Go to previous topic
Go to next topic
Last Post 07 Sep 2019 09:14 AM by  indika76
මා සිත්ගත් සුවිශේෂී පද බැඳුම් - වින්ටේජ් සුදු මැණිකේ
 94 Replies
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
02 Feb 2015 07:39 AM
  •  Quote
  •  Reply
  • දවස පුරාවට ඔබට මට ඇසෙන, අසන හෝ මුමුණන දහසකුත් එකක් ගීත අතර............

  • , විවිධාකාරයේ ගීත තිබෙනවා........ ඒ අතර 

  • ඇතැම් ඒවා සංගීත වේදියා ගේ තනුවට පද එකතු කිරීමක්, ඇතැම් ඒවා ලිව්වෙත් ,

  • සංගීතවත්, කලෙත් කිව්වෙත් එක්කෙනා මයි 

  • තවත් ගීයක් ඒ මොහොතේකරරෙකුගේ හෝ සිතක එවේලේ  හටගත් සිතුවිල්ලක ප්‍රතිඵලයක්..

  • ආදරය විරහව සෙනෙහස දේශාභිමානය මේ ආදී විවිධ මානුෂික ගුණාංග ආදීකොට

  • විවධ ගීත අපට දක්නට අහන්නට ලැබෙනවා.

  • මේ ආකාරයෙන් නොයෙකුත් කරුණු කාරනා හේතුකොටගෙන බිහි වුනු ගී හඳුනා ගැනීමට,

  • ඒ ගැන කතා කිරීමට, 

  • රස ව්ඳීමට,  

  • කොටින්ම කිව්වොත් හෙළ ගී සයුරේ කිමිදෙන්නට ඔබත් සූදානම් ද....?

  • (පීනන්නට බැරි අයට පීනන්නට උගන්වන්නම්) 

  •   ඉහත  කරුණු ඇති ගීත ගැන ඔබට ඔබට යම් සාක්ෂියක් හෝ අදහසක් ඇතිද ?

  • යම්කිසි විශේෂයක් දක්නට ඇතිද..?

  •  එය එකතු කරන්න මේ හුයට.

  •  සම්පූර්ණ - ගීතය 

  •  යූ ටියුබ් හෝ වෙනත් ආකාරයකට ගීය ශ්‍රවනය කල හැකි ක්‍රමයක්

  •  පොඩි විචාරයක් -

  • ( මෙය මෙම මාතෘකාවට අදාලව - ඔබට හෝ ගීයේ අයිතිකරුවන්ට ,එහෙමත් නැත නම් ඔබ දකිනා විශේෂත්වය ඇතුලත් කරන්න)

  • ගීයෙහි ඇති අවේනික ලක්ෂණයක් හෝ සුවෙශේෂී ලක්ෂණය අන් අයගේ දැන ගැනීම සහ රස වින්දනය පිණිස

  • රසවත්ව නිවැරදිව අගයන්නට ඔබ කවුරුන් හෝ දරන උත්සාහය ඉත්හ්මත් අගය කොට සලකමි.

  • එසේම විවාදාත්මක කොමෙන්ටු ඉතාමත් අගය කරමි.

  • ඔබට හෝ මට ඇති නොපැහැදිලි ගීත අපැහැදිලි පද රචනාවල් ගැන අපි කතා කරමු....

  • මොකද කියන්නේ වැඩේට  බහිමු ද..?

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
02 Feb 2015 08:57 AM
  •  Quote
  •  Reply

 දිගුනෙත් හසරැල්ලේ

.......................................................................................................

 පද රචනය  කුසුම් පීරිස්
 සංගීතය      අජිත් දර්ශන ජයවීර
 ගායනය     දයාරත්න පෙරේරා

.......................................................................................................

දිගුනෙත් හසරැල්ලේ....මා සැනසුන දවසේ
මේ නෙතු  රවටා...මා සිත අමතා

හිරු හිනැහුණ  උදයේ...ආදරය ද මට  කීවේ
 .......................................................................................................

උදේ හවා කල්  - ගෙවෙන තුරා වෙත්  -  පටු  මාවත් අතරේ
තුරුලිය සෙවණේ - සිහිලස ලබමින් - ගත කළ සොඳුරු පැයේ

මල් හිනැහුණ  උදයේ දී........ආදරය ද මට කීවේ
.......................................................................................................... 

දිගුනෙත් හසරැල්ලේ- සිත රිදවුණ දවසේ- උණුසුම් සුසුමින්  නෙතු බොඳ  වෙද්දී

සැඬ හිරු නැඟි   මද්දහනේ - ආදරය ද මට කීවේ

 ..........................................................................................................

දෙදෙනා ආ මඟ අද මා තනිවම – ඔබ නෑ මගෙ සෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් - සැනසෙනු ඔහු සෙවණේ

ප්‍රේමය රුදු සිහිනයකී - ආදරය යි  මට කීවේ

...........................................................................................................

දිගු නෙත් හසරැල්ලේ - අප වෙන්වුනු  දවසේ
මා නෙතු හඬවා - ඔහු හද සනහා - 

හිරු වැලපෙන සැන්දෑවේ    ආදරය ද ඔබ කීවේ

............................................................................................................

කුසුම් පෙරේරා මහත්මියගේ සොඳුරු පද සංකල්පනාවක් කතන්දරයකට නැගුන ආකාරය...

මෙහිදී මා දකින්නේ මේ ගීයේ විශේෂිත වූ පද රචනයයි....

සාමාන්‍යයෙන් 99% සිංහල ගීතයක ස්ථායී කොටස 3 වරක් හෝ 4 වරක් කියවෙයි,

අන්තරා කොටස් 2 ක් හෝ තුනක් ඇතැම් විට 4 වුවත් දක්නට ඇත,
සමාන ස්ථායී කොටස් හා වෙනස් අන්තරා කොටස් වලින් යුතු වූ ගීත පද සැකැස්මේ රීතිය වෙනස් කොට මුළුමනින්ම වෙනස් අන්තරා කොටස් 3 ක් සහ වෙනස් ම අවසායනක් සනිටුහන් කල ගීයක්.

පෙම්වතුන් වීම -එක්තරා දිනක හිරු උදාවත්ම...හමුවීම  .....එනම් .උදේ  වරුවක  මුණ ගැසීම ම 
දහවලේ වරුවේ  - පෙම් වතුන් වීම ...පෙම් සුව විඳීම ,ගමන් බිමන් යාම ,ස
මධ්‍යහ්නයෙදී  දිනයක - නොහොඳ නෝක්කාඩු වීම - අමනාප වීම 
සන්ද්‍යාවේ හිරු බහිනා යාමයේ දී දිනයක වෙන්වීම 

දිනයක පරිසරයේ භාව්තික වෙනස්වීම අනුව පෙම් කතන්දරක පටන්ගැන්ම - ගලා යාම - අවසානය සටහන් වීම 

මම මෙවැනි වෙනස් ආරක ගීතත අසා ඇත්තේ බොහොම ස්වල්පයකි. මෙයත් ඉන් එකකි.

මම හඳුනාගත් වෙනස්කම් 
1. පද වලේ ඇති - ස්ථායී මෙන්ම අන්තරා කොටස් වලද ඇති වෙනස 
2. පරිසරයේ අවස්ථා 3 ක් හෝ 4 ක් මත මුළු ගීතය ම පදනම් වී තිබීම 
3. සිංහල භාෂාවේ ඉතා මිහිරි වදන් පමණක් ම භාවිත කර තිබීම  
4. ආවේගශීලී නොවන පුරුෂයෙකුගේ ශෝකී පැතිකඩක් විග්‍රහ කර තිබීම 
5. වෙන් වුනු හෝ තමුන්ත අයත් නොවන දෙකට හෝ අයෙකුට  මයිත්‍රී කිරීමේ උතුම් බුදු වදන අනුගමය කිරීමට ගීතයෙන් දක්වා උපහැරණය.

මෙහි ගුණ දොස් විචාරණය සඳහා සැමට ආරාධා කරන අතර 
මෙම ත්‍රෙඩ් එක තැබීමට වෙනත් ස්ථානයක් සුදුසු නම් එය නිවැරදි තැනට යමු කරන ලෙසද ඉල සිටිමි 

මෙතනින් අහන්න 

මේ ගීයට සමාන පද සැකැස්මක් ඇති ගීයක් ඔබත් අසා ඇතිද.? නොපමාව මෙහි එකතු කරන්න  
 
1

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
02 Feb 2015 09:23 AM
  •  Quote
  •  Reply
හරිම වටින thread එකක්. ඒ වගේම බොහෝ දෙනෙක් ඉතාම ආස කරන thread එකක් වෙඉ කියලත් හිතනවා.හැබැයි මට නම් එච්චාරාම විචාරාත්මක දැනුමක් නැ.
මේ ගීතය හා විස්තර වලට ගොඩක් ස්තුති අයියේ. ඉදිරියේදී හරවත් ගීත හා විචාර දැකගන්න ලැබෙයි.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
02 Feb 2015 09:46 AM
  •  Quote
  •  Reply

නියමයි ඉමල්ක සහෝ. ඔයවගේ හිතන අලුත් අලුත් දේවල් ගෙනෙන කොල්ලෝ(වචනය වැරදුනාද මන්දා..) තමයි මෙතන ඉන්න ඕනේ.. ඔයාගේ පළමු පොස්ටුව හොදින් නැවත දෙතුන් විටක් කියවා නැවත එන්නම්. කියන්න ඕනේ උනේ වැඩේ සුපිරි කියලා.
ගීත ගැන කතා කරනවාට මමත් කැමතියි.
ස්තුතියි ඉමල්ක සහෝ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
02 Feb 2015 09:51 AM
  •  Quote
  •  Reply
bohoma watina uthsahayak. digatama karagena yamu macho.
math dannawa oya wage wisthara tikak.
ara priya suriyasena sinduwak liyaganna bothlekuth aran premakirthi muna gahenna giya kathawa wage ewa.
mama hemin sere dannamko..
"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
02 Feb 2015 09:56 AM
  •  Quote
  •  Reply
ඔව්. ඒක වගේම අර තනි තරුවේ ගීතයත් ඒ වගේ.. ඒවා ලස්සනට ගලපලා ඉදිරියේදී දන්නා අනෙත් අයත් මේකට අඩුම කුඩුම එකතු කරන්නකෝ එහෙනම්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Feb 2015 10:12 AM
  •  Quote
  •  Reply
godak watina deyak...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
02 Feb 2015 10:18 AM
  •  Quote
  •  Reply

sinduwak rasa vidinna misak matath be vicharanna,,,eth lassana wedak,godak dewal igena ganna puluwan wage.godaak sthuthiii

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
02 Feb 2015 10:13 PM
  •  Quote
  •  Reply

ඉතා වටිනා වැඩක් මචෝ මේක නම්..

මේ ගීතයේ ජීවිතය දවසකට ‍ගොනු කරලා තියෙනවා..

සුන්දර අවදිය උදේ කාලය ලෙසත්..

දැඩි රශ්මිය සහිත දිවා කාලය හිතට දුක් දෙන ලෙසත්..

සවස් කාලය වෙන්වීම සනිටුහන් කිරීමක් ලෙසත්..

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
03 Feb 2015 02:44 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි ඔයාලගේ කොමෙන්ටු වලට....
ඔන්න එහෙනම් ඔක්කොටම තේරුනානේ මොකක්ද මෙතන වෙන්නේ කියලා.....
විචාර කිව්වට ඕව බර වචන නෙමෙයි...
මමත් දන්නා මහලොකු විහාරයක් නැහැ නෙව, දන්නා පමණින් ලියන්න...
අඩුපාඩු ඇතොත් දන්නා අය නිවැරදි කරයි...උත්සාහය තමයි වඩා වැදගත්,
එහෙනම් ඔන්න අපේ කස්ටිය වැඩේ පටන් ගන්න...........
මම පලවෙනි එක දැම්ම නේ..,
0

dil37
Basic Member
Basic Member
Posts:111

--
03 Feb 2015 02:52 AM
  •  Quote
  •  Reply

Lassanai

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
05 Feb 2015 07:44 AM
  •  Quote
  •  Reply
ඔන්න ඊගාව අවස්තාව කවුරු හරි ගන්න බලන්න....විශේෂිත ගීතයක්
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
07 Feb 2015 12:31 AM
  •  Quote
  •  Reply
නින්ද නැති රැයේ ගීතය 
 
නින්ද නැති රැයේ ගීතය කපුගේ විසින් දෙවරක් පටිගත කළා. ඒ 1976දී සහ 1985දීයි. කපුගේ ගැයූ ඉතාම මියුරු ගීයක් වන මේ සොඳුරු ගීතයේ පළමුවන උත්සාහයත් දෙවන නිර්මාණයත් අතර වෙනස ඉතාම අපූරුයි. 

එකම කලාකරුවෙකු එකම ගීයක් ආසන්න තනුවකට ගයන විට මෙතරම් වෙනසක් සිදුවිය හැකිදැයි සිතාගත නොහැකි තරම්.. ගීතයක ලය වෙනස් කිරීම අනුව අපි රස විඳින හැඟීම මෙන්ම ගායකයා ගයන හැඟීමත් කොතරම් වෙනස් කරනවාද...?

මේ රසවත් තොරතුර මා උපුටා ගන්නේ දයානන්ද රත්නායකගේ 'අස්වැන්න' නම් විශිෂ්ඨ අන්තර්ජාල රචනා සංග්‍රහයෙන්.

--------------------------------------------------------------------------------------
මෙතැන් සිට දයානන්ද රත්නායකගේ විවරණය...

කපුගේ මියගියේ 2003 අප්‍රේල් මාසෙ 03 වැනිදා . ඒ  හරියටම මීට අවුරුදු නවයකට කළින්.  ඒ සොඳුරු මිනිසා වෙනුවෙන් ම  අදත්  “අස්වැන්න” වෙන් කළා.  

මට කපුගේ හමුවෙන්නෙ රජරට දී  ඒ අසූව දශකය මැද හරියේ දි  විතර, කපුගේ රජරට සේවයට ආවෙ  1981 දි විතර එතකොට මා පුංචි පන්තිවල ඉගන ගත්ත කුඩා සිසුවෙක්. සාමාන්‍ය පෙළ කරපු කාලෙ කපුගේ ඉදිරිපත් කළ නිර්මාණාත්මක වැඩසටහන්වල ගුණ සුවඳ මට දැනෙන්න පටන් අරන් තිබුණෙ ඒ කාලෙ. ඒ දවස්වල කපුගේ රජරට සේවයේදි සෙනසුරදා උදේ “මන්දාකිණිය”නමින් වැඩසටහනකුත් ඉරිදා දවස්වල “ රස දහර” නමින් වැඩසටහනකුත් රසවින්දන වැඩසටහන් වශයෙන් කපුගේ ඉදිරිපත් කළා. ඒ දෙකම ඉතා අපූර්ව රසවත් වැඩසටහන්. එතකොට රජරට හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" ෆ්‍රැන්ක් සිනෙට්‍රා, බොබ් මාලේ  වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ නෑ. ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ඒ ගීත ගැන හෙව්වා. ඒ වැඩ සටහන්වලට නිරන්තයෙන් ලිව්වා. කපුගේ මගේ නමින් ම මං  ඒ ලියපු ඒවා ආයෙමත් කපල කොටල රසට හදල  ප්‍රචාරය කළා.  ඒ නිසාම පාසල් සිසුවෙකුව සිටිය දීම මට කපුගේ අඳුනගන්න ලැබුණෙ රජරට සේවයෙන්. එදා පළමු වරට දැන හඳුනාගෙන  රජරට දී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම ඔහු මිය යන තෙක්ම පැවතුණු සදාකාලික මතකයක්. ඔහු මට පසු කාලීනව නිර්මාණාත්මක අත්වැලක් වූවා වගේම  අදටත් ඔහු මට ආලෝකයක්.
 
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ 
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ 
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ 
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ
 
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ 
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ 
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ 
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ 
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ 
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ 
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ

ගේය පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය : විශාරද ගුණදාස කපුගේ
 
1985 පටිගත කළ නින්ද නැති රැයේ ගීතය
 
  (ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් බලන්න)

අද ඔහු වෙනුවෙන් මා තෝරාගත් මේ ගීතයත් ඉතාම විශේෂ ගීයක්.    
මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය.  ඒත් මේ ගීය සමහර විට ඔබ කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976  දී විතර  ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි  සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට  ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය  වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට  විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්.  දෙවන වරට මේ  ගීය අලුත් තනුවකට පටිගත කළා.  ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ  ගීතයයි. 
 
