Go to previous topic
Go to next topic
Last Post 24 Sep 2016 03:27 AM by  Poddi
~~~~ගීත අසමු~~~~
 125 Replies
Author Messages

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 09:46 PM
  •  Quote
  •  Reply

ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
‍රහසක් තියනව කියන්න
රහස ඉවර වුණත් එපා 
මං යනතුරු ඇස් අරින්න

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමය ද ආදරේ

ඔය ඇස් පියාන .....

ස්නේහෙන් නුවන් සැලෙන
පිළිතුරු ඔබෙන් එනතුරා
ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
හදත් ගොළුවෙලා
මාන්නයට හඬන්න බැරි
තව කෙනෙකුට කියන්න බැරි
මට නොලැබේ ද ආදරේ

ඔය ඇස් පියාන .....


ගායනය :- කිත්සිරි ජයසේකර

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:43 PM
  •  Quote
  •  Reply

සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම

ඔබ ව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ළඟයි
සොයා එන්නට මට හිතයි
සුළඟ ඔබ ගැන තතු කියයි

සුන්දරයි ඔබ ................

ඔබ ව සිහිවී සිත හඬයි
කඳුළු නෙතු අග ඉකිගසයි
සිතේ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි

සුන්දරයි ඔබ ................


ගායනය :- සතිශ් පෙරේරා

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 10:49 PM
  •  Quote
  •  Reply
shaaa marune. lyrics ekath ekkama siduwath ahanna puuwan. bohoma sthuti malinga ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:50 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 27 Mar 2015 10:49 PM
shaaa marune. lyrics ekath ekkama siduwath ahanna puuwan. bohoma sthuti malinga ayye

 

ඔව් ඔන්ලයින් අහන්න හා ඩවුන්ලෝඩ් කරන්න දෙකම පුළුවන්. හැබැයි ඉතින් අනිත් අය ගාව ගොඩක් කොලිටි එක වැඩි හොඳ ගීත තියෙන නිසා ඒ අයත් දැම්මොත් වැඩිය හොඳ‍ වෙයි. 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Mar 2015 10:52 PM
  •  Quote
  •  Reply
නියම වඩක් ..ඔහොම යමු
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:53 PM
  •  Quote
  •  Reply
හිමාලි, ඉන්දික අයියා > දෙදෙනාට ම බොහොමත් ම ස්තූතියි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 10:55 PM
  •  Quote
  •  Reply
kithsiri jayaseekarayange geethaya lassani vage. math dl karagena ahannam
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:57 PM
  •  Quote
  •  Reply

ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
කල්පයක් තරම් මටනම්
ආදරේ හිතට දැනුනා
ඔබෙ රුව සිහිනෙන් දකිමින්

දිගු වරල කඩා ඉහිරවමින්
නෙත් කොනින් කියන රස කියමන්
මුදු දෙතොල් සලා සනසවමින්
ඔබ පාන සිනා මිණි පහනක්

ඔබ නොදැක ගෙවුණු .............

මා පතා උන්නෙ පෙර සසරෙත්
ඔබ කියා සිතේ මට සැනෙකින්
නෙතු පියන් වැසී යන දවසෙත්
ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

ඔබ නොදැක ගෙවුණු .............


ගායනය :- ඉන්දික ප්‍රසාද්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 10:58 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 27 Mar 2015 10:55 PM
kithsiri jayaseekarayange geethaya lassani vage. math dl karagena ahannam

 

අහල බලන්නකො. සමහර විට මෙතන තියෙන සමහර සිංදුවලට ඔයා කැමති වෙන්නත් ඉඩ තියෙනව. සමහර ඒවටනම් ඉතින් කැමැත්තක් නැතිවෙයි  

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 11:05 PM
  •  Quote
  •  Reply

ඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
හදේ ලැඟුම් ගනීවි දැන් ඒ ඔයා මගේ

එදා ඔයා මගේ හිතයි අරන් ගියේ
ඒත් නොදී ගියේ ආදරේ ඔබේ
පවන් රොදින් කියා එවන්න
ආදරේ ඔබේ

ඉතින් කියන්න ආදරේ .............

නුවන් තාරුකා දිලී සිනාසුනා
ඒත් ඔයා මගෙන් දුරස් වුණා වුණා
සිතින් හඬා හඬා වැටී
පැතුම් සිනාසුනා

ඉතින් කියන්න ආදරේ .............


ගායනය :- ෂර්ලි වෛජයන්ත

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 11:11 PM
  •  Quote
  •  Reply

මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි 
හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි

සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම්
ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන්
මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

මේ ගංඟාව නුඹ වගෙයි ...............

එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

මේ ගංඟාව නුඹ වගෙයි ...............


ගායනය :- ශාන්ත ජයලත් තිසේරා

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 11:44 PM
  •  Quote
  •  Reply
thavath lassana sindu dekak dala tiyenne. bohoma sthuti
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Mar 2015 11:59 PM
  •  Quote
  •  Reply
හොඳ වැඩක්..දිගටම කරගෙන යන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 12:03 AM
  •  Quote
  •  Reply
හිමාලි, සමන්ත අයියා> බොහොමත් ම ස්තූතියි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
28 Mar 2015 05:31 AM
  •  Quote
  •  Reply
niyama wadak digatama kragena yamu..............
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 08:22 AM
  •  Quote
  •  Reply
isurusam> බොහොමත් ම ස්තූතියි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:35 AM
  •  Quote
  •  Reply
ko sindu nadda ithin
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:37 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 09:35 AM
ko sindu nadda ithin

 

තව ඒව දාන්නම්. තව සිංදුනම් තියෙනව දාන්න. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:41 AM
  •  Quote
  •  Reply
mata type karanna kammali ane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Mar 2015 09:41 AM
  •  Quote
  •  Reply
නියම වැඩක්..
දිගටම කරගෙන යමු මල්ලී...
