Go to previous topic
Go to next topic
Last Post 15 Dec 2021 05:16 AM by  ගැල්කරුවා ගේ ජීවිතය රචනා
ටික කලක සිටන් - Tika kalaka sitan (Chandrasena Hettiarachchi)
 172 Replies
Author Messages

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
15 Jan 2015 08:03 PM
  •  Quote
  •  Reply

අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ...

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.

අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ
සදා රැඳේවා...
ඔබේ ලොවේ...

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක්‌ සේ
සදා රැඳේවා...
ඔබේ හදේ...

පදවැල් - කුලරත්න ආරියවංශ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌

Image

ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක්‌ වෙන් වුණොත් ..... සිතට දැනෙන වේදනාව කියා නිම කරන්න බැහැ. මේ බිඳී සුනු විසුණු වන්නේ ප්‍රථම ප්‍රේමය නම්..... වේදනාව තවත් වැඩියි.

බිඳුණු පෙමක වේදනාවේ අන්තය බොහෝ විට වෛරයයි. ආදරයයි වෛරයයි අතරේ වෙනස හරියට කෙස්‌ ගසක්‌ වගේ කියලයි කවියෝ කියන්නේ. මේ වෛරය හරිම දරුණුයි. පෙම්වතා පෙම්වතියගෙන් වෙන්වුණොත් පෙම්වතිය පෙම්වතාට වෛර කරනවා. පෙම්වතිය පෙම්වතාගෙන් වෙන්වුණොත් පෙම්වතා පෙම්වතියට වෛර කරනවා.

විරහ වේදනාව ඉවසා ගන්න බැරි වූ පෙම්වතුන් ජීවිතයෙන් පලා ගිය අයුරු අපි කොතෙකුත් අසා තිබෙනවා. වෙන්වීමේ වෛරය බොහෝ විට දරුණු වූ පසු පෙම්වතා පෙම්වතියව මරා දැමූ අවස්‌ථාවන් අප අසා තිබෙනවා. මේ හැම දේකටම මුල සිතෙහි බැඳි ආලයයි.

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.

මේ වෙන්වීම වෛරයට හැරුණු අවස්‌ථාවක්‌ ගැන ලියෑවුණු පද පෙළක්‌ නොවේ. විරහ වේදනාව, වෙන්වීමෙන් ඇතිවූ සිත් වේදනාවට එකිනෙකාට දොස්‌ පවරා ගන්නා ගීත අප අසා තිබෙනවා. ඒත් මේ එවන් ගීයක්‌ නොවේ.

මේ දෙදෙනා කලක්‌ ඉතාම ආදරයෙන් වෙළී සිටි අය. ඒත් දැන් ඒ සෙනෙහස බිඳී ගොසින්. දෙදෙනා කොතරම් සුන්දර වූ ලෝකයක්‌, විජිතයක්‌ මවන්න ඇතිද. ඒත් ඒ විජිතය දැන් අහිමියි. ඒ ලෝකයට සමුදෙන්න වෙලා. මම ඔබෙන් වෙන් වෙන්නම්. ඒත් මම තරහ නැහැ. ඔබට යහපතක්‌ම වේවා. ඔබේ සිතට දුක්‌ වේදනා ඇති නොවේවා.

ඕ ප්‍රාර්ථනා කරනවා. බලන්න කොතරම් අපූරුද කියලා. දෙදෙනා අතර තිබෙන ආදරය වෙන්වුණත් ඒ වි හමයි.

මේ ගීය ලියුවේ කුලරත්න ආරියවංශ. පැරණි ගීයක්‌. ගායන ශිල්පිණියත් ඒ දවස්‌වල අදට වඩා බොහෝම තරුණයි.

දීපිකා ගේ වැඩසටහනකට මට ගීතයක්‌ රචනා කරන්න කිව්වා. ඇයට තියෙන්නේ භාවපූර්ණ හඬක්‌. ඒ හඬ නිසාම ඇයට ගී ලියද්දී ප්‍රේමය වස්‌තු විෂය කරගෙන ලියන්න නැඹුරු වෙනවා.

සිනා පොදක්‌ වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මා
කඳු ලැල්ලක්‌ වී ඔබගේ දෑසෙන්
වෙන්වී යන්නට උරුම වුණේ ඇයි.

මේ කුලරත්න දීපිකාට ලියූ පළමු ගීය. මේ ගී දෙක එකිනෙකට වෙනස්‌.

"සිනාපොදක්‌ වී" ගීය මහාචාර්ය කාලෝ ෆොන්සේකා අහලා අප්‍රසාදය පළ කළා. ඔහු හොඳ රසිකයෙක්‌. එතුමා මගෙන් ඇහුවා ඇයි ප්‍රේමයෙන් වෙන් වූ පසුව තරුණිය තරුණයාට චෝදනා කරන්නේ කියා. මහාචාර්යතුමා කැමැති නැහැ අතහැරුණු පෙම්වතාට පෙම්වතිය හෝ පෙම්වතියට පෙම්වතා හෝ දොස්‌ කියනවාට. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඊට නිදහස තිබිය යුතුයි කියා තමයි මහාචාර්යතුමා මට කිව්වේ. කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කොහොමත් රැඩිකල් අදහස්‌ තියෙන කෙනෙක්‌නේ. මට මතකයි සුනිල් ආර්. ගමගේ ලියූ කපුගේ සහෘදයා ගයන "ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින් " ගීයටත් එතුමා දොස්‌ කිව්වා. ඉතින් "සිත ඔබ පා මුල රඳවා" ගීය ලියද්දී මට සිහිපත් වුණා මහාචාර්යතුමා කියූ ඒ කතාව.

අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ
සදා රැඳේවා
ඔබේ ලොවේ....

මේ තරුණිය තමන් අතැර ගිය පෙම්වතා දෙස බලන්නේ උපේක්‍ෂාවෙන්. ඔහු සමග ගත කළ අතීතය ඇයට සුන්දර මතකයක්‌. එය සිහිනෙන් විඳි සුවඳක්‌ වගේ සදා කාලයටම ඇයට වටිනවා. හරියට කැටපත් පවුරක ලියූ ගීයක්‌ වගේ. ඔබේ හද තුළ සදාකාලයටම සටහන්වේවායි ඇය පතනවා.

ඇයගේ පැතුම මොනතරම් සොඳුරුද ඇත්තටම ආදරය කළ දෙදෙනෙක්‌ වෙන් වුණොත් වෛර කරන්න බැහැ. එකිනෙකාට සුබ පතනවා හැරෙන්නට. මේ ගීතයෙන් කුලරත්න ආරියවංශ කවියා ගී පද රචකයා ලබාදෙන්නේ එවන් අරුතක්‌.

මේ ගීතයේ තනුව හරිම ආකර්ෂණීයයි. රෝහණ වීරසිංහ යනු කිනම් ගී පද වැලක්‌ වුවත් ආකර්ෂණීය තනුවකින් සහ මධුර සංගීතයකින් හැඩකරන සංගීතඥයෙක්‌. පදවැලේ අරුත් දීපිකාගේ හඬින් තව තවත් උද්දීපනය වෙනවා. ඇගේ හඬ හැඟුම්බරයි. මේ ත්‍රිත්වයේම එකතුවෙන් බිහි වූ ගීය. සවනට, මනසට ලබා දෙන්නේ සුන්දර රසයක්‌.

අජිත් අලහකෝන්

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
15 Jan 2015 08:06 PM
  •  Quote
  •  Reply

jeewithe hamadamath jeewath wana geethayak...kohedi mona welawedi me geethaya ahuwath mohothakin sitha dura yawanna puluwan..tx himali me tread eka open kalata..digatama kragen ayanna

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
15 Jan 2015 08:29 PM
  •  Quote
  •  Reply
කුලරත්න ආරියවංශයන්ගේ උසස් ගණයේ පද රචනයක්...‍
ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
15 Jan 2015 08:50 PM
  •  Quote
  •  Reply

මම කැමතිම මාතෘකාවක්...බොහොම ස්තුතියි මේ වැඩේ පටන් ගත්තාට 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
15 Jan 2015 09:19 PM
  •  Quote
  •  Reply
aaaaaa me tiyenne thavath ekak dala thanks indika ayye

mekath harima lassana sinduvak
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Jan 2015 09:54 PM
  •  Quote
  •  Reply

හොඳ වැඩක් පටන් අරගෙන.. ස්තූතියි..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
15 Jan 2015 10:19 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 15 Jan 2015 09:18 PM
ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
 
ටිකක් ආන්දෝලනයට ලක්වූ ගිතයක්..

කොහොම වුනත් යම් ගි්තයක තේරුම එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයට තේරුම් ගන්න පුළුවන්...

මා දකින්නේ ආදරයේ සුන්දරත්වය පිළිබඳ කියවුන ගිතයක් ලෙසනි.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
15 Jan 2015 10:22 PM
  •  Quote
  •  Reply
godak hoda wadak meeka..
0

dil37
Basic Member
Basic Member
Posts:111

--
16 Jan 2015 12:28 AM
  •  Quote
  •  Reply

සිහින ලතාවී

සිහින ලතාවී ඔබ කිමද මුලාවී අඳුරු රැයේ සුසුම් සලාවී
කඳුල ලඟාවී ඔබ තනිව හඬාවී
හදට මගේ තැවුල් ගෙනේවී
සිහින ලතාවී//

ඔය දෑස හඬවන්න කඳුලින් පුරා කිසිදාක සිතුවේම නෑ
ඔබ ගාව නවතින්න හසරැල් සලා හැමදාම පැතුවේ මෙමා
ඔබෙ දෑත අරගන්න සිතුවා මෙමා

සිත මාගෙ රවටන්නෙ ඇයි දැයි කියා මට තාම අදහන්න බෑ
ඔබෙ දෑත අරගන්න සිහිනෙන් පවා රෑ යාමෙ එන්නම් සොයා

පද රචනය: හේමසිරි හල්පිට
සන්ගීතය හා ගායනය: නාමල් උඩුගම

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
16 Jan 2015 12:44 AM
  •  Quote
  •  Reply
Posted By dil37 on 16 Jan 2015 12:28 AM

thanks dil

habai geethaye pasubim kathava, theruma vage devaluth ekka thamai methanata danne.

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

dil37
Basic Member
Basic Member
Posts:111

--
16 Jan 2015 12:49 AM
  •  Quote
  •  Reply

me sindhuwa mage favourite sindhuwa

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
16 Jan 2015 01:07 AM
  •  Quote
  •  Reply
Posted By dil37 on 16 Jan 2015 12:49 AM

me sindhuwa mage favourite sindhuwa

hmmm  habai methanata sinduva vitrak nemei danne. pasubum kathavath ekka.

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
16 Jan 2015 07:46 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 15 Jan 2015 09:18 PM
ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
 
මේ පද ටික ඇසූ කල ඔබට අර ඉහත කියූ අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි.
 
කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
 
තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය. එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?
 
සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්
 
රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි. එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ සක් නොවේ. අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම් බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි.
 
සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ නොහැක.

Artist

  -  Karunarathna Diwulgane 
Song   -  Gahaka Mal Pipila

මට නම්  හැඟෙන්නේ  

මේ ගීතයේ සැඟවුණු අරුතක් තියෙනවා කියලයි..

යමුනා මාලනී පෙරේරා ගේ මනෝරම්‍ය වදන් පෙලට .

කරුණාරත්න දිවුල්ගනේ නම්වූ සොඳුරු ගායකයානගේ අවිහිංසක මියුරු හඬ මුසුව....  

මේ ගීයේ සොඳුරු දුක්මුසූ රාවය  ගුණදාස කපුගේ නම් වූ මහා ගාන්ධර්වයා ගේ මියුරු සත්සර නදින්

තවත් ඔපවත් වූ බවකි 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Jan 2015 05:24 PM
  •  Quote
  •  Reply

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ

ගීතයේ ප්‍රස්තුතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් තුලින් උපන්නක් බවට විවිධ මතිමතාන්තර රැසක් පැවතුනද ඒ සියල්ලේම සත්‍ය අසත්‍යතාව විග්‍රහ කිරීමට වඩා එවැනි අත්දැකීමක් තුලින් මිනිසෙකුට ලැබෙන වේදනාව හා ඒ හා බැඳුන මිනිස් සිතිවිලි සමුදාය ගේය පද රචනයක් ලෙස සිතුවම් කිරීමට රචකයා වන ප්‍රේමකීර්ති මහතා තුල තිබු ප්‍රතිභාව අගය කිරීම වඩා අගනා කරුණකි.....
දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි.

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..

සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....
සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි..

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා....
කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි..

ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්‍රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ...

ගායනය - වික්ටර් රත්නායක
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

uputa gathe-facebok.com

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
18 Jan 2015 05:53 PM
  •  Quote
  •  Reply
thank isuru
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
18 Jan 2015 06:15 PM
  •  Quote
  •  Reply
thavath ekak. harima lassana sinduvak
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
18 Jan 2015 06:31 PM
  •  Quote
  •  Reply
isuru geetha kipayakma dalane
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Jan 2015 06:33 PM
  •  Quote
  •  Reply
uputha ganim hode..................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
18 Jan 2015 06:44 PM
  •  Quote
  •  Reply

isuru me tread ekata aluth geetha ekathu karanakota eka wara godak ekathathu karanawata wada ekak erkathu karala eyata ape samajikayange adahas labagena eata passe thawa ekak ekathu karanna..eka me tread eka rasa windina ayata pahasuwak

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
18 Jan 2015 06:45 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 18 Jan 2015 06:44 PM

isuru me tread ekata aluth geetha ekathu karanakota eka wara godak ekathathu karanawata wada ekak erkathu karala eyata ape samajikayange adahas labagena eata passe thawa ekak ekathu karanna..eka me tread eka rasa windina ayata pahasuwak

math meka kiyanna thamai hitiye. anith aya eka geethayak balanakal inna kiyala. mama langa godak tiyanava ekathu karapuva. eth mama danne anith aya baluvata passe thamai. isuru godak eka digata dala nisa topic eke namawath wenas karanna beri una

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
18 Jan 2015 06:51 PM
  •  Quote
  •  Reply

ow api me wage nuulaka ape patakayanta dawasak dekak denna one eka geethayakata thamange adahas denna e wagema rasa windinna.. ekata kalayak awashya wenawa....ithin api idiriyata ehema kaaramu

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
18 Jan 2015 06:56 PM
  •  Quote
  •  Reply

thanks Ind007ka , himali nagi mawa danuwath kalata....dan hari.katiyage adahas godak wadagath.

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
18 Jan 2015 08:13 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 18 Jan 2015 05:24 PM

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ

ගීතයේ ප්‍රස්තුතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් තුලින් උපන්නක් බවට විවිධ මතිමතාන්තර රැසක් පැවතුනද ඒ සියල්ලේම සත්‍ය අසත්‍යතාව විග්‍රහ කිරීමට වඩා එවැනි අත්දැකීමක් තුලින් මිනිසෙකුට ලැබෙන වේදනාව හා ඒ හා බැඳුන මිනිස් සිතිවිලි සමුදාය ගේය පද රචනයක් ලෙස සිතුවම් කිරීමට රචකයා වන ප්‍රේමකීර්ති මහතා තුල තිබු ප්‍රතිභාව අගය කිරීම වඩා අගනා කරුණකි.....
දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි.

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..

සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....
සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි..

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා....
කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි..

ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්‍රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ...

ගායනය - වික්ටර් රත්නායක
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

uputa gathe-facebok.com

බොහොම ස්තුතියි......බයේ බැහැ සින්දුවේ තේරුම සහ වස්තු බීජය මොන වගේද කියලා ඇහුවම..........

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
18 Jan 2015 09:33 PM

මේ ගීතය මම ඉතාම ප්‍රිය කරන ගීයක්.. 

මගේ යාලුවෙක් මීට අවුරුදු හත අටකට පෙර අපි කට්ටිය සෙට් වුන වෙලාවකදී මේ ගීතයේ තේරුම පැහැදිලි කලා.

එදා ඒක අහපු වෙලාවේ ඉඳල මේ සින්දුව මගේ හිතට ඉතාම තදින් කා වැදුණු ගීතයක් වුනා. 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
19 Jan 2015 06:36 PM
  •  Quote
  •  Reply
ඉරි තැලුනු වළා

ලංකාවේ ගායකයන් අතුරින් සෘතියෙහි හරියටම පිහිටා ගායනා කරන්නන් අතුරින් ප්‍රමුඛයා වන අමරසිරි පීරිස් නම් වූ ඔහුගේ ගීත ගොන්න විවිධාකාරය. ඒ අතුරින් මා මෙවර තෝරා ගන්නේ ඉරි තැළුනු වළා ගීතයයි. මෙයින් කියවෙන්නේ පාරේ යන පෙම් යුවලක් පිලිබඳවද නැතහොත් වෙනත් දෙයක් පිලිබඳවද? සරල ලෙස ගීතයට සවන් දෙන අයෙකුට හැඟී යන්නේ කිසිම තේරුමක් නැති පාරක් කහ ඉරක් ගැන ඔහේ කියවෙන වදන් පෙළකි. නමුත් මා හට හැඟුනේ වෙනත් අරුතකි. මෙයින් ගෙන හැර පාන්නට උත්සාහ කරන්නේ වර්තමාන සමාජය පිලිබඳවයි.

ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන
මොටෝ රථ රඟ සෙනඟ රවටමින්

ගීතයේ පළමු පද දෙක ගත් කල එහි නොගැලපෙන යමක් ඔබට පෙනෙනවා ඇත. එහි එන ආකාරයට වළාවන් ඉරි තැලී ඇත, නමුත් තාර පාර මෘදුය. එය හාත්පසින්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ නාම විශේෂණ දෙකකි. සාමාන්‍යෙයන් අප වළාකුළු මෘදු ලෙස දක්වන අතර දැකිය හැක්කේ ඉරි තැලී ගොස් ඇති තාර පාරය. ඔහු මෙයින් දකිවන්නේ වර්තමාන සමාජය කණපිට හැරී ඇති බවයි. ඔහු මෙහිදී කතාවේ හුදකලා බව නැති කර ගැනීමට පෙම්වතිය යොදාගෙන ඇත. ඔහු ඇයට ආරාධනා කරන්නේ එම සමාජය තුල ජීවත් වීමටයි. සමාජය මහා මාර්ගයට උපමා කර ඇති ඔහු පවසන්නේ එකිනෙකා රවටමින් සිව් දෙසින්ම එකිනෙකා හඹා යන පිරිස් ගමන් කරන බවයි.

වට පිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

මෙහිදී ඔහු උත්සාහ කරන්නේ මේ සමාජය පිළිබඳව තම පෙම්වතියට කරුණු කියා දීමටය. වටපිටාවේ ඇදෙන වාහනවල විදුලි ලාම්පු දීප්තියෙන් බබළන්නේ සිනාසෙන්නාක් මෙනි. ඉන් අදහස් කරන්නේ සමාජයේ ජීවත් වන මිනිසුන් නොයෙක් ආකාරයේ මුළාවන්ට ඔබව හසු කරන්නට උත්සාහ ගත හැකි බවය. ඒ එළිවලට නොරැවටී කහ ඉරෙන් එතෙර වී යන ලෙස ඇයට ආරාධනා කරයි. මාර්ගයේ තැන් තැන්වලින් මාරු වීමට ගියහොත් වාහනවලට හසුවී අනතුරු සිදු වන බැවින් ඊට නියමිත ස්ථානයෙන් එනම් කහ ඉරෙන් යා යුතුය. මෙහිදී කහඉරට උපමා කර ඇත්තේ සමාජයේ පවතින නීතියයි. ඔහු ඉල්ලා සිටින්නේ වැරදි මාර්ගවල නොගොස් නීතියට අනුව කටයුතු කරන ලෙසයි.

රිය පෙලේ කිරුළු හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැළි වැටීලා

රිය පෙලේ කිරුළු හමි රජවරුන් නම් වාහනවල අයිතිකරුවන්ය. ඉන් උපමාවට ලක් වන්නේ ධනය බලය හිමි සමාජ පන්තියයි. ඒ රජවරුන් ඔබට නීති විරෝධී සමාජ විරෝධී දේ කිරීමට අත වනා ආරාධනා කළ හැක. එවිට එය නොදැක්කාක් මෙන් ඉවත බලා යන්න යමු. එසේ යාමට ප්‍රභල හේතුවක් ඇත. එනම් කහ ඉරත් රැළි වැටී ඇති නිසාය. කහ ඉර රැළි වැටීම විකාර රූපී හේතුවක් නොවේ. ඉන් අදහස් කෙරෙන්නේ සමාජයේ පවතින නීතියද වල් වැදී ඇති බවය. එවන් කලක වෙන අන් කවර සරණක්ද...?

uputha gathe-http://real-meanings.blogspot.com

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
19 Jan 2015 06:49 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 19 Jan 2015 06:36 PM

ithamath prabala painuwdayak denne me song eken..ahapu palamu dawase indan meka hithata waduna...amarsiri ge wena sindu walkata wada wenas meka

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Jan 2015 10:05 PM
  •  Quote
  •  Reply
අමරසිරි මහතාගේ හැම ගීතයකටම වගේ මමත් කැමතියි.මේ ගීතය නම් කොහොමත් අංක එකේ ගීතයක්. මතකය හැටියට සමන් ආතාවුද මහතා ලියු ගීයක් වගේ.. අද ගීත රචකයන්ටත් හොද පාඩමක්. ඔහේ සරල යමක් ගොතනවට වඩා අවුරුදු ගනනකට හිතන්න යමක් ලියන එක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
19 Jan 2015 10:05 PM
  •  Quote
  •  Reply

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්...

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත්
ආදරෙන්...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය.

ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත් පහුවෙලා.

උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

විශ්වවිද්‍යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්‍යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
19 Jan 2015 10:18 PM
  •  Quote
  •  Reply
Posted By ham123 on 19 Jan 2015 10:05 PM

patta sory ekakne thiyenne me song ekata...kaalayak amataka wela thibuna athamawa nawatha ipadune me songe ka nisai..hamadatama hithe randena song ekak..sthuthi himali thorathuru walata

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
19 Jan 2015 10:27 PM

බොහොම ස්තුතියි ගීතයේ වටපිටාව අපට කිව්වට.මෑත කාලයේ උපරිම ජනප්‍රියතාවයට ආපු ගීයක් කිව්වොත් නිවැරදියි. මේකේ සංගීතයටත් මම ගොඩක් කැමතියි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
19 Jan 2015 10:33 PM
  •  Quote
  •  Reply
dan athmage meethath vada lassana sindvak tiyanava
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
19 Jan 2015 10:33 PM
  •  Quote
  •  Reply
මේ ගීතය පිටුපස මෙතරම් සුන්දර කථාවක් තියෙනවා කියලා දන්නේ දැන් තමයි..
ගොඩක් ස්තූතියි නංගී..
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
20 Jan 2015 12:08 AM
  •  Quote
  •  Reply

ෂා.. මාර ස්ටෝරියක්නේ... 

තැන්කිවු අපිටත් කිව්වට 

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
20 Jan 2015 12:09 AM

කතාවත් ලස්සනයි සින්දුවත් ලස්සනයි තේරුමත් ලස්සනයි පසුබිම් කතාවත් කන්කළුයි....

හිමාලි නංගි මේ සින්දුවට විශේෂිත ඇල්මක් තියෙනවා කියල කිව්වොත් එකත් ලස්සනයි නේද...?

බොහොම ස්තුතියි මේ වගේ තොරතුරු අප වෙනුවෙන් ගෙනාවට.....

තව තවත්  මේවගේ පොස්ට් දාන්න..... නොකා නොබී හරි කියවන්න පුළුවන් 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Jan 2015 12:40 AM
  •  Quote
  •  Reply
godak lasana terumak............
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
20 Jan 2015 01:27 AM

මාත් ආසම සින්දුවක් මේක ..ස්ටෝරියත් එක්කම තියෙන්නෙ ... ස්තුතියි නංගි ..

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Jan 2015 08:29 PM
  •  Quote
  •  Reply
Artist
:
Athma Liyanage
     
Song
:
Kandu Pamula Sita

කඳු පාමුල සිට... දැහැනට සම වැද
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
ආල වඩන සද... කිඳුරු ළියේ
මිටියාවත් කඳු... ශිඛර සිසාරා
සඳ බැස යන තුරු... අවර වන පෙතේ
ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
ඇළ දොළ ගංඟා... සයුරු සිසාරා
ඉර නැඟ එන විට ...පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙ

කාලයක සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග නොදනී. මන්ද ඔහුගේ ‍ප්‍රේමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නොවේ. මේ පිළිබඳ සිත් තැවුලෙන් කන්දක් පාමුල හුදෙකලාව ගීතයක් ගයයි.
සිතුවිලි සියල්ල සෘණාත්මකය. ඔහු ගීතය තුළින් සිත තුළ ධනාත්මක ස්වභාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරයි. අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.
උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කළ හැක. නමුත් ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.
නමුත් මේ ගීතය පුරාවටම ඔහු කියන තවත් දෙයක් ඇත. “මා ගයනා ගී ... ඔබට ඇසෙනවද, කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන, ආල වඩන සද... කිඳුරු ළියේ” . ඔහුගේ සිතුවිලි කෙතරම් දුරට එක් තැන් වී ඇතිදැයි සිතීම ඔබට බාරයි.

uputha gathe-http://real-meanings.blogspot.com

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
20 Jan 2015 10:31 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 20 Jan 2015 12:09 AM

තවත් මේවගේ පොස්ට් දාන්න නොකා නොබී හරි කියවන්න පුළුවන් 

visesitha allmak vagema imalka ayye man kamathima sinduvvath meka.