1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීතය මෙතනින් අහන්න​

ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් අහන්න

බෙහෝ වෙලාවට තමන් අතින් අසාර්ථක වූ ගීයක් නැවත ශිල්පියෙකු  නැවත පටිගත කිරීමක් නොකර ඉවත දානවා. ඒත් කපුගේ තුල හිටපු සෙඳුරු මිනිසා රත්නශ්‍රී විජේසිංහ ලියූ  ගීතයට උපරිම සාධාරනය ඉටු කළා. ශිල්පියෙකුගේ පරිණත භාවයත්, නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බවත් කපුගේ  තේරුම් ගත්තා.  ඒක තමයි නියම කලාකරුවකුගේ ස්වභාවය. කපුගේ කියන්නෙ ඒවගේ සොඳුරු හදවතක් තිබූ සොඳුරුතම මිනිසෙක් ඒකයි ජනතාව කපුගේට ආදරේ කරන්නෙ. මමත් කපුගේට ආදරේ කරන්නෙ අන්න ඒ මානව වාදී ගුණය කපුගේ තුල තිබුණු නිසයි..෴

http://rasawindhana.blogspot.com/2012/12/blog-post_27.html

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
07 Feb 2015 08:07 AM
  •  Quote
  •  Reply

ආ ඔය තියෙන්නේ.....
නියමයි චරිත්.....මුල් පටිගත කිරීම සෑහෙන්න වෙනස් නේද.............

අදයි ඇහුවේ මේවගේ වර්ෂන් එකක්.,

සින්දු වෙනස් කරලා ගායනා කිරීම කපුගේ මහත්තයාගේ 70 දශකයේ පටන් ම අපු පුරුද්දක් එහෙනම්.....

මේ ගීතයේ තේරුම හොයාගත්තොත් එකත් දාමු 
ගොඩක් ස්තුතියි මේ තොරතුරු ගෙනාවට.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Feb 2015 11:04 AM
  •  Quote
  •  Reply

sthuthiii charith aiyya.............harima apurui.

mageth asama kenek kapuge..

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
11 Feb 2015 08:00 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 02 Feb 2015 08:57 AM

 දිගුනෙත් හසරැල්ලේ

.......................................................................................................

 පද රචනය  කුසුම් පීරිස්
 සංගීතය      අජිත් දර්ශන ජයවීර
 ගායනය     දයාරත්න පෙරේරා

.......................................................................................................

දිගුනෙත් හසරැල්ලේ....මා සැනසුන දවසේ
මේ නෙතු  රවටා...මා සිත අමතා

හිරු හිනැහුණ  උදයේ...ආදරය ද මට  කීවේ
 .......................................................................................................

උදේ හවා කල්  - ගෙවෙන තුරා වෙත්  -  පටු  මාවත් අතරේ
තුරුලිය සෙවණේ - සිහිලස ලබමින් - ගත කළ සොඳුරු පැයේ

මල් හිනැහුණ  උදයේ දී........ආදරය ද මට කීවේ
.......................................................................................................... 

දිගුනෙත් හසරැල්ලේ- සිත රිදවුණ දවසේ- උණුසුම් සුසුමින්  නෙතු බොඳ  වෙද්දී

සැඬ හිරු නැඟි   මද්දහනේ - ආදරය ද මට කීවේ

 ..........................................................................................................

දෙදෙනා ආ මඟ අද මා තනිවම – ඔබ නෑ මගෙ සෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් - සැනසෙනු ඔහු සෙවණේ

ප්‍රේමය රුදු සිහිනයකී - ආදරය යි  මට කීවේ

...........................................................................................................

දිගු නෙත් හසරැල්ලේ - අප වෙන්වුනු  දවසේ
මා නෙතු හඬවා - ඔහු හද සනහා - 

හිරු වැලපෙන සැන්දෑවේ    ආදරය ද ඔබ කීවේ

............................................................................................................

කුසුම් පෙරේරා මහත්මියගේ සොඳුරු පද සංකල්පනාවක් කතන්දරයකට නැගුන ආකාරය...

මෙහිදී මා දකින්නේ මේ ගීයේ විශේෂිත වූ පද රචනයයි....

සාමාන්‍යයෙන් 99% සිංහල ගීතයක ස්ථායී කොටස 3 වරක් හෝ 4 වරක් කියවෙයි,

අන්තරා කොටස් 2 ක් හෝ තුනක් ඇතැම් විට 4 වුවත් දක්නට ඇත,
සමාන ස්ථායී කොටස් හා වෙනස් අන්තරා කොටස් වලින් යුතු වූ ගීත පද සැකැස්මේ රීතිය වෙනස් කොට මුළුමනින්ම වෙනස් අන්තරා කොටස් 3 ක් සහ වෙනස් ම අවසායනක් සනිටුහන් කල ගීයක්.

පෙම්වතුන් වීම -එක්තරා දිනක හිරු උදාවත්ම...හමුවීම  .....එනම් .උදේ  වරුවක  මුණ ගැසීම ම 
දහවලේ වරුවේ  - පෙම් වතුන් වීම ...පෙම් සුව විඳීම ,ගමන් බිමන් යාම ,ස
මධ්‍යහ්නයෙදී  දිනයක - නොහොඳ නෝක්කාඩු වීම - අමනාප වීම 
සන්ද්‍යාවේ හිරු බහිනා යාමයේ දී දිනයක වෙන්වීම 

දිනයක පරිසරයේ භාව්තික වෙනස්වීම අනුව පෙම් කතන්දරක පටන්ගැන්ම - ගලා යාම - අවසානය සටහන් වීම 

මම මෙවැනි වෙනස් ආරක ගීතත අසා ඇත්තේ බොහොම ස්වල්පයකි. මෙයත් ඉන් එකකි.

මම හඳුනාගත් වෙනස්කම් 
1. පද වලේ ඇති - ස්ථායී මෙන්ම අන්තරා කොටස් වලද ඇති වෙනස 
2. පරිසරයේ අවස්ථා 3 ක් හෝ 4 ක් මත මුළු ගීතය ම පදනම් වී තිබීම 
3. සිංහල භාෂාවේ ඉතා මිහිරි වදන් පමණක් ම භාවිත කර තිබීම  
4. ආවේගශීලී නොවන පුරුෂයෙකුගේ ශෝකී පැතිකඩක් විග්‍රහ කර තිබීම 
5. වෙන් වුනු හෝ තමුන්ත අයත් නොවන දෙකට හෝ අයෙකුට  මයිත්‍රී කිරීමේ උතුම් බුදු වදන අනුගමය කිරීමට ගීතයෙන් දක්වා උපහැරණය.

මෙහි ගුණ දොස් විචාරණය සඳහා සැමට ආරාධා කරන අතර 
මෙම ත්‍රෙඩ් එක තැබීමට වෙනත් ස්ථානයක් සුදුසු නම් එය නිවැරදි තැනට යමු කරන ලෙසද ඉල සිටිමි 

මෙතනින් අහන්න 

මේ ගීයට සමාන පද සැකැස්මක් ඇති ගීයක් ඔබත් අසා ඇතිද.? නොපමාව මෙහි එකතු කරන්න  
 
mama ithama aasa karana ithama sameepa geethayak..mata mathakai api pasal yana kaale thami oya geethaya awe..api me geethaya diga wadi nisa liyagena sakkuwe dagenath hitiya padam karaganna

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

KGP
New Member
New Member
Posts:11

--
15 Feb 2015 04:39 AM

හමුවීම , එක්වීම සහ විප්‍රයෝගය මේ අයුරින්ම උදය, දිවා, සැඳෑ කාලයන්ට අනුරූප කරලා මහගම සේකරයන් විසින් පරිවර්තනය කරන ලද  සන්නාලියනේ ගීතයයි මට මතක් වුණේ. සරෝජිනී නායිදු කිඳියගේ Indian Weavers කවි පන්තියයි සේකරයන් අතින් මෙලෙස ගීතයක් බවට පරිවර්තනය වන්නේ.

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
 
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුලුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ
 
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
හීතල සලුව වියන්නේ
 
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ
 
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සලුව වියන්නේ....

මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ   සන්නාලියනේ සන්නාලියනේ සීතල හද එළියේ මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සලුව වියන්නේ හීතල සලුව වියන්නේ   කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ   කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ.... හීතල සලුව වියන්නේ   කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ....
WEAVERS, weaving at break of day,
Why do you weave a garment so gay? . . .
Blue as the wing of a halcyon wild,
We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,
Why do you weave a garment so bright? . . .
Like the plumes of a peacock, purple and green,
We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,
What do you weave in the moonlight chill? . . .
White as a feather and white as a cloud,
We weave a dead man's funeral shroud.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
15 Feb 2015 05:41 AM
  •  Quote
  •  Reply
සන්නාලියනේ ගීතය අසා තිබුණත් එහි වස්තු බීජය දැනගත්තේ දැනුයි.
ගොඩක් ස්තූතියි මල්ලී...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
15 Feb 2015 05:46 AM
  •  Quote
  •  Reply

sthuthi ....

eththa make therumath harima  apurui.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Feb 2015 08:09 AM
  •  Quote
  •  Reply
Posted By KGP on 15 Feb 2015 04:39 AM
Posted By Imalka on 02 Feb 2015 08:57 AM

 දිගුනෙත් හසරැල්ලේ

.......................................................................................................

 පද රචනය  කුසුම් පීරිස්
 සංගීතය      අජිත් දර්ශන ජයවීර
 ගායනය     දයාරත්න පෙරේරා

.......................................................................................................

දිගුනෙත් හසරැල්ලේ....මා සැනසුන දවසේ
මේ නෙතු  රවටා...මා සිත අමතා

හිරු හිනැහුණ  උදයේ...ආදරය ද මට  කීවේ
 .......................................................................................................

උදේ හවා කල්  - ගෙවෙන තුරා වෙත්  -  පටු  මාවත් අතරේ
තුරුලිය සෙවණේ - සිහිලස ලබමින් - ගත කළ සොඳුරු පැයේ

මල් හිනැහුණ  උදයේ දී........ආදරය ද මට කීවේ
.......................................................................................................... 

දිගුනෙත් හසරැල්ලේ- සිත රිදවුණ දවසේ- උණුසුම් සුසුමින්  නෙතු බොඳ  වෙද්දී

සැඬ හිරු නැඟි   මද්දහනේ - ආදරය ද මට කීවේ

 ..........................................................................................................

දෙදෙනා ආ මඟ අද මා තනිවම – ඔබ නෑ මගෙ සෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් - සැනසෙනු ඔහු සෙවණේ

ප්‍රේමය රුදු සිහිනයකී - ආදරය යි  මට කීවේ

...........................................................................................................

දිගු නෙත් හසරැල්ලේ - අප වෙන්වුනු  දවසේ
මා නෙතු හඬවා - ඔහු හද සනහා - 

හිරු වැලපෙන සැන්දෑවේ    ආදරය ද ඔබ කීවේ

............................................................................................................

කුසුම් පෙරේරා මහත්මියගේ සොඳුරු පද සංකල්පනාවක් කතන්දරයකට නැගුන ආකාරය...

මෙහිදී මා දකින්නේ මේ ගීයේ විශේෂිත වූ පද රචනයයි....

සාමාන්‍යයෙන් 99% සිංහල ගීතයක ස්ථායී කොටස 3 වරක් හෝ 4 වරක් කියවෙයි,

අන්තරා කොටස් 2 ක් හෝ තුනක් ඇතැම් විට 4 වුවත් දක්නට ඇත,
සමාන ස්ථායී කොටස් හා වෙනස් අන්තරා කොටස් වලින් යුතු වූ ගීත පද සැකැස්මේ රීතිය වෙනස් කොට මුළුමනින්ම වෙනස් අන්තරා කොටස් 3 ක් සහ වෙනස් ම අවසායනක් සනිටුහන් කල ගීයක්.

පෙම්වතුන් වීම -එක්තරා දිනක හිරු උදාවත්ම...හමුවීම  .....එනම් .උදේ  වරුවක  මුණ ගැසීම ම 
දහවලේ වරුවේ  - පෙම් වතුන් වීම ...පෙම් සුව විඳීම ,ගමන් බිමන් යාම ,ස
මධ්‍යහ්නයෙදී  දිනයක - නොහොඳ නෝක්කාඩු වීම - අමනාප වීම 
සන්ද්‍යාවේ හිරු බහිනා යාමයේ දී දිනයක වෙන්වීම 

දිනයක පරිසරයේ භාව්තික වෙනස්වීම අනුව පෙම් කතන්දරක පටන්ගැන්ම - ගලා යාම - අවසානය සටහන් වීම 

මම මෙවැනි වෙනස් ආරක ගීතත අසා ඇත්තේ බොහොම ස්වල්පයකි. මෙයත් ඉන් එකකි.

මම හඳුනාගත් වෙනස්කම් 
1. පද වලේ ඇති - ස්ථායී මෙන්ම අන්තරා කොටස් වලද ඇති වෙනස 
2. පරිසරයේ අවස්ථා 3 ක් හෝ 4 ක් මත මුළු ගීතය ම පදනම් වී තිබීම 
3. සිංහල භාෂාවේ ඉතා මිහිරි වදන් පමණක් ම භාවිත කර තිබීම  
4. ආවේගශීලී නොවන පුරුෂයෙකුගේ ශෝකී පැතිකඩක් විග්‍රහ කර තිබීම 
5. වෙන් වුනු හෝ තමුන්ත අයත් නොවන දෙකට හෝ අයෙකුට  මයිත්‍රී කිරීමේ උතුම් බුදු වදන අනුගමය කිරීමට ගීතයෙන් දක්වා උපහැරණය.

මෙහි ගුණ දොස් විචාරණය සඳහා සැමට ආරාධා කරන අතර 
මෙම ත්‍රෙඩ් එක තැබීමට වෙනත් ස්ථානයක් සුදුසු නම් එය නිවැරදි තැනට යමු කරන ලෙසද ඉල සිටිමි 

මෙතනින් අහන්න 

මේ ගීයට සමාන පද සැකැස්මක් ඇති ගීයක් ඔබත් අසා ඇතිද.? නොපමාව මෙහි එකතු කරන්න  
 
හමුවීම , එක්වීම සහ විප්‍රයෝගය මේ අයුරින්ම උදය, දිවා, සැඳෑ කාලයන්ට අනුරූප කරලා මහගම සේකරයන් විසින් පරිවර්තනය කරන ලද  සන්නාලියනේ ගීතයයි මට මතක් වුණේ. සරෝජිනී නායිදු කිඳියගේ Indian Weavers කවි පන්තියයි සේකරයන් අතින් මෙලෙස ගීතයක් බවට පරිවර්තනය වන්නේ.

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
 
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුලුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ
 
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
හීතල සලුව වියන්නේ
 
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ
 
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සලුව වියන්නේ....

මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ   සන්නාලියනේ සන්නාලියනේ සීතල හද එළියේ මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සලුව වියන්නේ හීතල සලුව වියන්නේ   කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ   කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ.... හීතල සලුව වියන්නේ   කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ....
WEAVERS, weaving at break of day,
Why do you weave a garment so gay? . . .
Blue as the wing of a halcyon wild,
We weave the robes of a new-born child.

Weavers, weaving at fall of night,
Why do you weave a garment so bright? . . .
Like the plumes of a peacock, purple and green,
We weave the marriage-veils of a queen.

Weavers, weaving solemn and still,
What do you weave in the moonlight chill? . . .
White as a feather and white as a cloud,
We weave a dead man's funeral shroud.

පළමුවෙනි පෝස්ට් එකෙන්ම වැඩේ ආරම්භ කරලා. බොහොමත්ම ස්තූතියි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
15 Feb 2015 08:37 AM
  •  Quote
  •  Reply

KGP  මිත්‍රයාගේ අනර්ඝ පොස්ට් එකට බොහොම ස්තුතියි...

