Go to previous topic
Go to next topic
Last Post 08 Apr 2017 06:10 PM by  chamaramind
සෙනෙහස පාමුල.
 106 Replies
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 03:27 PM
  •  Quote
  •  Reply

ඔන්න මේ කතාව මම තනියෙම ලියන කතාවක් නම් නෙමෙයි. මුහුණු පොතේ යාළුවෝ කීපදෙනෙක් එකතු වෙලා තමා 

මේ කතාව ලියන්නේ. හැබැයි වැඩි කොටස් ප්‍රමාණයක් මගෙන්.. ඒකයි මම සයිට් එකෙත් පල කරන්න හිතුවේ.

 

තව විශේෂයක්...

 මේකේ කවර්ස් පොටෝ හැඩගැන්වෙන්නේ විදේශිය තරු වලින් නම් නෙමෙයි. මුහුණු පොත තුළ ඉන්න අපේම යාළුවන්ගේ

 චායා රෑප වලින්. 

 

අඩුපාඩු නම් ඇති. නොගැලපීමුත් ඇති. සමූහ නිර්මාණයක් කරන එක ලේසී නෑ. එක එක්කෙනාගේ ලිවීමේ රටාව වෙනස්.

 ඉතින් කොටසින් කොටසට ඔයාලට අමුත්තක් දැනෙයි. කියවලාම බලන්නකෝ.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 03:27 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 03:32 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.


01- කොටස.


අම්බරය නිසංසලය.. ලා කහ පැහැති හිරු කෙමෙන් කෙමෙන් නැගෙනහිරින් අහස මුදුනට සේන්දුවන්න

 අරඹා ඇත්තේ වර්ණයද හෙමි හෙමිහිට සුදට හරවමිණි. තරමක් වේගයෙන් ඉදිරියට ඇදුනු දොර දෙකේ

 බස් රිය තුළ ගී ගයමින් විනෝද වූ දගකාර තරුණියන් පිරිසකි. එක් පසක් පමනක් වාදනය කල හැකි 

බෙරයකට රිද්මයට තලමින් හඩ එකතු කලේ තරමක් මහත තරුණියකි. ඇය ලබාදුන් රිද්ම රටාව පාදක

 කරගනිමින් ඒ නුදුරෙහිම ගිටාරයක් සංයමයෙන් වාදනය කරමින් ගීතයකට තම හඩින් පන පෙව්වේ 

සුන්දරත්වය උපතින්ම රැගෙන ආ තරුණියක විසිනි.. මියුරු හඩද ඇගේ රූපයට නොදෙවිනි විය. 

ඔබගාව මම ඉන්නෙමි.. 
සුසුමන් වගේ යා වෙවී.. 
තනියේ තුරුල් වී.. 
මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ලන් වෙවී ..
තරු මල් කඩා දෙන්නෙමී.. 

බසය හදිසියේ නැවැත්වීමට රියදුරු තිරිංග තද කලේය. බසය තරමක් ගැස්සීම නිසා බසය තුල 

විනෝදයෙන් ආ තරුණියන්ද අගල් කිහිපයක් ඉදිරියට විසිවිය.. 
*මොකක් ද ඩ්‍රයිවර් අයියා ගහනවා කියලා ඔහොමත් බ්රේක් ගහනවාද..* 
ගයමින් සිටි ඇගේ ගායනයට බාධා වුනු හෙයින් ඇය ගිටාරය ලග වු යෙහෙලියට දී සිට ගත්තේ බෙරිහන් 

දෙමිනි.. *එකනේ බන් පහන්යා.. * ඇය පැවසු දෙය ඇගේ යෙහෙලියක් විසින් සනාත කල අයුරින් එසේ

 පවසන ලද්දේ රියැදුරාට රවමිනි.. 

*මේ කොහෙද යන කාලකන්නි බයික් කාරයෙක් මිස්.. උදේ පාන්දරම මැරෙන්න හදනවා. රෝද දෙකකට

 ගොඩ වෙලා පියාඹන්නයි හදන්නේ* බසයේ කෙලවටම ඇසෙන පරිද්දෙන් බෙරිහන් දුන් රියැදුරා ඔහු 

ඉදිරි පාපුරුවේ හිටගෙන ආ තම සහයකයාට පමනක් ඇසෙන පරිද්දෙන් යමක් මුමුනන්නට විය.
* මුන්ටනම් මොකද බන් මුන් නම් චූන් වෙවි යයි.. අර යකා මේකේ වැදිලා මලානම් මම එපැයි පරිප්පු

 කන්න*
නැවතත් බසය පන නංවමින් රියැදුරු ගමන ඇරඹුවේය. 

*ඒ බන් පහන්යා තව සින්දුවක් කියමු .. *
තරුණියක් විසින් පහන්යාගෙන් ඉල්ලීමක් කරන්නට විණි..

මෙ‍ලෙස ගී ගයමින්ද වාධනය කරමින්ද අත්පොලොසන් දෙමින්ද පැමිණි මේ තරුණියන් පාසල් 

කාලයේ මිතුරියන් පිරිසකි. වසර කිහිපයකට පසු සියල්ලන්ටම නැවත එකතු වීමට අවස්තාවක් 

ලැබුනු නිසා ඔව්න් මෙලෙස චාරිකාවක් සංවිධානය කරගෙන ඇත. තරුණියන් අතර සිටි දගකාරම 

තරුණියද පහන්යා යි. 
ඔව්න් චාරිකාව සදහා තෝරාගෙන තිබුනේ මහනුවර මාතලේ සහ ඒ ආශ්‍රිත තැන් කිහිපයකි.. 
පහන්යා ගේ අවශ්‍යතාවය වූයේ රිවර්ස්ටන් යාමටයි.. ඒ ඇය මින් පෙර නොගොස් තිබුනු නිසා සහ

 ඇගේ තවත් මිතුරියන් එහි ගොස් මුහුනු පොතට එක්කර තිබුනු ජායාරූප දැක ඇතිවු ආශාව නිසා ය.. 

**************************
**************************

එවන්ම චාරිකාවක නිරත වුනු තවත් පිරිසක් විය.. එය එක්තරා ගම්බද පාසැළක සාමාණ්‍යපෙළ 

හදාරණ සිසු සිසුවියන් සම්බන්ධවුනු අධ්‍යාපන චාරිකාවකි. විදුහල්පති තුමාගේ කාර්‍යභාරය පැවරී 

තිබුනේ එම පාසලේ අයි ටි ඉගැන්වූ ගුරුවරයාටයි. ඔහු කඩවසම් සිරුරකින් හෙබි සුභාශ් නම් තරුණ 

ගුරුමහතෙකි. පෙනුමින් කිව නොහැකි මුදු ඔහුගේ වයස අවුරුදු 26කි. ඔහුගේ තරුණ බව කඩවසම්

 බව ඔහු වටා පාසලේ සිසු සිසුවියන් එක් රොක් වීමට ඔහුට නිරායාසයෙන්ම ලැබී තිබුනු ආකර්ශනීය

 බවෙකි. නමුත් සිසුවියන්ටත් වඩා සිසුන්ගේ හික්මීම පාලනය කරගැනීමට ඔහු අනුගමනය කලේ 

තරමක රෞද්‍ර බවෙකි. 
සිසු සිසුවියන්ද ඔව්න්ම එක්රේ පත් යොදාගනිමින් සාදාගන තිබු ඔක්ට පැඩයක් වන් වාද්‍ය බාන්ඩයක්

 වාදනය කරගනිමින් ගායනයෙහි නිරත විය. සුභාශ් ද ඔහුගේ රෞද්‍ර විලාශයෙන් මිදී ඔවුන්ට එකතු 

වි ගි ගයමින් විනෝධයෙන් චාරිකාවෙහි නිරත විය.. ඔවුන් ගමන් කළ බසය රිවර්සර්න් කන්ද පාමුල 

නතර වද්දි පෙරවරු 11 ට පමණ ඇත. බසයෙන් බැසගත් සියල්ලෝ තමන් ගෙනා ආහාර පාන බසය

 නැවැත් වු ස්තානයේදිම අනුභව කරන්නට වුනේ පමනක් පිරිස බසය තුළම සහ ඇතැමෙක් බසයෙන්

 එළීයටද අවුත් ය. 
**************************
**************************

ලග ලග වංගු හැරි හැරි ආ රිවර්ස්ටර්න් ගමන පහන්යාටනම් නැව්ම් අත්දැකීමක් විය. 
මග දෙපස ඇති ලා කොල පාටින් දිස්වු තේ වතු වල ඇය මනසින් ඇවිද්දේ විවර නෙතු අස්සෙන් 

හීන මවමිනි.. 
ඔව්න්ගේ බස් රතයද රිවර්ස්ටර්න් කන්ද පාමුළ දී නතර විය.. 
මුළින්ම බසයෙන් එළියට ආවේ පහන්යා ය. පෙදෙසෙහි වු සීතල ඇය දෙපසට දෑත් විදා මුලු ගතින්ම

 විදගත්තේ දැඩි ආශ්වාදයෙනි. 
ඇයට පසු ඇගේ යෙහෙළියන්ද බසයෙන් පිටත ආවේ සීතලට දෑත් පපුවට තද කොට බැදගනිමිනි.. 

අතේ වු ඉදුල් සෝදා ගැනීම සදහා ඔවුන් ආ බසයෙන් පිටතට ආ සුභාශ්ගේ අවධානය තිබුනේ තැන 

තැන විසිර සිටි සිය පාසලේ සිසු සිසුවියන් පිළිබදවයි. එහෙයින් ඔහු වෙනතක් බලාගෙන විත් 

පහන්යාගේ ඇගේ හැපුනි.. 
*අය්යෝ මිස්ටර් කොහෙද මේ යන්නේ ගාල කඩා ගත්තා වගේ.* 
පහන්යාගේ බ්රේක් නැති කටින් වචන වැල නොකැඩි පිටවත්දී සුභාශ් ඇය වෙත නෙත් යොමු 

කලේය.. පහන්යා දුටු සුභාශ් ඇය දෙසම එක එල්ලේ බලා සිටියේ ගල් ගැසීමෙනි. පහන්යගේ 

දිගැටි පැහැදිලි නෙතු යුගලටද රෝස පැහැති කොපුල් වලටද සුභාශ් හිරි වැටී ගිය අයුරකි.. නමුත්

 ඔහු එක එල්ලේම බලා සිටී ක්ශනයකින්ම පහන්යාගේ බැල්මද සුභාශ්ගේ නෙතු මත පතිත විය. 

දෑසට දෑස යාවු තප්පර දෙක තුනක් ආශ්වාදනීය කල්පයක තරම් කාලයක් මෙන් දැනෙන්නට

 වූයෙන් ලැජ්ජාවට දෙදෙනාම පහල බලන්නට වුනේ එක වැරය.. 
*සොරි නංගි.. * සුභාශ් පැවසුවේ එපමනකි .. ඔහු පාරේ කොනකට කොනකට ගොස් අත 

සෝදාගන්නට වුනි. 
පහන්යා ඔහුගේ උස සිරුරද ඉරියව්ද හොදින් නිරීක්ෂනය කරන්නට විය. 
*ඇයි බන් මොකෝ කේස් එක* යෙහෙලියක් විත් විමසන්නට වුනේ පහන්යාගේ උරහිසට 

අත තබමිනි.. 
*නැ නැ මුකුත් නැ බන්* ඒ හැරුනු කොට පහන්යා තව දුරටත් කිසිවක් නොපවසා ඇය පැමිණී

 බසය වෙත ලන් විය.. 
*මේ මැඩම්ලා ටික දැන්වත් අපි යමුද..* පහන්යා බසයෙන් පිටතට නොපැමින ඉතිරිව හිදි සිය 

යෙහෙලියන් අමතන්නට විය. 
ඇගේ පැහැඩිලි හඩට සුභාශ්ට ඇය වෙත දෑස් යොමු වුනේ නිරායාසයෙනි. ඇයගේ දගකාර හැසිරීම්

 සුභාශ්ගේ මුව සොදුරු සිනහවකින් හැඩ කරන්නට සමත්විය.. 
*පූසා වගේ හිටියට සරුත් හෙන කුකුළා නේද?* සුභාශ්ගේ දකුනු පසින් ඇසුනු හඩට ඔහු ඒ දෙස 

හැරි බැලුවේය. එලෙස පැවසුවේ කවුරුන්ද වග තවත් සෙවීමට දෙයක් නැත. පාසලේ වු කටකාරම 

සිසුවාගේ මුව පුරා සිනහවක් ඇත. සුභාශ් ඔහු වෙත ගොස් ඉහලට අත එසවූ සැනින්.. 
*හරි හරි සර් මම විහිලුවක් කලේ ඉතිං.. අර ලස්සන අක්කත් බලන් ඉන්නවා* සිසුවා පැවසුවේ 

පහන්යා සිටි දෙසට අත දිගු කරමිනි.. සුභාශ් ඒ දෙසට හැරි බැලුවත් ඇය එතන වුයේ නැත.
*හිටපන් උඹට මම * සුභාශ් යලි සිසුවා දෙසට හැරෙද්දි ඔහු වුයේ යහලුවන් දෙසට දුවමිනි.
සුභාශ්ගේ මුවට පැමිණියේ කේන්තියක් නොව සිනහවකි නමුත් ඔහු එය පිටවන්නට නොදී වලකා 

ගෙන කටකාර සිසුවා ගිය පෙදෙසටම සිය පා සනිටුහන් කරන්නට විණී. 


ඇතැමෙක් ලමුන් පාර කදු මුදුනට දුවන්නට විය. ඇතැමෙක් මග නැවතී ගුරුවරුන් පැමිණෙන තුරු 

සිටිති.. මැදි වයසෙහි වු කාන්තා ගුරුවරුන් දෙදෙනෙක් ඉක්මනින් ම පා තැබුවේ සිසු සිසුවියන් 

පිළිබදව අවදානමක් ගැනීමට වු බිය නිසා විය හැක. සුභාශ් සහ තවත් මැදි වියෙහි වු පිරිමි ගුරුවරයෙකු

 අවසානයේ ගමන් කරන්නට විනි.. 

*එ ඉශාන් මෙහෙට එනවා*
ඉදිරියට දුවමින් සිටි කටකාර සිසුවා නවත්වා ඔහු කැදවුවේ ඔහුගේ ගොරහැඩි කටහඩිනි.
ඉශාන් ආපස්සට දුවගෙන ආවේ තම ගුරුතුමා උරණ කරගැනීමට බියෙනි.. 
*සර්..... හී* ඉශාන් දත් විරිත්තා සිනහ විගෙන සුභාශ් වෙත ලන් වුනේ වේගය කෙමෙන් අඩු කරමිනි.. 
* මොකක්ද අර කියපු කතාව තමුසේ.. තමුසෙලා දැන් අපිවත් විහිලුවට ගන්නවා නේද අයිසේ.. * 
*ඇයි සුභාශ් සර් මොකක්ද මේ කොල්ලා කිව්වේ..* සුබාශ් හා පැමිණි මැදි වියැති අනෙක් ගුරු මහතා 

ඉශාන් දෙස බලා විමසුවෙ දෙබැම උස්සමිනි.
* නැ උපාලි සර් මු විහිලුවක් කලා මට* සිදුවිමේ අටුවා ටිකා කීමට වු අකමැත්තෙන් සුභාශ් පැනය එලෙස 

මගහැරියේය. තවත් පැනයක් එල්ල වේ යැයි සිතා සුභාශ් ඉශාන්ගේ කර වටා එක් අතක් දමා ඔහුගේ 

පන්තියේ විස්තර අසමින් ඉදිරියට පා තබන්නට විය. 

පහන්යා සහ යෙහෙලියන්ද ඔව්න් පසු පසම කන්ද මුදුනට ඇති පාර දිගේ පා තැබුවාය. එක් අවස්තාවකදී 

ඔව්න් සුභාශ්ලාව පසු කරන්නට විය . සුභාශ්ගේ දෑස් පහන්යා වෙත යොමු වත්දී එය ගැන අවදානයෙන් 

මිදුනු පහන්යා අවට සිරි නැරඹුවේය. ඉහලට ලන්වෙද්දි සුලං වල ඝෝෂාකාරි හඩ සවන් පුරවන්නට පටන් 

ගත්තේය. සීතලද පහලට වඩා වැඩිය. පහන්යා සීතලට දැත් තදින්ම පපුවට තද කරගත්තේය. එදෙසම 

දෑස් යොමා සිටි සුභාශ් පහන්යාගේ රිද්මයටම ඉශාන්ගේ උරහිස අතින් මිරිකුවේය.. 
පහන්යා දෙස තම ගුරුතුමා දෙසත් බැලු ඉශාන්. 
*සර් මේ මම* යැයි පැවසුවේ යලිත් දත් එලියට පෙනෙන ලෙස විරිත්තා සිනහ වෙමිනි. 
සුභාෂ් ක්ෂනයෙන් ඉශාන්ගේ උරහිස අත් හලේය. ඉඩ ලැබුනු ඇසිල්ලෙහි ඉශාන් පැන යහලුවන් සොයා 

ඉදිරියට දුවන්නට වුනේ යමක් හඩින් පවසමිනි. 
* ඔය රෝස පාට ඇදන් ඉන්න සුදු අක්කට අපේ සර් ලයින් එක දාන් ඉන්නේ ඕන්..* 
එය ඇසී තරුණියන් එක වැරම ඉශාන් දෙසත් පිටුපසත් බලන්නට වුනේ සිනහ වෙමිනි. පහන්යාද සුභාශ් 

වෙත දැස යොමු කරද්දි සිදුවු ලැජ්ජාව නිසා සුභාශ් වෙනතක් බැලුවේ දත්මිටි කමිනි. 
උපාලි ගුරු මහතාට ඉශාන් පැවසු දෙය පැහැදිලි නුවු නිසා ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු නොකලේය.. 

පිටු පස හැරි හැරි සුභාශ් දෙස හොරෙන් බලමින් පහන්යා ඉදිරියට ගියේ තරමක වෙගයෙනි.

ඉන් පසු නැවත සුභාශ්ට පහන්යා හරි හැටි දැක ගැනීමට අවස්තාවක් නොවීය. පහන්යාද මීදුම රැදුනු 

පරිසරයේ ආශ්වාදය විදගත්තා මිස අන් දෙයක් ගැන සිතීමට හෝ කිරීමට උත්සහ නොගත්තාය. 
නැවතත් ඔවුන් දෙදෙනාට දෙදෙනා දුටුවේ රිවර්ස්ටර්න් කන්ද පාමුල බස් නවත්වා ඇති ස්තානයේදීයි.. 
නමුත් එය මිනිත්තුවකටත් වඩා අඩු කාල පරාසයකි. එයට හේතුව සිසු සිසුවියන් රැගත් බස් රිය එම 

ස්තානයෙන් පිටත් යෑමට සුදානම් වු හෙයින් සුභාශ්ට සිසු සිසුවියන් සියල්ලම සිටිද්දැයි පර්ක්ෂ කිරිමට 

සිදුවු නිසාවෙනි. 
නමුත් බසය පන ගන්වා පිටත්වන මොහෙතේදි සුභාශ් යලිත් යෙහෙලියන් සමග සතුටු සාමීචියේ යෙදී 

හුන් 
පහන්යා දෙස අවසන් වරටත් බැලුවේය. පහන්යාට ඔහුගේ නෙත් බැල්ම හසු විය. සුභාශ් බසයට 

ගොඩවැදුනේ සිය දෑස් ඇය ලග නතර කොටය.

මතු සම්බන්ධයි 


ඉතිරි කොටස ගෙත්තම් කරන්නේ සදුනි කාංචනා විසින්..
අද කොටස අකුරු ගැන්වු මම 


ගයාන් ධනු.. 


අද කවර් පොටෝ එක හැඩ ගැන්විමට පොටෝ ලබා දුන් ආක්ෂා මිතුරියට ගොඩාක් ස්තූතියි..

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Jan 2017 09:34 PM
  •  Quote
  •  Reply
සඳුනිගෙන් තවත් කථාවක්.. මේක හවුල් එකක් වගේ.. කොහොම නමුත් දිගටම ලියන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
30 Jan 2017 03:57 AM
  •  Quote
  •  Reply
දිගටම ලියන්න ලස්සන කතාවක් වගේ.
0

malki
Basic Member
Basic Member
Posts:216






--
30 Jan 2017 04:46 AM
  •  Quote
  •  Reply
Short story kiyawanna mama tikak kammalii....me dawas wala asanipen gedara nisa Saduni ge kathawa kiyewwa......Lassanaii Saduni digatama liyanna.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
30 Jan 2017 05:01 AM
  •  Quote
  •  Reply
Posted By malki on 30 Jan 2017 04:46 AM
Short story kiyawanna mama tikak kammalii....me dawas wala asanipen gedara nisa Saduni ge kathawa kiyewwa......Lassanaii Saduni digatama liyanna.....
මල්කි අසනීපෙන්  පෙළෙනවා කියලා තිබුණා. හැකි ඉක්මනින්  සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා  කරනවා.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:44 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Feb 2017 06:47 PM
  •  Quote
  •  Reply
සාමුහික නිර්මානයක් කිව්වෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:49 PM
  •  Quote
  •  Reply

සෙනෙහස පාමුල..

දෙවන කොටස.

        මාතලේ ප්‍රදේශයට සමු දී චාරකාව නිමවා බස් රිය  ඉදිරයට ඇදෙද්දී සුභාශ්ගේ හිත තුළ නොවැටහෙන

 දුකක් තැවරී තිබුණී . මාතලේ නගරය පුරා කැරකී අවසානයේ රිවෙස්ටන් හුළං කපොල්ල නැඹීමට ගිය ඔහුට 

දකින්නට ලැබුණු  දගකාර යුවතිය සිතට අමුතු හැගීමක් ගෙන දුන් බව, ඔහුට පිළගන්නට වී ඇත. සුභාෂ්ගේ

 හිත තව තවත් ඒ රුව විද ගන්නට සෙව්වත් ඇය යන් බස් රියවත් පෙනෙන තෙක් මානයක නොවිණී.

 නමවත් නොදන්නා ඇය මතු හමු නොවේ යැයි සිතා සුභාශ් ඇය අමතක කරන්නට මනසින් විශාල සටනක් 

ක්‍රියාත්මක කරන්නට විය.

‘‘ සුභාශ් සර් ඔය පුඩ් බෝඩ් එකෙන් ඇතුළට එන්න මේ පාරේ වංගුත් වැඩී.‘‘

‘‘ආ හරි හරි.‘‘

    උපාලි ගුරුතුමාගේ හඩින් සිහිනෙන් පිඹිදුන කළක මෙන් තිගැස්සී හනි හනිකට බස් රියේ පිටුපස දොර 

වසමින් ඇතුලට පැමිණී සුභාශ් ඉඩ තිබූ අසුන්ක වාඩී වීමට සැරසුණි.

‘‘ සර් බස් එකේ ගියාට හිත අර රෝස පාට ඇදුමක් ඇදන් හිටපු අක්කා ළග නේද?.‘‘

      සුභාශ් අසුන් ගන්නට සැරසී තිබුනේ පාසලේ කටකාර ළමයා වූ ඉශාන් වාඩී වී සිටි අසුනේ විය. මෙතන 

ඉදගන්නවට වඩා හොදයි මම හිටගෙන යනවා යැයි සිතූ සුභාශ්  මිතුරන් සමග හිනහෙමින් සිටි ඉශාන්ට 

රවමින්, ධාවන වෙමින් තිබූ බස් රියේ ඉහල අත් වාරුවේ එල්ලෙම් ඉදිරි පසට ඇදෙන්නට විය. පැය

 ගණනාවක වෙහසකර ගමනින් මතු ඔවුන් පාසල් භූමිය ඉදිර පිටදී බස් රියෙන් බැස ගත්තාය. සුභාශ් 

ඇතුළු ඇදුරු මඩුල්ල විසින්  සිසුසිසුවියන් දෙමාපියන් වෙත භාර දීමට යුහුළුව කටයුතු කලේ දැන් මධ්‍යම

 රාත්‍රියද ආසන්න වී තිබූ හෙයිනි.

********************

       ගමන් මහන්සිය නිසාම තදින් නින්ද යතැයි සිතා නිවසට පැමිණි විගස ඇග දොවනය කර සැහැල්ලු 

ඇදුමක් ඇග ලා ගෙන ඇදට වැටුනු පහන්යාද තවමත් හිදින්නේ නිදි වර්ජිතවයි. ඇගේ නිවස කැලණිය 

නගරාසන්නව පිහිටා තිබු නිසා රාත්‍රි දහය පසු වන්නට ප්‍රථම නිවස වෙත පැමිනියත් තවමත් නෙතු පියා 

ගැනීමට නොහැකී වු කරුන ඇය නොදන්නවාම නොවෙයි. නමුත් ඇය පිළියන්නට අකමැති වුයේ  

නමක්, ගමක්, සිටන තැනක්, වත් නොදන්න ඒ නාදුනන තරුණයා යළි හමු නොවන බව දන්නා නිසායි.

 කෙසේ වෙතත් අවසන් වරට බස් රථය අද්දන මොහොතේ පාපුවරුවේ සිට ඇය දෙස බලා හුන් ඔහුගේ 

දෑස් ඇයට වරින් වර මැවී පෙනුනී. ඔහු ගුරුවරයෙක් විය යුතුයි යැයි නිගමනය කළ ඇය අර කටකාර 

සිසුවා කිව් වදන් පෙළ සිහිගන්වමින් තනිව සිනා සෙන්නට විය. * ඔය රෝස පාට ඇදන් ඉන්න සුදු 

අක්කට අපේ සර් ලයින් එක දාන් ඉන්නේ ඕන්..* . මොනවද මේ මම කෙහෙවත් යන සර් කෙනෙක් 

ගැන මම හිතන්නනේ .අනික අපි ආයෙත් කවදාවත් හම්බෙන්නේ නෑ . තරමක් අහංකාර යුවතියක වු 

පහන්යා තම සිතටම තරවටු කරමින් උණුසුම් පොර වනයට ගුලි වී තදින් දෑස් පියා ගත්තාය.

       පසු දින සෙනසුරාදා දිනයක් වූ නිසාත්, ගමන් මහන්සිය නිසාත්  දහවල් හිරු රශ්මියෙන් පොළව 

රත් කරවන් තෙක් නිදා ගත් පහන්නා අවධි වුනේ අම්මාට කෑ ගසමින්ය. පවුලේ කුඩා දියණිය, 

සියල්ලනගේම සුරතලිය , කටකාරිය, විසේකාරය වූ පහන්යා නිවස තුළ හැසිරුනේ කුඩා දැරියක් 

ලෙසිනී. ඇයට සිටියේ එක් සහෝදරියෙකු පමණක් නිසා පිරිමි දරුවෙක්ගේ අඩුව සපුරන්නට තරම්

 පහන්යා දගකාර විය.

‘‘ අම්මී... අම්මී....‘‘

‘‘ මොකද චුටී දු කෑ ගහන්නේ.‘‘

‘‘අනේ හොදටම දවල් වෙලානේ .ඇයි මට ඇරෙව්වේ නැත්තේ. අද විෂේශ වාර්තාවක් හදලා ඔපිස් එකට 

මේල් කරන්නත් තියෙනවා.‘‘

‘‘ තවම ඒ හැටි දවල් වෙලා නෑ චුටී දූ.‘‘

     ඇදෙන් බිමට පැන ගත් පහන්යා නතර වුනේ අම්මාගේ පිටු පසින් ගොස් තුරුළු වී උරතලය මත හිස 

තබා ගනිමින්ය.

‘‘ මොකෝ චූටි  දු හුරතලේ . මොනවා ඕනේ වෙලාද ඒ පාර.‘‘

   පහන්යාගේ අම්මා තරමක් තරවටු ස්වරයෙන් කිව්වේ ඕනිවට වඩා හුරතල් වන්නේ කුමක් හෝ 

කරගන්නට අවශ්‍ය වු විට බව දන්නා නිසායි.

‘‘මගේ හොද අම්මිනේ මට උදව්වක් කරනවද?‘‘

‘‘කියන්නකෝ බලන්න. තාත්තාගෙන් බැනුම් අහන්න වෙන වැඩකට අවසර ගන්න නම් හදන්නේ ,

 මට නම් බෑ, ඔන්න මුලින්ම කිව්වා.‘‘

‘‘ නෑ .. නෑ... අම්මී මට හොදටම බඩෙගිණි .මම අර වාර්තාව හදන්නම්කෝ .අම්මී  බත් චුට්ටක් 

කවන්නකෝ මට.‘‘

‘‘ඕක කියන්නද ඔය හැටි ඇඹරුනේ. හා චූටි දු මූණ සොදන් ඇවිත් වැඩ පටන් ගන්නකෝ මම බෙදාගෙන

 එන්නම්.‘‘

‘‘ මගේ හොද අම්මී .‘‘

      අම්මාගේ කොපුලක් රිදෙන්නම තෙරෙපු පහන්යා අම්මා හැරෙන්නට කලින් නාන කාමරයට වැදී දොර

 වසා ගත්තාය.

*********************

    කෙතරම් රෑ බෝවී නිදා ගත්තත් හිමිදිරි පාන්දරම අවදී වූ සුභාශ් වෙනදා වගේම දවස ආරම්භ කලේ නැවතී

 සිටි නිවසේ නැන්දා සාදා දුන් උණු කිරි වීදුරුව පානයෙන් පසුවයි. උදේ ආහාරයෙන් පසුව පරිඝනයක අසල

 වාඩි ගත් ඔහු අනතර්ජාලයට පිවිසියේ පාසලේ සිසුන් වෙනුවෙන් කරන්නට යන ව්‍යාපෘකියකට අවශ්‍ය 

තොරතුරු ලබා ගැනීමටයි. නමුත් තවමත් නව තාක්ෂණය මුහු නොවූ සුභාශ් නවාතැන් ගෙන සිටි ගම්මානයේ අන්තරජාලය පරිහරනය එතරම් පහසු නොවුනේ සිග්නල් ආවරන පහසු කම් අඩු වීම නිසයි. නිවසට දුරකථන

 ඇමතුමක් ගැනීම පවා සුභාශ්ට අපහසු කරුනක්  වුනේ එයයි.

      සුභාශ් ගුරු වෘතියේ පළමු පත්වීම ලබා පැමිණ සිටින්නේ කෑගල්ල දිස්ත්‍රිකයට අයත් දුෂ්කර ගම්මාන 

රැසකටම අධ්‍යපය ලබන්නට දරුවන්ට අවස්ථාව සැලසු ගෝණගල්දෙණිය නගරය ආසන්නව පැවති  

පාසලකටයි. පවුලේ එකම දරුවා වූ සුභාෂ්  නිවසින් ඈත් වනවාට දෙමාපියන් අකමැති වුණත් , ඔහුගේ දැනුම 

මේ දුප්පත් දරුවන්ට අවැසි බව තේරුම් ගත් නිසා, මාරුවක් සාදාගෙන යාම පිළිබද දෙමාපියන් කළ 

යොජනාව ඔහු අත්හැර දැමුවේ හදවතින්මයි. සුභාෂගේ අරමුණ වී තිබුනේ මේ ගම්බද දරුවන් නව දැනුමින් 

පෝෂණය කර ඔවුන්ගේ අනාගතය ඉහළට නංවාලීම සහ ගම දියුණු වී නව ලොවට මුසුවනවා දැකීමයි.

      තවත් පරිඝනකය ළග සිටීමට සුළු අලස කමක් දැනුන නිසා සුභාෂ් කාමරයෙන් එළියට පැමිණියේ ටික 

වේලාවක් නිදහසේ සිටින්නට සිතමිනුයි.

‘‘සුභාශ් පුතා.. කොහෙ හරි යන්නද?‘‘

‘‘අනේ නෑ කළු මාමේ මම මේ ටිකක් හුළං වදින්න එළියට ආවා.‘‘

         කළු මාමා නම් ,ඔහු නවාතැන් ගෙන සිටි නිවෙසේ අයිතිකරුවායි. කළු මාමා නම පට බැදුන නමකි, 

ගමේ සියල්ලන් අමතනු ලබන්නේ ඒ නමින් නිසා සුභාශ්සුත් ඒ නම භාවිතා කරත්, හැබැ නම රත්නපාල 

නම් විය. සියලු දරුවන් විවාහ වී යාමෙන් පසු එම නිවසෙහි ඉතිරිව සිටියේ වයසක කළු මාමාත් ඔහුගේ 

බිරිදත් පමණයි. දරුවන් ඔවුන් දෙනාට තම නිවෙස් වල නවතින්නට ඇරයුම් කරත් ඔවුන් ගම හැර යාමට 

අකමැතිය. *මේ අපි විතරක් නෙමෙයි, අපේ අම්මලා තාත්තලා, ආච්චිලා සියලත් ඉපදුන ගම සුභාශ් පුතේ .

මෙහේ තරම් අපිට කොහෙවත් හරි යන්නෑ .*  මේ වදන් පෙළ නිතරම කළු මාමා සුභාශ්ට පවසන්නේ

 ගමට තිබුණ ආදරය කියාපාමිනුයි.

‘‘මේ දරුවා ඉතින් හැම වෙලේම වැඩනේ. කොහොමද ඊයේ ස්කොලේ පොඩි වුන් එක්ක ගිය ගමන.

 පොඩි වුන් නම් හුගක් සතුටු වෙන්න ඇති.‘‘

‘‘අනේ ඔව් කළු මාමේ. කිසි කරදරයක් නැතුව ගිහින් ආවා. අවුලකට තිබුනේ හුගක් රෑ වුන එක තමයි. 

කලින් එන්න හැදුවට මේ ළමය බස් එකට ගන්න එක හරි අමාරුයි .‘‘

‘‘අනේ රැ වුනාට මොකද ? දැන් ඉතින් කිසි කරදරයක් නැතුව ගමන ගිහින් ආවනේ. දෙවියන්ගේ පිහිටින්.‘‘

      තවත් සුළු මොහොතක් කළු මාමා සමග කතා කරමින් සිටි සුභාශ්ට එතනින් ඉවත් වී තනි වීමට අවශ්‍ය 

වුයේ අමතක කරන්න උත්සහ කරන සිතුවිල්ල නැවතත් සිතට ඇතුළු වූ නිසයි. කෙසේ වත් රෑ පහන් වන 

තුරු දෑස පියා නිදි විද ගන්නට ඉඩ නොදුන් දගකාර යුවතියගේ රුව සිතෙහි ඇදෙද්දී ජංගම දුරකථනයද

 රැගෙන නිවසින් බැහැරට පැමිණියේ සිත ටිකක් සංසුන් කර ගැනීමට සිතා ගෙනයි. කෙතරම් සිත මුරණ්ඩු 

වුනත් ඇය යලි හමු නොවෙන බව සුභාශ්  තේරුම් ගෙන තිබූ එකම කරුණයි.

     උළු වහලය නිසා නිවස තුළ සිසිල් බවක් දැනුනත් අවට පරිසරය තද අව්ව නිසා හෙම්බත් වී ඇත. එහෙත්

 නිවසින් බැහැරට ආ සුභාශ් නැවතී සිටි නිවසේ වත්තේ කොණක වූ විශාල ගල් තලාව වෙත පිය නගන්නට 

විය. සුභාශ්ට එම ගල් තලාව සුපුරුදු තැනක් වුනේ නිවසට දුරකථන ඇමතුම් ගැනීමට එතනට නිතර පැමිණෙන 

නිසායි. අව්ව නිසා නිලංකාර වූ දෑස් යතාතත්වයට එන තුරු මද වෙලාවක් සිටි සුභාශ්ට අම්මාට ඇමතුමක් 

ගන්නට සිතුනී. ඊයේ දවසමත දුරකථකය පාරිහරනයට වෙලා නොතිබුණ නිසා මුහුණු පොතෙන් පැමිණි 

පණිවිට රැසක් විවෘත වන්නට විය. සිග්නල් ආවරන නොමැති කම නිසාම එතරම් මුහුණු පොත පරිහරනය 

නොකළ ඔහු නිකමට මෙන් මුහුණු පොත තුල මද වෙලාවක් සැරි සැරන්නට විය. හදිසියේම ඔහුගේ නෙත 

ගැටුනේ චායාරූප රැසක් එකට ගොනු  කර තිබු ගොනුවකි. * ඔන්න අපිත් රිවෙස්ටන් ගියා* යනුවෙන්

 සදහන් කර ගෑණු ළමුන්ගේ සමුහ පොටෝ රැසකි. මේ අර ගෑනු ළමයි ටික වත්ද? සුභාශ්ගේ හද වේගයෙන් 

ගැහෙන්න ගත්තේ තිබුන කලබලකාරී බව නිසාත්. ඇය නැවත දකින්නට තිබුණ ආසාව නිසායි.

       මේක නම් හීනයක්? මේ ඉන්නේ මම ඊයේ දැකපු ගෑනු ළමයානේ.  ඔහුට දෑස් අදහා ගන්නට නොහැකී

 වු නිසා කීපවරක්ම දෑස් පිස දමමින් චායාරූප ටික එහෙට මෙහෙට යවමින් නෙඹෙන්නට විය . මොකද්ද 

මේ කෙල්ලගේ නම ඔහු චායාරෑප තිබූ ගිණුමේ අයිතිකාරිගේ නම බැලිය. දෙව්මී නිසංසලා මේ ඒ කෙල්ලගේ 

එක්වුනට් එකක් නෙමෙයි. එහි වු අනෙකුත් චායාරූප දැකීමෙන් එය තේරුම ගත් ඔහුගේ සිත හොදටම පෑරුණි.

 පෙනුමේ හැටියට නම් ඒ ගෑනු ළමයා ගමක කෙනෙක් වෙන්න බෑ . අනිවාරෙන් පේස් බුක් ඇති. කොහොමද

 හොයා ගන්නේ. දැන් සුභාශ්ගේ හිත ක්‍රියා කලේ ඇයට අයිති මුහුණු පොතේ ගිණුම සොයා ගන්නා ආකාරය 

පිළිබදවයි.

       යළිත් වරක් චායාරූප ටික බලද්දී ඔහු දුටුවේ එම චායා රූප ගොනුව තව කීපදෙනෙකුගේ මුහුණු පොත 

ගිණුම් වලට අමුණා ඇති බවයි. අනිවාරෙන් අර ගෑනු ළමයටත් ටැග් කරලා ඇති. සුභාශ් අමුණා තිබු ගිණුම් 

එකානෙකට පිවිසී බලන්නට විය. මේ ඉන්නේ පහන්යා සත්සරණී . ඊයේ චාරිකාවේදීම ගනු ලැබූ තනි 

චායාරුපයක් එහි ඉදිරිපසට දමා තිබුනි. සුභාශ්ගේ හිත කිව්වේ පාසලේ දරුවන් සමග අධ්‍යාපන චාරිකාවක් 

ගිය මට ඇගේ රුව නෙත ගැටුනේ මන්ද? නැවත හමු නොවේ යයි සිත් සනසා ගන්නට උත්සහ කළ මට ඇය

 මුහුණු පොතින් ඇස ගැටුනේ මන්ද?  යන්න පමණකි. මොකද කරන්නේ. මම රික්වෙස්ට් එකක් දානවද?