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:47 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 09:41 AM
mata type karanna kammali ane

 

කොහොමත් දැන්නම් ඔයාට නිදිමතත් ඇතිනෙ. ඒ වගේ වෙලාවටනම් ‍ටයිප් කරන්න එපා වෙනව ඇති. 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:55 AM
  •  Quote
  •  Reply

ඔබෙ කඳුළැල්නම් මට පේන්න හඬන්නට එපා
දුක හිතෙන තරම් ඔය විදියට බලන්නට එපා
මල් කිරිල්ලියක් සේ ඔබ ඉන්න කූඩුවේ
ඔය කඳුළ දෙන්න මට හඬන්න ඔබ හඬන්නෙපා

මගේ ලොවේ කඳුළු හංඟ තිබුණෙ ගොඩක් කල්
එදා හැඬුවෙ ඉවර වෙන්න නෙතේ කඳුළු වැල්
මගේ ළඟ ම ඔබ හිඳින්න වෙලී සදාකල්
එහෙම ඉන්න අපි දෙන්නට නැති ද සිනා රැල්

‍ඔබෙ කඳුළැල්නම් .............

මගේ ළඟට ආ ඔබ මම හොඳින් රකින්නම්
සතුට පෙණුනෙ නැතුවට හිත පුරා තියන්නම්
කවුරු බැලුවෙ නැතුවත් මම ඔබට බලන්නම්
ජීවිතය ම ගෙවෙනා තුරු ළඟින් හිඳින්නම්

‍ඔබෙ කඳුළැල්නම් .............


ගායනය :- කුමාරසිරි පතිරණ

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:56 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 28 Mar 2015 09:41 AM
නියම වැඩක්..
දිගටම කරගෙන යමු මල්ලී...

 

බොහොමත් ම ස්තූතියි අයියා 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 09:56 AM
  •  Quote
  •  Reply
76 ayyage yaluvek vage. 76 ayyath godak danava kumarasiri pathiranage sindu. math dl karala ahala balanna ona. bohoma shtuti
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:08 AM
  •  Quote
  •  Reply

කවියක් වී තොල් පෙති මත මුමුණන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳසාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
සංසාරෙ ම සුවඳ දේවි බැඳූනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

කවියක් වී ..............

කඳූළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳූණු දාක මට තරවටු නොම වේද
රිදුම් එපා පෙම් කළ හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක

කවියක් වී ..............


ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:09 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 09:56 AM
76 ayyage yaluvek vage. 76 ayyath godak danava kumarasiri pathiranage sindu. math dl karala ahala balanna ona. bohoma shtuti

 

76 අයියත් එහෙනම් කුමාරසිරි පතිරණයන්ගෙ ගීතවලට කැමති ඇති. මාත් එයාගෙ කැමති ගීත විශාල ප්‍රමාණයක් තියෙනව. අහල බලන්නකො. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 10:13 AM
  •  Quote
  •  Reply
kaviyak vee sinduva mage priyathama sinduvak. dl kara ganna onane. eka mage langa tiyanava. siyak varayak ahala athi.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:15 AM
  •  Quote
  •  Reply
එහෙනම් ඔයාට සිංදුව කටපාඩම් ඇති. මාත් ගොඩක් කැමති සිංදුවක්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 10:42 AM
  •  Quote
  •  Reply
ow ow. mata padam
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:43 AM
  •  Quote
  •  Reply
සිංදු කියන්නත් පුළුවන් ද?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
28 Mar 2015 10:43 AM
  •  Quote
  •  Reply
puluwan. habai katavath ahagena inna be
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:44 AM
  •  Quote
  •  Reply

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ

හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ

පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා

ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා
රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

සුපෙම් සුවඳක් අරන් ..............

ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
හිතේ නැවතුන නිසා මමත් ඔ‍බගෙයි සදා

සුපෙම් සුවඳක් අරන් ..............


ගායනය :-  රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:45 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 28 Mar 2015 10:43 AM
puluwan. habai katavath ahagena inna be

 

ඒක ඉතින් තීරණය වෙන්නෙ අහගෙන ඉන්න කෙනා අනුව තමයි 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
28 Mar 2015 03:02 PM
  •  Quote
  •  Reply
ෂා මාලිංග මල්ලි මේක නම් අපුරු වැඩක් ...ඒවගේම ඔයාගේ සින්දු එකතුවට මන් ගොඩක් කැමති ,, දිගටම කරන්න , අපිට ගොඩක් ලස්සන ගීත රසවිදින්න පුළුවන් වේයි නේද
ගොඩක් ස්තුති මල්ලි

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
28 Mar 2015 08:35 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි මාලිංග මල්ලි..

ඔය ලස්සන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ..
අලුත් තෙඩ්ස් බැහැ කියපු අය..

පුළුවන් අවස්ථාවල ඒ ගායකයන්ගේ චායාරුපයක් වගේ දෙයකුත් එකතු කරන්න.. නමුත් වෙනත් වෙබ් අඩවි වල නම් එහෙම නැති.. ඒවාට ලින්ක් නොවුණු ඒවා.. නැවත අප්ලෝඩ් කරලා ගන්න..

තවත් ත්‍රෙඩ් එකකට ඔයාට දායක වෙන්න පුළුවන්.. පොඩි අළුත් වැඩක් තියෙනවා.. කියන්නම්කෝ කැමති නම්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:18 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 28 Mar 2015 03:02 PM
ෂා මාලිංග මල්ලි මේක නම් අපුරු වැඩක් ...ඒවගේම ඔයාගේ සින්දු එකතුවට මන් ගොඩක් කැමති ,, දිගටම කරන්න , අපිට ගොඩක් ලස්සන ගීත රසවිදින්න පුළුවන් වේයි නේද
ගොඩක් ස්තුති මල්ලි
 

 

බොහොමත් ම සතූතියි අක්කෙ. ගීතනම් ගොඩක් දාන්න බලාපොරොත්තු වෙනව

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:19 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 28 Mar 2015 08:35 PM
බොහොම ස්තුතියි මාලිංග මල්ලි..

ඔය ලස්සන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා තියෙන්නේ..
අලුත් තෙඩ්ස් බැහැ කියපු අය..

පුළුවන් අවස්ථාවල ඒ ගායකයන්ගේ චායාරුපයක් වගේ දෙයකුත් එකතු කරන්න.. නමුත් වෙනත් වෙබ් අඩවි වල නම් එහෙම නැති.. ඒවාට ලින්ක් නොවුණු ඒවා.. නැවත අප්ලෝඩ් කරලා ගන්න..

තවත් ත්‍රෙඩ් එකකට ඔයාට දායක වෙන්න පුළුවන්.. පොඩි අළුත් වැඩක් තියෙනවා.. කියන්නම්කෝ කැමති නම්..

