https://m.facebook.com/groups/21364...7160705251 තරග අංක 10
මදුෂිකා දිල්හානි
ප්‍රේමයේ මැදියමක්......
මා වාහනයෙන් බැස ඇවිද්දා නොව දිව්‍වා කිව්වොත් නිවැරදිය..රාත්‍රී අට පසුවී තවත් පැය බාගයක් ගෙවී ඇත. මගේ මේ වෙලාවක වැඩ කිරීමට නොහැකි හැකියාව කිසි දිනක හදාගන්නට බැරිම දෙයකි . පාසල් කාලයේ මෙන්ම සරසවියේදිත් එය හදාගැනීමය මට නොහැකි වූවා සේම රැකියාවෙදිත් මට එය හදාගත නොහැකි වී ඇත.
මම විහංගනා දෑලබන්ඩාර......වැඩිය උසමහත නෑ....ටිකක් විතර පිස්සු ගතියක් තිබ්බට මම නරකත් නෑ.....
" ඩොක්ට......දුවන්න එපා....බිම මොබ් කරලා තියෙන්නේ......." හතිදාගෙන දුවගෙන ඇවිත් වාට්ටුවට අඩිය තියනකොටම රාත්‍රී වැඩමුරයට ඇවිත් හිටපු හෙදිය වාට්ටුව ඇතුලෙ ඉදන්ම කෑ ගැහුවා.
ඒත් ඉතිං මොනා කරන්නද.....ඒ සද්දෙ ඇහෙනකොටත් මම පරක්කු වැඩියි...දෙයියන්ගෙ පිහිටෙන් අන්ඩක් කඩාගෙන මටත් අද මේ වාට්ටුවෙම ඇඩ්මිට් වෙන්න පුලුවන්.
කකුල ලිස්සලා යද්දී මම ඇස්දෙක පියාගත්තේ ශරීරයේ මොන අංගයකට අනතුරක් වෙයිද කියලා හිත හිත...
ඒත් ඉතින් ලිස්සලා ගිය වේගෙට මාව වැටුනෙ නෑනේ....
" අනේ....මන්දා....අස්ප කුලප්පුවද.....වෙලාවට වැඩට එන්නෙ නැතුව දුවන්න යනවා....තව පොඩ්ඩෙන් අතක් පයක් කඩාගන්නවා.....දැන් ලෙඩ්ඩුත් බයවෙලා ඇත්තේ තමුසෙගෙන් බෙහෙත් ගන්න........" මට ඇහුනෙ කුණු කුණු ගගා බනින සද්දයක්.....ඒ එක්කම මගේ පිට මැද්දට උණුසුමක්......කේෂව.......එයා කොහොමද ....
" නිදිද හලෝ ඇස් පියාගෙන......" ඒ ඇගිලිතුඩු දැනෙන නොදැනෙන තරමට මගේ කම්මුලක ගෑවෙනකොටයි මම ඇස් ඇරියේ....මම දඩබඩ ගාලා නැගිට්ටා.
" ඔයා....ඔයා කොහොමද මේ වෙලාවේ.....අද නිලන්ත අයියනෙ මාත් එක්ක නයිට් ඩියුටි දාලා තිබ්බේ......" මගේ කටින් කලබලේට වචන පිට්වුනා.
" වාට්ටුවේ කොච්චර සෙනග හිටියත් ඔයා එයා එක්ක මේ රෑ වාට්ටුවේ ඉන්නකොට මට නින්ද යයි කියලා හිතුවද......මම ඩියුටි එක මාරු කරගත්තා...." රාත්‍රිය නිසා නොපෙනුනාට ඒ ඇස්වල තියෙන්නේ ලොකු හපන්කමක් කලා වගේ බැල්මක්.....මම ඒ ඇස් මගහැරලා ගිහින් වෛද්‍ය වරුන්ට වෙන්කරලා තිබ්බ මේසෙන් වාඩි උනා.
