Go to previous topic
Go to next topic
Last Post 09 Dec 2015 09:53 PM by  samantha
පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…!
 3 Replies
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Dec 2015 05:49 PM
  •  Quote
  •  Reply

පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…! පැන්සල දෙන නිදසුන්   එය ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම් පළමු උපදේශය.

[01] පැන්සල හැමවිටම තමාව හසුරවන ඇඟිලි වලට අනුකූලව හැසිරෙන්නට සූදානමින් ඉන්නවා.

ජීවිතයට දෙන පාඩම. ඔබට මොනතරම් දේ කලහැකි උනත්, හැමවිටම ඔබව මෙහෙයවීමට සුදුසු කෙනෙකුට බලවේගයකට ඉඩදෙන එක....අපගේ ආගමික විශ්වාසයන් ට අපෙ ජීවිත හැඩගස්වන්නට ඉඩදෙන්න ට පුරුදුවන්න. දෙවන උපදේශය

[02] අප ලියන අතරතුර පැනසල වරින්වර උල් කරගන්නවා. ඊට පසුව එය වඩාත් තියුණුව වඩාත් උද්යෝගිමත් ව ලියැවෙනවා...  

ජීවිතයට දෙන පාඩම. කරදර.., කම්කටොළු..,බාධක.. මේ හැමදෙයකින්ම කොපමණ පීඩාවක් ලැබුනත් ඒ හැම පීඩාවකින් පසුවම වඩාත් උද්යෝගිමත්ව සාර්ථකව, නැඟීසිටින්න ඉගෙන ගන්න තෙවන උපදේශය

[03] පැන්සල එය අතින් වූ අඩුපාඩු, වැරදි, මකාදමන්නට ඉඩ දෙනවා..  

ජීවිතයට දෙන පාඩම. තමා අතින් වෙන වැරදි පිළිගන්නට නිහතමානී වන්න..,එය කිසිසේත් ම පරාජයක් ලෙස හිතන්නට එපා.,නිවැරදි කිරීම.., එයට ඉඩතැබීම සැමවිටම අපව සාර්ථකභාවයේ යුක්තියේ මාර්ගයේ යාමට උදව් වනවා.. සිව්වන උපදේශය

[04] පැන්සලයේ වටිනාම කොටස පිටතින් පෙනෙන අලංකාර ලී පතුරු කොටස නොවෙයි..,එහි අභ්‍යන්තරයේ ඇති අඳුරු මිණිරන් කොටසයි.            ජීවිතයට දෙන පාඩම. ජීවිතයේ බාහිර වැඩි අලංකාරයට නොරැවටී.., එහි අභ්‍යන්තරයේ ඇති හරය සොයායන්න.. පස්වන උපදේශය

[05] පැන්සල හැමවිටම තමා කතා කරන දේ පිළිබඳ සටහනක් ඉතිරි කරනවා  

ජීවිතයට දෙන පාඩම. අප කරන හැම දේකින් ම අවසානයේ ඉතිරි වන්නේ හොඳ හෝ නරක පමණයි..,ඒ බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන්, කරන, කියන හැම කටයුත්තකදී ම වඩා අවධාරණයෙන්.., සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට අපට හැකියාව ලැබෙනවා...

අන්තර්ජාලයෙන් . 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Dec 2015 05:50 PM
  •  Quote
  •  Reply
ඔව් නේද ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
09 Dec 2015 06:36 PM
  •  Quote
  •  Reply
ඉතා වටිනා උපදේශයන් ටිකක්..
ගොඩ දෙනෙක් මේවා කියවනවා විතරයි.. හිතට ගන්නේ නෑ..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Dec 2015 09:53 PM
  •  Quote
  •  Reply
සම්පූර්ණ ඇත්තක්.. මොණතරම් ගැඹුරු අරුතක් තියෙනවාද.. බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0


---