 

පුළුවන් දෙයකටනම් දායක වෙන්න පුළුවන්. 

බොහොමත් ම ස්තූතියි අයියා. එහෙම හැකි අවස්ථාවලට චායාරූප එකතු කරන්න බලන්නම්. 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 09:29 PM
  •  Quote
  •  Reply

ආදර ගීත දාපු එකේ විරහ ගීත ටිකකුත් දාන්න එපායෙ

 

මුලු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැවුවෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා
අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
කොහොම ඉන්න ද ඉවසලා

මගේ අත ගෙන කනට ලංවී
අනේ සුදු මම ආදරේ යැයි
කින්නට සිතුනේ ඇයි ද සුදු
නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනා සුනු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්න ද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කථා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන්වෙලා 
මා උපන්නේ දුක් විඳින්න ද
දුක් අඳුරු මැද තනිවෙලා

මුලු හදින් මම ඇයට පෙම් කොට .......

ගායනය :- නාරද දිසාසේකර

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:50 PM
  •  Quote
  •  Reply

පින්න ඇතුරු තණ පලසට මුතුපොට ඔබනම්
කඳුළු නොදුටු ඔබෙ දෙනෙතට කඳුළ ද මානම්
ආදරයට දුප්පත්කම බාධාවක් නම් 
සමුගන්නට අවසර තරහක් නෑ මානම්

සඳ ඉල්ලන පොඩි දරුවෙක් නොවෙයි මං අද
නොලැබුණු සෙනෙහස අභියස නපුරු වුණා ද
ආදරයට විරහව විඳ ගන්නට හැකි ද
මේ තරමට මගෙ සිත රිදවන්නෙ කොහොම ද

පින්න ඇතුරු තණ පලසට ..............

ඔබේ දිවියෙ සෙවනැල්ල ද වෙන්න හිමි නැතී
මගේ සිහින ඔබ හට විහිලුවක් වෙන්නැතී
නොතේරෙන පැණය ඔබමයි පිළිතුරක් නැතී
සදා තනිව හිඳිනට මේ දඬුවම ම ඇතී

පින්න ඇතුරු තණ පලසට ..............


ගායනය :- නිමල් රංජිත්

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 10:53 PM
  •  Quote
  •  Reply

ලංවී ඉන්නට පෙරුම් පෙරූ දින 
පැතූ පැතුම් සුසුමක තබමින්
සමුගෙන යන්නට පාර සොයනව ද
ඔබේ දයාබර දෑස තුළින්

සිහින ‍කුමාරියො සුරංඟනාවියො
සෙනෙහස සොයනා උමතු ලොවේ
අහිංසකාවියෙ මට රිදවන්න ද
ආදරයෙන් ඔබ වෙන්ව ගියේ

ලංවී ඉන්නට ............

බිඳුණු ස්නෙහය සිහි‍වෙන මොහොතට
ඉවසන්නට බැහැ මට ලඳුනේ
පෙම් කළ මගෙ සිත සාප කරන්නට
ඉඩ දෙන්නේ නැහැ ඔබට ප්‍රියේ

ලංවී ඉන්නට ............


ගායනය :- ජයන්ත දිසානායක

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 11:05 PM
  •  Quote
  •  Reply

සිත්තම් කර සිහින අතර මා තනිවෙන්නම්
දුප්පත්කම අභියස ප්‍රේමය අසරණ නම්
ඩිංගක් හරි ඔය හිත මට පෙම්කෙරුවා නම්
පුදුමයි මේ හැටි දඬුවම් දුන්නේ කෙලෙසින්

පිටුව පිටුව පුරවා එවු සොඳුරු පෙම් කවි
නිතර නිතර දකිනා විට හද ම ගිණි ගනී
නුඹට තරම් ආදරෙ පණටවත් මා නැතී
එහෙම කියූ ඔබ මට අද කඳුළු දෙන හැටී

සිත්තම් කර සිහින ..................

සිතුව පැතුව දේ කෙතරම් කියනු මට බැරී 
ඔබව නැතිව වෙන සැනසුම් කොහෙද‍ නොම දනී
මතක ලොවට සමුදී හැර යන්න සිදුවුණී
කෙලෙස කියා දෙන් මට හිත හදා ගනු බැරී

සිත්තම් කර සිහින ..................


ගායනය :- කැලුම් හෙට්ටිආරච්චි

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
28 Mar 2015 11:32 PM
  •  Quote
  •  Reply
මලින්ග මල්ලිගෙ මෙ අලුත් වඩෙ නම් හරිම වටිනව ...ඩිගටම කරන් යන්න පුතො
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 11:34 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 28 Mar 2015 11:32 PM
මලින්ග මල්ලිගෙ මෙ අලුත් වඩෙ නම් හරිම වටිනව ...ඩිගටම කරන් යන්න පුතො

 

බොහොමත් ම ස්තූතියි අයියා

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
28 Mar 2015 11:35 PM
  •  Quote
  •  Reply

අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේ වී
කල්පයක් සේ දැනේ වී

අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ
කෙලෙස ද නෑවිත් ඉන්නේ

අපි කතා නොකර ඉමු .....

අපි ලංව බලන් ඉඳිනා එක මොහොතක
මල් පුසුඹක් සේ ඔබ දැනුණේ
මල් පුසුඹ සිබින්නට මා නෙලූ මලේ
කෙලෙස ද නෑවිත් ඉන්නේ


ගායනය :- ජානක වික්‍රමසිංහ

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
29 Mar 2015 09:22 PM
  •  Quote
  •  Reply
aluth sindu godak tiyanawa. ahala balanna ona : bohoma sthuti ayye කැලුම් හෙට්ටිආරච්චි kiyala gayakayek innawada?
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
29 Mar 2015 09:24 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 29 Mar 2015 09:22 PM
aluth sindu godak tiyanawa. ahala balanna ona : bohoma sthuti ayye කැලුම් හෙට්ටිආරච්චි kiyala gayakayek innawada?

 

ඔව් එහෙම ගායකයෙක් ඉන්නව. ඇල්බම් එහෙම කරල තියෙනව එයා. අහල බලන්නකො තව ඒව දාන්නම් 

 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
30 Mar 2015 02:38 AM
  •  Quote
  •  Reply
ස්තුති මල්ලි ....අලුත් සින්දු ගොඩයි .