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
21 Jan 2015 08:37 AM
  •  Quote
  •  Reply
Posted By isurusam on 20 Jan 2015 08:29 PM
Artist
:
Athma Liyanage
     
Song
:
Kandu Pamula Sita

කඳු පාමුල සිට... දැහැනට සම වැද
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
ආල වඩන සද... කිඳුරු ළියේ
මිටියාවත් කඳු... ශිඛර සිසාරා
සඳ බැස යන තුරු... අවර වන පෙතේ
ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
ඇළ දොළ ගංඟා... සයුරු සිසාරා
ඉර නැඟ එන විට ...පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙ

කාලයක සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග නොදනී. මන්ද ඔහුගේ ‍ප්‍රේමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නොවේ. මේ පිළිබඳ සිත් තැවුලෙන් කන්දක් පාමුල හුදෙකලාව ගීතයක් ගයයි.
සිතුවිලි සියල්ල සෘණාත්මකය. ඔහු ගීතය තුළින් සිත තුළ ධනාත්මක ස්වභාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරයි. අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.
උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කළ හැක. නමුත් ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.
නමුත් මේ ගීතය පුරාවටම ඔහු කියන තවත් දෙයක් ඇත. “මා ගයනා ගී ... ඔබට ඇසෙනවද, කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන, ආල වඩන සද... කිඳුරු ළියේ” . ඔහුගේ සිතුවිලි කෙතරම් දුරට එක් තැන් වී ඇතිදැයි සිතීම ඔබට බාරයි.

uputha gathe-http://real-meanings.blogspot.com

මම හිතන්නේ මේ ගී පද රචනයෙන් සැබෑ  ලෙස කියවෙන්නේ ප්‍රේමයක්  ගැන තමයි ටිකක් විතර වෙනස් ආකාරයකට
 පරිසරයේ සිදුවන වෙනස්වීම සඳ එලිය තමයි මෙහි එන විරහවට මුල් වූ වස්තු බීජය

 සඳ එලියට කොයිතරම් ආලය කරත් එය අපිට අහිමි දෙයක්...

සඳ එලිය හි සැබෑ හිමිකරු සඳ නෙමෙයි සූර්යයා තමයි කියන එක තමයි මේ ප්‍රේමනීය පෙනුමට ලියලා  තියෙන්නේ...

උදා  හිරු එළියෙන් පරිසරය පිබිදී යයි..............හිරු එලියට සියලුම දේ වෙනස් වෙනවා උනත් සඳේ සිසිලස හා කාන්තිය  හිරුගෙන් නොලැබේ.

එය සඳුගෙන් පමණි, කිදුරියකට සම කරලා තියෙන්නේ හැබැහින් තමා සතු කරගන්න බැරි හේතුව නිසා...

ඒ කියන්නේ සඳ  දුරයි....අන් සතුයි...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
21 Jan 2015 05:31 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 20 Jan 2015 08:29 PM
Artist
:
Athma Liyanage
     
Song
:
Kandu Pamula Sita

කඳු පාමුල සිට... දැහැනට සම වැද
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
ආල වඩන සද... කිඳුරු ළියේ
මිටියාවත් කඳු... ශිඛර සිසාරා
සඳ බැස යන තුරු... අවර වන පෙතේ
ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
ඇළ දොළ ගංඟා... සයුරු සිසාරා
ඉර නැඟ එන විට ...පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
ඔබ අන් සතු බව... මම දැන සිටියෙ

කාලයක සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග නොදනී. මන්ද ඔහුගේ ‍ප්‍රේමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නොවේ. මේ පිළිබඳ සිත් තැවුලෙන් කන්දක් පාමුල හුදෙකලාව ගීතයක් ගයයි.
සිතුවිලි සියල්ල සෘණාත්මකය. ඔහු ගීතය තුළින් සිත තුළ ධනාත්මක ස්වභාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරයි. අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.
උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කළ හැක. නමුත් ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.
නමුත් මේ ගීතය පුරාවටම ඔහු කියන තවත් දෙයක් ඇත. “මා ගයනා ගී ... ඔබට ඇසෙනවද, කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන, ආල වඩන සද... කිඳුරු ළියේ” . ඔහුගේ සිතුවිලි කෙතරම් දුරට එක් තැන් වී ඇතිදැයි සිතීම ඔබට බාරයි.

uputha gathe-http://real-meanings.blogspot.com

isuru malli me geetha idiripath karanakota meeta wada wenas akarayakata idiripath karanna..ape himali me geetha idiripath karana widiya poddak balannako.. e wage wishesha wenasak wagema warna yodaganna.balana kenata hitha adila yana widiyata wadagath than kapi penana lesa yoda ganna..ewitai mehi alankaraya wagema idiripath karana kenage dakshathawaya penenne. e wagema geethayata watinakamak labenne

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
21 Jan 2015 05:38 PM
  •  Quote
  •  Reply

මින්දද හී සර 

සිංහල ගීත සාහිත්‍යයේ එන ප්‍රේමණීයම ගීතයක් මා මෙවර තෝරා ගෙන ඇත. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් පණ පෙවුනු මින්දද හී සර ගීතය ඉතා පැරණි වුවත් 21 වන සියවසේ රසිකයන් පවා ඉතා උනන්දුවකින් තවමත් රස විඳින්නේ එය ශබ්ද රසයට පමණක් සීමා නොවී අර්ථ රසයෙන්ද පිරුණු ගී නිර්මාණයක් නිසාවෙනි. Facebook, SMS, Skype නොමැති යුගයේ ප්‍රේමය කොතරම් සුන්දරද? සීමා මායිම් ඇතිව අවංකව පෙම් කළ යුගයේ අද මෙන් ගෙල වැල දා ගෙන හෝ පිහියෙන් ඇන හෝ මිය යාම් දුලභය. එසේ මිය ගියද මිය ගොස් ඇත්තේ අවංක ප්‍රේමයේ නාමයෙන්ය. නමුත් වර්තමානයේ Reload දමා ගැනීමට එක පෙමක්ද සිනමා ශාලාවට යාමට තව පෙමක්ද විශ්ව විද්‍යාලයට වෙනත් පෙමක්ද පිටිසර ගමේ අසරණ පෙමක්ද පවත්වාගෙන යන තරුණ තරුණියන් ඉතා සුලභය. නමුත් ගීතයෙන් කියවෙන්නේ ඊට හාත්පසින් වෙනස් වූ අහිංසක ගැමි පෙමකි. අතීතයේ ප්‍රේමයට පණ පෙවුණේ සාහිත්‍යයයි. කවියකින්, ගීයකින්, නිසැඳසකින් පිළිතුරු යැවුන සමයේ ප්‍රේමය කෙතරම් සොදුරුද. ඇතැමි විට ලිපියකට පිළිතුරක් එන්නේ සති කිහිපයකට පසුය. නමුත් එය වර්තමානයේ “gn.bs.sd.tc” වලට වඩා ඉතා අගනේය.
 
මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ
 
තරුණයෙකුගේ හදෙහි ඉපදී ඇති ආලය ඔහු මෙසේ විස්තර කරයි. මල් සරාගේ ප්‍රේමණීය හී පහර ඔහුගේ හද හරහා ගොසිනි. දැන් හද සැලෙන්නේ පෙර පරිදි නොවේ. ප්‍රේමණීය රිද්මයකටය. නමුත් ඔහු ඇයව කලකින් හමු වී නැත. එනිසා හද සැලෙන රාවය මඳක් දුක්බර ගීතයක තනුවකට හැඬවේ. ඒ දුක් ගීතය ඔබට නොඇසේද සොඳුරිය. මාගේ සයනය ඔබ වෙනුවෙන්ම චන්දන මලින් සරසා අලංකාර කර ඇත. කන්ද උඩින් පුන් සඳ පායා වටපිටාව රන් වන් ආලෝකයේ ගිල්වන්නාක් මෙන් මාගේ අඳුරු ලොවට ඔබ පැමිණ රන් වන් පැහැයෙන් බබළන ඔබේ රූපයෙන් මාගේ ලෝකයද එළිය කරනු මැන.
 
තුරඟකු පිට නැගි නීල වළාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා
 
ඉතා අලංකාර ලෙස සැරසූ අශ්වයෙකුගේ පිට නැගී වළාකුළු අතරින් සුරඟනක මෙන් ඔබ ඇදී එන කල පියවා ගත නොහැකි වූ දෑසින් ඔබ දෙස මා බලා හිඳින්නේ පිබිදී ආ මලක් වන් වූ ප්‍රේමණීය සිනාවකින් හදවත පුරවාගෙනය. මෙහිදී තව දුරටත් ඔහු විදහා දක්වන්නේ නීල වලාකුළු වන් සළු පිළින් සැරසී ඇදෙන සොඳුරිය තුරඟකු වන් තේජවන්ත හා දඟකාර තැනැත්තියක් බවයි.
 
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මංපෙත පාදා...
 
මෙතරම් කාලයක් දුකින් පිරි අඳුරු ජීවිතයක් ගෙවූ ඔහු අද දින ඉතා ප්‍රීතියට පත්ව ඇත. වෙනදාට ඇයගේ සිත් ඇදගන්නා සුළු මුහුණ හරි හැටි නොදකින ඔහු ඇයගෙන් ඉල්ලන්නේ සළුපිළි ඈත් කොට ඇයගේ ආකර්ශනීය රුව ඔහු වෙත ගෙනහැර දැක්වීමටයි. ඇයගේ ආකර්ශනීය බැල්ම සහිත මිණි මුතු සේ දිදුලන නෙත් යුගවලින් නැගෙන ආලෝකයෙන් ඔහුගේ ජීවිතය පහන් කර අනාගතයේ එක්ව යාමට ආයාචනා කරයි.....
 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
21 Jan 2015 05:44 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 21 Jan 2015 05:38 PM

21 Jan 2015 05:49 PM
  •  Quote
  •  Reply
oya ati needa?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
21 Jan 2015 05:51 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 21 Jan 2015 05:49 PM
oya ati needa?

madi malli meeta wada lassan akaranna geethaye theruma saha adahasa abuwa..poddak balanna himali karala thiyena widiya...oyage okkoma songs e widiyata edit karala danna welawa thiyena widiyata..ethakota me tread eka godak lassanai

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
21 Jan 2015 08:31 PM
  •  Quote
  •  Reply
ඉසුරු මේ සින්දු විස්තර අරගන්න වෙබ් එකේ තියෙන දේවල් ගැන විස්වාස කරන්න එපා ...මොකද ඒ දේවල් දැමීමෙන් යම් කිසි අවාසියක් වෙන වා..මොකද මම මේ දැකපු සින්දු දෙකම සිංහලෙන් සිංහලට පරිවර්තනය කිරීමක් විතරයි......කෙරිලා තියෙන්නේ....මේ ගීත වල අනතර්ගතය අපිට මතුපිටින් පේනවට වඩා හරි වෙනස් ......................අර ඉන්දික කිව්වා වගේ හිමාලි ඉදිරිපත් කරන ඒවා විචාරයකුත් එක්ක දැමෙන්නේ .....මේවා ගත්ත වෙබේ එක හුදෙක් ලාභ ඉපයීමේ අරමුණින් කරන එකක්...එනිසා මොකක් හරි ලියල වෙබ් එක අප්ඩේට් කරනවා කියලයි මට හිතෙන්නේනේ..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
21 Jan 2015 09:51 PM
  •  Quote
  •  Reply
ඉමල්ක කියන කථාවට මමත් එකගයි. මින්දද හී සර ගීතයේ තියෙන්නේ පිටපතින් පෙනෙන අරුත නෙමෙයි.
ගොඩක් වෙබ් වල තියෙන්නේ ගීතය වචන ටික නැවතත් විස්තර කිරිමක් විතරයි.
ගොඩක් ගීතවල මතුපිටින් පෙනෙන දෙයට වඩා ගැඹුරු අරුතක් තියෙනවා..
0

sanj
Basic Member
Basic Member
Posts:347

--
21 Jan 2015 10:07 PM
  •  Quote
  •  Reply
කාලෙකට ඉස්සර අමරදේව මාස්ටර්ගෙ ඉරට මුවාවෙන් ගීතයේ තේරුම අහල පුදුම උනා මම
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
21 Jan 2015 11:59 PM
  •  Quote
  •  Reply
Posted By sanj on 21 Jan 2015 10:07 PM
කාලෙකට ඉස්සර අමරදේව මාස්ටර්ගෙ ඉරට මුවාවෙන් ගීතයේ තේරුම අහල පුදුම උනා මම

SanJ & Indika76   සිරාවට ම....

මේ ප්‍රබුද්ධ පරපුරේ  සින්දු වල හරි තේරුම හොයන එක ලේසි වැඩක් නෙමෙයි......

සමහර විත අලුත් පරපුරේ ගායක උදවියගේත් මෙවැනි ගීත තියෙනවා....

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
22 Jan 2015 07:51 PM
  •  Quote
  •  Reply

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී....

වැහි පබළු සැලී
ඉඟි කරනා හැටී
දෙවිදුව ඇසිපිය ගසති
මඟ දෙපස රැඳී
ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා ඉඳිමී

ළැම සළු ඉහිරී
නෙතු මත ම වැදී
උන්මාද සුසුම් හෙළමි
සිහිනෙන් දකිමි
මල් කිනි මම සිඹින හැටි
අතැඟිලි සුව දී

හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය – කසුන් කල්හාර
ගායනය - සුරේන්ද්‍ර පෙරේරා

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ කිසියම් ගීතයකට සම්මානයක් හිමිවීම විශේෂ කරුණකි. එවැනි සම්මානයක් නව පරපුරේ ගායන ශිල්පියෙකු ගයන ගීතයකට හිමි වීමත් එම ගීතයේ පද රචනය මීට ඉහත සම්මානයට පාත්‍ර වූ ගීත කිහිපයක්ම රචනා කළ ගී පද රචකයෙකු ලියා තිබීමත් සුවිශේෂ කරුණකැයි හැඟෙන හෙයින් මෙවර “ගී මුතු” අතරට පසුගියදා “ස්ලීම් නීල්සන්” ජනතා සම්මානය දිනූ “වැහි පබළු සැලී” ගීතය එක් කර ගනිමු.

නව පරපුරේ ආකර්ෂණීය හඬක් හිමි සුරේන්ද්‍ර පෙරේරා ගයන මෙම ගීතයේ පද රචකයා සිය සෞන්දර්ය චාරිකාවේ සොඳුරු රස්තියාදුකාරයෙකු ව සිටින උපුල් ශාන්ත සන්නස්ගල ය. මීට ඉහත ද උපුල් ගී පද රචනයෙන් දීපිකා පි‍්‍රයදර්ශනී (ඔබ හීනයක් වගේ) කසුන් කල්හාර (සිහිනයකි මට ආදරේ) සහ ඉන්දිකා උපමාලි (සඳ පහන් රැයේ) සම්මානයට පාත්‍ර වීමේදී දායක වී ඇති අතර මෙවර සුරේන්ද්‍ර සම්මානයට පාත්‍ර වීමේදී ද සිය ගී පද රචනයකින් දායක වීමට ලැබීම පිළිබඳව නිහතමානීව සතුටු වන උපුල් සමඟ කළ කෙටි කතා බහකි මේ...!

”ගායන තරු මතුවෙලා නැතිවෙලා යනවා. ඔවුන්ට පැවැත්මක් නැහැ යනුවෙන් පැවසෙන කියමනට සාර්ථක පිළිතුරක් සුරේන්ද්‍ර පෙරේරාට ‘වැහි පබළු සැලී’ ගීතයට ස්ලීම් නීල්සන් ජනතා සම්මානය හිමිවීමෙන් ලැබී තිබෙනවා. සුරේන්ද්‍රට මේ සම්මානය හිමි වීම ගැන එහි පද රචකයා ලෙස මම අතිශය සතුටට පත් වෙනවා. එමෙන්ම රූපවාහිනී ප්‍රාසාංගික වැඩසටහන් (රියැලිටි ෂෝ) වලින් මතු වුණු ගායක ගායිකාවන්ටත් ප්‍රතිභාවක් ඇති වග නැවත වරක් මෙයින් තහවුරු වීම පිළිබඳවත් මම සතුටු වෙනවා.”

මේ ගීතය ලියැවුණු පසුබිම ගැන කියනවා නම්?”

”දවසක් කුරුණෑගල ඉඳලා කොළඹ ආපු ගමනකදී මේ ගී සංකල්පනාවේ වස්තු බීජය මගේ හිතේ පිළිසිඳුණේ. වැහි අඳුරත් එක්ක මා සමඟ හිතවතුන් තුන් දෙනෙකුත් මගේ රථයේ උන්නා. කුරුණෑගල රජයේ රෝහල කිට්ටුවෙද්දී සෙනඟ අතරේ උන්නු සුන්දර යුවතියක් මම දැක්කා. ඒ දසුන නෙත ගැටෙනවාත් එක්කම මා ධාවනය කළ රථයේ තිරිංග තද වුණා මටත් නොදැනීම. එවිට රථය නැවැතුණා. මම ඇය දෙස නෙතු නොපියාම බලා උන්නා.

ඇයත් බැලුවා මා දෙස. එපමණයි. එහෙත් ඉන්පසු මේ සිද්ධිය නිසා මගේ හිතවතුන් තුන් දෙනාගේ විවේචනයට ලක් වෙන්න පවා මට සිදු වුණා. එම සිද්ධිය හා සැබඳි හැඟිම ශෘංගාරය මුසු වී නිමේශයකට ඇති වී නැති වී ගිය හැඟීමක් පමණක් වුවත් පසුව ගී සංකල්පනාවක් ලෙස ලියැවුණා. නිර්මාණකරුවෙකුට තුන්වැනි ඇසක් තිබෙන බව මගේ විශ්වාසයයි. නිර්මාණකරුවා ඒ තුන්වැනි ඇසින් දකින දේ වෙන කාටවත් දකින්න බැහැ. එදා මා සමඟ රථයේ උන්නු හිතවතුන් තුන් දෙනා නොදුටු දේ මේ ගී සංකල්පනාවෙන් අද දකිනවා ඇති. ඒ තමයි මගේ තුන්වැනි ඇසින් මා දුටු දේ.”

ජෝර්ජ් රොබ්සන් ද සිල්වා

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
22 Jan 2015 08:02 PM
  •  Quote
  •  Reply
aneeeeeee vahi pabalu sinduwa ko eka kauruth baluweth nane ayyeee
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
22 Jan 2015 08:10 PM
  •  Quote
  •  Reply
Posted By ham123 on 22 Jan 2015 08:02 PM
aneeeeeee vahi pabalu sinduwa ko eka kauruth baluweth nane ayyeee

ade..sorry api dennama ekata daala..inna mama eka ayin karanna balannam..onna haro oya heading eka wenas karanna

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
22 Jan 2015 08:13 PM
  •  Quote
  •  Reply
meka baluwama api eka damu honde eka thama eka para dala tiyenne mata nam wenas karanna beri uneth eka venna athi
ekath harima lassana song ekak. api meka bluwama eka damu ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
22 Jan 2015 08:15 PM
  •  Quote
  •  Reply

ළැම සළු ඉහිරී
නෙතු මත ම වැදී
උන්මාද සුසුම් හෙළමි
සිහිනෙන් දකිමි
මල් කිනි මම සිඹින හැටි
අතැඟිලි සුව දී

edinada jeewithe maga thotadi api kaatath wena deyak meka...meka thamai hangeem kiyanne..tx himali me lassana song eke kathawa apita dunnta

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
23 Jan 2015 12:23 AM
  •  Quote
  •  Reply
thanks himali nangi me lassana song eke kathawa apita kiuwata...............
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549

--
26 Jan 2015 02:23 AM
  •  Quote
  •  Reply

මගෙ අමල් බිසෝ

මගෙ අමල් බිසෝ
දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්

ගායනය - සුනිල් එදිරිසිංහ

පද - බණ්ඩාර ඇහැළියගොඩ

තනුව - රෝහණ වීරසිංහ 
 
පොඩිකාලේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ අමල්බිසෝ කතාවෙ ඉන්න රාක්ෂයව . ඒත් පස්සේ කාලෙකදී තමයි මේ ගීතයේ ඉන්නේ වෙනත් රාක්ෂයෙක් කියලා තේරුනේ . මම හිතන්නේ නම් ඒ රාක්ෂයා මුදල් කියන වෙන්න ඕන කියලා . ගීතයේ ස්ථායි අන්තරා කොටස් අරගෙන බැලුවම , මුදල් කියන රාක්ෂයා මිනිසුන් බිලිගන්න ආකාරයත් ඒ බිලිගැනීමට විරුද්ධව නැගී සිටින්න වෙරදරන මිනිස්සුන්ගේ ශක්තිය සහ හැගීම් ගැනත් මේ ගීතයේ පැහැදිලිවම අන්තර්ගත වෙලා තියෙනවා . 
 
මගෙ අමල් බිසෝ 
දොර හරින්නෙපා 
හොඳ පරිස්සමින් ඉඳපන් 
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ 
නුඹ මූදුකරේ තනියෙන් 

මූදුකරේ තනියෙන් කියල අවසාන පදෙන් කිව්වට , මමනම් හිතන්නේ මෙතනට මුහුදක් ගෑවෙන්නේ නෑ . මොකද මෙතන මම දීපංකරේ කියලා යෙදුමක් තියෙනවා . ගොඩක් වෙලාවට මුහුදු බඩ පරිසරවල ඉන්න පවුල්වල පිරිමි වෙන පළාත්වල රස්සාවල්වලට යන්න තියෙන ඉඩ හරිම අඩුයි . එයාලා කරන්නේ මාළු අල්ලන ඔරු වලට සම්බන්ධවෙලා මාළු අල්ලන්න යන එක . ඒත් මේ ගීතයේ ස්ථායි කොටසේ කියන්නේ රැකියාවක් කරන්න ගමෙන් හෝ රටෙන් පිටත් වෙච්ච සැමියෙක්ගේ සිතුවිලි කියලා තමයි මම නිගමනය කරන්නේ .

ඔහු කියනවා , මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමෙන් ඉඳපන් කියලා . මෙතන දොර හරින්නෙපා කියලා කියන්නේ විවාහය නමැති බන්ධනයෙන් වැසීගිය දොරටුව නැවත විවර කරලා වෙනත් පිරිමින් වෙත යන්න එපා කියලා වගේ අදහසක් . මොකද ස්වාමියා ඉන්නේ දුර ප්‍රදේශයක , නැත්නම් දුර රටක . පවුලේ ඕනා එපාකම් පිරිමහගන්න තමන් උපයන මුදල හොඳටම මදි කියලා ස්වාමියා දන්නවා . ඒ නිසා ස්වාමියාගේ හිතේ ඇතිවෙනවා පොඩි බයක් , තමන්ගේ බිරිඳ මුදල් වෙනුවෙන් වෙනත් පිරිමින් හොයාගෙන යයිද දන්නේ නෑ කියලා . ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉන්න මේ ස්වාමියා තමන්ගේ කුටුම්භය ගැන ලතවෙනවා වගේම දුක් වෙනවා . එහෙම වෙන්නේ බිරිඳ මූදුකරේ තනියෙන් ඉන්න නිසා .

මූදුකරේ කියන්නේ වෙරලක් කියලා මම හිතන්නේ නෑ . මෙතන පද බැඳුම යෙදීලා තියෙන විදියට මමනම් හිතන්නේ මූදුකරේ කියලා කියන්නේ විනාශ මුඛය කියලා . දැන් බලන්න , මුහුදක් අයිනේම ජීවත්වෙන අයට තමන්ගේ ජීවිතය ගැන ස්ථාවර බවක් හිතේ තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද ? බැහැ . ඒ මොකද මුහුද විශ්වාස කරන්න බෑ . කොයිවෙලේ ලොකු රැල්ලක් , සුනාමියක් වගේ එකක් නැත්නම් කුණාටුවක් ඇවිත් වෙරළේ තියෙන ගෙවල් බිලිගනියිද දන්නේ නෑ .

අන්න ඒවගේ තමයි මේ ස්ථායි කොටසේ කියන්නේ . තමන්ගේ බිරිඳ ඉන්නේ විනාශ මුඛය ඉදිරිපිට . ඒත් ඒ විනාශ මුඛයට පනින්න නම් එපා කියලා ස්වාමියා බිරිඳගෙන් ඉල්ලනවා වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා . විනාශ මුඛය නමැති මුහුදුකරේ තනියම හිටියත් හිත දැඩි කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් 
ඒරොප්පෙ ඉඳන් ඇවිදින් 
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි 
නුඹ නොදැක්ක සේ ඉඳපන් 

දැන් අර මකර කටට පනින්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ බිරිඳව , මකර කටට බලෙන්ම පන්නවන්න බලාගෙන ඉන්න සුදු මහත්තුරු ඒරොප්පේ ඉඳලා ඇවිත් මේ බිරිඳව මුලා කරගන්න බැල්ම හෙලයි , එහෙම බැල්ම දාලා ලං වෙන්න බලයිද දන්නේ නෑ කියලා ස්වාමියා තවදුරටත් හිතනවා . ඊට පස්සේ ස්වාමියා කියනවා එහෙම ලං වෙන්න ආවත් , උඹ ඒවා දැක්කේ නෑ වගේ ඉන්න කියලා .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පේ ඉඳලා එනවා කිව්වට , මේ සුදු මහත්වරු පිටරටවල්වල ඉඳලා එන පොත්ත සුදු මහත්වරුමද ? . නැහැ . මම නම් හිතන්නේ මේ සුදු මහත්වරු කියලා කියන්නේ ධනපති පංතියේ ඉන්න සෙල්ලක්කාර මහත්වරුන්ට කියලා . මොකද දුප්පත් මිනිස්සුන්ට ඒවගේ අය කළු වැඩ කරත් සුදු මහත්වරු , සුදු අයියලා , සුදු අප්පොලා .

ඉතින් පහල පංතියේ මිනිස්සු ඉහල පන්තියේ යට කියන්නේ සුදු මහත්තයා කියලා . අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කට්ට කළු මනුස්සයෙක් . හැබැයි සල්ලි නිසා මිනිහට සුදු අයියා , සුදු මල්ලි නැත්නම් සුදා කියලා තමයි ගමේ අය කියන්නේ . ඒ නිසා කළු අයට සුදු කියල අකියවාගන්න ඕන නම් ඔන්න චාන්ස් එකක් තියෙනවා , ටිකක් වැඩිපුර හම්බ කරානම් වැඩේ ගොඩ .

ඒරොප්පේ කියලා කියන්නේ පිටරටවල්ම කියලා කියන්න බැහැ . මොකද මම එහෙම කියන්නේ , දුප්පත් අය පිටරට වගේ කියලා මවාගන්නේ විශාල මන්දිර තියෙන සුඛෝපභෝගී පරිසරයක් . ඉතින් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට කියන්නේ ඒරොප්පේ ඉඳලා එන සුදු මහත්වරු කියලා , සල්ලිකාර ධනවත් මහත්වරු ගැන වෙන්න ඕන .

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් 
ගෙට එබී බලයි හොරැහින් 
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් 
නුඹ හෝදිසියෙන් ඉඳපන් 

එක එක ජාතියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවල් වලට ගෑණු අය එනවා ළමයි හොරකම්කරගෙන යන්න . සමහරවිට හොරකම් කරගෙනමත් නෙවෙයි , සල්ලි දීලා ළමයි හදාගන්න අරගෙන යන්න . ඉතින් මේ ස්වාමියා හිතනවා අතමන්ගේ බිරිඳ තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් නිසා දරුන්වන් දන් දෙයිද දන්නේ නෑ කියලා .

ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන එහෙම හිතයි කියලා විශ්වාස කරන්න බැහැ කියලා දැන් ඔයාලා මට කියයි . ඒත් සමාජයේ වෙන දේවල් ඒක බැලුවම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන් නේද ? . මොකද ළමයින්ව ජීවත් කරවන්න අමාරු නිසාම එයාලා අකමත්තෙන්ම කැමතිවෙන්න පුළුවන් ළමයා හදාගන්න දෙන්න . ඉන්නවනම් තවත් ළමයෙක් , ඒ  ළමයා ජීවත් කරවන්න සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනවා .

ඉතින් මම කියන්නේ මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් කියන්නේ එහෙම දෙයක් කියලා . ස්වාමියා හිතුවට තමන්ගේ දරුවන් දෙයිද දන්නේ නෑ කියලා ස්වාමියා බිරිඳට පෙන්නන්නේ නෑ තමන් බිරිඳ ගැන එහෙම හිතුවා කියලා . ඒ නිසා ස්වාමියා කියනවා මෙහෙම සල්ලිකාර නෝනලා ආවට කමක් නෑ , ගෙදරට එබිකම් කලත් කමක් නෑ , අපේ දරුවන්ව ළඟට කරගෙන පරිස්සම් කරගෙන ඉන්න කියලා .

ඉතින් මේ ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි අරගෙන බැලුවම මුදල් කියන්නේ අමල්බිසෝ හොයාගෙන ආපු රාක්ෂයාට වඩා භයානක රාක්ෂයෙක් කියලා පේනවා නේද ?

සංගීත සංයෝජනය ගැනත් කියන්න දේවල් ටිකක් තියෙනවා . මට මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිතෙන්නේ මේ ගීතය භීම්පලාසි කියන රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ස්වර රචනාව සමහර තැන් වලදී භීම්පලාසි රාගයත් එක්ක කෙලින්ම ගැළපෙනවා .

සිංදුවා ඉස්සර ලිව්වා පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය ගැන මෙන්න මේ පෝස්ට් එකේ . එතනදීත් මම කමෙන්ට් එකක කියලා තිබුණා ඒ ගීතයත් භීම්පලාසි රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . මෙතනදීත් මට මේ ගීතය ඇහෙන්නේ ඒ වගේ . මේ තියෙන්නේ භීම්පලාසි රාගයේ ගායනයක් . අහලා බලන්න පුළුවන් ඔයාලට කැමතිනම් .

මේ ගීතයේ ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එකකින් තමයි තේමා වාදනය ආරම්භ කරන්නේ . ඒත් එක්කම යටින් යනවා බේස් ගිටාර් වාදනය . මේ ගිටාර් වාදනයෙන් මට මැවිලා පේනවා නිකන් ක්ෂිතිජයක් වගේ පසුබිමක් . කවදාවත් ලං වෙන්නේ නැති , නැත්නම් දුරස් වීම කියන හැගීම ඇතිකරන්න ඒ ගිටාර් වාදනය හොඳට ගැළපෙනවා .

තේමා වාදනයේ තාල රහිත කොටස ඉවර උනාට පස්සේ තාල වාදනය කෙරෙන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . ඒවගේම ඒ ප්‍රධාන තාලයට හයිහැට් ඒකත් බේස් ගිටාර් එකත් දායක වෙනවා . ඊට පස්සේ එනවා තේමා වාදනයේ තියෙන බටනලා වාදන කොටසට . එතනදී තාල වාදනය කෙරෙන්නේ රබානකින් . මෙතන බටනලා වාදනය කරන්නේ බටනලා දෙකකින් වීම විශේෂ දෙයක් . බේස් ගිටාර් එකෙන් මේ බටනලා වාදනය ඉස්මතු කරන්න දායකවෙන වාදන කණ්ඩයක් ඇහෙන්නේ නෑහෙන්නේ නැති ගානට වාදනය වෙනවා .

දැන් තේමා වාදනය ඉවරවෙලා ගායනය ආරම්භ වෙනවා . ඒ ආරම්භ වීම කරනකොට වාදනය සම්පූර්ණයෙන්ම නවතිනවා . ඊට පස්සේ මගෙ අමල් බිසෝ කියන කොටසේ බිසෝ කියන වචනය උඩදී තමයි ආයෙත් තාල වාද්‍ය භාණ්ඩයකින් තාලය වාදනය කරන්න පටන් ගන්නේ . මෙතන වාදනය කරන්නේ ඩොල්කිය කියන තාල වාද්‍ය භාණ්ඩය .

මේ ගීතයේ තියෙන මම කැමතිම කොටසක් තමයි ඔය ඩොල්කියෙන් ස්ථායි අන්තරා කොටස් ආරම්භ කරන විදිය . ඒ වගේම ඩොල්කිය වාදනය කරන විදියත් ආකර්ශනීයයි . මේ ගීතයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ තුනක් හරි හරියට ගීතය පුරාවට වාදන වීම . ඒවා තමයි රබාන ඩොල්කිය සහ බොන්ගෝ ඩ්‍රම් එක .

ඔහොම දැන් ගීතය ගායනා වෙනකොට දීපංකරේ තනියෙන් කියන තැන තනියෙන් කියන වචනය එක්ක ඇහෙනවා බොන්ගෝ ඩ්‍රම් එකෙන් ටක ටක ටක ටක ගාලා වාදනයවෙන තාලයේ හතරගුණය දක්වන තාල කොටසක් වාදනය කරනවා . ඒ කොටසත් මේ ගීතයේ තියෙන මම කැමති කොටසක් . ඒ වගේ කොටසක් තව තිබුණ ඔයාලට මතකද දන්නේ නෑ , රෑ දොළොස් පැයේ ගීතය ගැන මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එකේ .

මේ ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ එකොස්ටික් ගිටාර් එකකින් . ඒ වාදනයවෙන කෝඩ්ස් වල ස්වර ග්ලොකන් ස්පීල් එකකිනුත් ගීතය පුරාවටම වාදනය කරනවා .

ආයෙත් කියන්න ඕන මේ ගීතයේ මම වැඩිපුරම සිත්ගත් තැන වෙන්නේ ස්ථායි අන්තරා කොටස් පටන් ගන්නකොටම ඩොල්කියෙන් වාදනය කෙරෙන වාදන කොටස . ඒකට අපි කියන්නේ සාමාන්යෙන් බීට් එක කඩලා ගන්නවා කියලා .

එහෙනම් තවත් ගීතයක්ගැන යක්කු ගැන එව්වා මෙව්වා ගැන පෝස්ට් එකක් අරගෙන ලබන සතියේ එන්නම්කෝ . දැන් වයලීනොට සති අන්තයේ නිවාඩුයි . ඒ නිසා සති අන්තයේ ලියන්න පුළුවන් ගින්නක් නැතුව . එහෙනම් අපි ගියා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

http://sinduwagemiyasiya.blogspot.com/2015/01/blog-post_25.html?m=0

"If you're alone, I'll be your shadow. If you want to cry, I'll be your shoulder. If you want a hug, I'll be your pillow. If you need to be happy, I'll be your smile... But anytime you need a friend, I'll just be me."
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
26 Jan 2015 02:31 AM
  •  Quote
  •  Reply

geethaye theruma witharak newei geethayata yodagatta wadana banda ganath wistharayak thiyenawa..ithama watinawa...mama hithuwe meka muuda ayine inna kenekta kiyana song ekak kiyalai

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
26 Jan 2015 02:54 AM
  •  Quote
  •  Reply
lasana pahadili vistarekuth ekkama. lassanama sinduvak. godak sthuti
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 Jan 2015 03:00 AM
  •  Quote
  •  Reply
Geethaya ahala witharak inne nethiwa e gena theruma wagema pasubimath dana gaththama e geethaye rasaya hodin ma widinna puluwan kiyala mata hithenne.

Bohoma sthuthiyi me thorathuru apith ekka bedaa gaththata..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 Jan 2015 07:15 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 22 Jan 2015 08:15 PM

ළැම සළු ඉහිරී
නෙතු මත ම වැදී
උන්මාද සුසුම් හෙළමි
සිහිනෙන් දකිමි
මල් කිනි මම සිඹින හැටි
අතැඟිලි සුව දී

edinada jeewithe maga thotadi api kaatath wena deyak meka...meka thamai hangeem kiyanne..tx himali me lassana song eke kathawa apita dunnta

මෙච්චර දිග සින්දුවෙත් ඉන්දික007 මතක හිටියේ   ඒ ටිකමනේ.....  

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 Jan 2015 07:22 AM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 26 Jan 2015 02:23 AM

මගෙ අමල් බිසෝ

මගෙ අමල් බිසෝ
දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්

යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්

ගායනය - සුනිල් එදිරිසිංහ

පද - බණ්ඩාර ඇහැළියගොඩ

තනුව - රෝහණ වීරසිංහ 
 
පොඩිකාලේ මේ ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ අමල්බිසෝ කතාවෙ ඉන්න රාක්ෂයව . ඒත් පස්සේ කාලෙකදී තමයි මේ ගීතයේ ඉන්නේ වෙනත් රාක්ෂයෙක් කියලා තේරුනේ . මම හිතන්නේ නම් ඒ රාක්ෂයා මුදල් කියන වෙන්න ඕන කියලා . ගීතයේ ස්ථායි අන්තරා කොටස් අරගෙන බැලුවම , මුදල් කියන රාක්ෂයා මිනිසුන් බිලිගන්න ආකාරයත් ඒ බිලිගැනීමට විරුද්ධව නැගී සිටින්න වෙරදරන මිනිස්සුන්ගේ ශක්තිය සහ හැගීම් ගැනත් මේ ගීතයේ පැහැදිලිවම අන්තර්ගත වෙලා තියෙනවා . 
 
මගෙ අමල් බිසෝ 
දොර හරින්නෙපා 
හොඳ පරිස්සමින් ඉඳපන් 
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ 
නුඹ මූදුකරේ තනියෙන් 

මූදුකරේ තනියෙන් කියල අවසාන පදෙන් කිව්වට , මමනම් හිතන්නේ මෙතනට මුහුදක් ගෑවෙන්නේ නෑ . මොකද මෙතන මම දීපංකරේ කියලා යෙදුමක් තියෙනවා . ගොඩක් වෙලාවට මුහුදු බඩ පරිසරවල ඉන්න පවුල්වල පිරිමි වෙන පළාත්වල රස්සාවල්වලට යන්න තියෙන ඉඩ හරිම අඩුයි . එයාලා කරන්නේ මාළු අල්ලන ඔරු වලට සම්බන්ධවෙලා මාළු අල්ලන්න යන එක . ඒත් මේ ගීතයේ ස්ථායි කොටසේ කියන්නේ රැකියාවක් කරන්න ගමෙන් හෝ රටෙන් පිටත් වෙච්ච සැමියෙක්ගේ සිතුවිලි කියලා තමයි මම නිගමනය කරන්නේ .

ඔහු කියනවා , මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා නුඹ පරිස්සමෙන් ඉඳපන් කියලා . මෙතන දොර හරින්නෙපා කියලා කියන්නේ විවාහය නමැති බන්ධනයෙන් වැසීගිය දොරටුව නැවත විවර කරලා වෙනත් පිරිමින් වෙත යන්න එපා කියලා වගේ අදහසක් . මොකද ස්වාමියා ඉන්නේ දුර ප්‍රදේශයක , නැත්නම් දුර රටක . පවුලේ ඕනා එපාකම් පිරිමහගන්න තමන් උපයන මුදල හොඳටම මදි කියලා ස්වාමියා දන්නවා . ඒ නිසා ස්වාමියාගේ හිතේ ඇතිවෙනවා පොඩි බයක් , තමන්ගේ බිරිඳ මුදල් වෙනුවෙන් වෙනත් පිරිමින් හොයාගෙන යයිද දන්නේ නෑ කියලා . ඉතින් ගෙදරින් ඈත්වෙලා ඉන්න මේ ස්වාමියා තමන්ගේ කුටුම්භය ගැන ලතවෙනවා වගේම දුක් වෙනවා . එහෙම වෙන්නේ බිරිඳ මූදුකරේ තනියෙන් ඉන්න නිසා .

මූදුකරේ කියන්නේ වෙරලක් කියලා මම හිතන්නේ නෑ . මෙතන පද බැඳුම යෙදීලා තියෙන විදියට මමනම් හිතන්නේ මූදුකරේ කියලා කියන්නේ විනාශ මුඛය කියලා . දැන් බලන්න , මුහුදක් අයිනේම ජීවත්වෙන අයට තමන්ගේ ජීවිතය ගැන ස්ථාවර බවක් හිතේ තියාගෙන ජීවත් වෙන්න පුලුවන්ද ? බැහැ . ඒ මොකද මුහුද විශ්වාස කරන්න බෑ . කොයිවෙලේ ලොකු රැල්ලක් , සුනාමියක් වගේ එකක් නැත්නම් කුණාටුවක් ඇවිත් වෙරළේ තියෙන ගෙවල් බිලිගනියිද දන්නේ නෑ .

අන්න ඒවගේ තමයි මේ ස්ථායි කොටසේ කියන්නේ . තමන්ගේ බිරිඳ ඉන්නේ විනාශ මුඛය ඉදිරිපිට . ඒත් ඒ විනාශ මුඛයට පනින්න නම් එපා කියලා ස්වාමියා බිරිඳගෙන් ඉල්ලනවා වගේම ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා . විනාශ මුඛය නමැති මුහුදුකරේ තනියම හිටියත් හිත දැඩි කරගෙන ඉන්න කියලා තමයි කියන්නේ .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් 
ඒරොප්පෙ ඉඳන් ඇවිදින් 
මුදු බැලුම් හෙලයි, ළං වෙන්න බලයි 
නුඹ නොදැක්ක සේ ඉඳපන් 

දැන් අර මකර කටට පනින්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට මේ බිරිඳව , මකර කටට බලෙන්ම පන්නවන්න බලාගෙන ඉන්න සුදු මහත්තුරු ඒරොප්පේ ඉඳලා ඇවිත් මේ බිරිඳව මුලා කරගන්න බැල්ම හෙලයි , එහෙම බැල්ම දාලා ලං වෙන්න බලයිද දන්නේ නෑ කියලා ස්වාමියා තවදුරටත් හිතනවා . ඊට පස්සේ ස්වාමියා කියනවා එහෙම ලං වෙන්න ආවත් , උඹ ඒවා දැක්කේ නෑ වගේ ඉන්න කියලා .

යස ඉසුරු අරන් සුදු මහත්වරුන් ඒරොප්පේ ඉඳලා එනවා කිව්වට , මේ සුදු මහත්වරු පිටරටවල්වල ඉඳලා එන පොත්ත සුදු මහත්වරුමද ? . නැහැ . මම නම් හිතන්නේ මේ සුදු මහත්වරු කියලා කියන්නේ ධනපති පංතියේ ඉන්න සෙල්ලක්කාර මහත්වරුන්ට කියලා . මොකද දුප්පත් මිනිස්සුන්ට ඒවගේ අය කළු වැඩ කරත් සුදු මහත්වරු , සුදු අයියලා , සුදු අප්පොලා .

ඉතින් පහල පංතියේ මිනිස්සු ඉහල පන්තියේ යට කියන්නේ සුදු මහත්තයා කියලා . අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා කට්ට කළු මනුස්සයෙක් . හැබැයි සල්ලි නිසා මිනිහට සුදු අයියා , සුදු මල්ලි නැත්නම් සුදා කියලා තමයි ගමේ අය කියන්නේ . ඒ නිසා කළු අයට සුදු කියල අකියවාගන්න ඕන නම් ඔන්න චාන්ස් එකක් තියෙනවා , ටිකක් වැඩිපුර හම්බ කරානම් වැඩේ ගොඩ .

ඒරොප්පේ කියලා කියන්නේ පිටරටවල්ම කියලා කියන්න බැහැ . මොකද මම එහෙම කියන්නේ , දුප්පත් අය පිටරට වගේ කියලා මවාගන්නේ විශාල මන්දිර තියෙන සුඛෝපභෝගී පරිසරයක් . ඉතින් මේ ස්වාමියා තමන්ගේ බිරිඳට කියන්නේ ඒරොප්පේ ඉඳලා එන සුදු මහත්වරු කියලා , සල්ලිකාර ධනවත් මහත්වරු ගැන වෙන්න ඕන .

ඇඳ නේක ඇඳුම් සුදු නෝනවරුන් 
ගෙට එබී බලයි හොරැහින් 
මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් 
නුඹ හෝදිසියෙන් ඉඳපන් 

එක එක ජාතියේ වෛවර්ණ ඇඳුම් ඇඳගෙන සමහර වෙලාවල් වලට ගෑණු අය එනවා ළමයි හොරකම්කරගෙන යන්න . සමහරවිට හොරකම් කරගෙනමත් නෙවෙයි , සල්ලි දීලා ළමයි හදාගන්න අරගෙන යන්න . ඉතින් මේ ස්වාමියා හිතනවා අතමන්ගේ බිරිඳ තමන්ගේ පවුලේ තියෙන අගහිඟකම් නිසා දරුන්වන් දන් දෙයිද දන්නේ නෑ කියලා .

ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන එහෙම හිතයි කියලා විශ්වාස කරන්න බැහැ කියලා දැන් ඔයාලා මට කියයි . ඒත් සමාජයේ වෙන දේවල් ඒක බැලුවම එහෙම වෙයි කියලා හිතන්න පුළුවන් නේද ? . මොකද ළමයින්ව ජීවත් කරවන්න අමාරු නිසාම එයාලා අකමත්තෙන්ම කැමතිවෙන්න පුළුවන් ළමයා හදාගන්න දෙන්න . ඉන්නවනම් තවත් ළමයෙක් , ඒ  ළමයා ජීවත් කරවන්න සල්ලි ඉල්ලන්නත් ඉඩ තියෙනවා .

ඉතින් මම කියන්නේ මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් කියන්නේ එහෙම දෙයක් කියලා . ස්වාමියා හිතුවට තමන්ගේ දරුවන් දෙයිද දන්නේ නෑ කියලා ස්වාමියා බිරිඳට පෙන්නන්නේ නෑ තමන් බිරිඳ ගැන එහෙම හිතුවා කියලා . ඒ නිසා ස්වාමියා කියනවා මෙහෙම සල්ලිකාර නෝනලා ආවට කමක් නෑ , ගෙදරට එබිකම් කලත් කමක් නෑ , අපේ දරුවන්ව ළඟට කරගෙන පරිස්සම් කරගෙන ඉන්න කියලා .

ඉතින් මේ ස්ථායි කොටසයි අන්තරා කොටස් දෙකයි අරගෙන බැලුවම මුදල් කියන්නේ අමල්බිසෝ හොයාගෙන ආපු රාක්ෂයාට වඩා භයානක රාක්ෂයෙක් කියලා පේනවා නේද ?

සංගීත සංයෝජනය ගැනත් කියන්න දේවල් ටිකක් තියෙනවා . මට මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ හිතෙන්නේ මේ ගීතය භීම්පලාසි කියන රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . සමහරවිට ඒක වැරදි වෙන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ස්වර රචනාව සමහර තැන් වලදී භීම්පලාසි රාගයත් එක්ක කෙලින්ම ගැළපෙනවා .

සිංදුවා ඉස්සර ලිව්වා පෙරදිනයක මා පෙම්කල යුවතිය ගීතය ගැන මෙන්න මේ පෝස්ට් එකේ . එතනදීත් මම කමෙන්ට් එකක කියලා තිබුණා ඒ ගීතයත් භීම්පලාසි රාගයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් කියලා . මෙතනදීත් මට මේ ගීතය ඇහෙන්නේ ඒ වගේ . මේ තියෙන්නේ භීම්පලාසි රාගයේ ගායනයක් . අහලා බලන්න පුළුවන් ඔයාලට කැමතිනම් .

මේ ගීතයේ ඉලෙක්ට්‍රික් ලීඩ් ගිටාර් එකකින් තමයි තේමා වාදනය ආරම්භ කරන්නේ . ඒත් එක්කම යටින් යනවා බේස් ගිටාර් වාදනය . මේ ගිටාර් වාදනයෙන් මට මැවිලා පේනවා නිකන් ක්ෂිතිජයක් වගේ පසුබිමක් . කවදාවත් ලං වෙන්නේ නැති , නැත්නම් දුරස් වීම කියන හැගීම ඇතිකරන්න ඒ ගිටාර් වාදනය හොඳට ගැළපෙනවා .

තේමා වාදනයේ තාල රහිත කොටස ඉවර උනාට පස්සේ තාල වාදනය කෙරෙන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . ඒවගේම ඒ ප්‍රධාන තාලයට හයිහැට් ඒකත් බේස් ගිටාර් එකත් දායක වෙනවා . ඊට පස්සේ එනවා තේමා වාදනයේ තියෙන බටනලා වාදන කොටසට . එතනදී තාල වාදනය කෙරෙන්නේ රබානකින් . මෙතන බටනලා වාදනය කරන්නේ බටනලා දෙකකින් වීම විශේෂ දෙයක් . බේස් ගිටාර් එකෙන් මේ බටනලා වාදනය ඉස්මතු කරන්න දායකවෙන වාදන කණ්ඩයක් ඇහෙන්නේ නෑහෙන්නේ නැති ගානට වාදනය වෙනවා .

දැන් තේමා වාදනය ඉවරවෙලා ගායනය ආරම්භ වෙනවා . ඒ ආරම්භ වීම කරනකොට වාදනය සම්පූර්ණයෙන්ම නවතිනවා . ඊට පස්සේ මගෙ අමල් බිසෝ කියන කොටසේ බිසෝ කියන වචනය උඩදී තමයි ආයෙත් තාල වාද්‍ය භාණ්ඩයකින් තාලය වාදනය කරන්න පටන් ගන්නේ . මෙතන වාදනය කරන්නේ ඩොල්කිය කියන තාල වාද්‍ය භාණ්ඩය .

මේ ගීතයේ තියෙන මම කැමතිම කොටසක් තමයි ඔය ඩොල්කියෙන් ස්ථායි අන්තරා කොටස් ආරම්භ කරන විදිය . ඒ වගේම ඩොල්කිය වාදනය කරන විදියත් ආකර්ශනීයයි . මේ ගීතයේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ තුනක් හරි හරියට ගීතය පුරාවට වාදන වීම . ඒවා තමයි රබාන ඩොල්කිය සහ බොන්ගෝ ඩ්‍රම් එක .

ඔහොම දැන් ගීතය ගායනා වෙනකොට දීපංකරේ තනියෙන් කියන තැන තනියෙන් කියන වචනය එක්ක ඇහෙනවා බොන්ගෝ ඩ්‍රම් එකෙන් ටක ටක ටක ටක ගාලා වාදනයවෙන තාලයේ හතරගුණය දක්වන තාල කොටසක් වාදනය කරනවා . ඒ කොටසත් මේ ගීතයේ තියෙන මම කැමති කොටසක් . ඒ වගේ කොටසක් තව තිබුණ ඔයාලට මතකද දන්නේ නෑ , රෑ දොළොස් පැයේ ගීතය ගැන මම ලිව්ව මෙන්න මේ පෝස්ට් එකේ .

මේ ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ එකොස්ටික් ගිටාර් එකකින් . ඒ වාදනයවෙන කෝඩ්ස් වල ස්වර ග්ලොකන් ස්පීල් එකකිනුත් ගීතය පුරාවටම වාදනය කරනවා .

ආයෙත් කියන්න ඕන මේ ගීතයේ මම වැඩිපුරම සිත්ගත් තැන වෙන්නේ ස්ථායි අන්තරා කොටස් පටන් ගන්නකොටම ඩොල්කියෙන් වාදනය කෙරෙන වාදන කොටස . ඒකට අපි කියන්නේ සාමාන්යෙන් බීට් එක කඩලා ගන්නවා කියලා .

එහෙනම් තවත් ගීතයක්ගැන යක්කු ගැන එව්වා මෙව්වා ගැන පෝස්ට් එකක් අරගෙන ලබන සතියේ එන්නම්කෝ . දැන් වයලීනොට සති අන්තයේ නිවාඩුයි . ඒ නිසා සති අන්තයේ ලියන්න පුළුවන් ගින්නක් නැතුව . එහෙනම් අපි ගියා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

http://sinduwagemiyasiya.blogspot.com/2015/01/blog-post_25.html?m=0

ගීතයේ අර්ථ විස්ලේෂණයට අමතර.... සංගීත අධ්‍යක්ෂණය ට පණ පෙවූ  අපූරුවත් සිත්ගන්න අයුරින් විග්‍රහ  කරලා තියෙනවා...

දැන් ඉතින්   මේ සින්දුව අහලම ආයෙත් මේ ලිපිය කියවනවා.....
ඉතා දුර්ලභ ගනයේ ගීතයක් වගේම ගුර්ලභ විග්‍රහයක්....බොහොම ස්තුතියි 

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Jan 2015 07:23 AM
  •  Quote
  •  Reply
watina phadili krimak.thanks.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
27 Jan 2015 07:05 PM
  •  Quote
  •  Reply

•නව දැලි හේනක පෑව වැඳිරි රුව

"මා පෙම් කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා..."
 
පද රචනය, සංගීතය හා ගායනය එකම පුද්ගලයා අතින් නිමැවෙන අවස්ථා සිංහල ගීතය තුළ හමුවන්නේ ඉතා කලාතුරකිනි. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ෂර්ලි වෛජයන්ත ආදීන්ගේ නිර්මාණ තුළ මේ තත්ත්වය කලාතුරකින් දක්නට හැකිය. මේ අතර සෝමතිලක ජයමහ නම් වූ ගාන්ධර්වයාට හිමිවන්නේ සුවිශේෂත්වයකි. අප අතර කීර්තියට පත්වූ ගී නිර්මාණ කීපයකම මේ ත්‍රිපුද්ගල සංයෝගය සෝමතිලක ජයමහ නම් වූ කලාකරුවා අතින්ම සම්පූර්ණ වී තිබේ. කාව්‍යක්කාරයෙකු, සංගීතඥයෙකු මෙන්ම මධුර හඬකට හිමිකම් කියමින් සුගායනයේ යෙදීමේ හැකියාව වූ කලී කෙනකුට කලාතුරකින් දායාද වන භාග්‍යයකි.
 
එක්තරා විරෝධාකල්ප නිර්මාණයක් ලෙස සැලකිය හැකි මේ නිර්මාණයට පසුබිම් වන්නේ සද්ධර්මරත්නාවලියේ හමුවන නන්ද තෙරුන්ගේ වස්තුවයි.
 
