප ගත කළේත් සිනමාස් සමාගම නිෂ්පාදනය කළ ‘‘රදළ පිළිරුව’’ මොඩර්න් චිත්‍රාගාරයේ රූගත කරන කාල​ෙය්දීමය. එහි අධ්‍යක්‍ෂවරයා වූයේ ටී.ආර්. සුන්දරම්ය. ‘‘රදළ පිළිරුව’’ ටී.බී. ඉලංගරත්න ද, ‘‘දුප්පතා​ගේ දුකට’’ සුදුසු අන්දමට සකස් කිරීමේ වගකීම පැවරී තිබුණේ හියුගෝ ප්‍රනාන්දුටය. එහි දෙබස් රචනා කිරීමටද එහි එන ‘‘පුර හඳ ලෙස මම බබලනවා’’ (ගායනය - ලතා), ‘‘ඉඟි බිඟි පාලා කුල්මත් වීලා’’ (ගායනය - ලතා හා දක්‍ෂිණමූර්ති), ‘‘සේතන් අයියාගෙ හෙ​ා්ටලෙ මේ’’ - (ගායනය - ඩොමී ජයවර්ධන හා ලතා) යන ගීත රචනා කිරීමටද ඔහුට භාර විය.
    ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා එස්. දර්ශන මූර්තිය. එහි හියුගෝ ලියූ ගීත මෙන්ම ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ‘‘චන්ද්‍රා කාන්ති සාගරේ’’ (ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා), ‘‘තමන් සතු ​ෙද් දෙන්න අනුන් සතු දේ නොගන්න’’ (ගායනය - ​​​ෙමාහිදීන් බෙග්), ‘‘ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ’’ (ගායනය - ලතා සහ පිරිස), ‘‘දුක් වේදනා වින්දේ අ​හෝ’’ (ගායනය - ජී.එස්.බී. රානි පෙ​ෙර්රා), ‘‘ආයි ආයි ලොව පෙරළෙනවා’’ (ගායනය - ලතා), ආනන්ද සමරකෝන් රචනා කළ ‘‘වෙසතුරු මහ රජිඳා’’ (ගායනය - මොහිදීන් බෙග්) ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත.

    ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ කතාව විකාශනය වී ඇත්තේ මෙසේය.

    බලදේව කරුණාබර හදවතක් ඇති පුද්ගලයෙකි. එහෙත් ඔහු දුප්පත්ය. දිළිඳුය. ඔහුට ආධාර උපකාර කිරීමට කිසිවකු සිටියේ නැත. ඔහුගේ නැඟනිය කණවැන්දුම් තැනැත්තියක් නිසා ඇයගේ සිඟිති දරුවන්ගේ නඩත්තුව සැළසීමට ද බලදේවට නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවිය. දරුවන්ගේ කුස ගින්න නිවීමට ඇතැම්විට බැල මෙහෙවර කළේය. සොරකම් කළේය. වරෙක ඔහු පාන් ගෙඩියක් සොරකම් කළේ දරුවන්ගේ බඩගින්න බලා සිටිය නොහැකි නිසා ය. වරක් පාන් ගෙඩියක් සොරා ගනිද්දී ඔහු පොලීසියට හසු වී සිරගත වෙයි.

    මේ අතර කම්කටොළු මැද කණවැන්දුම් නැඟනිය හා ඇගේ දරුවන්ට භයානක ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි. දරුවන්ගෙන් ඉතුරුවූයේ පද්මා නම් දරුව පමණි. වැඩිවියට පත් පද්මා මන පිනවන රූමත් තැනැත්තියක් වූවාය. අවාසනාවට ඇය කාමුකයකුගේ වසඟයට පත්ව අනාථ වෙයි.

    බලදේව සිර ගෙදරින් නිදහස්ව ආ පසු ද අවුරුදු පහක් යන තෙක් පොලීසියේ පෙනී සිටිය යුතු විය. ඔහු කුසගින්නට ගෙයක් ගෙයක් ගානේ ගිය ද වතුර පොදක් දීමට ද කිසිවකු ඉදිරිපත් ​ෙනාවීය. වරක් ඔහුට නගරයේ පූජකතුමාගේ කරුණාව හිමි වී දේවස්ථානයේම නතරවීමට ඉඩ ප්‍රස්ථාව උදා විය. රාත්‍රියේ නින්දට ගිය ඔහු දිලිසෙන රිදී භාජන දැක ඒවා සොරා ගැනීමට ලොල් වෙයි. ඔහු එළිවීමට ප්‍රථම ඒ රිදී භාණ්ඩද රැගෙන යද්දී පොලීසියට හසු​ෙවයි. රිදී භාණ්ඩ ද බලදේව ද පොලිස් නිලධාරීහූ දේවස්ථානයට කැටුව යති. එහිදී පූජකතුමා ඔහු නිදහස් කර ගනී, තවත් රිදී බඳුන් ඔහුට දෙන පූජකතුමා ‘‘මේවා විකුණා මුදල් කොට වෙළඳ ව්‍යාපාරයක් අරඹා දියුණු වීමට’’ උපදෙස් දුන්නේය.

    දැන් බලදේව නගරයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයා ය.

    ඔහු දුප්පතුන්ට උපකාර කළේය. ඒ වෙනවිට මියගිය පූජකතුමාගේ උපදෙස් ඔහු අකුරටම පිළිපැද්දේය. ඔහු නගරයේ නගරාධිපතිවරයා වෙයි. ජනතාව ඔහුට කැමැතිය. ඔහුගේ පරිත්‍යාගශීලී ගති ගුණ කවුරුත් අගයති.
    එහෙත් ඔහුට සතුරෙක් සිටියේ ය. ඒ ඉන්ස්පෙක්ටර් ජයසිංහ ය. ඔහු නීතිය අකුරටම ඉටුකරන අවංක එහෙත් හදවතේ තෙතමනයක් නැති පුද්ගලයෙකි. සිරගෙදර සිටම දැන සිටි ඔහුට නව නගරාධිපතිවරයා නීතියේ රැහැනට හසුකර ගත හැකි මං සෙවීය. ඒ හැම අවස්ථාවකම බලදේව හිතට අවංකව ඇත්ත කීවද අධිකරණය එය පිළි නොගනී. ඉන්ස්පෙක්ටර් ජයසිංහ ඒ හැම තැනකදීම පරාජයට පත්වෙයි. අවසානයේ ඔහු නීතියේ ගරුත්වය ගැන සිතා දිවි නසා ගනී, බලදේව යහපත් ජීවිතයකට පිවිස, නැති බැරි අයට උදව් කරයි.

    බලදේවගේ චරිතය රඟපෑ​ෙව් වේදිකාවේත්, සිනමාවේත් ජය කෙහෙළි නංවා සිටි ලැඩී රණසිංහ ය. ලැඩීගේ විශිෂ්ට රඟපෑම පොදු ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ප්‍රසාදයට හේතු විය. ඉන්ස්පෙක්ටර් ජයසිංහ ලෙස රඟපෑවේ මාක් සමරනායක ලැඩීට නොදෙවෙනි ලෙස රඟපෑවේය. මාක්ගේ ද චිත්‍රපට ජීවිතයේ විශිෂ්ටතම රඟපෑම වූයේ මේ චරිතයය.

    ලැඩී හැමවිටම කීවේ මේ චිත්‍රපටයේ හොඳම නළුව තමා නොව මාක් කියාය. මාක් කීවේ තමා යම් සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කළ ද එයට බලපෑවේ ලැඩී කියාය. ‘‘කතා දෙකක් නෑ ලැඩී තමයි මිනිහා. හොඳම නළුවා ඔහු’’ මාක් කියා ඇත.

    ලැඩී පාන් ගෙඩියක් සොරා ගන්නා දර්ශනය ගැන මහජන ප්‍රදර්ශක මණ්ඩල මැසිවිලි නැඟූ බවක් අපට අසන්නට ලැබුණි. චිත්‍රපටය සමඟ තිරගත වූ ‘‘වෙස්සන්තර’’ ජාතකය ඇසුරෙන් නිපදවා තිබූ දර්ශනාවලියට මහජන ප්‍රදර්ශක මණ්ඩලයේ විරෝධය පළ වී ඇත. 1956 අගෝස්තු 17 වෙනදා ‘‘ජනතා’’ පත්‍රයේ ‘‘වෙස්සන්තර නැටුම කෝ?’’ ගැන මැයෙන් රාජා තිලකරත්න ප්‍රවෘත්තියක් පළ කොට තිබුණි. තම චිත්‍රපටයේ එන ‘‘වෙස්සන්තර ගීය’’ (මොහිදීන් බෙග් ගැයූ වෙසතුරු මහ රජිඳ’’ ගීත මහජන ප්‍රදර්ශන මණ්ඩලය මගින් කපා ඇතැයි නිෂ්පාදක කේ. ගුණරත්නම් තැපැල් ඇමති ඒ.සී.එස්. මරික්කාර් මහතාට පැමිණිලි කොට තිබුණි. පරීක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් වූ කොළඹ නගරාධිපති වී.ඒ. සුගතදාස රජයේ කලායතනයෙ​් අධිපති ජේ.ඩී.ඒ. පෙ​ෙර්රා, පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා යන මහතුන් ගුණරත්නම් ගේ ඉල්ලීමට පක්ෂපාතී වී ඇති බව ‘‘ජනතා’’ පත්‍රයේ පළ වී ඇත.

    මහජන ප්‍රදර්ශනයට සුදුසු නැතැයි මහජන ප්‍රදර්ශන මණ්ඩලය කපා දැමූ ‘‘වෙස්සන්තර ගීතය’’ ඇතුළත් ගීතය යළිත් ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය සමඟ පෙන්වීමට මහජන ප්‍රදර්ශන පාලක සභාවේ සභාපති සර් රාසීක් ෆරීඩ් අනුමැතිය දුන් බවත්, චිත්‍රපටයෙන් පරිබාහිරව ආරම්භයේදීම මෙය ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව 1956 අගෝස්තු 23 වෙනිදා ‘‘ජනතා’’ පත්‍රයේ පළ වී තිබුණි. ‘‘වෙස්සන්තර’’ ​ෙකටි චිත්‍රපටයේ වෙස්සන්තර රජු මෙන් ඇල්ප්‍රඩ් එදිරිමාන්න ද ක්‍රිෂ්ණජිනා ලෙස සෝමා විලියම් (පසුව ‘‘චණ්ඩාලි’’ චිත්‍රපටියේ සෝමා මහවලගේ) රඟපෑහ.

    ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය ගැන විචාරයක් ලියූ කරුණාසේන ජයලත් (1956 අගෝස්තු 22 බදාදා - ලංකාදීප) බලදේවගේ හා ඉන්ස්පෙක්ටර් ජයසිංහගේ චරිත ගැන මෙසේ කියා තිබුණි.

    ‘‘බලදේව ලෙස රඟ පෑ ලැඩී රණසිංහ මුල සිටම අග දක්වා චිත්‍රපටයේ බර කර පිටින් ගෙන යයි. ඔහුගේ හැම වචනයක්ම, ඉරියව්වකම බැල්මකම උසස් නළුවකු නිරූපණය වී සිටී. ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ ඊළඟ නළුවා මාක් සමරනායකය. කඩතොළු නැතිව ඔහු දක්‍ෂ ලෙස සිය චරිත නිරූපණය කරයි. දුෂ්කර වූ අවසාන කොටස ඔහු විශේෂ දක්‍ෂතාවයකින් ඉටු කරයි.’’

    ලැඩී රණසිංහ කියා තිබුණේ සිනමා ජීවිතයේ තමා රඟ පෑ අසීරුම චරිතය බලදේවගේ චරිතය බවයි. එක් දර්ශනයක දී තමා ස්ටැන්ලි පෙරේරා කරේ තබාගෙන විශාල පාලමක් යට වූ බෝක්කුවක් දිගේ වතුර පීරාගෙන යන අසීරු අවස්ථාව මට විස්තර කළේ මුහුණෙ ඉරියව් මවමින් ඔහුගේ ගැඹුරු හඬ අවදි කරමිනි.

    ‘‘මේ දර්ශනය දින තුනක් කැමරා ගත කළා. වතුරේ සිටි නිසා සීතලය සෑදී ඇඟ කැසීම නිසා මා සේලම් රෝහලක දින තුනක් ගත කළා. මේ දර්ශනය ඔබ දකින විට ඒ සඳහා මම කොතරම් දුකක් වින්ඳා ද යනු ඔබට තේරුම් යනු අැති.’’

    ඉන්ස්​ෙපක්ටර් ජයසිංහ ලෙස රඟපෑ මාක් සමරනායක වැලිවේරියේ තම නිවසේ දී තමා රඟපෑ අවස්ථාවක් ගැන මට මෙසේ විස්තර කළේය.

    ‘‘මේ චිත්‍රපටයේ බලදේවගෙ​් නැඟණිය ලෙස රඟපෑවේ මගේ බිරිඳ පර්ල්. ඒ වගේම බලදේවගේ කුඩා ලේලිය ලෙස ‘‘බඩගිනියි මා​ෙම්’’ කියා හඬන්නේ මගේ දියණිය ශිරානි. මගේ ජීවිතේට අමතක නොවන දර්ශනයක් තිබුණා. ලැඩී වරෙක ධර්මවර්ධන කියන නගරාධිපති ලෙස රඟපානවා. මම පොලිස් ඇඳුමින් සැරසී ඔහු අසළට ඇවිදගෙන එනවා. ඔහු මට ‘‘එන්න එපා ඉන්ස්​ෙපක්ටර් මා ගාවට’’ කියලා පුටුවකින් ගහන දර්ශනයක් තිබුණා. දර්ශනය ඉස්සර වෙලා මම ලැඩීට කිව්වා,

    ‘‘මචං මට හෙමින් ගහපන්’’ මම ලැඩීට පින්සෙන්ඩු වුණා.

    ඒත් ලැඩී මට ඇත්තටම ගැහැව්වා. මගේ හිසේ තිබුණ ​ෙපාලිස් කැප් එක හිල් කරගෙන ගිහින් පුටුවේ තිබුණු ඇණයක් මගේ හිස පසාරු කරගෙන ගියා. ලැඩී මාව වැළඳගෙන ‘‘මචං මට සමාවෙයන්’’ කීවා. මම දන්නවා ලැඩී ඕනෑකමින් හිතල මතල කිසිවක් කරන්නේ නැති නළුවෙක්. හැබැයි මේ දර්ශනය අගේට කැමරා ගත වුණා. මගේ තුවාලයට බෙහෙත් දා ගන්න රෝහලට යන්න සිද්ධ වුණා.’’

    ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ තිරගත වී ඇත. ඒ සඳහා අධ්‍යක්‍ෂ මිත්‍රදාසන් ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත. මේ චිත්‍රපයේ ඩොමී ජයවර්ධන, කාන්ති ගුණතුංග, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, හියුගෝ ප්‍රනාන්දු, මිලී කහඳවල, උදුලා දාබරේ, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, බන්දු ගුණසේකර සෙසු චරිත රඟපෑහ.

    1956 වර්ෂයෙහි තිරගත වූ චිත්‍රපට සඳහා ලංකාදීප පත්‍රය සංවිධානය කළ 1957 අප්‍රේල් 07 වෙනිදා පැවැත්වූ දෙවැනි දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ බලදේව ලෙස රඟපෑ ලැඩීය. නිළිය වූයේ ‘‘රේඛාවේ’’ රඟ පෑ අයිරාංගනී සේරසිංහ ය.

    1957 වසරේ ජනවාරි 25 වැනිදා තිරගත වූ ‘‘සිරකරුවා’’ චිත්‍රපටයට ද පාදක වූයේ මේ කතාවම ය. එහි ප්‍රධාන නළුවා ලෙස රඟපාමින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ සිරිසේන විමලවීර විසිනි.

    ‘‘මා වික්ටර් හියු​ගෝ නම් විශිෂ්ට ප්‍රංශ නවකතාකරුවා ගේ ‘‘ද මිසරාබ්ල’’ ඇසුරෙන් තැනූ දෙමළ චිත්‍රපටයේ රූපරාමු ඒ විදිහටම අනුකරණය කළේ නෑ. මට අවශ්‍ය වූයේ ඒ කතා තේමාව අරන් දේශීයත්වයක් මනුෂ්‍යත්වයත් මතු කිරීමට. ඒ නිසා ම​ගේ සිරකරුවා ඉංග්‍රීසි චිත්‍රපටය වත් දෙමළ චිත්‍රපටයේත් අනුකරණයක් නොවෙයි.’’ සිරිසේන විමලවීරයන් සිනමා සඟරාවකට කියා තිබුණි.

    ‘‘සිරකරුවා’’ චිත්‍රපටයේ එක දර්ශනයකට ද මහජන ප්‍රදර්ශන මණ්ඩලයේ වාරණයට ලක්වී ඇත. එහි ප්‍රධාන සිරකරු ‘‘එක ආප්පයකට දහ අට අවුරුද්කට සිර බත් කන්න සිදුවුණා’’ යන දෙබසේ ‘‘එක අාප්පයක්’’ යන දෙබස් ඛණ්ඩය වාරණය කර ඇත. මේ චිත්‍රපටයේ සිරිසේන විමලවීර, එන්.ආර්. ඩයස්, එච්.එස්. ජෝතිපාල, ප්‍රේම කාන්ති, උපසේන විමලවීර රඟපෑහ.

    කෙ​ෙස් වුවද වික්ටර් හියුගෝ නම් ප්‍රංශ නවකතාකරුගේ ‘‘ද ලා මිසරාබ්ල’’ නවකතාව සිංහල සිනමාවටද බලපෑ බව මේ කරුණුවලින් පැහැදිලිවේ. ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය සිංහල සිනමා වංස කතාවේ සුවිශේෂී මං සළකුණකි. ඒ චිත්‍රපටයේ රඟපෑ හා වෙනත් අයුරින් සම්බන්ධ වූ නළු නිළියන් බොහෝ දෙනකු අද ජීවිතයෙන් සමුගෙනය. අපට යම් තොරතුරක් ගැනීමට හැකි වන්නේ කාන්ති ගුණතුංග හා උදුලා දාබරේ යන නිළියන් දෙදෙනාගේ හා බන්දු ගුණසේකර නළුවාගෙන් පමණි.
    0

    Ruwan_Sampath01
    Advanced Member
    Advanced Member
    Posts:687






    --
    27 Feb 2020 10:13 AM
    supiri
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2020 04:53 PM
    37. සුරතලී

    තිරගත කළ දිනය: 1956-09-19

    Main Actor : Ravindra Rupasena
    Main Actress : Leena De Silva
    Director : Syril P. Abeyrathna
    Producer : Jaber A.Kadar
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2020 05:03 PM
    හින්දි චිත්‍රපටයකින් හැදූ ‘සුරතලී’ චිත්‍රපටය

    සුදත් හා සුසිල් ගජ මිතුරන් දෙදෙනෙකි. එහෙත් ඔවුන්ගේ ගති ගුණ අහසට පොළොව මෙන් දුරස්ථය. සුදත් සාමාන්‍ය පවුලක චාම්, සරල ජීවිතයක් ගත කරන අහිංසක ගති පැවතුම් ඇති තරුණයෙකි. සංගීතයට කැමති ඔහු මැන්ඩලීනය වාදනය කරමින් තනිවම සතුටක් ලබයි. ධනවත් තරුණයකු වූ සුසිල් විනෝදකාමියෙකි. සල්ලාල ගති ගුණ ඇත්තෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ ඔහුගේ ඇතැම් ගති ගුණ සුදත් අනුමත නොකළ ද ඔවුන්ගේ මිතුදමට එයින් බාධාවක් නොවීය. නුවරඑළියේ සුසිල්ගේ වත්තක නිවාඩුවක් ගත කිරීම සඳහා සුදත්ට ඇරැයුම් ලැබෙයි. සුදත් නුවරඑළියට ගියේ සුසිල්ගේ මොරිස් මයිනර් කාර් එකෙනි. ඔවුහු අතරමඟදී දිය ඇල්ලක දිය නාමින් ගී ගයමින් සිටින තරුණියන් පිරිසක් දකිති. කෙළිලොල් ගති ඇති සුසිල් බිමට බැස්සේය. තරුණියන් අතර සිටි මානෙල් විසින් වෙනත් පැත්තකට වීසි කරන ලද මඩ පහරක් සුසිල්ට වැදීම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන්නේය. මේ තරුණිය පිළිබඳ අදහසක් ඇති වූ සුසිල් ඇය හා ආදර සබඳතාවක් ඇති කර ගැනීමට සිතා ඇය ලවාම තමාගේ ඇඟේ වූ මඩ පැල්ලම මකා දැමීමට මාර්ගයක් උදාකර ගත්තේය. තරුණිය එනම් - මානෙල් මේ සිද්ධිය නිසා සුසිල් කෙරෙහි ආදරයක් ඇති කර ගත්තාය. යළිත් ඉක්මනින් හමුවන පොරොන්දුව පිට සුසිල් මානෙල්ගෙන් සමුගත්තේය. සුදත් සමඟ තම වත්තට ගිය සුසිල්ගේ පරම අදිටන වූයේ මානෙල්ගේ පහස ලබා සතුටුවීමටය. මිතුරන් දෙදෙන බංගලාවට යන විට එහි මෙහෙකාර පොඩියන් සියලු පහසුකම් සලසා තිබුණි. තම මිතුරු සුසිල්ට වූ ඇබැද්දිය ගීතයට නැඟූ සුදත් මැන්ඩලීනය ගෙන එය වයමින් ගීතයක් ගැයුවේය.

    ‘පිටිසරෙහි අගේ සිරි නරඹමිනේෙ
    ගිය ගමනක විසිතුරු කියමි මෙසේ
    මම ගයමි මෙසේ
    දිය කෙළින ලෙසේ පිරිවැරුණ තොසේ
    කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ
    සිතු උමතු වුණේ
    මරු විකල වූවෙකු ලෙස කෝපයෙනේ
    වැදි මුහුණ පුරා මඩ පහරයෙනේ
    මැත දොඩමින පැන ගිය නමුදු අනේ
    සිනහවට ඇගේ ඔහු වසඟ වුණේ
    නාදලු වැනි මේ තොල් රතට රතේ
    නිල්මිණි පරදයි නෙත් සඟළ ඇගේ
    සිහිනිඟ රිය සක වැනි උකුළ ළැමේ
    රණ තිසරු ගෙනෙයි පෙම් ලොවක සැපේ
    (ගායනය - ධර්මදාස වල්පොල)

    සුදත් හා සුසිල් මේ දැකුම්කළු පරිසරයේ සතුටින් කාලය ගත කරති. සුසිල්ගේ වතුයායේ හුදෙකලාවේ සැරිසැරූ සුදත්ට දිනක් සේපාලිකා මල් නෙළමින් සිටින සුරූපී තරුණියක් හමුවෙයි. ඇයගේ නියම නමට වඩා ගම්මානයේ ප්‍රකටව සිටියේ “සුරතළි” නමිනි. සුසිල්ගේ බංගලාවේ උඩු මහලේ රාත්‍රියේ හුදකලාවේ සුදත් මැන්ඩලීනය වයමින් ගී ගයන විට ඒවා රසවිඳීමට සුරතලී සෑදී පැහැදී සිටියාය. මේ පරිසරය ඔස්සේ සුදත් හා සුරතලී අතර ප්‍රේමයක් ඇතිවිණ. සුදත්ගේ පරම පවිත්‍ර පැතුම වූයේ සුරතලිය විවාහ කර ගෙන සැපවත් ජිවිතයක් ගත කිරීමටය. නගරයේ තරුණියන් ඇසුරු කරන සුසිල්ගේ අදිටන වූයේ පිටිසරින් හමු වූ මානෙල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා විනෝදවීමටය. තරුණ මිතුරන්ගේ මේ පෙම් හබ පෙම්වතියන්ගේ මාපියන්ට ආරංචි විය. සුසිල්ට මෙයින් යම් සහනයක් ලැබුණේ මානෙල්ගේ පියාට ඔහු රැකියාවක් ලබා දුන් නිසාය. එබැවින් ඔහුගෙන් සුසිල්ට බාධාවක් නොවීය. දිනක් රාත්‍රියේ සුසිල්ගේ අභිප්‍රාය ඉටු කරමින් මානෙල් ඔහු අතින් අනාථ වූවාය. මෙය වැළක්වීමට සුදත් ගත් උත්සාහයෙන් පළක් නොවීය. මේ නිසා සුදත් තම මිතුරා පිළිකුල් කළේය.