 නැද්ද? ඈ ගැන හැගීමක් ඇති මුත් කෙල්ලන් ළග හෑල්ලු වීමට අකමැත වූ ඔහු කල්පනා කරන්නට විය.

මතු සම්බන්ධයි

 
ඉතිරි කොටස ගෙත්තම් කරන්නේ ගෙම්බා විසින්..
අද කොටස අකුරු ගැන්වු මම 
සඳුනී කාංචනා.. 


අද කවර් පොටෝ එක හැඩ ගැන්විමට පොටෝ ලබා දුන් සචින් මල්ලීට ගොඩාක් ස්තූතියි..

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:50 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 01 Feb 2017 06:47 PM
සාමුහික නිර්මානයක් කිව්වෙ ?


කතාව මම තනියෙම ලියන කතාවක් නම් නෙමෙයි. මුහුණු පොතේ යාළුවෝ කීපදෙනෙක් එකතු වෙලා තමා 

මේ කතාව ලියන්නේ. හැබැයි වැඩි කොටස් ප්‍රමාණයක් මගෙන්.. ඒකයි මම සයිට් එකෙත් පල කරන්න හිතුවේ.

 

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
01 Feb 2017 06:52 PM
  •  Quote
  •  Reply
හොදා හොදා දිගටම කරන් යන්න ..කොහොමට් ඔය කෙටි කතා ලියන්න හපනිනෙ ..........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 03:52 AM
  •  Quote
  •  Reply
ෂා අලුත් එකකුත් පටන් අරන් නේද. කියවන අපිටත් ටැපලෙනවා
ලියන ඔයාට එහෙම වෙන්නෙ නැද්ද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 04:17 AM
  •  Quote
  •  Reply
මට නම් පැටලෙන්නේ නෑ... ඔය චරිත වලට මම කා වැදිලා ඉන්නේ.. අනික මේක මම හැමදාම ලියන්නේ නෑනේ... මට අයිති දාට මම ලියන්නේ.. මේ කතාව කෙහොමත් පැටලුම් සහගත වෙයි. කෙනාගෙන් කෙනාට වෙනස් වන නිසා.. නව අත්හදා බැලීමක්ලු...හී
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 04:34 AM
  •  Quote
  •  Reply
මොලේ අවුල් කරන වැඩක්වත්ද
මේ දාන කථා කියවන අපේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 08:22 AM
  •  Quote
  •  Reply
ඔව් ඔව්.. හැමදාම හොදින් ඉන්න එක හරි නෑ
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 05:09 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 05:14 PM
  •  Quote
  •  Reply
෴සෙනෙහස පාමුල෴

*තෙවන කොටස*


සුභාශ්ගේ හිත දෙලොවක් අතර සටනකට මැදි වෙලා. "මොකද් කරන්නේ...?" " 

රික්වෙස්ට් එකක් දානවද...??....නැද්ද..?" 
සුභාශ් තමන්ගෙම හිතින් ප්‍රශ්න කරනව.

හිතේ දහසකුත් ප්‍රශ්න තියාගෙන සුභාශ් දවස ගෙවා දැමුවේ හැම වෙලේම පහන්යා ගැන හිතේ 

කොනක කැකෑරෙන දාහක් සිතුවිලි ව්ක්ක.
එදා දවසේ සුභාශ් කළු මාමාගේ ගෙදරින් එළියටවත් බැස්සෙ නෑ. වැඩි වෙළාවක් ගත කරේ ඇඳට 

වෙලා..

"සුභාශ් පුතා මම කඩේ පැත්තට ගොහිල්ලා එන්නම්." 
එසේ කියා කළු මාමා කඩේ පැත්තට ගියා. දැන් සුභාශ් තනියම ඉස්සරහා තියෙන හාන්සි පුටුවට ඇවිත්

 කල්පනා කර කර ඉන්නවා " මාරම පාළුයි." සුභාශ් තමාටම කියා ගත්තා..

නැවතත් phone එක අතට ගත් සුභාශ් fb පැත්තට යන්නෙ හිතේ ඇදි තිබෙන පහන්යාගේ රුව නැවතත් 

බැලිමටයි..

ඇයගේ fb එකවුන්ට් එකට ගිය ඔහු එහි ඇති සියලුම පොටොස් එකින් එක බලන ගමන් සමහර දෙවල් 

වලට කට කොනකින් හිනාවෙනවා .
*එ පහන්යා විසින් දමා ඇති විහිළු,දඟකාර post නිසා*. "මොකද පුතා තනියම හිනා වෙන්නෙ..??" තිගැස්සි 

ඔළුව ඉස්සු සුභාශ්ට දැක ගන්න ලැබුනේ කළු මාමා තමන් ලඟ හිටගන ඉන්නවා..
""නැ..නැ.. මන්...මේ.." "විහිළු පොටොස් වගයක් බැලුවා කළු මාමේ." 
"හා හා දැන් රැ වේලානේ ලමයෝ මම යද්දිත් ඔතන තාමත් ඔතනමයි එකයි මම මේ බැලුවේ ..??"

සුභාශ්ට නොදැනිම වෙලාව රාත්‍රි 7ටත් වෙලා..

"දුව කෑම කන්න එන්න"" "ඇති ඔය phone එක ඔබ ඔබ හිටියා.." 
"හා අම්මා මම එන්නම් ".."පොඩ්ඩක් ඉන්නකො..." මම පොඩි වැඩක්."
පහන්යා එසේ කියා හිනා වෙවි යාළුවා දිනේ එක්ක බර කතාවක *විනෝද චාරිකාවේ උන දෙවල් ගැන කිය

 කිය*.. "එක නෙමේ බන් අර සුභාශ් කියන කොල්ලා උඹට පට්ට ලයින් එකක් දුන්නෙ නේද බන්..??

 එහෙම කිව්වෙ දිනේ. "පල.පල මගෙන් මොකුත් උඹ අහගන්නෙ නැතුව දිනේ""

එහෙම කියලා තනියම කට කොනකින් පහන්යා හිනා උනා. දෙන්නා චාරිකාවේ උන දෙවල් කතා කර කර 

හිටියා පැයක් විතර.

"චුටි දු එනවා මගෙන් ගුටියක් කන්නෙ නැතුව දැන් කෑම කන්න.." 
"හරි හරි අම්මී මේ එනවා" 
"මම තියනවා බන් phone එක අපි පස්සෙ කතා කරමු අම්මී බනිනවා.."."තව ටිකක් ගියොත් තවත් 

බැනුම්.. බුදු සරණයි.. බායි"

Phone එක කට් කරපු පහන්යා දුවගන ගියේ අම්මා ආයේ බනින්න කලින් කෑම කන්න.. 
"ආයේ මම කියන්නෙ නැ චුටි දෝනි මම වෙළාවක ඔය phone එක තාත්තට දෙනවා ඔයාට දෙන්න එපා

 කියලා." "හූ හූ තාත්තී මට ආදරෙයිනේ එයා එක ගන්නෙ නැ "" එහෙම කියපු පහන්යා අම්මගේ ඇඟේ

 දැවටුනා .
"යනවා යන්න තාත්තා තමයි මේ දෝනි ඈන්දව නරක් කරන්නෙ" එහෙම කියපු අම්මා පහන්යට රවාගන 

කුස්සියට ගියා.

පහන්යා කෑම කාලා ඇඳට ඇවිත් නිදා ගන්න හැදුවට එක පාරටම මතක් උනා සුභාශ්ව. ජීවිතේ මිට කලින් 

දැක නොතිබුනත් එදා දැකපු එ රුව තාමත් හිතේ කොනක සක්මන් කරනවා වගේ දැනුනා පහන්යාට..

එ කල්පනා ලොකයේ පැයක් විතර ඉද්දි පහන්යාටත් නොදැනිම පහන්යා නින්දට වැටුනා.

සුභාශ් phone එක අතට අරන් කල්පනා කරන්නෙ පන්යාට රික්වෙස්ටි එකක් දානවාද..?? "නැතිද..?" 

සුභාශ් තමන්ගෙ සිතින්ම එහෙම අහනවා "එක්කො ඔන් නැ" 
එහෙම හිතලා නිදා ගන්න ගියපු සුභාශ්ට නින්ද යන්නෙ නැ..

ආයෙත් phone එක අතට ගත්ත සුභාශ් කරේ පහන්යාට රික්වෙස්ට් එකක් දාපු එක.
එහෙම දාලා ලොකු සුසුමක් හෙලපු සුභාශ් ඊලඟට මොනවා වෙයිද හිත හිත ...
නින්දට වැටුනා...

උදෙන්ම නැගිටපු සුභාශ් ටවුන් එකට යන්න ලැස්ති උනා..
බැංකුවට ගිහිල්ලා එන්න.

කාරයට නැග්ග සුභාශ් ඔහුගේ phone එක ඉදිරි පස අනෙක් අසුනේ තබා කාරය ස්ටාට් කරලා පාරට

 ගත්තා..
හිමින් සිරුව ප්‍රධාන මාර්ගයට යනකම් ගිය සුභාශ් කාරයේ වෙගය වැඩි කරේ ඉක්මනින්ම වැඩේ ඉවර 

කරගන එන්න..

එක පාරටම phone එකට මැසෙජ් එකක් ආවා. වෙගය ටිකක් අඩු කල සුභාශ් phone එක අතට අරන් 

මැසෙජ් එක බැලුවා *හිතා ගන්නවත් බැ මොකද උනේ කියලා පහන්යා තමන්ව ඇඩ් කරගන තියනවා 

කියලා මැසෙජ් එක ඇවිත් තියෙන්නෙ*
සුභාශ්ට මේක හිනයක් වගේ

"""""කරාස්..,,,""""කරාස්..,,,""""කරාස්,,???

එක පාරටම ඉදිරියෙන් ආපු ලොරියකට සුභාශ්ගෙ කාරය හැප්පිලා කාරය පාරෙන් කානුවට ඇදිලා 

ගියා...........

මතු සම්බන්ධයි 

ඉතිරි කොටස රස ගන්වන්නෙ ගයාන් ධනු විසින්...
අද කොටස රස ගැන්වු මම #ගෙම්බ#



අද කවර් පොටෝ එක හැඩ ගැන්විමට පොටෝ ලබා දුන් නතාෂා නංගීයාට ගොඩාක් ස්තූතියි..

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
02 Feb 2017 06:22 PM
  •  Quote
  •  Reply
සුභාශ් කොල්ලා පව්.මැරුණාද සුභාශ් කොල්ලා?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
02 Feb 2017 07:01 PM
  •  Quote
  •  Reply
තුන්වන කොටසත් ඇවිල්ලා නේද?
දෙවන කොටස කියවන්න බැරිවුනා... ඉස්සර වෙලා ඒක කියවලා ඉන්නම්...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
02 Feb 2017 07:50 PM
  •  Quote
  •  Reply
පට්ට කතාවක් නේද .. ඔන්න මාත් සෙට් උනා මේක බලන්න එහෙනම්...
තරහ වෙන්න එපා මෙහෙම කියනවට අනිත් අය ... ගයියා මල්ලි ලියපු කොටස නම් සුපිරියි ඈ .... භාෂාව හොදට හසුරවනවා ..ඒ වගේම වැරදිත් ගොඩාක්ම අඩුයි ...
ස්තූතියි සඳුනි නංගි මේක අපිටත් කියවන්න සැලස්සුවට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
02 Feb 2017 08:42 PM
  •  Quote
  •  Reply
ගයියා ගුරානේ ඉතිං... ඒක ඉතිං පුදුමයක් නෙමේ.. හී
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:21 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 12:26 AM
  •  Quote
  •  Reply
*සෙනෙහස පාමුල *


 හතරවන කොටස

වාර්ථාව නිම කර එය තම කාර්‍යාලය මේල් පණිවුඩයක් ලෙසින් යැවු පහන්යා සැනසුම් සුසුමක් 

හෙළන්නට විය. ඒ සමගම ඇයගේ ජංගම දුරකතනය නාද විණි. 
*හෙලෝ ගුඩ් මෝර්නිංග්..* ශෂි නම් ඇගේ යෙහෙලිය විසින් ගන්නා ලද ඇමතුමක් බව සේව් කර 

ඇති නමින්ම හදුනාගත් පහන්යා පැවසුවේ තරමක් තීව්ර හඩිනි.
*ගුජ් මොර්නින්ග් බන්... තාම ඇග රිදෙනවා වගේ පහන්යා ඊයේ අර කන්දක් බඩගාලා*
*ආපෝ උඹලානම් මල් වගේ බං... ඔහොමනම් බෑ හොදේ..* පහන්යා පැවසුවේ ඇය සමීපයේ වු 

මේසය මත ඇගේ මව විසින් තබා ගිය වතුර වීදුරුවකට මුව තබමිනි.
* හරි හරි බං.. මේහ් මොකක්ද බං අර සුභාශ් කියලා කොල්ලෙක් ගැන අර දිනේ වත්ත වටේට හල 

හල යන කැළෑ පත්තරරේ..* ශෂි විමසා සිටියේ ඇය පුදුම වී සිටි බව ඇගේ හඩ තුළම පවත්වා ගණිමිනි.. 
* ආපෝ ඒකි ඔය ටිකට ඒක උඹටත් කිව්වද.. අල්ල ගන්නම්කෝ මම. ඔකි ඔය කියන තරම් දෙයක් 

වුනේ නෑ බං.. අර රිවර්සටර්න් වලදි අපිට ස්කුල් ලමයි සෙට් එකක් හම්බුනේ.. ඒ සෙට් එකත් එක්ක 

ආව සර් කෙනෙක් බන්.. ඇහැ දාගෙන හිටියා විතරයි. * 


* ගුරා හෙන හැන්ඩියලු නේද..ඉතිං උඹලා කොහොමද නම දැනගත්තේ..* 
*ලමයෙක් කතා කරනවා දිනේට ඇහිලා. උඹටත් ඔන නැති කෙහෙල්මලක් නැ ශෂී .. දැන් උඹ ඕක 

අහන්නද ගත්තේ* පහන්යා පැවසුවේ තරමක් කේන්තියෙනි.. 

*හාපෝ බෝම්බේ.. එ කතාව ඇත්තද කියලා අහන්නමයි ගත්තේ.. මගේ සුදෝ කේන්ති ගන්න එපා 

වස්තෝ.. උඹට ඔච්චර ඩෝං යනවා කියලා සුභාශ් කොලුවා දැනගත්තොත් ලකුණු කැපෙනවානේ.. * 
* අනේ ශෂි උඹට මම කිව්....* පහන්යාට කිමට හැකිවුනේ එපමනකි.. ශෂී ඇමතුම විසන්දි කොට ඇත.. 

පරිඝනකය තවමත් ක්‍රියා විරහිත කොට නොමැති වූයෙන් ඇය ඇයගේ මුහුනු පොතට සමවැදිණි.. 

පෙර අවස්තාවේ තමා විසින් තහවුරු කරන ලද මිතුරු ඇරයුම් කිහිපය අතර සුභාශ් සිටි බව ඇය දැන 

සිටියේ නැත.. නමුත් ඇයගේ ටැග් කරමින් දමා තිබුනු පෝස්ට් වලට සුභාශ් සුභසිංහ නැමති අයෙකු

 විසින් ලයික් එක පිට එක දමා ඇති බව ඇගේ නෝටිෆිකේශන්ස් වල තිබි ඇය දකින්නට විය.. 
එහෙයින් ඇය සුභාශ්ගේ ෆේස්බුක් ගිනුම නිදහසේ පිරික්සන්නට විනි.. ඇගේ හිතට ඉගි කල කඩවසම්

 තරුණයා යළිත් එලෙස දැක ගන්නට හැකිවේවී යැයි ඇය කිසි විටෙක සිතන්නට නැත. එහෙයින් ඇය 

පරිඝනක තිරය දෙස බැලුවේ පුදුමයට පත්ව ඇගේ නෙතු යුගද විසල් කරගෙනයි.
ඇය සුභාශ් විසින් එකතු කර තිබුනු පින්තූර මුලින්ම බලන්නට විය.. ඊට හේතුව ඔහු ආකර්ශනීය

 සිරුරකට හිමිකම් කියූවෙක් වීමයි.. එක් පින්තූරයක් දෙස මොහොතක් බලා හිද තවත් පින්තුරයකට 

මාරුවිනි.. මෙලෙස සුභාශ් විසින් එකතු කර තිබුනු පින්තූර ගනනාවක් සමගම කාලය කා දැමු ඇය 

ඉන් පසුව සුභාශ්ගේගේ ප්‍රොෆයිලය පිරික්සන්නට විය.. 
එහිදි ඔහු අයි ටී ගුරුවරයෙකු බව පහන්යා දැනගත්තාය. තවත් පරික්ෂා කරද්දි ඔහු ගූගල් සර්වර් තුළ 

අයි ටී දැනුම බෙදාගන්නා බ්ලොගයක් ආකර්ෂනීය ලෙස පවත්වාගෙන යන බවද ඇය වටහාගන්නට

 එ තරම් කාලයක් නොගත්තාය. 

ඇය නැවත දුරකතනය ගෙන ශෂීට ඇමතුමක් ගත්තාය. 
*හෙලෝ ශෂී උඹ එෆ් බි ලොග් වෙලා ඉන්නේ මොකෙන්ද*
* ලැප් එකෙන් බන්.. වයි * 
*උඹ එදා මගෙන් කම්පියුටර් එකේ මොකක්ද අවුලක් වෙලා හදාගන්න විදියක් ඇහුවා නේද?.. ඔන්න

 මම මම උඹට ලින්ක් එකක් ඉන්බොක්ස් කලා ... ඔහොම්ම බලපන්කෝ.. * 
*ටිකක් හිටපන්....... ඒ මාර්වලස්.. කාගෙද බං මේ බ්ලොග් එක* 
*සුභාශ්ගේ බන්... * එසේ පවසා පහන්යා දගකාර ලෙසින් සිනහ වුවේ තරමක් හඩිනි.. 
*************************
*************************

සුභාශ්ගේ නෙතු පියන් විවර වද්දි ඔහු සිටියේ රෝහල තුළය. සුභාශ්ව හදුනාගත් අයෙකු විසින් කලු 

මාමාට පනිවුඩයක් යැවූ නිසා සුභාශ් අසල කලු මාමාද විය. රෝහල් පොලිසියේ මහත්වරු දෙදෙනෙක්ද

 ඔහු අසලම සිටියේය.සුභාශ් ක්ෂනයෙන්ම සියල්ල වටහාගන්නට විය. ඔහු මුව විවර කර කලුමාමාට

 ඇමතීමට උත්සහ කලද එය ඉතාමත් අපහසු විනි. ඔහුගේ මුහුන වටා බැන්ඩේජයක් ඔතා ඇත.අතද 

පපුවද කොට ඔතා තිබුනු අතර සුභාශ්ට දැනුනේ ඔහුගේ එක් පාදයකටද තරමක් ආබාධ වී ඇති බැව් ය. 

*කලු මාමේ.. * සුභාශ් එසේ හෝ හඩ පිටකලේ අපහසුවෙනි.. 
දැන් ඔහුගෙන් කිසිවක් විමසා දැන ගැනීම ඔහුට අපහසු බව දැනගත් රොහල් පොලිසීයේ මහත්වරු 

දෙදෙනා එම ස්තානයෙන් පිටත්ව ගියේ ඒ බව සුභාශ්ටද කලු මාමාටද දන්වමිනි.. 

කලුමාමාද කිසිවක් පවසන්නට හෝ විමසන්නට උත්සහ කලේ නැත. ඔහු සුභාශ් ට සැලකුවේ තම 

දරුවෙකු ට සමානව හෙයින් ලෙසින් නිසා සුභාශ් සිටි තත්වය ඔහුව ගොලු කර ඇත. 
මිනිත්තු කිහිපයක් ගත වෙද්දි සුභාශ් සිටි ඇද අසලට වේගයෙන් දිව ගෙන ආවේ ඉශාන් ය. ඔහුගේ

 වෙගවත් සුසුම්ද ගෙලෙහි හා නනලෙහි වු දහඩිය සුභාශ්ට කියා පෑවේ ඔහු සිදුවීම ආරන්චි වු සැනින් 

දිවගෙන ආ වගකි.. 
පාසැලේ සිටි දගකාරම සිසුවා මෙවන් ප්‍රතිචාරයක් දක්වාවි යැයි සුභාෂ් මොහොතකට හෝ සිතන්නට

 නැත. සුභාශ්ව දැක ගෙලෙහි වු දඩහියට වඩා ඉශාන්ගේ නෙතට කදුලු උනන්නට වුයේන් ඉශාන්ගේ

 නෙතු දිලීසි ගියේ නිහඩ දෙතොල් වෙව්ලවා දමමිනි. 
ස .. ස මේ මොකක්ද .. කරගත්තේ.. ඉශාන්ගේ වචන පිටවුනේ ඉකි ගැසෙමිනි...
සුභාශ්ගේ ගතෙහි වූ වේදනාවටත් වඩා ඉශාන්ගේ ප්රතිචාරය වේදනාවක් වී ගියේ සුභාශ් වන් දගකාර

 කටකාර හිතුවක්කාර යව්වනයෙකුගෙන් මෙවන් හැසිරීමක් කිසි දිනෙක බලාපොරොත්තු නොවු 

නිසාවෙනි.. 

*සර් අද පිරමිඩයෙන් එලියට ගත්තු මමියක් වෙලා නේද ඉශාන්..* සුබාශ්ද අපහසුවෙන් මෙන් විමසා

 සිටියේ හැකි ලෙස කට කොනකින් සිනහ වෙමිනි. ඔහු එසේ කලේ ඉශාන්ගේ සිත නගාසිටුවීමටයි..

නමුත් එය එසේ නොවිය. ඉශාන් වාට්ටුවෙන්ම පිටව ගියේ ය. 
*කලු මාමේ*
සුභාශ් පවසන්නට යන දෙය ගැන කල් ඇතිව තෙරුම් ගත් කලු මාමාද ඉශාන් පසු පස ගියේය.. 

මතු සම්බන්ධයි.. 
හෙට අකුරු ගන්වන්නේ තනුජා දිල්ශානි
අපිට අද කවර් එකට පින්තුරය එවපු #dulki_ishu ඔයාට ගොඩක් ස්තුතියි

අද අකුරු ගැන්වු මම - ගයාන් ධනු 

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
04 Feb 2017 12:34 AM
  •  Quote
  •  Reply
හතරවෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ.. සඳුද තමයි කියවන්න විවේකයක් ලැබෙන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 01:25 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Feb 2017 01:30 PM
  •  Quote
  •  Reply
"සෙනෙහස පාමුල"

05.වන කොටස 

------------------------------

"අම්මියා...මම යනවෝ..."

"පොඩ්ඩක් ඉන්න චූටී බත් කටක් කාල යන්න.."

"බෑ බෑ මට පරක්කුයී...ඔෆිස් එකට ගිහින් මොනව හරි කන්නම් මම.උම්ම්ම්මා..."

පහන්යා ලහි ලහියේ ලකලෑස්ති වී ඔෆිස් එකට දිව්වේ උදේ ආහාරයත් අමතක කරල.සැහැල්ලුවෙන් 
හැම මොහොතම ගත කරන්න කැමති ඇය සිනාමුසු මුහුණින් සෑම කෙනා සමඟ සහයෝගයෙන් වැඩ 
කරන්නට කැමති කෙල්ලකි.

"ආහ් සොරි මිස්.."

හදිසියේ ඔෆිස් එක ඇතුළට දුවගෙන එන පහන්යාගෙ ඇඟේ හැපුණු අලුතින් සේවයට පැමිණියා යැයි
 සිතිය හැකි යුවතියක් ඇයගේ ඇඟේ හැපුණේ අත තිබූ ෆයිල් කවරය ද අතින් ගිලිහුණු මොහොතේ දී ය.
"ආහ් ඉට්ස් ඕකේ..ආ යූ..?.."

"අයි ඇම් දෙව්මි..සයුරි නිම්සරා..."

"නයිස් ටු මීට් යූ දෙව්මි..මම පහන්දි..ඔයා මෙහෙට අලුතින් වෙන්න ඕනි..සාදරයෙන් ආදරයෙන් 
පිළිගන්නව.."

"තැන්ක් යූ මිස් පහන්දී.."

දෙව්මි යනු අලුතින් ම පහන්දි සිටි කාර්‍යාලයට පැමිණි සේවිකාවකි.ඇයත් පහන්දි තරම් සුන්දර නොවුණත්
 සැහැල්ලුවෙන් ඉන්න කැමැති යුවතියක් බව පහන්දිට වැටහිණි.

"අයියෝ මේ කොහෙද යන දෙව්මියෙක් නිසා මට තවත් පරක්කු වුණා.බොසාගෙන් පනිශ්මන්ට් කන්න 
වුණොත් ඕන්නෑ ඉතින්.."

පහන්යා එසේ සිතමින් තමන්ට අයිති රූම් එකට ගියේ වටපිට බලමිනි.යන අතරතුර ම කෙල්ලගෙ හොඳ
 ම යාළුවන්ගෙන් එක්කෙනෙක් කෝල් ගන්නව මේන්න.

"ඇයි මචී දැන් කෝල් ගන්නේ..මම මේ දැන් ආවෙ ඔපිස් එකට හොඳට ම පරක්කුයි තියන්නම් බායි..පස්සෙ 
ගන්නම් ශෂියෝ..."

"ඒයි මේ අර සු..භා.."

පහන්යා කෝල් එක කට් කරන්න හදනකොට ම ශෂි කිව්ව නම ඇහිල ආපහු ෆෝන් එක කනේ තියාගත්තා

"මොකක්ද ශෂි කියන්න ගියේ ඉක්මනට කියපං.."

"අනේ අනේ උඹත් අර සුභාශ්ගෙ නම ඇහුණ විතරයි.ඉන්නෙ කොහෙද කියලත් අමතක වුණා ද බං.."


"මේ විහිළු නෙමෙයි.මොකක්ද කියන්න හැදුවෙ බොසා එනවත් පේනව මේ පැත්තට.."

"නෑ බං මේකයි අර සර්කාරය ඇක්සිඩන්ට් වෙලා.."

"මො..මොකක්..උඹ කොහොමද ඒක දන්නෙ.."

"Fb එකේ බං දාල තිබ්බෙ සර්ගෙ ගෝලයෙක් කව්ද මේ..ඉශාන් ද කොහේ නම..ටැග් කරල ෆොටෝ දාල

 තිබ්බ.මටත් මේ දැන් ඒක අහුවුණේ බං.."

ශෂිගෙ ඒ කතාවෙන් පහන්දිට ලොකු වේදනාවක් දැනුණ.ට්‍රිප් එකක් ගිහිල්ල අහම්බෙන් හමු වුණු ඒ රුව 

හදවත පතුලේ මේ තරම් තදින් තැන්පත් වී ඇති බවක් ඇයවත් දැන සිටියේ නෑ.හදිසියේ ම යමක් මතක් වූ 

හෙයින් ඇය කාමරයෙන් එලියට ආවේ ෆෝන් එකත් අතට ගෙන.එවිට ම වාගේ බොසාත් ඇය අසළ 

නැවතුණා.

"පහන්යා කොහෙද මෙ දුවන්න හදන්නෙ.ආවෙත් දැන් නේද...මේ ඔෆිස් එකේ ටයිම් මැනේජ්මන්ට් කියල

 එකක් තියෙනව කියල දන්නව නේද ආ..යනව යනව රූම් එකට.."

"සර් මේ මම..මේ කැන්ටිමට යන්න කියල.."

"ඇයි කාල ආවෙ නැද්ද උදේට ආ.."

"මට ගෑස්ටික් තියෙනව සර් උදේ කාල ආවට යෝගට් එකක් කෑවෙ නැතොත් මට කලන්තෙ වගේ.."

පහන්යා යනු තැනට සුදුසු වෙලාවට මොළේ කල්පනා කරන්නියකි.එබැවින් ඇය මෙවැනි බොරු කීමට 

උපන් හපන්නියකි.

"ඒකත් එහෙමද.මෙතන ඉන්නෙ මහ දුර්වල කෙල්ලො ටිකක්නෙ.යනව යනව ඉක්මනට කාල එනව නැත්නම් 

මෙතන වැඩ කරන්න බැහැ.."

"හරි සර්.."

එහෙම කිව්ව පහන්යා හනිකට දුව ගියේ කැන්ටිම දෙසට.ෆෝන් එක අතට ගත් ඇය fb log වුණේ පුදුම 

හදිසියකින්.

"සුභාෂ්..ආහ් හරි මේ තියෙන්නෙ වෝල් එක..."

සුභාශ්ගෙ වෝල් එකට ඇතුල් වුණු ඇය එහෙට මෙහෙට ඇස් යවමින් පිරික්සුවේ ශෂි කිව්ව කතාව ඇත්තක් 

ද බලන්න.

"ඉශාන් with සුභාශ්...ඕහ් මයි ගෝඩ් මේ එයා නේද ඉන්නෙ බැන්ඩේජ් ඔතාගෙන.දෙයියනේ..මේ තරම් 

දෙයක් වෙලා..."

පපුවට අතක් තබා ගනිමින් පහන්යා සුභාශ්ගෙ වෝල් එක දිහා බලාගෙන හිටියෙ කිසිවක් සිතාගත

 නොහැකිව.

"දැක්කෙ එක දවසයි.ඒත් මේ තරම් හුරු බවක් එයාව දැක්කම මට හිතෙන්නෙ ඇයි..මොකක්ද මේ 


ඇය නොසන්සුන් මනසින් නැවතත් තම ඔෆිස් රූම් එක තුළට ගියේ දහසක් දේවල් කල්පනා කරමින්.ඒ

 අතරතුර සුභාශ්ව බැලීමට ඉස්පිරිතාලෙට ඔහුගෙ මවත් පිටත් නංගීත් පැමිණේ.

--------------------------------------

"අනේ පුතා මොකක්ද මේ කරගත්තෙ ඔයා.."

සුභාශ්ගෙ මව හැඬූ කඳුලින් ඔහු වෙත ගොස් වැළඳ ගත්තේ දරු සෙනෙහස තරම් වටින දෙයක් තවත් නැති 

බව පසක් කරමිනි.

"මම හො..ඳි..න් අම්මා..ආහ්.."

"මෙහෙට එන්න අම්මා අයියව ඔහොම බදාගන්නෙපා එයාට අමාරුයිනේ.."

ඇය සුභාශ්ගෙ එකම නැගණිය සාවින්දි.ටිකක් කටකාර වූ ඇයත් සුන්දර තරුණියකි.තවමත් ඉස්කෝල 

යන වයසේ පසු වෙන ඇය උසස් පෙළ කරන්නට සූදානමින් සිටින්නියකි.

"නං..ගී ඔයා තාත්තා එක්ක ඉන්..න තිබ්..බනි විභා..ගේ නේද මේ..දවස් ටිකේ.."

"අයිය ෂටප්..කට අරින්නෙපා ඔයා අමාරුවෙන්නි ඉන්නෙ.."

"හා හා..පණ්ඩිත කෙල්..ල.."

සුභාශ් අමාරුවෙන් වචන ගළපන අයුරු එහාට වී බලාගෙන සිටි කටකාර සිසුවා ඉශාන්ට ගෙන ආවේ 

දැඩි වේදනාවක්.එනිසා ඔහු තම ආදරණීය ගුරුතුමා අසළට ගියේය.

"සර් දැන් රෙස්ට් එකේ ඉන්න ප්ලීස්.අපි පස්සෙ කතා කරමු.මේ සර්ගෙ පවුලේ කට්ටිය නේද..සර්ට දැන්

 ගොඩක් අමාරුවෙන් ඉන්නෙ ඔයාල පස්සෙ කතා කරන්නකො ආන්ටි.."

ඉශාන්ගෙ මේ කතාව සුභාශ්ගෙ නැගණිය වූ සාවින්දි අසාගෙන සිටියේ ඔහුගේ දෑස් මදකටවත් මග

අරින්නේ නැතුව.

                                                                  මතු සම්බන්ධයි.

අද 'සෙනෙහස පාමුල' අකුරු ගැන්වූ මම තනුජා දිල්ශානි.හෙට කොටස අකුරු ගන්වන්නේ ගයාන් 

ධනු අයියා යි.

අද කතාවට කවර් එකට ෆොටෝ එක දුන් aisa aisa සහෝදරයාට ස්තුතියි..


දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Feb 2017 01:44 PM
  •  Quote
  •  Reply
ලස්සන කතාවකින් අපේ ස්ටන් එක සරසනවට ස්තුති සදුනි නංගි
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2017 02:37 AM
  •  Quote
  •  Reply
සමාවෙන්න සදුනි මම මේක කියවන්නෙ නැහැ ආයේ.
ලස්සනයි නමුත්
එක් එක් කෙනා රසවින්දය දෙන විදිය හරි වෙනස්. එකම විදියට නැහැ
මම ආස නැහැ එහෙම
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 04:13 AM
  •  Quote
  •  Reply
අන්න බොලේ අපේ අයියාට ඩොන් එකක් ගිහින් කතාව කියවන්නේ නැහැලු. සඳුනි ලියන ඒවාට විතරලු කැමති
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
06 Feb 2017 01:15 AM
  •  Quote
  •  Reply

දැන්නම් පට්ට මේක... මටනම් කිසිම අවුලක් නෑ ..තුන් දෙනෙක් ලිව්වා කියල... හැබැයි ගයිය ලියන ටික නම් පට්ට....

සඳුනි නංගි මගෙ තරහ අවුස්ස ගන්නෙ නැතුව ඉක්මනට දානවද මේකෙ කොටස් ටික 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 03:46 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 06 Feb 2017 01:15 AM

දැන්නම් පට්ට මේක... මටනම් කිසිම අවුලක් නෑ ..තුන් දෙනෙක් ලිව්වා කියල... හැබැයි ගයිය ලියන ටික නම් පට්ට....

සඳුනි නංගි මගෙ තරහ අවුස්ස ගන්නෙ නැතුව ඉක්මනට දානවද මේකෙ කොටස් ටික 

3 දෙනෙක් නෙමෙයි 10 විතර මේ කතාව ලියනවා....

ඉක්මනට දාන්නම්කෝ


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 03:50 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 05 Feb 2017 02:37 AM
සමාවෙන්න සදුනි මම මේක කියවන්නෙ නැහැ ආයේ.
ලස්සනයි නමුත්
එක් එක් කෙනා රසවින්දය දෙන විදිය හරි වෙනස්. එකම විදියට නැහැ
මම ආස නැහැ එහෙම

හා ඉතිං කමක් නෑ..

මම මේ කතාව දාන්න හිතුවේ නෑ........

අන්තිමට ලියන්න කවුරුත් නැති වුණා..

ඒක නිසා මම තමා වැඩි හරිය ලිව්වේ ඒකයි දැම්මේ

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 04:36 AM
  •  Quote
  •  Reply

Posted By සඳුනි on 06 Feb 2017 03:50 AM
Posted By sha733 on 05 Feb 2017 02:37 AM
සමාවෙන්න සදුනි මම මේක කියවන්නෙ නැහැ ආයේ.
ලස්සනයි නමුත්
එක් එක් කෙනා රසවින්දය දෙන විදිය හරි වෙනස්. එකම විදියට නැහැ
මම ආස නැහැ එහෙම

හා ඉතිං කමක් නෑ..

මම මේ කතාව දාන්න හිතුවේ නෑ........

අන්තිමට ලියන්න කවුරුත් නැති වුණා..

ඒක නිසා මම තමා වැඩි හරිය ලිව්වේ ඒකයි දැම්මේ


තරහ නෑ නේද මගෙත් එක්ක
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 05:05 AM
  •  Quote
  •  Reply
Posted By kingD on 06 Feb 2017 01:15 AM

දැන්නම් පට්ට මේක... මටනම් කිසිම අවුලක් නෑ ..තුන් දෙනෙක් ලිව්වා කියල... හැබැයි ගයිය ලියන ටික නම් පට්ට....

සඳුනි නංගි මගෙ තරහ අවුස්ස ගන්නෙ නැතුව ඉක්මනට දානවද මේකෙ කොටස් ටික 



රජ තුමාට තරහ ගිහින් ඉක්මනින් දාන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 04:45 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 04:48 PM
  •  Quote
  •  Reply
**සෙනෙහස පාමුල**


 හයවන කොටස.. 
 
සුභාෂ්ට ඉශාන් කී දෙය ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය වුවත් ඔහු සිටි තත්වය සමග කතාබහෙහි යෙදීම 

අපහසු විය. සුභාශ්ගේ මවට සහ නැගෙනියටද එබ පසක් වීමට එතරම් කාලයක් ගත නොවීය.
*මේ ලමයා ඇත්ත තමයි කියන්නේ.. දුව අපි දැන් ගිහින් හවස එමු. *
*ආන්ටි ඔයාලා දැන් හවස් වෙනකම් කොහෙද ඉන්නේ.. වෙලාවත් එකට කිටුටුයි.. ආයේ ලෙඩ්ඩු බලන්න 

දෙන්නේ පහෙන් පස්සේ.. සර් නැවතිලා ඉන්න ගෙදරට වඩා අපේ ගෙදර ලගයි. අපේ දිහාවට යමු ඔයාලා

 කැමතිනම්. * 
*කරදරයක් නැත්තම් ඉශාන් ලොකු උදව්වක්*
සුභාශ් පැවසුවේ අපහසුවෙනි.. ඔහු ඉශාන්ගේ ඉල්ලීමට එකවැරම කැමැත්තක් දැක්වූයේ පාසලේ සිටි යමක්

 කමක් ඇති පව්ල්වල ලමයින් අතර ඉශාන්ද වු නිසාය. ඉගෙනිමටද දක්ශ වු ඉශාන් නගරයේ වු පාසලකට

 නොයා ගමේ පාසලෙහිම අධ්‍යපනය ලබන්නට හේතුව තම මිතුරන්ගෙන් දුරස්වීමට තිබුනු අකමැත්ත බැව් 

කාටත් නොරහසක් වි තිබිණ. සාවින්දි නිහඩම තම සොහොයුරු දෙසද ඉශාන් දෙසද බලා සිටියේ ගොලුවත 

රකිමිණී.. 
*කමක් නැ අපි කලුමාමලාගේ ගෙදරට ගිහින් හවස එන්නම්..*
*නැ නැ එහෙම හොද නැ.. අපේ ගෙදර යමු.. අම්මලා වුනත් කැමති වෙයි ආන්ටිලා එනවා කිව්වම. මම

 දැන් කෝල් එකක් දීලා කියන්නම්* 
සා පෙළ සිසුවෙක් නමුත් ඉශාන්ගේ කතා විලාශයට. ක්‍රියාකරණ පිළිවෙලට සුභාෂ්ගේ මවද ආකර්ශනය වී

 ඇත.
*අපි එහෙනම් ගිහින් හවස එන්නම් පුතේ.. පරිස්සමට ඉන්න.. වැඩිය දගලන්න කරන්න එපා හොදද.* 
*හරි හරි නෝනා මම මහත්තයාව පරිස්සමට බලා ගන්නම්.. නෝනලා පරිස්සමට ගිහින් එන්නකෝ..*
හදිසියේම මුව විවර කල කලු මාමා තොරතොංචියක් නැතිව කියාගෙන ගියාය. නමුත් ඔහුගේ හැසිරීම කියා 

පැවේ සුභාශ‘ ගැන ඔහු තුළ වු සංවේගයයි.. 
ඉශාන් ප්රමුකත්වය ගෙන වාට්ටුවෙන් එළියට එද්දී ඉශාන්ගේ මව සහ සාවින්දිද ඔහු පසු පස ආවේ සිත්

 සුභාශ් ලග නතර කොටයි. 
කාරයට නැග ඔවුන් යන අතර මගදී සුභාශ්ගේ මව පිටුපස අසුනේ හුන් ඉශාන් වෙත හැරී
*පුතා කීය වසරෙද ඉන්නේ.. *
*එකොලහේ ආන්ටි..*
*හෑහ්* ප්රතිචාරය සාවින්දිගෙනි.. ඉශාන්ගේ පෙනුමින්ද හැසිර්මෙන්ද ඔහු තමාටත් වඩා බාල යැයි ඇය 

සිතන්නට නැත. නමුත් ඇය හොරැහින් ඉශාන්ව පරික්ශා කලේ ඔහුට නොදැනෙන්නටය. ඉශාන්ද එලෙසම 

සාවින්දිට හොර ඇස යොමුකලේ ඇගේ දගකාර පෙනුමටයි. 

