Go to previous topic
Go to next topic
Last Post 03 May 2019 05:31 AM by  chamaramind
සමෝසා වෙළෙන්දා
 79 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Aug 2017 10:10 PM
  •  Quote
  •  Reply

මොහොතක් නැවතී මෙම අපුරු කතාව කියවන්න


ලොස් ඇන්ජලීස්හි නාට්‍ය කන්ඩායමක සේවය කල තරුණ පියානෝ වාදකයෙක් මැදියම් රැය පසු වී පාන්දර 2.30 ට පමණ තම සැහැල්ලු මෝටර් රථයෙන් සිය නිවසට යමින් සිටියේය. පාලු මාවතේ බෙන්ස් රථයක් ලග සිට ගත් කාන්තාවක තම රථය දෙසට වේගයෙන් අත් වනමින් සිටිනු ඔහුට පෙනුණේය. ඔහු තම රිය නැවත්වූ විට ඇය මෙසේ කීවාය.

මගේ මහත්තයා පිළිකා රෝගයෙන් මරණාසන්න වෙලා සාන්ත මොනිකා වල සැන් ජෝන්ස් ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නවා. එයාට දැන් සිහියක් නැහැ. සුළු විවේකයක් ලබා ගෙන නැවත පැමිණේන්න යයි කියා රෝහලේ කට්ටිය මාව ගෙදර එව්වා.සිහිය ඇවිත් එයා මට කතා කරනවාය කියා දැන් මට රෝහලෙන් ඇමතුමක් ආවා. මම ඉක්මනට යන්න උත්සාහ කලත් මගේ කාර් එක මෙතන නැවතුණා . කරුණාකර මාව ඒ ඉස්පිරිතාලෙට එක්කන් යන්න පුලුවන්ද?

ඔහු එයට එකග වී තම මගින් බැහැර සැතපුම් හයක් පමණ ගොස් ඇය එම රෝහලට ඇරලුවේය. ඔහුට ප්‍රවීණ පියානෝ වාදකයෙක් වීමට අවශ්‍යව ඇති බවත් , පුහුණු වීම් සදහා නිවසේ පියනොවක් නොමැති වීම එයට බාධාවක් බවත් ඇය ඒ ගමන අතර තුරදී දැන ගත්තේය. රියෙන් බැසීමට පෙර ඇය ඔහුගේ ලිපිනය ලබාගත්තාය.

තමා වෙනුවෙන් කල කැපකිරීම වෙනුවෙන් රෝහල ලගදි ඇය ඔහුට ඩොලර් 100ක් පිරි නැමුවාය. එත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මුව නොසැහෙන සේ ස්තුති කල ඇය ඉවත්ව ගියාය.

දින දහයකට පසුව ඩොලර් දසදහසකට වඩා වටිනා සිත්කළු පියෝනාවක් මෙම තරුණයාගේ නිවෙසට කිසිවෙකු විසින් ගෙනවිත් භාරදුනි. ඒ සමග සටහනක් ද ඒවා තිබුණු අතර එහි මෙසේ සදහන් විය.

මගේ සැමියා පෙනහළු පිළිකාවෙන් මිය යාමට පෙර ඔහුටත් මටත් මිනිත්තු 20ක් එකට සිටීමට අගනා අවස්තාවක් උදාකරදීමට ඔබ කාරුණික විය. ඔහුද සංගීතඤයෙක් විය. ඒ මිනිත්තු 20 ලබා දීම ඇගයීම වශයෙන් ඔබගේ සංගීත වෘත්තිය දිරි ගැන්වීම සදහා මේ පියානෝව ඔබට ලබා දීමට අපි දෙදෙනාම කැමති වූයෙමු.

දවසේ මෙහෙවර හමාර කොට ඉතාමත් වෙහෙසට පත් වී නවාතැනට යමින් සිටි මේ තරුණයාට මේ කාන්තාවගේ ඉල්ලීම ඉටු කර දීම සදහා සැතපුම් 12ක් වැඩිපුර රිය පැදවීමට සිදු විය. ඒ උදව්ව වෙනුවෙන් ඒ කාන්තාව ලබා දුන් ඩොලර් 100ද මේ තරුණයා ප්‍රතික්ශේප කළේය. එය මෙහි ඉතාම වැදගත් සිද්ධියයි. උදව්ව යන්නේ වටිනා තේරුම උදව්ව යන්නමයි. මේ තරුණ සිත යහපත්ය. උදාරය. ඒ මානව ගරුත්වය තරුණ සිත් තුල තිබිය යුතුමය.

ඉක්බිතිව ඒ තරුණයා අපේක්ෂා නොකළ දෙයක් සිදුවිය. ඩොලර් දස දහසක් වටිනා පියානෝවක් ඔහුට හිමි වෙයි. මෙහි වැදගත්ම දේ වන්නේ අර කාන්තාව මේ තරුණයා කල උපකාරයට කෙතරම් ගෞරවනිය හැගීමකින් පසුවුවාද යන්නයි. තම සැමියා අවසන් හුස්ම හෙලීමට පෙර ඔහු සමග මිනිත්තු 20ක් ගත කිරීමට ඉඩ ලැබුනේ මෙම තරුණයාගේ උපකාරය නිසාය.

මෙබදු කතා කියවා අවබෝධ කරගෙන කෑම මේසයේ දී හෝ ගමනක් බිමනක් යන විට හෝ සුහදව තම පවුලේ සාමාජිකයන් එකතු වී සිටින අවස්තාවක හෝ ඒ ගැන මව හෝ පියා හෝ කතා කරයි නම් ඉන් වැදගත් බලපෑමක් දරුවන්ගේ ජිවිතයට සැබවින්ම උදා වෙයි

සරත් විජේසුරිය මහතාගේ ග්‍රන්ථයක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Aug 2017 10:12 PM
  •  Quote
  •  Reply
උදව්ව යන්නේ වටිනා තේරුම උදව්ව යන්නමයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

wasangaama
Basic Member
Basic Member
Posts:199






--
04 Aug 2017 12:14 AM
  •  Quote
  •  Reply
උදව්වට උදව්ව... වටිනවා.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
04 Aug 2017 04:15 AM
  •  Quote
  •  Reply
කෙනෙකුට කරන සුළු උදව්වක් තව කෙනෙකුට කොයි තරම් වටිනාවාද යන්න ගැන හොඳ උදාහරණයකි මේ කතාව.
දැන් බලන්න,...මේ කතාව ලියපු සරත් විජේසූරිය....එයාල 2015 ජනවාරි කාලේ කරපු සුළු උදව්වක් නිසා අලිමංකඩ පාමංකඩ හොයාගන්න බැරිව හිටියට  රවී කරුනානායකලා කෝටි ගණන් වල ගෙවල් ගන්න අපූරුව කාටද ආඩම්බර.

 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Aug 2017 07:25 PM
  •  Quote
  •  Reply
උදව් දෙන්න ඕන කරදරයක් පත්වුනු අයට ඒ වෙනුවෙන් පිනක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Aug 2017 07:43 PM
  •  Quote
  •  Reply
අවශ්‍යම උදවුවකට ලැබුන අවශ්‍යම උදවුවක් .

අර්ථවත් කතා පොඩ්ඩක් ,එත් ලොකු පාඩමක් . ස්තුති අයියේ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Aug 2017 08:42 PM
  •  Quote
  •  Reply
අර්ථවත් කතාවක්...
අවශ්‍ය වේලාවෙදී උදව්වක් නැතිනම් වැඩක් නැහැ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
05 Aug 2017 11:36 PM
  •  Quote
  •  Reply
මොන අඩුපාඩුකම් අපේ රටේ මිනිස්සුන්ගෙත් තිබුණත් මන් හිතනවා මිනිසුන් කරදරයකට පත් වෙලා ඉන්න වෙලාවට ඕනෑම වෙලාවක අපේ මිනිසුන්ගෙන් වැඩි පිරිසක් ඒ සඳහා උදව්වෙන්න ඉදිරිපත් වෙනවා.

එකෙනුත් ගොඩක් වෙලාවට පොඩි මිනිහා තමයි මුලින්ම එන්නේ. පාරේදී කරදරයක් උණොත් බොහෝ විට මෝටර් බයිසිකලේක හෝ ත්‍රිවිල් එකක යන කෙනෙක් තමයි නවත්වලා අහන්නෙ මොකක්ද මහත්තය වෙන්න ඕන කියල. ලොකු වාහනේක යන කෙනෙක් එහෙම ඉදිරිපත් වෙනවා හරිම අඩුයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Aug 2017 12:49 AM
  •  Quote
  •  Reply
කරන දේට පසු උපකාරයක් බලාපොරොත්තුවෙන් තොරව මෙවැනි ක්‍රියාවක් සිදු කලොත් බලාපොරොත්තු නොවුනත් මෙවැනි දේ බොහෝ දුරට ලැබෙනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Sep 2017 11:11 PM
  •  Quote
  •  Reply

එක්‌ සත්‍ය කතාවක්‌
මවු සෙනෙහස සැඟවුණු තැන

මේ කතාව අම්මලාගේ ආදරය කෙබඳු දැයි යන්නට උදාහරණ කතාවකි. මවුවරු සමහර දරුවන්ට වැඩියෙන් ආදරය කරන අවස්‌ථා දක්‌නට ලැබේ. මවකගේ ආදරය එසේ අඩු වැඩි විය හැකි දැයි කෙනෙකු ප්‍රශ්න කරන්නට පුළුවන. එසේ විය හැකි යෑයි මම සිතමි.

එක්‌ මවකට දරුවන් කිහිප දෙනෙකු සිටියහ. එයින් වැඩුමල් පුතා දල කාරයෙකු විය. දලකාරයෙකු යෑයි කීවේ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වී සිටි බවය. දැන් පළාත් සභා මන්ත්‍රීකම නැති වුවද ඔහුට අග හිඟයක්‌ නැත. ඔහු මන්ත්‍රීධුරය දැරූ කාලයේදී හරි හම්බ කරගත් දේවල් තිබේ.

එබැවින් තම මව ඔහු තම ගෙදර නතර කර ගත්තේය. ඇයට ඇඳුම් පැළඳුම් කෑම බීම හොඳ කාමරයක්‌ ආදී වශයෙන් පහසුකම් සියල්ල සලසා දුන්නේය.

මේ මවට තව දරුවන් කිහිප දෙනෙකු සිටියහ. ඔවුන් පළාත් සභා මන්ත්‍රී සහෝදරයා තරම් වත්කම් නොතිබූ නමුත් සාමාන්‍ය ජීවිත ගත කළහ.

අග හිඟකම් මැද දිවි ගෙවුයේ පවුලේ බාලම සහෝදරයා පමණි. වැඩි උගත්කමක්‌ නොලද හේ කළේ එදිනෙදා කුලී වැඩය. ඔහු ජීවත් වූයේ පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලම කුඩා නිවසකය.

විසල් මැඳුරක සිටියද මව පැල්පතේ සිටින සිය බාල පුතු අමතක කළේ නැත. නුදුරු පැල්පතේ වෙසෙන පුතුගේ දුක සැප බලන්නට මව හැම විටම පැල්පතට ගියාය.

ඒ යන එන වෙලාවන්හිදී ඇයට බාල පුතු විඳින දුෂ්කරතා පෙනුණි. වැඩි ආදායමක්‌ නොලද පුතාගේ කුස්‌සිය අගහිඟකමින් පිරී තිබෙනු මව දුටුවාය. ඒ ගෙදර සහල් සීනි පිටි තිබුණේ මඳ වශයෙනි. වේලකට උයනු ලැබුවේ එක එළවළුවක්‌ පමණි. දරුවන්ගේ ඇඳුම් පැළඳුම් කඩමලු හෝ කිළිටි වී ගිය ඒවා විය.

බාලපුතාට උපකාරයක්‌ කළ හැකි විදියක්‌ මව කල්පනා කළාය. ඇය අත මුදල් තිබුණේ නැත. ඇය අන්තිමට කල්පනා කළේ දුගී පුතුට උපකාර කරන උපක්‍රමයක්‌ ගැනය.

ඇය කළේ පළාත් සභා මන්ත්‍රී පුතුගේ ගෙදර තිබෙන සහල් කිලෝවක්‌ පමණ රෙදි පොටෙහි දාගෙන ගොස්‌ බාල පුතුගේ බිරිඳට දීමය. දෙවනුව ඕ කිරිපිටි ටින් එකෙන් ස්‌වල්පයක්‌ කොළයක දවටා ඇඳි වතෙහි දවටාගෙන ගොස්‌ බාල පුතුගේ බිරිඳට දුන්නාය. මෙලෙස මිරිස්‌ අල ලූනු ආදී කුස්‌සියේ තිබෙන කෑමට බීමට ගත හැකි ද්‍රව්‍ය සඟවා ගෙන පුතුගේ ගෙදරට ගෙන ගොස්‌ දීම පුරුද්දක්‌ කර ගත්තාය. පුතාගේ බිරිඳද මේ ගෙන එන දෑ භාර ගත්තේ දිළිඳුකම නිසා මිස සොරකම පිණිස නොවේ.

පළාත් සභා මන්ත්‍රීගේ බිරිඳට කුස්‌සියේ බඩු අඩුවීම මුලින් දැනුණේ නැත. නමුත් තේරුම් ගත නොහැකි අයුරින් කුස්‌සියේ යම් යම් බඩු අඩුවන බව ඇයට දැනිණි. ගෙදර සේවකයන්ද සිටියේ නැත. එසේ වී නම් සේවකයන් සැක කරන්නට හැකිකම තිබුණි.