නන්ද තෙරුන්ගේ වස්තුවෙහි නන්ද තෙරුන් පැවිදි වන්නේ ස්වේච්ඡාවෙන් නොව බුදුහිමියන් කළ ඉල්ලීමක් මතයි. මාලිගයේ දන් වැලඳීමෙන් පසු බුදු හිමියන් පාත්‍රය නන්ද කුමරාට දුන් නිසා ඔහුට එය රැගෙන ජේතවනාරාමය තෙක් පසුපසින් යන්නට සිදුවෙයි. එසේ යන විට ඔහු සමඟ සරණ ගිවිස සිටි ජනපද කල්‍යාණිය, ස්නානය කරමින් සිට මුදන ලද වරලස සමඟ මඟට පැමිණ, ඉක්මනට ආපසු එන ලෙස ඔහුට ප්‍රකාශ කරයි. මේ අදහස කුමරුගේ හිතට තදින් කාවැදුණු නිසා ඔහු පැවිදි වුවද නිසි පරිදි බණ භාවනා නොකරයි. ශාසනය කෙරෙහි ඇල්ම අතහරියි. එසඳ බුදුහිමියන් ඔහු ව තව්තිසා දිව්‍යලෝකය කරා ගෙන යති. යන අතරමඟදී අලුත දැවුණු හේනක් ද දැවී ගිය වැඳිරියක ද ප්‍රදර්ශනය කරති. දිව්‍යාංගනාවන් දුටු නන්ද කුමරාට දැනෙන්නේ ජනපද කල්‍යාණිය දැවුණු හේනේ වැඳිරිය හා සමාන බවකි.
 
"ස්වාමීනි කුමක් වදාරන සේක්ද? මේ දෙවඟනන් දුටු කලට ඒ දනව් කලන බිසවු නම් අතුරු මඟ නවදැළි සේනේ අප දුටු දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලත් වටිත් දැයි කී සේක්"
(සද්ධර්මරත්නාවලිය)
 
සද්ධර්මරත්නාවලිය තුළින් හමුවන නන්දගේ චරිතය වූ කලී අවස්ථාවාදී පෙම්වතකුගේ චරිතයකි. එහෙත් මෙහි පද රචකයා උත්සාහ කරන්නේ එම ආකල්පය අභියෝගයට ලක් කරමින් පරමාදර්ශී සංවේදී ප්‍රේමවන්තයකු ගේ චරිතයක් ‘නන්ද’ තුළින් ප්‍රතිනිර්මාණය කිරීමටයි.
 
"නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා"
 
තම සැළමුතු ප්‍රේමය දිව්‍යාංගනාවන් ඉදිරියේ පාවාදීමට මේ ප්‍රේමවන්තයා සූදානම් නැත. ආදරය වෙනුවෙන් බුදුහිමියන්ට පවා අභියෝග කිරීමට රචකයා මවනා නන්ද සමත්වෙයි. සැබෑ ආදරයක පැවතිය යුතු කෘතවේදී බව සහ පරිත්‍යාගශීලී බව මේ තුළ අන්තර්ගතය.
 
"සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා"
 
මෙහි මුණගැසෙන පෙම්වතා සුරඟනන්ට ගැරහීමක් සිදු නොකරයි. ඔහු පවසන්නේ තමා සුරඟනන් ගේ රූ සිරි හොඳින් දුටු බවයි. ඒත් අතපොවන්නට බැරි දුරක සිටින සුරඟනන්ට වඩා අතළඟ සිටින ජනපද කල්‍යාණිය තමාට වටිනා බව ඔහු ප්‍රකාශ කර සිටී. සුරඟනන් ගේ රූ සිරි හොඳින් වින්ද බවට ඔහු කරන ප්‍රකාශය නිසාම පෙම්වතාගේ අවංකභාවය වඩා හොඳින් ඉස්මතු වෙයි. එසේම නිර්මාණයට අව්‍යාජත්වයක් එක්වෙයි.
 
"මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා"
 
ආදරය අරුම පුදුමය. එහි උස්මිටිකම් නොමැතිය. “හිත ගිය තැන මාලිගාව“ යන කියමන මෙන්ම “දුවන මුවන් දැක නොදමන් නෙළූ පලා” යන ජනශ්‍රැතියේ එන ප්‍රකාශයන් ද මේ රචනාව තුළින් ඉස්මතු වෙයි. ඔහු ව්‍යංග්‍යයෙන් පවසන්නේ ඇසින් හඳුනා ගැනීමට වඩා හදවතින් හඳුනාගැනීම ප්‍රබල බවයි. එය පහසුවෙන් බිඳ දැමිය නොහැකි බන්ධනයක් බවයි. 
 
බෞද්ධ සාහිත්‍යකරුවා බුද්ධ චරිතය වීරත්වයට පත් කිරීමට මේ ප්‍රබන්ධයන් කළ ද නන්ද කුමරාගේ චරිතය දෙස දෙවරක් සිතීමට මේ ගීතය ඉවහල් වෙයි. තම වැඩිමහල් සහෝදරයාට ඇති ගෞරවය නිසා ඔහු පැවිදිවූයේ අකැමැත්තෙනි. ඔහුගේ හිතේ රැඳුණ අවසාන ඡායාව වූයේ තමාට ඉක්මනින් ආපසු එන ලෙස පැවසූ ජනපද කල්‍යාණියගේ ඡායාවයි.
 
මගේ මනස ඉදිරියේ මැවෙන්නේ අකැමැත්තෙන් මහණ වී බවුන් වඩන නන්ද හිමියන්ගේ රූපයයි. හිත එකඟ කරන්නට තැත් කරන වාරයක් පාසා, කෙස්වැටිය මුදාගෙන ඔහුට අත වැනූ ඒ සුන්දරිය ඔහුට සිහිවෙයි. ජේතවනාරාමයේ වැටෙන් රිංගා ඇය සොයා යාමට ඔහුට සිත් දෙයි.
 
රමණීය තනු නිර්මාණයෙහි මෙන්ම සුගායනයෙහි සෝමතිලක ජයමහ දක්වන සමත්කම නැවත; නැවතත් නිර්මාණය තුළ මතුවෙයි. ඒ තුළින් මතුවන නන්ද කුමරාගේ සුසුම මගේ හදවත මොහොතකට පාරයි.
 
"නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
 
සුරඟන රූ සිරි දුටිමි හැඳින්නෙමි
සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා
 
"මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ළතැවුල් දෙයි රැය ද දිවා
නෙත දුටු සුරඟන රූසිරි කුමට ද
හද දුටු ජනපද කලණ නිසා"
 
පද රචනය, සංගීතය සහ ගායනය - සෝමතිලක ජයමහ
 
(Nawa Deli Henaka - Somathilaka Jayamaha)
 
සෝමතිලක ජයමහ
 
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
 
"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "
 
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
27 Jan 2015 09:10 PM
  •  Quote
  •  Reply
lassana sinduwak. thanks indika ayye
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
31 Jan 2015 04:23 PM
  •  Quote
  •  Reply

kemathima geetha kipayakam thiyenwa.....godak welawata theruma danne nane hariyatama,me wage lipi godak hodai me wage geetha hodata rasa vidinna...hemotama sthutiii.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
31 Jan 2015 05:21 PM
  •  Quote
  •  Reply
මමත් ආස කරන ගීත අතරින් එක ගීතයක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
31 Jan 2015 05:35 PM
  •  Quote
  •  Reply
lasana song ekak..........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
01 Feb 2015 04:50 AM
  •  Quote
  •  Reply
අපට යම් දෙයක අගය දැනෙනුයේ එය අපෙන් ඉවත්ව ගිය විටයි..
අප සතුට තිබෙන දෙයින් සෑහීමට පත්වීමට පුළුවන් නම් ගොඩක් වටිනවා...
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
01 Feb 2015 09:10 AM
  •  Quote
  •  Reply

දැන් ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ...

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ

අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

ගායනය - දමිත් අසංක
පදරචනය, තනුව හා සංගීතය - තනුජ සංජය හේරත්

හුඟ දෙනෙක්‌ ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්‌ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්‌ද එය හරිම අමාරුයි තේරුම් ගන්න.

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ

රාත්‍රිය අනන්තයි හඳ පෙනෙන්නටත් නැහැ හැංගිලා ඇය කොහේ ඇත්ද ඒ බව දන්නේ තාරුකා විතරයි. මේ රාත්‍රියේ ඈ කොහේ නිදනවාද

අතිශය දුක්‌බර වෙන්වීමක්‌ පෙරදී කීවාක්‌ මෙන් මේ අසම්මත ආදරයක්‌.

අපි මේ සිංදුව ලියූ තරුණයාට කතා කළා. ඔහු තනුජ සංජය ඔහු විවාහයට සූදානම් වෙනවා. තව දවස්‌ තුනකින් සංජය විවාහ වෙනවා.

සිංදුව නම් මගේ අත්දැකීමක්‌ නොවේ. ඔය සිංදුව ලියද්දි මම අපොස උසස්‌ පෙළ විභාගයට ඉගෙන ගන්නවා. 2002 දී විතර මගේ මිතුරෙකුගේ අත්දැකීමක්‌. කාලයක්‌ එකට සිටි දෙදෙනෙක්‌ පාසල් කාලයෙදිත් මේ අය පෙම්වතුන්. ඒත් ඒ දෙන්නාටම වෙන්වෙන්න සිද්ධ වුණා. දැන් මේ දෙන්නාම අයිති වෙනත් දෙදෙනකුට. එහෙම දැන දැනත් කිට්‌ටු වෙන්න තමයි හිතෙන්නේ.

අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ

මේ පෙම්වතාත් පෙම්වතියත් සුසුම් හෙළනවා. ඒ වේදනාබර සුසුමන් ඒවා අන්ධකාරයේ ගිලිලා නොපෙනී යනවා. ඔහුගේ දෙනෙත් යුග කඳුළින් බොඳවෙලා. දැන් ඉතින් මා තනිවේවි. ඔහුට දුකක්‌ ඇතිවෙනවා.

මේ පෙම්වතුන් දෙදෙනාම අනුන්ගේ... එකතු වෙන්න බැහැ. ඔහුට නිතරම ඈ සිහිවෙනවා.

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

ඔහුගේ ජීවන ගමනේදී හරි මං කියාදුන්නේ ඇය. හරියට පාර කියන තාරකාවක්‌ වගේ. ඒත්... ඒත් දැන් ඇය නැහැ. ඒ තාරකාව සැඟවිලා ගිහින් ජීවිතේම අන්ධකාරය වෙළාගෙන..

මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලැබුවා. දැන් විශ්වවිද්‍යාල ජීවිතේට ආයුබෝවන් කියලා

රැකියාවක්‌ බලාපොරොත්තුවෙන් ඉන්නවා. දමිත් අසංකට මම තවත් ගීත කීපයක්‌ම ලියුවා. මේ අනන්ත රාත්‍රියේ ගීතයට තනුව සහ සංගීතය නිර්මාණය කළේත් මම. තනුජ තවත් විස්‌තර අපට කීවා. ඒ විවාහ උත්සවයේ වැඩවලට එහාට මෙහාට දුවන ගමන්...

අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ

ආදරවන්තියේ... ඔයා මට අයිති නැහැ. හරියට අඹරේ පායන සඳ වගේ... හඳ අයිති අහසට ඒත් ඒ හඳ මට එළිය දෙනවා. ඔයාත් ඒ වගේ... මට අයිති නැති ඔයා සඳක්‌ නොවී මට එළිය දුන්නා ඒත්... දැන් ඒ හඳ නැහැ. මගේ ජිවිතේ අන්ධකාරයි.

දමිත් අසංක මේ ගීයෙන් රසික රසිකාවියන් බොහෝ දෙනෙකු අතරට ගියා. පදමාලාවෙන් දෙන අර්ථය වියෝව වඩාත් දැනෙන තනුව දමිත්ගේ දුක්‌බර හඬට වඩාත් හොඳින් ගැලපෙනවා.

අජිත් අලහකෝන්

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
01 Feb 2015 09:51 AM
  •  Quote
  •  Reply

අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ

lassana therumak ,,,eth asu pamanin eka therenne ne,,,,sthutii nangi.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
01 Feb 2015 07:20 PM
  •  Quote
  •  Reply

මම ආස ගීතයේ මේ කොටසට

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

පාර පෙන්වූ තාරකාව එනම් ජීවිතයට තිබූ එක ආලෝකය නැතිවූ විට දැනෙන වේදනාව මනාව පෙන්නුම් කරලා තියෙනවා...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
01 Feb 2015 07:25 PM
  •  Quote
  •  Reply
කතා දෙකක් නෑ. ගීතයේ රහ තියෙන්නේ මෙතැන. (එක එක්කෙනාට දැනෙන්නේ වෙනස් වෙනස් විදියට..)

දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ

පුදුම තනිකමක් දැනෙනවා ඒ කොටස ඇහෙනකොට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
01 Feb 2015 08:03 PM
  •  Quote
  •  Reply
"දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ"

මමත් ගොඩක් ආසයි මෙ කොටසට
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
01 Feb 2015 08:06 PM
  •  Quote
  •  Reply

ආදරවන්තියේ... ඔයා මට අයිති නැහැ. හරියට අඹරේ පායන සඳ වගේ... හඳ අයිති අහසට ඒත් ඒ හඳ මට එළිය දෙනවා. ඔයාත් ඒ වගේ... මට අයිති නැති ඔයා සඳක්‌ නොවී මට එළිය දුන්නා ඒත්... දැන් ඒ හඳ නැහැ. මගේ ජිවිතේ අන්ධකාරයි.

ගොඩක් සංවේදී ගීතයක් 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
06 Feb 2015 08:57 PM
  •  Quote
  •  Reply

ළඳුනේ..ළඳුනේ…
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..

අමරසිරි පීරිස් මහතාගේ ගැඹුරු හඬින් ගැයුන ළඳුනේ ගී පද පේලි රසික හද දිනා ගනිද්දී ගීතයේ අර්ථය පිළිබඳවද යම් තාක් දුරකට රසික අවධානය නිරායාසයෙන්ම යොමු උනා කීවොත් නිවැරදියි.. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් ලියවුනු ගීතය සංගීතවත් වුනේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අව්‍යාජ සංගීතයෙන්.. ගීතයක වචන වලට, හැගීම් වලට පන දෙන්න කේමදාසයන් තරම් තවත් විශිෂ්ටයෙක් සිටි නැති තරම්.. විටෙක එතුමා මේ ගීතය පිලිබඳ පවසන්නේ මානව දයාවෙහි උපරිම තලය ස්පර්ශ කරන ගීතයක් ලෙසයි. ඔබද මේ ගීතයෙන් කියවෙන්නේ කුමන ආකාරයේ ළඳක් පිලිබඳවදැයි දන්නවාට නිසැකයි.. සරලවම කිවහොත් ගීතයෙන් කියවෙන්නේ සමාජය තුල නොයෙක් අයුරින් ගැරහුමට ලක්වෙන ගණිකා වෘත්තියේ නියැලෙ සිටින කාන්තාවක් ගැනයි. ගීතයේ සරල අර්ථය එසේ වෙද්දී ගීතය පිටුපස තිබෙන අනුභූතිය යම් සිද්ධි දාමයක් හරහා බැඳුනක්.
ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරෙකු මුහුණ දුන් සැබෑ සිද්ධියක් තමයි ගීතයට නිමිත්ත සපයා තිබෙන්නේ. එම මිතුරා එවකට මහනුවර අලුතින් නවාතැන් ගන්නට ලැබුනේ බෝඩිමක. එහි සගයන් පුරුද්දක් ලෙස සිදු කල දෙයක් තමයි සිය වැටුප ලැබුන දිනයට ආසන්න දිනයක ගණිකාවක් බෝඩිමට ගෙන ඒම. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට මෙය තරමක් නුහුරු අත්දැකීමක් වුනා. තම අන් සගයන්ට වඩා තරමක් වෙනස් කෙනෙකු වූ ඔහු මෙම ක්‍රියාව ප්‍රතික්ෂේප කළා. සුපුරුදු ලෙසම රාත්‍රියේ බෝඩිමේ සගයන් පිරිස අභිසරුලියක් සමග ලැගුම් ගන්නට යෙදුනා. එම දිනට පසුවදා යෙදී තිබුනේ පෝය දිනයක් නිසා පසුදා සවස දළදා වඳින්නටත් පිරිස පිටත් වෙනවා. රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මිතුරාට එක්වරම පෙර දින රාත්‍රියේ ඔහුගේ බෝඩිමේ සගයන් සමග පැමිණි කාන්තාව ඇස ගැටෙනවා. මිතුරන්ටද ඇයව හඳුනා ගැනීමට එතරම් අපහසු නොවුනත් කිසිවෙක් නාදුනනා සේ සිටිද්දී ඇයද ඔවුන්ව මග හැර යනවා. මිත්‍රයාට එය තරමක් සිතේ කම්පනයක් ඇති කල කරුණක් බවට පත් වෙනවා. පෙර දින ඇයව ඇසුරු කල මිතුරන්ද ඇයව දැන් ප්‍රතික්ෂේප කරන්නේ ඉතා පිළිකුල් සහගතවයි. මේ සිද්ධිය කන වැකෙන රන්බණ්ඩා මහතා මේ දෙස බලන්නේ වෙනත්ම කෝණයකින් සැබවින්ම වැරදි කව්රුද, මෙම කාන්තාවට සමාජය ඉදිරියේ ඇති තත්වය කුමන ආකාරයේ එකක්ද යැයි නිසැකයෙන්ම ඔහුට සිතෙන්නට ඇති.. “ළඳුනේ..ළඳුනේ..” යන යෙදුම භාවිතා කරමින් ඉතා දයාබර ලෙස ඇයව ආමන්ත්‍රණය කරන්නේද ඒ හේතුවම නිසා වන්නට ඇති….

ළඳුනේ..ළඳුනේ..
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ….
.
ඇය කොතරම් පිරිමින් ඇසුරු කරන්නට ඇතිද.. නමුත් ඇයට තවම ස්වාමියෙකු නැත. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සමාජයේ බහුතරය මෙන් ඇය හට දොස් පැවරීම බැහැර කොට ඇයව විග්‍රහ කර ගැනීමට උත්සහ දැරීමක් සිදු කරනවා…

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ….
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි…

ජීවිතය යන්තමින් හෝ අමුණා ගැනීමට මුදල් සොයා ගැනීමට ඇයට සිදුව ඇත්තේ වීදි වල සරි සරීමටයි. නෑදෑයෙකුවත් නොමැති ඇයට ඇති එකම පිහිට බුදුන් සරණයි..
බුද්ධ කාලයේදීද අසරණ වූ කාන්තාවන් නිවනට යොමු වූ ලෙස ඇයද බුදුන් සරණ පතයි. එනිසාම ඇය බුදුන් කල පටාචාරාවක්.! කිසා ගොතමියක්.!

පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ….
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ…

ඇයට හිමිව ඇති සමාජ තත්වය උදෙසා සැබවින්ම වග කිව යුත්තේ ඇය පමණක්ම නොවෙයි. ඇය සියලු ගැරහුම් ලබන්නේ ඈ වෙත පැමිණෙන පිරිමින් නිසාවෙනි. රාත්‍රියේ ඇගේ පහස ලබන්නන් සමාජය ඉදිරියේ කිසිඳු පවක් නොකරන්නාක් මෙන් ඇයව හෙලා දකියි.

සමාජය සම විටම දකින්නේ අයගේ මතුපිට ස්වරූපය පමණකි. ඇය මෙම තත්වයට ඇද දැමීමට හේතු වූ කරුණ කුමක්ද, කොතරම් දුකක් ඇගේ සිතේ ඇතිද යන්න රචකයා ශ්‍රාවකයාගෙන් සියුම් ලෙස ප්‍රශ්න කරනවා.. අවසානයේ ඇය දෙස යතාර්තවාදීව නිගමනයකට එළඹෙනවානම් ඇය කිසිවෙකුට කල වරදක් නොමැත. නමුත් සමාජය ඉදිරියේ ඉබේම වැරදි කාරියක් බවට පත් වී තිබේ..

“ළඳුනේ..” ගීතය ගැන තවත් කිව යුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදා ගැනීම අහම්බෙන් සිදු වූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායක වීමට සිටි ගායකයා පැමිණියේ නැත. එවිට කේමදාසයන්ට සිහි වුවේ සිය වාදය වෘන්දයේ එවකට වයලීනය වාදනය කරන අමරසිරි පීරිස් මහතාවයි.. එසේ මෙම ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාට වරම් ලැබුණු අතරම ඔහුගේ හඬ ගීතයට ගැලපෙන අයුරු ඉවෙන් මෙන් කේමදාසයන් දැන ගැනීමෙන් ඇති විශිෂ්ට නිර්මාණයක් සමග ඇති විශිෂ්ට ගායන ශිල්පියෙක් රටට දායාද විය …

ගායනය : අමරසිරි පීරිස්
පද : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
06 Feb 2015 09:43 PM
  •  Quote
  •  Reply

මේ සින්දුව හුග දෙනෙක් රස වින්දට ඒකෙ අර්ථය දැනගෙන නෙමෙයි හුගක් අය රස විදින්නෙ .... ස්තුතියි මල්ලි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Feb 2015 11:11 AM
  •  Quote
  •  Reply

sthuthii isuru.... apuru therumak thiyena thawath lassana sinduwak.

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ….
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි…

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
11 Feb 2015 07:19 PM
  •  Quote
  •  Reply

"“ළඳුනේ..” ගීතය ගැන තවත් කිව යුතුම දෙයක් ඇත.ඒ මේ ගීතය ගායනයට අමරසිරි පීරිස් මහතාව යොදා ගැනීම අහම්බෙන් සිදු වූ බවයි. ගීත පටිගත කිරීමට සියලු කටයුතු සුදානම් කොට තියෙද්දිත් පෙර මෙම ගීතය ගායනය කිරීමට දායක වීමට සිටි ගායකයා පැමිණියේ නැත."

me siduweema pilibandawa apita amarasiri peiris mahatha pudgalikwa atta wistharaya kiwwa ape company show ekata apu welawe.me song eka record karanna hitapu mul gayakaya thamai edward jayakodi mahatha..namthuth kemadasa mahatha samaga wuu matha gatumak hethuwen thami me song eka amarasiri kiyana e kaale kemadasa master ge wadaka manadalaye wayaleen wadakaya gayana kale.

thawa deyak kiwa yuthumai..amarasiri peiris ge songs ithama lassanai hangum barai thamai..namuth ohu sunil/victor wage ho jothi wage hitha honda gayek nam newei..kala lokayae ithama adambara kaara mula amathaka gayakayek lesai anith kalakaruwo mohuwa handunwanne

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
11 Feb 2015 07:24 PM
  •  Quote
  •  Reply

විකසිත පෙම් පොකුරු පියුම් - අමරදේව

මම ඔබට කතාවක් කියන්නම්. මේ කතාවත් සොඳුරු හිත ගාව පිටුව මත පල වෙන තවත් එක සත්‍ය කතාවක්.

පෙම්වතෙක්, මනාලියක්, මනමාලයෙක් සහ මනාලියගේ මස්සිනා හෙවත් මේ ලියුම්කරු.

අසම්පූර්ණ නමුත් සොඳුරු ආදරයක්. මම කියන්නම්.

මේ මොහොත වෙනකොට ඔහු රජයේ මණ්ඩලයක සැලකිය හැකි තරමේ රැකියාවක් කරන්නෙක්. නමුත් මනමාලියගේ පාර්ශ්වයේ නෑදෑයන් ගෙන යන රිය පැදවූවේ ඔහු. මනමාලියයි, මනමාලියයි පේරාදෙණිය මල් වත්තේ දොරටුවෙන් දෑත් පටලාගෙන එන හැටි ඒ දෑස් බලා ඉන්නව මං බලාගෙන. නෑදෑ පිරිවර නැවතත් මංගල ජෝඩුව උන්නු, අද දවසේ සතුටු සාමීචිය පැවැත්වෙන ශාලාව කරා පිටත් වුණා.

රතු පාට මංගල ඇඳුමකිනුත්, රතු පාට මල් කලඹකිනුත් සැරසිලා සිය හිමිගේ දෑතේ වෙලිලා ඇය වේදිකාව මත අසුනක වාඩිගෙන ඉන්නවා. දෙපාර්ශ්වයේම හිත මිතුරන්ගේ සුභ පැතුම් පිළිගන්න ගමන්.
කථානායකයා ඉන්නේ මගේ ළඟ!

මම ඔහු ගැන ඔබට කියන්නම්. අද පතිකුලයට යන ඇය ගැන මංගල යෝජනාවක් ගෙන ආව අනෙකා ඔහු. තමන් කැමැත්තෙන් පසු වුණු බලාපොරොත්තු තියාගෙන උන්නු ඇගේ මංගල දිනයේ මගේ ලඟ මේ වාඩි වෙලා ඉන්නේ ඔහු. තවත් එක් පෙම්වතෙක්. ඔව්! සත්තකින්ම...

ශාලාවේ පසෙක අමුත්තන් වෙනුවෙන් මධුවිත පිරෙනවා. මං ඒ දිහා බලන ගමන් ඔහු දිහත් බලනවා. කවදත් මිත්‍රශීලී ඔහු වෙඩින් කේක් කන ගමන් බීම වීදුරුව තොල ගානවා. වේදිකාව මත ඉන්න සංගීතකාරයෝ දෙන්නා තම තමන් ප්‍රිය කරන ගීත ගයද්දි මට ඔහුගේ හදවතින් අමරදේව ගේ ගීතයක් ඇහෙනවා ඇහෙනවා වගේ. මොහොතකට කලින් තොල ගෑව මධුවිත බොහෝ සිතුවිලි පුබුදු කරවලා. හිතට කලාකාමී අදහස් ගලා එනවා. හමුවීමට වඩා වෙන්වීම සොඳුරු මේ අරුමැසි ලෝකයේ තවත් එක් කලාත්මක අවස්ථාවක්.

වෙනසක් නොපෙන්වා සිනාසෙන ඒ පිරිමි දෙනෙත් දිහා බලාගෙන මම මනමාලියගේ මස්සිනා විදිහට - ලොකු අයියා විදිහට - තවත් එක් පෙම්වතෙක්ගේ හදවතින් මතුවෙන්නට අමරදේවට ඉඩ දෙනවා. රුධිර නාලිකාවලට පවා ඇල්කොහොල් මුසු වෙද්දි එක්තරා සොඳුරු පෙම්වතෙක් වෙනුවෙන් මගේ හිත වැලපෙනවා. සත්තකින්ම...
ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්!