    එක්තරා පුන් පොහොදාක මහ රෑ සිය නවාතැනින් උඩුමහලට වී බුදුගුණ ගීතයක් සුදත් ගයනු සුරතලී අසා සිටියාය.
    සාධූ ශ්‍රී මේ ලෝ හී පතුරා
    මේ පූර්ණ පොහොදා රාජනීය අහසේ නැගෙනා
    සාධු ශ්‍රී
    ශ්‍රද්ධාලෝකය හැම තැන විහිදා සාධු ජනා පුබුදා
    තිලෝගුරු ස්වාමිගෙ ත්‍රෛ මංගල ශ්‍රී
    ලෝ සතහට දුන් දිනය සිහි වේ නෑර අදා”
    (පසුබිම් ගායනය - ධර්මදාස වල්පොළ)

    බුදුගුණ ගීතයක් ගයන සුදත් හදිසියේම දුටුවේ සිය පෙම්වතිය (සුරතලී) මහ රෑ කෙසෙල් ගසක් යටට වී තමා විසින් ගයන බුදුගුණ ගීතය අසා සිටින බවය. සුදත් හනික කළේ තම පෙම්වතිය හැකි ඉක්මනින් ගෙදර බලා යැවීමය. එතැනට පැමිණි සුරතලීගේ පියා සමඟ ඒදණ්ඩ උඩ දී කළ සටනක ප්‍රතිඵලය වූයේ සුදත්ට සති කිහිපයක් කොළඹ රෝහල් ගතවීමය. සිය පෙම්වතා නැතිව ළතැවී සිටි සුරතලී ඔහු සොයා මහ මඟට බැස්සාය. කොළඹ පැමිණි ඇය ගණිකා මඩමක නවාතැන් ගන්නේ තම පෙම්වතා සොයා දෙන පොරොන්දුවක් දුන් ස්ත්‍රියකගේ මුසාබසට හසුවීමෙනි. සුරතලී මේ කිසිවක් නොදැන සිටියාය. මේ ගණිකා මඩමට නිතර යන එන සුසිල් තම මිතුරු සුදත්ගේ පෙම්වතිය බව දැන දැනම ඇයට අතවර කිරීමට සූදානම් වන විට සුරතලීගේ පහරකින් ලේ සහිතව ඔහු බිම ඇද වැටෙයි. සුදත් නැඟී සිටීමට පෙර එතැනින් පැන යන සුරතලීට ශබ්ද විකාශන යන්ත්‍රයකින් තම පෙම්වතා වූ සුදත් ගීතයක් ගයනවා ඇසෙයි. ඇය ඔහු සොයා දුෂ්කර ගමනක් යයි. සුදත් හමු වී සියලු පුවත් පවසන්නීය.

    ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන සුදත් සුසිල් සොයා ගොස් කරුණු පහදාදෙයි. ඉන් පසු සුසිල් සමග මානෙල් සොයා ගොස් ඔවුන් විවාහ කර දීමට කටයුතු කරති. සුදත් හා සුරතලිය විවාහ වන්නේ ඉන් පසුවය. හතර දෙනාම සුසිල්ගේ මොරිස් මයිනර් රථයෙන් ගීතයක් ගයමින් සතුටින් ගමන් ගනිති.

    ‘පුදුමයකි ලෝකෙ මැවුණා වූ ප්‍රේමේ
    ගයමු අමා පෙම් ගීතා විනෝදේ
    ස්ථිර ආලේ පෑ මා හදේ
    සිරියාවි මා ඔබේ සැමදා වෙමි ප්‍රියේ
    සැප සදනා ප්‍රේමේ ඔබ වේය මාගේ
    දෙව් ලෝ සැපා නැතේ පෙම් ලෝ විනා මෙසේ”
    (පසුබිම් ගායනය - ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි, ස්වර්ණා අබේරත්න, එච්.ආර්.ජෝතිපාල)

    1956 සැප්තැම්බර් 19 වැනිදා තිරයට පැමිණි 36 වෙනි සිංහල චිත්‍රපටය වූ “සුරතලී” චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ ඒ ආකාරයටය. මේ චිත්‍රපටය සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ ජබීර් ඒ. කාදර්ය. 1949 වසරේ ප්‍රදර්ශනය කළ රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ BARSAAT චිත්‍රපටයේ කතාව ඇසුරෙන් සුරතලී කතාව සකස් කර ගෙන ඇති බව පැවසේ. “බර්සාත්” ප්‍රධාන චරිතය රඟපෑවේ රාජ් කපූර්, නර්ගීස්, ප්‍රේම්නාත් හා නිම්මිය. Barsaat යනු “වැස්ස” (Rainy Season) යන තේරුමයි. මෙහි ප්‍රධාන චරිත හතර ප්‍රාන් (රාජ් කපූර්) රෙෂ්මා (නර්ගීස්), ගෝපාල් (ප්‍රේම්නාත්) හා නීලා (නිම්මි) ය. මෙහි කතාව රාමනන්ද් සාගර් ගෙනි.

    “සුරතලී” චිත්‍රපටයේ කතා පිටපත සිරිල් පී. අබේරත්න විසින් සකස් කර ඇත. සිරිල් මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයාද විය. අනෙක් සම අධ්‍යක්ෂවරයා ඉන්දීය ජාතික කේ. වෙම්බුය. සිරිල් චිත්‍ර ශිල්පියකු, නාට්‍ය රචකයකු, ගීත රචකයකු ද විය. කැලණියේ උපත ලබා කෑගල්ලේ ශාන්ත මරියා හා ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍යාලවල ඉගෙනීම ලැබූ ඔහු, කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගෙන් චිත්‍ර කලාව ඉගෙන ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේම කලක් සේවය කොට ඇත. “සැකය”, “සිහිනය”, “අවිවාහක හිත”, “අවසාන හසුන” ඔහු රචනා කොට නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යය ය. එඩී ජයමාන්නගේ ඉතා ප්‍රකට “අච්චාරු භාෂාව” විකට ජවනිකාව ද ඔහුගේ රචනයකි. “සුජාතා” චිත්‍රපටයේ ද කතා පිටපත සකස් කළ ඔහු සුරංගනී චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයා ය.

    “බර්සාත්” චිත්‍රපටයේ කතාව එහෙම පිටින්ම කොපි නොගෙන සුළු සුළු වෙනස්කම් ඇතුව “සුරතලී” කතාව දෙබස් හා ජවනිකා ලියූ සිරිල් පී. අබේරත්න ඊළඟට කළේ ඊට සුදුසු නළු නිළියන් සෙවීමය. ඔහුගේ සිතට නැඟුණේ “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ රඟපෑ රවීන්ද්‍ර රූපසේන වෙතය. ඔහු සුදත්ගේ චරිතයට තෝරා ගත් පසු සුරතලීගේ චරිතයට සුදුසු නිළියක් සෙවීය. විසඳුම ගෙනාවේ රවීන්ද්‍ර රූපසේනය. “මිස්ටර් අබේරත්න මේ චරිතයට හොඳ ළමයෙන් ඉන්නවා. “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ “ලංකා මාතාව” හැටිය රඟ පෑ පුංචි කෙල්ලක්. නම ලීනා ද සිල්වාය. ඇය ඉන්නේ මරදානේ ආනන්ද බාලිකාව ගාව පන්සල පාරේ. මගේ නංගිලා එක්ක ලීනා ආනන්ද බාලිකාවේ ඉගෙන ගන්නේ.” රවීන්ද්‍ර කීවේය. දිනක් සිරිල් පී. අබේරත්න, ගීත රචක විල්ප්‍රඩ් ද සිල්වා හා රවීන්ද්‍ර සමග මරදානේ ටෙම්පල් පාරේ ලීනාගේ ගෙදරට ගියේය. මේ අතර ගුවන් විදුලියේ ආරියදාස පීරිස් ද ලීනාගේ ඡායාරූපයක් තමාට දී තිබූ බව අබේරත්නට මතක් විය. ලීනා දුටු අබේරත්න ඇය ගැන දෙවතාවක් නොසිතා සුරතලීගේ චරිතයට තෝරා ගත්තේය. චිත්‍රපටයේ එන මානෙල් නම් අහිංසක චරිතයට “පුදුම ලේලි” හා “දොස්තර“ චිත්‍රපටවල රඟ පෑ සිරිමතී රසාදරීව තෝරා ගත් අධ්‍යක්ෂවරයා සුසිල් නම් දඟකාර, විනෝදකාමී තරුණයාගේ චරිතය සඳහා අලුත් චරිතයක් හඳුන්වා දීමට සිතුවේය. එදා සිනමාවේ දුෂ්ට චරිත රඟ පෑ ඩොමී ජයවර්ධන, මාක් සමරනායක මේ චරිතයට උචිත නොවේ යයි මුල සිටම ඔහු සිතා තිබුණි. දිනක් සිරිල් පී. අබේරත්න මරදානේ සිට බොරැල්ල දෙසට ට්‍රොලි බස් රියක ගමන් කරමින් සිටියේය. ෆුට්බෝල් ක්‍රීඩා කරන විට අඳින ජර්සියක් ඇඳගෙන බූට් දෙක කරේ දාගත් දහඩියෙන් මුහුණ පිසදමමින් කඩවසම් තරුණයෙක් ට්‍රොලි බසයට නැග්ගේය. අබේරත්නගේ උකුසු ඇස් දෙකට මේ තරුණයා හසුවිය. මේ තරුණයාගේ නම ආනන්ද ජයරත්නය. ආනන්ද 1972 මට “සරසවිය” පත්‍රයේ සේවය කරන කාලේ තමා “සුරතලී” චිත්‍රපටයට තෝරා ගත් සැටි කියා තිබුණි. ඒ කාලයේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස මා උපන් බණ්ඩාරවෙල උගන්වමින් සිටියේ. මම එදා (1955) කොළඹට ආවේ ලංකා පාපන්දු කණ්ඩායමේ තරග පුහුණුවකටය. මා සමග ලංකා කණ්ඩායමට පීටර් රණසිංහ, හෂීම් ඩීන්, ටී.ඇම්. ඔසන් වගේ “ෆුට්බෝල් ස්ටාස්ලා” සෙල්ලම් කළේ. මටත් ඕනෑ වුණේ “පාපන්දු තරුවක්” වීමටය. මා ළඟ හිටිය මහත්තයෙක් මගෙන් මෙහෙම ඇසුවා.

    “මිස්ට කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න? ඔබට ඒ සඳහා අවශ්‍ය හැඩ රුව තියෙනවා.
    “කවුද ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් අකමැති” මම කිව්වා.
    “මගේ නම සිරිල් පී. අබේරත්න. “සුරංගනී” චිත්‍රපටයේ අධ්‍යක්ෂ. මේ දවස්වල මම “සුරතලී” කියලා චිත්‍රපටයක් සැලසුම් කරනවා. එකේ තියෙන සෙල්ලක්කාර, විනෝදකාමී චරිතයට ඔබ හොඳට ගැළපෙනවා. ඔබ සිගරට්ටුව බොන විදිහ මම නිරීක්ෂණය කළා. මගේ චිත්‍රපටයේ ඒ විනෝදකාමී චරිතයට ඒක හොඳට ගැළපෙනවා.

    ආනන්ද ජයරත්න “සුරතලී” හි සුසිල් වූයේ මේ අයුරිනි.

    ආනන්දට මුලින්ම රඟපෑමට අවස්ථාව ලැබී ඇත්තේ ගීතමය ජවනිකාවකි. තමාට අයත් වතුයායේ ගීතයක් ගයමින් අවට සොබා සිරිය නරඹමින් ගයන මේ ගීතය ආනන්දට සරිලන ලෙස ගැයීමට සුදුසු ගායකයකු අධ්‍යක්ෂවරයා සෙවීය. ඒ අනුව එච්.ආර්. ජෝතිපාල නම් ජනප්‍රිය ගුවන් විදුලි ගායකයා ‘සැඩසුළං’ චිත්‍රපටයේ රඟපෑ ‘සුරතලී’ චිත්‍රපටයේත් රඟපෑමට තෝරාගෙන සිටි ඇම්.පී. ගැමුණු විසින් සිරිල් පී.අබේරත්නට හඳුන්වා දෙනු ලැබීය. ජෝතිපාල හඬට සතුට පත් වූ ඔහු නිෂ්පාදක ජබීර් ඒ. කාදර්ට හඳුන්වා දෙනු ලැබීය. විල්ප්‍රඩ් සිල්වා රචනා කළ ඉන්දීය ජාතික චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ටී.ආර්. පාපාගේ සංගීත සංයෝජනයට ජෝතිපාල ගැයූ මේ ගීතය ආනන්ද ජයරත්නට ජාඩියට මූඩිය මෙන් ගැළපුණේය. එය එදා අතිශයින්ම ජනප්‍රිය වූ ගීතයක් විය.

    ‘සිරියා මේ සාරා නැගෙවි හද මෝරා
    දී ප්‍රේමේ අමධාරා, හෝ ප්‍රේමේ අම ධාරා
    ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
    මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
    හෝ.... හෝ....

    ප්‍රධාන චරිතවලට රවීන්ද්‍ර, ලීනා, ආනන්ද හා සිරිමතී තෝරා ගත් අධ්‍යක්ෂ අබේරත්න ඔවුන් ජබීර් ඒ. කාදර්ට අයිති මරදානේ ක්‍රවුන් සිනමා හලේ උඩුමහලේ කාමරයක් වෙන්කර ඔවුන්ට දෙබස් කටපාඩම් කිරීමට දී නාට්‍යානුසරයෙන් එම දර්ශන පුහුණු කර ඇත. මාස ගණනක පුහුණුවකින් පසුවය නළු නිළි පිරිස හා අධ්‍යක්ෂකවරයා මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයට ගොස් ඇත්තේ.

    ‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑමට ගොස් සිදු වූ ඇඟ කිළි පොළා යන සිද්ධීන් කිහිපයක් ඇත. එක් දර්ශනයක් රූගත වී ඇත්තේ බණ්ඩාරවෙලදීය. බණ්ඩාරවෙල ආනන්ද ජයරත්නගේ උපන් ගමය. එක් දර්ශනයක හැටියට සිරිමතී රසාදරී ජලාශයට පැන්න පසු ඇය බේරා ගැනීමට තිබුණේ ආනන්දට ලු. නියමිත වේලාවට සිරිමතී ජලාශයට පැන්නාය. ගත වූයේ සුළු මොහොතකි. ඇය ජලාශයේ ගැඹුරු තැනකට ඇදී ගිය බව අවට සිටි අය දැක නැත. හැම කාර්මික ශිල්පියකුම කාර්මික අංශයේ වැඩ කටයුතුවල යෙදී ඇත. කිහිප වතාවක් වතුර පෙවී ගිලුණු සිරිමතී නැවත වරක් උඩ එන විට ආධාර ඉල්ලා අත වනනු දුටු ආනන්ද තත්ත්වය තේරුම්ගෙන එක් වරම ඇඳුම් පිටින්ම දියට පැන සිරිමතීව ගොඩ ගත්තේය. ආනන්ද ගොඩට එන විට අධ්‍යක්ෂ කෝපයෙන් පුපුරා පුපුරා දුව ගෙන විත් ‘වැඩේ කෑවා වැඩේ කෑවා ඇයි මම ‘ඇක්ෂන්’ කියන්න ඉස්සෙල්ලා වතුර පැන්නේ’ යයි ආනන්දගෙන් විමසුවේ සිදු වූ දෙය කිසිවක් නොදැනයි. පසුව ආනන්ද සිදු වූ ඇත්තම සිද්ධිය කී පසු හැමෝම භීතියට පත් වී ඇත. එදා ආනන්ද මේ සිද්ධිය නුදුටුවා නම් සිරිමතී කෙනෙකු ඉන්පසු ප්‍රේක්ෂකයින්ට දකින්ට නොලැබෙනු ඇත. මේ සත්‍ය සිද්ධිය ප්‍රේමකීර්ති ජයසේන නම් ලේඛකයා විසින් ‘කලා’ සිනමා සඟරාවට ලියා තිබුණි

    ‘සුරතලී’ චිත්‍රපටයේ සුරතලී වූ ලීනාද සිල්වා තමා ලැබූ අත්දැකීමක් මට මෙසේ විස්තර කළාය.
    චිත්‍රපටයේ රඟපෑමට ගොස් දින දෙකක් පිට පිටම රාත්‍රියේ සිට පාන්දර පහ දක්වා වතුර බාල්දි ගණනාවක් නහවද්දී සීතලේ වෙවුල වෙවුලා කැමරාවට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ රවීන්ද්‍ර රූපසේන ගීත ගායනා කරනවා. මම සිටියේ කුඩා ලෑලි පාලමක් උඩ. එම ඒදණ්ඩ කඩා වැටිලා මාව වතුරට වැටෙන කොට රවීන්ද්‍රට තිබුණේ මාව බේරගන්න. මේ දර්ශනය රූප ගත කරන්න මට මුළු රැයම වතුරේ ඉන්න සිදුවීම නිසා සති කිහිපයක් රෝහල් ගත වීමට සිදු වුණා.

    ‘සුරතලී’ චිත්‍රපටයෙන් තවත් අලුත් විකට නළුවකු සිනමාවට එක්විය. ඇල්.ඇම්. පෙරේරා නම් ඔහු ජබීර් ඒ. කාදර්ගේ සිනමාහලක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියේය.
    ඇල්.ඇම්. රඟපෑවේ සුසිල්ගේ වතුයායේ බංගලාවේ පොඩියන් නම් ද්‍රවිඩ සේවකයා ලෙසය. රක්වානේ උපත ලැබූ ඇල්.ඇම්. ට වතු දෙමළ මිනිසුන්ගේ භාෂාව හොඳින් දැන සිටිය නිසා ඔහු ගී ගයමින් රඟන විලාසය දුටු නරඹන්නන් සිනා සයුරේ ගිලී ඇති බව වාර්තා වී තිබුණි.

    මේ චිත්‍රපටයේ සෙසු චරිත රඟ පා ඇත්තේ මේ නළු නිළි පිරිසය. රෝහිණී ජයකොඩි (නෙළුම්), නිමලා අතපත්තු (කුසුමා), ප්‍රමිලා කුරප්පු (ක්ලැරිස්) ලිලියන් එදිරිසිංහ (ඇසිලින් නෝනා), ඇම්.පී ගැමුණු (කට්ටඩියා). මේ හැර සැම්සන් දිසානායක, ඇලෝයි විජේරත්න, ලෙනී ප්‍රනාන්දු, ආරියසිංහ කාරියවසම්, විල්ප්‍රඩ් සිල්වා රඟපා ඇත.

    මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956’ කෘතියේ සඳහන් කර ඇත්තේ ‘සුරතලී’ චිත්‍රපටයේ සියලු ගී තනු හින්දි හා දෙමළ චිත්‍රපවලින් උපුටාගෙන ඇති බවය. ‘සිරියා මේ සාරා’ ‘සංගීතේ රසේ වෙලී’ ‘සීත ජලේ’ ‘ප්‍රේමේ මෝරන කාලේ’ ‘සාධු ශ්‍රී’ ‘ආලෝකේ දේය’ ‘පිටිස​රෙහි අගේ’ ‘ගීත දේවි’ යන ගීත ජනප්‍රිය වූ බවය. ධර්මදාස, ජෝතිපාල, රාණි හැර ස්වර්ණා අබේරත්න (සිරිල් පී.අබේරත්නගේ දියණිය) මේ චිත්‍රපටයේ ගීත ගයා ඇත.

    බුදුන් වහන්සේ කෙලෙසුන් මැඩ ජයගත් පසුව උන් වහන්සේගේ ජයග්‍රහණය බිඳලීම පිණිස උන්වහන්සේ ඉදිරියෙහි රැගුම් දැක් වූ මරඟනන් පිළිබඳ නැටුමක් ‘සුරතලී’ චිත්‍රපටයට ඇතුළත් කරන බවත් මෙම චිත්‍රපටයේ රඟපෑමට එක් මරඟනක් සඳහා ඉන්දියානු චිත්‍රපට ලෝකයේ සුප්‍රකට ට්රැන්කෝර් සොහොයුරියන්ගෙන් කෙනෙකු වන රාගිනී නළඟන තෝරාගත් බව ඒ දිනවල පුවත්පත්වල පළ වී තිබුණි. ඒ පුවත දුටු ලංකා බෞද්ධ මණ්ඩලය සිනමාව මගින් මෙවැනි දේ පෙන්වීමට නුසුදුසු යයි කියා තිබූ නිසා ‘සුරතලී’ නිෂ්පාදක එම මරඟන රැඟුම වෙනුවට ‘ලියතඹරා’ කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කළ බව ආතර් යූ. අමරසේන ලියූ ‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතියේ සඳහන් වෙයි.

    ‘ලියතඹරා’ කෙටි චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කළේ ශේෂා පළිහක්කාර විසිනි. මේ මුද්‍රා නාට්‍යය. ට්‍රැවන්කෝර් නළඟන වූ රාගනිද ශේෂාගේ සරඳපානි කලායතනයේ නර්තන ශිල්පීන් වූ චන්ද්‍රා විජේතිලක, මානෙල් ඉලංගකෝන් සහ චාන්දනී නානායක්කාර ආදින් සහය වූ බව ද එම ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ ලිපියේ එන ඇල්.ඇම්.පෙරේරා, ආනන්ද ජයරත්න හා රවීන්ද්‍ර රූපසේන පෙනී සිටින ඡායාරූප දෙක එම ග්‍රන්ථයෙන් සපයා ගත් බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

    1956 ජුනි 19 වෙනිදා මහජන දර්ශනය ආරම්බ වුවද අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මැතිනියගේ ප්‍රධානත්වයෙන් ජුනි 12 වෙනිදා කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලේ දී විශේෂ දර්ශනයක් පවත්වා ඇත. එයට සියලුම නළු නිළියන්ද සහභාගි වී ඇත. මරදානේ සෙන්ට්‍රල් සිනමාහලේ මාස 2 යි දින 15 ක් තිරගත වී ඇත.

    ඒ.ඩී. රන්ජිත් කුමාර
    ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2020 05:09 PM
    38. රම්‍යලතා

    තිරගත කළ දිනය: 1956-11-25

    Main Actor : Aruna Shanthi
    Main Actress : Clarice De Silva
    Director : A.B. Raja
    Producer : S.M.Nayagam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    28 Feb 2020 05:10 PM

    - රම්‍යලතා -

    1956 - නොවැම්බර් මස 25 වෙනිදා තිරයට පිවිසි "රම්‍යලතා" , S.M. නායගම්, ශ්‍රී මුරුගන් නවකලා සමාගම මඟින් නිෂ්පාදිත 6 වෙනි චිත්‍රපටයයි. එය සිංහල සිනමාව ආක්‍රමණය කල 38 වෙනි චිත්‍රපටය ලෙස සැලකේ. මෙහි කතාව, නිෂ්පාදක නායගම් විසින් යයි නාමාවලියෙහි සඳහන් වුවද, සත්‍යවශයෙන්ම "රම්‍යලතා" චිත්‍රපටයට යොදා ගෙන ඇත්තේ, P. නාශේවර් රාවෝ සහ අංජලී දේවි රඟපෑ දේව්දාස් නැමැති තෙළිඟු චිත්‍රපටයට ඇතුලත් කතාවමය. මේ නමින් හිංදි චිත්‍රපට දෙකක්ද නිෂ්පාදනය කෙරින.
    මෙම විත්‍රපටය අධ්‍යක්ෂනය කලේ ඊට පෙර 'අහංකාර ස්ත්‍රී' චිත්‍රපටය අධ්‍යක්ෂනය කල A බාස්කර් රාජ් විසනි. කැමරාව මෙහෙය වීම සඳහා S.S නාදන් යොදාගනු ලැබීය. ශබ්ද සංකලනය වොල්ටර් පී. ජයතිලක විසින් සිදුකල අතර සංස්කරනය S. රාමනාදන්ගෙනි. වේශ නිරූපනය සඳහා P.K. තංගප්පන්ගේ දායකත්වය ලැබින. නැටුම් පුහුණුව ශේෂා පලිහකක්කාරගේ මෙහෙයවීම යටතේ සිදුවිය. රම්‍යලතා - රූපගත කිරීමේ සහ රසායනාගාර කාර්යයන් කඳානේ සුන්දර සවුන්ඩ් විත්‍රාගාරය තුල සිදු කෙරින.
    දෙබස් හාතිරනාකය ය. බෙන්ඩික් ප්‍රනාන්දුගෙන් සැකසුනු අතර සංගීතය අධ්‍යක්ෂවරයා R. මුත්තුසාමිය. රම්‍යලතා චිත්‍රපටය ඇතුලත් වු ගීත 12 හම ප්‍රබන්ධ කරනු ලැබුවේ බෙනඩික් ප්‍රනාන්දු විසිනි.