හිත ඇතුලෙ තිබ්බෙ සතුටක්.....පත්වීම ලැබිලා මේ රෝහලට ආපු දවසෙ ඉදලා ඒ ඇස් මගේ වටේ කැරකුන එක මට විතරක් නෙමෙයි.මුලු වාට්ටුවටම ප්‍රසිද්ධ රහසක්....ඒත් මම නොදන්නවා වගේ ඉන්නවා...... ඒක හිතුවක්කාරකමක් නෙමේ.....අයිතිය ලබාගෙන කරන ආදරේට වඩා අප්‍රකාශිත මේ ආදරය සුන්දරයි කියලයි මට හිතුනෙ...
පැය බාගයක් විතර ගෙවිලා ගියේ අපි දෙන්නා අතරෙ එක වචනයක්වත් හුවමාරු නොවී....රාත්‍රී පරික්ෂාවට රෝගීන් එකිනෙකා ලගට ගියත් රාජකාරියට අදාල දේ මිසක් වෙන කිසිම වචනයක් අපි අතර හුවමාරු උනේ නෑ.
වාට්ටුවේ කොනේම ඇදේ ඉන්නවා අවුරුදු විසි අටක විතර පිරිමි ලමයෙක්.....ඒ ඇස් කෙලින්ම එල්ල වෙලා තියෙන්නෙ මගේ දිහාවට .කලුවරේ උනත් මට ඒ ඇස්වල තියෙන දිලිසීම හොදට පෙනුනා.මට මොකක්දෝ හේතුවකට ඒ ඇස්වලින් මගේ ඇස් මුදාගන්න බැරිවෙලා.හරියට මෝහනය උනා වගේ.ඒ ඇස් මා එක්ක හිනාවෙනවා.
"මොනාද බලන්නේ........" කේෂවගෙ කටහඩ ඇහෙනකොට මාව ගැස්සුනා.හරියට හොරවැඩක් කලා වගේ . ...මට ඒ මොකෝ උනේ....කේෂව ඒ ළමයට වඩා ගොඩක් ලස්සනයිනේ.....අනික නොකිව්වට මම කේෂවට ගොඩක් ආදරේ කරනවනේ.....
" අද ඉන්නෙ මෙලෝ සිහියකින් නෙමේ වගේ......ගිහින් වාඩිවෙනවා පුටුවෙන්....ලෙඩ්ඩුන්ව මම බලන්නම්.....නිකන් ලෙඩ්ඩුන්ව අමාරුවෙ දාන්නෙ නැතුව ඉන්නවා......." කේෂව මට සැර කලා......මම ඒ මූණට රවාගෙනම ඇවිත් පුටුවෙන් වාඩි උනේ..... මොනා උනත් ඉරිසියාවනම් තියෙනවා ඉහටත් උඩින්.....
මම බලාගෙන හිටියේ එයා ලෙඩ්ඩු පරික්ෂා කරන හැටි..... ඇත්තටම කේෂව ලස්සනයි......ඒ ලස්සන දිහා බලාගෙන හිටපු මගේ ඇස්වලට ආයෙම අර ඇස්දෙක අහු වුනා...හිත තිගැස්සුනා වගේ......කේෂව තරහටද මන්දා ඒ පිරිමි ළමයව බලන්නෙ නැතුව එනවා....මොනා උනත් ඒක වැරදි වැඩක්.....අපි වෛද්‍යවරු....අපිට බෑ පෞද්ගලික තරහවල් ලෙඩ්ඩුන්ගෙන් පිරිමහන්න.
" ඔයා හරි නරකයි කේෂව අයියෙ........" වැරැද්ද දැක්ක තැනදි ආදරේට උනත් බනින එක මගේ හැටි.කේෂව මුකුත් නොකියා අතේ තිබ්බ ෆයිල් එක මේසේ උඩින් තියලා වාඩි උනා.