එබැවින් ඇය කුස්‌සිය ගැන සෙවිල්ලෙන් සිටියාය. තම නැන්දණිය මිරිස්‌ කරල් ටිකක්‌ රෙදි පොටෙහි සඟවා ගනු ඇය එක්‌ දිනෙක දුටුවාය. කලබල නොවූ ඇය ඊළඟට සිදු වන්නේ කුමක්‌දැයි බලා සිටියාය. නැන්දණිය ඊළඟට ගියේ බාල පුතුගේ ගෙපැලට බව ඇය බලා සිටියාය.

මොළේ ඇති බිරිඳක්‌ වූ ඇය පළාත් සභා මන්ත්‍රීවරයාට මේ රහස කීවේ ඉතා සංසුන් ලෙසය.

"දැන් මොකද කරන්නේ. මන්ත්‍රීවරයා ඇසීය.

"ඕක අම්මගෙන් අහන එක හොඳ නෑ. අම්මා අනුකම්පාවට කරපු වැඩක්‌ නේ. එහෙම නෙමෙයි. අපි රුපියල් දාහක එක්‌දාස්‌ පන්සීයක විතර හාල් තුනපහ පාර්සලයක්‌ හදල අම්මට දෙමු මල්ලිට ගිහින් දෙන්න කියලා. මාසෙකට වතාවක්‌ දුන්නම ඇති. එතකොට දෙගොල්ලන්ටම හොඳයි.

මන්ත්‍රීවරයා බිරිඳගේ අදහස අනුමත කළේය. ඉනික්‌බිති කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. ඒ ආකාරය කාගෙ කාගේත් ගෞරවයට හේතු විය.

මවකගේ සෙනෙහස වඩාත් හිමි වන්නේ නැති බැරි දරුවාටමය. එයින් අනිත් දරුවන්ට ආදරේ නැතැයි ප්‍රකාශ නොවේ.

* චන්ද්‍රසිරි දොඩන්ගොඩ

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Oct 2017 12:34 AM
  •  Quote
  •  Reply
ඉතාමත් සංවේදී කතාවක්..
දේශපාලනඥයාගේ බිරිද ක්‍රියාකල ආකාරය අති විශ්ෂ්ඨයි...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Oct 2017 11:39 PM
  •  Quote
  •  Reply
මෙහි එන කථාවේ මූලික චරිත 3 ගැන හරි ආඩම්බරයි
හැමෝම මෙහෙම වෙනවනං
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 05:57 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම් අර බිරිද වගේ අය දැන් කාලේ නම් බොහොම අඩුයි , අම්මා වරුන් කවදත් එලෙසමයි අඩු වැඩි වශයෙන් නමුත් මේ කතාවට නිසි වටිනාකමක් දුන්නේ අර බිරිදගේ ක්‍රියාව නිසයි කියලයි මට හිතුනේ . නැත්නම් මේ කතාව මිට වඩා දුකක් වෙන්න තිබුනා .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Nov 2017 06:08 AM
  •  Quote
  •  Reply

true

මේ කුඩා දරුවන් දෙදෙනාගේ ජීවිත අභාග්‍යය වන්නේ ඉතාම කුඩා වියේදීය. ඒ අභාග්‍යවත් බව ඔවුන් වෙත ගෙන ආවේ දෙමවුපියන් විසිනි. ඔවුන්ගේ දෙමවුපියන් දිනපතා දබර වූහ. ගෙදර අඬදබර දරුවන් දෙදෙනාට සුපුරුදු ඒවා විය. වැඩුමලා ගැහැණු දරුවෙක්‌ වූ අතර බාල දරුවා පිරිමි ළමයෙක්‌ විය.

එක්‌ දිනෙක මවුපිය දෙදෙනාගේ දබරය දරුණු විය. එදින පියා විසින් ආයුධයකින් මවට පහර දෙනු ලැබීය. ඒ පහරින් මව මරු මුවට පත් වූවාය. ඉන් අනතුරුව පියා අත්අඩංගුවට පත් විය. අනාත වූයේ දරු දෙදෙනා ය.

මවත් පියාත් දෙදෙනාම අහිමි වූ දරු දෙදෙනාට සිදුවූයේ කුමක්‌ද? ඔවුන්ගේ ඥතිහු ද දුප්පතුන් වූහ. ඔවුන් ඇති හැකි අය නොවූහ. නමුත් දුගී වුවද ඥතීහු දෙදෙනෙක්‌ දරුවන් දෙදෙනා බාර ගත්හ.

දරුවන්ගේ මාමා කෙනකු දියණිය භාර ගත්හ. ඔහු දියණියගේ මවගේ සහෝදරයෙකි. කුඩා පිරිමි දරුවා භාර ගත්තේ සිරගත වූ පියාගේ සහෝදරයෙකි. දරුවන් අනාථ නොවී මෙසේ වීම ගැන කවුරුත් සංතෝෂ වූහ.

දියණිය භාරගත් මාමා හොඳ මිනිසෙකු විය. ඔහුගේ යහපත් බව දියණිය කෙරෙහිද බලපෑවේය. දැරිය යමක්‌ වටහා ගැනීමේ සමත්කම් ඇති බුද්ධිමත් එකියක වූවාය. මාමා ඇය පාසල් යෑව්වාය. ඉගෙනුමෙහි සමත් එකියක වූ ඇය හොඳින් ඉගෙනුම කළාය. ඇයගේ පෙනුමෙහි ද වැදගත්කමක්‌ තිබුණි. මිනීමරා ගත් මවුපිය දෙදෙනකුගේ ගතිගුණ ඇය කෙරෙහි නොවීය.

පිරිමි දරුවා වැටුණු බාප්පා එතරම් හොඳ මිනිසෙකු නොවීය. ඔහු දරුවාගේ අධ්‍යාපනය ගැන සොයා බැලුවේ නැත. දරුවා පාසල් ගියේ ආවාට ගියාටය. පිරිමි දරුවා වැඩිකල් පාසල් ගියේ නැත. ඔහු ගමේ කඩපිල්වල රස්‌තියාදුවට වැටුණේය. බාප්පා ඔහුගේ හැසිරීම සොයා බැලුවේ නැත. ඔහු ගෙදර ආවේ ඉඳහිටය. දරුවා නරක මිතුරන්ගේ ඇසුරට වැටී තිබුණි.

ඔහුගේ සොයුරිය මල්ලීගේ පැවැත්ම දැන සිටියාය. එහෙත් ඇයට මල්ලි මුණගැසුණේ නැත. ඔහු යහමගට ගැනීමට ඇයට වුවමනා වී තිබුණි. නමුත් මල්ලි අක්‌කා මුණගැසෙන්නට ගියේ නැත. තරුණ විය ළඟාවත්ම මල්ලි සොරෙකු වී සිටියේය. ඔහු පළමුව කළේ ගමේ සුළු සුළු සොරකම් ය. පසු කලෙක ඔහු ලොකු කඩවලට රෑ කාලයන්හි කඩා වැදී ලොකුවට සොරකමෙහි යෙදුණේය. බාප්පා මේ වනවිට ඒ දරුවා අතහැර දමා තිබිණි.

සහෝදරිය තම සොහොයුරා මුණගැසී ඔහු හා කතා කරන්නට උත්සාහ කළාය. එහෙත් සහෝදරයා ඇය රිස්‌සුවේ නැත. අන්තිමේදී නරකින් දිවි ගෙවන්නාට විය යුත්ත සිදු විය. මහා පරිමාණ සොරකමකට හසු වූ සහෝදරයා රිමාන්ඩ් භාරයට පත්ව එතැනින් බන්ධනාගාර ගත විය. ඒ අවුරුදු ගණනාවකටය.

යුවතිය යහපත් ලෙස හැදුනාය. පෙනුමෙන්ද යහපත් කමින්ද යුතු යුවතියට හොඳ විවාහයක්‌ ද සිදුවිය. ඇයට ලැබුණු ස්‌වාමියා හොඳ කෙනකු විය. කුඩාවට ව්‍යාපාරයක්‌ පටන් ගත් ඔහු ටික කලකින් සරු සාර ව්‍යාපාරිකයෙක්‌ විය. ඒ සාර්ථකත්වයට ඔහුගේ බිරිඳගේ සහයෝගය ද බලපෑවේය. ස්‌වල්ප කාලයකින් මේ දෙපළ "හාඩ්වෙයාර්" එකක අයිතිකරුවන් වූහ.

මේ අතර සොරකමට සිරගත වූ සහෝදරයා වසර 3 ක්‌ බන්ධනාගාරගතව සිට නිදහස්‌ විය. ඔහුට යා හැකි තැනක්‌ නොවීය. ඔහුට යා යුතු එකම තැන වූයේ ගම මිස අන් තැනක්‌ නොවේ. ඔහු හිර ගෙදරින් ලැබුණු සුළු මුදලක්‌ ඇතුව ගමට ආයේය. ගමට ආවද ඔහුට යන්නට තැනකට තිබුණේ ටික කලක්‌ හෝ හැදුණු වැඩුණු බාප්පාගේ නිවසටය. එහෙත් මේ නොදැමුණු තරුණයා බාර ගන්නට බාප්පා කැමැති නොවීය.

තම සහෝදරයා කඩපිල්වල තැනින් තැන වැටී නිදන බැව් සහෝදරියට ආරංචි විය. ලය උණු වී ගිය ඇය සහෝදරයා තමා වෙත කැඳවීය.

"අද ඉඳල හොඳ මිනිහෙක්‌ වෙයං. මේ හාඩ්වෙයාර් එකේ වැඩ කරප." සහෝදරයා එතැන් සිට හාඩ්වෙයාර් එකේ වැඩපළ කළේය. ඔහුට සහෝදරියගෙන් කෑම බීම ලැබිණි. හාඩ්වෙයාර් එක තුළම නිදන්නට පහසුකම් ද ලැබිණි.

මෙසේ ඔහු වැඩිකලක්‌ ජීවත් වූයේ නැත. මේ ජීවිතයේ කිසි ප්‍රියතාවක්‌ නැතැයි ඔහුට සිතිණි. දිනක්‌ එක්‌ රාත්‍රියක ඔහු යහළු සොරෙක්‌ කැඳවූයේය. හාඩ්වෙයාර් එකේ තිබුණ වටිනා භාණ්‌ඩ රැසක්‌ ත්‍රීවීලරයක පටවා ගත් මේ සහෝදරයා සොර මිතුරා සමග පලා ගියේය.

සහෝදරිය සහෝදරයාට විරුද්ධව පොලිසියට පැමිණිලි කළේ නැත. ඉන්පසු ඔහු දක්‌නට ලැබුණේ නැත. වෙනත් සොරකමකට අසුවූ ඔහු යළිත් බන්ධනාගාරගතව සිටියේය. බන්ධනාගාරයකදී තවමත් සිරදඬුවම් විඳින පියා හමු විය.

"උඹ කොහොමද හිරේට වැටුණේ"

"හොරකමකට"

"මගේ වැරැද්ද පුතා..... මගේ වැරැද්ද....." පියා පිළිතුරු දුන්නේය.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 Nov 2017 06:10 PM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් පුවතක්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Nov 2017 10:54 PM
  •  Quote
  •  Reply
අර ජාතක කථාවක් තියෙන්නේ ගිරා පෝතකයන් දෙදෙනෙකු ගැන .. අන්න ඒ වගේ සිදුවීමක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
04 Nov 2017 12:55 AM
  •  Quote
  •  Reply
සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය.
සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය.
සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.

සබ්හි සූත්‍රය
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
11 Nov 2017 02:11 PM
  •  Quote
  •  Reply

පුංචි සරුංගලේ කතා වස්තුව


එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. 

මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. 

ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. 

පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. 

තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ. 

ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. 

දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. 

ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. 

මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. 

ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. 

පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. 

මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. 

එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. 

සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ 

ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....

කතාව මතු සම්බන්ධයි............

 

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන් )

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
11 Nov 2017 09:50 PM
  •  Quote
  •  Reply
සරුංගලේ ගැන කියවෙන ලස්සන කතාවක්....
එහෙනම් ඉතිං සරුංගලේට හුළං එන තැන් නම් වෙල් යායක,පිට්ටනියක,බීච් පැත්තේ ඉතිං
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Nov 2017 10:32 PM
  •  Quote
  •  Reply

''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''
ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..
''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..''
අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි....
''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''
''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම
ඔහුගේ හිස පහල වැටුණු අතර
පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය..
''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ
සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?
අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?
මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..
මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ
අම්මගේ හැසිරීම හරිම අපුරුයි..
තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..''
රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර
ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින්
සමිතගේ සෙරෙප්පුව මත
කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි..
එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග
ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි...
විවේක කාලය එලබිණ ...
වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන
අදාළ ගුරුතුමාගේ දරුවාට,
විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට,
කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ...
සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම,
අපනශලාවේ දොරලග තවත් දරුවෙකු
පොතක්ද තුරුල්කරගෙන
සිටිනබව ගුරුතුමාට පෙනින...
''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...''
''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?''
''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?"
පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්,
එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන
එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය...
සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ
බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය.....
''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය..
''සර්..මේ ඉන්නේ මගේ අම්මා...
මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ...
බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ
මගේ තාත්තා...
මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න
පොටෝ එකකට තියෙන්නේ...
ඊලග සතියේ තාත්තා යුධ්දෙදී
වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා...
අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු
කියලා අම්මා උදෙන්ම ඒකට ගියා..
ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ..
මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය...
මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි
යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින..
සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය..
ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද,
සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය..
''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න
ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''
''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට,
සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...''
නිමි...
------------------
මැයි 18 දා ඇසුණු කථාවක් ....
අන් දරුවන්ගේ පියවරු රකින්න,
තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...
එමෙන්ම අහිමි වූ පිතෘත්වය හමුවේ සවියක් වූ මතෘත්වයටද උපහාරයක්ම වේවා
Real hero in my life
තාත්තා ❤️

උපුටා ගැනීමක්

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Nov 2017 12:34 AM
  •  Quote
  •  Reply
රණවිරුවෝ ගැන දැන් කාටද මතක.

