Go to previous topic
Go to next topic
Last Post 08 Aug 2017 02:09 AM by  sha733
නවකතා පිටුව
 37 Replies
Author Messages

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
21 Jun 2017 12:48 AM

    #සිහිනයකි_මට_ආදරේ....

    " අනූ අර බලපන්කෝ අදත් අර හෝතම්බුවෝ සෙට් එක අපි ඉන්න ලයින් එකේම එහාපැත්තෙන් වාඩිගෙන...😏"
    සහෙලි කියවන් ගියේ මගේ ජන්මාන්‍තර වෛරක්කාරයෝ සෙට් එක පෙන්නල...ඒ ටික දැක්කත් ඇති මගේ ඇගේ මාලු නටන්න😠😡...ඕ ශිට්...අද දවසත් ඉවරයි....ඒ සෙට් එකට අපිනම් කියන්නේ ' හැලයෝ සෙට් එක' කියල...ඇයි ඉතින් උන්ගේ කටවල් හැලකිඹුලෝ වගේනේ😃😃😃...කොයිවෙලෙත් අපේ අත්තමාගේ කබල් රේඩියෝව වගේ ඔන් වෙච්ච ගමන්මයි...හැල සෙට් එකේ ප්‍රදානියා සුරාජ්...එයානම් මාර හැන්ඩ්සම්..😍😍😍.බෝ පැල වගේ තීන අපේ හිතුත් හෙල්ලෙනවා ඉතිම් එයාව දැක්කම...හැබැයි ඉතින් ඒ වාචාල ටකරන් කට ඇරුනම කෙල්ලොන්ගේ බලාපොරොත්තු කොහේ හේදිලා යනවද දන් නෑ...ඒකනේ ඉතින් ඌ කොච්චර ලස්සන වුනත් කෙල්ලෙක් සෙට් වෙන් නැත්තේ...😂😂😂😂අපිත් එක්ක වලියක් නොදාගත්තොත් ඉතින් හැල සෙට් එකට කෑවේ නෑ වගේ තමා....
    කෙමෙස්ට්‍රි සර් කාරය ක්ලාස් එකට ආපු නිසා අපි ටක් ගාල ක්ලාස් එකට එන්ටර් වුනා...
    හැල සෙට් එකේ සුපුරුදු විසිල් එකෙන්ම අපිව පිලිගත්තා....
    ක්ලාස් එකේ ඉන්න ගියාම තමා පස්ස කකියන්නේ...ඇයි අප්පා උදේ අටේ ඉදන් හවස හය වෙනකම් ...මොන කට්ටක්ද දෙයියනේ...😓
    කෝම කෝම හරි ඔන්න අපි හොදට ඉගෙනගන්නවා අපි හොද ලමයිනේ....😉
    සර් උගන්න උගන්න ඉද්දී හැල සෙට් එක කෑ ගහනවා...සර් කියන ඒව ඇහෙන්නෙත් නෑ...මම පොඩ්ඩක් රවල බැලුවා..😈 ඒත් මුන් ටික මේන් හිනා වෙනවා...මහ අණ්ඩ හිනාවක්..මට නම් ඇල්ලුවේ නෑ...
    අපේ සර් කාරය හරි හැන්ඩියා...ඒ වගේම තාම කොල්ලා...කැම්පස් අවුට් වෙච්ච ගමන්නේ...ඒ නිසා සර්ට කෙල්ලොන්ගෙන් ඇති වෙන්න ලයින් වැටුනා...
    සර් ඔන්න චිට් වලට උත්තර දෙන්නයි හදන්නේ...ලමයිටත් පිස්සු අප්පා මුන්ගේ වැඩේ පාඩම අහගන්නවට වඩා චිට් ලියන එක තමයි....තුන්වෙනි චිට් එක කියවද්දී සර්ගේ මූන ඇබුල් වුනා...ශුවර් එකට කුප්ප කතාවක් වෙන්න ඇති....
    " අනූ....කියන්නේ කවුද...අනුත්තරා වීරක්කොඩි...😈ඔය ලමයා පොතකුත් අරන් ඉස්සරහට එනවා" සර් ඇහුවේ මුලු ක්ලාස් එකම තිගස්සවලා...ලමයි හැමෝම මීයට පිම්බා වගේ...
    දෙයියනේ ඒ මොකක්ද මට කඩන් වැටුනු මරාලේ...😦😦😦😦මට ඇහුනේ හිචිස් ගාන සිහින් හිනා හඩක්...ශුවර් එකට මේක හැල සෙට් එකේ වැඩක්...හොදයි බලාගමුකෝ...මම තරහින් පුපුර පුපුර ඉස්සරහට ගියේ ගැහි ගැහි...මේ වෙලාවටනම් බොක්කෙන් බිත්‍තරත් තම්බගන්න තිබ්බා...මම සර් ගාවට ගියා නෙමෙයි පාවුනා..ලමයි හැමෝම තුස්නිම්බුතවෙලා ආරූඩ වෙලා ඇස් කන් ඔක්කොම ඇරගෙන කෙල බේරි බේරි බලන් ඉන්නවා...මෙතනම වැලලෙන්න තිබ්බනම් හොදයි කියල හිතුනේ මේව දකිද්දී..😭😭😭😭

    " තමුන්ගේ පොත දෙනව මෙහාට...."

    " අත් අකුරු එකමයි..තමුන් නේද මේක ලිව්වේ...ලැජ්ජාවක් නැද්ද ...කෙල්ලෙක් නේද..."
    සර් කියවන් යද්දී මම ඔහේ බලන් හිටියේ සිදු වූ දේ හිතාගන්නවත් බැරුව..

    " සර්...මම...මුකුත්..ලිව්වේ නෑ..."

    " මේක ලිව්වේ ඔයා නෙමේද..."
    සර් මට චිට් එක දුන්නා...මම ගැහෙන ඇගිලි වලින් ඒක විවර කලා...

    ...................
    සර්.;
    ඔයා හරිම හැන්ඩ්සම්...ඔයාව දැක්කම පිස්සු හැදෙනවා...අයි ලව් යූ සෝ මච්...මට සමාවෙන්න තවත් මේක හිතේ තියන් ඉන්න බැරි නිසයි කිව්වේ...ප්ලීස් ට්‍රස්ට් මී සර්..අයි රියලි ලව් යූ...ගුරු ගීතයේදිත් ලමයා ගුරුවරයට ලව් කරා...ඉතින් මේක ගැන අහිතක් හිතන්න එපා...ප්ලීස් මගෙ ආදරේ පිලිගන්න...මේක කියෝල මට කතා කලේ නැතොත් මම බෙල්ලෙ වැල දාගන්නවා ..සත්තමයි සර්...
    මම සර්ගේ අනාගත වයිෆ් අනූ...
    (අනුත්‍තරා වීරක්කොඩි..)

    මට ලියුම කියෝල බකස් ගාල හිනාවක් ගියා...කවුද යකෝ මේ බොලද ලව් ටෝක් ලියල තීන්නේ...ඒකටත් මාව ගාවල...ලමයි හැමෝම මම හිනාවෙද්දී මගෙ දිහා පුදුමයෙන් කට ඇරන් බලන් ඉන්නවා...සර්ගෙනම් මූනත් එක්ක රතු වෙලා...
    " සර් කොහොමද කියන්නේ මේක ලිව්වේ මම මයි කියල...සර් මේක ඔප්පු කරල පෙන්නන්න..."
    මම කිව්වම සර්ගේ ඇස් උඩ ගියා...මගෙන් මේ වගේ රිඇක්ට් එකක්නම් සර් බලාපොරොත්තු වෙන් නැතුව ඇති....
    " ඔය ලමයා දැන් ගිහින් වාඩි ගන්නවා...ආයේ මොනවහරි දෙයක් වුනොත් ඔය ලමය ගැන බලාගන්නම්."
    සර් ඒක කිව්වේ ලැජ්ජාවටද කේන්තියටද කියල මටනම් තේරුන් නෑ...ඒත් මම හැල සෙට් එකට පාඩමක් උගන්නන්න හිතා ගත්‍තා...
    ඉන්ටවල් දෙනකම් ඉදල මම ගියේ හැල සෙට් එක ඉස්සරහට....එලියේ හොදටම වැහැල යන්තන් පොද වැටෙනවා ඒත් මට ඒ ගැන ගානක් තිබ්බේ නෑ....
    මම එතනට ගියාම සුරාජ් ඉස්සරහට ආවා..

    " නංගී සර් කැමති නෑ කිව්වද..."

    සුරාජ් ගේ වචන මගේ හිතේ තරහ දෙගුණ කලා....මම උපරිම හයිය අරන් සුරාජ්ව තල්ලු කරා..සුරාජ් මඩ වලේ වැටිලා මඩ නාගෙන මට බනිනවා...මුකුත් හිතන්නත් කලියෙන් පොත් ක්ලාස් එකේ තීද්දිම ගෙදර දුවල ආවා...බස් එකේ එන්න හොද වෙලාවට කලිසම් සාක්කුවේ රුපියල් විස්සක් තිබ්බා....අම්මා ජොබ් එකක් කරන නිසා ගෙදර කවුරුත් නෑ...නැත්තම් ඉතින් අහන ඒවට උතතර දීලම මැරෙනවා...

    ************
    දවස් ගත වෙලා ගත්තා...අපේ ප්ලෑන් එක වුනේ හැල සෙට් එකෙන් පලිගන්න සුරාජ් එක්ක යාලු වෙන එක...මට තිබ්බේ සුරාජ් එක්ක යාලු වෙලා බූට තියන්න...කෙල්ලො මට කිව්වේ සතියෙන් යාලු වෙලා පෙන්නන්න කියලා...සහෙලි ගානේ අපිට දවස් තුනක්ම ලන්ච් එක රෙඩි වෙනව මම මේක වින් කලොත්....මම කොහොමහරි බෙට් එක ව්න් කරන්න ඕන...
    එදා ඉස්කූල් ඇරිල යද්දී මෙන්න යකෝ හෝල්ට් එකේ සුරාජ් ඉන්නවා....මගෙ කකුල් දෙකත් ගැහෙන්න ගත්තා...මෙයාව යාලු කරගන්නත් ඕන...මම ඉතින් ගොඩක් ලස්සනයි😀...මොන කොල්ලද මට අකමැති😆...ඒත් ඉතින් මේ හැල රජාව යාලුකරගන්න ලොකු කට්ටක් කන්නම වෙයි...ඒකට තව දවස් තුනයි ඉතුරු..😕

    මම හිමීට ඉස්සරහට ගියාම මෙන්න යකෝ මෙයත් ඉස්සරහට එනවා...

    " සුරාජ් එදා වුනු දේට සමාවෙන්න .."
    මම ෆුල් සෝක මූඩ් දාගෙන කිව්වා...මූව කොහොමහරි දැලේ දාගන්න එපැයි....

    " ඒකට කමක් නෑ අනූ...මටත් සමාවෙන්න ..."
    මේ මොකද යකෝ මේ ප්‍රතාපවත් හැල රජා සොරි කියන්නේ...මටනම් පුදුමයි....වෙන මගුලක් වෙන්න කියල මම මෙයාට කියල දාන්න ඕන....

    " සුරාජ් මට ඔයාට දෙයක් කියන්න ඕන..."

    මම කිව්වේ සුරාජ් ගේ ඇස් දිහා කෙලින්ම බලලා....ඇත්තටම ඒ ඇස් වල අමුතු මායාවක් තීනවා...ඒ ඇස් මෙච්චර ලගට දැක්කේ අද තමයි....වෙනද දකින නපුරු දඩබ්බර කොල්ල වෙනුවට මම දැක්කේ අහිංසක කොල්ලෙක්ව...

    " කියන්න අනූ....අනූ..."
    සුරාජ් මගේ උරහිසින් හෙල්ලුවම තමා මන් හීන ලෝකෙ ඉදල පෘථිවි තලේට ආවේ....

    " අයි ලව් යූ...සුරාජ් ..."
    මගේ කටින් ඒ වචන පිටවුනේ සුරාජ් බලන් ඉද්දිමයි....ඒ ඇස් පුදුමයෙන් ලොකු වුනා...ඒ මුවට හීන් හිනාවක් ආවා....මම ඒ හිනාව දිහා බලන් හිටියේ වශී වෙලා වගේ....

    " ලව් යූ ටූ ...අනූ..."
    සුරාජ් ගේ අනපේක්ෂිත පිලිතුරෙන් මාව එලොව ගිහින් මෙලොව ආවා...මේ වැඩේ මෙච්චර ලේසි වෙයි කියල මම කොහොමටවත් හිතුවේ නෑ...
    ඔන්න එදා මන් බෙට් එක වින් කලා...මට අද ගොඩක් සතුටුයි....
    ඒත් අනූ නොදන්න තවත් කතාවක් හැන්ගිලා තිබ්බා....සුරාජ් යාලුවොත් එක්ක බෙට් එකක් දාල තිබ්බා අනූව යාලු කරගන්න...සුරාජ් හිතුවෙත් නෑ එයාගේ බෙට් එක මෙච්චර ඉක්මනින් වින් කරන්න පුලුවන් වෙයි කියලා....
    ඉතින් සුරාජ් හිටියෙත් ගොඩක් සතුටින්....

    ****************
    බෙට් එකකින් ඇරබුනු අනූ සුරාජ් ආදර කතාව ඉදිරියට ගලාගෙන ගියා...දෙන්නම යාලුවන්ට පේන්න රගපෑමක් කලත් දෙන්නටත් නොදැනීම ඒ දෙන්නගේ හදවත් රහසේම යා වෙලා ගියා....
    සුරාජ් දෙව්දුවක් බදු වූ අනූට ඇත්තටම ආදරේ කරන්න ගත්තා....අනූ ත් ඊට නොදෙවෙනි වෙන්න සුරාජ් ට ආදරේ කලා...ඒත් ඒ දෙන්නගෙම හිත් වලට බෙට් එක වදයක් වෙලා තිබ්බා..😓.හැමදාම ස්කූල් ඇරිල එද්දිත් ක්ලාස් වලදිත් හමුවෙලා අනූ සුරාජ් ආදරය තව තවත් දලු දැම්මා😍....නමුත් මේ දෙන්නම තමන්ගේ යාලුවෝ ඉදිරියේ ඇත්තට ආදරය කරනවා කියන එක පිලිගන්න අකමැති වුනා....

    " සුරාජ් නෙක්ස්ට් සැටඩේ අපි අනූට බූට තියමු ඔන්න හරිනේ එහෙනම්...."

    " දැම්මම..😦...තව ටිකක් ඉමු මචං...."

    "මොකෝ බන් මූ පස්ස ගහන්නේ.....මොකෝ උබ සිරා ලව්ද....මටත් හිතුනා උබ කෙල්ල දිහා බැල්ම දාන විදිහට....😉"

    " පිස්සු ද බන්.....එහෙම දෙයක් නෑ...තාම යාලු වෙලා මාසයයිනේ...ඒකයි....."

    " ඒ වුනාට මේ සැටඩේ ඉවර කරමු....කෙල්ල උබට ඇත්තටම ආදරේනම් මොනව වුනත් පවු ඒකි..."
    යාලුවෝන්ගේ කතා අහන් හිටිය සුරාජ් ගේ පපුව පිච්චිලා ගියා....මම කොහොමද අනු නැතුව ජීවත් වෙන්නේ 😓😓😓😓මට ඒක කරන්න බෑ.....ඒත් මට ඒක මුන්ට කියන්ත් බෑ....

    ***********
    සෙනසුරාදා දිනයත් උදා වුනා...අනූ යාලුවෝ සෙට් එක එක්ක ක්ලාස් එකට හැරෙන පාලම ගාවින් යද්දී සුරාජ් ගේ යාලුවෝ සෙට් එක පාර අවහිර කලා....සුරාජ් ගේ ඇස් වල තිබ්බේ අසරණ බැල්මක්.....අනූ ඇයි අහන්න වගේ සුරාජ් දිහා බැලුවත් සුරාජ් ඒ දෑස් මග හැර බිම බලාගත්තා .....

    " ආ...කෙල්ලො ටික....අපිට ඔයාගේ කැප්ටන් අනූට කියන්න වැදගත් දෙයක් තියෙනවා.😌..."

    දමියා කෑ හගද්දී සුරාජ් ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා.....

    "මෙ හැලයෝ ටික අදත් නාට්ටියක් පෙන්නයි වගේ අනූ..."
    සහෙලි කිව්වේ මගෙ අත මිරිකලා....මගේ හිතටත් කියාගන්න බැරි අමුත්තක් දැනුනත් ඒ මොකක්ද කියලමම් තේරුනේ නෑ...

    " සුරාජ් ලොක්කා උඹම කියනවද 😂😂😂😂අපි කියන්නද....."
    සුරාජ් මුවින් වචනයක්වත් පිට නොකර ඔහේ බලන් හිටියා.....

    " මෙකයි නංගිලා සුරාජ් ඇත්තටම අනූට ආදරේ නෑ....බෙට් එකකට තමයි අනූට ලව් කිව්වේ ....ඔන්න අපිට ඔයාල ගැන අනුකම්පා හිතිලා අපි ඇත්ත කිව්වා....අනූ නගා ඔයාගේ සූටි හිත රිදුනට සොරි හොදේ..😂😂😂"

    සුරාජ් ඇර යාලුවෝ ටික හිනාවෙද්දී අනූගේ යාලුවොත් මහ හඩින් හිනාවෙන්න ගත්තා .....කොල්ලොන්ටත් පුදුමයි ...😦😦😦😦😦මේ මොකද යකෝ....

    " කවුද හලෝ තමුසෙලාගේ හැල රජාට ඇත්තට ලව් කලේ...අපේ අනුත් සුරාජ් ට කලේ බොරුවක් 😀😁😀"

    " ඒ සිරාද......"

    " ඔව් යකෝ ..."

    " ඒකනම් මරු......"

    " යකෝ අපි අපිටම රැවටිලා......"

    😂😂😂😃😃😃😄😄😅😅😆

    දෙගොල්ලන් ගේම හිනා හඩවල් මැද්දේ සුරාජ් හා අනූගේ හදවත් හඩා වැටුනා..
    සුරාජ්ට මම ඇත්තටමයි ඔයාට ආදරේ කලේ...ඇයි රත්තරන් මාව රැවැට්ටුවේ.....ඔයාට මගේ ආදරේ ඔයාට දැනුනේ නැද්ද රත්තරන් ....ඔයා තමයි මගේ පන.....ඔයා නැතුව මම ආයෙත් කොහොම හිනාවෙන්නද.....කොහොම ජීවත් වෙන්නද.....
    අනූ යාලුවන්ගෙන් ඈත් වෙලා ඔහේ පාරදිගේ ඇවිදන් ගියා....😔😔😔

    *****

    පරිසරයම අදුරු වෙලා සිහින් පොදක් ගලාගෙන ගියා.....සුරාජ් පොද වැස්සේම පිස්සෙක් වගේ ඇවිදන් ගියා.......අනූ ඔය අහිංසක ඇස් වලට මම කොච්චර ආදරේ කලාද .......ඔයාගේ ඇස් වල මම දැක්කේ අවංක ආදරයක්.......මේ හැමදේම ඔයාට තේරුම කරන්න ඕන වුනත් ඔයා මට බොරුවට ආදරේ කලානම් තවත් මොනව තේරුම් කරන්නද.....😓😓😓😓
    හදවත රිදුම් දෙද්දී තමා ඉස්සරහින්ම ඇහුනු අලි පත නලාවට සුරාජ් දෑස් ඉස්සුවා.....දෙයියනේ අනූ.😓......සුරාජ් අඩියට දෙකට ඉදිරියට පැනලා අනූගේ බදින් අත දාල තමා දෙසට ඇදල ගත්‍තා .....අනූ එහෙමම ඇවිත් නැවතුනේ සුරාජ් ගේ පපුවේ......

    " තව ඩිංගෙන් ටිපර් එකට යට වෙනවා...."

    " ඉතින් මොකටද මාව බේරගත්තේ ..."
    අනූ ඇහුවේ අඩලා රතු වුනු මූන හන්ගගෙන ...

    " ආදරේ නිසා...."
    සුරාජ් පැවසුවේ අවංක හඩින්......අනූගේ ඇස් දිගේ කදුලු රූටා ගියා ...

    " ඇත්තටම ද..."

    ""ඔයාට හිතෙනවාද රත්තරන් බොරුවක් කියලා ....ඔයත් මට ආදරෙයි නේද බබා..."

    "ඔව් සුරාජ් ......ගොඩාක් ආදරෙයි ...මට සමාවෙන්න බොරුවක් කරන්න හිතුවේ නෑ ..."

    " මටත් සමාවෙන්න බබා.....ආදරෙයි රත්තරන් ...මහ ගොඩක් ...."
    සුරාජ් ඔහුගේ උනුසුම් දෙතොල් අනුගේ දෙතොල් මත තැබුවේ පාර කියලත් අමතක වෙලා......
    එකපාරට ඇසුනු විසිල් හඩ නිසා දෙන්නම වටපිට බැලුවා .....
    උගුරට හොරා බෙහෙත් බොන්න හැදුවම ඔහොම වෙනෝ බන්.....අනූගෙයි සුරාජ් ගෙයි යාලුවෝ ඇති වෙන්නම දෙන්නව බයිට් කලා.....
    "උබල බෙට් එක පරාදයි.....අපි දෙන්න දිනුම් නැද්ද අනූ......බෙට් කපල් එකේ වෙඩින් එකට උබල එන්නම ඕන....😉😉😉😉"
    සුරාජ් කිව්වේ අනූගේ නලලේ සිය දෙතොල් තබමින්........
    නිමි .....
    රචනය...
    #ශානි #එරන්දි

    මගේ පලවෙනි කෙටි කතාව ....
    අදහසක් කියන්න යාලූ.......
    බුදුසරණයි ..!

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    21 Jun 2017 12:51 AM

    පළමු කොටස
    *විසුරුනු ආදරය*

    මම නමින් විහාර ඒකනායක....අද මං ලංකාවට එන පළමු දවස වසර තුනකට පසුව ම්ං මේ එන්නේ මගේ දුප්පත් අහිංසක අම්මගෙයි තාත්තගෙයි මූණ බලන්න......මේ වසර තුනට මට නොලැබුණු දේවලට වඩා ලැබුණු දේවල් වැඩී ඒ වගේම වටිනාම දේවල් ලැබුනෙත් මට මේ කාලේම තමා..............
    **************************************************
    "අඩෝ විහාරයා අපිට දැන් යන්න වෙලාව හරි මචං ලැස්ති වෙයන් ඉක්මනින්"
    ඒ චමිදු මගේ හොදම යාලුවා කොටින් ම කිවුවොත් මගේ බොක්ක.......
    "හරි බං මං wash එකක් දාගන එන්නම්"
    "ඉක්මන් කරපන් බං දැනටම පහල සෙනග පිරිලා වෙලාව තියලා ගියෙ නැත්තම් flight එක මිස් වෙයි යකෝ උබේ fans ලා එක්ක සෙල්ෆි ගගහ සමරු දිදී එනකන් flight එක බලන් ඉන්නේ නෑ බං.ඉන්දියාවේ ඉදලා ලංකාවට යන්න වෙලාවට වඩා වෙලා යනවා මෙතන ඉදන් air port එකට යන්න අනේ මං දා මේ මිනිස්සුන්ටත් ගෙවල් වල වැඩ නැද්දෝ මං දා"
    "එහෙම කියන්න එපා බං අද මං මේ තැන ඉන්නේ මේ නදුනන රටේ ඔය මිනිස්සු නිසා තමා.

    එහෙම පවසමින් මාත් ඉක්මනින් ඇද පැලද ගත්තේ ලංකාවට යාමට තියන අසාව නිසාමයි...
    ලෑස්ති වී ඉක්මනින් පහලට එන විට චමිදු මගේ නිවස බලා ගන්නා පුද්ගලයා සමග කතා බහ කරමින් සිටියා මට මාගේ කලා ලොකයේ වැඩ බලා ගන්න කියා අනිත් සෑම වැඩක්ම සිදු වුනේ චමිදුගේ අතින් මෙතනදීත් මට කරන්න ඉතුරු වූයේ ගොස් කාර් එකට නගින එක විතරයි........චමිදුවා කිවුව විදිහටම මාගේ නිවස ඉදිරිපිට ප්‍රේක්ශකයෝ පිරිසක් සිටියමුත් චමිදුවා නිසා ම්ං ඔවුන්ට සිනහවකින් සංග්‍රහ කොට air port යාමට පිටත් විය.

    "චමිදු අම්මාලා air port එනවා කිව්වා නේද ඒ දේවල් ඔක්කොම හරිනේ"
    "අම්මා විතරක් නෙමේ බං ඊයේ ලංකාවේ news වලට උබ අද එන එක කිව්ව් නිසා එහෙ අයත් මෙහෙ අය වගේ air port අවිත් ඇති.....අනික මචං උබ වගේ ප්‍රසිද්ධ ගායකයෙක් රටේ නම බොලිවුඩ් අරන් ගිය තරුවක් එද්දී මුලු රටම පාරට ඒවී උබව බලන්නකොහොමද ඒක එල නේ"
    "හ්ම්.... ඔව් නේ.......ආ මේ ඒක නෙමෙ අර චැනල් එකකින් කතා කලා නේද program එකකට උබ කිව්වනේ මට අද හවසට බෑ කියලා"
    "බෑ කියලා නම් කිව්වා ඒත් බං ඒක හරි නෑ නේද?"
    "හරි නෑ කිව්වට බං මට මේ තැනට එන්න මට උදවු කලේ ඔය කවුරුත් නෙමේ මගේ දෙමවුපියොයි,සංදනායක sir යි උබයි විතරයි ඒනිසා ඔකොමන්ටම කලින් මං ඒ මිනිසුන්ව බලන්න ඕනි"
    "අපොයි හා හා"
    *************************************************
    air port එක ඇතුලේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරගන මං එලියට ආවේ මගේ සුදු අම්මගේ මූණ බලන්න....
    ඒත් මාගේ දෑස් අදහාගත් නොහැකි මට අමතක කරන්න බැරි ඒ ඇස් මගේ ඉස්සරහා මේ ඉන්නේ රිතූ නේද???????? වසර පහක් මා අතීතයට reගෙන ගියා.
    ****************************************************
    "විහාරයෝ අර ඉන්නේ මං කියපු girl බ්ං"
    "මොන කෙල්ලද බං"
    "ඇයි බං මන් අර කිව්වේ විශාකගෙන් උබ ගැන නිතරම අහනවා කියලා ඒකෙල්ල"
    "අනේ පලයන් බං"
    "අන්න අන්න කෙල්ල මේ පැත්තට කෙල්ල එනවා"
    "අනේ බං පිස්සු නැතුව හිටපන් අපිට මොකෝ"

    "විහාර"
    මා හට අදහා ගත නොහැකි ලෙස chmiduwa කිව්ව කෙල්ල මගේ නම කියා මට කතා කලා
    "ආ.....ඔ......ව් ඇයි"
    ගොතගැහුනු හඩින් මා ඇසීය....
    "මං රිතූ...ඔයා එදා ක්ලාස් එකේ ලස්සනට සින්ග් කලා මාර ලස්සනයි"
    "තැන්ක් යූ රිතූ"
    ඔය ආකාරයට රිතූ නිතරම මා සමග කතාවට ආවත් මං ඕනෑ කමින් ඈ සමග කතා කලේ නෑ මොකද කාලයත් සමග මට තේරුණා ඈ මගෙන් බලාපොරොත්තු වෙන්නේ යාලුකමට එහා ගිය බැදීමක් කියා....

    "අඩෝ විහාර මේ ඇයි උබව අරකිව වැඩිය ගනන් ගනේ නැත්තේ "
    "කාවද බං"
    "රිතූව"
    "එහෙම නෑ යකෝ මට ඕනා exam එක ගොඩ දාගන්න උබ දන්නවනේ මගේ ගෙදර තත්වේ අනික රිතූ යාලු කමට එහා ගිය දෙයක් මගෙන් බලා පොරොත්තු වෙනවා.අනික චමිදුවෝ රිතූට මං වගේ කොල්ලෙක් ගැලපෙනවද නෑ නේ"
    "ඇයි ගැලපෙන්නේ නැත්තේ උබ පට්ට හැන්ඩියනේ බලපන් උබගේ කෙල්ල වෙන්න කීයක් try ද අනික බලපන්කෝ උසට සරිලන බර පාට කට හඩ එත්කොට ගියාම කොන්ඩේ ඔය ඔක්කොම තියෙන්නේ ආයේ සුපිරියටම "
    "අනේ මේ බං මං කිව්වේ මගුල් රූපයක් ගෙන නෙමේ රිතූ කියන්නෙ ලොකු අත්තක් බ්ං මට ඒක අල්ලනවා තියා හිතන්නවත් බෑ "
    "ඕවා දැන් කාලේ කෙල්ලෝ හිතන්නේ නෑ බං"
    "එයා නොහිතුවාට ගෙදර අය හිතනවා අති "
    "අනේ මංද බං මොනා උනත් එකී උබට love "
    "ලවු නෙමේ මල ඉලව් මෙහෙ වරෙන් යන්න ක්ලාස් එකට "
    "විහාර"
    ඒ රිතූගේ කට හඩය කට හඩ ඇහෙන මානයෙන්ම මා සිටිය නිසා මට ඇයව මග හැරිය නොහැකි විය මා උන් තැනම සිට පිටි පස්ස හැරී බැලුවෙමි.ඈ ද දිගු අඩි තබා මා අසලට පැමිණ
    "මට ඔයා එක්ක කතා කරන්න ඕනා "
    "ඔවු කියන්න රිතූ"
    "මෙහෙම නෙමෙ තනියම"
    "රිතූ දැන් ක්ලාස් පටන් ගන්න වෙලාවත් කිට්ටුයි අපි පස්සෙ කතා කරමු "
    "බෑ මට දැම්ම කතා කරන්න ඕනා"
    "රිතූ ටිකක් තේරුම් ගන්න "
    "හැබැයි විහාර ඔයා දැන් ක්ලාස් එකට ගියොත් ඔයා මාව දකින අන්තිම වතාව මේක වෙයි"
    "රිතූ......... "
    "ඔයා එනවද?නැද්ද?"
    "හ්ම්............ හා යමුකෝ"
    මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති තැන මං කැමති වුනා
    "මචං මං ගිහින් එන්නම් උබ යමං ක්ලාස් එකට"
    "අපි කොහෙටද යන්නේ "
    "අනේ රිතූ කොහෙවත් යන්න බෑ ඔයාට කියන්න තියන දේ මෙතනම කියලා ඉක්මනට ක්ලාස් එකට යමු"
    "විහාර තේරුම් ගන්න ඒක එහෙම කියන්න බෑ
    අනේ රිතූ මොකද්ද මේ ඔයාට වෙලා තියෙන්නේ මට කොහෙවත් යන්න බෑ"
    "මොකද අනේ මේ කොල්ලෙක් නේද ඔයා හරි අදට විතරක් ඊට පස්සේ ඔයාම තීරණය කරන්න මාව හම්බෙනවද නැද්ද කියලා"
    "රිතූ............අනේ ම්ං ද ඔයා නම් "
    "ඇයි ඇයි"
    "නෑ නෑ" "හරි අපි පර්ක් එකට යමු"
    "හ්ම්....."
    බේරුමක් නැතිම තැන මට එසේ කරන්නට විය නැති නම් මං කෙදිනකවත් මාගේ පියා මහන්සියෙන් හරි හම්බකර මාගේ ඉගනීම වෙනුවෙන් වියදම් කරන එක සතයක් වත් නාස්ති කරන්නේ නැත
    ******************************
    "දෙවනි කොටසට"

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    21 Jun 2017 12:53 AM

    "මිනිස්සු උපදිනවා මැරෙනවා , මල් පිපෙනවා පරවෙනවා"

    කිසිම දෙයක් සදාකාලිකා නෑ

    ඔයා කොහොමද ඕවා ඉගෙනගත්තේ ඔශාදී මට ඔය විකාර අහන්න වෙලාවක් නෑ
    ඒ කියන්නේ ඔයා මේ මගේ ආදරේ අතාරිනවා කියලද ...

    දහම් ඔශාදීගේ අතින් අල්ලගත්තා.

    "පිරිමියෙක් වගේ සැහැල්ලුවට ගැහැනියෙක්ට හිතන්න බැ
    මේක ලංකාව අයියේ,අපිට බැදීම් තියෙනවා,අපේම නෑදෑයෝ එක්ක
    ඔයා හිතන තරම් ලේසියෙන් ඒවා ඇතැරලා දාන්න මට බැ"

    අපි අපේ ආදරේ දිහා අෑතින් ඉදන් බලන් ඉමු ඔශාදීගේ කතාවට ඔලුව වැනූ දහම් යන්නට ගියා,

    හදවත කොතරම් කඩා වැටුනද...දහම් ගෙදර ආවේ පිස්සෙක් වගේ
    මොනතරම් රැවටුනාද දහම් ට ඇත්තටම ජීවත්වෙන එක එපා උනා.
    දහම් දිගටම මුහුදු වෙරලට ගියා
    එයාට ආදරේ නොකර ඉන්නත් බැ වෙන කෙනෙක්ට ආදරේ කරන්නත් බැ
    මේ ජීවිතේ අප්පිරිය වුනා.

    ඉස්සර ඔයයි මමයි මේ මුහුද දිහා බලාගෙන මොනතරම් දේ
    ප්රාර්තනා කරාද,මොනතරම් හීන අපේ හිත්වල තිබුනද
    අපිට ඕන වුනේ මෙතනින් ගොඩ යන්න,අපිට යාගන්න බැ,ජීවිතේ එහෙමමයි.

    දහම් ඔශාදීව මීට් වෙන්න ගියත් ඔශාදී අම්මා ඒකට ඉඩ දුන්නේ නැ.
    ඔශාදී දහම් බලාගෙන හිටියත් අම්ම එක්ක යන්නට ගියා.
    මොනදේ වුනත් කරත් දහම් දන්නවා කෙල්ල ඉන්නේ දුකින් කියලා.
    මොනවත් නොකියම දහම් ආයේත් එන්නට ආවා,
    දහම් දුකින්,ඒත් මේ තේරුමක් නැති ආදරේට නැවතීම තියන්නට තරම් ශක්තිමත් හිතක් දහම්ට නැ
    කෙල්ල ඒක දන්නවා.
    "අවසානය දුකක් වෙන්නේ තේරුම් නොගත් ආදර කතාවල,නොගැලපෙන ආදර කතාවල"
    මේකත් එහෙමයි.

    "ඔශාදී"

    කියන්න අයියේ මොනවද අපිට තව කතාකරන්න තියෙන්නෙ.
    ඔයා ඉස්සර වගේ නැතුව මාව මගඅරිනවා,බයයිද මම වැරැද්දක් කරයි කියලා.

    දහම් තව මොනවා කියයිද බයටම කෙල්ලා දහම්ගෙ අතින් අල්ලා ගත්තා.

    "මම මොනවද ඔයාට කිවුවේ,මේ දවස් ටිකටයි මම ආදරේ තේරුම් ගත්තේ"
    මම ඔයාට ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් මේ ඇත්තම ඇත්ත අයියේ.

    දහම් ඔශාදීගේ අත්දෙක අල්ලා ගත්තා
    අද දවසේ කල කීදේ හදවතේ ඇදිලා තිබ්බා,එයාව මට අයිති නැ,ඇත්ත ඒකයි දහම් දන්නවා.

    "මාව සැකද බයද,මම කරදර කරන්නෙ නැ"
    ඔශාදී දහම් ලගටම ආවා
    "මාව අමතක කරන්න අයියේ"
    මම ආදරෙයි මාව විශ්වාස කරන්න.

    "ආදරේ ඒකපාර්ශික වෙන්නත් පුලුවන් අයියේ"

    දහම්ට වචන වලින් ගහලා දැම්මා වගේ ඔශාදී කිවුවා,ඒත් දහම් කතාවක් නැ.

    හුගක් ලොකු හීන,ලොකු බලපොරොත්තු දහම් ලග පොඩිකාලේ ඉදලා තිබ්බේ නැ.
    ඒත් දන්න කාලේ ඉදන් ඔශාදීට ආදරේ කරා.
    දහම් එයාගේ හැමදේම කිවුවා,ඔශාදී හිතේ තියෙන දේ කියන්නත් දහම්ට බැරිකමක් නැ
    ඔශාදීගේ නලල ඉඹලා දහම් යන්නට ගියා.

    මේ අපේ ජීවිතේ
    සතුට , දුක , වේදනාව මේ සේරම තියෙන්නේ ඒ ජීවිතේ ඇතුලේ
    ප්රශ්න පත්තරයක් වුනත් ජීවිතේ, ඒ ප්රශ්න පත්තරයට උත්තර කියන විදියටම
    ජීවිතේ ලියාගන්න පුලුවන් නම් .....

    -නිම්මික-

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    21 Jun 2017 01:17 AM
    එල එල මල්ලි ඔහොම ලියාගෙන යමු
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    21 Jun 2017 02:01 AM
    දිගටම ලියාගෙන යමු ..එල එල
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    21 Jun 2017 03:59 AM
    නියමයි නියමයි අනිත් කොටසත් දාන්න
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Jun 2017 04:11 AM
    නියමයි සුපුන් මල්ලී..
    0

    ishan22
    New Member
    New Member
    Posts:65






    --
    21 Jun 2017 06:08 AM
    නියමයි
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    21 Jun 2017 06:24 AM
    නියමයිනේ කතාත් ලියන්න පටන් අරන්.කියවන්න ඕන
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Jun 2017 06:57 AM
    සුපුන් දැන් නවකථා ලියන්නත් පටන් අරගෙන.. ඔහොම දිගටම ලියාගෙන යමු.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    21 Jun 2017 07:40 AM
    Aniwaren samantha saho , mewa kattiya liyapuwa , eyalawa diriganwanna hithagena thamai me de karanda hithuwe
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    23 Jun 2017 12:16 AM

    #විසල්_සිත්_අහස්_කුස..

    ඈතින් වැහි කලුවරක් එනවා වගේ.....

    ඉස්කෝලෙ ඉවර වෙන්න තව විනාඩි කීපයක් තිබුනත්..වෙනද වගේ සතුටක් දැනෙන්නෙ නැත්තෙ ඔයාව දකින අන්තිම දවසත් ගෙවිල යන නිසා නේද .
    .හෙට ...... අායෙත් මං ඔයාව කවද දකින්නද..
    ඔයාල ආයෙ නොඑන්නම අපෙ ගම දාල යනවා කියල එදා ඔයා මට පිට්ටනියෙ වෙරලු ගහ යටදි කිව්වෙ හිනා වෙවි..ගොඩක් හිත රිදුනත් මං හිනා උනා ඔයාට මතකද..

    අපි එකම පන්‍තියෙ එක ලග වාඩිවෙලා හිටියෙ අවුරුදු එකොලහක් තිස්සෙ ...ඔයාට මාව ඒ තරම් වටින්නෙ නෑ කියල දැනගෙනත් මන් ඔයාව මුලු ජීවිතෙම කරගත්තෙ ඔයාටත් හොරෙන්..
    තව ද්වසයි..ඊට පස්සෙ අයෙ ඔයාව හම්බ වෙන එකක් නැ මට..කොහොමහරි හිත හදාගන්න මං හිතා හත්ත..

    තරූ....කොහෙද ගිහින් හිටියෙ?

    කොහෙවත් නෑ විසල්..ම්ම්..මම මේ කවියක් ලියන්න කියලා හැදුවෙ..

    ආහ් කවිකාරි..මං මොනතරම් ඉල්ලුවද මන් ගැනත් කවියක් ලියලා දෙන්න කියලා..කොහෙද ඉතින්...

    කවි පොත පුරා ලිව්ව කවි ඔයාට තමයි..හිත කෑ ගහල කියද්දි වෙනද වගෙම මං හිනාවෙලා නිකම් හිටියා...

    තරූ...

    හ්ම්ම්...

    මං හෙට යනව...මතකයිද...

    හ්ම්ම්..

    පොඩ්ඩක්වත් දුකක් නැද්ද...

    හ්ම්ම්..

    හ්ම්ම් කියන්නෙ ..දුකද නැද්ද..

    නෑ...

    හා..කමක් නෑ ..මටනම් දුකයි...

    එහෙනම් එදා හිනා වෙවී කිව්වෙ මං ගම අතෑරල යනවා කියලා..

    මං බැලුවෙ ඔයාට දුක හිතෙයිද කියල..

    පිස්සුද විසල්..

    ඇයි...

    මම මොනතරම් දුක් උනාද කියල දන්නවද..

    නෑනෙ...

    ඇයි මස්සිනේ...

    පිස්සු නැතුව කියන්න තරූ....

    මොනවද විසල් කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ...

    තරූ ඇයි මේ...

    එපා විසල්...මට ඇඩේවි..

    තරූ...

    ට්‍රීන්...ට්‍රීන්....ට්‍රීන්.....

    බෙල් එක ගැහුවා විසල්...යමු නේද...

    ගයියා ටිකක් ඉදහන් බන්...

    උබ ඉදලා වරෙන් අපි ගියා..

    විසල් ඔයත් යන්න...මම යනවා..
    සතුටින් ඉන්න හැමදාම...

    තරූ...

    අපි යමු විසල්...ආයෙ අපි මෙහෙම හම්බ වෙන එකක් නැහැ...ටික දවසකින් අමතක වෙලා යයි..හැමදේම...ගෙවපු ලස්සනම කාලෙ අමතක වෙලා යයි..
    ........................................................................

    එදා ඔයා කිව්ව දේවල් හැම දෙයක්ම මට තාම මතකයි තරූ...
    එදා අන්තිමට ඔයත් එක්ක කතා කරපු හැමදේම මට මතකයි..
    මං ගමෙන් ආපු දවසෙ උදේ ඉස්කොලෙ ලගදි ඔයා මාත් එක්ක හිනා උනා මට මතකයි..
    ඇයි මං ඔයාට කිව්වෙ නැත්තෙ මං ඔයාට මේ තරම්ම කැමතියි කියලා..
    අවුරුදු දෙකක් ගෙවිලා ගියා..
    ඔයාට හැමදෙම අමතක වෙයි කියල කිව්වනේ..
    ඒ ඇත්තද තරූ...
    දැන් පොඩ්ඩක්වත් මාව මතක් වෙන්නෙ නැද්ද...

