මතකයිනේ ශාදිගෙයි ශානු අයියාගෙයි ආදර කතාව.
අතොරක් නැතිව තිබුණ දුක් කරදර බාධා කම්කටළු මැද්දේ වුනත් අළුත් ජිවිතයකට මුල
පිරුවා. යුග දිවියට ඇතුලත් වුණා. එයාගේ ජීවිතය ඉදියට ගලන් ගියේ කොහොමද? ඉස්සර
තිබුණ කරදර මගහැරුණද? කතාවට ගිහින්ම බලමු.. ලින්ක් එක කෙමෙන්ට් වල ඇති මුල් කොටස
කියවපු නැති අය කියව ගන්න... මම සඳු.
කැඳැලි කරා.
(කදුලත් සැනසුමක්-2)
01- වන කොටස.
වෙඩින් එකෙන් පස්සේ අපි ගමේ නතර වුනා. ඒ
කියන්නේ මගේ අම්මාගේ අම්මගේ ගෙදර. මගේ ආච්චී අම්මා ළග. ඇත්තටම ශානු අයියාලාගේ
ගෙදරට යන්න මම පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. මුලින් මුලින් මට කොච්චර ආදරෙන්
සැලකුවත් අන්තිමට අපි වෙඩින් එක ගන්නටවත් එයාලා කැමති වුනේ නෑනේ. මම හිතපු නැති විදියට
මගේ අඩුපාඩු හොයන්න පටන් ගත්තා. මේ හැමදේකටම හේතුව එයාලගේ හිතේ මං ගැන පැහැදිමක්
නැති එක. සමහර විට මගෙත් වරදක් ඇති. කොහොම වුනත් මම ගමේ නතර වෙන්න තීරණය කලේ වෙඩින්
එකටත් කලින්.. මගේ සෙවනැල්ල වගේ මගේ ළගින්ම හිටිය මගේ චූටි මාමා එයා පොරොන්දු වෙලා
තිබුණේ ගමේ මහ ඉඩමෙන් කොටසක් මට දෙන්න. ඒක හින්දා ශානු අයියයි මායි ආච්චිලගේ ගෙදර
නතර වුණා.
ආච්චි නපුයි, කටකාරයි, මගේ කකුල කැඩිලා
ඉද්දිත් මට සැලකුවේ හොද විදියට නෙමෙයි තමයි.ඒක හින්දා දැනුත් ශානු අයියටයි මටයි
වෙනස් කම් කරයිද කියලා මට නිතරම හිතුණා. ඒත් ඉක්මණටම ගේ හදන්න හිතාගෙන අපි ඒ ගෙදර අළුත්
ජීවිතේ පටන් ගත්තා. ශානු අයියව ගමට එකන් එන්න තව හේතුවක් තිබුනා. මට ඒ වෙද්දී
ආරංචී වුනා ශානු අයියා නරක යාළුවෝ වගයක් ආශ්‍රය කරන්න පටන් අරන් කියලා. කාටවත්
දොස් කියලා වැඩක් නෑ. ශානු අයියව ඒ දේවල් වලින් මගෑර ගන්න එක මගේ වගකීම. හැමදාමත්
පැතුවා වගේ එයා දැන් මගේ. මගේම විතයි. හිතිං විතරක් මගේම කරන් හිටිය ශානු අයියව
නීතියෙනුත් දැන් මගේම කර ගන්න මට පුළුවන් වුණා.
‘‘සුදු
මැණික ඉක්මන් කරන්නකෝ.. මට පරක්කුයි.‘‘ මිදුලටත් බැහැලා බයික් එකට ගොඩ වෙලා හිටිය
ශානු අයියා කෑ ගහනවා.
‘‘එනවා
ශානු අයියේ.‘‘ පාන්දම ඇහැරලා මගේ අතින්ම උයලා
බැදපු බත් පාර්ශල් එක පුංචී කවරයකට දමමින් මම ඉස්සරහා දොරෙන් එළියට ආවා.