*මල්ලි අපේ අයියාට හරි ආදරෙයි නේද.. මම එෆ් බි එකේ පොස්ට් එකක් දැක්කා.*
*හ්ම්ම්ම්* මල්ලි යැයි ආමන්ත්‍රනය කල නිසා ඉශාන් හිටියේ තරමක් අමනාපයෙනි.. එය ඔහුගේ මුහුනේ

 ස්වරූපයෙන්ම සාවින්දිට හැගුනු නිසා ඇය යන්තමට සිනහා වුනේ ඉවතක හැරීය. 
*සර් මේ කරදරේ කරගත්තේ කීයට විතරද ලමයෝ..*
*උදේම වගේ ආන්ටි.. මම පාරෙ ඉද්දි මාමා කෙනෙක් කිව්වේ මටත්.. මම ඒ ආපු පාර දැන් තමයි මේ 

ගෙදර යන්නේ. සර් ඉස්කෝලෙදිනම් හරි සැරයි. එත් හරිම හිත හොදයි. වෙලාවකට යකෙක් වගේ තව 

වෙලාවකට යාලුවෙක් වගේ. මම ඉක්කෝලේ උගන්නන සර්ලා ටී චර් ලගෙන් ආසම අපේ සුභාශ් සර්ට

 තමයි.. *
*සර් ගෙදරදිත් ඔහොම තමයි පුතා.. අපේ සාවින්දු දුව එක්ක මරාගන්නවා වෙලාවකට. ආයෙ ටිකකින් 

දෙන්නා ඉන්නේ පූස් පැටව් වගේ සෙල්ලම් කර කර*
මව පැවසු දෙයින් සාවින්දිට දැනුනේ ලැජ්ජාව මුසු වු හැගුමකි.
කොල පැහැති වට පිටාව.. කාරයේ වීදුරුවෙන් ඇතුලට පැමිණෙන සිසිල් සුලග සාවින්දිට ගෙන දුන්නේ 

නැවුම් බවකි. එමෙන්ම ප්‍රදේශය තුළ වූ ගැමිත්වයට ඇය ආකර්ශනය වී වට පිටාව හොදින් නිරීක්ශනය 

කලේ ඇතැම් විට කවුලුවෙන් පිටතට හිස දමමිනි.
ඉශාන්ගෙන් සුභාශ්ගේ මව විස්තර අසා සිටියේ කාරයද පදවමිනි. 

**********************

පහන්යාගේ ආයතන බාර බලන නිලධාරියා විසින් පහන්යාව කැදවා ඇත.
එහෙයින් ඇය වේගවත් අඩි තබමින් කාර්‍යාලය වෙත ගොස් කාර්‍යාල දොරට තට්ටු කර එ අසල මදක් රැදී 

සිටියාය. කාර්‍යාලය තුලින් *එන්න* යයි හඩක් ඇසුනු හෙයින් ඇය දොර විවර කරගෙන ඇතුලට පිවිසුනේ

 *එස්ක්යුස් මී සර්* යැයි ආමන්ත්‍රනය කරමිණි.. 
*කම් කම් පහන්යා ටේක් අ සිට්* කාරුණික ලෙසින් ඇමතු නිලධාරියා තමාට ඉදිරියෙන් ඇති හිසු වු 

අසුනක් ඇයට පෙන්වුයේ ඇගිලි වලින් සංඣා කරමිනි.. 

*පහන්යා දිස් ඊස් යු අර් නිව් පාට්නර් දෙව්මි.. දෙන් බෝත් ඔෆ් යු හැව් අ නිව් ජොබ්.. අර්ලියර් ඔෆ් දැට් 

ජස්ට් අයි තින්ක් යු වොන්ට් ඉන්ට්‍රඩියුස් අබව්ට් යුඅර් සෙල්ෆ් ෆො හර්. ඇන්ඩ් යු ටු දෙව්මි* 

*බුදු අම්මෝ මේ යකාට අද සුද්දාවත් වැහිලාද. * පහන්යා තමාටම කියාගත්තේ උදෑසනම හදුනාගත් 

දෙව්මිට මද හසරැල්ලක් පාමිනි..

*සර් මට මෙයාව උදේ මීට් වුනා .. සර් කියන්නකෝ මොකක් ද අපි කරන්න ඕනි.. *

*ඔයාලට කෑගල්ලට යන්න වෙනවා.. ඒ පැත්තේ අමුතු අමුතු සිදුවීම් වගයක් වෙනවා කියලා අපිට නිවස් 

ඇවිත් තියනවා. පහන්යා ඔය වගේ වැඩ වලට ආසයිනේ.. දෙව්මිත් අලුත් නිසා පහන්යා දෙව්මිත් එක්ක

 යන්න.. හෙටම යන්න පුලුවන්නම් ඒත් හොදයි. කියන්නේ නම් හොල්මන් තියනවා කියලා. තව ඒ 

පැත්තේ කුඩු ජාවාරමකුත් ලොකුවටම වෙනවා කියලායි අපිට ඔත්තුව ලැබිලා තියෙන්නේ. පහන්යායි 

දෙව්මිටයි තියෙන්නේ ඒ පැත්තේ මිනිසුන්ගෙන් මේ ගැන විස්තර ගන්න එක. මම හිතනවා ඒක ඔයාලට 

විශේෂයෙන්ම පහන්යාට එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. *

*හම්මෝ මන් හිතුවේ අපිට හොල්මන් අල්ලන්න හරි කුඩු බිස්නස් අල්ලන්න හරි යන්න වෙයි කියලා. 

ප්රශ්නයක් නැ සර් අපි විස්තර හොයලා දේන්නම්. ඒත් සර් ඉක්මනට ගියත් අපිට ඉන්න තැනක් 

හොයාගන්න ප්රශ්නයක් වෙයි නේද* 

* එතරම් භාරදුර දෙයක් ගැනු ලමයින්ට භාර දෙන්න තරම් අපිට පිරිමි ලමයින්ගේ හිග කමක් නැනේ

 පහන්යා. ටික දවසක් ගතවෙයි ඒත්. මේක ලොකු රිසර්ච් එකක්. ඉන්න තැන ගැන කැම බීම ගැන 

ප්රශ්නයක් තියාගන්න එපා පහන්යා. මගේ අක්කා බැදලා ඉන්නෙත් කෑගල්ලට. ගෝනගල්දෙණිය 

කියලා ගමක. එහේ හොදට ඉඩපහසුකම සහ ආරක්ෂාව හොදට තියනවා. මම ඔයාලා යන දවසට 

වාහනයක් ලැස්ති කරලා දෙන්නම්.. මම එයාලව උදේ දැනුවත් කලා. මේ වැඩේට විශෙෂයෙන්ම 

ගැනු ලමයි දෙන්නෙක්ව දාන්න හේතුවත් ඒකම තමයි.. * 
*සර් තව ප්රශ්නයක්.. සර් හදිස්සියේ හරි ඔය ඉන්නවයි කියන කුඩු කාරයෙක්ගෙන් අපිට ප්‍රශ්නයක්

 එයිද* 
විමසා සිටියේ මෙතෙක් නිහඩව සිටි දෙව්මි විසිනි. 
*හොද ප්රශ්නයක් දෙව්මි.. ඔයාලට එහෙම ප්රෂ්නයක් වෙන්නේ නැතිවෙයි.. මොකද අපි රිසර්ච් එක 

කරන්නේ මේ සිදුවීම් වලට පිටින් ඉදන් නිසා.. එක කොහොම වුනත් ඔයාලාට බය වෙන්න කිසිම 

හේතුවක් නැ ඔයාලා නවතින්නේ එහේ පොලිසියේ ස්තානාධිපතිගේ ගෙදර.. අක්කාගේ හස්බන්ඩ් 

තමයි ස්තානාධිපති..* 

පහන්යා සැනසුම් සුසුමක් හෙලීය.. එය දුටු නිලධාරියාට සිනහවක් ගියේ නිතැතිනි.. 
*සර් එහෙනම් අපි ගෙවල් වලිනුත් අහලා හරියටම එන්න පුලුවන් දවස කියන්නද?* පහන්යා ඒ 

සමගම විමසීය.. 

*හරි එහෙනම් අර රෑ හරි කමක් නැ මට කෝල් එකක් අරන් හරි කියන්න. මට එතන දේවල් ඇරනේජ්

 කරන්නත් කාලයක් ඕන නිසා ඔයාලාගේ තීරනය පුලුවන් ඉක්මනින් මට කියනවානම් හොදයි.
හරි එහෙනම් දැන් ඔයාලා යන්න.. ආ පහන්යා දෙව්මිට ලොකර් එකකුයි ටේබල් එකකුයි දෙන්න. *

****************************
*****************************

තම නිවසට ගිය ඉශාන් ඔහුගේ මවට සුභාශ්ගේ මව සහ නැගෙනියද හදුන්වා දෙන්නට විය. 
ඉශාන්ගේ මවගෙන් ඔවුන් දෙපලට ලැබුනේ සුහද පිලිගැනීමකි. සියලු අංගයංගෙන් යුත් එවැනි 

සුවපහසු නිවසක් ඒ ප්දේශයේ තිබුනේ කලා තුරකිනි.
ඉශාන්ගේ මව සහ සුභාශ්ගේ මව විස්තර කතාහ කරන අතරතුරදි සාවින්දි කලේ වට පිටාවෙහි සුලු 

නිරීක්ෂණයක යේදීමයි.. 

*ඔයා ඇයි තනියම..* ඇය වෙත ගිය ඉෂාන් විමසා සිටියේය. 
*මුකුත් නැ මල්ලි .. මෙහෙ හරි ලස්සනයි නේද.. * 

*ඔව් ගම්නේ .. ඒ නිසා නිදහස්.. එත් ඔයා මට මල්ලි මල්ලි කියන්න එපා හොදද?*
* ආ ඒ මොකද මල්ලිට මල්ලි නොකියා මම අන්කල් කියන්නද?.. හරි එහෙනම් මම අන්කල්

 කියන්නම්කෝ ඔයාට * එසේ කියු ඇය සිනහ වූයේ දගකාර ලෙසය
* එහෙම නෙවෙයි ඉතිං .. ඔයා පොඩියිනේ අප්පා ..ඔයාව අක්කා කෙනෙක් කියලා මට පේන්නේත් 

නැ.. ඔයා මට මල්ලි මල්ලි කියන්න ගත්තාම මම පොඩි එකෙක් ගානට වැටෙනවානේ.. * 
එතකොට දැන් ඔයා හරි ලොකු මනුස්සයෙක් කියලා වෙන්න ඇති හිතාගෙන ඇත්තේ නේද..
*නැ... ඔව් ... නැනැ... ඔව්...* ඉශාන් පැවසූවේ තමන් පවසන දෙය ගැනවත් නිසි අවබෝදයක් නැති 

ලෙසිනි.. 

*මොකද අනේ ඔයා ඔව් නැ ඔව් නැ ගාන්නේ.. *

* නැ නැ මුකුත් නැ ඔයා මට මල්ලි කියන්න එපා.. ඉශාන් කියන්න.. * 
* නැ නැ.. මම මල්ලිමයි කියන්නේ.. * 
ඉශාන් එය නැසූනාක් මෙන් එතනින් එන්නට හැරෙද්දී 
*හරියට කේන්ති යනවා නේද ඉශාන් ඔයාට.. මම සාවින්දි.. මේ පාර ඒලෙවල් කරන්නේ..*
අවුරුදු දෙකක හෝ තුනක පරතරයක් ඇති බව දැනගත් ඉශාන්ට පොලව පලාගෙන යන්නට
නොසිතුනානම් පුදුමයකි.. නමුත් ඔහු එය ගනන් නොගත් ලෙසට සිටින්නට විය. 

*ඉශාන් පුතේ පොඩ්ඩක් එන්නකෝ මෙහාට .. * තමාව ආමන්ත්‍රනය කල නිසා ඔහු මව වෙත 

ක්ෂනයෙන් පිය මැනීය. 
*ඇයි අම්මේ.*
* මාමි කෝල් එකක් දිලා කිව්වා එයාගේ ඔෆිස් එකේ වැඩකරන ලමයි දෙන්නෙක් හෙට හරි අනිද්දා

 හරි එනවා කියලා.. ටික දවසක් මෙහෙ නැවතිලා ඉන්නලු එන්නේ.. ඔයාට පුලුවන්ද උඩ රූම් එකක් 

ලැස්ති කරන්න .. හදිස්සියක් නැ හිමිට කරන්න. එයාගේ යටතේ වැඩ කරන ලමයි දෙන්නෙක් නිසා 

පිලිවෙලට තිබුනේ නැත්තම් මාමිට හොදනෑනේ.. *
*ඉතිං අම්මටත් පුලුවන්නේ ඔකට මං ඕනියැ ?*
*මට පුලුවන් කොල්ලෝ එත් අද මට මේ පඩිපෙල් නගින්න අමාරුයි.. තුනටිය කැක්කුමක් ඇව්ත් 

උදේ ඉදන් පුදුම වේදනාවක් දෙන්නේ.*
*හා හා මම කාමරයක් ලැස්තිකරන්නම්.. කෝ අම්මේ සර්ගේ අම්මා*
*තෙහෙට්ටුයි කිව්වා .. මම වොශ් එකක් දාගන්න කියලා අපේ කාමරේට යැව්වා..*

මතු සම්බන්ධයි

අද පින්තුරය අපට එවපු සිතාරා ඔයාට ගොඩක් ස්තුතියි
අද කතාව ගැන ඔයාලාගේ අදහස් කියන්න.. 
ඊලග කොටස අකුරු කරන්නේ ඉදුනිල් ප්‍රදීප්

අද කොටස අකුරු කල මම 
-ගයාන් ධනු-

 —
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 04:49 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Feb 2017 04:54 PM
  •  Quote
  •  Reply
* සෙනෙහස පාමුල *

07.කොටස

එදා හවස් වෙද්දී හීනීයට අහසින් වැටුන මන්දාරම් වැහි බිඳු වල ගැබ්වෙලා තිබුනේ අමුතුම සීතලක්.ඒ සීතලට සාවින්දී ගොඩාක් ආසා කරපු නිසාදෝ වැහි පීලී වලින් හෙමීට රූටන වතුර බිංදු අත්ලට බලෙන්ම වට්ට ගනිමින් සාවින්දී ඒ පහස අපුරූවට වින්දා.

" හහ්.....මෙන්න වැඩක්.."

" ඇයි ඔයාට ඉරිසියයිද මලයෝ..."

" මලයෝ...මේ සාවින්දී මම ඔයාට එක පාරකුත් කිව්වා..."

" හරි හරි..."

සාවින්දීට ඉශාන් එතැනට එනවා දැනුනේම නෑ.සාවින්දීගේ කතාව නිසා ඉශාන් බොරු තරහක් මවා ගත්තේ ආඩම්බර වෙන්න ඕන නිසා.

" සාවින්දී ...අන්න අම්මලා ඔයා එද්දී බලා ඉන්නවා...යමු තේ බොන්න.."

" ඔයා යන්න..මම තව ටිකකින් එන්නම්.."

" එතකොට ඔයා යන්නේ නැද්ද දැන් සර් බලන්න.."

" ඒක හවසටනේ.."

" දැන් හවස තමයි මැට්ටියේ..."

ඉශාන් නොක්කාඩුවට හිනාවුනේ කට ඇඳ කරන ගමන්.සාවින්දී දෝතක්ම පුරවාගෙන හිටිය වැහි වතුර ටික ඉශාන්ගේ ඇගට විසී කරේ පරිස්සමට.ඉශාන්ගේ මූණම නෑවිලා යන්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ .සාවින්දී සාලය පැත්තට දුවගෙන ගියේ ඉශාන් ඉදිද්දිමයි.

" ආ එන්න දුවේ තේ බොන්න..."

" හා ඇන්ටී.."

" දූ කුමාරී නම් අම්මා වගේමයි..."

ඉශාන්ගේ අම්මා ඒ කතාව කීවේ සාවින්දිගේ මූනේ ඉදන් දෙපතුල් දක්වාම දෙතුන් පාරක් බලන ගමන්.සාවින්දී උගුරට දෙකට තේ කෝප්පයම හිස් කරලා දුවගෙන ගිහින් අලුත් ඇඳුමකින් සැරසිලා ආවේ ඉස්පිරිතාලයට යන්නයි.සුභාශ්ගේ නංගියි අම්මයි ඉස්පිරිතාලයට යන්න පිටත් උනේ ඉශාන්ගේ ගෙදර අයට සමුදීලා.

-------- * --------

හවස 5.00 ඔරලෝසුවේ සටහන් වෙද්දිම සාවින්දී අම්මාගේ අතේ එල්ලිගෙනම සුභාශ් හිටි රෝහල් කාමරයට ඇතුළු උනා.ඉශානුත් ඒ පස්සෙන්ම ආවේ සුභාශ්ගේම පවුලේ කෙනෙක් වගේ.සාවින්දිලා එතැනට එද්දීත් වෛදවරයෙක් සුභාශ්ව පරික්ෂා කරන ගමනුයි හිටියේ.

" ආ...මේ මේ පේශන්ගේ ගෙදර කට්ටිය වෙන්න ඇති.."

" ආ ඔව් ඩොක්ටර්...මේ ඉන්නේ මගේ පුතා.."

" මේකයි අම්මේ...පේශන්ට ටිකක් සීරීයස්..ඒ නිසා පේශන් ගාව කාටහරි නතර වෙන්න වෙනවා.අඳ නම් ඕන නෑ.හෙට ටෙස්ට් වගයක් කරන්න ඕන.ඒ නිසා උදව්වට කෙනෙක් ඉන්නම ඕන..මේ බෙහෙත් ටිකත් ෆාමිසියකින් ගේන්න.."

" හා...හරි ඩොක්ටර් .."

වෛදවරයා එසේ පවසා එතැනින් ඉවත් වී ගියා.සුභාශ් තම මව දිහා බලාගෙන හිටියේ හුඟාක් හැගීම්බරව.මං හින්දා අම්මලටත් කරදර.

සුභාශ්ගේ ගත වගේම හිතත් ගැඹුරටම පෑරිලා.හිතට දැනෙන නොසන්සුන් ගතිය ශරීරයටත් දැනෙන්න අරන්.සුභාශ්ගේ මව සුභාශ් ලගට කිට්ටු වෙලා ටික වෙලාවකට සුභාශ්ගේ හිසකෙස් අතර දෑගිලි පැටලුවා.

" පුතේ..."


" ම්ම්..."

" හුඟාක් අමාරුයිද පුතේ.."

" අනේ නෑ අම්මී...ඔයා බය වෙන්න එපා.චුටී සීරීම් ටිකක් විතරයි .."

" පුතේ...හිත කලබල කර ගන්න ඩොක්ටර් කියපු ටිකම ඇති...පුතා ලග නතර වෙන්නේ කවුද දැන්.."

" ආ ඒකට බය වෙන්න එපා ඇන්ටී...මම සර් ලග නතර වෙන්නම්.."

" පුතාට අපි හින්දා කරදර නේද.."

" අනේ පිස්සුද ඇන්ටී...සර් වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් .."

ඉශාන්ගේ ඒ වචන වල ගැබ්වෙලා තිබ්බේ ගරුත්වයක්.ඒ ගුරු භක්තිය වෙන්න ඇති.සුභාශ් මුකුත් නොකියාම කල්පනා කරා.ඉශාන් වෛදවරයා විසින් ලියා දුන් බෙහෙත් තුන්ඩුවත් අරන් එලියට ගියේ සාවින්දිලාට සුභාශ් එක්ක මොහොතකට නවතින්න ඉඩ දීලා.

-----------*------------

ඉශාන් ආවේ විනාඩි දහයකට විතර පස්සේ.එතකොට ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙලා තිබුනේ.සාවින්දීලා ඒ වෙද්දී සුභාශ්ට සමුදීලා යන්න ලෑස්ති වෙලා හිටියේ.

" පුතේ...මෙච්චර පරක්කු උනේ මොකද.."

" නෑ ඇන්ටී...මේ ලඟ තිබුන ෆාමිසියේ බෙහෙත් තිබුනේ නෑ ...ටවුමට ගිහින් ආවේ.."

" ආ ඒක මිසක්...එහෙනම් අපි යන්නම් පුතේ...පරිස්සමට ඉන්න.."

" හරි අම්මේ...බය නොවී ඉන්න...නංගී හොදට පාඩම් කරනවා..exam ලගයිනේ.."

" හරි හරි මෝඩයා.. අපි යන්නම් එහෙනම්.."

" බය වෙන්න එපා ඇන්ටී..සර්ව මං බලා ගන්නම්කෝ.."

සුභාශ්ගේ අම්මා ඉශාන් දිහාට හැරෙද්දී ඉශාන් එහෙම කියලා දණ නමලා වැන්දා.ටික වෙලාවකට පස්සේ සුභාශ්ගෙන් සමුගනිද්දී සාවින්දීගේ ඇස් කඳුළු වලින් බරවෙලා තිබුනේ.ඉශාන් සාවින්දී දිහා ගොඩාක් වෙලා බලාගෙන හිටියේ සාවින්දීගේ දුක ඉශාන්ට හොදින් තේරුන නිසා.

" පුතේ...අපි එක්ක යමු.මම යන ගමන් ඔයාව ගෙදරට දාන්නම්.."

" ඕන නෑ ඇන්ටී මම වීල් එකක යන්නම්.."

" අනේ යමු ඉශාන්...අම්මිත් කියනවනේ.."

සාවින්දී මැදට පැන්නේ කාර් එකේ ඉශාන් එක්කම යන්න තිබුන ආසාවට විය යුතුයි.ඉශාන්ලා ගිය කාර් රථය ඉස්පිරිතාලය නොපෙනී ඈතට ඇදිලා යනකම්ම සුභාශ්ගේ මවගේ දෑස් ඒ දෙසටම කරලා අලවාගෙන හිටියා.කාර් රථයේ හඬ ඇරෙන්න වෙන කිසිම හඬක් ඇහුනේ නෑ .ටික වෙලාවක් ඔහොම ඉස්සරහට යනකොට දඩාස් ගාන සද්දෙත් එක්කම කාර් එක නතර උනා.

 " අයියෝ.."

" ඇයි ඇන්ටී මොකක්ද උනේ.."

" පෙට්‍රල් බ්ලොක් එකක් වෙන්න ඇති පුතේ.කාර් එක ස්ටාර්ට් වෙන්නේ නෑ "

ඉශාන් කාර් එකින් බැස්සා.සාවින්දීත් සාවින්දීගේ අම්මත් කාර් එකින් බැස්සා.ඉශාන් කාර් එකේ බොනට් එක ඇරගෙන ලොකු වැඩක්.සාවින්දී ඒ දිහා බලාගෙන හිටියේ ඕනෑ කමින්මයි.

" ඇන්ටී මං මේක හදන්නම්..ඒත් වෙලා යයි.."

" හා කමක් නෑ පුතේ..."

" පරක්කුත් වෙන එකේ...මම චුට්ටක් ඇවිදලා එන්නද අම්මී.."

" පිස්සුද ලමයෝ මේ නොදන්න පලාතක එහෙ මෙහෙ යන්න.."

" අනේ අම්මී..."

" ඇන්ටී බය වෙන්න එපා..මෙහෙ බය වෙන්න ඕන නෑ ..සාවින්දී ඇවිදලා එන්න..වැඩි ඈතක යන්න එපා..කළුවර වැටීගෙන එනවා..වහින්නත් වගේ අයේමත්.."

" හරි හරි..."

ඉශාන් එහෙම සුභාශ්ගේ මවගේ හිත හැදුවත් සාවින්දී ඇවිදින්න යනවට චුට්ටක් වත් කැමති උනේ නෑ .සාවින්දී අඳුර නිසා කළු පාටට හැරවෙලා තිබුන තේ කොල යාය දිහාට දුවගෙන ගියේ හරිම නිදහස් විදියට.ඉශාන් ඒ දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.

----------*---------

පැයකින් විතර ඉශාන් කාර් එක හදලා ඉවර කරත් සාවින්දී ආවේ නෑ .සුභාශ්ගේ මව සාවින්දී හොයාගෙන එන්නට ගිහිනුත් විනාඩි දහයක් විතර වෙනවා.ඉශාන්ගේ හදවතට දැනුනේ නොසන්සුන්කාරී හැගීමක්.එහෙමම ටික වෙලාවක් ගෙවිලා යද්දී කලු කරලා තිබුන අහස හයියෙන් අඩන්න ගත්තේ මහා අමුතු කාලකන්නී විදියට.

" ඉක්මනට එනවා...මම කොච්චර එපා කිව්වද ඔය කැලේ ඇවිදින්න යන්න එපා කියලා..."

" අනෙ අම්මී...හිමීට යන්...කෝ...ආව්...කකුල රිදෙනවා.."

"මම කිව්වද පේර ගස් වල බඩ ගාන්න..අදත් ගෙදර යන්න වෙන්නේ නෑ.."

සාවින්දීට බනින ගමන් සාවින්දීගේ අතින් ඇදගෙන සුභාශ්ගේ අම්මා කාර් එක ලගටම ආවා.ඉශාන් හිටියේ කාර් එක ඇතුලේ.මහ වැස්සට තෙමෙනවා කියලා සාවින්දීට ගානක් වත් තිබුනේ නෑ .

" ලෙඩක් හදා ගන්නද ඒ පාර..නගින්න කිවේ වාහනේට..."

" හ්ම්..අම්මිත් නගින්න.."

" කොහෙද ඇන්ටී සාවින්දී හිටියේ..."

" පේර ගහක් උඩ..බැහැගන්න බැරුව හිටියේ මං යද්දී.."


ඉශාන් වැස්ස දිහා බලාගෙන හිනා උනේ කාටවත් නොපෙනෙන්න.සාවින්දීගේ මූණ ලැජ්ජාවට බර වෙලා තිබුනේ.

" ඇන්ටීලාට අදත් යන්න බැරි උනානේ...කමක් නෑ අපේ ගෙදර යමු.."

" ඒකනේ පුතේ...මගේ නම් ඒකට අකමැත්තක් නෑ ..අපි නිසා ඔය දරුවන්ටත් කරදරේ.."

" අනේ පිස්සුද ඇන්ටී..."

ඉශාන් සාවින්දීට කට කොනෙන් හිනාවෙනකොටම සාවින්දීගේ අම්මා කාර් එක ස්ටාර්ට් කරා.

-----------*---------

එදා රාත්‍රිය ඉක්මනට උදා උනේ වැස්ස නිසා වෙන්න ඇති.සීතලේ ගැහි ගැහී සාවින්දී සාලයට වෙලා වැහි පීල්ල දිහා බලාගෙන මොන මොනවදෝ කල්පනා කරා.ඉශානුත් එතැනට ආවේ සාවින්දී එක්ක කතා කරන්න.

" ආ...මොකෝ මේ සීතලේ එලියට වෙලා..යමු ඇතුලට.."

" බෑ..ඉශාන්..මෙහෙම හරි නිදහස්.."

" ඒකනේ...සාවින්දී.."

ඉශාන්ට කියන්න දේවල් ගොඩාක් තිබුනත් සාවින්දිගේ මුණිවත ඉස්සරහා ඉශාන්ද ගොළු උනා.ඒ දෙන්නාගේ කතා බහා විටෙන් විට ඇති උනත් ඒ දෙන්නා ඒ දෙන්නාට හුගාක් සමීප උනා.හදවතින් පවා හුගාක් බැදුනා.එදා රාත්‍රියේ මැදිමය ගෙවෙද්දීම ඉශාන් සාවින්දී එක්ක ගොඩාක් දේවල් කතා කරා.සාවින්දීත් ඉශාන් අහපු දේවල් වලට දිගටම කියෙව්වේ හරිම දගකාර විදියට.

එදා රෑ පහන් වෙලා අලුත් දවසක් උදා උනා.සාවින්දීලා ගෙදර යන්න කල් ඇතිවම ලෑස්ති උනා .සාවින්දීගේ හිත දුකින් පිරිලා තිබුනේ.සාවින්දී ඉශාන්ට සමු දුන්නේ ලෙන්ගතු විදියට.ඒ දවසේ උදාව ඉශාන්ගේ වගේම සාවින්දීගේ හිතට එකතු කරේ දුක.සාවින්දී ලා ගියාම ඉශානුත් ලෑස්‍ති වෙලා ගියේ සුභාශ් ගාව නතර වෙන්න.ඒ යන අතර තුරේදී සාවින්දී කියපු දේවල් ඉශාන්ගේ සවන පුරා රැව් දුන්නා.

" ඉශාන්...අපි ගියාම ඔයාට මාව අමතක වේවී නේද ...මං ආයෙත් මෙහෙ එන එකක් නෑ ...ආයෙත් අපි හම්බුනත් ඔයාට මාව මතක නැති වෙවී..."

සාවින්දීගේ ඒ වචන ඉශාන්ගේ හදවතේ සියුම් තැන් පාවා වේදනාවට පත් කලා.ඉශාන්ගේ පපුව ඇතුලේ මෙලවුන ඒ ගින්න සාවින්දී නිසා බව ඔහුට තේරුනා.

--------------*------------

" අම්මේ එහෙනම් මම ගිහින් එන්නම්.."

" හා දුවේ පරිස්සමට ..."

පහන්යා අම්මාගේ කම්මුල තෙත් වෙන්නම හාදුවකින් පුරවලා පාරට ආවා.ඉස්සෙල්ලාම ආව බස් එකේ ගිහින් පහන්යා ටවුමට වෙලා බලාගෙන හිටියේ දෙව්මී එනකම්.වැඩි වෙලා නොයාම දෙව්මීත් එතැනට ආව නිසා පහන්යලා කෑගලු බස් එකට ගොඩ උනේ තමන්ගේ රාජකාරිය යෙදිලා තිබුන ගමට යැස්මටයි.

" දෙව්මී උබ බයෙන් නේද මේ ගමන යන්නේ..."

" ඔව් පහන්යා...චුට්ටක් බයයි.."


" නොකීවට මාත් චුට්ටක් බයෙන් තමයි කෙල්ලේ...බය නොවී ඉතින් එන දේකට මූණ දෙමු.."

" හ්ම්..ජොබ් එක බේරගන්නත් එපැයි.."

පහන්යා දෙව්මී එක්ක වැඩිය කතාවට ගියේ නෑ.පහන්යා හිටියේ හුගාක් දුකින්.පහන්යාට නිතරම මැවිලා පෙනුනේ වෙලුම්පටි අතරින් හිනා වෙන්න වෙර දරන සුභාශ්ගේ පොටෝ ටික.පහන්යාගේ හිත සන්සුන් වෙන්න හෙව්වත් චූටී හැගීමක් පවා ඒ හිත නොසන්සුන් කරා.එදා හවස් වෙන්න ඉස්සෙල්ලාම පහන්යලා නවාතැන් ගන්න ලෑස්ති කරලා තිබුන ගෙදරට ආවා.තේ පැන් සංග්‍රහයකින් පහන්යලාව පිළි ගත්ත ඒ ගෙදර අයිතිකරුවන් පහන්යලාට කාමරයක් අස් කරලා දුන්නා.නිදහස් ගැමිත්වයක් තිබුන ඒ පරිසරය තමන්ගේ රාජකාරිය සදහා සුදුසුම තැනක් කියලයි දෙව්මිට හිතුනේ.පහන්යා ඇඳුමකුත් මාරු කරගෙන එලියට ගියේ දෙව්මී ඒ ගෙදර අය එක්ක කතාවට නතර කරලා.පහන්යා ට ඕන උනේ හිතේ හිරවෙලා තිබුන නොසන්සුන් බවෙන් මොහොතකට හරි නිදහස් වෙන්න.පහන්යා මිදුලේ අඹ ගහ යටින් හදලා තිබුන ලෑල්ලට වෙලා කල්පනා කරේ සුභාශ් ගැන.කවදාවත් හිතුවේ නැති විදියට සුභාශ් පහන්යාගේ හිතේ නතර වෙලා හිටියේ.පහන්යාට පවා තේරුම් ගන්න බැරි උනා සුභාශ් ඒ තරම් ලගින්ම දැනෙන්නේ ඇයිද කියලා.ටික වෙලාවක් යද්දී වේගයෙන් ආව කාර් රථයක් පහන්යාට මදක් ඉදිරියෙන් නතර වෙද්දී පහන්යා කිමිදිලා හිටිය කල්පනා ලොකෙන් ගොඩට ආවා.

- මතු සම්බන්ධයි- 

* අද කතාව ලියපු මම ඉඳුනිල් ප්‍රදීප් ( චතූ ).කවර් පොටෝ එක සඳහා පොටෝ එකක් දුන්න Thilanka Malinda අයියට ගොඩාක් තැන්ක්ස් .

හෙට කතාවට පණ පොවන්නේ iro edirisinghe අක්කා

 

 

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
06 Feb 2017 05:18 PM
  •  Quote
  •  Reply
එඩිරිසින්ග්හ අක්කාගෙ කතාවත් බලමුකො එහෙනම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
06 Feb 2017 08:03 PM
  •  Quote
  •  Reply
ඔන්න කොටස් ඔක්කොම කියෙව්වො ...ඒ කියන්නෙ පහන්යා ල නතර වෙන්න ඇවිත් තියෙන්නෙ ඉෂාන් ලගේ ගෙදරට නේද ..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 03:07 AM
  •  Quote
  •  Reply
මම නම් දන්නෑ හෙට බලමු
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 03:26 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 03:29 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල..

අටවන කොටස.


**************************************************

කල්පනා ලෝක තනිවෙලා හිටිය පහන්‍යා ගැස්සිලා වගේ බැලුවේ කවුද ආවේ කියලා ....

කාර් එකෙන් ඇවිත් බැස්සේ තේජාන්විත බවක් ඇති උසට සරිලන මහතක් හෙබි මනුස්සයෙක් ....

ම්ම්ම්ම් මං හිතන්නේ මේ බොසාගේ මස්සිනා වෙන්න ඇති .... හම්මේ බයත් හිතෙනවා දැක්කම..

 යකෝ මූනේ හිනාවක් නෑ.. බකුස් වගේ...

පහන්‍යා හිතින් බනිමින් බලාගෙන හිටියේ ගරාජ් එක පාක් එක දාලා ගෙට යන්න එන මිස්ට

 ඉද්දමල්ගොඩ දිහා... 

එ කියන්නේ පහන්‍යාගෙ බොස්ගෙ මස්සිනා ... කෑගල්ල පොලිස් ස්තානාදිපති... . ඉශාන්ගේ තාත්තා 

සේනාදීර ඉද්දමල්ගොඩ ... ඒත් පහන්‍යා තාම දන්නේ නෑ මේ ඉන්නේ එදා රිවස්ටන් යද්දී හමුබුන 

කටකර ,, සුභාෂ්ගේ ගොලයාගෙ ගෙදර කියලා..

හොස්පිටල් එකටත් ගිහින් සුභාෂ්වත් බලලා ඒ ගැන කල්පනා කරමින් ගෙට යන්න ආව ඉද්දමල්ගොඩ 

කොනකින් වගේ දැක්කේ අඹ ගහ යට බංකුවේ ඉදගෙන හිටිය යුවතියක් තමන් දිහා බලන් ඉන්නවා 

දැකලා නතර උනේ මේ අර මල්ලි එවනවා කියපු ගර්ල්ලාගෙ කවුරුහරි වෙන්න ඇති කියලා හිතන ගමන්...

පහන්‍යා හිතින් බැන බැන එක එක දේවල් හිත හිතා ඉද්දමල්ගොඩ දිහා බලන් ඉන්න බව අමතක වෙලා 

කෙල්ලට ලැජ්ජ හිතුනේ තමන් නිකන් මොකාද වගේ අර මනුස්සයා දිහා බලන් ඉන්න බව ඉද්දමල්ගොඩ

 දැක්ක නිසා..

පහන්‍යට කර කියා ගන්න දෙයක් නැති නිසා මූණට හිනාවක් අරගෙන හිනා උනේ තමන් මේ ගෙදර 

ආගන්තුකයෙක් නිසා ...

කෙල්ල ආචාරශීලිව හිනාවෙන බව දැකපු ඉද්දමල්ගොඩත් හිනාවක් දාගෙනම කෙල්ල ඉන්න පැත්තට 

ආවා.... 

හෑ මෙන්න බොලේ මේ මනුස්සයා හිනාවෙන්නත් දන්නවා....

ම්ම්ම් මේ ලමයා මං හිතන්නේ අපේ මල්ලිගෙ ඔෆිස් එකෙන් වෙන්න ඕනි..

කෙල්ල ලගට එන ගමන් ඉද්දමල්ගොඩ අහද්දි පහන්‍යා තමා ගැනම ලැජ්ජ හිතුනේ ඉද්දමල්ගොඩ දිහා 

බලාගෙන හිතපු දේවල නිසා..

ඇත්තටම පහන්‍යා හිතුවේ නෑ අර බකුස් වගේ ආව මනුස්සයා මේ තරම් සුහදශීලිව කතා කරයි කියලා ...

ඔ..ව්.. ඔව් සර්... 

කෙල්ලට සර් කියලා කියවුනේ ඉද්දමල්ගොඩ හිටියේ යුනිෆෝම් පිටන් නිසා ..

හරි .. මේ ලමයා විතරද ආවේ..

නෑ සර් තව එක්කෙනෙක් ආවා..

හ්ම්ම් එක හොදයි මල්ලි මට කිව්වා විස්තර .. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා .. ඔයාලා කිසිදේකට

 බය වෙන්න එපා මොකද මේ ගේදර ඔයාලගෙ කියලා හිතන්න .. 

දැන මේ ලමයි කාලා එහෙමද

ඔව් සර්.. මැඩම් ආව ගමන්ම කෑම හදලා දුන්නා. 