අනෙක ඔය යුද්ධ කාලේ ඇත්තටම බය නැතිව යුද්ධෙට ගිය කොල්ලෝ තමයි නියම වීරවරු.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Dec 2017 07:52 AM
  •  Quote
  •  Reply
මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න
පොටෝ එකකට තියෙන්නේ...
ඊලග සතියේ තාත්තා යුධ්දෙදී
වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා...

ගොඩක් දුක හිතෙන අවස්ථාවක්..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Dec 2017 04:58 PM
  •  Quote
  •  Reply
රණවිරුවන් තමයි විරුවන්..ඔවුන් නැත්තන් රටක් නැහැ එහෙනම්....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Dec 2017 08:28 PM
  •  Quote
  •  Reply
අනිවා. එදා යුධ වැදුණු රණවිරුන් වෙනුවෙන් යමක් කල හැකි නම් ඒ දේ අද කිරීම ඔවුන් වෙනුවෙන් අපට කල හැකි ලොකුම යුතුකමයි. මොකද අපි ගෙදර ටීවී එකෙන් යුද්ද කරපු යුද්ධ බලපු අයනේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Sep 2018 05:28 AM
  •  Quote
  •  Reply

සමාවෙන්න රත්තරනේ...
💙

මට උඹේ ඔය අහින්සක ඇස් දෙක
මුලින්ම මුණ ගැහෙන්නෙ උඹේ ගෙදර...
අපි දෙන්නගෙම ගෙදර අය ඉස්සරහ..
මට තාම මතකයි එදා උඹ ලා රෝස පාට ඔසරියක් ඇඳලා මගේ ඉස්සරහට ආපු හැටි..
රෝස මලක් වගේ...
නෑ....හරියට පුංචි සුරංගනාවියක් වගේ..
ගෙදර අයගේ බල කිරීමට උඹව බලන්න උඹලගේ ගෙදර ආවට මගේ හිත පුරාම හිටියෙ ශෙවී විතරයි..
උඹ අහින්සක විදියට බිම බලාගෙන බුලත් හෙප්පුවකුත් අරන් අහින්සක විදියට මගේ ඉස්සරහට එන විදිය බලලා මං හිත යටින් උඹට හිනාවුනේ සමච්චලේට..
මේ මොන ගොන් ගහක්ද කියලා මට එදා හිතුනෙ උඹේ ඒ තිබුන අහින්සක රූපේ නිසා වෙන්න ඇති...

මොකක්ද නම...??

ව....ව..න්දනා....

හ්ම්ම්...වන්ද...නා....වන්දනා ජොබ් එකක් කරනවද??

ඔ..ඔව්..RDO එකේ...අකවුන්ට්ස් ඩිවිශන් එකේ...

හ්ම්ම්..මොකද බය වෙලා වගේ...මාව යකෙක් වගේ පේනවද ඔයාට...

අනේ.. නැ...හ්...එහෙම දෙයක් නෑ..
හ්ම්ම්..එහෙනම් කමක් නෑ...

මට තවම මතකයි උඹත් එක්ක කතා කරපු පලවෙනි වචන ටික..උඹ හරියට පුංචි දරුවෙක් ඉස්කෝලෙ ගිය පලවෙනි දවසෙ වගේ අහින්සක හුරතල් විදියට උත්තර දුන්නා..
පව් රත්තරනෙ උඹ...
නොදැනුනා වගේ හිටියට..
මහා ගොඩා...ක් අහින්සකයි උඹ...
උඹ දැකපු පලවෙනි තප්පරේම මගේ හිතට දැනුනා එහෙම..
දින සති ගෙවිලා පුංචි වෙඩින් එකක් අරගෙන උඹ මගේ ගෙදරට එක්කන් ආවෙ අපේ අම්මලත් උඹට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා..
කසාද බැන්දට මොකෝ අපි හරියට කතා කරලාවත් නැති තරම්..
උඹව මේ හිරගෙට අරන් ආවා විතරයි..
මං පටන් ගත්තා උඹෙන් පලිගන්න..
උඹ නිසා මට නැතිවුන මගේ ආදරේ වෙනුවෙන් කිසිම දෙයක් දන් නැති උඹෙන් පලි ගන්න..
වටේම කරුවල වෙලා කරන්ට් ගියේ උඹ මෙහේ ආපු පලවෙනි දවසෙම රෑ..
හුරු පුරුදු නැති නිසා වෙන්න ඇති උඹ දෙපාරක් හිතන් නැතුවම මාව බදාගත්තෙ..

මේ...මොකද මේ..??
මොන විකාරයක්ද??

මං අහද්දි උඹ ගොත ගැහුනා..

අ...න්නෙහ්.... බය..යි.. කරුවලයිනෙ....

උඹ මාව බදාගෙනම උත්තර දුන්නෙ හා පැටියෙක් වගේ..

බයයි...ඇයි...ඇයි මෙහේ යක්කු ඉන්නවා කියලා හිතුවද??
විකාර නැතුව ඉන්නවා හලෝ..
මොන්ටිසෝරි යන ළමයෙක් වගේ රඟන් නැතුව..

මං හිත් පිත් නැති ගානට උඹව තල්ලු කරලා දැම්මෙ පලවෙනි වතාවට උඹව රිදවලා ලබන මහා ලොකු සතුටත් හිතින් හොඳටම විඳගෙන..
උඹේ පපුව පිච්චිලා යන්න ඇති..
ඒත් මුකුත්ම නොකිය උඹ පැත්තකට උනා..
ජැන්ඩියට ඇදගෙන ෆර්ෆියුම් නාගෙන මං ශෙවීව බලන්න යන්න එලියට බැස්සෙ උඹට යන්නෙ කොහේද කියලාවත් කියන් නැතුව..

අයියෙ ඔයා කොහේ හරි යන්නද..
ඔව්...ඇයි අහන්නෙ???

න්..නෑ...ගොඩක් රෑ වෙලානෙ දැන්...ඒ..

ඕ...රෑ වෙලා..ඉතින්...ඉතින් මං මොකක්ද කරන්න ඕනෙ දැන්...

නුපුරුදු නොදන්න තැනක මහ රෑ උඹව තනිකරලා යන්න හදද්දි උඹට මහා ලොකු අසරණකමක් දැනෙන්න ඇති මගෙ වස්තුවෙ..ඒකයි එදා උඹ මගෙන් එහෙම අහන්න ඇත්තෙ..
ඒත් ඒක තේරුම් ගන්න තරම් මගේ හිතේ මනුස්සකමක් ඉතිරිවෙලා තිබුන් නෑ.

තමුසෙ ලේලී වුනේ මේ ගෙදරට විතරයි..
මං යන්නෙ කොහේද නැද්ද කියලා තීරණය කරන්නෙ මං..
ඒවා අහ අහ මට වද දෙන්න එපා...
ප්ලීස්..මට පාඩුවෙ ඉන්න දෙනවා..

මං සද්දෙ දාලා කෑ ගහලා උඹේ ඔය අහින්සක මූණට දබරැඟිල්ල දික් කරලා කියද්දි උඹ බිම බලාගෙන පැත්තකට වුනා..
මං එදා මහ ලොකු වීරයෙක් වගේ බැනලා උඹට රිද්දවලා ගෙදරින් එලියට ගියේ ශෙවීව හොයාගෙන..ශෙවී එක්ක ක්ලබ් ගිහින් විකාර නටලා රෑ 3ට විතර ගෙදර එද්දි උඹට පුටුවක් උඩම නින්ද ගිහින්..
පවු...මං එනකම් බලන් ඉඳලා එතනම නින්ද ගිහින් තිබුනා ඔයාට..

ඇයි...
ගෙදරදි නිදාගත්තෙත් පුටු උඩද??

මං උඹ දිහා බලලා කෑ ගහලා අහද්දි උඹ එක පාරට ගැස්සිලා නැගිට්ටා...

න්...නෑ...අයියෙ...මං අයියා එනකල් හිටියෙ...

අයියා...කවුද අයියා..එතකොට තමුසෙ මගේ නංගිද??

මං සමච්චලේට වගේ අහද්දි උඹ ආපහු මුකුත් නොකියා කර බා ගත්තා..

දෙයියනේ...මේ මොන වෛරයක් පිරිමහගන්න හදනවද??

එදා උඹ එහෙම හිතන්න ඇති...
ඒ විදියට මේ වහල යට උඹ පටන් ගනිපු ජීවිතේ කවදාවත් උඹ හීනෙන්වත් නොහිතපු එකක් වෙන්න ඇති රත්තරනෙ..
කිසිම කම්මැලිකමක් නැතුව උඹ උදේ පාන්දරම ඇහැරිලා ඔෆිස් අරන් යන්න මගේ කෑම එක හදන්නෙ හරි ආසාවෙන්..
මං ඇහැරෙද්දි උඹ ඔක්කොම වැඩ ඉවර කරලා..
මගේ රෙදි අයන් කරලා..
කෑම එකක් හදලා..
තේ එකත් හදාගෙන ඇඳ ළඟට එන්නෙ මං ඇහැරෙන වෙලාව හරියටම දන්නවා වගේ..
ඒත් දවසක් වත් මං උඹට ආදරෙන් කතා කලේ නෑ..

මොකක්ද මේක තේ එකක්ද??
තේ එකක්වත් හදන්න දන්නැද්ද??

වන්දනා...බලනවා...බලනවා මේ ටයි එක ගැලපෙනවද මේ ෂර්ට් එකට අහ්හ්..

මේ....මේ ෂර්ට් එක අයන් කරලද??
මෙහෙමද ෂර්ට් එකක් අයන් කරන්නෙ..

උදේ පාන්දරම එනවා තේ එකකුත් දික් කරගෙන මෙතන...
දවසම මූසල කරන්න මගේ...ෂිට්..ට්හ්...

මං ශෙවී එක්ක පුලුවන් තරම් ලයිෆ් එක එන්ජෝයි කරන උඹට පුලුවන් තරම් රිද්දුවා..
උඹව එහෙම මහ හුඟක් රිද්දලා මං සතුටු වුන තරම් උඹ දන්නෙවත් නැතුව ඇති..
දවසින් දවස ගෙවිලා යද්දි මං ශෙවීට ආදරේ කරන තරමටත් වඩා උඹ මට ආදරේ කරන්න පටන් අරන් තිබුනා...
දවසක් මං ගෙදර එද්දි උඹට හොඳටම උණ අරන්..
අම්මා හදලා දීපු සමහන් කෝප්පෙත් බීලා ඇඳ කොනකට ගුලිවෙලා..උඹ
උණ විකාරෙන් කියවනවා...

මහත්තයෝ...කියන්...න...මගේ නේද??
දනුෂ ගනේ...ආරච්චි මගේ විතරයි නේද..
කියන්..න...
මගේ විතරයි කි...යලා...
ශෙවීගෙ නෙමෙයි...
ඔයා....ඔයා මගේ...
කාටවත් දෙන්න බෑ..
මගේ...මගේ විතරයි...
මගේ නේද??
කියන්නකො..
ආ.....පෝ... බෑ අම්මෙ..
දවස් තුනකට නම් එන්න බෑ..
මගේ මහත්තයා තනියම..
නෑ...නෑ...ශෙවීගෙ නෙමෙයි..
එයා ම...ගෙ...
මගේ විතරයි..

උඹ ඇස් පියාගෙන උණ විකාරෙන් කියවපු හැම වචනෙකම හිටියෙ මං..
මහා ලොකු ආදරයක් උඹෙ පපූව අස්සෙ මං වෙනුවෙන් හිරකරන් උඹ තනියම දුක් වින්දා..
මට ගානක්වත් තිබුන් නෑ උඹ ගැන..
ජූනි දෙවනිදා අපේ ටෙන්ඩර් එක නූලෙන් මිස් වුනා කියලා බිනාර කෝල් කරලා කිවුවෙ උදේ පාන්දර..
මං ඒ අප්සෙට් එකෙන් ඇඳෙන් නැගිට්ටෙම කෙලින්ම තාත්තිගෙ ඔෆිස් එකට යන්න ඕන කියලා හිතාගෙන..
මුකුත්ම දන් නැති උඹ වෙනදා වගේම තේ එකත් අරගෙන මගේ ඉස්සරහට ආවේ ඔය හීන් ඇස් පියවෙන තරමට හිනාවෙන ගමන්..

හැමදාම කියනවා රෙද්ද..
උදේ පාන්දර දවසම කාලකණ්නි කරන්න එන්න එපා කියලා ඉස්සරහට..
සින්හල තේරෙන් නැද්ද තමුසෙට..

මං කෑ ගහලා උඹට බැන්නෙ හිතේ තිබුන අවුලත් පිට කරගන්න හිතාගෙන..

අ...අනේ ඇයි මහත්තයො..
හැමදේටම රණ්ඩු වෙන්නම හදන්නෙ..
මාත් මනූස්සයෙක්...ඔයා...මො..

උඹ කවදාවත්ම නැතුව උඹේ දුක කියන්න කට ඇරපු පලවෙනි දවස..ඒත් එදා මං උඹට ඊට වඩා වචනයක්වත් කතා කරන්න දුන් නෑ..තාම මතකයි එදා මං උඹේ කම්මුලක් රතුවෙන්න ගහපු පාරට උඹ විසිවෙලා ගියපු හැටි..

උඹේ ඇස් වලින් ධාරාණිපාත වැස්සක් වගේ කදුලූ වැටෙද්දි මං මහා වීරකමක් කලා වගේ දැනුනෙ..
එදා ඉදන් කවදාවත් උඹ උදේ පාන්දර මගේ ඉස්සරහට ආවේ නෑ..
උදේම නැගිටලා වැඩ පල ටික ඉවර කරලා කොහේට හරි පැත්තකට වෙනවා මං වැඩට යනකන්..