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...

විකසිත පෙම්...

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - ඩබ්. ඩී. අමරදේව

------------------------------------------------
තමන්ව හැර යන පෙම්වතියට ඇසිඩ් ගසන, මරා දමන, සිය දිවි නසා ගන්නා සාම්ප්‍රදායික, සුචරිතවාදී පෙම්වතුන්ට වඩා ආචාර්ය අජන්තා රණසිංහයන් මේ ගීතය හරහා සිංහල සමාජයට දායාද කරන පෙම්වතා කොයි තරම් අගනේද? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශී පෙම්වතෙක්. ප්‍රේමයේ සුන්දරත්වය, නුරාව වගේම විරහවත්, දුකත් සම සිතින් විඳ දරා ගන්න ඔහුට අපූරු හැකියාවක් තිබෙනවා.

මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද? පශ්චාත් යුධ මානසිකත්වයේ ඉන්න, කසිකබල් කලා නිර්මාණ හරහා තාරුණ්‍යයේ රසිකත්වය මොට කරපු නිර්වින්දිත සමාජයකට අවශ්‍ය මෙවන් පෙම්වතුන් පෙම්වතියන් නොවේද?

ලියුම්කරු විදිහට හිත ගාව රැඳුණු හැම හැම වචනයකින්ම මා බලාපොරොත්තු වෙන්නෙත් තාරුණ්‍යයේ සිතුම් පැතුම් වෙනස් වීම තමයි. ඉතින් එන්න සොඳුරු හිත ගාවට.

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

ham123
Veteran Member
Veteran Member
Posts:1636

--
11 Feb 2015 08:35 PM
  •  Quote
  •  Reply
lassana sinduvak. Sthuti ayye me vistara valata
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
11 Feb 2015 08:44 PM
  •  Quote
  •  Reply
song eka wagema terumath lasanai...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
12 Feb 2015 10:12 AM
  •  Quote
  •  Reply

math asma sinduwak meka,,,theruma nam harima dukai.

bohoma sthuthi aiyya.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
15 Feb 2015 01:57 PM
  •  Quote
  •  Reply

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//

සරලත්වය තුලින් අති විශිෂ්ට ගී පද බිහි කල ප්‍රේමකීර්ති මහතාගේ ජනප්‍රිය ගීත ලයිස්තුවේ පෙරමුණේ තිබෙන ගීතයක් ලෙස “මේ නගරය” ගීතය පෙන්වා දිය හැකිය. ගීතය තුල යෙදී ඇත්තේ අතිශය සරල පද මාලාවකි. ගීතය තුලින් කියවෙන්නේ පේරාදෙණිය සරසවිය තුල දළුලා වැඩුණු ප්‍රේම වෘතාන්ත්‍රයක දුක්මුසු අවසානයක් පිළිබඳවයි. සැබවින්ම එකී ප්‍රේමයට මහනුවර නගරයේ සීමාවෙන් ඔබ්බට යන්නට මොනයම් හෝ හේතුවක් නිසා අවසර ලැබී නොමැත. ඔවුන් මුන ගැසුණු නගරයේම ඔවුන්ගේ වෙන් වීමත් සිදුව ඇත.

වැව් ඉවුරේ දිය රළ
පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත්
නව දලු ලනවා
සරසවි බිම කඳුරැල්ලෙන්
එතෙර පේනවා
ඔබත් එක්ක ආයෙත් එහි
යන්න හිතෙනවා

ඔවුන්ගේ ප්‍රේමය අවසන් වූ නමුත් නගරය තුල ඔවුන්ගේ මතක අතර ඇති කිසිවක් නොවෙනස්ව පවතියි. පෙම්වතා සිය අතීත ප්‍රේමය තුල තනි වී මතක අතර සැරිසරයි. පෙර පෙම්වතිය හා යලිත් සරසවි බිම තුල පියමන් කිරීමට, දොඩමලු වීමට ඔහු තුල අහිංසක ආශාවක් මැවෙයි.

ඔබ අතගෙන ගිය වීදියෙ
ඈ හා යනවා
පුංචි පුතා අතැඟිල්ලේ
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යළි සිහි වෙනවා
ජීවිතයම හීනය කැයි
කියා හිතෙනවා

මේ පෙම්වතා දැන් විවාහකයි. ඔහු පියෙක්. අතීත පෙම්වතිය හා ගිය වීදියේ ඔහු දැන් සක්මන් කරන්නේ සිය බිරිඳ හා කුඩා පුතු සමගින්. එකල ඇය සමග පැතූ පැතුම් ඔහුට සිහි ගැන්වෙනවා. ඒ පැතුම් ඉටු නොවීම තුල ඔහුගේ සිතේ ඇති වෙන්නේ අපරිමිත දුකක්. ජීවිතයම හැබෑවක් නොවෙයි සිහිනයක් යැයි සිතමින් ඔහු සිය දුක තුනී කර ගන්නට උත්සහ කරනවා.
ගීතය අසන්නෙකු සැබවින්ම මේ ගීතය තුල මොහොතකට හෝ අනිවාර්යයෙන්ම ජීවත් වනවා. ගීතය තුල පෙම්වතාගේ අත්දකීම් රසික අත්දැකීම් හා මුසු වන්නට ප්‍රේමකීර්ති මහතාගේ සරල පදවැල් ප්‍රධානතම හේතුවක් වනවා.

ගායනය හා සංගීතය : මර්වින් පෙරේරා
පද : ප්‍රේමකීර්ති ද අල්විස්.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
15 Feb 2015 03:02 PM
  •  Quote
  •  Reply

shuthi Isuru,,,,asama sinduwak,,wagema make therumata th man harima kemathi.

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Feb 2015 04:24 PM
  •  Quote
  •  Reply
නැසීගිය ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස්ගේ තවත් ලස්සණ ගීත රචනාවක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
15 Feb 2015 05:20 PM
  •  Quote
  •  Reply

ඔබ අතගෙන ගිය වීදියෙ
ඈ හා යනවා
පුංචි පුතා අතැඟිල්ලේ
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යළි සිහි වෙනවා
ජීවිතයම හීනය කැයි
කියා හිතෙනවා

hama pemwathekugema podu athdakeema meyayi...kohe kawada ahuwath me geeya hitha pathulenma ena ekak....bothalayakata kiyapu bite eka

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
15 Feb 2015 09:11 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 15 Feb 2015 01:57 PM

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//

සරලත්වය තුලින් අති විශිෂ්ට ගී පද බිහි කල ප්‍රේමකීර්ති මහතාගේ ජනප්‍රිය ගීත ලයිස්තුවේ පෙරමුණේ තිබෙන ගීතයක් ලෙස “මේ නගරය” ගීතය පෙන්වා දිය හැකිය. ගීතය තුල යෙදී ඇත්තේ අතිශය සරල පද මාලාවකි. ගීතය තුලින් කියවෙන්නේ පේරාදෙණිය සරසවිය තුල දළුලා වැඩුණු ප්‍රේම වෘතාන්ත්‍රයක දුක්මුසු අවසානයක් පිළිබඳවයි. සැබවින්ම එකී ප්‍රේමයට මහනුවර නගරයේ සීමාවෙන් ඔබ්බට යන්නට මොනයම් හෝ හේතුවක් නිසා අවසර ලැබී නොමැත. ඔවුන් මුන ගැසුණු නගරයේම ඔවුන්ගේ වෙන් වීමත් සිදුව ඇත.

වැව් ඉවුරේ දිය රළ
පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත්
නව දලු ලනවා
සරසවි බිම කඳුරැල්ලෙන්
එතෙර පේනවා
ඔබත් එක්ක ආයෙත් එහි
යන්න හිතෙනවා

ඔවුන්ගේ ප්‍රේමය අවසන් වූ නමුත් නගරය තුල ඔවුන්ගේ මතක අතර ඇති කිසිවක් නොවෙනස්ව පවතියි. පෙම්වතා සිය අතීත ප්‍රේමය තුල තනි වී මතක අතර සැරිසරයි. පෙර පෙම්වතිය හා යලිත් සරසවි බිම තුල පියමන් කිරීමට, දොඩමලු වීමට ඔහු තුල අහිංසක ආශාවක් මැවෙයි.

ඔබ අතගෙන ගිය වීදියෙ
ඈ හා යනවා
පුංචි පුතා අතැඟිල්ලේ
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යළි සිහි වෙනවා
ජීවිතයම හීනය කැයි
කියා හිතෙනවා

මේ පෙම්වතා දැන් විවාහකයි. ඔහු පියෙක්. අතීත පෙම්වතිය හා ගිය වීදියේ ඔහු දැන් සක්මන් කරන්නේ සිය බිරිඳ හා කුඩා පුතු සමගින්. එකල ඇය සමග පැතූ පැතුම් ඔහුට සිහි ගැන්වෙනවා. ඒ පැතුම් ඉටු නොවීම තුල ඔහුගේ සිතේ ඇති වෙන්නේ අපරිමිත දුකක්. ජීවිතයම හැබෑවක් නොවෙයි සිහිනයක් යැයි සිතමින් ඔහු සිය දුක තුනී කර ගන්නට උත්සහ කරනවා.
ගීතය අසන්නෙකු සැබවින්ම මේ ගීතය තුල මොහොතකට හෝ අනිවාර්යයෙන්ම ජීවත් වනවා. ගීතය තුල පෙම්වතාගේ අත්දකීම් රසික අත්දැකීම් හා මුසු වන්නට ප්‍රේමකීර්ති මහතාගේ සරල පදවැල් ප්‍රධානතම හේතුවක් වනවා.

ගායනය හා සංගීතය : මර්වින් පෙරේරා
පද : ප්‍රේමකීර්ති ද අල්විස්.

සරසවි ප්‍රේම රාජ්‍යයේ අභිෂේකය නොලද කුමරුගේ ගීතය 

නියම සින්දුවක්......

මෙහි සංගීතයත් ( ඔරිජිනල් එඩිෂන් එකේ - සන්ෆලවර් කොත්තුවේ නෙමෙයි ) මේ ගීතයේ අර්ථය ඉස්මතුවන ආකාරයටම කරලා තියෙනවා...

මෙන්න අහලම බලන්නකෝ ......අපූරු රූප  රචනයකුත් එක්ක 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
15 Feb 2015 10:55 PM
  •  Quote
  •  Reply
මේ නගරයේ එදා ඔබ ඇත රැගෙන ගිය විදියක් ඇත්තේ නැත .අතින් අත අල්ලාගෙන අප කතා කල දේවල් මුහුණින් මුහුණ බලාගෙන සිනහසුණ කරනා හුවමාරු කරගත් හැගීම් දහර කොතරම්ද?ඒ වීදියේ අද මා යන්නේ මා බිරිද සමගින්ය.පුංචි පුතා මගේ අතගිල්ලේ එල්ලිගෙනම එයි.පුංචි පුතාගේ රාහුල බැම්ම මගේ අත අතහරින්නේ නැතුව සැබැය

එත් මගේ මතකය මොහොතකින් ඉගිලී ඇතට යයි.ඇයත් පුතත් සමගින් මේ වීදි දිගේ ගමන් කරද්දී මගේ මනෝ රථය අපේ මතක යාය දිගේ ඊටත් වඩා වැඩි වේගයකින් ගමන් කරයි

ඇත කදුරල්ලෙන් එපිට මට අපට සිප් සෙවන දුන් සරසවි බිමත් පෙනෙන්නේය ඈත නුග ගස් පෙළ නව දළු දමමින් අලුත් වෙලාය.අප වෙන් වුනු දුකට කොළ හලාගත් ඒ නුග ගස් පෙළත් අලුතින් දළුදමමින් අලුත් වන්නේ අප වගේම අනෙක් පෙම් වතුන් උදෙසා වන්නට ඇත

ඔබත් සමග අයෙම එහි යන්නට ඇත්නම් කියා මගේ සිත කියයි.එවිට මගේ සුලගිල්ලේ එල්ලී සිටින පුතාගේ රාහුල බැම්ම තදින් දැනෙයි.වැව් ඉව්රේ දිය රල සේම සිත බිදෙයි.ඒ කාලේ අප පැතු පැතුම් සිහිවෙන එක නම් මට වලක්වන්නට බැහැමය.ඔබත් මත අත්වැල් බදාගෙන යනවිට පුංචි පුතෙක් මේවගේම අපේ අත්වල එල්ලී ගිය සැටි .නමුත් අද ඒ පුතාගේ අනෙක් පසින් සිටින්නේ ඔබ නොව ඇයයි.

ඔබ අද කොහෙද කිය ප්‍රියාවිය මා දන්නේ නැත.ඒ කෙසේ වෙතත් මතක අලුත් කරගන්නට ඒ දුරස්ථ බාවය බාදාවක් නොවේ .ඔබ අතගෙන ඇවිදගෙන ගිය වීදි දිගේ අද මම මනෝ රථය පදවාගෙන යමි.අප නැවත හමු නොවනු ඇත්තේය පුංචි පුතා අතගිල්ලේ එල්ලී සිටින මේ රාහුල බැම්ම සියුම් උනත් සක්තිමත්ය

මතකයෙන් ඇතට ගිය සිත තුල නිදගෙන්ව සිටි ඔබේ පරණ පෙම්වතා මිස මා නොවේය .ජීවිතය සිහිනයක විතරය.එසේ සිතන්නේද සිතුවේද මා මිස පරණ පෙම්වතා නොවේමය.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
15 Feb 2015 11:23 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 15 Feb 2015 10:55 PM

umabath maara pem kurullekne balan giyahama

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Feb 2015 02:22 PM
  •  Quote
  •  Reply

නන්දා මාලිනිය ඇගේ පළමු දරුවා මෙලොවට බිහි කිරීමට ඇයගේ මව සමග කාසල් රෝහලට ගොස් සිය කුළුදුල් දරුවා මෙලොව එලිය දුටු පසුව ඇය නිදාගෙන සිටියදී හදිසියේම මැදියම් රාත්‍රියේ අවදි වෙලා බලනකොට නන්දාවන්ගේ මව පත්තර කොළ දෙකක් එලාගෙන ඇය නිදාසිටි ඇඳ අසල නිදා සිටියාලු.....එය දුටු වේලේ සිට නන්දා මාලිනියන්ට නින්ද නොපැමිනියාය ඇය මේ විදින වේදනාවම ඇගේ මවත් විඳින්න ඇතිනේද කියා සිතුනාලු. සනීප වී ආ පසු ඇය ඇගේ සිතේ තිබු මව ගැන ආදරය ගීතයකින් කීමට අදහස් කලාලු ඇයගේ ඒ අදහසට අනුව මහාචර්ය සුනිල් ආරියරත්නයන් මෙම ගීතය රචනා කළේලු.සිංදුව තමයි මට මව් පදවිය
 
මට මව් පදවිය ලැබුණු දිනේදී
නු‍ඹේ අගේ මට දැනුනේ
අම්මේ නුඹේ අගේ මට දැනුනේ

ඇතෙක් බරට දායාද නොසෙව්වද
සිප් සයුරේ පර තෙරට නොයැව්වද
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට

උඩට උඩුවියන් මවා නොදුන්නද
සිරුරට මුදු සුව යහන් නොදුන්නද
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Feb 2015 05:05 PM
  •  Quote
  •  Reply

godak harawath song ekak...

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
20 Feb 2015 05:35 PM
  •  Quote
  •  Reply

Godak sthuthi sandu me wisthara walata

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
20 Feb 2015 06:11 PM
  •  Quote
  •  Reply

බොහොම ස්තුතියි ගීතයට සඳු.. මෙන්න රසවිදින්න කැමති අයට ගීතය... අහලම බලන්න..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
20 Feb 2015 06:16 PM
  •  Quote
  •  Reply
thanks maduranga001
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Feb 2015 06:32 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 20 Feb 2015 06:11 PM

බොහොම ස්තුතියි ගීතයට සඳු.. මෙන්න රසවිදින්න කැමති අයට ගීතය... අහලම බලන්න..

thanks maduranaga,,,

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
20 Feb 2015 06:39 PM
  •  Quote
  •  Reply
මමත් ආසකරන ලස්සණ පදවැලක් තියෙන ගීතයක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
02 Mar 2015 04:07 AM
  •  Quote
  •  Reply

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං..............

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං.................

සිති සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං......................

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්.
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද ...................
අන්සතු ළඳකි මෙමං

ඔන්න ගෑණු ළමයෙක් ඉන්නවා ටිකක් සල්ලි අතින් ඉහල පවුලක . මේ ළමයා කැමති සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න . ඒවගේම ආදරේ කරන්න ආදරේ විඳින්න . ඉතින් ඒ වෙනුවෙන් එයා තෝරාගන්න කැමතිවෙන්නේ අහිංසක ලස්සන කොල්ලෙක් . ඒත් එයාට ගෙදර තියෙන පවුල් පසුබිම අනුව කසාද බඳින්න වෙන්නේ සල්ලි තියෙන පවුලක සල්ලිම ජීවිතය කරගත්ත තමාට වඩා ගොඩක් වයසින් වැඩි නාකි මනුස්සයෙක් . කාමාග්නියෙන් ගිනිගෙන දැවෙන සල්ලිකාර මනමාලයා මේ කෙල්ලව ඉඳුල් කරන්නේ ආදරේ බලාපොරොත්තුවෙන්වත් ආදරේ කරන්නවත් නෙවෙයි . තමන්ගේ ආසාවල් සපුරා ගන්න විතරයි .

කෙල්ල මෙතනදී අසරණයි . මේ දේවල් වලට විරුද්ධ වෙන්න කෙල්ලට හයියක් නෑ . ඒ නිසා කෙල්ල ඔක්කොම ඉවසාගෙන ඉන්නවා . දවසක් කෙල්ල යනවා ගෙදර ඩ්‍රයිවර් එක්ක ටවුන් එකේ තියෙන සැලෝන් එකට ගිහින් එන්න . මේ යන අතරේදි අවස්ථාවක කෙල්ලගේ ඇස් යාවෙන්නේ තමන්ගේ හිතේ හිටපු සිහින කුමරාගේ රූපයට සමාන රූපයක් තියෙන කොල්ලෙක්ව . කොල්ලත් මේ කෙල්ල බැඳලා ඉන්න කෙල්ලෙක් කියලාවත් දන්නේ නැති නිසා වෙන්නැති කෙල්ල දිහාම බලාගෙන ඉන්නවා . දෙන්නගේ ඇස් යාවෙලා ඒ ඇස් අතරින් හදවත් දෙකත් යා වෙනවා .

කොල්ලා මේ වෙලාවේ ඉක්මන් වෙනවා . කොල්ලා ඉක්මනටම කෙල්ලට තමන්ගේ ෆෝන් නම්බර් එක දෙනවා කතා කරන්න කියලා . කෙල්ලත් ගෙදර ඇවිත් වෙලාව බලලා කොල්ලට කතා කරනවා . ටික ටික මේ දෙන්නා එකිනෙකා ආදරේ කරන්න ගත්තම කෙල්ල කොල්ලට කිව්වා තමා බැඳලා ඉන්න කෙල්ලෙක් කියලා . ඒත් එතකොට කොල්ලට කෙල්ලව අමතක කරන්න අමාරුයි . ඉතින් කොල්ලා කියනවා කමක් නෑ අපි පැනලා යමු කියලා . ඒත් තමාගේ ස්වාමියාට සල්ලි බලය වගේම මැර බලය තියෙන නිසා කෙල්ල බය උනා කොල්ලට කරදරයක් වෙයි කියලා . ඉතින් දෙන්නා හිතින් බැඳුනට ගතින් බැඳෙන්නේ නෑ . කෙල්ල කියනවා කොල්ලට අපි ආයෙත් හම්බෙන්නේ නැතුව ඉමු මේවා ගෙදරට මාට්ටු උනොත් ඔයාට කරදරයක් කරයි කියලා .

දවසක් කෙල්ල යනවා ස්වාමියා එක්ක පාටියකට . ඒ පාටියට අහම්බෙන්ම අර කොල්ලත් ඇවිත් ඉන්නවා . දෙන්නා දැක්කම හිතේ තරමක සතුටක් ඇති උනත් ඒක තාවකාලිකයි කියලා කෙල්ල දන්නවා . කොල්ලත් ඉතින් දන්නවා මේක තාවකාලිකයි කියලා . ඒ අවස්ථාවේ හදවතේ ඇතිවෙන සිතුවිලි දාමයක් තමයි මේ ගීතයේ පුරාවටම විහිදී යන්නේ . තේරුම් ගන්න ලොකු අමාරුවක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ මේ ගීතයේ වචන . මොකද මේකේ කෙලින්ම කියන්න ඕන දේවල් කියලා තියෙනවා වටින් ගොඩින් කියන්නේ නැතිව . ඒත් පොඩියට විස්තරයක් දෙන්නම් ගීතය ගැන .

ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය .

( පද රචනය සහ සංගීතය කවුද කියලා හොයා ගන්න ලැබුණේ නෑ . දන්න කෙනෙක් කමෙන්ට් කරන්න මෙයාලා )

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං..............

ඔබ හමු වීමට පෙර මා හට විවාහ වන්නට සිදු වූයේ මාගේ දෛවයේ සරදම් විඳීමට විය යුතුය . එහෙයින් ඔබගේ සෙනෙහස මා කෙලෙසද විඳගන්නේ පෙම්වත ? . මා අන්සතු ලඳකි .
 
ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

ඔබව මගේම කරගෙන ඔබගේ තුරුලේ දැවටෙමින් ඔබගේ ආදරයේ උණුසුම විඳින්නට මට වරම් ලැබී නැත . එහෙයින් මා හට ඇත්තේ ඔබ දකීමෙන් මසිතට ලැබෙන සතුට පමණි . එහෙත් සදහටම ඔබ මගේ කරගැනීමට හැකියාවක් නැත . මා අන්සතු ලඳකි .

සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං
 
ඔබ මට හමු වූ දිනයේ සිට ඔබ ගැන සිතමි . ඔබ මගේම කරගැනීමට නොහැකි වීම ගැන ලතවෙමි . ඔබ මට සුළු මොහොතකට හරි සතුටක් ගෙනාවත් ඔබ මගේම කරගැනීමට නොහකි වීම නිසා මගේ සිතේ ඇති වන්නේ දුකකි . ඒ කෙසේ වෙතත් සදහටම ඔබ මගේ කරගැනීමට හැකියාවක් නැත . මා අන්සතු ලඳකි .

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්.
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

මේ ලෝකය කුරිරුය . එහෙයින් අප සිතන පතන සියල්ලම අපට උවමනා ආකාරයෙන්ම සිදුව වන්නේ නැත . ආයෙත් හම්බෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් වෙනදා වගේම අපි ආයෙත් දවසක මේ වගේම හමු වේවි . ඒ දවස උදාවෙන තුරු ඔබට දීර්ඝායු වේවා මගේ පෙම්වත .

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
02 Mar 2015 04:35 AM
  •  Quote
  •  Reply
Indrani Pererage lasana song ekak...song eka ahala tibunata visthare dakke ada.........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
02 Mar 2015 04:48 AM
  •  Quote
  •  Reply

බරපතල සින්දුවක්,......ඉන්දිකගේ හදවතේ ගීතයද මන්දා...? ඔන්න අහලම බලන්නේකෝ 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
02 Mar 2015 04:54 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 02 Mar 2015 04:48 AM

බරපතල සින්දුවක්,......ඉන්දිකගේ හදවතේ ගීතයද මන්දා...? ඔන්න අහලම බලන්නේකෝ 

umabath ithin one ekakata ganne mawama thamai...yako bo pale wage inna mata kaikathandara hadanawada bola?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
02 Mar 2015 05:40 AM
  •  Quote
  •  Reply

ඉන්ද්‍රානි පෙරේරාගේ කැමතිම ගීතය මෙයයි. පුද්ගලික අත්දැකීමක් නැහැ කිසි සේත්ම. නමුත් ගීතය හොදින් හිතට වදිනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
02 Mar 2015 05:49 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 02 Mar 2015 05:40 AM

ඉන්ද්‍රානි පෙරේරාගේ කැමතිම ගීතය මෙයයි. පුද්ගලික අත්දැකීමක් නැහැ කිසි සේත්ම. නමුත් ගීතය හොදින් හිතට වදිනවා.

bayawuna neda?

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
02 Mar 2015 06:50 AM
  •  Quote
  •  Reply

lassanama sinduwak mekath ,,,,

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
02 Mar 2015 07:17 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 02 Mar 2015 04:07 AM

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං..............

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං.................

සිති සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං......................

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්.
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද ...................
අන්සතු ළඳකි මෙමං

ඔන්න ගෑණු ළමයෙක් ඉන්නවා ටිකක් සල්ලි අතින් ඉහල පවුලක . මේ ළමයා කැමති සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න . ඒවගේම ආදරේ කරන්න ආදරේ විඳින්න . ඉතින් ඒ වෙනුවෙන් එයා තෝරාගන්න කැමතිවෙන්නේ අහිංසක ලස්සන කොල්ලෙක් . ඒත් එයාට ගෙදර තියෙන පවුල් පසුබිම අනුව කසාද බඳින්න වෙන්නේ සල්ලි තියෙන පවුලක සල්ලිම ජීවිතය කරගත්ත තමාට වඩා ගොඩක් වයසින් වැඩි නාකි මනුස්සයෙක් . කාමාග්නියෙන් ගිනිගෙන දැවෙන සල්ලිකාර මනමාලයා මේ කෙල්ලව ඉඳුල් කරන්නේ ආදරේ බලාපොරොත්තුවෙන්වත් ආදරේ කරන්නවත් නෙවෙයි . තමන්ගේ ආසාවල් සපුරා ගන්න විතරයි .

කෙල්ල මෙතනදී අසරණයි . මේ දේවල් වලට විරුද්ධ වෙන්න කෙල්ලට හයියක් නෑ . ඒ නිසා කෙල්ල ඔක්කොම ඉවසාගෙන ඉන්නවා . දවසක් කෙල්ල යනවා ගෙදර ඩ්‍රයිවර් එක්ක ටවුන් එකේ තියෙන සැලෝන් එකට ගිහින් එන්න . මේ යන අතරේදි අවස්ථාවක කෙල්ලගේ ඇස් යාවෙන්නේ තමන්ගේ හිතේ හිටපු සිහින කුමරාගේ රූපයට සමාන රූපයක් තියෙන කොල්ලෙක්ව . කොල්ලත් මේ කෙල්ල බැඳලා ඉන්න කෙල්ලෙක් කියලාවත් දන්නේ නැති නිසා වෙන්නැති කෙල්ල දිහාම බලාගෙන ඉන්නවා . දෙන්නගේ ඇස් යාවෙලා ඒ ඇස් අතරින් හදවත් දෙකත් යා වෙනවා .