‘‘ඇහැරෙන්නත්
පරක්කු වුණානේ.. වැඩට යන පළවෙනි දවසෙම පරක්කු වෙන එක හරි නෑ.‘‘ බත් පාර්ශලය බයික්
එකේ ඉස්සරා කවරයට දමා ගත්තු ශානු අයියා වට පිට බලලා මගේ නළල මත හාදුවක් තිබ්බා. මට
නම් කිසිම බයක් තිබුනේ නෑ .මමත් තුරුලටම ගිහින් ශානු අයියාට හාදු කීපයක්ම දුන්නා.
‘‘ආච්චි
අමිමා දකී සුදු මැණික.‘‘
‘‘ඉතිං මොකෝ..
ඔයා දැං මගේනේ..‘‘ මම කිව්වවේ හරිම ආඩම්බරෙන් ලස්සන හිනාවකුත් එක්ක.
‘‘පිස්සී..
මම යන්නම් රත්තරං.. පරිස්සමින්..‘‘
‘‘හරි මගේ
අයියේ.. ඔයත් පරිස්සමින් යන්න.. බුදු සරණයි.‘‘වෙඩින් එකට ගත්තු නිවාඩු ඉවර වෙලා
ශානු අයියා මුළින්ම වැඩට ගිය දවස නිසා මට ලොකු පාළුවක් දැනුනා. ඇතට ඈතට ගිහින්
වංගුවෙන් නොපෙනී යනකන්ම බලාගෙන හිටිය මම ගේ ඇතුළට ගියේ මූන බෙරි කරගෙන.
‘‘මොකද
සුදු දූ.. ශානු පුතා ගිය නිසා පාළුද?.‘‘ කවදාවත් උදෙන් ඇහැරලා පුරුද්දක් නැති ආච්චී අමිමා කාමරෙන්
එළියට ආවේ පොරවනයත් ඇග වටේ ඔතානෙ. එයාම කියනවා සීයා හිටිය කාලේ වත් එයා උයන්න
පාන්දර ඇහැරියේ නෑලු.සීයා කියන්නේ.. මගේ තාත්තා... තාත්තා නැති මට තාත්තා වුණේ
සියා තමා. සීයත් දැන් අපෙන් සමුඅරන් අවුරුදු තුනකටත් වැඩී . ඒත් මට තවත් සීයව
නිතරම මතක් වෙනාවා. අද මගේ සීයා හිටියා නම් මගේ වගකීම් යුතුකමි කාටවත්ම පැහැර
හරින්න එයා ඉඩ තියන්නේ නෑ. එහෙම වුණා නම් කොච්චර වුනත් මාව ශානු අයියා ළගට හිස්
අතින් යවන්න එයා ඉඩ තියන්නේ නෑ. ශානු අයියා නම් මගෙන් මොකුත්ම බලාපොරොත්තු වෙන්නේ
නැති බව නම් ඇත්ත. ඒත් කාලයත් එක්ක එයාගේ අම්මයි තාත්තයි දෑවැදි , ඉඩ කඩම් මගෙන්
බලාපොරොත්තු වෙනවා කියලා මට වෙලාවකට හිතුනා.
ගෙවල් අස්කරලා අතුගාලා ගෙදර වැඩ ඉවර වුණාට
පස්සේ හරිම කම්මැලී.. කරන්න වැඩක් නෑනේ..
ශානු අයියා ගෙදර එනකන් මම කාලේ ගෙවා ගත්තේ හරි අමාරුවෙන්. හවස් වෙද්දී කුස්සියට
වැදුනු මම හරිම උනන්දුවෙන් ශානු අයියා වෙනුවෙන් කෑම ඉව්වා.පව් ගමේ ආව නිසා ශානු
අයියට දැන් වැඩ කරන තැනට හුගක් දුර බයික් එක පැදන් යන්න වෙලා. එයාව හැම කරදරයකින්ම
ඈත් කරන්න මම ගමට එක්කන් ආවත් මගේ හිතට රස්සාව කරන තැනට තිබුණ දුර මතක් වෙද්දී
දුකයි. වෙලාවකට මම ගත්තු තීරණය වැරදිද කියලත් මට හිතුණා.