    තරූ මේ මං කියන දේවල් අහගෙන ඉන්න කොහේ හිටියත්..
    මං දැන් ඉන්නෙ ඉස්කෝලයක් ලග.
    මතකද අපේ ලස්සනම කාලෙ......මේ පොඩි අය දකිනකොට මට ඒ කාලේ තාමත් මතක් වෙනවා...අවුරුදු ගානක් කිසිම තොරතුරක් නැතත්...මං බලන් හිටියා කියලා ඔයා දන්නවද...

    මම ටික දවසකින් ගමේ එනවා...ඒ එන්නෙ ඔයාව බලන්න ...ඉස්සර වගේම මන් දිහා බලල ඔයා හිනා වෙනවා නේද...අනේ විසල් මොනතරම් කාලෙකින්ද කියල මන් ලගට දුවගෙන එනවා නේද...

    ....................................................................

    බස් එකෙන් ගමට යන පොඩ්ඩට කීදෙනෙක් මන් එක්ක හිනා උනාද..ඒ ඔක්කොම පරන මිනිස්සු..
    මන් ඔයාව හම්බ වෙන්න හිතාගෙන බස් එකෙන් බැස්සෙ...

    විසල් ඔයා....

    ගයියා කොහොමද ඉතින්...

    කොහොඹත් නික වගේ තමා...තිත්තයි...උඹට කොහොමද ඉතින්..

    හොදින් ඉන්නවා බන්...උඹේ කට නම් තාමත් එහෙමම තමයි නේද...

    අපි වෙනස් වෙන්නෙ නෑ කොල්ලො..

    ඒක මට ගැහුව hint එකක්ද...

    නෑ නෑ යාලුවා..

    ගයියා...තරූ...තාම ගමේ ඉන්නවා නේද...

    තරූ??????

    ගයියා...කියපන්කෝ...

    ම්ම්..මේ ......යමන්කො.....

    ගයාන් මාව එක්කගෙන ගියේ තරූ ඉස්සර ජීවත් වුනු පුංචි ගෙදර ලගට...

    ඒක හොදටම හැඩි වෙලා..කඩන් වැටෙන්න ලන් වෙලා තිබ්බෙ..

    ගයියා....

    තරූ දැන් අපි ලග නෑ බන්...

    කියාගන්න බැරි දුකකින් හිටියෙ කෙල්ල..කාටවත්ම කිව්වෙ නෑ...අපි ඉස්කෝලෙන් අයින් වෙන්න දවසකට කලින්...පැත්තකට වෙලා මොනවදෝ ලිය ලිය හිටියෙ...ඒක අපිට පුරුදු නිසා අපි ගනන්ගත්තෙ නැහැ...

    බෙල් එක ගහන්න කිට්ටු කලා විතරයි..පපුව අල්ලගෙන කෙල්ල වැටුනා බන්..මොන දේ උනත් කෙල්ල කවි පොත අතෑරියෙ නැහැ..
    අමාරුවෙන් පොත දුන්න කාව්‍යට ...මාව අමතක කරලා මාව දාල ගිය මගේ යාලුවට මේක දෙන්න කියල විතරයි තරූ අන්තිමට කිව්වෙ....

    තරූ....අනේ ගයියා...තරූ ..කෝ එයා..කෝ මගේ තරූ..

    ගිය දේවල් වලින් වැඩක් නැ විසල්..තරූ කොහේ හරී හොදින් ඇතී..

    අනේ තරූ...

    දැන් ඇති විසල් අපි කාව්‍යලා දිහා යමු ..

    අනේ ගයාන්...

    යමු විසල්..

    .......................................................................

    12-02
    ආදරනීය විසල්,
    ඉස්සර ඉදන්ම ඔයා මට හොදම යාලුවෙක් උනා...අපි එකටමයි හිටියෙ...ඔයා අපිව දාලා ගියපු දවසෙ ඉදන් මන් මොනතරම් ඇඩුවද..ආයෙත් එන්නෙ නෑ කියලා මං දන්නවා..ඔයා ගියපු දවසෙ ඉදන් මං කවි ලියන එක නැවැත්තුවා..ඒත් මෙච්චර කාලයක් ලිව්ව කවි වල ඔයා තාමත් මගෙ වෙලා ඉන්නවා ...අද මම අන්තිම කවිය ලියන්නම් විසල්...ආයෙත් ආත්මයක එකම ලග වාඩිවෙලා අකුරු ඉගෙන ගන්න මන් බලන් ඉන්න්වා..බුදුසරණයි..
    ආදර තරූ...

    ලෝකෙටම හොරැහින්
    ඔබේ රුව දෙස බලා
    හිනැහුනා සැනසුනා
    ඔබ දන්නෙ නැති උනත්..

    ඔබේ රුව දකින තුරු
    ඔබේ හඩ අසන තුරු
    මගේ සිත ලතවුනා
    ඔබ දන්නෙ නැති උනත්..

    සොදුරු පාසැල් පෙතේ
    ඔබේ නෙත් කැල්මකින්
    රසවුනා හද මගේ
    ඔබ දන්නෙ නැති උනත්..

    ..මහීෂා මේධාවි සමරවීර..

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    23 Jun 2017 12:20 AM

    #කොළඹ_අහස.....

    මේ මගේ තෙවෙනි කෙටිකතාවයි. ( ෆේස්බුක් එකේ යාලුවෙක්ට උන සත්‍ය සිදුවීමක් මඟින් නිර්මාණය කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. කොළඹ යනු වියරුවක් නොවෙයි එය මාගේ මතයයි. )

    " චූටි පුතා ඇහැරෙන්න දැන් බලන්න කොච්චර දවල් වෙලාද අද වැඩට යන්නේ නැද්ද අහ්. "

    " අනේ අම්මේ ඉන්නකෝ අප්පා මට බෑ තව ටිකක් ඉන්නම්කෝ "

    " ඉක්මනට නැඟිටලා එනවා කිරි එක බොන්න "

    ..................................................................

    මගේ නම විරාජ් , මං ක්‍රෙඩිට් බෑන්ක් එකක වැඩ කරනවා. අපේ ගෙදර අම්මයි තාත්තයි අච්චියි හිටියේ. අයියා කොළඹ පරිඝණක ඉංජිනේරුවෙක් විදිහට වැඩ කලා. අක්කා නම් හිටියේ බැදලා වෙනමම. තාත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තමයි වැඩ කලේ.

    ගෙදර බාලයා උන මං කාගෙත් හුරතලයා උනේ මං ගොඩක් දඟ වැඩම කරපු නිසා වෙන්න ඇති. අම්මා එක්ක හුරතල් වෙන්න මං ගොඩක් ආස උනා. ගෙදර අයගේ ආදරේ මැද මගේ ජීවිතේ ගොඩක් ලස්සනට ගෙවිලා ගියා.

    ...................................................................

    ඔහොම ඉන්න අතරේ තමයි මට බෑන්ක් එකෙන් කිව්වේ රෙදි සාප්පුවක ලෝන් එකක් ඉල්ලලා තියෙනවා ටිකක් ගිහින් බලන්න කියලා.

    මාත් ඉතිං ඉහලින් දුන්න නියෝගය අනුව ගියා ඒ කඩේට.

    " රන්සළු textile " ඒකේ ගහලා තිබුණ නම ඒක. මං ඉතිං හෙල්මට් එකත් ගලවලා ජැකට් එක පිටින්ම ගියා ශොප් එක ඇතුලට.

    ඒ යද්දි හිටියේ මුදලාලි නෙවෙයි එයාගේ වයිෆ්. ඉතිං ගියපු වැඩේ ගැන කතා කරගෙන මං එන්න හදද්දිම වගේ දැක්කා අහිංසක ඇස් දෙකක් තියෙන හුරුබුහුටි කෙල්ලෙක්. ඔව් ඒ මං හෙව්ව කෙනා වගේමයි. මොකක්දෝ අමුතු හැඟීමකින් මගේ හිතම දවද්දි මං ඒ මූණ දිහා ටිකක් වෙලා බලාන හිටියා.

    මං එයා දිහා බලන් ඉන්නවා කියලා දැනුන එයා එතනින් එහාට ගියේ ලැජ්ජාවටද එහෙම නැත්නම් එකපාරටම මාව දැකලා එයාගේ හිතටත් මට වගේම ආත්මීය බැඳීමක සේයාවක් දැනුන නිසාද කියලා මට තේරුම් ගන්න බැරි උනා.

    එයාගේ නම නිරෝශනී. එයා වැඩ කරේ ඒ රෙදි ශොප් එකේමයි.

    ...............................................................

    එදා ගෙදර ඇවිත් වොශ් එකකුත් දාගෙන අම්මා දුන්න කිරි එකත් බිබී මං කල්පනා කරේ ඒ මූණ ගැන. මටත් නොදැනීම කොහේදෝ ලෝකෙක ගිහින් තනිවෙන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. මට නිතර නිතර ඒ ඇස් මැවෙන්න ගත්තා. අවසානේ මං හිතුවා ඔව් මං ආයෙමත් ඒ ඇස් දකින්න යනවා කියලා. එහෙම හිතාගෙන එදා මං නින්දට ගියා.

    නිදාගන්න ගියත් එයාව මතක් වෙලා මට ඉබේම ඇහැරුණා කිහිපවතාවක් ම. ඒ ඇයි කියලා මට තේරුම් ගන්න බැරි තරමට මගේ හිතට මොකක්දෝ අමුතු හැඟීමක් දැනිලා තිබුණා.

    මේ ආදරේද ඒත් ෆිල්ම් වල වගේ දැකපු පළවෙනි වතාවෙම එහෙම ආදරේ ඇති වෙන්න පුළුවන් ද. එහෙම බෑ නේද ??? එහෙම කියලා මගේ හිත මං එක්කම තර්ක කරන්න ගත්තා.

    .............................................................

    නිතර නිතර හිත ඒ ඇස් ගැන හිතන්න ගද්දි මට ආයෙමත් එයාව බලන්න යන්න හිතුණා. දවසක් වැඩකට එළියට යන්න උන නිසා මං ඒ සාප්පුවට ගියේ ගන්න මොකුත් නැතත් ඒ මූණ බලන්න. එයා දිහා මං බලන් ඉන්නවා කියලා එයා දැක්කත් මුලින් දවසේ වගේ එයා මගේ ඇස් මඟෑරියේ නෑ.

    එහෙම දවස් කිහිපයක්ම මං ඒ සාප්පුවට ගියේ එයාව බලන්නමයි. මටත් නොදැනීම මගේ හදවතේ එයා ගැන ලොකු ආදරයක් ඇති වෙලා තිබුණා. මට එයාව නිතරම බලන්න ඕනේ උනා. දවසකට එක වතාවක් හරි ඉදිකටුවක් ගන්න කියලා හරි මං ඒ සාප්පුවට ගියා. ඒ යන හැම වතාවකම ඒ ඇස් මගේ ඇස් එකට යාවුනා. මං එයාට මගේ ඇස් වලින් වගේම එයා මට එයාගේ ඇස් වලින් කතා කරන්න ගත්තා.

    ඔහොම ටික දවසක් ඉන්නකොට මං වැඩ ඇරිලා යනකොට එයා බස් එකට නඟිනවා මං දැක්කා. මට එදා හිතුණා එයාගේ පස්සෙන්ම ගිහින් ගෙදර තියෙන තැන බලාගන්න. පස්සේ මං එයා ඒ ගියපු බස් එකේම පිටිපස්සෙන් ගිහින් එයා බහින තැනට වෙනකල්ම ආවා. එයා බස් එකෙන් බැහැලා පිටිපස්ස බලලා මං එක්ක හිනාවෙද්දියි මං දන්නේ මං පිටිපස්සෙන් එනවා කියලා එයා දැකලා කියලා. එයා ගෙදරට ගියාම මං එයාට පේන්නම මගේ විසිටින් කාර්ඩ් එක දාලා ගෙදර ආවා.

    ඒ ඇවිත් මං 4න් එක දිහා බලාගෙන හිටියත් එයා කෝල් කරේ නම් නෑ.

    එදාට පස්සේ මං දවස් දෙක තුනක් ආයෙමත් ඒ සාප්පුවට ගියා. ඒ එයාගේ හිතේ මං ගැන අදහසක් නෑ කියලා හිතාගෙන උනත් මගේ හිතේ ඇති උන ආදරේ මට අමතක කරන්න බැරි උන නිසා.

    ඊට පස්සේ මට දවස් දෙක තුනක් සාප්පුව පැත්තේ යන්න බැරි උනේ ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුණ නිසා.

    එක දවසක් මගේ දුරකතනයට ඇමතුමක් ආවා. ඒ නාදුනන අංකයකින්.

    " හෙලෝ ඇයි ඔයා ආවේ නැත්තේ මේ ටිකේම "

    එහෙම කියලා තමයි ඒ ඇමතුමේ එහා කෙළවරේ හිටිය කෙනා ඇහුවේ.

    ඒ එයා කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

    " අනේ නංගි මේ ඔයාද? මං හිතුවේ නෑ ඔයා මට ගනියි කියලා "

    " හ්ම් ඔයා නාව නිසා මං ගත්තේ කරදරයක්ද දන්නේ නැති නිසා "

    " නෑ නංගි ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණා ඒකයි "

    එදා ඒ දුරකතන සංවාදය ටිකක් වෙලා තිබුණා. එදායින් පස්සේ හවසට හවසට අපි ගොඩක් කතා කරන්න පුරුදු උනා.

    එක දවසක් මං මගේ හිතේ එයා ගැන තියෙන අවංක ආදරේ කිව්වා එයාට. ඒ වෙනකොටත් එයා මට ආදරේ කරන්න අරන් තිබුණා.

    " මාත් අයියට ආදරෙයි අයියේ. ඔයා සාප්පුවට නාව දවස් දෙක තුනෙයි මට තේරුම් ගියේ මාත් ඔයාට ආදරෙයි කියලා "

    එහෙම දින සති ගෙවිලා ගියා. අපි ගොඩක් ආදරෙන් හිටියා. සතියකට දෙකකට පස්සේ එයාගේ අම්මා එක්ක එයා අපි ගැන කියලා තිබුණා. පස්සේ ඒ අම්මා මට එහේ එන්න කිව්වාම කතා කරගන්න මමත් එහේ ගියා.

    අපි දෙන්නගේ සම්බන්ධයට එයාගේ අම්මා කැමති උනා. මං නිතර නිතර එහේ ගියා. ඒ යනකොට කොත්තු මී එකක් මං හැමදාම අරන් ගිහින් එයාට කියලා හදාගෙන කෑවා. ඒ මං ආසම කෑම ඒක නිසා.

    නිරෝශනීගේ අම්මා විතරයි හිටියේ. තාත්තා එයා පොඩි කාලෙදිම වෙනත් කෙනෙක් එක්ක ගිහින් තිබුණා.

    ඔහොම මාසයක් දෙකක් යනකොට මම අපේ ගෙදර අයටත් කිව්වා අපි ගැන. මගේ කැමැත්තට ඉඩදීලා මගේ සතුට එයාලගේ සතුට කරගත්තු දෙමව්පියොයි මට හිටියේ. ඉතිං එයාලා මට එයාලගේ කැමැත්ත දුන්නා.

    අපි ආදරේ කරා ගොඩක් ළං උනා. නිවාඩුවක් ලැබුණ ගමන් මං අපේ ගෙදර නෙවෙයි හිටියේ එයාගේ ගෙදර.

    .........................................................

    " චූටි පුතා ඔහොම නවතින්න "

    " ඇයි අම්මේ මොකද අයියෝ වැඩ ඇරිලා ආවා විතරනේ ටිකක් ඉන්නකෝ දැන්ම අල්ලගන්නවා කියවන්න නෙහ්. මගේ අම්මටත් ඉතිං මං නැතුව බෑනේ. "

    " එහෙම නෙවෙයි පුතා මේ දේ කතා කරන්න කල් නොයවන තරමට හොදයි "

    " ඇයි අම්මේ මොකක්ද කියන්න යන්නේ ඔයා "

    " චූටි පුතා අර ගෑණු ළමයා ගැන මං හොයලා බැලුවා "

    " ඉතිං ඇයි අම්මේ ඒ නංගි නරක කෙනෙක් නෙවෙයි එයා ගොඩක් හොදයි "

    " ඔව් චූටි පුතා එයා නරක නෑ ඒත් එයාගේ අම්මා නරක රස්සාවක් කරනවා. ඔයාලට අපි කැමැත්ත දුන්න නිසා අපිට බලකරන්න බෑ ඕක නවත්වන්න කියලා ඒත් පුතා තව හිතලා තීරණයක් ගන්න "

    එදා අම්මා එහෙම කිව්වම මට ගොඩක් දුක හිතුණා හැමෝගෙම ආශිර්වාදය මැද නිරෝශනී එක්ක එක වහළක් යටට වෙන්න හීන මැව්ව මං එදා ඉදන් ගොඩක් බය උනා ගෙදරින් කැමැත්ත ගන්න බැරි වෙයිද කියලා.

    එදා අම්මා මට කිව්ව දේම නොකියා මං නිරෝශනී එක්ක කිව්වා කුල මල නිසා අපේ ගෙදරින් ඔයාට ටිකක් අකමැතියි ඒත් අපි තිබුණ කැමැත්ත ආයේ ගමු කියලා.

    ඔහොම කාලය ගෙවිලා ගියා මට මගේ කෙල්ල මුළු ලෝකයක්ම උනා. එයාගේ අම්මා කරන වැරදි නිසා මට එයාව එපා උනේ නෑ. මොකද එයා කොල්ලෙක් දිහා බලනවා වත් මං දැකලා තිබුණේ නෑ අහම්බෙන්වත්.

    ...............................................................

    ඔහොම ඉන්නකොට දවසක් මං නිරෝශනී බලන්න එයාගේ ගෙදර ගියා. ඉරිදා දවස එයාට වගේම මටත් නිවාඩු තිබුණ නිසා ගෙවල් වලත් වැඩි අකමැත්තක් නොතිබුණ නිසා අපි නිතරම මුණ ගැහුණේ එයාගේ ගෙදරදි.

    " මගේ පණ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "

    " කියන්න සුදු නංගි මොකක්ද හ්ම් "

    එහෙම කියලා මං එයාව මගේ ළඟට අරන් ආදරෙන් ඔලුව අතගෑවා.

    " පණ අපි දැන් මේ ඉන්න ගෙදරත් පොඩි නේ. ලොකුවට වෙඩින් එකක් ගන්න මං ගොඩක් ආසයි. මට ඒකට කලින් මේ ගෙදර හදාගන්න ඕනේ. "

    " ඉතිං සුදු නංගි ඔයා මොකක්ද කියන්න හදන්නේ "

    " මගේ පණ මෙහෙ ඉදන් ගෙවල් හදාගන්න තරම් සල්ලි ඉතුරු කරගන්න බෑ. මං දන්න අක්කා කෙනෙක් කොළඹ යනවා. මාත් යන්නම්ද එයා එක්කම ප්ලීස් "

    " අනේ සුදු නංගි ඔයා ගියාම මං කොහොමද ඉන්නේ අනික නංගි කොහොමද මං ඔයාව තනියෙන් එහේ යවන්නේ. කොළඹ ඒ තරම් හොද නෑ කියලා මං අහලා තියෙන්නේ. "

    " එහෙම නෑ මගේ පණ කොළඹ එහෙම නරක නෑ. අනේ මට යන්න දෙන්න. මං පුළුවන් හැමවෙලාවෙම ඔයාට කෝල් කරන්නම් මැසේජ් කරන්නම්. "

    " අනේ මංදා සුදු නංගි ඒකට මගේ නම් එච්චර ලොකු කැමැත්තක් නෑ. "

    ඔහොම ඉදලා සතියක් දෙකක්ම එක දිගට එයා කොළඹ යන්න මගෙන් ඇහුවා. පස්සේ ඉතිං මං බැරිම තැන එයාට යන්න අවසර දීලා පරිස්සමෙන් ගිහින් එන්න කිව්වා.

    ...................................................................

    එයා කොළඹ ගියා තවත් අක්කා කෙනෙක් එක්ක. මට එයා ඒ ගියපු මුල් දවස් දෙක තුන්‍රෙ කෝල් කරා මැසේජ් කරා. පස්සේ පස්සේ එයාගේ මැසේජ් එන එක අඩු උනා. කෝල් කලේම නැති තරම්. මං එයාගෙන් ඒ ගැන ඇහුවම එයා කිව්වේ වැඩ නිසා මහන්සී මගේ පණ කියලා. ඉතිං එයාව ගොඩක් මහන්සි කරන්න අකමැති නිසාම මං එයාට කෝල් කරලා මැසේජ් කරලා වද දෙන්න ගියේ නෑ.

    එන්න එන්නම එයා මාව ගොඩක් මගෑරියා. අවුරුද්දකටත් වැඩි කාලයක් මට ළං වෙලා මගේ උණුහුමේ ඉදලා එයා එහෙම ඈතින් ඉන්න එක මට ලොකු ප්‍රශ්නයක් උනා. මං දවසක් එයාගෙන් ඇහුවා ඔයාට වෙන කෙනෙක් දැන් ඉන්නවද කියලා. එයා එතකොට කිසිම ගාණක් නැතුව මට කිව්වේ ඔව් මට දැන් වෙන කෙනෙක් ඉන්නවා කියලා. එදා එයා එහෙම කියලා කට් කරා කරාමයි මට මං හිටිය තැනත් අමතක උනා.

    මං ගොඩක් කල්පනා කරා මගේ ආදරේ නැතුවම බැරි උන එයා කොහොමද ඒ තරම්ම වෙනස් උනේ කියලා. කොළඹ ගිහින් වෙනස් වෙන කෙල්ලෝ ගැන මං අහලා තිබුණත් මගේ සුදු නංගි එහෙම වෙයි කියලා මං හිතුවෙම නෑ. එදා මං එයාව කොළඹ එක්ක ගිය අක්කාගෙන් ඒ ගැන ඇහුවා. එයා මට කිව්වේ නිරෝශනී එහේ ගිහින් දවස් දෙක තුනකින් වෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියලා. එයා එහේ ගිහින් ඒ කොල්ලා එක්ක වෙනමම පදිංචියට බෝඩිමකට ගියා කියලත් මට කිව්වා. මට නිරෝශනී ම වෙන කෙනෙක් ඉන්නවා කියද්දි අර අක්කත් එහෙමම කියද්දි මගේ හිත ගොඩක් බිදිලා ගියා.

    ඒ මොන දේ උනත් මං එයාට ආදරේ කර කර හිතින් ගොඩක් ඇඩුවා. ගොඩක් මං මගේ ජීවිතේ විඳෙව්වා. මාව දාලා ගිහින් වෙන කෙනෙක් එක්ක කසාඳ නොබැඳම පවුල් කන එයා ගැන මං එතකොටත් ගොඩක් හිතුවා.

    එහෙම ඉදලා ඉදලා මාත් මගේ හිත හෙමීට හදාගත්තා. මාව දාලා ගිහින් තනියෙන් ඉන්න කෙනෙක් ගැන නම් මං දුක් උනාට කමක් නෑ ඒත් මං මේ දුක් වෙන්නේ වෙන කෙනෙක් එක්ක ඉන්න කෙනෙක් ගැනනේ කියලා මගේ හිත මට දොස් කිව්වා.

    දවසක් එයාගේ ඉමෝ ප්‍රොෆයිල් පික්චර් එකට ඒ කොල්ලා දාලා තිබුණා දෙන්නා එක්කම එකට එක ඇඳේ ඉන්න පින්තූරයක්. ඒත් මං ඒක දැකලා මගේ හිත හදාගන්න වෙනදාටත් වඩා උනන්දු උනා.

    ඔහොම ඉන්න අතරේ මං වේදනා විඳිනවා බලන්න බැරිව ගෙදරින් මට වෙන කෙල්ලෙක් කතා කරා. අපි දෙන්නා අපේ ජීවිත ගැන විවෘතව කතා කරා. එයත් ආදරෙන් පැරදුන කෙනෙක්. ඊට පස්සේ අපි ඉක්මනට විවාහ උනා. විවාහ වෙලා දෙන්නට දෙන්නා ගොඩක් තේරුම් ගත්තා. අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරා.

    දැන් මං පුංචි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. ආදරේ නිසා මට මගේ සතුට නැති උන කාලෙක මගේ වෙලා මට සතුට දුන්නේ පුංචි පුතෙක්ගේ තාත්තා කෙනෙක් කරේ මාව මගේ දයාබර බිරිඳ ලක්ෂාණි. දැන් මං ගොඩක් සතුටින් ඉන්නවා. ආදරේ නිසා ජීවිතේ විනාශ නොකරගෙන සැබෑ ආදරේ හොයාගෙන සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතේ අපි ලබන ලොකුම ජයග්‍රහණය.

    එදා මාව නිරෝශනී රැවැට්ටුව වෙලේ මට තිබුණා එයාගේ 4ටෝස් වීඩියෝස් පබ්ලික් කරලා එයාට ලැජ්ජා කරන්න. ඒත් මං එහෙම කරේ නෑ මොකද මාත් අම්මෙක්ගේ කුසින් මේ ලෝකේ එළිය දැක්කේ. අනික මං නිරෝශනීට ආදරේ කරේ ඇත්තටම අවංක පිරිසිදු හිතකින්. ඒ නිසා මට ඕනේ උනේ නෑ එයාගේ ජීවිතේ විනාශ වෙනවා බලන්න. මට ඕනේ උනේ හැමදාමත් එයාගේ යහපත. ඒක තමයි අවංකවම ආදරේ කරන ප්‍රේමවන්තයෙක්ගේ ගතිය.

    .........................................................................

    ආදරේ කරන්න ගොඩක් අවංකවම. ඒත් අනෙකා අපිට වංචා කර තවකෙකු සමඟ යනවා නම් ඔබ ඒ ගැන සිතා දුක් නොවන්න. තව කෙනෙක් ළඟට ගියා නම් ඔහු හෝ ඇය නැවත ළඟට නොගන්න මොකද ඒ වරද ඔවුන් නැවත කරන්නට පුළුවන්. එහෙත් යම් යම් ප්‍රශ්න නිසා වෙන් වෙලා කෙනෙක් තව කෙනෙකු සමඟ නොයන්නේ නම් ඔහු හෝ ඇය ඔබට සැබෑ ලෙස ආදරේ කරනවා වන්නට පුළුවන්. ඒ නිසා සැබෑ තතු විමසා නැවත සිදු වූ වැරදි හදාගෙන ඔබ ඔබේ ආදර ලෝකය හදාගන්න.

    ආදරේ අහිමි වූ පසු ජීවිතේ වරද්දගන්නෙපා. කුමන හෝ අයුරකින් ඔබට ඔබේ ජීවිතේ ජයගන්න සැබෑ මාර්ගය පෙනේවි. ඉවසන්න රැල්ලට ආදරේ කරන්න යන්නෙපා.

    ......................................................................

    හොද නරක කමෙන්ට් කරගෙන යන්න. ඉදිරියට ලියන්න එක මට දිරියක් වේවි.

    මම චතූ හෙට්ටිආරච්චි ( chathu hettiarachchi )

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Jun 2017 12:27 AM
    "කොළඹ යනු වියරුවක් නොවෙයි " ................මේක නම් පට්ට කතාව
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Jul 2017 12:01 AM

    "දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය,
    පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි.
    මේ නම් හරිම නරක ආරංචියක් කියල හිතපු මල්කාන්ති ගැහෙන අතින් ලියුම් කවරය විවෘත කරලා ලියුම දිගහැරලා කියවන්න පටන් ගත්තා. දැනටමත් දාඩිය බිදුවක් ඇගේ නළල දිගේ ගලාගෙන එනවා, "

    ආදරණීය අම්මා වෙත,

    මම මේ ලියුම ලියන්නේ වාව ගන්න බැරි දුකෙන්. මට අම්මලාට කියන්න නරක ආරංචියක් තියෙනවා,
    මේක අහල කලබල වෙන්න එපා අම්මෙ. මම අද රෑ ජනක එක්ක යනවා, එහෙම කරන්නේ අම්මා තාත්තා එක්ක මේක කෙලින් කියන්න බැරි නිසයි, විකාර ඇදුම් ඇන්දාට කොන්ඩේ වවලා කනේ කරාබු දාල ඇගේ පච්ච කොටලා, ට්‍රේල් බයික් එකෙන් එන නිසා අම්මල එයාට රස්තියාදුකාරය කීවට ජනක නරක කෙනෙක් නෙවෙයි අම්මෙ. එයා අම්මලා හිතනවට වඩා ගොඩාක් හොදයි, අනික අම්මලා කියන නිසාවෙන් මට එයාට අකමැති වෙන්න බෑ, මට එයාගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවා. අම්ම්ලා කලබල වෙන්න එපා. ජනක කීවා මාවයි බබාවයි බලාගෙන අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා.

    මමත් දැනගෙන හිටියේ නෑ එයාට තනමල්විල පැත්තේ හේනකුත් තියෙනවා , එකේ ලස්සන පැල්පැතකුත් තියෙනවාලු. ජනක කීවා අපිට එකේ ජීවත් වෙන්න පුලුවන් කියලා. හෙට අපි එහෙ යනවා. එයාලගෙ ලස්සන හේනෙ කට්ටිය 10-15 ක් විතර වැඩලු. ජනක කීවා ගංජා කියන්න්නෙ මිනිස්සු කියන විදිහේ නරක දෙයක් නෙවෙයි කියලා. ඒක ඖෂධයක්ලු. එයා කරන්නේ ඒවා හදලා විකුණන එක. ටිකක් අපිට හෙරොයින් ගන්නත් මාරු කරන්න පුලුවන්ලු. ජනක කැමැති මාව බැදලා ළමයි ගොඩක් හදන්න. මටත් දැන් ඕන ඒක තමයි.

    එයාට පොඩි අසනීපයකුත් තියෙනවා තමයි. එත් ඒක අපට සතුටින් ඉන්න බාධාවක් වෙයි කියල මම හිතන්නෑ. අපට ලොකු විස්වාසයක් තියෙනවා විද්‍යාව ඉක්මනින් දියුණු වෙලා ඒඩ්ස් සනීප කරන්න බෙහෙතක් හොයාගනී කියලා. එතකොට එයා ඉක්මනින් සනීප වෙයි. අම්මා කණගාටු වෙන්න එපා. තාත්තාටත් කියන්න මට දැන් වයස 18 වෙනවා කියලා. මට දැන් මන් ගැන බලාගන්න පුලුවන්. කවදාහරි අපි අම්මලාව බලන්න එනවා. එතකොට ඔයාට මුණුබුරෙකුගෙ මූණ බලන්න පුලුවන්.

    බුදු සරණයි..!
    මීට ආදර දුව ආශා.

    ලියුම කියවා අවසන් වන විට මල්කාන්ති කලාන්තය හැදී බිම වැටෙන්නට ඔන්න මෙන්න සිටියා ය. එහෙත් ලිපිය තවමත් අවසන් වී නැති බව දුටු ඇය ලිපිය දිගේ ඇස් යැව්වේ අවසිහියෙන් මෙනි.

    පසුව ලියමි.~~~

    මම මේ ලියුමේ ලියල තියෙන කිසිදෙයක් ඇත්ත නෙවෙ. මම අල්ලපු ගෙදර ඉන්නවා. අපේ රිසාල්ට් අවුට් වෙලා. මට ඕන උනේ මගෙ මේසේ ලාච්චුවේ තියෙන රිසාල්ට් ෂීට් එකෙ තියෙන දේට වඩා ඕන තරම් මේ ලොකේ නරක දේවල් තියෙන බව ඔයාලට මතක් කරන්න .

    මම ඔයාලට ආදරෙයි ...

    මට ගෙදර එන්න පුලුවන් උනාම කෝල් කරන්න...