" කාගෙද මේක......" ඒ අර පිරිමි ළමයා හිටපු ඇදේ තිබ්බ ටිකට් එක කියලා දැන් දැනම මම එහෙම ඇහුවෙ එයාට බනින්න හිතාගෙන.
" ඒ ඔය දවල් වහ බීලා ආපු කොල්ලගෙ ටිකට් එක........" කේෂව එහෙම කියනකොට මම ආයෙම ඒ පිරිමි ළමයා දිහා බැලුවා....ඒ ඇස්වල දැන් හරි අසරණ හිනාවක්....
" මටත් වෙන්නේ කවදහරි වහ බොන්න තමයි......." කේෂවගෙ කටහඩ ආයෙම ඇහෙනකොට මම ගැස්සිලා එයා දිහා බැලුවෙ....
"මේ මොනාද අයියේ කියවන්නේ.....ඩොක්ට කෙනෙක් කියන කතාවක්ද ඔය.... ." මගේ හිතට තරහයි....එයා කොහොමද එහෙම කියන්නේ.
" අවුරුදු ගානක් තිස්සෙ මම කෙල්ලෙක්ට ආදරේ කරනවා....ඒත් ඒ කෙල්ල ආදරේ කියන දේ දන්නෙ නැද්ද කොහෙද.....ඉතිං ආදරේ දරාගන්න බැරුව එක්කො මම වහ බොන්න ඕනී....නැත්තම් අම්මා ගේන යෝජනාවකට කැමති වෙන්න ඕනි......" කේෂව ඒ ටික කිව්වෙ නම් ඇත්තටම දුකින්.ඒත් ඊට වඩා මට දුක හිතුනා....කටින් නොකිව්වට මම ආදරෙයි කියලා එයාට දැනෙන්නෙවත් නැද්ද.....
" ඉතිං. ..ඔයාට පුලුවන්ද ...ආදරේ කරන කෙල්ලව අතෑරලා වෙන කෙනෙක්ව බදින්න......." උගුරට නැගෙන සිහින් ඉකිය අමාරුවෙන් නවත්තගෙන මම ඇහුවේ...
" ඔව්......" ඒක තනි වචනෙ උත්තරයක්.....මට තවත් එතන ඉන්න ඉන්න බෑ......මෙච්චර කාලයක් කරපු ආදරේ එයාට එහෙම එකපාරට අමතක කරන්න පුලුවන්ද....
මම අර පිරිමිලමයගෙ ටිකට් එකත් අරගෙන ඒ ඇද ලගට ආවෙ මට ඇඩෙයි කියලා බයට..
" ඩොක්ට......." ඇද ලගට ගිය ගමන් ඒ පිරිමි ළමයා මට කතා කලා.
" ම්.....මොකක්ද නම.....ආ...කවීශ් දහම්සත්......ඔයාට ලස්සන නමක්නෙ තියෙන්නේ......." මම ටිකට් එකේ තිබ්බ රෝග විස්තරය බලන ගමන් එහෙම කිව්වේ ...
" ඩොක්ට.....මට ඔයා එක්ක කතා කරන්න ඕනී......" ඒක නිකං අහින්සක ආසාවක් වගේ....කොහොමත් වස බොන්න තරම් ජීවිතේ එපා වුන අයට හොදින් කතා කරලා ඒ දුර්වල හිත හදන එකත් වෛද්‍යවරුන් විදියට අපේ යුතුකමක්...
" ම්ම්.....හරි.....ඊට කලින් කියන්නකෝ.....ඒ ගෑනු ලමය ලස්සනද.. ..." මම එතන තිබ්බ පුටුවත් ඇදලා අරන් වාඩි උනේ එහෙම අහගෙනමයි....මොකද මේ වයසෙ පිරිමි ළමයෙක්ට වහ බොන්න තරම් තියෙන ප්‍රභල හේතුව ආදරය කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා.
