ප්‍රේමය නම් නුඹයි රාවණ .......01 කොටස
හිස මුදුනේ සිටම කැරලි ගැසී උරහිස් දක්වා කඩා හැලෙන ඝණ කාලවර්ණ අකබඹරු කේශ කලාපය....චන්ද්‍ර පෙළපතේ උරුමකම කියා පාන අඩ සදවන් නළල් තලය....විචක්ෂණශීත්වය මොනවට මවාපාන එකට එක් වු ඝණ දෙඇස් බැමි.සූර්‍ය වංශයේ නොසැලෙන ශක්තිමත් තීක්ෂණ දෑස් යුගලය...මනා ලෙස පිහිටියාවූ නාසය දෙකන් සහ දෙතොල් ....ඉන පහලට පමණක් සැරසුනු වස්ත්‍රයෙන් නිරාවරණය වූ පුලුල් උරහිස් සහ පිරිපුන් උඩුකය.......මනාව වැඩුනු උස් ශරීරය සහ ඊට සරිරන පිරුපුන් ගත.......... වෛශවන පතිනී කෛකසීය තම වැඩිමහල් පුතු දෙස නිසොල්මනේ බලා සිටියේ හද තුල අපරිමිත දාරක ස්නේහය අභිබවා නැගෙන පැහැදිය නොහැකි ගෞරවය මුසු හැගීමකිනි. ඉතිං මේ දර්ශනය ඇගේ සිතෙහි වූ සැනසිල්ලමද වන්නේය.
එක් සැමියෙකු සහ එක් භාර්‍යාවක යන සිව් හෙළයේ උත්තරීතර නියාම ධර්මයට පිටුපා තම පියා වන සුමාලී රකුස් රජුත් මාමණ්ඩිය වන පුලතිසි ඉසුරිදුත් තමන් වෛශවනයන් හට සරණ කර දෙනු ලැබූයේ මේ ශ්‍රේෂ්ට උත්පත්තිය උදෙසාමය.පුර්ෂයෙකුගේ එකම පතිනිය වීමට සිත් තුල වූ යොවුන් බලාපොරොත්තුව කඩවී තම සැමියාගේ දෙවන භාර්‍යාව වූ දින සිතට නැගි ශෝකය මේ උත්තරීතර උත්පත්තිය සිදුවූ දා සිටම සිත අහලකවත් නොවූ බව කෛකසීය ට විස්වාසය.තම සැමියාණන් හට හදවතින්ම ප්‍රේම කරන්නට ඇයට හැකි වූයේ එදින සිටය.ඉතිං කල්පයක් උව මේ රුව දෙස බලා සැනසෙන්නට ඇයට හැකිය.
අති උත්තම සූර්‍ය වංශයේ මහා සම්මත මනු රජුන්ගෙන් පැවත එන රාක්ෂ කුලයේ මීලග ශ්‍රේෂ්ට රජුන් තමාටත් වෛශවනයන්ටත් දාව ඉපදෙන බව අනාවැකියයි.තමන් උත්පත්තිය ලබා දුන් දරුන් තිදෙනාගෙන් සැකයක් නොමැතිවම ඒ ශ්‍රේෂ්ට ගුණාංග මේ යොවුන් වියේදීම පෙන්වන්නේ ඔහුම නොවේද...තාමත් සොළොස් වියෙහි වූවත් මහා සම්මත මනු රජුගේත් මහා බලි රජුගේත් තාරක මහා රකුස් රජුගේත් ශරීරයන්හී වූ සියලුම පුර්ෂ ලක්ශණ දැනටමත් ඔහු තුල ඇත්තේ නොවේද....ඊටත් අභිබවා ඔහු තුල වන මානුශීය බව රජෙකුට අකැප වන්නේ කෙසේද.......
සිව් හෙලයේ රජකු විය හැක්කේ සියල්ලන් අතුරෙන් ශක්තියෙන් පරිපූර්ණ මනසින් උසස් වන තැනැත්තාය.එය මහා සම්මත මනු රාජ්‍ය යුගයේ සිටම පැවත එන නියමයයි.
එහෙත්.....
කෛකසීය ට සිහි වූයේ තම සැමියාගේ පළමුබිරිද වූ ඉල්ලවිල්ලා දේවියගේ වදන් ය.
වස්තුව රැස්කිරීම හා සටන් පුහුණුව වෙත සිත් යොමු කිරීම වෙනුවට තම වැඩිමහල් පුතු තම මුත්තනුවන් හා පියතුමන් වන පුලතිසි හා වෛශවන ඉසිවරුන් සමග භාවනායෝගී වීම ඉල්ලවිල්ලා දේවියගේ උපහාසයට ලක්වූ වාර එමටය.