හරි එහෙනම් ඔය දෙන්නා ඉන්නවා නේ අපි කතා කරමුකෝ .. උදව්වක් ඕනි උනොත් කියන්න කෝ

 මාත් පුලුවන් දෙයක් කරන්නම්..

බොහොම ස්තූතියි සර්.. සර්ගෙ උදව් අපට ඔනි වෙනවා අනිවාර්යයෙන්ම ...

හ්ම්ම් මං වොශ් එකක් දාගෙන එන්නම්කෝ..

මාත් මේ ඇක්සිඩන්ට් වෙච්ච ලෙඩෙක් බලන්න ගිහින් එන ගමන් අපේ ලමයගේ ස්කෝලේ...

ඇක්සිඩන්ට් එකක්. ... පහන්‍යා ඇහුවේ තමන්ට හොද නිව්ස් එකක් හොයාගන්න පුලුවන් වෙයි කියලා 

හිතන ගමන්..

හ්ම්ම් ඔව් ලමයෝ ඉන්නකෝ මං ඇවිත් විස්තර කියන්නම්..

ඔකේ සර්... හිනාවකින් සංග්‍රහා කරලා ඉද්දමල්ගොඩ ගෙට යන්න හැරුනේ උදේ ඉදන් සුභාෂ්ගෙ 

ඇක්සිඩන්ට් එක ගැන විස්තර හොයන්න මහන්සි වෙච්ච නිසා.. 

ඉද්දමල්ගොඩ හිතුවෙම මේක සුභාෂ්ව මරන්න ප්ලෑන් කරලා කරපු දෙයක් කියලයි....

ඇක්සිඩන්ට් එක ගැන කිව්වට පස්සේ පහන්‍යා ඒක ගැන දැන ගන්න කම් ඉවසිල්ලක් නෑ.. ඒත් ඉතිම් 

ආව ගමන්නම වාතයක් වෙන්න බෑනේ..

පහන්‍යාත් ඒ එක්කම වගේ ගෙට ආවේ හෙට කරන්න තියෙන වැඩටික ටේබල් කර ගන්න ඔනී නිසා

 කාබරේට යන්න හිතාන ...

*****************************

ට්‍රීං ට්‍රිං... ඉශාන්ලගෙ ගෙදර ෆොන් එක රිං වෙන්න ගත්තේ මේ වෙලාවේ.. 
පේන්න කවුරුත් නෑ.. 
ඉද්දමල්ගොඩ වොශ් රූම් එකෙ ඉදන්ම කෑ ගැහුවේ දෙතුන් පාරක්ම ෆෝන් එක රිං උන නිසා. ...

නෝනේ බලන්න කො අනේ ඔය ෆෝන් එක රිං වෙනවා ....

අපේ මහත්තයො අනේ මගේ අත් දෙකේම කොහොල්ලෑ මං මේ කොස් ගෙඩියක් සුද්ද කරනවා..

මාත් මේ බාත් රූම් එකෙ නෝනේ. 

මේ සංවාදය කාබරේ වැඩක නියලෙමින් හිටිය පහන්‍යා කුස්සියට ආවේ පෝන් එක ආන්සර් කරන්න

 කියලා අහන්න ...

ඒත් එක්කම කොහොල්ලෑ ටික පිහිදමින් නැගිටින්න හැදූ ඉශාන්ගෙ මව ඊටත් කලින්ම පහන්‍යා හට 

කතා කරා..

අනේ දුවේ මගේ මේ අත් දෙකේම කොහොල්ලෑ ..

මං මේ අවේ එක ඇහිලා තමයි ආන්ටී..

මං බලන්නම්...

දුරකතනය ලගට ගිය පහන්‍යා දුරකතනයට පිලිතුරු දුන්නේ බයෙන්...

පහන්‍යා හෙලෝ කියන්නත් කලින් එහා පැත්තේන් ආවේ බැනුම් වරුසාවක් ...

මොකක් ද අම්මා කී පාරාක් ගත්තා ද අනේ ඇයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ...

හදිස්සියකට ගත්තා නම් එහෙම ඉවරයි ඉතින්..... ඉශාන් කියවගෙන ගියේ කේන්තියෙන්...

එහා පසින් සද්දයක් නැති නිසා ඉශාන් ආයෙත් කතා කරා...

හෙලෝ ..අම්මා..
මේ මෙයාලගෙ පුතා වෙන්න ඇති පහන්‍යා අනුමාන කරමින් කතා කරා...

හෙලෝ මේ අම්මා නෙවෙයි.. 

අම්මා නෙවෙයි නම් කවුද ඔයා... ඇයි කලින් කිව්වේ නැත්තේ ..

මේ මොන මගුලක්ද යකෝ මේ ගත්ත වෙලේ ඉදන කියොගෙන කියොගෙන ගිහින් දැන අහනවා 

කිව්වේ නැත්තේ ඇයි කියලා.. පහන්‍යා මුවින් නොබැන හිතින් හිතුවේ මේ ගෙදරට පය ගහකලින්

 කියන්නේ කොහෙද කියන්න කලින් කෑගහගෙන බැනලා ඉවරයිනේ... අනේ...

හරි හරි දැං කෝ අම්මා.. ඉශාන් ඇහුවෙ දෙගිඩියාවෙන් .. කවුද මේ මං නැති අතරේ ඇවිත් ඉන්නේ..

ඉශාන් දන්නවා නම් මේ කතා කරන්නේ මේ එදා හම්බුන සුභාෂ් සර් ලයින් දැම්ම කෙල්ල කියලා..

අම්මා කොස් සුද්ද කරනවා අතේ කොහොල්ලෑ ..

මට කිව්වා ෆෝන් එක බලන්න කියලා ...

හා එහෙමද එහෙනම් අම්මට කියන්න මට අද එන්න වෙන්නෑ කියලා... මං අද සර් ළග නවතිනවා

 කියන්න ...

සර්...

ඔව් අපේ සර් ළග ඔයා කියන්නකෝ අපේ අම්මා දන්නවා.

හරි මං කියන්නම්......

ඔකේ ... බායි......

මට මේ කටහඩ හොදට අහලා පුරුදුයි වගේ ඒත් කවුද මේ..... කෙල්ල පොන් එක තිබ්බ වෙලේ ඉදන් 

හිතුවේ කාගෙද මේ පුරුදු කට හඩ කියලා. ඒ එක්කම තව දෙයක් මතක් වුනා. සර් කිව්වේ මිස්ටර් 

ඉද්දමල්ගොඩ බලන්න ගියා කිව්ව සර්ම වෙන්න ඇති. අපරාදේ අහන්න තිබුනේ. පහන්‍යා කල්පනා 

කරමින් කුස්සිය පැත්තට යන්න හැරුනා.

ඒත් එක්කම දුවගෙන ආව දෙව්මිගේ කෑ ගැහිල්ලට පහන්‍යා උඩ ගියා..

පහන්‍යා පහන්‍යා .... මේ.....

මොකද යකෝ කෑ ගහන්නේ ඔහොම...

මේ..මේ...මේ... බොසා ... කතා කරනවා බන්... ..



මතු සම්බන්ධයි.

යාළුවනේ අදහස් දක්වන්න.
හෙට කොටස අකුරු ගන්වන්නේ මුතු අක්කා.
අද අකුරු කෙරු මම ඉරෝ එදිරිසිංහ.

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
07 Feb 2017 07:23 PM
  •  Quote
  •  Reply
කතාව යන විදිහට හිතාගන්න පුළුවන් ..අනිවාර්යෙන් සර් ව බලන්න යයි වගේ හොස්පිටල් එකට ..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Feb 2017 07:39 PM
  •  Quote
  •  Reply
අර පුටුවෙ වාඩිවෙලා ඉන්න අක්කා ඉරො එදිරිසිග්හ්හද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 02:13 AM
  •  Quote
  •  Reply
ඔව් ඒ් ඉරෝ තමයි කෙහොමද දන්නේ
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Feb 2017 02:37 AM
  •  Quote
  •  Reply
මට හිතුනා වාඩිවෙලා ඉන්න විදියට ............
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:28 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 06:33 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල

නමවෙනි කොටස

සම්පූර්ණ කතාව කමෙන්ට් වල යාලුවනේ..

"දීපන් ඔය ෆෝන් එක..."

දෙවුමිගේ අතේ තිබ්බ මගේ ෆෝන් එකත් අරන් මන් පැත්තකට දිවුවත් දෙවුමිත් පස්සෙන් ආවා..

"ආහ් පහන්‍යා කොහොමද,.?"

"ඉන්නවා.සර්.."

"අවුලක් නෑ නේ නවාතැන් පල.."

"නෑ සර්.."

"මන් මේ මස්සිනාටත් දැන් ගත්තා..ඔයාලා කතා කළා කීවා.."

"ඔවු සර්.."

"මොකද ළමයො ඔවු සර් නෑ සර් විතරද..?"

"නෑ සර් මේ..."

දෙවුමි පැත්තකින් ඉඳන් කටත් අල්ලගෙන හිනාවෙනවා අනින්න හිතුණා හොම්බට හැටක්..

"ආහ් පහන්යා..මන් මේ ඉන්ෆොමේශන් එකක් දෙන්න ගත්තේ.."

"කියන්න සර්.."

"ප.......න්යා.... අපේ මස්....නා...ට ..රන්චි වෙලා ..ඔහේ ඉන්න සර් කෙනෙක්..ගැන.."

"සර් ටිකක් පැහැදිලි මදි,, සිග්නල් අවුලක් වගේ..."

"මේක අහ..වා..පහන්...
ඔහේ..ඉන්නවලු...

සු......ශ් කිය....... සර් කෙනෙක්..එය..එයාගෙ බ්ලොග් වල...කුඩු......යෝ ගැන පෝස්ට් දාලාලු... 
ඒ මනුස්..යා ඇක්සිඩ.....ට් වෙලා... ඒ ගැන සැකයි ...අපි ඒ කේස් එක ගැන සෙවිල්ලේන් ඉන්න්...
 ඕනේ.."

"හරි සර් මන් බලන්නම්.."

"ඕ,කේ..මන් පස්සේ ගන්නම් පහන්ය.."

"ඕජේ සර් බායි.."

දුරකතනය දිහා බලාගෙන තත්පර පහක් විතර පහන්ය කල්පනා කල.

"මොකද්ද බාන් කිවුවේ..මෙලෝ හසරක් තේරුණේ නෑ..වන්නි හත්පත්තුවට ගෙනත් දාලා සිග්නල් 

කඳුලක් හොයාගන්න ගස් බඩ ගාන්න වෙයිද්දන්නෑ.."

"මටත් කිවුවා..පහන්යා.කවුද සර් කෙනෙක් ගැන ..ඒ සර් රිසර්ච් කරලා කුඩ්ඩෝ ගැන..බ්ලොග්ස්

 එහෙමත් දාලාලු..හදිසියේ ඇක්සිඩන්ට් වෙලා සර් කියන්නේ ඒක හිතල ප්ලෑන් කරලා කරවපු 

එකක් ලු.."

"හ්ම්ම් වෙන්න පුළුවන්.."

"නම මතක නෑ බන් මේ..සූ.........සු..."

"මොකද බන් සූ සූ ගාන්නේ..කාට හරි ඇහුනොත් හිතයි බාත් රූම් නොයා මේතන වැඩේ කරනවා 

කියලා.."

"අනේ යන්න පහන්යා.."

"අයියෝ.. ආන්ටිට පණිවිඩයක් කියලා එන්නම්
.."

"හ හා.."

පහන්යාට ඉශාන් කිවූ පණිවිඩය මතකයට ආවේ මේ මොහොතේ දීමය.

ඈ හනික මුළු තැන් ගෙට දිව ආවාය.

"ආන්ටි මේ.."

ඉද්දමල් ගොඩත් ඒවෙලාවේ එතන ඉඳගෙන තේ කෝප්පයක රස මිහිර විඳින ගමන් ..

පහන්යා ආපු වේගෙන් කුස්සියටම ආවට ඉද්ද මල්ගොඩ දුටු ගමන් කෙල්ල කන්ට්‍රෝල් වුණේ

 ඉබේටම වගේ..

"සර්.."

කෙල්ලට ලැජ්ජත් හිතුණා..පිට මනුස්සේක් මදිවට පොලිස් කාරයෙක් නෙ දෙයියනේ..

"ආහ් එන්න ළමයා.."

"මේ..ආන්ටි මේ.. කෝල් ..."

"ආහ් කියන්න දුව.."

"ආන්ටි ඒ කෝල් එක පුතාගෙන්.."

"ආහ් මොකද කීවේ..?"

"ආන්ටි අද ගෙදර එන්න වෙන්නෙ නෑ කීවා සර් ලඟ නවතින්න කීවලු.."

"අනේ මන්දා මේ ළමයත් ..පැටලෙනවා මේවගේ.."

ඉශාන්ගේ මවගේ මුහුනේ පෙණුම ඒ තරම් සතුටු දායක නොවීය.


"නෝනේ බයවෙන්න එපා.මන් කාව හරි යවන්නම් හොස්පිට්ල් එකට..මට හිතෙන්නේ මේ ක

 නිකම්ම ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ කියලා..ඒ සර් ඩ්‍රග්ස් කේස් ගැන හොයලා තියනවා කියලා 

ආරන්චියකුත් ආවා.."

"දරුවෝ යාළුවත් එක්ක එන්න තේ ටිකක් බොමු.."

"දැන් කරදර වෙන්න එපා ආන්ටි ..තේ ඕන නෑ.."

පහන්යා සිනාසෙමින් එතනින් හිමිහිට මාරු වුනේ ඉද්දමල්ගොඩ කීව කතාව ගැන සිතමින්මයි...

"ඒයි කෙල්ල.
අපෙ සර් කීව කෙනයි..මිස්ටර් ඉඩ්ඩමල්ගොඩ කීව කෙනයි දෙන්නම එක්කෙනෙක් කියලයි මට 

හිතෙන්නේ..අපි මුලින් මේ ගැන හොයමු..අපේ පටන් ගැන්ම මෙතන..."

පහන්යා පැවසුවාය... 

###############
මේ අතර ඉශාන් සර් ලඟින් හෙල්ලෙන්නෙවත් නැතිව බලාගෙන සිටියේය..හදිසියේ නින්දෙන් 

නැගිටුනු සුභාශ්..

"ඉශාන් .."

"ඇයි සර්.."

"ටිකක් නිදා ගන්න දරුවෝ.."

"කමක් නෑ සර්..."

"හ්ම්ම්.."

"මන් මෙහෙම ඉන්නම් සර්..නිදා ගන්න.."

ටික වෙලාවක් ඉශාන් ඔහේ බලාගෙන හිටියත් හිමින් හිමින් ඒ හිතට අමුත්තක් දැනෙන්න ගත්තා..

කෙනෙක් ගැන මතකයක් ඒ හිතට එබි කම් කළා..

සිතිවිලි අයින් කරනවා වෙනුවට ඉශාන් ට අවශය වුණේ ඒ ගැනම සිතන්නටයි..

 "සාවින්දී.."

ඔවුවේ සාවින්දි ගැනමයි..

නාඹර හිතකට කුළුඳුලේම ආල හිතක් වත් මෝරාගෙන එනවාදැයි ඉශාන්ට හිතුණා..

"හාවියක් වගේමයි ..නමත් සාවින්දි,.අනේඅ,,ඔයාට මාව මතකද දන්නේ නෑ..යන්න ලැස්තිවෙද්දි 

ඒ ඇස් දෙකේ කඳුලු පිරිලා තිබ්බ විදිහ මතක් වෙද්දි පැනලා බදාගන්න හිතුණා..ඒත් ...ඒත් වයස අපි

 දෙන්න අතරට ප්‍රශ්නයක් වෙයිද..?.. අම්මි නම් අවුලක්ම නෑ..අප්පච්චි තමයි..."

ඉශාන් බොහෝ දේ කල්පනා කලත් සාවින්දිගේ මතකය ඔහුව කුල්මත් කළේය..

"තව එක පාරක් බලන්න තිබ්බානම්.."

ඔහුට සිතිණි..

මේ අතර සාවින්දිද ඒ හා සමාන යමක් සිතමින් හුන්නීය.

########

රෝහල අසල මුර කුටිය අබියස තවත් යමක් සිදුවෙමින් පවතී

කළු පාට මුහුණ ආවරණය කර ගත් පුද්ගලයින් පස් දෙනෙක් රෝහලෙ තුලට යාමට තැත් දරමිණ් 

සිටියහ..

ගේට්ටුව ලඟ මුරය්ට සිටි පුද්ගලයාව අසළ වූ ගස කට තබා බැඳ දමා රෝහලට ඇතුල් වොය..

"ඔවුන් ආවේ කුමකටද හෙට කතාවෙන් බලන්න.. අදට කතාව ඉවරයි..

හෙට ලියන්නේ සදු
ලීව මම මුතු අහුරක්(ඉනෝ)

කවරය සැරසූ රාස් මල්ලි ඔයටත් ගොඩක් ස්ටූති...


දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Feb 2017 07:11 PM
  •  Quote
  •  Reply
හෙට ලියන්නෙ අපෙ සදුනි නෙද ? එල එල
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 07:53 PM
  •  Quote
  •  Reply
මම තමයි. හෙට ලියන්නේ
දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
08 Feb 2017 09:00 PM
  •  Quote
  •  Reply
ඉතින් තාම ලියල ඉවර නැද්ද ඕක ... ඉක්මන් කරමු ..හා හා හාහ්
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:07 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Feb 2017 01:11 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

දසවන කොටස.

සාවින්දිගේ මතකයේ පැටලී වුන් ඉශාන් සාවින්දී ඔහුගේ නිවසේ රැදී සිටි දිනයේ මතකයන් අළුත් 

කරමින් ජනෙල් කවුළු අසලට පියමැන්නේය. සුභාශ් ඉන්නේ තද නින්දේ නිසා ඉශාන් ජනෙල් 

කවුළුවක් මදක් විවර කර මීදුමින් වැසී ගිය නිසංසල පරිසරයට නෙත යොමා පෙර දින සාවින්දී සමග 

ඉදිරි පස කොරිඩෝවේ කතා කරමින් සිටි අයුරු සිහිගැන්නුවේය.

‘‘ කෑ ගහන්නැතුව හිටපන්. පේනවනේ මගේ අතේ තියෙන එක. කෑගැහුවෝත බස්සනවා බුලට් එක 

ඔළු කට්ට හිල් වෙන්න. ඉක්මනට ඕකව බැදලා දාපල්ලා.‘‘

හදිසියේම ඉශාන්ගේ සවනත රැදුනේ එවැනී අමුතුම කතාවකි. සුභාශ්ට වෙන් වු කාමරය පිහිටා තිබුනේ

 ඉහළ මාළයේ නිසා ඉශාන් ජනේලයෙන් ඒ දෙස අවදානයෙන් බලා සිටියේය.රාත්‍රියේ වූ ඝණ මීදුම විදුළු

 බුබුළු වල අලෝකය සමග මුසු වීම නිසා ,එම දර්ශන පෙළ අපහැදිලි විය. කළු ඇද ගත් කිහිප දෙනෙක්ම 

රෝහල තුළට ඇතුළු වනු දුටු ඉශාන්ට හවස අප්පච්චී කියු කතාව සිහි වීය. කාමරයෙන් පිටතට පැමිණී 

ඔහු ඇතුලත කොරිඩෝව දිගේ පැමිණ අත්වැටට වාරු වි පහළ මහල දෙස බැලුවේය.

‘‘මිස් අර සුභාශ් සුභසිංහ කියලා ඇස්සිඩෙන්ට් වෙලා ගෙනාපු පේසන්ට්ගේ රූම් නම්බර් එක කියද?‘‘

‘‘සොරි මිස්ටර් මේ වෙලාවට නම් පේසන්ට්ලා බලන්න දෙන්න බෑ. අනික ඒ පේෂනට් ළගට නම් 

අදුනන්නේ නැති කවුරුත් යවන්න එපා කියලා තමා අපිට දැනුම් දීලා තියෙන්නේ.‘‘

‘‘අනේ මිස් මම සුභාශ් පුතාගේ එකම මාමා.‘‘ 

කළු හැද ගත් පිරිසගෙන් එක් අයෙක් පිළිගැනීමේ නිළධාරිනිය සමග කතා කරනු ඉශාන්ට ඇසුණි. නමුත් 

ඔවුන්ගේ කතා බහ ඉශාන්ගේ සැකය වැඩි කිරිමට තවත් ඉවහල් විය. මේ නම් තාත්තා අර කියපු මින්සසු

 වෙන්න ඔනේ. ඉශාන් ජංගම දුරකතනය අතට ගෙන ගෙදර අංකයට ඇමතුමක් ගත්තේ වෙවලන දෑතිණී.

 හිතට දැනුන බය නිසාම ඉශාන්ට හදිස්සියට මොකුත් කර නොහැකි බවක් දැනුනි.

‘‘අප්පච්චී...‘‘

‘‘ඇයි පුතේ බය වෙලා.‘‘

‘‘අප්පචිචී කළු ඇදගත්තු මිනිස්සු වගයක් මෙහෙට ඇවිත් රිපෙක්ෂන් එකේ ඉන්න මිස්ගෙන් සර්ගේ 

කාමරේ අහනවා. ඉක්මනට එන්න අප්පච්චී මට සර් ගැන බයයි.‘‘

‘‘හරි හරි. අපේ කට්ටිය ඉක්මණම ඔතන ඉදී .පුතා බය වෙන්න එපා. මම ඔනේ දේකට සුදානමින්

 හිටියේ.‘‘

‘‘අප්පච්චී කරන දෙයක් ඉක්මණට.‘‘

ඉශාන් රහසින් වගේ තම පියාට පණිවිඩය කියා කාමරයට යන්න හැරුනී.

‘‘මේ මිස් අපි ඉවසුව හොදටම ඇති අරු ඉන්න කාමරේ කියපිය.‘‘

පිළිගැනීමේ නිළධාරිනිය ළග වුන් මිනිසා පිස්තොලයක් ඇගේ හිසට තබා බිය ගන්වන්ට විය. කීප වරක් 

විමසන විට ඇය මරණ බියටම සුභාශ්ගේ කාමර අංකය පැවසුවාය. රෝහලේ කාර්යමණ්ඩලයද ඒ වන වට 

එතනට රැස් වෙමින් තිබුණී.

‘‘එකෙක් වත් හෙල්ලෙන්න එපා. කට ඇරියොත් පේනවනේ මගේ අතේ තියෙන එක. මම මේකිටත් 

තියලා තොපි සේරටමත් තියනවා. ඒ සුද්දා ඔබ හේරාත් එක්ක මෙතන බලා ගනින් අපි අරූව බලා 

ගන්නම්‘‘

එසේ පැවසු ඔහු තවත් දෙදෙනෙකු සමග ඉහළ මාලයට එන්නට විය. ඉශාන් ඉක්මණින් වට පිට බලමින්

 කාමරය තුළට වැදුණී. ඉශාන්ගේ අතට එවෙලේ අසු වුනේ ගිනි නිවන ගෑස් ටැංකියකි. එය අතටගත් ඔහු 

දොර පිටු පසට වී අඩි සද්දය අසාහුන්නේ තමගේ හුස්ම වැටෙන හඩවත් පිටතට ඇසෙන්නට නොදී තද

 කරගෙනය. මේ කිසිවක්ම නොදත් සුභාශ් තද නින්දේ පසු විය. එවෙලෙහිම අගුල කැරක වි දොර හැරුණී. 

මේ අප්පච්චී තාම නැහැනේ ඉශාන්ට අප්පච්චී ගැන දැනුනේ තරමක කෝපයකී. ඉන් ඇතුළු වූ කළු හැද 

ගත් මිනිසා සුභාශ් දෙසට පිස්තොලය මානාගෙන ඉදිරියට යද්දී ඉශාන් දොර පිටු පස සැගවී බලා හුන්නේය.

‘‘මේ තරම් තුවාල වෙලත් උඹ මැරුනේ නෑ. දැන් උඹට බේරිල්ලක් නෑ මෙන්න ඔබේ මාරයා උඹ ලගටම 

ආවා....හ්හ් තමන්ගේ පාඩුවේ ගුරුකම විතරක් කරන් හිටියා නම් මේ කිසි කරදරයක් නෑනේ. අපිටත්

 කරදර නෑ.... උබටත් කරදර නෑ..‘‘

‘‘කවුද? උබ .. මොනවද උබලට ඕනේ.‘‘

නින්දෙන් පිඹිදුනු සුභාශ් සේලයින් කටුව සවි කර තිබු අතින් මුහුණ ආවරණය කර ගනිමින් විමසුවේය.

 එවිට අමාරුවෙන් හිස ඔසවා බැලූ සුභාශ්ට පෙනුනේ දොර පිටු පස සැගවී සිටි ඉශාන් වයි. එදෙසට 

නෙත නොයැවූ සුභාශ් දෑස නාදුනන මිනිසා වෙත යොමු කර ගත්තේ ඉශාන් අසු වුව හොත් ඔහුටත් 

කරදරයක් වේ යැයි දැනුන බිය නිසයි. මහ හඩින් සිනාසුණ කළු ඇද ගත් මිනිසා සුභාශ්ගේ වෙළුම් පටි

 වලින් ආවරණය වූ නලල මත පිස්තොලය තැබුවේය.

‘‘දෙයියෝ බුදුන් සිහි කර ගනින් මහත්තයෝ. දැන් ගන්න වෙලාව හරි.‘‘

‘‘බොස් ඉක්මන් කරන්නග මොනවද වාහන ගොඩක් ආවා. පොලිසියෙන්ද දන්නේ නෑ‘‘

ඒ ඇසිල්ලේම ඉශාන් හැකි වීරිය යොදා ගෑස් ටැංකිය ඔසවා කළු හැද වුන් මිනිසාගේ හිසට වැරෙන්

 පහරක් ඉල්ල කලේය.

‘‘අම්මෝ........‘‘

ඔහු ඇද පාමුල ඇද වැටුනේ ලේ පෙරන ඔළුව දෑතින්ම බදා ගනිමිණී. 

‘‘ඉක්මනට වරෙන් පොළිසියෙන් එනවද කොහෙද?.‘‘

‘‘එතකොට බොසා.‘‘

‘‘අපිත් අහු වුනොත් සේරම ඉවරයි. වර ගන්න මම යනවා.‘‘

දොර අභියස ඔත්තු බලමින් සිටි පුද්ගලයා පැන යද්දී අනිකාද ඔහු පස පසම පැන දිව්වෝය.

‘‘ අන්න අරහේ දෙන්නෙක් පැනලා යනවා ඉක්මණට අල්ල ගනිල්ලා.‘‘

එසේ පවසමින් කාමරයට ඇතුළු වුනේ පොලිස් නිළධාරියෙකි. 

‘‘ සර් සර්ට කරදරයක් නෑ නේද සර්.‘‘

ඉශාන් සුභාශ්ගේ මුහුණට එබෙමින් විමසුවේ නෙතට නැගුණු කදුළු ආයාසයෙන් සගවාගෙනය. 

සුභාශ්ට ඉශාන් කෙරේ තිබු ආදරය සෙනෙහස තවත් වැඩි වෙද්දී, සුභාශ් අමාරුවෙන් හිස ඔසවා

 ඔහුව වැලද ගත්තේය.

පහන්යාද දැන් ඉන්නේ කැළඹුණු සිතින්ය. මිස්ටර් ඉද්දමල්ගොඩ කිව්වේ ඒ සුභාශ් සර් කියලා. ඒ 

මට එදා රිවෙස්ටන් වල හම්බුන සුභාශ්මද?. ඉශාන්ගේ ඇමතුමෙන් පසු ගෙදර සියල්ලන් හුන්නේ 

බියෙන් තැතිගෙන ආලින්දයෙමය. ඉශාන්ගේ අම්මා වැලහින්නක ලෙස හඩා වැටෙන්නේ, මම

 කිව්වා අපේ මහත්තයට අපේ පුතාට ඔතන ඉන්න ඉඩ දෙන්න එපා කියලා. හවස ඉදන්ම මට 

අමුත්තක් දැනුනා. අනේ මගේ දරුවට කරදරයක් වත් වෙලා නම්. මම අපේ මහත්තයා එක්ක බලා

 ගන්නම්. අනේ මගේ අහිංසක දරුවා.

‘‘ අනේ කළබල වෙන්න එපා ආන්ටී, අංකල් කිව්වනේ කට්ටියක් ඉක්මණටම එතෙන්ට යවනවා 

කියලා.‘‘

දෙව්මී ඉශාන්ගේ අම්මා සනසවන්න උත්සහ ගද්දී පහන්යා වුන්නේ කළබලය නිසාම එමෙ මෙහෙ

 සක්මන් කරමිනි. මේ සුභාශ් ඇය දන්න සුභාශ්මද දැන ගන්නට උවමනා තිබුණත් මේ කරදර මැද

 එය විමසිමට ඇයට සිත් නොවිය.

‘‘අනේ අපේ මහත්තයා. අපේ පුතාට මොකද?‘‘

ඉශාන්ගේ අප්පච්චී ජිප් රථය නිවස ඉදිරිපිට නවතද්දීම ඇය ඉදිරියට දුවගෙන ගොස් විමසීය.

‘‘නෝනේ ඉතිං කළබල වෙනවනේ. නෝනේ මොකට බය වෙනවද? එ මගේ පුතානේ. මම වගේම

 තමා ඕනේ දේකට ඔට්ටුයි. අපේ පුතාටවත් සුභාශ් සර්ටවත් කිසිම කරදරයක් නෑ. නෝනේ දන්නවද 

අපේ පුතාගේ හපං කම්. අපේ පුතා ඒ කල්ලියේ එකෙක්වත් අල්ලලා දීලා.‘‘

ආලින්දයට පැමිණී ඉද්දමල්ගොඩ මහතා ජයග්රාලහී ස්වරයෙන් සිදු වු දෙය පැහැදිලී කරන්න විය.

‘‘අපේ මහත්තයට මොකද?. අපේ පුතාට මොනවා හරි වුණානම්. කෝ අපේ පුතා දැන්.‘‘

‘‘ එයාට සුභාශ් සර්ව දාලා එන්න බෑ කිව්වේ. අපේ ළමයා පුදුම ආදරයක් තියෙන්නේ මේ සර්ට.‘‘

‘‘ඒත් මහත්තයා.‘‘

‘‘හා හා නෝනේ කළබල වෙන්න එපා. මම පොළිස් ආරක්ෂාව දාලා ආවේ. ‘‘

‘‘එහෙනම් ඔය දුවලා ගිහින් නිදා ගන්න. අපි හින්දා මේ ළමයිනටත් නින්දක් නෑ.‘‘

‘‘ඒකට කමක් නෑ ආන්ටී.‘‘

‘‘ආ මේ දුවලා මේක පත්තරෙට් ලින්න. වැඩි විස්තර ඔනේ නම් හෙට අපේ පුතා එක්ක හොස්පිටල්

 එකට ගිහින් බලන්න. ‘‘

‘‘හරි සර් අපි නිදා ගන්නවා එහෙනම්. ගුඩ් නයිට්.‘‘

පහන්යයි දෙව්මීයි ඉහළ මාළයේ කාමරයට පැමිණ නිදා ගන්නට සැරසුනි. දෙව්මී වැඩි වෙලා යන්නට

 මත්නේ නින්දට වැටුනත් පහන්යාගේ සිත විමසුවේම සුභාශ් පිළිබදවයි. පැය ගණනකට පසු පහන්යාගේ 

නෙතට නින්ද ලගා විය. නමුත් ඇයට සිහිනෙනුත් පෙනුනේ වෙළුම් පටි වලට සිරවු ඔහුදේ වෙදනාබර 

දෙනෙතයි.

‘‘සුභාශ්..... අනේ සුභාශ්.....‘‘

‘‘ඒ මොකද බන් පහන්යා. කවුද සුභාශ් කියන්නේ. ඔයාගේ බොයි පෙරෙන්ඩ්ද?‘‘

දෙව්මී සුභාශ් ගැන නොදන්නා නිසා පහන්යා නිහඩ විය.

‘‘ කවුද බන් සුභාශ්.‘‘

‘‘මොන සුභාශ්ද බන්.‘‘

‘‘දැන් උබ කියලා කෑ ගැහුවේ.‘‘

‘‘ඈ මම එහෙම නමක් කිව්වද? මට මතක නෑ . එහෙම කෙනෙක් මම අදුරන්නේත් නෑ බන්‘‘

කතාව මග හැර පහන්යා නානකාමරයට වැදුනාය. මුහුණ දොවා දවසේ වැඩවලට සුදානමින් පහන්යා

 දෙව්මී සමග පඩි පෙළ බැස පහළට පැමිණෙමින් සිටියාය.

‘‘ අම්මේ.... අම්මේ.‘‘

‘‘අනේ මගේ පුතා ආවද?‘‘

දෙවියනේ ඉශාන්....එහෙනම් මේ සුභාශ් සර් එයාම තමා. පහන්යාගේ සිත සතුටෙනුත් පුදුමයෙනුත් පිරී 

ගියාය. අඩිය ඉක්මන් කර පඩි පෙළ පාමුලට පැමිණි පහන්යා, ඉශාන්ගේ දෑස් ඉදිරිපිට නැවතුනාය.

මතු සම්බන්දයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු හංසී මිතුරියට මගේ විශේෂ ස්තූතිය. 


බුදු සරණයි !! 
අද අකුරු කළ මම සදුනී කාංචනා.

 


හෙටත් මම ඈ....

දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Feb 2017 05:47 PM
  •  Quote
  •  Reply
හරියට අපේ මෙගා නාට්‍ය වගෙ..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Feb 2017 02:32 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Feb 2017 02:36 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

එකළොස් වෙනි කොටස.

ඉශාන් අසලට පැමිනෙන විට පහන්යා කතා කරන්නට සැරසුනාය. ඇයව ගණනකටවත් නොගෙන

 ඉශාන් මුළුතැන්ගෙය දෙසට පියනැගුවේය. මාර වැඩක්නේ මේ අර ඉශාන් නෙමෙයිද? අදුරන්නේ 

නෑ වගේ ගියානේ. පහන්යාගේ මූණ බලන් ඉද්දී අදුරු වී ගියාය.

‘‘මොකද බන් පහන්යා මාවත් පෙරළගන මාර සතුටින්නේ පහළට ආවේ. මොකද දැන් මුණ නාලු 

කරන්.‘‘

‘‘අර ළමයා.‘‘

පහන්යා ඔවුන් පසු කරගෙන ගෙතුළට යමින් සිටි ඉශාන්ව පෙන්වමින් පැවසුවේ තවත් මොනවදෝ 

කල්පනා කරමින්ය.

‘‘කවුද ඒ ළමයා උබ අදුරනවද? ඒ අර මේ ගෙදර ආන්ටිගේ පුතා වෙන්න ඇති. උබ මොකද දැන 

හොල්මනක් දැක්කා වගේ බය වෙලා.‘‘

‘‘මම ඒ ළමයව දන්නවා.‘‘

‘‘ඒ කොහොමද ?අපි අදනේ මෙහෙ ආවට පස්සේ ඒ ළමයා දැක්කේ.‘‘

‘‘නෑ බන් අපි ගිය ට්රි.ප් එකකදී මට ඔය ළමයා හම්බුණා. එයාගේ නම ඉශාන්.‘‘

‘‘උඹ වෙන කාටහරි රැවටිලා ඇති බන්. අදුරනවා නම් ගෙදරට ආපු මස්සයෝ එක්ක කතා නොකර

 යනවද?.‘‘

‘‘පොඩ්ඩක් හිටපන්කෝ‘‘.

පහන්යා මුළුතැන්ගෙට ඇතුල් විය . දෙව්මීද ඒ පසු පස මුළුතැන්ගෙට ඇදුණාය. නමුත් මුළුතැන්ගෙයි

 කිසිවෙක් නොවීය. මේ ළමයා මේ චුට්ටට කොහෙ අතුරුදහන් වුණාද? පහන්යා තනියෙන් සිතමින්

 සැම තැනම විමසිල්ලෙන් බැලුවාය.

‘‘ඒ ළමයා නිදි ඇති බන්. ඊයේ රෑ නිදි මරලයි, පයිට් කරලයි මහන්සි ඇති. මතනේ ඊයේ මිස්ටර් 

ඉද්දමල්ගොඩගේ වර්ණනාව.‘‘

අනේ මේ මම හොයන සුභාශ්ම තමයි. එහෙනම් ඉශාන් තමා සුභාශ්ගේ ජීවිතේ රැක ගත්තේ. මේ තරම් 

දෙයක් වෙලත් මට තාම බැරි වුණා අඩුම තරමින් සුභාශ්ව බලන්න වත් යන්න. හිතුවටත් වඩා ඇගේ සිත

 සුභාශ්ට ළං වී ඇති බව පිළිගැනීමට ඇයට සිදු විය.

‘‘යමන් යමන් බොසා කිව්වා නේද? ඉක්මණට රිපොට් එකක් එවන්න කියලා. ඒ කොල්ලා මේ 

ගෙදරනේ. අපි හවස අල්ල ගමු.‘‘

ඔවුන් නිවසින් පිටත් වෙන්න සුදානම් වෙද්දීම ඉද්දමල්ගොඩ මහතාත් පිටවන්නට සුදානමින් පසු විය.

‘‘අපේ පුතා දැන්නේ ආවේ. දැන් ඉතින් හවස් වෙනකන් ඇරවනවා බොරු. ඔය දුවලා හොස්පිටල් එකට

 නම් යන්නේ මාත් එක්ක යන්න පුළුවන්.‘‘

ඔහුට ස්තුතියි කරමින් පහන්යත් දෙව්මිත් ජීප් රථයට නැගුණි. කිසි කතාවක් බහක් නොමැතිව වාහනය

 ඉදිරියට දාවනය විය. පහන්යාගේ සිත තිබුනේ සුභාශ් ළගය. ඇය යළි කිසිදා හමු නොවේ යයැ සිතු 

නාදුනන තරුණයාට සාධාරණය ඉටු කිරීමටත් දැන් ඇයට සිදු වී ඇත. පාර දෙපස වු කොළ පැහැ රබර් 

වතු දෙස නෙත් යොමාගෙන, වංගු බහුල මාවතේ වාහනය පැද්දෙන අතටම සිරුරටද පැද්දෙන්නට ඉඩ

 හැර ඇය නිසොල්මනේ හුන්නාය. පහන්යාගේ කල්පනාව බිදි ගියේ ඉද්දමල්ගොඩ මහතාගේ දුරකථනය

 නද දෙන විටය.