ඒ එහෙම කලෙත් උඹ උඹට වඩා මං උඹ මූසලයි කියලා කියපු කතාව විශ්වාස කරපු නිසා වෙන්න ඇති..
මට හොඳක් වෙනවා නම් උඹට මොන දේ වුනත් කමක් නෑ කියලා හැමදාම වගේ උඹ එදත් හිතන්න ඇති මගේ සුදු නොනේ..
මං උඹව සතුටින් තිබ්බෙ නෑ..
මං උඹට දවසක්වත් ආදරෙන් කතා කලේ නෑ රත්තරනෙ..
ඒත් උඹ....
උඹේ ජීවිතෙට එක පාරටම ආපූ මට අහසකට තරම් ආදරේ කලා..
මට මැවිලා පේනවා මං මගේ ආසාවන් ඉෂ්ට කරගන්නකන් විතරක් උඹව මගේ ළඟට ගනිද්දි උඹ හරි ආදරෙන් මට තුරුලු වෙන හැටි..
උඹේ මහත්තයා විදියට මං කලානම් කලේ රෑ ඇඳේදි උඹගෙන් සැනසුන එක විතරයි..ඒත් උඹ කවදාවත් මුකුත් කිව්වෙ නෑ..මගේ අයිතිය මට දුන්නා..
කිසිම ලෝබකමක් නැතුව හරිම ආදරෙන්..
ඇත්තමයි නොකිව්වට උඹ ළඟ මහා ලොකු සෙනෙහසක් උණුසුමක් මට දැනුනා මගේ රත්තරනේ..
ඒක කවදාවත් ශෙවීගෙන් ලැබිලා නෑ මට..
ඒත් මට බැරිවුනා උඹට ආදරේ කරන්න..
දවසක් මං ගෙදර එද්දි උඹ මහා සතුටකින් ඇස් පුරවන් මං එනකල් පාර බලන් ඉන්නවා..
අනේ තවම මතකයි වස්තුවේ සතුටු කදුලු උඹේ ඔය ඇස්වල පිරිලා තිබුනා..
පුංචි හීන් ඇස්වලින් හිනාවෙන ගමන් කවදාවත් නැතිව මගේ ඇඟේ දැවටි දැවටි මගේ පස්සෙන් උඹ එද්දි මං ඔරවලා උඹ දිහා බලලා ඇයි කියලා අහපු හැටි...

මොකද මෙහ්???...මොන්ගල්ද??..මගේ පස්සෙන් ඇවිදින්නෙ??අ...හ්හ්...

මං සැර කරලා සද්දෙන් අහද්දි..
මතකද සුදුනෝනෙ උඹ ඒත් හිනාවුනා...

මොකද හලෝ..
විරිත්තගෙන මගේ පස්සෙන් ඇවිදින්නෙ..

න්...නැ..හ්...මහත්තයට කියන්න දෙය..ක් තියෙනවා..

කියනවා...ඉතින්...මං අහගෙන ඉන්නෙ..

ආ....ඒ..ක එහෙම කියන්න බෑ..

උඹ හුරතල් වෙවී මගේ ඇඟේ එල්ලෙන ගමන් කියද්දි මං උඹව මගෙන් අයින් කිසිම හිතක් පපුවක් නැති ගානට..

එහෙම කියන්න බැරිනම් නිකන් ඉන්නවා..
මල විකාර නැතුව..

අනේ...අහන්නකෝ...මොකක්ද කියලා..

හ්ම්ම්..හ්ම් මොකක්ද කියනවකො ඔය මඟුල..??

මං අම්මියෙක් වෙන්නයි යන්නෙ මහත්තයො..ඔයා තාත්තියෙක්...

අහ්හ්...ඇත්තද??
DNA test එකක් කරන්න වෙයි එහෙනම්..කවුද දන්නෙ තාත්තා කවුද කියලා..
කාගේ කුණු ගොඩක්ද දන් නැහ්නෙ..

අනේ මොනවද මහත්තයෝ ඔයා කියවන්නෙ..
පවු සිද්ධ වෙයි ඔයාට..
මං ඔයාගෙ වයිෆ්..
ඔයාගෙ විතරයි..
ඒ තරම් පවු කාර වැඩ කරලා නෑ මං..
මොනවද මේ කියවන්නෙ??
සැකයි නම් ඕන test එකක් කරලා බලමු..වදින්නම් මහත්තයො.. මට කොහොම කලත් කමක් නෑ ඒත් මේ දරුවට එහෙම කරන්න එපා..

උඹ එදා පිස්සුවෙන් වගේ කියව කියව ඇඬුවා..

හරි හරි..දැන් නවත්ත ගන්නවා ඔය අඬවැඩියාව..
මං ළමයව බාරගන්න බෑ කිව්වෙ නෑනේ..

මං මොන ගින්දරක් දුන්නෙත් ඒ හැමදේම උඹ තනියම විඳ ගත්තා..
අපේ පැටියා උඹේ බඩට ආපු දවසේ ඉඳන් උඹ මහා ලොකු සතුටකින් හිටියෙ.. හිතාගන්නත් බැරි තරමට..
උඹ හිතන්න ඇති...අනේ මං තනිවෙලා හිටපු කාලේ ඉවරයි නේද කියලා..
චුටී බන්ඩියට අත තියන් තනියම හීනාවෙවී උඹ කියව කියව දවස ගෙවද්දි මට එහෙම හිතුනා..
ඉදිමිච්ච කකුල් දෙක තිය තියා හෙමි හෙමීට හරි පරිස්සමට උඹ එහෙ මෙහෙ ඇවිද්දේ හරියට රෝස පාට බෝලයක් වගේ..
මූලු ගෙදරම සිරියාවෙන් පිරිලා..
මං ශෙවී එක්ක කාර් එකේ රවුම් ගහද්දි උඹ සෙනඟ පිරිච්චි බස් එකේ තනියම ක්ලිනික් ගියා..
ඒත් උඹ එක දවසක්වත් මං දිහා තරහින් බැලුවෙ නෑ..
ක්ලිනික් යන්න කලින් දවසට උඹ ඇවිත් හරි අහින්සක විදියට මගෙන් සල්ලි ඉල්ලපු හැටි මතක් වෙද්දි දැන් මඟේ පපුව පැලෙන්න වගේ සුදුනෝනා..

මහ..ත්තයා...

ඇයි...

හෙ..ට 24 වෙනිදා...

ඉති..න්..

හෙට ක්ලිනි..ක්..

හ්ම්ම් ගිහින් එනවා ඉතින්..

හා...මහත්තයො....ස..ල්..ලි කීයක් හරි..

ඒ මොකටද??

බස් එකේ යන්..න...

හ්ම්ම්..කීයක්ද??

රුපියල් 200ක් ඇති...

මහමෝදරට ගිහින් එන්න රුපියල් 100නේ යන්නෙ..200ක් මොකද?? තමුසෙට කොන්දා ඩබල් කරලා ගන්නවාද??

ශෙවී වෙනුවෙන් දවසකට දහස් ගණන් වියදම් කරන මං සමච්චලේට වගේ උඹෙන් අහද්දි උඹ ගල් ගැහුනෙ හරියට මහා ලොකු වරදක් කලා වගේ..
උඹටත් ආස හිතෙන්න ඇති කඩචෝරු මොනවා හරි කන්න..
උඹටත් ආස හිතෙන්න ඇති රට කජු ගොට්ටක් අරගෙන ඇටින් ඇටේ හප හපා රස බලන්න..
උඹේ මහත්තයා උනා කියලා දවසකටවත් මට උඹ කන්න කැමති දෙයක් ගැන අහන්න බැරි වුනා..
ඒත් උඹ දවසකටවත් වෛර කලේ නෑ මට..
මං මහ රෑ ඇවිත් තලපතා වගේ ඇඳට වැටුනම උඹ ඇවිත් හරි පරිස්සමට ශීට් එක පොරවනවා මට..
හැමදාම නිදි වගේ බොරුවට ඉන්න මට හොඳටම දැනෙනවා ඒක..

තාත්ති දොයි පුතේ..

පවු... ඔෆිස් එකේ වැඩ කරලා තාත්තිට මහන්සි ඇති..

තාත්තිට පාලු ඇති නේද ගෙදර ආවම..
ඔයා ඉක්මණට එන්න පුතේ..

ඊට පස්සෙ තාත්තිටත් පාලු නෑ..
අම්මිටත් පාලු නෑ..
මගේ දෝණී තාත්තිවයි අම්මිවයි දෙන්නම බලා ගන්නවා නේද..

ඔයාවත් තාත්තිට කියනවා නේද අම්මි තාත්තිට ගොඩක් ආදරෙයි කියලා..
ඔවු අම්මි ඔයාටත් ආදරෙයි...
තාත්තිටත් ආදරෙයි..

ඔයාලා දෙන්නම මගේනෙ..
මට ඉන්නෙ ඔයාලා දෙන්නා විතරයි නෙ..

උඹ ඔය පුංචි බණ්ඩියට අත තියන් හුරතල් වෙවී කියවනවා දවසක් මං අහගෙන..

මහත්තයා...ඩොක්ටර් කිවුවා මහත්තයට එක්කගෙන කියලා..

ඒ මොකටද??

දන්..නැහ්...

දවසක් උඹ මගේ ළඟට ඇවිත් කියද්දි ඔය ඇස් වල මහා ලොකු බයක් තිබුනේ..

හ්ම්ම්...කවදද??මං එන්නම්..

කවදාවත් නැතුව මගේ පපුව එදා පිච්චිලා යනවා වගේ දැනුනා..
ඒ උඹ ගැන මට දුක හිතුන පලවෙනි දවස..
කෝම වුනත් උඹත් අම්මා කෙනෙක් නේද කියලා හිතුනා එදා මට..
ඒත් ඊට පස්සෙ මට ඒකත් එහෙමම අමතක වෙලා ගියා..
පවු දෙයියනේ..
තිබුන ගවුම් දෙක මාරුවෙන් මාරුවට ඇඳගෙන උඹ ක්ලින්ක් ගිය හැටි..
පුදුමයි රත්තරනේ...
උඹ වගේ කෙල්ලෙක්..
නෑ...
තව කොහේවත් නෑ..
දවසක් ඔෆිස් එකේ ඉද්දි දන් නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා මට..
හෙලෝව්...

හෙලෝ...ව් මහත්තයා මං...

ඒ උඹේ කටහඬ..
අහින්සක උඹේ වෙව්ලන කටහඬ අඳුරගන්න මට මහ ගොඩක් වෙලා ගියේ නෑ..

ඕ...වන්දනා...ඇයි..??

මහ..ත්තයා...දෝණි අද ටිකක් දඟලනවා..
ඒ හින්ද මං අම්මා එක්ක හොස්පිටල් ආවා..
මාව ලේබර් රූම් ගන්නවා කියලා මිස් කෙනෙක් කිව්වා තව ටිකකින්..
මේ අක්ක කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ල ගත්තෙ..
ඔයා එනව නේද?? දෝණිවයි මාවයි අරං යන්න..

උඹ බයවෙලා හිටියේ..
උඹ ගොත ගගහ කියපු හැම වචනයකම මහා ලොකු බයක් තිබුනා..
මහත්තයා ළඟම ඉන්න ඕන වෙලාවේ උඹ මගෙන් ආදරේ හෙව්වෙ හිඟන්නියක් වගේ..

හා....හරි....මං එනවා....
බය වෙන්න එපා...
රිලැක්ස් වෙන්න වන්දනා...

මගේ පිරිමි හිත මොකක්දෝ හේතුවක් නිසා ආදරෙන් පිරිලා ගිහින් වගේ දැනුනා මට ඒ වෙලාවෙ..
අනේ උඹ මගේ නෝනා නේද කියලා හිතුනා මට ඒ වෙලාවේ..
මං කලබලේට ඔෆිස් එකෙන් එලියට බැහැලා පුලුවන් තරම් ඉක්මණට මහ මෝදර හොස්පිට්ල් එකට ආවේ උඹව දකින කල් ඉස්පාසුවක් නැතුව..
පැය 4කට පස්සෙ මං හොස්පිට්ල් එකට ඇවිත් කෙලින්ම ආවේ හතරේ කාමරේට..
පුටුවකට බරවෙලා මං බිම බලාගෙන ඉවසිල්ලක් නැතුව බලන් ඉද්දි මිස් කෙනෙක් ඇවිත් මට තට්ටු කරපු පාරට මං ගැස්සිලා බැලුවෙ මාත් උඹ තරමට බය වෙලා හිටපු නිසා..

මිස්ටර් දනුෂ ගනේආරච්චි..

ඔ....ඔවු මිස්...අයිම් ද...දනූෂ...

කන්ගරැජුලේෂන්ස් මිස්ටර්...ඔයාට සුරංගනාවියක් ලැබුනා...

