Udeshika Herath
Veteran Member Posts:3955
14 Dec 2018 01:32 PM |
|
"පැහැසරා උඹ දිහ කොල්ලෙක් බලං ඉන්නව.."
"ඉතිං මොකද බං..ඌ බලං ඉඳියි.."
"උඹ එක කොල්ලෙක් දිහාවත් බලන් නැත්තෙ ඇයි බං"
"මං ඒ එක කොල්ලෙකුටවත් ආස නැති නිසා"
"පැහැසරා ඔහොම නවතින්න" ඒ වත්සල ය..මා නැවතී ඔහු දෙසම බලා සිටිමි..වත්සල යන්තමට සිනා සී ඔහූගේ දෑස් වලට මා හසු කර ගත්තේය..මම ඉක්මණින් බිම බැලීමී..
" පැහැසරා ඇයි ඔයා මට අකමැති..මං හැමදාමත් මෙතනට එන්නේ ඔයාව බලන්න ."
'ඔයා ආයෙත් එන්න එපා වත්සල.." මා එසේ කියා දැහැමි ගේ අතින් ඇදගෙන් එතනින් නික්මිණි..
"ඌ අවුරුදු දෙකක් තිස්සෙ හැමදාමත් මේ අරලිය ගහ යට උඹ එනකල් බලන් ඉන්නව උඹට දුක නැද්ද පැහැසරා.."
" අනේ දැහැමි මං වත්සලට කැමති නෑ..මං හොයන ආදරේ එයා ලඟ නෑ"
වත්සල ඔබ අවුරුදු 2ක් තිස්සේ මා වෙනුවෙන් බලා හිඳී..ඔබ ගැන අනුකම්පාවක් විනා ආදරයක් මා හදේ නූපදී..සමාවෙන්න වත්සල මා මටම කියා ගත්තෙමි..
"පැහැසරා අද ඉකෝන් වලට අලුත් සර් කෙනෙක් එනවා.."
"හ්ම්ම්.."
" ඒ පැහැසරා අන්න සර් එනවා.. වාව් හැන්ඩියෙක්"
පංතිය මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දතාවක ය..
"පැහැසරා කෙල්ලො ටිකට පිස්සු හැදෙයි වගේ ..බලපන්කො පැහැසරා සර්ගෙ ලස්සන.."
දැහැමිගේ කියවිල්ලටම මා ලිය ලියා සිටි නෝට් එක මඳකට නවතා ඔහු දෙස බැලීය..අදහන්න..මේ මා සෙවූ රුවයි..ඒ රුව දෙස කොපමණ වෙලා මා බලා සිටියා දැයි නොදනී..ඇසිපිල්ලමක්වත් නොසොල්වා ඔබ දෙස බලා සිටින මා දෙස සිනහ සිසී ඔබ බලා හිඳියි..
දැහැමි පෑනෙන් ඇන මා මුදානොගන්නට මා එලෙසින්ම සිටිනු ඇත..
"නම මොකක්ද පුතා ඔයාගෙ"ඔබ මාගෙන් අසයි..පුතා ඔබේ ආමන්ත්‍රණය මාගේ සිත් නොගත්තද..ඔබ මාගේ නම ඇසීමෙන් මා අතිශය සතුටු වීමි..
" පැහැසරා.."
"පුතා ඔයා"
"සර් මං දැහැමි"
මා සිතුවේ නුඹ නම විමසුවේ මාගෙන් පමණක් කියාය..නැත නුඹ සියල්ලන්ගෙන්ම විමසා ඇත ...
"හ්ම්ම්"
අපි පංති ඇරී පැමිණෙද්දී වත්සල නැවතත් අරලිය ගහට බර දී සිටී..එතන පහු කර යද්දී වත්සල දෙස එක බැල්මක්වත් නොහෙලා සිටින්නට මා පරිස්සම් වීය..දැන් ඔහු අනිවාර්යයෙන්ම අප පසුපසින් පැමිණේ...මා බසයෙන් බැස නිවස ලඟට යනතුරුම ඔහු මා පසුපසින්ය..සැමදාකම ඔහු මා රකියි...
"පැහැසරා උඹට මොකද අද ක්ලාස් එකේදි උනේ..හැමෝගෙන්ම සර් නම් අහගෙන ආව..උඹට තුන්සැරයක් කතා කලා..උඹ හිටියෙ මොන ලෝකෙද.."
"සර්ගෙ ලෝකෙ.."
මා ගත් කටටම එසේ කීය..නෑ මට කියවිණි..දැහැම් ඇස් ලොකු කරගෙන කටද අයා මා දෙස බලා සිටියේ මා කියූ දේ විශ්වාස ගත නොහැකිවය..
"පැහැසරා උඹ කියන්න හදන්නෙ තපස් රැක්ක උඹේ හිත සර් ලඟ නැවැතුනා කියල නෙවෙයි නෙ.."
"ඇයි නැත්තෙ දැහැමි..නැවතුනා මේ හිත මේ ඇස් නැවතුනා ..."
"උඹ අනේ මන්ද කෙල්ල.."
"දැහැමි"සර්ගෙ නම මොකද්ද බං..
මා ඇසුවේ එක පාරටමය..
"යකෝ උඹ ඒකවත් අහං හිටියෙ නැද්ද ..දිමිත්ර"
"වාව් ලස්සන නමක්.. දිමිත්ර" මා ඒ නම නැවතත් උච්චාරණය කලාය...
"මං හිතුවෙ කවදාහරි උඹ වත්සලට කැමති වෙයි කියල.."දැහැමි කීවේ දුකිනි...
ගෙදර ගිය මා ඊලඟ සතියේ සෙනසුරාදා වෙනතුරු ඇඟිලි ගැන්නේ නොඉසිල්ලෙනි..දෙවන වර උසස් පෙළ ලිවීමට සූදානමින් සිටි අප පාසල් නොගිය තරම්ය...
ඒ සෙනසුරාදා දිනය උදා විණි..කැඩපත ඉදිරියේ මා වරින් වර මගේ හැඩ බැලීය...මා සිත සතුටින් පිරී ඉතිරී තිබිණි..
" පැහැසරා උඹ සර් ගැන තියන අදහස අත ඇරප...සර් බැඳල බං.."
අදහන්න...පරිසරයම අඳුරු වෙනවා පමණක් මට දැනිනි..ළමෝ මා වටා රොක් වී සිටී..දැහැමි මා මුහුණට එබී කම්මුල් මතට තට්ටු කරයි...වත්සල දුක් ගත් දෑසින් මා දෙස බලා හිඳී...
මා නැඟිට ගත් වහාම අනෙක් ලමුන් තල්ලු කරගෙන දැහැමි ගේ අතින් ඇදගෙන වෙනදා වත්සල බර දී සිටි අරලියා ගස ලඟට ගියාය..
"දැහැමි ඒක ඇත්තද.."
"ඔව් පැහැසරා ඒත් උඹ මේ එක දවසක් දැකපු සර්ට ඔච්චර ආදරයක්"
" ඔව් මං ආදරෙයි..මං සර්ව බඳිනව...නැත්තම් එයාගෙ හොර ගෑණි වෙනව.."
"පැහැසරා උඹට පිස්සුද..උඹ ජීවිතේ අවුල් කර ගන්න හදන්න එපා"
ඔව් මා උමතුවෙනි..දිමිත්ර මා උමතුවෙනි...