ඇත්තටම ගී පද රචනය තුලින් මනුෂ්‍ය ජීවිතයක විවිධ අවස්තාවන් වගේම  අනියත බව පෙන්වා දුන් අපූරුව බලන්නකෝ 

ගීතය මෙන්ම ඒ ගැන පොඩි විස්තරයකුත් පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින්ම අහල බලන්නකෝ 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
15 Feb 2015 05:32 PM
  •  Quote
  •  Reply

nodana hitiya karunu keepayak danagatta..tx KGP & charith post walata

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
15 Feb 2015 05:37 PM
  •  Quote
  •  Reply
kGP apu gamannma wada patan gena...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
25 Feb 2015 11:17 PM
  •  Quote
  •  Reply

ගල්කිස්සෙ හෝටලෙ ළඟ - M S Fernando

මෙන්න මගේ ඊළඟ තේරීම - මේක සිංහල ගීතයක් ද ඉංග්‍රීසි ගීතයක්ද..? ඔයාලම කියන්න බලන්න, ඉංග්‍රීසි පදවැල් හරි අපූරුවට ගලපලා තියෙනවා නේද..? මෙය එම එස් ප්‍රනාන්දු මහත්මාගේම පද රචනයක් කියලයි මම අහලා තියෙන්නේ . වැඩි විස්තර ඕනේ නැහැ නේ.. විස්තර කරන්න ඕනෙත් නැහැ නේ, අහන්න,,මීට පෙර අහල නැති කෙනෙක් ඉන්නවා නම් පමණක් කියන්න,
 
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car

I know kandy road
I know sigiriya road
i know madakalapu road
i know galoya board
take you to jem merchant
that is kahawaththe road
elahera, bakamoone
my friend menik load
my friend menik load

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

I show you wild elephant
we must go yala kale
I give you milk and honey
passing mathara nagare
I tell you good story
about panamure
you can see big temple
going to anuradhapure
going to anuradhapure

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

your wife madam misis
calling and comeකො Please
i give her kawm kokis
lunch time food pokiris
i know better english
like eating lunu miris
my friend singer MS
all ceylon bila twist
all ceylon bila twist

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car

all ceylon tour going
I give my car ///

රස විඳින්න මෙතනින් 

මෙන්න ඒකම  අමු සිංහලෙන්ම 

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්  ///

* පද වැල් උපුටා ගැනීම අන්තර් ජාලයෙනි  

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Feb 2015 11:25 PM
  •  Quote
  •  Reply
M S Fernando lasanna githayak........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
25 Feb 2015 11:29 PM
  •  Quote
  •  Reply
මේ සිංදුව ඇහුවට මේකේ ඉංග්‍රීසි වචන මෙතරම් තියෙනවා කියලා මතක නෑනේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
25 Feb 2015 11:40 PM
  •  Quote
  •  Reply

ammapa matath mathak wune nahane me kiyana kal meke ingirisi wachana thiyena bawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
26 Feb 2015 08:52 AM
  •  Quote
  •  Reply

bageta bagayk ingirisi neda

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 Feb 2015 10:11 AM
  •  Quote
  •  Reply

බොහොම ස්තුතියි.

මම මේ ගීතය මීට කලින් අහනකොටත් මේක තනිකරම ඉංගිරිසි ගීතයක් බව දැනුනා.. ඒ විතරක් නෙවෙයි.. ඔය සිදුවීමත් ඇත්ත.. ඔය ආතර් අයියා කියන්නේ MS ගේ ලගම හිතවතා.. ගමන් බිමන් යන්නෙම එයා එක්කලු.. එයාගේ කාර් එකේ.. තෙල් ගහගත්තම රටවටේ ඕනේ තැනක ඇවිදින්න එනවලු.. එයාට කරන සැලකිල්ලක් වශයෙන් ඔය ගීතය ලිව්වා කියලයි කියන්නේ.. ආතර් අයියා ගැන තවත් ගීතයක හෝ දෙකකත් තියෙනවා..

සිංහල ගායකයන් කියන එවැනි ඉංග්‍රීසි ගීත කිහිපයක්ම අහල තියෙනවා.. අනිල් භාරති ගේත් ගීතයක් මතකයි. මරියසේල්ගේ කැන්ඩි ළමිස්සි ගීතයේත් ගොඩක් ඉංග්‍රීසි වචන ඇති බවයි මතක. සුනිල් ශාන්තයන් පවා බටහිර ආරට ඉංග්‍රීසි ගීත ගායනා කලානේ.. ඉස්සර ගුවන් විදුලියේ නිතර වාදනය උනා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
26 Feb 2015 07:39 PM
  •  Quote
  •  Reply

mamath sinduwa ahala tibuna. eth me tarak english vachana tibuna kiyala mathaka ne.. sinhala adui vage dan ahaddi nam

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
19 Jul 2015 07:10 AM
  •  Quote
  •  Reply

 ඔබගේ කියවීම පිණිස..................අන්තර්ජාලයෙන්

ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක්
ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය.
‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.
ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ
සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.
“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...”
මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළකළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

ප්‍රේම් ලියා තිබුණේ මූසිල සිසුවියගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටී. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ පේ‍රඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.
“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා - තමන් දන්න දේ හරියට කරපන්...” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.
ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවධියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.

පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා

යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.
එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වෙනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය පී්‍රති ගීතයක් වූ මේ ගීතයයි.

අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී

වෙනත් ඕනෑම නිවේදකයෙකු හෝ නිෂ්පාදකයෙකු
ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඔමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
19 Jul 2015 06:50 PM
  •  Quote
  •  Reply
ඉතාම වටිනා පසුබිම් කතා ටිකක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Jul 2015 07:10 PM
  •  Quote
  •  Reply
මමත් කියෙව්වා කතා ටික.. ගීතයක පිටුපස කොච්චර රසවත් පසුබිමක් තියෙනවද..? ප්‍රේමකීර්ති කියන්නේ උපන් ගෙයි දක්ෂයෙක්.. ඔහුව මරා දැමුවෙත් ඒ කාලේ ප්‍රේම්ගේ දක්ෂතා උහුලා ගන්න බැරිවූ ඒ ක්ෂේත්‍රයේම සිටි අයෙක්.. ඒ මරණය එක එක ගිණුම් වලට බැර කරන්න හැදුවත් ප්ප්‍රේම් ගේ බිරිඳම කියනවා කවුද ඊට වග කිව යුතු මිනීමරුවා කියලා.. ඔහුව මරණයට පත් කළා කියලා ප්‍රේම් වගේ දක්ෂයෙක් නම් වෙන්න බැරි උනා ඔහුට.. දේශපාලන කඩේ යෑම් මිස වෙන දෙයක් දන්නේ නැහැ ඔහු. ඔහු මරා දැමුවේ ප්‍රේම් පමණක් නොවෙයි.. සිංහල කළා කෙතට එකතු වන්නට තිබු දහස් ගණනක් වටිනා සිංහල ගීත ගොන්නක්..

ප්‍රේම් කෙටි වෙලාවකින් ලියුවත් ඒ හැම ගීතයකම රසවත් අර්ථයක්. ඔබ වැන්නවුන් තමයි මේ අරුත් සුන් ගී බිහිවෙන කාළේ අපේ රටේ ඉන්නට තිබුණේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
19 Jul 2015 10:07 PM
  •  Quote
  •  Reply
මමත් මේ පසුබිම් කතා ටික කියෙව්වා. අද මෙවැනි නිර්මාණ බිහිකරන්න පලුවන් පුද්ගලයෝ නැති එක ලොකු අඩුවක් ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
20 Jul 2015 12:21 AM
  •  Quote
  •  Reply
ප්‍රේම් කියන්නේ නැවත බිහිවන්නේ නැති චරිතයක්..
එතුමාට ගි පද රචනය පිළිබද පුදුම හැකියාවක්...

දිනක් එතුමා හදිසි ගුවන් විදුලි වැඩසටහනකට යාමට සූදානම් වන විට ප්‍රියා සූරියසේන ශූරීන් බෝතලයක් ද රැගෙන ගිතයක් ලියා ගැනීමට පැමිණියා.
කඩිනමින් යාමට සූදානම් ප්‍රේම් ප්‍රියාට හෙට දිනට එම බෝතලද රැගන එන ලෙසින් කොළ කැබැල්ලක මෙසේ ලියුවා..
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.
පසුදින පැමිණි ප්‍රියා මෙය ගීතයක් ලෙසින් අනිත් වචන යෙදා සුන්දර ගීතයක් නිර්මාණය කර ගනු ලැබුවා..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
20 Jul 2015 01:25 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 20 Jul 2015 12:21 AM
ප්‍රේම් කියන්නේ නැවත බිහිවන්නේ නැති චරිතයක්..
එතුමාට ගි පද රචනය පිළිබද පුදුම හැකියාවක්...

දිනක් එතුමා හදිසි ගුවන් විදුලි වැඩසටහනකට යාමට සූදානම් වන විට ප්‍රියා සූරියසේන ශූරීන් බෝතලයක් ද රැගෙන ගිතයක් ලියා ගැනීමට පැමිණියා.
කඩිනමින් යාමට සූදානම් ප්‍රේම් ප්‍රියාට හෙට දිනට එම බෝතලද රැගන එන ලෙසින් කොළ කැබැල්ලක මෙසේ ලියුවා..
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.
පසුදින පැමිණි ප්‍රියා මෙය ගීතයක් ලෙසින් අනිත් වචන යෙදා සුන්දර ගීතයක් නිර්මාණය කර ගනු ලැබුවා..

… …ඒ කියන්නෙ හෙටත් බොතලයක් ගෙන්න කියලයි කියලා තියෙන්නෙ ..?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
20 Jul 2015 03:54 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Jul 2015 01:25 AM
… …ඒ කියන්නෙ හෙටත් බොතලයක් ගෙන්න කියලයි කියලා තියෙන්නෙ ..?
ඒ වෙලාවේ බොන්න වේලාව නැති නිසා බෝතලයත් අරගෙනම හෙට එන්න කියලා කියුවේ..

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
21 Jul 2015 07:14 AM
  •  Quote
  •  Reply
අපුරු පසුබිම් කතා ටික ....ස්තුති අයියා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
26 Jul 2015 10:49 PM
  •  Quote
  •  Reply

ඒ වගේම ප්‍රේම් මියගිහින් මේ මස 31 දිනට වසර 26 ක් වෙනවා..

මේ වෙබ් අඩඩි කිහිපයකින් ලබාගත් කොටස් කීපයක සංස්කරණයකි...

1947 ජුනි මස 02 වැනි දින කොළඹදී මෙලොව එළිය දුටු ප්‍රේමකීර්ති කුඩා අවධිය ගත කළේ මරදාන දුම්රිය නිවාසයකය. ඒ ඔහුගේ පියා දුම්රිය සේවකයකු වූ බැවිනි. පියාට අවශ්‍ය වූයේ ප්‍රේමකීර්ති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු කිරීමටය. මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මරදාන ආනන්ද විද්‍යාලයට පිවිසි ප්‍රේමකීර්තිගේ ප්‍රතිභා ප්‍රභාව දැල්වෙන්නේ ආනන්දයෙනි. 1961 දී තම ළමා වැඩසටහනකදී "කරු අයියා" විසින් මොහු හඳුනා ගන්නා ලදී. පසුව මෙම අපූරු තරුණයා ගුවන්විදුලි ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු ලෙස යොදාගනු ලබන්නේ ඉසිවර නුවණින් ඔහුගේ දක්‍ෂතා හඳුනා ගනිමිනි. ප්‍රේමකීර්ති 1966 දී තම පියාගේ මඟපෙන්වීම අනුව "දවස" පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ "විසිතුර" පුවත්පතට එක්‌වූයේය.

1967 දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති, 1971 ජුනි 01 වැනි දින නිවේදකයකු ලෙස තනතුරෙහි ස්‌ථිර කරන ලදී. ඔහු 1989 ජුලි 31 වැනි දින සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ගුවන් විදුලියේ සේවය කරමින් සිටියදීය.

ප්‍රේමකීර්ති ඉතා සරල දිවි පෙවෙතක්‌ ගත කළ කුඩා නිරහංකාර මිනිසකු වූ බව ඔහු ඇසුරු කළ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. අතට හසුවන ඕනෑම දෙයකින් කුසගිනි පුරවාගන්නා ඔහු පොදු ජලනළයෙන් දෝතට දිය ගෙන බීවේය. පෙට්‌ටි කඩයෙන් වඩේ එකක්‌ හා ප්ලේන්ටියක්‌ බී බීඩියක්‌ දල්වා ගැනීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි. ගමට ගියවිට නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින්ම දිය දෝතක්‌ බීම ඔහුගේ පුරුද්දයි. සතියක දීර්ඝ සංචාරයකට ඔහුට අවශ්‍ය වන්නේ ඇඳුම් දෙකකි. රබර් සෙරෙප්පු දෙක ඔහුට හොඳටම සෑහේ. පයින් යැම, කඩපිල්වල ගැමියන් හා දරුවන් සමග කාලය ගත කිරීම ඔහුගේ විනෝදාංශයයි. ඔහු මහත් අභිරුචියෙන් පානය කළේ රටේ පුංචිම මිනිසා පානය කළ මත්පැන් වර්ගයයි. ඔහු තම ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කළේ මාසිකව වැටුපෙන් ගෙවීමට ණයට ගත් තනි කාමරයක්‌ සහිත කුඩා ගෙපැලකයි. එහි වූ කුඩා ගෙවත්තේ වගා කරගත් එළවළු හා පලතුරු ඔහු මහත් අභිරුචියෙන් බිරිඳ සමග උයා පිහාගෙන වැළඳුවේය. තම බිරිඳගේ ආහාර වේල සකස්‌ වූයේ ද මේ කුඩා අහිංසක මිනිසා අතිනි.

ජීවත් වූ වසර 42 ක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස "හද පුද අසුනේ සෙනෙහස මැවුණේ" රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්‌ (නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. මෙම වසරේම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ "ලොකුම හිනාව" චිත්‍රපටයට පසුබිම් ගීයක්‌ ලෙස "පරණ කෝට්‌" ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කළේය.

ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, "අලුත් කලාවක්‌", "ආරොන් මාමා", "පාන්කිරිත්තා", "නෑදෑයෝ", "හඳමාමා", "කැකිල්ලේ ර-ජුරුවෝ", "කුණ්‌ඩුමනී", "තේ කූඩය පිටේ බැඳන්" හා මුලින් සඳහන් කළ "පරණ කෝට්‌" ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, "ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි." ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි.

ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීම ප්‍රිය කළ අහිංසකයෙකි. රූපවාහිනියේ "ශනිදා සාදය" හා "අඳුන" තුළින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ටය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. "කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ", "පුංචි පන්තිවල", "රූම් පෙත්ත කැරකෙනවා", සුරංගීට දුක හිතුනා", "සමනළයා මල හා ළමයා", "මා එක්‌කලා අමනාපව වී දබර" වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ "දොස්‌තර හොඳහිත" වෙනුවෙන් රචිත "බෑ කියලා බැරිය මලේ" ආදී වූ ගීත සමුච්චිය අද ද දරුවන් අතර ආදරයට පාත්‍ර වී තිබේ.

ප්‍රේමකීර්ති තරම් පරිසරය හා ගහකොළ සතා සීපාවා පිළිබඳ සංවේදී වූ ගීත රචකයෙක්‌ මට හමුවී නැත. පරිසරයේ අප අවට සිටින ලොකු කුඩා සතුන්ගේත් ගහකොළවලත් සියුම් නිරීක්‍ෂණයක්‌ තුළින් ලත් පරිචයක්‌ ඔහු සතුව පැවැති බව ඔහුගේ ගී නිර්මාණ තුළින් අපට පෙනේ. මීට ඇති හොඳම උදාහරණය නම්, "බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ" ගීතයයි. එසේම, "හැන්දෑ කරේ අඹ මල් වට", "කොහෝ කොහෝ කොහේ ඉඳන්", "අඹ දඹ නාරන් කෙසෙල් දෙල්", "සෙවනේ කඹුක්‌ සෙවනේ", "දකුණු ලකේ අග නගරේ", "නුවරවැවේ", "

උඩරට කඳුකර සිරියා පරදන", "ඇළ දොළ ගංගා යාවි ගලා", "කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි", "සුදුපාට මීදුම් ගලාලා", "බැද්දට හඳ පාන වගේ", "තනි තරුවේ", "බොඳ මීදුම් කඳු රැල්ලේ", "මහ මුහුදු විමානේ", "එගොඩහ යන්නෝ" එම ගී අතරින් සමහරෙකි.