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:01 AM
  •  Quote
  •  Reply

දෛවයේ නියමය ද මේ ගල් වලේ ලියැවුණේ
වෙඩි නූල ගිණි අරන් මගෙ පැල්පතට ඇවිළුනේ
අලුවෙලා ගිය පැතුම් කළුගල පුරා විසිරුනේ
මට අහිමි කර මගේ ඇස් ගල් බෝරෙ පිපිරුනේ

වැඩි දිනක් නෑ මගේ මැණිකෙට පුතෙක් ලැබෙන්න
බැරිවේවි තාත්තට පුතාගෙ මුහුණ දකින්න
පෙර කරපු පාපයක් මේ මට පලිසන් දුන්න
සිදුවුණා කුළුගෙඩිය අතහැර කණවැල ගන්න

අඩුපාඩු කම් දැනෙයි ඔයාට ඉවසන් ඉන්න
හැමවිට ම හිතට ශක්තිය ධෛර්යය අරගන්න
මට දෑස් නැතිවුණත් පුතාගෙ ඇස් පාදන්න
සුදු මැණිකෙ අපිට දවසක සතුටින් මියයන්න

දෛවයේ නියමය ද ...................


ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:02 AM
  •  Quote
  •  Reply
asanka priyamanthage sindu godak ahala tiyanava. meka ahala ne. bohoma sthuti ayye. dl kara ganna ona
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:03 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 03:02 AM
asanka priyamanthage sindu godak ahala tiyanava. meka ahala ne. bohoma sthuti ayye. dl kara ganna ona

 

ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ 

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:05 AM
  •  Quote
  •  Reply

මම අහසක් වෙන්නම්
ඔබ මගේ සඳ වෙන්න
මම නටුවක් වෙන්නම් 
ඔබ මගේ මල වෙන්න
මම සයුරක් වෙන්නම්
ඔබ කිඳුරිය වෙන්න
මම පණ හරි දෙන්නම්
ඔබ මගේ සඳ වෙන්න

සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

මම අහසක් වෙන්නම් .....

මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

මම අහසක් වෙන්නම් .....


ගායනය :-  අජිත් පෙරේරා

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:07 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 30 Mar 2015 03:03 AM
 

 

ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ 

 

 

 

sanda hamine album eke sindu mage langa tiyanava

 

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:08 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 03:07 AM
Posted By Malinga on 30 Mar 2015 03:03 AM
 

 

ඕක එයාගෙ සඳ හාමිනේ කියන අලුත් ඇල්බම් එකක තිබුණ එකක්. ඒක වෙන්න ඕන අහල නැත්තෙ 

 

 

 

sanda hamine album eke sindu mage langa tiyanava

 

 

එහෙනම් අහල බලන්න ඒකෙ තියෙන්නෙ ඔයා සිංදුව. ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙන්නෙ නෑ ඒක නිසා ඔයාට

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:25 AM
  •  Quote
  •  Reply

සුවඳ මේ ඔබෙ නම්
සුවඳ විඳගන්නම්
ආදරේ නැතිනම් 
මම එය දරාගන්නම් 

සිතට දැනෙනා මිහිරි සිතුවිලි
ඔබ ගැනයි තුන් තිස් පැයේ
ඈත සිට එන සුලඟ කීවෙත්
ඔබ ගැනයි රහසින් වගේ
ඔබට එය නැතිනම්
මම එය දරාගන්නම්

සුවඳ මේ ඔබෙ නම් ...........

හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
ළඟ මැවෙයි නිදි නැති රැයේ
දරන්නට බැරි දුකක් තිබුණත්
එය ද සතුටක් ලෙස සිතේ
ඔබට එය නැතිනම්
මම එය දරාගන්නම්

සුවඳ මේ ඔබෙ නම් ...........

 

ගායනය :- කුමාරසිරි පතිරණ

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:33 AM
  •  Quote
  •  Reply

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත් ම නෑ
සසර සරන තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ

කලප ගන්න පෙරුම් පුරා සොයා ආවෙ මා
වැටෙන වැටෙන හැම කඳුළ ම 
උරුම මට නිසා විඳිමි මම සදා

ඔබට තියෙන ආදරේ ..............

හීන ඇතත් හීන් සැරේ තියා ගත්තෙ මා
රිදෙන රිදෙන හැම මොහොත ම
මට ම හුරු නිසා හිඳිමි නෙතු වසා

ඔබට තියෙන ආදරේ ..............


ගායනය :-  රොෂාන් ප්‍රනාන්දු

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:38 AM
  •  Quote
  •  Reply

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑස ම මා සෙව්ව තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොව ම දනී

ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුළැල්ලක් වී ගැලූ තරම්
ඔබ නොදනී මුළු ලොව ම දනී

ඇස ගැටෙනා දස දහසක් .........

ඔබෙ නෙතු දැහැනේ සමවැදී මෙමා
ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
බොඳවු සිතුවම් බිඳුණු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්
ඔබ නොදනී මුළු ලොව ම දනී

ඇස ගැටෙනා දස දහසක් .........

 

ගායනය :- ශිහාන් මිහිරංග

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:41 AM
  •  Quote
  •  Reply

ඔබෙ නෙත් දෙක දුටුදා ඉඳලම සිහිනෙන් පෙම් බැන්ඳා
මගෙ සිත් තුළ ඇති ඒ සෙනෙහස සඟවා ඉකිබින්දා
ඔබ මා හඳුනන්නේ නෑ මගෙ සිත ගැන දන්නේ නෑ
එය ඔබට පුදන්නට හැමදාමත් මම ලුහු බැන්ඳා

ඔබ දුටුවම හදවත ගොළුවන්නේ ඇයි කියන්න බෑ
කීමට ඇති දේ අමතක වන්නේ ඇයි කියන්න බෑ
පසු තැවි තැවී හිත සැලි සැලී
ආදරයක් මේ හැටි වදදෙන්නේ ඇයි කියන්න බෑ

ඔබෙ නෙත් දෙක දුටුදා ................

සුළඟට හෝ වලාකුලට සිත ඇති දුක පවසන්නම්
එය ඔබ වෙත දැනෙනා තුරු මම නිසලව ඉවසන්නම්
දින සති වෙවී කල් යයි ගෙවී
නොලැබුණොත් ඔබේ පෙම ඒ දුක තනිවම විඳගන්නම්

ඔබෙ නෙත් දෙක දුටුදා ................