පංතියේදී මා මගේ ඇස් රැඳවූයේ නුඹේ මතමය...නුඹගේ දෑස් සමඟ මාගේ දෑස් කිහිප වරක්ම ගැටිනි...ඒ සෑමවරකම නුඹ ගැස්සෙනු මා බලාගෙනය...පංති ඉවරවී අනෙක් ළමෝ එලියට යද්දී මා නුඹ ලඟට වීමි...නුඹ පුදුමයෙන් මා දෙස බලා සිටියි...
" ඇයි පුතා"
"මං ඔයාට ආදරෙයි දිමිත්ර" නුඹ වෙවුලයි...නුඹගෙන් ඉගනීමට පැමිණි මා ඔබට ආදරය කරාවියැයි ඔබ සිහිනෙකින්වත් සිතන්නට නැතිව ඇති...
"ඔයා මොනවද මේ කියන්නෙ මං ඔයාගෙ සර්"
" ප්ලීස් දිමිත්ර මට ආදරේ කරන්න...මං මැරෙයි.."
"දරුවො ඔයා හොඳ සිහියෙන්ද..මොනවද ඔයා මේ කියන්නෙ කියල දන්නවද...මෙචර ලස්සන ලමයෙක් වෙලා ඇයි නොහඹිනා විදියට හැසිරෙන්න..." ඔබ ඒ ටික කීවේ තරහිනි...
"මොකද්ද නොහඹිනාකම දිමිත්ර..ආදරය ද.."
"තමුන් ආය මේ ක්ලාස් එකට එනවනම් ඔය මන්ස්ගාත ඔලුවෙන් අයින් කරල එනව..නැත්තම් නෑවිත් ඉන්නව" ඔබ එසේ පැවසූවේ තරහිනි...
මා කඳුලු පෙරෙනා දෑසින් නුඹ දෙස බලා සිටී...නුඹ මාගේ කඳුළු දැක මුහුණ වෙනස් කර ගත්තේය...දුක් දෑසින් මා දෙස බලා සිටින්නට විය...
"පැහැසරා " දැහැමි පැමිණ මා අතින් අඳියි...යමං ...
"දරුවො දැන් යන්න...ඔය මනස්ගාත අයින් කරන්න ඉගෙනීමට මුල්තැන දෙන්න"ඔහු කියවයි..විශ්වාස කරන්න...දිමිත්ර ඔබ කිවූ කිසිදෙයක් මා කනටවත් ගත්තේ නැත...මා හට ඇත්තේ ඔබේ පෙම්වතිය වීමේ නොනිමි ආශාව පමණි....
"සමාවෙන්න සර්..පැහැසරා නරක කෙනෙක් නෙවෙයි ...." දැහැමි මා ඇඳගෙන එතනිනි නික්මිණි.....
"උඹට පිස්සු ද..දැක්කනෙ සර් උඹ ගැන මොනව හිතුවද දන්නෙ නෑ..."
"මොනව හිතන්නද එයා මට ආදරෙයි ...මං අඬද්දි ගොඩක් දුකින් බලන් හිටිය..
"මොනවද පැහැසරා ඔයා මේ කියවන විකාර.."
මා ගෙදර පැමිණ ඒ සතිය පුරාවටම කලේ දිමිත්ර ගැන සිහින දැකීමය...එක ගෙදර ඔහු සමඟ වාසය කරන අයුරු මා මවා ගත්තා ය...අම්මාට මා පඩම් කරනු වස් පෙන්වීමට නිතරම පොතට මුහුණ ඔබාගන සිටින්නට විය..නමුදු මා කිසිම දෙයක් පාඩම් කර නැත්තේය...පොතක් පෙරලා ගත් විට මගේ මතකයට ආවේ දිමිත්ර ඔබය..විශ්වාස කරන්න මට ඔබ අමතක වූ වේලාවක් නොවන්නේය...නින්දේදිද ඔබ ගැන සිහින දැකීමි..
සෑම සති අන්තකයකම මා ඔබ දැක ගැනීම වස් සිහින මැව්වෙමි..ඔබ උගන්න කිසි දෙයක් මා සිතට වැටුනේ නැත..ඔබ වැරදිලා හෝ මා දෙස බැලූ විට මා නුඹට ඇසක් ගසයි...නැතිනම් දිව දික් කරයි...ඒ සෑම වෙලාවකම නුඹ කලේ එරවීම පණකි...ඉඳහිටක නුඹට සිනා ගියද ඔබ මගෙන් එය සඟවයි...පංතියේ ළමෝ මට ඇසෙන්නටම උසුලු විසුලු කරන්නට විනි..
"කිසිම කොල්ලෙක් දිහා බැලුවේ වත් නෑ..ඉඳල ඉඳල බැඳපු මිනිහෙක්ට බැල්ම දැම්මෙ..අනික අපේ සර්.."
" ඔව් බං ගනන්වත් ගන්නෙ නෑ ඒ වුනාට සර්"
"ලැජ්ජ නැති කම බං"
"පව් බං මොනව උනත්.."
" අනේ මේ තමුසෙල තමුසෙලගෙ වැඩක් බලා ගන්නවද අනුන්න්ගෙ සීනි කිරන්නෙ නැතිව..."
කවදත් වාගේ දැහැමි ඕ මා වෙනුවෙන් පෙනී සිටියාය..
" නැට්ටට තද වෙලා " සියල්ලෝම එකටම සිනාසෙන්න්ට විණි..
මම ඩෙස්ක් එකේ මුහුණ ඔබාගෙන ඇති වෙන තුරු හඩා වැටුනෙමි...දිමිත්ර මා ඔබට පෙම් කිරීම මෙතරම් ලැජ්ජ විය යුතු කරුණක්ද...සැවොම මාගේ ප්‍රේමයට සිනා සෙයි...මට නුඹ නැතිව බැරිය. එක් සෙනසුරාදා දිනක පංති නොපැවෙත්වන බව පැවසුවේ පංතියට පැමිණි විටය...එදින ඔබ පැමිණ නැත්තේය..නුඹ අසනීපයෙන් වග දන්වා තිබිණි...
මාගේ සිත කඩා වැටුනාය...මා සතියක් පුරා පේවී හිඳින්නේ නුඹ දැක ගනු වස් පමණකි..නුඹ නොදැක බැරිය.. "දැහැමි මං දිමිත්ර නොබල ගෙදර යන්න් නෑ.."
"පැහැසරා උඹට පිස්සුද ..සර් අද එන්නෙ නෑ..කොහොම බලන්නද.."
" අපි සර්ලගෙ ගෙදර යමු.."
"උඹ හොඳ සිහියෙන්ද ..ඒක කරන්න බෑ..සර් බැඳල "
"උඹ ආවෙ නැතත් මං යනව..එච්චරයි..මා දැඩි සේ මුරණ්ඩු වීය..මාගේ මුරණ්ඩු ගති දන්නා ඕ මා සමඟ පැමිණියාය..
අප ත්‍රීරෝද රථකයක නෑඟී දිමිත්ර" ගේ නිවස සොයා ගියාය...දිමිත්රගේ නිවසේ විසල් ගේට්ටුව අභියස වී මොහොතක් සිටගෙන සිටියේ බිය තුනී කර ගැනීමටය...
"උඹට මේක කරන්නම ඕනද ...අපි ආපහු යං පැහැසරා"
"බැහැ දැහැමි." මා තිර හඩින් කියා සිටීමි
..විසල් ගේට්ටුව අභියස වූ විදුලි සීනුව එබුවේ ගැහෙන ඇඟිලි තුඩු වලිනි ....
" කාව හම්බෙන්න ද..."
වයසක මනුස්සයෙක් ගේටුවෙන් කර පොවා ඇසීය...