ලංකාවේ උරුමයන් පිළිබඳ ඔහු ලියූ ගීත එක්‌ අතෙකින් දේශාභිමානී ගී ලෙස ද සැලකිය හැකිය. "ඉසුරුමුනියෙහි පැතැලි ගලෙක", "දඹුලු ගලේ", "උඩරට නිළිය හැඩ වගේ", "නිවහල් සිතුවිලි සිතනා" එවැනි ගී කිහිපයකි. දේශීය සාම්ප්‍රදායික ගැමි ආදරය හා නාගරික ආදරය ඔහු දුටුවේ එකසේ මැදහත්වය. නන්දා මාලිනිය ගයන "කප් සුවහස්‌ කල් පෙරුම් පුරාගෙන" ගීතයේ සිට "පෙම්මල් මාලා නෙළා ගොතාලා", "ටිකිරි මැණිකෙ අඹුල ගෙනැල්ලා", "දෑස රිදෙනවා පාර බලා ඉඳලා", "ආදරයක හැඟුමක්‌ මුලදී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "මගේ ළමැඳ සුව යහනක්‌", "මා නෙත් කැදැල්ලේ", කීකිරිඳිය ඇට නූලක අමුණා", සයුර වෙත යන ගඟ පරිද්දෙන්", "පිදුරු සෙවි කළ පැල්පතේ ඇති", "රත්ති අරන් උදැනෙක්‌කේ", "කල්පනා ලොව මල් වනේ", "කෙදින ද කූඩු හදන්නට එන්නේ", "ලොව නිසසල වී නවතින මොහොතේ", "ගී ලියන්න මට කිව්වේ ඔබේ නෙතයි", "මගෙ නාමලී බැඳි ආදරේ" "සිහින සතක්‌ දුටුවෙමි මම", "කුරුල්ලන්ට ගී ගයන්න", "කිරි කවඩි සිනා නොදැක බැදුණ", "ආත්ම ගණනක සිතුවිලි අතරේ", "සැලළිහිණියෝ ඔම දන්නෙ නෑ", "අමරාදේවි", "එන්න මදනලේ ගොස්‌ පවසන්න දුක මගේ", "ප්‍රේම කතාවක චරිත දෙකක්‌ අපි", "මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න නම් බැරි", "කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා", "මග තොට දී හමුවෙද්දී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "පවුරු වළල්ලක්‌ බැඳලා", "ආගන්තුක කුරුල්ලා", "හිරු පායනවා මල් පිබිදෙනවා", "සන්සුන් රුවක්‌ හඳ මන්දිරයේ", "තුට කළ ලෙවන්", "වැල්ලේ කිරි වැල්ලේ" සිට කීර්ති පැස්‌කුවෙල් ගායනා කරන, "කවිකාරියේ සින්දු කියන ළඳේ" දක්‌වා වූ අති දීර්ඝ ප්‍රේම ගීතාවලියක්‌ ඔහු විසින් ලියා තිබේ.

ප්‍රේමකීර්ති ලියා ඇති බැති ගී ප්‍රමාණය ද ඉතා විශාලය. ඒ අතර, "නිවන් දුටු හිමි රුවන් පිළිරුව", "සමිඳු පාමුල නාමලක්‌ වී", "ගිලෙමි ඔබේ ගුණ මූදේ", "නිවන්පුරට" ආදිය ප්‍රමුඛ වේ. එසේම, "දම්පියාව නෙත් පියාණ", "හිත හීලෑ නෑ හරිම මුරණ්‌ඩුයි", "උඩ මළුවේ" නවමු කෝණයකින් බුදුදහම දෙස බැලීමකි. අම්මා පිළිබඳව අප සියල්ලන්ගේම හදවතේ ඇති ළබැඳි සිතුවම "ආදරයේ උල්පත වූ අම්මා" සහ "දුනුකෙයියා මලක්‌ වගේ" ගීතවලින් වර්ණවත් වී ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එසේම මාතෘත්වය නොලද විවාහක කාන්තාවකගේ සිතුවිලි ද ඔහු හොඳින් තේරුම්ගත් වග පෙනෙන්නේ, "දරුවෝ ඇති අම්මාලා" ගීතයෙනි. සාම්ප්‍රදායික සිංහල පවුල්වල දරුවන් හා දෙමාපියන් අතර ඇත්තේ දැඩි ආධ්‍යාත්මික බැඳීමකි. එම බැඳීමේ ගැඹුර "පුංචි දවස්‌වල නින්දට යද්දී" ගීතයෙන් අපට පවසන්නේ නෙතඟට කඳුළක්‌ නංවමිනි.

තරුණ වියේ දරුවන්ගේ නොමේරූ හැඟීම් මැනැවින් තේරුම්ගත් ප්‍රේමකීර්ති, ඔවුන් දෙස බැලුවේ දයාබර පියකු ලෙසයි. "හිතුවක්‌කාරෙට කරගත්තයි කියලා", "ආශාවේ මල් වැටෙන් එබී" මේ සඳහා දැක්‌විය හැකි එක්‌ උදාහරණයකි. සමාජය විසින් කොන් කළ අහිංසක සූදුකරුවා සමාජයේ අවධානයට යොමු කරන්නේ "මිනිසකු පිට නැඟි අසරුවෙකි" ගීයෙනි. ප්‍රේමකිර්තිගේ දේශපාලන චින්තනය හඳුනාගත හැකි නිර්මාණ රාශියක්‌ ද මෙම ගී පදමාලා තුළ අන්තර්ගත ය. ඒවා සියුම් ලෙස විග්‍රහ කරන්නකුට පහසුවෙන් ඔහුගේ සිතුවිලි හා ඒකාත්මික විය හැකිය. ප්‍රෙඩී සිල්වා ගායනා කළ "කුණ්‌ඩුමනී" ගීතය එවක රටේ ප්‍රධාන දේශපාලන ගැටලුව වූ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්‌ම ප්‍රකට කරයි. ගුණදාස කපුගේ ගායනා කරන "සබඳ අපි කඳු නොවෙමු", "උතුරු කොනේ නුඹ හිනැහෙන්" ඔහුගේ සමාජ සත්තා යථාර්ථය කුළුගන්වන නිර්මාණයෝ වෙති.

ඔහුගේ ගී පදමාලා රචනා ප්‍රතිභාව පිළිබඳ කිව හැකි හැමෝම දන්නා කතාව මම ඔබට කියමි. ප්‍රේමකීර්තිට ගීයක්‌ ලිවීමට ගත වන්නේ සිගරැට්‌ටුවක්‌ දැවී යන කාලය පමණි. උපකරණ ලෙස අවශ්‍ය වන්නේ බස්‌ ටිකට්‌ටුවක තරමේ කඩදාසි කැබැල්ලකි. "ආදරයේ උල්පත වූ අම්මා" ගීතය ලියෑවුණේ 138 බස්‌ රථයක ඇස්‌වාට්‌ටුවේ සිට හෝමාගම යද්දී එම ගමන සඳහා නිකුත් කළ ටිකට්‌ පතේ බව දන්නේ වික්‌ටර් රත්නායකයන්ම පමණි. ඔහු පිළිබඳ මෙවැනි කතා සිය ගණනක්‌ තිබේ. ඒවා ද සාහිත්‍යයකි. මහා හඬ පෞරුෂයක්‌ සහිත වූ ගුවන්විදුලි නිවේදකයකු වූ ප්‍රේමකීර්ති 60 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සෙසු සියලු නිවේදකයන් අභිබවා සිටියේය. ඔහුගේ ඉතිහාසය, සාහිත්‍යය, ආගම හා සමාජ පරිඥනය පිළිබඳ වූ විශිෂ්ට දැනුම ගුවන් තලය හරහා ශ්‍රාවක දෙසවන් තුළින් හදවත් තුළට කි¹ බැස්‌සේය. ප්‍රවෘත්ති නිවේදනයේ විශිෂ්ටයකු වූ ප්‍රේමකීර්ති එනිසාම පසු කලෙක රූපවාහිනියේ "පුවත් සැරිසර නමින් සාර්ථක වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. "පුවත් සැරිසර" තුළින් සජීවීව ශ්‍රාවකයන් වැඩසටහනට සම්බන්ධ කරගැනීම ඔහු කළ අභියෝගාත්මක අත්හදා බැලීමකි.

1969 සිට 1977 දක්‌වා කාලසීමාව තුළ ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විය. වසර දෙකක අනිවාර්ය නිවාඩු යෑවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හා ගුණදාස කපුගේ රජරටට මාරු කරන ලදී. වැව් බැඳි රාජ්‍යයේ ගමක්‌ ගානේ යමින් රජරට සේවය ජනප්‍රිය කොට එය පොදු ජනතාවගේ හඬ බවට පත් කළ මොවුහු රජරට කළුගල් නිල් මැණික්‌ බවට පත් කළහ. ඊට ඇති හොඳම නිදසුන වන්නේ කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයායි. රජරට සේවය කොළඹ ගුවන්විදුලියට තර්ජනයක්‌ම විය. වැව් බැඳි රාජ්‍යයේ දොරින් දොර, ගමින් ගම, ඇසුණු එකම ගුවන්විදුලිය වූයේ රජරට සේවයයි.

ඔහු දේශපාලන වේදිකා මත කෑ ගසා හෝ කරපටි සලකුණෙන් හෝ කේලාම් කීමෙන් දේශපාලනය නොකළ මානව හිතවාදියෙකි. ඔහු පිළිබඳ සැබෑව නම්, තමාගේ මාසික සොච්චම් පඩියෙන් මාස්‌ පතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික මුදල අඩු කර යවන්නැයි ස්‌ථාවර නියෝගයක්‌ ලබාදී තිබූ එකම ගුවන්විදුලි සේවකයා වීමය. ඔහු මරා දැමූ පසු බිරිඳ අතට ලැබුණු 1989 ජුලි මස පඩිපතේ ද ඒ බව සටහන් වී තිබිණි.

1989 ජුලි මස 31 වැනි දින සීතල රාත්‍රියේ මැදියමට සුළු මොහොතකට පසු පාළු මාවතක බෝක්‌කුවක්‌ මතදී ලොවම ආදරය කළ ඒ මහා හඬ පෞරුෂය ගලා ආ අවිහිංසක සිනාව රැඳි මුවට වෙඩි තබා මෙම අවිහිංසක සමනළයකු වන් සියුමැලි මිනිසා ඝාතනය කරවන ලදී.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Jul 2015 10:56 PM
  •  Quote
  •  Reply
නොදන්න කරුණු ගොඩක් දැනගත්තා ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 Jul 2015 11:30 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි තොරතුරු එක් රැස් කර අපටත් කියවන්නට ගෙන ආවාට.. බොහොම ආසාවෙන් කියෙව්වා..

ප්‍රේමකීර්ති ගේ දක්ෂතාවයට හේතුව මිනිසුන් අතර මිනිසකු වීමයි කියල මේක කියවගෙන යද්දී මට හිතෙන්නේ.. මිනිසුන්,පරිසරය සමග ගැටෙන පුද්ගලයකු සාහිත්‍ය හැකියාවකින් යුක්ත කෙනෙකු නම් හරවත් නිර්මාණ බිහි කරලීම අරුමයක් නොවේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
07 Aug 2015 01:38 AM
  •  Quote
  •  Reply

නන්දා මලනියගෙ පවන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
07 Aug 2015 05:36 AM
  •  Quote
  •  Reply

කුමරියක පා සළඹ සැලුනා 

ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක

කුමරියක පා සළඹ සැලුනා..

රසවිඳින්න  ගීතය මෙතැනින් .............................................................................

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය 
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

ගීයේ අරුත ගැන විස්තරයක්......මට නම් හිතෙන්නේ මය 100% ක්ම නිවැරදි අරුත නොවන බවයි.නමුත් ඉතා ගැඹුරු සිදුවීම ගණනාවක් ගැන එහි කියවෙනවා 

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..

මට තේරෙන හැටියට කාන්තාවකගේ නැටුමක් දැකලා තපසට නැඹුරු වෙලා හිටිය කෙනෙක්ගේ හිත වෙනස් වෙන හැටි.. 

එහෙම නැත්නම් තාපසයෙක් වගේ හිටිය කෙනෙක්ගේ හිත මේ කාන්තාවගේ නැටුම නිසා රාගය මුසු හැඟීම් වල පිබිදීම ගැන විස්තර වෙනවා මේකේ.

මෙතන නටනවා කියලා කෙලින්ම කියන්නේ නෑ. පා සලඹ සැලුනා කියලා අගවන්නේ ඒක වෙන්න ඕනි. ඒ සළඹ නිසා වසා සිටි නෙතු පියන් ඇරුනා.. 

කාන්තාවන්ට ආසා නොකර අසපුවක් වගේ තිබුණු හිත... ඒ හිත සිත සමවැදී තිබුණු ඒ දැහැන බිඳිලා යනවා මේ කාන්තාවගේ රංගනය නිසා..

උකුළ, ළැම, හස කියන්නේ හංසයෝ වෙන්න ඇති ලැමේ ඉන්න හංසයෝ කව්ද දන්නවනේ.. මලවි කියන්නේ අනංගයාට.. අනංගයාගේ කරලිය.. 

අනංගයාගේ වේදිකාව.. ඉතින් අනංගයා රඟදෙන වේදිකාව කාන්තාවකගේ කොහෙද තියෙන්න කියලා ඉතින් පොඩ්ඩක් හිතාගන්න . 
අර අන්න බලන් සඳ රන්තැටියෙන් කියන සින්දුවෙත් මේ කොටස තියෙනවා.. 
"මන්මද රංගන මණ්ඩපයේ මෙම මන්ද බලා හිඳිනේ තව පෙම්බර මා සාමිනේ" 
මේකෙත් මන්මද කියන්නේ අනංගයා. දැන් කොහොමහරි ඔය ඔක්කොම දේවල් දුහුල් සළු තිර වලින් මුවා වෙලා තියෙන්නේ..

"විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද"

දෙනුවන් කියන්නේ ඇස් වලට. දෙනුවන් කියන රැහැනෙන් ඇදලා මනස කියන සල්ලාලායා විවර කරනවා අර සළු තිර. 

එතකොට මා අභියස මැවිලා තියෙන්නේ තුසිතය. තුසිතය කියන්නේ දිව්‍යලෝකයක්. එහෙ හැමවෙලාවෙම හැමෝම සතුටින්ලු ඉන්නේ. 
සුරන් නැලවූ සුයාමය කියන්නේ තුසිත දෙව්ලොව දෙවිවරු හා දේවතාවියන් යහන ගත වන මොහොත කියලත් අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ ඒක නම්. 
සුරන් කියන්නේ නම් දෙවියන්ට.

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද

ජීවිතය කියන නිසංසල තපස් වනාන්තාරය. හැඟුම් නැමැති ඇත්තුන්ගේ යදම් කියන්නේ දම්වැල්.. හැඟීම් කියන ඇත්තු දම්වැල් බිඳගෙන එනවා ඒ වනාන්තරයට... 

ලපලු කියන්නේ ලපටි එහෙම නැත්නම් තවම මෝරපු නැති පල.. අර වනන්තරේ තිබුණු ගස් වැල් මල් ලපලු ඔක්කොම පොඩි කරගෙන අර ඇත්තු දුවගෙන එන්නේ. එහෙම එන ඒ හැඟීම් වලින් ඔහුගේ හිත කම්පනය වෙනවා.

මා හඬවයි බිඳුනු තුසිතය 
මම හිතන්නේ මෙතන අදහස් වෙන්නේ ඔය ඔක්කොම අන්තිමට පොඩි වෙලාවකට විතරයි. මොහු හොයන තුසිතය එතන නෑ. 

ඒ තුසිතය පස්සේ ගිහින් ඔහුගේ නිසංසල තාපස ජීවිතය අවුල් වුනා විතරයි නිසා ඒ කාරණය ඔහුව හඬවනවා.

................................................................................................................................................................................................................

මේකේ තනුව හදලා වුනු රසවත් සිද්ධියක් වික්ටර් විස්තර කරනවා මේ වීඩියෝ එකේ. ගිහින් බලන්න.