ඒක ඇහුනට පස්සේ සත්තයි රත්තරනේ මං මහ හුඟක් සතුටු වුනා...
ජීවිතේ මට ලැබුන වටිනම දේ එදා ලැබුනේ..
ඔව්...මිසී කිවුවා හරි...
මගේ දෝණි රෝස පාට පුංචි රෝස මලක් වගේ...
රෝස පාට උඹම මහපු පුංචි ඇදුමකුත් ඇඳන් සැපට නිදි...
අනේ මගේ පපුව මගේ දෝණි වෙනුවෙන් ආදරෙන් පිරිලා ගියේ තප්පරේට දෙකට වගේ...
ඒත් කෝ උඹ...
මට මේ තරම් වටින වස්තුවක් ගෙනත් දීපු උඹ..
බැරිම තැන මං ළඟ හිටපු නර්ස් කෙනෙක් ළඟට ගියා උඹව හොයාගෙන..
මිස්...මගේ වයිෆ්??
මං එහෙම අහද්දිම ඒ මිසීගෙ මූණ වෙනස් වෙලා ගියේ හරියට මට අනුකම්පා කරන්න වගේ..
සොරි මිස්ටර්...අපිට ඔයාගෙ වයිෆ්ව බේරගන්න බැරිවුනා..
අපි අපිට පුලුවන් උපරිම උත්සාහ කලා..මේක මිස්ටර් දනූෂට දුන්නා..
මට ඇහුනේ ඒ වචන ටික විතරයි..
පපුව පුපුරන්න වගේ දැනුනෙ මට..
අනේ බෑ රත්තරනේ...
උඹට එහෙම කරන්න බෑ මට..
මට ඒ තරම් ලොකු දඩුවමක් දෙන්න බෑ..
මං පිස්සුවෙන් වගේ වාට්ටුව පුරා දුව දුව උඹව හෙව්වෙ නර්ස් කියපු දේ මට විශ්වාස කරන්න බැරි වුන නිසා..
පොඩි වෙලා ගියපු කොල කෑල්ලක උඹේ මුතු කැට අකුරෙන් ලියලා තිබුන ලියුම කියවද්දී තවමත් මගේ ඇස් කඳුළු වලින් පිරෙනවා වස්තුවෙ..
මට බයයි මහත්තයා..
ක්ලිනික් යන හැම දවසකම ඩොක්ටර් මං දිහා බලන්නෙ අනුකම්පාවෙන් වගේ..
ඔයාව එක්ක එන්න කිවුවෙත් නිකන් නෙමෙයි කියලා බය හිතෙනවා මට..
අපේ දෝණිට කරදරයක් නැතුව ඇති නේද මහත්තයා..
මං ඩොක්ටර්ට කලින්ම කියනවා මට මොනවා වුනත් කමක් නෑ ඔයාගෙ දෝණිව බේරලා දෙන්න කියලා..
මං ආපහු ඒවිද නැද්ද දන් නෑ..
ඒකයි මෙහෙම ලිව්වේ..
මට මොනව හරි වුනොත් දෝණිව ඇහැක් වගේ බලාගන්න..
ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම..
වන්දනා ..
ඒ උඹේ වචන මට දැන් පාඩම් වෙලා..
උඹේ පුංචි දෝණිත් හරියට උඹ වගේමයි රත්තරනෙ..
උඹේ සුවඳ දෝණි ළඟ පිරිලා..
මට ශෙවී එපා..
එයා මගේ ජීවිතේ එක ආදරයක් විතරයි..
ඒත් උඹ...
නොදැනුවත්වම උඹ මගේ ආත්මේ වෙලා
..
මගේ වස්තුවේ...
එකම එක පාරක් මේ හිතක් පපුවක් තිබුන් නැති මනුස්සයට සමාව දියන්..
දැන් ඇති රිද්දුවා...
එක පාරක් මට සමාවෙයන්..
දන්නවද උඹ...??
දෝණිට අදට මාස හතයි...
තව ටික දවසකින් එයත් අහයි මගෙන්..
කෝ මගේ අම්මි කියලා..
මං මොනවද කියන්නෙ..
මං උඹව මරාගත්තා කියලා කොහොමද මං එයාට කියන්නෙ..
මට බෑ...
මට බෑ පවුකාරයෙක් වෙන්න..
අනේ රත්තරනේ අපි ළඟට වරෙන්..
මං පන වගේ බලා ගන්නම් උඹව..
එකම එක පාරක් මට සමාව දියන්..
මං ආදරෙයි උඹට..
වචන කරන්න බැරි තරම්...

නිමි...

ආදරේ හරි පුදුමයි...
සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ..
මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති..
ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි..
ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා..

(උපුටා ගැනීම)......

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
14 Sep 2018 05:43 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක් ගෙනල්ලා තියෙන්නේ සමන්ත අයියා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Sep 2018 09:03 AM
  •  Quote
  •  Reply
මට නම් ඇත්තටම කඳුලුත් ආව, අපෝ මෙයා වගේ කොල්ලෙක් නම් හතුරෙකුට වත් ලැබෙන්න එපා
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 Sep 2018 09:40 AM
  •  Quote
  •  Reply
අනේ පව්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Sep 2018 09:54 AM
  •  Quote
  •  Reply
එක හුස්මට කියවගෙන ගියා.. හදවත නතර වගේ වුනා දැනුනා..
මේ යකා ඒ කෙල්ලට කොතරම් දුකක් දීලද.. ඒත් එයාටත් ජීවිත කාලයම ඒක විදවන්න වේවි....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 Sep 2018 10:41 AM
  •  Quote
  •  Reply
ආදරේ හරි පුදුමයි...
සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ..
මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති..
ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි..
ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා..
මෙහෙම අය ඕන තරම් මේ ලෝකේ ඉන්නව. අපි අහල දැකල තියෙනව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Sep 2018 11:33 AM
  •  Quote
  •  Reply
මේක ගොඩක් හිතට වැදුනු නිසා ආයෙත් වතාවක් කියවූවා...
ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ තමන් සතුව තියෙන දේවල්වල අගය දැනෙන්නේ නෑ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2018 03:35 PM
  •  Quote
  •  Reply
මම කොහෙන්ද කියෙව්වෙ කියල මතක නෑ.
මෙවැනි මිනිසුන් ඇති. නමුත් රචකයා ගොඩක් හිතට දැනෙන්න ලියල තියෙනවා.
මැවිල පෙනෙන තරමට
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Sep 2018 05:33 AM
  •  Quote
  •  Reply
ආදරේ හරි පුදුමයි...
සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ..
මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති..
ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි..
ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
25 Sep 2018 11:43 AM
  •  Quote
  •  Reply
මේක ලිව්වෙ කව්ද බොලව්... හරිම සංවේදී ..ඇස් දෙකත් රතු උනා
ස්තූතියි සමන්ත අයියේ මේක දැම්මට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Oct 2018 06:35 AM
  •  Quote
  •  Reply

ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා.

ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා.

සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා.

"ඇයි ඔයා අඩන්නෙ"

පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා.

කදුලු අතරින් ඇය මෙසේ කීවා.

" ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න"

"මගේ බලාපොරොත්තුව "

"කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න."

"හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ"

#දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා .

"අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව"

"ඒ ඇයි"

ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා.

"ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්,
ඉන්න"

ඇය කදුලු පිසදමමින් පැවසුවා.

"මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති.

ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති.

ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි.

මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත.

මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි.

නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්‍යබහුල වෙති.

මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති.

මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති.

ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද,
මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති.

ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි."

එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා.

"කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ"

බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා.

මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා.

"#අපේ පුතා"

........................................................................

#මොහොතක්_සිතන්න.

මෙය ඔබගේ කතාව විය හැකිය.

කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න.

ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි.

එයට ඔබව පාලනය කිරීමට,
ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න.

ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය.

එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත.

මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න.

ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න.

උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට.

හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් .

මන්ද,

ඔබ කරන්නේ කුමක්ද
ඔවුන් එය අනුගමනය කරන නිසා.

ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත.

නමුත්,

ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත...

උපුටා ගන්නා ලදී..


සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Oct 2018 07:50 AM
  •  Quote
  •  Reply
මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Oct 2018 09:01 AM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 12 Oct 2018 07:50 AM
මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි...
එය නිවැරදි කළා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Oct 2018 09:53 AM
  •  Quote
  •  Reply
පුතා තාත්තා ගේ ජංගම දුරකථනය ගැන ලියල තියෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Oct 2018 09:54 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Oct 2018 09:01 AM
Posted By chamaramind on 12 Oct 2018 07:50 AM
මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි...
එය නිවැරදි කළා.


ස්තුතියි අයියේ..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Oct 2018 06:55 PM
  •  Quote
  •  Reply
අයියෝ අදත් හෙටත් හැම තැනකම මේ වගේ සිද්දි වෙයි.......
පවුල් වල ආදරය සෙනෙහස , සමගිය බිඳී ගිහින් ....
ස්තුතියි සමන්ත අය්ය
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
12 Oct 2018 10:02 PM
  •  Quote
  •  Reply
ඉතා වැදගත් පාඩමක්..
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
12 Oct 2018 11:49 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 12 Oct 2018 06:35 AM

ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා.

ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා.

සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා.

"ඇයි ඔයා අඩන්නෙ"

පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා.

කදුලු අතරින් ඇය මෙසේ කීවා.

" ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න"

"මගේ බලාපොරොත්තුව "

"කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න."

"හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ"

#දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා .

"අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව"

"ඒ ඇයි"

ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා.

"ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්,
ඉන්න"

ඇය කදුලු පිසදමමින් පැවසුවා.

"මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති.

ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති.

ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි.

මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත.

මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි.

නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්‍යබහුල වෙති.

මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති.

මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති.

ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද,
මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති.

ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි."

එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා.

"කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ"

බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා.

මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා.

"#අපේ පුතා"

........................................................................

#මොහොතක්_සිතන්න.

මෙය ඔබගේ කතාව විය හැකිය.

කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න.

ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි.

එයට ඔබව පාලනය කිරීමට,
ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න.

ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය.

එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත.

මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න.

ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න.

උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට.

හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් .

මන්ද,

ඔබ කරන්නේ කුමක්ද
ඔවුන් එය අනුගමනය කරන නිසා.

ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත.

නමුත්,

ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත...

උපුටා ගන්නා ලදී..


හරිම වටිනා කතාවක් අපි හැමෝටම 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Oct 2018 01:39 PM
  •  Quote
  •  Reply
බලාගෙන ගියාම අපිත් එහෙමද කියල හිතෙනවා
හොද පාඩමක්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Oct 2018 07:23 AM
  •  Quote
  •  Reply

අපි කොළ­ඹත් දැක්කා මුහු­දත් දැක්කා රස කෑමත් කෑවා

නිතර අසා පුරුදු සුන්දර ගීත­යක තාල­යක් ගෝල්ෆේස් හෝට­ලයේ ඇතු­ළත ශාලා­වක වාද­නය වෙයි. එතැ­නට රැස්ව සිටි දූ පුතුන් සමූ­හ­යක් ඒ මන­රම් ගී තනු වාද­නය අසා සිටියේ සම­වැ­දු­ණාක් මෙනි. ආද­රය අහිමි ව ගිය ඒ අහිං­සක සිත්ව­ලට එක්දි­නක හෝ සෙනෙ­හස පුද­න්න­නට සැර­සෙන මොහො­තකි ඒ. කොළඹ නග­ර­යට අනෝරා වැසි වැටෙ­මින් පැවැති ඒ මොහොතේ වැස්ස පවා මදක් තුරල් කර­මින් සහ­න­යක් දුන්නේ මේ කර­න්නට යන සද්කා­ර්යට ආශි­ර්වා­ද­යක් වෙමිනි. රාත්‍රියේ කොළොම් තොට පුරා දැල්වෙන දස දහස් ගණ­නක් වන විදුලි බුබුළු මෙන්ම ගෝල්ෆේස් පිටිය හරහා ඇදී එන මුහුදු සුළඟ ද ගතට එක් කළේ සුව­යකි. දහ­ස­කුත් එකක් හැල­හැ­ප්පි­ලි­ව­ලට මුහුණ දී විඩා­වෙන් සිටි ඒ පුංචි ජීවි­ත­ව­ලට කොළඹ ආ මේ ගමන අලුත්ම අත්දැ­කී­මක් වූවා නිසැ­කය. ජීවි­ත­යට නැවුම් අත්දැ­කී­මක් එක් කර­න්නට විය. එතැන සිටි දරු­ව­න්ගෙන් බොහෝ දෙන­කුට මව්පිය සෙනෙ­හස අහි­මිය. ඉටු කර ගන්නට මහා බලා­පො­රොත්තු ගොන්නක්ද ඔවු­නට නැත. එහෙත් එදා දිනයේ ඔවුන් කොළ­ඹය පැමි­ණියේ හද­වත්හි සතුට පුරවා ගෙනය. එතැන සිටි දරු­වන් අත­රින් බොහො­ම­යක් ජීවි­තයේ පළමු වරට කොළ­ඹට පය ගැසූ දිනය වූයේ එදි­නය.

“අපි ඉස්සෙ­ල්ලාම කොළඹ ආවේ අදයි. කොළඹ දැක්කෙත් අදයි. කොළඹ ගොඩාක් රස කෑම ජාති තියෙ­නවා. කව­දා­වත් කාපු නැති රසම රස කෑම ජාති ගොඩාක් මේ මාමලා නැන්දලා දුන්නා . ටිකක් නොවෙයි ගොඩාක්ම සතු­ටුයි” එසේ පැව­සුවේ චල­නිය.

“අපි ප්ලේන් එකේත් ගියා. ගොඩාක් සතු­ටුයි” උඩින් යනවා දැක මිස කිසිදා ගුවන් යානා­වක් අහ­ල­ක­ට­වත් ගොස් නැති ඔවුන්ට ගුවන් යාන­යක් යනු අරුම පුදුම දෙයකි. ඉමේෂ්ට කතා කිරී­මට නොහැකි වුවත් ඔහු තම සිතේ ඇති දේ හස්ත සංඥා­වෙන් අපට පව­ස­න්නේය.