"දිමිත්ර සර්ව මුණගැහෙන්න අංකල්"
මා වෙනුවට පිළිතුරු බැන්දේ දැහැමිය...
"එන්න"
ඔහු අපිව පුංචි ගේට්ටුවෙන් ඇතුලට ගත්තේය ...
දිමිත්රගේ නිවස ඉතා අලංකාරය...මෙහි මාත් ඔහුත් සිටියානම්..
දිමිත්ර සැටියේ ඉඳගෙන හිඳී...ඒ ඇස් මලානික වීය..මාගේ දිමිත්ර ලෙඩ වීය..අනේ දිමිත්ර...මා සෙමින් මිමිණීය...දැහැමි රිදෙන්නට මාගේ අත මිරිකීය..
ඔබ අප දැක ගැස්සුනේය...හුන් තැනින් නැගිට්ටුනේ ඉබේටම වාගේය...
"කවුද දිමිත්ර..ඉතා ප්‍රියමනාප ඈ දිමිත්රගේ බිරිඳය..මට මාගේ හදවත පුරා පැතිර ගියේ උහුලා ගත නොහැකී ඊරිසියාවකි....මා වෙවුලීය...දැහැමි බය ගෙනය...ඈ මා දෑත තර කර අල්වාගෙනය...
"පැහැසරා "දිමිත්රගේ මුවින් නික්මිණි...
මෙයාද පැහැසරා සර්ට පෙම් බඳින සිසුවිය...
ඇය සිනහ සිසී කීවාය...එසේනම් දිමිත්ර මා ගැන ඇයට පවසා ඇත...එන්න දරුවො ඇයගේ ලෙන්ගතුකම දරන්නට බැරි තරම්ය....ඔවුන් දෙදෙනාගේ පින්තූර සාලයේ තැනිනි තැන අලංකාරව තබා ඇත...අදහන්න මාගෙ පපුව තුල අල්පෙනිති තුඩ සිය දහස් ගුණයක් ඇනෙන තරම් වේදනාවක් දැණිනි ....
ඔයාල මොනවද බොන්නෙ...දිමිත්ර විමසීය...කූල් මොනවහරි ඔහු නැවතත් ඇසුවේය..
හා සර් උත්තර දුන්නෙ දැහැමි ය...ඔහු කිචන් එකට ගියේ ඔහුගේ බිරිඳට ඒ බව දැන්වීමටය...ඒ ඇසිල්ලේ කැබිනෙට්ටුව මත වූ ඔහුගේ තනි පින්තූරයක් ගෙන බෑගයේ රුවා ගත් මා දැහැමිත් ඇදගෙන එම නිවසින් නික්මිණි...
" පැහැසරා නවතින්න දරුවෝ යැයි ඇයගේ බිරිඳ පවසනවා ඇසුනද දැහැමිගේ අතින් ඇඳගෙන පසුපසම නොබලා පැමිණි මා ත්‍රීරෝද රථයක නැඟි නිවසට පැමිණ කාමරයට වී හඩා වැටුනාය...
දිමිත්ර ඔබ බොහෝ තුටිනි..ඒ ඔබේ බිරිඳත් සමඟිනි...ඇයද බොහෝ ලෙන්ගතුය .. .ඔබ හදවතට රිංගීමට පොඩිම ඉඩක්වත් නැතිබව තේරුම් ගත්තේ ඔබ නිවසට ගිය පසුය...
මා කොතරම් උත්සහ කලද දිමිත්ර ඔබ අතහරින්නට නොහැක...මා තනිවෝම නුඹට බොහෝ සේ පෙම් කරමි....විශ්වාස කරන්න මා පංති නොගියමි...කටුව තුලට රිංගාගත් ඉබ්බියක සේ මා මාගේ කාමරයට කොටු වීමී...මුලදී දිනකට වචන 10 ක් පමණ දෙඩූ පසුව ගොලුවත පිරීමි...
මුහුණ සෝදා පිළිවෙලට කොන්ඩය ගොතා සිටි මා ඒ කිසිවක් නොකෙරූ මහා අපිරිසිදු එකියෙකු විණි...මාගේ ගෙදර අය මා ගැන මහා දුක් ගත්තේය...දැහැමි අවුත් දුකෙන් මා දෙස බලා හිඳ යන සෑමදාකම ඕ හැඩුවාය....මා කතා නොකරන තැන දොස්තරවරු කීවේ මට පිස්සු කියාය....සියල්ලෝම එකතු වී මා මානසික රෝහලට ගෙන ගියේ ඉන් අනතුරුවය..මට පිස්සු නැති බව පැවසීමට මට ඕනා විය....මාගේ පිස්සුව මාගේ ඒක පාර්ශ්වික ආදරය දිමිත්ර බව පැවසීමට ඕනා විය....නමුත් මට වචන අමතක සෙයකි....මාගෙ මුව ගොලුවීය...
මානසික රෝහලේ මා බෙහෙත් ගන්නා තුරුම වත්සල නුඹ සෑම දිනකම මා බැලීමට පැමිණියේය...මා කවා පොවා මුහුණ සේදුවා පමණක් නොව කොන්ඩය ගෙතුවේද ඔබය....ඔබගේ පැමිණීමෙන් මාගේ නිවසේ අයද බලාපොරොත්තු ඇති කර ගත්තේය...නුඹට එන්න එපායැයි කියන්නට මට උවමනා විය....නමුත් මා ඔහෝ බලාගෙන සිටියෙමි...වත්සල අදහන්න...ඔබ කෙතරම් ප්‍රේම කලේද....
කරුණාබර දොස්තරවරයෙකු නිතරම මා සිත සෑදුවේය...දිමිත්ර මට අයිති නැති වස්තුවක් බව ඔහු මාගේ සිතට ඒත්තු ගැනිවීය..වත්සලගේ ආදරය ගැන සිතීමට මා පෙළඹීය...දිමිත්ර ඔබ එකම දිනයකුදු මා බලන්නට නොපැනියේය...වත්සල නුඹ සෑමදාකම මා වෙනුවෙන් ආයේය...වත්සල ඔබ අවුරුදු 4ක් දුක් ගත් ඇසින් මා දෙසම බලා සිටියේය...මා මානසික රෝහලට ආයේ මාගේ ඒක පාර්ශ්වික ආදරය හේතුවෙනි....වත්සල ඉතිං ඔබත් සිටිය යුත්තේ මානසික රෝහලකය...ඔබත් මා වෙනුවෙන් කොපමණ ආදරය කරනවාද...මට එසේ සිතුනු වාර අනන්තය...ඔබත් පිසුවෙනි මා මෙන්ම....
මා සිනහ වීමි...ඒ වත්සල සමඟින්ය...මා දෙඩුවේය....වත්සල නුඹත් දැහැමිත් මාගේ ගෙදර අයත් මා දෙස බලා සිටියේ අදහනු නොහැකිවය....වත්සල නුබ මා හා විවාහ විය...තවද අර එදා අරලිය ගහට බර දී මා දෙස බලා සිටි ඒ ආදර දෑසින් බලාගෙන ඔබ මා ලඟය...දරුවන් දෙදෙනෙකුගේ මාපියන් වු අප දැන් මැදිවියේය....මාගේ අවසන බලාපොරොත්තුව සෑම ආත්මයකම වත්සල ඒ ඔබය...ආදරය කළ යුත්තේ අප ආදරය අයට නොව අපට ආදරය ඇති අයටය....
නිමි..