‘‘හෙලොව්.‘‘

‘‘කවුද මේ.‘‘

‘‘ආ මිසිස් සුභසිංහ. ඇයි මේ කළබල වෙලා කළබල වෙන්න දෙයක් නෑ පුතාට කිසි කරදරයක් නෑ.‘‘
‘‘හරි හරි බය වෙන්න එපා . මම උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ. අපි ඒ කල්ලියෙ එකෙක්ව අල්ල

 ගත්තානේ. ඉක්මණින්ම අනිත් එවුන් ගැනත් දැන ගන්න ලැබෙයි.‘‘

‘‘අපෝ ඔහෙ එක්ක යන එක බොහොම බයානකය. මිසිස් සුභසිංහ බය නොවී ඉන්න. සුභාශ්ට කිසි 

කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. මොකද අපෙන් වෙන්න තිබුණ දෙයක් තමා එයා මේ කරලා 

තියෙන්නේ.‘‘

‘‘හරි එහෙනම් ඇවිත් යන්න එන්නකෝ. හැබැයි පරිස්සමින්. මම මේ සුභාශ්ව බලන්න යන ගමන්.‘‘

පහන්යලට ඇසුනේ දුරකථන සංවාදයේ ඉද්දමල්ගොඩ මහතා කිව් වදන් පෙළ පමණී. නමුත් ඒ කතා

 කළේ සුභාශ්ගේ මෑණියන් බව පහන්යාට හොදින්ම වැටහුනාය. ඉන් පසු ජිප් රථය පෞද්ගලික රෝහලක්

 ඉදිරිපිට නැවතුනි.

‘‘ඔය ළමයි ගිහින් සුභාශ් එක්ක කතා කරලා බන්න. මම පොඩි රාජකාරි වැඩ වගයක් තියෙයි ඒ ටික 

කරලා මමත් උඩට එන්නම්.‘‘

‘‘ඒත් අපිට රූම් එකට යන්න දෙයිද?.‘‘

‘‘මම දැනුම් දිලා තියෙන්නේ අවුලක් වෙන්නේ නෑ .රූම් නම්බර් විසිහත දෙවෙනි තට්ටුවේ.‘‘
පහන්යත් දෙව්මිත් සුභාශ්ගේ කාමරය සොයාගෙන ඇතුල් විය.මුරට සිටි පොළිස් නිළධාරීන්ගෙන් ඔවුන්ට

 කිසිම බාධාවක් ඇති නොවුනේ රැකියා කළ පුවත්පත් ආයතනයේ හැදුනුම් පත පෙන්වූ නිසාය. 

පහන්යාගේ හදවතේ ගැස්ම තව තවත් වේගත් වුනේ, මම කොහොමද සුභාශ් ඔයා ඇග පුරා බැන්ඩේච් 

කරන් ඉන්නවා බලන්නේ යයි සිතමින්ය. නමුත් ඔවුන් කාමරයට ඇතුල්වන විට කිසිවෙක් එහි නොවීය.

‘‘එස්කියුස් මී. මේකේ හිටිය පේෂනට් කෝ.‘‘

‘‘එයාව තියෙටර් එකට ගත්තා මිස්.‘‘

‘‘දැන් හුගක් වෙලාද?.‘‘

‘‘නෑ මිස් මේ දැන් ගත්තේ. එයා එක්ක කතා කරන්න නම් ඔයාලට හුගක් වෙලා ඉන්න වෙයි. ‘‘

‘‘ඒ ඇයි.‘‘

‘‘සිහිය එනකන් ඉන්න වෙනවා. ‘‘

‘‘එහෙමද?‘‘

පහන්යාගේ සිත හඩා වැටෙන්නට වුයේ අනේ දෙවියනේ අර තරම් අහිංසක පෙනුමක් තිබුණ සුභාශ්ටම

 ඇයි මේ වගේ දෙවල් වෙන්නේ යනුවෙනී. පහන්යාගේ සිතේ සුභාශ් රැදි සිටියේ ගුරු වෘතියට ගැළපෙන 

තැම්පත් අහිංසක චරිතයක් ලෙසිනි. උදේ ඉශාන්ව මගහැරුණා, දැන් සුභාශ්වත් මග හැරුනා පහන්යාගේ 

සිත රිදුම් දෙන තරම කිවහොත් දැන් ඇයට හඩන්නට අවශ්යර වී ඇත.

ඉන් පසු අමාරුවෙන් කය රැගෙන පොළිස්ථානය වෙත ගියත් පහන්යාගේ සිත රෝහලේ සුභාශ් ළගම 

නතර විය. වාර්තාවට අවශ්යර තොරතුරු ද රැගෙන කලින්ම නිවස බලා පැමිනෙම්න් සිටියදී, මගදීම 

වාර්තාව හදන ලෙස දෙව්මිගෙන් ඉල්ලා සිටියේ ඇගේ සිතේ නිදහසක් නැති නිසාවෙනී. කෙසේ වෙතත්

 ඇයට තනිවී සිටීමට අවශ්යක වී තිබුණී. දෙව්මී සමග සුභාශ් ගැන කීමට අවශ්ය‍ වුණත් නාදුනන 

පිරිමියෙක් ගැන ඇය මෙතරම් සිතන්නේ මන්ද කියා ඇය සිතයි යැයි පහන්යා සිතුවාය.

සුභාශ් සැත්කමින් පසු නැවතත් ඔහුගේ කාමරයට ගෙනවිත් තිබුණි. ඔහුට සිහි එන විට ඔහු අභයස කදුළු 

සලමින් වුන්නේ ඔහුගේ මෑණීයන්ය.

‘‘අම්....මේ‘‘

‘‘අනේ ඔයාට අමාරු.... නම් කතා කරන්න එපා ... මගේ පුතේ...‘‘

‘‘නෑ.... නෑ... ම..ට දැන්.. හොද...යි අම්...මේ.‘‘

ඉශාන් වේදනාව මැදින් අමාරුවෙන් සිනාසෙමින් කිවේය.

‘‘ මට මිස්ටර් ඉද්දමල්ගොඩ සේරම කිව්වා පුතේ මගේ පුතා ඇයි මේවගේ දෙවල් වල පැටළුනේ. මගේ 

පුතාට කරදරක් වුනොත් මමත් ජීවත් වෙන්නේ නෑ.‘‘

‘‘මගේ... අම්...මා බය.. වෙ..න්න එපා. ම..ට මො..කුත් වෙන්..නේ නෑ. කෝ... නං...ගී.‘‘

‘‘එයා ක්ලාස් ගියා පුතේ. එන්නම පොරකෑවා. මම විභාගේ ළග නිසා බලෙන්ම දාලා ආවා.‘‘

‘‘අනේ.. එ..හෙනම් ඉ...ක්මණට යන්න එහෙ..නම්.‘‘

‘‘තාත්තා ඉන්නවා පුතේ බය වෙන්න එපා. මමත් ඉක්මට යනවා. මම පුතාව එහෙ එක්ක යන්න හැදුවේ.

 මිස්ටර් ඉද්දමල්ගොඩ කියනවනේ ඔයාට එහේ ආරක්ෂාව මදී කියලා.‘‘

‘‘ඔව් අම්මේ මම මෙහෙ ඉන්නම්. නැත්තම් අම්මලටත් උන් කරදරයක් කරයි.‘‘

රෝගීන් බලන වේලාව අවසන් වූ නිසා සුභාශ්ගේ මැණියයන් ඔහු ගෙන් ඉවත් වී ගියේ කදුළු සලමිණි.
සාවින්දී සිටින්නේද දැඩි පීඩනයකය. මෙවර උසස් පෙළ ලිවීමට බලාපොරොත්තුවෙන් සිටියත් පොතක් 

අතට ගැනීමට ඇගේ සිත නිදහස් නොවීය. රෑ සිදු වු සිදුවිම කණ වැකීම නිසා ඇය සිටියේ තම සහෝදරයා 

වෙනුවන් ඇති වු බියෙන් තැති ගෙනය. අනේ ඉශාන් ළග හිටිය නිසා තමා අයියා බේරුනේ. මගේ අයියට 

මොනවා හරි වුණානම්. මමත් දැක්කා අර බ්ලොග් එකේ දාලා තිබුණ පොස්ට් ටික. මට නිකමටවත් 

හිතුණේ නෑනේ ඒක මේ තරම් ලොකු දෙයක් වෙයි කියලා. ඇයට අම්මාට ඇමතුමක් ගන්නට සිතුනාය. 

කිහිපවරක්ම ඇමතුම් ගත්තත් දුරකථනයෙන් ප්ර්තිචාරයක් නොවීය. ඇයට අම්මා ගැන බියක් සිත තුළ 

දැවටෙද්දී , මොකද දන්නේ නෑ ,අම්මා ඉශාන් මල්ලිලාගේ ගෙදර යන්න ඇති අනිවාර්යෙන්. සාවින්දී 

ඉශාන්ගේ නිවසේ දුරකථන ලියා තිබු අම්මාගේ කුඩා දින පොත රැගෙන ඇමතුමක් ගන්නට වුවාය.

සිත තුළ වු නොසන්සුන් බවත් වේදනාවත් නිසා පහන්දීට පැය කීපයක්ම නින්ද ගොස් තිබුණි.

‘‘ඒ බන් හුගක් හවස් වෙලාද?‘‘

‘‘හොද නින්දක් දැම්මා නේද?. තව දෙකයි වෙලාව. ‘‘

‘‘හම්මො මම හිතුවා හවස් වෙලා කියලා උඹ රිපෝට් එක හැදුවද?.‘‘

පහන්යා ලා නිල් බිත්තිය මත් එල්ලා තිබු ඔරලෝසුව දෙස බලමින් කිව්වාය.

‘‘හ්ම් මම හදලා අමාරුවෙන් මේල් කරා. අපෝ බන් බොසා සෙට් කරන්නෙත් මාර පැති තමා. සිග්නල්

 අල්ලන්න ගස් නගින්න වෙලා තියෙන්නේ.‘‘

ඒ වදන් පෙළට පහන්යත් දෙව්මිත් දෙදෙනාම එක් වී සිනා සුණි. දෙව්මී නාගන්නට කියා නාන කාමරයට 

වැදුණ විට පහන්යා ජංගම දුරකතනයද රැගෙන පහළ මහලට පිය මැන්නේ ටික වෙලාවක් එළිමහසේ 

සිටිමට සිතමිණි. ඇය පහළට එන විට දුරකථනය නද දෙන්නට විය. කිසිවෙක් නොසිටි නිසා පහන්යා 

දෙවරක් නොසිතාම ඇමතුමට සවන් දුන්නේ සුභාශ් ගැන පණිවිඩයක්ද? යැයි සිතේ ඇති වු සැකය නිසායි.

‘‘හෙලෝව්.‘‘

‘‘හෙලෝව් .මේ ඉශාන්ලගේ ගෙදර නේද?.‘‘

‘‘ආ ඔව් ඔව්. ‘‘

‘‘ඉශාන් හරි ,ආන්ටි හරි ඉන්නවද?.‘‘

‘‘ඉශාන් නම් ඊයේ රෑ සර් ළග ඉදලා ආවේ .තාම නිදි ඇති. ආන්ටිත් පේන හරියක නෑ .එකයි මම ගත්තේ. 

මොකද්ද කියන්න ඔනේ පණිවිඩය.‘‘

‘‘මම මේ අපේ අම්මා ඔහේ ආවද බලන්න ගත්තේ.‘‘

‘‘මේ සුභාශ්ගේ සර්ගේ නංගි වෙන්න ඇති. තාම නම් මෙහෙට කවුරුත් ආවේ නෑ. හැබැයි උදේ ඇහුනා 

එනවා කියනවා.‘‘

‘‘එහෙමද ? ඔයා ක...වු...ද එත..කොට..‘‘

කිව් දෙය අපැහැදිලි වූ අතර මොහොතින් ඇමතුම විසන්දි විය. නැවත ගනී යයි බලන් සිටියත් නැවත

 ඇමතුමක් නොපැමිණී නිසා ආන්ටි සොයා ගිය පහන්යා ඇමතුම ගැන කිව්වාය. ඉන් පසු පහන්යා 

අඹ ගස යට වු බංකුව මත හිදගෙන මුහුණු පොතට පිවිසියේ පාළුව මකා ගැනීමට සිතාගෙනය.

‘‘අම්මේ මම යනවෝ‘‘

‘‘අනේ පුතේ යන්න එපා. කිව්වම අහලා ගෙදර ඉන්න.‘‘

‘‘අනේ විකාර නොකියා ඉන්න අම්මේ අද සර් ළග කවුරු හරි ඉන්නම ඕනේ. කළු මාමා අද උදේ ඉදන්

 ඉන්නේ පව්නේ අම්මේ.‘‘

‘‘අනේ මන්දා.‘‘

එලෙස කියමින් නිවසින් පිටව යන්නට සැරසුනේ ඉශාන් බව දැක්ක පහන්යා ඉක්මණින් බංකුවෙන්

 නැගිට ඉශාන් පසු පස ගියාය.

‘‘ඉශාන් මල්ලි.‘‘

‘‘ කවුද මේ. මාව අදුරනවද?.‘‘

ඉශාන් පහන්යා. දෙස බලා විමසුවේ පුදුමයෙනි. පහන්යාට ඉශාන්ව මතක තිබුණත් ඉශාන්ට පහන්යා 

ගැන මතකයක් නොවීය.

‘‘ ඔයා මේ ළගද ඉස්කොලෙන් ට්රියප් එකක් ගියා නේද ? රිවෙස්ටන් බලන්න.‘‘

මතු සම්බන්දයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු Nilanga Amali අක්කට මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න.
¬ බුදු සරණයි !! 

හොට කතාව අකුරු ගන්වන්නේ සෞමි සෙනාරා..
.
අද අකුරු කළ මම සදුනී කාංචනා.

 
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Feb 2017 06:12 PM
  •  Quote
  •  Reply
අර නිලන්ගා මාලි කියන අක්කා ඉන්නෙ කතරගම පැත්තෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Feb 2017 02:51 AM
  •  Quote
  •  Reply
නෑ ඇයි එ්
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Feb 2017 05:29 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Feb 2017 05:33 PM
  •  Quote
  •  Reply
 සෙනෙහස පාමුල 

12 කොටස

"ඔයා මේ ළඟදි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා නේද රිවස්ටන් බලන්න..?"

පහන්යා ඒ ප්‍රශ්නෙ ඇහුවෙ තාමත් මේ ඒ ඉෂාන්මද කියලා හිතේ තිබුන චකිතයත් එක්කමයී.. මුලින්ම

 ඉෂාන්ගෙ මූණෙ ඉරියව් ටිකක් වෙනස් උනත් පස්සෙ ඒ මූණට ආවෙ පුංචි සුහද පෙනුමක්..

"ඔ ඔ ව් එතකොට ඔයා කොහොමද ඒ ගැන දන්නේ..?"

ඉෂාන් ඔව් කිව්වම පහන්යා තේරුම් ගත්තා මේ එදා රිවස්ටන්වල සුභාෂ් එක්ක දැකපු කටකාර 

කොල්ලමයි කියලා..

ඒත් ඇත්තටම තාමත් ඉෂාන්ට හරියට මතක් වුණේ නැහැ මේ කව්ද කියලා..

"හිහී එහෙනම් හරිනෙ අපිත් ආවනෙ, මතකද මං අර රෝස පාට බ්ලව්ස් එකක් ඇඳන් හිටියේ.."

ඉෂාන්ගෙ ඇස්වලට ඒ ටික ඇහුවම ආවෙ දීප්තියක්.. මේ තමන් තමන්ගෙ ජීවිතේ තරං ගරු කරන සර්

 කාටත් හොරා එදා විඩෙන් විඩේ බලපු රෝස පාට ඇඳලා හිටපු අක්කා නේද කියලා ඉෂාන් නිහඬ 

තත්පර ගානකදි හිතුවා..

"අහා හරි හරි මතක් උනා.. ඇත්තමයි මට මේ දවස්වල වෙච්ච දේවල් එක්ක මං ගැනත් මට අමතකයී

.. හී.."

"හිහී ඒකනෙ.."

ඉෂාන්ගෙන් පහන්යාට ලැබුනෙ බොහොම ලෙන්ගතු එදා ට්‍රිප් එකේදි දැක්කා වගේම දඟ හිනාවක්.. ඒ

 හිනාවට පහන්යාත් එකතු උනේ ඒ වල ගැහෙන කම්මුල් තවත් හැඩ කරලා..

"ඒක නෙමේ අක්කි කොහෙද මෙහේ..? අනික අපේ ගෙදර?"

ඒ තමා ඉෂාන්ගෙ හිතට ආපු ඊලඟ ප්‍රශ්න ටික..

"මං.. රිපෝටර් කෙනෙක් ඉෂාන්.. ඔයාලගෙ සු . .භාෂ් සර්ගෙ කේස් එක වගේම අර කල්ලිය ගැන 

ඔෆිස් එකේ.. . . . ."

පහන්යා එයාගෙ බොසා වැඩේ බාරදීපු තැන ඉඳන් මේ වෙනකන් හැමදේම ඉෂාන්ට පැහැදිලි කරලා

 දුන්නා..
ඒ විස්තර අහගෙන ඉන්න අතරතුර ඉෂාන් පහන්යාගෙ නොකැලැල් සුන්දර මුහුණෙ හැම ඉරියව්වක්ම

 නොකිලිටි හිතින් රසවින්දා.. ඉෂාන්ට හිතුනෙ මේ වගේ කෙනෙක් සුභාෂ් සර්ට ලැබුනොත් කොච්චර

 හොඳද කියලා.. 

"ඒක නෙමේ අක්කිටත් පුළුවන් ඕන්නම් මං එක්ක සර්ව බලන්න යන්න එන්න.. ඒක මේ අක්කිගෙ 

රිපෝට්ස් වලටත් උදව්වක් වෙයිනෙ නේද?"

ඉෂාන් අන්තිම ටික කිව්වෙ පහන්යාට හින්ට් එකට වගේ..
ඒ ටික ඇහුනම පහන්යාගෙ කම්මුල් රතුවෙලා ගියා..

"අ. .අහ් හරි මාත් එන්නම් මට ටෙන් මිනිටිස් දෙන්න ඉෂාන්.."

ලැජ්ජාව පිටින්ම ඒ ටික ඉක්මනට කියා ගත්ත පහන්යා ගෙට දිව්වෙ පුදුම හදිස්සියකින්.. 

ඉෂාන් පහන්යා එනකන් අඹ ගහ යට බංකුවට වෙලා හිටියා..
දෙව්මිට හෙට හොස්පිට්ල් එකට යමු කියලා, පහන්යා විනාඩි දහයක් කිව්වට විනාඩි නමයක් යනකොට 

ලා නිල් ඩෙනිමට තද රෝසත් සුදුත් කලවම් ටී එක ඇඳලා සයිඩ් බෑග් එකත් දාගෙන දුවගෙන ආවේ..

පාරට ගිහින් වීල් එකක් කතා කරගත්ත ඉෂානුත් පහන්යත් විනාඩි කීපයක් ඇතුළත සුභාෂ් ප්‍රතිකාර ගන්න

 පෞද්ගලික රෝහල ඉදිරිපිටින් බැස්සා..
.
.
.
.
ඉෂාන්ලගෙ ගෙදර ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා ඉෂාන්ගෙ අම්මා ඇවිත් ආන්ස්වර් කළා..

"හෙලෝ"

"හෙලෝ මේ ආන්ටි නේද? මං සාවින්දි, සර්ගෙ නංගි"

"ආ කියන්න පුතේ මිසිස් සුභසිංහ ආවද?"

"ඔව් ආන්ටි මං ඉස්සෙල්ලා අම්මා තාම නෑ කියන්න කෝල් එකක් ගත්තනෙ ඉතින් දැන් මේ අම්මා ආවා

 විතරයි ආන්ටිලා කලබල වෙයි කියලයි කෝල් එකක් ගත්තේ"

ඉෂාන්ගෙ අම්මගෙ හිතේ සාවින්දි ගැන ඇතිවුණේ කුළුදුල් පැහැදීමක්.. ඒ කටහඬ පවා කනට ප්‍රිය බව මිසිස් ඉද්දමල්ගොඩට හිතුනා..
"හරි දූ හරි අපි හිතුවා මිසිස් සුභසිංහ ටවුන් එකේ බ්ලොක් එකට අහුවෙලාවත්ද කියලා, එතකොට දූ ආය

 කවද්ද සර්ව බලන්න එන්නේ..?"

ඉෂාන්ගෙ අම්මා ඒ ප්‍රශ්නෙ ඇහුවේ සුභාෂ් ලඟ මේ වෙලාවෙ පවුලෙ කෙනෙකුත් ඉන්න ඕනි හන්දා..

"අපි හෙට දවල් වෙනකොට අයියව බලන්න එනවා ආන්ටී.."

"ඒක හොඳයි දූ මෙහෙ ඉඳලා යන්නම එන්න හොඳද.. "

"හරි ආන්ටි.. 🙂 බුදු සරණයී..!"

"බුදු සරණයි..!"

දුරකතන සංවාදය අවසානයේ මිසිස් ඉද්දමල්ගොඩ මුළුතැන්ගෙට ගියෙ රෑ කෑම පිළියෙල.. දෙව්මිත් පහන්යා

 නැතුව කම්මැලි හන්දම ගිහින් ඒවට අත් උදව් දුන්නා....
.
.
.
.
ඉෂානුත් පහන්යාත් සුභාෂ් හිටපු මහළට යන්න තරප්පුව නැගලා සුභාෂ්ට වෙන්වුන රූම් එකේ දොරට තට්ටු 

කළා..
පහන්යාට දැනුනෙ එයාගෙ හදවත ගැහෙන සද්දෙ වගේම වේගෙත් කවදාවත් නැති තරං වැඩිවෙලා වගේ.. 

ඒ සද්දෙ පිටට ඇහෙනවාවත්දෝ කියලත් එයා හිතුවා..

මේ තරං හිත කැළඹෙන්නේ එදා රිවස්ටන්වලදි දැක්ක ඒ අහිංසක ඇස් දෙක ආයෙමත් දකින්න වෙන හන්දද

 එහෙමත් නැත්තම් එදා කිසිම උපද්‍රවයක් නැතුව හිටපු ඒ තේජාන්විත අවිහිංසක පිරිමි රුව අද මෙහෙම 

ලෙඩ ඇඳක දකින්න වෙන හන්දද කියලා හරි හැටි තේරුමක් තමන්ට ඒත්තු ගන්නගන්න පහන්යාට බැරිවුණා..

සුභාෂ්ගෙ හොස්පිට්ල් රූම් එකෙන් තත්පර කීපයක් යද්දි එළියට ආවෙ යන්තම් ලේ තැවරුන පුළුන් ගෝස් 

බැන්ඩේජ් කතුරු වගේ දේවල් ට්‍රේ එකක තියාගෙන හෙද සහයිකාවකුත්, රෝස පැහැ ඇඳි හෙදියකුත්..

ඒ ගමන්ම හෙමින් දොර ඇරගෙන ඇතුළට ගිය ඉෂාන් ස්වයංක්‍රීයව වැහුන දොර ආපහු ඇරගෙන එළියට 

ආවෙ පහන්යා ඇතුළට ඇවිත් නැති හන්දා.. බලද්දි පහන්යා සයිඩ් බෑග් එකේ පටියත් තදින් අල්ලගෙන 

දොර ලඟ..

"අක්කි එන්න ඇතුළට"

"අ ඔව් අ හ් හරි යන් ඉෂාන්.."
දෙන්නම ඇතුළට යනකොටත් සුභාෂ් බොහොම අමාරුවෙන් ඇඳ විට්ටමට හේත්තු ගන්න අසාර්ථක 

උත්සාහයක් ගන්නවා..

සංසාරෙ හුරුකම් පුරුද්දක් වගේ මතුවුන හන්දද මන්දා ඉෂාන්ට කලින් ඉස්සර වුණේ පහන්යා..

ඒ වේදනාබර සිරුරට මෘදු දෝතින්ම රුකුල් දීලා සුභාෂ්ව ඇඳ විට්ටමට හේත්තු කරද්දි අද වෙනකනුත් 

මතකයෙ රැඳිලා තිබ්බ එදා දැකපු ඒ සුන්දර රුව පහන්යා කියලා අඳුනගන්න සුභාෂ්ට පුළුවන් වුණා.. 

දෙන්නගෙ ඇස් මොහොතක් යා වෙන්නැතී..

"සර්. . !"

නිහඬ තප්පර දෙක තුන අවසානයෙ ඉෂාන්ගෙ කටහඬට සුභාෂ් වගේම පහන්යාත් ගැස්සුනා..

"අ මේ නෑ.. මේ මේ මන්. . මේ ටි ටි කක් උදව් කළා"

ඔය ටිකට පහන්යගෙ මූණ ලේ පුරලා රතු උනේ වෙච්ච දේ හිතාගන්න බැරුව.. 
ඉෂාන් 'සර්' කියලා කාතා කළේ ටිකක් එළියෙන් ඉන්නම් කියලා කියන්න..
ඒත් ඉෂාන්ට ඒක කියාගන්න බැරි වුණා දෙන්නම ගැස්සිලා ඉවරනේ!

"ආ . .හරි හරි ඒක අවුලක් නෑ අක්කි ඕවා ඔහොම තමා නැගිට්ටන්න හිතෙනවා දැක්කම.. හී.. 😀 මන්

 ටිකක් එළියෙන් ඉන්නං එහෙනම්.. "

ඉෂාන්ගෙ හැකර කට අද ආපහු පණ ගහලා ඇවිත්.. කියපු දේට ලැජ්ජාව කෙසේ වෙතත් සුභාෂ්ට ඒ 

දඟකාරයාගෙ මෙච්චර දවසක් දැක්ක දුකත් බැරූරුම්බවත් මුහු වෙච්ච මූණ මේ මොහොතෙ හරි නැති 

වෙච්ච එක සතුටක් වුණා..

ඉෂාන් පුරුදු දඟ හිනාවත් දාගෙන සුභාෂ්ගෙන් අවසරයක් ලැබෙන්නත් කලින්ම හොස්පිට්ල් රූම් එකෙන් 

එළියට ගියෙ අමුතු සතුටකින්..

සුභාෂ්ගෙ වේදනාබර සිරුර ඉස්සරහ තනි උන පහන්යාට දැනුනෙ අමුතුම හැඟීම් ගොඩක්.. සුභාෂ් හරි 

ලස්සන හිනාවකින් පහන්යා දිහා බැලුවෙ හිත ඇතුළෙ අහන්න දේවල් ගොඩක් පොරකද්දී.. පෞරුෂ 

ලක්ෂණ පිරිච්ච සුභාෂ්ගෙ නිරාවරණය වෙච්ච පළල් උඩුකය පහන්යාගෙ හිතට ලැජ්ජාවක් වගේම

 නන්නාඳුනන ලෝබකමක් එකතු කළා..

එදා කවදාවත් ආය දකින්න නොලැබෙයි කියලා හිතපු කෙල්ලම දැන් තමන්ගෙ ඇස් ඉස්සරහ දකිද්දි 

පිටට නොපෙන්නුවට සුභාෂ්ටත් ඒ සතුට ඉහිලුම් නැති උනා..

"දැන් කොහොමද ඔයාට අඩුවක් තියනවද..?"

"ම්ම් ඔව් ඒත් ඔයා. .ඔයා කොහෙද මේ..?"

පහන්යා එයාගෙ පුරුදු කටකාර පෙනුමත් එක්ක වෙලාවකට ඇස් ලොකු කර කර කට එහෙට මෙහෙට

 හද හද මුළු විස්තරේම කිව්වා.. ඒ හැම ඉරියව්වක්ම සුභාෂ්ට දැනුනෙ පිස්සුවක් වගේ..

"ඉතින් අද මල්ලි එක්ක ඔයාව බලන්න ආවා.."

පහන්යා කතාව ඉවර කරත් සුභාෂ්ගෙ දීප්තිමත් ඇස් තාමත් කෙල්ලගෙ මූණේ.. පහන්යා එයාගෙ අතක්

 සුභාෂ්ගෙ ඇස් ඉස්සරහින් දිවෙව්වා.. පහන්යාගෙ දිගටි ඇස්වල දැහැනෙන් මිදිච්ච සුභාෂ්ටත් හිනා..

දෙන්නම තමන්ගෙ හිත්වල තිබ්බ කුළුදුල් හැඟීම් හන්ගගෙන හොඳම යාලුවෝ තරම්ම සමීප උනා.. ඒ

 අතරෙ පහන්යා එයාගෙ රිපෝර්ට්ස් වලට අත්‍යවශ්‍ය තොරතුරුත් සුභාෂ්ගෙන් සටහන් කර ගත්තා..

කතාබහ අතරෙම සුභාෂ් හැදුවෙ රෑට ගොඩක් සීතල හන්දා එයාගෙ බිඳුණු අතට නොරිදෙන්න අනිත් අතින්

 ෂර්ට් එකක් ඇඳ ගන්න..

ඒ මූණෙ වේදනාවල සටහන් මතුවෙද්දි පහන්යාට ඒක බලාගෙන ඉන්න බැරි වුණා..
"ඉ. .ඉන්න මං උදව් කරන්නං"

පහන්යා සුභාෂ්ට ටිකක් ලංවෙලා තද දුඹුරු පසුබිමේ ක්‍රීම් පාටින් කොටු වැටිච්ච ෂර්ට් එක ගොඩක්

 පරිස්සමට අන්ඳවව්වා.. සුභාෂ්ට පහන්යාගෙ සුවඳ මේ තරම් ලඟට විඳින්න පුළුවන් වෙයි කියලා 

හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත් අද ඒ සුවඳ ඒ දඟකාර උණුවෙන හිත තමන් ලඟ..

එකපාරම දෝර ඇරගෙන ඇතුළට ආවෙ ඉෂාන්..
ඉෂාන් දැක්කෙ පහන්යා, සර්ට ෂර්ට් එක අන්දවනවා.. කොල්ලට බකස් ගාලා හිනා යන්න ආවත්

 ඒක ගොඩක් අමාරුවෙන් නවත්තගෙන හිතුවෙ කලින් වගේම ආපහු ඩබලට ඩිස්ටර්බ් උනා නේද

 කියලා..

ඉෂාන් දොර ඇරගෙන ඇතුළට එනවා දැකපු පහන්යා කරන්ට් එක වැදුනා වගේ සුභාෂ්ගෙන් ඈත් 

උනේ.. 
අද දවසට පහන්යා අක්කිගෙ මූණ රතු වෙච්ච කීවෙනි පාරද මේ.. ඉෂාන් තනියම හිතුවා..

"හී.. අවුලක් නෑ වැඩේ කරගෙන යන්ඩ.. 😀
හැබැයි මං මේ වෙලාව ඉවරයි කියන්ඩ ආවෙ 😛"

"ඉෂාන්.. . ."

සුභාෂ්ගෙ කටහඬ බොරු තරහක් ඇරන්.. පහන්යා තවත් රතුවෙලා..
ඉෂාන්ට තනියම හිනා..

සුභාෂ් ලඟින් යන්න හිත අදිමදි කරද්දි උනත් පහන්යාට වෙලාව හරස් උන හන්දා ඉෂාන් එක්ක ගෙදර 

එන්න පිටත් උනා..
වීල් එකේ එන අතරෙත් ඉෂාන් දැක්කා පහන්යා විඩෙන් විඩේ තනියම හිනාවෙනවා..

"ලයින් පාර සැරටම වැදිලා වගේ නේද අංකල්.."

ඉෂාන් ඒ හින්ට් එක ගැහුවෙ පහන්යාට උනත් ඒක ඩ්‍රයිවර්ගෙන් ඇහුවේ.. තනියම හිනාවෙවී හිටපු පහන්යා

 ගැස්සිලා ගියා.. 

"මොකද්ද පුතා?"

වීල් ඩ්‍රයිවර් ඇහුවෙ ඉෂාන් කියපු දේ තේරුණේ නැති හන්දා..

"අ. .න් නෑ මේ බ්ලොක් එක නේද ටිකක් කියලා කිව්වේ.."

පහන්යාටයි ඉෂාන්ටයි දෙන්නටම හිනා..
.
.
පහන්යාව ගෙදරට දාලා ආපහු ඒ වීල් එකේම ඉෂාන් සුභාෂ් ලඟ නවතින්න ගියා..

පහන්යා දැනගත්ත අලුත් තොරතුරු දෙව්මිටත් කියලා දෙන්නා ඔෆිස් එකේ වැඩ වලට බැස්සා..
හවස් යාමේ ගෙවිච්ච සුන්දර මතකත් එක්ක පහන්යා රෑ නින්දට ගියෙ හෙටත් කොහොමහරි සුභාෂ්ව 

බලන්න යනවා කියලා හිතාගෙන..
.
.
.
.
පහුවදා උදේ පහන්යාට ඇහැරුනේ ගෙදර ටිකක් වැඩිපුර කටහඬවල් ඇහෙන සද්දෙකින්.. එහෙමම හැරිලා

 වෙලාව බලපු පහන්යා දැක්කෙ වෙලාව නවයට කාලයී.. දෙව්මිත් ඇඳේ නෑ.. කෙල්ලෙක් මේ තරංවෙලා

 නිදියන්න හොඳයැ කියලා හිත හිතම දඩිබිඩි ගාලා නැඟිටලා පහන්යා පැන්නෙ වොෂ් රූම් එකට..
.
.
කහ පාටයි කලුපාටයි කොටු කොටු දණට වෙනකන් තිබුණ ස්කර්ට් එකට තනි කලු ටී එකක් ඇඳගෙන

 තෙත කොණ්ඩෙට ටවල් එක පටලගෙන පහළට බැහැපු පහන්යා දැක්කෙ ඉෂාන්ගෙ අම්මත් එක්කම 

ඔසරියෙන් සැරසුණ තවත් ගෑණු කෙනෙක් කතා කර කර ඉන්නවා..

එළියෙ පුටු දෙකක දෙව්මි තවත් කෙල්ලෙක් එක්ක ඉඳගෙන තේ බොනවා..

පහන්යා මිසිස් ඉද්දමල්ගොඩගෙත් අනිත් ගෑණු කෙනාගෙත් කතාවට බාධාවක් නොවෙන්න කුස්සියට 

යන්නයි හැදුවේ..

"මිසිස් සුභසිංහ මේ ඉන්නෙ අර දරුවා ඒක්ක ආපු අනිත් දරුවා"

එහෙම කියලා ඉෂාන්ගෙ අම්මා සුභාෂ්ගෙ අම්මට පහන්යාව පෙන්නුවා.. පහන්යා එයාගෙ ලස්සන ලෙන්ගතු 

හිනාවෙන්ම බැලුවෙ ඒ ගෑණු කෙනා දිහා..

"දරුවො මේ අර හොස්පිට්ල් ඉන්න සර්ගෙ අම්මා.."

සුභාෂ්ගෙ අම්මගෙන් පහන්යාට ලැබුනෙත් හරිම ලෙන්ගතු පිළිගැනීමක්.. පහන්යාට මේ හමුවීම ගැනත් 

තිබුණෙ සතුටක්..

"දූ ඔයාට තේ හදලා උණුවතුර බෝතලේට දාලා ඇතී.. අර ළමයත් දැන් ටිකක් වෙලා නැගිටලා, අද 

දෙන්නම පරක්කු උනානෙ නේද ඇහැරෙන්න"

"ඔව් ආන්ටි ඊයෙ දෙව්මියි මායි දෙන්නම ටිකක් වැඩිපුර වෙලා ඇහැරලා වැඩ වගයක් කරා ඒකයී"

සිනාමුසු මූණෙන්ම එතනින් අයින්වෙච්ච පහන්යා දිහා සුභාෂ්ගෙ අම්මා බලාගෙන හිටියෙ පහන් 

හැඟීමකින්..

"හරිසිරියාවන්ත දරුවෙක් නේද මිසිස් ඉද්දමල්ගොඩ.."

"ම්ම් මාත් හිතුවා ඒකනං" 
.
.
.
.
සෙනෙහස පාමුල 13 කොටසින් හමුවෙමූ..
.
.
අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්නු Nishan Shashika මල්ලීට ගොඩක් ස්තුතියි. ඔයලටත් පුළුවන් 

අපේ කතාවෙ කවර් ෆොටෝ එක හැඩ කරන්න.. කැමති අය අපට කියන්න.. 🙂
.
.
අද කතාව ලියපු මම, සෞමි සෙනාරා..
.
.කතාව ගැන ඔයාලගෙ අදහස්, අපේ වැරදි, අඩුපාඩු, කියලා යන්න මගෙ යාලුවනේ.. 🙂

බුදු සරණයි හැමෝටම..

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
12 Feb 2017 05:30 PM
  •  Quote
  •  Reply
ලස්සනයි කතාව කියෙව්වා 11 වෙනකන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Feb 2017 07:24 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 11 Feb 2017 02:51 AM
නෑ ඇයි එ්


… …මැනික් ගග අයිනෙ වාඩි වෙලා ඉන්න නිසයි ඇහුවෙ .....මෙ අලුත් පින්තුරෙ ඉන්න මල්ලි නම් සෙනෙහස පාමුල ඉන්නවා කියලා තෙරෙනවා ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
12 Feb 2017 08:29 PM
  •  Quote
  •  Reply
12 වෙනි කොටසට එනකං කියෙව්වා ... ස්තූතියි සඳුනි නංගි මේවගේ ලස්සන කතාවක් අපිටත් බලන්න සලස්වනවට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Feb 2017 04:06 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Feb 2017 04:11 AM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.


13. කොටස

පහන්යා තේ එකත් අරගෙන දෙවුමිලා ඉන්න පැත්තට ලන් වුණා..

"අම්බේ උඹ නැගිට්ටද..?"

"ඇයි කතා කළේ නැත්තේ..?"

"අනේ කෙල්ලේ..උඹ පාන්දර වෙනකම් ඇහැරිලා නේද..ඒ නිසයි කතා නොකර මන් පහළට ආවේ.."

"මේ කවුද....?"

පහන්යා සාවින්දිගේ මූණට එබුණා..

"මන් සාවින්දි.. අක්කි පහන්යා නේද..?"

"ඔ..ඔවු ඔයා කොහොමද දන්නේ....?"

"මේ දෙවුමි අක්කි කීවා.."

"ආහ් ඒක මිසක්.."

පහන්යගේ ගැස්සුණු හිත ටිකක් හරි ගියා..

ඒත් එක්කම ආපු වීල් සද්දෙට පහන්යා ඉස්සිලා බැළුවා..

"ඉශාන්..."

සාවින්දි දඩස් ගාලා හිට ගත්තා..

පහන්යගෙත් දෙවුමිගෙත් ඇස් උඩ ගියේ කෙල්ලට හැදිච්ච කඩි කුලප්පුව මොකද්ද කියලා හිතාගන්න 

 

බැරුව වගේ..

කෙසේ වෙතත් ඔක්කොම අමතක වෙලා ගිය සාවින්දි ඉශාන් එන පෙරමගට දිවුවා..

"මොකද්ද නන්ගා ඒ වුණේ..?"

පහන්යා දෙවුමිගෙන් ඇහුවේ හිනාවීගෙනමයි..

"අනේ.. මන්දා මටත් හිතෙනවා දෙයක්..."

"හ්ම්ම් හ්ම්ම්.."

දෙදෙනාම හිනා වෙද්දී සාවින්දි ඉශාන්ගේ අතෙත් එල්ලී හමාරය..

"ස....සාවින්දි...ඔයා..?"