චලනි හා ඉමේෂ් වැනි මේ පුංචි පැටවු රොත්ත පසු­ගි­යදා සිළු­මිණ අපට හමු­වූයේ ළමා දිනය සංකේ­ත­වත් කර­මින් ජීවි­තයේ මුල්ව­රට ඔවුන් කොළ­ඹට කැටුව පැමිණි ගම­නේ­දීය. ඒ කොළඹ දැක­ග­න්නට පම­ණක් නොව ඔවුන්ගේ ජීවි­තයේ පොත­ප­තින් පම­ණක් දුටු වරාය, මුහුද හා ගුව­න්තො­ටු­පළ සියැ­සින් දැක­ගත් අව­ස්ථා­වේය.මේ දරු­වන්ට ඒ දුර්ලභ අව­ස්ථාව හිමි­කර දුන්නේ කොළඹ ගෝල්ෆේස් හෝට­ලයේ මාමලා නැන්දලා ය. එදා පැමිණි ගම­නට වීදි දරු­වන් සඳහා අපේ රටේ පිහිටි එකම පාසල වන නුවර මද්දුම බණ්ඩාර විදු­හලේ හා කොළඹ රත්ම­ලානේ අඳ ගොළු බිහිරි පාසලේ දරුවෝ සහ­භාගි වූහ.

මේ දරු­වන්ට තම තමන් ගැන කීමට ඇති කතා බොහො­ම­යකි. ඔවුන් පෙළන ප්‍රශ්න ඒ පුංචි සිත්ව­ලට දරා ගැනී­මට අප­හ­සු­ත­රම්ය. එක් කෙනෙකු දෙන්නෙකු පම­ණක් නොව මේ හැම දරු­වෙ­කුම පාහේ සිටින්නේ මව් පිය සෙනෙ­හ­සින් බොහෝ දුරස්ව ය. ආද­රය ලැබිය යුතු වයසේ පසු­වන මේ පැට­වුන්ට ආද­රය කියා දෙන්නේ මේ පාස­ල්වල ගුරු­ව­රුන් පමණි. එවන් වූ දරු­වන් පිරි­ස­කට ලෝකය ගැන නොව අපේම රටේ වග­තුග කියා දෙන්නට ගෝල්ෆේස් හෝට­ලය, ඊබට් සිල්වා සමූහ ව්‍යාපා­රය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිය ළමා දින සමාජ සත්කා­රක වැඩ සට­හන යටතේ මේ දරු­වන් දැක නැති කොළඹ පෙන්වී­මට කට­යුතු යොදා තිබිණි.

“අපි මීට පෙර කව­දා­වත් කොළඹ ඇවිත් නැහැ. මුහුද දැකලා තිබු­ණේත් නැහැ. අපි අහසේ යන ප්ලේන් දැක්කත් මුහුදේ යන නැව් කව­දා­වත් දැකලා තිබුණේ නැහැ. අද අපි මුහුද බලන්න ගියා. රැල්ල පෑගුවා. මුහුද ගොඩාක් ලොකුයි. මුලින් නම් මුහු­දට බහින්න ගොඩාක් බය හිතුණා. අපි කොළ­ඹට ආවේ කෝච්චි­යෙන්. ඒ එන­කොට ගඟ­වල් ගොඩාක් දැක්කා. අපිට මෙහේ නැන්දලා මාමලා ඇපල් දුන්නා, ලස්සන පාට පාට කේක් දුන්නා. කව­දා­වත් කාලා නැති රස කැම ජාති දුන්නා. ඒ වගේම තෑගි ත් දුන්නා” මහ­නු­වර මද්දුම බණ්ඩාර විදු­හලේ සිසු­වි­යක වන ගීත්මා පව­ස­න්නීය.

මහ­නු­වර මද්දුම බණ්ඩාර විදු­හල නගර මධ්‍යයේ පිහිටි කුඩා පාස­ලක් වුවද අනෙ­කුත් පාස­ල්ව­ලට වඩා වෙනස්ය. මෙහි අකුරු කර­න්නේද දැයේ දරු­වන් වුවත් මේ දරු­වන් බහු­ත­ර­යක්ම විෂම සමා­ජයේ අසා­ධා­ර­ණ­යට ලක්වූ දරු­වන්ය. එම පාසලේ දරුවෝ පන­හ­කට වැඩි ගණ­නක් ඉගෙ­නුම ලබති. ඔවුන් රැක බලා ගන්නා මව පාසලේ විදු­හ­ල්ප­ති­තු­මි­යයි.

“මේ පාසල නුවර නගර මධ්‍යයේ පිහි­ටි­යත් මේ පාස­ලට එන්නේ නග­රයේ වීථි දරු­වන්, වගේම යන්න තැනක් නැතිව අස­රණ වූ දරු­වන්. මේ දරුවෝ හැදෙන්නේ අපේ ජය­වි­ක්‍රම ළමා නිවා­සයේ. සාමාන්‍ය දෙම­වු­පි­යන්ගේ දරු­වන් මේ පාස­ලට එන්නේ නැහැ. ආවොත් එන්නේ කිසිම පාස­ල­කට යන්න බැරි වුණු කිහිප දෙනෙක් පම­ණයි. මේ ගොඩාක් දරු­වන්ට දෙම­වු­පි­යන් නැහැ. පාසලේ අපි තමයි කවලා පොවලා නාවලා කරලා අම්මා තාත්තා වගේ මේ දරු­වන්ව ආද­ර­යෙන් බලා ගන්නේ. මේ දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු බලන්න කිසිම කෙනෙක් පාස­ලට එන්නෙ නැහැ. මේ පාසලේ දරුවෝ 56 ක් හිටි­යට 11 වසර දක්වා පංති තියෙ­නවා. ඒත් මේ දරුවෝ හරිම අස­ර­ණයි. ඒ අය ආද­රය රැක­ව­ර­ණය ලබන්න ආසයි. අපේම මහ­න්සි­යෙන් තමයි මේ දරු­වන් ඉදි­රි­යට ගෙනි යන්නේ. මේ වගේ ගම­නක් මේ වගේ කැම බීම මේ දරු­වන්ට හීන­යක් වගේ. කිසිම කෙනෙ­කුට මේ පාසල ගැන ඇහැ ඇරෙ­න්නැති මොහො­තක මේ වගේ ගම­නක් සංවි­ධා­නය කළ මේ ආය­ත­න­ය­ව­ලට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර විදු­හ­ල්ප­තිනී ඊ.පී.පී ඒක­නා­යක මහ­ත්මිය පව­සන්නී ය.

මේ දරු­වන්ගේ හැසි­රීම් ඔවුන්ගේ අස­ර­ණ­කම පෙන්වන කැඩ­ප­තකි. චාරි­කා­වේදි ලැබුණු ටී ෂර්ට­යෙන් සැර­සුණු මේ දරු පිරිස කොළඹ වටේ කරක් ගැසුවේ ඊබට් සිල්වා ආය­ත­න­යෙන් ලබා දුන් කලම්බු සිටි නම් ඩබ­ල්ඩෙ­කර් බස් රථ­යෙනි. ඒ ගමන ඔවුන් සතු­ටින් පුර­වා­ලීය. වරාය අධි­කා­රියේ සංවි­ධා­න­යෙන් මෙසේ කොළඹ පැමිණි මේ දරු­වන්ට වරාය දැක බලා ගන්නට සැලැ­ස්වුවා පම­ණක් නොව වරා­යට පැමිණි සුඛෝ­ප­භෝගී නැව­ක­ටද ඇතුළු විමේ අව­ස්ථාව ලැබිම ඔවුන්ගේ ජීවි­ත­යට නැවුම් අත්දැ­කී­මක් එක් කළේ ය. වරාය නැර­ඹී­මෙන් අන­තු­රුව මේ දරු­වන් වෙනු­වෙන් ගෝල්ෆේස් ආය­ත­නය සිය හෝට­ලයේ විදේ­ශි­ක­යන් වෙනු­වෙන්ම සැක­සුණු දිවා භෝජන සංග්‍ර­හ­යක් ද භුක්ති විඳී­මට අව­ස්ථාව සලසා තිබුණි. තරු­පහේ හෝට­ල­ය­කට යෑම සිහි­න­යක් වු මේ දරු­වන්ට ජීවි­තයේ කිසි දිනක භුක්ති නොවිඳි ආකා­රයේ ප්‍රණීත ආහාර පාන­යෙන් සප්පා­යම් වීමට අව­ස්ථාව ලැබිණි

“අපි වරා­යට ගියා. නැව් ගොඩාක් දැක්කා. ලොකු නැව­ක­ටත් නැග්ගා. අපි අද රයිස් කෑවා. ඒ රයිස් එකට බෙදා­ගන්න ගොඩාක් කෑම ජාති තිබුණා. මං කව­දා­වත් ඒ වගේ කෑම දැකලා තිබුණේ නැහැ. මොන­වද බෙදා ගන්නේ කියලා මට හිතා­ගන්න බැරි­වුණා. ඒ නිසා තියෙන හැම දේම බෙදා ගත්තා. මීට කලින් අපි මෙහෙම ගම­නක් ගිහින් තිබුණේ නැහැ”යැයි රත්ම­ලාන අඳ ගොළු­බි­හිරි පාස­ලින් පැමිණි ගිම්සර එසේ පැවැ­සූයේ හස්ත මුද්‍රා­වෙනි. දරු­වන් පව­සන දේ අපට පැහැ­දිලි කර දුන්නේ ඔවුන් සමඟ පැමිණි ගුරු­ව­රුය.

මේ දෙම­ව්පියෝ සිය දරු­වන් ආර­ක්ෂාව සඳහා පාස­ලට බාර දී ඇත. එතැන් මේ දරු­වන්ගේ ලෝකය වන්නේ මේ පාස­ලයි. පොත­පතේ දැනු­මට දරු­වන්ගේ හිත් එක්තැන් කර ගැනී­මට මේ ගුරු­ව­රුන් විඳින්නේ අප­මණ වෙහෙ­සකි. ජීවි­තයේ කිසිදු අර­මු­ණක් නැති දරු­වන්ට දැන් සිත­න්නට යමක් ඇත්තේය.

“ මාත් කවදා හරි ඒ වගේ ලොකු ගුවන් යානා­වක් පද­ව­නවා.” ආකර්ෂා එසේ පව­සද්දී “ මාත් කවදා හරි ඒවගේ ලොකු නැව­කින් පිට­රට යනවා” තර­ග­ය­ට­මෙන් අසේල පව­සන්නේ ය. දැන් මේ දරු­වන්ට සිත­න්නට අර­මු­ණත් ඇත්තේය. ගොඩ නඟ­න්නට ලොවක් ඇත්තේය. ඒ ළමා දිනය වෙනු­වෙන් හිත් පිත් ඇත්ත­න්ගෙන් මේ පුංචි පැට­වුන් ලද දේ නිසාය.

“මේ ගමන දරු­වන්ගේ ජිවි­ත­ව­ලට අලුත් අපේ­ක්ෂා­වක් එක් කළා. ඔවුන්ගේ ජීවිත හෙට සිට ලොකු වෙන­සක් වෙයි කියා අප බලා­පො­රොත්තු වෙනවා. කෙත­රම් ප්‍රශ්න තිබු­ණත් මෙවැනි ගම­නක් එන්න තරම් දරු­වන් පින් කර තිබෙ­නවා. ඒත් හෙට ඉඳන් නැව­තත් මේ දරුවෝ ළමා නිවා­සයේ. සම­හර දරු­වන් කව­දා­වත් කෝච්චියේ ගිහින් නැහැ. අද මේ අය කෝච්චියේ ඇවිත් ලොකු සතු­ටක් ලැබුවා. දරු­වන් මෙත­රම් සතුටු වූ දව­සක් මං මින් පෙර දැක නැහැ. ඔවුන්ට මෙවැනි අව­ස්ථා­වක් ලබා දුන් ගෝල්ෆේස් ආය­ත­නය මෙන්ම ඊබට් සිල්වා ආය­ත­න­යට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර පාසලේ ගුරු­ව­රි­යක වන රසිකා කර­ම්පි­ටිය මහ­ත්මිය පැව­සු­වාය.

පරි­ත්‍යා­ග­ව­ලින් පවත්වා ගෙන යන මේ පාස­ලට අඩු­පාඩු බොහෝය. පාස­ලට කාල­යක පටන් දැඩි අඩු­පා­ඩු­වක්ම පව­තින බුදු මැදු­රක් සාදා දීමට දැන් ගෝල්ෆේස් ආය­ත­නය සූදා­න­මින් සිටී.

“ ගෝල්ෆේස් ආය­ත­නය ළමා දිනය වෙනු­වෙන් මේ ආකා­රයේ වැඩ සට­හ­නක් සංවි­ධා­නය කළේ සිවු­වැනි වතා­ව­ටයි. මේ දරු­වන්ගේ සතුට දුටු අපේ දෑස්ව­ලට කඳුළු ඉණුවා. ඔවුන්ගේ පාස­ලට ගිය අපි එහි ඇති අඩු­පාඩු දැක හැකි­ත­ර­මින් ඒවා සපු­රා­ලන්න උත්සහ කර­නවා. අප සාදවා දෙන බුදු­මැ­දුර එම ජීවි­ත­ව­ලට වෙන­සක් ගෙනේවි යැයි අප විශ්වාස කර­නවා. මෙහි සම්පූර්ණ ගෞර­වය හිමි වෙන්නේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති සංජීව ගාඩ්නර් මහ­තාට. ඒ වගේම මේ කාර්ය­යේදි සහාය දැක්වූ හැමෝ­ටම ස්තූතියි” ගෝල්ෆේස් හෝට­ලයේ විධා­යක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සම­ර­සිංහ මහතා පව­සයි.