    පසුබිම් ගායනා සඳහා ලතාවල්පොල ධර්මදාස වල්පොල සහ R. මුත්තුසාමි දායක වුහ.
    රම්‍යලතා ගීත
    1 මග බලා බලා ( ධර්මදාස වල්පොල)

    2 පෙම්යාත්‍රාවතනා ( ලතාවල්පොල)

    3 ප්‍රීතිය හර්දේ පුරා ( ලතා සහ පිරිස )

    4 සසරේ මේ ප්‍රේමේ කාන්තාරයේ ( ලතා සහ ධර්මදාස වල්පොල)

    5 ලෝ සුරා සුරයින්ගේ සුරා ( ධර්මදාස වල්පොල)

    6 ආදරේ ශාපේදෝ (ලතා)

    7 හර්දේ ඇයි මේ ( ධර්මදාස වල්පොල)

    8 ඕ.. ප්‍රේමසිරි ( ලතා - ධර්මදාස වල්පොල)

    9 සංගීතයේ සිරිරහ රසසේ ( ලතා වල්පොල)

    10 මනමාලි ශෝක වෙලා ( ධර්මදාස වල්පොල)

    11 ඕ... ප්‍රේමසිරී ( ළමා ගීය)

    12 භූමිය මත සියළු සතට ( R.මුත්තුසාමි)

    මෙම ගීත කලාහේන් ලේබලය යටතේ අංක 101 - 102 - 103 - 104 - 105 - ලෙසින් ග්‍රැමෆොන් තැටි නිකුත් කෙරින. මෙහි එන භූමිය මත ගීය කලින් H.R. ජෝතිපාල විසින් පටිගත කලද නමුත් චිත්‍රපටයට ඇතුලත් කර ඇත්තේ R. මුත්තුසාමි ගැයු ගීතයයි.

    නළුනිලි
    අරුණ ශාන්ති ( ප්‍රේමසිරි) ජීවාරත්නායක (ප්‍රභාවතී) මාක්සමරනායක(සනී) බෙන්ඩික් ප්‍රනාන්දු (ටිකිරි බංඩා) ට්‍රිශිලා මාටිස් ( ප්‍රභාවතීගේ මව) පියශිලි ෆොන්සේකා ( මංගෝ හාමි) බෙන්ජමින් ප්‍රනාන්දු ( කරෝලිස්) පිටිපන සිල්වා ( ගුරාවරයා) සුජාතා විජේසේකර ( ප්‍රභාගේ යෙහෙලිය) - රොමිලස් පෙරේරා ( වංශපාල) M. සිල්වා (මුදලි තුමා) දයා අමරතුංග ( මුදලි බිරිඳ) ඇතුළු පිරිස රංගනයෙන් දායක වුහ.

    සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලා 13 ක ' රම්‍යලතා' පලමු වටයේදී ප්‍රදර්ශණය කර ඇත. නායගම් නිපද වූ මාතලන්. අහංකාර ස්ත්‍රී මෙන්ම රම්‍යලතා චිත්‍රපටය ද අතිශය ජනප්‍රිය වුනු ආදායම් වාර්තා තැබු චිත්‍රපටයක් ලෙස සඳහන් කල හැකිය.

    ප්‍රේමසිරි සහ ප්‍රභාවතී බාල අවධියේ සිටම එකම පාසලේ එකම පංතියේ ඉගෙනුම ලබන, එකිනෙකාට ලෙන්ගතු කම් ඇති දරුවන් දෙදනෙකි. ප්‍රේමසිරිගේ පියා ධනමානයෙන් හා කුල මානයෙන් උදම්ව සිටින ප්‍රභූවරයෙකි. ඔහු ධනපාල මුදලිතුමා නමින් ගමේ කා අතරත් ප්‍රකටව සිටින්නෙකි. ඔහුගේ බිරිඳ ඉතා කාරුණික ගතිපැවතුම් ඇති දරු ස්නේහයෙන් පිරි ගුණවත් මාතාවකි.

    ප්‍රේමසිරි ඉගෙන ගන්නා ගමේ පාසැල පවා ධනපාල මුදලිගේ මුදලින් ගොඩනගන ලද්දකි. එහි උගන්වන ගුරුවරයාට පවා වැටුප් ගෙවන ලද්දේ ඔහු විසිනි. දිනක් ප්‍රේමසිරි බොරු ලෙඩක් ඇති බව හඟවා පාසැලින් පිටව යනුයේ ප්‍රභාවතීටද පැමිනෙන ලෙසට ඉඟි කරමිනි.

    ප්‍රේමසිරි බාලවයසේ සිටම දඟකාර කම්කරන - හිතුවක්කාර දරුවෙකි - දිනක් ඔහු සුළු වැරැද්ද්කට ප්‍රභාවතීට පහරදී කැලෑ පැන්නේය. ප්‍රභාවතිගේ ආච්චි වන මංගොහාමි ඒ බව මුදලි තුමාට පැමිණිලි කලේය. ඉන් කිපුනු ධනපාල මුදලි. ප්‍රේමසිරිට හොඳටම තැලුවේය.
    ඔහු එසේ දඩුවම් දීමෙන්ද නොදැහී ප්‍රේමසිරිව අගනුවර පාසැලකට ඇතුළු කර ඔහු අවතේව සඳහා තම සේවක කරෝලිස්ද පිටත් කලේය. කෙළි සෙල්ලම් කිරීමට පුරුදුව සිටින ප්‍රභාවතීට ප්‍රේමසිරි ගමේ නොමැතිවීම නිසා කනස්නලු වුවාය.
    වසර 15 ක් ගතවිය.

    දැන් ප්‍රභාවතී නෙත් සිත් පිනවන මනා දේහයෙකින් පිරිපුන් රූමත් තරුණියෙකි. ප්‍රේම සිරිද කඩවසම් තරුණයෙකි. දෙදනා මෙසේ යොවුන් වියට පත්වීමෙන් පසුව බාල කාලයේ පටන් පැවති ලෙන්ගතු කම ප්‍රේමයකට හැරින. ප්‍රේමසිරිගේ අප්‍රේක්ෂාව වුයේද ප්‍රභාවතීව විවාහ කර ගැනීමටය. දිනක් මංගෝහාමි මුදලි වලව්වට ගොස් ධනපාල මැතිනිය හමුවී ප්‍රභාවතී සහ ප්‍රේමසිරිගේ විවාහය ගැන කතා කලාය. ධනපාල මැතිනියද කලක පටන්ම දෙදනාගේ ඇසුර දැන සිටි බැවින්, ඊට තම කැමැත්ත පල කලාය. කෙසේ වෙතත් මේ සඳහා මුදලි තුමාගෙන්ද විමසීම සුදුසු යැයි ඇය වැඩි දුරයත් පැවසුවාය.

    පසු දිනෙක මුදලිතුමා, ප්‍රභාවතීගේ පියාවන ටිකිරි බංඩාව තම වලව්වට කැඳවා තම පුතුට එවැනි යෝජනාවක් ගෙන ඒම ගැන බැන වැඳුනේ, ප්‍රභාවතී තම කුලගෝත්‍රයට නොගැලපෙන දුප්පත් එකියක බව පවසමිනි. ඉන් උරන වූ ටිකිරි බංඩා ආපසු පැමිනියේ තම දියණියට, ප්‍රේමසිරිට වඩා ධනවත්, කුලවත් පුරුෂයෙකුට විවාහ කරදීමට තීරණය කරගනිමිනි.
    ඒ අනුව ඔහු බිරිඳ මියගිය, දරුවන් සතරදෙනෙකු සිටින කනවැන්දුම් පුරුෂයෙකු වු වංශපාල මන්ත්‍රිවරයාට තම දියණිය පාවා දීමට තනි තීරණයක් ගනු ලැබුයේ, ඔහු මුදලි තුමාටත් වඩා උසස් ධනවත් පුද්ගලයෙකු වු බැවිනි. තම පියා ප්‍රභාවතීට නොකැමති බව ටිකිරි බංඩාට පවසන අවස්ථාවේදී ප්‍රේමසිරි ද එම සංවාදයට කන්දීගෙන සිටියේය. පියාගේ එම තීන්දුව ප්‍රේමසිරිගේ හදවතට හෙලු අතුල් පහරක් විය.

    තමා, වෙනත් අයෙකුට විවාහ කරදීමට තම පියා විසින් ගනු ලැබු දැඩි තීන්දුව අසා සිටි ප්‍රභාවතීද අපමන වු දුකින් තැවෙන්නට වුවාය. දිනක් රාත්‍රියක ඇය තනිවම ප්‍රේමසිරි හමුවීමට පැමිනියේ එම වේදනාව දරාගත නොහැකි වු බැවිනි. එහිදී ඔහු ලඟ දනින් වැටුනු ප්‍රභාවතී - තම පියාගේ යෝජනාවක් අනුව වයස්ගත කනවැන්දුම් පුරුෂයෙකුට තමා විවාහ කරදීමට කටයුතු කරන බව පවසමින් - තමා ප්‍රේමසිරිට හැර අන් අයෙකු සමඟ විවාහ වීමට ඇති අකැමැත්ත ප්‍රකාශ කර සිටියාය. මෙහිදී ඔහු මුහුන පෑවේ උභතෝකෝටික ප්‍රශ්නයකටය.

    තමා මුළු හදවතින්ම ප්‍රභාට ප්‍රේම කරන නමුත් පියාගේ කැමත්ත නොමැතිව ඇය හා විවාහ වීම ඔහු හට අකීකරු වීමක් බව කියා සිටියේය. එම වදන් ඇසීමෙන් තවදුරටත් කම්පනයට පත් වූ ප්‍රභාවතී එතැනින් පිටව ගියාය. ප්‍රේමසිරි ආපසු කොළඹ තම නිවසට පැමිනියේ විසදාගත නොහැකි ප්‍රශ්නයකට මුහුන දෙමිනි.

    කරෝලිස් සමඟ හිදින එම නිවසේ ප්‍රේමසිරිගේ යහළුවෙකු වු සනීද එහි නැවතී සිටියේය. ප්‍රේමසිරි තුලින් ඔහුට වෙනසක් පෙනුනි. ඔහු ඒ පිළිබඳ සියල්ල සනීට පැවසුවේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි. මෙහිදී සනී පැවසුවේ තමා තරුණියකට ප්‍රේම කලේ නම් කව්රු විරුද්ධ වුව ද ඇයව විවාහ කර ගන්නා බවය. එයද ප්‍රේමසිරිට අතුල් පහරක්සේ දැනුනේ තමාට එවැනි ධෛර්යයක් නොමැති බව පසක් වෙමිනි.

    කෙසේ වෙතත් තම හිතවතගේ දුක් වේදනාවන් නැති කිරීමේ අදිටනින්, සනී, ඔහුට රම්‍යලතා නමැති ප්‍රකට නලඟන වෙතට කැඳවා ගෙන ගියේය. එහෙත් ඇයගේ අසංවර නැටුම අප්‍රිය කල ප්‍රේමසිරි ආපසු පැමිනියේය. - ඉන්පසු සනීගේ වෑයම වුයේ සියළු වේදනාවන් නැසිය හැකි මත්වතුරට ප්‍රේමසිරිව යොමු කර වීමටය. එතැන් පටන් ප්‍රේමසිරි මත් ලෝලියෙකු බවට පත්විය. දිනක් ඔහු රම්‍යලතා වෙත ගොස් ඇය දැන් ගත කරන දිවියේ නිසරු බව පෙන්වා දුන්නේය. එතැන් සිට රම්‍යලතා සිය රැගුම් වැයුම් සියල්ල නතර කර ගත්තේ ප්‍රේමසිරිගේ අවවාදය පිළිගනිමිනි.

    මේ වනවිට ප්‍රභාවතී, අකැමැත්තෙන් වුවද පියාගේ යෝජනාවට එකඟ වෙමින් මහළු වංශපාල සමඟ විවාහ වී ඔහුගේ නිවසේ පදිංචියට ගියාය. එතැන් පටන් ඇය අතීතය වලලා දමා වංශපාලගේ කලින් විවාහයේ දරුවන්ගේ දුක සැප බලමින්ම ඔවුනට මවක වුවාය. දැන් ප්‍රේමසිරි අන්ත බේබද්දකු බවට පත්ව සිටියි. ඔහුට සුරාවෙන් තොර ජීවිතයක් නොමැත. සිය වියහියදම් සඳහා ඔහු කරෝලිස් ලවා පියාගෙන් මුදල් ගෙන්වාගෙන ඒ සියල්ලක්ම බීමට වැය කලේය.

    අන්තිමේදී ඔහු පෙනහළු ආබාධයෙන් පෙලෙන රෝගියෙකු බවට පත්විය. ඉන්පසු ඔහු තමාසතු සියළුම මුදල් රම්‍යලතාට පරිත්‍යාග කොට, කරෝලිස්ද කැටුව තම ගම් බලා යන අදහසින් දුම්රියට නැගුනේය. ඔහුට, තවමත් ප්‍රභාවතීව අමතක කල නොහැකිය. දැන් ඇය තම සැමියා සමඟ අරනායක පදිංචිව සිටින බව කල් තබාම දැන සිටි ප්‍රේමසිරි, දුම්රිය මාව නැල්ලට පැමිනි විට, තද නින්දේ සිටි කරෝලිස්ට ද නොදන්වා, දුම්රියෙන් බැස, ඒ අසල සිටි තරත්ත කරුවෙකු සමඟ අරනායක බලා මහරැම පිටත් විය. ඒ දිනවල තද වැසී වැසීම නිසා පාර අබලන්ව තිබූ බැවින් කරත්තයේ ගමන ප්‍රමාද වින. කෙසේ හෝ පාන්දර වන විට කරත්තය අරණායකට සේන්දු විය. ඒ වන විට ප්‍රේමසිරි ගේ රෝගී තත්වය තවදුරටත් අසාධ්‍ය බවට පත්ව තිබින. කරත්ත කරුවා මහත් ආයාශයෙන් ඔහුව ඔසවා, තන පලස මත තැබුවේය. ඒ සඳහා අවශ්‍ය කුලියද දීමට ප්‍රේමසිරිට හැකිවිය. කරත්ත කරුවා ආපසු ගියේය.

    මෙහිදි නොදැනුවත්ව හෝ පැමින සිටියේ ප්‍රභාවතී වෙසෙන නිවෙස ආසන්නයටය. බිම වැතිරී පන අදින ප්‍රේමසිරි වෙත පැමිනි වංශපාලගේ ලොකු පුතා වහා ගොස් ඒ බව දන්වා සිටියේය. ඒ අනුව ඔහු කවරෙකුදැයි දැන ගැනීමට ප්‍රභාවතී උඩු මහලේ ජනේලය අසලට ගිය විටදී පණ අදිමින් සිටින ප්‍රේමසිරි දැකීමෙන් කම්පාවට පත්ව කවුළුවෙන් බිමට පැන්නාය. ඇයගේ රුව අවසන් වරට දැකගත් ප්‍රේමසිරි අවසන් හුස්ම හෙළුවේය. දෙමාපියන්ගේ දුරදිග නොබැලීම නිසා තරුණ ජීවිත දෙකක අවසානය එසේ සිදුවිය..

    - කලා භූෂන - වැළිහිද මුනිරත්න -

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    04 Mar 2020 04:12 PM
    ඉස්සර එක ෆිල්ම් එකක තියෙනවා කැසට් එකක් ගහන්න තරම් සිංදු.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    05 Mar 2020 04:02 PM
    ඔව් මල්ලී ගොඩක් චිත්‍රපටවල ගීත දහයක් දොළහක් ආවා...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Mar 2020 12:34 PM
    39. රේඛාව

    තිරගත කළ දිනය: 1956-12-28

    Main Actor : Ananda Weerakoon , Somapala Dharmapriya
    Main Actress : Myrtle Fernando , Mallika Pilapitiya
    Director : Dr. Lester James Peries
    Producer : Dr. Lester James Peries
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Mar 2020 12:35 PM
    - රේඛාව -

    1956 වසර අවසන් වුයේ එතෙක් පැවති සිංහල සිනමාව නව නැම්මකට යොමුකරමින්, අන්තර්ජාතික සම්මාන උළලේදී ප්‍රමුඛතාවය ලත් රේඛාව නමැති සිනමා කෘතිය දායාද කරරමිනි. එතෙක් කාලයක් එකම රාමුවේ වට්ටෝරු සම්ප්‍රදායට අයත් චිත්‍රපට 54 ක් සිනමාවට එක්වීම තුලින් සහින ලෝකවල පැය 2 1/2 ගතකල සිනමා ලෝලයින්ගේ රසඥතාව ලෙහෙසියෙන් ඉවත්කිරිමට නොහැකි වීම නිසා බොහෝ ප්‍රේක්ෂකයින්ට ‘‘රේඛාව‘‘ දිරවාගැනීමට අපහසු විය.

    එකල පුවත්පත් වල පලවනු වාර්ථා අනුව, සුපුරුදු සිහින ලෝකයේ සැරිනැරීමට ප්‍රේක්ෂකයා රේඛාව නරඹා සිනමා හලෙන් ඉවතට ආවේ, ටිකට් පතට වැය කල මුදල් අපතේ ගියේ යැයි සිතමිනි.
    එහෙත් සිංහල සිනමාවට පැයූ මෙම අළුත් රිදී රේඛාව අන්තර් ජාතික කීර්තියට පත්වේ යැයි කිසිවෙකුත් සිතන්නට නැත රේඛාව චිත්‍රපටය අගය කල යුත්තේ එය ජාත්‍යන්තර කීර්තීය ලත් නිසාම නොව එය එතෙක් පැවති වට්ටෝරු සිනමාවට අභියෝගයක් ද වු බැවිනි. මෙතෙක් චිත්‍රාගාර තුලම කැමරාගත කල දර්ශන සම්පුර්ණයෙන්ම එළිමහනේදී රූප ගත කිරීම එහි නිෂ්පාදකවරුනට අභියෝගයක් විය.
    ලංඩනයේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් සේවය කල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නමැති මේ මහා කලාවේදියා පසු කලෙක ලංකාවට පැමින රජයේ චිත්‍රපට අංශයට බැඳුනේය. එහෙත් ස්වල්ප කාලයකින්ම එහි සේවය ඔහුට රිසි නොවින ඔහුට අවශ්‍ය වුයේ සිංහල සිනමාව නව මගකට යොමු කරවීමටය. එබැවින් ඔහු ප්‍රවෘත්ති අංශයෙන් අස්වී සීමාසහිත චිත්‍ර ලංකා නමින් පිහිටුවා ගත් සමාගමට, ටයිටස් තොටවත්ත සහ විලී බ්ලෙක් සම්බන්ද කරගත්තේය. එම ත්‍රිමුර්තිය එක්වීමේ මහැගි ප්‍රථිඵලය වුයේ, සිංහල සිනමාවේ 55වන චිත්‍රපටය ලෙස "රේඛාව” බිහිවීමය. ලාංකික ගැමි ජීවිතය අලලා ලෙස්ටර් විසින් ලියූ කතාවේ - දෙබස් රචනය කරන ලද්දේ ප්‍රවීන ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකුවු K. A. W පෙරේරා විසිනි.
    ගාමිනී ‍ෆොන්සේකා සහ ප්‍රේමනාත් මොරායස් රේඛාවේ නිශ්පාදන කලමණාකරුවන් ලෙස දායක වුහ. විලී බ්ලෙක් කැමරාව මෙහෙයවු අතර ටයිටස් තොටවත්ත චිත්‍රපටය සංස්කරනය කලේය. වේශ නිරූපණය ඩෙරික් ඩෙනිස්ගෙන්ද ශේෂ පලිහක්කාර (කලා අධ්‍යක්ෂණයෙන්ද) ඉටු කෙරිනි.
    රේඛාවට ඇතුලත් වුනු ගීත තනු සකසනු ලැබුවේ සුනිල ශාන්ත විසිනි. ගරු මර්යලීනු ජයකොඩි පියතුමා එම ගීත තනු වලට අර්ථ පූර්ණ පද මාලා ලියූ වේය. මෙම ගීත සඳහා සංගීතය සැපයූවේ බඔරැන්ද ශ්‍රීනාත් පෙරේරා නොහොත් B.S. පෙරේරාය. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ වාදන K.A. දයාරත්නගෙනි.
    ගීත
    1. සුදු සඳ එළියේ - ඉන්ද්‍රානි විජේබණ්ඩාර
    2. ඕලු නෙළුම් නෙරියරඟාලා - සිසිර සේනාරත්න
    3. ඉර හඳ ඇනිල්ලේ වැලිමත ලියවෙනවා - තිලකසිරි ප්‍රනාන්දු
    4. අනුරාපුර පොලොන්නරුව (විරිඳු) - අයිවෝ ඩෙනිස්
    5. සීගිරි ලඳකගෙ මල්වට්ටියෙ ලා - ලතා වල්පොල
    6. වෙසක් කැකුළු අතු අග ඉද - ඉන්ද්‍රානි විජේබණ්ඩාර සහ පිරිස
    රේඛාව චිත්‍රපටියේ ගීත පටිගත කරනලද්දේ ඉන්දියාවේ ශබ්දාගාරයකදීය. එම ගීත B ROWWS සමාගමේ ලෝටස් ලාංඡනය යටතේ අංක 2000 - 2001 සහ 2002 යටතේ ග්‍රැමෆෝන් තැටි නිකුත් කෙරින.
    සැයු. අංක 1955 තිරගත වුනු චිත්‍රපට අතුරෙන් හොඳම චිත්‍රපටය ලෙස දීපසිඛා සම්මානය හිමි වූයේ රේඛාවටය.
    රේඛාවේ සියළුම එළිමහන් දර්ශන රූගත කලේ අලව්වේ වෑවල ගම්මානයේදීය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    07 Mar 2020 12:41 PM
    රාජකීය වික්‍රමයෙන් සිංහල චිත්‍රපටයත්, කඩවුණු පොරොන්දුවෙන් සිංහල කථානාද චිත්‍රපටයත් උපන්නා නම් සිංහල සිනමාව කියා කිව හැකි දෙයක උපත සිදු වූයේ රේඛාවෙනි. සිනමා කැමරාවක් ඉදිරියට පමුණුවන ලද රූකඩ නැටුම් වර්ගයක් සිංහල චිත්‍රපට හැටියට ප්‍රදර්ශනය කෙරුණු යුගයක ප්‍රථමවරට සිනමා මාධ්‍යය හඳුනාගෙන නිෂ්පාදිත චිත්‍රපටය රේඛාවයි.