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Jul 2017 12:03 AM
    # අයදිමි_සමා
    "කෝ ගේනවා බලන්න රිපෝට් එක.."
    තම පියා වන අබේපාලගේ කටහඬින් පුංචි දර්ශන තිගැස්සී ගියේය.
    තම කාමරයේ සිට දර්ශන එලියට ආවේ පාසල් ප්රගති වාර්තා පොතද අතැතිවයි..ඔහු බිම බලාගෙනම තම පියා අතට ප්රගති වාර්තා පොත දුන්නේය.
    "ගණිතයට 44යි, විද්යාවට 41යි, ඉංග්රීසි වලට 36යි.. ලකුනු හැටට වැඩියෙන් තියෙන්නෙ සිංහල වලට විතරයි. ඒත් 61යි..අනිත් ඔක්කොටම පනහට අඩුයි... පන්තියෙ තිස් දෙවෙනියා.. තමුසෙ ගිය පාර කීවෙනියද?"
    අබේපාල දැඩිව ඇසුවේය.
    "ගිය පාර තිස් වෙනියා"
    දර්ශන කීවේ බිම බලාගෙනමයි..
    "ලමයි හතලිහකගෙන් තිස් දෙවෙනියා.. එන්න එන්නම පල්ලම් බහිනවා..එන්න එන්නම පල්ලම් බහිනවා.. අම්මයි මායි මෙච්චර දුක් විඳින්නෙ තමුසෙ දවසෙන් දවස ඉස්කෝලෙ වැඩ වලින් මේ විදියට දුර්වල වෙනවා බලන්නද?"
    අබේපාල තම දරුවාට දැඩි ලෙස දෝශාරෝපනය කරන්නට විය..
    "අනේ අබේ..දරුවාට ඔච්චර කෑගහන්නෙපා. තාම පොඩි එකානෙ."
    දර්ශනගේ මව සෑම විටකම සිටියේ දර්ශනගේ පැත්තේය..මෙවරත් එය එසේමය.
    "පොඩි?? හොඳ පොඩි..දැන් හය වසරෙ. යමක් කමක් තේරෙන වයසක් මේක.. ඔයා තමයි මාලනී මෙයාට නිදහස දීලා තියෙන්නෙ. ඒත් අද ඉඳන් ඒ සෙල්ලම් බෑ.."
    අබේපාල සිටියේ දැඩි කේන්තියකිනි..තම එකම දරුවා වූ දර්ශන පහ වසර ශිෂ්යත්ව විභාගයද සමත් වුවත් හය වසරට පැමිනි පසු ඉගෙනීමට මදක් දුර්වල විය..එයට හේතුව ලෙස අබේපාල දුටුවේ දර්ශන නිතරම වාගේ කොලු කුරුට්ටන් සමග සෙල්ලම් කිරීමට යෑමත්,රූපවාහිනිය නැරඹීම බවත් කියාය. කෙසේ වෙතත් තම බිරිඳ වූ මාලනී සෑම විටකම පුතාගේ පැත්ත ගැනීම අබේපාලට එතරම් රිස්සුවේ නැත..ඒ තම පුත්රයාගේ වැරදි මාලනී විසින් සාධාරනීකරණය කරන බැවිනි..මෙම අවස්තාවේත් අබේපාල තම බිරිඳට මදක් සැර කරමින් වචන පාවිච්චි කලේය.
    "අද ඉඳන් තමුසෙ ටීවි බලන එක නතර කරන්න ඕන.. ඒ වගේම තමයි හැමදාම හවසට ඔය කොල්ලො එක්ක සෙල්ලං කරන්න යන්නත් තහනම්.. ඒ වෙලාවට පොත් පාඩම් කරනවා..ආයෙ මං නොකිව්වයි කියන්නෙපා."
    අබේපාල තම පුතුට දැඩිව තරවටු කලේය..දර්ශන තම දෑසේ කඳුලු පුරවාගෙන තම කාමරයට ගියේය..
    "ලමයට පොඩ්ඩක් බැරි උනාම ඔහොමත් බනින්න ඕනද අබේ?ඔයා නම් පුදුම මනුස්සයෙක්."
    මාලනී තම සැමියාට විරෝධය පලකරමින් කීවාය.
    "බනින්න නෙමෙයි,වේවැල් පාරවල් හත අටක් දෙන්නයි වටින්නෙ..ඇයි දෙයියනේ අපට ඉන්න එකම දරුවා. ඌ විබාග පේල් උනාම කොහොමද කවදා හරි හොඳ රස්සාවක් කරන්නෙ..ඌත් මං වගේ හැතැම්ම ගනන් බයිසිකලයක් පැද පැද ලියුම් බෙදන්න ඕනද."
    අබේපාලගේ වාග් ප්රහාරයෙන් අසරන වූ මාලනී නිහඬ වූවාය.
    අබේපාල යනු මදක් සැර පරුශ පුද්ගලයකු විය..තැපැල් කන්තෝරුවේ ලියුම් බෙදන්නෙක් ලෙස රැකියාව කල ඔහුගේ දින චර්යාවේ අනිවාර්ය අංගයක් වූයේ දිනපොත් ලිවීමයි..ඔහු ඔහුගේ දිනපොත් තම බිරිඳ වූ මාලනීට වත් පෙන්වූයේ නැත..අඩුවෙන් කතා කරන ගුප්ත පුද්ගලයෙකු වූ අබේපාල කට අරින්නේ අත්යවශ්යම කාරණයකට හෝ තම පුතුට තරවටු කිරීමට හෝ පමනි.. කෙසේ නමුත් පියකු හා සැමියකු වශයෙන් තම යුතුකම් ඉටු කිරීමට අබේපාලට හැකි විය.
    * * * * * * * * * * * * *
    2001.08.08
    "දර්ශන..අද එන්නැද්ද මැච් ගහන්න?"
    දර්ශනගේ ගමේ මිතුරෝ දර්ශනගේ දර්ශනගේ නිවසටම ගොස් ක්රීඩා කිරීමට කතා කලහ..
    "අද බෑ..පාඩම් කරන්න ඕන හලෝ. අපෙ තාත්තා දැනගත්තොත් බනීවි."
    නිවසින් එලියට පැමිනි දර්ශන තම මිතුරන්ට කීවේය.
    "අනේ හලෝ. ඉතිං ඉස්කෝලෙ නිවාඩුත් දීලනෙ තියෙන්නෙ..ඔයාගෙ තාත්තා බනින එකක් නෑ."
    "බෑ කවිශ්ක..මං පස්සෙ දවසක එන්නංකො. ඕගොල්ලො යන්න."
    දර්ශන එසේ කියා තම මිතුරන්ව පිටත් කරත් ඔහුගේ සිත තිබුනේ පිට්ටනියේය.
    "අයියෝ මොකක්ද මන්දා..නිවාඩු කාලෙටවත් මට සෙල්ලං කරන්න දෙන්නෑ..මහ නපුරු තාත්තා කෙනෙක්."
    දර්ශනට තම පියා ගැන තරහක් දැනුනි..තම පියා තමාව සිර කරගෙන සිටිනවා වැනි හැඟීමක් ඔහුට දැනෙන්නට විය..මතක ඇති කාලෙක දර්ශනගේ පියා දර්ශනට ආදරෙන් කතා කර තිබුනේද නැත..පුංචි දර්ශන ඒ පිලිබඳවත් දැඩි කනස්සල්ලෙන් පසුවිය.
    "හරී ඒක අවුට්,ඒක අවුට්.."
    "නෑ ඒක අවුට් නෑ.මං කලින්ම බැට් එක ඉරේ තියලනෙ තිබ්බේ."
    කොලු කුරුට්ටන් ක්රීඩා පිට්ටනියේ කෑගසන හඬ දර්ශනට ඇසෙන්නට වූයෙන් ඔහුට ඉවසුම් නැති විය..පොත පසෙකට දැමූ ඔහු ක්රීඩා පිටිය දෙසට යන්නට වූයෙ තම මවටත් හොරෙන්ය.
    "තාත්තා ගෙදර එන්න කලින් මම ගෙදර එනවා.එතකොට හරි.."
    එසේ සිතූ දර්ශන ඉක්මනින්ම ගමේ ක්රීඩා පිටියට දිවගියේය.
    * * * * * * * * * * * * *
    පුංචි දර්ශන ක්රීඩා කිරීමට ගොස් නිවෙසට පැමිනෙන විට සවස 5.30 පමන විය..දර්ශන නිවසට එනවිටත් ඔහුගේ පියා වන අබේපාල ගේ දොරකඩටවී බලා සිටියේය.. තම පියා නිවසට පැමින ඇති බව දුටු දර්ශනගේ පපුව බියෙන් ගැහෙන්නට විය.
    "ආ.. ඔය පාඩම් කරලා එන ගමන්ද?දාඩියත් දාලා.. ඔහොම ඉන්නවා.. තමුසෙ කියනවා බලන්න නම වරක් චක්කරේ."
    තම පුතුට නිවස තුලට යාමට නොදුන් අබේපාල, දර්ශනගෙන් චක්කරය ඇසුවේය..පුංචි දර්ශන බියෙන් සැලෙන්නට විය..වෙවුලන කට හඬින් ඔහු චක්කරය කියන්නට පටන් ගත්තේය.
    WED 13:23
    "නම වරක් එක නමයයි. නම වරක් දෙක දහ අටයි, නම වරක් තුන විසි හතයි, නම වරක් හතර තිස් හතරයි, නම වරක්....... ආහ්හ්හ්.."
    තම අත මිට මොලවා ගත් අබේපාල, පුංචි දර්ශනගේ හිසට ටොක්කක් ඇන්නේය..වේදනාවට පත් දර්ශනට කෑගැසුනි.
    "නම වරක් හතර තිස් හතර උනේ කොහොමද?ආහ්!? තමුසෙ ඔතනම ඉඳන් පාඩම් කරනවා අද චක්කරේ පුලුවන් වෙනකම්ම.."
    ගෙයි ඉස්තෝප්පුවේ දර්ශනව දණ ගැස්වූ අබේපාල ඔහුට තදින් තරවටු කොට නිවස තුලට ගියේය.. දර්ශන තම පියා දෙස බලා සිටියේ පිලිකුල් හැඟීමකින් යුතුවයි.
    * * * * * * * * * * * * *
    පාසලේ තෙවන වාර විබාගය අවසන් විය...එදින පුංචි දර්ශන නිවසට දුවගෙන ආවේ බොහෝ සතුටෙනි. නිවසට පැමිනි විගස ඔහු තම මව සෙව්වේය.
    "අම්මේ..අම්මේඒඒහ්.."
    "ඇයී??මං කුස්සියේ."
    "මේ බලන්නකො අම්මෙ."
    කුස්සියට දිව ගිය දර්ශන තම ප්රගති වාර්තා පොත මවට පෙන්වූවේය.
    "ෂා...මේ පාර 14 වෙනියා. හොඳයිනෙ මගෙ පුතා..මං ඔයාට තෑග්ගක් අරන් දෙන්නම්කෝ."
    මාලනී තම පුතුව සෙනෙහසින් වැලඳ ගත්තාය. දර්ශනගේ මුහුන සතුටු සිනාවකින් සැරසී තිබුනි.
    "තාත්තත් ගොඩක් සතුටු වෙයි."
    තම මව එසේ කියූ විට දර්ශනගේ මුහුනේ තිබූ සිනහව මැකී යන්නට විය..
    "තාත්තා ඇහුවොත් විතරක් කියන්න."
    THURS 01:46
    දර්ශන එසේ කියමින්ම තම කාමරයට ගියේය..
    "හ්ම්ම්. කොල්ලා තාත්තා එක්ක තාමත් තරහෙන්.."
    දර්ශනගේ මව සිතුවාය.
    * * * * * * * * * * * * *
    පසු දින උදයේම දර්ශන තම මිතුරන් සමග සෙල්ලම් කිරීමට ගියේය..එයට අබේපාලගෙන් තහනමක් නොවූයේ දර්ශන මෙවර වාර විබාගයට හොඳින් ලකුනු ලබා තිබූ බැවිනි... දර්ශන සවස් වන විට ගෙදරට ගොඩ විය..
    "පුතේ...පොඩ්ඩක් ඔයාගෙ කාමරේට ගිහිං බලන්න. මම ඔයාට තෑග්ගක් ගෙනාවා."
    දර්ශනගේ මව දර්ශනට පැවසුවාය..
    දැඩි සතුටට පත් දර්ශන විගහට තම කාමරයට දිවගොස් බැලුවේය.
    "ෂා..බැට් එකක්.."
    ඔහුගේ දෑස සතුටෙන් දිලිසෙන්නට විය.
    "හ්ම්ම් හොඳයි නේද."
    "අනේ මේක ශෝක්නෙ අම්මෙ...ඒත් තාත්තා."
    දර්ශන දෙගිඩියාවෙන් ඇසුවේය.
    "තාත්තා බනින්නෑ. මමනෙ ගෙනාවෙ. ඔයා බය වෙන්නෙපා."
    දර්ශනගේ මව කීවාය.
    ඉන් සතුටට පත් ඔහු ක්රිකට් පිත්ත රැගෙන කාමරයෙන් එලියට පැමිනියේය..
    "බැට් බෝල අරන් සෙල්ලං කරා වගේ නෙමෙයි..දිගටම හොඳට පාඩම් කරන්නත් වෙයි. තේරුනානෙ?"
    දර්ශනගේ පියා දර්ශනට අවවාදාත්මකව කීවේය..පුංචි දර්ශන හිස සලා එයට කීකරු බව පෙන්වූවේය.
    කෙසේ වූවත් දර්ශන දිගින් දිගටම පාසල් වාර විබාග වලට හොඳින් මුහුන දී ඉහල ලකුනු ලැබීමට සමත් විය.
    * * * * * * * *
    2005.06.17
    ස්වයං රැකියාවක් ලෙස රෙදි මැසීමේ කාර්ය කරගෙන සිටි දර්ශනගේ මව තම පුතු වන දර්ශනට මවුන්ටන් බයිසිකලයක් අරන් දී තිබුනේ දර්ශනගේ පෙරැත්ත කිරීම නිසාය..ඔහු තම පියාගෙන් කිසිවක් ඉල්ලන්නට නොයන්නේ පියාට ඇති බිය නිසාය.
    ඒ වන විට 10 වසරේ ඉගෙනගනිමින් සිටි දර්ශන අමතර පන්තියකට සහභාගී වී තම පා පැදියෙන් නිවෙසට පැමිනියේ සවස් වරුවේය.. දර්ශන කඩිමුඩියේම තම කාමරයට යෑමට පියවර තැබුවේය..
    "ඔහොම පොඩ්ඩක් නවතිනවා.."
    සාලයට වී පත්තරයක් කියවමින් සිටි අබේපාල තම පුතුට අණ කලේය..
    දර්ශන තම මුහුනට පුදුමය මුසු හැඟීමක් ආරූඨ කරගනිමින් තම පියා දෙස බැලුවේය.
    අබේපාල තම පුතු අසලට පැමිනියේය.
    "තමුසෙ ලඟින් කොහොමද මේ සිගරට් ගඳක් එන්නෙ?ආහ්? ඇත්ත කියපං"
    අබේපාල දර්ශනට බැන වදින්නට විය..ඒ ශබ්දයට අබේපාලගේ බිරිඳ මාලනීත් සාලයට පැමිනියාය.
    "මොකද අබේ ඔය දරුවට කෑගහන්නෙ?
    මාලනී නොසතුටෙන් ඇසුවාය.
    "කෑගහන්නෙ?? කෑගන්නෙ මෙන්න මූ සිගරට් බීලා නිසා..පරයා. තොගෙ වයසෙ හැටියටද තෝ වැඩ කරන්නෙ?ආ යකෝ.."
    අබේපාල දැඩි ලෙස කෝපයට පත්ව බෙරිහන් දෙන්නට විය.. දර්ශන කිසිවක් නොකියා බිම බලාගෙනම සිටියේ වැරැද්ද පිලිගැනීමට මෙනි.
    "තෝ මොකද යකෝ කතා කරන්නැත්තෙ?ඇත්ත කියපං..මොකටද යකෝ ඔය ජරා දේවල් පුරුදු උනේ? කියපන් බල්ලෝ."
    පියෙකු විසින් දරුවෙකුට ඇමතීමට නුසුදුසු වචන පවා යොදාගනිමින් අබේපාල තම පුතුට බැන වදිමින් කම්මුල් හරහා පහර පිට පහර ගැසුවේ වියරුවෙනි.. පියාගෙන් පහර කෑ දර්ශන බිම ඇද වැටුනි.
    "අනේ ඔය ඇති මනුස්සයෝ..ඕක නවත්තනවා.. පොඩි එකාට ඔහොමත් ගහනවද."
    මාලනී විගසින් පැමින අබේපාලගෙන් දර්ශනව බේරා ගත්තාය.
    තම පියාගෙන් පහර කෑ දර්ශනගේ හිස පුටු ගැට්ටක වැදී තුවාල විය..ඔහුගේ නලලින් ලේ ගලන්නට විය.
    "අනේ දෙයියනේහ්..තමුසෙ මහ පව්කාරයෙක් ඕයි. බලනවා. කොල්ලගෙ ඔලුවෙන් ලේත් එනවාහ්.."
    කඳුලු පිරි දෑසින් මාලනී තම සැමියාට බැන වැදුනාය.. අබේපාල බියපත් හැඟීමකින් තම පුතු දෙස නිහඬව බලා සිටියේය.. මාලනී තම පුතුගේ නලලට බෙහෙත් දැමීමට රැගෙන යන අයුරු අබේපාල බලා සිටියේ වචනයක්වත් නොදොඩාය.
    දර්ශන එදා දැඩි තීරනයක් ගත්තේය..ඒ මින් පසු කිසිම දිනක තම පියාගේ මුහුනවත් නොබැලීමටයි..නැවතත් තම පියාගේ කිසිදු අවවාදයක් නොතැකීමට ඔහු සිතාගත්තේය..දර්ශන සිටියේ තම පියා ගැන කෝපයෙනි.
    * * * * *
    කෙසේ වුවත් දර්ශන තම පාසල් වැඩ කටයුතු හොඳින් ඉටු කලේය.සාමාන්ය පෙල විබාගයද හොඳින් සමත් වූ දර්ශන උසස් පෙල විබාගයද සාර්ථකව නිමා කලේ වානිජ අංශයෙනි..කෙටි කලකින් ඔහුට කලමනාකාර සහායක තනතුරකට පත්වීමක් ලැබුනි.ප්රමානවත් පරිදි අතේ මිටේ මුදල්ද තිබුනි. ඒ 2010 වර්ශයේදීය..
    අබේපාලත් දර්ශනත් යන පිය පුතු දෙපලගේ විරසකය මේ වන විටත් පැවතුනි..අබේපාල කියන කිසි දෙයක් දර්ශන කනකටවත් නොගත්තේය.. අඩුම තරමින් දර්ශන තම පියාගේ මුහුන දෙසවත් මේ ගෙවී ගිය වසර හතර පුරා බැලුවේ නැත. කෙතරම් හොඳින් ඉගෙන ගත්තද දර්ශනගේ ජීවන රටාවේ තිබූ නරක පුරුද්දක් වූයේ නරක මිතුරන් ඇසුරු කිරීමත්,අධික ලෙස මත්පැන් පානය කිරීමත්ය.
    දර්ශන තම පියාට පෙනෙන්නම මත්පැන් බී නිවසට පැමිනියේය..එවිට අබේපාල කෙතරම් සැරවැර කලත් දර්ශන ඔහුව ගනන් ගත්තේ නැත..තම පියා සමග එකට එක කීම හෝ කාමරයට වී දොර වසා ගැනීමට ඔහු පුරුදුවී සිටියේය. දර්ශනගේ මව තම පුතුව යහමගට ගැනීමට උත්සාහ කලද දර්ශන එම අවවාද නෑසුනාක් මෙන් සිටියේ පියාට රිදවීමටයි. කුඩා කල සිටම තමාට තහංචි දමා සැලකූ පියා සමග දර්ශනට තිබුනේ නොනිමෙන කේන්තියකි.
    2014.05.20
    "අම්මේහ්...මගෙ මුලු ඇඟම රිදෙනවාහ්. ඉවසන්නම බෑහ්..අම්මේහ්."
    දර්ශන ඉතාම වේදනාවෙන් තම කාමරයේ සිට කෑගසනවා ඇසුනු මාලනී දුවගෙන ආවාය.
    "අනේ ඇයි පුතේ මේ?"
    මාලනී කලබලයට පත්ව තම පුතුගෙන් ඇසුවාය.
    "ඇඟ රිදෙනවා අම්මෙ. ඉවසගන්න බෑ. මැරෙන්න වගේහ්."
    දර්ශන දෑස් පියාගෙන ඉතා අමාරුවෙන් වචන ගැලපුවේය.
    තව දුරටත් පමා නොවූ මාලනී අසල්වැසි නිවසක ත්රී රෝද රථයකට කතාකොට තම පුත්රයා සමග රෝහලට ගියාය.
    ලියුම් බෙදන රාජකාරිය අවසන් කොට නිවසට පැමිනෙමින් සිටි අබේපාලට මගදීම සිද්ධිය කන වැකුනි.
    "අබේපාල මල්ලි..අන්න පුතාව ඉස්පිරිතාලෙ අරන් ගියා දවාලෙ..මාලනී නංගිත් ඉස්පිරිතාලෙ ඇත්තෙ මයෙ හිතේ."
    අසල්වැසි නිවසේ පුද්ගලයාගේ කීම ඇසූ අබේපාල වේගයෙන් තම පාපැදිය රෝහල වෙතට පදවන්නට විය.. මද වේලාවකින් අබේපාල රෝහලට පැමිනියේය..රෝහලේ සෑම තැනම තම පුතු සහ බිරිඳව සෙවූ අබේපාල අවසානයේ ඔවුන් සොයාගත්තේය..රෝහලේ ඇඳ මත කෙඳිරි ගාමින් වැතිර සිටින තම පුතු අසල මාලනී වැලපෙමින් සිටියාය..තම පියා ඈතින් එන බව දුටු දර්ශන ඉක්මනින්ම අහක බලාගත්තේ තම වේදනාවද නොතකාය..
    "මොකද මේ අඬන්නෙ? මෙයාට මොකද වෙලා තියෙන්නෙ?"
    අබේපාල තම බිරිඳගෙන් ඇසුවාය..දර්ශන තවමත් තරහෙන් අහක බලාගෙන සිටියේය.
    "පුතාගෙ වකුගඩුවක් නරක් වෙලා..ඔපරේශන් කරන්න වෙයිලු."
    මාලනී කඳුලු සලමින් කීවාය.
    "ආ ඒකද.. මං හිතුවා මේ බේබද්දට ඔහොම වෙයි කියලා. ජරාව බීලා බීලා ඇඟ ලෙඩ කරගෙන දැන් අපිටමයි ඒ කරදරෙත්.. මූට මැරෙන්න දෙන්න තියෙන්නෙ."
    අබේපාල දර්ශන දෙස බලාගෙන කෝපයෙන් කියවන්නට වූයේ තමා සිටින්නේ රෝහලක යන බව වත් නොසලකමිනි.
    "චී..ලැජ්ජ නැද්ද මිනිහෝ. ඔහේ තාත්තෙක් නේද?දැන්වත් ඔය ජරා ගති අතහරිනවා."
    මාලනී තම සැමියා පිලිබඳව පිලිකුලෙන් යුතුව බැන වැදුනාය.
    මාලනීගේ තත්වය තේරුම්ගත් අබේපාල කිසිවක් නොකියාම නැවතත් නිවෙස බලා යන්නට ගියේය.
    "චිහ්.. මේ මිනිහා මගෙ තාත්තද..තාත්තා කියන්නත් ලැජ්ජයි."
    තම පියා කියූ සෑම දෙයක්ම ඇසුනු දර්ශන තනිවම සිතන්නට වූයේ දුකෙන් හා කේන්තියෙනි.
    * * * * * * *
    ටික දිනකට පසු දර්ශනගේ සැත්කම සාර්තකව සිදු කෙරුනි..නරක් වූ වකුගඩුව වෙනුවට වෙනත් වකුගඩුවක් බද්ධ කර තිබුනි. දර්ශන අපහසුවෙන් තම දෑස් විවර කලේය..ඔහු ඉදිරියෙන් රෝහල් ඇඳ අසල සිටියේ තම මව බව දර්ශන හඳුනාගත්තේය.
    "අම්..අම්මෙහ්.."
    දර්ශන සෙමෙන් මිමිනුවේය.
    "පුතාට දැන් හොඳයි නේද?"
    මාලනී තම පුතුගේ හිස අතගාමින් ඇසුවාය.
    "හොඳයි අම්මෙ., කෝ තාත්තා?"
    දර්ශන වටපිට බලමින් ඇසුවේ තම පියා පෙනෙන්නට නොසිටි නිසාය.
    "ආහ් මේ පුතේ..ම්ම්ම් තාත්තට අදත් වැඩ තැපැල් කන්තෝරුවෙ..හදිස්සි වැඩක් වැටිලනෙ..ඒකයි තාත්තා ආවෙ නැත්තෙ..නැත්තන් අද තාත්තා නෑවිත් ඉන්නෙ නෑ."
    එය ඇසුනු විට දර්ශනට තම පියා ගැන මහත් පිලිකුලක් දැනෙන්නට විය.
    "මෙහෙම වෙලාවකවත් ලඟ නැති තාත්තෙක් පොල් පිත්තකින් කපා ගන්න පුලුවන්..මට දුක මගෙ අම්මා ගැන. තාත්තා කියන මිනිහා ගැන මතක් කරන්නත් ලැජ්ජයි මට."
    දර්ශන තනිවම සිතුවේ තම මව දෙස සානුකම්පිතව බලමිනි.
    රෝහලෙන් ටිකට් කපාගත් දර්ශන සති කිහිපයක් විවේකයෙන් ගත කිරීම සඳහා මිතුරෙකුගේ නිවසට ගියේ මවගේ ඉල්ලීමටයි..ඒ තම නිවසේ දර්ශනට සැහැල්ලුවෙන් සිටීමට තරම් පරිසරයක් නැතැයි මව සිතූ නිසාය.
    සති කිහිපයකට පසු දර්ශන තම නිවසට පැමිනියේ නැවත කිසි දාක මත්මැන් දුම්වැටි භාවිතා නොකරන බවට සිතාගනිමිනි..
    "අම්මා ඔය කොහෙද යන්න හදන්නෙ?"
    දර්ශන තම මවගෙන් ඇසුවේ මව ගමනක් යාමට සැරසී සිටින බව දුටු නිසාය.
    "අනේ පුතේ තාත්තා දැන් දවස් ගානක් තිස්සෙ අසනීපෙන් ඉන්නෙ. ඉස්පිරිතාලෙ නතර කරලා...මං මේ තාත්තව බලන්න යනවා..පුතත් එනවා නම්..."
    "අනේ අම්මෙ මේ... අම්මට ඕන නම් යන්න. මට වැඩ තියෙනවා."
    කේන්තියෙන් තම මවට පැවසූ දර්ශන නිවස තුලට ගියේ තමාගේ පියා මැරුනු බවට සලකා ජීවත් වීමට තීරනය කොට තිබූ බැවිනි. තම පුතු කේන්තියෙන් නිවස තුලට යනු දුටු මාලනී, ශෝකයෙන් සුසුමක් හෙලුවාය.
    * * * * * * *
    මේ අතර දර්ශන නිවසට වී කම්මැලිකමින් සිටියේය.. ඉන්පසු ඔහු නිවස තුල ඒ මේ අත ඇවිදිමින් සිටියේය..එවිට ඔහු දුටුවේ තම පියාගේ කාමරයයි..කුඩා කල කිහිප වරක් මෙම කාමරයට පා තැබුවද තම පියාගේ සැරවැර කිරීම් නිසා දර්ශන මෙම කාමරයට යාම නතර කර තිබුනි.
    "මොනවද දන්නෑ මේ මිනිහා මේ කාමරේට වෙලා කරේ..කාටවත් යන්න දුන්නෙත් නෑනෙ."
    එසේ සිතූ දර්ශනට තම පියාගෙ කාමරය පරීක්ශා කිරීමට සිතක් පහල විය.
    කාමරය මාස ගානක් පිරිසිදු කර තිබූ බවක් පෙනෙන්නට නොතිබුනි.කාමරයේ දොර විවර කර ඇතුල් වන විටම දර්ශනට දැනුනේ දූවිලි සුවඳයි.. කාමරය සිසාරා නෙත් යොමු කල දර්ශනගේ නෙත ගැටුනේ අඩි 4ක් පමන උසැති කුඩා ප්රමානයේ අල්මාරියකි.. අල්මාරිය විවෘත කිරීමට යතුර පෙනෙන්නට තිබුනේ නැත..අල්මාරිය උඩ තිබූ ඉටි රෙද්ද ඉවත් කොට බලන විට යතුර තිබෙනු දැකගත හැකි විය.. ඉන්පසු දර්ශන එම අල්මාරියේ දොර විවර කලේය.
    "හ්ම්ම් දිනපොත්! මේ මනුස්සයා දිනපොතුත් ලිව්වද."
    දර්ශන තම පියා ගැන සමච්චලයෙන් සිතුවේය..අල්මාරියේ තට්ටුවක් පිරෙන්නම තිබුනේ අබේපාල ලියූ දිනපොත්ය.
    දිනපොත් ගොඩේ උඩින්ම තිබුනේ 2014 වසරේ,එනම් එදිනට අදාල වර්ශයේ දිනපොතයි..සෑම දිනපොතකම වර්ශය පිරික්සා බැලූ දර්ශනට යටම තිබූ දිනපොත හමුවිය.. ඒ 1990 වසරේ දිනපොතයි..විශේශත්වය වූයේ 1990 යනු දර්ශන ඉපදුනු වර්ශයයි.. තම පියා මෙම දිනපොත් වල ලියා ඇත්තේ මොනවාද යන්න පිලිබඳව දැන ගැනීමට දර්ශනට සිත් විය.. ඔහු 1990 සිට 2014 වසර තෙක් දින පොත් එකින් එක පෙරලා බලන්නට පටන් ගත්තේය..
    දර්ශනගේ නලල රැලි ගැන්වෙන්නට වූයේ එවිටයි..
    තම පියා ලියා ඇති දිනපොත් වල බාගෙට බාගයකටත් වඩා වැඩියෙන් ලියා ඇත්තේ තමා පිලිබඳව බව දර්ශන දුටුවේය.
    "දෙයියනේහ්..මගෙ තාත්තේහ්"
    දර්ශනගේ දෑස් අදහාගත නොහැකි විය.. ඔහු කඩිමුඩියේම දිනපොත් කියවන්නට විය
    "1990.03.25
    මට දරාගන්න බැරි සතුටක් දැනෙනවා දෙයියනේ..අද මම තාත්තා කෙනෙක් උනා..මගේ පුංචි පුතා මාව තාත්තා කෙනෙක් කලා..මගේ ජීවිතේටම සතුට දරාගන්න බැරුව මගෙ ඇස් දෙකෙන් කඳුලක් වැටුනා නම් වැටුනෙ ඒ අද..මගේ පුතේ.ඔයා නිසා ඔයාගෙ තාත්තගෙ ඇස් වල සතුටු කඳුලු.."
    "90.05.16
    අද මම මාලනීට හොඳටම බැන්නා. එයා මගේ පුතා අඬද්දිත් එහා ගෙදර කාන්ති එක්ක ඕප දූප කියව කියව හිටියා..මගෙ පැටියා බඩගින්නට හොඳටම ඇඬුවා..හැබැයි මං මාලනීට බැන්න එක හොඳයි. ආයෙත් එයා ඒ වරද කරන එකක් නැතිවෙයි."
    "93.10.10
    මගේ රත්තරන් පුතාට ඩෙංගු හැදිලා..අනේ දෙවියනේ මගෙ අහිංසකයට කිසිම කරදරයක් වෙන්න එපා..අද බෝධි පූජාවක් තිබ්බා මමයි මාලනීයි..හෙට කතරගමත් ගිහිං මම බාරයක් වෙනවා. පුතාට හොඳ උනොත් මම ජීවිත කාලෙටම කොන්ඩෙ බූ ගාගන්නවා,"
    තමාට මතක ඇති කාලෙක සිටම තට්ටය ගා සිටි බව දර්ශනට සිහි කරන්නට වූයේ තම දෑසේ කඳුලු පිස දමන ගමන්ය. ඔහු ඉකිබිඳිමින් නැවතත් තම පියාගේ දිනපොත් කියවන්නට පටන් ගත්තේය.
    "93.10.13
    මෙච්චර කල් ජොබ් එක කරපු කොම්පැනියෙ කා.කා.ස තනතුරෙන් මාව අයින් කරලා කියලා ලියුමක් ආවා..මාසෙකටත් වඩා වැඩට ගියෙත් නෑනෙ..පුතා ලෙඩින් හිටපු නිසා වෙන කිසිම දෙයක් ගැන ඔලුවෙ තිබ්බෙ නෑ,පුතා ලඟටම වෙලා හිටියා මිසක්. කමක් නෑ. ධර්මසේන අයියට කියලා තැපැල් කන්තෝරුවෙ රස්සාවක්වත් හොයාගන්න බලනවා."
    "96.02.07
    අද මගේ චූටි කොල්ලා මුලින්ම ඉස්කෝලෙ ගිය දවස..එයා කොහොමත් මට වඩා මාලනී එක්ක කිට්ටු නිසා මාලනිත් එක්ක තමා ඉස්කෝලෙ ගියේ..මාලනී එන්න හදද්දි පුතා හයියෙන් ඇඬුවලු. පව් මගෙ කොලු පැටියා."
    "97.06.22
    අද මට හරිම දුකයි..මම මගෙ පුතාට ටිකක් සැර කලා..එයා පූසෙක්ට ගලකින් ගැහුව නිසා.. මේ සැර කලේ එයාව ගුන යහපත් මනුස්සයෙක් කරන්න ඕන නිසා කියලා එයා තේරුම් ගනීවි."
    "2000.10.20
    මගේ පුංචි පුතා ශිෂ්යත්වෙ පාස් වෙලා..මට ගොඩක් සන්තෝසයි. මාලනීට නම් ඇඬුනත් එක්ක..මම ටිකක් සැරෙන් ඉඳලා පාඩම් කරවපු නිසා තමයි ඉතිං කොල්ලා ගොඩ ගියේ."
    "2001.08.05
    පුතා පන්තියෙ 32 වෙනියා වෙලා..ගිය පාර 30..මට ගොඩක් බය හිතුනා පුතත් මම වගේම ඉගෙනීම කඩාකප්පල් කරගනීද කියලා. ඒ නිසා ටිකක් තදින් සැර කලා.. ඒ ආදරේ නැති නිසා නෙමෙයි..පුතා මම වගේ වෙන්න ඕන නැති හින්දා."
    "2001.12.06
    දර්ශන පුතා මේ පාර නම් වාර විබාගෙට හොඳට ලකුනු අරන් තිබුනා..පව් මගෙ කොල්ලා. මම එයාට බැට් එකක් අරන් දුන්නා.හැබැයි ඒක මාලනී අරන් දුන්නා කියලයි කිව්වෙ..නැත්තන් පුතාට මං ගැන තියෙන බය අඩුවෙන්න පුලුවන්නෙ."
    "2005.03.30
    පුතාට බයිසිකලයක් ඕන කියලා මාලනීගෙන් ඉල්ලලා..පව්.පුතාගෙ යාලුවො ලඟත් බයිසිකල් තියෙන නිසා කොල්ලට ආස හිතෙන්නැති බයිසිකලේකට..මම මාලනීට කිව්වා බයිසිකලේ අරන් දුන්නෙ මම කියලා පුතාට කියන්නෙපා කියලා.මාලනී ඒක පුතාට කියන එකක් නෑ."
    "2005.06.17
    අද වගේ මූසල දවසක් තවත් නෑ..දෙවියනේ මං මොන තරම් පව්කාරයෙක්ද..පුතා සිගරට් බීලා කියලා දැනගත්තම මට ගොඩක් කේන්ති ගියා..එයා මේ නරක පුරුද්දට ඇබ්බැහි වෙයි කියලා බය හිතුනා..ඒකයි පුතාට ගැහුවෙ..අනේ ඒ අහිංසකයගෙ ලේ දකින්න තරම් මම පව්කාර උනා දෙයියනේ..මගෙ පපුව පැලෙන්න තරම් දුකයි,කේන්තියි මම ගැනම..අද මම රෑට කෑවෙ නෑ.පුතා දුකෙන් ඉද්දි මම කොහොමද කෑම කන්නෙ."
    "2006.09.13
    පුතා තවම මාත් එක්ක කතා කරන්නෑ.මූනවත් බලන්නෙ නෑ.මට ගොඩක් දුකයි...කමක් නෑ. මගේ වැරැද්ද වෙන්න ඇති."
    "2012.02.23
    පුතා මට පේන්නම බීලා ගෙදර එනවා..දරාගන්න බැරි තරම් හිතට දුකයි. මාලනී කියන දෙයක්වත් පුතා අහන්නෙ නෑ.මම දන්නවා. මං මගෙ පුතාට නපුරු උනා වැඩියි..ඒත් මම පොඩි කාලෙ මගෙ තාත්තා මට දීලා තිබ්බ නිදහස නිසා මම ඉගෙනීම කඩාකප්පල් කරගත්තා..සුරාවට සූදුවට ඇබ්බැහි උනා.. ඒ ටිකම මගෙ පුතාටත් වෙයි කියන බය නිසයි මම මගෙ අහිංසකයට බුරුලක් පෙන්නුවෙ නැත්තෙ..අනේ දෙවියනේ මම මේ මොකක්ද කරගත්තෙ..මේ වගේ දුකක් කිසිම තාත්තෙකුට දැනෙන්නෙපා."
    "2014.05.20
    පුතාට චූටි කාලෙ ඩෙංගු හැදුනම මට දැනිච්ච බය ඒ විදියටම මට අදත් දැනුනා..මගෙ පුතා අරක්කු බීලා බීලා වකුගඩුවක් නරක් වෙලාලු..මං කඳුලු තද කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන්.ඒත් දොස්තර මහත්තයා මුනගැහිලා කතා කරාම දැනගත්තා වකුගඩුවක් පුතාට බද්ධ කරාම පුතා සනීප වෙනවා කියලා. ඉතිං මම මගෙ පුතාට මගේ වකුගඩුවක් දෙන්න තීරනය කරා.."
    "2014.06.14
    දවස් තුනකට කලින් පුතාට මගෙ වකුගඩුව බද්ධ කලා..මාලනී කිව්වා පුතාට දුන්නෙ එයාගෙ තාත්තාගෙම වකුගඩුවක් කියලා පුතාට කියමු කියලා..ඒත් එහෙම උනොත් එයා ඒ වකුගඩුව අත දාලා එලියට ඇදලා විසි කරාවි..එයාට ඒ තරමටම මාව තිත්තයිනෙ. ඒ නිසා පුතා කවදාවත් මේක දැනගන්න එකක් නෑ.. මටත් පොඩ්ඩක් අමාරුයි..පුතාගෙ වකුගඩු නරක් වෙලා තියෙද්දි එයාට කොච්චර රිදෙන්න ඇත්ද කියලා මට තේරෙනවා දැන්"
    "2014.06.30
    මං ගෙදර එක්තැන් වෙලා ඉන්නවා දකින නිසා පුතාට සැක හිතෙයි. ඒ නිසා මට ටිකක් සනීප වෙනකන් පුතාව යාලුවෙක්ගෙ ගෙදර නතර කරන්න කියලා මාලනීට කිව්වා..පුතා හෙට අනිද්දට ගෙදර එයි..ඊට කලින් මං හොඳට ඇවිදලා කරලා ඉන්න ඕන."
    "2014.07.03
    මට අද ටිකක් අමාරුයි..විවේකෙන් ඉන්න කිව්වට මං වැඩපල කරපු නිසා වෙන්නැති..ඇඟ ඇතුල පිච්චෙනවා වගේ..කමක් නෑ. මම නිසානෙ පුතා අද ජීවත් වෙලා ඉන්නෙ. මම මැරුනත් ඒ ටිකම ඇති සතුටෙන් මැරෙන්න."
    දර්ශනට තව දුරටත් තම පියාගේ දිනපොත් කියවීමට තරම් ධෛර්යයක් තිබුනේ නැත..තම දෑසෙන් වෑහෙන කඳුලු පියාගෙ දිනපොත මතට වැටී පියාගේ අත් අකුරු බොඳ වන්නට විය..දර්ශන තම පියාගේ දිනපොත පපුවට තුරුලු කරගෙන කෑගසන්නට විය.
    "තාත්තේඒඒඒඒහ්හ්හ්..."
    දර්ශනගේ කෑගැසීම එම පාලු නිවසේ දෝංකාර දෙන්නට විය..ඔහුට තමා පිලිබඳව ඇතිවූ අප්රසන්න හැඟීම කියා නිමකල නොහැකි තරම් විය..
    "මම මේ තරම්ම තිරිසනෙක්ද දෙයියනේඒඒහ්හ්හ්..."
    තමා පිලිබඳව ඇති වූ වෛරයෙන් යුතුව දර්ශන විලාප දුන්නේය.
    සුලු මොහොතකින් පියවි සිහියට එලඹුනු දර්ශන තත්පරයක් හෝ ප්රමාද නොවී තම යතුරු පැදියේ නැගී රෝහල වෙත ගියේ දෑසින් කඳුලු කැට වැටෙද්දීයි.
    කඩිමුඩියේම රෝහල වෙත ගිය දර්ශන තම යතුරු පැදියවත් ක්රමානුකූලව ගාල් කරේ නැත..ඔහු තම යතුරු පැදිය බිම අතහැර දමා රෝහල තුලට දිව ගියේය..
    කලබලයෙන් මෙන් රෝහලේ වාට්ටු අතර දිවගිය දර්ශන තම පියාව සෑම තැනකම සෙව්වේය. ඔහුගේ දෑස් එක තැනක නතර විය.. ඒ තම මව,තවත් අසල්වැසි කාන්තාවකගේ උරහිස මත මුහුන තබාගෙන හිස් බැල්මකින් යුක්තව සිටින ආකාරයයි..තම මවගේ දෑස් රතු පැහැයට හැරී තිබුනේ ඇය හඬා වැටී ඇති නිසා බව දර්ශන සිතුවේය..හඬන්නට තවත් කඳුලු ඇගේ දෑසේ නොතිබුන සෙයකි.. දර්ශන තම මව ලඟට ගොස් පියාව විමසුවේය.
    "අම්..අම්...අම්මෙහ්.. කෝ මගෙ තාත්තාහ්?"
    වෙවුලන හඬකින් දර්ශන තම මවගෙන් ඇසුවේය..
    හිස් බැල්මකින් බලා සිටි මාලනී තම පුතු දෙසවත් නොබලාම යම් තැනකට ඇඟිල්ල දිගුකොට යමක් පෙන්වූවාය.
    රෝහල් හෙද නිලදාරීන් දෙදෙනෙකු ට්රොලියක් තල්ලු කරගෙන ආහ..මාලනී අත දිගුකොට තම පුතුට පෙන්වූයේ එයයි.. එම ට්රොලියේ සුදු රෙද්දකින් සම්පූර්නයෙන්ම වසා තිබූ මල සිරුරක් පෙනෙන්නට තිබුනි.. මෙතෙක් වේලා නිහඬව සිටි මාලනී නැවතත් හඬන්නට පටන් ගත්තාය...ලඟ සිටි කාන්තාව මාලනීව සනසවන්නට වෙර දැරුවාය.
    දර්ශනට සියල්ල පැහැදිලි වන්නට විය.ඔහුගේ හදවත මොහොතකට නතර වනවාක් මෙන් දැනෙන්නට විය..ට්රොලිය පසුපස දිවගිය දර්ශන එය නවතා, සුදු රෙදිකඩ සෙමෙන් සෙමෙන් ඈත් කරන්නට විය..
    "දෙයියනේහ්"
    දුටු දසුනෙන් දර්ශනගේ නලල රැලි ගැන්විනි.මුව විවර වුනි.. ඔහු එකවරම මහ හඬින් විලාප නගන්නට පටන් ගත්තේය.
    "මගෙ රත්තරන් තාත්තේඒඒඒහ්හ්...
    "මගෙ රත්තරන් තාත්තේඒඒඒහ්හ්...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Jul 2017 04:02 AM
    මේ ටිකේ කතා ටික කියවන්නත් බැරි වෙයි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    20 Jul 2017 11:53 PM

    #නුඹේ_කදුලැලි_මං_හන්දා

    කෙටි කතාවක්

    මං කාමරේට යනකොට නිර්වාන් කොට්ටෙ බදාගෙන අඬනවා. මං එයාගෙ ඔලුව අත ගෑවත් එයා ඔලුව උස්සලා මං දිහා බැලුවෙවත් නෑ.
    "මට තව වැඩි දවසක් ඔයා ළඟ ඉන්න වෙන්නෙ නෑ නිර්වාන්. ඔයාලම මාව තවත් ටිකකින් එලවලා දායි"
    මං එහෙම කිව්වමවත් නිර්වාන් ඔලුව උස්සලා මං දිහා බැලුවෙ නෑ.

    මං වෙනද වගේම ඇදේ එහා පැත්තට ගිහින් නිදාගත්තා. මට ගොඩාක් දේවල් නිර්වාන්ට කියන්න ඕනි. ඒත් එයා ඒ කිසිම දේකට ඇහුම්කන් දෙන්නෙ නෑ. එයා අඬන එක නවත්තන්නෙත් නෑ. මම නිර්වාන්ව හයියෙන් බදාගත්තා. වෙනදටනම් මං නෙවෙයි එහෙම කරන්නේ එයා.
    කොච්චර ලස්සනද ඒ අතීතය. මමයි නිර්වානුයි ආදරේ කල කාලයට වඩා කසාද බැන්දට පස්සෙයි ගොඩාක් ලං උනේ. එයා තරම් මේ ලෝකෙ මාව සතුටින් තිබ්බ කෙනෙක් තවත් නෑ. මගේ හැම දෙයක්ම මටත් වඩා හොයලා බැලුවේ එයා. ඒක මහ පුදුමාකාර ආදරයක්. දැන් හිතෙනවා අපි හරිම බොළඳ විදියටද ආදරේ කරේ කියලා.

    "සදී අපි අද කොහෙ හරි යමුකෝ"
    නිර්වාන් එහෙම කියනකොට මං කැමැත්ත දෙන්නේ එක පයින්ම. එයා දන්නවා මං ඇවිදින්න කැමතියි කියලා. ගැහැනියෙක්ගේ උවමනා එපාකම් එයා තරම් හොඳට තේරුම් ගන්න පිරිමි මේ ලෝකෙ අඩුයි.
    මං කල්පනා කර කර ඉද්දි නිර්වාන් එක පාරටම නැගිටලා කාමරේ දොරත් ඇරන් එළියට ගියා. එළියෙ ඉදන් එයා මහා හයියෙන් අඬනවා ඇහෙනවා. එයාට අම්මත් හවුල් වෙලා අඬනවා. මට එයා ගාවට යන්න හිතුනත් මං ගියෙ නෑ. කොහොමත් එයා අඩලා හරි හිත හදාගන්න ඕනි.'අඬපුදෙන්' මං ඇදේ ඉදගෙනම හිතුවා.

    අපි බැදලා තාම මාස හතයි. මගෙ කුසේ ඉන්න දරුවට මාස දෙකයි. නිර්වාන් මේ මාස දෙකට දරුවට දෙන්න පුලුවන් උපරිම ආදරය දුන්නා කියලා මට හිතෙනවා. මට කන්න ආස කෑම සේරම ගෙදර ගෙනත් පුරවනවා. පුදුම පරිස්සමට මාව බලාගත්තා.
    ඊයෙ උදෙත් වැඩට යනකොට මගේ නළලටයි කුසටයි හාද්දක් දීලා කිව්වේ එයා එනකන් පරිස්සමට ඉන්න කියලා. එහෙම කියලා ගිය නිර්වාන් අද මගේ වචනයකටවත් ඇහුම් කන් දෙන්නේ නෑ. එයා හැමදේම හිතේ හිරකරගෙන අඬනවා විතරයි.

    එයා මට උඩ තට්ටුවට යන්න එපා කියලා තියෙද්දිත් මං ගිය එකට එයාට තරහා ඇති. ඒත් මං ඒ වෙලාවෙ හිතුවෙ නෑ මං උඩ තට්ටුවට ගිය එක අපේ ජීවිත ඉරණම මේ තරම් වෙනස් කරයි කියලා. මං උඩට යනකොට මට කලන්තයක් වගේ ඇවිත් එක පාරටම කලුවර වේගෙන ආවා. මං බැල්කනියෙ වැට අල්ලගන්න අයිනට ගියා.

    සිද්ධ වුන දේවල් කල්පනා කර කර ඉද්දි එකපාරටම එළියෙන් මහා සද්දයක් ඇහුනා. මං ඇදෙන් නැගිටලා එලියට ගියා.
    නිර්වාන්ට සිහිය නැති වෙලා. කට්ටිය ඔක්කොම එයාගෙ වටේ වටවෙලා.මට බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
    "නිර්වාන් අපේ ආදරේ නාමෙන් හිත හදාගන්න"
    මං නිර්වාන්ගෙ ඔලුව අත ගාලා ආයෙත් නොඑන්නම ඒ ගෙදරින් එළියට ආවා.
    හය හත් දෙනෙකුගෙ කර මතින් මං සොහොනට යනකන්ම නිර්වාන් එයාගෙ යාලුවට වත්තන් වෙලා මගේ පස්සෙන්ම ආවා.

    - නිර්මලී -

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    20 Jul 2017 11:54 PM

    #අතරමං_වීම....

    " හෙලෝ .. නංගී මං බස් එකට නැග්ගා හොදේ.. මෙකෙ බැටරි නෑ මං තියනවා .."

    "හා අයියේ ගෙදර යනකං හොදට නිදා ගන්න එහෙනම් .."

    " හාලිඇල බංඩාරවෙල හපුතලේ බලංගොඩ රත්නපුර කොලඹ කොලඹ කොලඹ කොලඹ ...." බස් රතයෙන් එපිට ඉවරයක් නැතිව බසයට සෙනග එකතු කරන හඩ නිසා එලියට එබී බැලුවෙමි තවත් බදුල්ල කොලඹ බසයක් නතර කර තිබිණ. ඒ ගැන වැඩි තැකීමක් නොකලේ මෙහි තරමක් සෙනග සිටි බැවිනි..

    පසුපස දොරට ඉදිරියේ දොර ආසන්නයේ ම තිබූ ආසනයේ හොදින් හරි බරී ගැසී ඉදගෙන දුරකථන ය අතට ගත්තේ අද දවසේ ආරුක්කු 9 හා දෙමොදර විනෝද ගමනේ චායාරූප බැලීමට යි... ඒ වන විටත් එහි බැටරි පැවතියේ 20% ආසන්නවයි.. වේලාවද රාත්‍රි 10.14යි ඒ නිසා දෑස් වසා නිදා ගැනීමට තීරණය කලෙමි..

    නින්දේ සිටියදී වුවත් බස් රිය පණ ගන්වා ඉදිරියට ඇදුනු බව සිහින් මතකයක් ඇත.. කොතරම් වේලා ගියාද නොදනිමි ...

    " ටිකට් ගන්න.... තව කවුද ඉන්නෙ.." ඒ හඩින් ගැස්සී ගිය මා පසුම්බියේ තිබූ 500 නෝට්ටුවක් හා අමතර 50 නෝට්ටුවක් ඇද දුන්නෙ බදුල්ල කොලඹ අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තුව රු 456ක් වූ නිසාවෙනි..

    " කොලඹ එකයි "....

    "කොහෙටද..."
    " කොලඹ "...
    " මල්ලි මේක යාපනය බස් එක... ඉක්මනින් බැහැ ගන්න ....."

    ඒ ඇසුනු දෙය මට අදහා ගැනීමට නොහැකි විය... තප්පර ගානකට කල යුත්තෙ කුමක්ද හිතා ගැනීමට නොහැකි ව සිටිද්දී මට බැසීමට බසය නැවැත්විය ... කොතරම් දුරක් වැරැදි පාරක ආවාද කොතරම් වේලාවක් මා නිදා ගෙන සිටියාද නොදැන ම බසයෙන් බැස ගත්තෙමි.. මා බසින විට අනෙක් මගින්න් විවිධාකාර මුහුණු වලින් මා දෙස බලනු දුටුවෙමි, ඇතමෙක් දුකෙන්... ඇතමෙක් උපහාසයෙන්.. එය මා මෙතෙක් කලක් ජීව්තයේ කල මෝඩම වැඩ වලින් එකක් බව පසක් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.. දුරකථන ය අතට ගෙන වේලාව බැලුවා පමනකි එයද ක්‍රියා විරහිත විය. වෙලා ව රාත්‍රි 11.32..