උපුටා ගැනීම 100% ක් ම අන්තර්ජාලයෙනි 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
07 Aug 2015 05:57 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ගැන අදහස නම් තරමක් දැනගෙන හිටියා.. මේ විස්තරයෙන් එය තවත් හොදට දැනගත්ත කියන්න පුළුවන්.
කියන දේ ව්‍යංගාර්ථයෙන් මනරම් පදවැලෙන් අපුරුවට ඔප මට්ටම් කරලා තියෙනවා..

වීඩියෝ 2 ටත් ලිපියටත් බොහොම ස්තුතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Aug 2015 08:05 AM
  •  Quote
  •  Reply
පරන සින්දුවල තේරැම කවුරැ හරි මේ විදියට තේරැම් කරල දුන්නෝත් තමා නැත්තං පිස්සු හැදෙනව තේරැම් හොයද්දී
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
08 Aug 2015 02:06 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තූතියි මේ ලිපියට...

ඒත් වරෙක ධර්මවර්ධනයන් මේක අරුත් දක්වලා තිබුනේ
යෞවනයකු තම බිරිඳ පළමු රැයේ දුටුව ආකාරයයි.. ඔවුන්ගේ සුන්දර රාත්‍රියයි...
කෙසේ නමුත් මෙයට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
08 Aug 2015 07:45 PM
  •  Quote
  •  Reply
තැන්ක්ස් මේ විස්ත‍ර අපිත් එක්ක බෙදා හදා ගත්තට ..........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
24 Jan 2016 11:16 PM
  •  Quote
  •  Reply

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..

ගායනය : නිරෝෂා විරාජිනී

ගී පද - බන්දුල නානායක්කාරවසම් 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

මගේ විග්‍රහය 

පිවිතුරු ප්‍රේමය පූජනීය ලෙස විඳිනා  මෙන්ම ලබනා   පෙම්වතියකගේ හදවතෙහි ඇඳි පිවිතුරු අදහස්ගොන්නක් කැටිකර වචනයට් නැගු මනරම් ගීතයකි.

අද අපට ඇසෙන දහසක් ප්‍රේම ගීත මෙන්ම දස දහසක් විරහ ගීත එක්ක සංසන්දනය කර බැලූ කල මේ ගීතය සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය.

ගායිකාවකගේ  (නිරෝෂා ) මේ ගීය ගැයීම වඩා ප්‍රේමනීය කරනා අතර  රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුව එය තවත් වින්දනීය කරවයි.

විග්‍රහය 

"සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.."

දහමට නැඹුරු වූ  පෙම්වතාගේ නිසා දැනුන දුක මුසු සිදුවීම් සියල්ල  සිනහවෙන් දරාගනිමින්..ඔහුගේ ආදර්ශමත් සහ ගුණවත් දේ හරවත් වදන් නිසා අතිශයින් සන්තෝෂ වන ඇය කෙදිනක හෝ ඔහු අහිමිව ගියද කම්පානොවේ තම හදවතේ ආදරය බිඳකුදු අඩු නොකර ගනීවි.ඒ ඇයගේ  ආදරයේ දෙවියන් ඔහුගෙන් දුටු නිසාය.  ඔහු දේවත්වයට ලා පිදුම් ලැබීමට තරම්  යහපත් කෙනෙක් වන්නට ඇත. 

නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

පෙරුම් පුරනා බෝසත් කෙනෙකු තරම් කරුණාවන්ත කෙනෙක් වන්නට ඇත, ඔහුගේ යහපත් වූ දිවිගමන අනුගමනය කල ඇය ඒ ඇසුරින් බොහෝ යහපත් ඇත්තියක් වී ඇත, මේ  පෙම්වතුන්  රාගී  හැගීම් බැහැර කර සංසාර ගමන යහපත් කරගැනීමට යුතුදේ කරන්න ඇත.

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

නමුත් මේ තරුණිය අන් පෙම්වතුන්ගේ ක්‍රියාකාරකම් දැක  තම හැගීම් යටපත් කරගෙන තම පෙම්වතාගේ බෝසත් ගමනට එය බාධාවක් නොකරන්නට සිත්ලාගන්නීය. එහෙත් ඇය තම පිවිතුරු භාවය ඔහුට පුද දීමට නොහැකි වන බව දැනගෙන ඒ ගැන දුක්වන බවක් දැනේ.

එනමුදු ඔහු කෙරේ ඇති භක්තිය බිඳකුදු අඩුකර නොගනී.

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

පසු කලෙක ඔහු ඇගෙන් වෙන් වන්නට ඇත..පෙම්වතා කෙලෙස් වලින් තොර ගමනට මුලපුරන්නට ඇත, නමත් ඔහුගේ දුක සතුට බෙදා ගැනීමට තමුන්ට තවදුරත් නොහැකි වීම ගැන ඇය දුක්වන්නීය. ප්‍රේමය උතුම් වුවද එය එකම ආකයට  දෙදෙනෙකුට  දැකීමට නොහැකි වීම දුක අතිවීමටහේතුවකි. ඒ නිසා මේ හමුවීම ඇයට අතිශය දුකක්  ගෙන දෙන්නකි. 

මෙය මගේ අර්ථකතනයක් පමණි.....ගී පද රචකයාගේ අදහස  අසා ඇති අයෙක් වේ නම්  අදහස් දක්වන්න 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
24 Jan 2016 11:27 PM
  •  Quote
  •  Reply
පට්ටම සින්දුවක් තමයි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
28 Jan 2016 01:29 AM
  •  Quote
  •  Reply

#ගොඩක්_හිතට_දැනුණ_අර්ථවත්_ගීතයක්

ජිවන ගංගා ගලා ගලා යයි
කාලය මැවූ සේයාව දිගේ
නොපැතූ අය හමු වේවි
පැතුවන් වෙන් වී යාවි
නොසිතු දෙය සිදු වේවි
පැතුමන් බොද වී යාවි ....

දිනක් උදා වී දිනක් ගෙවී යයි
තවත් ටිකක් මාරුවා වෙත ලං වෙයි
සැප දුක් අතරින් ගලා ගලා යයි
නිමක් දකිනතුරු මේ ජිවන ගමනේ ...

කදුළු හෙලන්නෝ දුක් උහුලන්නෝ
සිනහ පුරන්නෝ සතුට ලබන්නෝ
මේ හැම පසු කර කාලය ගත වෙයි

ඒ ගැන දැනගෙන මරුවා හිනැහෙයි ...

පද රචනය - තරිදු අමිල අයියා 

.........................................................................................................
''ජිවන ගංගා ගලා ගලා යයි
කාලය මැවූ සේයාව දිගේ.."

ගී පද රචකයා විසින් ජීවිතය ගලන ගගකට උපමා කර තිබීම කෙතරම් අපුරුද ?
ගලන ගගකට කෙතරම් භාදක අභියෝග වලට මුහුණ දීමට සිදු වේද?
ජීවිතයත් එලෙසමයි.එයත් කාලයට අනුවයි .. එළැබෙන එනම් මැවී ගෙවී යන කාලය පුරාවට අපේ ජීවිතවලට කෙතරම් අභියෝග එනවාද ? කෙතරම් භාදක හැල හැප්පීම් එනවාද ?විටෙක උදා වෙන කාලය සුබ කාලයක් වන අතර තවත් විටෙක අසුබ කාලයක් ද නිසැකවම උදා වෙනවා නොවේද ?

"නොපැතූ අය හමු වේවි
පැතුවන් වෙන් වී යාවි.."

කවදාවත් ගගක් පිරිසිදු දිය මිස කරදිය ඇසුරකට වැටීමකට පතයිද ? නමුත් ගග ගලන මග ඔස්සේ ඇතැම් විටෙක මුහුදට වැටි කරදිය සමග වුවද එකතු වීමට සිදු වේ ..
අප ජිවිතත් එලෙසමයි . ඇතැම් විටෙක අපට ඇසුරු කරන්නට හීනෙන්වත් නොහිතන අයව ඇසුරු කරන්නටත් , අප ඇසුරු කරන්නට පුල පුලා බලා සිටින අයව අපෙන් දුරස්වන්නෙම නොවේද ?

"නොසිතු දෙය සිදු වේවි
පැතුමන් බොද වී යාවි ...."

අපි හිතන පතන හැමදේම එලෙසෙම සිදු වෙනවාද ? පිළිතුර නැත යන්නයි ... එනම් අපේ හිත තුල ඇති පැතුමන් බොද වී යාමකි ... ගී පද රචකයා ඒ බැවු මනාව මෙම ගීතයෙන් ඉතාම සරලව ඉදිරිපත් කර තිබීම ඉතාමත් අපුරුයි .

"දිනක් උදා වී දිනක් ගෙවී යයි
තවත් ටිකක් මාරුවා වෙත ලං වෙයි..."

දිනක් උදා වෙමින් තවත් දිනක අවසානයකුත් මේ ගෙවී යන දවසක් පුරා ජීවිතය ටිකෙන් ටික මරුවා වෙතම ලං වෙන බව මනාව විදහා දක්වා තිබේ. එම පද්‍ය පෙලෙන් ජිවිතයේ අනිත්‍යතාවය ඉතාමත් පැහැදිලිව සරලව වටහා ගැනීමට හැකියාව තිබේ .

"සැප දුක් අතරින් ගලා ගලා යයි
නිමක් දකිනතුරු මේ ජිවන ගමනේ ..."

සැප , දුක සෑම ජීවිතයකට පොදු වූ ධර්මතාවයකි .උපතේ සිට මියෙන මොහොත දක්වා සැප, දුක දරන්නට සැම සත්වයෙකුටම සිදු වෙන බව නොරහසකි ,එයත් ගී පද රචකයා මනාව ගෙනහැර දක්වා ඇත . මේ ගෙවෙන ජිවන ගමන නිමාවක් වන්නේ කොතැනද එහිදී අපට සැප දුක ආදී සියලු දේ වලත් නිමාවක් දැකිය හැකි නොවේද ?

"කදුළු හෙලන්නෝ දුක් උහුලන්නෝ
සිනහ පුරන්නෝ සතුට ලබන්නෝ..."

දුක ,කදුල උරුම වූ මිනිස් ජීවිතය විටෙක සතුට , සිනහව ද ලබයි ,, එයයි කාටත් පොදු වූ ධර්මතාවය ..දුකටත් ,සතුටටත් හේතු වන අටලෝ දහම කැටි කොට අර්ථාන්විතව දැක්වීමට රචකයා සමත් වී තිබීම හරිම අපුරුය .
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
28 Jan 2016 01:37 AM
  •  Quote
  •  Reply
ගායිකාවක් විදියට නිරෝෂා විශිෂ්ටයි. ඒ වගේම බන්දුල නානායක්කාරවසම් ගී පද ගැන කතා කරන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි මේ විදියට මේ අපුරු ගී පද අප සමග බෙදා හදා ගන්නවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
28 Jan 2016 07:57 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 24 Jan 2016 11:16 PM

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..

ගායනය : නිරෝෂා විරාජිනී

ගී පද - බන්දුල නානායක්කාරවසම් 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

මගේ විග්‍රහය 

පිවිතුරු ප්‍රේමය පූජනීය ලෙස විඳිනා  මෙන්ම ලබනා   පෙම්වතියකගේ හදවතෙහි ඇඳි පිවිතුරු අදහස්ගොන්නක් කැටිකර වචනයට් නැගු මනරම් ගීතයකි.

අද අපට ඇසෙන දහසක් ප්‍රේම ගීත මෙන්ම දස දහසක් විරහ ගීත එක්ක සංසන්දනය කර බැලූ කල මේ ගීතය සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය.

ගායිකාවකගේ  (නිරෝෂා ) මේ ගීය ගැයීම වඩා ප්‍රේමනීය කරනා අතර  රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුව එය තවත් වින්දනීය කරවයි.

විග්‍රහය 

පිවිතුරු ප්‍රේමය පූජනීය ලෙස විඳිනා  මෙන්ම ලබනා   පෙම්වතියකගේ හදවතෙහි ඇඳි පිවිතුරු අදහස්ගොන්නක් කැටිකර වචනයට් නැගු මනරම් ගීතයකි.

අද අපට ඇසෙන දහසක් ප්‍රේම ගීත මෙන්ම දස දහසක් විරහ ගීත එක්ක සංසන්දනය කර බැලූ කල මේ ගීතය සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය.

ගායිකාවකගේ  (නිරෝෂා ) මේ ගීය ගැයීම වඩා ප්‍රේමනීය කරනා අතර  රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුව එය තවත් වින්දනීය කරවයි.

"සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.."

දහමට නැඹුරු වූ  පෙම්වතාගේ නිසා දැනුන දුක මුසු සිදුවීම් සියල්ල  සිනහවෙන් දරාගනිමින්..ඔහුගේ ආදර්ශමත් සහ ගුණවත් දේ හරවත් වදන් නිසා අතිශයින් සන්තෝෂ වන ඇය කෙදිනක හෝ ඔහු අහිමිව ගියද කම්පානොවේ තම හදවතේ ආදරය බිඳකුදු අඩු නොකර ගනීවි.ඒ ඇයගේ  ආදරයේ දෙවියන් ඔහුගෙන් දුටු නිසාය.  ඔහු දේවත්වයට ලා පිදුම් ලැබීමට තරම්  යහපත් කෙනෙක් වන්නට ඇත. 

නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

පෙරුම් පුරනා බෝසත් කෙනෙකු තරම් කරුණාවන්ත කෙනෙක් වන්නට ඇත, ඔහුගේ යහපත් වූ දිවිගමන අනුගමනය කල ඇය ඒ ඇසුරින් බොහෝ යහපත් ඇත්තියක් වී ඇත, මේ  පෙම්වතුන්  රාගී  හැගීම් බැහැර කර සංසාර ගමන යහපත් කරගැනීමට යුතුදේ කරන්න ඇත.

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

නමුත් මේ තරුණිය අන් පෙම්වතුන්ගේ ක්‍රියාකාරකම් දැක  තම හැගීම් යටපත් කරගෙන තම පෙම්වතාගේ බෝසත් ගමනට එය බාධාවක් නොකරන්නට සිත්ලාගන්නීය. එහෙත් ඇය තම පිවිතුරු භාවය ඔහුට පුද දීමට නොහැකි වන බව දැනගෙන ඒ ගැන දුක්වන බවක් දැනේ.

එනමුදු ඔහු කෙරේ ඇති භක්තිය බිඳකුදු අඩුකර නොගනී.

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

පසු කලෙක ඔහු ඇගෙන් වෙන් වන්නට ඇත..පෙම්වතා කෙලෙස් වලින් තොර ගමනට මුලපුරන්නට ඇත, නමත් ඔහුගේ දුක සතුට බෙදා ගැනීමට තමුන්ට තවදුරත් නොහැකි වීම ගැන ඇය දුක්වන්නීය. ප්‍රේමය උතුම් වුවද එය එකම ආකයට  දෙදෙනෙකුට  දැකීමට නොහැකි වීම දුක අතිවීමටහේතුවකි. ඒ නිසා මේ හමුවීම ඇයට අතිශය දුකක්  ගෙන දෙන්නකි. 

මෙය මගේ අර්ථකතනයක් පමණි.....ගී පද රචකයාගේ අදහස  අසා ඇති අයෙක් වේ නම්  අදහස් දක්වන්න 

මේකේ තේරුම මන් හොයා හොයා හිටියේ .... ඇත්තටම මේකද දන්නේ නැ තේරුම නේද ..

1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
28 Jan 2016 08:28 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 28 Jan 2016 07:57 PM

ඔව්. රෝසි. මේ ගීයේ තේරුම මේක තමයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
28 Jan 2016 08:33 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් හරිම සුන්දරයි ... තේරුම් කීපයක අතරමන් වෙලා හිටියේ . දැන් තමා හරියට තේරුම් ගත්තේ . ස්තුති අයියා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
28 Jan 2016 10:10 PM
  •  Quote
  •  Reply
බන්ධුල නානායක්කාරවසම් ගේය පද වලට මම හරි කැමතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
29 Jan 2016 09:32 AM
  •  Quote
  •  Reply
ඔහු‍ගේ පදවල තියෙන්නේ අමුතුම ශෛලියක්...
ඔහුගේ රෑ ඉර පාන වැඩසටහනත් ඉතාම සුන්දරයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
29 Jan 2016 06:28 PM
  •  Quote
  •  Reply
"රෑ ඉර පාන වැඩසටහන"
චැනලය? දවස? වෙලාව?