රුවන්ති ලියනගේ ✍️✍️
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
14 Dec 2018 08:19 PM |
|
හිතෙන දෙයක් කියල යන්න
Udeshika Herath
|
|
0 |
|
Udari
Super Senior Member Posts:5555
14 Dec 2018 09:34 PM |
|
ඇති යන්තම් දැන්වත් තේරිල........නොලැබෙන අය පස්සෙ දුවන්නෙ නැතුව ආදරය කරන අයට ලන් වෙන්න...........කතාව රසවත්
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
15 Dec 2018 11:32 AM |
|
ආදරය කළ යුත්තේ අප ආදරය අයට නොව අපට ආදරය ඇති අයටය.... අවසානයට හරි සත්‍යය තේරුම්ගත්ත එක ලොකු දෙයක්.. වාසනාවට අවසානය සුන්දර වුනේ..
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
15 Dec 2018 01:32 PM |
|
Posted By Udari on 14 Dec 2018 09:34 PM
ඇති යන්තම් දැන්වත් තේරිල........නොලැබෙන අය පස්සෙ දුවන්නෙ නැතුව ආදරය කරන අයට ලන් වෙන්න...........කතාව රසවත්
ඒක තමා කියන්නෙ ඉටිම්... නොමිලේ දෙන උපදෙස් ඈ
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
15 Dec 2018 01:33 PM |
|
Posted By indika76 on 15 Dec 2018 11:32 AM
ආදරය කළ යුත්තේ අප ආදරය අයට නොව අපට ආදරය ඇති අයටය....
අවසානයට හරි සත්‍යය තේරුම්ගත්ත එක ලොකු දෙයක්..
වාසනාවට අවසානය සුන්දර වුනේ..
ඒක හරි
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
02 Aug 2020 11:38 PM |
|
ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා. මේ ඒ කතාවයි. "ගිලීයන නැවකින් තරුණ විවාහක යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා" "අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා" "ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක බෝට්ටුවයි" "ඔවුන්ට මෙතැනදී ඉතා දැඩි තීරණයක් ගන්නට වන බව තේරුම් ගියා" " එනම්,බෝට්ටුවේ ඉතිරි වී ඇත්තේ එක ආසනයක් පමනයි" "දිවි ගලවාගත යුත්තේ කවුද" "මොහොතක් නිහඬව සිය බිරිඳ දෙස බලාසිටි සැමියා ඇයගේ නලලත හාදුවක් තබා, ඇයව නැවේ පැත්තක තබා සැනෙකින් ජීවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවෙන අතර ඇය කෑ ගසා කිසිවක් ඔහුට පැවසුවා" "ඉන්පසුව දෛවය විසින් ගිලීයන නෞකාව ඇයවෙත දුන් ඉරණම කඳුළු අතරින් පිලිගන්නවා විනා ඇයට විකල්පයක් තිබුනේ නැහැ" මොහොතකට ගුරුවරිය සිය කතාව නවත්වා සිසුන් දෙස බැලුවා. සිසුන් අයාගත් දෙනෙතින් යුතුව ඇය කතාවේ ඉතිරි කොටස කියන තෙක් බලාසිටියා. "ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද" ගුරුවරිය නිහඬබව බිඳිමින් සිසුන් වෙත පැනයක් ඉදිරිපත් කලා. සිසුන් අතරින් විවිදාකාර පිළිතුරු ගලා ආවා. "මම ඔබට වෛර කරනවා" "ඔබ වැනි මිනිසෙක් විශ්වාස කරන්නට තරම් මම මෝඩ උනා." "ඔබට ශාප වේවා" සිසුන්ගෙන් ලැබුනු පිළිතුරු වලින් කිහිපයකුයි ඒ. ගුරුවරියගේ දෑස් පංතියේ කොනක වාඩිවී කිසිවක් නොකියා නිහඬව සිටි සිසුවෙක් වෙත යොමුවුනා. ඇය ඔහුගෙන් නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවා. "ඔබ සිතන ආකාරයට ඇය කුමක් කියා කෑ ගසන්නට ඇතිද" නිහඬව සිටි සිසුවා දෑස් ඔසවා මෙසේ පැවසුවා. "ටීචර්, මම හිතන විදියට ඇය කියන්න ඇති අපේ දරුවාව හොඳින් රැක බලාගන්න කියල" සිසුවාගේ පිළිතුරෙන් පුදුමයට පත් වූ ගුරුවරිය මෙසේ ඇසුවා. "ඔබ මේ කතාව මීට කලින් අහල තියෙනවද" "නැහැ, නමුත් මගේ අම්ම මියයන්න මොහොතකට කලින් මගෙ තාත්තට කීවෙ ඒ දේ, ඒ නිසා මම අනුමාන කලා" දිගු සුසුමක් පිටකල ගුරුවරිය නැවතත් කතාකලා. "ඔබේ පිළිතුර නිවැරදියි ,ඇය කෑ ගසා පැවසූයේ එයයි" "නැව ගිලී ගියා, සිය නිවස වෙත නැවත ගිය සැමියා ඔවුන්ගේ එකම දියණියව ඉතා ආදරයෙන් රැකබලාගත්තා" "කාලය ගතවී ගොස් දියණිය ලොකුමහත් වූ පසු කලක ඔහුත් මියගියා" ගුරුවරිය දිගටම කතාව කියන්නට වුනා. "දිනක් පරණ කැබිට්ටුවක් පරීක්ෂා කල දියණියට මවගේ පැරණි දිනපොතක් හමුවුනා." "එහි සිය මව පිලිකාවකින් පීඩා විඳි බවත් ඇය නැවේ ගමන් කරන කාලය වනවිට ඇයට ඉතිරී වී තිබුනේ ජීවිතයෙන් ඉතාමත් කෙටි කාලයක් බවත් ලියැවී තිබුණා." "තම දිරිය මව පියාව රැකගනිමින් සිය ජීවිතය සීතල මුහුදට කැපකලේ තමා වෙනුවෙන් බව ඇය තේරුම්ගත්තා" "එම දිනපොතේම අවසාන පිටුවේ සිය පියාගේ අත් අකුරෙන් මෙසේ ද ලියැවී තිබුනා" "මටත් ඔබ සමග ඒ අඳුරු රාත්‍රියේ සීතල මුහුදු පතුල සිපගන්නට තිබුණානම්" ..................................................................... මොහොතක් සිතන්න. මතුපිටින් පමණක් බලා අපි කෙතරම් නම් පුද්ගලයින් සහ අවස්තා පිලිබඳව නිසි අවබෝධයකින් තොරව තීරණ ගන්නවාද? බොහෝවිට ඔවුන් ඒ තීරණ ගනු ලබන්නේ මෝඩකම හෝ නූගත්කම නිසා නොව අපට වඩා ගැඹුරු දැක්මක් ඇතිනිසා විය හැකිය. අපට වඩා වැඩි අවබෝධයක් ඇති නිසා විය හැකිය. අප වෙනුවෙන් ඇති ආදරය ,දයාව සහ අනුකම්පාව නිසා විය හැකිය. සෑම තීරණයකම, ඔබගේ පැත්ත, මගේ පැත්ත, සහ ඇත්ත යනුවෙන් තුන් ආකාරයක් ඇත. ඉක්මන් හදිසි තීරණ ගන්නවාට වඩා දෙවරක් සිතා බැලීම සැමගේම යහපතට හේතුවනු ඇත... උපුටා ගැනිමක්... | ස්තූතියි !