ඊබට් සිල්වා සමූහ ව්‍යාපා­රයේ අධ්‍ය­ක්ෂිකා රාජිනී සිල්වා මහ­ත්මිය ද අද­හස් පළ කළාය. “ අද දරු­වන්ට විත­රක් නෙවේ අප­ටත් විශේ­ෂිත දව­සක්. දරු­වන්ට කව­දා­වත් මෙවැනි අව­ස්ථා­වක් ලැබිලා නැහැ කියා ඔවුන් අපට කිව්වා. ඉදි­රි­ය­ටත් මෙවැනි කාර්ය කිරීම අපේ බලා­පො­රො­ත්තු­වයි”

ආද­රය ලැබී­මට හැමෝම කැමැති වුවත් ආද­රය අහිමි බොහෝ දෙනා තව­මත් මේ මිහි­පිට වාසය කරති. සම­හ­රක් ජීවි­තයේ කිසිදා ආද­ර­යක් නොල­බාම මිය­යති. ඒ දෛවය තීර­ණය කරන හැටිය. එහෙත් පිපෙ­න්නට වෙර දරන මල් පිපෙ­න්න­ට­නම් ආද­රය ඇවැ­සිය. ලෝකය සුවඳ වත් වන්නේ මේ පිපුණු සුව­ඳැති මල්ව­ලිනි. ඒ පිපුණු මල් තවත් බබ­ළ­ව­න්නට ඔබ­ටත් හැකි­නම් ඔවුන්ගේ ජීවිත සැමදා සුන්දර වනු ඇත.

සුභා­ෂිණි ජය­රත්න
සිළුමිණ
සිත්මල් යාය
ජායා­රූප - විමල් කරු­ණා­ති­ලක


සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Oct 2018 07:29 AM
  •  Quote
  •  Reply
රටේ මධ්‍යම පෙදෙසේ වෙසෙන සමහර ජනතාව ගොඩක් සිටිනවා තවම මුහුද දැකලා නැති..
මම මාතලේ ගිය අවස්ථාවක අවුරුදු 70 විතර ආච්චි කෙනෙක් පැවසූවේ කවදාවත් සැබෑවට මුහුද දැකලා නෑ කියලා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
31 Oct 2018 05:26 AM
  •  Quote
  •  Reply

 

එදා මන් අම්මා එක්ක
බෙහෙත් ගන්න ගියෙ..
පුන්චි හීසේ කැක්කුමකට..
ඒත් ඩොක්ටර් මගෙ අසනීප අහලා..
මොන මොනාදෝ ලියලා..
අම්මා අතට දුන්නා..

"පුතේ පරීක්ෂණ වගයක් කරන්නලු.."

අම්මා කියුවෙ හූල්ලලා..

"එච්චර කොහෙන්ද හාමිනේ..".

"එහෙමයි කියලා නිකන් ඉන්න පුළුවන්ද..?"

"හරි මන් හෙට මුදලාලිව හම්බ වෙන්නම්.."

අම්මගෙයි අප්පච්චිගෙයි කුටු කුටුව හෙමිට ඇහුනා..

"ඇයි අම්මා.."

පරීක්ෂණ වල රිපෝට් අහපු දවසෙ
අම්මගෙ මූණ දැකලා මන් ඇහුවා..

"මුකුත් නෑ රත්තරනෙ.."..

අම්මා කියුවෙ හිස අත ගාලා..
ඒත් මොකක්දෝ වෙනසක් දැනුනා..

"අක්කා.."

හැමදාම ඇවිත් රණ්ඩු කරන මල්ලි.
ලගට ඇවිත් කතා කලේ ඇස් වල කදුලු පුරවන්..

"මොකෝ මැට්ටො.."

"මුකුත් නෑ.. ආ ඔයාට..
"බූන්දි ... අප්පච්චි ගෙනාවෙ..
"මට එපා ඔයා කන්න.."

"පෙරේතයා මොකෝ අද.."

"මට එපා සුදු.."

ඒකා මට සුදු කියුව පළවෙනි පාරද මන්දා..

"මැණිකෙ බෙහෙත් ටික බොමු.."

"අනේ.. අසනීපයක් නැත්නම් ඇයි බෙහෙත්.."

"ඔය තියන පොඩි පොඩි අසනීප අඩු වෙන්න මැණිකෙ.."

අම්මා හැට්ට කොණෙන් ඇස් මාත්තු කලා..

"අම්මා.. ඒ බෙහෙත් බිව්වම ඇගට අමාරුයි.."

"දන්නවා වස්තුවේ.. ඒත් නොබී බෑනෙ.."

"සුදූ.."

ඒ මල්ලි..

"හෙට ගියාම ආයෙ එන්නෙ කවද්ද..?"

"හෙට කොහෙද යන්නෙ..?"

"මැණිකෙ දොස්තර මහත්තයා කියුවා ඉස්පිරිතාලෙ නවතින්න කියලා.."

"ඇයි..?"

"පොඩි බේත් වගයක් විදින්න.."

මල්ලි , අප්පච්චි හැමෝම කදුලු පුරවන්..
මන් ඉස්පිරිතාලෙ ගියෙ කැමැත්තෙන්නම් නෙමේ...

"අනේ මිස් රිදෙනවා..".

"ලොකු කටුවක් නොදා බෑනෙ දරුවො. ඔයාට ගොඩක් බෙහෙත් විදින්න ඕනි.."

මිසී කියුවෙ මන් දිහා අනුකම්පාවෙන් බලලා..

"තාම අවුරුදු දහාඅටයිලු..පව්..".

එහා ඇදේ කවුද කතා උනේ මන් ගැන..
මට මොකක් හරි ලොකු අසනීපයක්නම්.තියේ..මන් ඒක දන්නවා..

දවසට බෝතල් ගනන් විදින බෙහෙත් වලට ඇග වෙව්ලනවා..වමනෙට එනවා.. කන්න බෑ.. අප්පිරියයි.. හම වේලිලා..
ඒ අස්සෙ මාව ගෙනියනවා කරන්ට් එක අල්ලන්න .
මට පිළිකාවක්ලු..

මන් ඒක අහා ගත්තෙ මිසි කෙනෙක්ගෙන්..
එයා ඒක කියුවෙත් එව් ඇස් වල කදුලු හන්ගන්...

දිගට තිබ්බ කොණ්ඩෙ කඩලා මන් පීරන්න ගත්තා..

"අම්මා"

මන් කෑ ගැහුවෙ බය වෙලා..
කොණ්ඩෙ අහුරු පිටින් පනාවෙ..
"අම්මෙ මේ.."

"බෙහෙත් විදලා ඉවර උනාම හරියනවලු රත්තරනෙ.."

අම්මා කියුවෙ ඇස් හන්ගගෙන..
මන් ටික දවසකට ගෙදර ආවා..

"මල්ලි..කෝ මේ අල්මාරියේ කණ්නාඩිය.."
"මන් ඒක ගලවලා මගෙ කාමරෙට ගෙනවා.."

ඒ මල්ලි..

"මන් ඒ කාමරෙට ගියා.."

"මල්ලී...අම්මා...අප්පච්චි ..."

මන් කෑ ගැහුවා.. ඔව්.. මන් කෑ ගැහුවා.. මන් බය උනා.. මගෙම රූපෙට.. තට්ටෙ පෑදුන හිස.. ගිලා බැහැපු ඇස්.. රැලි ගැහුන හම..

කෝ කෝ අර හිටපු ලස්සන කෙල්ල..

"අනේ .. මට මැරෙන්න ඕනි..අම්මා.. මල්ලි මට මැරෙන්න ඕනි.. මට බයයි.."

මන් කෑ ගහලා ඇඩුවා..

"අක්කා.."

මල්ලි මාව බදා ගත්තා..

"මොනාද අක්කා කියන්නෙ.. ඔයා විතරනෙ මට ඉන්නෙ..ඔයා මැරුනම මන් තනි වෙනවනෙ..".

මගෙ දගයා මාව බදන් අඩනවා..

"අනේ මැණිකෙ මොනාද මේ කියවන්නෙ.."

කවදාවත් අඩපු නැති අප්පච්චි මාව බදා ගත්තා..

"රත්තරනෙ.. අනේ.. අපි මේ හැම දේම කරන්නෙ ඔයාව සනීප කරන්නනෙ.."

අපි හතර දෙනාම බදාගෙන ගොඩක් ඇඩුවා..මහා ගොඩක්..ඇයි දෙවියො මෙහෙම් කලෙ... මන් ඇහුවා..

"සිරිදාස ගේ සින්න වෙන්න ලගයි."

මුදලාලි කියව්ව ඇහුනා..

"මගෙ බෙහෙත් වලට ගොඩක් වියදම්ලු...අම්මලා අප්පච්චිලා රට වටේ ණට වෙලා.."

මගෙ යාළුවො මාව බලන්න එනවලු..
මන් මොකද කරන්නෙ ..
මේම

"ඒත් මන් නිසා අනිත් අය අඩන්න බෑ.."

එයාලා ඇවිත් ගියා..
එයාලා දුකින් ..
මන් එයාලට පේන්න හයියෙන් හිනා උනා..
මන් ඒම හින වෙන්න ඉගන ගත්තෙ මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගත්ත දවසෙ ඉදන්..

එහෙ මන් වගේ දහස් ගානක් ඉන්නවා..
මේම ඉන්නෙ මන් විතරක් නෙමේ..

"ඔව්..මට ජීවත් වෙන්න පොඩ්ඩ දවසයි ඇත්තෙ.. කමක් නෑ.."

ඒ ටික දවසෙ මගෙ අම්මා තාත්තා මල්ලි සතුටින් ඉන්න් ඕනි..
මන් මූණ සෝදා ගත්තා..
මගෙ මල් වැටින ලස්සන ගවුමක් ඇන්දා..
පවුඩර් ටිකක් මූණට දැම්මා
මන් ගේ ඉස්සරහට වෙලා වාඩි වෙලා හිටියා..

"මැණිකෙට සනීප පාටයි.."

අම්මා කියුවෙ හිනා වෙලා..මන් කාලෙකට පස්සෙ ඒ හිනාව් දැක්කා...

"අක්කා.. බෙහෙත් බිව්වද..?"

"ම්ම්ම් බිව්වා.."

"හැමදාම ඔහොම හිනා වෙයන් සුදූ.."

මල්ලි කියුවෙ ඔලුව අත ගාලා..

ඔව්.. . මන් මරණය පෙනි පෙනි හිනා වෙනවා..අපි කවදා හිටියත් මැරෙනවනෙ..ඉතින්..ඒ ටික කාලෙට ඇයි දුකින්.. මන් හිනා වෙනවා.. මගෙ අය වෙනුවෙන් හිනා වෙනවා..
දෙවියො මට වැඩි පුර ආදරේ ඇති..ඒකයි මාව ඉක්මනින් එයා ලගට ගන්න හදනෙ.. කමක් නෑ.. ඒ වෙනකන් මන් සතුටින් ඉන්නෙ..

දුකයි තමයි... ඒත් ලෙඩක් කියන්නෙ අපිට වලක්වන්න බෑ.. ඒ ලෙඩේ ගැනලා දුල් වෙනවට වඩා එක දවසක් සතුටින් ඉමු.. ඒමත් නැත්නම්.. එහෙම අයව එක දවසක් හරි සතුටින් තියමු.. හැම දවසක්ම එයාලගෙ ජීවිතේ ලස්සනම දවස කරමු.. ඔයා ලෑස්තිද.. මන් නම්.ලෑස්ති ..

සත්‍ය කථාවක් ඇසුරින් නිර්මාණය කරන ලදි

අහින්සා පැහැසරණි
2018.10.29

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
31 Oct 2018 05:44 AM
  •  Quote
  •  Reply
අනේ දුක හිතෙන කථාවක්..හරිම ලස්සනයි
පිළිකාව සුව කරන්න පුළුවන් නම් කොච්චර හොදද..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
31 Oct 2018 05:56 AM
  •  Quote
  •  Reply
පිළිකා රෝහල අසල ජීවත් වෙන නිසා මට මේ වගේ අත්දැකීම් රාශියක් දැක ගන්න ලැබෙනවා.. මීට අමතරව ඉතා ලස්සණ හුරු බුහුටි කුඩා දරුවන් පවා මේ අවස්ථාවට මුහුණ දෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
31 Oct 2018 06:47 AM
  •  Quote
  •  Reply
හුම්ම්ම් ...දුකේ බැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Nov 2018 09:20 PM
  •  Quote
  •  Reply
අනේ.....මෙච්චරම දුකක් සඟවගෙන හිනාවෙන එක කොච්චර අපහසු දෙයක්ද.........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Nov 2018 11:15 PM
  •  Quote
  •  Reply
මේ වගේ අත්දැකීමක් මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේම ළමයින්ට ඇති වුනා. හරිම කණගාටුදායකයි මේ තත්ත්වය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Nov 2018 05:49 AM
  •  Quote
  •  Reply

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ...

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ...

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Nov 2018 07:10 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Nov 2018 05:49 AM

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. 

මේ වගේ අය ඉන්නවා සමහර අය..ඒ අයත් එක්ක ආශ්‍රය කරොත් ඉතිං කැම්මැලිකම,කොහේවත් යන්නේ හිතෙන්නේ නෑ...එපා වෙනවා දියුණු වෙන්නම අදහසකුත් නෑ..ඒක අත් දැකීමෙන් කියන්න පුලුවන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Nov 2018 08:13 AM
  •  Quote
  •  Reply
මම මේ දැන් ගෙදර ආවේ පිලිකා රෝහලට උදෑසන දානය දෙන්න ගිහින්.. අද මම හිටියේ ලමා වාට්ටු වල.. අනේ අපොයි.. එහෙම දුකක්.. එක්තරා අම්මා කෙනෙක් පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට පැමිණි ඇය දැනට වසර 15 ඇය දරුවා සමඟ මෙතන ඉන්නවා කියලා.