ඉරිද රෑට විතරයි මට දැන් ටීවී බැලෙන්නෙ. වෙන වෙලාවක හොඳ වැඩසටහනක් යනවා නම් දැනුවත් කරන්න. හොඳ වැඩසටහන් කියන්නෙ දැන් කළුනික හොයනවා වගේ වැඩක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
30 Jan 2016 09:19 PM
  •  Quote
  •  Reply
මේක දෙරණ ගුවන් විදුලි‍යේ තියෙන්නේ...
මේ වෙඩ් අඩවියෙන් බලාගන්න පුළුවන්..
http://www.rairapaana.com/
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
30 Jan 2016 11:08 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි ඉන්දික76 අයියේ දැනුවත් කිරීම් වලට. හෙටින් පස්සේ අහල බලමු මේ පැරණි වැඩසටහන්. අලුත් මාසයක්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
19 Jan 2017 11:57 AM
  •  Quote
  •  Reply
kaurur hari mekata geethayaka wistharayak dannakoo..
(Imalka aiye)
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
19 Jan 2017 09:26 PM
  •  Quote
  •  Reply
අපිටනං සමහර සින්දු තේරැම් ගන්නත් බැහැ. එහෙව් එකේ කොහෙද විස්තර දාන්නේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
10 Jan 2018 11:28 PM
  •  Quote
  •  Reply

ආරාධනා......ජීවිතයේ තනි මංසල අතරමන් වෙලා  - පණ්ඩිත් අමරදේව

මේ ගීතය ආකර්ශනීය සිත් පිනවන තනුවකින් සමන්විත බවක් ඕනෑම ගී රස විඳිනා කෙනෙකුට වැටහෙනු ඇත. සෝ ගී අතර අග තැන්පත් ගීතයක් 

කුමක්ද මේ ගීතය කුමක් ගැනද  මේ කියවෙන්නේ....මගේ හිතේ නැගුන කුහුල පසුගිය දිනක මට මුණගැහුන හිතවතෙකුගේ  ඉපැරණි මතකයන් තුලින්  දුරුකරගැනීමට හැකිවිය.

යම් කිසි ශෝකාකූල අවසානයක් එනම් වෙන්වීමක් සනිටුහන් කල ගීතයක් බව හැබෑ ය , නමුත් කුමක් ද මේ මනරම්  පද රචනාව...?

ගීතය වරක් රසවින්දින්න්න මෙතනින්....ආරාධනා චිත්‍රපටයේ  දසුන් සමගින් ම 

ගායනය :- පණ්ඩිත් අමරදේව ශූරීන් 

ගී පද      :-  කුලරත්න ආරියවංශයනන්

සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහයන් 

ප්‍රධාන චරිත  :- රවීන්ද්‍ර රන්දෙනිය  සහ මාලනී ෆොන්සේකා

චිත්‍රපටය :- ආරාධනා  

මා විසින් අන්තර්ජාලයේ සඳහන් පරිදි මේ ගීතයේ අර්ථය තනිවම තේරුම් ගැනීමට උත්සාහ කලෙමි. බොහෝ කරුණු කියවා අසා බලා තේරුම් ගත්තෙමි  එනමුදු....මෙහි දෙවන අන්තරා කොටස ගීතයට යම් වෙනස් බවක් දැනුනි. කුමක් ද එයට හේතුව.

මේ ගීතය සමස්ත චිත්‍රපටය හා බැඳුනු කතාව පදනම්කරගෙන ලියවුනු නිසා එය චිත්‍රපටයේ  සාරංශය දන්නා කෙනෙකුගෙන් (මගේ කාර්යාලයීය සගයෙකුගෙන්) අසා වටහා ගත්තෙමි...

මෙහි සංක්ෂිප්ත කතාව (මගේ හිතවතාගේ මතකය අනුව)

ඉංජිනේරුවෙක් හා හෙදියක් අතර ප්‍රේමයක් හට ගනී. ඔවුන් රාජකාරී කටයුතු වලින් මිදුණු බොහෝ අවස්ථාවල නිදහසේ පෙම්සුව විඳිමින් ආදරයෙන් කාලය ගතකරන අතර (මේ චිත්‍රපටයේ මේ සීත අරණේ...ගීතය  මේ දසුන් ඔබට ඒ බව තහවුරු කරාවි) කෙසේ හෝ මේ තරුණිය තම පෙම්වතා නිසා මවක වීමට  වීමට යන ලකුණු පෙන්නුම් කරයි..මේබව වටහාගත් ටිකක් කලබලකාරී ඇය ඒ තුලින් තම පෙම්වතා වෙනස්වෙයි හෝ ඉන්තමන්ට නින්දාවක් ලැබෙයිදෝ යන දෙගඩියාවෙන් ඊට  විකල්පයක් ලෙස ඉන් මිදීමට  යම්කිසි විස බෙහෙතක් භාවිතා කරයි....

මෙහිදී මොනවා හෝ ප්‍රශ්න ගැටුම් වැනි   චිත්‍රපටයේ තව බොහෝ දවල් තිබෙන්නට ඇත, සියල්ල මේ කතාව මට කියූ කෙනාට මතක නැත.

 කෙසේ හෝ අවසානයේ  ප්‍රශ්න කොඩකට පසුව පෙම්වතා ඇය විවාහ කර ගන්නා වතර ඔවුන් ඉතා සතුටින් කාලය ගත කරයි. අවසානයේ  ඉමහත් බලාපොරොත්තු  පොදි බැඳගෙන පිය පදවිය ලබන්නට පෙරුම්පුරාගෙන සිටි ස්වාමියාගේ සියලු පැතුම් ඉටුවී සුරතල් පුතෙකු බිහි කරයි ..සියලු සැප සම්පත් මැද වසර කිහිපයක් කෙලිදෙලෙන් කාලය ගතකල හදිසියේ රෝගී වී...මෙලොව හැර යයි ,..මේ ගැන අවසානයේ සොයා බලන කල දැනගැනීමට ලැබෙන්නේ දරුවාගේ මව විසින් පෙරදී ලබාගත් විස බෙහෙතේ හේතුවෙන් හටගත් රෝගී තත්වයක් මත මේ අවාසනාවන්ත දෙය  සිදු වුන බවයි .මෙය දැනගත් පියා  ඉතා දුකටත් කෙන්තියටත් පත්වී රැඳු කර අවසානයේ තම බිරිඳ පන්නා දමයි හෝ ඇය ඔහු හැර යයි ...පසුව ඔහු හුදකලාව කාලය ගතකොට විදේශ රටකට යාමට සියල්ල සූදානම් කරගෙන සිටියදී තමා අසීමිතව ආදරය කල පෙම්වතිය,පසු කල තම බිරිඳ දැකීමට උපන් කැමැත්ත නිසා ඇතිවුණු ප්‍රාර්ථනාවන් මත ලියවුනු ගී පද රචනාවක් පණ්ඩිත් අමරදෙවයානන්ගේ මනහර ගායනයෙන් ඔපවත් වුනු ආකාරය.

ආරාධනා...........ආරාධනා............. ආරාධනා........

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා

අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න

ආරාධනා ආරාධනා

ඉතාමත් සතුටින් සිට කුමක් හෝ අහේතුවකට ජීවිතයේ හුදකලා වුනු අයෙකුගේ  පැතුම  වන්නේ නැවත සතුට තමාවෙත ලැබේවා යන්නය...ඒ සඳහා යි මේ ආරාධනාව 

තනි මංසලක කෙනෙකු වල්මත් වීමට ඉඩක් තිබේද....මංසන්ධියක් නොමැති කෙලින්  මගක යන්නේ කොයිබටද යන්න ප්‍රශ්නයක් නොවේ..ඉදිරියට පමණි. එහෙත් එවන් තනි පාරක තමන් අතරමංව ඇති බව කෙනෙකුට සිතෙයි ....අතීතයේ තමා සතුව පැවති වර්තමානයේ නොමැති සතුටට  යලි තමා වෙත එන්නයි ආරාධනා කරමි 

නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ

මැකී ගියාදෝ කාලයේ වෙරළේ

ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා

සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා

ආරාධනා ආරාධනා

පවුරු තලාවක එනම් ගල් තලාවක කෙටූ ගල් කැටයම් තරම් වුවද ...වෙරළේ ලියු අකුරු මෙන් නොසිතු නිමේෂයෙන් මැකී යමින්....ජීවිතයේ දහසක් බලාපොරොත්තු කැදවී පැතුම් බොඳවී දිවිමග ආදරණීය හැඟුම් නතර වී ජීවිත ගමන නතර  වුනු නතර වුනු තැනින්...නැවතත් ගමන් අරඹන්නට ආදරයේ සත් පියුමන් එනම් බිරිඳගේ ආදරය...දයාව නම් සත් පියුමන් නැවත පිපන්නට ආරාධනා.......

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ

ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්

බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා

ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා

ආරාධනා ආරාධනා

පිය උරුමය ලැබූ සැණින් ඕනෑම මිනිසෙකු  නව ජීවිතයක් ලැබුවා එනම් තමන් නැවත උපන්නා වැනි හැගීමක් ඕනෑම පියෙකුගේ හිතේ ඇතිවීම පීතෘ ස්නේහය සැඟවිය නොහැක, මේ කතානායකයාට ත් ඒ උරුමය ලැබෙන්නට ඇත. බිරිඳගේ උණුසුමින් හා කිරිකැටි දරුවාගේ සුවඳින්...සතුටින් ඔද වැදුණු  රජෙකු ලෙස ජීවත් වුනු ඔහුට එම රජසම්පත් එනම් දරු සෙනෙහස හා ඒ හා බැඳුනු සියල්ල ගිලිහීගිය පසු...සියල්ලන්ගෙන් සමුගෙන යන මොහොතේ නැවතත් බිරිඳ සොයාගොස් ඇයගේ දෑස  බැලීමෙන්  මොහොතක් හෝ අස්වැසිල්ලක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරයි....අඳුරු වූ තම හුදකලා ළොවට ආලෝකයක් ඇයගෙන් නැවතත්  ලැබේවා... ඒ සඳහා මේ ආරාධනා !

මෙහි අවසානයේ ඔහු රට හැර ගියාද නැතිනම් ඔහුගේ දැඩි සිත වෙනස් ව  බිරිඳ සමග ජීවත් උනාද ?? දන්නා කෙනෙක් දැනුවත් කරන්න 

-ITH-

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
11 Jan 2018 12:06 AM
  •  Quote
  •  Reply
ගීතයේ පසුබිම් කතාව දැනගත්තහම මේ චිත්‍රටපටය බලන්න ආස හිතුණා. ඉහල රූපරාමු වලින් එය තවත්

ලංකාවේ බිහි වූ හොඳම ගීත අතරින් සුපිරිම ගීතයක් තමයි මේ. සංගීතය සුපිරි. හිතට දැනෙන්නෙ පුදුමාකාර පාළුවක්. තනිකමක්. සාහිත්‍යමය වටිනාකමක් ඇති සුපිරි පදවැල්.

මේ ගීතය කරළියට ගෙනැවිත් නිසි විවරණයක් සහිතව ඉදිරිපත් කළාට ස්තූතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
11 Jan 2018 01:05 AM
  •  Quote
  •  Reply
නියම සින්දුව
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
11 Jan 2018 01:45 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ඇහුවට මේ අර්ථය දැනගෙන හිටියේ නෑ...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
31 Jan 2018 11:37 PM
  •  Quote
  •  Reply
මාරම්බරී - එඩ්වඩ් ජයකොඩි

මේ ගීතය සුභාවිත සිංහල ගීත අතර මගේ හිත ගත් තවත් සුවිශේෂී ගීතයක්. මගේ මතකය නිවැරදි නම් සර්ගම් අනතර්ගතව නිර්මාණය වුනු ගීත අතර මෑත අතීතයේ බිහිඋන ගීත කිහිපයෙන් එකක්. මා එසේ කියන්නේ විශේෂයෙන් 70 - 80 දශක වලින් ඔබ්බට 90 දශකයේ මේ ආකාරයේ ගීත නිර්මාණය උනේ නැති ම තරම්.මෙයත් ඒ දුර්ලභ වකවානුවේ නිර්මාය වුවකි.

ගසල් ගායනයක හැඩය මේ ගීතයේ ඇතැයි කවුරුන් හෝ කියනු මා අසා තිබුණමුත් ඒ මුල් ගායනය මා නම් අසා නැත. ගසල් ගීත යනු ශුංගාරාත්මක හැහීම දනවන වර්ධනය කරවන ගීත ශෙෙලියකි ඒ ගැන වැඩි විස්තර දනී නම් අප දැනුවත් කිරීම ඔබ සතු වේ.

පැහැදිලිවම මේ ගීතය වෙනස් ආරක එනම් එක්තරා අවස්තාවක සිදුවීමක ජීවිතයේ එකතරා වැදගත් සිදුවීමක් අලලා ගෙතුණු පද බැඳුමක් බව ඔබ දැනටමත් දන්නවා විය යතුය 

මා දැන් මේ ගීතයට යොමුවෙන්නම්. කුමක් ද මෙහි මා දකිනා වෙනස..මේ ගීතය ජාතික රූපවාහිනියේ විකාශය වුනු වාර බොහෝ ගණනක එක්තරා රූපරචනාවක් සමගින් ම දර්ශනය වුනි.. එහෙත් වාසනාවකට අද එය බෙහෙතකටවත් හොයාගන්නට නැත . අර මම කලින් කිව්වා ගසල් ශෙෙලියට  අනුගත වෙමින් ඒ ආශ්‍රිත ඉන්දියානු යුවලක මධුසමයමක සමයන් දර්ශන පෙලක් පමණක් එහි දක්නට ලැබුණු නිසා ඒ කාලේ මේක. අමුතු හැඩයක් තිබ්බ ගීතයක් උනා 

මෙහි මාරම්බරී යනු කවුද ??

රම්බරී = මා + රම්බරී , එනම් මගේ රම්බරී (රම්බරී යනු රම්බා දේවියයි , දිව්‍ය ලෝකයේ සිටි ලස්සනම දිව්‍යාංගානාව) තම සිත් වසඟ කල (තම බිරිඳ විය හැක)සුපහන් පෙනුමැති ඉතා ලස්සන ප්‍රේමනීය,අහිංසක ,සරාගී  තමනට ආලෝකයක් බඳු තැනැත්තියකගේ රූ සපුව ගැන කෙරෙනා වර්ණනාවක් හා ඒ හාබැඳුනු හැඟුම්  ක්‍රියාවන් , අදහස්  රාශියක් ගැන සිත් ඇදගන්නා ආකාරයට ලියන ලද පද පෙළක් 

සිංහල භාෂාවේ තියුණු භාවය පෙන්නුම් කරන ගී පද රචනාවක් ලෙස මෙය මා දකිමි. සංගීතයට ඇතුලත් සර්ගම් හෙවත් ස්වර ගායනා වෙනත් ගීයක ආභාෂය මත යොදාගත්තක්ද යන්න නොදනිමි.

සංගීතය ගැන පසුවදන් ලියන්නට මා දක්ෂයෙකු හෝ දැනුමැත්තෙකු නොවේ......එහෙත් මේ මනරම් ගායන රසවිඳීමට මා දක්ෂයෙකු වන්නෙමි.....

මාරම්බරී............

මාරම්බරී.........කෝල වී....... පෑ මුවේ........ මන්දහාසේ.......

මන ලෝල වේ......... උන්මාද වී......මා හදා.......... සෑම දා........ පුණ්‍යවන්තී

මාරම්බරී

(ඉතා ලස්සන තැනැත්තිය කෝල ලෙසින් පා මන්ද සිනාවෙන් මගේ මනස උන්මාද කරවනා . ..මගේ හද ගත් පින්වන්තිය) 

හිතේ භෘංග සේනා කිපී රොන් මතින් -  සොයන්නේ නුරා පැන්    තිගේ මල් මුවින්

හිතේ භෘංග සේනා කිපී.......ආ..... ආ..... ආ................

හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්

සනසාලනූ...... ඒ පිපාසා...