" නෑ......එයා කැතයි......." ඒ ඇස් හිනාවෙනවා...
" හ්ම්ම්.....ඇත්තද.......ඉතිං ඉතිං....." මට ඕනි උනේ කේෂව නිසා හිතේ හටගත්ත වේදනාව නැතිකරගන්න.
" එයා මගේ හොදම යාලුවා.....කලුවරේ පොල් කනවා වගේ කැතම කැතයි....." එහෙම කියලා එයා හිනාවෙනවා.
" හ්ම්..... ලස්සනම ලස්සන ආදර කතාවක් වගේ......"
" ආදර කතාවක්......නෑ ..... අපිට ආදර කතාවක් තිබ්බෙ නෑ......ඒත් මට ආදර කතා ගොඩාක් තිබ්බා....."
" ම්ම්ම්......"
" මට ඉස්කෝලේ යන කාලේ ඉදන් කෙල්ලො වැහිවැහැලා හිටියා.....ඒ හැම දේකටම මම උදව් ගත්තේ එයාගෙන්......ඒත් මම දැනගෙන හිටියා එයත් මට ආදරෙයි කියලා....."
" ඉතිං ඔයා දැනගෙන හිටියට ආදරේ කලේ නැද්ද......."
" ආදරේ. ...... ඒක කොයි වගේද කියලා මම දැනගෙන හිටියේ නෑ......ඒත් ලස්සන කෙල්ලො ලගදි මට එයාගෙ කැත හොදට දැනුනා......."
" ම්ම්ම්.....ජිවිතේ ලස්සන කියන දේ තාවකාලිකයි කියලා ඔයා දැනගෙන හිටියෙ නැද්ද......" මම ඇහුවෙ ප්‍රශ්නයක්.....ඒත් ඒකට උත්තරයක් ලැබුනෙ නෑ.....
" විහංගනා......මොකද මෙතන කරන්නේ........" කේෂව මගේ ලගට ඇවිත්...
" භාවනා කරනවා.....පේන්නෙ නැද්ද....." මම ඇහුවෙ තරහින්.....මාව අමතක කරලා ප්‍රොපෝසල් වලට කැමතිවෙන්න ඉන්න මිනිහා මගේ ගැන හොයන්නෙ මොකටද....
" නිදිමතද.......ඔයා ගිහින් නිදාගන්න.....මම නයිට් එක කරන්නම්......" ඒ අතක් මගේ හිස මුදුනට තියලා එයා යාන්තමට අතගානවා....ඉත්ං ඒ ආදරේ නොදැනෙනවා නෙමෙයි.
" මම නිදාගන්නම් මට ඕනි නම්.....ඔයා ගිහින් ඔයාගෙ වැඩක් කරගන්න......." කොච්චර ආදරේ දැනුනත් මගේ හිතේ තරහ අඩු නෑ....කේෂව ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉදලා යන්න ගියා.
" ඩොක්ට ගොඩක් හිතුවක්කාරයි නේද." කේෂව ගිය ගමන් කවීෂ් මගෙන් ඇහුවෙ හිනාවෙලා .
" ඩොක්ටට ඒ ඩොක්ට ගොඩක් ආදරෙයි ... මට ඒ ඇස්වල තියෙන හැගීම් දැන් හොදට කියවන්න පුලුවන්....නෙතුමිගෙ ඇස්වලත් මම වෙනුවෙන් තිබ්බේ ඒ හැගීමමයි........"
" නෙතුමිද එයාගෙ නම........."
" ඔව්..... නෙතුමි......ආදරේ කරනවා කියලා දැන දැනම මම ගනන් ගත්තු නැති කෙල්ල........"
" ඉතිං..... මොකෝ උනේ........"