තව එක අම්මා කෙනෙක් පැවසුවේ මොකටද මහත්තයෝ මගේ දරුවට සෙල්ලම් බඩු. එයාට සෙල්ලම් කරන්න බැහැ.. එයාට ජීවිතය තියෙන්නේ තව ටික දවසයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Nov 2018 01:05 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Nov 2018 05:49 AM

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ...

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ...

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.


තාත්තලා ගැන ගුණ කියවෙනව මදි වගේ තමා....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2018 05:39 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Nov 2018 05:49 AM

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ...

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ...

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.

ඇස්වලට කදුලු එනවා කියවද්දි 

තාත්තෙක් වෙන්න ඕනෙ මේ දේට සංවේදී වෙන්න

හුගක් තාත්තල මේ තරම්ම නොවුනත් බොහෝ දුරට මේ හා සමානයි


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Nov 2018 06:21 AM
  •  Quote
  •  Reply

දිනක් මනෝ වෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා.

ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි.

විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා.

විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා.

දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා.

තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා.

සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා.

නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා.

මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා.

පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා.

"දැන් මට කියන්න,
ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?"

විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා.

මේ එයින් කිහිපයක්.

1."අද උදේ දේශනයට එන්න කලින්"

2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා"

3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි"

4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ"

5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ"

6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ"

7."ගිය අවුරුද්දෙ"

8."මතක නැහැ"

මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා.

ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා

"දැන් ඔබම මොහොතක් සිතන්න,
ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද?
මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක."

"මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි.
එකිනෙකාට සමීප විය යුතුයි.
සොයාබැලිය යුතුයි."

කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා.

මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා.

"අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි.
මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල."

කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා.

"දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු.
ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට.
අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න."

"මම ඔයාට ගොඩක් ආදරෙයි බබා,
ඉක්මනට එන්න අද,
මට පාලුයි"

කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා.

ඉන්පසුව ඇය මෙසේ පැවසූවා.

දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල.

"ට්‍රීන් ට්‍රීන්"

"ක්වෑක් ක්වෑක්"

"ටිං ටොං ටිං"

පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා.

කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි.

1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්"

2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට,
හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ"

3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද?
පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප"

4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ,
මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ"

5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ,
මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ"

6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?"

7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං,
හොදින් අහන්නෙ,
අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව.
මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද"

අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි.

8."මොකාද යකෝ මේ,
මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව"

දේශනය එතනින් සමාප්ත විය.

.................................................................

සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා.

විවාහය අමු අඹයක් වැනිය.
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි...

උපුටාගැනීමකි...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
09 Nov 2018 06:54 AM
  •  Quote
  •  Reply
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
09 Nov 2018 08:01 AM
  •  Quote
  •  Reply
ස්තුතියි අයියේ මේ කතාවට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2018 03:42 PM
  •  Quote
  •  Reply
8."මොකාද යකෝ මේ,
මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව"


මේක තමා මරු රිප්ලයි එක
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Nov 2018 07:03 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 09 Nov 2018 06:54 AM
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි..

නෑ අනේ...බලා ඉන්න  අපේත් දත් හිරි වැටෙනෝ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Nov 2018 11:42 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 09 Nov 2018 06:21 AM

දිනක් මනෝ වෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා.

ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි.

විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා.

විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා.

දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා.

තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා.

සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා.

නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා.

මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා.

පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා.

"දැන් මට කියන්න,
ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?"

විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා.

මේ එයින් කිහිපයක්.

1."අද උදේ දේශනයට එන්න කලින්"

2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා"

3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි"

4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ"

5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ"

6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ"

7."ගිය අවුරුද්දෙ"

8."මතක නැහැ"

මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා.

ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා

"දැන් ඔබම මොහොතක් සිතන්න,
ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද?
මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක."

"මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි.
එකිනෙකාට සමීප විය යුතුයි.
සොයාබැලිය යුතුයි."

කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා.

මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා.

"අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි.
මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල."

කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා.

"දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු.
ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට.
අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න."

"මම ඔයාට ගොඩක් ආදරෙයි බබා,
ඉක්මනට එන්න අද,
මට පාලුයි"

කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා.

ඉන්පසුව ඇය මෙසේ පැවසූවා.

දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල.

"ට්‍රීන් ට්‍රීන්"

"ක්වෑක් ක්වෑක්"

"ටිං ටොං ටිං"

පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා.

කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි.

1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්"

2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට,
හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ"

3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද?
පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප"

4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ,
මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ"

5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ,
මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ"

6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?"

7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං,
හොදින් අහන්නෙ,
අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව.
මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද"

අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි.

8."මොකාද යකෝ මේ,
මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව"

දේශනය එතනින් සමාප්ත විය.

.................................................................

සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා.

විවාහය අමු අඹයක් වැනිය.
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි...

උපුටාගැනීමකි...


මේක නම් නියමයි.. ඒත් මේක තමයි ඇත්ත...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Nov 2018 05:44 AM
  •  Quote
  •  Reply

--- සමෝසා වෙළෙන්දා -------

එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය.

දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි.
“ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා?
නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය.

සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය.
“සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?
අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති.
ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.
දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.
මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි.
ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ.
මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.
ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.
මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.
දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”
කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Nov 2018 07:30 AM
  •  Quote
  •  Reply
නියම කතාවක්...සමෝසා වෙළෙන්දා ගේ හැකියාව අගය කළ යුතුයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Nov 2018 08:53 AM
  •  Quote
  •  Reply
ඇත්ත තමා කතාව
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Nov 2018 09:30 AM
  •  Quote
  •  Reply
අපි හිතුවේ නැති වුනාට ලොකු පණිවිඩයක් මේ කතාව තුළ තියෙනවා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Nov 2018 10:38 AM
  •  Quote
  •  Reply
ටයි කෝට් දා ගත්ත සමහර මහත්තුරු කැමැතියි තමන් හෙන ලොක්කෙක් කියල හිතන්න. ඒකයි අනෙත් රැකියාවන් පහත් කොට සලකන්නෙ. ඒත් එයාලට යන්න පුළුවන් දුර සීමා සහිතයි. හම්බ කරන්න පුළුවන් මුදලත් මාසයක් තුල ඉතා සීමිතයි. නමුත් ව්‍යාපාරිකයෙකුට එහෙම නැහැ. එය ඔහු කැමති ප්‍රමාණයක් දක්වා ඉහළට ගෙනයා හැකියි. තමන්ගේ ශක්ති ප්‍රමාණය මත එය සීමා රහිතයි. දෛනික රැකියාවලින් නික්මී ව්‍යාපාර ආරම්භ කිරීමට මමත් පෙළඹුණේ ඒ නිසයි. මට මතකයි රැකියාව අවුරුදු හතක් කරලත් පළවෙනි ව්‍යාපාරය ආරම්භ කිරීමේදී මගේ අතේ තිබුණේ සොච්චමක් විතරයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Nov 2018 07:31 PM
  •  Quote
  •  Reply
ගොඩ එන්න නම් අද කාලෙ බිස්නස් එකක් කරන්නම ඕන........ස්තුතියි සමන්ත අය්ය ලස්සන කතාවට
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Nov 2018 10:22 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 20 Nov 2018 07:31 PM
ගොඩ එන්න නම් අද කාලෙ බිස්නස් එකක් කරන්නම ඕන........ස්තුතියි සමන්ත අය්ය ලස්සන කතාවට
ඒකනම් ඇත්ත නගෝ..

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Dec 2018 05:50 PM
  •  Quote
  •  Reply
හරි ලස්සන තේරැම් ගන්න දෙයක් තියෙන කථාවක්
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
17 Dec 2018 05:19 PM
  •  Quote
  •  Reply
එල ටෝක....මාකටින් මැනේජර් කුක්කට රිදෙන්න දීලා තියෙනවා සමෝසා ව්‍යාපාරික බොසා.
මම මේක පොස්ටුව දැක්කේ දැන් නෙව හිටං
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
02 May 2019 06:30 AM
  •  Quote
  •  Reply
පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිණි. එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගැඹුරු තැන් හිතට කා වැදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.
*සල්ලි එවන්න
*ඊළඟ බස් එකේ ඩ්රයිවර්ට දෙන්න
*මම ගුණසිංහපුරෙන් ගන්නම්
ඔවැනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපඟවී තොරතුරු විමසුවෙමි.
[මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ]
මගෙ ගම බදුල්ලෙ මහත්තය, නම සුනිල් හමුදාවෙ ජොබ් 1 කෙරුවෙ. මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව
(මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි, ලී කකුල් 2ක් ! වාරුවට කිහිලි කරුවක් )
එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා.
ඊට ටික කාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු 2ම නෑති උනා.
එතනදි මම තීරණය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල එයාව ගොඩ දාන්න. හැබැයි ඒකට අවසර ලැබුණෙ නෑ නීතියෙන්. මට තිබුණේ හොඳ වකුගඩුවකුයි ඩැමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන මගේ අප්පච්චිව ගොඩ දැම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මැරෙයි කියල ඒත් අවුරුද්දක් ගියා. මම තාම ඉන්නවා, හෑබෑයි දැන්නම් මුත්රා එක්ක ලේ යනවා. තව මාස කීපයයි තියෙන්නෙ ...
"අවුලක් නෑ මහත්තය , මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද?
මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහැකි විය.
"ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි.,
වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න ,කොළඹ ප්රයිවට් හොස්පිට්ල් එකකට ගියා. එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව 2000ක් මදි, පස්සෙ ගමෙන් කතාකරල කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර 5000ක් ඉල්ලනව... මේ දැන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහපුර එන බස් එකකට රු,2000ක් ගෙදරින් දුන්න. උදේට ඒක එනවා, ආය කොළඹ ගිහින් වැඩේ කරගෙන යනව ගමේ. ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුණි. කතාව පුරාවටම තිබුණේ අව්යාජ් සිනාව පමණකි.
ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද? මම ඈසුවෙමි.
කොළඹ ප්රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව
ඔහු සෑහෑල්ලුවෙන් කීය.
මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දැන්ම ගිහින් රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගැනීමේ කිසිදු අවශ්යතාවයක් හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමණකි.
මහත්තයට ගොඩක් ස්තූතියි. මේක කරගත්තොත් ඉක්මනට යතෑකි... ඒත් මහත්තයට සල්ලි තියනවද?
ඔහු හරි පුදුම මිනිසෙකි.. නැත හෑබෑවින්ම දෙවියෙකි.
ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය.
මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු.
ඔහු ඉතා කාරුණිකව ප්රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි.
මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති 3ක් තම්බල විතරයි. දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්
ඔහු ගියේය...... මා බලා සිටියෙමි.
මට එක තැනක වැරදුනෙමි... ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්රණය කිරීම පමණකි.
නමුත් මැරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........🙏❤️🇱🇰

උපුටා ගැනීමකි
Copied from FB

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
02 May 2019 07:30 AM
  •  Quote
  •  Reply
hmmm mehema ayath innawa apith ekka
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 May 2019 08:50 AM
  •  Quote
  •  Reply
නෙතට කඳුලක් ඉනුවා. මේ වගේ අය සමාජයේ තවත් ඉන්නවා ඇති...
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
02 May 2019 09:30 AM
  •  Quote
  •  Reply
හම්මේ උදෙන්ම හිතට ආව දුක ඒක කියවල.
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
02 May 2019 02:42 PM
  •  Quote
  •  Reply
එකෙන්ම.....මිහිපිට දෙවියන් දැකපු කෙනෙකුගේ අත්දැකීමක්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
02 May 2019 06:56 PM
  •  Quote
  •  Reply
නියම මහත්වරු ක්‍රෙඩිට් ගන්න බලාගෙන වැඩ කරන්නේ නැහැ. යුද්දෙදිත් එහෙමයි.

එතුමාට මේ මුදල ලබා දුන් පුද්ගලයා අනර්ඝයි. අතේ තිබුණේ එච්ච‍රම උනත් කමක් නැහැ. සල්ලි දීල පයින් ගෙදර ගියත් අර දෙපා අහිමි පුද්ගලයාට තරම් අපහසු නැහැ. එතුමා වකුගඩුවෙන් දෙපා වලින් තම යුතුකම් ඉටු කරල තියෙන්නෙ.

සමහරු ෆේස්බුක් පෝස්ට් දානවා.. අරයා පව්. මෙයා පව් කියල. ඒ වුනාට තමන්ට කරන්න පුළුවන් අවම දේ වත් කරන්නෙ නැහැ. ඒ අතින් මෙතුමා හොඳ ක්‍රියාවක් කරලා තියෙන්නෙ.

දේසපාලුවන්ට කල හැකි අවම දේ වත් කරන්න බැරි වෙලා. ඇත්තටම ඔය 225 ම අපුලයි මට. සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන කැක්කුම දේසපාලුවන්ට කොහෙත්ම නැහැ. රඟපානවා විතරයි. ස්තූතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
02 May 2019 08:48 PM
  •  Quote
  •  Reply
අනේ එච්චරම කැපවීමක්, දුකේ බෑ අනේ.
මේ ඇත්ත කතාවක්ද අය්ය
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 May 2019 09:29 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 02 May 2019 07:30 AM
hmmm mehema ayath innawa apith ekka

දැන් මෙහෙම අය දකින්න ලැබෙන්නේ කලාතුරකින් .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
03 May 2019 05:31 AM
  •  Quote
  •  Reply
මේදා පාර ඡන්දයක් තිබ්බෝත් Unp කාරයින්ට බැනලා එළව ගන්න්නව දෙන්නේ නෑ කියලා..මන් මේ ඉන්නේ තියනකන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0


---