Udeshika Herath
|
|
1 |
|
Sam
Advanced Member Posts:712
03 Aug 2020 10:08 AM |
|
මතුපිටින් බලලා කිසිම කෙනෙක් ගැනවත් කිසිම දෙයක් හෝ සිදුවීමක් ගැන අපිට අර්ථකතනයක් දෙන්න බැහැ. ගොඩක් වෙලාවට ඒක අපි ඇස් දෙකෙන් දකින දෙය නොවෙන්න පුළුවන්
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
03 Aug 2020 12:00 PM |
|
Posted By Sam on 03 Aug 2020 10:08 AM
මතුපිටින් බලලා කිසිම කෙනෙක් ගැනවත් කිසිම දෙයක් හෝ සිදුවීමක් ගැන අපිට අර්ථකතනයක් දෙන්න බැහැ. ගොඩක් වෙලාවට ඒක අපි ඇස් දෙකෙන් දකින දෙය නොවෙන්න පුළුවන්
අනිවාර්යයෙන්ම
Udeshika Herath
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
04 Aug 2020 06:14 AM |
|
ඉතාමත් සුන්දර කතාවක්. ඒ වගේම හරිම සංවේදීයි. අපි යම් ප්‍රශ්නයක් දෙස විවිධ කෝණ වලින් බලන්න ඕන කියන එකට හොඳම උදාහරණයක්.. ස්තූතියි කතාවට..
|
|
0 |
|
Ind007ka
Most Senior Member Posts:12924
04 Aug 2020 08:45 AM |
|
දෙකක් දාගත්තම නම් බන් විවිද කොන වලින් ඔය වගෙ සන්කීර්න ප්‍රශන දිහා බලන්න පුලුවන්
First they Ignore You , Then they Laugh at You,
Then they Fight with you,
Then You Win....
|
|
0 |
|
Sam
Advanced Member Posts:712
05 Aug 2020 11:06 AM |
|
Posted By Ind007ka on 04 Aug 2020 08:45 AM
දෙකක් දාගත්තම නම් බන් විවිද කොන වලින් ඔය වගෙ සන්කීර්න ප්‍රශන දිහා බලන්න පුලුවන්
ඒක නම් ඇත්ත. ඒ වෙලාවට මහාචාර්යවරුන්ටත් එහානේ
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
15 Aug 2020 07:50 AM |
|
Posted By Ind007ka on 04 Aug 2020 08:45 AM
දෙකක් දාගත්තම නම් බන් විවිද කොන වලින් ඔය වගෙ සන්කීර්න ප්‍රශන දිහා බලන්න පුලුවන්
අනිවා...
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
13 Feb 2022 05:52 PM |
|
රජුට දිවි අහිමි කෙරූ - රන්තාළිය වැව රන්තාළිය වැව ළඟ - උන් කාලය මතකද අතීත මතක අරන් - නුඹ ගිය දුරක තරම චාමර වීරසිංහ ගායන ශිල්පියා විසින් ගයන " ඇතුගල වෙහෙර වදින " ගීතයේ එන පද පෙලකුයි ඉහතින් මා සඳහන් කරේ . ඇතුගල වෙහෙර වඳින ගීතය බොහොමයක් දෙනා අසා ඇතුවා සේම , එහි පද මුමුණා රසයක් විඳ ඇති බැව් නම් ඉඳුරාම කිව හැකිය . එසේ ගීතයේ සඳහන් වන " රංතාළිය " වැව ඇත්තේ කොහේද ? එසේ " රංතාළිය " නම් ලැබීමට හේතුවූ කරුණු මොනවාද යන්න මෙම ලිපියෙන් පාඨකයා හමුවේ ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙනවා . රංතාළිය වැව කීවම ගොඩදෙනෙක් ට ඇතිවන ප්රශ්නය තමයි , මේ "රංතාළිය වැව " කොහෙද තියෙන්නේ කියන එක . ඇත්තෙන්ම අතීතයේදී " රංතාළිය වැව " ලෙසින් හඳුන්වන ලද වැව තමයි අපි කුරුණෑගල වැව ලෙසින් හඳුන්වන්නේ . " කුරුණෑගල වැව " කීවම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම් . බොහොමයක් දෙනා මේ වැව බලන්න ගිහිල්ලත් ඇති . කුරුණෑගල නගරයට ඉතාම ආසන්නයෙන් පිහිටා ඇති මේ වැව , අද වනවිට කුරුණෑගල නගරය කියු සැණින් ඕනෑම කෙනෙකුගේ සිත් හි චිත්ත රූප මැවී යන ඇතුගල බුදුරුව මෙන්ම සමතැන ගන්නා නගරයේ කේන්ද්රස්ථානයන්ගෙන් එකක් යැයි කිව හැකිය . අක්කර 150ක භූමි භාගයක් පුරා අද වන විට පැතිර ඇති මෙම වැව , අතීතයේදී වඩාත් විශාලත්වයෙන් යුතු වූ වැවක් බැව් ජනප්‍රවාද ගත මතයයි . එකල වැවේ පිටවාන තිබී ඇති පෙදෙස වන්නේ නගරයට තරමක් දුරින් පිහිටි පෙදෙසක වන අතර ඒ පිටවාන තිබූ පෙදෙස අද වනවිට " ගැට්ටුවාන " ලෙසින් හැඳින්වෙන අතර වැවේ එක් කෙළවරක් සාරගම වැවෙහි වැව් බැම්ම දක්වාද , තවත් කෙළවරක් මාළිගාපිටිය ක්‍රීඩාංගණය පවතින භූමිය කෙළවර දක්වා ද විහිද තිබූ බැව් සඳහන් වේ . 3 වන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු ( 1326 - 1335 ) රජු විසින් කුරුණෑගල වැව තනා ඇති බැව් වංශකතාවල සඳහන් වන අතර , එම වැවට රංතාළිය වැව ලෙසින් නම් ලැබීම පිළිබඳව වූ රසවත් පුවතක් ජනප්‍රවාද ගතව තවමත් ජනවහරේ එයි . ඒ ජනප්රවාදගත කතා පුවත මෙපරිදිය . කුරුණෑගල රාජධානිය , තම පාලන බල ප්‍රදේශය කරගනිමින් රජවරුන් සිව්දෙනෙකු කටයුතු කොට ඇති බැව් වංශකතාවල සඳහන් වන අතර එසේ වංශකතාවල සඳහන් නොවන ජනප්‍රවාද යේ එන රජකෙනෙකුන් ද , කුරුණෑගල තම පාලන බල ප්‍රදේශය කරගනිමින් පාලන කටයුතු සිදුකර ඇත . ඇතැම් විට ඔහු ප්‍රාදේශීය පාලකයෙකු වූවා විය හැකිය . එසේ පාලනය