    එවන් අන්දකාරයක් මෙතෙක් මා අත්විද ඇත්දැයි සැකයක් ඇත.. බැස ගත් තැනම විනාඩි 5ක් පමණ නිසොල්මනේ සිටියේ ඇස් අදුර ට හුරු වන තෙක් ය... නමුත් පෙනීමට කිසි දෙයක් තිබුනේ නැත. පාරේ අනෙක් පස තද බෑවුමක් හා එම බෑවුම යටින් බදුලු ඔය ගලා යන ශබ්දය පුදුමාකාර මූසල හඩක් පරිසරයට එකතු කලෙය.. හතර වටින්ම බල්ලන් බුරන හඩ ඇසෙන නමුත් ඇසට පෙනීමට කිසිම බල්ලෙක් නොසිටීම සිතට ගෙන ආවේ කුතුහලය මුසු බියකි. මෙතෙක් කියවූ සහ නැරඹූ සියලු හොල්මන් කතා හා චිත්‍රපට එක පෙලට පෙල ගැසී මා දෑස් ඉදිරියේ මැවෙන්න විය..

    " බස් හෝල්ට් එකක වත් ඉන්නවා"
    යැයි සිතා දෙපයට් පින් දී නැවත බදුල්ල දෙසට සෙමින් සෙමින් පිය මැන්නෙමි.. ඉතා වේගයෙන් ගමන් කරන වාහන වලට අත දැම්මත් ඒ කිසිවෙක් මා දුටු බව වත් ඇගෙවුවේ නැත... බල්ලන් ගේ උඩු බිරුම් හඩ එකම අදොනාවක් වුවත් වට පිට නොබලාම ගමන් කිරීමට තීරණය කලෙමි.. මගේ ඉලක්කය වූයේ ඈතින් පෙනෙන පුංචි මඩුවකි..

    විනාඩි 5ක් ඇතුලත මම ඒ මඩුව ලගට ලගා වුවත් එය අගුලු ලා වසා තිබිණ.. නමුත් එහි පහලින් බල්ලෙක් ට පහසුවෙන් රින්ගා යා හැකි පරිදි කවුලුවක් කපා තිබුනත් එහි ප්‍රයෝජන ය කුමක්දැයි මට වැටහුණේ නැත. තවත් හොදින් පරීක්ෂා කලේ වැස්ස කොයි මොහොතේ ද නොදන්නා නිසා මට ආවරණයක් අවශ්‍ය වූ නිසාවෙනි. නමුත් දක්නට හැකි වුනේ අලුත ගැසූ මරණ දැන්වීමක් පමනකි .. එයින් තරමක් හිත ගැස්සී ගිය නමුත් එහි රූප ය දැකීමට තරම් මම අවාසනාවන්ත නොවීමි. සුන් වූ බලාපොරොත්තු සමග මා නැවත පාරට අඩිය තිබ්බෙමි.. එතැන් සිට ම මා දෙස දහසක් ඇස් යොමුවී ඇති බවත්.. මා තබන අඩියක් පාසා තවත් කෙනෙක් මා අසල සිටින බවට අසාමන්‍ය හැගීමක් විය.

    මා ඇස් දැන් යහමින් අදුරට හුරු වී ඇත.. ඇති එකම බිය කොයි වෙලේ බල්ලෙක් ඇගට පනීද යන්න හා වැස්ස ඇද වැටෙයි ද යන්නය.. හොල්මන් පිලිබඳ බිය ඉහවහා ගියත් ඒ ගැන නොසිතා සිටීමට උත්සහ කලෙමි.. නමුත් හිටි හැටියේ දුටු දෙය මිරිගුවක් ද ඇත්තක්ද සිතා ගැනීමට මට එක් වරම හැකි වූයේ නැ... ඒ සුදු ඇද ගත් මිනිසෙකුගේ රූපය කි.. ඔහු මට වඩා බොහො ඈත සිට පාර හරහා මාරු වනු දුටුවෙමි ... නමුත් එ කොහෙ සිට කොහෙට ද සිතා ගැනීමට තරම් ආලෝකයක් නොතිබිණි.. දුටු එකම මිනිස් රුව එය වුවත් එයත් සැබෑ මිනිසෙක් ද මා නොදනිමි...

    ඒ දෙසට ගමන් කිරීම හැර විකල්පයක් මට තිබුනේ නැත... ක්‍රමයෙන් එ රුව දුටු තැනට ලං වූයෙමි.. එතැන පාර හරහා ගලා ගන දිය පාරක් හරස් කර බෝක්කුවක් ද දමා ඇත...එ මිනිසෙක් බව සැකයක් ඇති වුයේ එතැනින් පල්ලමට ගුරු පාරක් හා එහි කෙලවර සෙලවෙන ආලෝකයක් දක්නට හැකි වීම නිසාය..

    මට දැන් තීරණයක් ගැනීමට සිදු වේ.. මහ පාර දිගේ කෙලින් ඇවිද යනවාද ආලෝකය දෙසට යනවාද.... එ සිතුවිල්ල සමග තවත් මිනිස් චායාවන් කිහිපයක් ඈත ආලෝකය සමග ඔබ මොබ යනු පෙනුනි. නැවත නොසිතා ම ආලෝකය දෙසට හැරී පල්ලම් බැස්සේ අද රෑ මිනිස් වාසයක් ඇති තැනක නතර විය හැකී යන සතුට සිතේ රදවා ගනිමිනි ...

    සෙමින් සෙමින් පල්ලම බැස ආවෙමි.. මා දෙපා නතර වූයේ " ටිලිං ටිලිං " හඩින් ගෙජ්ජි සද්දයක් ඇසීම නිසාවෙනි.. වට පිට බැලුවේ ඒ සද්දය කුමක් ද කියාය.. එ පඹයෙකි.. සාමාන්‍ය පඹයෙක් මෙතරම් බියකරු ලෙස පෙනුනේ කෙසේද කිය නොදනිමි.. අනික මේ කැලෑවේ පඹයෙක් කුමන ප්‍රයෝජනයක් ද.. පෙනුනාට වඩා දුරක් පල්ලම් බැස ආ බව දැනුනේ ඒ සීතලේ පවා ඉහෙන් කනින් දහඩිය ගලා යාමත් සමග ය.. එය ටකරං ගැසූ කුඩා නිවසකි.. එහි මහ දොරක් පාර දෙසට පිහිටා තිබුනේ නැත .. මිදුලේ තැබිලි කෝම්බ වලින් සෑදූ පන්දම් සවි කර දල්වා තිබිණ . නිවසේ වහලයේ හිඩස් අතරින් ඇතුලත ආලොකයක් හා කවුරුන් හෝ ගැවසෙන බව දක්නට ලැබිණි.. නිවසේ දකුණු පස රවුමෙන් ගොස් ගෙදර ඉදිරිපස සොයා ගත්තෙමි

    " ඕඕ විනාස යි... "

    මට කියවිණි... මා පැමිණ ඇත්තේ මල ගෙදරකට ය.. තනිව සිටීමට බැරි තැන මට රැය ගත කිරිමට සිදු වන්නෙ මල ගෙදරක ය.. නමුත් මෙය ඔබ මා මින් පෙර දැක තිබු මලගෙයක් නොවේ....

    සුදු ඇදගත් ගැහැණු මිනිස්සු 5ක් 6ක් තම තමන්ගේ වැඩ වල සිටී මට ඇති වූ පුදුමය නම් මොවුන් මෙතරම් සෙමින් වැඩ කරන්නෙ ඇයි ද යන්නයි... සීතල නිසා මා සෙමින් නිවස තුලට ගොඩ වූයෙමි . එවිට මා දුටු දෙය මගේ ලොමු ඩැහැ ගත්තේ මින් පෙර එවැනි දෙයක් දැක නොතිබූ නිසාවෙනි..

    නිවස තුල කිසිදු ගෘහ භාණ්ඩ නොවීය.. කිසිම ජනේලයක් නිවසේ නොතිබුණි ....මිනි පෙට්ටිය ඉතාමත් බාල වර්ගයේ හතරැස් ලෑලි පෙට්ටියක් පමනක් විය.. එය තබා තිබුනේ බිම නොවේ... සාරි පොටවල් 4ක් යොදාගෙන වහලයේ එල්ලා ය.. සුලං හමන විට චිරි බිරි හඩ නංවමින් මිනි පෙට්ටියත් ඒ මේ අත චලනය විය... පෙට්ටිය උඩින් පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් තබා ඇත ... දැන් නම් මට මෙහි අමුත්ත සියලුම ලේ නහර වලට පවා දැනෙන්න විය...

    නිවසේ සිටියේ කාන්තාවක් හා කුඩා දැරියක් පමණි ඔවුන් බිම වාඩි වී එල්ලෙන මිනි පෙට්ටිය දෙස එක එල්ලෙ බලා සිටින බව දුටුවෙමි.... කුඩා දැරිය මට පිටුපා සිටි නිසා ඇගේ මුහුණ මා දුටුවේ නැත.. මා නැවත මුලු සාලය දෙසම බැලුවේ එහි අමුත්ත මට දරා ගැනීමට නොහැකි නිසාය.. මගේ දෑස් හිටි හැටියේ නැවත යොමු වූයේ මා දෙස බලා සිටි දැරිය දෙසට යි... ඒ රුව මගෙ හදවත කොතරම් වෙලා නතර කර තැබුවාදැයි මට මතක නැත...

    ඇගේ කට අසාමන්‍ය ලෙස විශාල ව විවර වී ඇත.. එපමණක් නොව කට දෙපසින් වැගිරෙන කෙල ඈ අත සිටි රෙදි බෝනික්කා පොගවා දැමීමට තරම් ප්‍රමාණවත් විය.. ඇගේ කට විවර වී ඇත්තේ අධික පිලිස්සීමට හසු වී බව තේරුම් ගැනීමට අපහසු නොවීය ... ඇය බලා සිටියේ මා දෙස නොවේ මට ඔබ්බෙන් වූ යමක් දෙසය.. මද වේලාවක් එසේ බලා සිට නැවත ඈ එක එල්ලෙ මිනි පෙට්ටිය දෙසම බලා සිටියාය...නමුත් මා සිත දැන් අනවශ්‍ය ලෙස තැති ගෙන ඇත..

    මොවුන් වචනයක් වත් කතා නොකරන්නේ මා එහි ඇති බව ඔවුන්ට නොපෙනෙන බව ඇගවීමට මෙනි... බදුලු ඔයේ හඩත්.. රැහැයියන් ගේ හඩත් .. නොකඩවා උඩු බුරන බල්ලන් ගේ හඩත් ඉද හිට " බුඃ බුඃ" හඩ නගන බකමූණ්කුගේ ශබ්දයත් ඇර වෙන කිසිවක් ඇසෙන්නට නැත.. මට මෙතන සිටිනවාද පැන දුවනවාද යන තීරණ දෙක මැද අතරමං ව සිටි මි... මේ මනුෂ්‍යයන්ද අමනුෂ්‍ය යන්ද නොදනිමි ....
    ඔවුන්ගේ හැසිරීම් එන්න එන්නම අමුතු විය..

    තවත් මෙතැන රැදී සිටීමට තරම් ශක්තියක් මට නොවීය... අදුරේ ම පාර සොයා ගත් මා මහ පාර දෙසට දුවන්නට විය. මා දුවන්නේ තනිව නොවන බව දැනුනේ බර අඩි තබමින් එක්කෙනෙක් ට වඩා මා පසුපස හබා එන බව දැනීම හෝ මා සිතින් මවා ගැනීම නිසාවෙනි ...

    මරණ බය දැනුන හෙයින් පසුපස නොබලාම දිවුවෙමි .. දුව ආ වේගයට ම මහා පාරට පැන්නෙමි.. ඇස් කඩාගෙන යන ආලෝකයක් මහා හඩක් නංවමින් මා දෙසට ඇදී ආ බයට මා බිම ඇද වැටී මි..

    " කොහෙද ඕයි යන්නේ.... මාවත් අමාරුවේ දාන්න හදනවා... " තමුසෙට තුවාලද... නගිනව නගිනවා..."

    මට කිසිවක් කියා ගැනීමට තරම් ශක්තියක් නොවීය ... නමුත් මෙතනින් පිටවීමට නම් එකම මග මෙයයි.. ඔහුගේ වාරුවෙන් මා වාහනය වෙත ගොඩවීමි... පැයක පමණ ධාවනයකින් පසු ඔහු මාව පුංචි රෝහලකට ගෙන ආවේ හිතේ සැකය නිසාවෙනි ..

    " මොකො වුනේ ...."

    " මුකුත් නෑ... හැප්පෙන්න ගිහින් වැටුනා.."

    " වැටුන තමයි.... මාස තුනකට උඩදි මල ගෙදරක ගිහින් එන නඩයක් වෑන් එක පල්ලමට ගිහින් ගිනි අරන් මැරුනේ... ඒ වංගුවෙ නෙ මේ යකා පාරට පැන්නෙ... මගෙ ලේ වතුර උනා...

    ඔවුන්ගේ දෙබස මට මහ ප්‍රෙහෙලිකාවක් විය... එතකොට මං රෑ දැකපු මල ගෙදර.. ??? ඒ රූප රටා කිසිම දිනක මා සිතින් ඉවත් නොවනු ඇත...

    නිමි...

    ............................. ... ....................... .....

    ~Prageeth Leetus~

    (උපුටාගැනීමකි)

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    20 Jul 2017 11:55 PM

    #ආදරෙයි_රත්තරනේ

    "අන්න අදත් උඹේ ප්‍රේම කුමාරයා බක්කි කරත්තෙන්ම ඇවිත්...." දෙව්මි එහෙම කියද්දි නිකිණිගේ ඇස් දැගලුවේ ඒ රුව දැක ගන්න... උසස්පෙළ විභාගය අවසන් කර පරිගණක පාඨමාලාවකට යන නිකිණිගේ පස්සෙන්... දැන් මාස ගණනක හිද තරුණයෙකු කැරකෙනවා... ඒ නෙත්සර... උසට සරිලන මහතකින් යුතු පැහැපත් තරුණයාගේ කිසිම අඩුපාඩුවක් දකින්නට නම් බැහැ....

    "විකාර කියවන් නැතුව ඉදපං බං දෙව්මි... උඹලා තමා මේවා අවුස්සන්නේ... අහක යන නයි.... උඹලගේ රෙද්ද අස්සේ දා ගනින්... හැබැයි මගේ රෙද්ද අස්සේ දාන්න එන්න එපා.." කෙල්ල කිව්වේ හොරෙන් නෙත්සර දිහා බලලා...

    මාස ගණනක් තිස්සේ නිකිණි වටා කැරකෙන නෙත්සර ආදරය කරන්නේ ඇස්වලින්... ඔහුගේ ඒ කතා කරන ආදරණීය ඇස් දකින සෑම වාරයකදීම නිකිණිගේ හදවතත් ආදරෙන් පිනා යනවා... නමුත් ඇය ඒක තම හිතේම හිර කරගෙන ඉන්නේ නෙත්සරගෙන් තාමත් කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා... කෙල්ලට වෙලාවකට හරිම තරහයි..

    "ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා විතරයි... කවද්ද ඔයා මගෙන් අහන්නේ... මාව තාත්තා මොකෙක්ට හරි බන්දලා දුන්නට පස්සෙද..." කෙල්ල තනියම හිතනවා...

    "මේ බං නිකිණි... තොත්ත බබා පාට් එක දාන්නේ නැතුව හිටපං... ඔය හිතේ තියෙන දේ පොරට කියපං..."

    "මං කොහොමද බං ඉස්සෙල්ලාම කියන්නේ..." කෙල්ල කිව්වා නෙවේ කියවුණා..

    "ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට..."

    "ම්... එයා දවසක කියනකම් මං බලන් ඉන්නවා... මට ඉස්සර වෙන්න බෑ..." කෙල්ල එහෙම කියලා.. නෙත්සරගේ අැස් මග හැරලා යන්න ගියා...

    ……………………………………………………………………………

    "චූටි දූ... මොකද බත් එක අත ගගා ඉන්නේ..." ඒ නිකිණිගේ තාත්තා. නිකිණි පුංචි කාලෙම ඇගේ මව ඇය අත හැර යන්න ගිහිං තිබුනා.. එදා ඉදන් නිකිණිගෙත් ඇගේ අයියා නිකිලගෙත් හෙවනැල්ල වුණේ තාත්තා...

    "නෑ තාත්තා... මට ඇති... මං හදපුවා මටම කන්න බෑ... ඔයාලා කොහොමද කන්නේ.." කෙල්ල කියන්නේ වතුර එකක් වීදුරුවට පුරව ගන්න ගමන්... තාත්තා හිනාවෙනවා.

    "ඒකනම් ඇත්ත තමයි හලෝ... කටේ තියන්න බෑ.. බඩගිනි නිසා කනවා..." නිකිල බත් ගුලියක් කටේ දාගෙනම කියනවා..

    "ඉතිං ගේනවකෝ.. අයියේ තමුසෙගේ මනමාලිව.. එතකොට බැරියෑ... රස බොජුන් ගිලින්න.."

    "එයාව ගේන්න කලින් තමුසෙව මෙහෙන් යවා ගන්න එපැයි... නැත්තම් නෑනලා දෙන්නගේ යුද්ධ... නැද්ද තාත්තේ... මෙයාට කෙනෙක්ව හොයමුද..." අයියා හිනාවෙවී එහෙම කිව්වා වුනත් කෙල්ලගේ හිත ගැස්සුනේ නෙත්සර මතක්වෙලා...

    "අපේ ආදරේ පටන් ගන්නත් කලින්ම නැතිවෙලා යයිද නෙත්සර... ඔයා මට කෙලින්ම කිව්වනම්... මට තාත්තා එක්ක.... ඒත් තාත්තා කැමති වෙයිද... ඔයාට තාම හරියට ජොබ් එකක් නෑ... අනික තාත්තා හොයන තරම් ඔයාට සල්ලිත් නෑ... මටනම් ඒ දේවල් ඕන නෑ නෙත්සර... අපිට ඒවා ගොඩනගා ගන්න පුලුවන්... තාත්තා අකමැති වුණොත් මට එයාට පිටින් කොහොමත්ම යන්න බෑ... අපේ ආදරේ මගින් නවත්තන්න වුණොත්... මට ඔයාට වැරැද්දක් වෙන්න දෙන්න බෑ නෙත්සර... මං ඔයාට ආදරෙයි..."

    "ආ මෙයා දැන්මම ප්ලෑන් ගහනවා තාත්තේ... අපි හොද මනමාලයෙක්ව හොයන්න පටන් ගමු..." කෙල්ල නැගිට්ටා..

    "අනේ මේ අයියේ... තමුසෙම හොයාගෙන බැද ගන්නවා... මටනම් එපා..." කෙල්ල පිගානත් අරගෙන කුස්සියට ගියා..

    සුපුරුදු පරිදි පහුවදත් නෙත්සර නිකිණි වටේ කැරකුණේ තමන් ලග තියෙන වටිනම සම්පත වුන පාපැදියෙන්.. නිකිණිගේ යාලුවොත් තාම ඇවිත් නෑ... කෙල්ල පයින්ම බස් නැවතුම් පලට ගියා... නෙත්සර තමන් පස්සෙන් එනවා කියලා කෙල්ල දන්නවා... ඒත් ගනං ගන්නැතුවම කෙල්ල ගියා... වෙනදා නිකං හරි හැරිලා බලන කෙල්ල අද අහක බලාගෙන යනවා දැකලා කොල්ලට ගොඩක් දුක හිතුනා... කොල්ලා බයිසිකලේ හැරෙව්වේ ආපහු යන්න කියලා හිතාගෙන....

    "චරා......ස්..." ඒ ඇහුන බ්‍රේක් සද්දෙට නිකිණි පිටිපස්ස හැරිලා බැලුවා... එතකොටයි ඇය දැක්කේ නෙත්සර බයිසිකලෙත් එක්කම බිම වැටිලා ඉන්නවා... කෙල්ලට දැනුනේ හදවත නැවතිලා වගේ..

    "පිස්සුද මනුස්සයෝ.... පාර බලලා දාන්න බැරිද... මොන සිහියෙන් යනවද මන්දා..."

    "සොරි අයියේ..." කොල්ලා කිව්වේ අතේ වැලමිට ලග නොනවත්වා ගලන ලේ පිරි තුවාලෙත් අතකින් අල්ලන් නැගිටලා...

    "සොරි තමයි..." එහෙම කියලා ඒ මොටර් බයික්කරු යන්න ගියා... කොල්ලා අමාරුවෙන් බයිසිකලෙත් උස්සලා අරගෙන පැත්තකට තල්ලු කරගෙන ගියා...

    "නෙත්සර මොකක්ද මේ කර ගත්තේ... අනේ අතින් ලේ ගොඩක් ගලනවනේ... එන්න අපි යමු බෙහෙත් ටිකක් දා ගන්න..." කෙල්ල කිව්වේ කොල්ලගේ අතකින් අල්ලගෙන... ඒ පහසට කොල්ලා වගේම කෙල්ලත් ලැබුවේ අපමණ සතුටක්...

    "එපා නිකිණි... ඔයා යන්න..." ඒ හැගීම යටපත් කරගෙනම කොල්ලා යන්න හැරුණා...

    "ඇයි නෙත්සර කෙලින්ම කියන්නැත්තේ... ඇයි තවත් මාව රිද්දන්නේ..." කෙල්ල කිව්වේ ඇස්වල කදුලු පුරවන්... ඒ වදන් වලට කොල්ලා ගැස්සිලා ගියා...

    "ඔයා... ඔයත් මට ආදරෙයිද නිකිණි..." කොල්ලා ඇහුවේ උගුරෙන් වගේ...

    "හ්ම්.... ආදරෙයි..." කෙල්ල බිම බලාගෙනම කිව්වා....

    "ඇත්තටම... ආහ්...." කොල්ලා පිට කරේ සතුටට ලොකු සුසුමක්...

    "ආදරෙයි මමත් මැණික... මෙච්චර කල් නොකියා හිටියේ ඔයාට මාව ගැලපෙන්නැතිවෙයි කියලා හිතලා... ඔයාගෙන් ඈත් වෙන්න උත්සහ කලා... ඒත් බැරි වුණා... කොල්ලෙක්නේ..." නෙත්සර කිව්වේ නිකිණි කවදාවත් කොල්ලගෙන් දැකලා නැති සැහැල්ලු කටහඩකින්...

    "ම්.... අපි ඉක්මනට මේ තුවාලෙට බෙහෙත් ටිකක් දාගමු... එතකන් මේක ගැට ගහන්නම්..." කෙල්ල නෙත්සර ලගට ඇවිත් තමන්ගේ සුදු පාට... තැන් තැන්වල රෝස මල් තියෙන ලේන්සුව කොල්ලගේ තුවාලේ ගැට ගැහුවා... කොල්ලා බලන් හිටියේ කෙල්ලගේ මුණ දිහා...

    "මොකද කවදාවත් දැකලා නෑ වගේ බලන්නේ..." කෙල්ල අහන්නේ ඒ මුණට එබිලා...

    "කවදාවත් මෙච්චර ලගට ඔය මූණ දකින්න පුලුවන් වෙයි කියලා හිතුවේ නෑ..."

    ඔහොම කාලයක් නෙත්සරගෙයි නිකිණිගෙයි ආදර කතාව ගලාගෙන ගියා...

    "නෙත්සර.... ජොබ් එක හොදයිද..."

    "හොදයි මැණික.... මං ඉතිං ඉගෙනගෙන තියෙන්නේ ඒලවල්ස්වලට විතරයිනේ... මේ ජොබ් එක මගේ කොලිෆිකේෂන්ස්වලට වැඩිත් එක්ක..." කොල්ලා කිව්වේ නිකිණිගේ කර වටා අතක් දාගෙන...

    "අපරාදේ කැම්පස් යන්න තිබ්බේ ඔයාට.."

    "කැම්පස් යන්න තරම් ආර්ථිකයක් මට තිබ්බේ නෑනේ නිකිණි... අම්මා ඉදියාප්ප තම්බලා මාවයි මල්ලිවයි මේ තත්වෙට හරි ගෙනාවේ... ඒ මනුස්සයව දැන් ඒකෙන් නිදහස් කරන්න ඕන..." නෙත්සර කිව්වේ තම මව් ගැන උපන් අනුකම්පාවෙන්...

    නෙත්සරගේ අලුත් ජොබ් එක නිසා... පාපැදියෙන් මෝටර් බයික් එකකට මාරුවෙන්න කොල්ලට පුලුවන් වුණා...

    "ම්.... අම්මා පව්... ඔයාලා වෙනුවෙන් කොච්චර දුක් විදිනවද..."

    "මගේ අම්මා විතරද... තව අම්මලා කොච්චරක් තමන්ගේ දරුවෝ වෙනුවෙන් පිච්චි පිච්චි දුක් විදිනවද... ඒ දරුවන්ට නරකක් කරන්න නෙවේනේ.... අනික ඔයාගේ තාත්තා බලන්න... කොච්චර ආදරයක්ද..."

    "මං දන්නවා.... ඒත් නෙත්සර මට බයයි.. අපි ගැන තාත්තා දැන ගත්තාම... එයා කොහොම රියැට් කරයිද කියලා... මං තාත්තට ගොඩක් ආදරෙයි මහත්තයෝ... ඒ කියලා මට ඔයාව නැති කර ගන්නත් බෑ... ඔයාටත් මං ඒ තරමටම ආදරෙයි..." කෙල්ල කිව්වේ කොපුල් පුරා කදුලු ගලන් යද්දි...

    "අයියෝ මගේ මැණික අඩනවද මේ... කෝ... අඩන්න එපා... ඔය කදුලු බරයි මගේ හිතට..." කොල්ලා කිව්වේ ඒ ඇස්වලට බරවෙලා...

    "කවදා හරි අපි දෙන්නගෙන් කවුරු ඔයා තෝර ගත්තත් මං තරහා නෑ මැණික... ආදරේ හිතේ තියෙනවා හැමදාම...." නෙත්සර කෙල්ලව තුරුලු කරගෙන කියනවා...

    "මැට්ටා... ඔයා කියන්නේ මාර කතා... මං නැතුව ඉන්න පුලුවන්ද..."

    "බෑනේ..." කොල්ලත් කට උල් කරලා කියනවා...

    "එ්ක තමා මං....." කෙල්ලට ඉතිරි ටික කියා ගන්න බැරිවුණේ කොල්ලගේ දෙතොල් කෙල්ලගේ දෙතොල් යල ඇලවුන නිසා....

    "මොකුත් කියන්න ඕන නෑ... ඔයා ඉන්නේ මගේ හිතේ නිකිණි... කාටවත් කවදාවත් බෑ... ඒක මකලා දාන්න... තේරුණාද මගේ මැණිකට..." එහෙම කියලා නෙත්සර කෙල්ලව ආයෙත් තුරුලු කර ගත්තා... කෙල්ලත් ඒ උණුසුමට ගුලිවෙලා හිටියේ.....

    කෙල්ල ගෙදර ගියේ පුදුම තරම් සතුටකින්... ඒත් ඒ සතුට නැති වුණේ අයියයි තාත්තයි දෙන්නා සාලෙට වෙලා ඉන්නවා දැකලා. තාත්තගේ නිව්නු මූණට වඩා අයියගේ කෙන්ති මුණ දැකලා කෙල්ල බය වුණා...

    "ආ... මේ ඇවිත් තියෙන්නේ තාත්තේ... චූටි උඹ කොහෙද ගියේ..." අයියා නිකිණිගේ ඇගට කඩා පැන්නා....

    "මං... මං ක්ලාස් ගියේ..." කෙල්ල කිව්වේ ගොත ගගහා...

    "ම්හ්... උඹේ ක්ලාස් තියෙන්නේ මේ පාක් එකේද.... ආ.... කියපං... කවුද මූ එතකොට..." අයියා පෙන්නපු ෆෝටෝ දැකලා කෙල්ල එතනම ගල් වුණා...

    "ලොකූ... ටිකක් ඉන්න..." කෙල්ල ගල්වෙලා ඉද්දි තාත්තත් එතනට ආවා...

    "චූටි කවුද මේ දරුවා..." තාත්තා ඇහුවේ හරිම හිමීට..

    "තා..ත්තේ... මේ නෙත්සර.... මං එ..එයාට ආ..දරෙයි..." කෙල්ල ගොත ගගහා අමාරුවෙන් කිව්වට පස්සේ වැදුණේ කම්මුල රත්වෙලා යන්න පාරක්.. තොලකුත් පැලිලා ගියේ ඒ පාරේ සැරට...

    "ලොකූ... උඹ නංගිට අත ඉස්සුවේ අැයි... උඹ පැත්තකට වෙලා හිටපං... මං මේ කෙල්ලට අතක් උස්සනවා උඹ දැකලා තියෙනවද... අම්මා නැති වුනාට පස්සේ මං උඹලව හැදුවේ ඇහේ මූණේ තියාන..." තාත්තා කෑ ගැහුවේ හයියෙන්... කෙල්ල කම්මුලත් අල්ලගෙන අඩනවා...

    "තාත්තේ... මේකි අල්ලන් ඉන්නේ හිගන්නෙක්... අපිට චුට්ටක්වත් ගැලපෙන්නැති එකෙක්ව... මේකිව තියන්න වටිනවද..." අයියා කේන්තියෙන්ම කියවගෙන ගිහිං බිත්තිය අල්ල ගත්තා...

    "චූටි... මං ඔයාට හොද ලමයෙක්ව හොයලා තියෙන්නේ... ලබන සතියේ එයාලා මෙහේ එනවා..." තාත්තා එහෙම එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ කියද්දි කෙල්ලගේ කම්මුලේ වේදනාවට වඩා දස දහස් ගුණයකින් හදවත රිදෙන්න ගත්තා...

    "තාත්තේ.... මං නෙත්සරට ආදරෙයි... එයා හොද තැනකට එයි තාත්තේ... අනේ එයාව මගෙන් වෙන් කරන්න එපා..." කෙල්ල ඉල්ලුවේ... තාත්තගේ කකුල් ලග වැද වැටිලා..

    "චූටි උඹට මේ තාත්තවද ඕන... නැත්තම් මේ ලගදි ආදරේ කරන්න ගත්ත කෙනාවද ඕන... පුතේ උඹම තෝරගනින්... හැබැයි... මාව අත ඇරියොත් එදාට උඹේ තාත්තා මේ ලෝකෙත් නැතිවෙයි..." තාත්තා එහෙම කියලා යන්න ගියා... අයියත් කා එකෙන් යන්න ගියා.... කෙල්ල සාලේ තනිවුණේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව... පැයක් විතර ඉදලා කෙල්ල කාමරේට ගිහිං... නෙත්සරට කෝල් එකක් ගත්තා...

    "අනේ නෙත්සර... අයියයි තාත්තයි... අපි ගැන දැනගෙන... ඔයාව අත අරින්නලු...." කෙල්ල අඩ අඩාම කියනවා...

    "මං දන්නවා මැණික..." කොල්ලා කිව්වේ වෙව්ලන කටහඩින්...

    "දන්නවා... දන්නවා කිව්වේ..."

    "ඔයාගේ අයියා... ගෙදරට ඇවිත් කෑ ගහලා ගියා... පව් අම්මත් බයවුණා... මැණික බයවෙන්න එපා... මං තාත්තව හම්බවෙන්නම්..."

    "ම්.... අයියා ගැහුවේ නෑනේද..." කෙල්ල තවත් අඩනවා...

    "නෑ මැණික.. ඔයාගේ අයියා ඔයාට ආදරෙයි.. ඒකයි මට මෙහෙම කෑ ගහලා ගියේ.. අපි හෙට හම්බවෙමුකෝ මැණික.... ම්..."

    "හා... බුදුසරණයි මහත්තයෝ..."

    කෙල්ල ෆෝන් එකත් ඇදටම විසිකරලා එතනටම වැටුණා...

    ……………………………………………………………………………

    "මොකද කරන්නේ නෙත්සර... අර බෝයි අම්මලත් එක්ක හෙට එනවලු මාව බලන්න..." කෙල්ල කිව්වේ කම්මුල් තෙත්කරගෙන...

    "හෙට... මං අදම ඔයාගේ තාත්තව හම්බවෙන්නම් මැණික... ඔයා නැතුව..." කොල්ලා කිව්වේ කෙල්ලව බදාගෙන...

    එදා හවස නෙත්සර නිකිණිගේ තාත්තව මුණගැහෙන්න ගියා... ඒත් නෙත්සරට වුණේ හිත රිදවගෙන ආපහු එන්න...

    "අනේ මට සමාවෙන්න රත්තරනේ... තාත්තා මගේ කීම ඇහුවේ නෑ... ඔයාව මට දෙන්න තාත්තා කැමති නෑ... කොහොමද මං ඔයාව වෙන කෙනෙක්ට අයිතිවෙනවා බලාන ඉන්නේ...." කොල්ලා අඩන්නේ ඈත අහස දිහා බලාන...

    අද නිකිණිව බලන්න මනමාලයෙක් ආවා.... ඔහු නමින් දෙවිඳු සංකල්ප රූපයෙන් මෙන්ම මිල මුදල් අතින්ද පොහොසත් දෙවිඳුගේ කිසිදු ආඩම්බරකමක් තිබුණේ නෑ... දෙවිදුටනම් කෙල්ලව හොදට හිතට අල්ලලා තිබුණේ...

    තාත්තගේ කැමැත්තටම බුලත් හෙප්පුවත් අරගෙන දෙවිඳු ඉස්සරහට ආව කෙල්ලට ඔහුගේ මූණවත් බලන්න උවමනාවක් තිබුණේ නෑ.... හැම වෙලේම මැවිලා පෙනුනේ නෙත්සරගේ දුක්බර ඇස්...

    දෙවිඳු යන්න ගියේ නිකිණිට මුලු හිතෙන්ම කැමැත්ත දීලා.... දෙවිදුලා යන්න ගියාට පස්සේ කෙල්ල ඇදන් හිටිය සාරිය ලෙහලා දාලා ගවුමක් ඇදගෙන ඇදට වැටුණේ කොට්ටෙකුත් හපාගෙන... ටිකකින් කවුද ඔලුව අත ගානවා දැනිලා කෙල්ල ඔලුව ඉස්සුවා....

    "තාත්තේ..."

    "චූටි දූ... තරහයිද මාත් එක්ක... ඔයාගේ හොදට පුතේ මං මේ දේ කරන්නේ... දෙවිඳු පුතා හරිම හොදයි... මගේ දූව හොදට බලාගනී... ඔයා ඔය හිතන ජීවිතේ එච්චර ලේසි නෑ දරුවෝ... විදවන්න වෙයි... මං කැමති නෑ ඒකට..." තාත්තා එක දිගට කියවගෙන යනවා...

    "මං දැනුත් විදවනවනේ තාත්තේ ... නෙත්සර නැති ජීවිතයක් හිතන්නවත් බෑ මට... " කෙල්ල කිව්වේ තාත්තගේ පපුවට තුරුලුවෙලා...

    "ඒ දුක දැනට විතරයි පුතේ.. මට විශ්වාසයි දෙවිඳු පුතාව මැරි කලාම ඔය හිත සතුටින් පිරෙයි... නෙත්සරව හම්බවෙලා මේ එෆයාර් එක නවත්තන්න... අන්තිම පාරට එයාව ගිහිං බලලා මේ සම්බන්දකම් අත ඇරලා එන්න පුතේ..." තාත්තා නැගිටලා යන්න ගියා..

    "අනේ නෙත්සර.... මං මොකක්ද කරන්නේ..."

    මෙහෙම සතියක් විතර ගෙවුනා... කෙල්ල කාමරෙන් එලියටවත් බැස්සේ නෑ... කෙල්ල හිතුවා... හැම පැත්තක් ගැනම.. අන්තිමට කෙල්ල නෙත්සරට කෝල් කරලා වෙනදා හම්බවෙන තැනට එන්න කිව්වා...

    සුදු පසුබිමේ ලා කොල පාට ඇදේට ඉරි ගියපු දිග සායට... ටිකක් තද කොල පාටම අත්කොට බ්ලව්ස් එක ඇදලා... කොන්ඩේ පෝනිටේල් එකක් දාගෙන... හෑන් බෑග් එකත් අතින් අරන් කෙල්ල පඩිපෙල බැහැලා පහලට ආවා...

    "තාත්තේ... මං ටවුන් එකට ගිහිං එන්නම්..."

    "ම්... මං දන්නවා ඔයා තීරණයක් ගන්න ඇති... ගිහිං එන්නකෝ...." තාත්තා එහෙම කියලා ඇතුලට ගියා... කෙල්ල එලියට බැස්සේ ඇස්වල කදුලු පුරවගෙන... සතියක්ම දැක්කේ නැති නිසත් ඒ කට හඩ ඇහුවේ නැති නිසත් කෙල්ල යද්දි කොල්ලා ඇවිත් හිටියේ... කෙල්ලව දැක්ක ගමන් කොල්ලා කෙල්ලව බදාගත්තා... කෙල්ල ඇඩුවේ ඒ පපුවේ හිස තියාන...

    "අඩන්න එපා මැණික..." කොල්ලා කිව්වේ කෙල්ලව තමන්ගේ තුරුලෙන් ඈත් කරන්නේ නැතුව...

    "අපි මේ සම්බන්දේ නවත්තමු නෙත්සර..." කෙල්ල ඒ පපුවෙම හිස තියාන කියනවා.. කොල්ලා කතා නෑ...

    "ඇහුනද.... අපි මේ ආදරේ නවත්තමු... ඒක කියන්නයි මං අද ආවේ නෙත්සර... අපි මේක නවත්තමු...." කෙල්ල කිව්වේ තවත් කොල්ලගේ පපුව තද කරගෙන...

    "ම්.... අමාරුයිනේ මැණික.... කොහොමද එක පාරට... හි... හිත හදාගත්තේ..." කොල්ලගේ වචනත් කැඩි කැඩි පිටවුණේ...

    "තාත්තා නිසා රත්තරං... අම්මත් නැතුව අපිව මේ තත්වෙට ගෙනාවා... දුකක් දෙන්න මට අයිතියක් නෑ... මට ඔයත් එක්ක එන්න පුලුවන්... එහෙම වුණොත් මගේ තාත්තා පපුව පැලිලා හරි වහ ටිකක් කාලා හරි මැරිලා යයි.... මට පව් පුරවගන්න බෑ රත්තරං... " කෙල්ල අඩනවා...

    "මට තේරෙනවා මැණික... ඔයාගේ තීරණේ හරි... දෙමව්පියන්ට දුක් දෙන්න මාත් කැමති නෑ... ඒ වේදනාව මං දන්නවා... මේ අපේ අන්තිම හමුවීම නේද එහෙනම්..." කොල්ලා කිව්වේ ඇස්වලින් කඩන් වැටුන කදුලු පිහිදගෙන හිනාවක් මුණට එකතුකර ගන්න ගමන්....

    "නෙත්සර...."කොල්ලා නිකිණිගේ උරිස් දෙකෙන් අල්ලලා ඈත් කලා...

    "මේ අහන්න මැණික... මාව අමතක කරන්න... දෙවිඳු ගැන මං හොයලා බැලුවා... කොල්ලා ලක්ෂෙකින් හොයා ගන්න බෑ... ඒ තරම් හොදයි.. ඔයා වාසනාවන්තයි..." කොල්ලගේ ඇස්වලින් කදුලු වැටෙන්න ගියත් ඔහු ඒවා අමාරුවෙන් නවත්තගත්තා...

    "යන්න...." කොල්ලා එහෙම කියලා අනිත් පැත්ත හැරුනා...

    "නිකිණි..." කොල්ලා ආයෙමත් කෙල්ල පැත්තට හැරුණා....

    "ම්...."

    "අන්තිම පාරට නලල ටිකක් ඉබින්නද මැණික...." කොල්ලා ඒක කිව්ව විදියට කෙල්ලගේ හදවතම රිදෙන්න ගත්තා... කෙල්ල ඇස්පියාන ඇඩුවේ කම්මුල් දිගේ කදුලු කඩන් වැටෙද්දි... නෙත්සර කෙල්ල ලගට ඇවිත් ඒ වෙව්ලන දෙතොල් පෙති කෙල්ලගේ නලලේ සටහන් කලා... ටිකකින් කෙල්ල යන්න හැරුණේ තවත් එතන හිටියොත් තමන්ගේ හිත වෙනස්වෙයි කියලා තිබුන බයට......

    "නෙත්සර... පුංචි හරි තරහක් නැද්ද මං ගැන" නිකිණි යන්න හැරිලා ආයෙත් අහනවා..

    "ම්හ්... ආදරේ කරපු කෙනාට වෛර කරන්න මං දන්නෑ රත්තරං... මගේ තරහක් නෑ ... කවදා හරි කොහේදී හරි අපි ආය මුන ගැහුනොත් කතා කරන්න ඕන නෑ... හිනාවෙලා යන්න... ඒ ඇති මගේ හිතහැදෙන්න...." කොල්ලා කිව්වේ ඒ රතුවෙලා තියෙන ඇස් දිහා බලාන.

    "සමාවෙන්න නෙත්සර... මං නිසා ඔයාගේ ඔය ලස්සන ජීවිතේ නම් නාස්ති කර ගන්න එපා..."

    "නෑ නිකිණි... මං එච්චර හැගීම්වලට වහල් වෙච්ච කොල්ලෙක් නෙවේ... ඔයා ගැන තියෙන ආදරේ මැරෙනකම්ම හිතේ තියේවී... මට ඔයාව තේරෙනවා... ඔයාගේ තාත්තා ඔයාට කවදාවත් වරදක් කරන්නෑ..."