කොල්ලා මේ වෙලාවේ ඉක්මන් වෙනවා . කොල්ලා ඉක්මනටම කෙල්ලට තමන්ගේ ෆෝන් නම්බර් එක දෙනවා කතා කරන්න කියලා . කෙල්ලත් ගෙදර ඇවිත් වෙලාව බලලා කොල්ලට කතා කරනවා . ටික ටික මේ දෙන්නා එකිනෙකා ආදරේ කරන්න ගත්තම කෙල්ල කොල්ලට කිව්වා තමා බැඳලා ඉන්න කෙල්ලෙක් කියලා . ඒත් එතකොට කොල්ලට කෙල්ලව අමතක කරන්න අමාරුයි . ඉතින් කොල්ලා කියනවා කමක් නෑ අපි පැනලා යමු කියලා . ඒත් තමාගේ ස්වාමියාට සල්ලි බලය වගේම මැර බලය තියෙන නිසා කෙල්ල බය උනා කොල්ලට කරදරයක් වෙයි කියලා . ඉතින් දෙන්නා හිතින් බැඳුනට ගතින් බැඳෙන්නේ නෑ . කෙල්ල කියනවා කොල්ලට අපි ආයෙත් හම්බෙන්නේ නැතුව ඉමු මේවා ගෙදරට මාට්ටු උනොත් ඔයාට කරදරයක් කරයි කියලා .

දවසක් කෙල්ල යනවා ස්වාමියා එක්ක පාටියකට . ඒ පාටියට අහම්බෙන්ම අර කොල්ලත් ඇවිත් ඉන්නවා . දෙන්නා දැක්කම හිතේ තරමක සතුටක් ඇති උනත් ඒක තාවකාලිකයි කියලා කෙල්ල දන්නවා . කොල්ලත් ඉතින් දන්නවා මේක තාවකාලිකයි කියලා . ඒ අවස්ථාවේ හදවතේ ඇතිවෙන සිතුවිලි දාමයක් තමයි මේ ගීතයේ පුරාවටම විහිදී යන්නේ . තේරුම් ගන්න ලොකු අමාරුවක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ මේ ගීතයේ වචන . මොකද මේකේ කෙලින්ම කියන්න ඕන දේවල් කියලා තියෙනවා වටින් ගොඩින් කියන්නේ නැතිව . ඒත් පොඩියට විස්තරයක් දෙන්නම් ගීතය ගැන .

ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය .

( පද රචනය සහ සංගීතය කවුද කියලා හොයා ගන්න ලැබුණේ නෑ . දන්න කෙනෙක් කමෙන්ට් කරන්න මෙයාලා )

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං..............

ඔබ හමු වීමට පෙර මා හට විවාහ වන්නට සිදු වූයේ මාගේ දෛවයේ සරදම් විඳීමට විය යුතුය . එහෙයින් ඔබගේ සෙනෙහස මා කෙලෙසද විඳගන්නේ පෙම්වත ? . මා අන්සතු ලඳකි .
 
ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

ඔබව මගේම කරගෙන ඔබගේ තුරුලේ දැවටෙමින් ඔබගේ ආදරයේ උණුසුම විඳින්නට මට වරම් ලැබී නැත . එහෙයින් මා හට ඇත්තේ ඔබ දකීමෙන් මසිතට ලැබෙන සතුට පමණි . එහෙත් සදහටම ඔබ මගේ කරගැනීමට හැකියාවක් නැත . මා අන්සතු ලඳකි .

සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං
 
ඔබ මට හමු වූ දිනයේ සිට ඔබ ගැන සිතමි . ඔබ මගේම කරගැනීමට නොහැකි වීම ගැන ලතවෙමි . ඔබ මට සුළු මොහොතකට හරි සතුටක් ගෙනාවත් ඔබ මගේම කරගැනීමට නොහකි වීම නිසා මගේ සිතේ ඇති වන්නේ දුකකි . ඒ කෙසේ වෙතත් සදහටම ඔබ මගේ කරගැනීමට හැකියාවක් නැත . මා අන්සතු ලඳකි .

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්.
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

මේ ලෝකය කුරිරුය . එහෙයින් අප සිතන පතන සියල්ලම අපට උවමනා ආකාරයෙන්ම සිදුව වන්නේ නැත . ආයෙත් හම්බෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් වෙනදා වගේම අපි ආයෙත් දවසක මේ වගේම හමු වේවි . ඒ දවස උදාවෙන තුරු ඔබට දීර්ඝායු වේවා මගේ පෙම්වත .

lassana sinduvak. bohoma  sthuti ayye

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
03 Mar 2015 08:14 AM
  •  Quote
  •  Reply

ගීයක අරුත..........නුඹේ සෙනෙහෙ විල - නාමල් උඩුගම 

මෙහි පද රචකයා නොදනිමි 

නාමල් උඩුගම කියෝඕ සැනින් ඔබට සියට නැගෙන්නේ යොවුන් හදවත් තදින්ම බැඳගත් ප්‍රේමනීය කඩවසම් තරුණයෙකි,

එය එසේ විය......

ද ඔහු දිවියේ මැදිවිය පසුකරමින් සිටියි..

රෝගී තත්වය නිසා එදා නාමල් හා අද නාමල් රුවින් වෙනස් නමුදු හදවතේ ලගුම් ගත් නා මල තවමත් සුවඳයි එදා වගේම .....

එයයි ඔහු ලොවට දායාද කල රසය.........

අද අප එබිකම් කරන්නේ නාමල් උඩුගම නම් වූ.......ප්‍රේම කුමරා ගැන නොවේ.......

නාමල් උඩුගම නම් වූ උතුම් පුතනුවන් ලොවින් උතුම් සෙනෙහස වූ මව් සෙනෙහස විඳි දරුවන් වෙනුවෙන් මව් වරුන්ට පිදුණු ගීතයි....

ඔබ මෙය අසා ඇතිද,?

එසේ නම් අසන්න 

නුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව පිපුණු තඹුරු කුසුමයි අම්මේ....
දයා දියෙන් පිරි මහා බෝසත් ඔබ
විශාකාව ඔබ දෝ අම්මේ.

හිසමත දුක්ගිහි ඇවිලී ඇතිමුත් හදවත පියුමෙකි නුඹේ අම්මේ 
නිවන් දකින්නට ඔබකළ පින් ඇති ගෙදර බුදුන් උත්තම අම්මේ

නුඹේ සෙනෙහෙ විල........... 

සුවපත් කරනට අපගේ හදවත්  දෙව්ලොව සිට වැඩියද අම්මේ 
දූමුනුබුරුවෝ හැදු පිනම ඇති අමා නිවන් ලබනට අම්මේ 

නුඹේ සෙනෙහෙ විල..........

ආ...................අම්මා 
අම්මා...................
අම්මා......

නිම නැති ආදරය නම් වූ විල ඔබයි අම්මේ
එහි සුපිපි නෙලුම් මල මමයි  අම්මේ 
මවගේ කරුණාව දයාව හා බෝසතුන් වහන්සේගේ ගුණයන්ට උපමා කර ඇති අතර  විෂාකා තොමෝ වැනි රුවින් ගුණයෙන් ද යුත් අතිශය සංවර, තැන්පත් බවකින් යුත් සිටු දියණියක හා සමකර තබයි....වර්තමානයේ මව් වරුන් තුල නැත්තේ ද මෙයයි 

සමත දුක්ගිහි ඇවිලී ඇතිමුත් හදවත පියුමෙකි නුඹේ අම්මේ 

දරුවන් ලොකු මහත් කරන්න වැඩියෙන්ම දුක් විඳින්නේ අම්මවරුන්ය.....වරෙක ඇය කෑවේ නැත..ඒ තම දරුවනට තම ආහාරය දුන් හෙයිනි..ඇය කොතරම් දුක් වින්දද දරුවන්ට ඒ බව සැගවුවාය.....හිස මත දුක් කොපමණ වුවද..ඇගේ ආදරය දයාව බිඳකුදු අඩු නොවීය, මොනතරම් දුක් ගහට විඳින්නට සිදුවුවද අම්මා සැමදා දරුවන් හා සිනාවෙන් සිටියාය..ඔබ දහදුක් වින්ද දරුවන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කල උත්තම පූජාව නිවන් දකින්නට හේතු වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන්නට ගී පද රචකයා නොපැකිලෙයි....  

අප අසා ඇති පරිදි දිව්යාන්ගනාවන්ට තරහා නොයයි....ඔවුන් කරුණාවන්තයි......අම්මා යනු දෙව් ලොවින් පැමිණි දෙවි කෙනෙකු ලෙස හඳුන්වන්නේ එනිසයි....දරුවන්ගේ දුක් නැතිකිරීමට ඇය පැමිණ ඇත්තේ දෙව් ලොවිණි.......එපමණක් නොව මේ අම්මා වරු හැදුවේ තම දරුවන් පමණක් නොව ඊළඟ පරපුරේ පිදු එවුන්ට සෙවනැල්ලක් වූයේද ඇයයි. මා පමණක් නොව මගේ දරුවන් වත් සුවපත් කල පිනෙන් මගේ අම්මා කවදා හෝ උතුම් නිවන් දකිත්වා කියන ආදරණීය ප්‍රාර්ථනාව ගීයේ අවසන් පැතුමයි 

 උපුටා ගැනීමක් නොව - තවත් sl -stun  නිර්මාණයක් 

සියලුම අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක් වේවා....
සදාදරණීය සංගීතවේදියා නාමල් උඩුගමට  ඉක්මන් සුව අත්වේවා..

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
03 Mar 2015 12:53 PM
  •  Quote
  •  Reply

thank you aiyya ,,meka nam echchara prasidda nethi ekak neda,,ahuweth adamai.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
03 Mar 2015 05:22 PM
  •  Quote
  •  Reply

mama nam me song eka ahala thiyenawa..niyamai imalka oyage uthsahaya nam..ela kiri wadak

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
03 Mar 2015 06:27 PM
  •  Quote
  •  Reply
niyamai imalka oyage uthsahaya.....................
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
03 Mar 2015 06:29 PM
  •  Quote
  •  Reply
man harima asa sinduvak. namalge lassanama lassana sinduvak

bohoma sthuti imalka ayye. me vistara valatath. hari vatinava
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
04 Mar 2015 06:58 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි ඉමල්කයෝ.. ගීතය සම්පුර්ණයෙන්ම නොඅසා ඔයාගේ ලිපිය සම්පුර්ණයෙන්ම නොබලා අදහස් ප්‍රකාශ කිරීම ඔබේ උත්සාහයට කරන අසාධාරණයක් කියලා හිතුනු නිසයි දවසක් පහුවුනේ අදහස් දැක්වීමට.

අපේ හැම අම්ම කෙනෙකුටම මේක පොදුයි කියලා මට හිතෙන්නේ..
අම්මා ගැන නම් අවුරුද්දක් උනත් කියන්න පුළුවනි. බුදුන්ට පමණක් දෙවැනි වූ අම්මා..
වැදගත් හරවත් ගීතයක් අරුත සමග ගෙන ආවට බොහොම ස්තුතියි.. කීප විටක්ම ඇහුවා ගීතය..

නිවන් දකින්නට ඔබකළ පින් ඇති ගෙදර බුදුන් උත්තම අම්මේ
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
04 Mar 2015 07:29 AM
  •  Quote
  •  Reply

math ada dewavi parata ahuwa...harima lassana geethayak meka...sthuthi aiyya newaththath

0

sandu
New Member
New Member
Posts:59

--
04 Mar 2015 10:22 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 03 Mar 2015 08:14 AM

ගීයක අරුත..........නුඹේ සෙනෙහෙ විල - නාමල් උඩුගම 

මෙහි පද රචකයා නොදනිමි 

නාමල් උඩුගම කියෝඕ සැනින් ඔබට සියට නැගෙන්නේ යොවුන් හදවත් තදින්ම බැඳගත් ප්‍රේමනීය කඩවසම් තරුණයෙකි,

එය එසේ විය......

ද ඔහු දිවියේ මැදිවිය පසුකරමින් සිටියි..

රෝගී තත්වය නිසා එදා නාමල් හා අද නාමල් රුවින් වෙනස් නමුදු හදවතේ ලගුම් ගත් නා මල තවමත් සුවඳයි එදා වගේම .....

එයයි ඔහු ලොවට දායාද කල රසය.........

අද අප එබිකම් කරන්නේ නාමල් උඩුගම නම් වූ.......ප්‍රේම කුමරා ගැන නොවේ.......

නාමල් උඩුගම නම් වූ උතුම් පුතනුවන් ලොවින් උතුම් සෙනෙහස වූ මව් සෙනෙහස විඳි දරුවන් වෙනුවෙන් මව් වරුන්ට පිදුණු ගීතයි....

ඔබ මෙය අසා ඇතිද,?

එසේ නම් අසන්න 

නුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව පිපුණු තඹුරු කුසුමයි අම්මේ....
දයා දියෙන් පිරි මහා බෝසත් ඔබ
විශාකාව ඔබ දෝ අම්මේ.

හිසමත දුක්ගිහි ඇවිලී ඇතිමුත් හදවත පියුමෙකි නුඹේ අම්මේ 
නිවන් දකින්නට ඔබකළ පින් ඇති ගෙදර බුදුන් උත්තම අම්මේ

නුඹේ සෙනෙහෙ විල........... 

සුවපත් කරනට අපගේ හදවත්  දෙව්ලොව සිට වැඩියද අම්මේ 
දූමුනුබුරුවෝ හැදු පිනම ඇති අමා නිවන් ලබනට අම්මේ 

නුඹේ සෙනෙහෙ විල..........

ආ...................අම්මා 
අම්මා...................
අම්මා......

නිවන් දකින්නට ඔබකළ පින් ඇති ගෙදර බුදුන් උත්තම අම්මේ

දූමුනුබුරුවෝ හැදු පිනම ඇති අමා නිවන් ලබනට අම්මේ 

නිම නැති ආදරය නම් වූ විල ඔබයි අම්මේ
එහි සුපිපි නෙලුම් මල මමයි  අම්මේ 
මවගේ කරුණාව දයාව හා බෝසතුන් වහන්සේගේ ගුණයන්ට උපමා කර ඇති අතර  විෂාකා තොමෝ වැනි රුවින් ගුණයෙන් ද යුත් අතිශය සංවර, තැන්පත් බවකින් යුත් සිටු දියණියක හා සමකර තබයි....වර්තමානයේ මව් වරුන් තුල නැත්තේ ද මෙයයි 

සමත දුක්ගිහි ඇවිලී ඇතිමුත් හදවත පියුමෙකි නුඹේ අම්මේ 
නිවන් දකින්නට ඔබකළ පින් ඇති ගෙදර බුදුන් උත්තම අම්මේ

දරුවන් ලොකු මහත් කරන්න වැඩියෙන්ම දුක් විඳින්නේ අම්මවරුන්ය.....වරෙක ඇය කෑවේ නැත..ඒ තම දරුවනට තම ආහාරය දුන් හෙයිනි..ඇය කොතරම් දුක් වින්දද දරුවන්ට ඒ බව සැගවුවාය.....හිස මත දුක් කොපමණ වුවද..ඇගේ ආදරය දයාව බිඳකුදු අඩු නොවීය, මොනතරම් දුක් ගහට විඳින්නට සිදුවුවද අම්මා සැමදා දරුවන් හා සිනාවෙන් සිටියාය..ඔබ දහදුක් වින්ද දරුවන් වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කල උත්තම පූජාව නිවන් දකින්නට හේතු වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන්නට ගී පද රචකයා නොපැකිලෙයි....  

සුවපත් කරනට අපගේ හදවත්  දෙව්ලොව සිට වැඩියද අම්මේ 
දූමුනුබුරුවෝ හැදු පිනම ඇති අමා නිවන් ලබනට අම්මේ 

අප අසා ඇති පරිදි දිව්යාන්ගනාවන්ට තරහා නොයයි....ඔවුන් කරුණාවන්තයි......අම්මා යනු දෙව් ලොවින් පැමිණි දෙවි කෙනෙකු ලෙස හඳුන්වන්නේ එනිසයි....දරුවන්ගේ දුක් නැතිකිරීමට ඇය පැමිණ ඇත්තේ දෙව් ලොවිණි.......එපමණක් නොව මේ අම්මා වරු හැදුවේ තම දරුවන් පමණක් නොව ඊළඟ පරපුරේ පිදු එවුන්ට සෙවනැල්ලක් වූයේද ඇයයි. මා පමණක් නොව මගේ දරුවන් වත් සුවපත් කල පිනෙන් මගේ අම්මා කවදා හෝ උතුම් නිවන් දකිත්වා කියන ආදරණීය ප්‍රාර්ථනාව ගීයේ අවසන් පැතුමයි 

 උපුටා ගැනීමක් නොව - තවත් sl -stun  නිර්මාණයක් 

සියලුම අම්මාවරුන්ට මේ ගීතය උපහාරයක් වේවා....
සදාදරණීය සංගීතවේදියා නාමල් උඩුගමට  ඉක්මන් සුව අත්වේවා..

mama godak aasa song ekak...eth godak kaalekin ahanna bari una... 

thank you imalka meka ahannath puluvan vidiyata upload kalaata...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
04 Mar 2015 07:09 PM
  •  Quote
  •  Reply

ඉතාම සෞන්දර්යාත්මක පැහැදිලි කිරීමක්..

මේ ගීතය අඩංගු වූයේ නාමල් උඩුගමයන්ගේ 6 වන කැසට් පටය වන සුදුමල් සුගන්ධිනී ඇල්බමයටයි.

මෙහි සංගීත වින්‍යාසය රෝහණ වීරසිංහයන්ගේ..

මෙහි පද නිර්මාණය ආරියවංශ මහතාගේ (නමේ මෙපමණයි දන්නේ) ඔහු පොලිස් නිලධාරියෙක්..

(මෙහු කුලරත්න අාරියවංශයන්ගේ නෑයෙක්ද කියලා නම් දන්නේ නෑ. මෙම ඇල්බමයේ, "ඔබ කවියක් විය" ගීතය නම් කුලරත්න අාරියවංශයන්ගේ)

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
04 Mar 2015 09:25 PM
  •  Quote
  •  Reply

... අපි හැඟුම්වලට ඉඩ දී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ......

උදා වී ඇති කුටුම්භ අඩස්සිගත ජීවිතය ඉස්පාසුවක් නැත්තකි. සොම්නස් බොහෝ දුරු ය. දොම්නස් මැ රජයයි. පසිඳුරන් ම තැවේ. මන කුමුදු මුකුලිත ව යේ. ගහේ බැන්ද ගොනුන් මෙන් ඔවුනොවුන් දිවි සරි කරනු පිණිස ගත සිත තව තවා රැකියා මැ කෙරෙත්. දාවලෙහි අව්වේත් රැයෙහි පින්නේත් දිවි රැක්මේ මර ගාතය ම කෙරෙත්. කංසකූට මාන, කූට, තුලා කූටාදී වෙළදපොළ උප්පරවැට්ටි හා ගැටෙමින් දිවි බරින් ඇඔරී මිරිකී සුසුම් ලා ලා වැටෙත්. සුතනඹුවන් හා විඳින ගේහසික පේ‍්‍රමයෙහි අසිරි නො වන්නට දිවි සිළිලාර වියැලී සිඳී නැසෙත්. මේ සා සිර වූ දිවියෙහි වියතක් තරම් ඉඩ හැර ඉන් ඔබ්බෙහි ඉඩක් ගත නොහේ. ඒ ඉඩ හැඟුම්වලට ඉඩ දී, මුකුලිත ව යන මන කුමුද පෙම් පැන් ඉස යළි විකසිත කරනු පිණිස ය.

භද්‍ර යෞවන සමයේ පේ‍්‍රමාර්ද හැඟුමින් බර ව පෙම්වතුන් පෙම්වතියන්සේ ගත කළ සොඳුරු සමය සිහිනෙන් ගෑ සුවඳක් සෙයින් මතකයේ පමණක් රැඳී ඇත. ඒ පේ‍්‍රමය යළි අළුත්වැඩියා කළ නොහැකි තරමින් ජරපත් ව ගොස් ඇත. එහෙත් පෙමෙහි පවස නො නිවී දැල්වෙයි. හඳපානේ මද අඳුරේ අත් පටලා යළි යන්නට අයදිනුයේ කඩතොළු ව ගිය ජීවිතය යළි පෙම් පිරියම් කොට රැක ගනු වස් වේ. පේ‍්‍රමයේ ආහ්ලාදය සඳරැසින් නැහැවුණු මද අඳුරේ දී වඩා තීව‍්‍ර වන බව කවි සමය යි. එය එසේ ම ය. එහෙයින් මේ ඇරයුම වඩා පෙම්බර සහවාසී අස්වැසිල්ලක් සඳහා ම වේ.

..... ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මද අඳුරේ
අත් පටලා යමු ආයේ......

හෙවනැල්ලෙන් මිදීම යනු ධ්වනිතාර්ථවත් යෙදුමකි. අප සෙවනැලි සහිත වනුයේ ආළෝකය ඇති විට ය. ආළෝකයෙහි වෙසෙත් දී අප ලෝකයට නිරාවරණය වෙයි. සැමට පෙනෙයි. සමාජ සම්මතය සදාචාරය ආදියෙහි විවර වූ උකුසු ඇස් ද හැකර කටවල් ද මේ ආළෝකය දෙසට විවර ව ඇත. එමෙන් ම සිය අඹු සැමි ආදී පවුල් සංස්ථා ද සෙවනැලි මෙනි. මේ අත්භවය මතු නොව ඒ සෙවනැළි සසර පුරා අප හා කැටිව සරන්නේ යි බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. සෙවනැල්ලෙන් මිදීම යනු මේ සියල්ලෙන් වියතක් තරම් ඉස්පාසුවක දී මිදීමයි. එසේ මිදී මද මද පිය මං තබා හෙමි හෙමිහිට ලැසි ව අවුදින් රහසින් ලොවට ම හොරා මුමුණමින් අත් පටලා ගෙන හඳපානේ මද අඳුරේ නැවතත් යාමට මේ අහිමිව ගිය පෙම්වතුන් දෙපළ සැරසේ. මේ අයැදුම ඒ සඳහා ය. නැවතත් ජීවිතය මැදින් අරඹා ඇති සෙයකි.

පවුල් සංස්ථාවේ අතොරක් නැති දුක් වේදනා ද ඥාති මිත‍්‍රාදීන්ගේ ඉමක් නොමැති යුතුකම් ඉටු කිරීම් ද සමාජ යුතුකම් හා දිවි සරි කර ගැන්මට කරන ආර්ථික යුද්ධය ද මදකට අමතක කොට පේ‍්‍රමයෙන් ස්නිග්ධ ව වෙසෙන්නට ඇති සුකුමාරමතික ඇල්ම මෙහි ඉමහත් සංයමයෙන් යුතු ව රචනා වී ඇත.

... හිර කර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමු වන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ.....

පැතූ පෙම් පැතුම් එලෙස ඉටු නොවී ඔවුනොවුන් වෙන් කෙරෙන සමාජ ආර්ථික බලවේගවලට යට නොවී ඒවාට හොර රහසින් ජීවිතය ආස්වාදය කිරීමේ අපේක්ෂාව මෙහි අන්තර්ගත යග දිවියෙහි ඇති දහසක් දොම්නස් හැඩුම් දෙඩුම් හසරැල්ලෙන් බැද සිර කෙරුමට මේ ප‍්‍රිය සම්ප‍්‍රයෝගය සමත් වේ. එක් ව විසීමේ හැකියාව දුරෙන් දුරු ව ගොස් ඇත ද පේ‍්‍රමාස්වාදයේ උත්තර සුවය ග‍්‍රහණය කොට ඉන් සපුරාගත් පැතුම් ඇති ව හිනැහීමට හැකි ය. මේ අත්භවයේ යළි හමු නො වෙතත් මේ හමුවිමේ සුඛ වේදයිතයන්ගේ පුණ්‍ය මහිමයෙන් ම මතු ආත්මයේ හමු වන පැතුමෙන් ඔවුන් හිමිදිරියේ වෙන් ව යනු ඇත.

යෞවනය ගෙවී ගොස් ගත සවි බල කෙමෙන් හීනව යෙත් යෙත් හිස නර කෙස් පහළ ව කයෙහි සුකුමාර බව නික්ම යාමට ආසන්න බවට දූත වදන් පවසත් දී පුද්ගලයා තුළ කෙමෙන් මරණ බිය වැඬේ. දිවියෙහි නො ලද සුව පහස් ආදී ආහ්ලාදයන් කෙරෙහි සැනෙන් සිත පෙළඹේ. යෞවනය පසු කොට දිවියෙහි යම් දුරක් ඉක්මවා ගිය අතීත පේ‍්‍රමවන්තයන් දෙපොළක් සිය වත්මන් තතු අමතක කොට වියතක් තරම් ඉසිඹුවෙහි සිය ජරපත් වෙමින් පවත්නා කාය ලක්ෂණ ඔවුනොවුන් කෙරෙහී ඉන්ද්‍රිය ගෝචර නො වන පරිදි හඳ පානේ මද අඳුරේ එක්වී නැවතත් අතීතයේ මගහැරුණු පේ‍්‍රමයේ සොඳුරු නිමේෂ අත් පත් කර ගැනුමට දරණ තැත ගීතයේ චිති‍්‍රත ය.

මේ ගීය වික්ටර් රත්නායකයන්ගේ ළ'ගන්නා හඬින් ගැයේ. ශබ්ද සංකලනය විෂයෙහි දක්වා ඇති කුසළතාව අර්ඝනීය වේ. සංගීත අධ්‍යක්ෂණය ද වික්ටර් රත්නායකයන්ගේ ම ය. ගිටාරයේ තත් මවන දීප්තිමත් ආළෝකයක් වන් ස්වර වර්ණත් වයලීනයේ ගලා හැලෙන කඳුලත් තබ්ලාවේ තාල තරංගයෙන් හනා වනා කලතා මිනිස් හඬේ අසිරිය සමඟ මුසු කොට චමත්කාර ජනක ගීයක් නිර්මාණය කිරීමට සංගීත අධ්‍යක්ෂවරයා සමත් ව ඇත.