ගෙනගිය රජුගේ නම කුමක්දැයි ජනවහරේ සඳහන් නොවූවද , ඔහුට යෝනක දේශයෙන් ගෙනා පරිවාර බිසවක් ද , අගබිසවක් ද සිට ඇත . යෝනක දේශයෙන් ගෙනා බිසවට වත්හිමි ලෙසින් නම් ලද කුමරෙකුද , අගබිසවට කාලිංග නමින් හැඳින්වෙන කුමරෙකුද රජුට දාව ලැබී ඇත . සතුරු සේනාවක් පරාජය කිරීම පිණිස නගරයෙන් පිටතට ගොස් සිටි රජු ඇතුලු පිරිස , සමූල ඝාතනය ට ලක්වූ බැව් ව්‍යාජ පුවතකින් රජමාළිගයට ලැබුණ අතර ඒ හේතුවෙන් අග බිසවද , පරිවාර බිසෝවරුන් ද මාළිගාව අසල තිබූ වීරගලින් ( උස් පර්වතයකින් ) පැන දිවිනසා ගෙන ඇත . රජු සටන ජයග්‍රහණය කල නිසාවෙන් මහත් ජයග්‍රාහී ලීලාවෙන් මාලිගයට පැමිණියද , සිදුවූ සිදුවීම අසා කම්පනයට පත්ව හෙතම ද වීරගලින් පැන දිවිතොර කරගත් බවත් , සිදුවූ මහත් විපත නිසා රජ මාලිගයම මලගෙයක් වූ අතර අඬමින් සිටි කාලිංග කුමරුන්ව රජමාළිගයෙහි රෙදි සෝදන ස්ත්‍රිය විසින් ඇගේ ගමට රැගෙන යන ලදී. මාලිගයෙහි ඉතිරි වූ වත්හිමි කුමරුද වසර 7 ක් ඇවෑමෙන් තම නෑයන් විසූ බේරුවල ට ගිය අතර එහිදී අරාබි භාෂාව හා ඉස්ලාම් දහම මැනවින් ඉගෙන ගෙන කාලයාගේ අවෑමෙන් නැවත කුරුණෑගල ට පැමිණ , ඔහු සතුවූ රජ උරුමය නිසා සිහසුනට පත්ව ඇත . ඔහු සිහසුනට පත්වීමෙන් ස්වල්ප කලකින් කුරුණෑගල වැවෙහි රන් තලියක් හාස්කමකින් මෙන් මතුව නැවත මොහොතකින් ජලයෙහි ගිලී නොපෙනී යන්නටත් පටන් ගෙන ඇත . රජවාසල වත්හිමි රජුන්ට මෙය සැලවී මෙය නිධානයක් බැව් වටහා ගෙන මෙය ලබාගෙන දෙන අයෙක්ට වටිනා තෑගි බෝග පිරිනමන බවත් පැවසූ නිසාවෙන් බොහෝ මන්ත්‍ර ශාස්ත්‍රයෙහි කෙල පැමිණවුන් පැමිණියද රන් තලිය ලබාගැන්මට රජුට නොහැකි විය . කෙන්තියටත් , කෝපයටත් පත්වූ රජු තමාව නොමඟ යැවුවේයි යයි පවසමින් එසේ නිධානය රැගෙන දෙන්නේ යැයි පවසමින් පැමිණි කිහිප දෙනෙකු ම මරණයට පත් කරන ලදී . මේ අතර සිංහල බෞද්ධයන් කීප දෙනෙකුද වූ අතර නිධානය රැගෙන නොදෙන්නේ යැයි පවසමින් තවත් කිහිප දෙනෙකුම මරණයට පත්කරන්නට යෙදුණි . රජුගෙන් ගැලවීමක් නොලද කල්හි , රජු මැරීමට උපායක් කල්පනා කර සිංහල ප්‍රධානීන් ඇතුගල මුදුනේ දින 30 ක පිරිත් සජ්ජායනයකින් අනතුරුව නිධානය පහසුවෙන් ලබාගත හැකි බැව් රජුට පැවසීය . කරුණු කාරණා ඒ අයුරින් ඇසීමෙන් අනතුරුව රජු ඒ සඳහා කටයුතු සම්පාදනය කරන ලෙස ඇමතිවරුන් ට පැවසීය . ඇතුගල මුදුනේ අලංකාරවත්ව සකසන ලද පිරිත් මණ්ඩපයක් තනා පිරිත් සජ්ජායනය ඇරඹි අතර , එම පිරිත් මණ්ඩපයේ යටින් රෝද සවිකර නොපෙනෙන ලෙස ආවරණය කර තිබුනේ රජු ඝාතන කිරීමේ අභිලාෂයෙනි . සත්වන දින පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට රජු පැමිණි අතර , පිරිත් සජ්ජායනය යන අතරතුරේ කල් යල් බලමින් සිටි සිංහල ප්‍රභූන් රජු පිරිත් ශ්‍රවණය කරමින් සිටි මණ්ඩපය එහි වූ රෝදවල ආධාරයෙන් ගලින් පහලට පෙරලා රජු මරණයට පත් කරන ලදී . රජු මරණයට පත්වීමෙන් අනතුරුව යක්ෂ ආත්මයකට ඇතුලුව ප්‍රදේශවාසීන්ට හිරි හැර පීඩා සිදුකල අතර මන්ත්‍ර ශාස්ත්‍රයෙහි කෙල පැමිණි භික්ෂුන් වහන්සේ නමක් විසින් රජු එම ආත්මයෙන් මුදවන ලදී . ඉන් අනතුරුව දේව ආත්ම භාවයක් ලැබූ වත්හිමි රජු ,ගලේ බණ්ඩාර නමින් දේව ආත්මයක් ලැබ කුරුණෑගල පෙදෙසේ ජනයාගේ ආරක්ෂාව පිණිස එම පෙදෙසට අරක්ගත් දෙවිකෙනෙකුන් බවට පත්විය . වැවෙන් රන්තලියක් මතු වූ නිසාවෙන් රන්තලිය වැව බවට පත්වුවත් , උච්චාරණයේදී එය රන්තාලිය වැව බවටත් කාලයාගේ ඇවෑමෙන් පත්විය . ගලේ බණ්ඩාර දෙවියන් බිහිවූයේ ද රන්තාලිය වැව නිසාවෙනි . රජෙකුට දිවි අහිමි කලද , ඒ කිසිත් නොකල අයුරින් කුරුණෑගල රන්තාලිය වැව අද නගර වැසියන් දහස් ගණනකගේ පිපාසය සන්සිදුවමින් , නගරයට චමත්කාරයක් එක්කරමින් නිරුපද්‍රිතව පවතියි . උරුමයක වරුණ (copeid)
Udeshika Herath
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
15 Feb 2022 05:55 PM |
|
ගීතය අහලා තිබුනට මේ ගැන දැන හිටියේ නෑ... ස්තුතියි නංගියෝ...
|
|
0 |
|
dosthi83
Veteran Member Posts:1540
18 Feb 2022 06:50 AM |
|
ස්තුතියි
බුදු සරණයි
|
|
0 |
|
Reggie
Basic Member Posts:227
18 Feb 2022 11:23 AM |
|
ඉතිහාස කතාව කියවන්නට ලැබීම ගැන සන්තෝසයි
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
27 Feb 2022 12:16 PM |
|
Posted By indika76 on 15 Feb 2022 05:55 PM
ගීතය අහලා තිබුනට මේ ගැන දැන හිටියේ නෑ...
ස්තුතියි නංගියෝ...