    "මං ආදරේ වෙනුවෙන් ජීවිතේ නැති කර ගන්නෑ.... මං ආදරේ වෙනුවෙන් ජීවත් වෙනවා... අමාරුයි තමයි..... ඒත් මගේ අම්මගේ සතුට ආදරය දකින්න... මං ජීවත් වෙනවා... ඔයා පරිස්සමින් ඉන්න නිකිණි... දෙවිඳු ඔයාව මලක් වගේ බලාගනී... මං ගැන ආය දුක්වෙන්නවත් හිතන්නවත් එපා... මං යන්නම්... බුදුසරණයි..." කෙල්ල බලාන හිටියේ තමාට පිටුපා.... දකුණතින් ඇස් පොඩි කර කර යන නෙත්සර දිහා... නෙත්සර ආපසු නිකිණි දිහා හැරිලවත් බැලුවේ නැත්තේ හිත නැවත නැවත පෑරිලා යන නිසා...

    "මං ඔයාට ගොඩක් දුක් දුන්නා නෙත්සර... අපිට මේ ආත්මේ ලංවෙන්න බෑ... එ්ත් ලබන ආත්මේ නම් මං ඔයාගෙම විතරයි...."

    "මට සමාවෙන්න... මං ඔයාට ආදරෙයි...." නිකිණිත් දෑස් බොද කරගෙනම යන්න ගියේ... නෙත්සර නොපෙනී ගියාට පස්සේ....

    අවුරුදු දෙකකට පස්සේ....

    නෙත්සර දැන් පිටරටින් වාහන ගෙන්වන... වාහන සේල් එකක අයිතිකරුවෙක්... මේ අවුරුදු දෙකට ඔහු ගොඩක් දියුණු වුණා... ඒත් ඒ දියුණුව පිටි පස්සේ හිටියේ නිකිණි... නිකිණිගේ ඒ සමුගත් ආදරය.. කොල්ලා තාමත් ඒ ආදරය නමට හොරෙන් හෙරෙන් අඩනවා.... ඒ ආදරය ඒ පපුතුරේ තාමත් එහෙම්මමයි.... ඒත් එදයින් පස්සේ නෙත්සර නිකිණිව ආයෙත් දැක්කෙනම් නෑ...

    "හෙලෝ.... මිස්ට නෙත්සර සූරියබණ්ඩාර..." සන්ග්ලාස් දෙකත් ගලවලා අතට අරගත්ත තරුණයා අදුර ගන්න නෙත්සරට වැඩි වෙලාවක් ගියේ නෑ... දෙවිඳු...

    "හෙලෝ... මිස්ට.."

    "අයිම්... දෙවිඳු සංකල්ප... නිකිණිගේ හස්බන්ඩ් වෙන්න හිටිය කෙනා.." ඒ කතාවටනම් කොල්ලට ඉදගෙන හිටිය පුටුවෙනුත් නැගිට්ටුනා...

    "නිකිණිගේ හස්බන්ඩ් වෙන්න හිටිය කෙනා කියන්නේ... නිකිණි කොහෙද... එ..එයා හොදින් නේද..." කොල්ලට නොදැනීම එහෙම කියවුණා...

    "තාමත් ඒ ආදරේ හිතේ තියෙනවා නේද... අවුරුදු දෙකක් ගිහිනුත්..." දෙවිඳු කට කොනකින් හිනාවෙලා කියනවා...

    "සොරි මිස්ට දෙවිඳු...."

    "ඉට්ස් ඕකේ නෙත්සර... ඒත් ඔයාගේ මැණිකට කොච්චර ආදරේ මං දුන්නත් එයා තාමත් ආදරේ ඔයාට.... දැන දැනම එයාව අමාරුවේ දාන්නත්... මට අමාරුවේ වැටෙන්නත් බෑ නෙත්සර.... මං ඇත්තටම නිකිණිට ආදරෙයි... ඒත් එයාගේ ආදරේ ඔයා ලගනේ... මට දෙන්න තවත් එයා ලග ආදරයක් ඉතිරි වෙලා නෑ... ඔයා එයා ලගට යන්න එයා විදවනවා..." දෙවිඳු කිව්වේ නෙත්සරගේ උරහිස අල්ලගෙන...

    "කොහොමද දෙවිඳු.... තාත්තා..." කොල්ලා කිව්වේ බිම බලාගෙන...

    "පුතා.... මගේ දුවගේ සතුට ඔයා... තේරුම් ගන්න බැරිවුණා කලින්... කෙල්ල විදවනවා බලන්න බෑ තවත් මට.... අවුරුදු දෙකක්ම අර කාමරේට වෙලා හූල්ල හූල්ල ඉන්නේ... මං නිසා කෙල්ල අසරණ වුණේ.... මට සමාවෙන්න පුතේ ..." ඒ නිකිණිගේ තාත්තා... කොල්ලගේ මුණට ආවේ ලොකු සතුටක්...

    "යන්න පුතේ..."

    "පිං තාත්තේ මගේ කෙල්ලව මට දුන්නට... දෙවිඳු උඹ නම් රත්තරං කොල්ලෙක්..." නෙත්සර දෙවිඳුවත් බදාගෙන එතනින් ගියේ ලද අවසරයෙන් කෙල්ලව බලන්න... ඒ යද්දිත් කෙල්ල කාමරේට වෙලා ජනේලෙන් අහක බලාන ඉන්නවා.... ඉස්සර තිබුන පිරුණු අඟ පසග ඇගේ රුවේ දැන් දකින්නට තිබුණේ නෑ.. මුණත් එක්ක ඇදිලා ගිහිල්ලා... කොල්ලා ටිකක් වෙලා ඒ මූණ දිහා බලාන ඉදලා කතා කරා...

    "මගේ මැණික... කවුරු ගැනද ඔය හැටි කල්පනා කරන්නේ..." කොල්ලගේ කටහඩින් කෙල්ල ගැස්සිලා ගිහිං හැරිලා බැලුවා... ඒ ඇස්වල කදුලු කඩන් වැටුණේ නිමේෂයකින්.. කෙල්ල තවත් බලන් ඉන්නවා...

    "මොනවද බලන්නේ... හීනයක් නෙවේ මැණික... මං ඇවිත් ඉන්නේ..." කොල්ලා අඩියට දෙකට ගිහින් කෙල්ලව තුරුලු කර ගත්තා...

    "නෙත්සර ඇත්තටම මේ හීනයක් නෙවෙයිද මහත්තයෝ.... අනේ දෙයියනේ..." කෙල්ල කොල්ලගේ මුලු මූණම පිස්සුවෙන් වගේ අතගාලා කියනවා...

    "නෑ මැණික හීනයක් නෙවේ... ඔන්න බලන්නකෝ..." කොල්ලා නැවිලා කෙල්ලගේ තොල්වලට හාදුවක් දුන්නේ ටිකක් රිදෙන්නම...

    "දැක්කනේ..."

    "තාත්තා..." කෙල්ලට මතක්වුණේ තාත්තව..

    "තාත්තයි දෙවිඳුයි ඇවිත් කිව්වේ... ඔයා දුක් වින්දේ ඇයි රත්තරං මං නිසා... බලන්න ඔයා හිටියයින් භාගයක්වත් නෑ... දැන් බයවෙන්න එපා මං ඉන්නවනේ... ආදරෙයි මැණික...." කොල්ලා කිව්වේ කෙල්ලව ලයට තද කරගෙන...

    "ආදරෙයි රත්තරනේ...."

    නිමි!!!

    තමන් ආදරය කරන කෙනා ලං කර ගන්න බැරි වුණාම සමහර අයට ඒක දරා ගන්න බැරි වෙනවා.... ඒ නිසයි අද සමාජේ නිතරම සියදිවි නසා ගැනීම් අහන්න දකින්න ලැබෙන්නේ...

    ඒත් මොහොතකට හිතලා බැලුවනම්... කෝච්චියට බෙල්ල තියන්න කලින්... බෙල්ලේ වැල දා ගන්න කලින්... තමන්ගේ පෙම්වතියත් මරලා තමනුත් මැරෙන්න කලින්... තමන්ව ඉපදුනු දවසේ ඉදන් හදා වඩා ගත්ත අම්මා තාත්තා ගැන... ඔය ගන්න තීරණේ ගොඩක් වෙනස් වෙයි...

    රෑට ගෙදර එන්න පරක්කු වුණාම මග බලන ඉන්න දෙමාපියන්ගේ හිත් කොච්චර පිච්චෙනවද... එහෙව් දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ මරණේ බලන්නේ කොහොමද.... ඒ අය මැරි මැරි ජීවත් වෙයි....

    තමන්ගේ දුක නැති කර ගන්න මරණය කරා යෑම සුදුසු යැයි සිතීම මහම මහ මෝඩකමක්... ඒ මෝඩකම නිසාම කල්ප ගණනාවක් විදවන්න සිද්ද වෙයි...

    අදක ඊයෙක හම්බුන ආදරයක් නිසා.. අම්මගෙයි තාත්ගෙයි ආදරේ බාල්දු කරලා නැති කරන්න එපා... ඒ මිනිස්සුන්ගේ ආදරේට වටිනා කමක් දෙන්න....

    ඔයත් නෙත්සර නිකිණි වගේ වෙන්න... ප්‍රශ්න කතා කරලා විසදගන්න උත්සහ කරන්න.. ප්‍රශ්නවලට උත්තර තමන්ගේ ජීවිතෙන්වත්.. අනුන්ගේ ජීවිතවලින්වත් ගන්න උත්සහ කරන්න එපා...
    ඉවසන්න... හදිසි කෝපය ප්‍රශ්නවලට විසදුමක් නෙවෙයි... ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා කියන්නේ කට කහනවට නෙවෙයිනේ ඉතිං...

    මට කියන්න ඕන වුණේ මෙච්චරයි... කතාවෙන් යමක් තේරුම් ගන්න බැරි නම්....
    මං මේ කිව්ව ටික ගැනවත් හිතලා බලන්න....

    බුදුසරණයි...

    හිරෝෂා චාරුනිකා😘😘😘

    (උපුටාගැනීමකි)

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Jul 2017 01:19 AM
    කතාව එක හුස්මට කියවාගෙන ගියා...
    ඉතාමත් සුන්දර මෙන්ම අර්ථවාන්විත කතාවක්...
    සමාජයට මේ වගේ ආදර්ශමත් කතා තිළිණ වෙනවානම් ගොඩක් හොදයි.
    ඒ වගේම මේක අපිත් එක්ක බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි සුපුන් මල්ලී...
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    21 Jul 2017 01:29 AM
    නවකථාව ආයෙත් පටන් අරන් නේද
    හොදයි ඔහොම යං
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Jul 2017 04:09 AM
    කතා පොතේ පපිටු පෙරළිලා නේද ආයෙත්? ස්තූතියි මල්ලි.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    25 Jul 2017 06:01 PM
    අවසාන කතාව නම් නියමයි....තව තවත් දාමු.........
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    04 Aug 2017 07:08 AM

    පුතේ නංගි කතා කරාද...
    නැ අම්මෙ තාත්ත එක්ක එයි අම්මෙ
    අනේ මන්ද පුතේ මට හිතෙනව කෙල්ල ජිවිතේ වරද්ද ගෙන කියල .
    අපි බලමු අම්මෙ....
    මම පහන්... කතාව මේ විදිහට බලමු ..
    සුදාර අපි ගොඩාක් අවාසනාවන්තයි මහත්තයෝ .එහෙම හිතන්න එපා නිලු අපිට වරදින්න විදිහක් නැ දන්නවද......මගේ යාළුවෙක් ඉන්නව අපි එයා ළඟට ගිහින් බලමු..සුදාර නිලු කියන්නෙ මගෙ අම්මයි තාත්තයි කාලයක් ළමයි නැතුව හිටපු ඒදෙන්නගෙ පවුලේ අලුත් සාමාජිකයන් විදිහට මමයි නංගියි දෙන්නම් එන්නෙ අරන් හදා ගත්තු ළමයි දෙන්නෙක් විදිහට නංගි අදටත් මේ ගැන දන්නෙ නැ මම දැන ගන්නෙ තාත්තගෙ අර කියපු යාළුවගෙන්... ඉතාලි ඉදල අවුරුදු 10 ක් ළමයි නැතුව ලංකාව ට එන්න යන අවසන් මොහොතෙ තමයි අපි දෙන්නව අම්මටයි තාත්තටයි හම්බවෙලා තින්නෙ........ඒ තිරිසන් අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි පහත් අසාවන් වල ප්ථිපලයක් විදිහට පෙර කල වාසනාවකට මාවයි නංගිවයි තාත්තටයි අම්මටයි හම්බ වෙන්නෙ

    දුවේ කොහෙද හිටියේ ..
    මමි මම කොහේ ගියත් දැන් ආවනි..
    මම ඇහුවෙ කොහෙද හිටියේ කියල...
    කොහේ හිටිත් මොකද...මම පොඩි ළමයෙක් නෙවෙයි plz කනක් ඇහිල ඉන්න දෙනවද මට.... කමල කෑම එක කාමරේට ගේන්න..
    අඬන්න එපා අම්මෙ අපි එන විදිහට මුහුණ දෙමු ,,
    මොනව මොන විදිහට වෙනස් වුනත් නංගි එන්න එන්න මුරණ්ඩු වුනා මිසක් කවදාවත් අම්ම තාත්ත කියන දේ ඇහුවෙ නෑ ...මට හිතෙන්නෙම නංගිට ළඟදිම වරදිනව...

    මනිශා මෙහ එනව..
    ඇයි අප්ප උදේම කරදර කරන්නෙ ...
    #චටාස්.... තාත්තගෙ කම්මුල් පහරේ සද්දයට මමත් අම්මත් කමල අම්මත් තුශ්නිම් භූත වි නංගිගෙ මුහුණ දෙස බලා සිටියෙම් ..
    මොකද මට ගහන්නෙ....
    ගහන්නෙ
    තෝ බැල්ලි මොකක්ද අර කරල තිින වැඩේ
    මොකක්ද කිව්වෙ
    වැරැද්ද කරල තවත් කියවනවද..
    මොකක්ද කියන්නෙ ඔයාට කොහෙන්ද මට අත
    උස්සන්න හයියක් ආවේ...තමුසෙ මගේ කවුද
    පො.......
    නංගිගෙ ඒ වචනයට තාත්තට එතනම ඉන්දවුනි
    තවත් නංගිට දැන ගැන්මට දෙයක් ඉතිරි වි නැත..
    ඇය තාත්තාගේ company එකෙන් කෝටි 5මුදලක්
    තමාගේ නමවත් දිිමට අකමැති වු තිරිසන් යුවලටලබා දිි තිබුනි....
    යන්න එපා දුව අනේ යන්න එපා...මවගේ ඇවිටිලි
    කනකට නොගත් ඇය... යන්නට සැරසෙන විට
    ඇයගේ අතින් මව ඇද්දාය...නමුත් මෙතුවක් කල්
    තමා බලාගත් ගැහැනිය කියාවත් නොබලා ඇය
    මව තල්ලු කර දැමුවාය.......මම දැනට හිරේට නියම වී දස වසරක් ....ඒ.තමාගේ නැගනිය ගෙල මිරිකා මැරිිමේ වරදට...

    By - shalika

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    04 Aug 2017 07:11 AM

    රුචිර සඳකැන් කියන්නේ දුප්පත් අහිංසක කොල්ලෙක්. උසස් පෙල වලට ලොකු ඉස්කෝලෙකට ආවේ රුචිරගේ රිසාල්ට් හොඳ නිසා. ළමයට උගන්නන්න ඕනී නිසා රුචිරගේ අම්මයි තාත්තයි ගොඩක් දුක් වින්දාලා සල්ලි හොයලා රුචිරගේ ඉගෙනීමේ වැඩ වලට යෙදෙව්වා.

    උසස් පෙලට ආපු දවස් වල ඉඳන්ම රුචිර ගොඩක් හොදින් ඉගෙනීමේ වැඩ වලට උනන්දු වුණා. ඒ නිසාම හැම ගුරුවරයෙක්ම රුචිරට ගොඩක් ආදරෙයි.

    ටික කාලයක් ගත වුණා .....
    කොච්චර කීකරු උනත් හොදට ඉගෙන ගත්තත් රුචිරටත් ආදරේ කියන හැගීම දැනුනා. මොකද එයත් හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්නේ. රුචිරට එයාගේ ආදරේ මුණ ගැහෙන්නේ ඉස්කෝලෙදිමයී. ඒ ස්පෝට් මීට් එකේදී.

    රුචිරට ඉගෙන ගන්න වගේම හොදට ක්‍රීඩා කරන්නත් පුළුවන්. රුචිර running events තමා වැඩිපුර කරේ. මීට් එක දවසේ දුවද්දී රුචිර වැටුණා. ඇත්තටම වැටුණා නෙමෙයි වැට්ටුවා. හැම තැනකදීම වෙන්නේ හොදට වැඩ පුළුවන් දක්ෂයාව කකුලෙන් අදින එකනේ.

    "අම්මෝ... මගේ කකුල...ඌයී... රිදෙනවා..."
    රුචිර දණහිස අල්ලාගෙන කෑ ගහනවා.

    "චුට්ටක් ඉවසන්න ..... තව ටිකකින් දැවිල්ල අඩු වෙයී. දැන්ම තුවාලේ තෙමන්න එපා."
    සකුණී තුවාලෙට බෙහෙත් දාන ගමන් කිව්වා.එදා ප්‍රථමාධාර ඒකකය භාරව හිටියේ සකුණී.

    රුචිර තුවාලේ වේදනාවෙන් කෙදිරි ගෑවා. සකුණී ඒ දිහා දුකෙන් වගේ බලාගෙන හිටියා.

    _________________________

    "ස්.....ස්...."
    රුචිරව දැකපු සකුණී ගොඩක් සතුටින් කතා කරා.

    රුචිර වට පිට බැලුවා කවුද කියලා. එතකොට තමා දැක්කේ සකුණී වෙරලූ ගහ යට ඉන්නවා.

    "අහ්... මේ මට එදා බෙහෙත් දාපූ පුංචි දොස්තර නෝනනේ..."

    "ඉතින් කියන්නකෝ දැන් හොදද..?"

    "නැතුව ඉතින් දැන් හොදයි... පුංචි දොස්තර නෝනට ගොඩක් පිං"

    "ම්ම්ම්....අනේ... මං පුංචි දොස්තර කෙනෙක් වෙලා නෑනේ. ඒක හීනයක්..... මං සකුණී.. එතකොට ඔයා රුචිර ..."

    "සකුණී.. ලස්සන නමක් .. එතකොට දොස්තර නෝනා මගේ නම දන්නේ කොහොමද ..?"

    "ඇයී ඉතින් ..... එදා ඔයා දුවද්දී කොල්ලෝ ඔයාගේ නම කියලා හයියෙන් කෑ ගැහුවනේ.."

    "අහ්... ඒකත් එහෙමයි... එතකොට දොස්තර නෝනා මොකක්ද අර හීනයක කතාවක් කිව්වේ.. මට පැහැදිලි නෑ.."
    රුචිර ටිකක් ඇස් ලොකු කරලා ඔලූව වනලා ඇහුවා.

    "අහ්... ඒක මගේ ලැබීම රුචිර ..ඔයා library එකට යන්න නේද ආවේ . මං නිසා ඔයාගේ කාලෙත් නාස්ති වෙනවා." සකුණී ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගෙන කිව්වා.

    "හ්ම්ම් ... ඒත් ....
    රුචිරට කියාගෙන ආපු දේ සම්පූර්ණ කරන්න බැරි වුණා.

    "මං දන්නවා රුචිර. මාත් උත්සාහ කරනවා මගේ ලැබීම වෙනස් කරන්න. එහෙම කරන්න මේ කපේට මට බෑ.මං යනවා.බායී"
    සකුණී එහෙම කියලා යන්න ගියා.

    රුචිර පුස්තකාලෙට නොගිහින් ආපහු පංතියට ගියා.

    "අම්මේ..... මෙන්න අපේ අලුත්ම අනංගයා ...සාදරයෙන් පිළිගන්නවා"
    යාලුවෝ ටික රුචිර එල්දී විහිළුවට නැගිටලා එක එක ඒවා කිව්වා.

    "කවුද අනංගයා ... දැන් උබලා ඔය මටද අනංගයා කියන්නේ ..."

    "නැතුව ඉතින් ... දැන් අපි ගිහින් සකූ එක්ක මල් කැඩුවයී... බලපල්ලකො බං"

    "අනේ.. උබලට පිස්සුද බං.. එදා බෙහෙත් දැම්ම එකට මං තෑන්ක් කලා එච්චරයි."

    "හා හා .. අපි දැනට එහෙම හිතමුකෝ නෙහ්...."
    "මචෝ... ඔය අත්ත අල්ල ගත්තා වගේ නෙමෙයි.පස්සේ දුක් වෙන්න වෙයි ඈ.. නේද බං..."
    "හුම් හුම්...."

    "අයියෝ.... එහෙම දෙයක් නෑ බං.. තේරුම් ගනින්කෝ.."
    _____________________________

    රුචිර ස්කෝලෙ ඇරිලා බෝඩිමට ගිහින් නාලා කාලා පොඩ්ඩක් ඇදට ගියා. රුචිරට මතක් වුණේ සකුණිව. කෙල්ල හරි පරිස්සමට බෙහෙත් දාපු විදිය. අද දවල් ඉස්කෝලෙදි ඇස් දිහාම බලන් කතා කරපූ විදිය. රුචිරට ලස්සනට මැවිලා පෙනුනා.අද යාලුවෝ කියපුවා.රුචිර මේ හැම දේ දිහාම ආයෙත් හොදින් බලලා හිතුවා........ "අද කොල්ලෝ කියපු විදිහට නම් කෙල්ල වැදගත් සල්ලිකාර පවුලක වගේ. ඒත් ඒ ඇස් වල ලොකූ දුකක් තිබුණා. ඒත් ඇයී... එයාට හැම දේම තියෙනවා. සතුටින් ඉන්න පුළුවන්නේ. අනික මොකක්ද එයාගේ ලැබීම...... සල්ලිකාර පවුලක ඉපදුණ එකද ?? අපිට නම් සල්ලි වල අගේ හොදට දැනෙනවා. අම්මයී අප්පච්චී කොච්චර නං කියලා දුක් විදිනවද.. එහෙම බැලුවම සකුණීයී මායී අහසට පොලොව වගේ..ඒත් ඒ කෙල්ලගේ දුක මට නිවන්න පුළුවන් නම් .... නෑ නෑ මං කොහොමද එහෙම කරන්නේ ... මට එයාට ලං වෙන්න බෑ.එයා මට ගොඩක් දුරයි. නෑ නෑ... මට එහෙම හිතන්නවත් අයිතියක් නෑ. එයාගේ දුක අහන්න දුක කියන්න කෙනෙක් දැනටමත් ඇතී. මං මොකට හිතනවද මේවා .... ඔන්න ඔහේ මගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නවා." රුචිර ඇදට වෙලා ගොඩක් වෙලා කල්පනා කරා. දන්නෙම නැතුව වෙලාවත් ගිහින්. ටිකක් පාඩම් කරන්න ලෑස්ති වුණා. A/L ත් දැන් ලගයිනේ.

    ______________________________
    සෙනසුරාදා clz ඇරලා යද්දී රුචිර දැක්කා සුදු පාට කාර් එකකින් සකුණි බැහැලා පුස්තකාලේ දිහාවට යනවා. ඒත් එක්කම පිටි පස්සෙන් අවුරුදු විස්සක වගේ උස පිරිමි ළමයෙක් සකුණිව පුස්තකාලෙට ඇරලලා කාර් එකත් අරං ඉගිලිලා ගියා.හැමදේම බලාගෙන හිටපු රුචිරත් පුස්තකාලෙට ගියා. රුචිර දැක්කා සකුණී නවකතා පොත් තියෙන හරියේ පොතක් පෙරලන් කියවනවා.

    "exam අත ළඟ තියාගෙන ළමයා දැන් novel කියවනවද ....?"

    රුචිර , සකුණි ගාවට ගහින් සකුණී දිහාට පහත් වෙලා ඇහුවා.

    "රුචිර ඔයා....... ඔයත් පුස්තකාලෙද හිටියේ..."

    "නෑ.. මං ඔයා එනවා දැකලයී ආවේ ... කවුද අර ඔයා එක්කන් ආවේ අයියද.?"

    "නෑ"
    සකුණී රුචිරගේ මූණ දිහා බලාගෙන හිටියේ හරියට පූස් පැටියෙක් වගේ.
    "ඒ....මං.. marry කරන්න ඉන්න කෙනා."

    "මොකක් ... marry කරන්න ඉන්න කෙනා .."
    රුචිර ඇස් ලොකු කරලා ඇහුවා.

    "ඔවු රුචිර. අපි යමුකෝ අතනට."
    සකුණී හෝල් එකේ කෙරවලේම තිබුණු මේසේට ගිහින් ඉද ගත්තා. රුචිරත් සකුණිගේ පස්සෙන්ම ගිහින් සකුණී ගාවින්ම ඉඳගත්තා.
    "ඔයා කැමතිද රුචිර මගේ කතාව අහන්න....?"

    "හ්ම්ම් .. කියන්න..."
    සකුණී ලොකූ හුස්මක් අරං එයාගේ කතාව පටන් ගත්තා.

    "මං ඉපදුණේ ලොකූ බූදලේක අයිතිවාසිකම් කියාගෙන. අපේ තාත්ති බිස්නස් කරන්නේ. අනාගතේ දවසක ඒ බිස්නස් මට බලාගන්න වෙන්නේ. අම්මා ගෙදරට වෙලා ඉන්නේ.අම්මිට ටිකක් අසනීපයි. අම්මිටයී තාත්තිටයී ඉන්නේ මං විතරයි. එයාලා මාව ආරක්ෂා කරන්න හැම දේම කරලයි තියෙන්නේ.ඒත් මට මොන දේ ලැබුණත් එයාලගේ ආදරේ ලැබුණේ නෑ රුචිර. තාත්තී ගෙදර එද්දී හුඟක් රෑ වෙනවා. අම්මිට අසනීප නිසා එයා ගන්න බෙහෙත් වලට නින්ද යනවා. මට ගෙදර ගියාම කතා කරන්න කියලා ඉන්නේ මැගී අම්මා විතරයි.ඒ අපේ වැඩට ඉන්න කෙන. මං වැඩිපුර කරන්නේ fb යන එක. ඒත් මං පාඩම් වැඩ මගහැරියේ නෑ. මං කොහොම කොච්චර ඉගෙන ගත්තත් A/L වලින් පස්සෙ ඒ හැම දේම ඉවරයි. "
    සකුණී ලොකූ හුස්මක් ගත්තා.

    "හැම දේම ඉවරයි කිව්වේ...."
    මෙච්චර වෙලා නිහඩව කතාව අහන් හිටිය රුචිර ඇහුවා.

    "හැම දේම ඉවර වෙන්නේ මෙහෙමයි. අද මාත් එක්ක ආවේ මගේ අයියා නෙමේ. මගේ අනාගත හස්බන්ඩ්.හර්ෂ දෙනුවන් සූරියබණ්ඩාර.තාත්තිගේ හොදම යැලුවගේ පුතා.A/L ඉවර වුණ ගමන් මගෙයි එයාගෙයි වෙඩින් එකට හැම දේම ලෑස්ති කරලා තියෙන්නේ. මං ඒ දේවල් වලට කැමති නෑ රුචිර. ඒත් එයාලා මං කියන කිසිම දෙයක් අහන්නේ නෑ. මං ආසයි කැම්පස් යන්න. ඩොක්ටර් කෙනෙක් වෙන්න.ඒත් ඒවට මට ඉඩක් නෑ. ඒකයී එදා මං ඔයාට කිවාවේ. ඒ අතින් ඔයාලා කොච්චර වාසනාවන්තද.... මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ රුචිර.මං හැමදාම ප්‍රාර්ථනා කරේ සරල බුද්ධිමත් ඔයා වගේ කොල්ලෙක් එක්ක ජීවත් වෙන්න. මං එච්චර පින් කරලා නෑ. දේපල බිස්නස් මත අපේ ජීවිත දුවන්නේ. තාත්තීට ඕනී කෙනයී මං මැරි කරන්න ඕන."
    සකුණී ඇස් වල කදුලු පුරවන් ඈත බලාගෙන හිටියා. රුචිර ඒ කම්මුල් දිගේම පහලට ගලාගෙන යන කදුලක් හරි පරිස්සමට පිහිදාලා සකුණිගේ අත් දෙකෙන්ම හයියෙන් අල්ල ගත්තා.

    "සකූ... මං දුප්පත් කොල්ලෙක් හරියට කන්න අදින්නවත් අපට වත්කමක් නෑ. ඒ අතින් ඔයා කොච්චර වාසනාවන්තද.. ලැබුණු දෙයින් සතුටු වෙන්න. ඔයාට වරදින්නේ නෑ. ඔයාගේ හිත හොදයි."

    "රුචිර ඔයාට බැරිද මට ආදරේ කරන්න ..."
    රුචිර ගල් ගැහිලා වගේ බලන් හිටියා.

    "බෑ සකූ.. අපි අහසට පොලොව වගේ. ඔයාගේ තාත්තා මේ දුප්පත් කොල්ලට කවදාවත් කැමති වෙන්නේ නෑ. ඒ දැන දැන ඇයී අපි ලං වෙලා දුක් විදින්නේ.."

    "plzzzzzz රුචිර.... මං එක්ක ඉන්නකෝ. මට ඕනී වගේ කෙනෙක්.ඔයා දැක්ක මුල් දවසෙමයී මට ඔයා හොදයි කියලා හිතුනේ සල්ලිකාරයෙක් මට එපා රුචිර...."

    "ඔයාට සල්ලී වල වටිනාකම දැනෙන්නේ නෑ සකූ.. ඔයා මං ගාවට අරං ඔයාට දුක දෙන්න බෑ මට.අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඔයාට ඒ දුක විදින්න බෑ. එහෙම ඔයාට පුරුදුත් නෑ. අපිට ලැබෙන දේ අපිට බාර ගන්න වෙනවා. ඒ දේ දුකක් වුණත් සතුටක් වුණත්. ඔයා එයාට ආදරේ කරන්න දෙන්නම බිස්නස් එකේ වැඩ එකතු වෙලා කරන්න. ඒත් එක දෙයක් .... ඔයාගේ චූටි පැටව්න්ට ඔයාගේ ඉරණම අත් වෙන්න දෙන්න එපා.සකූ...... I love you...."

    "I love you too"
    ඒ ඇස් එකිනෙකට විනාඩි ගානක් ආදරේ විදගත්තා. ඇස් වලින් කතා වුණ ආදරේ කතා සකුගේ ඇස් වලින් කදුලු වෙලා ගලාගෙන ගියා.

    "අඩන්න එපා සකූ...."

    "අනේ ඇයී... රුචිර මට ඔයාගේ වෙන්න බැරි ?"

    "අපි ඒ ගැන තවත් කතා නොකර ඉමූ. අපි ආයේ කවමදාකවත් මේ ගැන කතා නොකර ඉමූ.මං යන්නම්.. ඔයා එක්ක කතා කරන්න ලැබුණු එකත් මට ලොකු සතුටක් සකූ.... තෙරුවන් සරණයි. පරිස්සමෙන් යන්න."
    රුචිර දුක හංගගෙන මූණට හිනාවක් අරං කිව්වා.

    "මගේ කතාව අහං හිටියට ඔයාට ගොඩක් පිං. මගේ හිතට නිදහසක් දැනෙනවා. ඔයත් පරිස්සමෙන් යන්න. තෙරුවන් සරණයි රුචිර."
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    රුචිර බෝඩිමට ආපු ගමන් කල්පනාවට වැටුණා.
    "මට ඔයාගේ දුක නොතේරෙනවා නෙමෙයි සකූ. මට ඔයාට ආදරේ කරන්න බැරි කමක් නෑ. දැනටමත් මගේ හිත ඔයා ගැන හිතනවා.ඒත් කවදාවත් ඉටු කරගන්න බැරි හීන දැකලා අන්තිමට දුක් වෙන්න බෑ සකූ. මට මගේ රත්ත්රන් අම්මට තාත්තට බොරු කරන්න බෑ. එයාලගේ සල්ලී නාස්ති කරන්න බෑ. මං කවුද සකූ ඔයාට ලං වෙන්න... මට එහෙම හිතන්නවත් අයිතියක් නෑ. දුප්පත් අපිට ඔයාලා වගේ සල්ලිකාර අය ගැලපෙන්නෙත් නෑ. සමාවෙන්න සකූ. ඔයාව අයිති වෙන කෙනෙක්ට. ජීවිතේ අපි හිතන තරම් ලේසි නෑ. අපිට ඕන දේ අපිට ලැබෙන්නේ නෑ. අහසයි පොලොවයී කවදාවත් එක් වෙන්නේ නෑ. ක්ෂිතිජය මායාවක්. ඒක රැවටීමක්.........."

    එදා එයාලා scl එන අන්තිම දවස. හැමෝම ගොඩක් දුකින් අවුරුදු 13 තිස්සේ ආපු පාසල් ජීවිතයට සමුදෙන වෙලාව.. ගොඩක් හැගීම්බර මොහොතක් ....

    "රුචිර ...."

    "සකුණී...."

    "ආයෙම අපි කවදාකවත් මුණගැහෙන එකක් නෑ නේද.... හ්ම්ම් .. ඔයාගේ අනාගතයට මම සුබ පතනවා."

    "thank you සකූ.. ඔයාගේ ඉදිරි අනාගතයත් සුබම වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා."

    එතනින් පස්සේ A/L රුචිරයී සකුණී දෙන්නම කැම්පස් යන්න හොදට පාස් වෙනවා. රුචිර කැම්පස් ගියත් සකුණීට ගෙදරින් කැම්පස් යන්න දුන්නේ නෑ...
    ______________________________
    වසර 10කට පසු............

    රුචිර දැන් ඩොක්ටර් කෙනෙක්. එයා එකම එක වතාවක් හිතින් ආයෙත් අතීතයට ගියා. රුචිරට මතක් වුණේ සකුණිව."සකූ දැන් marry කරලත් ඇති. මේ හිත මොකට තවත් පරණ දේවල් අවුස්සනවද මන්දා..." රුචිර එයාගේ autograph එක අරං පෙරලුවා සකුණී හරි ලස්සනට බෝල අකුරින් ලියලා තිබුණ නිසඳැස කියෙව්වා.

    කඳුලැල් මට දෙන්න - හසරැල්ල නුඹ ගන්න
    නුඹේ හසකැන් තරම් - මට කිසිත් අගේ නෑ
    ලතැවිල්ල මට දෙන්න - සැනසිල්ල නුඹ ගන්න
    නුඹේ සැනසුම මිසක් - පතන්නට දෙයක් නෑ
    ජීවිතය නුඹ ගන්න - මතකය විතරක් දෙන්න
    අපේ මතකය තරම් - සොඳුරු වෙන කිසිත් නෑ
    හෙට දවස නුඹ ගන්න - අතීතය මට දෙන්න
    නුඹේ හෙට දවස මිස - මට කියා හෙටක් නෑ
    මට යන්න ඉඩ දෙන්න - මුළු ලොවම නුඹ ගන්න
    ජීවිතය මට දුන්න - නුඹෙන් තොර ලොවක් නෑ

    "ඒ අතිතය කොච්චර සුන්දරද...."රුචිර මොහොතකට කල්පනා කරා. එතකොටම කවුදෝ ඇවිත් දොරට ගහන සද්දයක් ඇහුණා. රුචිර ඉක්මනට ගිහින් දොර ඇරියා.

    "අනේ... ඩොක්ටර් මගේ දරුවා හොදටම උණ ... අනේ ඩොක්ටර් මට පිහිට වෙන්න...."
    රුචිර දොර ඇරපු ගමන් දැක්ක දෙයින් පුදුම වුණා. අවුරුදු 10කට විතර පස්සේ සකුණී එයාගේ ඇස් ඉස්සරහා දරුවත් එක්ක රුචිර කවදාවත් බලාපොරොත්තු නොවූ මොහොතක්. සකුණීටත් ඇස් අදහා ගන්න බැරි වුණා.රුචිර ඉක්මනටම එයාලගේ ගෙදරට යාබදව ඉදිකෙරුණු කුඩා ඩිස්පෙන්සරියට සකුණිව එක්කරගෙන ගිහින් බබාට බෙහෙත් දුන්නා.
    "ගොඩක් පින්."
    "සකූ දරුවට බෙහෙත් ටික පොවාගෙනම යන්න.ඉන්න මං වතුර ටිකක් අරං එන්නම්."
    රුචිර වතුර ගෙනැල්ලා බබාට එයා අතින්ම බෙහෙත් පෙව්වා.
    "ඇයී සකූ ඔයා මෙහෙම ... කෝ හස්බන්ඩ් .. එයට කෝල් එකක් දීලා වාහනේ ගෙන්නගෙන යන්න.බබාටත් උණනේ."

    සකුණිගේ ඇස්වලින් කදුලු සට සට ගාලා වැටුණා.
    "ඇයී සකූ... ඇයී මේ.."
    රුචිර සකුණිගේ උරහිසින් අල්ලාගෙන ඇහුවා.
    "මොන හස්බන්ඩ්ද රුචිර... හැමදාමත් වගේ මං අදත් තනි වෙලා තමයි රුචිර..."
    සකුණී බබාවත් තුරුල් කරන් හයියෙන් ඇඩුවා.
    "අනේ සකුණී.... මොනවද මේ කියන්නේ .... මොකක්ද වුණේ ... බබාව ඇදෙන් තියන්න සකූ දැන් බෙහෙත් වලට නින්ද යයි. මට කියන්න මොනවද වුණේ .....?"
    සකුණී බබාව ඇදෙන් තියලා හයියෙන් ඇඩුවා.
    "මං තනි වුණා රුචිර. තාත්තිගේ බිස්නස් ඔක්කොම අවුල් වුණා. තාත්තී බංකොලොත් වුණා. අම්මි අපිව දාලා ගියා.දැන් තාත්තිටත් සනීප නෑ.."
    "එතකොට ඔයාගේ හස්බන්ඩ් ...?"
    "ඌ මට ආදරේ කරේ නෑ රුචිය තාත්තිගේ බිස්නස් වලටයි ආදරේ කරේ. තාත්තිගේ බිස්නස් නැති වුණාම බලෙන්ම ඩිවෝස් වුණා. අන්තිමට මට ඉතිරි වුණේ මේ දරු පැටියා විතරයි. මං පොඩි ෂොප් එකක වැඩ කරලා තාත්ති මගේ පොඩි පුතයී ජීවත් කරනවා. ඔයා නම් ඔයාගේ හීනෙට ගිහින්.මට සතුටුයි රුචිර ඒකට....... ගොඩක් පරක්කු වුණා රුචිර මං යන්නම්."

    "සකූ.........ඉන්න ........"
    "ඇයී රුචිර ...?"
    රුචිර සකුණිගේ අතින් ඇදලා අරං පපුවට තුරුල් කර ගත්තා.
    "සකු..... මෙහෙම හැමදාමත් ඉන්න. ඔයා ඔය ඉන්න තත්වේ මට ප්‍රශ්නයක් නෙමෙයි. plzzzz ඔයා හෙව්වේ මං වගේ කෙනෙක් කිව්වා නේද... දැන් මං ඉන්නවා ඔයා ලග..... ඉන්නවා නේද මාත් එක්ක ම්ම්ම්...."

    "රුචිර ඔය ඇත්තමද .... හීනයක්ද මේ රුචිර ....."

    "හීනයක් නෙමෙයි රත්තරන් .... "

    "ඔයාට ගොඩක් පිං රුචිර..."

    "පින් එපා ඔය මුණේ හැමදාමත් හිනාව විතරක් තිබුණොත් ඇති. මේ දරු පැටියත් දැන් මගේ. ඔයත් මගේ. ආදරෙයි සකු"

    රුචිර එයාගේ ප්‍රථම හාදුව සකුණිගේ දෙතොල් අතර රැදෙව්වා........
    ______________________________
    ආදරේ කියන්නේ හිමිකර ගැනීමම නෙමෙයි.ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. ආදරේට ආදරේ කරන්න.කවදමහරි ඔයාට සත්‍ය ආදරය මුණගැසේවී.එතකල් ඉන්න. තෙරුවන් සරණයි.