ගායනය :- වරුණ මධුෂංක

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 03:43 AM
  •  Quote
  •  Reply
lassana sindu godak dalane. samahara eva nam mage langa tiyanava. warunage sinduva lassana athi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 03:45 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 03:43 AM
lassana sindu godak dalane. samahara eva nam mage langa tiyanava. warunage sinduva lassana athi

 

ශිහාන්ගෙ සිංදුවනම් කොහොමත් ඇතිනෙ? හැබැයි ඒකෙ වර්ෂන් දෙක්ක තියෙනව. වරුණගෙ ඔබයි මමයි කියන ඇල්බම් එකේ ආපු එකක් ද කොහෙද ඕක. 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 07:34 PM
  •  Quote
  •  Reply
ඉකිගසා හඩන අතීතයක
කදුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම
ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක්වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා
මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා.

ලස්සනම සින්දුවක්. ඔන්න මම lyrics එක දෑම්ම. mp3 එක කවුරු හරි දාන්න
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 07:50 PM
  •  Quote
  •  Reply
ලස්සන ගීතයක් නංගි. ලස්සන පදවැලක් ‍තියෙන්නෙ. ගායනයත් ඒ වගේ ම තමයි. හදවතට දැනෙන විදියට ගායනය කරනව. බොහොමත් ම ස්තුතියි ගීතයට
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 07:57 PM
  •  Quote
  •  Reply
tiyanavanam mp3 eka danna ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 07:59 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 07:57 PM
tiyanavanam mp3 eka danna ayye

 

ඔයා ම එඩිට් කරල ලින්ක් එක දාන්න එතනට. එතකොට කටිටියට ලේසියිනෙ 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 08:13 PM
  •  Quote
  •  Reply

සඳට කවියක් කියපු හින්ද ද
මුහුණු පොඩ්ඩට තරහ ආවේ
කඳුළු බිඳුවක් තරම් බොළඳ ද
ඔබේ සෙනෙහස අප්සරාවේ

සඳට වැ‍ඩියෙන් හදට එළියක්
ගෙනාවේ ඔබෙ සිනාවයි
එදා වාගෙ ම දයාබර‍ව ම
සදා ඉන්නේ ඔබ ළඟයි

සඳට කවියක් .....

කැකුළු කොද මල් පරව ගිය මුත්
ඔබේ සෙනෙහස සුන්දරයි
දිනෙන් දින හද මඬල සුවඳින්
සුවඳ කෙරුවේ සෙනෙහසයි

සඳට කවියක් .....


ගායනය :- රෝයි පීරිස්

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
30 Mar 2015 10:37 PM
  •  Quote
  •  Reply
mekath dl kara gatta. ahala balala kiyannam lassanaida kiyala
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 10:39 PM
  •  Quote
  •  Reply
අහල බලන්නකො. වචන ටිකනම් මට ලස්සනයි. ගීතය ඉතින් කොහොම වෙයි ද දන්නෙ නෑ ඉතින් ඔයාට.
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 01:27 AM
  •  Quote
  •  Reply

නවදැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කළණිය
මට නුදුරුයි සුරඟනට වඩා

නවදැලි හේනක ...............

මාසිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලැතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රූසිරු කුමට ද
හද දුටු ජනපද කළණ නිසා

නවදැලි හේනක ...............


ගායනය :- සෝමතිලක ජයමහ 

 

 

1

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 01:33 AM
  •  Quote
  •  Reply
tikak parana sinduva neda
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 01:35 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 31 Mar 2015 01:33 AM
tikak parana sinduva neda

 

ඔව් පරණ සිංදුවක් තමයි. මං කැමතියි ඒකෙ තියෙන අදහසට.

ඔයා අර සිංදුවට ලින්ක් එකක් දානව ද? නැත්තම් මං එකක් දාන්න ද?  

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 01:36 AM
  •  Quote
  •  Reply
oya dann ayye. man tikak busy
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 01:41 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 07:34 PM
ඉකිගසා හඩන අතීතයක
කදුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම
ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහරෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක්වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා
මට මගේ නොවන.....මගේම ආදරයක් තිබුණා.

ලස්සනම සින්දුවක්. ඔන්න මම lyrics එක දෑම්ම. mp3 එක කවුරු හරි දාන්න

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 01:42 AM
  •  Quote
  •  Reply
bohoma Sthuthi
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 01:55 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 31 Mar 2015 01:42 AM
bohoma Sthuthi

ස්තූති කරන්න ඕන ඔයාටනෙ ලස්සන සිංදුවක් දැම්මට 

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 02:02 AM
  •  Quote
  •  Reply

 

සඳ වාගේ ලස්සනයි ඔයා
තරු වාගේ සුන්දරයි ඔයා
සඳ වාගේ තරු වාගේ
මගෙ පාලු දුරලන් ඔයා

අරුණලු ‍නැගෙනා මදහස දිලෙනා
හිරු සේ පායා මට සුව ගේනා
සිහින සැබෑවෙන මතුයම් දවසක
දෙසිත ම යාවෙනව 
මා ඔබගෙ ම වෙනවා

සඳ වාගෙ ලස්සනයි ඔයා ...........

රන් සලු පටලා අතැඟිලි බැඳලා
යනතුරු සැබැවින් හිත වද දෙනවා
අඳුරු පහන් කුස කළුවර වූවත්
ඔබට එළිය දෙමි මා
ඔබෙ පතිනිය වෙමි මා

සඳ වාගෙ ලස්සනයි ඔයා ...........


ගායනය :- සේනානයක වේරලියද්ද හා මංජුලා දිල්රුක්ෂි

 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 04:12 AM
  •  Quote
  •  Reply

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

ගායනය - කසුන් කල්හාර

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 04:14 AM
  •  Quote
  •  Reply
sanda vage lassanai sinduva nam ahala tiyanava. dl kara gatta
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 04:24 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 31 Mar 2015 04:12 AM
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

ගායනය - කසුන් කල්හාර

 

 

ගොඩක් අය කසුන් කල්හාරගෙ බහුතරයක් ගීතවලට කැමතියිනෙ. හැබැයි මමනම් එයාගෙ කැමති ගීත ඉතාම කිහිපයයි තියෙන්නෙ. මේ ගීතයනම් නරක නෑ. වචන ලස්සනයි. බොහොම ස්තූතියි නංගි. 