" මම කෙල්ලො ගොඩක් ආශ්‍රය කලා.......සමහර බැදීම් සීමාව ඉක්මවලා ගියා.......ඒත් නෙතුමි දිගටම මට ආදරේ කලා..... ..ඒක මගේ හිතට වදයක් උනා......මම ආදරේ නොකරන කෙල්ලෙක් මට බලෙන් ආදරේ කරනකොට මට ඒක වදයක් උනා.........." කවීෂ් ලොකු හුස්මක් පිට කලා.
ඒ වචන දිගේ නම කල්පනා කලා....කේෂව මගෙන් ආදරය නොලබාම මට ආදරය කරනවා....ඒක මට වදයක් උනාද.....නෑ....නෑ...එහෙම නෑ.....කොච්චර නෑ කිව්වත් මමත් කේෂ්වට ආදරෙයිනේ.
" එයාව වදයක් කියලා දැනිච්ච දවසෙ ඉදලා මම එයාව ඈත් කලා.....ඒ ඈත් කිරීම මම නොදැනුවත්වම මාව අරගෙන ගියේ වැරදි පාරක....ජීවිතේ මම ගොඩාක් වරද්දගත්තා......ඩොක්ට දන්නවද........" කියවලා කියවලා එයා බැලුවෙ මගේ දිහා.....
" විහන්ගනා.......මේ තේ එක බීලා ඉන්න....." කේෂව ආයෙ මගේ ලග....
" මට ඕනි නෑ......."
" ඔච්චර තරහගන්න එපා මෝඩි......මම විහිලුවක් කලේ......මට ගෙනාපු ප්‍රොපෝසල් එකක් නෑ.....මට තමුසෙව අතාරින්න බෑ......ඔය හිත මට ආදරෙයි කියලා මම දන්නවා....ඒ නිසා තමුසෙට හොරෙන් ගිහින් මම තමුසෙගෙ අම්මලගෙන් අවසර ගත්තා......." ඒ ඇස් හිනාවෙනවා....මම බලාගෙන හිටියෙ කියන දේ අදහගන්න බැරුව.
" තරහ වෙලා ඔතන හිටියා ඇති.... තේ එක බීලා එනවා මේසෙට අද දවසෙම ඩියුටි කරලා නයිට් එකටත් ආවෙ වාට්ටුවේ ඉන්න ආසාවට නෙමෙයි.....තමුසෙ දිහා බලාගෙන ඉන්න ඕනි නිසා....." කේෂව එහෙම කියලා යන්න ගියා......යකූ වෙන කොල්ලෝ කෙල්ලව සප්‍රයිස් කරන්නේ මුදු මාල දීලා සින්දු කියලා නටලා එහෙම....මේ මනුස්සයා තේ එකක් අතට දීලා මාව හිතාගන්න බැරි විදියට සප්‍රයිස් කලානේ...
" ඩොක්ට ..... ඒ ආදරේ නැතිකරගන්න එපා.....මම කරපු මෝඩ වැඩේ ඔයත් කරන්න එපා......" කේෂව යන දිහා බලාගෙනම හීන බල බල හිටපු මගේ හීන ලෝකේ විසිරිලා ගියේ කවීෂ්ගෙ කටහඩට..මම මූනත් රතුකරගෙන කවීශ් දිහා බැලුවේ....ලෙඩෙක් ඉස්සරහ තියාගෙන තේ එකක් අතට දීලා විවාහා යෝජනාව ගෙනාපු පළවෙනි ප්‍රේමවන්තයා වෙන්න ඇති කේෂව....
" නෑ..... මම එයාව කවදාවත් අතාරින්නෙ නෑ........" මට තේරුනේ නෑ....ඒත් කවීෂ් එක්ක මේ පැය ගානට මගේ අමුතුම බැදීමක් ඇතිවෙලා තිබ්බා.
" ඉතිං ඔයා ඉස්සෙල්ලා මොනාද ඇහුවෙ මම දන්නවද කියලා....." මම අපි ඉස්සෙල්ලා කතාව නවත්තපු තැනින්ම ආයෙ පටන් ගත්ත.