‘‘සුදු දූ
මොනවද හදන්නේ.‘‘ උයලා ඉවර වෙන්න කිට්ටු වෙද්දි ආච්චී අමිමා කුස්සයට ආවා.
‘‘උයලා
ඉවරයි සුදු අම්මේ..‘‘මම කැරට් සම්බෝලයක් හදන්න හිතාන කැරට් අල කීපයක් සුද්ද කරමින්
සිටියා.
‘‘ඔයා
කැරටි සුද්ද කරන්නේ ඇයි.‘‘
‘‘සම්බෝලයක්
හදන්න කියලා.‘‘ මම ආයෙත් කිව්වේ සුද්ද කරපු කැරට් ටික සොදලා වෙනත් පිගානකට දාන
ගනිමින්.
‘‘දෙහි
ටිකකුයි ගොටුකොල ටිකකුයිත් ඕකට හාමු කලානම් හොදයි‘‘
‘‘දෙහිනම්
තිබුනා සුදු අම්මේ.‘‘ කුස්සියේ වැඩ තනියම කරන්න තමයි මම ආස. කවුරුත්ම උපදෙස් දෙනවට
කියවනවට මම ආස නෑ. ඒත් ඉතිං ආච්චී අම්මගේ පුරුද්දනේ හැම දේකටම උපදෙස් දෙන එක . ඒක
නිසා මම අහන දේකට උත්තර දුන්නේ හිත තද කරගෙන.
‘‘කෝ
දෙන්න සුදු දූ.. මම ඕක ලියා දෙන්න.‘‘
‘‘ලියන්න
ඕනී නෑ සුදු අම්මේ.. මේකෙන් ගාමු.‘‘ කැරටි ගාන එක අතට අරගෙන මම කිව්වා.‘‘
‘‘ගම්බිරිස්
තිබ්බද ..‘‘
‘‘තිබ්බා
මගේ හිතේ.‘‘
‘‘පොල්
ටිකක් අරන් තිබ්බද?.‘‘ දැන් නම් මට තවත් ඉවසුම් නෑ. මගේ ඉවසිමක් නැති කමද? ඔයාගේ
ගතියද මන්දා මට දැන් උත්තර බැදලා ඇති වෙලා. උයනවාට වඩා වෙලා යනවා එයාට උත්තර
දෙන්න.
‘‘තිබ්බා
තිබ්බා.. සුදු අම්මේ.. ඔයා ගිහින් ටීවි බලන්නකෝ මේක දැම්ම කලවම් කරන්නෑ.. මම පහේ
ටික කපලා තියලා එන්නම්.‘‘ ආච්චි අම්මා මටත් ගස්සගෙන සාලය පැත්තට ගියා. මොනවා
කරන්නද මට තව ටිකක් ඉවසන්න තිබුනේ ආයෙත් හිතින් පසු තැවුනු මම වැඩ ටික ඉවර කරලා
සාලෙට ආවා.
‘‘තාමත්
නෑනේ මේ ශානු අයියා.‘‘
‘‘ඒක
තමයි.. කොහේ ඇවිදින්න ගිහින්ද දන්නෑ.‘‘ ආච්චි අම්මාගේ කතාව නොපිටට මයි.
‘‘කොහේ
යන්නද සුදු අම්මේ.. දුරයිනේ හුගක්... තව චුට්ටෙන් එයි.‘‘ මොකට කිව්වද ශානු අයියා පරක්කුයි
කියලා. මම හිතිං මට බැන බැන ටීවි එක ඉස්සරා පුටුවකට බර වුණා.ඒ කියලා වැඩි වෙලාවක්
ගියේ නෑ ශානු අයියගේ බයික් එක දොර ළග නතර
වුණා.
‘‘ශානු
අයියේ ඔයා ආවද?.‘‘ පුටුවෙන් බිමට පැන්න මම කෙලින්ම නතර වුනේ ශානු අයියා ළග. ආච්චි
අම්මත් දොරෙන් එබිලා බලන් ඉදිලා.. ආපු ගමන්ම මම ශානු අයියාගේ තුරළට පයින් හැදුවේ .