 

"ඔවු මන් ආවා..ඔයාවයි අපෙ අයියාවයි බලලා යන්න මන් ආවා.."

"කීවේවත් නෑ නේ උදෙම එනවා කියලා..?"


"හරි ඉතින් මන් ආවානේ..අපෙ අයියට කොහොමද ඉශාන් දැන්..?"

"අයියාට නම් නෑ නෑ සර් ට නම්,දැන් ගොඩක් හොඳයි..හෙට විතර ටිකට් කපාවි..ඊට පස්සෙ පරිස්ස

ම් කරන්න ඕනි ඉතින්.."

"ඔයාට පින් ඉශූ.."

"ඒ මොනාටද සාවි..?"

"ජීවිතේ පරදුවට තියලා අයියාව බේරුවාට..ඔයා නැත්ය්හන් අයිය...."

ඇයට කියන්නට ගිය දේ කියන්නට ඉඩ නොදී තම අතින් කට වැසූ ඉශාන් ඈ දෙස මොහොතක් 

බලා සිටියේය..

ඒ ඇස් දිහා එක එල්ලී බලන්නට සාවින්දිට අපහසුවක් දැණුනේ කියන කතාව ඉඟියෙන් දැණුනු 

නිසාමයි..

"සාවී.."

"ම්..."

"අද යන්නෙ නෑ නේද..?"

"අම්මා මොනා කරයිද දන්නෑ ඉශූ.."

"හ්ම්ම්..ගොඩාක් දේ තියනවා කතා කරන්න.."

"හ්ම්ම්..මටත්..නඩුවකුත් තියනවා.."

"ඒ මොකද්දා...?"

"පස්සෙ....."

"හ්ම්,...."

"අපි යමු ගෙට.."

"හා.."

ඉශාන්ගේ පසු පසින් සාවින්දීද ගෙතුළට යන දෙස බලා සිටි පහන්යා ඇස් නටවා සිනා සුණාය..

"මොකෝ.."

"මුකුත් නෑ බාන්.."

"අනේ පලයන් අක්කේ..නෑනා දැක්කම කෙල්ල ට මොකද්ද වෙලා.."

"නෑන..කාගෙද..?"

"අපේ මිස් පහන්යගේ මිසක් වෙන කාගෙද..?"

"උඹට පිස්සු.."

"හා. මට පිස්සු..මට පිස්සුනේ."

"සුබාශ් සර් ගැන හගන්න බැරි වුණා බාන් කොල්ලා ගෙට ගියානේ.."

"ඔය ..මටනේ පිස්සු ඔන්න පැන්න මුවේට කළින් කෙසෙල් කැන.."

"මොකක්.."


"ඇයි අක්කේ සුබාශ් සර් ඔයාගේ බෝයි නම් කවදා හරි හස්බන්ඩ් වෙනවානේ..එතකොට සාවින්දි

 ඔයාගේ නෑනා නෙවේදා..?"

"සාවින්දි සුභාශ්ගේ නන්ගිද..?"

"ඕ යෑස්.. හ් අ,....මයි.."

කෙල්ල කියපු විදිහට පහන්යාට හිනා ගියේ ඉබේටමයි..

"උඹට පිස්සු දෙවුමි..සුඹාශුඉ මාඉ යාලුවෝ විතරයි.. ඊට වඩා දෙයක් නෑ.."

එහෙත් හිත කියන්නේ වෙනත් දෙයක් බව ඈ දනී..

"යමන් අක්කේ අපිත් පැත්තක ඉඳන් අහගමු සීන් කෝන් එක .."

පහන්යාගේ අතත් ඇදගෙන දෙවුමි ඇතුලට දිව ආවේ තත්පරයක් වත් නොහිතාමයි..

..........

"කොහොමද මහත්තයෝ මගේ පුතාට..?"

"දැන් බය වෙන්න දෙයක් නෑ ආන්ටි..අද ලඟ ඉන්නත් එපා කීවා හෙට ටිකට් කපාවි.."

"අනේ..."

"ඔයාට කරදරයක් නෑ නේද පුතේ..?"

"නෑ ආන්ටි අපේ සර් වෙනුවෙන් පණදෙන්න වුණත් පුළුවන් මට.."

"එතකොට මන් වෙනුවෙන්,,,?"

සාවින්දි හොරෙන් කීදෙය පිටු පසින් ආ පහන්යාගේ කනටත් ඇසිණි,,

කොල්ලා ආපස්සට හැරී සාවිට දිව දික් කළත් පිටු පසින් සිටි පහන්යා දකිත්ම ඉශාන්ට දවල් තරුත් 

පේන්නට පටන් ගත්තේය..

පහන්යා ඇස් කරකවා සිනාසෙද්දී සාවි පිටුපස හැරුණේ කොල්ලාගේ ඇස් තිබුන ඉසවුව බලා

 ගන්නටමයි.

පහන්යා දෙස බලා හිඳින බව දුටු ගමන් ඇගේ මුහුණ වෙනස් විය..

"පුතා එහෙනම් රෙස්ට් කරන්න.."

 "හරි ආන්ටි මන් වොශ් දාලා එන්නම්.."

"සාවී මගේ චාජරෙ ගේනවද..?"

ඉබ්බා දියේ දාන්නද ඇහුවා වගේ අම්මගේ හඬින් සාවින්දි ගෙ හදවත උඩ පැන පැන නටන්නට විය.

"ඉන්න අම්මා මන් ගේන්නම්.."

අද ඉඳලා යන්න හිතාගෙනම කියලා රෙදි ත් අරගෙනමයි සාවින්දිලා ඉශාන්ගේ ගෙදරට ආවෙත්,.

"පහන්යා..මෙහෙ එන්න දුව..?"

ඒ සුබාශ් ගේ මවය..

"ඇයි ආන්ටි..?"

"එන්න වාඩි වෙන්න.."

පහන්යා සිනාසෙමින් ඇය අසලම වාඩි විය..

"දුවාව මට හොඳට දැකලා පුරුදුයි මන් මේ කොහේද කියලා මතක නෑ.."

"අනේ... "

"ඉතින් මොනාද දුවාගේ තොරතුරු..."

පහන්යා ඇය හා ආගිය තොරතුරු කතා කරන්නට විය..

මේ අතර සාවින්දි තම කාමරය දෙසට ඇවිදන් යනු දුටු ඉශාන් දොර ලඟ සැගවී සිටියේ ඇය ආපසු 

එන තුරුය..

චාජරයත් රැගෙන ආපසු එන සාවින්දිගේ අතින් අල්ලා කාමරයට ඇදලා අරන් කටට අත තබා තද

 කරගත්තේ ඈ කෑගසාඅවීයැයි බියෙනි..

"පිස්සුද.."

"හ්ම්ම්.."

"මොකක්..?"

"ඔවු එක මෝඩියක් හින්දා පිස්සු වැටිලා.."

"කවුරු හින්දද.."

"නෑනා කෙනෙක් හින්දා.."

"මොකක්..මොන නෑනද..?"

"ඉන්නවා අපෙ තාත්තගෙ නන්ගිගෙ දුව.."

"කවුද එ.."

"පහන්යා.."

"මොකක්.."

"හ්ම්.එයාද එතකොට ඉයේ කෝ එකට අන්සර් කළේ..?"

"වෙන්න ඇති..ආහ් මට කීවා කවුද කෙල්ලෙක් කතා කලා කට් වුණා කියලා..

"අපෝ මහලොකු නෑනා පොඩ්ඩ තියා ගන්නවා.අපි යනවා හවස..".

"හේයි සාවි.."


"මන් සාවින්දි.සාවි නෙවේ.."

සාවින්දිගේ හිත ඇත්තටම රිඩුණා..

"අතාරින්න මට යන්න.."

"ඉන්න මෝඩියේ.."

"මන් ආදරෙයි නෑනට.."

"ඉතින් මට කියන්නේ මොකො.."

"එහෙනම් කාට කියන්නද.."

"ගිහින් කියා ගන්නකෝ ඔයාගෙ නල්ල මලෙ නෑනාට.."

"එකනේ කියන්නෙ.."

"මොකද්ද..?"

"මන් ආදරේ මට වඩා අවුරුදු දෙකක් වෙඩිමල් කෙල්ලෙක්ට..ඒකි මගේ පණ වෙලා දැන්.."

"අත අතාරින්න මට යන්න ඕනේ.."

ඉශාන් සාවින්දිගේ අත තවත් තද කරලා අල්ලාගත්තා..

"අනේ රිදෙනවා..මට යන්න දෙන්න.."

"සාවින්දිගේ නෙතගින් කඳුලක් කඩා වැටෙන්නට ආසන්නය..

"අනේ..අඩන්න එපා සාවී..වෙන කාටවත් නෙවේ මන් ආදරේ ඔයාට.."

"ඒකනේ මට යන්න ඕනි.."

එකවරම සාවින්දි ගැස්සිණි,.

"මොකද්දා..කාටද..?"

"සාවි කියලා මෝඩියෙකුට.."

"අනේ...."

සාවින්දි ඉශාන්ගේ පපුවට අතමිටිකර යන්තමට ගැසුවාය..

"නරකයා..මන් බය වුණා.."

"හී... මොකේටද..මන් පහන්යාට ආදරෙයි කියලාද..?"

"ඔවු..."

"අපෝ එයාට ඉන්නවා රන් කඳක්..ඵි වගේ පාන්කඩ ඕනෙ නෑ.."

"පාන්කඩෙ හොඳයි අපිට.."

"මන් යන්න ඕනි ඉශූ.."

"එකක් දීලා යන්නකෝ.."


කෙල්ල ඉස්සී ඉශාන්ගේ නළල සිප ගත්තේ ආදරයෙනි..

ඉශානුත් කෙල්ලගේ දෙකම්මුල් සිපගෙන කෙල්ල යනතුරුම බලා සිටියාය...
#######

පොලිස් අපරාද විමර්ශන අන්ශයට ගෙන ආ සුඹ්හාශ් මරන්නට තැත් කළ මිනිසාට සිහිය ආවා පමණි..

ඔහුව වටකර ගත් පොලිස් නිළදරීන් පහරපිට පහර දුන්හ..

මෙ අතර ඉශාන්ගේ පියාද ප්‍රශ්න කරන ස්ථානයේ රැඳී සිටියේය.

"මොකද්ද නම..?"

"විජේ සර්.."

"විජේ සර්..දැන් අපි බොට කියන්න ඕනි විජේ සර් ද..?"

"න්...නෑ...නෑ සර්...මම හැටේ වත්තේ කුඩු විජේ..."

"ආහ් උඹද මේ..අපි හොය හොය හිටියේ.."

"ඇ...ඇයි අපෙ සර්..."

"ඇයි...? අහන ලස්සන..යකෝ ඉස්කෝලෙ යන කොල්ලො විනාස කරන්නේ තොපි නේද..රටේ

 අනාගතේ විනාස කරන හැත්ත.."

"නෑ...නෑ සර්..."

"දැන් කියපන් ඇයි සර්ට ඇටෑක් කලෙ...?"

"න්..නෑ සර් ...සර්ට වැරදීමක් වෙලා.."

"තොට පිස්සුද ඇත්තටම.."

"අ..අනේ බුදු සර් ගනන්ට එපා අයියෝඅ අම්බෝ බුදු අම්මොර්.."

"බීපු කිරි කටෙන් එන්න කනවද කියනාවද.."

"අම්මේ...මන් මුකුත් දන්නේ නෑ සර්.."

"උඹ බබා.."

'"අයියෝ සර් ගහන්ට එප සර් අම්මෝ ආයි ආයි අනේ බුදු සර් මන් කියන්නම් කියන්නම් සර්.."

"කියපාන්.."

"ඒ සරයා අපෙ වැඩ ගැන හොයනවා.අපිට ලොකු බාදාවක් උනා..පොටෝ දාලා ලිවුම් හදලා 

කොම්පිවුටර් එකේ දාලා අපේ ලොක්කා ගෙන් අපිට මැසේජ් ආඅවා එකව මරන්ඨ.."

"ඔය එන්නේ...එලියට..දැන් කියපන් ලොක්කා කවුද...?"

"ඒකනම් බුදු සර් සත්තයි දන්නේ නෑ..අපිට කෝල් කරනවා විතරයි
..නමක් ගමක් දන්නේ නෑ..අපිට වැඩේ,බාර දෙනවා කරහම සල්ලි එකවුන්ට් එකට දානවා අපි ඒක 

බෙදා ගන්නවා.."

................................

පහන්යාට සුබාශ් ගැන දැනගන්නම විදිහක් තිබ්බේ නෑ..ඒ හින්දම කට්ටිය මගෑරෙනකම් ඉඳලා 

දෙවුමිත් එක්ක ගමේ ඇවිදින්න ගියේ රිසර්ච් එකේ වැඩකටමයි..

විස්තර ටිකක් හොය හොයා යද්දී හරි විස්තරයක් දෙන්න කිසිවෙක් ඉදිරිපත් නොවෙන බව 

දෙන්නාටම තේරුණා..

"මිනිස්සු බයයි.අක්කි.."

"මුන් බය කරගෙන ඇත්තේ.."

"අපි තව දුර යනවද මේ හරිය පාලුයි වගේ අනේ.."

"තව ටිකක් දුරට යමු,."

"හා.."

පහන්යාගේ සිත තිගැස්සුණේ එක්වරම පිටුපසින් ඇසුණු විශාල ශබ්දය නිසාමයි.

"මො..මොකද්ද ඒ.."

"අර අත්තක් කඩන් වැටුණා..ඒත්,,"

'ඒත් කීවේ..?"

"කඩන් වැටෙන්න විදිහක් නෑ නේ...අපි ඉක්මණ්ට යමු.. යමු යමු.."

"යමු.."

"එක්වරම කැලෑව දෙසින් හූ හඬක් ඇසිණි

"දෙවුමි දුවමු."

"අනේ මට බයයි අක්කේ.."

"අ..අර කවුද අර.."

"කෝ කොහේද..?"

"අර රතු පාට.."

"කෝ..."


"මන් දැක්කා පහන්යා රතු ඇඳගත්ත මිනිහෙක්.."

"හොල්මන් ද දන්නෑ බාන්..?"

"අනේ මන්දා දුවමු.."

######

ඉශාන් ගේ නිවසේ ලෑන්ඩ් ෆෝන් එක රින් වෙන්න පටන් ගත්තෙන් ඉශාන් ගේ මව එයට පිළිතුරු

 දෙන්නට පටන් ගත්තාය..

"ආහ් ළමා තැනී .."

"කවුද මේ.."

"පුතන්ඩියයි තාත්තන්ඩියයි දෙන්නා නටනවා වැඩි නේද..ටිකක් පරිස්සම් වෙන්ට කියන්ටකො.."

"කවුද මේ...?"

"මම කවුද කියන එකෙන් වැඩක් නෑ නේ..එක පුතයි නේ ඉන්නේ ගගක මූදක පාවෙනවා බලන්න 

ආසා ඇති නේ නේද,..මෙහෙම ගියොත්වැඩි ඈතක් යන්නේ නෑ ඒක වෙයි,."

දඩස් ගා දුරකතනය තැබූ ඇයට තම සිරුර අවසඟව යන බවක් දැණිනි....

#######

මතු සම්බන්දයි..

අද කතාව ලීව මම "මුතු අහුරක්..."

අඩු පාඩු කමෙන්ට් කරන්න..

"අද අපි එක්ක කවර් ෆෝටෝ එකෙන් එකතු වෙන්නේ 

###ඩිල්ශාන් ධනන්ජන #### 

මල්ලි..ඔයාටත් ගොඩක් ස්තූති..

බුදු සරණයි...

හෙට ලියන්නේ සදූ..

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Feb 2017 04:14 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 12 Feb 2017 07:24 PM
Posted By සඳුනි on 11 Feb 2017 02:51 AM
නෑ ඇයි එ්


… …මැනික් ගග අයිනෙ වාඩි වෙලා ඉන්න නිසයි ඇහුවෙ .....මෙ අලුත් පින්තුරෙ ඉන්න මල්ලි නම් සෙනෙහස පාමුල ඉන්නවා කියලා තෙරෙනවා ..

මෙන මැණික් ගංගාද අප්පා.. මේ සේරම පොටෝස් මම එඩිට් කරපුවා.. ලංකාවේ තැන් නෑ මේවෑ.. හී
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 07:27 AM
  •  Quote
  •  Reply
කට්ටිය පෝලිමේ කථාව කියවනවා නේද.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 05:46 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 05:49 AM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

14- කොටස.

‘‘ අනේ මිසිස් ඉද්දමල්ගොඩ මොකද මේ. කව්ද කෝල් කලේ.‘‘

‘‘ආන්ටී... ආන්ටී ඇයි මේ.‘‘

අලින්දයේ කොනක වුන් සාවින්දිත් සාවින්දිගේ අම්මත් සිහිසුන් වෙලා වැටුණු ඉශාන්ගේ අම්මා ළගට 

දිව ආවාය. වතුර වීදුරුවක් රැගෙන ආ සාවින්දී මුහුණ වතුර බිදු කීපයක් ඉසින විට ඇස් හැර බැලවත් 

ඇගේ නෙත් දෙකේ ගැබ්ව තිබුනේ බිය ගත් ස්රූපයකී.

‘‘ අනේ ඉශාන් පුතා.‘‘

‘‘ ඉශු එන්නකෝ අම්මට කලන්තේ හැදිලා.‘‘

කළබලයෙන් එතනට දුවගෙන ආ ඉශාන් අම්මා ළග දනගසි ගත්තේය.

‘‘ අනේ අම්මේ ඇයි.‘‘

‘‘අනේ මගේ පුතේ . අනේ මගේ පුතේ.‘‘

‘‘ඇයි මගේ අම්මේ. මේ ඉන්නේ මම.‘‘

‘‘අනේ... ම..ගේ පුතේ... ඔයා ගෙයින්... එළියට වත්.. යන්න එපා.‘‘

‘‘ඒ මොකද අම්මේ. ඇයි ආන්ටී අම්මට එක පාරටම වුණේ.‘‘

සාවින්දිගේ අම්මාගෙන් විස්තර අසා අවසන් වන විට ඉශාන්ගේ මුහුනේ තිබුනේ විශාල කෝපයක 

සේයාවකී.

‘‘ අනේ ඉශු.....ඉශාන් මල්..ලී . මොනවද මේ කරදර . අපේ පණ්ඩිත අයියා තමා මේ සේරම දේවල්

 වලට මුල.‘‘

සාවින්දී කතා කලේ ඉශාන් ගැනත් ,අයියා ගැනත් ඇති වූ හැබෑ වේදනාවෙන් වූවාය. 

‘‘පුතේ අර පහන්යා දුවයි , දෙව්මී දුවයි ගමේ ඇවිදන්න ගියා නේද?.‘‘

‘‘ඔව් ආන්ටී . එයාලා රිසර්ච් එකේ වැඩ වගයකට ගියා.‘‘

‘‘ඉක්මණට කොල් කරලා ඒ ළමයි දෙන්නව ගෙන්න ගන්න පුතේ . ඒ ළමයින්ටත් ලොකු අවදානමක්

 තියෙයි මේකේ.‘‘

‘‘අනේ මට නිකමට වත් ඒක හිතුනේ නෑ ආන්ටී . එන්නකෝ සාවී..න්දී අම්මව සෙටියට එක්ක යන්න.‘‘

ඉශානුත් සාවින්දීත් පැටලී සිටියේ තවත් ගැටලුවකය . ඔවුන්ටත් නොදැනීම හමු වූ දවස් කීපය ඇතුළත 

ඔවුන් එකිනෙකාට තදින් බැදී තිබීමයි. සාවීන්දි ඉශාන්ගේ ආදරය නැති කර ගන්නට අකමැති නිසාම 

ඉශාන්ගෙන් ඒ වදන් පෙළ ඇසෙන තුරු බලා හුන් නිසා ඉශාන් ආදරෙයි කිව් සැනින්ම ඇය ඔහුගේ

 ආදරය පිළිගත්තාය. එයට ඔවුන්ගේ ලාබාල කමත් ඉශාන්ගේ කරුණාබර හදවතත් හේතු වන්නට ඇත. 

වයස පරතරය කිසිම බාධාවක් නොවු ඔවුන් ලැබුණි නිදහසත් සමග තව තවත් ළන් වුහ.

පහන්යත් දෙව්මිත් නිවසක් පෙනෙ තෙක් මානයක නොමැති පාරක් දිගේ ඉදිරියට දුවතී. ඉතාම ගම්බද

 වූ පෙදෙසේ නිවසක් තිබුණේ කළාතුරකිණී.

‘‘ පහන්දී අක්කේ අර බලපන්කෝ. අර හොල්මනද මිනිහද මන්දා අර අකුල් අස්සෙන් අපි පස්සෙම 

එනවා.‘‘

‘‘අනේ ඉක්මණට දුවමු දෙව්මියෝ.‘‘

පහන්යත් දෙව්මිත් වුන්නේ දුවා ගන්නට නොහැකි තරම් මහන්සියෙන් හති අරිමිනී. දෙපය රිදුම් දෙයි 

තවත් ඇවිදින්නට බැරි තැන දෙව්මී පාර මැදම වාඩී වුවාය.

‘‘දෙව්මී මොකද බං.‘‘

‘‘අනේ පහන්යා අක්කේ මට තව දුවන්න බෑ කකුල් පණ නෑ වගේ.‘‘

‘‘අනේ ඉක්මණට නැගිටපන් දෙව්මී. අර බලපන් එකෙක් නෙමේ දෙන්නෙක් තුන් දෙනෙක්ම ඉන්නවා. 

අර අර උන් මෙහෙට එනවා.‘‘

‘‘අනේ මට බෑ . අක්කේ මට නැගිටන්න බෑ.‘‘

දෙව්මී මහපාරේ පැත්ත වැටී කෑ ගසන්නට වුවාය.

‘‘අනේ වරන් ඌන් හොල්මන් වෙන්න බෑ . සුභාශ් මරන්න ආපු වුන්ගේ එවුන්,වෙන්න ඕනේ. අනේ 

නැගිටපන්.‘‘

පහන්යා දෙව්මීගේ අතක් ඇගේ උරහිස මත දමාගෙන අමාරුවෙන් ඇය වාරු කරගෙන ඉදිරියට 

පියනගන්නට වෙර දැරුවාය. එවර හදිසියේම පහන්යාගේ දුරකථකය නද දෙන්නට විය. කාටම හරි 

මේ වෙන දේ කියන්න ඔනේ කියලා හිතපු පහන්යා ඇමතුමට සවන් දෙන්න විය.
‘‘ හෙලේව්...‘‘

‘‘හෙලෝව්..‘‘

‘‘හෙලෙව්.‘‘

‘‘ඉශා...න් නේ..ද අනේ මල්..ලි අපි පස්..සෙන් කවු..ද පන්න..වා.‘‘

‘‘මොකද්ද?..‘‘

‘‘අපි.. පස්සෙ..න් රතු ඇද ගත්..තු මිනිස්සු වගය..ක් පන්න..වා.‘‘

පහන්නා හති වැටීම නිසා අමාරවෙන් කිව් නිසාත්, සිග්නල් ආවරණ නැති කම නිසාත් ඉශාන්ට කිව්දෙය

 නෑසුන බව පහන්යාට වැටහුණාය. මොකද්ද දෙයියනේ දැන් කරන්නේ. ඇමතුමත් විසන්දී වී ඇත. 

පහන්යටත් තවත් නම් දුවන්න නොහැකිය. ඇයත් දෙව්මිත් සමගම පාරේ හිද ගත්තේ වෙන දෙයක්

 වෙයන් යනුවෙන් සිතමිණි.

‘‘ ආ ... මේ ඉන්නේ .‘‘

‘‘උබලා කව්ද? ..‘‘

පසු පසින් පන්නා ආ පිරිස පහනයවත් දෙව්මිවත් වට කරගෙන ඇත. හදුනා ගන්නට නොහැකි වන්නට 

මුහුනු ආවරන පැළද සිටි ඔවුන් පහන්යලව වට කරගෙන මහ හඩින් සිනා සෙන්න විය. පහන්යට දැන් 

ඉකි බිදෙයි. දෙවිමී පහන්යව වැරෙන් අල්ලාගෙන බයෙන් මුහුණ සගවාගෙන සිටියාය.

‘‘ අනේ කවුරුත් නැද්දෝ...‘‘

‘‘අනේ කවුරුත් නැද්ද?... අපෝ නෑ .. කවුරුත්ම නෑ.‘‘

අර මිනිසුන් යළිත් මහ හඩින් සිනා සෙන්නට විය. 

‘‘මේ කියන එක දෙන්නම හොදට අහගනිල්ලා තේරුණාද? උබලා තවත් මේ ගමේ ඉන්න බෑ. ජීවිතේට

 ආදරයක් තියෙනම්... අද මෙහෙන් පිට වෙලා යන්න ඕනේ . නැත්තම් අර පේනවනේ කැළෑව. කුණු

 වෙලා ගද ගහනකන්ම මොකෙට්ටවත් හොයා ගන්න හම්බෙන්නේ නෑ. අනේ පව් උබලගේ 

දෙමව්පියෝ. අඩු ගානේ උබගේ මිනිය වත් උන්ට බලන්න වෙන්නේ නෑ.‘‘

‘‘හරි... හරි .. අපි යනවා.‘‘

‘‘අන්න එහෙම වරෙව්.. චූටි නංගිට මං කිව්ව සිංහල තේරුනා. ලොකු නංගී සිංහල දන්නවා නේද?. 

දන්නැත්තම් කරන්න දෙයක් නෑ හරී. අපි ඔය සංස්කෘත දන්නෑ.‘‘
ඉදිරියට පැමිණී එක් අයෙක් උල් පිහියක තුඩ පහන්යගේ නිකට මත තබා ඔසවමින් කිවේය.

‘‘අනේ ... අනේ ...අ පි යනවා... අනේ ... අක්කට මොකුත් ... කරන්න එපා.‘‘

දෙව්මී හඩමීන් අයදින්නට වූවාය.

‘‘පේනවනේ. මේකෙන් කැපුවම හරි සනීපයි. රතු පාටට ලේ ටිකක් එනවා විතරයි.‘‘

එසේ කිමින් ඔහු සැනින් පිහිය නිකටින් ඇද ගත්තේය. පහන්යාට දැනුනේ දැවිල්ල ගතියකි . 

දෙවිනනේ ලේ .... පහන්යගේ ඇගිලී තුඩු මත ලේ බිංදු කීපයක් තැවරී තිබුනේ උල් පිහියට නිකට 

තුවාල වී ඇති නිසාය. ආසාවකට වත් වාහනයක් දකින්නට නොමැති පාරේ එක වරම වාහනයක් එන 

හඩක් ඇසුනී.

‘‘ ඒ සුද්දා අදත් අරුන් එනවද කොහෙද පැන ගමු. යමං.‘‘

වහන හඩට බය වූ මිනිසුන් හතර දෙනා නැවතත් කෑලයට රිංගා ගත්තේය. දැනුනු දැඩී දැවිල්ල නිසාම 

පහන්යා සාක්කුවේ වූ කුඩා ලේන්සුව ගෙන නිකට මත බල බැළුවෙමි නොනවත්වාම ලේ ගලන බව

 ඇයට දැක ගැනීමට හැකි වුවාය.

‘‘ පහන්යා අක්කේ‘‘

ත්රීය රෝද රථයකින් පැමිණී ඉශාන් ඉක්මණින්ම පහන්යවයි දෙව්මිවයි දමාගෙන කෙලින්ම ගියේ 

රෝහල වෙතය.

සුභාශ්ගේ සෞඛ්ය් තත්වය දැනු සුව අතට හැරී තිබුනේය. කකුලේ පැවති අස්ථි බිදීම හැරුණු කොට 

වෙනත් ලොකු ගැටළුවක් නොවීය. ඔලුවේ තිබූ වෙළුම් පටි දැන් ගලවා ගමා තිබු අතර තුවාල වලට 

පමණක් කුඩා පාස්ටර් ගසා ප්ර තිකාර කර තිබිනි. දැන් සුභාශ්ගේ එකම පැතුම නැවතත් හැකි ඉක්මණින් 

පහන්යාගේ රුව දැක ගැනීමයි.

පහන්යටත් දෙව්මිටත් දැන් එතරම් අමාරුවක් නොවීය . රෝහල් පොළිසියට දැනුම් දී සියලු විස්තර ලබා

 දුන් පසු රෝස පැහැ නිළ ඇදුමින් සැරසුනු හෙදියක් පහන්යාට බෙහෙත් දමන්නට සැරසුනාය.

‘‘ අනේ මිස් චුට්ටක් ඉන්න.‘‘

‘‘ ඇයි මිස්.‘‘

‘‘මට පොඩි උදව්වක් කරනවද?.‘‘

‘‘මොකද්ද මිස්.‘‘

‘‘දැන් මගේ තුවාලේ ලේ නැවතිලානේ. මම චුට්ටක් පේෂන්ට් කෙනෙක් ඉන්නවා බලලා එන්නද?.‘‘

‘‘හරි මිස් බෙහෙත් දාගෙනම යන්න.‘‘

‘‘අනේ බෑ එයා කළබලවෙයි එතකොට.‘‘

‘‘හරි එහෙනම් ඉක්මණට එන්න.‘‘

පහන්යා අවසර ලැබුණු සැනින් ගිලන් ඇදෙන් බැස ගත්තාය.

‘‘ දෙව්මී අක්කේ පහන්යා අක්කා කොහෙද යන්නේ.‘‘

පහන්යා ඉශාන්ව පසු කර යන විට ඉශාන් විමසුවේය.

‘‘අනිගත කුමාරය බලන්න යනවා.‘‘

‘‘හි හි. ‘‘

‘‘මේ.... ඉශාන් ....පහන්යා අක්කා මම ඇහුවම නම් කියන්නේ එයාලා දෙන්නා යාළුවෝ විතරයි කියලා.

 ඒත් බලන්නකෝ.‘‘

‘‘ඔය දෙන්නගේ බොරු දෙව්මී අක්කේ.‘‘

ඉශාන්ගේ මුහුණ නැවතත් දගකාර සිනහවකින් විකසිත වි තිබුනේය. සිතේ බියද පහව ගොස් තිබු නිසා

 දෙව්මිත් ඉශාන්ගේ සිනහවට එක් විය.

‘‘ ඔයාට පාඩුයි නේද?‘‘

‘‘ඒ මොකද?‘‘

‘‘සාවි ගෙදරනේ.‘‘

‘‘ හී හී.. මේ සුභාශ් සර්ට නම් ඇහෙන්න කියන්න එපා..ඈ... මාව පට්ට ගහයි.‘‘

‘‘පට්ට ගහන්න තමා වටින්නේ.‘‘

‘‘නෑනා නොහොමත් අයිති මස්සිනාටනේ.‘‘

‘‘ආ එහෙමද?.‘‘

‘‘හී හී.‘‘

‘‘මේ මටත් සුභාශ් අයියව බලන්න ඔනේ.‘‘

‘‘අපි දෙන්නා ලව් එක ශේප් එකේ බලං ඉමු හී හී.‘‘

ඉශාන්ගේ දගකාර කම් මැද දෙව්මිට සියළු වේදනා අමක වී තිබුණාය. දෙන්නා හොරෙන්ම දොර මදක් හැර

 හොරෙන් බලා සිටින්නට විය.

‘‘ ඔයාට දැන් හොදයි නේද සුභාශ්.‘‘

‘‘ඔව් පහන්යා. ඔයා අසනීපෙන්ද /මුණත් එක්ක මැලවිලා ගිහින්.‘‘

‘‘අනේ නෑ සුභාශ්.‘‘

‘‘කෝ පොඩ්ඩක් මූණ උස්සන්න.‘‘

දෙවියනේ සුභාශ් තුවගේ දැකලා . මම පාස්ටර් නොගහා ආවෙත් දාකී කියලා.

‘‘ මොනවා වෙලාද ඔතන තුවාල වුනේ.‘‘
‘‘අනේ චූටී තුවාලයක්නේ හිතන්න එපා.‘‘

වට පිට බැලු සුභාශ්ගේ ඇස ගැටුනේ ඉශානුයි දෙව්මී සැගවි බලා ඉන්නා අයුරුය.

‘‘ ඉශාන්... මෙහෙ එනවා.‘‘

ලැජ්ජාව සගවා ගන්නට උත්සහා ගත් සුභාශ්ගේ වදන් පෙළ රළු වුවාය. 

‘‘මළ කෙළියයි මාට්ටු.‘‘

එලෙස රහසින් කිවූ ඉශාන් දෙව්මිවත් ඉස්සර කරගෙන කාමරයට ඇතුල් විය.

‘‘සුභාශ් මේ දෙව්මී ..මාත් එක්ක වැඩ කරන අනිත් ළමයා.‘‘

‘‘හෙලෝව් දෙව්මී.‘‘

සුභාශ්ගෙන් බේරුමක් නොවු කළ සියලු සත්යය ඔහු සමග කියන්නට ඔවුන්ට සිදු විය. කතාව අවසන් වන 

විට කදුළු කැට දෙකකින් බොද වුණ සුභාශ්ගේ දෑස පහන්යා විතරක් නෙමෙයි ඉශාන්ටත් , දෙව්මීටත් 

දකින්නට ලැබිණ. විහිළුවක් කරන්නට කටට අගටම වචන ආවත් ඉශාන් නිහඩ වුනේ සර්ගේ සංවේදී බව

 විහිළුවට නොගත යුතුයි සිතාය.

‘‘අනේ පහන්යා අක්කේ මොනවා වෙලාද මුණ.‘‘

ඔවුන් එන පෙර මගට දුවන් ආව සාවින්දී විමසා සිටියාය. සිදු වීම අසාගෙන සිට ඉශාන්ගේ අම්මා තවත්

 කළබල වුණාය.

‘‘ අනේ මට නම් බයයි අනේ අපේ සුභාශ් පුතාව හොස්පිටල් එකේ තියන්න.‘‘

‘‘බය වෙන්න දෙයක් නෑ අක්කේ අපේ මහත්තයා අවශ්යප ආරක්ෂාව දීලා තියෙන්නේ.‘‘

ඉශාන්ගේ අම්මා එසේ පැවසුවත් ඇගේ සිතේ සක්මන් කළේද සුළු පටු බියක් නොවීය.

රාත්රි ය උදා වන විට සාවින්දී පහන්යත් දෙව්මීත් සමග හොදින් මිතුරු වී සිටියාය. ඇයත් දැන් සිටින්නේ 

පහන්යාලා සිටින උඩු මහලේ කාමරය තුළය.

‘‘දෙනෑනලා එක් වෙලා වගේ.‘‘

ඉශාන් එලෙස කියාගෙන කාමරයට ඇතුල් වෙද්දී පහන්යාගේ ඇගිල්ල ස්නිකවම දෙතෝලතර රැදවුනේ.

 අනේ කියන්න එපා මල්ලී කියන්නට මෙනී. බකස් ගා සිනා සුනු ඉශාන් සදළු තලයට පිය මැන්නේය. 

සාවින්දිටත් යන්න අවශ්යඉ බව ඇගේ මුහුණෙන්ම පෙනුනු නිසා පහන්යා සිනි සී යන්න යැයි ඇසින් ඉගි

 කලාය. කිරිල්ලියක සේ ඇදෙන් පැන ගත් සාවින්දී නතර වුනේ ඉශාන් ළගය.

‘‘ ඉශු‘‘

‘‘සවී ඔයා බය වුණාද?‘‘

‘‘ඔව් හුගක්.‘‘

‘‘හොර කෙල්ල මම අල්ල ගන්නමයි හිටියේ.‘‘

ඉශාන් සාවින්දිගේ අත්ල මත සිය උණුසුම් අත්ල තබා ගනිමින් කිව්වේය.

‘‘ දැන් අම්මලා ඉස්සරහදිත් මට ඉශු කියවෙනවා නේද?.‘‘

‘‘ ඔයාත්ටත් කිය වෙන්නේ.‘‘

‘‘ආදරේටනේ‘‘

‘‘මේ ඒක නෙමෙයි මොකද්ද අර දෙනෑනා කතා. මොකද්ද අනේ හැම වෙලේම නෑනෙක් ගැන 

කියන්නේ.‘‘

‘‘ඔයාගෙයි මගෙයි නෑනා ගැන තමයි.‘‘

‘‘කවුද මගේ නෑනා.‘‘

මතු සම්බන්ධයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු සිනෙත් මල්ලීට මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් ඔයාළගේ

 පොටෝ එක මේ විදියට පල කරගන්න. 

බුදු සරණයි !! 
අද අකුරු කළ මම සදුනී කාංචනා.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
16 Feb 2017 07:01 PM
  •  Quote
  •  Reply
පව් සිනෙත් මල්ලිගෙ සත පනහා වැටිලා හොයනවා ද කොහෙද .......හී ..........
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
16 Feb 2017 09:38 PM
  •  Quote
  •  Reply
සඳුනි නංගි ඔයාගේ කොටස ලස්සනයි අද... අර නෑන කව්ද කියන එක කලින් කිව්ව වගෙත් මතකයි මට
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Feb 2017 03:57 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Feb 2017 04:04 AM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

පහළොස්වන කොටස.