    By - පූර්ණී අචලා

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    04 Aug 2017 07:14 AM
    පෝන් එක හෝ ගාල රිං වෙනවා..මොකාද මෙ උදෙ පාන්දර කෝල් කරපු එකාගෙ අම්ම තාත්ත මතක් කරගෙනම පෝන් එක කනෙ තියාගත්තෙ කට් කරන්න කට් කරන්න කෝල්ස් එක දිගටම ගන්න නිසා...
    හෙලෝ
    හෙලො කව්ද මෙ
    පහන් පහන් මෙ ඔයා නෙද
    එ කටහඩ අදුරගන්න මට මහලොකුවෙලාවක් ගියෙ නෑ..මගෙ නිදිමතත් කොහෙදො මන්දා ගිහිං මමත් දන් නැතුවම මම ඇඩ්ජෙ ඉන්ද උනා..
    වින්දි වින්දි ඔයා ඇයි මෙ කලබලෙන් කියන්න මොකක් හරි කරදරයක්වත්ද
    අනෙ පහන් මට ඔයා හරි ඉක්මනට හම්බෙන්න ඕනි ඔයාට පුලුවන්ද
    ඇයි මොකො ම්ම්ම්ම්
    අනෙ ආවම කියන්නම් ඔයා එනවද කියන්න
    හරි හරි වින්දි මම් හෙට උදෙන්ම එන්නම්
    හරි එහෙනම් මං බලන් ඉන්නවා බුදු සරණයි...
    මං උත්තරයක් දෙන්නත් කලින්ම වින්දින්පෝඔන් එක කට් කරලා..එයාට මොකක් හරි කරදරයක් වෙන්න්න ඇති ඒකනෙ මට හදිස්සෙන්ම කෝල් කලෙ එ ගැන හිත හිතම මම කෝල් කරල කොහොමහරි හෙට උදේම තියෙන ප්ලයිට් එකක් බුක් කර ගත්තා ලංකාවට යන්න...මම එපා කියල දාල ආව ලංකාව ආයෙපය තොයන් නෑ කියල හිතපු ලක්කාවටම මම ආයෙ යනවා...ඒ වින්දි නිසා..ලංකාවෙන් ආවෙත් මං එයා නිසා..ෆ්ලයිට් එකට නැගලත් මම කල්පනා කලෙ ඒ ගැන.
    ×××××××××××××××××××××××××××××××××××××××
    මම පහන් තත්ති බිස්නස් කලෙ..අම්මිගෙයි තාත්තිගෙයි මුලු ලෝකෙම උනෙ මං..එයාල තරම් ආදරෙන් සමගියෙන් ඉදපු පවුලක් මම දැකලවත් තිබ්බෙ නෑ.ඒතරම් අපෙ ගෙදර ආදරෙ පිරිලා..තාත්තිට සල්ලි තිබ්බ නිසාම මාවත් ප්‍රයිවට් කැම්පස් එකකට යවල මට හොදට ඉගැන්නුවා..කැම්පස් එකෙ ඉදපු දගයත් මං තමා..ඒ නිසා මට යාලුවන්ගෙන් අඩුවක් උන් නෑ...අලුතෙන් ආපු බැජ් එකෙහිටියා හරි ලස්සන කෙල්ලක්.දැක්ක ගමන්ම මගෙ හිත එයාට ගියා.මම කෙල්ලට ලගට අඩගැහුවා..නම විස්තර එහෙම අහ ගත්තා.වින්දි ලස්සන නමක්..නම වගෙම තමා කෙල්ලත් හරිම ලස්සනයි.මම එයාට කැමති කියලා කැම්පස් එකටම ආරංචිවෙලයි තිබ්බෙ..මට එහෙම කෙල්ලො ඉදලත් නෑ මම කෙල්ලො පස්සෙ ගිහිනුත්නැති නිසා කොල්ලො ටිකත් බොක්කෙන්ම මට සප් එක දුන්නා..එයාව රැග් කරන්න යන හැම වෙලාවකම මම එයාව බේර ගත්තා..ඔහොම ගිහින් ටිකකාලෙකින් මම වින්දිව දා ගත්තා...මමගෙ පලමු ප්‍රේමෙ මං බොක්කෙම්ම කල..කෙල්ලත් එහෙමයි මට පන ඇරලා..කෙල්ලට අම්ම නෑ තාත්තා විතරයි ඉදියෙ.එයාගෙ තාත්තත් බිස්නස්මන් කෙනෙක්..අම්ම නැති උන දවසෙ ඉදන් කෙල්ලව බලන් තියෙන්නෙ තාත්තා...අපෙ ආදරෙ හරිම ල්ස්සනට ගලන් ගියා පුන්චිපුන්චි රන්ඩු ඒ ආදරෙ තවත් වැඩි කලා..
    දවසක් මහෙ පෝන් එකට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් ආවා...මං ඒ දවසට් අදටත් වයිර කරනවා..මහෙ හැමදෙම එ එක තප්පරෙන් විනාස උනා..හෙලො මෙ මිස්ටර් ගජසිංහගෙ පුතා නේද අම්මයි තාත්තයි පොඩි ඇක්සිඩන්ටෙකක් වෙලාපුලුවන් තරම් ඉක්ම්නට ජෙනරල් හොස්පිට්ල් එකට එන්න..මට් එ වෙලාවෙ මොනා උනාද මතක නෑ ඇදන් ඉදපු ඇදුම් පිටින්ම මම හොස්පිට්ලෙකට ගියා මම යද්දි මගෙ රත්තරං අම්මයි තාත්තයි මෙ මාව තනිකරලා දාල යන්න ගිහින් මම ඇඩුවා දවස් ගානක් නොකා නොබී ඇඩුවා එයාල නැති පාලුව දරා ගන්න මට බැරි උනා....වින්ඩිපුලුවන් විදියට ඇවිත් මාව සැනසුවා...ඒ අතරෙ තාත්ත ගත්ත බෑන්ක් ලෝන් එහෙකට අපෙ බිස්නස් ඔක්කොම සින්න උනා...වින්ඩිගෙ තත්තා උනත් මට කිව්වෙ අම්මා අප්පා නැති අනාතයෙක්ට එයාගෙ දුව දෙන්න බෑ කියලා..මම අසරන උනා හොදටම හැමදේම නැති උනා පන වගෙ ඉදපු කෙල්ලත් නැති උනා..වින්දිනම් හැමවෙලාවෙම කිව්වෙ මොන දුක හරි විදන් එයා මං එක්ක ඉන්නම් එයාව කොහෙ හරි එක්කන් යන්න කියලා.මට මගෙ සුරංගනාවි එහම් අරන් ගිහින් දුකක් දෙන්න බෑ.අනික අම්මත් නැතිව කෙල්ල බලා ගත්ත තාත්ටතට දුකක් දෙන්නත් මට බෑ ඒ නිසාමයි මම වින්දිව වදෙන් පොරෙන් එයාගෙ තාත්ත හොයපු සල්ලිකාර මනමාලය ශෙහාන්ට කැමති කරව ගත්තෙ...මං අනාතයෙක් වගෙ මෙ රටෙ ජීවත් වෙන්න කැමති උනෙ නෑ...එ නිසා මම කලෙ මට තිබුන ඔක්කොම දේවල් විකුනල දාල ඕස්ට්‍රෙලිය ගිය එක..
    ********-------**-******************************-
    ලංකාවට ඇවිත් හොටෙල් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඉස්සෙල්ලම කලෙ වින්ඩ මීට් වෙන්න තැනක් දා ගත්ත එක..වෙනදා අපි මීට් වෙන කොෆිශොප් එක ලගට එයා එනව කියපු නිසා මමත් ලෑස්තිවෙලා ගිහින් එයා එනකන් බලන් ඉදියා...වින්දි මගෙ ලගට එනකන්ම මට අදුර ගන්න බැරි උනා..දෙවියනෙ කෙල්ල හොදටම වැහැරිලා ගිහින් ලස්සනට ඉදපු කෙල්ල ඇදිල ගිහින්.මම මටම හිතෙන්ශාප කර ගත්තා මම නිසානෙ අද මෙ කෙල්ල මෙම දුදින්නෙ කියලා..වාඩි වෙන්න වින්දිඇයි මෙ..ඔයා හොදටම දුක් විදල රත්තරං ඇයි මේ හදිස්සියෙන් මට එන්න කිව්වෙ.....අම්මි අම්මි මට චොක්ලට් කේක් ඕනි අයිස් කොෆි එක්ක..සුරංගනාවියක් වගෙ ලස්සන බබෙක් වින්දිගෙ අතෙ එල්ලිලා ඉන්නව දැක්කෙ එවෙලාවෙ..වින්දි ලස්සන බබෙක් ඔයාගෙද..හ්ම්ම් ඔව්..සුදු දෝනි කො එන්න පැටියො මගෙ ලගට මම දෝනිට අයිස් කොෆි එක්ක චොක්ලට් කේක් අරන් දෙන්නම්..මට දෝනි නම කියන්නකො බබාගෙ..පහන්‍යා කෙල්ල ගොත ගගහ නම කියද්දි මට ආදරෙත් හිතුනා..ඔයා වගෙමයි වින්දි ඔයාට මතකද ඔහොමයි චික්ල්ට කේක් කාල අයිස් කොෆි බොන්න මං එක්ක රන්ඩු කරනවා..
    ඒ අතීතෙ මතක් වෙලා අපි දෙන්නටම ඇඩුනා..මට ඕන උනෙ නෑ වින්දි අඩනවා දකින්න මම ඉක්ම්නට කතාව මාරු කලා ඔන්න ඔන්න ඉතින් ටැප් එක අරිනව.මට කියන්නකො ඇයි මෙ එන්න කිව්වෙ....
    මෙකයි පහන් ඔයා දන්නවනෙ ශෙහාන් මං මැරි කරපු කෙනා.එයා එයා එච්චර හොද කෙනෙක් නෙවෙ ඩ්‍රග්ස් ගන්නවා තාත්ති දන්නෙ නැතුවනෙ මාව එයාට බන්දලා දුන්නෙ..එදා ඉදන් මං නොවිදිනා දුක් වින්දා..මං තාත්තිට කිව්වෙ නෑ..එයාට එ ගැන ආරංචි උනහම එයා ඒ ගැන හිතලම අසනීපවෙලා මාවත් තනි කරලම යන්න ගියා.මං තනි උනා..මැරෙන්න හිතුනා එහෙම කරගන්න හිත හිත හිත ඉද්දි තමා මගෙ බඩට දරු පැටියෙක් ඇවිත් කියල දැන ගත්තෙ..එ නොදැකපු දරුව වෙනුවෙන් මං ජීවත් වෙන්න හිතා ගත්තා..මගෙ සුදු දෝනි ඉපදුනහම මම පුදුම විදියට සතුටු උනා..එයා උනත් දරුවට වැඩිය වෙනස්කම් කලෙ නෑ..ඒත් ඊයෙ එයා ගෙදර ආවෙ යක්ශයෙක් වගෙ වෙලා..එයාට ඕනි උනෙ අපෙ දූව මොකෙක්ට හරි දෙන්න එහෙම නැත්නම්.මරලා දාන්න..මු මොන පිස්සෙක්ද තමන්ගෙ දරුවට ඔහොම කරන්න පුලුවන්ද තාත්තා කෙනෙක්ට.ඔව් පහන් ඒකම තමා ප්‍රශ්නෙ එයාට බබාල නෑ එයාට බබාල හදන්න බෑ දූ එයාගෙනෙවෙ කියලා එයා දැන ගෙන waht..දු එයාගෙ නෙවෙනම් කාගෙද..දූ ඔයාගෙ පහන් එ ඉන්නෙ ඔයාගෙම බබා..මොනවා එ මගෙ දෝනිද..මගෙ රත්තරං දුව..ඔව් පහන් අපි එදා නුවර එලි ට්‍රිප් එක ගිය දවසෙ..ඔව් මට එ හැමදෙම මතකයි එදා තමා වින්දි මගෙ අතින් ගැහැනියක් උනෙ...එ බෙඩ් ශීට් එක තවමත් මගෙ අල්මරියෙ අරන් තියල තියෙන්නෙ...ඇයි වින්දි ඔයා මෙ ගැන මට කලින් කිව්වෙ නැත්තෙ..සමාවෙන්න අනෙ පහන් ශෙහාන් අපිව මරයි අනෙ අපිව බේරගන්න...හරි මගෙ රත්තර්ං මම ඔයාටවත් මගෙ දෝනිටවත් මොකුත්ම වෙන්න ඉඩ තියන් නෑ...බය නොවී ඉන්නකො....මං වින්දිවත් එක්කන් පොලිසියට ගිහින් ඇන්ට්‍රි එකක් දැම්මා.දාල වින්දිවයි දූවයි මං ඉන්න හොටෙල් රූම් අරන් ගියා....තව මාස තුනකින් වින්දිගෙ ඩිවෝස් එක හම්බුනාම ආපහු මං ඕස්ට්‍රෙලියා යනවා..හැබැයි ඒ යන්නෙ අනාතයෙක් විදියටනම් නෙවෙ ලස්සන වයිෆ් කෙනෙක් වගෙම ඒන්ජල් කෙනෙක්කුත් අරන්..දෝනි එක්ක ගෙවන හැම තප්පරේම හරිම විනෝදයි.දෝනිගෙයි අම්මගෙ යි රන්ඩු බේරලා ඉවරයක් නෑ..ඒත් දැන් තමා මම ජීවිතෙ විදින්නේ අපි තුන්දෙනාම හරිම සතුටින් ජීවත් වෙනවා....
    ❤️....මාෂි....
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    04 Aug 2017 07:16 AM

    මේ කතාව ඇත්ත කතාවක් ඇසුරින් ලියන්නෙ මගෙ යෙහෙලියකට සිදු උන සිදුවීමක් පාදක කර ගෙනයි.ඒ වගේම මේක මගෙ පලවෙනි කතාව .

    ඒ 2010 අගෝස්තු මාසේ..ජනනිගෙ බලාපොරොත්තුව උනේ campus යන්න..ඒ නිසයි කෙල්ල ගොඩක් බලාපොරොත්තු ඇතුව a/l කරේ.
    Bio කරපු නිසා කෙල්ලගෙ හිතේ පොඩි දෙගෙඩියාවක් තිබුනා..ඒත් කෙල්ල දැනං හිටිය කෙල්ලට කොහොම හරි campus යන්න පුලුවන් වෙයි කියල..a/l විභාගෙත් අහවර කරල ගෙදර ඉන්න දවස් ටිකේ කෙල්ලට ගොඩක් කම්මැලි හිතුන..මේ නිසා කෙල්ලගෙ යාලුවෙක් ජනනිට fb account එකක් හදල දුන්න..

    අම්මෝ ඉතින් මුලු පාසල් කාලෙම ඉගෙනුමට විතරක් වැය කරපු ජනනිට මේක හරිම අමුතුම ජාතියෙ එකක් උනා..කෙල්ල දැන් හැම වෙලේම එෆ් බී එකේමයි..කෙල්ලට ෆෝන් එකක් නොතිබුනත් පරන ෆෝන් එකකට යංතන් බැටරි කෑල්ලක් සෙට් කරං තමයි කෙල්ල මේ එෆ් බී එන්නෙ..

    ඔහොම කාලෙ ගෙවුනත් කෙල්ල කාත් එක්ක වත් චැට් කරන්න ගියෙ නැහැ. පවුලේ එකම ලමය උන ජනනිට ගෙදරින් උනත් කිසිම දෙයක් ගැන බලපෑමක් තිබුනෙ නැහැ..ඔහොම කාලෙ ගෙවෙද්දි දවසක් කෙනෙක් ජනනිට msg එකක් දාල තියනව කෙල්ල දැක්ක..ඒ රනුක කියල කොල්ලෙක්ගෙන්..

    රනුක- hiiiii

    කෙල්ලට එක පාර අදහ ගන්න බැරි උනා.."කවුද බොලේ මේ,,,බලමු account ekata ගිහිල්ල.."
    මෙහෙම හිතපු කෙල්ල ටක් ගාල account එක search කරා.."" Ranuka chirath perera."".
    "Works at global hotels colombo... former chef at global hotels""
    කෙල්ලට පුදුම හිතුන..මෙතුවක් කල් ඉගෙනුමටම විතරක් හිත යොමුකරපු කෙල්ලට මේ කොල්ල ගැන පොඩි පැහැදීමක් ඇති උනා.කොල්ලත් ලස්සනයි.අහිංසක පාටයි. Fb wall එක පුරාම බුදු බණ..ජීවිතේ ගැන ධනාත්මක කරුනු..කෙල්ලගෙ හිත ගොඩක් පැහැදුනා කොල්ල share කරල තියෙන දේවල් ගැන.
    ""ගොඩක් හොද කෙනෙක් වගේ."".කෙල්ල තනියම හිතුව
    ඔන්න ඔහේ ඕන එකක් කියල කෙල්ල reply කරා..

    ජනනි-hi
    රනුක-hw are u??
    ජනනි-good.u??
    රනුක-fine..where are u from????
    ජනනි-:-)
    රනුක- kk this is my number cl me if u can
    077777223
    ජනනි-k bye.

    කෙල්ලට පුදුම සතුටක් දැනුනෙ..ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලට කොල්ලෙක් මේ විදිහට number එකක් දුන්නෙ..කෙල්ල එක පයින්ම number එක ෆෝන් එකට save කර ගත්ත.ඒත් කෙල්ලට කොල්ල දීපු number එකට කතා කරන්න තරං හිත හයිය කර ගන්න ටිකක් අමාරු උනා. මොකද මේ කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරන්න හදන පලවෙනි වතාව නිසා..
    ------------------------------------------------------------------
    අදුර වැටෙනවත් එක්කම කෙල්ල කොල්ලට කෝල් කරන්න කියල ෆෝන් එක අතට ගත්ත.."කෝල් කරනවද msg එකක් දානවද.. " කෙල්ල කල්පනා කරන්න පටන් ගත්ත..කොහොමින් කිහොම හරි කෙල්ල miss කෝල් එකක් ගහල නිකං හිටිය .තත්පරයක් ගියෙ නැහැ මෙන්න msg එකක් එනව.
    "" hi mama balan hitiya oya cl karanakan" කෙල්ලගෙ මූන මලක් වගේ උනා..මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව කෙල්ල වරුවක් හිත හිතා ඉදල මෙහෙම යැව්ව..
    "Hmm ehemada..""
    රනුක-ithin ithin oyage wisthara monawada??
    මෙහෙම පටන් ගත්තු දෙන්නගෙ යාලු කම දින සති මාස ගෙවිල යද්දි ගොඩාක් ලං උනා..කෙල්ලට කොල්ලව නැතුවම බැරි උනා..කොයි වෙලෙත් cl msg කරන නිසා කෙල්ලත් හිතුව කොල්ලටත් එයාව නැතුවම බැරි බව.

    කොල්ල කෙල්ලට කිව්ව විදිහට එයා එතන ඉන්න ලොකු chef කෙනෙක්.ගොඩක් වෙලාවට කොල්ලට වැඩ වැටෙන්නෙ රෑට..උදේ පටන් ගන්න shift එක ඉවර වෙන්නෙ පහුවදා පාන්දර 2.30 ට..කෙල්ල හැම දාම කොල්ලගෙ shift එක ඉවර වෙනකන් මග බලාගෙන ඉන්නව. කොල්ල shift එක ඉවර වෙලා ආව ගමන් කරන්නෙත් කෙල්ලත් එක්ක කතා කරන එක..දෙන්න එලි වෙනකං කතා කරල නිදා ගන්නකොට එලියත් වැටිල..එහෙමම කොල්ල ගෙදර යනව.ඊට පස්සෙ ආපහු දවසක් නිවාඩු..
    මේ විදිහට දවස් ගත වෙනකොට දෙන්න ගොඩක් සමීප උනා..ගොඩක් දේවල් කතා කරා..ගෙවල් වල තොරතුරු,,ජීවිතේ ගැන මේ වගේ ගොඩක් දේවල් කතා කරා..කොල්ල කෙල්ලට ජීවිතේ ගැන ගොඩක් කරුනු කියල දුන්න..ජීවිතෙ අනිත්‍ය බව. රූපය පෙනුම සල්ලි මේ දේවක් තාවකාලික බව..මේ වගේ ගොඩක් දේවල් කෙල්ලට කියා දුන්න.මේ වෙනකොට කෙල්ල ගොඩක් කොල්ල ගැන පැහැදිලා හිටියෙ.
    කෙල්ලගෙ අම්මටත් කෙල්ලගෙ මේ වෙනස ගැන ඉව වැටිල තිබුනෙ..එත් මේ ගැන අහන්න ගියෙ නැහැ..මේ අතරෙ දවසක්..

    රනුක- මොකද කරන්නෙ ඔයා.හ්ම්ම් මට නං හෙට නිවාඩු..

    ජනනි- මුකුත් නෑ අනේ ඉතිං..results එනකන් මං ඉතින් මොනව කරන්නද..

    රනුක-මට ඔයාව හම්බෙන්න ඕනෙ නංගි

    ජනනි-ඒ මොකටද අයියේ..

    රනුක-නිකං...කතා කරන්න..

    ජනනි-ඉතින් කතා කරන්න නං ෆෝන් එකෙනුත් පුලුවන්නෙ මැට්ටො..

    රනුක-හරි හරි එහෙනං නිකං ඉන්න..කෙලින්ම බැහැ කිව්ව නං ඉවරයිනෙ..

    ජනනි- හරි හරි මම එන්නං අනේ..ඒත් අයියෙ ඔයා මාව දැක්කට පස්සෙ ..ඔයාට මාව එපා වෙයිද දන්නැහැ..

    රනුක-ඒ මොකද??

    ජනනි- නිකං අනේ.මම දන්නව අයියෙ ඔයා අනිත් අයට වඩා වෙනස් කෙනෙක කියල .හ්ම්ම් මම එන්නං හෙට.

    රනුක-හරි එහෙනං 10 වෙද්දි මම එනව negombo stand එකට..ඔයා ඇවිත් ඉන්න.

    ජනනි- හරි අයියේ
    --------------------------------------------------------------උදේ පාන්දරම නැගිටපු කෙල්ල බුදුන්ට මල් පහන් තියක වැදල..ඉක්මනට ලැහැස්ති වෙන්න ගත්ත.කෙල්ලට හිතා ගන්න බැහැ මොකක් අදින්නද කියල..අල්මාරියෙ තිබුන ලස්සනම චාම්ම ගවුම ඇද ගත්තු කෙල්ල මූණ පුරා පවුඩර් ගා ගෙන කන්නාඩියෙන් බලන් හිටියෙ ගොඩක් සන්තෝසෙන්.ඒ මොකද
    කෙල්ලගෙ හිතේ කොල්ල ගැන ලොකු ආදරයක් ඇති වෙලා තිබුනෙ මේ වෙනකොටත්..එත් ඒක කියා ගන්න බැරුව කෙල්ල හිටියෙ ගොඩක් හේතු තිබුන නිසයි.ඒ හැම දේටම මේක හොදම අවස්තාව කියල කෙල්ලගෙ හිත කිව්ව.

    "'අම්මේ මම දසුනිලගෙ දිහා යනව පොත් වගයක් ඉල්ල ගන්න"" මෙහෙම කියපු කෙල්ල ගෙදරින් පිට වෙන්න කලින් අම්මටත් වැදල අම්මගෙ මූන දිහා හරියට නොබලම පිටත්ව යන ගමන ගැන අම්මට සැක හිතුනත් අම්ම වචනයක්වත් ඒ ගැන කිව්වෙ නම් නෑ.
    -------------------------------------------------------------
    කියපු විදිහටම හරියටම 10 වෙද්දි කොල්ල bus stand එකේ කෙලවරක bike එකත් නතර කරං ඇවිල්ල බලන් ඉන්නව කෙල්ල එයි කියල..කෙල්ල කොල්ලව දැකපු ගමන් කෙල්ලට කොල්ලව අදුර ගන්න එච්චර වෙලා ගියෙ නැහැ.කෙල්ලට ඒ වෙලේ පුදුම ආදරයක් ඇති උනා.කෙල්ල ලගට එනවත් එක්කම කොල්ල කෙල්ල දිහා බලං හිටියෙ අසරනයෙක් දිහා බලං ඉන්නව වගේ. කොල්ල හොදටම බය වෙලා ඉන්නෙ කියල කෙල්ලට කොල්ලගෙ මූන බලපු ගමන්ම තේරුනා.

    කොල්ල ඉදගෙන හිටපු bike එකෙන් නැගිටල ඇවිත් මෙහෙම කියාගෙන කියාගෙන ගියා.,,.

    "" නංගි ඔයාව හමු වීම සතුටක් මට..හදිසියෙම අම්ම cl කරා නංගි මට ගෙදර යන්න වෙනව..මම ගෙදර ගිහිං cl කරන්නංකො හොදද..පරිස්සමට යන්න ඔයා.."""මෙහෙම කියපු කොල්ල වේගෙන් ඈතට ගියා.කෙල්ල කොල්ල නොපෙනී යනකන්ම ඒ දිහා බලං උන්නා.

    දෙවියනේ මොකද්ද මේ උනේ..කෙල්ලට හිතා ගන්න බැරුව ගියා..
    කෙල්ල හිතුව කොල්ල ගොඩක් හොද නිහතමානී අවංක කෙනෙක් කියල..කොල්ල කෙල්ලට ගොඩක් බුදු බණින් ජීවිතේ ගැන කියල දීල තිබුන.මේ හැම දේම කෙල්ලට මතක් උනා..
    කෙල්ල කවදාවත් හිතුවෙ නැහැ මෙච්චර හොද කෙනෙක් කෙල්ලව දැක්කට පස්සෙ මෙහෙම හැසිරෙයි කියල..

    එහෙම කරන්න හේතු නං දාහක් තිබුන..මොකද කෙල්ලගෙ ඇස් දෙකම වපරයි..කෙල්ලගෙ දකුණු කකුල කොරයි.නමුත් කෙල්ල හිතුවෙ නැහැ කොල්ල මෙහෙම හැසිරෙයි කියල.

    කෙල්ල තේරුං ගත්ත හිතට පෙම් කරන මිනිස්සු රූපෙට පෙම් කරන්නෙ හිත අමතක කරල කියල . කෙල්ලගෙ ඇස් වලින් කදුලු බිංදු කඩන් වැටෙනකොට කෙල්ලව කොල්ල block කරල තිබුන..කොල්ලගෙ number එකත් ආපහු කෙල්ල වෙනුවෙන් ක්‍රියා විරහිත වෙලා තිබුන.. (නිමි)
    (( නදී ))

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    05 Aug 2017 11:40 PM
    ඇත්ත කතාවක් කියල නේද කියල තියෙන්නේ. ස්තූතියි මලේ අපි වෙනුවෙන් කියවන්න ලබා දුන්නට.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    06 Aug 2017 12:42 AM
    කථාව ඉවර කරල නේද
    අලුතින් එකකුත් පටන් ගමු නේද
    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Aug 2017 10:59 PM

    #අතරමං_උන_සිතක්

    මම ශේනාල්. හැමෝම වගේ ආදරෙට මට කිව්වේ ශේන් කියලා. ඉස්කෝලේ නිතරම වගේ දඟ වැඩ කරලා හැමෝගෙන්ම බැනුම් ඇහුවත් ඉගෙනීම් කටයුතු වලින් නම් මං ගොඩක් දක්ෂතා පෙන්නුවා. ඒ කාලෙදි සම වයසේ යහළුවොන්ට ආදර උන්මාදයක් තිබුණට මට එහෙම තිබුණෙම නෑ. මට ඕනේ උනේම යාලුවෝ එක්ක සතුටින් විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්න. ඔහොම හිටිය මම සාමාන්‍ය පෙළ විභාගයත් කරා. එතනින් පස්සේ මං ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න ගත්තේ ගෙදර නිකංම ඉන්න කම්මැලිකමටයි.

    මං එක්ක ඒ පාඨමාලාව කරන්න ගමේම හිටිය මගේ යාලුවෙකුයි අක්කලා දෙන්නෙකුයි හිටියා. අපි හතර දෙනාම පංති ගියේ ආවේ එකටමයි. ඒ එක අක්කා කෙනෙක් මට ගොඩක් ළං උනා. බස් එකේ ශීට් එකේ අපි දෙන්නා එකට ඉදගෙන ආවේ ගියේ. එයා මට මගේම අක්කා වගේ. හිතේ කිසිම කහටක් මට එයා ගැන තිබුණෙම නෑ. මං එක්ක පංති යද්දි ඒ අක්කගේ කලින් love afair එක ගැන මට ගොඩක් විස්තර කිව්වා. ඒක මඟදි නැවතිලා එයා හිතින් ගොඩක් වැටිලයි හිටියේ ඒ වෙද්දි. මං ඒ අක්කගේ හිත පුළුවන් විදිහට හැදුවා. කවදාවත් කිසිම කෙනෙක්ට ආදරේ නොකරපු මට ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් නොතේරුනාට ඒ අක්කාගේ ළඟම ඉදන් දුක අමතක කරවන්න පුළුවන් උනා. ඔය අතරෙදි තමයි අපි එක්කම පංති ගියපු මගේ යාලුවා ඒ අක්කාගෙන් ආදරේ ඉල්ලුවේ. මට මතකයි එදා අපේ පංතියේ තිබුණ ලොකු අරලියා ගහ යටදි මං එයා එක්ක කතා කර කර ඉද්දිම මගේ යාළුවා ධනුෂ්ක ඌ ඇවිත් ඒ අක්කට ආදරෙයි කිව්වා. ඒ වෙලාවේ මගේ ඔලුවේ ඉදන් කකුල් දෙක ළඟට යනකල්ම අකුණක් ගැහුවා වගේ උනා. ඒත් ඒ ඇයි කියලා අදටවත් මට හිතාගන්න බෑ මොකද ඒ වෙද්දිත් එයා මගේම අක්කා කියලා විතරයි මං හිතුවේ. එදා ඒ අක්කා ධනුෂ්කට අකමැති කියලා එතනින් මාවත් ඇදගෙනම බස් හෝල්ට් එකට ආවා.

    " මොකද මෝඩයෝ බලන් හිටියේ "

    " ඒ කිව්වේ අක්කේ "

    " වෙන කොල්ලෙක් මගෙන් ආදරේ ඉල්ලනකල් තමුසේ එතන ගල් ගිලලා වගේ බලන් හිටියේ මොකද "

    " ඉතිං අක්කේ මං වෙන මොකක්ද කරන්න ඕනේ "

    " දැන් කරන්න ඕනේ දේ මංද කියන්න ඕනේ අහ් ඇයි තමුසේ මට ආදරේ නැද්ද "

    " මොනවද අක්කේ ඔයා මේ අහන්නේ ඇයි එහෙම අහන්නේ ඔයා මට මගේ අක්කා වගේ "

    " අක්කා වගේ උනාට මං අක්කා නෙවෙයිනේ ඔයාගේ, හිතලා බලලා උත්තරයක් දෙනවා මං තමුසෙට ආදරෙයි "

    එදා ඒ අක්කා මට එහෙම කියලා ආව බස් එක කොහෙටද යන්නේ කියලාවත් නොබලාම අත දාලා බස් එකට නැග්ගා. උනේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරිව මං කල්පනා කර කර එතැනම හිටියා. එදා මං ගෙදර ඇවිත් වොශ් එකක් එහෙම දාගෙන ඇදට ඇවිත් ෆෝන් එක අතට ගද්දි මැසේජ් වගයක් ඇවිත් තිබුණා. " madu akki " ඔව් ඒ එයාගෙන් ඇවිත් තිබුණ මැසේජ්. මං පස්සේ ඒ මැසේජ් බලන්න ගත්තා.

    " sry mage malli patto hitha riduna nam mn adarei oyata ekai sara kare "

    " mage malliyo adarei mn oyata godak ane mn ekka tharaha wennepa hodada heta clz enna bs "

    එදා එයා මගේ ෆෝන් එකට මැසේජ් කරලා තිබුණා. වෙනදා පංති ගිහින් ඇවිත් රෑ 11 හෝ 12 වෙනකල් එයයි මමයි ඔහේ එක එක දේවල් මැසේජ් කරත් එදා එයා වගේම මමත් නිහඬ පිළිවෙත් රැක්කා. පහුවදා මං පංති ගියා. වෙනදා වගේම අපි ගොඩක් ළඟින් හිටියා. එයා මට ආදරෙයි කියලා නිතරම කිව්වත් මගේ හිතේ එයා ගැන එහෙම අදහසක් තිබුණෙම නෑ. මං එයාට නිතරම කිව්වා ඔයා මට මගේම අක්කි වගේ කියලා.

    දින සති ගෙව්නා ගාණක් නැතුවම ඒ ගෙවුන ගොඩක් වෙලාවට එයයි මමයි මැසේජ් කරා. එයා නිතරම මගෙන් ආදරේ ඉල්ලද්දි මං කිව්වෙම ඔයා මට අක්කා කෙනෙක් විතරයි කියලා. ඒත් එයා මට මැසේජ් එකක්වත් නොදැම්මම මගේ හිත ඇතුලෙන් රිදෙන්න ගත්ත වාර අනන්තයි. එයාගෙන් මැසේජ් නැති වෙද්දි මං කොහොම හරිම මැසේජ් කරලා කතාවට අල්ලගත්තා. එයත් එහෙමයි. අපිට අපි නැතුවම බැරි තරම් ගොඩක් ළං උනා. ඒත් ඒ වෙද්දිත් මං එයාට ආදරෙයි කියලා තිබුණේ නෑ. හිතේ කොනක ආදරයක් වගේ අමුතුම අමුතු හැඟීමක් මොදු වෙද්දි එයා මට වඩා අවුරුදු 2ක්ම වැඩිමල් අක්කා කෙනෙක්නේ කියලා හිතලා ඒ හැඟීම ඒ ආදරේ යටපත් කරන්න මට සිද්ද උනේ එහෙම ආදරේකට පැවැත්මක් තියේවි කියන විශ්වාසය මට නොතිබුණ නිසයි.

    අපි දවසක් පංති ඇරිලා එද්දි එයා මට එයාගේ අත අල්ලන්න කිව්වා. කවදාවත් අමුතු හැඟීමකින් කෙල්ලෙක්ගේ අතක්වත් අල්ලලා නැති මට එයා එහෙම කිව්වම ආසාවක් ආවා. එදා පංති ඇරිලා ගෙවල් ළඟට එනකල්ම බස් එකේ මං එයාගේ අත තදට අල්ලගෙන ආවා. කවදාවත් නැති විදිහට හැඟීම් සමුදායක් මගේ හදවතේ ගලන්න ගද්දි මං දවස් දෙක තුනකට පස්සේ එයාට ආදරෙයි කිව්වා. එන හැම ප්‍රශ්නෙකටම එකටම මූණ දෙමු කියලා එදා අපි දෙන්නට දෙන්නා දිව්‍රලා පොරොන්දු දුන්නා. හැමදාමත් එක්කෙනෙක් වෙලා මේ ජීවිතේ මියැදෙනකල්ම එකට ඉන්නවා කියලා එදා මමත් එයත් හිතාගත්තා.

    අපි මුලින්ම ගියේ ගාලු කොටුවේ ඇවිදින්න. එදා තමයි අපි අපේ ලෝකේ තනි උන පළවෙනි දවස. එදා මට මගේ අක්කිගෙන් පළවෙනි හාදුව ලැබුණා. කවදාවත්ම කිසිම කෙනෙක්ට ආදරේ නොකරපු මට එයා දුන්න ආදරේ කියලා නිම කරන්න බෑ. එයා මං ගැන ගොඩක් හොයලා බැලුවා නිතරම වගේ.

    ඔය අතරෙදි තමයි සාමාන්‍ය පෙළ ප්‍රථිපල ඇවිත් මං ආයෙමත් ඉස්කෝලේ ගියේ. අපේ පාඨමාලාව ඉවර උනත් එයාගෙයි මගෙයි ආදර කතාව වෙනදා වගේම තිබුණා. උසස්පෙළ විභාගෙන් පස්සේ සරසවි වරම් ලැබුණ මගේ මදූ අක්කි මගෙන් ඒ ගැන ඇහුවා. යන්නද එපාද කියලා. මං දෙපාරක් නොහිතා එයාට හා කිව්වේ ඉගෙනගෙන එයා හොද තැනක ඉන්නවා බලන්න මං ආස උන නිසා. එයා campus ගියාට පස්සේ මට ලැබෙන හැම සතයක්ම මං එයාට වියදම් කරා. මට ඒ තරම් සල්ලි තිබුණේ නෑ තමයි ඒත් ලැබුණේ රුපියලද මං ඒ රුපියලත් එයා වෙනුවෙන්ම වියදම් කරා. මට ඕනේ උනේ මේ ලෝකේ ඉන්න හොඳම කොල්ලා මං වෙන්නයි. ඔව් එයා ඒක නිතරම මට කියනවා බලන්නයි. අපි එහෙම අවුරුදු 2ක් ආදරේ කරා. එයාට මාවත් මට එයාවත් නැතුවම බැරි උනා. ඒත් කාලෙත් එක්ක එයා ටික ටික මාව මඟාරින්න ගත්තා. මට ඒ වෙනස දැනුනම එයාගෙන් ඒ ගැන ඇහුවත් එයා මට මොකුත් කිව්වේ නෑ. නිතරම එයා මට කිව්වේ මගේ ආදරේ අඩුවක් දැනෙනවා කියලා. මං එයාට කොච්චර ආදරේ කරත් එයා කිව්වේ මං වෙනස් වෙලා කියලා. ඒත් මං දන්නවා මං පුංචිම පුංචි වෙනසක්වත් කරේ නෑ එයාට. පස්සේ පස්සේ එයා මගෙන් ටික ටික ඈත් වෙද්දි මං බොන්න පුරුදු උනේ මටත් නොදැනීමයි. ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ මං බීච් හොටෙල් එකක වැඩට ගියා. ඒ වැඩට ගිහිනුත් මට ලැබෙන පඩිය හැම සතයක්ම මං වියදම් කරේ මදූට. එයාට ඕනේ ඕනේ හැමදේම මං මට පුළුවන් විදිහට අරන් දුන්නා. එයා එක්ක මං කවදාවත් එහෙ මෙහෙ ඇවිදින්න ගියේ නෑ. මොකද එයාව ආරක්ෂා කරන්න මං මටම පොරොන්දු දීලා තිබුණ නිසා. මං නිතරම වගේ එයා ගැන හොයලා බැලුවා. එයා අමතර පංති වලට ගියාමත් එක එක පාඨමාලා වලට ඒ වගේම campus එකේ නිවාඩු වලට ගෙදර එද්දිත් මං එයාව එක්ක එන්න ගියා. ගෙදරට පරිස්සමට ගෙනත් ඇරලුවා. ඒ හැමදේම මං කරේ එයාට ගොඩාක් ආදරේ නිසා. මුලින් මුලින් එයා මගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් ආවත් පස්සේ පස්සේ මං එයාට ගොඩක් ආදරේ කරපු නිසාම මං එයාගේ පස්සෙන් ආදරේ හිඟමන් යැද්දා. පුංචි පුංචි දේවල් ලොකු කරගෙන එයා ලොකු ලොකු රංඩු මවද්දි මං එයාට වැඳ වැඳ රිද්දන්නෙපා කිව්වා. මං ඒ වෙද්දිත් පිස්සෙක් වගේ එයාට ගොඩක් ආදරේ කරා. එයා ඒත් මගේ දුකක්වත් ඒ වෙද්දි ගණන් ගත්තේ නම් නෑ. මං හිතුවේ එයාට වෙන කෙනෙක් ඇති කියලයි. මං එයාගෙන් ඒ ගැන අහන්න අහන්නම එයා කිව්වේ එහෙම කෙනෙක් නෑ කියලාමයි.

    2017/01/01 එදා එයා මට කෝල් කරා. මං එදා වැඩ දවසක්. එයා මට කෝල් කරලා කිව්වා පානදුරේ පංතියක් ඒක 5 වෙද්දි ඉවරයි එයාව ගන්න එන්න කියලා. එදා මං බිස්ගෙන් නිවාඩුවක් ඉල්ලුවම එයා දෙන්න බෑ කිව්වා. කාලෙකින් මට මදූ ආදරෙන් කතා කරලා එන්න කිව්වේ. ඒත් එදාටත් මට යන්න වෙන්නේ නෑ. මං ඒක එයාට කෝල් කරලා කිව්වම එයා ෆෝන් එක තරහෙන් විසන්ධි කරා. මොන දේටත් වඩා මට මදූව වටින නිසා එදා මම මගේ රස්සාවටත් ඕනේ එකක් උනාදෙන් කියලා හොරෙන් පැනලා පානදුරේ ආවා.

    ඒ ඇවිත් හවස 5 වෙනකල්ම මං එතැන ඉදලා මදූට මැසේජ් එකක් දාලා මං ඇවිත් ඉන්නේ කිව්වා. එතකොට එයා මට එවලා තිබුණ රිප්ලයි එක තමයි අද මං ගෙදර යන්නේ නෑ බෝඩිමට යනවා ඔයා ගෙදර යන්න කියලා. ඒ මැසේජ් එක දැක්කම මට ගොඩක් කේන්ති ගියා. මොකද මං මගේ රස්සාවත් දමලා ගහලා ආවේ එයා නිසයි. පස්සේ මං එයාට කෝල් එකක් අරන් බැන්නා ආර තරහා නිසාම ගොඩක් සැරෙන්.

    " ඔහොම ඉදපන් මං බෝඩිම ළඟට එන්නම් "

    " එපා මල්ලි බබෝ ඉන්න මං එන්නම් "

    එහෙම කියලා විනාඩි ගාණකින් එයා මං හිටිය තැනට ආවා. ඒ මං අඳුරන කොල්ලෙක් එක්ක බයික් එකක. මදූව එහෙම වෙන පිරිමියෙක් එක්ක දකිද්දි මට ගොඩක් දුක හිතුණා. ඒ මදිවට මගේ ළඟට ඇවිත්ම ඒ කොල්ලා මට කිව්වේ මදූ එක්ක එයාට ආදර සම්බන්ධයක් තියෙනවා කියලා. එදා මදූ මගේ අතින් අල්ලලා මගේ ළඟ වැඳ වැටිලා මාව ඕනේ කිව්වත් මට තේරුමක් තිබුණේ නෑ මොකක්ද මේ වෙන්නේ කියලා. එදා එයා මාව අල්ලද්දි මං එයාව ඈතට තල්ලු කරා. මාව පොඩ්ඩක්වත් අල්ලන්න දෙන්නවත් මට එදා හිතක් තිබුණේ නෑ.

    " මල්ලි බබෝ මට සමාවෙන්න ඒත් මට ඔයාව ඕනේ. දැන් රෑවෙලානේ ඒ නිසා මං මේ අයියා එක්ක ගෙදර යනවා ඔයත් ගෙදර යන්න. "

    එදා එයා මට එහෙම කියලා එතනින් ගියේ ඒ කොල්ලගේ බයික් එකේමයි. මට එයාව තේරුම් ගන්න බැරිව ගොඩක් අසරණ උනා. මාවත් ඕනේ නම් ඇයි ඒ කොල්ලා එක්ක එහෙම ගියේ. එතකොට ඇත්තටම එයාට ඕනේ එයාවමද??? ඒත් එතකොට ඒ කොල්ලා ඉද්දිම එයා මාවම ඕනේ කියලා මගේ ළඟ වැඳ වැටුනේ එතකොට එයාට ඕනේ මාවමද??? දෙලොවක් අතර මං තනි උනේ මට මොකුත් හිතාගන්න බැරිම තැනයි.

    මං රෑ 11 විතර වෙනකල් ටවුන් එකේ ඇවිද්දා. ඇඩුවා. ටවුන් එකේ තියෙන පුංචි පංසලකට ගිහින් බුදු සාධුට මගේ දුක මං කිව්වා. ගෙදර යන්න වෙලා නැති නිසාම මං ආයෙමත් හොටෙල් එකට ආවා. මගේ වාසනාවකටද අවාසනාවකටද මංදා බොසා මාව රස්සාවෙන් අයින් කරේ නම් නෑ.