    එය බිහි වූයේ සිනමාව ගැන අපමණ භක්තියකුත්, එකල නිපදවෙමින් තිබූ බහු බූත චිත්‍රපට ගැන එතරම්ම ද්වේශයකුත් ඇතිව සිටි තරුණ කණ්ඩායමක් විසිනි. 'චිත්‍ර ලංකා' නමින් සමාගමක් පිහිටුවා ගත් මේ පිරිසගෙන් මූලිකයා වූයේ ලංකාවේදී කලක් පුවත්පත් කලාවේදියකු හැටියට ජීවිතය අරඹා ඒ රක්ෂාවම කිරීමට ලන්ඩනයට ද ගොස් සිටියදී සිනමාව ගැන ආශාවකුත් අවබෝධයකුත් ඇති කරගෙන අහම්බෙන් මෙන් ලංකා රජයේ චිත්‍රපට අංශයේ සේවයට බැඳුණු ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

    ලෙස්ටර් ජේම්ස් පීරිසුත් ඔහු සමඟ එකට සේවය කළ කැමරා ශිල්පී විලියම් බ්ලේක් සහ සංස්කාරක ටයිටස් තොටවත්ත (එකල ටයිටස් ද සිල්වා) 1955 සැප්තැම්බර් 1 වැනිදා රජයේ චිත්‍රපට අංශයෙන් අස් වී රේඛාව නිපදවීම ආරම්භ කළහ. 'රේඛාව' පටන් ගන්නා කාලයේ එළිමහනේ චිත්‍රපට ගැනීම කියා දෙයක් ලංකාව අහලකවත් තිබුණේ නැත. චිත්‍රපටයක් නිපදවිය හැක්කේ චිත්‍රාගාරයක් තුළ පමණක් බවත්, හොඳ සිංහල චිත්‍රපටයක් නිපදවිය හැක්කේ දකුණු ඉන්දියානු චිත්‍රාගාර තුළ පමණක් බවත් එකල ඇදහීම විය. ෆියට් ස්ටේෂන් වැගන් රියක සිනමා කැමරාවකුත්, අනෙක් ආම්පන්නත් රැගෙන කුරුණෑගල, අලව්ව ආදී පළාත්වල හිරු එළියෙන් එළිමහනේ චිත්‍රපට ජවනිකා ගත් මේ 'පිස්සු මිනිස්සුන්' ට ඒ කාලයේ බොහෝ දෙනා ඔච්චම් කරමින් සිනාසුණහ. 'රේඛාව' ප්‍රදර්ශනය කළ විට 'මැස්සන් ඇහිරෙන' තත්ත්වයට සිනමාහල් පැමිණි වේලේ මේ සිනහව තවත් දැඩි විය. එහෙත් සිංහල සිනමාවට සිනමාව එක් වුුණේ රේඛාවෙනි.

    ලංකාවේ සම්මත සිනමා සම්ප්‍රදායයන්ට විරුද්ධව රේඛාව නිපදවීමිට දරන ලද ප්‍රයත්නය වෙනස චිත්‍රපටයකට කතා වස්තුවක් සැපයීමට තරම් සිද්ධීන්ගෙන් අනූනය.

    එහි නළු නිළියන් තෝරා ගන්නා ලද්දේ ද සම්මතයට ඉඳුරා පටහැනි ක්‍රමයකටය. ලෙස්ටර් ජේම්ස් පීරිස් එකල පදිංචිව සිටියේ මොරටුවේ ලක්ෂපතියේය. ඒ ගෙවල් ළඟ සිටි පොඩි කොලුවෙක් චිත්‍රපටයේ ප්‍රධාන කොටස වූ සේනගේ ළමා චරිතයට තෝරා ගන්නා ලදී. ඒ තරම්ම වැදගත් වූ ළමා නිළියගේ කොටසට ගන්නා ලද්දේ 'පුදුම ලේලි' චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑ මර්ටල් ප්‍රනාන්දු දැරියයි. (ඇය අඩු වයසින්ම රෝගයක් වැළඳී මිය ගියාය) ලෙස්ටර්ගේ වාර්තා චිත්‍රපටයක රඟපෑ ඉංග්‍රීසි වේදිකා නිළියක වූ අයිරංගනී මීදෙනිය (පසුව සේරසිංහ) මවගේ චරිතයට ගන්නා ලදී. රේඛාවේ පෙම්වතුන්ගේ ලෝකයක් ද විය. ඒ කොටස්වලට සමකාලීන සිනමාවෙන් ආනන්ද විරකෝනුත්, එකල රඟපෑමේ කිසිම පළපුරුද්දක් නොතිබූ මල්ලිකා පිලපිටියත් තෝරා ගනු ලැබීය. විමලවීරගේ චිත්‍රපටවල නාස්තිවෙමින් සිටි ඩී. ආර්. නානායක්කාර සහ එන්. ආර්. ඩයස් හමස් පෙට්ටියෙන් ගෙනා වැදගත් චරිත දෙකකට යෙදැවිණි.

    එකල සිනමාවේ නියුක්තව සිටියවුන්ගෙන් 'රේඛාව'ට යන්තම්වත් අතක් දුන්නේ සිරිසේන විමලවීර බව මෙහිදී සඳහන් කළ යුතුය.

    හින්දි තාල කොපි කළ යුගයක අලුත්ම තනු පිළිවෙළ කිරීම පිණිස සංගීත අධ්‍යක්ෂණයට සුනිල් ශාන්තව ගත් අතර, ප්‍රථම වරට සිංහල චිත්‍රපටයක ගීත රචනය පූජකවරයකුට බාර දෙමින් මර්සලීනු ජයකොඩි පියතුමා ගීත රචනයට ගන්නා ලදී.

    මෙසේ ඇරැඹි චිත්‍රපටයේ ජවනිකා ගැනීමේදී නොයෙකුත් නව ක්‍රම යොදනු ලැබීය. දර්ශන ගන්නා ලද්දේ වහලක් නැති ගෙයකය. ඒ හිරු එළිය යහමින් ලබා ගැනීමටයි. චිත්‍රපටයේ එක් තැනක සේනගේ දේව බලයෙන් අසනීප සුව කර ගැනීමට එන එක් ළමයකුට 'ඔය ළමයාව පොඩ්ඩක් එළියට ගේනවා'යි කියන දෙබසක් ඇත. එය එසේ කරන ලද්දේ කතාවේ වුවමනාවට වඩා කැමරා ශිල්පියාගේ වුවමනාවටය. ජවනිකාව නිවස තුළ ගැනීමට තරම් එළිය මදි නිසා එසේ එසේ එළියට ගන්නා ලදී.

    මේ අන්දමින් නිපදවන ලද චිත්‍රපටයේ රසායන කටයුතු සඳහා රජයේ චිත්‍රපට අංශයට බාරදීමට අදහස් කෙරිණි. එහෙත් එතැනින් 'පැනගිය' අයගේ වැඩ බාර ගැනීමට ඔවුන් කැමැති නැති බව නොකියා කියන ලදී.

    ඉන්දියාවේ චිත්‍රාගාරයකට එය රසායන කටයුතු සඳහා ඉදිරිපත් කෙරුණි. සේදූ පසු චිත්‍රපටය බාර ගන්නා බවට රු: 1,50,000 ක ඇපයක් ඉල්ලන ලදී. එයත් ඉටු කෙරිණි. ඊළඟට චිත්‍රපටය එහි යවන ලද අවස්ථාවේ මදුරාසියේ ගින්දර ග්‍රීෂ්මයේ ටකරන් වහලවල් සහිත ගබඩා කාමරයක තුන් මාසයක් එය දමන ලද ගමන් තිබුණේය. පුදුමයකට මෙන් එයිනුත් චිත්‍රපටයට කිසිවක් නොවිය.

    එදිනෙදා ගන්නා ජවනිකා ඊට පසුවදාම බැලීම සාමාන්‍යයෙන් චිත්‍රපට නිපදවිමේ සිරිත නමුදු 'රේඛාවේ' දර්ශන සෝදා බලන්න ලැබුණේ ඒවා කැමරාගත වී අවුරුද්දකට කිට්ටු කාලයක් ගිය පසුවය. ඒ ඉන්දියාවේ! ලංකාවේදී සිදුවුයේ ඊටත් වඩා අරුම පුදුම සිද්ධියකි.

    රේඛාව කතාවේ එක ප්‍රධාන සිද්ධිය නම් දේව වරමකින් සාත්තර කීමේ වරම ලබාගන්නා ළමයාට යකෙක් වැහී ඇතැයි ගම්මුන් ඔහුට කරන අමානුෂික වධහිංසායි. කවදාවත් නැති නියඟයක් ගමට එයි. ඒ කොලුවාගේ යක්ෂ බැල්ම නිසා යැයි සැක කරන ගැමියෝ ඔහුට වධ දෙති.

    'රේඛාව'ට ජවනිකා ගත් ගමේද ඒ දවස්වල නියඟයක් ඇති වී සරම්ප රෝගය පැතිර ගියේය. ඊට හේතුව කොළඹ චිත්‍රපටකාරයින් ගමට ඒම හැටියට සලකන ලදී. පුවත්පත්වලින් නොමසුරු පැසසුම් ලැබුණ ද 'රේඛාව' ජනප්‍රියත්වය අතින් එකල සාර්ථක නොවීය.

    ලෙස්ටර් ජේම්ස්ගේ මුල්ම චිත්‍රපටය වූ 'සොලිලොකියු' නිෂ්පාදනය කෙරුණේ 1949 දීය. විනාඩි විස්සක කෙටි චිත්‍රපටයක් වූ එය 1951 දී ලන්ඩනයේ දී හොඳම කෙටි චිත්‍රපටය සඳහා කුසලානයක් දිනීය.

    ලන්ඩනයේ සිට ලෙස්ටර් ආපසු ලංකාවට එනවිට මේ කුසලානය ලංකා රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරනු ලැබීය. එය ආපසු දෙන ලද්දේ කුසලානේ විටිනාකම රේගුවට ගෙවීමෙන් පසුවය. 'රේඛාව' නිපදවීමෙන් පසුවත් ලෙස්ටර්ට ලැබුණේ අර රේගු නිලධාරින්ගේ එවැනිම සැලකිල්ලකි.

    එහෙත් මෙරටින් නොලද සැලකිල්ල එයට විදේශිකයින්ගෙන් හිමි විය. විදේශ සිනමා උත්සව කීපයකදීම එය ඉහළින් පිළිගනු ලැබිණි. රටවල් ගණනාවකම එය ප්‍රදර්ශනය කරනු ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක ඕනෑම චිත්‍රපටයක් බ්‍රිතාන්‍යයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කරන විට විකිණෙන සෑම ටිකෙට්ටුවකටම ආපසු පැන්සයක මුදලක් නිෂ්පාදකයින්ට දීමේ සිරිතක් ඇති නිසා 'රේඛාව' ආණ්ඩුවකින් විශේෂ දීමනාවක් ලත් මුල්ම සිංහල චිත්‍රපටය බවට ද පත් විය.

    සිනමාව පිළිබඳ ලෝ පතළ විශාරදයකු වන ප්‍රංශ ජාතික ජෝජස් සැඩුල් කාණ්ඩ කීපයකින් ලියූ 'හිස්ටොයිරේ සිනමා' (සිනමාවේ ඉතිහාසය) චිත්‍රපට පිළිබඳ බයිබලය හැටියට සැලකේ. පිටු හයසිය ගණනකින් යුත් එහි එක් කාණ්ඩයකට 1961 දී පමණ ලංකාව ගැනත් පේළි 40 ක් එක් වී ඇත. එය ද ලංකාව ගැන නොව 'රේඛාව' ගැන යැයි කිව යුතු තරම්ය. මෙන්න එහි කොටසක්.

    1947 ත් 1960 ත් අතර චිත්‍රපට 30 ක් පමණ නිෂ්පාදනය කරන ලදී. මේ කාලය තුළ විශේෂයෙන් 1955 න් පසු අලුත් ලක්ෂණයක් නම් භාෂාව පමණක් සිංහල එහෙත් අනෙක් හැම දෙයක්ම ලාංකික ජීවන ක්‍රමයට සම්බන්ධයක් නැති නිෂ්පාදන මදුරාසියේදී තැනීමයි. එහෙත්, මෙවැනි නොවැදගත් කර්මාන්තයකට වුවද 1957 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව නිර්මාණය වීම වැළැක්විය හැකි නොවීය. එය සත්‍යයෙන් හා ගීතවත්කමින් පිරි කැමරා ශිල්පයත් රඟපෑමත් විශේෂයෙන් අයිරාංගනී මීදෙනියගේ නිසා විශේෂත්වයෙන් පෙනෙන, උසස් තත්ත්වයක චිත්‍රපටයකි.

    එවන් කලා කෘතියක් මෙවැනි නොදියුණු කර්මාන්තයකින් හදිසියේ බිහිවීම පීරිස්ගේ අනුපම නිර්මාණ කෞශල්‍යය නිසාම වූවක් නොවේ. එය ලංකාවේ ශ්‍රේෂ්ඨ වූත්, චමත්කාර ජනක වූත් කලාත්මක හා සංස්කෘතික දායාදයන්ගේ උරුමයකි. ප්‍රංශකාරයකුට පෙනුණු මේ සත්‍යය අදත් නොදුටු සිංහල පොට්ටයින්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ.

    රේඛාවෙන් යුගයක් ඇරැඹි දසකයක් ගියේය. 1947 න් ඇරැඹි ප්‍රථම සිනමා දසකයේ අවසාන චිත්‍රපටය වුයේ 'රේඛාවයි'. සිංහල සිනමාවට පහළවුණු ප්‍රථම අධ්‍යක්ෂවරයාත් අදත් සිංහල සිනමාවේ සිටින හොඳම අධ්‍යක්ෂවරයාත් ලෙස්ටර් ජේම්ස් පීරිස් බවට වාදයක් නැත.

    ලෙස්ටර්ගේ චිත්‍රපටවල ප්‍රධාන ලක්ෂණය මානුෂික සම්බන්ධතා හා මිනිසුනුත් පරිසරයත් සමඟ ඔවුන්ගේ ගැටුම් දෙස කැමරාවෙන් බලන්න දරන උත්සාහයයි. 'සංදේශය' හා 'රන්සළු' හැරුණු කළ අප සාමාන්‍යයෙන් සලකන කතන්දර කීමේ සිරිත ලෙස්ටර්ගේ චිත්‍රපටවල නැත.

    ඔහුගේ අනෙක් ප්‍රධාන හැකියාව නළු නිළියන්ගේ ද දක්ෂම රඟපෑම උලුප්පා ගැනීමයි. ඔබ සිංහල සිනමාවේ දුටු හොඳම චරිත නිරූපණයක් කල්පනා කරන්න. එය ජෝ අබේවික්‍රමගේ රඟපෑමක් නොවේ නම් එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑමක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    ප්‍රකට නළු නිළියන් ගෙන දක්ෂම නළුවකු හා නිළියක කොට චිත්‍රපටයකින් දෙකකින් අතහැර දැමීම ලෙස්ටර්ගේ සාමාන්‍ය ක්‍රමයයි. ලෙස්ටර්ගේ ලොකුම දක්ෂකම නළු නිළියන්ගෙන් ඔහු ලබාගන්නා දක්ෂ රඟපෑමයි. කලින් කිසිම නමක් නැති කෙනෙක් සිනමාවට ගෙන ඔහු හෝ ඇය 'තරුවක්' කොට ඊළඟට අත්හැර දැමීම ලෙස්ටර්ගේ පුරුද්දක් බඳුය.

    රේඛාවේ පළපුරුදු නළුවන් වූ ඩී. ආර්. නානායක්කාර හා ඉංග්‍රීසි වේදිකාවට සීමා වී සිටි අයිරාංගනී සේරසිංහගේ පටන් සෝමපාල ධර්මප්‍රිය හා අන්ධ තරුණියක හැටියට මර්ටල් ප්‍රනාන්දුගෙන් (තවත් ළමයෙක් කොරෙක් හැටියට සුළු කොටසක දක්ෂ ලෙස රඟපැවේය) ඔහු ලබාගත් රඟපෑම්වල පටන් සංදේශයේ ගාමිණී ෆොන්සේකා (තමාගේ චිත්‍රපටවලින් රඟපෑම් දුර්වලම එක සංදේශය බව ලෙස්ටර් පිළිගනී) 'ගම්පෙරළියේ' පුණ්‍යා හීන්දෙනිය 'දෙලොවක් අතරේ' ටෝනි රණසිංහ, 'රන්සළු' වේ යළිත් පුණ්‍යා සහ 'ගොළු හදවතේ' අනුලා කරුණාතිලක ඉදිරිපත් කළ රඟපෑම් අගය කළ හැකි වන්නේ මේ හැමෝම ඊට ඉහත වෙනත් අධ්‍යක්ෂවරු යටතේ කළ රඟපැම් හා සසඳන කල්හිය.

    සංදේශයේ රඟපෑවේ ඊට කලින් දෛවයෝගය හා පිරිමියෙක් නිසා චිත්‍රපටවල රඟපෑ ගාමිණී ෆොන්සේකා නොවන්නේ ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණ කුසලතාව නිසාය. අධ්‍යක්ෂවරයකු සතු විය යුතු ප්‍රධානතම ගුණය වන සෙසු සහාය ශිල්පින්ගෙන් හොඳම උකහා ගැනීමට ලෙස්ටර් තරම් හොඳින් කරන තවත් අධ්‍යක්ෂවරයකු සිංහල සිනමාවේ නැත. ඔහුගේ චිත්‍රපටවල කැමරාව, සංගීතය, චිත්‍රපට කතා කෙටුම්පත, සංස්කරණය ආදී හැම අංගයක්ම වෙනත් සාමාන්‍ය සිංහල චිත්‍රපටවලින් විශේෂ කොට දක්වන උසස් නිමාවක් ඇත්තේ එහෙයිනි.

    ලෙස්ටර්ගේ අනෙක් දක්ෂකම ශිල්පය හුදෙක් ශිල්ප හරඹ සඳහාම භාවිත නොකිරීමය. ඔහු කැමරාවෙන් විජ්ජා පෙන්නන්න නොයයි. සමීප රූපයක් පවා ඔහු යොදන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවකදී පමණි. ඒ්ත් ඔහුගේ චිත්‍රපටවල ශරීරයේ අංගවල හෝ රූප කොටස්වල හෝ සමීප රූප යොදන ගතිය නැත්තටම නැති තරම්ය.

    සංස්කරණයේදී පවා ඔහු ක්ෂණික කැපිලි (ගොළු හදවතේ අත්‍යවශ්‍ය කානිවල් ජවනිකා හැරෙන්න) යොදන්නේ නැත.

    ඔහුට බොහෝ දුරට වරදින්නේ සින්දු යෙදීමෙහිය. ලෙස්ටර්ගේ චිත්‍රපටයක උචිත ලෙස සින්දු යෙදුණු තැන් ඇත්තේ රන්සළුවේ ගී ඛණ්ඩ පමණකි. රේඛාවේ සිට එන මේ දුබලකමට එක අතකින් වරදකරු මහජනතාවය. අනෙක් අතට ලෙස්ටර්ය. ලංකාවට සින්දු ඇතිවත් පිටරටවල සින්දු නැතිවත් පෙන්වීමට බලාපොරොත්තුව චිත්‍රපට නිපද වූ ලෙස්ටර් ඒවා ලෙහෙසියෙන් කපා දැමිය හැකි ලෙස යොදන්න පුරුදු වූයේය.

    අධ්‍යක්ෂ විනය හා සංයමය අතින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට කිට්ටු විය හැකි කෙනෙක් තවම අපේ සිනමාවේ නැත. ඔහුගේ සිනමාත්මක විනය පමණක් නොව ලෙස්ටර් චිත්‍රපටයක කිසිමදාක ඇතුළත් නොවන ග්‍රාම්‍ය හා අවිනීත ගතිය මෙහිදී සැලකිල්ලට ගත යුතුය.

    උපුටනය: සුනිල් මිහිඳුකුල සංස්කරණය කළ ජයවිලාල් විලේගොඩගේ 'නොපළ ලිපි' ග්‍රන්ථයෙනි.

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    09 Mar 2020 10:35 PM
    මේ චිත්‍රපටයේ ගීත සියල්ලම මගේ ලග තියෙනවා.
    මාරම පරනයි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:26 AM
    40. සිරකරුවා

    තිරගත කළ දිනය: 1957-01-25

    Main Actor : Mathayas Fernando
    Director : Sirisena Wimalaweera
    Producer : Sirisena Wimalaweera
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:27 AM
    1957 නිපද වූ 'සිරකරුවා' චිත්‍රපටය 'එලෙයි පඩුම් පාඩු' ද්‍රවිඩ චිත්‍රපට අනුකරණය කරමින් තැනූ චිත්‍රපටයකි. විමලවීරයන් ඉන්දියාවේ කාර්මිකයන් මෙරට ගෙන්වා ගත්තත් තමාගේ පුතුන් දෙදෙනා වූ දයා විමලවීර (විශිෂ්ට කැමරා ශිල්පියෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂ) හා උපසේන විමලවීර (චිත්‍රපට සංස්කරණ ශිල්පී හා චිත්‍රපට නිෂ්පාදක) ඇතුළු තරුණ කාර්මිකයන් ඔවුන් ළඟ පුහුණුවීමට කටයුතු යෙදුවේය. ඩබ්ලිව්. ඒ. බී. සිල්වා (සම්මානනිය කැමරා ශිල්පී) හා දයා කරුණාරත්න (සම්මානනීය කලා අධ්‍යක්ෂ) එසේ පුහුණු වී විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙකි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:28 AM
    41. ජීවිත සටන

    තිරගත කළ දිනය: 1957-02-23

    Main Actor : Shantha Kumar Senevirathna
    Main Actress : Sitha Jayawardana
    Director : Shantha Kumar Senevirathna
    Producer : Shantha Kumar Senevirathna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:29 AM
    1957 ශාන්ති කුමාර්ගේ තුන්වන චිත්‍රපටය වූ 'ජීවිත සටන' තිරගත විය.

    සැමුවෙල් බට්ලර්ගේ නවකතාවක් වූ 'වේ ඔෆ් ඕල් ෆ්ලේශ්' නවකතාව ඇසුරෙන් 'ජීවිත සටන' චිත්‍රපටයේ කතා පිටපත සකස් කළේ ඩී. වී. සෙනෙවිරත්නය. මේ චිත්‍රපටය ගැන ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සිටි සිරිපාල තිලකසේන 1990. 03. 01 සරසවියට ලියූ (ශාන්ති කුමාර් ගැන) ලිපියක මෙසේ සඳහන් වී ඇත.

    'ශාන්ති කුමාර් මා හැඳින ගත්තේ ඔහුගේ 'ජීවිත සටන' චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ කතාව ලියූ පුවත්පත් කලාවේදී ඩී. වී. සෙනෙවිරත්න මහතා 'ජීවිත සටන' චිත්‍රපටයේ සහාය දෙබස් රචකයෙකු වශයෙන් මා ගෙන ගොස් ශාන්ති කුමාර්ට භාර දුන්නේය. ගැටවරයකු වශයෙන් චිත්‍රපට කෙරෙහි තිබුණු අසීමිත ඇල්ම නිසා පැහැදීමට පත් ඔහු 'ජීවිත සටන' චිත්‍රපටයේ නළු නිළි කණ්ඩායමත් සමඟ මා මදුරාසියට කැඳවා ගෙන ගොස් එම චිත්‍රපටයේ නීතිඥයකු වශයෙන් පෙනී සිටීමට අවස්ථාව සලසා දුන්නේය. දකුණු ඉන්දියාවේ චිත්‍රගාරවල සැරිසරමින් ද එම්. ජී. රාමචන්ද්‍රන්, ශිවාජි ගනේෂන් ආදී නළු නිළියන් සමඟ ඇසුරට වැටෙමින් ද චිත්‍රපට කලාව පිළිබඳ සෑහෙන අවබෝධයක් ලබා ගැනීමට ශාන්ති කුමාර් දොර විවෘත කර දුන්නේය. ශ්‍රී ලාංකිකයකුට නොතිබුණු තරම් නමක් හා සැලකිල්ලක් මදුරාසියේදී ශාන්ති කුමාර්ට තිබුණි. ඔහුගේ මෝටර් රථයෙහි ලංකාවේ සිංහ කොඩිය ලෙළ දෙමින් තිබුණේය. එයට ගල් ගැසූ කෙනෙක් නැත. මහ මඟ යන එන විටත්, චිත්‍රාගාරවලදීත් ශාන්ති කුමාර්ට සැලකුවේ ලංකාවේ ආණ්ඩුකාරවරයකුට සලකන්නාක් මෙනි. එක් අතකින් අද අප කතාකරන සිංහල දෙමළ සමගියේ පුරෝගාමියකු හැටියට ශාන්ති කුමාර් කැපී පෙනෙයි. තමා මහා ජාතීන්ට අයත් වුවත් සුළු ජාතීන් සමඟ ඉතා මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට ශාන්ති දක්ෂයෙක් විය.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:30 AM
    42. සූරයා

    තිරගත කළ දිනය: 1957-03-29

    Main Actor : Laddy Ranasinghe
    Director : T.R. Sundaram , Krishna Rao
    Producer : K.Gunarthnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:38 AM
    43. සිරියලතා

    තිරගත කළ දිනය: 1957-06-27

    Main Actor : Herbert M. Senewirathna
    Director : S.S. Rajan
    Producer : Rukmani Devi , Eddy Jayamanna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    11 Mar 2020 08:40 AM
    සිරියලතා

    හෙළයේ මහා ගත් කරු ලෙස ප්‍රකට වූ ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ කුළුදුල් නවකතාව සිරියලතා හෙවත් අනාථ තරුණියයි - ඔහුගේ නව කතා හතක් මේ වන විට සිනමාවට නැගී ඇති අතර "පාසල් ගුරුවරී " නව කතාව ටෙලි නාට්‍යක් ලෙසින් නිර්මානය විය. " කැලැ හඳ " ප්‍රථම වරට සිනමාවට නැඟුනු ප්‍රථම නව කථාවයි. ඉන්පසු - රඳළ පිළිරුව- සිරියලතා - දෙයියන්ගේ රටේ - හිඟන කොල්ලා - දෛව යෝගය සහ හඳහන ඔහුගේ අනෙක් කෘතීන් වන්නේය.