" මට ඒඩිස් ඩොක්ට........"
මම වෛද්‍ය්වරියක්.....ඒ වචනෙ මට අමුතු නෑ....ඒත් මොකක්දෝ හේතුවකට මාව සීතලවෙලා ගියා.
" මට ඒඩ්ස් කියලා දන්නෙත් නෙතුමි විතරයි......" මම ඒ මූණ දිහා බලාගෙන හිටියේ කියන දේවල් අදහගන්න බැරුව....
" ඒත් එයා තාමත් මට ආදරෙයි ඩොක්ට......එයා ඒ දේ හැමෝගෙන්ම හංගලා මාව කසාද බදින්න හදනවා.....හෙට මගේ වෙඩිං එක....."
" කවීශ්........." මම ඒ වචන වලට උත්තර දෙන්න ඕනි කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියෙ.
" දැන් මට ඒ ආදරේ තේරෙනවා ඩොක්ට......ඒකයි මට ඒ ජීවිතේ විනාශ කරන්න බැරි......" ඒ ඇස් කදුලු පටලයකින් වැහිලා ගිහින්.
" ඒකද ඔයා මැරෙන්න හැදුවේ....." මට වෙන අහන්න දෙයක් නෑ....ඒ කෙල්ල....ඒ තරම් කැපකිර්‍රීමක්..
" ඔව්......." ඒ ඇස් සැනසිල්ලකින් හිනාවුනේ.....මම මොනාද කියන්න ඕනී......වෛද්‍යවරියෙක් විදියට මට ඒ කසාදේ අනුමත කරන්න බෑ..... ශාරීරික බැදීමක් නැති කසාද ජීවිත තියෙන්නේ කතාවල විතරයි....ඒත් මට ඒ දේ කරන්න එපා කියන්න බෑ....
" ඩොක්ට උදව්වක් කරනවද......"කවීෂ් මගෙන් ආයෙම අහනවා....
"මොකක්ද......."
කවීෂ් කොට්ටෙ යට තිබිලා ගත්තේ පුංචි ජුවෙලරි පෙට්ටියක්.
" එයා....එයි......මේක එයාට දීලා මමත් එයාට ගොඩාක් ආදරෙයි කියලා කියන්න පුලුවන්ද.....මට තාම එයාට ඒක කියන්න බැරි උනා.... " කවීෂ් ජුවලරි පෙට්ටිය මගේ අල්ල උඩින් තිබ්බා.
" ඇයි.......ඒක මම කියන්නේ......ඔයාම කියන්නකෝ........" මම හිනාවෙන්න උත්සහ කලේ....ඒත් මම අසාර්ථකයි .මගේ ඒ ප්‍රශ්නෙට ඒ මූනට ආවෙ හිනාවක්.....
" ක....වී...ෂ්........." වාට්ටුව ඉස්සරහින් එක පාරටම ඇහුනේ ලතෝනියක්.කලබලේටම මගේ කකුල් ඒ දිහාවට ඇදුනේ.....
නෙත්මි.....ඔව්....ඒ නෙත්මි.....කවීෂ් කරපු විස්තරෙන් මට නෙත්මිව අදුනගන්න ලේසියෙන්ම පුලුවන්.
" ඩොක්ට....ඩොක්ට.....අනේ...කියන්න ....කෝ මගේ කවීෂ්.....අනේ එයාට මොකද......කෝ එයා......"නෙත්මි කෑ ගහගෙන කේෂවගෙ ඇගේ එල්ලුනේ....එයා එක්ක ආපු කාටවත් එයාව පාලනය කරගන්න බෑ....ඒ හැමෝමත් අඩනවා....මේ මිනිස්සුන්ට පිස්සුද මිනිහෙක් මැරුණා වගේනෙ අඩන්නේ.....