    පහුවදා උදේම මදූ ආවා මාව හම්බවෙන්න. එයා මගේ ළඟ ගොඩක් ඇඩුවා. එයා ඒ කොල්ලා එක්ක ඇවිදින්න ගියපුවා බීච් ගානේ ෆිල්ම් හෝල් ගානේ ගියපුවා මට එයා කිව්වා. මාව බදාගෙන එයා ඇඬුවා ගොඩක්. මගෙන් සමාව ඉල්ලුවා. මං එයාට සමාව දුන්නා. එයාව බදාගෙන මමත් ගොඩක් ඇඬුවා. මොකද ඒ වෙද්දිත් මොන දෙයක් උනත් මගේ හිතේ එයා ගැන තිබුණේ කියාගන්න බැරිම තරම් උන ආදරයක් කැක්කුමක් සෙනෙහසක්. අපි එදා දෙන්නට දෙන්නා සමාව දීලා ආයෙමත් ආදරෙන් ඉන්න පොරොන්දු උනේ. අපි ගොඩක් ආදරෙන් හිටියා වෙනදා වගේම.

    ඔහොම ඉද්දි තමයි දවසක් මට මදූ යාලුවෙලා හිටිය කොල්ලගෙන් කෝල් එකක් ආවේ. එදා ඒ කොල්ලා මට ගොඩක් දේවල් කිව්වා. එයාලගේ ආදරේ පටන් ගත්ත හැටි එයාලා එහෙ මෙහෙ ගියපුවා හොටෙල් ගානේ ගියපුවා බීච් ගානේ ෆිල්ම් හෝල් ගානේ ගියපුවා මට එයා කිව්වා. මදූ මට ළං නොවුන තරමටම මට එයා නොකිව්ව තරමටම ගොඩක් දෙවල් එයා මට කිව්වා. ඒ වචන දරාගන්න තරම්වත් හයියක් නැති තරම්ම මං ගොඩක් දුර්වලයෙක් උනා. මං මටම රිද්දගන්න පුරුදු උනා. මට මගේ හිත පාලනය කරගන්නම බැරි උනා ඒ කොල්ලා කිව්ව ඒ වචන මට නිතරම වගේ මතක් උනා.

    මට නිතරම මං රිද්දගත්තා. මං මගේ අත කපා ගත්තා. මගේ ලේ මං වැක්කෙරුවා එයාට තිබුණ ආදරේ නිසාම මං පිස්සෙක් වගේ උනා. ගංජා සුරුට්ටුවට වගේම එක එක සැර බීම ජාති වලට මං පුරුදු උනේ නොදැනුවත්වමයි. මං ගොඩක් මගේ හදවතින් විදෙව්වා. එයා කැම්පස් එකෙන් අවුට් උනේ ඔය අතරෙදියි.

    දැන් එයා ලංකා බැංකුවේ වැඩ කරනවා. අදටත් මං එයාට කරපු ආදරේ නිසාම බේබද්දෙක් වෙලා ජීවිතේ හිටිය තැනමයි. හිතේ තියෙන ආදරේ වැඩි නිසාමද කොහෙදෝ මට ඒ ගෙව්න ගත කරපු ජීවිතෙන් මිදෙන්න බැරුව ගොඩක් වේදනා විඳිනවා. එයා අද සතුටින් ඇති. මගේ ආදරේ ඉල්ල ඉල්ලා පස්සෙන් ඇවිත් මාව පිස්සෙක් කරලා අද එයා ගොඩක් සතුටින් ඇති. ඒත් දවසක මමත් නැඟිටීවී මේ හිත කවදාකම හරි මට හදාගන්න පුළුවන් උන දවසක මමත් ජීවිතේ ලොකු තැනකට යනවා. ඔව් එක පාරටම බිඳුණු මගේ හිත හදාගන්න බැරි උනත් යම් දවසක මට හදාගන්න පුළුවන් වේවි. මං මැරෙන්නේ නෑ ජීවිතේ ඉස්සරහට යනවා. කවදාකම හරි මදු අක්කේ ඔයාට මගේ ආදරේ මතක් උනොත් එදාට ඔයාගේ දරුවොන්ටවත් කියලා දෙන්න අවංකවම එක හිතකට ආදරේ කරන්න.

    .........................................................

    ජීවිතේ හැමදාමත් ළඟ තියාගන්න බැරි නම් මොන ප්‍රශ්නයක් ආවත් එයාව හැර වෙන කෙනෙක් හීනෙකින්වත් පතන්න තරම් ඔබේ හිත පහත් නම් එපා තව කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලන්නවත්. ඔබට සතුටක් වේවි එක එක්කෙනාව රවටන එක. එක එක්කෙනාව මුලා කරන එක ඔබට වින්දනයක් වේවි. ඒත් යම් දවසක ඔබගේ රැවටීම තුළින්ම ඒ කෙනා ජීවිතේ දිනාවි. ඔබ දවසක අනුන්ට කපන්නට යන වලේ ඔබම ඇඳ වැටී වේදනා විඳීවි. ජීවිතේම කරගන්න එකම එක ආදරණීය හදවතක් ඔබට සෑම අතින්ම ගැළපෙන.

    ...........................................................

    කාලෙකින් කතාවක් ලිව්වේ හොදද නරකද කමෙන්ට් කරන්න යාලුවනේ...

    මම චතූ හෙට්ටිආරච්චි ( chathu hettiarachchi )©

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Aug 2017 11:00 PM

    ජිවිතේ වැටෙන්න පුළුවන් තවත් තැනක් මගේ ජිවිතේ තිබුනද කියන්න මම දන්නෙ නැ .....
    හැදියාව හොඳයිද නරකයිද කියන්න වත් මම මගේ අම්ම තාත්ත ගැන දන්නෙ නැ ..මතක ඇති කාලේ මම හිටියෙ අනාථ මඩමේ ඒක ඇවිල්ල මම වගේම ළමයි ගොඩකට ගෙයක් වුනා ..
    ඒත් මගේ ජිවිතේ එච්චරම ලස්සනට ගෙවන්න මට වාසනාව නැති කරල අපි හිටපු අනාථ මඩමත් අනවසර ඉදිකිරීමක් කියල රජයෙන් පොළවට සමතලා කරල දැන්මෙ අපිව තව තවත් අනාථයන් බවට පත් කරල ...එතනින් පස්සෙ ජිවිත් වෙන්න ඕනේ කියන අදහසක් හිතට දැනුනෙම නැ . හැමදාම බඩගින්නට කාගෙන් හරි මොනව හරි ඉල්ලගෙන කාපු මට හිඟන්න කියන නම සමාජ ගත කරල තිබුන... දිනෙන් දින කාලය ගත වෙද්දි මම මුලින්ම හිරේට යද්දි මට අවුරුදු 18 පිරුන විතරයි අවුරුදු දෙකක් හිරබත් කාපු මම එළියට එන කොට මට හොරා කියන නම කියන්න ගත්ත.... ඒ මොනව වුනත් යහමින් අතේ මුදල් ගැවසුන නිසා . මම හැම තිස්සෙම ලස්සනට ඇඳල කරල ඉන්න පුරුදු වුනා .. උපතින්ම හිමි වුන ලස්සන නිසා මම ලස්සනට ඇඳල කරල ඉන්න නිසාත් ගොඩාක් ආදරවන්ති යන් හිටියෙ ඒ හැම දේකින්ම මට ඕන වුනේ මටම රිද්දගන්න මොකද මම හිඟන්න හොරා කියල නම් පට බැඳපු සාමාජයෙන් මට ඉක්මනට යන්න ඕන වුනා ... මේ සාමාජය මට උප්පැන්නයක් නමක් නැති කරල තිබුන...⁣ලංකාවේ පාතාල ලෝකය කියන දේ මම දකින්නෙ මම මේ කාලේ. අවුරුදු 24 වුන මම ආයිත් හිරේට නියම වෙන්නෙ මැරයෙක් විදිහට නමුත් මාසෙකින් එළියට එන මම කොළඹ අතඇරල ඈත පිටිසර ගමක ලස්සන පන්සලකට යන්නෙ ජිවිතේ අන්තෙටම විඳින්න පුළුවන් දුක් විඳපු මම සතුටක් හොයාගෙන ඒත් කරුමය කියන දේ මට ඒකට ඉඩ දෙන්නෙත් නැ....හැබැයි එතනින් මගේ සිතුවිලි ඉලක්කයක් කරා ගෙනියන්න පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කියල දුන්න .. ආයිත් මම කොළඹ ට අඩිය තියන්නෙ සම්පූර්ණ වෙනස් මිනිහෙක් විදිහට..මම ජිවිතේ විඳින්න පටන් ගන්නෙ එතන ඉඳන්.. මම අත්වැඩ දෙන්න යනව නම ගිය ලොකු වැඩපලකට අකුරු ඉගෙන ගත්ත අනාථ මඩමෙනුයි ලොකු හාමුදුරුවෝ කියා දුන්න දේවල් වලිනුයි මම උපරිම ඵල නෙලා ගන්නව අවුරුද්දක් දෙකක් විතරවෙද්දි මම ගෙවල හදන්න පුළුවන් හොඳ බාස් කෙනෙක් විදිහට වෙනස් වෙනව.. හරියට ආගමක් වත් තිබුන් නැති මම හැමදාම බුදුන් වඳින්න අමතක කරේ නැ අැයි දන්නවද මට එතනදි හිතට මාර ධෛර්යක් වගේම සැහැල්ලුවක් දැනෙනව. බදාමත් එක්ක හැප්පුන මගේ ජිවිතේට ඇත්තටම ආදරේ අරන් කොළඹ මුඩුක්කුව ජිවිතේ ගෙනියපු ශෙහානි එන්නෙ මේ කාලේ මයි ඇත්තටම ශෙහානි මගේ ජිවිතේ මට කවදාවත් ලැබුනෙ නැති ආදරේ දෙනව...මම දවසින් දවස සල්ලි එකතු කරල මටම කියල ඉඩමක් අරන් මම ගෙයක් හදන්න පටන් ගන්නෙ බලාපොරොත්තු ගොඩක් හීතේ පොදි බැඳගෙන...2011.12.13 මම මගේම ගෙදර පදිංචි වෙන්න ජිවිතේ මුඩුක්කුවේ ජීවත් වුන ශෙහානි වත් මගේ බිරිඳ කර ගෙන ....................
    අද 2017. 08.01.. ඒ මම අත් වැඩ දීපු ඒ ලොකු company එක මගේ නමට මම ගන්න දවස... අද මට අවුරුදු 36 ක් ලංකාවේ නම ගිය හොඳ සල්ලි කාරයෙක්.... මේ හැම දෙයක් පිටි පස්සෙම තිබුනෙ ලොකු හාමුදුරුවෝ කියා දීපු ඒ වචන ටික මට අද වගේ මතකයි....
    මිනිහෙක් වෙයන් තමන් කරන වැඩ වලින්...
    සාර්ථක වෙයන් මුදල් වලින්..
    ලෝකෙට පෙන්නපන් කරන්න බැරි දෙයක් නැති බව......
    හිත තමයි පුතා හැමදේම සිතුවිලි වෙනස් කර ගෙන ජීවිතේට මුහුණ දීපන් හැම දේම ලැබෙයි.....මම සඳුන් චින්තක වීරක්කොඩි ......

    Writer... ශාලික

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Aug 2017 11:03 PM

    #මන්දාරම්_සෙවනැලි

    "මොකක්ද තමුසෙට වෙලා තියෙන්නෙ...??ආ...මූත් එක්ක තමුසෙට තියන ගණු දෙනුව මොකක්ද...?"
    මන්දාර තමන් ඉදිරියේ හිටපු නෙතුමිගෙ අතක් තදින් අල්ලන ගමන් ඇහුවෙ...
    "ඌයි..."
    "ප්ලීස් මන්දාර පිරිමියෙක් නේද..?අනික තමන් ආදරේ කරන කෙල්ලට ඔහොම රිද්දන්නෙ...?"
    හමීඩ් පැවසුවේ නෙතුමිගෙ ඇස් වල කඳුලු දැකලා.
    මන්දාර නෙතුමිගෙ අත අතෑරලා හමීඩ්ගෙ කොලර් එකෙන් අල්ලා ගත්තා..
    "පල පර තම්බියා යන්න.තෝ මගෙ ගෑනි එක්ක අවලමේ යන ගමන් මට එනවද ඒකි අල්ලන හැටි උගන්නන්න.."
    "අනේ මන්දාර ප්ලීස් හමීඩ්ව අතාරින්න...එයා මේ මොකටවත් නෑ..අපේ ප්රශ්න අපි විසදා ගමු.."
    "නෙතුමි ඔයාලා වෙන ඕනි වෙලාවක ඔයාලගෙ ප්රශ්න විසදා ගන්න.ඒත් අද උදේ ඔයාව ගෙදරින් ගත්තෙ මම.අම්මලට වග කියන්න ඕනි මම .ඒක නිසා මම ඔයාව ගෙදරා බාර දුන්නට පස්සෙ ඕනි දෙයක් විසදා ගන්න.දැන් කාර් එකට නගින්න."
    "හමීඩ්...මම එන්නම්...ඔයා යන්න..."
    "නෙතුමි මම කියපු දේ කරනවා..නගිනවා කාර් එකට.."
    නෙතුමි නිහඩවම කාර් එකට නැග්ගෙ හමීඩ් එක්ක උදේ ගෙදරින් ආපු නිසා.මොන ප්රශ්නයක් ඇති උනත් අන්තිමට ගෙදරට වැරදි කාරයා වෙන්නෙ හමීඩ් ..ඒක නිසා එහෙම වෙන්න දෙන්න බෑ..
    "උබ කොහොමද එහෙම කියන්නෙ.උබට තියන අයිතිය මොකක්ද..??"
    මන්දාර හමීඩ් කාර් එකට නගින්න හදනකොට දොර අල්ලා ගත්ත මන්දාර කෑ ගැහුවා.
    "දැනටනම් අයිතියක් නෑ තමයි මස්සිනා..ඒත් බලමු...උබ ඔය නටන විදිහට මට අයිතියක් හදා ගන්න පුලුවන් වෙයි...මට නෙමෙයි...ඕනි එකෙක්ට..."
    හමීඩ් කියද්දි නෙතුමිට කෑ ගැස්සුනා..
    "හමීඩ්!!!"
    හමීඩ් වේගෙන් කාර් එක ඉස්සරහට ගත්තෙ මන්දාර පුපුරමින් බලා ඉද්දි..
    "සොරි නෙතුමි..මම එහෙම දෙයක් හිතලා කියුවෙ නෑ..ඒත් ඌට තේරුම් ගන්න ඕනි උගෙ අඩුපාඩුව තියන හිඩසින් ඕනි කෙනෙක්ට රින්ගන්න පුලුවන් කියලා."
    ................
    මන්දාර නෙතුමි කියන්නෙ අවුරුදු හයක ප්රේම කතාවක්..
    මන්දාරට නෙතුමි මුණ ගැහුනෙ කැම්පස් එකේදි.ගොඩක් සමාජශීලි වෙච්ඝ නෙතුමි ඕනිම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බේදයක් නැතුව හිනා උනා .කතා කලා..
    මන්දාර කියන්නෙ ගොඩක් ගුප්ත ගතිගුණ තීබ්බ කොල්ලෙක්.කවදාවත් කවුරුත් මන්දාරගෙ හිතේ තිබ්බ දේ හරියට දැන ගත්තෙ නෑ..මන්දාර කියන්නෙ එකක් හිතේ තියන් මූණෙන් තව දෙයක් පෙන්නන ගමන් කටින් තව දෙයක් කියන කොල්ලෙක්.
    ඒක නිසා කැම්පස් එකේ වැඩි යාලුවො ප්රමාණයක් මන්දාරට හිටියෙ නෑ..
    මන්දාරට නෙතුමි ගැන ආදරයක් ඇති උනේ දැකපු දවසෙමයි.හැබැයි ඒක හැමෝටම රහසක් උනා..
    මන්දාර නෙතුමිට අනිත් කොල්ලො ලන් වෙද්දි විහිලු කරද්දි හිතින් අනන්තවත් දුක් උනා..වෛර කලා...
    "අඩෝ බස්සා..තෝ මොකෝ අපේ කාජල්ව ගිලිනව වගේ බලා ඉන්නෙ..?"
    බස්සා කියන්නෙ මන්දාරගෙ කාඩ් එක වෙනකොට නෙතුමිට කාඩ් එක වැදුනෙ කාජල් කියලා.ඒ නෙතුමිගෙ ෆෝන් සුදු ස්ක්රීන් එකේ තිබුනෙ කාජල්ගෙ ෆොටෝ එකක් නිසා.
    කොල්ලො අහද්දි මන්දාර හිනා උනා විතරයි..කොහොම කොහොම හරි මන්දාර නෙතුමිට කැමති කියලා කොල්ලො කෙල්ලො අතර ප්රසිද්ධ වෙද්දි නෙතුමි ගියා මන්දාර මුණ ගැහෙන්න.
    "මොනාද මේ ළමයි කියන්නෙ..?"
    "මොකක් ද?"
    "ඔයා මට කැමති කියලා.."
    මන්දාර ඔළුව දෙපැත්තට වැනුවා..ඔව් කියන්න වගේ..නෙතුමි ආපු හිනාව තද කර ගත්තෙ මේ කොල්ලාට ඒක කියන්නවත් හයියක් නැති බව හිතමින්..
    "ඒ කියන්නෙ..?"
    "එයාලා කියන එක ඇත්ත.මම ඔයාට කැමති..."
    "ඉතින් මට කියුවෙ නැත්තෙ..?"
    "නිකන්...ඔයා අකමැති වෙයි කියලා හිතුනා.."
    නෙතුමිට ආයිත් හිනා ගියා...
    හැමදාම ඕනි ප්රශ්නෙට පිළිතුර තමන්ගෙ හිතින්ම හදාගෙන එයාගෙ මතයට ජීවත් වෙන එක මන්දාරගෙ හැටි..
    මේ ගුප්ත බව ඇරුනම මන්දාරගෙ කියන්න වරදක් තිබ්බෙ නෑ..බොන , කෙල්ලො පස්සෙ යන වැරදි කරන කොල්ලො අස්සෙ මන්දාර කියන්නෙ පිරිසිදු චරිතයක්...මන්දාර හැන්ඩ්සම් කොල්ලෙක්...
    "මම කැමති කියුවොත්...?"
    නෙතුමි අහද්දි මන්දාර පුදුම වෙලා බැලුවා..ඒ පටන් ගත්ත ආදරකතාව අද වෙනකොට සම්පූර්ණයෙන් දෙදරලා ගිහින්..
    ......................
    නෙතුමි කියන්නෙ විවෘත කෙල්ලෙක්.එයා එයාගෙ හිතට එන හැම හැඟීමක්ම මන්දාරට කියුවා..
    නෙතුමි මන්දාරට ගොඩක් ආදරේ කලා..මන්දාරත් එහෙමයි.
    ඒත් මන්දාර "මම ඔයාට ගොඩක් ආදරෙයි"
    කියලා කියන වචනෙ කියනකම් නෙතුමිට බලා ඉන්න ඕනි උනා..සමහර වෙලාවට නෙතුමිට ඒක මන්දාරගෙන් අහන්න ඕනි උනා..
    "මන්දූ..."
    "ම්ම්ම්.."
    "ඔයා මට ආදරේද..?"
    "ම්ම්ම්"
    "අනේ එහෙනම් දවසට එක ඔආරක් හරිබෙහෙම කියන්නකො..මම ආසයි ඔයා එහෙම කියනවා අහන්න.."
    ..........
    "මන්දූ..."
    "බ්ලැකා, සින්දු, ගෙම්බා, තඩී, ලයිකා, බතලි.. උන් ඔක්කොම මේ සතිය අග ට්රිප් එකක් යනවලු..."
    "හා...කොහෙද..?
    "නුවර එළි..."
    "අහ්...හොදයිනෙ.."
    "අපි දෙන්නත් යමු..."
    "ආ..හා..යමු.."
    නෙතුමිට ගොඩක් සතුටු හිතුනා..නෙතුමි හිතුවෙ ට්රිප් එක ගැන කියපු ගමන් මන්දාර යමු කියයි කියලා ..ඒත් කොහොම හරි ක්මති කියුවනෙ..
    ""මොකෝ මේ මූණ එල්ලන් ."
    "මොකක්ද ඔය ඇදන් ඇවිත් ඉන්නෙ..අත් කොට.."
    ඒක අම්මා මහලා එවලා තිබ්බ අත්කොට දිගම තිග කුරුතා බ්ලව්ස් එකක්.හැමෝම කියුවෙ ඒක නෙතුමිට ලස්සනයි කියල..නෙතුමි ආපු වෙලේ ඉදන් බලන් උන්නෙ මන්දාර ලස්සනයි කියනකම්.ඒත් මන්දාර කියුවෙ වෙන දෙයක්.
    "අනේ මන්දු ඔයා මට කියලා නෑනෙ අත් කොට අදින්න එපා කියලා..හරි ඊලගට කොහේ හරි නැවැත්තුවම මම චේන්ජ් කරන්නම්.."
    නෙතුමි වීදුරුවෙන් පිටත ඇස් රැන්දුවෙ හිතේ ඇති වෙච්ච දුකට...අනිත් අය සින්දු කියද්දි හිනා කෙද්දි ඒ දෙන්නා ලෝක දෙකක තනි උනා..
    "මන්දු...මීට පස්සෙ ඔයා ක්මති අකමැති දේවල් මට කියන්න.මම දන්නෙ නෑනෙ..හිතේ තියන් ඉන්න එපා.."
    නෙතුමි කියුවෙ දුකින්.
    කට්ටියම ෆ්රෙගරි පාර්ක් එකට ගියාම කොල්ලො කෙල්ලො දිවුව්ර් ස්පීඩ් බෝට්ටු පදින්න.නෙතුමිට හරි ආසා හිතුනා ස්පීඩ් බෝට් එකේ යන්න..
    "මන්.."
    "නෙතූ ඔයා ඉන්න..මම ලයිකා එක්ක අර බෝට්ටුව පදින්න යනවා.."
    නෙතුමි කතා කරන්නත් කලින් මන්දාර යාළුවෙක් එක්ක ගියා..අනිත් කෙල්ලො තමන්ගෙ කොල්ලා එක්ක ස්පීට් බොඉට්ටු පදිනකොට නෙතුමි ආසාවෙන් බලන් හිටියෙ මන්දාර එනකම්..ඒකෙ තමන්ගෙ බොඉයි ෆ්රෙන්ඩ් එක්ක ඇරෙන්න යන්න බෑනෙ.ඉස්සරහා ඉන්න කෙනාව බදාගෙන අල්ලා ගන්නත් ඕනිනෙ..
    වතුරෙන් තෙමිලා මන්දාර ඇවිත් ලගින් වාඩි වෙද්දි නෙතුමි හිනා වෙලා බලන් උන්නෙ මන්දාරට බෝට්ටු පදිමු කියන්න.
    "මන්දු මටත් ආසයි අර බෝට්ටු පදින්න.."
    "අයියෝ ආයිනම් බෑ නෙතූ ..මට මහන්සි.."
    නෙතුමිගෙ ඇස් වල කඳුලු පිරුනත් ඒවා හැමෝටම හොරෙන් පිහිදා ගත්තා..
    "කාජල් මම ආයිත් යනවා එනවද..?"
    ලයිකා ඇහුවෙ නෙතුමි කියපු දේ ඇහිලා.මන්දාර ඔරවනවා දැක්කම නෙතුමි අදහස අතැරියා.
    "දැන් බෑ ලයිකා සීතලයි ගොඩක්.."
    නෙතුමි කියුවෙ හිත දුකින් පිරෙද්දි..
    ...........................
    කකවදාවත් මන්දාර නෙතුමිගෙ කැමැත්ත ඇහුවෙ නෑ..එයාට හිතෙන විදිහටයි වැඩ කලේ..
    "හැපි බර්ත්ඩේ නෙතූ..."
    මන්දාර ප්රසෙන්ට් එකක් නෙතූගෙ අතේ තියද්දි කොල්ලො කෙල්ලො ඒ වටේ වට උනා..
    "කාජල් ඕක ඇරපන්කො..."
    "අම්මා...ෆ්රොක් එකක්...මාරයි කොල්ලො ඈ.."
    ඒත් නෙතුමිගෙ හිත ගොඩක් රිදිලා තිබුනෙ..
    "මොකෝ බස්සො තෝ දන්නෙ නැද්ද කාජල් කොළ පාටට කැමති නෑ කියලා.."
    සශා අහද්දි නෙතුමිට බැලුනෙ සශා දිහා මගෙ යාලුවො දන්න දේවල්වත් මන්දාර දන්නෙ නෑනෙ..
    "ආ...මම ඒක දන්නෙ නෑනෙ .?"
    මන්දාර ගොත ගැහුවා..
    "දැන ගන්න තෝ අහන්න එපෑ..බස්සා නොදකින් ..කෙල්ල ආසා පාටවත් දන්නෙ නැද්ද..?"
    යාලුවො ඉස්සරහා මන්දාර නෝන්ඩි වෙනවට නෙතුමි කැමති උනේ නෑ..
    "ඒ ඉස්සර කොළ පාටට අකමැති ..දැන් ආසයි.."
    නෙතුමි කියද්දි කොල්ලො කෙල්ලො නෙතුමි දිහා බැලුවෙ සතෙක් දිහා බලනවා වගේ මොකද නෙතුමි කොළ පාට ලේන්සුවක්වත් පාවිච්චි කරන්නෙ නෑ කියලා උන් දන්නවා.
    .............
    "නෙතූ මම බයික් එකක් ගන්නවා...."
    "මන්දූ...තද රතු...ලස්සනයි...හෙලෝ..හෙලෝ..."
    "ආ...නෑ නෙතූ මම ආවෙ අපෙ පුන්චිගෙ දුවත් එක්ක..ඒකි නිල් පාට ගන්න කියුවා මම ගත්තා.."
    "අරගෙන ඉවර වෙලාද එච්චර සුභ ආරංචියක් මට කියන්නෙ මන්දු.."
    නෙතුමි ෆෝන් එක කට් කලේ දුකින්.
    ....................
    කැම්පස් අවුට් වෙලා නෙතුමි බෑන්ක් එකකට බැදෙද්දි මන්දාර ලීස් කම්පැණි එකකට බැඳුනා.
    "මන්දූ අද චමාලිගෙ බර්ත්ඩේ එක යමුද..මට තනියම යන්න බෑ.."
    "ඔයා දන්නවනෙ මට ඔය පාර්ටි ඇලජික් කියලා..ඔයා තනියම යන්න.මට බෑ.."
    "එහෙනම් මාත් නොගිහින් ඉන්නවා.."
    "කැමැත්තක්.."
    ....................
    මේ අතර මේ සම්බන්දය ගැන ගෙවල් වලිනුත් දැන ගත්තා.ගෙවල් වලින් අකමැත්ට්බක් තිබුනෙ නෑ.
    "මන්දූ ෆොටෝ එකක් ගමුකො...මගෙ ෆ්රොෆයිල් පික්චර් එකට දාන්න.."
    "හ්ම්ම් හ්ම්ම්.."
    "අනේ ඔච්චර දුරින් ඉන්නෙ ලගට එන්නකො...කෝ මගෙ කරට උඩින් අත දා ගන්න..."
    "අනේ මන්දු ඒක කැතයි..පොඩ්ඩක් බෙල්ල මගෙ පැත්තට ඇල කරලා හිනා වෙන්නකො..."
    "අයියෝ මම බලෙන් ගන්නවා වගේ නෙ...හිනා වෙනවකො මැට්ටො.."
    මේ නෙතූ මට ඔය විකාර දිරවන්නෙ නෑ කියලා තමුසෙ දන්නවනෙ...සෙල්ෆි මොන මගුලක්ද...මට වද දෙන්න එපා..
    "ඔයාට වද නොදී කාට වද දෙන්නද මන්දු.."
    නෙතුමි අහන දේට උත්තර දෙන්න මන්දාර ලග හිටියෙ නෑ..
    ................
    මේ විදිහට ටිකෙන් ටික නෙතුමි මන්දාරගෙන් දුරස් වෙන්න ගත්තෙ මන්දාරගෙ ගුප්ත බවත් ආත්මාර්ථය නිසාත් ඒ වගේම නෙතුමිගෙ ආශාවන් කැමැත්ත බලාපොරොත්තු හැම දේම මන්දාරගෙ සිතුවිලි වටල යට වූ නිසා.කොයිම මොහොතකවත් නෙතුමිගෙ පැත්තෙන් හිතලා තීරණයක් ගන්න මන්දාර උනනදු උනේ නෑ..
    හැම දේම තමන්ට ඕනි විදිහට සිදු වීම පමණයි ඔහුට අවශ්ය උනේ..
    හැමදාම මෙහෙම සිද්ද වෙනකොට නෙතුමිට තමන්ගෙ ජීවිතේ එපා උනා.හැමදාමත් මෙහෙම නොසලකා හරිද්දි නෙතුමි තනිවෙන්න පුරුදු උනා..කිසිම දෙයක් මන්දාරගෙන් බලාපොරොත්තු නොවන්න පුරුදු උනා...මන්දාර කියන්නෙ නෙතුමිගෙ ජීවිතෙව්ට නාමික චරිතයක් උනා...
    මන්දාර ජොබ් එකත් එක්ක තවත් කාර්යබහුල උනා.නෙතුමි ගැන හොයන එක තවත් අඩු උනා..නෙතුමිගේ ඕන එපාකම් අඩුම තරමෙ බර්ත්ඩේ එකට විශ් එක ආවෙත් උදේ වෙලා පැය කීපයක් ගියාට පස්සෙ.
    ......... හමිඩ් කියන්නෙ නෙතුමිගෙ බෑන්ක් එකේ වැඩ කරන කෙනෙක් ...මුස්ලිම් තරුණයෙක් උනත් හොද තේරුම් ගැනීමක් තිබුන කෙනෙක්.මන්දාර නිසා නෙතුමි දුක් විදින බව දැනන් උන්නත් ඒ ගැන අහන්න නොගියෙ ඒක තමන්ට අදාල නොවන නිසා.
    බෑන්ක් එකේ මැනේජර් විශ්රාම යන නිසා උත්සවයක් සංවිධානය කරන්න පැවරිලා තිබුනෙ හමිඩ් ට සහා නෙතුමිට ..ඒ වැඩකට මේ දෙන්නා අද එකට එළියට ආවෙ.නිවාඩු දවසක් නිසා හමිඩ් ගෙදරට ගිහින් නෙතුමිගෙ අම්මලගෙන් අවසර අරන් නෙතුමි එක්කන් ආවෙ.
    අහම්බෙන් තමයි මන්දාර මේ දෙන්නව දැක්කෙ...
    මන්දාරට දැනිලා තිබ්බෙ නෙතුමි දැන් තමන්ට ඉස්සර වගේ කරදර කරන්නෙ නෑ කියලා.ඔව් ඇත්තටම මන්දාරගෙ අවදානය වෙනුවෙන් මන්දාරට කරදර කරන එක නෙතුමි නවත්තලා තිබුනෙ .
    මන්දාර හිතුවෙ මේ දෙන්නා අතර සම්බන්දය ක් තියනවා කියලා.
    නෙතුමිව ගෙදරට බස්සවලා හමීඩ් එන්න හදදිම මන්දාරගෙ බයික් එක හදද්දිම මිදුලෙ නතර උනා.
    "ආ...මේ ඉන්නෙ...අම්මලා තාත්තලා දැන ගන්න එකත් හොදයි...මෙන්න ඔයාලගෙ දූ පොඩ්ඩ මාව අතෑරලා මේ තම්බියා එක්ක යාලු වෙලා ..."
    "පුතා කට පරිස්සම් කරන් කතා කරන්න..."
    "තව මොනා පරිස්සම් කරන්නද...මේ සම්බන්දෙ අදින් ඉවරයි.."
    මන්දාර ගියෙ එහෙම කියලා..නෙතුමිට අමුතුවෙන් දුකක් දැනුනෙ නෑ..මන්දාරගෙ වෙනස්කම් නොසලකා හැරීම නිසා නෙතුමි ඇති වෙන්න දුක් විදලා තිබුනෙ..
    "අනේ දුවේ..."
    "කමක් නෑ තාත්තෙ...එයා අද වචනවලින් කියුවට මාව අතෑරලා දාලාගොඩක් කල්...මා ග්ණ හොයලා බැලුවෙ මම කැමති අකමැති දේ ගැන...එයා දන්නෙ නෑ...වෙන්න තියන හොඳම දේ අද උනා.."
    "මට සමාවෙන්න හමීඩ් .එයා කාටවත් ගරු කරන්න දන්නෙ නෑ...ආගම ජාතිය වෙනස් උනාට ඔයාට එයාට වඩා හොද ගතිගුන තියනවා.."
    "ඒකට මොකෝ නෙතුමි..මම යනවා....මම එනකම් වයිෆ් බලාගෙන ඇති ..ඩොක්ටර් ලගට යන්න..."
    ""බුදු සරණයි" .."
    නෙතුමි සුසුමක් හෙලලා ගෙට ගියා..
    .......................
    ආදරේ කියන්නෙ ගැඹුරු දෙයක්.හැබැයි ඒ ගැඹුරු බව ලැබෙන්නෙ සියුම් පුන්චි දේවල් වලින්.
    ආදරේදි අවදානය අත්යවශ්ය දෙයක්.කෙනෙක් අනෙකාගෙ අවදානය ගොඩක් බලාපොරොත්තු වෙනවා.තමන් ආදරේ කරන කෙනා කැමති දේ අකමැති දේ , බලාපොරොත්තු වන පුන්චි පුන්චි දේවල්...ඒවට අවදානය දෙන්න.
    සමහර විට ඔයා අකමැති වෙන්න පුළුවන්...ඒත් එයා ක්මතිනෙ..ඒක නොගැලපෙන දෙයක්නම් ආදරෙන් තේරුම් කරන්න.කතාබහා කරන්න.
    විශේෂයෙන්ම එකිනෙකා අතර අදහස් හුවමාරුව ඉතාම වැදගත් .කතා කරන්න.අනිත් කෙනා කියන දේට සවන් දෙන්න.තමන්ගෙ දේවල් එයාට කියන්න පුරුදු වෙන්න එකක් හිතේ තියන් තව දෙයක් කියන්න එපා .දෙන්නම දුක් විදිනව.
    අනිත් කෙනාගෙ අදහස් වලට ගරු කරන්න.ඔයා කාර්යබහුල ඇති...මහන්සි ඇති .ඒ දේවල් එයා තේරුම් ගනීවි .ඔයාට නිදහස් වෙලාවට ඒ වෙලාවෙ වටිනාකමට ඔයා එයාට දෙනවනම්.
    ඔයාලගෙ ආදර ලෝකෙ කපොළු හදා ගන්න එපා..බාහිර ලෝකේ ඒ හිස්තැන් පුරවන්න බලන් ගොඩක් අය ඇති..ඒකට ඉඩ තියන්න එපා..
    ලොකු ලොකු තෑගි සල්ලි වලින් කරන්න බැරි ගොඩක් දේ මේ කියපූ
    අවදානය
    කතා කිරීම
    සවන් දීම
    අනෙකාගෙ අදහස් වලට ගරු කිරීම
    ඔයාගෙ වටිනා කාලයෙන් එයාට පොඩි වෙලාවක් හරි වෙන් කිරීම
    වගේ දේවල් වලින් කරන්න පුලුවන් වෙයි.
    හැමදාම ආදරෙන් අහින්සා.
    (උපුටා_ගැනීමකි)

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Aug 2017 11:04 PM

    💕💕💕💕 කෙටි කතාවක්... 💕💕💕💕

    🔴 ඔය වඳ පිදිච්ච ගස් ටික ඔක්කොම කපලා දාපන් සුමනා.. මුළු බංගලාවම මූසල පාටයි.. කොහෙද ඉතින් ගෙදර මහ එකී වඳ වුණාම වත්තේ මල් පැලේකවත් මලක් එයිද.. අවුරුදු හතක් ගිහිල්ලත් දරුවෙක් වඳන්න බැරි නම් ඉතින්.. අනේ හපොයි.. මේවා බලන්න මාත් ඉන්නවනේ...

    වෙනදා වගේම තිසරුගේ අම්මා මට උදේ පාන්දරම දෙස් දෙවොල් තියන්න පටන් ගත්තේ උඩු මහලේ ඉන්න මාව වත්ත පහළදී දැකපු නිසා වෙන්නැති. මගේ පපුව පිච්චිලා ගියා. මං වෙනදා වගේම ඇස් වල කඳුළු පුරවන් නිදන කාමරේට ගියා.

    💘 තිසරු.. ඔයා අද කලින් එනවනේ.. අපි බෙහෙත් ගන්න යමු..
    💘 මෙත්මා.. තව මොන බෙහෙත්ද.. අවුරුදු පහක් තිස්සෙම බෙහෙත් බිව්වා කියලා වැඩක් වුණාද.. නැහැනේ.. මට පාඩුවේ වද නොදී ඉන්නවා.. රස්සාවට යන්න දෙන්නෙත් නැහැ උදේ පාන්දරම කෑ ගහනවා..
    💘 ඇයි මහත්තයෝ ඔයත් මට බයින්නේ.. මාව දැන් එපා වෙලාද.. අපි ⁣අද යන්නේ ඔයාට බෙහෙත් ගන්න..
    💘මොන විකාරයක්ද.. මට බෙහෙත් ගන්න මං වඳ මිනිහෙක්ද.. අපේ පවුලේ හැමෝටම ළමයි ඉන්නවා.. කොච්චර අවුරුදු ගාණක් ආදරේ කරලා කසාඳ බැන්දත් වැඩක් නැහැ ඒ ආදරේ රැක ගන්න නම් දරුවෙක් ඕනි..

    තිසරු මටත් බැනලා තරහෙන් ගියා. මං තිසරු යන දිහා උඩු මහලේ ඉඳන් බලන් හිටියා. අනේ දෙවියනේ ඇයි මටම මේ වගේ නස්පැත්තියක් වුණේ. තිසරුගේ ඇස්, ඒ තොල්, ඒ මූණ තියෙන පැටියෙක් මගේ බඩට එන්නැති හැටි කියලා මං කුස අල්ලගෙන හීල්ලුවා. සල්ලි කප්පරක් තිබ්බත් වැඩක් නැහැ දරු සෙ⁣නහස නැත්තම්. මං කඳුළු පිහිදාගෙන කාමරේට ආවා. මං බැලුවේ මට ආපු කෝල් එකට.

    📲 ලොකු අක්කේ.. අද එනවා නේද.. මං චැනල් එක දැම්මා ස්පෙෂලිස්ට් සර්ජන්ට් කෙනෙක්ටම.. අයියව පෙන්නමු..
    📲 වැඩක් නැහැ නංගී.. තිසරු කැමති නැහැ.. අපි අතෑරලා දාමු ඕක..
    📲 එහෙම කියලා පුළුවන්ද.. අක්කා දන්නවනේ තිසරු අයියගේ අම්මගේ කටේ සද්දේ.. ඔයාට වඳ ගෑණි කියලම බයිනවා.. ඔයා කොහොමද මේවා ඉවසන්නේ..
    📲 තිසරු කියන්නේ මගේ පණ ටික.. මං ඉවසනවා..
    📲 කවදාහරි අයියටත් අක්කව එපා වුණොත්..
    📲 මොනදේ වුණත් තිසරු මට ආදරෙයි.. එයාට මාව එපා වුණොත් මං මැරිලා යනවා..
    📲 හ්ම්ම්.. අනේ මන්දා අක්කේ..

    **************************************

    එදින රාත්‍රීයේ.

    මං අද තිසරු කැමතිම කෑම හදලා මේසෙට ඇරියා. අම්මයි තිසරුයි ඇවිත් කෑම මේසේ වාඩි වෙලා කෑම බෙදා ගත්තා.

    🔴 පුතා..
    🔴 අම්මේ..
    🔴 මාත් ආසයි මැරෙන්න කලින් දරුවෙක් බලන්න.. අපි එපා කියද්දී ආදරෙයි කියලා කර ගහ ගත්තා.. ඒක කමක් නැහැ කියමු.. ඒත් වඳ ගෑණියෙක්.. දැන් අවුරුදු හතක්ම බැලුවනේ.. දැන් කරන්න තියෙන්නේ මේ කසාදේ කටු ගාලා දාලා වෙන කෙල්ලෙක් බඳින එක..

    තිසරුගේ අම්මා එහෙම කියද්දී මං කෑම මේසෙන් නැගිට්ටා නෙමෙයි නැඟිටුණා. මං මොකුත් නොකියම හැඬූ කඳුලින්ම නිදන කාමරේට දුවගෙන ඇවිත් ඇඳට වැටුණා. දන්නෙම නැතිව ගොඩක් වෙලාම අඬ අඬ ඉඳලා මට නින්ද ගිහින්. මං ඇහැරුනේ මගේ කුසට දැනුණු සීතල ස්පර්ශයට.

    💘 මෙත්මා..
    💘 අනේ මගේ මහත්තයෝ..

    මං තිසරුගේ රළු පිරිමි පපුවට තුරුල් වෙලා ගොඩක් වෙලා ඇඬුවා. තිසරු මාව තුරුල් කරගෙන මගේ පිට පිරිමැද්දා.

    💘 අම්මා කියන ඒවා ගණන් ගන්න එපා මෙත්මා..
    💘 මං දැන් අවුරුදු පහක්ම ඉවසනවා මහත්තයෝ.. අම්මා බැන්නට කමක් නැහැ.. මහත්තයත් මාව මඟ අරිද්දි මට දරා ගන්න බැහැ..
    💘 හිතලා කරන්නේ නැහැ මෙත්මා.. ඒත් මට දරු පැටියෙක් ඕනි..
    💘 අපි දරුවෙක් අරන් හදාගමු..

    මං එහෙම කිව්වම තිසරු විදුලියක් වැදුණා වගේ නැගිට්ටා. මගේ කොණ්ඩෙන් අල්ල ගත්තා.

    💘 උඹට පිස්සුද.. මායාදුන්න පරම්පරාවේ ලේ නැති එකෙක්⁣ට මේ බූදලේ දෙන්න.. ඊට වඩා හොඳයි..
    💘 මොකද්ද මහත්තයෝ...