    එඩී ජයමාන්න සහ රුක්මනී දේවී අඹු සැමි යුවල විසින් " ජයරුක් " සමාගම පිහිටුවා ගැනීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම නිෂ්පාදනය ලෙස තෝරා ගනු ලැබුවේ "සිරියලතා" ය එය තරමක සංකීර්ණ චරිත ඇතුලත් කතා පුවතක් වුවද - සිල්වා ශූරීන්ගේ නව කතාවට කිසිදු හානියක් ඇති නොවන අයුරින් චිත්‍රපටයට නැඟී තිබීම පැසසුම් කට යුතුය.
    1957 ජූනි සම 27 වෙනිදා සිට සිනමාස් සමාගමේ - ගාමිනී - සැපයර් - වෙම්බලි ඇතුළු ප්‍රාදේශීය සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය ඇරඹුනු " සිරියලතා" ඉතා සාර්ථක අයුරින් ප්‍රෙක්ෂක හදවත් වැළඳගනු ලැබූහ.

    මදුරාසියේ ප්‍රකට චිත්‍රාගාරයක් වන වාහුනී හිදී සියළු නිෂ්පාදන කටයුතු කෙරුනු සිරියලතා : අධ්‍යක්ෂණය කලේ - එස්. එස්. රාජන්ය. ඩී.ටී. පෙරේරා ඔහුගේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කලේය.

    "සිරියලතා" චිත්‍රපටය වඩාත් පැසුමට ලක් වීමට එක් හේතුවක් වූයේ, සංගීත අධ්‍යක්ෂ ආර්.මුත්තුසාමිගේ ස්වතන්ත්‍ර තනු රැගත් ගීතයයි. එම ගීත ප්‍රබන්ධය කරන ලද්දේ හර්බට් එම්. සෙනවිරත්න විසිනි. එම ගීත රුක්මනී දේවී - ලතා වල්පොල - මොහිදින් බෙග් සහ ධර්මදාස විල්පොල විසින් ගායනා කරනු ලැබ අතිශය ජනප්‍රියතාවයට පත්වින.

    ගීත
    1. අලංකාජෙනි සෑදූ - රුක්මනී දේවී - තැටි අංක W.N 603 - H.M.V
    2. සැමදාම ඔබ මගේ කියා - ධර්මදාස වල්පොල - තැටි අංක W.N 605 - H.M.V
    3. සොම්නස් උනා හදේ - ලතා වල්පොල - තැටි අංක W.N 606 - H.M.V
    4. ආලේ කලා නම් - රුක්මනී දේවී - තැටි අංක W.N 604 - H.M.V
    5. ඇසේ ගීතේ ‍-රුක්මනී දේවී/ධර්මදාස වල්පොල- තැටි අංක W.N 602 - H.M.V
    6. හොඳ කාලේ යලි ආවේ - ලතා වල්පොල - තැටි අංක W.N 605 - H.M.V
    7. රූපය ශාපය වේ මගේ - රුක්මනී දේවී - තැටි අංක W.N 606 - H.M.V
    8. හරිගියා පරමාර්තේ මාගේ- ලතා - මොහිදින් බෙග් - තැටි අංක W.N 604 - H.M.V
    9. මේ කෲර ලෝකේ - රුක්මනී දේවී - තැටි අංක W.N 602 - H.M.V
    10. අඬාලා වැලපීලා පලක් නෑ- මොහිදින් බෙග් - තැටි අංක W.N 603 - H.M.V
    මෙම ගීත ඇතුලත් ග්‍රැමෆෝන් තැටි - H M V ලේබලය යටතේ නිකුත්වින.

    රංගන දායකත්වය
    රුක්මනී දේවී (සිරියාලතා/සිරියාවතී) - ලැටීශියා (කැරලිනා) - එඩී ජයමාන්න (කොරනිස්) හර්බට් එම් සෙනවිරත්න (සිරිමාන්න රිටිගල) මාක් සමරනායක (වික්ටර් ගුණසේකර) හියුගෝ ප්‍රනාන්දු (ජොරනිස් පෙරේරා) මිලී කහඳවල (සිමෝනා) බර්නාඩ් පෙරේරා මිය( හොඩ්වින් නෝනා) රූබිද මෙල් (රිටිගල මැතිනිය) - සිරිල් ප්‍රනාන්දු (විජේසූරිය පියතුමා) එස්.ඩී.එලිසබෙත් (විජේසූරිය බිරිඳ) පීටර් පීරිස් (සර් ජෝජ්) ස්ටැන්ලි මල්ලවාරච්චි (ජුලියස් තෙන්න කෝන්) ඇතුළු - සූරිය රානි - ප්‍රෙඩී ඩැනියෙල් ට ජෝජ් පෙරේරා - පද්මා ශාන්තිනි අතිරේක චරිත සඳහා දායක වූහ.

    විශේෂ සිදුවීම්
    සිරියලතා නිශ්පාදනය කිරීම සඳහා ණය මුදලක් ලබාගත්තේ ඔවුන් පදිංචිව සිටි ජයරුක් නිවස උගසට තැබීමෙනි. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් ලබන ආදායමින් එම ණය ගෙවා දැමීම ඔවුන්ගේ අභිප්‍රායය විය. එඩී රුක්මනී සිංහල සිනමාව කෙරෙහි පැවති භක්තිය හා කැපවීම එයින්ම පැහැදිලිය. එහෙත් සිරියලතා සාර්ථක ආදායම් ලබමින් තිබියදී සිනමාහල් වලින් ඉවත් කෙරින. මේ නිසා ඔවුනට තමන් වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් නිවස ඔවුන්ට අහිමි වීම ඛේදජනකය. මෙහි සත්‍යතාවය හෙලිදරව් කිරීම කාලෝචිත නොවේ. සිරිසේන විමලවීරයන්ට නව ජීවන චිත්‍රාගාරය අහිමි වූයේද මේ අයුරිනි.

    සිරියලතා කතා සාරාංශය
    පසලොස්වන වියේ පසුවන ඇග්නස්, දින දින රූපශ්‍රීයෙන් වැඩෙන යුවතියකි. තම පියා කවුරුන්දැයි නොදත් ඇය ජීවත් වූයේ තම මෑණියන් වන සිරියාවතී සමඟ කුලී නිවසකය. ඈ වරින් වර තම පියා ගැන විමසුවද සිරියාවතී ඊට නිහඬව සිටියා මිස නිශ්චිත පිළිතුරක් නොදුන්නාය. තම මෑණියන් එය රහසක් ලෙස ගබා ගෙන සිටින වග තේරුම්ගත් ඇග්නස් ඉන්පසුව නිහඬවිය. මේ වන විට සිරියාවතී අසාධ්‍ය රෝගයකින්පෙලෙමින් සිටියද, ඊට සුදුසු ප්‍රථිකාර ගැනීමටවත් ඔවුන් සන්තකයේ මුදල් නොතිබින. අවසානයේදී ඇය ප්‍රථිකාර නොලබාම දිවියෙන් සමුගනු ලැබුවේ තම දියණියගේ අතෙහි සුරයක් ගැට ගසිමිනි.

    මව මියයාමෙන් පසුව ඇග්නස් ජීවිත කතරේ අතරමං විය. ඉන්පසු අසල් වැසි ස්ත්‍රියක විසින් ඇයව ජොරනිස් පෙරේරා වෙත කැඳවාගෙන ගොස් එහි සේවිකාවක ලෙස සේවය කිරීමට සැලසුවාය. ජොරනිස් පෙරේරාගේ දියණිය කැරලිනා ද කිසිදු තෙතමනයක් නොමැති තරුණියකි. ඕ - ඇග්නස් නම හොඳ වැඩියයි පවසා ඇයට ගුස්තිනා යන නම තැබුවාය.
    මේ අතර කැරලිනාගේ බූදලයට ඇස ගසා ගෙන සිටින වික්ටර් ගුණසේකර නැමැති පෙරක දෝරුවා ඇයව විවාහ කරගැනීමේ අදහසින් නිතර කැරලිනා හමුවූයේය. එහිදී පලමු වරට ඇග්නස්ව දැක ගැනීමෙන් පසුව ඔහු - ඇය කෙරෙහි ඇල්ම කැල්ම දමන්නට වූයේ කැරලිනාට නොදැනෙන පරිද්දෙනි.

    කොරනිස් වු කලී ජොරනිස් පෙරේරාට අයත් නිවාස වල කුලී එකතු කරන්නෙකි. ඔහු ඇග්නස්ගේ නිවාස කුලී අය නොකිරීම ගැන තදින් කොපවූ ජොරනිස් පෙරේරා - ඔහුව සේවයෙන් ඉවත් කලේ හිඟ වැටුප් ගෙවීම පවා පැහැර හරිමිනි. මින් කෝපයෙන් දැවුනු කොරනිස් කවදා හෝ ජොරනිස්ගෙන් පලිගන්නෙමියි පවසා පිටව ගියේය.
    වසර පහක පමණ කාලයක් ගෙවී යද්දී රූපශ්‍රීයෙන් අගතැන්පත් වූ ඇග්නස් කෙරෙහි වික්ටර් තුල තිබූ හැඟීම් තවදුරටත් පල දරන්නට විය. කැරලිනාට වඩා ඇග්නස් හොඳය යන්න ඔහුගේ තීරණය විය. දිනක් වික්ටර් සහ කැරලිනා නිවෙසින් පිටවී සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටියහ. මේ අවස්ථාවේදී සුරාමතින් වියරුව සිටි ජොරනිස් පෙරේරා ඇග්නස්ට බලහත්කාරකම් කරන්නට තැත් කරත්දී කැරලිනා සහ වික්ටර් එහි පැමිණියේය. තම පියාගේ මෙම නොසන්ඩාල ක්‍රියාව කෙරෙහි කුපිතවූ කැරලිනා ඔහුට බැනවඳින්නට වූවාය. එය පසුව දබරයකට පෙරලෙද්දී ඇග්නස් වහා නිවෙසින් පිටව අඳුරේම මඟට බැස්සාය. පියා සහ දියණියගේ කලහය වැඩිවීමත් සමඟම - වික්ටර් තවත් එහි නොරැඳී ඇග්නස්ව ලුහුබඳින්නට විය. යායුතු මඟක් නොදැන අලාමුලායෙන් ගමන් කරන ඇග්නස්ට - තමා පසුපස දුව එන වික්ටර්ව දැකීමෙන් තැතිගත්තාය. මේ අවස්ථාවේදී ඇයගේ වාසනාවකට මෙන් රික්ෂෝ රියෙකින් පැමිනි තරුණයෙකු - ඇයව බේරාගත් අතර තමාට සිදුවූ අකරතැබ්බය ඔහු හමුවේ තැබුවේ ඔහුගේ ආරක්ෂාව තව දුරටත් අපේක්ෂාවෙනි ඉන් සසලවූ තරුණයා - ඇයට උපකාරක කල යුතුයැයි තීරණය කරගනිමිනි. තමා දන්නා හඳුනන ගුඩ්වින් ටියුටරියට ඇයව කැඳවා ගෙන ගොස්, ගුඩ්වින් මැතිනියට බාරදුන්නේය.

    මොහු වූ කලී උසස් රඳළ පෙලපතකින් පැවත එන උගත්, ශිෂ්ඨ සම්පන්න තරුණයෙකි. ඔහු නමින් සිරිමාන්න රිටිගල වුවද ඔහු ඇග්නස්ට පැවසුවේ තමාගේ නම මාෂල් බවයි. එහිදී ඇයට සියළු පහසුකම් දෙන ලෙසත් ඒ සඳහා තමා මුදල් ගෙවන බවටත් ගුඩ්වින් නෝනාට පැවසූ රිටිගල, නැවත එන බව ඇග්නස්ට පවසා පිටව ගියේය.
    ඇග්නස් කෙරෙහි පැහැදුනු රිටිගල ඇය තම සහායිකාව කර ගැනීමට තීරණය කරගනිමින් - යලි දිනෙක් පැමින ඇයට විවාහ යෝජනාවක් කලේ තම අතෙහි වූ පෙරැස් මුද්ද ඇයගේ අතෙහි පළඳවමිනි. එය තම පොරොන්දුවේ සංකේතය විය. ඊට සතියකට පමන පසු ඇග්නස් හමුවූ රිටිගල, වැඩිදුර අධ්‍යාපනය සඳහා තමාට එංගලන්තය බලා යාමට සිදුවී ඇති බවත් ආපසු පැමිනි විගස ඇග්නස්ව විවාහ කර ගන්නා බවටත් පවසා ඇයගෙන් සමු ගත්තේය.

    මේ අතර ජොරනිස් පෙරේරාගෙන් පලි ගැනීමට මාන බලමින් සිටි කොරනිස්, වික්ටර් ගුණසේකරගේ මාර්ගයෙන් තැපැල් පියුම් කමක් ලබා ගත්තේය. ගුණසේකර එම උදව්ව කලේ කොරනිස් ලවා ඇග්නස් සිටින තැනක් පිලිබඳව දැනගැනීමේ අභිප්‍රායෙනි.
    දින කීපයකින් ගුඩ්වින් ටියුටරියට ලියුම් බෙදීමට ගිය කොරනිස්ට, එහි වෙසෙන ඇග්නස්ව දැක ගත හැකි විය. ඔහු වහාම ඒ බව වික්ටර්ට දැනුම් දුන්නේය. එතැන් පටන් රිටිගල විසින් එවන සියළුම ලිපි කොරනිස් වෙතින් ලබාගත් වික්ටර් , ඒ වෙනුවට ඇයගේ සිත බිඳෙන අයුරින් වෙනම ලිපියක් සකසා ඇග්නස් වෙත යැවීය. එසේ එක් ලිපියක සඳහන් වුයේ තමා එංගලන්තයේදී සුදු කාන්තාවක සමඟ විවාහ වූ බවය. මෙය විශ්වාස කල ඇග්නස් ටියුටරියෙන් පිටවී සියදිවි නසා ගැනීම් වස් කැළණිගංගොඩ වෙත යද්දී එහි සක්මන් කරමින් සිටි විජේසුරිය දේව ගැති තුමා විසින් ඇයව ගලවා ගත්තේය.
    දැන් ඇග්නස් වෙසෙනුයේ දේවගැති නිවසේය. එම අඹුසැමි යුවල ඇයට දරුවෙකු මෙන් සලකා සියළුම සැප පහසුකම් දුන්නේය. මෙම දේවගැති තුමා කලකට පෙර වික්ටර් ගුණසේකරගෙන් පොළියට ණය මුදලක් ලබාගෙන තිබින. එහෙත් ඔහු එම ණය පෙන් පොළිය ගෙවීම අතපසු කල බැවින් - වික්ටර් දේවගැති නිවසට පැමිනි විට ඇග්නස් එහි සිටිනු දුටුවේය. ඒ සමඟම ඔහු දේවගැතිතුමාට කල යෝජනාව වුයේ - තමාට ඇග්නස්ව විවාහ කර දෙන්නේ නම් ණය මුදල කපා හරින බවය. මෙම යෝජනාව ගැන දැනගත් ඇග්නස් තම ජීවිතය ගලවා ගත් දේව ගැතිතුමාව ණය බරින් නිදහස් කරනු වස්, වික්ටර් සමඟ විවාහ වීමට එකඟ වූවාය.
    වික්ටර් ගුණසේකරට අවශ්‍යවූයේ කැරලිනාගේ බූදලය ද අත්පත් කරගෙන ඇග්නස් සමඟ විවාහවීමටය. ඔහුගේ සැලසුම වූයේ, තම පියාගැන කලකිරී සිටින කැරලිනා ලවා - ජොරනිස් පෙරේරාට වස දීමටය. ඒ සඳහා විශාල මුදලක් ගෙවන බවට පොරොන්දු වී කොරනිස්ට එම කාර්යය පැවරුවේය. පියා මරා දමා ඔහුගේ බූදලය අත්පත් කරගෙන විකටර් සමඟ විවාහවීමට සිහින මවන කැරලිනා, කොරනිස් විසින් බාරදුන් වස තම පියාගේ වතුර වීදුරුවට දමා ඔහුව ජීවිතක්ෂයට පත්කලේය.
    තම පියාට වස දී මරණය සිදුකල කැරලිනාට සිරබත් කෑමට සිදුවිය. ඒ අතර ජොරනිස් පෙරේරාව මරා දැමීමට සහයෝගය දුන් කොරනිස්ට, පොරොන්දුවූ මුදල දීමද වික්ටර් ප්‍රතික්ෂේප කලේය. මින් කෝපයට පත් හෙතාම වන බිරිඳ වූ සිමෝනාට මෙම අසාධාරණය හෙලිකලේ ඊට ඇයගෙන් විසඳුමක් අපේක්ෂාවෙනි. සිමෝනා ඒ වන විට හිරගෙදර මේට්‍රන්වරියකි. ඇය කොරනිස්ගෙන් සියලු තතු දැනගෙන කිසියම් උපායක් යෙදුවේය.
    ගුණසේකර සහ ඇග්නස් විවාහවී පල්ලියෙන් එලියට එනවිට, සිමෝනාගේ උදව්වෙන් එලියට පැමිනි කැරලිනා, වික්ටර්ට වෙඩි තැබුවේය. ඒ සමඟම ඇග්නස් ක්ලාන්තවූ අතර වික්ටර් දැඩි ලෙස තුවාල වීමෙන් රෝහලට ඇතුලත් කරනු ලැබීය. මේ අවස්ථවේදී වික්ටර්ව හදාවඩා ගත් ජුලියස් තෙන්නකෝන් පැමින කණගාටුවෙමින් පැවසුවේ.. වික්ටර් ගේ නපුරු ගති පුරුදු වී ඇත්තේ ඔහුගේ මවගෙන් බවයි. වසර කිහිපයකට පෙර ජුලියස් සමඟ විවාහවූ සිමෝනාට ඔහුගෙන් වෙන් වීමට සිදු වූයේ ඇයගේ නපුරු දඩබ්බර ගති නිසාමය. තමා මෙතෙක් කැරලිනාට උපකාර කලේ තමාගේ පුත්‍රයා ඝාතනය කිරීමට නොවේදැයි දැනගත් සිමෝනා - වික්ටර් වෙතට ආසන්න වෙත්ම - ඔහු මිය ගියේය.
    මේ අතර අධ්‍යාපන කටයුතු හමාර කර සිය රටට පැමිනි රිටිගලට දැනගන්නට ලැබුවේ ඇග්නස් ටියුටරියෙන් අතුරුදහන් වී ඇති බවය. ඉන් ඔහු දැඩි ශෝකයට පත්විය.
    ඒ අතරේදී රිටිගල ගේ පැමිනීමෙන් නිවෙස් පැවති සම්භාෂනයට දේවගැතිදෙමහල්ලන්ටද ආරාධනා ලැබී තිබින. ඔවුන් කල් වේලා ඇතුව ඇග්නස් සමඟ රිටිගල වලව්වට පැමිණියේය. එහිදී ඇග්නස්ට - රිටිගල මුණ ගැසින. ඉන්පසු ඔහු සමඟ සුහද කතබහේ යෙදෙමින් වලව්ව තුල සැරිසරන ඇග්නස්ට තම මෑණියන්ගේ ඡායාරූපයක් එහි තිබෙනු දැක පුදුමයට පත් වූවාය. ඇය ඒ බව රිටිගලට පවසමින් සිය මෑණියන් විසින් අතෙහි බඳින ලද සුරය පෙන්නුවාය. එහි හුන් පිරිසද එතැනට රොක් වුහ. රිටිගල මැතිනිය විසින් සුරය ඇතුලේ තිබූ ලිපිය පිටතට ගෙන කියවීමෙන් පසු ඇග්නස් පිළිබඳව මෙතෙක් පැවති රහස් හෙළිදරව් විනි. ඒ අනුව ඇගේ මෑණියන් විවාහවී ඇත්තේ රිටිගල මැතිනියගේ සොහොයුරා වන සර් ජෝජ් සමඟය. සර් ජෝජ් කෙරෙහි ඇතිවුන බොරු සැකයක් නිසා සිරියාවතී ඔහුගෙන් වෙන් වී ගිය බවද හෙළිදරව්විනි. කෙසේ වෙතත් ඇග්නස් තම දියණිය බව දැනගත් සර් ජෝජ් ඇයව වැළඳගෙන සතුටු කඳුළු හෙලන්නට වුයේ අන් සියල්ලෝම ප්‍රීති සයුරේ ගිලෙද්දීය.
    ඉන් සතියකට පසු රිටිගල තම නෑනන්ඩිය වන ඇග්නස් සමඟ සරණ බන්ධනයට ඇතුලත් විය.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    11 Mar 2020 04:30 PM
    බොහොම ස්තුතියි මේ කරුණු වලට ..........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    11 Mar 2020 07:32 PM
    රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙසයි සැළකෙන්නේ. ස්තුතියි මේ තොරතුරු සියල්ලටම.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:39 AM
    44. ලේ කඳුළු

    තිරගත කළ දිනය: 1957-09-02

    Main Actress : Rathna Kumari
    Director : K.Walington Silva
    Producer : K.Walington Silva , K.Francis Silva
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:42 AM
    45. සුකුමාලි

    තිරගත කළ දිනය: 1957-10-14

    Main Actor : Laddy Ranasinghe
    Main Actress : Ayesha Weerakoon
    Director : M. Masthan , M.K.Swami
    Producer : M.S.Siwasami
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:49 AM
    46. සරදම

    තිරගත කළ දිනය: 1957-01-01

    Main Actor : Stanly Perera
    Main Actress : Florida Jayalath
    Director : T. Somasekaran
    Producer : T. Somasekaran
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:50 AM
    සරදම චිත්‍රපටයේ ජෝ කළේ විකට චරිතයකි. එය ඉතා සාර්ථක රංගනයක්‌ විය.

    මෙය වැඩි දෙනකුගේ පැසසුමටත්, ටික දෙනකුගේ ඊර්ෂ්‍යාවටත් හේතු විය. ඊර්ෂ්‍යාව ඇනුම්පද දොaෂාරෝපණ අපහාස, උපහාසවලට පෙරැළිණි. එහෙත් ජෝට වැඩි වැඩියෙන් චිත්‍රපට ලැබිණි. සියලු දුක්‌a පීඩා ඉවසන "අව්‍යාජ ගමේ මිනිහා" එතැනදී ද ඉස්‌මතු විණි. ජෝ වරෙක තමාට උපහාර පිදීමේ උත්සවයකදී කියා තිබුණේ...." මට හිතෙනව මම මුලින්ම රංග කලාව ඉගෙන ගත්තේ තාත්තාගෙන් කියලා. ඒත් අපේ අයියා කියන විදියට මට තිබිලා තියෙන්නේ තාත්තාගේ දක්‍ෂකම්වලින් සියයට පහයි..." යනුවෙනි.

    එහෙත් "දේවසුන්දරී" චිත්‍රපටයේ පළමු රඟපෑමේ සිටම ඔහු සිය පියාගෙන් ලබාගත් සියයට පහේ දක්‍ෂතාවට සියයට අනූපහක්‌ වූ මුළු රංග කාර්යයම ජෝ යෙදූ බව නිසැකය. අප මෙනෙහි කරන විශිෂ්ට රංගධරයා බිහි වූයේ ඒ නිසාය.