" මිස්....ඔයා අඩන්නෙ නැතුව ඉන්න.....ජීවිතේ මෙහෙම තමයි.....ඔයා කොහොමහරි දරාගන්න ඕනී.......එයා දැන් ආයෙ එන්නෙ නෑ......."කේෂව හිත හදන්න වගේ කියවනවා....මෙයා මේ මොනාද කියවන්නේ....අච්චර හොදට ඉන්න මනුස්සයට මැරිලා කියන්නේ...
" කේෂව......" මම කට ඇරියේ තවත් නිහඩව ඉන්න බැරිම තැන.
" විහංගනා.....එන්න......ඔයාලත් එන්න....." කේෂව මාවත් අඩගහගෙන් වාට්ටුව මැද්දෙන් ගමන් කලා.මගේ ඇස් යොමු උනේ කවීෂ්ගෙ ඇද දිහාවට....මගේ හිතට දැනුනෙ අමුත්තක්.....
" කේෂව අයියේ......" මම නැවතුනා....කේෂව මගේ දිහා බැලුවෙ පුදුම වෙලා.
" මොකද ඔයාට........" කේෂව මාව ටිකක් තදට අල්ලගත්තේ මගේ අමුත්ත තේරුන නිස වෙන්න ඇති.වාට්ටුවේ කොනේම තිබ්බ පුන්චි කාමරයට ඇටන්ඩන් කෙනෙක් ගිහින් ට්‍රොලියක් එලියට ගෙනාවා.ට්‍රොලිය සුදු රෙද්දකින් වහලා....ඒ මිනියක් කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ..
ඇටන්ඩන් සුදු රෙද්ද අයින් කලේ නෙතුමි ලතෝනි දෙද්දී....
මගේ හදවත නතර උනා වගේ......මාස ගනන් එකම මිනිය කපලා වෛද්‍යවරු වෙච්ච අපිට මල මිණියක් කියන්නේ අමුතු දෙයක් නෙමේ.....ඒත් ....දෙවියනේ මේ....කවීෂ් ....
" කේෂව ....... අයියේ......එයා මැරිලද......." මගේ වචන පිටවුනේ මටත් ඇහෙන්නෙ නැති හඩකින්.
" ඔව්....එයාව ගෙනල්ලා පැය බාගයක් යන්න කලින් එයා නැති උනා......"
" ඒත්......ඒත්......එයා...... කේෂව...අයියේ....එයා මට මේක දුන්නා.....නෙත්මිට දෙන්න කියලා......." මම මෙච්චරවෙලා අතේ ගුලි කරගෙන හිටපු ජුවලරි බොක්ස් එක එයාට දික් කලා.
" විහංගනා........." කේෂවගේ ඇස්දෙක බයවෙලා මගේ දිහාවට වැටෙනවා මම දැක්කේ කදුලු අස්සෙන්...
" ඩොක්ට කෙෂව......දැන් ගොඩක් වෙලා ඉදන් ඩොක්ට විහංගනා මේ ඇද ලග හිටියේ......" ඒ හෙදියගෙ කටහඩ......
" ඒ ඩොක්ට දැන් ගොඩක් වෙලා ඉදන් මෙතන වාඩිවෙලා තනියෙම කියව කියව හිටියේ......" ඒ එහා ඇදක හිටපු ලෙඩෙක්ගෙ කටහඩ...
" දෙවියනේ.....මම හිතුවෙ මගේ එක්ක තරහට මෙතනට වෙලා ඉන්නවා කියලා......විහංගනා ......විහංගනා......"
මට දැනුනේ...මුලු වාට්ටුවම මගේ වටේ කැරකෙනවා වගේ...... මට මැවිලා පෙනුනේම කවීෂ්ගෙ දිලිසෙන ඇස්දෙක...
.... නිමි....
යාලුතරග අංක 10

යාලුවනේ කතාව හොද නම් උඩ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් බටහිර අහස පේජ් එකේ තියෙන මගේ කතාවට ලයික් එකක් දාන්න.මේක තරගයක්