(රොන් බී මත්වුනු බිඟුන් වැනි මා ගේ පිපාසිත ගතට මනසට ඔබේ නුරා පැන් ලබා දී මා සනසාලන්න)

මාරම්බරී.........කෝල වී....... පෑ මුවේ........ මන්දහාසේ.......

මන ලෝල වේ......... උන්මාද වී......මා හදා.......... සෑම දා........ පුණ්‍යවන්තී

මාරම්බරී

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන් - නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්

ප නි ස රි......... ප නි ස ග.......  නි ස ග ප නි ස නි ප ග ස නි  ප නි රි ස ස ග      

ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි      ම ග ස නි

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්    නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්

රශ්මි දෙවා.......... චන්ද්‍රයා සේ............

මාරම්බරී........කෝල වී පෑ මුවේ මන්දහාසේ.........  මන ලෝල වේ උන්මාද වී.........මා හදා....... සෑම දා....... පුණ්‍යවන්තී.......

මාරම්බරී 

ගායනය - එඩ්වඩ් ජයකොඩි

පද - කරුණාදාස සපුතන්ත්‍රී

සංගීතය - රෝහණ වීරසිංහ

රසවිඳින්න මෙතනින් 

මේ ගීතයම වෙනත් ගැයුමක් ලෙසින්..කිසිත් වෙනසක් නොමැතිව 

ස්තුතියි......ඔබේ අදහස් දෙන්න 

-ඉහේ-

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
01 Feb 2018 12:54 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ගැන නම් කියලා වැඩක් නැහැ..
එත් මුල් කාලයේදි මේ ගීතය මගේ හිතට ඇල්ලුවේ නැහැ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
01 Feb 2018 03:31 AM
  •  Quote
  •  Reply
ලස්සන සිංදුවක්....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Jaani
Basic Member
Basic Member
Posts:285

--
02 Feb 2018 01:49 AM
  •  Quote
  •  Reply

නියම වැඩක් ඉමල්ක.හොද වටිනා විග්‍රහයක් එකතු කරලා තිබුණා .ස්තුතියි

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
02 Feb 2018 07:11 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ඇහැව්වට සවිස්තරව දැන ගත්තේ අද.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
03 Feb 2018 08:29 AM
  •  Quote
  •  Reply
එඩ්වඩ් ජයකොඩි මේ ගීතය ගැයුවාට පසු ඔහුවත් මෙවන් ගීත නිර්මාණයට පෙළඹුනේ නැහැ. මේ ගීතය ගැයීම නම් පහසු නැහැ. ගීතයේ සංගීතය විශේෂයෙන්ම තබ්ලා වාදනය ඉතා ඉහලයි. ඉතා උසස් මට්ටමක තබ්ලා කාරයකුට හොඳට වැඩ පෙන්වන්න පුළුවන් ගීතයක්. ඉතා හොඳ තබ්ලා වදයකයන් සංගීතඥයන් හිටියත් ඔවුන් අතින් උනත් පසු කලෙක මෙවන් ගීත බිහි වුනේ ඉතා විරල වශයෙන්. මෙවැනි ඉහල පද මාලාවක් හොඳ වචන ටිකක් යෙදු ගීත පසු කලෙක දකින්නට ලැබුනේ ඉතා අඩුවෙන්. රම්බා දේවිය, රම්බරි ගැන ගීත ලියුවත් ලියවුනේ 'රම්බරි කියපන් උඹේ නොම්මරේ' වගේ ගීත.
අවන්කවම මම මේ ගීතයේ වැඩියෙන්ම කැමති සංගීතයටයි. නමුත් ගීතයේ අදහස ඉතා මනරම්. නැවත මේ ගීතය ගැන සිහි කැඳවා ගැටපද විවරණයක්ද සහිතව අප වෙත ගෙන ආ ඔබට බෙහෙවින් ස්තුතී වන්ත වෙමි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
03 Feb 2018 08:43 AM
  •  Quote
  •  Reply

තවත් මේ ගීතය ගැන අර්ථකථනයක් එඩ්වර්ඩ් ඉදිරිපත් කරමින් ඩෙල් ස්ටුඩියෝවේදී..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
19 Sep 2018 12:34 PM
  •  Quote
  •  Reply
හුඟ දවසකින් සින්දුවක් ගැන ලියන්න වෙලාවක් නැති උනා. ඒ අතරතුරේ  අහම්බෙන් මේ ගීතය සවනට වැටුනා.
සුදු ඇත් පොව්වෙක්

ඔබ මේ ගීතය අසා ඇති. මේ ගේ ගීතයේ වෙනස් දෙයක් ඔබ දුටුවාද

දරු නැළවිල් ගීතයක් ද ? සුරතල් දරුවෙකු ගැන ලියවුනු ගීතයක් ද ? එය එසේම කිව නොහැකියි නේද ?

ම මේ ගීතය දකින්නේ කුළුඳුල්  දරු උපත අපේක්ෂාවෙන්සිටින උතුම් මවු කෙනෙකුගේ ගර්භනී අවස්ථාවේ දැනෙනා අපහසුතා මැඩගෙන කුස තුල සිටිනා තම දෙවෙනි ජීවිතයේ හැසිරීම   තමාට දැනෙනා ආකාරය  හා මතු  අපේක්ෂාවන් ඉතා ම කන්කළු ලෙස ගීතයකට හරවා මිහිරි සංගීත නාද රටාවකට මුසු කිරීමකි.

එවැනි අතිශය ගීත දුර්ලභය, අහන්නට නැති තරම් ය 

දරුවෙකු පිළිසිඳගත් මොහොතේ පටන් කාන්තාවකට මුහුණපාන්නට වෙන ශාරීරික හා මානසික අපහසුතා

පිරිමි අපට එම ආකාරයටම නොදැනේ,. එය දන්නේ අම්මා කෙනෙකු පමණි. එසේ තමන් වින්ද දරාගන්නා සියලු වේදනාවක්ම උපදින්නට සිටිනා කිරිකැටියා වෙනුවෙන් අමතක කොට සතුට සහගත අපේක්ෂාව මුදුන්පත් කරගෙන..... කුස තුල සිටිනා දරුවාගේ චර්යා රටාවන් දැනෙන ආකාරය ගීතයකට නැංවීමට මේ ගීතය නිර්මාණය කල පුරුෂයා බන්දුල නානායක්කාරවසම් නම්වූ සුවිශේෂී ගී පද රචකයා සමත් වී ඇත

මේ ගීතයේ සරල බව නිසා ගී පද විස්තර කිරීම අනවශ්‍ය ය.

මා මෙහි දකින වෙනස නම්……

කාන්තාවකට පමණක් අත්විඳීමට  ලැබෙන  සන්තෝෂය වේදනාව දුක හා සතුට මුසු අත්දැකීමක් පුරුෂයෙකු කෙසේ ගීයකට නගම්ද මවකට උනත් එය කොයිතරම් අපහසු දෙයක් ද

බඩේ ඉන්නද්දී තියෙන විසේ ...මේකා  ලොකු උනාමත්  දගයෙකු වෙයිද දෙය්යනේ.??? 

මෙවැනි කතා ඇතැම් විට ඔබ කොතෙකුත් අසා තිබෙන්නට පුළුවන.....නමුත් බලන්න මේ ගීතයේ එවන් අරුතක් අන්තර්ගත කර තිබෙන ආකාරය 

අද කාලයේ සිටිනා මොඩ්වුනු මමීලා මෙසේ නොවිය හැක.

තමනට ලැබෙන්නේ දුවක ද පුතෙකුද යන්න ගැටළුවක් කරගන්නා හුදෙක් මවුනට ආදර්ශයක්........වෙසක් නැති ආදරය දුවටත් පුතුටත් එක හා සමානය 

ඒ වගේම ලේ කිරිකර පෙව්වා කියා උදම් අනන්නට යුතුනැති බව පවන්නේ එය සෑම මවකගේම ජීවිතයේ කොටසක් බව පසක් කිරීම.

ඒ වගේම දුප්පත් පොහොසත් වන්සවත් හෝ මෙකී නොකී උස්  පහත් කිසිඳු භේදයක් දරු සෙනෙහසට වලංගු නොවන බව කදිමට පවසා ඇත.

මහා මන්දිරේ උපන්නත් පලේ උපන්නත් මවකට තම දරුවා රජෙකි යන උතුම් අදහස ලොවට කියනා  මවකගේ වත ලොවට ඇසෙන්නට කියනා ගීයකි.

මවු පදවියක් නොලදමුත් විශාරද නිරෝෂා විරාජිනීගේ අතිශය ප්‍රබල ගායනය...එය ඔබට දැනෙන්නේ කෙසේද ??

එයයි දක්ෂතාවය...එයයි අගය කලයුත්තේ.

සිත නිවනා ලයාන්විත සංගීතය......ආචාර්‍ය රෝහණ වීරසිංහයන්....එය ලෙසටම සිදුකර ඇත 

ඒ ගැන ලියන්නට වචන නැත...

මෙන්න ගීතය අහලම බලන්න 

සිත නිවනා ලයාන්විත සංගීතය......ආචාර්‍ය රෝහණ වීරසිංහයන්....එය ලෙසටම සිදුකර ඇත 

ඒ ගැන ලියන්නට වචන නැත...

***************************************************************************************************************************************

****************************************************************************************************************************************

මෙන්න ගීතය අහලම බලන්න 

සුදු ඇත් පොව්වෙක්

සුදු ඇත් පොව්වෙක්  සුදු පියුම හොඬින් ගෙන පැදකුණු නොකළත් සිරියහනේ

පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු

මට රජ පැටියෙක්

හංකිති කවමින්   කුස තුළ සක්මන් කරනා - නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා

පැටියෝ….

නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්  නුඹෙ හිස පළඳන්නේ

වෙනසක් නැති එක ආදරයයි

කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ- ලේ කිරිකර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ

පැටියෝ….

නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් මා නුඹට පුදන්නේ 

සැබෑව දිදුළන ජීවිතයයි

ගී පද  - බන්දුල නානායක්කාරවසම්

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - විශාරද නිරෝෂා විරාජිනී

***************************************************************************************************************************

සාමාන්‍යයෙන් කුසතුල සිටිනා දරුවාට පරිසරයේ වෙනස්වීම් එකතරා දුරකට දැනෙනවා කියලා මා අසා ඇත. එසේ ඒ නිසා ඇතැම් මවුවරුන් ට සංගීතමය රශාස්වාදය උපරිම ගීත ශ්‍රවනය කිරීමට සැලැස්වීම තුලින් දරුවාගේ වර්ධනය ට හිතකර බව ද අසා ඇත. එය එසේ නම් ඒ සඳහා සුදුසුම ගීතය මෙය නොවේද ?

මා අසා ඇති දස දහසක් ගීත අතර ලයාන්විතම තනුවක් සමග ඉමිහිරිම සංගීතයක් ඇති ගීතයක් නම් මෙය ඉන් මුල් තැන ගනු නොඅනුමානය.

මේ ගීතය සැබෑ මවු වරුනට උපහාරයකි.....මවු වරුන් වීමට සිටිනා සැමට දිරි දෙන්නකි. සත්ත්වයාගේ පැවැත්ම සඳහා ස්වාභාවික ව සිදුවන ක්‍රියාව ට සැබෑ අරුතක් ගෙනදුන් සිංහල ගීතයක් 

ස්තුතියි 

(ඉපැරණි පුස්කොල පොතකින් උපුටාගන්නා ලද්දකි.....

හදිසියේ ලියපු එකක් නිසා පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන් කියලත් එකේම තිබ්බා,)

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
19 Sep 2018 04:39 PM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුව තේරුමක්..ස්තුතියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
19 Sep 2018 07:03 PM
  •  Quote
  •  Reply
සින්දුවත් ලස්සනයි තේරුමත් ලස්සනයි
සින්දුව හොදින ඇහුවොත් තේරැම තේරෙනවා. ලොකු අර්ථයන් ගැබ් වචන නෑ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
20 Sep 2018 08:54 PM
  •  Quote
  •  Reply
කාන්තාවකට පමණක් අත්විඳීමට ලැබෙන සන්තෝෂය වේදනාව දුක හා සතුට මුසු අත්දැකීමක් පුරුෂයෙකු කෙසේ ගීයකට නගම්ද ? මවකට උනත් එය කොයිතරම් අපහසු දෙයක් .....

ඇත්තමයි............ස්තුතියි අය්ය ලස්සන අර්තවත් ගීතයක් ගෙනාවට
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Sep 2018 10:03 PM
  •  Quote
  •  Reply
සිංදුව වගේම තේරුමත් ලස්සනයි .............අද මෙවැනි ගීත අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන් .
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
16 May 2019 07:17 PM
  •  Quote
  •  Reply

සඳ කිණිති නැමී......

ආදරය විස්වාසය ඇති තැන සුන්දර වේ.....ඉවසීම......එකිනෙකා කෙරෙහි විස්වාසය හා ගෞරවය.අදහස් තේරුම් ගැනීම සුන්දර ජීවිතයක ලක්ෂණ වේ.

මේ ඒ හා බැඳුනු තැන් සොබා දහමේ අපූර්ව දසුන් සමගින් යා කොට තැනූ අපූරු ගීතයකි...

_____________________________________________________________________________________

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙ තද සදා
සොයයි සේයාව මගේ ..//

සඳ කිණිති නැමී....

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින් ...//
සසල වෙලා දිය කැළඹුණු දා
බිදෙයි සඳ කැබිලි පිටින්

සඳ කිණිති නැමී....

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් ...//
සසර පුරා සැරි සරණ තුරා
බලමි ලොව ඹබේ නෙතින්

සඳ කිණිති නැමී...
_____________________________________________________________________________________

රසවිඳින්න ගීතය මෙතනින් 

_____________________________________________________________________________________

යමුනා මාලනී පෙරේරා මහත්මියගේ අතින් ලියවුනු මේ ගීතය තුල සොබා දහමේ අපූරු දසුන් පෙළක් මැවෙයිරාත්‍රී සඳ කිරණ නිසල විලෙහි ජාල තල මත වැටුණු විට ඉතා කාන්තිමත් දසුන් මාවේ....ආදරණීය හැඟුම් පිබිදේ...එම දසුන් විඳ ඇති නම් දැක ඇති නම් එය නොරහසකි 

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙ තද සදා
සොයයි සේයාව මගේ ..//

සඳ විසින් විලෙහි නිසල ජල තලයෙන් සඳෙහි ප්‍රතිබිම්බය සොයනා අයුරින් මම ද ඔබේ ඇසින් මගේ රුව දැකීමට ආසා වෙමි. මම නිසල සිතුවිලි ඇති තැන්පත් කෙනෙක් නම් මම ඔබේ ඇසුරින් පතන්නේ මා මෙන් මෘදු ගති ඇති පහන් හැඟුමන් ය. දෙදෙනෙකු එකිනෙකා ඉවසන දෙදෙනා ට ගැලපෙන ගති පැවතුම් හා හැගුමන් වලින් යුතු නම් ඔවුන් වඩා යහපත් වූවෝය 

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින් ...//
සසල වෙලා දිය කැළඹුණු දා
බිදෙයි සඳ කැබිලි පිටින්

නිසල ජල මතුපිටින් බැලු විට සඳ රුව ජල තලයට යටින් මනරම් ලෙසින් පැහැදිලිව පෙනේ..ඒ දසුන  ආනන්දනීය හැඟුම් මවයි .විල් ජල තලය කැලතී සසල වුනු විට නිසල සඳ කැබලි වී පෙනෙයි......ඇත්ත නේද.....ඔයාලත් මේ දසුන් සොබා දහමින්  දැක ඇති නේද ?   ඔබ හා මම සසල වුනු හැම  විට කෝපය මතින්  සොඳුරු හැඟුම පලවා හැර රුදුරු හැඟුම් නිර්මාණය කරයි.......ඔබත් මමත් සසල වුනු  විට ආදරය හා සොඳුරු බව නැති වී යයි.

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් ...//
සසර පුරා සැරි සරණ තුරා
බලමි ලොව ඹබේ නෙතින්

ඔබ සසල නොවී ශාන්තව සිටී නම්..ඔබේ සොඳුරු ඇසින් ඔබේ ආදරණීය මා දැක ගත හැකි ය. එය එසේ වන්නේ නම්  මේ මුළු සසර පුරාවටම මා ඔබේ නෙතින් ලෝකය දකිමි.....ඔබ නිසල නම්...තැන්පත් නම්  මගේ ආදරය වැඩි වී ඔබත් මමත් දෙදෙනෙකු නොව එකෙකු බව සිතේ.