    "ජෝන්" අබේවික්‍රම "ජෝ" අබේවික්‍රම ලෙස කලඑළි බසින්නේ "සරදම" චිත්‍රපටයෙනි. ඊට පසු විකට චරිත රැසක්‌ම රඟපෑවද ජෝ සාම්ප්‍රදායික විකට නළුවන්ගේ මට්‌ටමට නොගිය ප්‍රශස්‌ත බවක්‌ විදහා දැක්‌වීය. මේ විකට රංගනයේ කූටප්‍රාප්තිය සනිටුහන් කළේ "අල්ලපු ගෙදර" චිත්‍රපටය බව සඳහන් කළොත් බොහෝ දෙනෙක්‌ ඊට එකඟ වන බව අපි විශ්වාස කරමු.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:52 AM
    47. සූරසේන

    තිරගත කළ දිනය: 1957-12-13

    Main Actor : Herbi Senewirathna
    Main Actress : Kanthi Gunathunga
    Director : S.M. Naidu
    Producer : S.M. Naidu
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:56 AM
    “මලෛකල්ලන්” හා “ආසාද්” සිංහල සිනමාවේ “සූරසේන” වෙයි

    සූරසේන ගැන ඔබ අසා තිබේද? සිනමාවට ආදරේ කරන ජ්‍යෙෂ්ඨ පුරවැසි රසිකයන්ට ඒ නම හොඳට හුරුය. මීට දසක තුනකට පමණ පෙර සිටි පරම්පරාවට නම් සූරසේන කී විට මතකයට එන්නේ රූපවාහිනියෙන් විකාශය වූ “පළිඟු මැණිකේ” ටෙලිනාට්‍යයේ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ සූරසේනගේ චරිතයයි. ඔහු නිතර කියන “පට් පට් ගාල” කියන දෙබසද මතක ඇති. අප අද කතා කරන්නේ මීට වසර 61කට පෙර 1957 දෙසැම්බර් 13 වැනිදා ලංකාවේ ප්‍රදර්ශනය වූ ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ 47 වැනි චිත්‍රපටය වූ “සූරසේන” ගැනය.

    දකුණු ඉන්දියාවේ කොයිම්බතූර් හි පක්‍ෂි රාජ චිත්‍රාගාරයේදී එහි අධිපති එස්.එම්.එස්. නායිදු (1910-1976) විසින් භාෂා 6කින් අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටයක සිංහල චිත්‍රපටය වූයේ “සූරසේන”ය. එයින් මුල්ම චිත්‍රපටය වූයේ 1954 වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණයකොට නිෂ්පාදනය කළ මලෛකල්ලන් (Malaikkallan) දෙමළ චිත්‍රපටයයි. දෙමළ සාහිත්‍යයේ භාෂා සාහිත්‍ය විශාරදයකු වූ නමක්කල් වී. රාමලිංගම් පිල්ලෛගේ නව කතාවක් ඇසුරෙන් නිපද වූ මේ චිත්‍රපටයේ අර්ථය කන්දේ හොරා ය. මේ නවකතාව රොබින් හුඩ් කතාව ඇසුරෙන් ලියූ එකක් බව පැවසේ. එම්.ජී. රාමචන්ද්‍රන්, භානුමතී, ශ්‍රී රාම් ප්‍රධාන චරිත රඟ පෑ මේ චිත්‍රපටය ජනාධිපති රිදී පදක්කමක් දිනාගත් ප්‍රථම දෙමළ චිත්‍රපටය වීමද විශේෂයකි.

    1954 වසරේ එම කතාවම ඇසුරෙන් AZAAD (අාසද්) (එහි සිංහල අරුත නිදහස බව සිරි කහවලයෝ පවසති) නම් හින්දි චිත්‍රපටය ද නායිදු විසින් අධ්‍යක්ෂණය කර ඇත. එහි ප්‍රධාන චරිත රඟපා ඇත්තේ සුපිරි නළු දිලිප් කුමාර්, මීනා කුමාරි හා ප්‍රාන්ය. 1956 එම කතාව ඇසුරෙන් සිංහල චිත්‍රපටයක් සූරසේන නමින් නායිදු අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළේය. ඊට අමතරව නායිදු විසින්ම එම කතාවම තෙළිඟු කණ්ණඩ හා මලයාලි භාෂාවලින්ද චිත්‍රපට නිපදවීම තවත් විශේෂයකි. භාෂා හයකින් නිපදවන ලද එකම දෙමළ චිත්‍රපටය ලෙස මෙය ද්‍රවිඩ සිනමා ඉතිහාසයේ වාර්තාවක් තබා ඇති බව සිනමා පර් යේෂක ගාමිණී ගුණතිලකයෝ සඳහන් කරති.

    එස්.එම්.එස්. නායිදු නිෂ්පාදනයකොට අධ්‍යක්ෂණය කළ සූරසේන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරාගෙන සිටියේ රුක්මණී දේවි බව ඇය විසින් ලියන ලද මගේ ජීවිත විත්ති කෘතියේ සඳහන් වෙයි. ඉන්දියාවේ පක්ෂිරාජා සමාගම නිපදවන්නට යන සූරසේන චිත්‍රපටියේ ප්‍රධාන කොටස රඟපෑමට ද තමා ගිවිසුමට අත්සන් කර අවසාන බව එම කෘතියේ 46 වැනි පිටුවේ සඳහන් වෙයි.

    කෙසේ වෙතත් රුක්මණී දේවි මේ චිත්‍රපටයේ රඟපා නැත. එහෙත් ඇගේ සැමියා එඩී ජයමාන්න අංක 441 දරණ පොලිස් නිලධාරියකු ලෙස මේ චිත්‍රපටයේ රඟපෑමට තෝරාගෙන ඇත. සූරසේන චිත්‍රපටයේ රූපාගේ චරිතයට තෝරා ගෙන තිබුණේ කාන්ති ගුණතුංගය. ප්‍රධාන චරිතය වූ සූරසේන ලෙස හර්බි සෙනෙවිරත්න ද දුෂ්ඨ චරිතය වූ රොබට් හාමු ලෙස ඩොමී ජයවර්ධන ද රඟපෑහ. මේ චිත්‍රපටය මුලින් හැඳින්වූයේ කන්දේ හොරා නමින්ද බව සිනමා සඟරාවල පළවී තිබුණා මතකය.

    සූරසේන කතාව විකාශනය වෙන්නේ මෙසේය.
    රූපා (කාන්ති ගුණතුංග), චන්ද්‍රදාස (පීටර් පීරිස්) නම් ඥාතියකු විසින් බාල කාලයේ සිට ඇති දැඩි කළ යුවතියකි. චන්ද්‍රදාසගේ ඥාතියකු තවත් ඥාතියකු වූ රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ඔහුගේ සහචරයකු වූ රොමියෙල් (පියදාස ගුණසේකර) නැමැත්තා ලවා රූපාව බලහත්කාරයෙන් ගෙනියයි. එකල භයානක සො​ෙරක් වූ සූරසේන (හර්බි සෙනෙවිරත්න) රොමියෙල් ඇතුළු මැරවරයන්ගෙන් රූපාව බේරාගෙන තමාගේ කඳුකරයේ පිහිටි නිවසට කැඳවාගෙන යයි.

    සූරසේන භයානක සොර දෙටුවකු වශයෙන් රටේ ප්‍රසිද්ධව සිටියත්, රූපා ඔහු ඇසුරු කිරීමෙන් පසු අවබෝධ වූයේ ඔහු අවංක ඍජු යහපත් පුද්ගලයකු බවය.
    රොබට් හාමුත්, ඔහුගේ සහචරයන් වූ රොමියෙල් හා ගජනායක (වෝල්ටර් ප්‍රනාන්දු) යන තිදෙනා රූපා සෙවීමේ අසාර්ථක උත්සාහයක යෙදෙති. සූරසේන ගේ වීරකම් නිසා රොබට් හාමුගේ හැම උපක්‍රමයක්ම වැළකෙයි. මේ හැම ගැටුමකටම මූලික සූරසේන ද යන්න පොලිසියට ද ප්‍රහේලිකාවකි.

    කඳුකරයේ පදිංචි සයිබු නානා සූරසේනගේ හිතවතෙකි. ඔහු සූරසේනගේ කීම පරිදි රූපාව පරෙස්සමෙන් ඇගේ නිවසටම ඇරලවයි. මේ අතර සූරසේන මංකොල්ලකරුවකු නොව, අවංක එඩිතර, චරිතවත් පුද්ගලයකු බව සයිබුනානා විසින් පොලිස් ඉන්ස්පෙක්ටර්ට (මාක් සමරනායක) හා සාජන් 441 ට (එඩී ජයමාන්න) තොරතුරු ලබා දෙයි.

    රොබට් හාමු විසින් රූපා තමා වෙත ගෙන්වා ගැනීම ඔහුගේ ඊළඟ උත්සාහය වූයේය. ඔහු තම පෙම්වතිය වූ ශ්‍රියා (රෝහිණි ජයකොඩි) ගේ සහාය ඇතිව රූපාව තම නිවසට ගෙන්වා ගෙන බලහත්කාරකම් කිරීමට සූදානම් වෙයි. ඊට විරුද්ධ වෙන ශ්‍රියාගේ ගෙළ මිරිකා මැරීමට තරම් රොබට් හාමු සැහැසි වෙයි. ඒ අවස්ථාවේ එතැනට කඩා වදින සූරසේන රොබට් හාමු සමග සටන් කොට ඔහු පරදවා රූපා බේරා ගනී.

    මේ අතර තමා විවාහ කර නොගතහොත් රූපාගේ ඥාතියා වූ චන්ද්‍රදාස ගේ ජීවිතයට හානි කරන බවට රොබට් හාමු රූපාට තර්ජනය කරයි. පොලිසිය සයිබු නානාගේ ආධාර ඇතිව චන්ද්‍රදාස සඟවා තිබූ ස්ථානය සොයා ගනී. එහිදී රොබට් හාමු හා ඔහුගේ සහචරයෝ අතර ඇතිවූ මාරක සටනකදී සූරසේනගේ ආධාරය පොලිසියට ලැබෙයි. පොලීසියට චන්ද්‍රදාසගේ ජීවිතය ගලවා ගත හැකි වෙයි.

    චන්ද්‍රදාස සූරසේනට කළගුණ සැලකීමට මාර්ග සෙවීය. සූරසේනට විරුද්ධව පොලිසිය විසින් ගොනු කර තිබූ සියළු චෝදනාවන්ගෙන් මුදාගෙන ඔහු නිදහස් පුද්ගලයකු ලෙස සමාජයට ඉදිරිපත් කිරීමට චන්ද්‍රදාස කටයුතු යොදයි. පොලීසිය ඔහු නිදහස් මිනිසෙකු ලෙස නිවේදනයක් නිකුත් කළේය.

    මේ අතර සයිබුනානා විසින් චන්ද්‍රදාසට තමා සඟවා සිටි අභිරහසක් හෙළිකරයි. එනම් සූරසේන අනිකෙකු නොව බාල කාලයේ නැතිව සිටි චන්ද්‍රදාසගේම පුතා බව හෙළි කිරීමෙන් සියල්ලෝම පුදුමයට පත්වෙති. සියල්ලෝම කුතුහලයෙන් සූරසේන එනතුරු බලා සිටිති. මෙහිදී ඔවුන්ට දකින්ට ලැබෙන්නේ සූරසේනත්, සයිබුනානාත් වෙස්වළාගත් එකම පුද්ගලයකු බව පසු දිනම හෙළි වෙයි. සියල්ලෝම විශ්මයට පත් වෙති. අවසානයේ සියල්ලෝ සතුටට පත් කරමින් සූරසේන හා රූපා විවාහ වෙති.

    සූරසේන චිත්‍රපටයේ බන්දු ගුණසේකර පුංචප්පු ලෙසද රූබි ද මෙල් ශාන්ති ලෙසද ඇන්තනී සී පෙරේරා මහළු සූරසේන ලෙසද රඟපෑ අතර මෙහි ඇනෙස්ටා වයලා ප්‍රනාන්දු හා ඇල්.සී. රණතුංග ද රඟපා ඇත.

    චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන සූරසේන (හර්බි සෙනෙවිරත්න), රූපා (කාන්ති ගුණතුංග) හා රොබට් හාමු (ඩොමී ජයවර්ධන) ගෙයක් ඇතුළේ රූගත කළ දර්ශනයකදී කාන්ති ඉතා බියගැන්වෙන දර්ශනයකට මුහුණ දුන් අවස්ථාවක් තිබේ. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඇය මට කලකට ඉහත විස්තර කළේ මෙසේය.

    ඒක ඇඟේ ලොමු ඩැහැගැන්වෙන බිහිසුණු අවස්ථාවක්. ඒ මාව බේරාගන්න ආ සූරසේන හා රොබට් හාමුත් අතර සටනක්. රොබට් හාමු අතේ කිණිස්සක්. ඔහු මට හා සූරසේනට අභියෝග කරනවා. මේ චරිත රඟපෑ ඩොමී හා හර්බි මට කිව්වේ කිසිදේකට බය වෙන්න එපා කියලා. ඒක උල් මුවහත තිබුණු කිණිස්සක්. ඩොමී හර්බිට අනින්න එනවා. එ් අතරට මාව මැදිවෙලා. මගේ මුහුණ ගාවින් කිණිස්ස යනවා. හර්බි කොහොම හරි ඒක වළක්වා ගන්න උත්සාහ ගන්නවා. චිත්‍රපටයේ තියෙන උද්වේගකර අවස්ථාවක් ඒ. මට එක් දර්ශනයකදී අසුපිටින් යන්න තියෙනවා. මදුරාසියේ අසුන් මෙහෙයවන උපදේශකයෙක් මට හොඳට ඉගැන්නුවා. ඊට පස්සෙ භය නැතිව කඳු ශිඛර ඇති දුර්ග මාර්ගවල මම අසුන් පදවා ගෙන ගියා. හර්බි මට බෙහෙවින් උදව් කළා. ධෛර්යය දුන්නා. කාන්ති කීවාය.

    සූරසේන ලෙස රඟපෑ හර්බි සෙනෙවිරත්න ද පවසා ඇත්තේ තමා එතෙක් රඟපෑ අසීරු චරිතය එය කියාය. ත්‍රාසය, භීතිය, සන්ත්‍රාසය සපිරි මේ චරිතයට හර්බි ආදරය කළ බවයි.
    වඩාත්ම ත්‍රාසජනක අත්දැකීම මට විස්තර කළේ ඩොමී ජයවර්ධනය. නායිදු අධ්‍යක්ෂවරයා තමා දෙමළ චිත්‍රපටයේ ඒ චරිතය රඟපෑ ශ්‍රී රාම්ගේ රූප රාමුත් හින්දි චිත්‍රපටයේ ඒ චරිතය රඟපෑ ප්‍රාන්ගේ රූප රාමුත් පෙන්නුවා. ඩොමී එවිට අධ්‍යක්ෂ නායිදුට පවසා ඇත්තේ මට ප්‍රාන්ටත්, ශ්‍රී රාම්ටත් වඩා වෙනස් ලෙස රඟපා පෙන්විය හැකි බවය. තමා ඉන්දියාවට පැමිණියේ බොහෝ බලාපොරොත්තු ඇතිව බවද පවසා ඇත.

    මම ඉන්දියාවට යනකොට සූරසේන ඒ ආකාරයටම තෙළිඟු දෙමළ හා හින්දි චිත්‍රපටවලට නැගී තිබුණා. පක්ෂිරාජා චිත්‍රාගාරයේ සූරසේන දර්ශනයක් රූගත කිරීමෙන් පසු මලයාලි හා කර්ණාට නළු නිළියන් ලවා එම දර්ශනය ඒ ලෙසම රූපගත කිරීමට නායිදු අධ්‍යක්ෂවරයා විධිවිධාන සළස්වා තිබුණා. මේ නිසා සිංහල, කණ්ණඩ, මලයාලි ජාතික නළු නිළියන් අතර තිබුණේ ලොකු තරඟයක්. මුලින්ම කැමරා ගත වුණේ සිංහල චිත්‍රපටය. හර්බි, කාන්ති හා මම උත්සාහ කළෙත් කතා කර ගත්තෙත් අපි ලංකාවේ තත්ත්වය ආරක්ෂා කරමු කියලා. එක් දර්ශනයක් තිබුණා හර්බියි මා අතර සටනක්. මේ සටන අවසන් වන දර්ශනයේ තිබුණා හර්බි ගෙන් පහරක් වැදී මට වීදුරුවක් කඩාගෙන ඉවතට වැටෙන්න. මේ වන විට මට ආරංචි වෙලා තිබුණා මේ දර්ශනයට දිලිප් කුමාර් හා ප්‍රාන්ගේ සටන මෙතැනම කැමරා ගතවූ දින සිදුවූ අනතුරක් ගැන.

    ආසාද් හින්දි චිත්‍රපටයේ මේ දර්ශනය දිලිප් කුමාර් හා ප්‍රාන් රඟපාන අවස්ථාවේ ප්‍රාන් ඒ දර්ශනයේ වීදුරුව කඩාගෙන ගිහින් වීදුරුවල කෑලිවලට ශරීරය කැපී දවස් 13 ක් රෝහලේ හිටිය කියලා. මම මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානමින් සිටියේ. කණ්ණඩ හා මලයාලි චිත්‍රපටවල මගේ චරිතය රඟපාන නළුවෝ දෙන්නා ඇස් දෙක ලොකු කරගෙන කුතුහලයෙන් මගේ වීර ක්‍රියාව බලන් ඉන්නවා. මම හෙමින් අධ්‍යක්ෂ නායිදු ළඟට කිට්ටු කළා. මේ දර්ශනය කිරීමට පෙර මම බ්‍රැන්ඩි වීදුරු තුනක් අවශ්‍ය බව කිව්වා. නිෂ්පාදන කළමනාකරු එය ඉටු කළා. මම වීදුරු තුනම බිව්වා. හර්බි මට වේගවත් පහරක් දුන්නා. මම පියාඹගෙන ගිහින් වීදුරු ජනේලය කඩාගෙන පිටතට වැටුණා. එළිමහනේ තිබූ ගලක වැදී මගේ හිස ටිකක් තුවාල වුණා. ඉක්මනින් ප්‍රතිකාර ලැබුණා. අධ්‍යක්ෂ නායිදු මට ප්‍රසංශා කළා. ඩොමි ඔබ ඒ දර්ශනය ඉතා හොඳින් කළා කියලා. හර්බි දුවගෙන ඇවිත් මගේ හිසේ වෙළුම් පටි බඳින කොට උදව් කළා. ඩොමී ජයවර්ධන මේ සිදුවීම මට විස්තර කළේ 1970 වසරේ දීය. ඒ මා සරසවිය පත්‍රයට විශේෂාංගයක් ලියන අතරතුරේදීය.

    සූරසේන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය ජාතික එස්.එම්. සුබ්බයියා පිල්ලෛ නායිදු ගෙනි. මෙහි සියලුම ගීත ආනන්ද සමරකෝන් විසින් ලියා ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ සිංහල චිත්‍රපට ගීතාවලිය 1957-1961 කෘතියේ සඳහන් වෙන ආකාරයට ආනන්ද සමරකෝන් විසින් තනිවම ගී ලියූ ප්‍රථම චිත්‍රපටය සූරසේන ය. එහි සියලුම ගීත ජනප්‍රිය වූ බවත් සියලුම ගී හින්දි චිත්‍රපට ගී වලින් උපුටා ගත් ඒවා බවත් ඔහු පවසන අතර එයට උදාහරණයක් දක්වයි. ආනන්ද ශ්‍රීය වෑහෙයි ගීතය කිත්නා හසී හෛ මෝසම්. මේ ගීතයේ ගායනය ධර්මදාස වල්පොල හා ලතාගෙනි.

    ආනන්ද ශ්‍රීය වෑහෙයි
    සෝබා දහම් සිනාසෙයි
    රූපා ඉතා සුරම්යයි
    මේ මෝසම් සුළං කියා යයි
    ලතා ගැයූ ජනප්‍රිය ගීත දෙකකි මේ.
    ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ
    මා හර්දෙ නැගෙනා ආලෝකේ
    සඳ කාන්ති වැදී රාත්‍රිය මේ ශාන්ත වී ගියා
    කුල්මත් ව සැලේ මා හදෙහි චේතනා දයා

    ජමුනා රාණි සහ කේ. රාණි යන ජනප්‍රිය ඉන්දීය ගායිකාවන් දෙදෙනා ගැයූ මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වී ඇත.

    මනරම් රැඟුමන්
    කදිමයි මේ මනු ලොව කෙළි මඩුවකි
    කැරකෙ කැරකෙ දයිවේ
    සුමධුර ගීත කියා - කන්කළු මිහිරේ
    පාමින පාමින - ප්‍රීති මෙම සාගරේ
    මදහස පා උපුල් - මේ රඟ පා නිමල්

    ගීත රචක ආනන්ද සමරකෝන් විසින්ම චිත්‍රපටයේ දෙබස් රචනය කර ඇත. කැමරා ශිල්පියා සයිලන්ස් බෝස්ය.

    සූරසේන චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්වත්තේ සැෆයාර් සිනමාහලේ පවත්වා ඇත. එයට සහභාගි වීමට සූරසේන නිෂ්පාදක අධ්‍යක්ෂක නායිදු හා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන සිනමාස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. ගුණරත්නම් ද කාන්ති ගුණතුංග, එඩී ජයමාන්න හා හර්බි සෙනෙවිරත්න ද සහභාගි වී ඇත. ඉන්දීය ජාතික නායිදු හා ගුණරත්නම් අතර තිබී ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. සිනමාස් සමාගම නිවේදනය කර තිබුණේ හාස්‍යයෙන්, ත්‍රාසයෙන්, සන්ත්‍රාසයෙන්, මනස්කාන්ත රැඟුමෙන්, දක්ෂ රඟපෑම් වලින් යුත් මෙතෙක් රිදී තිරයට නොආ කතා පුවතක් ඇතුළත් සූරසේන ලෙසය. ගාමිණී, කැපිටල්, සැෆායර්, කුයින්ලන් ඇතුළු සිනමාස් සමාගමේ සිනමාහල් 16ක මේ චිත්‍රපටය තිරගත වී ඇත. ලංකා චලන චිත්‍ර සඟරාවේ කර්තෘ සෝමපාල රණවීර (සෝපාරවි) විවේචනයක් (1958 ජනවාරි 01) ලියමින් “සූරසේන නරක නැත” ලියා එඩී ජයමාන්නට විශේෂ ප්‍රසංශාවක් කර තිබුණි.

    ඒ.ඩී. රන්ජිත් කුමාර
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Aug 2020 08:19 AM
    Ekamath Eka Rataka / එකමත් එක රටක

    Film No : 48

    Released Date : 1958-02-14
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Nawa Jeewana Films Company
    Studio : Studio Nawa Jeewana
    Main Actor : Tiurin Fernando

    Main Actress : Rita Dorin

    Director : Sirisena Wimalaweera

    Producer : Sirisena Wimalaweera

    ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    18 Aug 2020 03:36 AM
    me films download karanna balanna widiyak nadda?
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    18 Aug 2020 09:19 AM
    ති.නා.site එකේ බලන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Pragith
    Basic Member
    Basic Member
    Posts:230






    --
    18 Aug 2020 02:49 PM

    Indika google karata mukut labune na. Puluwan nam link ekak denna. thanks

    <script src="chrome-extension://hhojmcideegachlhfgfdhailpfhgknjm/web_accessible_resources/index.js"></script>
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Aug 2020 05:43 PM
    මගේ ළගත් ෆිල්ම් ගොඩක් තිබුණා. අපේලෝඩ් කරන්න තමයි ලේසි නැත්තේ...
    ඉදිරියේදී බලමු...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2020 12:33 PM
    Vanaliya / වනලිය
    Film No : 49
    Released Date : 1958-02-21
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Ceylon Studio
    Main Actor : B.A.W. Jayamanne

    Main Actress : Shirley Blythe

    Director : B.A.W. Jayamanne

    Producer : B.A.W. Jayamanne
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2020 12:35 PM
    Sohoyuro / සොහොයුරෝ
    Film No : 50
    Released Date : 1958-03-15
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Sri Murugan Nawa Kala Films
    Studio : Sundara Sounds - Kandana

    Main Actor : Aruna Shanthi
    Main Actress : Clarice De Silva
    Director : A.B. Raja
    Director : L.S. Ramachandran
    Producer : Richard Albert
    Producer : S.M. Nayagam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Aug 2020 12:39 PM
    සොහොයුරෝ

    ශ්‍රී මුරුගන් නවකලා මගින් කදානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේදී සම්පූර්ණයෙන්ම රූපගත කල සොහොයුරෝ චිත්‍රපටය එස්.එම්.නායගම් විසින් නිෂ්පාදිත හත්වෙනි නිෂ්පාදනයයි. ඔහුගේ චිත්‍රපට අතුරෙනි මාතලන් චිත්‍රපටය පමණක් මදුරාසියේ වාහිනි චිත්‍රාගාරයේ නිපදවු නමුදු අනෙක් සියළුම චිත්‍රපට නිපදවනු ලැබුවේ ඔහුටම අයත් සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ දීය.