 

 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:26 AM
  •  Quote
  •  Reply
kauda man dapu ekata mp3 eka damme?
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:27 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 31 Mar 2015 06:26 AM
kauda man dapu ekata mp3 eka damme?

 

admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:30 AM
  •  Quote
  •  Reply
sthuti
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:34 AM
  •  Quote
  •  Reply
ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
31 Mar 2015 06:42 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 31 Mar 2015 04:12 AM

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

ගායනය - කසුන් කල්හාර

 

මාලින්ග මල්ලි මෙ පටන් ගත්ත වඩෙ නම් හරිම අපුරුයි... නියමයි කොල්ලො ඔය වගෙ අය තයි අපට ඔනෙ ....ස්තුත්යි ,මෙ සින්දුව මම ගත්තා ..මෙ සින්දුව දම්ම හිමලිටත් ස්තුත්යි  

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 06:59 AM
  •  Quote
  •  Reply
මේ වැඩේනම් නියමයි ...දිගටම කරගෙන යමු
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 07:12 AM
  •  Quote
  •  Reply
Ind007ka, isurusam > බොහොමත් ම ස්තූතියි අයියලා
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Mar 2015 09:34 AM
  •  Quote
  •  Reply
ස්තුති මල්ලි අලුත් සින්දු වලට .... ලස්සන එකතුවක්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
31 Mar 2015 09:52 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 31 Mar 2015 06:27 AM
Posted By Himali on 31 Mar 2015 06:26 AM
kauda man dapu ekata mp3 eka damme?

admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva

 

නැහැ මල්ලි.. මම ලින්ක් එකක් දැම්මේ නැහැ.. වෙන කෙනෙකුට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ.. මට නොවේ..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
31 Mar 2015 09:54 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 31 Mar 2015 06:34 AM
ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට.

 

කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..?

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
31 Mar 2015 06:21 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM
Posted By Malinga on 31 Mar 2015 06:34 AM
ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට.

 

කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..?

 

 

ammapa kawuda bole alis ?

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Mar 2015 07:18 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM
Posted By Malinga on 31 Mar 2015 06:34 AM
ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට.

 

කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..?

 

 

මදුරංග අයියගේ wife ගැන වෙන්නැති ඔය කියන්නේ . 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 09:18 PM
  •  Quote
  •  Reply

සිනිඳු සේල සළු පළඳා පාද තබන්නේ
ඉන වටකර ඔමරිලතා එබී බලන්නේ
ඔමරි සිනා මුව සරසා ඇයි ද හෙලන්නේ
ලස්සන ඔය දෑස තෙමා ඇයි ද හඬන්නේ

කණට තෝඩු ගෙලට පබලු මාල බඳින්නේ
ලස්සන නුඹෙ අතැඟිලි මත මුදු පළඳින්නේ
සිහින් සිනා වරින් වරේ මුවට නැගෙන්නේ
කැන්දන් යන දවස ලඟයි ඇයි හිත රිදුනේ

සිනිඳු සේල සළු පළඳා ................

කොළොම් පුරේ අරුමෝසම් නැහැ නුඹ දන්නේ
වසන්තයේ මල් ගොමුවේ බඹරා මමනේ
ඉඟි කරනා මල් අතරින් කැකුළු මල මගේ
ලංවෙන්නට අවසරදැයි ඇයි ද දැන් නගේ

සිනිඳු සේල සළු පළඳා ................


ගායනය :- ගයාන් මධුසංක

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 09:19 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 31 Mar 2015 09:52 AM
Posted By Malinga on 31 Mar 2015 06:27 AM
Posted By Himali on 31 Mar 2015 06:26 AM
kauda man dapu ekata mp3 eka damme?

admin aiya danna athi. man oyage ekata quote karala link ekak damma. eeka admin aiya danna athi. man passe eeka makuva

 

නැහැ මල්ලි.. මම ලින්ක් එකක් දැම්මේ නැහැ.. වෙන කෙනෙකුට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ.. මට නොවේ..

 

 

එහෙනම් ඒ කෙනාට ස්තූතිවන්ත වෙනව

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 10:03 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 31 Mar 2015 07:18 PM
Posted By maduranga001 on 31 Mar 2015 09:54 AM
Posted By Malinga on 31 Mar 2015 06:34 AM
ස්තූතිය ඇඩ්මින් අයියාට හෝ අක්කාට.

 

කවුද බොලව් අපි නොදන්නා මෙතැන ඉන්න ඇඩ්මින් අක්කා..?

 

 

මදුරංග අයියගේ wife ගැන වෙන්නැති ඔය කියන්නේ . 

 

 

ඔව් ඔව් එතුමිය ගැන තමයි කිවුවෙ 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 10:04 PM
  •  Quote
  •  Reply

නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වළා යටින් පෝදා සඳ පායන ගානයි

සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම්
සද්ද මොට ද රූසිරි වින්දා මං රහසින්

නුඹේ සිනහ මුවමඩලට ............

බැද්ද වටේ සුදු මොර මල් පිපුණත් සුවඳින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්

නුඹේ සිනහ මුවමඩලට ............


ගායනය :- අසංක ප්‍රියමන්ත පීරිස්

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 08:49 PM
  •  Quote
  •  Reply

මගෙ මලගම දා ධෙන අභියස හිඳ
අතීතය සිහි කරනු එපා
සුදු පාවඩ එලු සුසාන මාවත
ඔබෙ කඳුළින් තෙත් කරනු එපා

ජීවිතයේ පෙර සුන්දර සමයක
දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ
හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට
දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව
සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ
සිහි නොකරනු මැන ඒ අවසන් දින

ජීවිතයට නව අරුතක් එක්කළ
ඔබේ නෙතින් මා දුටු ලොව අභියස
ජීවිතයක් මට තිබුණේ නැති බව
කවුරු පැවසුවත් ඒ අවසන් දින
සුදු පිරුවට හැඳ ඔහු අසලින් හිඳ
මා වෙනුවෙන් හිනහෙනු අවසන් වර

මගෙ මලගම දා ධෙන අභියස හිඳ
අතීතය සිහි කරනු එපා
සුදු පාවඩ එලු සුසාන මාවත
ඔබෙ කඳුළින් තෙත් කරනු එපා


ගායනය :- සෝමසිරි මැදගෙදර

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 09:04 PM
  •  Quote
  •  Reply

දෛවයේ සරදම් ‍ඔබෙන් ලද
දරා ගන්නට නොහැකි වුණි මට
ඔබෙන් ලද උණුහුම ද අ‍රගෙන
සමුගනිමි මම ඔබෙන් සදහට

පෙරුම් පිරුවෙමි අහිංසක ලෙස
පැතුම් පැතුවෙමි සදා සතුටට
කියනු මැන පෙම්වතිය ඔබ මට
නොදැනුනි ද ආදරය ඔබ හට

දෛවයේ සරදම් ‍ඔබෙන් ලද ............