සුමාලි රකුස් රජු වූ තම පියාගේ දුර්වල රාජ්‍ය පාළනය නිසාවෙන් රාජ්‍ය නියාම වලට හිස නමා රජකම අත් හැරි දින අරාජික වීමට ගිය රකුස් පරපුර වෙනුවෙන් රජකම උරුම වූයේ ඉල්ලවිල්ලා දේවියගේත් තම සැමියාගේත් පුතු වූ කුවේරයන්ටය. ඇත්තෙන්ම ඔහු රජෙකු වීමට තරම් වූ වස්තු සම්භාරයක් ඇත්තෙකි.
එහෙත් මානුශීය ගුනාංග......... ශ්‍රේෂ්ට සූර්‍ය වංශික රකුස් කුලයේ වූ මානුෂීය ගුණාංග එකින් එක කුවේරයන් තුලින් ගිලිහී යනවා නොවේද.....දිනෙන් දින විශාල වන වස්තු සම්භාරය නිශාවෙන් විනාශ වී යන තම මානුශීය ගුණාංග පිළිබදව කුවේරයන් හට දැන් වැටහීම නොමැතිය.ඉතිං කල් නොයවාම ජනයා ඔහු කෙරෙහි වූ අප්‍රසාදය එලි දක්වනවා නොඅනුමානය......
" රාවණා අයියණ්ඩී........." කෛකසීය ගේ සිතුවිලි දැහැණ බිදී ගියේ දියණී සුපර්ණිකාගේ කෑ ගෑමෙනි.කොහෙදෝ සිට දිව ආ ඈ කෛකසීය පසු කර ගොස් තම වැඩිමහල් සොයුරු රාවණාගෙ උකුලට පැන්නේ දගකාර ඉරියව්වකිනි.තවමත් දස විය නොඉක්මවූ ඇයගේ ළමා ගතිය ...නොමද හුරතලය රාවණාගේ සිතිවිලි ප්‍රබෝධමත් කරන්නේ නිමේශයිකිනි. මෙතෙක් වේලා සුරතෙහි වූ උපුල් මල පසෙකින් තැබූ රාවණ සිය නැගණිය තුරුල්ලට ගත්තේය.
" තී නම් මහ වදකාරියක්.......ඔතරම් ශබ්දෙන් කෑ ගසන්නට එපා යයි මම කී වරක් කීවාද........" මෙතෙක් වේලා නිසොල්මනේ තමන්ට පමණ ඉකමවා ගිය ආහාර ප්‍රමානයක් බෝජනය කරමින් සිටි කුම්භකරණ හඩ අවදි කලේ නොරිස්සුමෙනි.එයට හේතුව අමුතුවෙන් පැහැදිය යුතු නොවීය . දැහැනකට සම වැදී මෙන් ආහාරය බෝජනය කරමින් සිටි යදී සුපර්ණිකා ගේ කෑ ගෑමෙන් ඔහුගේ දැහැන බිදී ආහාර විසිරී ගොසිනි.
" අයියණ්ඩී........." සුපර්ණිකා දෑසෙහි කදුළු පුරවගත්තාය.
" මගේ කුස ගින්නෙන් අඩක්වත් සමනය වූයේ නෑ.....නුඹේ කෑ ගෑම නිසා නිකරුණේ ආහාර අපතේ ගියා......." පෙර මෙන් නොරිස්සුම වෙනුවට එවර කුම්භාණ්ඩයන්ගේ හඩෙහි වූයේ පසුතැවීමකි.එය ආහාර අපතේ ගිය හේතුව ණිසාවෙන්ද තම නැගණියගේ කදුලු දුටු නිසාවෙන්ද යන වග අන් අයට තබා ඔහුටවත් පැහැදිය නොහැක.
" අයියණඩී...... මා එය සිතා කල දෙයක් නොවෙයි........." කදුලු බිදු දෙකම්බුලෙන් රූටා වැටෙද්දී සුපර්ණිකා බැලුවේ තම වැඩිමහල් සොයුරා දෙසයි .
" ඔව්.....මම දනිමි......එය නුඹ සිතා කල දෙයක් නොවෙයි......මා පමණක් නොවෙයි..එය නුඹේ කුම්භකරණ අයියණ්ඩිත් හොදාකාරවම දනියි....එහෙත් නුඹ සිතා මතාම නුඹගේ සොයුරන්ගේ සිත් රිදවන බව නුඹ නොදන්නවාද........." සිය තුරුල්ලේ තබාගෙනම රාවණා නැගණියගේ කදුලු පිස දැම්මේය....තමාට වඩා සය වසරකින් බාල වූවද ඇයත් කුම්භකරණ ත් අතර ඇත්තේ වසර දෙකක පමන වූ වයස් පරතරයක් පමණී.ඉතින් ඔවුන් දෙදෙනාගේ සමවයස් ගැටුම් විසදීම රාවණාගේ දිනපතා කාර්‍යන්ගෙන් එකක් වී ඇත්තේ නිරායාසයෙනි.
" මා.........." කුඩා වයසේ වූ සුපර්ණිකා ට රාවණාගේ වදන්හී අරුත් නොවැටහේ.....
(මතු සම්බන්දයි)