දැන් කොහේ ඇද්ද.?
Posted By පිරිසිදු සිත on 21 May 2020 11:21 AM දිනක් එක්තරා අදුරු රැයක පාලූව කාන්සිය මගහැර ගැනීම සදහා මම මගේ දුරකථනයද රැගෙන මිදුලේ කොනක පුටුවක් තියාගෙන ඉදගත්තා. පුරුදු විදියට ලොක් එක ඇරලා ඩේටා ඔන් කරගෙන facebook වෙත පිවිසුනා. පෝස්ට් බල බලා ලයික් කමෙන්ට් දදා ඉන්නකොට මටත් නොදැනීම කාලය ගෙවී ගියා. කොහොමත් ඒ වෙනකොට ඇති රෑ 11.15ට විතර. වැහි බර කාලගුණය නිසා හීතල හුළං ඇගේ වදින්නවා හොදටම තේරෙන්න. මම හිතුවෙවත් නැති වෙලාවක මහා අමුතු සද්දයක් එන්න ගත්තා. කාට කොහොම ඒ සද්දෙ මොන වගේ උනත් මටනම් ඒක අහන් ඉන්න අමාරු අහිමිරි සද්දයක් උනා. පොඩ්ඩක් හිත ගැස්සුනා.එහෙම උනේ නෑ කියනවනම් ඒකත් බොරුවක් වෙන්න ඔනේ. මොකද ඒක මහ පාලූ මූසල හඩක්. මම පෝන් එකත් අතේ තියාගෙන වට පිට බැලුවා. ගෙදර අයත් නිදි කාටවත් කතා කරන්නත් බෑ. ඒ සද්දේ මොකක්ද හොයාගන්නක්න් හිතටත් මොකක්ද වගේ. මම සන්සුන්ව ඒ සද්දෙට කන් දීගෙන ඉන්නකොට නොසිතූ විලසින් ඒ එක සද්දය දෙකක් වෙන්න ගත්තා. හඩවල් දෙකක්. තවත් හිත බයට හැරුනා විතරයි දැනුනේ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව මාවම ගොලු උනා. මම හෙමිට ගෙට ගියේ විදුලි පන්දමක් හොයාගන්න අරමුනින්. දුරකථනයේ එලිය මදි දෙයක් දුරට හොයලා බලන්න ඒ සද්දේ එන්නේ ලගින්ද දුරින්ද උඩින්ද බිමින්ද කියලා හිතාගන්න තරම් අමාරු දෙයක් උනා මට. විදුලි පන්දම අතට අහු උනා හෙමින් මම එලියට ඇවිල්ලා වටේම බැලුවා ඒත් මුකුත් හොයාගන්න බෑ. සැරින් සැරේ ඒ සද්ද දෙක තරගෙට වගේ එනවා. මොනදේ උනත් ඒ සද්දේ හොයාගන්නවා කියන තිරනෙන් වටේම බලන්න ගත්තා. ගස් උඩ ගස් යට වහලේ උඩ බිම දුර හැමතැනම බැලුවා. පැය බාගයක්නම් හොයන්න ඇති. හම්බ උනේ නෑ. තවත් හොයාගෙන හොයාගෙන යනකොටනේ මම දැක්කේ අපේ ගෙදර පොල් ගහක අත්තක් උඩට අලුත් ජෝඩුවක් ඇවිල්ලා කියලා. ඒ දෙන්නා ආදරේ කරනවා මම ගිනි රත්වෙලා හොයනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි බකමූනු ජෝඩුවක්. මට තනියම හිනා අන්තිමට ඒක දැකලා. ආපු සද්දේට මම දෙලෝ රත්වෙලා කරපු කියපුව හිතපුව මතක් වෙද්දි මටම හිනා. ඒත් ඒ දෙන්නා දැක්කේ එදා විතරයි අද වෙනකන් තාම දැක්කේ නෑ දැන් කොහේ ඇද්ද.?
කොහොම වුනත් මල්ලී බය නැති පොරක්. මේ වගේ සද්දයක් ඇහුණොත් මම නම් තනියම එළියට බහින්නේ නෑ...