ගගන තලයට වඩා වැඩිවුණ
ප්‍රේමයක් ඇත තවම සිත තුළ
මට දුකක් ගෙන දුන්න කුමරිය
ආදරෙයි දිවි තිබෙන තුරු මම

දෛවයේ සරදම් ‍ඔබෙන් ලද ............


ගායනය :- රොෂාන් ප්‍රනාන්දු

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 09:52 PM
  •  Quote
  •  Reply

ලසෝ දුකින් මා මළ පසු
ඔබෙන් නොලැබ අනුකම්පා
විසල් මතක රන්කොත් බැඳ
සැමරුම් ගී ලියනු එපා

ඔබේ සිනා පොදක් නොලැබ
ඔබේ සෙනේ බිඳක් නොලැබ
ලසෝ දුකින් මා මළ පසු
ලොව හඬවා හඬනු එපා

ලසෝ දුකින් මා මළ පසු ...............

නොසිතු සේ ඔබෙන් ම ලද
නුහුරු සුසුම් කඳුලැලි මැද
ලසෝ දුකින් මා මල පසු
ගුණ කවි වැල් ගයනු එපා

ලසෝ දුකින් මා මළ පසු ...............


ගායනය :- චන්ද්‍රරත්න ඉලේපෙරුම

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Apr 2015 09:56 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තුත්යි මල්ලි මෙ සොන්ග්ස් වලට ...මලින්ග මල්ලි ඔයට බරිද රයිනි චරුක ගෙ සොන්ග්ස් දන්න ? මට ඩොව්න්ලොඅඩ් කරගන්නත් පුලුවන් එතකොට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 10:00 PM
  •  Quote
  •  Reply
එයාගෙ සිංදුත් දාන්නම් අයිය
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 10:16 PM
  •  Quote
  •  Reply

රෑට හීන මන්දාකිණි සඳවත සරසා
ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා
පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා
ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා

මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා
දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා
ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා
ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා

රෑට හීන මන්දාකිණි ...............

කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා
හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා
සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා
හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා

රෑට හීන මන්දාකිණි ...............


ගායනය :- සුරින් රතුගම හා රයි‍නි චාරුකා

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 10:57 PM
  •  Quote
  •  Reply

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල් මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ

මහ වැස්සක් බිමට හලා .....

විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ

මහ වැස්සක් බිමට හලා .....

 

ගායනය :- සුනිල් එදිරිසිංහ

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Apr 2015 11:06 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 01 Apr 2015 10:16 PM

රෑට හීන මන්දාකිණි සඳවත සරසා
ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා
පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා
ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා

මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා
දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා
ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා
ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා

රෑට හීන මන්දාකිණි ...............

කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා
හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා
සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා
හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා

රෑට හීන මන්දාකිණි ...............


ගායනය :- සුරින් රතුගම හා රයි‍නි චාරුකා

 

 

බොහොම ස්තිති මල්ලි මට මෙ සින්දුව ඩුන්නට ..අනෙ තව තියෙන රයිනිගෙ සින්දු මට දෙන්න ..හබයි මෙ සොන්ග් එක නම් එ තරම් ලස්සනක් නැහැ නිකන් කතවක් වගෙ ..අයි දන්නෙ නැහැ මෙ වගෙ බාල නිර්මන වලට රයිනි යොමු වන්නෙ ..සමහර විට මුදල් නිස වෙන්න අති  

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Apr 2015 11:39 PM
  •  Quote
  •  Reply
බොහොමත්ම ස්තූතියි මල්ලී. ඔයාගේ මේ උත්සාහය මම ඉතා ඉහලින් අගය කරනවා. දිගටම කරගෙන යන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
01 Apr 2015 11:49 PM
  •  Quote
  •  Reply
Posted By Malinga on 01 Apr 2015 10:57 PM

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල් මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ

මහ වැස්සක් බිමට හලා .....

විස කටු ඇණී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ

මහ වැස්සක් බිමට හලා .....

 

ගායනය :- සුනිල් එදිරිසිංහ

 

 

 

මේ සින්දුව නම් පට්ට.. බොහොම ස්තුතියි මලේ.. ගායනයත් සුනිල් එදිරිසිංහයන් අඩුවක් නැතිව දීලා තියෙනවා..

 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 03:41 AM
  •  Quote
  •  Reply

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
මල් වැකි සිනහා ගේනා මෘදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා හීන සාදනා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

සන්සුන් නැති සිත්නම් මගෙ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම් බාස් දොඩනා
නෑසු ගීත සීත රෑක එයි කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නැවීලා නුඹ එයිදෝ පායාලා

චංචල දෑසේ මායා ............


ගායනය :- රයිනි චාරුකා ගුණතිලක

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 03:42 AM
  •  Quote
  •  Reply

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ 
අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ 
ගිලුණා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා

තනිකම් දැනුණත් හිතට
මතකය නැහැ නික්මිලා
මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය හැමදා
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ .............

සුසුමේ වෙලී උණුසුම් වෙවී
වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ
හීනයක් ද  ගීතයක් ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරෙන් මා ළඟින් උන් හැටි
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

මතකද හැන්දෑවේ .............