අප ගතකරමින් සිටින දිවි තතු පවත්නා සමාජ ක‍්‍රමය නමැති උරචක‍්‍රමාලාවේ අණසකින් හා යදමෙන් වෙලී ඇති සැටිත් ඉන් මොහොතකට හෝ මිදී ක්ෂණභංගූර වුව ඒ උත්තර මිනිස් සුව සොයා ඉගිලෙන්නට දරණ වෙර වීරියත් මේ ගීතයෙන් ප‍්‍රකාෂයට පත් කෙරේ. පේ‍්‍රමයෙහි පවත්නා ආහ්ලාද ජනක එක් නිමේෂයක පැතුම මෙහි ගීතයට නඟා ඇත.

කාලය විසින් සොරකම් කොට ගෙන ගිය ආලය යළි ආස්වාදය කිරීමට පෙම්වතෙකු සිය පෙම්බරියට කරන මේ සොඳුරු අයැදුම අපගේ ද හැගීම් පද්ධතිය රස කවා පොබයාලීමෙහි පොහෝනා ගුණයෙන් යුතු වේ. ඒ තථ්‍ය ජීවිතය පිණිස කෙරෙන අයැදුමයි. ඉන් සම්මතයේ කුරිරු යදම් වලට, රැහැනි සිතුවිලි ම වැඩෙත්. ඒ නිදහස් ජීවිතයක් උදෙසා යොමු වන ආලෝක ධාරාවක් බඳු ය

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Mar 2015 10:02 PM
  •  Quote
  •  Reply
kalekin ahuwe.....thanks visthara welata....
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
05 Mar 2015 12:31 AM
  •  Quote
  •  Reply
mekath lassana sinduvak. bohoma Sthui indika ayye.
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
05 Mar 2015 01:39 AM
  •  Quote
  •  Reply

අපි හැගුම් වලට ඉඩදී මොහොතක්..
මෙම අරුත් දක්වන්නාගේ හැකියාව පෙන්වීමක් පමණයි මෙහි දක්වා තිබෙන්නේ.. ගීතය අර්ථය නිසි අයුරින් පෙන්වා නැහැ..
මට මතකයි ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වරක් මෙහි අර්ථය පැවසුවා..
මෙහි අඩංගු වන්නේ දෙදෙනෙක් එක්ව රාත්‍රිය ගෙවන අයුරු..
වික්ටර් රත්නායකයන් එයට ගැලපෙන අයුරින් මෙහි සංගීත නිර්මාණය කලා..
හැකිනම් ඔර්ජිනල් ගීතය සොයාගෙන අසන්න..
(එහි හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ යන ස්ථානයන්හි සංගීතය අසා බලන්න)

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Mar 2015 05:58 AM
  •  Quote
  •  Reply

Api Hengum Walata-වික්ටර් රත්නායක

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
05 Mar 2015 06:33 AM
  •  Quote
  •  Reply
sthuthi aiyya...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
05 Mar 2015 05:23 PM
  •  Quote
  •  Reply
me song ekata eka eka aya eka eka arthakathana denawa..me langadi mama ahuwa FM radio ekaka sannasgalage wicharayak..eka nam amu ma amu kunuharapayak
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
05 Mar 2015 06:04 PM
  •  Quote
  •  Reply

අර්ථය නම් indika76 කියන ආකාරයට ප්‍රේම කීර්ති ද අල්විස් කියූ අර්ථය ගැනීම තමයි සාධාරණ විය යුත්තේ. මේ ගීතයේ රචකයාත් ප්‍රේමකීර්ති මහතා නේද?

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
09 Mar 2015 05:47 PM
  •  Quote
  •  Reply

   no-repeat center rgb(255, 0, 0); margin: 0px; padding: 0px; border-radius: 2px 2px 0px 0px; top: -17px; width: 17px; height: 17px; right: 17px; color: rgb(255, 255, 255); line-height: 0px; font-size: 0px; display: block; position: absolute; z-index: 9999; cursor: pointer; -ms-border-radius: 2px 2px 0px 0px;" title="Insert paragraph here" unselectable="on">↵

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි

මේ ගීතය අලුත්ම තේමාවක් ඔස්සේ රචනා වුනු ගීතයක්. බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පද රචනයකට රෝහණ වීරසිංහයන්ගේ සංගීත පාවඩ මතින් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීතයක් . දුවගේ මංගල්‍යය දවසේ පියා ගේ අදහස් දැක්වෙන ගීතයක්.. මේ ගීතය සඳහා මුල් වුනු හේතුව බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ වචන වලින්ම තේරුම් ගමු ..
" මේ ගීතය මා අතින් රචනා වෙන්න හේතු කාරණා ගොඩක් නෑ.. එකම එක හේතුවක් තිබුණා.. DSI ආයතනයේ නන්දදාස රාජපක්ෂ කියන රසවතා මාත්එක්ක නිතර කතාකරනවා ඉතින් ඔහුගේ දුවගේ විවාහයෙන් පස්සේ මට කතා කරන දවසක මගෙන් ඇහුවා .. මගෙ දුවගේ මගුල් ගෙදර දවසේ ඔය සිංදු වගයක් දැම්මා හැබැයි මට දුව ගැන කිසිම හැගීමක් ඇති වුනේ නෑ .. ඒක හින්දා අපිට බැරිද දුව තමා පරම්පරාවේ ආඩම්බරය කියලා කියවෙන ආකාරයේ ගීතයක් රචනා කරන්න .. කියලා . මටත් ඉන්නේ දුවලා දෙදෙනෙක් .මේක මටත් දැනුනා ඊට පස්සේ මම මේ ගීතය රචනා කරන්නට උත්සාහා කලා. එහිදී මට තේරිච්ච එක දෙයක් තමයි . ඉස්සර අපේ ගම් වල මගුල් තුලා තියෙන්නේ ගෙවල්වල. හුගක් වෙලාවට ඒව කවුරු හෝ මාර්ගයෙන් දැන හැදුනුම්කම් හදාගෙන කථා කරලා කරන විවාහ. ඒ විවාහයට එන මනමාලිය හා මනමාලයාට වැඩිය හම්බ වෙන්න ඉඩකඩක් නෑ. හම්බ වෙන්නෙත් දෙමාපියන්ගේ අණසක යටතේ. ඒක නිසා මේ දෙපාර්ශවය එකතුවෙන දවසට හුඟක් දේවල් කථා බහ වෙනවා .අලුත් නෑදෑ පාර්ශවය පිළිබඳව කථා බහ වෙනවා . කෑම මේසෙන් පස්සේ අවවාද අනුශාසනා කෙරෙනවා , කථා බස් කෙරෙනවා , ජීවිතයට මුහුණ දෙන්න ඕනෙ කොහොමද කියලා වැඩිහිටියෝ කවි වලින් ගාථා වලින් මේ මනමාල යුවලට උපදෙස් දෙනවා . එහෙමයි ඒ කාලෙ මංගල කටයුතු සිද්ධ උනේ .වර්ථමානයේ ගම් වලත් දැන් මංගල කටයුතු සිද්ධ වෙන්නේ හෝටල් වල. ඊට පස්සේ යම් යම් දේවල් පානය කරනවා , විශාල බෑන්ඩ් එකක් ගෙන්නලා නටන්න පටන් ගන්නවා , නැටුම හමාර උනාට පස්සේ වෙලාව ලං වෙනවා , ජෝඩුව පිටත් වෙනවා . ඉතින් මුලදී අපේ ගම් වල තිබිච්ච මේ බැදියාව සහමුලින්ම තුරන් වෙලා තියනවා. ඒක නිසා ඒකත් මට මේ ගීතය රචනා කරද්දි හිතුනා . මේක තමා දියණියකට අවවාදයක් දෙන්න සුදුසු හොඳම වෙලාව, දියණිය පිටත් වෙලා යනවිට දියණියට ගැයෙන ගීයක් . දියණියට ඇති වෙනවා හැඟීමක් මම කවුද කියන එක .. "
මේ ගීතයේ තනුව නිර්මාණය කළ රෝහණ වීරසිංහයන්ට දුවක් නැති උවත් ඔහු අපූරු තනුවක් පටබැදලා තියනවා .. ගායනා කරන සුනිල් එදිරිසිංහයන්ට දුවක් සිටින නිසා වෙන්න ඇති ඔහු මේ ගීතය ඉතා හැගීම්බරව ගායනා කරන්නේ ..

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ උන සුභ සිහිනයයි
සෙනෙහසින් කුල ගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි

තාත්තා කෙනෙකුට තම දියනිය තම පන වගේ .. ඒ වගේම "සැබෑ උන සුභ සිහිනයයි" සෑම පියෙක්ම ගැහැනු දරුවෙක්ව හදන්න සිහින දකිනවා . කොහොමත් පියෙකු පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවට තමා වැඩියෙන්ම ආදරේ .. මේ දියනිය විවාහයක් කරගෙන යන්න හදන මොහොතේ මේ අරගෙන යන්නේ දුව විතරක් නෙවේ .. පරපුරේ අභිමානය තමා මේ අරගෙන යන්නේ .. දියනිය හොඳට හැදුනු දරුවෙක් කියලා තමා මේ කියන්නේ ..

මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි

මල් වැස්සට තෙමෙනකොට පෙති කඩාගෙන වැටෙනවා .. තද හිරු රශ්මියට වියලී යනවා .. අන්න ඒක නිසා තමා දරුවන් මලක් වගේ හදන්න එපා කියන්නේ. දරුවාට දුක , ජීවිතය දැනෙන්න ඉඩ ඇරලා හැදුවේ නම් , නියමිත වයසට එන විට දුක ජය ගන්නා ආකාරය අමුතුවෙන් කියාදෙන්න ඕනෙ නෑ ..මලක් වගේ හැදුවොත් කටුක අද්දැකීම් දරාගැනීමට අපහසු වෙනවා .."දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි " හැබැයි මලක් වගේ හැදුවෙ නැති නිසා නුබ දුක දිනන හැටි ඉගෙනගෙන තියනවා ..

මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි

පියා දුවට තම විවාහ ජීවිතය සාර්ථක කරගන්න උපදෙස් දෙනවා මේ විදිහට .. මිල මුදල් හා නිල බල වලට ජීවිතය සාර්ථක කරන්න බෑ ..ඒක තාවකාලික සතුටක්.ඊට වඩා තමා පෙර කළ හොඳ තමා වයසට යනවිට ඉතිරි වෙන්නෙ ..

අප මී මුතුන්මිත්තන් එදා
සිය ලේ කඳුළු දහඩිය හෙලා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා

අතීතයේ විවාහයට ප්‍රථම කාන්තාවක් තම චරිතය පණ මෙන් ආරක්ෂා කළා .. විවාහයට පෙර ජීවිතය නිවැරදිව ගත කළ කාන්තාවක් යනු පරපුරේ ගෞරවයක් .. "සිය ලේ කඳුළු දහඩිය හෙලා " යන පේලියෙන් රචකයා උත්සාහ කරන්නේ නිවැරදිව ජීවිතය ගතකළ ගැහැනියකගේ නිවැරදි දිවි පැවැත්මට යම් නොබිදිය හැකි වටිනාකමක් ලබා දී මනමාලයාට තම දුව ගැන ආඩම්බරයක් ඇති කිරීමයි ... රචකයා කියන්නේ තම පරපුරම මේ ගෞරවය රැකගෙන තිබෙනවා කියලා ..
 
'........Share......    
                        දුවේ නුඹ මගෙ ප්‍රාණයයි       

  මේ ගීතය අලුත්ම තේමාවක් ඔස්සේ රචනා වුනු ගීතයක්. බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ පද රචනයකට රෝහණ වීරසිංහයන්ගේ සංගීත පාවඩ මතින් සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ගීතයක් . දුවගේ මංගල්‍යය දවසේ පියා ගේ අදහස් දැක්වෙන ගීතයක්.. මේ ගීතය සඳහා මුල් වුනු හේතුව බණ්ඩාර ඇහැලියගොඩ මහතාගේ වචන වලින්ම තේරුම් ගමු ..
<form>> </form>
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
09 Mar 2015 06:06 PM
  •  Quote
  •  Reply

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
09 Mar 2015 06:08 PM
  •  Quote
  •  Reply

duwek inna saama thatha kenekugema prartthanwa thamai me geethaye thiyenne..tx Rosi

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
09 Mar 2015 06:26 PM
  •  Quote
  •  Reply
tx rosi akke me githaye teruma apith ekka beda hada gathata............
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
09 Mar 2015 07:32 PM
  •  Quote
  •  Reply
math harima kamathi sinduvak. sthuti rosi akka
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296

--
10 Mar 2015 02:53 AM
  •  Quote
  •  Reply

ලස්සන සිංදුවක් ...මාත් ගොඩක් ආසයි මේකට...ස්තූතියි නංගි  විස්තර වලට 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
10 Mar 2015 06:41 AM
  •  Quote
  •  Reply

math asama sinduwak..meka ahaddi punchiyata kadulakuth enawa eheta

0

gayanfernando
New Member
New Member
Posts:66

--
11 Mar 2015 06:38 PM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුවක් ගැන කියල දුන්නට ගොඩක් ස්තුති
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
11 Mar 2015 09:29 PM
  •  Quote
  •  Reply
සැබවින්ම ආදර්ශවත් සින්දුවක් දියණිවරුන්ට, නමුත් අද කීයෙන් කී දෙනාද පියවරුන්ගේ මේ උපදෙස් පිළිපදින්නේ.....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
11 Mar 2015 10:16 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 11 Mar 2015 09:29 PM
සැබවින්ම ආදර්ශවත් සින්දුවක් දියණිවරුන්ට, නමුත් අද කීයෙන් කී දෙනාද පියවරුන්ගේ මේ උපදෙස් පිළිපදින්නේ.....

mewa mathak wenne athin katin ellan innakota thami

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
13 Mar 2015 05:41 PM
  •  Quote
  •  Reply
තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ෴

බොල්පිනි වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමු ගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ...
ඒක යි මා නොකියා යන්නේ

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ

ඔබ අවදි ව මා සොයනු එපා
ඈත යි මා ඉන්නේ
තවලම්කරුවෝ කවරදාකදෝ
එක ම තැනක ඉන්නේ
_______________
ගී පද - සරත් ප්‍රනාන්දු
ගී හඬ සහ තනු - රූකාන්ත ගුණතිලක

දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන තැන ගිමන් නිවමින්, දිවා රැය ගැල් පැද වූ මොවුහු, ජීවිතය යනු කිමැ යි සැබෑ ලෙස අපට තහවුරු කොට අතීතයට පසු බැස ගිය මිනිස්සු වෙති.

ගම් බිම් කෙරෙන් නික්ම අපමණ වෙහෙස, පාළුව, තනිකම ද සමඟ ගෙවුණු දිවිය සම සිතින් ගත් මේ මිනිසුන් ගේ මනෝ භාවය පළ වන ගැල් කවි රැසක් අප සතු ය. එහෙත් එබඳු ගැල් කවි මඟින් අප දැන හැඳිණි ගැල්කරුවා ගේ ජීවිත ප්‍රවෘත්තියෙහි එතරම් ප්‍රකට නො වූ අංශයක් කෙරේ යොමු වූ ගීතයක් මෙවර අප ගේ වින්දනයට භාජන වෙයි.

රූකාන්ත ගුණතිලකයන් විසින් සංගීතය නිමවා, මින් වසර දහසයකට පමණ පෙරාතු ව ගැයුණු මේ ගීතය, පසු ගිය සුපර් ස්ටාර් තරග වටයෙක දී අර්ජුන් රූකාන්ත නම් තරුණ ගායකයා විසින් මධුර ලෙස ගයනු ලැබිණි. මතකයෙන් බැහැර ව පැවැති ගීතය යළි මනැසෙහි රමණීය රූපාවලියක් මවන්නට යෙදිණි.

මේ ගීතය ප්‍රබන්ධ කෙළේ සරත් ප්‍රනාන්දු නම් නිහඬ රචකයෙකි. දැනට බැංකුකරුවකු ලෙස කටයුතු කරන සරත්, 2007 දී SLIM ආයතනයේ සභාපති ධුරය හෙබැවූ අතර, ආසියා පැසිපික් අලෙවිකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ලෙස ද කටයුතු කෙළේ ය. මහනුවර කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයයේ කුසලතාපූර්ණ ආදි ශිෂ්‍යයකු වන හෙතෙම, මලල ක්‍රීඩාවන්හි විශේෂ කෞශල්‍යයක් දැක්වූ තැනැත්තෙකි.

තමා හට ගීත ප්‍රබන්ධය සඳහා නිබඳ අනුග්‍රහය ලැබුණේ ප්‍රවීණ සංගීතඥ රූකාන්ත ගුණතිලකයන් ගෙනැ යි හෙතෙම පවසයි.

ආරදය, පේ‍්‍රමය මුල් කොට පවත්නේ යැයි පැවැසෙන තිරසර සහසම්බන්ධතා යනු මේ ගැල් ගමනෙහි එතරම් උත්කර්ෂවත් බැඳීම් නො වේ. මඳකට බැඳී, එහෙත් බන්ධනගත නො වී, තමාට හිමි අනවරත ගමනට එළැඹි ගැල්කරුවා ගේ ජීවන ස්වරූපය ගීත නිබන්ධක සරත් ප්‍රනාන්දු, සාටෝපයෙන් තොර, සරල ප්‍රකාශන ලීලාවෙකින් අප ගේ සංවේදනයට හසු කරයි.

බොල්පින් වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමු ගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒක යි මා නොකියා යන්නේ

ඇය හා එක යහනෙහි වැද ගෙවූ රැය නිමා වී, හාත්පස අරුණුවන් කැලුම් පැතිරෙයි. ගැල්කරු අවදි ව කුටියෙන් පිටත ලෝකය නරඹයි. උදා අහසින් ඉසියුම් දිය බිඳු (බොල්පිනි) සෙමෙන් වෑහෙන මොහොත යි. දැන් යළි ගැල ගෙන සුපුරුදු ගමන ඇරැඹීමට කාලය යි. එහෙත් තවමත් ඇය සුව නින්දෙහි ය. සමු ගෙන යා යුතු මුත්, ඇය අවදි කොට ඒ සුව නින්ද බිඳිනු ඔහුට රිසි නො වෙයි. හෙතෙම ඇයට නොදන්වා ම නිවහනෙන් නික්මෙයි.

එකෙකා ගේ සිරුරු ඇසුරු කොට පිබිදීමක් සිදු වූ මොහොත ඉක්ම ගොස් ය. තවත් ඒ අනුරාගී රාත්‍රියේ ආස්වාදය පිළිබඳ ලෝභයෙන් ඇගේ සෙවණෙහි බන්ධනගත වනු නො හැකි යත් මේ නොනිමි ගැල් ගමනෙහි සියලු අත්විඳීම් එදින, එතැන, ඒ මොහොත, ඒ රැය යනුවෙන් වන අඛණ්ඩ නිමේෂ පරම්පරාවක් පමණි. ගමන් ගැනීමට නියමිත මඟෙහි සියල්ල, එදිනට නියමිත ගනුදෙනු පමණි. එබැවින් යුග දිවිය, ආවාහය වැනි සංස්ථාපිත සීමාවනට අවනත කළ නො හැකි ගමනෙකි මේ.

ආදරය යනුවෙන් නම් කළ හැකි බැඳුමක් මේ සබඳකමෙහි නො වේ. දැන හැඳුනුම්කම් පුළුල් වීමෙන් ඇති වූ පි‍්‍රයමනාප හැඟීමෙන්, සිරුරු කෙරෙන් නැඟි අනුරතිය සමනය කරනු පිණිස දෙදෙන ගේම කැමැත්තෙන් සිදු වූ එක්වීමෙකි මේ. එහෙත් මේ හුදු යාන්ත්‍රික සබඳකමක් ම නො වේ. ඔහු තුළ ඇය කෙරේ උපන් යම් ස්නේහයක් ඇතැ යි, සුව නින්දෙන් ඇය අවදි නොකොට ම පිට ව එන බව කීමෙන් ගම්‍යමාන වෙයි.

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ

ඇගේ නිවහනින් බැහැර ව ඈත ගම් නිගම් බලා ගැල පෙරමඟට ඇදී යයි. ඇය කෙමෙන් ඔහු ගේ සිහියට පිවිසුණ ද, එහි ඇති කිසි වෙසෙස් බවක් නැත. මේ ගමන් වටයෙහි මතු නො ව ඊට පෙරාතුව ද ඔහු ඇය හා රැය ගෙවන්නට ඇත. මේ තාවකාලික ස්මරණය මේ අයුරින් ම මින් පෙර ද සිදු විය. ඇය කෙරෙහි කිසිදු ගිජු භාවයක් ද ඔහු තුළ ඉතිරි වී නැත. එබැවින් ඔහු යළි පසුපසට ඇඳීමක් ද සිදු නො වේ. හැම වරෙක ම සිදු ව ඇත්තේ පියමන් කොට යෑමෙකි.

සුව සෙවණ සදන ඊළඟ නිවහනෙහි දී ඇය පිළිබඳ සැමැරුම් සියල්ල යටපත් ව යනු නිසැක ය. මේ එක ගැල් මඟෙහි තව තව නවාතැන් ඔහුට හුරු පුරුදු ය. ඊළඟ නිවහනෙහි ද ඔහු හා රැය ගෙවනු පිණිස ළං වන, වෙන අන් ළඳකි. පෙර දා හමු වූ තැනැත්තිය, ගෙවා ආ මඟෙහි ළං වූ තවත් එක් මාගමක පමණි. එබැවින්,

ඔබ අවදි ව මා සොයනු එපා
ඈත යි මා ඉන්නේ
තවලම්කරුවෝ කවර දාක දෝ
එක ම තැනක ඉන්නේ...

ඇය අවදි ව ගැල්කරු සොයනු ඇති මුත්, මේ වන විට ඔහු දුර ඈතක ය. එසේ සෙවීමෙහි ඇති පල කිම් ද? ඇය තමා වෙනුවෙන් කැප වී බලා සිටිය යුතු කතක් නො වේ. තමා ගේ ම ආස්වාදය සඳහා පැවැතිය යුතු ළඳක් නො වේ. ඊළඟ පැමණීමෙහි දී යම් විටෙක යළි ඇය හමු විය හැකි මුත්, එතෙක් ඇය ඔහු හද පාරවන කෙවිටක් නො වෙයි.

හෙතෙම ඇය මත රඳා පවතින්නෙක් නො වේ. ඇය අයත් කර ගැනීමට යත්න දරන්නෙක් ද නො වේ. අයිති කර ගැනීම යනු සම්බන්ධතාව පවත්වා ගැනීම නොවන බව ඔහු මේ කටුක ගමනෙහි දී ම අත්විඳින්නට ඇත. අයිති කර ගැනීම වූ කලි සබඳතා විනාශ කර ගැනීමෙකි. අයිති කර නොගන්නා සබඳතාව මේ ප්‍රබන්ධයෙහි ප්‍රබල ඇඟැවුමෙකි. එය අනෙකා ගේ නිදහසට බාධා නොකරන සබඳකමෙකි.

"ඔබ අවදි ව මා සොයනු එපා" යි ඔහු පවසන්නේ තමා මෙන් ම ඇය ද දැන් පෙර සේ ම නිදහසේ බැවිනි. ඇයට නොබැඳී ඇති බැවින් සබඳතාව තව දුරටත් පවතිනු ඇත. එ සේ ම මේ නොනවතින ගැල් ගමනට එක් තැනක් යැයි නියමිත තැනක් නැත. ගිමන නිවන, සෙවණ සදන හැම තැනක් ම මදක් ගෙවා, යළි හැර යන තැන් වේ. තවලම්කරුවන් ගේ ජීවිතය එබඳු ය. මේ යථාර්ථය හැඳිනිය හොත් ඇය ඔහු සොයා නොවෙහෙසෙනු ඇති. ඔහු පිළිබඳ සිතින් දුක් අනුභව නොකරනු ඇති.

අතීත ගැල්කරුවන් ගේ ලෝකයෙන් බැහැරට ගෙන වුව ද මේ ගීතයේ වස්තු විෂයය පිළිබඳ ව සම්භාෂණයෙක යෙදීමට අපට පිළිවන. වර්තමාන පාරිභෝගික සංස්කෘතියෙහි ව්‍යාප්තිය සමඟ ඒ හා කල්පනා කරන යමකුට වුව ද මේ අත්දැකීම මෙකල සමාජ ජීවිතය හා බද්ධ කොට වටහා ගත හැකි ය.

වෘත්තීය කාර්යයන් පිණිස නිතර චාරිකාවෙහි යෙදෙමින්, නුවරින් නුවර, රටින් රට යන ඇතැම්හු තමා වෙත එළැඹෙන අවස්ථාවන් වින්දනය කරන්නෝ වෙති. ගැල් දිවියෙහි පමණක් නො ව අද මේ මොහොතට ද පොදු මේ නිදහස් පෙලැඹුම ගීත නිබන්ධක සරත් ප්‍රනාන්දු අතීතයෙහි තබා පවසනු ද විය හැකි ය.

අපි අප ගේ පොදු පරිකල්පනය මෙහෙයවමින් හැම විට ම සමාජ ජීවිතයේ ස්වරූපය වටහා ගන්නෝ වෙමු. මේ වූ කලි සමාජ කල්පිතය යනුවෙන් හැඳින්වෙයි. මෙකී කල්පිතය ගීත ප්‍රබන්ධයට පිවිස එය උචිත සංගීතාකෘතියෙකින්, පවිත්‍ර ගායන ස්වරයෙකින් යුතු ව අප හමුවට පැමිණි අවස්ථාවෙකි මේ. මෙමඟින් අපි මනුෂ්‍යාත්මයේ එක් පාර්ශ්වයක් අපේ සංවේදනයට හසු කරමු.

පදමාලාවෙහි අති සරල බව ඉක්මවන යටි හඬක් මට මේ ගීතය ඇසුරෙහි දැනෙයි. ගීතය පුරවන හිස් වදන් නො ව, සියුම් ඇඟැවුමක් සහිත සංකල්ප රූපී උක්ති මාර්ගයක් මේ රචනයෙන් විද්‍යමාන යි. එහි සරල භාවයෙහි වන ගැඹුර, කථකයා ගේ ජීවිතය මෙන් ම, ඔහුට පිටු දුන් සංස්කෘතික ජීවිතය ද වෙත අප ආපසු කැඳවයි. අප තුළ සියුම් අනුවේදනයක් ඇති කරන්නේ පෙර කී ඒ සමාජ කල්පිතය යි.