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
27 Feb 2022 12:20 PM |
|
Posted By dosthi83 on 18 Feb 2022 06:50 AM
ස්තුතියි
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
27 Feb 2022 12:20 PM |
|
Posted By Reggie on 18 Feb 2022 11:23 AM
ඉතිහාස කතාව කියවන්නට ලැබීම ගැන සන්තෝසයි
ස්තූතියි
Udeshika Herath
|
|
0 |
|
indika76
Most Senior Member Posts:10434
28 Feb 2022 03:41 PM |
|
තවත් මොනව හරි ලියල යන්නකෝ...
|
|
0 |
|
dosthi83
Veteran Member Posts:1540
28 Feb 2022 08:32 PM |
|
🙏🙏👍👍
බුදු සරණයි
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
07 Nov 2022 03:21 PM |
|
Posted By Udari on 14 Dec 2018 09:34 PM ඇති යන්තම් දැන්වත් තේරිල........නොලැබෙන අය පස්සෙ දුවන්නෙ නැතුව ආදරය කරන අයට ලන් වෙන්න...........කතාව රසවත් අනේ නිකා හිටු.. නොලැබෙන ඒව තමා ලස්සනම.. 😢
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
07 Nov 2022 03:25 PM |
|
Posted By indika76 on 28 Feb 2022 03:41 PM තවත් මොනව හරි ලියල යන්නකෝ... ලියන්නම් ඉතින් ඒත් ඉතින් තාම ලියන්න එකක් හිතුනෙ නෑනෙ. අහුල ගන්න වත් එකක් හම්බුනේ නෑ
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
09 Nov 2022 04:41 PM |
|
🙊🙊🙊 වයස අවුරුදු හතරක පහක විතර කොළු ගැටයෙක් තාත්තා ගාවට එනවා... කොල්ලා : "තාත්තේ... මට කසාද බඳින්න ඕනි... මම කසාද බඳින්න තීරණය කළා..." තාත්තගේ ඔළුව බෙල්ල වටේ දෙපාරක් විතර කැරකිලා ගිහිල්ලා, ඇස් ගෙඩිදෙක ගොගලයිස් මාළුවෙක්ගේ වගේ ඉස්සරහට පණිනවා... ටික වෙලාවක් කොල්ලා දිහා බලාගෙන ඉඳලා ඔළුගෙඩිය පොඩ්ඩක් රීසෙට් වෙන්න ඇරලා තාත්තා කොල්ලගෙන් මෙහෙම අහනවා... තාත්තා : "මට හිතාගන්නවත් බෑ... හොඳයි... ඔයාගෙ හිතේ කවුරුහරි කෙල්ලෙක් ඉන්නවද..?" කොල්ලා : "ඔව්..." තාත්තා : හොඳයි... මම දන්න කෙනෙක්ද..?" කොල්ලා : ඔව්... මගේ ආච්චි..! එයා මට ආදරෙයි... මමත් එයාට ආදරෙයි කිව්වා.... එයාට හොඳට උයන්නත් පුළුවන්... හොඳට කතන්දර කියන්නත් පුළුවන්..!!" තාත්තා: "ඒක හොඳයි, ඒත් අපිට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා..!!" කොල්ලා : "මොකක්ද ප්‍රශ්නේ..?" තාත්තා : "එයා මගේ අම්මා... ඔයා කොහොමද මගේ අම්මව බදින්නේ..!!" කොල්ලා : "මොකද බැරි...? "ඔයා මගේ අම්මව කසාද බැඳලා ඉන්නේ..?" Copied ..✍️
Udeshika Herath
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
10 Nov 2022 05:51 PM |
|
කසාද බඳින එකේ බරපතළකම දන්නෙ නැති නිසාම හොඳයි. අපටත් ඉතිං බඳිනකන්ම ඕක තේරුණේ නැහැනෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
12 Nov 2022 02:28 AM |
|
Posted By maduranga001 on 10 Nov 2022 05:51 PM
කසාද බඳින එකේ බරපතළකම දන්නෙ නැති නිසාම හොඳයි. අපටත් ඉතිං බඳිනකන්ම ඕක තේරුණේ නැහැනෙ.
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
12 Nov 2022 02:28 AM |
|
😂😂😂😂😂 නර්ස් කෙනෙක්ට කැමැත්තෙන් වගේ ඉන්න හින්ද ගිහින් යාලු වෙන්න ඇහුව.. දෙතුන් පාරක්ම ඇහුව.. අන්තිමට එයා " හරි ඔයා හෙට උදේ hospital එක ලගට එන්න කියල " ගියා.. මං ඉතින් නිවාඩුත් දාල හීන ගොඩක් මැව්වා... එයා මට beach යං කියයි.. නෑ නෑ film එකක් බලන්න යං කියයි.. නෑ එක්කො park යං කියයි වගේ හීන දාහක් තිබ්බ.. ඒ හැම හීනෙකම මං එයත් එක්ක නිදහසේ ආදරෙන් ඉන්නව දැක්කා... ඇත්තටම කිව්වොත් කලින් දවසෙ රෑ නින්ද ගියෙත් නෑ.. මාත් උදෙන්ම ලස්සනට ලෑස්තිවෙලා hospital එක ලගට යද්දි එයා ඉන්නවා.. හරිම ලස්සනයි 🌼.. uniform එක පිටින් උන්නු හින්ද මට හිතුන night duty කරල වෙන්න ඇති කියල.. එන්න යං කිව්වා.. හා කියන්නෙත් නැතුවම තමන් වැඩ කරන තැනට තමන්ගෙ වෙන්න boyfriendව එක්කන් යන්න තරම් හයියක්.. ඇත්තටම ගොඩක් සතුටුයි.. එක පයින්ම මාත් එයා එක්ක ගියා.. මාව ඇතුලට එක්කන් ගියා.. ඒ ගිහින් මුලින්ම blood එකක් ගත්තා.. පස්සෙ full body චෙකප් එකක් කලා.. ආ දැන් යන්න කිව්වා.. මට හිතාගන්නවත් බැරි උනා වෙච්ච දේ.. දවස් දෙකකින් ඇවිත් කැමතියි කියල ගියා.. ලෙඩ මොකුත් නෑලු.. 😂❤️😂❤️😂❤️
Udeshika Herath
|
|
0 |
|
kingD
Veteran Member Posts:3296
14 Nov 2022 09:54 AM |
|
Posted By Udeshika Herath on 12 Nov 2022 02:28 AM
😂😂😂😂😂
නර්ස් කෙනෙක්ට කැමැත්තෙන් වගේ ඉන්න හින්ද ගිහින් යාලු වෙන්න ඇහුව..
දෙතුන් පාරක්ම ඇහුව.. අන්තිමට එයා " හරි ඔයා හෙට උදේ hospital එක ලගට එන්න කියල " ගියා..
මං ඉතින් නිවාඩුත් දාල හීන ගොඩක් මැව්වා...
එයා මට beach යං කියයි..
නෑ නෑ film එකක් බලන්න යං කියයි..
නෑ එක්කො park යං කියයි වගේ හීන දාහක් තිබ්බ..
ඒ හැම හීනෙකම මං එයත් එක්ක නිදහසේ ආදරෙන් ඉන්නව දැක්කා...
ඇත්තටම කිව්වොත් කලින් දවසෙ රෑ නින්ද ගියෙත් නෑ..
මාත් උදෙන්ම ලස්සනට ලෑස්තිවෙලා hospital එක ලගට යද්දි එයා ඉන්නවා..
හරිම ලස්සනයි 🌼..
uniform එක පිටින් උන්නු හින්ද මට හිතුන night duty කරල වෙන්න ඇති කියල.. එන්න යං කිව්වා..
හා කියන්නෙත් නැතුවම තමන් වැඩ කරන තැනට තමන්ගෙ වෙන්න boyfriendව එක්කන් යන්න තරම් හයියක්..
ඇත්තටම ගොඩක් සතුටුයි..
එක පයින්ම මාත් එයා එක්ක ගියා..
මාව ඇතුලට එක්කන් ගියා..
ඒ ගිහින් මුලින්ම blood එකක් ගත්තා..
පස්සෙ full body චෙකප් එකක් කලා..
ආ දැන් යන්න කිව්වා..
මට හිතාගන්නවත් බැරි උනා වෙච්ච දේ..
දවස් දෙකකින් ඇවිත් කැමතියි කියල ගියා..