ගායනය :- රයිනි චාරුකා ගුණතිලක හා රුවන් හෙට්ටිආරච්චි

 

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 03:43 AM
  •  Quote
  •  Reply
Ind007ka, samantha, maduranga001> බොහොමත් ම ස්තූතියි අයියල සිංයලු ම දෙනාට
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 Apr 2015 03:51 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 02 Apr 2015 03:41 AM

චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා ආදරේ දීලා
මල් වැකි සිනහා ගේනා මෘදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා හීන සාදනා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා නුඹ එයිදෝ පායාලා

සන්සුන් නැති සිත්නම් මගෙ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම් බාස් දොඩනා
නෑසු ගීත සීත රෑක එයි කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා
ඊයේ වාගේ මා දෑතේ යාවීලා
සීතේ නැවීලා නුඹ එයිදෝ පායාලා

චංචල දෑසේ මායා ............


ගායනය :- රයිනි චාරුකා ගුණතිලක

 

 

මැත කලයෙ මගෙ ආසම සින්දුව ..බොහොම පින් මල්ලි ...ඔහොම යමු  

 

 

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 03:58 AM
  •  Quote
  •  Reply
මෑත කාලයේ ගොඩක් ජනප්‍රිය උන ලස්සන song එකක්
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 04:10 AM
  •  Quote
  •  Reply

දුක් ගී පද ගයනු එපා මා අභියස සො‍හොන් භිමේ
එහෙම කළත් මගෙ සවනට එය ඇසෙන්නෙ නෑ
එය ඇසෙන්නෙ නෑ

මියැදුණු පසු මා අභියස ඔබ ඉකිබිඳ හඬනු එපා
එහෙම කළත් මගෙ දෙනෙතට එය පෙනෙන්නෙ නෑ

දුක් ගී පද ගයනු එපා ............

තනිවී මා දිවි සයුරේ අද හෙලනා ලසෝ දුකට
ඔබෙ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නෙ නෑ

දුක් ගී පද ගයනු එපා ............

 

ගායනය :- ආත්මා ලියනගේ

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 Apr 2015 04:18 AM
  •  Quote
  •  Reply
එල එල මල්ලි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 04:38 AM
  •  Quote
  •  Reply
Posted By Malinga on 02 Apr 2015 04:10 AM

දුක් ගී පද ගයනු එපා මා අභියස සො‍හොන් භිමේ
එහෙම කළත් මගෙ සවනට එය ඇසෙන්නෙ නෑ
එය ඇසෙන්නෙ නෑ

මියැදුණු පසු මා අභියස ඔබ ඉකිබිඳ හඬනු එපා
එහෙම කළත් මගෙ දෙනෙතට එය පෙනෙන්නෙ නෑ

දුක් ගී පද ගයනු එපා ............

තනිවී මා දිවි සයුරේ අද හෙලනා ලසෝ දුකට
ඔබෙ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නෙ නෑ

දුක් ගී පද ගයනු එපා ............

 

ගායනය :- ආත්මා ලියනගේ

 

 

me song ekata mama godak asai.............

 

0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
02 Apr 2015 04:40 AM
  •  Quote
  •  Reply
isurusam> බොහොමත් ම ස්තූතියි
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Apr 2015 06:01 AM
  •  Quote
  •  Reply
මේ වැඩේ දෙගටම කරගෙන යන්න ...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
04 Apr 2015 12:38 AM
  •  Quote
  •  Reply

ලස්සන නූලක්  නෙ මාලිංග මල්ලි පටන් අරන් තියෙන්නෙ ... අපිටත් සින්දුව මුමුනන්න පුළුවන් මෙතනින් අහද්දී... මන් සින්දු ටික ඔක්කොම වගේ බැලුවා ..ලස්සන ආදර ගීත ඔක්කොම වගේ... මල්ලි ආදර ගීත වලට වැඩිය ආසයි වගේ...  හෙ හේ ..වයසෙ වැරැද්ද තමයි ඉතින්...  සින්දු ටික නම් ගොඩක් ලස්සනයි... ස්තුතියි මල්ලි දිගටම කරගෙන යමු..අපිත් සප් එක දෙන්නම්........

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
04 Apr 2015 06:16 AM
  •  Quote
  •  Reply
බොහොමත් ම ස්තූතියි අයියා. ලස්සන ගීත කොයි එකටත් ආසයි ඉතින් මං.

isurusam> දිගට ම කරගෙන යන්න බලාපොරොත්තු වෙනව
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
06 Apr 2015 12:05 AM
  •  Quote
  •  Reply

දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
බලන්න ආසයි හඳ එළිය වගේ
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ

ඇස් දෙක කරනා පෙම් කතා
දැක අහල පහල අය ලැජ්ජ වෙලා
මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා

දකින්න ආසයි ..................

වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි
බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි


ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 Apr 2015 12:22 AM
  •  Quote
  •  Reply
මාලිංග මල්ලි රේඩියෝව ඔන් කරගෙන වගේ.. බොහොම ස්තුතියි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
06 Apr 2015 12:58 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තුත්යි මලින්ග මල්ලි අලුත් සින්දුවට ...ලස්ස්න සොන්ග් එකක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Apr 2015 07:05 AM
  •  Quote
  •  Reply
ada penna hitiye na ne Malinga...........
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534






--
07 Apr 2015 09:49 PM
  •  Quote
  •  Reply
බොහොමත් ම ස්තූතියි කට්ටියට. ඔව් ඊයෙ එන්න බැරිවුණා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
06 May 2015 08:19 PM
  •  Quote
  •  Reply
මාලිංග මලයා දිගටම නැහැ වගේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
06 May 2015 08:39 PM
  •  Quote
  •  Reply
එකනෙ අලුත් සින්දුවක් අහන්න තිබුන හිටියා නම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 May 2015 09:28 PM
  •  Quote
  •  Reply
දැන් ඉතිං පැල් කවියක්වත් කියමු මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
06 May 2015 11:31 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 06 May 2015 08:19 PM
මාලිංග මලයා දිගටම නැහැ වගේ..

 

මේ දවස්වල IPL නේ ...

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Dec 2015 05:24 PM
  •  Quote
  •  Reply
මම හිතුවෙ මලින්ග කොලුවා ඇවිත් කියලා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 03:27 AM
  •  Quote
  •  Reply
සිංදු වැස්සක් වැහැලා පායලා....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0


---