    සීමාසහිත සිනමාස් සමාගමට අයත් මරදානේ ගාමිනි, වැල්ලවත්තේ සැෆයර්, මහනුවර වෙම්බිලි ඇතුළු සිනමාශාලා කිහිපයක සොහොයුරෝ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වූයේ 1958 මාර්තු 15 වෙනිදාය.එය සිංහල සිනමාවේ 49 වෙනි චිත්‍රපටය ලෙස සැලකේ.සොහොයුරෝ අධ්‍යක්ෂණය සඳහා මේවර නායගම් විසින් තෝරාගනු ලැබුවේ, ද්‍රවිඩ චිත්‍රපට රැසක්ම අධ්‍යක්ෂණය කළ එල්.එස්.රාමචන්ද්‍රන්ය.ඔහු අධ්‍යක්ෂවරයෙකු පමනක්ම නොව පළපුරුදු සංස්කරන ශිල්පියා වූයේද රාමචන්ද්‍රන් බව සඳහන් කළයුතුය.එබැවින් සොහොයුරෝ චිත්‍රපටය අධ්‍යක්ෂන්ණය සහ සංස්කරන කටයුතුද ඔහු වෙතට පැවරින.පැරණි පුවත්පත් සඟරා වල ඇතුළත්වූ ලිපිලේඛන අනුව මෙම චිත්‍රපටයේ කතාව සකස්කර ඇත්තේ ඒ.එස්.නාගරාජන් විසින් බව සඳහන් වන අතර දෙබස් සහ ගීත සම්පාදනය කරන ලද්දේ ඩබ්ලිව්.බෙනඩික් ප්‍රනාන්දු විසිනි.කැමරා ශිල්පීයා බී.එස්.මානියම් වූ අතර ශබ්ද පරිපාලනය කලේ වෝල්ටර් පී.ජයතිලකය.කලා අධ්‍යක්ෂනය සහ වේශ නිරූපනය පිලිවෙළින් එම්.ජී.නාරායන් සහ පී.කේ.තංගප්පන් වෙතින් ඉටුකෙරින.නිරංජලා දේවිය නම් නැටුම් අධ්‍යක්ෂිකාව වූවාය.ආර්.මුත්තුසාමි සංගීතවත් කළ සොහොයුරෝ චිත්‍රපටයට ගීත දහයක් ඇතුළත් විය.එම ගීත සඳහා දායක වූයේ ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග්, සිඩ්නි ආටිගල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා පෙරේරා සහ චන්ද්‍රා ද සිල්වා වැනි ප්‍රකට ගායක ගායිකාවන්ය.

    චිත්‍රපටයට ඇතුළත් ගීත

    (1) වංචාවෙන් පිරිලා (මොහිඔදින් බෙග්)

    (2) කෝමල ප්‍රේමදාස (ලතා සහ දර්මධාස වල්පොල)

    (3) යන්නේ කොහෙද මා (ධර්මදාස වල්පොල)

    (4) නිසංසලයි ලෝකේ (ධර්මදාස වල්පොල)

    (5) කැරකේවී රථ් රෝදේ (ධර්මදාස වල්පොල)

    (6) වැසුනා දොර ආදරේ (ලතා වල්පොල)

    (7) ආදර අඹරේ ( සිඩ්නි ආටිගල සහ ඇන්ජලීන් ගුනතිලක )

    (8) රත්තරනින් රන් රුවසේ (ධර්මධාස වල්පොල)

    (9) සිත මගෙ ප්‍රීති (චන්ද්‍රා ද සිල්වා)

    (10)සකුන්තලා නාට්‍ය ගීතය ( සුජාතා පෙරේරා )

    මෙම ගීත KALA PHONE වෙළඳ තැටි තුනක් මගින් නිකුත් කෙරුනේ SMN106, SMN107, සහ SMN108 අංක යටතේය.අංක 7,8,9,10 ගීත වෙළඳ තැටි වලට නැගුනේ නැත.

    නළුනිළි

    රවින්ද්‍ර රූපසේන (සරත්), ක්ලැරිස්ද සිල්වා ( තිලකා ), අරුණ ශාන්ති ( ජගත් ), ආනන්ද ජයරත්න ( විලී ), ලීනාද සිල්වා ( සුනිලා ) ඩී.එච්.පෙරේරා ( මුදලී ), ශීලා පීරිස් ( මුදලිගේ දෙවන බිරිඳ ), පිටිපන සිල්වා (පිලෝරිස් මුදලාලි ), මිලී කහඳවල ( පිලෝරිස්ගේ බිරිඳ ), එඩී යාපා ( ජිමී ), ජෝෂප් සෙනෙවිරත්න ( සැමි ), පියශීලි වික්‍රමසිංහ ( සරත් සහ ජගත්ගේ මව ), මල්ලිකා ද සිල්වා (ඩල්සි- ජිමීගේ පෙම්වතිය ), ඕමාර් මහත්මිය ( නීටා ) ඇතුළුව අතිරේක නළුනිළි රැසක්ම සොහොයුරෝ චිත්‍රපටයට දායක වූහ.එස්.එම්.නායගම් මීට පෙර නිපදවූ චිත්‍රපට මෙන්ම සොහොයුරෝ චිත්‍රපටයද ප්‍රේක්ෂක රුචියට ගැළපෙන අයුරින් සකස්කර තිබ්බීම නිසා ආදායම් අතින්ද සරු විය.මෙහි අධ්‍යක්ෂවරයා වූ එල්.එස්.රාමචන්ද්‍රන්ට එතැන් පටන් විවිධ නිෂ්පාධකවරුන්ගේ චිත්‍රපට සඳහාද ආරාධනා ලැබින.ඒ අනුව ඔහු සුහද සොහොයුරෝ, දෙයියන්නේ රටේ, සරුබිම, කුරුළු බැද්ද, සිකුරු තරුව, සොඳුරු යුවල, නළඟන ඇතුළු දේවසුන්දරි ( නැවත ප්‍රථිසංස්කරණය ) කිරීම් වැනි කාර්යයන්ට උර දුන්නේය.පසු කලෙකදී ද්‍රවිඩ ශිල්පීන් වෙතින් චිත්‍රපට අධ්‍යක්ෂනය කිරීමට ඉගෙනගත් ඇතැම් සිංහල ශිල්පීන්ගේ දැඩි විරෝධය මත එල්.එස්.රාමචන්ද්‍රන් නමැති සංවේදි අධ්‍යක්ෂවරයා ලංකාව අතහැර සිය රට බලා ගියේය.


    සොහොයුරෝ කතාව

    සරත්ගේ වයස අවුරු දොළසකි.ඔහුගේ මළනුවන්ගේ වයස අටකි.මේ වනවිට ඔවුන්ගේ පියා මියගොසිනි.දුගීභාවයේ පත්ල බලමින්, කුඩා පැල්පතක දිවිගෙවන ඔවුනට අසනීප තත්වයෙන් පෙළෙන තම මෑණියන් රැකබලා ගැනීමේ වගකීමද පැවරින.තම ජීවන මාර්ගය යම්තරමකින් හෝ පවත්වාගෙන යාම තම යුතුකමසේ සැලකු සරත් පළාතේ ප්‍රභූවරයෙකු වූ ජයසිංහ මුදලිතැනගේ නන්ධිරයේ බැලමෙහෙවර කිරීමට ගියේ තම මෑණියනුත් මලනුවනුත් රක්ෂා කරනු පිණිසය.ජයසිංහ මුදලිගේ තම පළමු බිරිඳ මියයාමෙන් පසුව දෙවෙනි විවාහයක් කරගත්තේය.එම කාන්තාව කිසිදු තෙතමනයක් නොමැති සැරපරුෂ එකියකි.සුළු අත්වැරදීම් වලදි පවා සරත්ට ඇයගෙන් අත්විඳින්නට සිදුවූ අඩන්තේට්ටම් නිමක් නැත.කෙසේ හෝ ඔහු ඒ සියල්ල ඉවසාගෙන සිටියේ මුදලිගේ පළමු බිරිඳගේ දියණිය වූ තිලකා තමා කෙරෙහි දැඩි අනුකම්පාවක් දැක්වීම නිසාය.එහෙත් කුඩා තිලකාටද ඒ නිසා තම කුඩම්මාගෙන් ගුටිබැට කන්නට සිදුවිය. දිනක් සරත් තම සේවය නිමවා නිවෙස කරා යද්දී හදිසියේම මේඝ ගර්ජනා සහිත මහා වරුසාවක් කඩා හැලෙන්නට විය.අකුණු කෙටීම්,විදුලි කෙටීම් බහුල විය.මහ මඟ ගසතු ඇඹරී බ්මට පතිත වෙද්දී හදිසියේම සරත් වෙත එල්ලවුනු අකුණු පහරකින් ඔහු අන්ධයෙකු බවට පත්වින.එතැන් පටන් රැකියාවද අහිමිවූ සරත් තමා විසින්ම තනාගත් පොල්කටු වීණාවක් වයමින් මහමඟ සිඟා යදින්නට විය.සරත් මෙවැනි අසරන තත්වයකත පවුවද තිලකා තුළ ඔහු කෙරෙහි පැවති කරුණාව දයාව කිසිවිටෙකත් නොබිඳින.කාලය කෙමෙන් ගෙවී යද්දී සරත්, ජගත් සහ තිලකා යොවුන් වියේ ඵල නෙලන අවධියට පැමින සිටියහ.ධෛර්යමත් තරුණයෙකු වූ ජගත් මේ අතර නැටුම් ශිල්පය ප්‍රගුණ කර තම දැනූම හා හැකියාව උපයෝගි කරගනිමින් නැටුම් පුහුණු කෙරෙන පාසැලක් ආරම්භ කළේය.මේ නිසා සරත්ට තවදුරටත් සිඟමන් යැදීමේ අවශ්‍යතාවයක් ඇති නොවූයේ තම බාල සොයුරා පවුලේ සියළු අගහිඟ සපුරා දීම නිසාය.මේ අතර තිලකා තම දෙමාපියන්ට හොරෙන් සරත්ටත් ඔහුගේ මවටත් ආවතේව කරමින් නිතර නිතර ඔහුගේ නිවෙසට යාමීම් කළාය.මේ බව දැනගත් මුදලිතැන තිලකට නිවසින් පිටව යාම තහනම් කළේ තර්ජනය ද කරමිනි.ඇයට අවසර ලැබුනේ පාසැල් යෑමේ අවස්ථාව පමණි.කාලයක්ම තිලකාගේ නොපැමිණීම නිසා කනස්සල්ලටපත් සරත් ඇය උගෙනුම ලබන පාසැල අසලට ගොස් තම වීණාව වාදනය කරන්නට වූයේය.මෙය දුටු ජගත්ගේ ශිෂ්‍යාවෝ ඒ බව ඔහුට සැලකර සිටියෙන් ඉන් ලජ්ජාවටත් කෝපයටත් පත් ජගත් තම අන්ධ සොයුරා සා මෑණියන් තනිකරදමා නිවෙසින් පිටව ගොස් වෙනත් ප්‍රදේශයක පදිංචි වූයේය.එම පළාතේ ඩනවතෙකු වූ පිලෝරිස් මුදලාලිගේ එකම දියණිය වන සුනිලාද ජගත්ගේ නැටුම් පංතියට පැමිණියාය.කාලය ගෙවී යද්දී ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක්ද ඇතිවිය.මේ අතර පිලෝරිස්ගේ බෑණා කෙනෙකු වන විලී නමැත්තාද සුනිලා කෙරෙහි බලාපොරොත්තුවෙන් කල් ගෙවද්දි ඇය ජගත් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින බව දැනගත් හෙතෙම ඔවුන්ගේ සම්බන්ධය කඩාබිඳ දැමීමට නොයෙකුත් උප්පරවැට්ටි යෙදූ නමුත් සුනිලාගේ ප්‍රේමය කිසිසේත් වෙනස් නොවින.මේ වනවිට ජගත් කෙරෙහි පැහැදී සිටින පිලෝරිස් මුදලාලි තම දියණිය ඔහුට විවාහ කරදීමට කටයුතු යෙදුවේය.විවාහ උත්සවය පැවැත්වෙන දිනයේ ඒ බව දැනගත් සරත් තම මෑණියන් ද සමඟ පැමිණියේ නව යුවලට ආශිර්වාද කිරීම පිණිසය.එහෙත් සුනිලාගේ මව ඔවුන්ව නිවෙසින් පන්නා හැරියේ අනේක නින්දා අපහාස කරමිනි.විලී වූ කලි සියළු දුශ්චරිතයන්ගෙන්ම පෝෂිතවූ දුෂ්ඨයෙකි.ඔහුගේ එක් උපායක් වූයේ තම මාමා වන පිලෝරිස් මුදලාලිව පොළඹවාගෙන චිත්‍රපටයක් නිපදවීම සඳහා ඔහුව යොදවාගැනීමයි.එහෙත් විලී චිත්‍රපට සම්බන්ධ කිසිවක් නොදත්තෙකු වූ බැවින් සුළු කලකින්ම බංකොලොත් වූයේ පිලෝරිස් මුදලාලි අන්ත් ණයකාරයෙකු බවට පත්වෙමිනි.

    මෙම තත්වයෙන් ගොඩගැනීම සඳහා ඉදිරිපත්වූ ජගත් තම මාමන්ඩිය ණය බරින් ගලවාගනු වස් තමා දන්නා ජයසිංහ මුදලාලි සොයාගෙන ගියේ ඔහුගෙන් ණය මුදලක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.මෙහිදී සරත්ගේ සොයුරු ජගත්ව හඳුනාගත් තිලකා තමා කෙසේ හෝ සරත් ළඟට කැටුව යන ලෙසට කන්නලව් කළාය.ඒ අනුව පසුදිනෙක තිලකා වෙත ලිපියක් යවන ජගත් පසුදා රාත්‍රී 12 ට තමා මෝටර් රථයකින් පැමිනෙන බවත් ඒ සඳහා ගමනට සූදානම්ව සිටීන ලෙසත් දැනුම්දෙයි.මෙම වැඩපිළිවෙල දැනගත් විලී එදින රාත්‍රියේදි ජගත්ට බොරු හිතවත්කමක් පාමින් තිලකාව රැගෙන යාමට තමාද උදව් කරන බව පැවසුවේ ජගත්ට සිහි නැතිවන බීමක් දීමෙනි.ඉන්පසු ඒ මෝටර් අන්ධකාර රාත්‍රියේ මෝටර් රථය රැගෙන ගිය විලී තිලකාව පැහැරගෙන යාමට තැත්කරද්දි හදිසියේම එතැනට පැමිණෙන තිලකාගේ පියාට විලී විසින් වෙඩි තබයි.එයින්ම ඔහු මරණයට පත්විය.ඒ හාම බලහත්කාරයෙන් තිලකාව රැගෙනගිය විලී පාළු කඳුකරයක ඇයව සිරකර තබනු ලබයි.තිලකාව පැහැරගෙන යන අවස්ථාවේදි ඇය අතින් ගිලිහුනු ජගත්ගේ ලිපිය පොළිස් නිළධාරින් අතට පත්වීම තුළින් මුදලිගේ මිනීමරුවා ජගත් බවට සැක කරමින් ඔහුව පොළිස් අතඩංගුවට ගනු ලබයි.මිනීමැරුම් චෝදනාව මත උසාවිය මගින් ජගත්ව එල්ලුම්ගසට තීන්දු කරයි.මේ අතර තම සොයුරා මරණීය දණ්ඩනනයෙන් නිදහස් කරගැනීම පිණිස සරත් නීතියේ පිළිසරන පතයි.මුදලිතුමා මරණයට පත්කළ පිස්තෝලයත්,ඒ සමඟම තිලකාද සොයාගත හැකි වූවොත් ජගත් මරණ දණ්ඩනයෙන් නිදහස් කරගත හැකි බව නීති වේදීන් සරත්ට පවසයි.ඉන්පසු විලීගේ කල්‍යාන මිත්‍රයින් වන ජිමී, සැමී සහ විලීගේ ආදරවන්තිය වන නීටා හමුවූ සරත් ඔවුන්ට මුදල් ප්‍රදානය කරමින් උදව් ඉල්ලා සිටියේය.තිලකා සිරකර සිටින ගල්ගුහාව පිළිබඳව සියළු විස්තර දන්නා ජිමී ඇතුළු පිරිස සරත්ට උපකාර කිරීමට පොරොන්දු වූහ.තම සගයින්ගේ වැඩ පිළිවෙල දැනගත් විලී කෝපයෙන් වියරු වැටී ඔහු වෙනත් පිරිසක් සමඟ ගුහාවට ගොස් ඔවුන්ව බැඳ තබා සියල්ලෝම මරණයට පත්කිරීමේ අභිලාෂයෙන් ඩයිනමයිට් වෙඩිල්ලක් දල්වා වහා එතැනින් පලා ගියහ.ගිනිගෙන දැවෙන නූල ක්‍රමක්‍රමයෙන් පිරිස දෙසට ලංවෙමින් තිබේ.(මෙහිදී සිදුවනුයේ කිසියම් හාස්‍ය රසයක් මතු කරවන සිදුවීම් මාලාවකීවෙඩි නූල පත්තුවීමට පෙරාතුව එය කෙසේ හෝ නිවා දැමීමට උත්සාහ කරන්නට වූ ජිමී ඇතුළු පිරිස ඉන්පසු කළේ හැකිතරම් වෙඩි නූල වෙතට කෙළ ගසමින් එය නිවා දැමීමටය.අවසානයේදී ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ අප්‍රමාන ලෙස කෙළ ගැසීම නිසා වෙඩි නූල නිවී යාමයි.ඒ නිසා ඔවුන්ගේ ජීවිත ගැලවුනා පමණක් නොව තිලකා සහ ඇයගේ පියා මරණයට පත්කළ විලීගේ පිස්තෝලයද පොලිසියට සොයාගත හැකිවීමෙන් ජගත් මරණ දණ්ඩනයෙන් නිදහස් වූ අතර, තිලකාගේ පියා මැරීමේ චෝදනාව මත විලී නීතියේ රැහැනට අසුවීමය.


    -කලාභූෂන-වැළිහිඳ මුනිරත්න-
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:39 PM
    Deyyange Rate / දෙයියන්ගේ රටේ
    Film No : 51
    Released Date : 1958-05-01
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Heladiwa Films Arts Company
    Studio : Sundara Sounds - Kandana

    Main Actor : Senadeera Kuruppu
    Main Actress : Punya Heendeniya
    Director : L.S. Ramachandran
    Producer : S.D.S. Somarathna
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:41 PM
    Salli Malli Salli / සල්ලි මල්ලි සල්ලි
    Film No : 52
    Released Date : 1958-07-18
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Kanthi Films Company
    Studio : Studio Sri Krishna - Madras

    Main Actor : Prem Jayanth
    Main Actress : Shanthi Lekha
    Director : M.R.S. Mani
    Producer : K.E.Karunarthna
    Producer : K.K.Panikkar
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:41 PM
    Daskama / දස්කම
    Film No : 53
    Released Date : 1958-07-25
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Ceylon Theaters
    Studio : Ceylon Studio

    Main Actor : Ravindra Rupasena
    Main Actress : Disna Ranjani
    Director : Jyotish Sinha
    Producer : Bertram Fernando
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:45 PM
    Suneetha / සුනීතා
    Film No : 54
    Released Date : 1958-08-21
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Ceylon entertainments
    Studio : Studio Wahini - Madras

    Main Actor : Ravindra Rupasena
    Main Actress : Leena De Silva
    Director : P. Neelakanthan
    Producer : Jaber A.Kadar
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:46 PM
    Sepali / සේපාලි
    Film No : 55
    Released Date : 1958-10-31
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Meena Movies
    Studio : Studio Wahini- Madras

    Main Actor : Stanly Perera
    Main Actress : Florida Jayalath
    Director : W.M.S. Tampoe
    Producer : Robin Thampoe
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:48 PM
    Vanamohini / වනමෝහිනි
    Film No : 56
    Released Date : 1958-12-12
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Studio : Studio Modern - Selam

    Main Actor : Herbi Senewirathna
    Main Actress : Kanthi Gunathunga
    Director : A.B. Raja
    Director : T.R. Sundaram
    Producer : K. Gunaratnam
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:51 PM

    Daiwayogaya / දෛවයෝගය
    Film No : 58
    Released Date : 1959-04-18
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Lakdiwa Films company
    Studio : Studio Prabath - Poone

    Main Actor : Senadeera Kuruppu
    Main Actress : Rukmani Devi
    Director : S.K. Oja
    Producer : E.J.C. Da Soisa
    Producer : E.Alfrad Da Soisa

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Aug 2020 04:56 PM
    දෛවයෝගයෙන් චිත්‍රපටියක් හදන්න ඩබ්ලිව්. ඒ. සිල්වා නිෂ්පාදකයන් පසුපස ගියහැටි

    ඔබ නවකතා කියවීමට කැමැති පාඨකයෙක්ද? එසේ නම් ඔබ සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ එක නවකතාවක් හෝ කියවා ඇති. ඇතැම් විට ඔහුගේ නවකතා සියල්ලම කියවන්න ඇත. එසේ නම් සිල්වා සූරීන්ගේ ඓතිහාසික නවකතා අතර පුන් සඳක් සේ බැබලුනු ‘‘දෛවයෝගය’’ නවකතාවත්, එහි එන ශිලා, මහානාද, ලංකා, මුගලන්, කීර්තිසේන දේවි, මනමූල වැනි චරිත හඳුනනවා ඇති. මේ චරිත සජීවීව නිරූපණය කළ ‘‘දෛවයෝගය’’ චිත්‍රපටය 1959 අප්‍රේල් 18 වැනිදා රිදී තිරයට පැමිණ ඇත.

    සිල්වා මහතාගේ නවකතාවක් ඇසුරෙන් සිනමාවට නැඟුණු ‘‘කැළෑහඳ’’ චිත්‍රපටයෙන් එතෙක් නොලද තරම් ලක්ෂ ගණනක ආදායමක් ලැබූ වාර්තාව සැලකිල්ලට ගනිමින් ධෛර්යට පත් සිලෝන් තියටර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චිත්තම්පලම් ගාඩිනර් හා ‘කැලෑහඳ’ චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ‘‘දෛවයෝගය’’ නවකතාවද සිනමාවට නැගීමට කැමැත්ත දැක්වූ පුවතක්, ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ සමීපතම මිතුරකුව සිටි මාතර කේ.එච්.ඒ. ධර්මසේකරයන්ට කියා තිබුණි. දියතලාවේ ‘ද නූක්’ නිවසේ දී සිල්වා සූරීන් හා ජයමාන්න අතර මූලික සාකච්ඡාවක් පවත්වන ලදී.

    ‘‘දෛවයෝගය, කැළෑහඳට වඩා ඉඳුරාම වෙනස් විධියකට නිෂ්පාදනය විය යුතුයි. විශේෂ පරිශ්‍රමයක් විය යුත්තේ ‘මහානාද’ හා ‘මුගලන්’ යන චරිත දෙක නිරූපනය කරන නළුවන් දෙදෙනායි. ශීලා කුමාරියට රුක්මණී දේවිය තෝරාගැනීම ගැන මම එකඟයි.’’ යයි සිල්වා මහතා විශේෂයෙන් සඳහන් කර ඇත.