    මං ඇස් වල කඳුළු පුරවන් ඇහුවා.

    💘 වෙන ගෑණියෙක්ව බැඳලා ළමයෙක්ව හදා ගන්නවා..

    තිසරු අහක බලාගෙන කියද්දී මගේ පපුව පිච්චිලා ගියා. මං ඇඳෙන් නැගි⁣ටලා තිසරුගේ දෙපා ළඟ වැඳ වැටුණා.

    💘 අනේ මගේ රත්තරනේ.. මාව අතාරින්න එපා.. මාව මැරිලා යයි.. මං කියනවට අපි බෙහෙත් ගන්න යමු.. මහත්තයත් බෙහෙත් ගමු.. තව අවුරුද්දක් බලමු..
    💘 හැමදාම ඕක කියන්නේ.. මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා.. මං බෙහෙත් ගන්න මං වඳ එකෙක්ද කියපන් ගෑණියේ..

    තිසරු වියරුවෙන් වගේ මගේ කොණ්ඩේන් අල්ලන් කෑ ගහලා මාව තල්ලු කරපු පාරට මාව ඇඳ විට්ටමේ වැදිලා නළල ගල් වුණා. තිසරු දොර හයියෙන් වහගෙන තරහෙන් පුපුරමින් කාමරෙන් එළියට ගියා.

    ***********************************

    සතියකට පසු..

    අම්මගේ බැනුම් එන්න එන්න වැඩි වුණා. තිසරුට බල කරා පවිත්‍රා කසාඳ බදින්න කියලා. තිසරු කියන්නෙත් මනුස්සයෙක්. අම්මගෙයි මගෙයි වචන වලට මැදි වෙලා එක තැනක ඉඳන් තනියම දුක් විඳිනවා. කවදාවත් නැතිව තිසරු බොන්න ගත්තා. මං තිසරුව දන්නේ දැන් අවුරුදු දහයක ඉඳන් තිසරු මට පණ වගේ ආදරෙන් හිටියේ. දරුවෙක් නැති හින්දද මන්දා තිසරු දැන් මට ආදරේ නැහැ. තිසරුට මාව එපා වෙලා. පපුව පැලෙන්න තරම් වේදනාවක් ආවා. තිසරු කොහොමත් මේ පාර අම්මා කියන දේ අහයි. මොකද අම්මගේ අකමැත්තෙන් මාව කසාඳ බැදපු නිසා තමා දැන් මෙහෙම දෙයක් වුණේ කියලා තිසරුගේ හිත කියනවා ඇති. තිසරු එදා ගෙදරින් ගියාට පස්සේ තාම ගෙදර ආවේ නැහැ. ඒ මං නිසානේ. තිසරුට පවිත්‍රාව බඳින්න තියෙන එකම බාධාව මං වෙන්නැති කියලා මට හිතිලා මං තිසරුට කෝල් කරා.

    💘 මහත්තයෝ.. ඇයි ගෙදර එන්නේ නැත්තේ..
    💘 මොන ගෙදරද.. මගේ මුළු ජීවිතේම කාලකණ්ණි වුණා.. මං මැරිලවත් යන්නම්..
    💘 එපා මහත්තයෝ.. ඔයා මගේ මුළු ජීවිතේම.. ඔයා ජීවත් වෙන්න.. මං මැරිලා යන්නම්..

    මං අඬ අඬම කිව්වා.

    💘 ඔව් ඔව්.. දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණම හරි.. වද නොදී ෆෝන් එක තියනවා මට වැඩ තියෙනවා...

    තිසරු එහෙම කියලා කෝල් එක කට් කරා. මං අඬ අඬම කල්පනා කරේ මීට අවුරුදු හයකට කලින් තිසරු මං කෝල් කරාම කතා කරපු විදිය.

    💘 මහත්තයෝ..
    💘 කියන්න මැණික.. දැන්ද මාව මතක් වුණේ..
    💘 අනේ මහත්තයෝ.. මං මේ ගාර්ඩ්න් එකේ මල් වලට වතුර දැම්මා..
    💘 මාත් එක්ක දැන් කතා කරන්නෙත් මලක් තමා.. ආදරෙයි මැණික ගොඩක් උම්මාහ්..
    💘 මාත් ආදරෙයි මහත්තයෝ.. කෝ දැන් වැඩ කරන්න.. මං තියන්නම්..
    💘 ඔහොම ඉන්න.. මට වැඩ නැහැ.. මගේ කම්පැනි එක.. මං සී ඕ.. වැඩ නැහැ.. කෝ උම්මාහ් එකක් දෙන්න..

    මට පරණ අතීතයයි දැන් වෙනසයි මතක් වුණා. ඔව් ඒ කියන්නේ අම්මට වගේම තිසරුටත් මාව එපා වෙලා. මං තවත් ඉන්න එකෙන් වෙන්නේ තිසරුගේ සැනසීම නැති වෙන එක. මං ඒ නිසා පොඩි ලියුමක් ලියලා තියලා තිසරු මට අරන් දීපු කන කර ආභරණ ගලවලා සුදු ඇඳුමක් ඇඳගෙන සාලෙට ආවා.

    🔴 අම්මේ.. මං පන්සල් ගිහින් එන්නම්..

    මං අම්මගේ දෙපා සිප ගෙන දෙපා වැන්දා.

    🔴 නාවට කමක් නැහැ..

    අම්මා එහෙම කියලා මං ගෙයින් එළියට ආපු ගමන් හයියෙන් දොර වැහුවා. මං පේන දුරින් තියෙන කළුතර බෝධියට පයින්ම ආවා. කළුතර බෝධියට අම්මයි තාත්තයි එක්ක ඇවිත් ඉන්න හුරතල් දරු පැටව් දැක්කම මගේ ඇස් වල කඳුළු අළුත් වුණා. මං හිතේ හැටියට බුදුන් වැඳලා මගේ රත්තරන් මහත්තයා තිසරුට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා කළුතර පාලම ගාවට ඇවිත් කළු ගග දිහා බලාගෙන කල්පනා කරා. කළු ගඟේ වතුර අද හරිම නිසලයි. ගලා යන වතුර ධාරාව හරිම තැන්පත්. ඒත් මේ හැම තැනකම ලොකු දුකක් සැඟවිලා තියෙනවා. හරියට මගේ හිතේ වගේ. #ලේ_කිරි_කඳුලක්_නැතිව_මං_වඳ_ගෑණියෙක් කියලා හංවහඩු ගහපු සමාජය ගැන මට තියෙන්නේ දුකක් වගේම කලකිරිමක්. කළු ගඟේ වතුර තරමටම මං මේ අවුරුදු හත පුරාවට දරුවෙක් නැතිව අඬන්න ඇති. මගේ මතකෙට ආවේ මං ගෙදර ලියලා තියලා ආපු ලියුම.

    ආදරණීය තිසරු,
    මං ඔයාව දැනගෙන දැන් අවුරුදු දහයක් මහත්තයෝ. අම්මා තාත්තා නැති මං ඔයාට ආදරේ කරේ මගේ පණ වගේ. ඒත් දරුවෙක් නැති නිසා ඔයාට මාව එපා වුණා. දරුවෙක් අපිට නැත්තේ මගේ වරදින් නෙමෙයි රත්තරන්. ඒක ඔයාගේ අඩුපාඩුවක්. ඒකයි මං ඔයාට බෙහෙත් ගන්න යමු කිව්වේ. ඔයා ඒකට බැහැ කිව්වම මං ඒකයි කිව්වේ එහෙනම් දරුවෙක් අරන් හදා ගමු කියලා. ඒත් ඔයාට ඒ හැමදේටම වඩා ඔයගේ පරම්පරාව ලොකු වුණා. අඩුපාඩුවක් නැති වුණත් මං වඳ ගෑණියෙක් කියලා මුළු ලෝකෙම කෑ ගහද්දි මං අවුරුදු හතක් ඉවසුවා. ඒත් මහත්තයා මට වඳ ගෑණියෙක් , මැරිලා පලයන් කිව්වම මට තවත් ඉවසන්න බැහැ. මහත්තයට මතකද බඳින්න කලින් මහත්තයට වුණ ඇක්සිඩන්ට් එක. එදා තමා මේ හැමදේම වෙලා මහත්තයට දරුවවෙක් හදන්න බැහැ කියලා ඩොක්ටර් කිව්වේ. මං කසාඳ බඳින්න කලින් ඉඳන්ම දන්නවා මහත්තයට දරුවෙක් හදන්න බැහැ කියලා. ඒත් ආදරේ නිසාමයි මං මහත්තයගේ ඒ අඩුපාඩුව අමතක කරලා කසාඳ බැන්දේ. හැමදාම එක වගේ ආදරේ කරා. ඒත් මහත්තයටත් මං අන්තිමට වඳ ගෑණියෙක් වුණා. මේ වඳ ගෑණි මහත්තයා මේ ලියුම කියවද්දිත් මැරිලා. මහත්තයා සතුටින් ඉන්න.. මං හැමදාම ආදරෙයි.. මහත්තයා ලබන ආත්මෙදිත් මගේම වෙන්න.. බුදුසරණයි..
    ආදරණීය,
    මෙත්මා.

    ලියුමේ ලියලා තිබ්බ හැම වචනයක්ම හිතේ දෝංකාර දෙද්දි මං කළුතර බෝධියේ කොත් කැරැල්ල දිහා බලලා වැඳලා මගේ මහත්තයා සතුටින් ඉන්න කියන ප්‍රාර්ථනාව හිතේ තියගෙනම කළු ගඟේ ගැඹුරු පතුලටම ගිලි ගියේ සතුටින්. මහත්තයගේ සතුටම ප්‍රාර්ථනා කරමින්.

    - නිමි -

    ලේ කිරි කඳුළු අවැසිය අපේ ආලයට
    දරුපෙම බැඳ තබයි අපේ ජීවිත කුලගෙයට
    හැදූ මව නැතිව වැදූ මව අගයන ලෝකයට
    හැදූ මව වඳ වුණේ ඇයි මේ අකාලෙට

    උදාරි ප්‍රේමරත්න 👸

    *******************************************
    පසුවදන
    🔥 අද සමාජයේ මෙත්මලා, යසිරුලා කීයක් නම් ඇත්ද..
    🔥 දරු සුරතල් බැලීමට වැදූ මවක්ම විය යුතුද..
    🔥හැදූ මවට මේ සමාජයේ තැනක් නැතිද..

    🔥🔥🔥වරද කාගෙද
    🔴 තම ස්වාමියාට පණ වගේ ආදරේ කර ඔහුගේ අඩුපාඩු සඟවමින් ඔහු සමඟම සිටි ආදරණිය බිරිඳ මෙත්මගෙද...
    🔴සැමියාගේ අඩුපාඩු සඟවමින් ජීවත් වන , වඳ ගෑණියෙක් යන අපවාදය ඉවසමින් සිටි අාදරණිය බිරිඳට පහර දුන් තිසරුගෙද...
    🔴මුණුබුරෙක් බැලීම තම එක අරමුණ කරගෙන කරගෙන ජීවත් වන තිසරුගේ වියපත් මවගේද...

    🔥🔥🔥 සිතන්නට යමක්...

    by - udari premarathne

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    06 Aug 2017 11:05 PM

    #supu

    මේක මගේ ඇත්තම සිද්ධියක් සමහරවිට මේකත් මෙලෝ රහක් නැතිවෙන්න පුළුවන් කැමති නම් කියවන්න...

    කතා ලියන අතරේ කිසිම අර්ථයක් නැති කතාවක් ලිව්වම ඒක පේජ් වලට දුන්නම ඇත්තටම ඒ පේජ් වල කතා කියයවව්වේ ගොඩක් කාන්තා පාර්ශ්වයේ අය ඒ නිසා බැනුම් කෝටියක් එක්ක පටං ගත්ත නොසිතු විරූ සාංසාරික බැඳිමක ආරම්භයක් සනිටුහන් වෙන මොහොතකට කාලය එළඹුනා...

    මම FB Online ඉන්න ගමං ..........(නම රහසිගතයි) coonect with you කියලා Notification එකක් එනවා ඒ කියන්නේ මගේ friend list එකේ නැති කෙනෙක් නිසා Request මැසේජ් එකක් එනවා

    "Hai Dear Can You Chat With me?"

    මමත් ඒක Accept කරලා
    "Yes Can, Why?" කියලා Reply කරා පස්සේ මගේ කතාවට බයින්න වගේ ඇවිත් එයා මගෙත් එක්ක හොඳින් කතා කරා ඇත්තටම ගොඩක් විස්තර කතා කරා ඇත්තටම එයා ඉඳලා තියෙන්නේ යාළුවෙක්ගේ Account එකකින් එවෙලේ Online ඉඳලා තියෙන්නේ කොහොමහරි පෞද්ගලික තොරතුරු පවා කතා කරලා තවත් අපි දෙන්නා සමීප වුනා පස්සේ ඡායාරූප පවා හුවමාරු කරගත්තා ඇත්තටම එයා අාදරයක් බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්... මට වඩා අවුරුද්දක් බාලයි එයා... එයා එක දවසක් කිව්වා නිකං විහිළුවට වගේ මට

    "අයියා මට ඔහෙන් කෙනෙක් හොයලා දෙන්න"
    කියලා... ඇත්තටම තනිකඩ ජීවිතයක් ගෙවපු මට මේක හොඳ අවස්ථාවක් කියලා හිතුනා ඇත්තටම අපි ගොඩාක් දේවල් කතා වුනා ඒ අතරේ එයා මගෙන් ඇහුවා...

    "ඔයා බොනවද අයියා?"

    ඒකට මගේ පිළිතුර වුනේ

    "ඉස්සර බිව්වා නංගි දැං ඉතිම් යාළුවෝ හම්බුනොත් බොනවා"

    කියන එක... එකපාරටම එයා කිව්වා

    "කවදාවත් අායේ බොන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න"

    කියන එක මට තවත එතකොට එයා ගැන සිතුවිලි පහල වෙන එක තව තව වැඩිවුනා වගේම මම පොරොන්දු වුනා... ටික දවසක් ගෙවුන තැන මම එයාට කිව්වා ඔයා හිතන විදිය කෙනෙක් මස ගාව ඉන්නවා යාළුවෙක් කියලම මම එයාට කිව්වා... එයත් කුතුහලයක් එක්ක දැනගන්න ආසාවෙන් හිටියා... දවස් දෙකක් විතර යන්න දීලා මම එයාට කියන්න යද්දී එයා විස්තර අහන්න පටං ගත්තා... මමත් දිගට හරහට විස්තර කිව්වා... අන්තිමටම එයා⁣ගේ ප්‍රශ්නය...

    "කව්ද අනේ එයා මට බලන්න ඕනි"

    කියලා කිව්වම මම මගේ සිතුවිලි ප්‍රකාශ කරා...

    "මගේ යාළුවෝ හැමෝටම GF ලා ඉන්නවා මට විතරයි නැත්තේ වෙන කවුරුත් නෙවේ මේ මම...
    මම ඔයාට ආදරය කරනවා නංගි..."

    කියමින් මගේ ආදරය ප්‍රකාශ කරා...
    එයාට එක පාර හිතාගන්න බැරි වුනා එයාට හිතන්න ඕන කිව්වා ඒකටත කාලය දීලා බලං ඉද්දි එයාට මාව බලන්න ආසාවත් තිබුනා මටත් එ් අාසාව එහෙමම තිබුනා මම ඇහුවා

    "මම එන්නද? ඔයාව බලන්න"

    එතකොට එයා කිව්වේ මෙහේ ආවොත් මම දන්න අය වැඩියි මම එන්නම් කියමින්... සිතූ පැතූ විදියටම එයා අාවා...
    අපි කතා කරන්න අසල තිබුන පාක් එකට ගියා ඇති තරම් දෙන්නාගෙ හැඟිම් සිතුවිලි බෙදාගත්තා... මම කෙලින්ම එයාගෙන් ආදරය ඉල්ලුවා ඒත් හරි උත්තරයක් දුන්එනෑ හවස කියන්නම් Promise කියලා කිව්ව නිසා මම බල කරේත් නෑ... අනේ ඇත්තටම එයා හරිම අහිංසකයි... පොඩි දේටත් හරිම සංවේදී කෙනෙක් ඒත් මම ඇත්තටම සෙල්ලක්කාරයි කොල්ලෙක් වුනාම එහෙමනේ... එදා දවසත් ගෙවිලා එයා ගෙදර ගියා මමත් ආවා...

    එයාගෙන් මැසේජ් එකක්...

    "Hmm. Ammi ara msg dakala. Meeta passe phone tab denne na kiwwa aiya. Sry ayemsg kranna wenne na"

    මම...

    " Haiyoooo mawa baya krnwa oyaaa"

    " Mata ledak hadannada yanne ane oyaaa"

    එයා...

    " Na na aththmai aiya. Oya ekka thyena affair eka nwaththnna kiwa. Mn na kiwwata piliganne na ne. Sry aiya"

    මම...

    " Aneeeee please mother promise aththada kiynna mata angath ekka mokakdo unaaa"

    එයා...

    " Ow aiya aththamai mn kiyanne"

    මම...

    " Mage hitha gassanna epa boru kiyddi tikak thathwikawa kiynna oya ada koheda giye kiyla ahnna epai parakuu une ai kyla ane please nangi oya promise unaa mata oya ooni nangi please mage hithatama awilla ohoma pissu katha kiynna epa mta oya ooni... Mother Promise kiynna"

    එයා... එකපාරටම...

    " I love you aiya"

    මම ඇත්තටම පුදුම වුනා අළුත් ජීවිතයක් ලැබුණ නිසා...

    " He he he mage pana math adarei godaaaaaaaaaaaaariyak ummmmmmmmmmmmmma"

    එයා...

    " Mth adarei matto. Mtath horen mge hitha horakam kala neda? Plz kwadawath dala yannepa aiya. Mn echcharamai oygen illanne."

    එහෙම කතාව දිගටම ඇදිලා දෙන්නම සතුටින් ආපු මහන්සිය නිවාගෙන අාදරය විඳින්න ගත්තා...
    ප්‍රශ්න ඉස්සරහට එනවා ඒවට එකටම මුහුණ දෙමු කියාගෙනම...
    අනේ අාදරය ගෙවීගෙන යද්දී ප්‍රශ්න වැලක් ආවා ඒවට දෙන්නම දුක් වුනා... කොහොමහරි තව දවසක් එයා මාව බලන්න ඇවිත් ඒ ප්‍රශ්නනත් විසඳුනා...
    ආදරය කරන මට ඇරෙන්න පිස්සියක් වගේ මගේ පිස්සි මට ඇරෙන්න වෙන කා එක්ක හැඟිම් බෙදාගන්නද? නේද?
    කොහොමහරි ඒ ප්‍රශ්නත් විසඳිලා පොඩි ප්‍රශ්න වගෙයක් ආවා තව තව ඒවත් මගේ යාළුවත් යාළුවා කිව්වට සහෝදරයාත් මැදිහත වෙලා විසඳිලා අාදරය ගලාගෙන යද්දී පුංචි විහිළුවකට මට තරහා ගියා මම විහිළුවට වගේ බැන්නා...
    අනේ මගේ සුදූ ඒක ඔළුවට අරං විඳවනවා මමත් පිස්සෙක් වගේ හැසිරෙනවා අනේ එයා කන්නෙත් නෑ හිතින් විඳවනවා මම මෙහෙ කොල්ලෙක් වෙලත් අඬනවා 😢😢😢 එයාට ඇත්තටම පොඩි දෙයක් වුනත් දරාගන්න අමාරුයි😔😔😔 අනේ මම පිස්සෙක් වගේ කියවන නිසා තව බැන්නදෝ මංදා... 😔😔😔 මට ආදරය දරාගන්න බෑ සුදූ Please වෙච්චි වැරැද්ද අමතක කරලා මට සමාව දෙන්න සෙල්ලක්කාරකමට හැසිරුණාට මං ඔයාට ආදරෙයි නංගි... අනේ පණ ❤️😔
    එයා කාලත් නෑ දවස් 3ක් හරියට...😔😔😔
    ⁣මුළු ඇඟම Faint වෙනවළු 😢😢😢
    ⁣බෙහෙත් අරගෙන ඒවා බොන්නෙත් නැතුව එයාවම රිදවගන්නවා... 😩😩😩
    මමත් මෙහෙට වෙලා කරගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නවා අනේ රත්තරන් මට සමාව දෙන්න සුදු...
    Please මට එකම එක අවස්ථාවක් දෙන්න ඔයා මට ආදරෙයි නම් හැදෙන්න මම ඕන දුකක් දරාගෙන ඔයා එක්ක ඉන්නවා සත්තයි... මට පණ වගේ අාදරය කරන ඔයාව නැතුව මම කොහොමද ඉන්නේ රත්තරන් please ඔයාට මොනවහරි වුනොත් මගේ ජීවිතය මැරි මැරි ජීවත් වෙයි 😢😢😢
    ආයෙත් එන්න රත්තරන් ඔයාට නොදැනුනනත් මම අාදරය කරනවා කියලා මම ඔයාට ආදරෙයි රත්තරන් Please එකම එක අවස්ථාවක් දෙන්න මට මම ආයේ ඔයාව රිද්දන්නේ නෑ කවමදාවත් Promise නංගි... මගේ මැණික මම බලාගන්නවා මගේ පණ වගේ සත්තමයි මගේ මැට්ටී ❤️❤️❤️

    දුක්බර විලාපයක් වගේ ඇති ඒත් හරියට කියන්න තරම් හිතට වාරු නෑ...
    සමාවෙන්න 🙏🙏🙏

    By - d.m.dasanayake

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    08 Aug 2017 12:36 AM

    ~ අහිංසා ~
    ( ආදරයෙන් අදටත් විදවන අපේම සොයුරියකගේ සත්‍ය කතාව )

    ජීවිතේ කටුක අත්දැකීම් ගොඩාක් එකතු වෙච්ච අහිංසාගේ පුංචි හිතට ඇත්තටම සහනයක් ගෙනාවෙ දෙනුවන්.....

    " මැණික... " දෙනුවන්ගේ පපුව ගැහෙන්න වුනේ කෙල්ලෙක් එක්ක කාමරයේ තනි වෙච්ච පළවෙනි වතාව නිසා...

    " අනේ අයියෙ මට බයයි.... " අහිංසා ඇද දිහා බලලා ආයෙමත් දෙනුවන් දිහා බැලුවෙ ඇත්තටම බයෙන්.

    " මාව විශ්වාස නෑ නේද ? අනේ මැට්ටි " දෙනුවන් අහිංසාගේ ලස්සනට තියන ඉන දෙපැත්තෙන් අල්ල ගත්තම කෙල්ල වෙව්ලලා ගියා.

    " බයවෙන්න එපා මැණික්... මං ඔයාව කීයටවත් දාල යන්නෙ නෑ " දෙනුවන් අහිංසාගේ උරහිස් දෙපැත්තෙන් අල්ලලා ඇදෙන් ඉන්දෙව්වා.

    " මං දන්නවා අයියෙ ඒක...ඒත්... " කෙල්ල කියල ඉවරවෙන්නත් කලින් දෙනුවන් ඒ රෝස පාට තොල් තමන්ගෙ කරගත්තා.කිසිම දවසක බිත්ති හතරක් ඇතුලෙ පිරිමියෙක් එක්ක තනිවෙලා නැති අහිංසාගේ ඇහෙන් කදුලු වැටුනත් දෙනුවන් පිස්සුවෙන් වගේ කෙල්ලව තුරුල් කරගෙන ඉම්බා.

    ටික වෙලාවක් යනකොට අහිංසාගේ ඇස් වලින් බේරුන කදුලු නැවතුනා...
    දාඩිය ඇග පුරාම....
    කෙස් සී සීකඩ....
    දෙනුවන්ගේ සිරුරට යටවුනු පුංචි සමනලී ටික වෙලාවකින් දෙනුවන්ව තදින් බදාගත්තා.

    " මොකද ?"

    " දාලා යන්න එපා "

    " පිස්සුද "

    " එහෙනම් එන්ගේජ් වෙමු "

    " පිස්සුද, දැන්ම?"

    " හ්ම්.... ඔයා මාව දාලා ගියොත් මං මැරෙයි "

    " විකාර " දෙනුවන් අහිංසාගේ පතිවත කෙල්ලට නොදැනීම උදුරාගෙන....

    " අයියෙ මේ... අනේ .... "

    " බයවෙන්න එපා,මං ඔයාගෙනෙ "
    අහිංසා ඇද දිහා බලගෙන හූල්ල හූල්ල අඩනකොට දෙනුවන් කෙල්ලව සැනසුවා.

    ටිකෙන් ටික කාලය ඔහේ ගෙවිල යනකොට දෙනුවන් අහිංසාව හම්බෙන එක අඩු වුනා....
    කෝල්....
    මැසේජ් .....
    වෙනදට වඩා ගොඩාක් අඩුයි....
    අහිංසාගේ පපුව රිදෙන්න ගත්තෙ දෙනුවන්ගේ මේ වෙනස නිසා.

    " හෙලෝ... "

    " මොකද ?"

    " බිසී වැටුණෙ ෆෝන් එක ? " අහිංසා ටිකක් බයෙන් වගේ ඇහුවෙ.

    " මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ ,මට ඔෆීස් වැඩකට කෝල් එකක්වත් ගන්න නැද්ද ?"

    " අනේ සොරි අයියෙ "

    " සැකෙන් නම් මෙහෙම අපිට එකට ඉන්න බෑ නංගි ,තේරුණාද?"

    " අනේ නෑ ,සැක නෑ, මං ... " කියලා ඉවර වෙන්නත් කලින් දෙනුවන් ෆෝන් එක කට් කලා....

    ඊටපස්සෙ කතා කලත් දෙනුවන් අහිංසා ගැන වැඩි උනන්දුවක් කලේ නෑ ....

    " ඔයා තරහ ගන්න එපා අයියෙ "

    " මොකටද?"

    " මගෙ යාලුවෙක් කිව්ව ඔයා කෙල්ලෙක් එක්ක ඉන්නව දැක්ක කියලා කොටුවෙ "

    " ඉතින් මොකද්ද කියන්නෙ?"

    " නෑ ... මේ... " අහිංසා වචන ගලපන්න බැලුවත් ඒක අමාරු වුනේ දෙනුවන්ගේ කටහඩේ තරහක් දැනුන නිසා.

    " මේ... හලෝ.... තමුසෙට මට වඩා යාලුවො විශ්වාසනම් උන් එක්කම ඉන්නවා.... මොන රෙද්දක්ද..... " ෆෝන් එක කට්. කලඹල වුන
    අහිංසා ඉක්මනට ආපහු ගත්තා.ආයෙමත් කට්.

    අහිංසා ඇස් දෙක හිරිවැටෙනකන් ඇඩුවා....
    ආයෙමත් කෝල් කලා....
    ආන්සර් නොකළම ආයෙමත් ඇඩුවා....

    " මොන වදයක්ද ඕයි රෙද්ද ,පිස්සෙක් වගේ ඔහොම කෝල් ගන්න එපා,මං ජොබ් එකක් කරන්නෙ මෙතන " පපුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තෙ ආපහු ඇස් වලින් කදුලු වට්ටලා....

    හිතාගන්නවත් බැරි විදිහට දවසින් දවස දෙනුවන් වෙනස් වුනා.දවසින් දවස එක එක ආරංචි ආවත් අහිංසා ඒව ගැන ඇහුවෙ නෑ...
    බනියි කියලා බයට....

    " ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත " අහිංසාගේ හදවත රිදදවපු ඒ පුංචිම පුංචි වචන අදටත් දෙනුවන්ගේ දුරකතනයෙන් අහිංසාගේ හදවත රිද්දවනවා....

    හරියට ඉන්න තැනක් දන්නෙ නැතුව අනාගත අරමුණක් නැතුව ආදරයෙන් අන්ධ වෙච්ච අහිංසා කවුද කියලා හොයන්නත් එපා,එයා ගැන මගෙන් අහන්නත් එපා....ඒ කෙල්ලගෙ මෝඩකමට බනින්න එපා....මොකද දැන් කෙල්ල හොඳටම අසරණයි....
    හැගීම් වලට වහල් වෙලා කෙල්ලෙක්ගෙ ජීවිතේ අනාත කරපු ඒ
    කොල්ලට ශාප කරල පව් පුරවගන්නත් එපා....

    මේ පුංචි කතාවෙන් කෙල්ලො කොල්ලො දෙගොල්ලොම ආදර්ශයක් ගන්න....
    ඒ ටික හොඳටම ඇති....

    Writer ⤵️

    Nuwan Suranga Hettiarachchi

    0

    Supun Max
    Basic Member
    Basic Member
    Posts:339






    --
    08 Aug 2017 12:38 AM

    #ජීවිතේ_සුන්දරයි

    [මේ සත්‍ය කතාවකි..]

    මං රවිහංසි.. අම්මයි තාත්තයි දෙන්නම නෑ මට.. ආච්චි තමයි මාව බලාගෙන ලොකු මහත් කලේ.. අපි හිටියේ ආච්චි ගෙ ගෙදර එ⁣හෙ ඉන්නෙ මාමයි නැන්දයි මායි ආච්චියි.. මන් ලග තිබුන ඉස්කෝලෙට තමයි යන්නෙ..
    කාගෙවත් ආදරයක් ලැබුන නැති මට මේ පවුල ගොඩක් වටිනව.. ඒත් මට ලැබුනෙ ඊට වඩා වෙනස් ජීවතයක්.. නැන්දයි මාමයි මට ආදරේ කලේ නෑ පොඩ්ඩක්වත් එයලට මාව වදයක් කියලා නිතරම කියනව මට ඇහෙනවා.. ආච්චි කිවට එයාට වයස නෑ.. එයා වැඩට ගිහින කන්න බොන්න ඉගන ගන්න සල්ලි දුන්නේ මට.. එයා දවල්ට ගෙදර නෑ.

    මන් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවා වෙනද වගේම.. අනිත් ලමයි දවල්ට බත් අරන් එනව ඒත් මන් අරන් යන්නෙ උලුඳු වඩයක් වගෙ දෙයක් ඒ නිසා ගොඩක් බඩගිනි වෙලා ගෙදර ආවේ මන්. කුස්සියට ගිහින් බත් ටිකක් බෙදාගන්න හදනකොටම නැන්දි ආවා එතනට..

    උබට කන්න මන් බත් උයල නෑ මන් ඉව්වේ මගෙ ලමයිට කන්න තෝ පල තොගෙ මහ එකී හොයා ගෙන.. නැන්දි මට හොදටම බැන්නා.. මන් දුවගෙන ගියා ගේ ලග තිබුන ඔයේ ගල උඩට.. ගිහින් ආච්චි එනකල් බලාගෙන හිටියා.. හවස 5.30 විතර වෙනකොට ආච්චි ආවා. මන් අඩ අඩා හැමදේම ආච්චිට කීවා එයාට ගොඩක් දුකයි.. අඩන්න එපා පුතේ හොදට ඉගන ගන්න මන් මේ දුක් විදින්නෙ ඔයාට උගන්නන්න.. එහෙම කියල ආච්චි මට රුපියල් 20ක් දුන්න.. මන් දුවගෙන ගිහින් ආප්ප 2ක් කාලා ගෙදර ඇවිත් හොදට පාඩම් කරන්න පටන් ගත්ත..

    හැමදාම මගෙ ජීවිතේ ගෙවිල ගියේ මේ වෙනස්කම් එක්ක.. ආච්චි එනකල් මට අහන්න උනේ නැන්දි ගෙ බැනුම් විතරයි ඒත් මන් කවදාවත් එයාට එකට එක කියන්න ගියෙ නෑ මන් පාඩම් කරා ඒවා ඇහෙන්නේ නෑ වගේ..

    තෝ පලයන් මට මේ ලමය නිදිකරව ගන්න මෙතන පොතම බලනව උබ දිසාපති වෙන්නද එයා කෑගහනව මන් පොතත් අරන් ගලට ගියා.. කොහොම හරි ඉගනගන්න මට ඕන උනේ.. ඔහොම ඉන්නකොට තමයි මට එයාව හම්බුනේ..

    එයා චංචන.. අපේ පවුලේ කෙනෙක් ටිකක් දුරින් නෑදෑයෝ වෙනවා.. එයා මේ හැමදේම දන්නව මන් එයාට අකමැති උනේ මගෙ මේ අසරණ කම නිසාමයි..

    හංසි.. මේ අහන්න මන් දන්නව ඔයාගේ ගෙදර තත්වෙ.. මන් ඔයාට ආදරේ කරන්නේ ඇත්තටමයි..
    අනේ මට බෑ අයියේ මට ඕනි ඉගනගන්න විතරයි.. මන් එහෙම කිව්වේ හිතේ එයා ගැන තිබුන කැමැත්ත හංගන්..
    හරි ලමයෝ.. ඔයා ඉගන ගන්න මන් කවදාවත් ඔයාගෙ ඉගනීම කඩල දාන්නෙ නෑ මාත් උදව් කරන්නම් ඔයාට..
    එයා මගෙ අත් දෙක අල්ලගත්තා..

    ආදරෙයි නේද මට.. ම්.. කවදාවත් දැනිල නැති හැගීමක් දැනුන මට..
    හ්ම්.. ඔව්.. එහෙම කියලා මන් දුවගෙන ගෙදර ගියා..
    එදා ඉදම් මට එයාගෙ ආදරේ ලැබුනා.. ඉස්කෝලෙ ලගට මාව බලන්න ආවා.. දුක දැනුන වෙලාවට හිත හැදුවා.. ටික කාලයක් යනකොට මට එයාගෙ පොඩි 4න් එකක් දුන්න..මන් නිතරම වගේ එයාට කතා කලා මැසේජ් කලා.. ඒ වගේම පාඩම් කලා.. එයා මට ගොඩක් උදව් කලා.. සමහර දාට මට ඕනි පොත් එහෙම ගෙනත් දුන්නා..

    දවසක් මන් ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවා ගොඩාක් බඩගිනි.. නැන්දි නෑ ගෙදර.. මන් බත් ටිකක් බෙදාගෙන ඉක්මනට කෑව මොකද නැන්දි ආවොත් බනින නිසා.. මන් කාමරේට වෙලා පාඩම් කරනකොට නැන්දි බනින්නව ඇහුන.. මන් එලියට ගියා ඇයි බලන්න..

    තෝ බත් කෑව නේද? අනේ නෑ නැන්දි මන් කෑවෙ නෑ අනේ කට වහපිය කරෝල කෑලි 6ක් තිබුන දැන් තියෙන්නේ 5යි.. තොට හැමදාම කියනව මන්. තෝ වගේ අවජාතක එවුන්ට කන්න දෙන්න මගෙ මිනිහ හම්බ කරන්නෙ නෑ ඒ කතාවටනම් මට තරහ ගියා.
    නැන්දි මේ මගෙ අම්ම තාත්ත ලග නෑ තමයි ඒත් මන් අවජාතක නෑ හරිද. මන් බැන්ද දවසක මට අම්මෙකුයි තාත්තෙකුයි හම්බෙයි..
    අනේ තෝ ගෙනියන්න ඉන්නෙ බල්ලෝ තමයි.. ඒ වචන ටිකට ගොඩක් දුකයි හිතුන මට..

    මන් 4න් එකත් අරගෙන ගියා ගලට.. ගිහින් ගත්තා චංචනට කෝල් 1ක් 4න් එක වැඩ නෑ. ටිකක් හවස වෙනකල් එතන ඉදල මන් ගෙදර ගියා..

    ආච්චි ඇරුනම මං ආදරේ කලේ චංචනට ඒත් දවස් ගානකින් මට කතා කලේ නෑ.. exam එකට මාස 3යි.. ඒත් මගෙ හිත කලබල වෙලා.. නෑ එයා මට ආදරෙයි මන් දන්නවා ඒක.. මන් 4න් එක අරන් එයාගෙ අනිත් නො එකට කෝල් එකක් ගත්තා දෙයියනේ ඒක වැඩ..

    හෙලෝ අයියේ .. ඔයාගෙ සිම් එක වැඩ නැත්..
    ආහ් හංසි..
    එයා මන් කියන්න හදපු දේ නතර කලා..
    සොරි හංසි ආපහු මට කෝල් කරන්න එපා.. අපේ අම්මලා දැනගෙන මේක මට හොදටම බැන්නා..
    ඒත් අයියේ මේ අහන්න මන් ඔයාට ගොඩාක් ආදරේ කරනවා මේ ඇත්තමයි..
    අනේ අඩන්න එපා හලෝ යාලු උන දවසෙ ඉදම් ඔයාගෙ ඇඩියාවම විතරයි. ඇත්තටම පවුලක් නැති ඔයා වගේ කෙනෙක් ගැලපෙන්නේ නෑ තමයි .. අපේ අම්මලාටත් ලැජ්ජාවක්.. ඔයාට පොත් අරන් දීපු සල්ලී හිගන්නෙකුට පිනට දුන්නා කියල හිතාගන්නවා.. ප්ලීස් ආයෙනම් කෝල් කරන්න එපා..
    4න් එක කට් කරල මන් ගොඩාක් ඇඩුවා.. ඇයී දෙයියනේ මාව මේ තරම් අසරණ කලේ..

    මන් හොදටම අඩල නිදාගත්තා. ආච්චි හවසට එන්නේ කන්න අරන් මන් බඩගින්නේ බලන් ඉන්න බව දන්න නිසා.. ඒත් එදා මන් කෑවෙත් නෑ නිදාගත්තා.. රෑ ආච්චි ලගට ඇවිත් ඔලුව අතගාල කියනව.. පුතේ මන් ගොඩක් දුක් මහන්සි වෙලා ඔයා ලොකු කලේ.. මගෙ ඇස් පියවෙන්න කලින් හොද තැනකට යන්න.. අම්ම තාත්ත නැති මට මෙච්චර ආදරේ කරන එයාට රිද්දන්න මට බෑ.. මෙච්චර දුක් විදින මට මේක සුලු දෙයක්..

    හැමදේම හිතින් අයින් කරල ඒ මාස තුන හොදට පාඩම් කලා..
    Exam එක කලා.. සතියක් වත් ගෙදර ඉන්න බෑ මට..
    මන් ගෙවල් ලග අක්ක කෙනෙක් එක්ක කතා කරල එයාගෙ company එකේ සාමාන්‍ය සේවිකාවක් විදියට වැඩට ගියා..

    පලවෙනි මාසෙම හම්බුන පඩිය 20000ක්.. දුප්පත් මට ඒක මහ මෙරක්.. හරියට ඇදුමක්වත් නැති නිසා ඒ සල්ලි වලින් මන් ඇදුම් සෙරෙප්පු වගේ අඩුපාඩු ගත්තා.. ඒ වගේම ආච්චිටත්.. මන් result එනකල්ම වැඩට ගියා..

    result ආවා.. exam පාස් මන්..
    company එකේ හොද post එකක් හම්බුනා ඒ නිසා.. මන් තවදුරටත් ඉගනගන්න ගියෙ නෑ මොකද ආච්චිට ඒ තරම් බරක් දෙන්න බැරි නිසා.. මන් දිගටම ජොබ් එක කලා.. ගෙදර ඉදම් නෙවෙයි බෝඩිං කාමරේක නතර වෙලයි.. ආච්චි නිතරම ආවා මාව බලන්න..
    මාස 6ක් විතර යනකොට අපේ company එකේ කෙනෙක් මගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් ආවා.

    ඒ ඉමේෂ් .. ඇත්තටම එයා හොද කෙනෙක්.. මගේ ජීවිතේ හැමදේම කියල මන් ඇහුව තාමත් කැමතිද ආදරේ කරන්න කියලා.. එයා.. කිවා ආදරේ කරන්න නෙවෙයි මගෙ අම්මගෙ තාත්තාගෙ මගේ ආදරේ දීලා ඔයාව බලාගන්න කැමති කියල.. මන් එයාට ආදරේ කරන්න ගත්තා..

    අවුරුද්දකට පසු

    ආච්චිගෙයි එයාගෙ අම්මලාගෙයි කැමැත්ත ආශිර්වාදය එක්ක අපේ වෙඩ්න් එක ලොකුවට ගන්න අපි හැමදේම හදාගත්තා.. මගේ ඉතුරු කරගත්ත සල්ලි තිබුනත් වෙඩ්න් එකට වියදම් සේරම කලේ එයා..
    වෙඩ්න් එකට මාසයක් තියලා පලවෙනි වෙඩ්න් කාඩ් එක ගිහින් දුන්නේ නැන්දිට..

    අනිවාර්යයෙන් එන්න නැන්දි බල්ලෙක් නෙවෙයි රත්තරං මනුස්සයෙක් බදින්න යන්නෙ.. කියලා.. එයාට ගොඩාක් ලැජ්ජා හිතුනා..

    එදා ගෙදරක කාත් කවුරුත් නැතුව දුක් වින්ද මන් ලස්සන මනමාලියෙක් වෙලා ඉමේෂ් ගෙ ගෙදරට ගියා..

    එයාගෙ අම්ම තාත්තා.. මට දෙවියො මවල දුන්නා කියල මන් හිතන්නේ.. ඒ තරම් ආදරෙයි මට.. මගෙ හස්බන්ඩ්.. ආදරේ කරනව එයාගෙ ජීවිතේම මාව කරගෙන..
    දැන් මගේම කියලා මට පවුලක් ඉන්නව ගෙයක් තියනවා ආදරේ තියනවා.. හැමදේම මට ලැබුන.. ඒ මගේ උත්සාහය නිසා..

    මාසෙකින් විතර නැන්දි මාමයි ආච්චි ලමයි 2න්නයි ආවා අපේ ගෙදරට..
    හංසි පුතේ මට සමාවෙන්න.. ඒ කාලේ මන් ඔයාට කරපු දේවල් වලට..
    සමාව ගන්න ඕනි නෑ නැන්දි මන් අද මෙතන ඉන්නෙ ඔයාගෙ ඒ වෙනස්කම් වලින් ලැබුන පාඩම් නිසා.. දැන් ඒවා හිතන්න එපා.. ඒවා අමතක කරන්න.. කියලා මන් එයාට දණගහල වැන්දා..

    ..නිමි..

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Aug 2017 02:09 AM
    අකුරැ ටිකක් පොඩි කලත් අවුලක් නැහැ
    0


    ---