ලෙඩ මොකුත් නෑලු..
😂❤️😂❤️😂❤️
ඉස්සරහට මෙහෙමත් වෙන්න පුලුවන්..
Business, you know, may bring money,
But friendship hardly ever does.
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
14 Nov 2022 10:42 PM |
|
ස්තුතියි කතාවට. හොඳ වෙලාවට කොල්ලට ලෙඩක් තිබ්බේ නෑ. නැත්නම් ඉතින් ලෝක ලෙඩක්නෙ.
ටැමිල් ෆිල්ම් එකක තියනවා මේ වගේ කතාවක්.
Engaeyum Eppothum
මම හිතන්නෙ මම දහ සැරයක් වත් බලල ඇති මේ ෆිල්ම් එක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
17 Nov 2022 01:51 PM |
|
Posted By kingD on 14 Nov 2022 09:54 AM
Posted By Udeshika Herath on 12 Nov 2022 02:28 AM
😂😂😂😂😂
නර්ස් කෙනෙක්ට කැමැත්තෙන් වගේ ඉන්න හින්ද ගිහින් යාලු වෙන්න ඇහුව..
දෙතුන් පාරක්ම ඇහුව.. අන්තිමට එයා " හරි ඔයා හෙට උදේ hospital එක ලගට එන්න කියල " ගියා..
මං ඉතින් නිවාඩුත් දාල හීන ගොඩක් මැව්වා...
එයා මට beach යං කියයි..
නෑ නෑ film එකක් බලන්න යං කියයි..
නෑ එක්කො park යං කියයි වගේ හීන දාහක් තිබ්බ..
ඒ හැම හීනෙකම මං එයත් එක්ක නිදහසේ ආදරෙන් ඉන්නව දැක්කා...
ඇත්තටම කිව්වොත් කලින් දවසෙ රෑ නින්ද ගියෙත් නෑ..
මාත් උදෙන්ම ලස්සනට ලෑස්තිවෙලා hospital එක ලගට යද්දි එයා ඉන්නවා..
හරිම ලස්සනයි 🌼..
uniform එක පිටින් උන්නු හින්ද මට හිතුන night duty කරල වෙන්න ඇති කියල.. එන්න යං කිව්වා..
හා කියන්නෙත් නැතුවම තමන් වැඩ කරන තැනට තමන්ගෙ වෙන්න boyfriendව එක්කන් යන්න තරම් හයියක්..
ඇත්තටම ගොඩක් සතුටුයි..
එක පයින්ම මාත් එයා එක්ක ගියා..
මාව ඇතුලට එක්කන් ගියා..
ඒ ගිහින් මුලින්ම blood එකක් ගත්තා..
පස්සෙ full body චෙකප් එකක් කලා..
ආ දැන් යන්න කිව්වා..
මට හිතාගන්නවත් බැරි උනා වෙච්ච දේ..
දවස් දෙකකින් ඇවිත් කැමතියි කියල ගියා..
ලෙඩ මොකුත් නෑලු..
😂❤️😂❤️😂❤️
ඉස්සරහට මෙහෙමත් වෙන්න පුලුවන්..
අනිවා
Udeshika Herath
|
|
0 |
|
Udeshika Herath
Veteran Member Posts:3955
17 Nov 2022 01:51 PM |
|
කතෲ නොදනිමි. ළඟදි විවාහ වුණ නව යුවළක් හනිමූන් ගිහිල්ලා ඒ දෙන්නගෙ පුංචි ගෙදරට පදිංචියට ආවා බැඳලා සති දෙකකට විතර පස්සෙ දවසක් හැන්දෑවෙ හස්බන්ඩ් වැඩ ඇරිලා ඇවිල්ලා ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනවා එළියට යන්න. . එතකොට වයිෆ් ඇහුවලු: “කොහෙද සුදු තාත්ති මේ හැන්දෑවෙ යන්න හදන්නෙ?” කියලා. එතකොට හස්බන්ඩ් කිව්වලු, “මම යනවා සුදු අම්මි බාර් එකට ගිහිල්ලා පොඩි බියර් එකක් ගහන්න” කියලා. “අනේ සුදාත්ති… ඔයාට ඕනෙ බියර් එකක් ද?” කියලා අහපු වයිෆ් ෆ්‍රිජ් එක ඇරියම ඒකෙ තියෙනව හොඳට කූල් කරපු බියර් කෑන් දොළහෙ පෙට්ටි හතරක්. කර්ල්ස්බර්ග්, ලයන්, ස්පෙෂල් බෲ, ත්‍රී කොයින්ස් ඕන දෙයක් තෝර ගන්න පුළුවන්. හස්බන්ඩ්ට හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියලා. ඒ වුණත් එයා කිව්වලු, “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම ඒකෙ ග්ලාස් එහෙමත් කූල් කරලයි තියෙන්නෙ” කියලා. කතාව ඉවර කරන්නත් හම්බ වුණේ නැහැ. “අනේ සුදාත්ති ඔයාට ඕන ෆ්‍රීස් කරපු ග්ලාස් එකක් ද?” කියලා අහපු වයිෆ් ඩීප් ෆ්‍රීසර් එක ඇරලා හොඳටම කූල් වෙලා අයිස් බැඳිච්ච මග් එකක් අරන් දුන්නලු. හස්බන්ඩ් දැන් හොඳටම හිර වුණා. ඒත් එයා කිව්වා “මේකනෙ සුදාම්මි, බාර් එකට ගියාම එතන නියම බයිට් එකක් තියෙනවා. ඒක නැතුව ඉතින් බියර් එකක් බීලා වැඩක් නැහැ. මම සින් ගාලා ගිහිනි එන්නම් පැටියො” කියලා. “ඔයාට ඕන බයිට් ද සුදාත්ති?” කියලා අහපු වයිෆ් අවන් එක ඇරලා බයිට් ජාති ගණනක් එළියට ගත්තම අපේ යාළුවට කට උත්තර නැති වුණා. “අනේ සුදාම්මි, ඔයාට තේරෙන්නෙ නෑනෙ වස්තුව. බාර් එකට ගියාම ඉතින් එතන මිනිස්සු කුණුහරුප කියනවා… කෑ ගහනවා… දන්නවනෙ ඒකෙ අමුතු ගතියක් තියෙනවා. ඒකයි මම කොහොම හරි බාර් එකටම ගිහින් බියර් එකක් ගහන්න හදන්නෙ” හස්බන්ඩ් අන්තිමේදි කිව්වෙ කොහොම හරි එළියට පැන ගන්නයි. එතකොට වැඩේ අතඇරියෙ නැහැ. එයා මෙහෙම කිව්වලු: “කැ.. වේ....ගෙ පුතා, උඹ මගෙන් හොඳවයින් දෙකක් අහගන්නෙ නැතුව ඔය ..කේ මග් එකට බියර් එක දාගෙන,මේ හදලා තියෙන බයිට් එක කාලා, කටයි, ..කයි වහගෙන බොන තරමක් බීපිය ..න්නයා, ගෙදරින් අඩියක් හරි එළියට තිව්වොත් දැන ගනිං තොගෙ කකුල් දෙක කඩලා ..ට දෙකෙන් එල්ලනව බාල්කෙ” (උපුටා ගත්තකි)
Udeshika Herath
|
|
0 |
|
maduranga001
Most Senior Member Posts:14112
18 Nov 2022 09:01 PM |
|
සුදු තාත්තිට අම්ම මුත්තා සිහි වුනු මොහොතක්!
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
|
|
0 |
|