"ඒක රස රහසක්.."
"කියන්නකෝ අගේ නොකර මං එක්කත් රහස් තියෙනෝද???" 
සවින්දි ඒක අහපු තාලෙට ඉශාන්ට හිනාගියත් ඉශාන්ට තමන්ගේ හොදම ගුරැවරයා පාවා දෙන්න බැරි 

කමට කතාව වෙන පැත්තකට හැරෙව්වා
"අපි යමු දැන් පහලට අම්මලත් බලන් ඇති ඔයා අක්කලා දෙන්නා කතා කරන් පහලට එන්න" 
සවින්දි පහන්යා ලඟට යද්දි පහන්යගේ හිත කිබ්බේ සවින්දිගේ අයිය‍ා ගාව කියලා සවින්දි දැනගෙන

 නොහිටියට හිත්න් හිතුවා "ම‍ට මේ වගේ නෑනා පොඩ්ඩක් ලැබුනනම් ෂෝක් කියල‍ෙ" සවින්දි පහන්යා 

දිහා බලන් ඉන්නවා දෙව්මි දැක්කේ අහම්බෙන්

"මොකද නංගි අනිමිස ලෝචන පුජාවද"
"අනේ නෑ මේ වගේ නෑනා පොඩ්ඩකි ලබන්න මම පිං කරලා නැද්ද කියලා හිතුවා"
පුංචිම දෙයකදි රතු වෙන පහන්යගේ කම්මුල් රතු උනේ ඉශාන් ලග ඉදලා සවින්දි ආපු නිසා ඒ සැකේ 

හිත‍ට වද දෙන්න කලින් සවින්දිම ගැටලුව විසදුවා
"මම හිතන්නේ අයියට කෙල්ලෙක් ඉන්නවා ඉශූ දැන ගත්තට මට ඒ ගැන කියන්නේ නෑ.. ගුරාගේ 

ගෝලයානේ"
දෙව්මි යමක් කියන්න කට හදද්දිම ඉශාන්ගේ අම්මා ආවා සවින්දිගේ හොර හිත නිසාම මිසිස් 

ඉද්දමල්ගොඩ එක්ක හිනා උනේ මවා ගත්ත හිනාවකින්
"ගෑණු ළමයින්ට මම බාදා කරාද දන්නේ නෑ"
"අනේ නෑ ඇන්ටි මේ සවින්දි නංගිගේ exam එක ගැන මායි පහන්යයි එක්ක කතා කරන් හිටියේ"
පහන්දිට හිනාවක් ආවේ දෙව්මිත් දැන් තමන් ගානටම ඇවිල්ලා කියලා හිතලා
"අනේ ඔව් දරැවෝ මොනදේ කරත් ජිවීතේ පළවෙනි තැන අධ්‍යාපනය.. පේනවනේ අක්කලා ආදර්ශයට

 ගන්න අපේ එක්කෙනාටත් මම හැමවෙලේම ඔය ටික තමයි කියන්නේ.. කෙල්ලෝ වගේ අපි කියන 

දේ එක පාර අහන්නේ නෑ. එක දරැවනේ හිත රිද්දන්නත් බෑ.. කෙල්ලෙක් නැති අඩුව මේ ගෙදරට මට

 දැනුනේ සවින්දි දුව ආවට පස්සේ.. ඔයාලා දෙන්නත් හරි අහම්බෙන් ආවත් මේ ගෙදරම දුවලා වගේ 

හිටියා.. ඒත් හෙටින් පස්සේ ආයේ මං තනිවෙයි"
මේ කතාවට කාටත් වඩා කලබල උනේ සවින්දි ඒත් ඇයි කියලා අහන්න බැරිව ගොළු උනාම කතා 

කරේ පහන්යා
"ඇයි ඇන්ටි ඒ"
" අපි යමු පහලදි අංකල් කියයි..අංකලුයි මිසිස් සුබසිංහයි පහල අපි එනකම් බලන් ඉන්නවා.."
කෙල්ලො තුන්දෙනාගෙන් මිසිස් ඉද්දමල්ගොඩ අල්ල ගත්තේ සවින්දිගේ අත. සවින්දිගේ හෘද සාක්ෂිය 

සවින්දිට ඒ මොහොතේ කරදර කරා ඉශාන්ගේ ආදරේ වැරදි දෙයක් නේ කියලා.. 
පහලට යද්දි සුභාෂ්ගේ අම්මා පහන්දි ලගට ආවේ දුවගෙන වගේ අැත්තටම ඒ ඇස්වල කඳුළු
"බලන්න මැණික හොඳටම තුවාල වෙලා නේ"
"නෑ අම්මේ ඒක ගානක් නෑ අපි මේ වගේ දේවල් වලට හුරැ වෙන්න ඕන.. මේ තුවාල උනේ අපි නිසා 

නෙවෙයි සමාජයට යහපතක් කරන්න ගිහින්,, ඒ නිසා මේවා රිදෙන්නේ නෑ අම්මේ"
"පේනවා නේද නංගි අපේ ලොකු එක්කෙනාටම හරි යනවා එයත් කොයි වෙලේත් කියන්නේ පිරිසිදු 

සමාජයක් හදන්න ඕනි කියලානේ"
පහන්යට හිනා ගියේ සුභාෂ්ගේ මව විසින්ම අැයත් සුභාෂුත් එකම විදියැයි පැවසූ නිසාය. ඒ අතර
ඉශානුයි දෙව්මි මේ කිසි වගක් නැතිව බලන් හිටියේ මිසිස් ඉද්දමල්ගොඩ, මිසිස් සුබසිංහ අක්කා 

නඟාල උනු හැටිත් ලේලීලා දෙන්නා යස අපුරැවට නැන්තම්මලා දෙන්නා කම වසඟයට අරන් 

තියෙන හැටිත්
"ඔන්න දෙව්මි අක්කේ පේනවනේ තුවාල උනේ කාටවත් හරි ගියේ කාටවත්"
"මෙයාට නෑ වගේ"
"කවුරැත් ඉදගත්තනම් අපි හෙට දවස ගැන කතා කරන්න හොඳයි නේද"
"ඔව් මම දුලට ටිකයි කිව්වේ මහත්තයි කිව්වනම් ඉතුරැ ටික"
"පහන්යා දුව ඉස්සෙල්ලාම මම සමාව ඉල්ලනවා මට ඔයාලව පරිස්සම් කරන්න බැරි උනා"
"අංකල් ඒක හිතන්න එපා අපි හොඳින්"
"දුව මම දන්නවා මම කියන දේට ඔයා අකමැතිවෙයි ඒත් මේ තමයි දැන් කරන්න තියෙන හොඳම දේ. 

දුව හෙට නැවත යන්න පිටත් වෙන්න"
පහන්යගේ මූණ අඳුරැ උනේ තරහටද දුකටද කියන හැඟීම කියවගන්න බැරිව දෙව්මි බලන් හිටියා 

පහනයගේ පිළිතුර
"අංකල් කියන දෙයක් කරන්නම්"
"හොඳ ළමයා.. අපි බයේ පැනලා යනවා නෙවෙයි ඒත් දුව සතුරන් ප්‍රබලයි මම දැන දැනත් දුවලා මරැ 

කටට යවන්න බෑ,, අනික අපි මේ වෙලේ හිතන්න ඕන සුභාෂ් පුතා ගැන.. එයා සනීප වෙලා ආවම මේ 

සටන ආයේ පටන් ගමු ඒ නිසා මේක හකුලන් යෑම නෙවෙයි සතුරන්ට ප්‍රීතිය සමරන්න දෙන විරාමයක්"
සැහැල්ලු හිතක් වගේම අසාදාරණය ලඟ ගල්වෙන හිතක් තිබ්බ පහන්යට පියෙක් වගේ අවවාද දුන්න 

ඉද්දමල්ටගාඩගේ වචන වලට ඒ මුරණ්ඩුකම පරාද උනා
"හරි අංකල් අපි හෙට යන්නම් ඒත් ආයෙම එනවා"
"නැතුව නැතුව මේ දැන් තමන්ගෙම ගෙවල්,, අනිත් කාරණය මිසිස් සුබසිංහ සුභාෂ් පුතා.. මට ඩොක්ටර්

 මදනායක කතා කරා පුතාව හෙට ගෙදර එවයි,, පහන්යා දුව ගම දාල ගියාම මේ මිනිස්සු එයාව අමතක 

කරාට සුභාෂ් පුතා මේ හෙළි කරපු දේවල් එක්ක එයාට ගමේ ගිහින්වත්, බෝඩිමේ වත් ඉන්න බෑ. 

හොඳම කෙලින්ම හොස්පිට්ල් එකෙන් අපේ ගෙදරය ගෙන් එක.. 
"මල්ලිට හොදයි කියලා හිතෙන දෙයක්.. මටත් ඇත්තටම බයයි කොල්ලා ගෙදර එක්කරන් යන්න"
"හරි එහෙනම් හෙට උදෙන්ම මම ගිහින් පුතාව ගෙදරට එක්කරන් එන්නම්.. අක්කලාට එයා ආවම 

යන්න පුළුවන් නේ. අනික අක්කා දන් නෑ නේ පහන්යා දුවලත් කැළණියේ මයි.. ඔයාලා එක්කම ඒ 

දෙන්නටත් යන්න පුළුවන්නේ"
"අනේ ඒක කොයි තරම් දෙයක්ද මේ ප්‍රශ්න පිට මේ ළමයි කොහේද කාගේ කවුද කියලා අහගන්නත්

බැරි උනානේ"

කාගෙත් හිත් වලට දවස් ගානකින් සැනසීමක් ලැබිලා කට්ටියම දොඩමළු වෙද්දි දෙන්නෙක් ඇස් වලින් 

මහ හුඟක් කතා කියාගත්තා.. සුභාෂ්ලගේ අම්මයි පහන්යයි ආ ගිය තොරතුරැ කතා කර ගනිද්දි මිසිස්ලා 

මිස්ටලා අක්කලා. නංගිලා මල්ලිලා වෙලා.. කාටත් නොදැනිම හෝරා කීපයක් ගත උන‍ා.. එ් බව 

ඉස්සෙල්ලාම දැනුනේ ඉශාන්ලගේ තාත්තට
"එහෙනම් දැන් නිදා ගමු. හෙට දුර ගමනක් යන්නත් ඕන නේ..."
එකිනෙකාට සුබ පතමින් නින්ද ගියත් හිත් තුනක් සතුට එක්කම හඩා වැලපුනා,, තුන්දෙනාම තුන් 

තැනක හිතන් හිතුවේ එකම දෙයක්.. හෙටින් සමු අරන් ගියාම ආයේ කවද දකින්න ලැබේවිද කියලා..

 තම තමන්ගේ හීන ලෝක වල ඉන්න අතරේ හැමෝටම නින්ද ගියේ කාවුරැත් නොදැන

මතු සම්බන්ධයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු Lakmini amarasinghe ඔයාට මගේ විශේෂ ස්තූතිය. 

ඔයලටත් පුළුවන් ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න. කැමති නම් ඔයාලගේ පොටෝ

 අපිට දෙන්න.

බුදු සරණයි !! 

හෙට කොටස සදුගෙන්....
අද අකුරු කළ මම සමාධී..

 
දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
19 Feb 2017 08:17 PM
  •  Quote
  •  Reply
ඊළගට කව්ද ලියන්නෙ ..ගයියා කාලෙකින් ලිව්වෙ නෑ නේද ..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Feb 2017 11:33 PM
  •  Quote
  •  Reply
එයා ආයි ලියන්නේ් නැහැ
දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Feb 2017 12:46 AM
  •  Quote
  •  Reply
අනේ අර ලක්මිනි අක්කි නම් ශොයි අනේ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
23 Feb 2017 07:39 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Feb 2017 12:46 AM
අනේ අර ලක්මිනි අක්කි නම් ශොයි අනේ
එයා හොදයිද අයියේ.......  කතා ලියනවා 

කෝ මේ කතාව දාන්නෙ නැද්ද 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 12:07 AM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 12:11 AM
  •  Quote
  •  Reply

සෙනෙහස පාමුල.

16- කොටස.

අද සුභාෂ් ඔයා මෙහෙ එනවා . ඔයා එද්දි මට යන්න වෙනවා. අනේ මට ඔයාව බලාගෙන මෙහෙ ඉන්න 

තිබුණනා නම්. ඒක කරන්න බෑ. අපේ ලොක්කා දැනටමත් මට වුණ දේ ගෙදර අයට කියලා ඇති. කොයි 

වෙලේ හරි කොල් එකක් අරන් අම්මා මට හොදටම බනි. පාන්දර වෙනකන් නින්දත් නොනින්දත් අතර 

හිටිය පහන්යා උදා ආලෝකය වැටෙන්නත් කලින් අවධී වෙලා කල්පනා කරන්න විය. යන්න අකමැති 

බව සිත කිව්වත් ඇයට නවතින්න මගක් නොවුවාය.

‘‘
පහන්යා අක්කේ.‘‘

‘‘
ම්ම්ම්ම්.‘‘

‘‘
මොකද උදෙන් ඇහැරලා. අද අපිට කරන්න වැඩක් නැනේ ටිකක් නිදා ගන්නවකෝ.‘‘

අඩ නින්දෙන් ඔලුව උස්සලා පහන්යට එහෙම කියපු දෙව්මී ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදා 

ගත්තාය.

‘‘
මට නින්ද යන්නේ නෑ.‘‘

‘‘
මට තේරෙනවා අක්කේ දුක බව. ඒත අංකල් කිව්ව දේ හරි සුභාශ් අයියට හොද වුණාම අපි එමු.‘‘

‘‘
ඒත් මම එයාට උදව් ඕනේ කාලෙනේ ඉන්න ඕනේ.‘‘

‘‘
අම්මද බොල මේන්. යාළුවා විතරයි කිව්වා නේද?.‘‘

පහන්යා නිතරම දෙවිමිට කිව්වේ සුභාෂ් එයාගේ යාළුවෙක් විතරයි කියා නිසාවෙන් දෙව්මී බලන් හිටියේ 

අවස්ථාවක් ලැවෙන තුරුයි. ඒ කතාව නිසාම දෙව්මිගේ නිදමත ගතියත් තුරන් වූ නිසා ඇද මත වාඩි වී 

පහන්යාට විහිළු කරන්න වුනේ ඇගේ මුහුණට සිනහවක් ගෙන එන්නට විය යුතුය.

‘‘
සුද්දා... ඇරපන් යකෝ මේ කුබ්බෑයමේ දොර. මම ඉතුරු කරන්නේ නෑ ඕකව.‘‘

ඇමතිතුමාගේ මාර්ගයෙන් හිරෙන් නිදහස් වූ හැටේ වත්තේ විජේ දැන් සිටින්නේ සුද්දා නම් ඔහුගේ 

විශ්වාසනීයම ගෝලයාගේ නිවස ඉදිරිපිට වුවේය. රෑ ගවුමකට උඩින් දැලි කුනු වැකුණු හැට්ටයක් ඇද 

ගත් ගැහැණියෙකු අබලන් වූ දොර කබල උසවා පසෙකින් තැබුවාය.

‘‘
ආ මේ විජේ අයියනේ. අපේ මිනිහා ඊයේ රෑ බීලා ඇවිත් හොදටම නිදි ඕන්.‘‘
‘‘
ආ... නංගියේ.... පොඩ්ඩක් ඕන් ඕකට කූද්දපනංකෝ.‘‘

සුද්දාගේ බිරිද වු ඒ ගැහැණිය නැවතත් ගෙට ඇතුල් වෙද්දී පොඩි පිරිමි දරුවන් දෙදෙනෙක් දොරෙන් 

හිස පමනක් එළියට දමාගෙන විජේ අයියා සමග සිනා සෙන්ට විය. ඔවුන් දැකීමෙන් කෝපය මදක් 

අමතක වූ විජේ අයියා ඇස් ලොකු කර පොඩි වුන් බය ගන්නට වුවේය.

‘‘
විජේ අයියේ. කොහොමද එළියට ආවේ.‘‘

උදෑසන සීතල නිසාම හැද සිටි සරම ඔළුවේ සිට පොරවාගෙන සුද්දා එළියට අවේ. පලයව් ගේ ඇතුළට 

යනුවෙන් පොඩි උන්ට සැර වෙමිණි.

‘‘
උබලා එදා මාව දාලා පැන ගත්තා නේද?.‘‘

‘‘
අනේ විජේ අයියේ. අපිත් නු..‘‘

‘‘
හා හා ඇති ඇති බං ඒකට කමක් නෑ. මට නෙළුවා නෙලිල්ලක් ඇතුළෙදී. ඒත් පාවලා දුන්නේ නෑ. තව

 ටික දවසක් වුන්නා නම් උන් මාව ගහලම මරණවා.‘‘

තරමක් ඝණට වැවී තිබු රැවුල ඇගිලි මතින් පිරිමදිමින් ඔහු පැවසුවේ ලොකු දේකට පාරම්බාන සේයාවෙනී.

‘‘
අපි මොකද විජේ අයියා මේකට කරන්නේ.‘‘

‘‘
දැන් ඉන්න පොළිසියේ ලොක්කා . ඌව ඇමතිතුමාට වත් සැලෙන්ඩර් නැති එකෙකේ. මේක අපේ

 ක්රනමයට විසදන්න බෑ. වැඩේ දෙන්න ඕනේ මොලෙන්... මොලෙන්.‘‘

විජේ අයියගේ අවසන් වචන කීපයේ හඩ ගිගුම් දුනේනේ කෝපයෙන් ඇස් රතු වෙද්දීය. ඔහු නැති 

අතරතුර සිදු වූ සියල්ල සුද්දා විජේ අයියා සමග පැවසුවේය.

‘‘
ඔබට එහෙම කරපු එක හොදයි. කොහොම හරි ඔය පත්තරකාරී. සර් කාරයයි පන්න ගන්න ඕනේ. ‘‘

ඉද්දමල්ගොඩ මහතා පැවසු අයුරින්ම උදෑසනම ඉශාන් සමග රෝහලට ගොස් සුභාෂ්ව නිවසට කැදවාගෙන 

ආහ. සුභාෂ්ට ඇවිදින්නට නොහැකී නිසා ඔහු නිවසට අතුළු වුනේ තනි කකුළින් පනිමින් ඉශාන්ගෙත්

ඉද්දමල්ගොඩ මහතාගේත් උදවු ඇතිවය. නිවෙස් බලා යන්නට සුදානම්ව සිටි පහන්යාට මේ දර්ශනය 

දකිද්දී නෙතට නැගුණ කදුළු බිදු දරා සිටීමට තවත් නොහැකී වුවාය. ඉක්මණින් නානකාමරයට පිවිසුණු

 ඇය මුහුණ දොවාගෙන නැවත ආලින්දයට ආවේ කදුළු තද කරගෙනය. ඒ වන විට සුභාශ් සෙටියේ වාඩි 

කර ඇත. ඔහුගේ නෙතත් සතර වට සැරි සරමින් සෙව්වේ පහන්යාගේ රුවයි. පහන්යා දුටු විගස ඔහු 

සිටිනා තැනත් සුභාශ්ට අමතක විය.

‘‘
පහන්යා කොහෙ හරි යන්නද?.‘‘

‘‘
ඔව් සුභාශ් අපි ගෙදර යන්න. මට අම්මිත් කතා කරලා හොදටම බැන්නා. අපේ බොසුත් කියනවා ආපහු 

එන්නලු. මේ වැඩේට පිරිමි ළමයි දෙන්නෙක් දාන්නම්ලු.‘‘

පහන්යා ඒ ටික කියාගෙන ගියේ කියන්නම පාඩම්කරගෙන සිටියා මෙනි. 

‘‘
ලොකු පුතා ඔයා පහන්යා දුවව දන්නවද?‘‘

‘‘
ආ ඔව් ආන්ටී... මේ පහන්යා අක්කයි දෙව්මී අක්කයි නිතර ආවනේ සුභාෂ් සර් බලන්න හොස්පිටල්

 එකට.‘‘

‘‘
ආ......‘‘

ඉශාන් යන්තම් රහස රැක ගන්නට එසේ කිව්වේ සුභාශ්ට ඉගි කරමින් විය. එය දැකීමෙන් සුභාශ්ට 

ඉබේටම සිනා නැගුනේය.

‘‘
එහෙනම් සුභාශ්ව අපි ලෑස්ති කරපු කාමරයට එක්ක යමු නේද?. කකුළ නිසා පුටුවේ වාඩී වෙලා 

ඉන්නත් අමාරුනේ.‘‘

මේ සියල්ල දෙසම බලාගෙන නිහඩ වුන් සාවින්දී වුන්නේත් කියා ගන්න බැරි දුකකින් වුවාය. ඇයට

 අයියාත් ඉශානවත් දෙන්නාම දමා යන්නට සිතක් නොවිය. සියල්ලන් එහෙ මෙහේ වන තුරු සිටි 

සාවින්දී අයියා ළගට ඇදුනාය.

‘‘
අයියේ.‘‘

‘‘
මොකද මේ දුකින් මගේ පොඩ්ඩී.‘‘

‘‘
අපි දැන් යනවනේ.‘‘

‘‘
ඉතින් ආයි එන්න ඔයාට නිවාඩු දාට. දැන් විභාගෙත් ළගයිනේ පාඩු කර ගන්න එපා.‘‘

‘‘
පෝයත් තියෙන නිසා මට දවස් දෙකක් නිවාඩුයි අයියේ ඉරිදත් එක්ක.‘‘

‘‘
ඔයා ඉන් එහෙනම්. අම්මට එන්න කියමු ඔයාව එක්ක යන්න ඉරිදට.‘‘

‘‘
අනේ ශෝක් අම්මට කියන්නකෝ අයියේ.‘‘

සාවින්දී සතුටින් උඩ පනිද්දී සුභාශ් ඒ දෙස බලා හුනේන් සැබෑ සතුයකිනි. ඇයි තම සොහොයුරියට 

බොහෝ සෙයින් ආදරය කලේය. තවමත් පොඩි දැරියක මෙන් ඔහු ළග සුරතල් විමට සාවින්දිද කැමති

 වුවාය. කියු පරිදිම සුභාශ් අම්මලා පිට වෙන්නට සැරසෙද්දී යෝජනාව ගෙනාවේය. සාවින්දිගේ අම්මා

 එයට අකමැති වුනේ, අසනීපව සිටින තම පුතා මදිවට ඔවුන්ට කරදර වන්නට දුවවත් දමා යෑම 

නුසුසුසු යැයි සිතු නිසාවෙනී.

‘‘
අනේ ඔන්න ඔහෙ හිටපුදෙන් අක්කේ. අපිට මොන කරදරයක්ද?. කෙල්ලෝ නෑනේ අපිට. කෙල්ලේක 

දවසකට දෙකකට හරි මෙහෙ ඉන්නවා කියන එක මොන තරම් දෙයක්ද? නේද අපේ මහත්තයා.‘‘

‘‘
අනේ ඔව් මිසිස් සුභසිංහ සාවින්දී දුව හිටපුදෙන්. දැන් අර දුවලා දෙන්නත් යන නිසා අපිට ලොකු පාළුවක් 

දැනෙයි. ඒ පාළුව වත් ටිකක් අඩු වෙයිනේ.‘‘

ඉශාන්ගේ සිතේ මලක් පිපුනා මෙන් වුවේ සාවින්දී සමග තව දවස් දෙකක් ගෙවන්ට ලැබෙන බව දැනුන

 නිසාවෙනී. ඒ වචනයත් සමගම කාර් රථයට දමා තිබු තම ඇදුම් බෑග් එකත් රැගෙන සාවින්දී ඉහළ මහලට

 දුවගෙන ගියේ ඉතා සතුටුන් වුවාය. 

‘‘
එහෙනම් අපි යමු නේද? පහන්යා දුවේ.‘‘

ඉශාන්ගේ අම්මගෙයි තාත්තාගෙයි දෙපා නැමැද ආශිර්වාද ලබා ගත් පහන්යත් දෙව්මිත් කාර් රථයට නැගුණාය. සියල්ලන්ට සුභ පතමින් සාවින්දී ඉශාන්ලගේ නිවස ඉදිරිපසට වි බලා සිටියාය.

‘‘
ඕ... පොඩ්ඩක් ඉන්න ආන්ටී. මට පොඩි දෙයක් අමතක වෙලා.‘‘

නිවසේ සියල්ලන් සිටි නිසා පහන්යාට සුභාශ්ට ළං වන්නට නොහැකී වු නමුත් අවසන් වතාවට හෝ ඔහු

 නොබලා යාමට ඇයිට නොහැකි විය. ඒ නිසාම ගණදෙවි නුවණ හොදින් තිබු පහන්යා බොරුවක් කියා

 කාර් රථයෙන් බැස කෙලින්ම ගියේ සුභාශ් ළගට විය. දැන් සියල්ලන් සිටින්නේ කාර් රථය ළග 

නිසාවෙන් සුභාශ් ළග කිසිවෙක් නැති බව පහන්යා හොදින්ම දැන හුන්නාය.

‘‘
පහන්යා. ඔයාලා ගියෙ නැද්ද?.‘‘

‘‘
යන්න හදන්නේ සුභාශ් .ඔයාට කියලා යන්න ආවේ.‘‘

සුභාශ් ළග තිබු පුටුවේ අසුන් ගත් පහන්යා හිස පහළට නවා ගත්තේ නෙත තෙත් කළ කදුළු බිදු සුභාශ් 

දාකි යැයි බියෙන් විය. එලෙසම තෙත් වුන දෙනෙතින් යුතුව සුභාශ් දෙවරක් නොසිතාම පහන්යාගේ දෑත් 

ඔහුගේ දෑතට මැදි කර ගත්තේය.

‘‘
ඇයි ළමයෝ අඩන්නේ.‘‘

‘‘
ඔයාගේ ඇස් වලත් කදුළු.‘‘

පහන්යා එසේ පැවසුවේ සුභාශ් දෙස බලා කදුළු අතරින් සිනාසෙමින් ය.

‘‘
මට දුකයි ඇත්තටම ඔයා යන එකට.‘‘

‘‘
මටත් දුකයි ඔයාව දාලා යන්න.‘‘

‘‘
ඉතින් නවතින්නකෝ.‘‘

‘‘
බෑ සුභාශ් අම්මි හොදටම බය වෙලා.ඉන්නකෝ ඔයට හොද වුණම අපි ආයි එනවා. ‘‘

‘‘
හරි එහෙනම් පරිස්සමින් යන්න. මං නිසා තුවාලත් කර ගත්තා නේද ඔයා.‘‘

‘‘
ඒකට කමක් නෑ සුභාශ්.‘‘

‘‘
මට ඔයාගේ නම්බර් එක දීලා යන්න ළමයෝ.‘‘

‘‘
ඉශාන් ළග තියෙයි . ඔයාට පාළු දැනුනම කතා කරන්න.‘‘
‘‘
පහන්යා අක්කේ‘‘

එක වරම සාවින්දීගේ හඩ ඇහෙද්දී පහනයා විදිල්ලමෙන් පිටුවෙන් නැගිට්ටුනාය. සුභාශ් කෙතරම් බිය 

වුනාද කියතොත් ඉක්මණින් පහන්යගේ දෑතින් තම දෑත් ඉවතට ගත්තේය.

‘‘
මම මේ උඩ තට්ටුවටත් ගියා අක්කා නැති නිසා මෙතනට ආවේ. ‘‘

‘‘
මම මේ මෙතනින් යන ගමන් සුභාශ්ට යනවා කියන්න ආවා නංගා අපි යමු. අපි යනවා සුභාශ්.‘‘

එසේ පැවසු පහන්යා දුකෙන් සුභාශ් දෙස බලා සාවින්ගේ අතේ එල්ලී ඉවත්ත ගියාය. සුභාශ්ට දැනුනේ දරා 

ගත නොහැකී තරමේ පාළුවකි. ඔහු තනියෙම කල්පනා කලේ ආයි කවදා පහන්යව දකින්න ලැබේද යනුවෙනි.

පහන්යත් දෙව්මිත් සුභාශ්ගේ අම්මත් කැළණිය බලා ගමන් කිරීමට ගමන් අරබා ඇති. ඔවුන් සියල්ලන්ටම 

මේ වෙන්වීම දුකකි. ඒ නිසාම කිසිවෙක් වචනකදු කතා කිරීමට නොපෙලබුණාය. නිසොල්පනේ වුන ඔවුන්

 එක වරම ගැස්සී ගියේ හදිසියේම කාර් රථයේ තිරිංග තද විමත් සමගය. එවිට පහන්යා දුටුවේ අතුරු පාරකින්

 පාරට දැමු කළු පැහැති කැබ් රථයක් පාර හරස් කරගෙන ඇති බවයි.

එයින් බැසගත් එදා මෙන්ම රතු හැද ගත් මිනිසුන් කීප දෙනෙකුට අමතරව තව එක් හැඩි දැඩි පිරිමක් විය. 

ඒ පුද්ගලයා අප සිටි කාර් රථය අසලට පැමිණ පැති වීදුරුව පහළ දමන ලෙස අතින් සංඥා කරන්න විය.

‘‘
ආ .. නෝනලා යනවා වගේ. ඒක හොදයි. ‘‘

දෙව්මී එදා මෙන්ම බයෙන් වෙව්ලයි. සුභාශ්ගේ අම්මාත් වුනේ බියෙනී. නමුත් පහන්යාගේ සිතේ බියට වඩා 

තිබුනේ කෝපයකී. මෙතන කියවා ගන්න ගොස් අවුල වැඩ කර ගන්නට නොසිතු පහන්යා කොපය 

සගවගෙන නිහඩව සිටියාය.

‘‘
මේ.. ලොකු නෝනා පුතණ්ඩියාවත් එක්ක ගියා නම් තමා හොද? නෝනලා මං ගැන හොයලා 

බලන්නකෝ මම හැටේ වත්තේ විජේ. මගේ නම කිව්වම මේ ඒරියා එකේ නොදන්න කෙනෙක් නෑ.

 ආ.. අර පොළිස් ලොක්කට කිව්වට අපි බය නෑ. ළගදිම ඌටත් වැඩක් පත්තු කරණවා අපි. අපිට..

 ඇතුළත් එකයි.. පිටත් එකයි.. නෝනා.‘‘

‘‘
හරි.. හරි.. පුතාට හොද වුන ගමන් මම එක්ක යනවා. ‘‘

‘‘
අන්න එහෙම නෝනා. මේ විජේගේ වැඩකට උදැල්ල දාන එකෙක් වත් තාම යහතින් ඉදලා නෑ.‘‘

ටික වෙලාවක් නොයෙකුත් දේ කියමින් සිටි ඔවුන් වාහනය ඉවතට ගෙන අපට යන්න ඉඩ සැලැස්සුහ.

‘‘
අයියේ.‘‘

‘‘
හ්ම්ම්‘‘

‘‘
දුකද?‘‘

‘‘
ඇයි ඒ.‘‘

‘‘
මගේ නෑනා ගියාට‘‘

‘‘
ඉශාන්ද ඔය විකාර ඔයාගේ ඔලුවට දැම්මේ.‘‘

‘‘
නෑ මම දැක්කා දෙයක්.‘‘

කලින් සිදු වු සිදු වීම යාන්තමට වගේ දැක්ක සාවින්දී අයියාගෙන් එය විමසන්න වුනේ සිතට නැගුණ 

සතුටත් සමග සෑබෑවක්ද කියා ඔහුගේ මුවින්ම දැන ගන්නට ඕන වු නිසාය.

‘‘
මේ ඉශාන් නම්.‘‘

‘‘
ඉශු නෙමේ අයියේ කිව්වේ.‘‘
‘‘
ඉශු.‘‘

මතු සම්බන්ධයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු අහිංසක නපුරී මිතුරියට මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් 

ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න. කැමති නම් ඔයාලගේ පොටෝ අපිට දෙන්න.

හෙට කොටස ඉරෝ නංගිගෙන්


අද කොටස අකුරු ගැන්වු මම 

සඳුනී කාංචනා

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 12:13 AM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 12:16 AM
  •  Quote
  •  Reply

සෙනෙහස පාමුල

17- කොටස ..

""
ඉශූ..

""
කවුද.... සුභාෂ් ඇහුවේ කෙල්ලගේ මූණ දිහා යටාඇහින් බලන ගමන්..

""
නෑ... නෑ... ඉශාන් මොකුත් කිව්වේ නෑ.. අයියේ... සාවින්දී හොරයක් අහුනා මෙන් බිම බලාගෙන

 කියද්දී සුභාෂට සැක හිතුනා...

""
මේ දෙන්නගේ මොකක් හරි සම්බන්ධයක් වත්ද.... සුභාෂ් කල්පනා කරේ පහු ගිය ටිකේ උනු සිදුවීම් 

සංසන්දය කරමින්...

"
අ...අ..යියේ... සාවින්දී කතා කරේ ගැහෙන සිතින්...

"""
හ්ම්ම්ම්ම්...මොකොද...

""
අයියාට දැන් සිංහල බෙහෙත්වත් කරා නම් හොදයි නේද... සාවින්දී කතාව වෙන පැත්කට හැරව්වේ තව 

දුරදිග ගියොත් තමා අසුවන බව දන්න නිසා...

""
ම්ම්ම් ඔව් එක තමා මාත් කල්පනා කරේ.. අම්මත් කිව්වා... අර අනුරාධපුරේ හොරිවිල ඉන්නවලු හොද 

වෙදකම් කරන වෙද මහත්තයෙක්..

""
ආ...ඔව් ඔව් එයාගෙන් තමා මගේ යාලුවා අර මහේෂි ඇක්සිඩන්ට් උන වෙලේ බෙහෙත් කරේ.. දැන් 

කෙල්ල හොදට ඇවිදිනවා...

""
බලමු ඊලග පාර ක්ලිනික් එකටත් ගිහින් අම්මා එක්ක කතා කරලා යමු....

""
ඔව් ඔව් එතකොට ඉතිං අයියට සලකන්න ඔය මේ.. විශේෂ අයත් එයිනේ...

සාවින්දි ඇසක් ගහලා ඉගි කරමින් කියු දේ සුභාස්ට තේරුනත්.. නොතෙරුනු විදිහට හිටියෙ සිනහව තද

 කරන්...

"
අනේ මේ මගෙන් ගුටි නොකා යනවද මෙතනින්... සාවින්දීට කොට්ටයකින් ගහද්දි සාවින්දි එලියට

 පැන්නා..

""
හම්මෝ ඇති යන්තම් තව ඩින්ගෙන් අයියගෙ හොර අල්ලන්න ගිහින් මාවයි මාට්ටු වෙන්නේ..
සාවින්දී තමන්ට ටොක්කක් ඇන ගමින් එලියට දිව්වේ ඉශාන් හොයාගෙන...

*******************

""
ඇත්තටම මගේ ආදරේ ලඟ තිබිලත් මට කියා ගන්න බැරි උනානේ ශික්... සුභාෂ් කල්පනා කරේ පුන්චි 

දුකකුත් හිතේ තියාගෙන...

""
නංගා නම් නෑනට කැමති වගේ.. මුනේ තිබුන හිනාවෙන්ම කියතැහැක්.... අම්මත් ඉතිං අකමැති වෙන

 එකක් නෑ පහන්‍යාගෙ ඇති වැරැද්දක් නෑ නේ....

කල්පනාවට වැටුන සුභාෂ් දන්නෙම නැතුව නින්දට වැටුනේ ඇගේ තිබුන තෙහෙට්ටුව නිසා....

************************

""
අම්මා ... පහන්‍යා කෑගසාගෙනම ගෙට ආවේ අම්මා එක්ක කෙන්තියෙන්...

අම්මා කතා කරලා බැන්නට පස්සේ අම්මට කතා කරෙවත් නෑ...
එක අතකින් ඉතිං අම්මා වැරදි නෑ පාතාල ලොකේ කුඩු රජාට විරුද්දව වැඩ කරන්න බය නැතිව කෙල්ලෙක්

 යවන්නේ මොන අම්මද.... 
මාත් ඉතිං වැඩ කරාට බයේ හිටියේ නැත්තේ කොයි වෙලෙද.. එහෙව් එකෙ අම්මා ගැන කවර කතාද... 

කෙල්ලට අම්මා ගැන දුක හිතුනා....

කාබරේට ගිහින් වොශ් එකක් දාගෙන එනකොට අම්මා කිරි එකකුත් අතේ තියන් ඇද උඩ..
පහන්‍යාට අම්මා ගැන ඇති උනේ අසීමිත ආදරයක්...

"
චුටී දූ.... අනේ මගෙ රත්තරං ආවද.. මං මොන තරම් ගින්දරකින්ද දෙවියනේ හිටියේ...

"
හරි හරි අම්මා මං ආවනේ දැන් ...
හරි මහන්සි අම්මා.. ටිකක් නිදා ගන්න ඕනි..

පහන්‍යා එහෙම කියලා නිදා ගන්න හැදුවේ නිදිමතක් නිසාම නෙවෙයි.. අම්මව යවලා සුභාෂ්ට මැසෙජ් 

කරන්න ඕනි නිසා....

කෙල්ල බොරුවට නිදා ගන්න හදනකොටම අම්මා ගියේ 

"
පව් කෙල්ලට මහන්සි ඇති... හ්ම්ම් එහෙනම් ඔයා නිදාගන්න ටිකක්..

අම්මා ගියාට පස්සේ කෙල්ල දොර ලොක් කරලා ඇදට පැන්නේ ලැප් එක ඔන් කරන ගමන්....

මතු සම්බන්දයි.

අද කවර්ස් පොටො එක හැඩ ගැන්වු මගේ පණට ස්තුතියි. ඔයාලටත් පුළුවන් ඔයාලගේ පොටෝ එක 

මේ විදියට පල කර ගන්න. කැමති නම් අපිට එවන්න..


හෙට කොටස සදු අක්කාගෙන්.
අද අකුරු ගැළපු මම ඉරෝශනි... ( ඉරෝ)..

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
27 Feb 2017 12:51 AM
  •  Quote
  •  Reply
දැන් ඉතින් කපල් දෙකම සෙට් නේ ..ඊළගට මොකද වෙන්නේ
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Feb 2017 01:12 AM
  •  Quote
  •  Reply
ඉන් පසු ප්‍රෙම ගගෙ පිහිනාලා සතුටින් ප්‍රෙම කරයි දෙන්නට දෙන්නා ..............
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
27 Feb 2017 08:03 PM
  •  Quote
  •  Reply
ඊළග කොටස කවද්ද එන්නේ
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:21 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:25 PM
  •  Quote
  •  Reply

සෙනෙහස පාමුල.

දහඅටවන කොටස.

පහන්‍යා සැරින් සැරේට ජංගම දුරකථනය දිහා බැලුවේ සුභාෂ්ගෙන් ඇමතුමක් ඒවි කියලා.. ඒත් තාමත් 

ඇමතුමක් ආවේ නෑ.. ඇයට පුංචි දුකකුත් නැගුණා.

ඉශාන්ගෙන් නම්බර් එක ඉල්ලගෙන නැතුව ඇති.. නැත්නම් එයාට ඉල්ලන්න හිතෙන්නේ නැද්ද දන්නෙ

 නෑනේ. ඇය එක එක විදියට හිතුවා.. කල්පනා කරලා බැරිම තැන ඇය මුහුණු පොතෙන් ඔහුට 

පණිවිඩයක් යවන්න තීරණය කලා.. 

ඇයි මට කෝල් නොකලේ. මං බලාගෙන හිටියා.. ඇය මෙලෙස සටහන් කලත් යලි එය මකා දැමුවා.. 
මං මොනවද කියන්නේ එයාට.. මෙහෙම යවන එකත් හරි නෑනේ..මොකද කරන්නේ කියල අහල

 බලනවා.. එහෙම හිතපු පහන්‍යා පණිවිඩයක් සටහන් කලා..

මොකද කරන්නේ. ඇගේ පණිවිඩයට පිලිතුරක් එනතුරු දෑඟිලි පටලවමින් නොසන්සුන්තාවයකින්

 ඇය බලාගෙන හිටියේ..

ඇයි පරක්කු.. ඔන්ලයින් ඉන්නව කියලත් පෙන්නනවා..ඇය හිතුවා.. ඒ වෙලාවෙ සුභාෂුත් හිටියේ 

හරිම දුකෙන්.. එදා ඇක්සිඩන්ට් එකේදී ෆෝන් එක කැඩුනානේ..

මං පහන්‍යාට පොරොන්දු උනා කෝල් කරනවා කියලා. ඒ වෙලාවෙ මට අමතක උනානේ ෆෝන් 

එක නෑ කියලා..ඔහු කල්පනා කර කර හිටියේ ඇයට කෝල් කරන්නේ කොහොමද කියලා..

ඉශාන්ගෙන් ෆෝන් එක ඉල්ලන්නත් හිතෙනවා.. ඒත් නිතරම කරදර කරන එක හරි නෑනේ.. 