    එහෙත් අවාසනාවකට මෙන් මේ පිළිබඳව ඔහුගේ එක් මතයකට ජයමාන්න විරුද්ධ වීම නිසා ‘‘දෛවයෝගය’’ බී.ඒ.ඩබ්ලිව්. නිෂ්පාදනය කිරීමට දෛවය ඉඩ සළසා දී නැත. පසුව ‘‘සුනේත්‍රා හෙවත් අවිචාර සමය’’ නවකතාව සිනමාවට නැගීමට අවසර ඉල්ලුවද සිල්වා මහතා අකමැති වී ඇත. තවත් චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වෙත සිල්වා මහතාද, ධර්මසේන මිතුරාද (පසු කලෙක ‘කතා රජ කතාව’ ලියූ) චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වෙත ගියහ. සියල්ල තීරණය වුණත්, නවකතාවේ අයිතිය මුදලින් සීමාකර ගැන්මේ ප්‍රශ්නය විසඳී නැත. මේ වෙනුවෙන් තමාට ගෙවිය යුතු ගණනක් නොකියා ඒ කූට ව්‍යාපාරිකයා මෙසේ ප්‍රශ්න කර ඇත.

    ‘‘කැ​ලෑ හඳ ‘කොපිරයිට්’ එක කීයට ද බී.ඒ.ඩප්ලිව්. ට දුන්​ෙන්?’’

    ‘‘ඒ වගක් තමුසෙට මොටද? තමුසෙ ගෙවන්න කැමැති ගණන කියනවකො.’’ සිල්වා මහතා තරහෙන් කියා ඇත.

    නෑ. මට දැන ගන්නම ඕනෑ. මිස්ටර් සිල්වා කිව්වත් නොකිව්වත් මම බී.ඒ.ඩබ්ලිව්.​ ගෙන් අහගන්නම්.’’

    ‘‘තමුසෙ ඕනෑ දෙයක් බී.ඒ.ඩබ්ලිව්. ගෙන් අහගන්නවා. තමුසෙට ඕනෑ හැටියට ම​ෙග් ගනු දෙනු කියන්නේ නැහැ. මේ පොත තමුසෙට දෙන්නේ නැහැ.’’ සිල්වා මහතා එපමණකින් ඒ සාකච්ඡාව අවසන් කළේය.

    අධෛර්යට පත් නොවූ ධර්මසේකර මහතා සිනමාස් සමාගමේ අධ්‍යක්ෂ කේ. ගුණරත්නම් සොයා ගොස් ‘‘දෛවයෝගය’’ අදහස කියා සිටියේය. ගුණරත්නම්ටද සිල්වා මහතාගේ නවකාවක් සිනමාවට නැගීමේ ආසාව තිබුණේය. සිංහල කියවා ගත නොහැකි ඔහුට එම නවකතාවේ සාරාංශය ඉංග්‍රිසියෙන් කියා දීමට ධර්මසේකරයන්ට සිදුවෙයි. මේ ගැන කාර්මික උපදෙස් අවශ්‍ය බව තීරණය කළ ගුණරත්නම් ඉන්දියාවේ සේලම් නුවර පිහිටි මොඩර්න් චිත්‍රාගාරය හිමි චිත්‍රපට අධ්‍යක්ෂ ටී.ආර්. සුන්දරම් (‘සුජාතා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) ලංකාවට ගෙන්වා ඇත. ඒ කතාව ධර්මසේකරයන් ‘‘කතා රජ කතාව’’ කෘතියේ විස්තර කර ඇත්තේ මෙසේය.

    1953 දෙසැම්බර් 22 වැනිදා සවස් කාලයේ අප කථානායකයාත්, (සිල්වා මහතා) එම මිත්‍රයාත්, (ධර්මසේකර) සුන්දරම් මහතාත්, ගුණරත්නම් මහතාත් කොළඹ ‘ගෝල් ​ෙෆ්ස්’ හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ ශාලාවේ දී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූහ.

    මෙහිදී අප කථානායක ​ෙතමේ සුන්දරම් මහතාගේ දැන ගැනීම සඳහා ‘‘දෛවයෝගයේ’’ සම්පූර්ණ කථා ශරීරය ඉංග්‍රිසියෙන් විස්තර කළේය. ඔහු ඒ කතාව කෙතරම් ප්‍රාණවත් ලෙස ඉදිරිපත් කළේද යත්, ඒ වෙලේ එතැන බීර බොමින් සිටි යුරෝපා ජාතික අමුත්තන් කිහිප දෙනෙක් ද සාවධානව ඔහුට සවන් දෙනවා පෙනිණි. පණ පෙවිය යුතු හැම තැන පණ පොවමින්, දෙපැයක් පමණ ව්‍යක්ත බසින් කැරුණු ඒ කථනය ශ්‍රවණය කළ සුන්දරම් මහතා තමා තුළ එයින් ඇති වූ වශීකරණය ප්‍රමාණ නොකළ හැකි තරම් බලවත් බව උදක් පැවසුවේය. දුෂ්ඨයාත්, වීරයාත් වශයෙන් කැපී පෙනෙන විශේෂ චරිත ද්වයක් නියත ලෙසින්ම දක්නා ලැබෙන සාමාන්‍ය චිත්‍රපට කථාවක ඉඳුරා වෙනස්වූ ​ෙ​ෙදව ​ෙයා්ගය විස්මය ජනක ප්‍රබන්ධයක් බව හෙතෙමේ අවංක සිතින් පිළිගත්තේය. ප්‍රධාන චරිත ද්වය වශයෙන් එහි දැක්වෙන ‘මහානාද - මුගලන්’ දෙදෙනාම මහා වීරයන් වීම ඔහුගේ මවිතයට හේතු විය. දුෂ්‍ඨ චරිතයක් නැතිව මෙතරම් නාට්‍ය රසාලිප්ත කථා ශරීරයක් රචනා කිරීම සැබවින්ම අාශ්චර්යයක් බවත් හේ කීවේය.

    ප්‍රශංසා මුඛයෙන් මෙසේ පැවසූ ඉක්බිති ඒ අවංක අධ්‍යක්ෂ තෙමේ දෛවයෝගය තරම් උසස් පෙළේ ඓතිහාසික නවකතාවක් සිනමා ගත කිරීමට ප්‍රමාණවත් පළපුරුද්දක් තමාට නැතැයි නිහතමානී ලෙස පිළිගත්තේය.

    මඳ කලක් අසනීපෙන් සිටි සිල්වා මහතා අපහසුකම් කිසිවක් නොබලා ‘‘දෛවයෝගය’’ සිනමාවට නැංවීමේ අයිතිය සිමාසහිත ලක්දිව චිත්‍රපටි නිෂ්පාදකයන්ගේ සමාගමේ අධ්‍යක්ෂවරුවන ඊ. ඇල්ප්‍රඩ් සොයිසා සහ ඊ.ජේ.සී. ද සොයිසා මහතුන්ට පවරා දෙන ලදී. අනතුරුව, තම කැමැත්තේ හැටියට චිත්‍රපට කථාව ලියා දුන් සිල්වා මහතා නළු නිළියන් කැඳවා සම්මුඛ පරීක්ෂණයක්ද පැවැත්වූයේය.

    එහෙත් (1947 සිට 1957) දක්වා සිංහල චිත්‍රපට බොහොමයක් රූප ගත වූයේ දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල කෘත්‍රිම පසුතල යටතේය. මදුරෙයි නගරයේ චිත්‍රලංකා චිත්‍රාගාරය, කොයිම්බතූර් හා සෙන්ට්‍රල් චිත්‍රාගාරය, මදුරාසියේ නැප්චූන් හා සදර්න් චිත්‍රාගාර, මයිලපුර්හි ෂන්මුග චිත්‍රාග්‍ාරය, නැප්චූන් චිත්‍රාගාරය, සිටඩල් චිත්‍රාගාරය, සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරය, මදුරාසියේ වාහිනි චිත්‍රාගාරය මේ අතර වෙයි. මුල්වරට උතුරු ඉන්දියාවේ පුනාහි ප්‍රභාත් චිත්‍රාගාරයේ රූගතවූ සිංහල චිත්‍රාපටිය වූයේ ‘‘දෛවයෝගය’’ චිත්‍රපටිය වීම විශේෂ සිද්ධියකි. චිත්‍රාගාරයේ අධ්‍යක්ෂවරයා වූයේ ඇස්.කේ. ඕජාය. කැමරා ශිල්පියා වූයේ කේකි මිස්ට්‍රිය. සංගීත අධ්‍යක්ෂවරයා වූයේ සජාද් හුසේන්ය.

    ‘‘දෛව​ යෝගය’’ නවකතාවේ කියන දෙය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති ගත්කරුවකු අතින් ලියැවුණු නවකතාව පණ ගැන්වීමේදී ආධාර වී ඇත්තේ තවත් නොපැරූවිය හැකි ශූරයෙක් බව ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කතුවරයකුව සිටි පියල් වික්‍රමසිංහයන් ලියා තිබුණි. ඒ මෑත යුගයේ ලංකාවේ පහල වූ පුරාවිද්‍යා විශේෂඥයා වන ආචාර්ය සෙනරත් පරණවිතාන ඒ ශූරයා බව පවසන වික්‍රමසිංහ, පොළොන්නරු සමය නිරූපණය කිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඇඳුම් ආයිත්තම් ආදිය පිළිබඳ අදහස් ලබාගෙන ඇත්තේ පරණවිතාන මහතාගෙන් බවත් පවසා තිබුණි. වික්‍රමසිංහයන් මෙසේද පවසා තිබුණි.

    අපේ ජාතියේ පටන්ගැන්මේ පටන් අද දක්වා කාලය පේනයෙන් කියා පෑමේ ශක්තියක් ඇති පරණවිතාන ශූරීන්ගේ අදහස් මවා පෑම කර ඇත්තේ ජාතික කලාව පිළිබඳ කාටත් නොදැවෙනි දැනුමක් හා හැකියාවක් ඇති ජාතික කලා පෙරමුණෙ සභාපති මාපලගම විපුලසාර හිමියන්ය.

    මාපලගම හිමියන්ගේ කලා අධ්‍යක්ෂණ උපදෙස් ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයෙන් මොනවට පැහැදිලිවේ. දකුණු ඉන්දියානු චිත්‍රාගාරවල තැනවූ කෘත්‍රීම නිර්මාණ අභිබවා ඒ හිමියන් නිර්මාණය කළ වෙහෙර සහිත ​ෙබෟද්ධ පරිසරය ප්‍රේක්ෂකයා සිත් නිවී පහන්වූ බව මොනවට පෙනෙයි. මාපලගම හිමියන්ගේ උපදේශකත්වය යට​තේ බී.ඩී. කානේගේ කලා අධ්‍යක්ෂණයට හෙන්රි ධර්මසේනගේ සහාය ලැබී ඇත.

    චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වූ ශිලා ලෙස රුක්මණී ​ෙද්විත්, මහනාද ලෙස සේනාධීර කුරුප්පුත්, මුගලන් ලෙස හෙක්ටර් හේවාවිතාරණත්, ලංකා ලෙස කුමාරිලතාත්, මානමුල ලෙස ගාමිණී ​ෙෆාන්සේකාත්, රුචික ලෙස මාක් සමරනායකත්, දත්ත ලෙස ඒ.ඩී. ජයමාන්නත්, සුගලා ලෙස සිරිමති රසාදරිත්, කීර්තිසේන දේවිය ලෙස ලලිතා ද සිල්වාත්, විදුරඟ ලෙස රෙජි පීරිස් ද උපලේකා ලෙස තිමොතියස් පෙරේරාද, ටිකිරා ලෙස ශාන්ති විරාජ් ද රඟපෑහ. මෙහි නැටුම් ඉදිරිපත් කර ඇත්තේ නිත්තවෙල ගුණයා, හීන්බබා ධර්මසිරි, ඇන්.ඇම්. සෝමදාස සහ පිරිස වීම තවත් විශේෂයකි. මේ චිත්‍රපටයේ. ලංකා ලෙස හඳුන්වාදෙන කුමාරිලතාගේ නියම තම සෝමලතා මහන්තේය. ‘ලංකාදීප’ පංච කලණාණි තරගයෙන් මහනුවර පංචකල්‍යාණියට තේරුණේ ඇයයි.

    ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ කතාව විකාශනය වෙන්නේ මෙසේය. මහා සංග්‍රාමයකදී මියගිය කීර්තිසේනයන්ගේ වැඩිමහල් දියණිය වන ශීලා (රුක්මණීදේවි) මහානද සෙනෙවි (සේනාධීර කුරුප්පු) සමඟ ආදරයෙන් පසුවෙන අතර බාල දියණිය වන ලංකා (කුමාරි ලතා) මානමුල දිසානායක (ගාමිණී ​​ෆොන්සේකා) ගැන බලාපොරොත්තුවෙන් සිටියි. මේ අතර යුද පිණිස එතෙර ගිය මහානාද සෙනෙවි සොලී රූමතියක හා පෙම් බැඳ ගත් බව ශීලාට දැන ගන්නට ලැබෙයි. මෙහිදී ශීලාගේ සිත දිනා ගැනීමට ප්‍රයත්න දැරූ උපලේනා (තිමෝතියස් පෙරේරා) එය ව්‍යර්ථ වී යාමෙන් කෝපයට පත්ව කීර්තිසේන පවුලට හිමිකම් ඇති පර්වත විමානය මුගලන් මාණ්‍ඩලිකයන් (හෙක්ටර් හේවාවිතාරණ) පර්වත විමානයෙහි ඔවුන්ගේ මුළු ජීවිත කාලයම නිදහස්ව විසීමට අවසර දුන් නමුත් ඒ නම්බුකාර පවුල එයට කැමැත්තක් නැති බැවිනුත්, සංග්‍රාමයකින් මුගලන් ජීවිතක්ෂයට පත්වූ ආරංචියත් පොළොන්නරුව පුරා පැතිර යයි.

    මේ අතර ශීලා සොයා පැමිණි පළමු පෙම්වතා මහානාද ඇය සමඟ රහසේ විවාහවීම නිසා මවගේ අනු දැනුමක් නැතිව ඇය ගැබ් ගනියි. එයින් පසු මුගලන් ජීවත්වෙන බවට පුවතක් ශිලාට ලැබී මහානාදට ඇයගෙන් වෙන්ව යන ලෙස දන්වයි. දරු ප්‍රසූතියට කල් පැමිණීමත් සමගම දිළිඳු හිතවතකුගේ තැනෙක සති කිහිපයක් ලැඟුම් ගන්නා ශීලා ලත් දරුවා එහි රඳවා යළිත් පර්වත විමානයට එයි.

    දිනක් ශිලා ඇයගේ දරුවා සුරතල් කරමින් සිටින අවස්ථාවක මුගලන් රහසිගතව එහි පැමිණෙයි. මෙහිදී ශීලා සිහි මුර්ජා වූ හෙයින් ලංකා ඒ දරුවා තමාගේ යැයි දක්වා ශීලා ගලවා ගනියි. දෛව යෝගයකින් ඔවුන් සැමගේ දෛවය විසඳෙයි.

    ​‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ පසුබිම ගීත අතිශයින්ම නිර්මාණශිලීය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් චිත්‍රපට ගීත රචනයට පිවිසෙන්නේද මේ චිත්‍රපටයෙනි. ‘ලංකාදීප’ කර්තෘ මණ්‍ඩල​කයෙකුවූ නීතීඥ ජයතිස්ස හේරත් විසින් මානවසිංහයන්ට මේ අවස්ථාව ලබාදෙනු ලැබීය. මානවසිංහයන් දෛවයෝගයට ගීත හතරක් ලියූ අතර ඒවා අතිශයින් ජනප්‍රිය විය.

    ‘හද ගිලෙයි අම මිහිරේ
    පෙම් සුවේ රස ඉතිරේ
    මල් පැණි මදිරා මී පැණි ගංගා
    පෙම් සයුරට මුසුවේ
    (ගායනය - රුක්මණී දේවි හා මොහිදීන් බෙග්)

    ‘‘අදාරයේ රුචිරාණනියේ
    ලියලනවා තව තව සෝකේ
    වැලපෙනවා මා අද හිරගේ
    (ගායනය - මොහිදින් බෙග්)

    ‘දොයි - දොයිය පුතා දොයි දොයි’
    (ගායනය - රුක්මණී දේවි)

    මොහිදින් බෙග් ගැයූ ජීවිත ගමනේ දෛවයෝගේ ගීතයද මානවසිංහයන් පැබඳූ තේමා ගීතය විය.

    මේ චිත්‍රපටයට හෙන්රි ධර්මසේන රචනා කළ ‘උඹෙ නාඹර තැඹිලි පාට - රූපය මට ලැබුණු දාට’ (ගායනය - මොහිදීන් බෙග් හා සිරිමති රසාදරී) හියුබත් දිසානායක රචිත ‘මැලවී යන්නා හද මාගේ - මල පරවන සේ’ (ගායනය රුක්මණී දේවි) ධර්මශ්‍රී කුරුප්පු රචිත ආලෝකය හැම තැන පැති​ෙර් - මා පමණයි මහගන අඳුරේ. ගායනය - රැක්මණී දේවී, සරත් විමලවීර රචිත ආදරයයි, කරුණාවයි - හිමි බැතියයි. මා හිත පාරයි.(ගායනය - රුක්මණී දේවී) ගීත ‘දෛව​ෙයා්ගයට’ ආලෝකයක් ගෙන දුණි. මේ ගීතවල සංගීත නිර්මාණය හා පසුබිම් සංගීතය කළ සජාද් හුසේන් භාරතයේ විශිෂ්‍ට සංගීත අධ්‍යක්ෂ වර​ෙයකි.

    දෛව යෝගයේ තනු නිර්මාණ ස්වතන්ත්‍රයයි සඳහන් කරන මහාචාර්ය සුනිල් ආරියරත්න උතුරු ඉන්දීය චිත්‍රාගාරයක සිංහල චිත්‍රපට ගීත පටිගත කෙරුණු මුල්ම අවස්ථාවත්, උතුරු ඉන්දීය සංගීතඥයකු සිංහල චිත්‍රපටයකට සම්බන්ධවූ මුල්ම අවස්ථාත් මෙය බව පවසයි. ඔහු මෙසේද සඳහන් කරයි.

    විදේශ සංගීතඥයන් අතරින් සිංහල චිත්‍රපටයක් සඳහා ස්වතන්ත්‍ර තනු නිර්මාණයෙහි ​ෙයදුණේ දෛවයෝගයෙහි සංගීත අධ්‍යක්ෂ සජාද් හුසේන් පමණි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට පෙර ලංකාවට පැමිණි ඔහු ලංකාවේ සංගීතය ගැන සොයා බැලූ බව පුවත්පත් වල වාර්තාවී තිබේ. ඔහු ගී තනු තැනුවේද ලංකාවේ දීය. ගීත ප්‍රබන්ධකයන් ඒ තනු අනුව ගී ලියුවේ ද ලංකාවේදීය.
    සජාද් හුසේන් ගේ ගී තනු හැම එකක්ම අතිහය මධූර විය. අවශ්ථාවොචිත විය. හේ රුක්මණී දේවියගේ සහ මොහිදීන් බේග්ගේ කට හඬින් උපරීම පල නෙළා ගත්තේය. ඔහුගේ භාග්‍යයකට තනුවලට ගැලපෙන සුරස මාලා පෙළක් ද ඔහුට ලැබිණි. හැම ගීතයක්ම සිංහල චිත්‍රපට ගීතාවලියෙහි අමරණීය සිහිවටන බවට පත් වූයේය.

    ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ මානමුලගේ චරිතය රඟපෑ ගාමිණී ෆොන්සේකා නිරූපණය කරන ලද අභිනව රූපණවේදය ආසියාවට ආගන්තුක වූ බවට ඇති හොඳම සාධකය ‘‘දෛවයෝගය’’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ කේකි මිස්ට්රිගේ (Keki Mistry) ප්‍රකාශයක් ආචාර්ය නුවන් නයනජිත් කුමාර ලියූ ‘‘ගාමිණී විශ්වීය රූපණවේදියක ‘‘ආසියානු පුරෝගාමියා’’ පර්යේෂණ කෘතියේ සඳහන් වෙයි.

    ‘‘දෛව යෝගය’‘ හි කැමරා ශිල්පි කේකි මිස්ට්‍රි එවකට හින්දි සිනමාවේ සිටි ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියෙකි. ඔහු ආසියාව පිළිබඳව සේම බටහිර සිනමාව පිළිබඳවද ඇතඹුලක් සේ දැන සිටියේය. ඔහු ගාමිණී​ෙග් අපූරු රංගනය දැක 'American Actor' යයි ආමන්ත්‍රණය කළේය. මිස්ට්‍රි ඔහුට ගාමිණී යයි කතා නොකළේය.

    Call the Amerian Acror ඔහු තම සහායකට විධානය කළේ ගාමිණීට දර්ශන තලයට ගෙන එන ලෙස අඟවමිනි. එහෙත් ජයවිලාල් විලේගොඩ ගේ විචාරයක පවසා තිබුණේ ගාමිණී රඟපෑවේ නිළියක්දැයි සිතෙන තරමටම ඔතෑනි ගතියකින් කියාය.

    එහෙත් දෛව යෝගය කැමරා අධ්‍යක්ෂ කේකි මිස්ට්‍රි ගාමිණී කැඳවා මෙසේ කියා ඇත.

    අදින් දෛවයෝගයේ වැඩ ඉවරයි. මේ චිත්‍රපටය ලංකාවේ තිරගත වෙලා අවසන් වෙන විට චිත්‍රපටය ගැන කතා කරන එකක් නෑ. හැබැයි චිත්‍රපටියේ ගීත ටික ඉතුරුවේවි. ජනප්‍රිය වේවි. ඒවගේම තමුන්ගේ රඟපෑම ගැන පහුවෙලා හරි රටම කතාකරමි. ගාමිණී ඔබට හොඳ අනාගතයක් තියේවි. මම කිව්ව මේ අනාවැකිය මතක තියා ගන්න.

    එදා මිස්ට්‍රි කී අනාවැකිය පසු කළෙක සැබෑ විය.

    1959 දී ප්‍රදර්ශනය ඇරඹූ දෛව යෝගය චිත්‍රපටයේ මංගල දර්ශනයට අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාද, මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා, අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක, තැපැල්, ගුවන් විදුලි හා ප්‍රවෘත්ති ඇමැති සීඒ.එස්.මරික්්්්්කාර් යන මහතුන්ද සහභාගි වී ඇති බව වාර්තාවේ. එහෙත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා ‘‘දෛව යෝගය’’ ප්‍රදර්ශනය කරනවිට ජීවිතය හැර ගොස් තිබුණී.

    ඒ. ඩී. රන්ජිත් කුමාර
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    24 Aug 2020 06:19 PM
    Posted By indika76 on 24 Aug 2020 04:39 PM
    Deyyange Rate / දෙයියන්ගේ රටේ
    Film No : 51
    Released Date : 1958-05-01
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Heladiwa Films Arts Company
    Studio : Sundara Sounds - Kandana

    Main Actor : Senadeera Kuruppu
    Main Actress : Punya Heendeniya
    Director : L.S. Ramachandran
    Producer : S.D.S. Somarathna

     

    මේකෙත් ලස්සන ගීත කිහිපයක් තිබුණා... මේ චිත්‍රපටයත් මම ඉස්සර රේඩියෝවෙන් බලපු ෆිල්ම් එකක්.

     

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Aug 2020 09:02 AM
    Ma Alaya Kala Tharuniya / මා ආලය කල තරුණිය
    Film No : 59
    Released Date : 1959-02-20
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Nawa Jeewana Movie Tone
    Studio : Studio Nawa Jeewana - Kelaniya

    Main Actor : Ananda Weerakoon
    Director : Sirisena Wimalaweera
    Producer : Sirisena Wimalaweera
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    25 Aug 2020 09:03 AM
    Purusha Rathnaya / පුරුෂ රත්නය
    Film No : 60
    Released Date : 1959-05-09
    Colorimeter : Black & White
    Video Format : 35mm
    Category : Drama
    Company : Vijitha Kala Films Company Limited
    Studio : Sundara Sounds - kandana

    Main Actor : Prem Jayanth
    Main Actress : Clarice De Silva
    Director : A.S. Nagarajan
    Producer : Swarna Abanayaka
    0


    ---