ශානු අයියා මාව මගෑරයේ ඇස් දෙක කොණට කරලා ආච්චි අම්මව පෙන්නලා. වෙලාවකට මෙයා මහ
ඇනයක් අප්පා.. මම හිතින් බැන බැන ශානු අයියාගේ පස්සෙන් ගෙට ආවා.
‘‘තේ
ටිකක් හැදුවා නම් හොදයි නේද සුදු දූ...‘‘
‘‘මම මේ
හදන්න යන්නේ ආච්චී අම්මේ.‘‘ ඒ වෙද්දිත් කුස්සිය දෙසට යමින් මම කිව්වා.
‘‘අර ශානු
පුතාලගේ අම්මලා ගෙනාපු කැවුම් කොකිස් ටිකකුත් ගෙන්න සුදු දූ.‘‘
‘‘හරි
සුදු අම්මේ.‘‘ මම කුස්සියට ගිහින් කේතලය ලිපේ තිබ්බා ශානු අයියා අච්චි එක්ක කතා කර
කර සාලේ පුටුවක වාඩී වෙලා හිටියා. පව් ශානු අයියට මහන්සී ඇති. මොකවත් කියන්නත් බෑ..
මේ ආච්චී අම්මා ආපු ගමන් ශානු අයියව කයියට අල්ලගෙනනේ. ශානු අයියා වැඩිය කතා කර කර
ඉන්න ආස කෙනෙක් නෙමෙයි. හිත රිද්දන්න බැරි කමට හිටියට .ශානු අයියත් එතන ඉන්නේ කැමැත්තක්
නෑ කියලා මම දන්නවා.
‘‘ශානු
අයියේ... එන්නකෝ.‘‘ මම කුස්සියේ ඉදන්ම කතා කලා.
‘‘මොකද
සුදු දූ... ඔය කැවිලි ටිකක් මෙහාට ගේන්න.‘‘ ආච්චි අම්මා ඒ කතාවේ මැද්දටත් පැන්නා.
‘‘නෑ
ආච්චී අම්මේ මම කුස්සියට ගිහින්ම කන්නම්.‘‘
‘‘මොනවද
සුදු දූ... මේ ළමයා කුස්සියට අඩ ගහලා කන්න දෙන්නේ.. මෙහෙට ගෙනාවා නම් ඉවරනේ.‘‘ආච්චි
අම්මා මට ආයෙත් කියවන්න වුණා.
‘‘පිට
ගෙයක් වෑ සුදු අම්මේ... දැන් ශානු අයියාත් මේ ගෙදර කෙනෙක්නේ කොහෙ ඉදන් කෑවම
මොකෝ.‘‘ මම දෙපැත්තම හරි ගස්සන්න හිතාන ඒම කිව්වම ආච්චී අම්මා තවත් කතාවක් පටන්
ගත්තා.
‘‘සේරට
කලින් නාන් හිටියා නම් නරකද?.‘‘
‘‘නාන්නත්
ඕනී ආච්චී අම්මේ.‘‘ ශානු අයියා එන්න සැරසුනත් ඔහුට ගැලවීමක් නෑ.
‘‘ රෑට
නාන්න හොද නෑ ශානු පුතේ.. අම්මේ... හොද පුතා වගේ ඇග හෝද ගන්න.‘‘
‘‘හ්ම්ම්ම්ම්.‘‘
ශානු අයියට දැන් ගමන් මහන්සියට වඩා කතා කරලා මහන්සී ඇති.
‘‘ටැංකියේ
වතුර නම් රස්සේ ඇති.‘‘
‘‘ශදී
නංගී... ටවල් එකයි සබන් කෑල්ලයි අරන් එන්න.‘‘ ශානු අයියගේ ඉවසීමේ සීමාව පැනලා වගේ.
ඒක කිව්වේ ටිකක් කෙන්තියෙන්.
තවත් කොටසකින් හමු වෙමු.
සිතුවිලි ගැළපුම සඳු.
දිනයක වැටහේවී...........