රූකාන්ත ගුණතිලකයන් ගේ අවස්ථෝචිත ගායන ලීලාව අතීත ගැල්සාත්තුකරුවන් ගේ ලෝකය සිහි ගන්වමින් දෝංකාර නංවන උච්ච තානයකින් යුක්ත ය. ගැල් ගමනෙහි රිද්මය සමඟ, තිරසර නොවන ජීවන සම්බන්ධතා, හමුවීම, වෙන්වීම, පාළුව, ධ්වනිත කරන නාදාත්මක පරිසරය ද, අවසනට යෙදෙන ආලාපය ද ගීතයේ මූලික අරුත තීව්‍ර කරනු සමත් වෙයි.

- නන්දන වීරසිංහ
 
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
13 Mar 2015 06:24 PM
  •  Quote
  •  Reply
rukanthage ithamath hagum bara geethayak..tx rosi mewa genawata
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
13 Mar 2015 08:04 PM
  •  Quote
  •  Reply
rukanthage mama asa song ekak........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
13 Mar 2015 11:44 PM
  •  Quote
  •  Reply
ඇත්තටම මේ ගීතයෙන් කියවෙන කතාව හරිම දුක්බරයි. ජීවන ගීතය ගායානා කිරීම හැමෝටම එක වගේ ලේසි නැහැ ඇතැමුන්ට හරිම කටුකයි,... දවසක් මේ කතාව රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකත් මම අහල තියෙනවා. නියමයි වැඩේ,
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
20 Mar 2015 09:12 PM
  •  Quote
  •  Reply
math kamathi lassana sinduvak. bohoma sthuti akka me adahasa ekathu kala
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
28 Mar 2015 03:38 PM
  •  Quote
  •  Reply

සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී

අම්මා කෙනෙක්‌ බිරිදක්‌ වෙලා

ලොව කාට හෝ ඔබ උරුමැතී

සතුටින්ද ඔබ පෙරටත් වඩා

මගේ ඉපැරණි පෙම්වතී

මම ද සැමියෙකි ඇයට අවනත

දෙදරුවන් ලග නිවන සරතැස

කාලයේ වැලි තලාවේ

සබදකම් සැගවුණාවේ

අතරමග සුණුවිසුණු පැතුමක

මතක මිහිරී තාම හිතයට

පරවුණත් මල් අතීතේ

සුවද හදවත සමීපේ

කරුණාරත්න දිවුල්ගනේ ගයනු ඇසේ. ඒ ගැයුම හදවත විනිවිදිනු දැනේ. අපේ කාලයේ අගේ්‍රසර ගාන්ධර්වයා ලෙස සම්භාවිත රෝහණ වීරසිංහයන්ගේ මියුරු ස්‌වර වර්ණ පදපෙළෙහි භාවයන් උත්කර්ෂයට නන්වන අයුරු සිත් පුරවාලයි. රවී සිරිවධන නැමැති යොවුන් ගේය පද රචකයා සිය අත්දැකීම්හි පරිපාකය සලකුණු කර ඇති අයුරු දකිමු. ප්‍රේමයේ ගැඹුරු භාවමය යථාර්ථය කවියෙකුට ස්‌පර්ශ කළ හැකි ප්‍රමාණය කෙතරම් දැයි රවී සිරිවර්ධනයන් අපට කියා දෙමින් හඳී.

ප්‍රේමයේ චමත්කාරය වියපත් නොවී පවත්නේනම් ඒ උපදින්නේ ඊට මුසුවන විරහී සංවේදනාවන් සමගිනි. සහෘද රසවතුන් විසින් වින්දනය කරන්නේ සබදතාවන්හි සුඛය නොවේ. ඒ ඇසුරෙහි උපදිනා මියුරු අත්දැකීම්හි මතකයන්ය. එබඳු මතකයන් අතරෙහි ඇතිවූ මියුරු කල්පනාවන් ජීවිතය තුළ වියපත් නොවී පවතී. එය වින්දනය කළ හැකිනම් එපමණ වූ චමත්කාරයක්‌ නොවේ. කවියා විසින් අපට ගෙනහැර දක්‌වන්නේ ඒ සොඳුරු භාවයන්හි අරුම ය.

ජීවිතයේ එක්‌ කලෙක ස්‌වකීය දිවි ගිම් නිවා සැනසූ මියුලැසිය තවත් ඔහු ළග නොවේ. තමන් හැර දමා ගිය ඇය පිළිබද ඔහු තුළ ද්වේශයක්‌ නැත. ඒ මතකය ජීවිතයේ ඈත අතීතයට හිමි වූවකි. ඔහු සිය ඉපැරණි පෙම්වතිය සිහි කරයි. මහත් වූ දයාවෙන් ඇය විමසයි. ඇය පිළිබද තොරතුරු මාත්‍රයක්‌ හෝ ඔහු සතුව නැත. එහෙත් ඈත අතීතයේ ඇය විසින් හිමි කරගත් ඔහුගේ හදවතේ ඉඩ හසර තවමත් විවරව තිබේ. එය පිරී ඇත්තේ අනුරාගී හැගීමෙන් නොවේ. අප්‍රමාණ දයාවෙනි.

අම්මා කෙනෙක්‌ හෝ බිරිදක්‌ වී ලොව කොතැනක හෝ ඇය සිටිනු ඇති බව ඔහු දනී. ඔහුට තමා හා ගතකළ මියුරු සමයටත් වඩා ඇය සතුටින් පසුවේ ද යන්න දැනගනු රිසිය. ඒසේ වනු දැක්‌ම ජීවිත අත්දැකීම් විසින් වියපත් කළ මේ පෙම්වත් සහෘදයාගේ ප්‍රාර්ථනාවය. දැන් ඔහුත් දෙදරුවන් අභියස ජීවිත සරතැස නිවා දමන සෙනෙහෙබර පියෙකි. දයාබර සැමියෙකි. කාලයේ වැලි තලා තුළ සබදකම් සැගව ඇති අයුරු ඔහු දකින්නේ උපේක්‌ෂාවෙනි. එහෙත් මිය ගිය අතීත මල් උයන සැරසූ මල් පොකුරු වල සුවද තවමත් ඔහුව ජීවත් කරයි.

මනුෂ්‍ය සබදතාවල මියුරු චමත්කාරය මෙයය. මිනිස්‌සු ජීවිතයේ මියුරු මතකයන් හා බැඳී ජීවත්වෙති. ඒ මතකයන් වින්දනය කරති. ඉන් ජීවිතය ලබති. එසේ වී නමුත් සමාජ සංස්‌කෘතික නිර්නායකන් තුළ ඒ ගැඹුරු හැගීම් ප්‍රකාශ වීමට ඉඩක්‌ නොවේ. එවන් භාවයන් ප්‍රභූ නිර්මාණ කාර්යයන්ට ප්‍රශස්‌ථ වස්‌තු විෂය සපයයි. රවී සිරිවර්ධන නැමැති කවියා මේ සරු බිම අස්‌වද්දා ඇති අයුරු දකිමු.

ඒ අස්‌වැද්දුම අපේ කාලයේදී බලාපොරොත්තු විය නොහැකි සොඳුරු ප්‍රවේශයක මං ලකුණු කියයි.

ජාලිය

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
28 Mar 2015 03:41 PM
  •  Quote
  •  Reply
පුළුවන් කෙනෙක්ට මේ සින්දුවේ වීඩියෝ එක දාන්න පුලුවන්ද ...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
28 Mar 2015 08:13 PM
  •  Quote
  •  Reply

 කරුණාරත්න දිවුල්ගනේගෙ ලස්සන song  එකක්...................

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
29 Mar 2015 01:25 AM
  •  Quote
  •  Reply
mama ahala nahene me song eka...nadda download karaganna ? ...maara lassanayi ne
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
29 Mar 2015 01:41 AM
  •  Quote
  •  Reply
බොනකොටද මේ සිංදුව දැක්කේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
29 Mar 2015 09:05 AM
  •  Quote
  •  Reply
heta udeta thamai utharayak dakaganna pluwan wenne.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636

--
30 Mar 2015 02:10 AM
  •  Quote
  •  Reply
ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි...

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

පද මාලාව - හේසල ගුණතිලක
ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි

ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.

අජිත් අලහකෝන්
~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
1

Malinga
Advanced Member
Advanced Member
Posts:534

--
30 Mar 2015 02:19 AM
  •  Quote
  •  Reply
අපූරු ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි
0

Malinga
Advanced Member
Advanced Member
Posts:534

--
30 Mar 2015 02:22 AM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 02:10 AM

ලස්සන ගීතයක්. තමන්ට ඇයව අහිමි වෙයි කියල හිතුනමනම් සැක ඇති වෙනව ඇති තමයි. හැබැයි ඉතින් දෙදෙනෙකු ආදරය කරද්දි විශ්වාසය, අවබෝධය කියන දේ ඉතා වැදගත් වෙනව ඇති කියලයි මං හිතන්නෙ. මම හිතන විදියට ඔහුගේ හෝ ඇයගේ ආදරය තමන්ට ලැබෙනව කියල හිතෙනවනම් එතන සැකයක් උපදින්න ඉඩ අඩුයි. හැබැයි ඉතින් ඉරිසියාව වගේ දේවල නිසාත් සැකය කියන එක එන්න පුළුවන්නෙ. ආදරය කරන අයම ඉතින් මේව ගැන කියන්නෙ නැතැයි. 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
30 Mar 2015 02:23 AM
  •  Quote
  •  Reply
චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ තවත් අපූරු ගීතයක්. බොහොමත්ම ස්තූතියි හිමාලි නංගී මේ ගීතයේ පසුබිම් කථාව ගෙනාවට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
30 Mar 2015 02:41 AM
  •  Quote
  •  Reply
කැමතිම ගීතයක්! පුද්ගලික අත්දැකීමක් කියලා දැනගෙන හිටියේ නැහැ.. මේකේ සංගීතය වගේම පදවැලත් ලස්සනයි..
අර "දුර ඈත අතීතයේ" කියන ගීතයත් ඒ වගේමයි..

90 දශකයේ ගීත මම හිතන්නේ මේවා.. තරුණසේවා සභාවෙන් ඒ දවස් වල ආවේ නියම බුලට්.. දැන් වගේ නෙවෙයි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
30 Mar 2015 02:57 AM
  •  Quote
  •  Reply

හිමලි නගා අවුරුදු ගානක් ආතට මගෙ මතකය අරන් ගියා මොහොතකට

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

මෙ ගීතය වගෙම දැසේ කතවෙන් / දුර ඇත අතීතයෙ / කෙලෙසක කීවත් / මා සිතු දෙ පතු දෙ ..මගෙ ජීවිතෙ වඩිපුරම අහපු සින්දු ..දන් මතක් වෙනකොටත් පුදුමයි..  

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
30 Mar 2015 03:11 AM
  •  Quote
  •  Reply
චන්ද්‍රසේන කියන්නේ නියම බුලට් එකක්.. ඒකයි මම අර කලින් කිව්වේ.. ඉඳලා ඉඳලා අවුරුදු ගණනකට පස්සේ එක ගීතයක් අළුතෙන් කලත් හිටු කියලා හිට් වෙනවා..

ඒ වගේම තමයි ආත්මා ලියනගේත්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
05 Apr 2015 08:11 PM
  •  Quote
  •  Reply
Posted By Himali on 30 Mar 2015 02:10 AM
ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි...

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

පද මාලාව - හේසල ගුණතිලක
ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි

ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි

මේ පෙම්වතාත් පෙම්වතියත් ආදර මාවතේ බොහෝ දුර ඇවිත් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන මේ දුර ආවත් මා දමා ඇය සමුගෙන යන මොහොත ළංවෙලා. ඔහුට හිතෙනවා.. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මේ පෙම්වතාගේ හුදු සිතිවිල්ලක්‌.. ඒත් මෙතැන විරහවක්‌ නම් පෙනෙන්න නැහැ. ඇය යාවි කියා සැකයක්‌ තමයි මේ හිතේ පිළිසිඳගෙන තියෙන්නේ.

මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදොa කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ... ඔහු හිතනවා.

මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවීල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

අපි කල්ප ගණනාවක්‌ පෙරුම් පුරලා ආදරේ කරන්න පටන් ගත්තා. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.

අජිත් අලහකෝන්

ගොඩක් ස්තූතියි හිමා නංගී සුන්දර අතීතයක් ආවර්ජනය කලාට..

හිත රිදුනු ගොඩක් අවස්ථාවල (ඉස්සර) මේ ගිතය එපා වෙනකම් අහනවා..

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 Apr 2015 08:44 PM

thank himali nanagi....... me visthara welata
.

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
07 Apr 2015 08:34 AM

ස්තුති හිමාලි නංගි .....අපුරු කතා වස්තුවක්

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Jul 2015 11:23 PM
  •  Quote
  •  Reply

සුදු නෙළුම කෝ සොරබොර වැවේ ....... ගීතය පිටුපස ඇති සංවේදී කතාව

සුදු නෙළුම කෝ සොරබොර වැවේ 
මල් සුවද දුන් මහියංගනේ 
පුන්පොයදා පාළොස්වකේ 
මල් නෙලා විකුණු පන්සලේ 

වැවට කළුවර යා වුනා 
සංසාර දුක බෝ වුනා 
නෙලුම් මල් මිට ඉහිරුනා 
එහා ඉවුරට පා වුණා 

සිහින සිරිපොද වෑහුණා 
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි 
මෙහා ඉවුරට පා වුණා .....

 මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස අවුරුදු 11 ක්. සත්‍ය සිදුවීමට අනුව ඇය මල් විකුණා ඇත්තේ දෙමටමල් විහාරයේයි. ගීතයේ රිද්මය ආරක්ෂා කරගැනීම සදහා වැව සහ පන්සලේ වෙනසක් සිදුකර තිබේ. 

මේ සිදුවීම පිළිබදව රත්න ශ්‍රී විජේසිංහයන් සිදුකල ප්‍රකාශයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

"1981 අවුරුද්දේ ඒ කාලේ තිබුණු ආණ්ඩුව මාව ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට, මාව වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය කියන ඇති දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිලියක් වත් තිබුනේ නෑ ඒ පාසලට ආව 7 පන්තියේ දැරියක් බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ඇහුව අයි කියල දැනගන්න ලැබුනේ කනගාටු දායක ප්‍රවෘත්තියක් ඇය මැරිල කියලා. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයෙකුත් එක්ක යනවා අගේ මළගෙදර හොයාගෙන. ඒ මළගෙදර තිබුනේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරයේ පොඩි වැවක් තිබුණා ඒ වැවට කිට්ටුව. දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවානම් ඒ ගෙදර අගේ දේහය තියන්නවත් ඉඩක් තිබුනේ නෑ. ගෙයින් එලියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුනෙත් පෙට්ටිය අරන් දීල තිබුනෙත් ගමේ ඇය සල්ලි එකතු කරලා. මට හොදට මතකයි ඇයට අන්දලා තිබුනේ පාඩු පාට වෙච්ච පාසල් ඇදපු සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අඩුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක් මගේ වයස ඒ වෙනකොට 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහනවා මොකද වුනේ කියලා තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න, මල් කඩලා විකුනනවා පන්සලට යන ඇයට, එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා ඒ වගේම ඉතුරු වුනොත් ගෙදර වියදමටත් දෙනවා. ඒ නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකන් ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.හොයාගන්න බැරි වුණා පහුවෙනිදා පාන්දර අගේ මිනිය
පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. අගේ අතේ ලිහී ගීය නෙලුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුනා."

පොහොය දවසේ මල් නෙලාගෙන පන්සලට ගොස් ඒවා විකුණන ඒ දැරියගේ ජීවිතය සරි කරපු වැවම අවසානයේ අගේ ජීවිතය බිලිගන්නවා. අගේ දේහය තැබීමට වත් නිසි ස්ථානයක් නිවසේ නොතිබුණු බව සදහන් වේ. කෙසේ නමුත් මේ සංවේදී අවස්තාව රත්න ශ්‍රී විජේසිංහයන් ඒ සංවේදී බව ආරක්ෂා කරමින්ම රචනා කර ඇති අතර පණ්ඩිත අමරදේවයන්ගේ මධුර ස්වරය එයට ජිවයක්‌ එකතු කරන්නේ අපේ නෙත් වලට කදුලක්ද එකතු කරමිනි..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
05 Jul 2015 12:42 AM
  •  Quote
  •  Reply
ඉතාමත් අනුවේදනීය කථාවක්..
මෙයට කලින් කියවා තිබුණත් නැවතත් කියවද්දී සිතට දැඩි සංවේගයක් දැනුනා..
ගොඩක් ස්තුතියි මල්ලී අපිත් එක්ක බෙදාගත්තට...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
10 Jul 2015 07:49 AM
  •  Quote
  •  Reply
මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී
මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ
බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා
බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
ගායනය: කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත
[]
ආදරයේ උල්පත අම්මා ......................
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472

--
10 Jul 2015 07:51 AM
  •  Quote
  •  Reply
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
19 Oct 2015 02:04 AM
  •  Quote
  •  Reply

ටික කලක සිටන් - Tika kalaka sitan (Chandrasena Hettiarachchi)

ටික කලක සිටන් මා අමතක වන බව දෑනුනා
අද මට නොදෑනිම මගෙ දෙනෙතට කදුලු පිරෙනවා
පිපි මලක් කෙලෙස මා වනමෑද පරවී යනවා
ලන් වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලී යනවා

දුක ශොකය මා හටනම් පුරුදුයි හෑමදාම
ආදර වදනින් මා හද පෙරුවෙ ඈයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වු ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසෙ සොදුරියෙ මෙ දුක කෙලෙස

මා ඔබ ගෑන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සතුටකි හෑමදාම
ආදරයක ඈති වෙදනාව දෑනන වුදාක

සිහිවෙයිද මගෙ සොදුරුයෙ බිදුවක් යලි මතක........

වස්සානය, ගිම්හානය සරත් හා සිසිරය යන සෘතු හතරට අමතරව ආදරයද ලොව වෙනස් සාධකයක්ය. එලෙසම මෙම සෘතු හතරට සමානවම පෙම්වතාගේ ජීවිතයද ගෙවී යන්නේය. වස්සානයේදී හමුවන ඇය සිසිරය සමගම යන්නට යයි. පෙම්වතිය පලායන්නට සැරසෙන මොහොතේ පෙම්වතාට එය දැනෙන්නේ ඔහුගේ මුළු ලෝකයම බිඳ වැටුනා ලෙසය. මෙන්න මෙවැනි ඉතාමත් දුක්බර මොහොතකදී ගැටගැහුනු වදන් පෙලක් ගීතයකට නැගුනු අයුරුන් මට මෙම කවි පෙල හැඳින්විය හැකිය.

සුනිමල්ගේ පියා ඔහුට අහිමිවූයේ ඔහු කුඩා අවධියේදීමය. අම්මා සමග ඉතා දුක්බර දිවියක් ගතකල සුනිමල් ජීවිතය ගැටගහත්තේ ගඟේ ඔරු පැදීමෙන් හම්බකරගත් සොච්චමෙනි. කොතරම් දුප්පත්වුවත් ඔහු සිතිවිලිවලින් පෝසතෙකි. සැම පෝයකටම පන්සල් යන ඔහු ජීවත්වූයේ ගමේ කිසිවකුට කරදරයක් නොවන පරිද්දෙන් සතුටින්ය. මේ කාලයේදීම ඔහුට ගමේ පාසලට ආ අලුත් ගුරුවරියක්වන නන්දාව මුනගැසෙන්නේය. ඇයට සිත් බැඳ ගන්නා සුනිමල් එය නොපවසන්නේ ඇය තමාට වඩා උගත් වැදගත් තැනැත්තියක්වීම නිසාය. කෙසේ හෝ නන්දාටද සුනිමල් කෙරේ ආදරයක් ඉපදී දෙදෙනා ආදරයෙන් එක් වන්නේ නන්දාගේ බලපෑම නිසාමය. සති අන්තයේ සුනිමල් නන්දා කැටුව ගඟේ උඩහට ඔරු පැද ඇයට කිසිදා නොදුටු සිත්තම් වෙන්වන්නට විය. මෙලෙස සුනිමල්ගේ වසන්න කාලය ගෙවෙන්නේය.

මේ අතරතුරේ ගමේ පාසලට අලුත් ගුරුවරයෙකුවන වසන්නතද පැමිනෙන්නේය. සුනිමල්ගේ වස්සයානය ගෙවී ඉවර වෙන්නට ආසන්නබව ඔහු දැන ඉන්නනට නැත. නන්දාගේ සිත කෙමෙන් සුනිමල් වෙතින් වසන්නත වෙතට ඇදෙන්නේ නන්දාටද හොරෙන්මය. සැමදා පාසල්යාමට පෙර ගං ඉවුරට ගොස් සුනිමල්ට අතවනා යන නන්දාට එය කෙමෙන් අමතක වන්නේය. සති අන්තවල ගඟදිගේ ඉහලට යෑමට ඇයගේ දැන් වැඩි මනාපයක් නැත්තේය. නනදාගේ මෙම වෙනස සුනිමල්ට තදින්ම දැනෙන්නට විය. එක් දිනයකදී නන්දා සමග ඔරුව පදිනා අතර මෙලෙස ගයන්නට විය.

ඔයාට මාව දැන් එපා වේගෙන නේද එන්නේ? ටික කාලෙක ඉඳලා මට එහෙම දැනුනා.

අනේ එහෙම එකක් නෑ. ඔයාගේ විකාර.

ඔයාට මතකද අපි ඉස්සරලම හමබවෙච්ච දවස?

අනේ මට හරියට මතක නෑනේ, අර සල්පිල දවසෙදිද කොහෙද නේද?

නෑ අනේ, ඔයා අම්මත් එක්ක පන්සල් ආපු දවස අර පෝය දා පන්සලේ පිංකමක් තිබුනේ…

අහ්! මතක් උනා, මොකෝ මේ එකපාරම…

නෑ නෑ නිකං… මට එව්වා මතක් වෙනකොට හරිම ආසයි.

අපි කොච්චර ආදාරයෙන්ද හිට්යේ?

හිටියේ කියන්නේ දැන් ඔයාට මාව එපාවෙලා නේද? මට හිතුනා. ඔයා ඕන බම්බුවක් කරගන්න. මීට පස්සෙ මාත් එක්ක කතා නොකලට කමක් නෑ..

කියමින් නන්දා ඔරුවෙන් පිටව යන්නේ සුනිමල් ගැන අබමල් රේනුවක් තරම්වත් නොසිතාය.

මෙය සිදුවන්නට යනබව දැනසිටි සුනිමල් මෙලෙස කියන්නේය. “ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා…” සුනිමල්හට දුක ශෝකය යන්න කුමක්ද කියා අමුතුවෙන් කියා දිය යුතු නැත. නමුත් මෙම වේදනාව ඒ සියල්ල්ටම වඩා වැඩි බවත් එය කෙලෙස ඉවසා සිටිමිද කියාද මීළඟට නන්දාගෙන් මෙසේ අසයි. “දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම… ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස”

නමුත් සුනිමල් සිය මුළු හදවතින්ම නන්දාට ආදරය කලේය. එමනිසා ඔහු පත්න්නේ ඇයගේ සුඛවිහරනයයි. කිසිදු අහිතක් නොසිතන සුනිමල් ඔහුගේ දුක වේදනාව හා අමිල ආදරය ඇයට කිසියම් දවසක ආදරයේ වේදනාව දැනුනුහොත් එදවස හෝ සිහි වේවිද කියා ඇයෙගෙන් මෙලෙස විමසා සිටියි.. ” මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක… සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක”

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509

--
19 Oct 2015 02:23 AM
  •  Quote
  •  Reply
බෙදා හදා ගත්තට ස්තුති
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
08 May 2016 03:01 AM
  •  Quote
  •  Reply
indika ayiya ithin chandrasenata godak asai neda. me sinduwa chandrasenage palaweni casset eke awa sinduwak godak perani ekak 1984 wage thama meka awe mata mathaka dan mewaye parana qulity eka ahanna adui eth ayema sanasum susuman casset patayata nawa sangeethaya yodagena kara lassana geethayak bohoma sthuti
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
08 May 2016 09:58 AM
  •  Quote
  •  Reply
ඔන්න සින්දුවේ නිධාන කතාව....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
08 May 2016 06:20 PM
  •  Quote
  •  Reply
මට මෙ සින්දුව දකින කොට තුශාන් එක්ක පට්ට මල එන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
08 May 2016 06:55 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 08 May 2016 06:20 PM
මට මෙ සින්දුව දකින කොට තුශාන් එක්ක පට්ට මල එන්නෙ
මොකද ඒ?

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
08 May 2016 08:48 PM
  •  Quote
  •  Reply
එයා දෙනවා කිව්ව කැසට් ටික තාම දුන්නෙ නැහැ ...get එකෙදි බලගමුකො ........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
08 May 2016 09:07 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 08 May 2016 08:48 PM
එයා දෙනවා කිව්ව කැසට් ටික තාම දුන්නෙ නැහැ ...get එකෙදි බලගමුකො ........
ඔහොම කිව්වම get එකට එන එකක් නැතිවෙයි..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
09 May 2016 02:36 AM
  •  Quote
  •  Reply
indika 76 ayiya dnnawa ayiye mage lap eka ganath ape gedara connection eka ganath mama danata casset ekak indika ayiyagen gealla thama sindu ahanne indika 76 ayiye uttar dennako kattiya
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 May 2016 04:05 AM
  •  Quote
  •  Reply
හි හී තුෂාන් කොල්ල අනාතයි
මටනං ඉතින් ගානක්වත් නැහැ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
09 May 2016 07:47 AM
  •  Quote
  •  Reply
anathai kiyanne kauruth kiwwata wiswasa karanne nha
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
09 May 2016 08:20 AM
  •  Quote
  •  Reply
අයියෝ පවු මලයා.....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 May 2016 03:01 AM
  •  Quote
  •  Reply
විශ්වාස කරන්න හරි නොකරන්න හරි මොකද්ද උනේ කියල දැනගන්න එපැයි
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 02:02 AM
  •  Quote
  •  Reply
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 May 2016 02:02 AM
  •  Quote
  •  Reply
ඔන්න ගීතය
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
11 May 2016 08:25 AM
  •  Quote
  •  Reply
මේක තවලම කැසට් එකේ නේද
0

ගැල්කරුවා ගේ ජීවිතය රචනා
Posts:

--
15 Dec 2021 05:15 AM
  •  Quote
  •  Reply
ගැල්කරුවා ගේ ජීවිතය රචනා
0

ගැල්කරුවා ගේ ජීවිතය රචනා
Posts:

--
15 Dec 2021 05:16 AM
  •  Quote
  •  Reply
B I U QUOTE IMAGE CODE
0

---