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
-ඉහේ-

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
16 May 2019 08:00 PM
  •  Quote
  •  Reply
ලස්සන ම ලස්සන ගැඹුරු තේර්මක් තියෙන ගීතයක්.

ආදරය කරන කාලෙ සසල නොවී අමාරුවෙන් හිටියත් මැරි කරල ලයිෆ් එක ගෙනියද්දි එහෙම ටිකක් අමාරුයි . දෙන්නට දෙන්න තේරුම් ගැනීම තමා වැදගත් .

ස්තුතියි අයියෙ සීරුවට පැහැදිලි කරාට.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
16 May 2019 11:02 PM
  •  Quote
  •  Reply
හරිම ලයාන්විත ගීතයක් , තේරුම සන්කීර්ණයි වගේ....

ඉමල්ක  අයිය විස්තර  කරේ නැත්තම්  මට නම්  නොතේරන්නත්  තිබ්බ.

හ්ම්ම්ම්  ආදරය කරනකොට  ඉතින්  පොඩි දේටත් කේන්ති ගිහින් රණ්ඩු කරනෝ තමයි .  ඒකත් ඉතින්   ආදරය වැඩි කමටම වෙන්න ඇති.

කිසිම දෙදෙනෙක් සර්ව  සම්පූර්ණ   ගැලපෙන්නෙ නෑනි,  නොගැලපීම් ගලපාගැනීමට  උත්සාහ කරොත් ආදරය  හැමදාමත්  රැඳෙයි..

ස්තුතියි  ඉමල්ක  අයිය  මේ සුන්දර  පැහැදිළි  කිරීමට....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
17 May 2019 04:31 AM
  •  Quote
  •  Reply
හරිම ලස්සන ගීතයක්...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
29 Jul 2019 03:35 PM
  •  Quote
  •  Reply
අමාවකට අත වනනා පිච්ච මලී......

ගීතයක වතගොත.....ගැන කතාකරද්දී මම සාමාන්‍යයෙන් අන් අයගේ විචාර දන්නේ නැහැ. නමුත් මේ ගීතය ගැන ආටිකල් එක්ක ලියන්න ගිහින් සින්දුව youtube  එකෙන් හොයන්න ගියාමයි දැක්කේ විචාර පන්සීයක් විතර තිබ්බා කියලා.

කොහොම උනත් මම තේරුම් ගත්ත දේ සහ අනිත් අය ලියපු එකේ පොඩි වෙනසක් දකිනවා.....කවුරු හෝ ඒ ගැන කතා කරනවා නම් ඒ ගැන මගේ අදහස පසුව ලියන්නම් 

අපවත්වී වදාළ කවිකීර්ති ස්වාමීන් වහන්සේ විසින් රචනා කල ගීතයක්, නමුත් තනුව දැමීමේදී ගීපද රචනාවට යම් කිසි අසාධාරණයක් නම් වෙලා තියෙන බව ඔඅබට වැටහෙනු ඇත සංගීත් සංයෝජනයත් ටිකක් අවුල්ද මන්දා.....

ඔන්න එහෙනම් ගෙඩිය පිටින්ම උපුටාගෙන මෙසේ පලකරන්නම් ....එකතරා අපරාධයක් ගැනද මේ ලියලා තියෙන්නේ 

ගායනය : චාමර වීරසිංහ 

අසම්මත ප්‍රේමයක ප්‍රතිපලය | අමාවකට අත වනනා පිච්ච මලී......

 අමාවකට අත වනනා පිච්ච මලී 
ළමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී 
පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ 
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ............. 

ළමැද හොවා හද සෙනෙහස දුන්නාට 
කුමක් කරන්නද සමනල් හිනාවට
දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට 
වරද මගේ සඟවා දෙනු ලෝකයට.............

අවිහිංසක සිතිවිලි සිත බැන්දාට
එකට කූඩු වෙන්නට බැරි පෙර පවට
ඉතින් සාප කරමින් මගෙ ඉක්මන්කමට 
එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට

අද මම කතා කරන්න හදන්නේ හරි අපූරු රහක් තියෙන සින්දුවක් ගැන. හැබැයි මේක ඛේදවාචකයක්. ඒත් වචන වල අර්ථ රසය සහ ව්‍යංගාර්ථය බොහොම අපූරුවට තියෙන සින්දුවක් තමයි මේක. සමහරු 'බස් ගායකයෙක්' කියලා කිව්වත් ඉතාමත් ලස්සන, අර්ථවත් ගීත රැසක් ගායනා කරපු ගායකයෙක් තමයි චාමර වීරසිංහ. මේකත් චාමර වීරසිංහගේ ගීතයක්...
"අමාවකට අත වනනා පිච්ච මලී.....ළැමද නුඹේ කිරි පුසුඹින් සිත කැළඹී..."

සාමාන්‍යයෙන් පිච්ච මල් කැමති අඳුරට. අඳුරේ පිපෙන මලක් ගැන තමයි මේ කියන්නේ.. කෙල්ලෙක් සහ රැයක් සම්බන්ධ කරනවා නම් බොහෝ දුරට ඒ ලිංගික සම්බන්ධ කමක් ගැන වෙන්න ඕනි.. අපි බලමු...

සාමාන්‍යයෙන් තනිකඩ කෙල්ලෙක්ගේ ලමැදින් කිරි සුවඳක් හමන්නේ නෑ. ඒත් ඒ කෙල්ල ගැබ්බරයි නම් ළමැදින් කිරි සුවඳක් හමන්න පටන් ගන්නවා. ආ.. මේ කියන්නේ ඒ ගැන. තරුණිය ගැබ්බරයි..හැබැයි මේ පුද්ගලයා ඒ සුවඳින් කැළඹෙනවා.. ඒ කියන්නේ කම්පනය වෙනවා..........
ඇයි ඒ... අපි බලමු...

"පිච්ච පතට පැණි පෙරලා බොම යාමේ පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ..."

හරි... මේ පුද්ගලයා තරුණිය සමඟ 'පිච්ච පතට පැණි පෙරලා බොන්න' තමයි හැදුවේ.. ඒත් 'පිච්ච මලට පැණි ඉහුණා'. ඒකයි මේ තරුණිය ගැබ්ගෙන තියෙන්නේ.. ඕක කොල්ලන්ගේ භාශාවෙන් වඩාත් සරලව කියන්න පුළුවන්. ඒත් ඒක මෙතන කියන එක සුදුසු නෑ. දැනට සරලව මෙහෙම කියන්නම්. මේ පුද්ගලයා මේ තරුණිය එක්ක 'පොඩි ආතල් එකක්' ගන්නයි හැදුවේ. ඒත් වැඩේ ගොඩාක් දුර දිග ගියා...

මේ පිච්ච මලට ඉහුණේ සංකාවේ පැණි. ඒ කියන්නේ මේ තරුණිය සංකාවෙන් හිටපු තරුණියක්. ඒ කියන්නේ අවිවාහක තරුණියක්...
"ළැමද හොවා හද සෙනෙහස දුන්නාට...........කුමක් කරන්නද සමනල් හිනාවට"

'ඔයා ඔය ළමයා හදාගෙන පපුවට තුරුළු කරගෙන සෙනෙහස දෙයි. ඒත් ඒ සමනල් හිනාව වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියෙනවද?' එහෙම අහනවා මේ පුද්ගලයා.

"දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට...වරද මගෙන් සඟවා දෙනු ලෝකයට..."

මේ පුද්ගලයා කොච්චර ආත්මාර්ථකාමී ද. 'මට බෑ ඔයාව බාරගන්න. ඔය දරුවව බාරගන්න. ඔය දරුවා මගේ කියලා ලෝකෙට කියන්න එපා.' කියලා මේ පුද්ගලයා බොහොම ආයාචනාත්මකව ආත්මාර්ථකාමීව ඉල්ලනවා. 'පිච්ච මලට පැණි ඉහිනකොට' මේක මේ පුද්ගලයට හිතුණේ නැද්ද?
අනික ඇයි මේ පුද්ගලයට බැරි මේ තරුණිය සහ ලැබෙන්න ඉන්න දරුවව බාරගන්න?

අපි බලමු...
"අවිහිංසක සිතිවිළි සිත බැන්දාට....එකට කුඩුවෙන්නට බැරි පෙර පවට..."

කෙල්ල හරි අහිංසකයි. ඒ අහිංසක කම තමයි මෙයා ප්‍රයෝජනයට ගත්තේ. ඒත් මේ දෙන්නට එකට එකතු වෙන්න බෑ..
"ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට.....එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට..."

ආ... ඔන්න කතාව. මේ මනුස්සයා ඉක්මන් වෙලා 'පිච්ච මලට පැණි ඉස්සට' මූ බැඳපු එකෙක්. 'මේ දරුවා ගැන ලෝකෙට කියලා මගේ පැල්පතට ගින්දර විසි කරන්න එපා. මගේ කසාදේ කඩන්න නම් එපා...' අන්න ඒකයි මෙතනින් කියන්නේ.....
සරලම කතාව මෙහෙමයි...

විවාහක පිරිමි පුද්ගලයෙක් අවිවාහක තරුණියක් ආස්‍රය කරනවා. ඒ පුද්ගලයා අර කී තරුණියත් එක්ක 'යම් සීමාවක් ඇතුව' ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඒත් දවසක වැඩේ වරදිනවා. මිනිහට තමන්ව පාලනය නැති වෙනවා. ඒ හේතුව නිසා අර තරුණිය ගැබ් ගන්නවා. ඒත් ඒ දරුවා නිසා වත් තරුණිය නිසා වත් ඒ මිනිහට එයාගේ කසාදේ කඩාගන්න බෑ. ඒ ගැන කරන ආයාචනාත්මක ආත්මාර්ථකාමී හැඟීමක් තමයි මේ ගීතයක් විදියට එළියට ඇවිත් තියෙන්නේ..

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
29 Jul 2019 04:27 PM
  •  Quote
  •  Reply
මේකෙ මේ තරම් අර්ථයක් තියෙනවා කියලා මට හිතුනෙම නෑ...
ස්තූතියි මචං මේක මතුකරලා ගත්තට..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
29 Jul 2019 04:40 PM
  •  Quote
  •  Reply
මාර අර්තයක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
29 Jul 2019 10:16 PM
  •  Quote
  •  Reply
හම්මේහ් ඒක..............සින්දුවත් හරිම ලස්සනයි ................. තේරුම දැනගෙනම අහනකොට තවත් ලස්සනයි .......පව්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
02 Aug 2019 04:03 PM
  •  Quote
  •  Reply
ගීතයක් ලියනවා.....රචනා කරනවා......පද බඳිනවා.....ඔව් එහෙම නේ කියන්නේ.
ගීයක් ලියන්නට පෑනක් පැන්සලක් හෝ පන්හිඳක් උවමනාය....ඔව්....පොතක් ,කොලයක් හෝ වෙනත් ලිවීමට පසුබිමක් ඕනේ තමයි.....ප්‍රේමකීර්ති නම් සිගරට් පෙට්ටියේ ඊයම් කොළෙත් සින්දු ලිව්වලුනේ...ලියුම් කවරේ..උනත් ඇති උනාලු.
ටයිප් රයිටරෙන් සින්දු ටයිප් කරපු කෙනෙක් ගැන අහල තියෙනවද...?
නැත්නම් මෙන්න අහගන්න 
මේ ටී එම් ජයරත්න මහත්මාගේ කතාවක්....
කවුරු ගැනද මේ කියන්නේ 
මෙන්න කතාව 

මෙන්න ගීතය 

අර්ථය මම කියන්න ඕනේ නැහැ නේ ...සරල ගීතයක් නිසා....ඔබට වැටහෙනවා නේද....

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
02 Aug 2019 04:16 PM
  •  Quote
  •  Reply
ප්‍රේමකීර්තිගේ ගීත රචනා පිළිබඳව නොයෙක් කතා තියෙනවා. සමහර ගීත බස් ටිකට් එකෙ, තවසමහරක් සිගරැට් පැකට් එකේ, තව මුහුදු වෙරළේ.. ඔය ආදී තැන් වල ලියවුණ ගීත අදත් අමරණීයයි
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
02 Aug 2019 04:48 PM
  •  Quote
  •  Reply

කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා....බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්
කිරා... බුදි ද දැන්... බුදි ද දැන්

දවල් පැයේ කෑම කාල
මේසය උඩ ඉහ තියාල
කන්තෝරුවෙ මැදට වීල
කිරා බුදි ද දැන්...

ෆෑන් ඔහේ කැරකෙනවා
ලයිට් ඔහේ පත්තුවෙනව
ඔරලෝසුව ඔහෙ දුවනව
සමහරු සෙල්ලම් කරනව...

අටයි තිහට වැඩට ආවෙ
දහයට තේ වතුර බීවෙ
කෑම කාලා දැනුයි ආවෙ
ඔහොම ද වැඩ කරන තාලෙ...

කාලය නොදැන ම ගෙවෙන්නෙ
වැඩ කටයුතු මඟ හැරෙන්නෙ
රාජකාරි නෑ කෙරෙන්නෙ
රට කොහොමද දියුණු වෙන්නෙ...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි
ලේ කඳුළක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම්
අහගන ඉන්න ම ඕනේ...
ආරොන් මාමා......

රටේ තොටේ වග තොරතුරු හොය හොය
දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟ දී
පොඩි කලබලයක හඬ ඇහුණා
මිනිහා දනි පනි ගන්නා
බිත්තිය අයිනට දුව පැන්නා
ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
ආරොන් මාමා......

ගහපිය මරපිය ඔලුවට කොටපිය
පාලි සංස්කෘතත් කිව්වා
සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නෑනේ
මිනිහෙක් මැරුවා වාගෙයි නේ
මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා...
ආරොන් මාමා......

සාතන් අප්පු මිනිහෙක් මැරුවා
ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට
ජොසීල ඇගීට කිව්වා
ගම ම කුලප්පුව දිව්වා
සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
ආරොන් මාමා......

කාවද මැරුවේ කියපිය කියලා
සාත ව අල්ල ල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
ගෙයි මැද සාලෙන් තිව්වා
ඔලුවට ගැහුවේ මූගේ
මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ
ආරොන් පැන දිව්වා...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
03 Aug 2019 07:02 AM
  •  Quote
  •  Reply
මේ සිදු දෙක මතක් කරලා දුන්නට ස්තුත්යි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
03 Aug 2019 07:44 AM
  •  Quote
  •  Reply
ඔහු ලියපු ගීත අතුරින් හාස්‍ය රසය මතුවෙන ගීත බොහොමයක් ප්‍රෙඩී සිල්වා හරි අපූරුවට ගායනා කලා
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
05 Aug 2019 11:32 PM
  •  Quote
  •  Reply
ප්‍රේම්ගේ ගී පද මාලාවල මූලාරම්භයන්හි ආකාර්ශනීය කතාවන් සැගවී තියෙනවා..
ගොඩක් කතා ඔහුත් සමගම සැගව ගියා...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
06 Sep 2019 11:18 AM
  •  Quote
  •  Reply

අද දවසේ උපන්දිනය සමරන ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලකයන් වෙනුවෙනි 
ප්‍රතාපවත් සන්ගීතව්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මේ ගීතයේ මොකද්ද රූකාන්තයන්ට තියෙන සම්බන්ධය...බලලම හොයාගන්නකෝ 

වින්ටේජ් සුදු මැණිකේ 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470

--
06 Sep 2019 08:22 PM
  •  Quote
  •  Reply
රූකාන්ත මහතා නේ කීබෝඩ් ගහන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
07 Sep 2019 08:28 AM
  •  Quote
  •  Reply
පට්ටා නේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
07 Sep 2019 09:14 AM
  •  Quote
  •  Reply
රූකාන්ත සහ ක්ලැරන්ස් යන දෙදෙනාම සංගීත ලෝකයේ දැවැන්තයන්..
ඔවුන් කල නිර්මාණ පිළිබඳව කියා නිම කල නොහැක.. (විශේෂයෙන්ම අනිත් ගායකයන් වෙනුවෙන්)
0

---