සුභාෂ්ගෙ හිත ඔහුට කරදර කලා..දෙතුන් වතාවක්ම ඉශාන්ට කතා කරල ෆෝන් එක ඉල්ලන්න 

හදලත් ආයෙම නිකන් හිටියේ ඉල්ලන්න හිතට හරි නෑ වගේ දැණුන නිසා. අනික පහන්‍යාට කතා

 කරා කියල දැනගත්තාම ඉන්න හම්බවෙන්න නෑනේ..

දෙන්නම දෙපැත්තට වෙලා ලත වෙවී හිටියා.. තාමත් යවපු මැසේජ් එකට පිලිතුරක් නෑ කියලා

 පහන්‍යා තැවෙද්දි සුභාෂ් තැවුනේ ඇයට වුන පොරොන්දුව ඉටු කරන්න බැරි වුනු එක ගැන..

ඇත්තටම පොරොන්දු නිසාම නෙවෙයි.. පහන්‍යා නිසා සුභාෂ්ගෙ හිත හෙල්ලිලා තිබුණේ.. ඇය සමඟ 

කල් ගෙවන්න කතා බහ කරන්න ඒ පිරිමි හිත ආස කලා.. සුභාෂ් කලින් දවසක ඉශාන්ගෙ ෆෝන්

 එකෙන් fb ලොග් වෙලා අයින් වුනේ නෑ..ඉශාන් ඩේටා ඔන් කරලා තිබුන නිසා පහන්‍යාගෙ මැසේජ්

 එක ඔහු දැක්කා.. ඒ නිසා ඉශාන් සුභාෂ්ගෙ කාමරේට ආවේ ෆෝන් එක දෙන්න.. සුභාෂ් හිටියේ 

කල්පනාවක නිසා ඉශාන් එනව වත් ඔහු දැක්ක‍ෙ නෑ.. 

සර්... සර්.. ඉශාන් කතා කරගෙනම කාමරේට ආවම සුභාෂ් කලබල උනා..

ඇයි ඉශාන්..මොකද කලබලෙන්..

අයියෝ කලබලයක් නෑ සර්.. සර්ගෙ කලබලේ තමයි මගේ වගේ පේන්නේ..ඉශාන් කිව්වා.. 

සර් මේ... මේ.. ඉශාන් යමක් කියන්න ගියේ.. 

මේ මේ ගාන්නෙ. කියපන් බං කියන දෙයක්..

මං පොඩි හොර වැඩක් කරා සර්. දැන් ඒකත් මාට්ටු වෙන්න යන්නේ . 
ඉශාන් කියද්දී සුභාෂ් හොඳට ඔහු දිහා බැලුවා..

මොකක්ද?..

මං සර්ගෙ fb එකේ ඉන්නෙ .සර් එදා ලොග් වෙලා තිබුනානේ.මං අයින් කලේ නෑ ඉතින්..

ආ ඒකද මේ හොර වැඩේ.. ඇත්තටම මොකටද මගේ එකට ගියේ.සුභාෂ් බොරු රෞද්‍ර බවක් මවා 

ගත්තා..

සොරි සර්.. ඇත්තටම හිතල ලොග් උනා නෙවෙයි.මං ඩේටා ඔන් කරාම එක්කෙනෙක්ගෙන් මැසේජ් 

ආවා..ඉතින් මං ටිකක් බැලුවා.. ආ සර්..ෆෝන් එක.. මැසේජ් කරන කෙනාව ටිකක් බලන්න.

 හිනාවෙලා සුභාෂ්ට ෆෝන් එක දීපු ඉශාන් ආපහු යන්න හැරුණා..

තැන්කු ඉශාන්.. ඉශාන්ගෙන් ඉල්ලගන්න බැරුව ලතවෙවී ඉඳපු පෝන් එක ඉශාන්ම ගෙන්ත් දුන්නම

 සුභාෂ්ට දැනුනෙ හරිම සතුටක්..ඒ වගේම ඉශාන් ගැන අනුපමේය සෙනෙහසක් දැනුනා..

දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා..වසන් කරන සිත මුහු‍ණේ ලිය වෙනවා.. නේද සර්.. යන්න

 ගිය ඉශාන් ආපහු හැරුණේ එහෙම කියාගෙන.. ඒත් ඉශාන් කියපු දේ හරියට ඇහුනේ නැ..මොකද 

ඔහු ඒ වෙනකොටත් මුහුණු පොතේ ගිලිලා හිටියේ. 

මොකක් හරි කිව්වද?.. ෆෝන් එකෙන් ඇස් අහකට ගන්නේ නැතුවම ඇහුවා..

මුකුත් නෑ සර්.. වහින්න වගේ කිව්වා.. සුභාෂ් යමක් කියන්න කලින්ම ඉශාන් කාමරෙන් ගියා.. සුභාෂ් 

පහන්‍යාගෙ මැසේජ් වලට රිප්ලයි කරන්න ගත්තේ සමාව අයදින ගමන්මයි..

අනේ සොරි පහන්‍යා..වෙරි සොරි.. ඇත්තටම කෝල් කරන්න බැරි උනේ ෆෝන් එක නැති නිසා..

ඉශාන්ට කරදර කරන්නත් බෑනේ.. සුභාෂ්ගෙ මැසේජ් එක දැකපු පහන්‍යාට හරිම සතුටුයි.

හ්ම්ම්.කමක් නෑ. ඒත් මං බලාගෙන හිටියේ කතා කරනකල්.. පහන්‍යා පිලිතුරු බැන්දා.. 

*******************

සාවින්දි මිදුලට වෙලා හිටියේ පාලුවක් දැනුන නිසා.. හෙට ආපහු ගෙදර යන්න වෙනව නේද කියලා 

හිතෙද්දි සාවින්දිට දුකයි. ඉශාන්ගෙන් ඈත් වෙන්න කෙල්ලට බෑ වගේ.. ඒ වගේම කෙල්ලට බයයි. 

අයියා හරි ඉශූගේ අම්මා හරි මේක දැන ගත්තොත්..මට නම් තේරෙන්නෙ නෑ. සාවින්දිගේ කල්පනාවට

 බාධා කරමින් ඉශාන් එතනට ආවා.. 

සාවියෝ.. මොකෝ මේ.. රට අල්ලන්නවත් ප්ලෑන් කරනවද?.. ඉශාන් ඇහුවේ ඇගේ මුුහුනටම කිට්ටු

 වෙලා.. 

ඉශූ.. ඇය කලබලෙන් ඔහු ලගින් මෑත් උනා..ඉශාන් ඇගේ.පස්ස‍ෙන්ම ගියා.

මොකෙද අනේ..

මට බයයි ඉශූ.. 

ඒ මොකද සාවි.. බය වෙන්න ඔයා මෙහේ ඉඳල හොල්මන් වත් දැක්කද?.. ම්ම්ම්ම්.. ඒත් මං දන්න 

විදියට අපේ ගෙදර හොල්මන් නෑනේ.. 
ඉශාන් විහිලු කරන්න ගත්තා.. ඇගේ සිතැඟි හොඳින වටහා ගත්තත් ඔහුට ඕන වුනේ ඇගේ බය නැති 

කරවන්න..අදුරු වෙලා තියෙන මුහුණට හිනාවක් ගේන්න.. 

ඉශු.. විහිලුවට ගන්න එපා හැම දේම.සාවි කිව්වේ තරවටු ස්වරයෙන්
අපි දෙන්න ගැන අයියා දැනගත්තොත් එහෙම.. ඔයාලගේ අම්මා දැනගත්තොත්.. මොනව වෙයිද ඉශු.

බය නොවී ඉන්න සාවි.. එහෙම උනොත් ඒක එදාට බලාගමු.. ඊට කලින් ඒක ගැනහිතල සතුටින් ඉන්න

 තියෙන වෙලාව නැති කරගන්න එපා..

ඒත් ඉශූ... 

සාවි..මේ අහන්න.. ඉශාන් සාවින්දි කියන්න ගිය දේ නැවැත්තුවා..

වෙන්න තියෙන දේවල් වෙයි.. මොන දේ උනත් අපි අපිට ආදරෙයි නම් අපිව වෙන් කරන්න කාටවත් 

බෑ.. අපේ ගෙවල් වලින් අපිව තේරුම් ගනීවී.. දැන් ඕවා ගැන හිතන්න එපා.. ඉශාන් මහා ලොකු 

මිනිහෙක් වගේ සාවිට කිව්වේ අදෙරෙන්..

අනේ පණ්ඩිතයා.. අද විතරයි මට ඉන්න වෙන්නේ..හෙට අම්මා ඒවි මාව එක්කන් යන්න.. 

හ්ම්ම්.. ඔයා ගියාම මට පාලු හිතෙයි..

මටත් ඉශූ.. ඔයා මට කතා කරනවා නේද?.. 
සාවි ඇහුවේ ලොකු හුස්මක් පිටකරන ගමන්..
ඔව් මැට්ටියේ.. මං කොහොමද කතා නොකර ඉන්නෙ.. 

ම්ම්ම්ම්. ඉශූ කෝ ඔයාගෙ ෆෝන් එක.. 

ආ..ඒක සර් ලඟ.. එයාටත් කම්මැලියිනේ.. එක තැනම ඉඳගෙන ඉන්නකොට.. fb යන්න කියලා 

දුන්නා..තාම ඉල්ල ගත්තේ නෑ..ඉශාන් කිව්වේ අමුතු හිනාවක් එක්ක..``

ඉශූ.. මං ගියාට පස්ස‍ෙ ඔයා අයියට ෆෝන් එක දුන්නොත්.. හදිස්සියෙ හරි එයා ලඟ තියෙද්දි මං 

කෝල් කරොත් එහෙම... ඉශූ.. මොනව හරි කරන්න වෙනවා.. නැත්නම් අයියා දැනගනීවි.. සාවි 

බයටම හුඟක් කලබල උනා.

ආහ්..මට ඒක මතක් උනේම නෑනේ.. ඊට පස්ස‍ෙ සර් බලයි ඔයා මොකටද මට ගන්නේ කියල‍ා.. 

ඉශාන්ටත් බයක් දැනුනා..

අයියා දැනගත්තාම ඔයාට තියා මටවත් සමාව දෙන එකක් නෑ. ඉශූ..

බය නොවී ඉන්න.. මගේ ලැප් එක සර්ට දෙන්නම්.. එතකොට ෆෝන් එක දෙන්න ඕන නෑනේ..ඉශාන්

 කිව්වේ ඇගේ බිය තුරන් කරන ගමන්.. 

ඉශු අම්මා තාම ආවෙ නෑ නේද.. 

දානේ අරගෙනනේ ගියේ සාවි..ටිකක් පරක්කු වෙයි.පෝය දවසට ඉතින් අම්මා වැඩි හරියක් පන්සලේ

 තමයි..ඉශාන්ගෙ අම්මා පන්සල් ගිහින් හිටියේ.. සිල් ගන්න අයට දවල් දානේ අරගෙන.. 

අපිත් පන්සල් යමු සාවි.. ඉශාන් යෝජනා කරත් සාවි අකමැති උනා.. ඒ එකතැන ඉන්න සොහොයුරා 

නිසා..

මට බෑ ඉශූ.. අයියාව දාලා යන්න.. ඉශූ..ඔයා දැන් යන්න.. අම්මා ආවොත් එහෙම සැක හිතෙයි..ඉශු

 අකමැත්තෙන් වගේ එතනින් යන්න ගියේ දෙතුන් පාරක්ම සාවි ඇයට බල කරපු නිසා.. ඇත්තටම 

ඉශූට ටිකක් බය හිතුනා..සුභාෂ් ලඟ ෆෝන් එක තියෙන එකට.. සාවිගේ නම්බර් එකත් සේව් කරලා 

ඇත්තේ.. දැන්මම ගිහින්

සර්ට ලැප් එක දෙන්න ඕන.. ඉශාන් ලැප් එකත් අරගෙන සුභාෂ්ගෙ කාමරේට ගියා..

සර්..මොකද කරන්නේ.. සුභාෂ් හිටියේ ෆෝන් එකට එබිලා..

මුකුත් නෑ ඉශාන්.එන්න.. සුභාෂ් ෆෝන් එක ඇඳ උඩින් තියලා ඉශාන් දිහා බැලුවා.. ඉශාන් ඇඳේ

 සුභාෂ්ගෙ ලඟින්ම ඉඳගත්තා.

එක තැනම ඉද්දි හරිම කම්මැලියි.මට දැන් නම් එපා වෙලා ඉන්නේ ඉශාන්.. 

ඉක්මනටම අනුරාධපුරේ ගියා නම් හරිනේ.. සර් ඉක්මනට කකුල සනීප කරගන්න පුලුවන් වෙයි.. 

හ්ම්ම්..ඔව් ඉශාන්.. මොකද මේ ලැප් එකත් උස්සගෙන.. සුභාෂ් ඇහුවේ ඉශාන් අතේ තිබුන ලැප් එක

 දැකලා..

ආ..ඔව් සර්.. මේ මට කෝල් එකක් ගන්න ඕනි.. ෆෝන් එක..ටිකක් ගන්න සර් මේක තියාගන්න

 fb යන්න.. ඉශාන් කිව්වේ ටිකක් අදිමදි කරලා..ෆෝන් එක ඔහුගේ උනත් ඉල්ලන්න හිත දුන්නේ 

නෑ.ඒත් සාවි කියපු දේ නිසා ඉශාන්ගෙ හිත ගැස්සිලා තිබුණේ.. හිතේ තිබුන බය නිසාම ෆෝන් එක

 ඉලලුවා..

ආ..ඉශාන්.. කමක් නෑ ලමයෝ.. අරගන්න ෆෝන් එක.. සුභාෂ්ගෙන් ෆෝන් එකත් අරගෙන ඉශාන්

 එයාගේ කාමරේට ගියා.. 

*********************
තවත් දවසක ආරම්භයත් රැගෙන ළහිරු රැස් කිරණ මිහිකත සිප ගනිද්දි විහඟ ගී නද දසත පැතිරුණේ

 තුරුණු සිත් වලට නැවුම් හැඟීම් එක් කරමින්. උදේම පිබිදුන සාවින්දි තම ඇඳුම් ලෑස්ති කර ගත්තා.. 

තව ටිකකින් අම්මා ඒවි.. අදින් නිවාඩු ඉවරයිනේ..කෙල්ලගේ හිතට දුකක් මෝදු උනේ තම 

සොහොයුරාගෙන් වගේම ඉශාන්ගෙන් ඈත් වෙන්න වෙන නිසා.. සාවින්දි ඇඟත් සෝදගෙන අලුත්

 ඇඳුමකුත් ඇඳගෙන සුභාෂ්ගෙ කාමරේට ගියා.. ඔහු හිටියේ නිදාගෙන.

අයියේ.. සුභාෂ්ගෙ ඉහ ඉද්දරින් වාඩි වෙලා ඔලුවට අත තියලා ඇය කතා කලා.. 

පොඩ්ඩි.. 

අයියා.. අද අම්මා එනවා. මට යන්න වෙනවා..

ඉතින් පොඩ්ඩි මොකද මේ දුකින්.. ඔයා මෙහෙට වෙලා ඉඳල හරියනවද.. ඉස්කෝලේ යන්නේ නැද්ද.. 
ඔහු පැවසුවේ තරවටු හඩින්.. අමාරුවෙන් ඉහලට ඇදිලා ඇඳ විට්ටමට හේත්තු වුනු සුභාෂ් තම 

නැගණියගේ කරට අතක් දාලා ඇඟට හේත්තු කරගත්තා..

නිවාඩු දවසකට ඇවිත් මාව බලල යන්න.. ඒත් පාඩම් මග ඇරෙනවට මං කැමති නෑ නංගි.. 

හ්ම්ම්.. මුකුත්ම නොකියා සාවින්දි ඇස්පියාගෙන සුභාෂ්ට තුරුලු වෙලා හිටියා..

නංගි..දැන් ගිහින් මට තේ එකක් අරගෙන එන්නකෝ.. සුභාෂ් සාවින්දිව පිටත් කරලා ලැප් එක අරගෙන 

උදෙන්ම fb එකට ගියා.. පහන්‍යාට මැසේජ් එකකුත් දාලා ඇගේ ප්‍රොෆයිල් එකේ දිස්වෙන ඇගේ සුන්දර

 ඡායාරූපය අරගෙන ඒක දිහා බලාගෙන හිටියා..

දවස ටික ටික ගෙවීගෙන යද්දී සාවින්දිගේ අම්මා ඉශාන්ලගෙ ගෙදරට ආවා.. කට්ටිය කතා කරගත්තේ 

අනුරාධපුර ගමන ගැන.

වෑන් එකකම ගියා නම් හොදයි නේද මිසිස් සුබසිංහ..

ඉශාන්ගෙ තාත්තා යෝජනා කලා.. 

ඔව් නේද නංගි.. හොරිවිලටම යන්නත් ඕනිනේ.. 

කට්ටියම යමු ඉතින් වෑන් එකක.. හුඟ දවසකින් අපිත් ට්‍රිප් එකක්වත් ගියේ නෑනේ තාත්තා.. ඉශාන්

 කතාවට හවුල් උනා.. 

එහෙනම් එහෙම කරමු.. පුතාත් කැමති වෙයි ඒකට.. බෝධියට ගිහින් බාරයක් වෙන්නත් පුළුවන් මට.

 සුභාෂ්ගෙ අම්මත් කැමති උනා.. 

එහෙනම් ඉතින් ලබන සතියේ සෙනසුරාදා කට්ටියම ලෑස්ති වෙන්න . මේක කල් අරින්න බෑ තවත්..

 පහු වෙන්න වෙන්න මේ දරුවට හොද නෑ.. නිකම් අසනීපයක් නෙවෙයිනේ.. කකුලෙ අස්ථියක් 

බිඳිලානේ.. ඉශාන්ගෙ අම්මා කිව්වේ බැරෑරුම් විදියට.. හැමෝම කතා බහ කරගෙන තීරණය කලා 

යන දවස.. 
සුභාෂුත් කැමති උනා හැමෝම යන එකට.. සුභාෂ්ට පහන්‍යාව මතක් උනා..`` ඔයත් ආව නම් යන්න'

' සුභාෂ් එහෙම හිතුවා.

පුතා.. ඔයා ඔහොම ඉන්නව බලන් ඉන්න මට බෑ.. ඉක්මනට ඔයාව සනීප කරගන්නවා... සුභාෂ්ගෙ

 ඔලුව අතගාලා අම්මා කිව්වේ වේදනාවෙන්.. අම්මගෙ ඇස්වලින් වැටුණු කඳුලු සුභාෂ්ට එක් කලෙත් 

වේදනාවක්...

මතු සම්බන්ධයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු වන්ශේට් අයියාට මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් 

ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න. කැමති නම් ඔයාලගේ පොටෝ අපිට දෙන්න.

හෙට කොටස සදූ අක්කීගෙන්.
අද කොටස අකුරු ගැන්වු මම 

හිරු '.




දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:28 PM
  •  Quote
  •  Reply


දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:31 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

දහනමවන කොටස.

සාවින්දි යන්න සුදාන්මි වී සිටියත් හිත තුළ තිබුනේ ලොකු දුකක් . සාවින්දිට ගෙදර යන්න හිත දුන්නෙම 

නෑ. ඒක නිසාම සාවින්දී කා එක්කවත් කතා කළේ නෑ. මිදුලේ අඹ ගහ යට තිබුණු බංකුවේ ඉදගෙන 

තනියෙම කල්පනා කරන්න වුණා.

‘‘සාවී...‘‘ සාවින්දී දුකින් ඉන්න බව දැකපු ඉශාන් සාවින්දී ලගට ඇවිත් බංකුවේ කොණක ඉද ගත්තා.

ඉශාන්ගේ පැමිණමෙන් ගැස්සුණු සාවින්දී ඉක්මණටම වට පිට බැලුවා.

‘‘මොනවද සාවීයෝ බලන්නේ.‘‘

‘‘අනේ ඉශු ඔයාලගේ තාත්තත් ගෙදරනේ. ඔයා මගේ ළග ඉන්නවා දැක්කොත් සැක හිතයි.‘‘ සාවින්දී 

බංකුවෙන් නැගිටිමින් කිව්වා.

‘‘මේක මාර වැඩක්නේ මගේ සාවී අක්කා එක්ක කතා කරන්නත් මට නිදහසක් නැද්ද? මෙන්න 

මෙහෙන් වාඩි වෙනවා පණ්ඩිත නොවී.‘‘ ඉශාන් සාවින්දිගේ අතෙන් ඇදලා වාඩි කර ගත්තා.

‘‘කෝ අතාරින්නකෝ ඉශු.‘‘
‘‘බෑ.... සාවී.‘‘ සාවින්දී අත නිදහස් කර ගන්න උත්සහා කරද්දී ඉශාන් තවත් අත තද කරලා අල්ල 

ගත්තා.

‘‘හ්ම්ම්. ‘‘

‘‘අතාරින්න නෙමේ ළමයෝ මම අල්ල ගත්තේ‘‘

‘‘ඒක මම දන්නවා මගේ ඉශු. ඒ දැන් අතාරින්න හොද ළමයා වගේ.‘‘ ලස්සන හිනාවකුත් එක්ක

 සාවින්දී දිහා බලපු ඉශාන් සිවින්දිගේ අත ඇතෑරියා.

‘‘මේ සාවී.‘‘ 

‘‘ඒ පාර මොකෝ.‘‘ ඉශාන් ආයෙත් සාවින්දිගේ මූනට එබෙද්දී සාවින්දී ඇහුවා.

‘‘මේ සෙනසුරාදා අයියාගේ... නෑ ..නෑ සර් ගේ කකුලට බෙහෙත් අහන්න අනුරාධපුරේ

 යනවලු.‘‘

‘‘ඉතිං‘‘

‘‘ඉතිං කියන්නේ ළමයෝ සේරමලා වෑන් එකකලු යන්නේ.‘‘

‘‘නියමයි. නියමයි.. ඒ කියන්නේ මට ලබන සතියෙත් ඔයාව දකින්න පුළුවන්.‘‘ සාවින්දී සතුටින්

 ඉපිලී ගියේ ඒ දවස ගැන සිහින මවමින්.

‘‘කෙල්ලට සතුටුයි වගේ සෑහෙන්න. මාව නොදැක ඉන්නම බෑ වගේ නේද?‘‘ ඉශාන් සාවින්දිගේ 

ඇස් දෙක දිහා ආදරෙන බලාගෙනම කිව්වා .

‘‘ඇයි ඔයාට මාව දකින්න ඕනේ නැද්ද?.‘‘ සාවීගේ මුණ චුට්ටක් විතර ඇඹුල් වෙලා යද්දී ඉශාන්ට

 තවත් හිනා ආවා.

‘‘පිස්සු කෙල්ල මුණ ඇඹුල් කර ගත්තේ මොකද?. මටත් ඔයා නොදැක ඉන්න බෑ සාවී. ‘‘

‘‘හ්ම්ම්..‘‘

‘‘මම මේ කියන්න ගියේ අපි ඒ සතුට සර්ටත් දෙමු කියලා‘‘

‘‘ඒ කොහොමද? සවින්දිට සුභාශ් ගැන කිද්දී දැනුනේ බයක්.ඒ නිසාම සිවින්දගේ සිත 

තිගැස්සිලා ගියා.

‘‘අක්කා මලෝ දෙන්නා හොදට එකතුයි නේද?‘‘ නිවෙස් බලා යන්න සිතාගෙන ඉශාන්ගේ අම්මා 

සමග කතා කරමින් නිවසින් එළිය ආපු සාවින්දිගේ අම්මා කිව්වේ, අඹ ගහ යට ලොකු කතාවක 

ඉන්න ඉශානුයි සාවින්දිවයි පෙන්නමින්.

‘‘අනේ ඔව් මිසිස් සුභසිංහ සාවින්දී දුවත් අපේ පුතාගෙම සහෝදරියක් වගේ. දෙන්නා එකටමයි 

මේ දවස් දෙක හිටියේ. හරිම යාළුයි.‘‘ ඉශාන්ගේ තාත්තා කතාවට හවුල් වුණේ සිණාසෙමින්.

‘‘දු යමු නේද?.‘‘ අම්මාගේ කට හදත් එක්ක බංකුවෙන් නැගිට ගත්තු සාවින්දී දුවගෙන ආවා.

 සාවින්දට ලොකු බයක් දැනුනත් ඇය සුපුරුදු විදියට හැසිරුණා.

..........................................................................................

‘‘ආව් ආව්.... කෙල්ල මෙතන .. හිත අර හැන්ඩියා ළග‘‘. අපනශාලාවේ කොනක වු මේසයක් 

ළග වාඩී වුණ පහන්යා ගෙදරින් අරන් ආපු බත් එක අනමින් ලොකු කල්පනාවක ඉන්නවා

 දැක්කම දෙව්මි විහිළු කරන්න ගත්තා.

‘‘මොන හැන්ඩියෙක්ද?‘‘ කල්පනාව නවත්තලා අන අනා හිටපු බත් කට කන ගමන් පහන්යා 

ඇහුවේ බොරු තරහකුත් මවාගෙන.

‘‘මෙයා දන්නෙම නෑ.. අනේ බොරුවට අපි රවට්ටනේ නැතුව ඉන්න අක්කී.‘‘

‘‘මොකටද රවට්ටන්නේ. සුභාශ් මගේ යාළුවෙක් විතරයි. ඔයා හිතන දෙයක් එතන නෑ.‘‘ 

‘‘ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට‘‘

‘‘ඇයි.‘‘ පහන්යා ඇහුවේ දෙව්මි දිහා රවලා බලාගෙන.

‘‘මම දැන් හැන්ඩියා කිව්වට නමක් කිව්වද?.‘‘ පහන්යට එතකට තමයි තේරුණේ වැඩේ කැවුණා 

නේද? කියලා. පහන්යා බත් එක දිහා බලාගෙන තනියෙම හිනා වුණා.

‘‘මොකද අක්කී තනියෙන් හිනාවෙන්නේ. ඇ ඇ.‘‘

‘‘මොකුත් නෑ බං.‘‘ පහන්යා හිනාව තද කරන් කිව්වා.

‘‘ඇත්තටම පහන්යා අක්කේ . ඔයා සුභාශ් අයියට ආදරෙයි නේද?.‘‘ දෙව්මිගේ විමසුමට පහන්යා

 හිනා වුණා විතරයි. ඇත්තටම මම සුභාශ් අයියට ආදරෙයි මම හිතන්නේ. එයත් මට ආදරේ ඇති. 

එයා යාළුකමින් එහා මාත් එක්ක කතා කරන්නේ නැහැනේ මම කොහොමද මගේ හිතට දැනෙන 

දේවල් එයාට කියන්නේ. හැබැයි දැන් ඔයාට මන් නැතුවම බෑ කියලා නම් මම දන්නවා. 

පහනයගේ දුරකථනය නද දෙන්න වුණ නිසා ඇයගේ කල්පනාව බිදිලා ගියා.

‘‘ ඒ බං මාර වැඩේ.‘‘පහන්යා පුදුමයෙන් දෙව්මී දිහා බලලා කිව්වා.

‘‘ඇයි. කවුද කෝල් කරන්නේ.‘‘

‘‘සාවී‘‘

‘‘සාවී.. නෑනා පොඩ්ඩනේ. කතා කරලා බලන්න.‘‘ දෙව්මී තවත් සරදම් කරන්න වුණා. ඒත් 

පහන්යගේ හිතට දැනුනේ බයක්, ඉශාන් මොනවා හරි කියලද කියලා.

‘‘මොකද බය වෙලා. ඕක ආන්සර් කරන්න. පොඩි මස්සිනා කියන්න ඇති ලොකු නෑනා එක්ක

 කතා කරලා පොඩ්ඩක් ශේප් කරලා තියා ගන්න කියලා.‘‘

‘‘ඔබට නම් පිස්සු බං.‘‘ බයේ ඉන්න වෙලේ විකාර කියවනවා කියලා පහන්යට දෙව්මී එක්ක 

ඇති වුණේ තරහක්. ඇමතුමට සවන් දුන් පහන්යා. බත් පාර්සල් එක එහෙන්මම අකුලලා විසි

 කරලා අත සෝද ගන්න ගියා.

‘‘අක්කී‘‘

‘‘ආ.. සාවී ඇයි හදිස්සියෙම.‘‘

‘‘හදිස්සියක් නෑ අක්කී. ඔයාට ඉතින් මාව මතක නෑනේ.‘‘

‘‘අනේ නෑ සාවී. දැනුත් මම මේ ඉන්නේ ඔපිස් එකේ.‘‘ පෝන් එක උරහිසින් කණට තද කරගෙන

 පහන්යා අත් දෙක සෝදන ගමන් කිව්වා.

‘‘ හරි හරි අක්කී. මම විශේෂ දෙයක් කියන්න ගත්තේ.‘‘

සාවින්දිත් පහන්යත් ටික වෙලාවක් එක දිගට කතා කරන් ගියා. දෙන්නගේ කතා බහෙන් පස්සේ 

සාවින්දී අම්මා ළගට දුවගෙන ගියේ උඩ පැන පැන.

‘‘ මොකද ළමයෝ ඔය යට ගවුම පිටින් තාම. මොකද ඔය තරම් සතුටින්.‘‘ සාවින්දි හිටියේ හිටියේ

 ස්කොලේ ඇරිලා ඇවිත් තිබුණ මහන්සියයි දාඩියයි මැකෙන්න කියලා හිතාගෙන සුදු ගවුම ගලවලා

 දාලා යට ගවුම පිටින්.

‘‘අම්මී උදව්වක් ඕනේ.‘‘ සාවින්දී වැරැන්ඩාවේ පුටුවක වාඩි වෙලා හිටිය අම්මාගේ ගෙල වටා දෑත්

 යවලා තුරුල් කර ගනිමින් කිව්වා.

‘‘උව්වක් කරන්න බැරියෑ . වොස් එකක් දාලා ඇදුමක් ඇදන් එන්න. ‘‘

‘‘මේ ගේ වටේ තාප්ප ගහලා තියෙද්දී කාටවත් පේන්නේ නෑනේ.‘‘ සාවින්දී තවත් කටකාර වුණා.

‘‘පේනවා නේද මහත්තයා ඔයාගේ දු පොඩ්ඩගේ හැටි. ගෑනු ළමෙක් වුණාම ලැජ්ජාවක් බයක් 

තියෙන්න ඕනේ. කොට ගවුම් කෑල්ලකුත් ඇදගන.චී ලැජ්ජ නැත්ත දු අප්පච්චිත් ඉන්නවා.‘‘

‘‘බලන්නකෝ අප්පච්චී. ඒ මගේ අප්පච්චිනේ.‘‘ සාවින්දී හාන්සි පුටුවේ හාන්සි වෙලා හිටිය 

සාවින්දිගේ අප්පච්චිට කිට්ටු වෙමින් කිව්වා.

‘‘අනේ මක් වෙනවද තාම පොඩි එකීනේ.‘‘

‘‘ඒක තමයි අප්පච්චී‘‘ සාවින්දී හාන්සී පුටුවේ ඇන්ද මත හිද ගනිමින් පැවසුවා.

‘‘ඔයා තමා මහත්තයා මෙයයි අපේ ලොකුයි දෙන්නවම හුරතල් කරන්නේ. බලන්නකෝ ලොකු

 අරහේ පිරිසිදු සමාජ හදන්න ගිහින් කකුලක් කඩාන දැන් ඇවිදින්නත් බෑ.‘‘ සාවින්දිගේ අම්මා 

එක දිගට කියවගෙන ගියා.

‘‘හෝව් හෝව් හෝව්... මම ගියාම දෙන්නා කියව ගන්නවද ඔය කතාව මගේ කන් දෙකත් 

රිදෙනවා.‘‘ පුටු ඇන්දෙන් බිමට පැන්න සාවින්දී කන්දෙකේ ඇගිලි ගහගෙන කියන්න ගත්තා.

‘‘ඇත්ත කියද්දී අහන් ඉන්න බෑ . අප්පච්චිටයි දුටයි දෙන්නටම.‘‘ සාවින්දිගේ අම්මා රවලා බලමින් 

කිව්වා.

‘‘මම මේ කියන්න ආවේ. මේ සෙනසුරාදා අනුරාධපුර ගමනට මගේ යාළුවෙක් එනවා කියලා

 කියන්න.‘‘

‘‘පිස්සුද දු මේක ට්රි්ප් එකක් නෙමෙයි. අයියට බෙහෙත් ගේන්න යන්නේ.‘‘ සාවින්දිගේ අම්මට 

ඇත්තටම කේන්ති ආවා.

‘‘ හරි හරි අම්මේ. ඒත් ශ්රීත මහ බෝධියට යනවා කිව්වනේ. අපිට විභාගෙට භාර වෙන්න පුළුවන්නේ 

ඒකයි.‘ සාවින්දි කපටි උත්තරයක් දීලා අම්මවා කැමති කර ගත්තා. දැන් සාවින්දි නොයිවසිල්ලෙන්

 බලන් ඉන්නේ සෙනසුරාදා වෙනකන්.

..........................................................................................
සුභාශ්ට ඇදටම වෙලා ඉන්න දැනුනේ ලොකු පාළුවක් කම්මැලි කමක්. ඒක නිසාම සුභාශ් නිතරම 

වගේ ඉශාන් දුන්න ලැප් එකෙන් අන්තර්ජාලයට පිසිලා කරගෙන ආපු බ්ලොග් වල වැඩ කරන් ගියා .

 තමන්ට වුණ අනතුරුත් එක්ක හෙලි කරපු සමාජ අසාධාරණය ගැන හුගක් අය අදහස් දාලා තියෙද්දී

 සුභාශ්ට ඇත්තටම දැනුනේ සතුටක්. සුභාෂ් ඒ අදහස් වලට පිළිතුරු සපයන්නත් නොපසුබට වුණේ නෑ.

 නිතරම වගේ පහන්යා ඔන් ලයින් ඉන්නවද බලන්නත් සුභාෂ් අමතක කලේ නෑ. ඇත්තට මොන වැඩ

 කළත් සුභාශ් හිටියේ පහන්යා කොයි වෙලේ ඔන් ලයින් එන්නේ කියලා මග බලාගෙන.

එතකොටම තමා දැක්කේ පහන්යා පනිවිඩයක් එවලා තියෙනවා.

‘‘කොහොමද සුභාශ් සර්.‘‘

‘‘ඒ පාර මොකද මට සර් කියන්න තියා ගත්තේ.‘‘ සුභාශ් ඉක්මනටම පිළිතුර සටහන් කළා.

‘‘ඔයා සර්නේ ඉතින්. ශාෂී ඔයාට තෑක්ස් කරන්න කිව්වා.‘‘

‘‘ආ ශෂිනි කියන්නේ ඔයාගේ යාළුවෙක්ද? මම දැනන් හිටියේ නෑ. එයාගේ ප්ර ශ්නෙට උත්තර යැව්වා. 

සොරි කියන්න පරක්කු වුණාට. එයා ඒ උව්ව ඉල්ලා තිබුණේ මම ඇස්සිඩෙන්ට් වෙන්නත් කලින්.‘‘ දිග

 පණිවිඩය සටහන් කරලා අවසන් කරපු සුභාශ් ලොකු සුසුමක් හෙලුවා. මේ ඇස්සිඩෙන්ට් එක වුණේ 

නැත්තම් පහන්යා තාමත් මෙහේ නේද කියලා සුභාශ්ට වෙලාවකට හිතුණා. එහෙනම් මේ කුඩුකාරයෝ 

අල්ල ගන්න මටත් උදව් වෙන්න තිබුණා.

‘‘ඔව් ඔව් . ඔයාට මතක නැද්ද? අපිත් එක්ක ට්රි ප් එක ඇවිත් හිටියා අර ටිකක් මහත ගෑනු ළමයා.‘‘

‘‘ආ ඔව් දැන් මතකයි.‘‘

‘‘ඉතින් කොහොමද ? බොර්රිංද?‘‘

‘‘ඔව්. හුගක් .. ඔයා දන්නවද සෙනසුරාද අපි අනුරාධපුරේ යනවා.‘‘

‘‘එහෙමද? ..‘‘

‘‘හ්ම්ම්‘‘ සුභාශ්ට අනේ ඔයත් එන්නකෝ පහන්යා කියලා කියන්න ඕනේ වුණත් ඒක කියන්න ශක්තියක්

 තිබුණේ නෑ. ආයිත් හිතුණා වැඩි දේවල් කියන්න ගිහින් පහන්යා එක්ක තියෙන යාළු කමත් නැති වෙයි 

කියලා.

‘‘සුභාශ් කොල් කරන්න විදියක් නැද්ද?.‘‘

‘‘ඇයි‘‘

‘‘නිකන් ‘‘ පහන්යට ඕනේ වුනේ සුභාශ්ගේ කට හඩ අහන්න. ඒත් ඒක සුභාශ් එක්ක කියන්න පහන්යා 

බය වුණා.

‘‘මම ඉශාන්ගෙන් හෙඩ් සෙට් එක ඉල්ලන් පස්සේ වෙලාවක ගන්නම්.‘‘ සුභාශ්ටත් පහන්යගේ කටහඩ 

අහන්න ලොකු ආසාවක් තිබුණ නිසාම ඉශාන්ට තවත් කරදර කරන්න හිත හදා ගත්තා.

‘‘ඔයාගේ පොන් එක කැඩුණු එක පාඩුයි නේද?.‘‘

‘‘ඔව් ඒක ආයි හදන්නත් බෑ. කුඩු. ඔයා රික්වෙස්ට් එක කම්පම් කරලා තියෙන බව බල බල යද්දී 

හැප්පුනේ.‘‘ කතාවෙන් කතාවේ සුභාශ්ට ඇත්තම කියවුණා.

‘‘මොකක්. ඒ කියන්නේ ඔයා මම නිසාද ඇස්සිඩෙන්ට් වුණේ. පහන්යට ඇත්තටම දුක හිතුණා.

‘‘නෑ නෑ. ඔයා දන්නවනේ ඒක අහම්බෙන් වුණ දෙයක් නෙමේ. අර කුඩු කාරයන්ගේ වැඩක්.‘‘

‘‘හ්ම්ම්.. .‘‘පහන්යා දුකින් ඉන්න මුහුණක පින්තුරයක් සුභාශ්ට එව්වා.

‘‘දුක් වෙන්න එපා.‘‘

‘‘සර්‘‘

‘‘ඇයි ඉශාන්‘‘ සුභාශ් ඉක පාරටම ලැප් එක අකුලද්දී ඉශාන්ට හිනා ගියා.

‘‘අයියෝ සොරි සොරි සර්. මම වැරදි වෙලාවකනේ ඇවිත් තියෙන්නේ. මම යනවෝ.‘‘ ඉශාන් ආපහු 

යන්න හැරුණා.

‘‘ඉශාන් මෙහේ එනවා. සුභාශ්ගේ පාසලේ කතා කරන භාෂාව ඇහෙද්දී ඉශාන්ට දැනුනේ පුදුම සතුටක්

. ඉශාන් ඇත්තටම සුභාශ් එයාට සැර වෙනවට ආස වුණා.

‘‘ඇයි ඉශාන් කදුළු.‘‘

‘‘මොකුත් නෑ සර්. ඉශාන් යන්තන් තෙත් වුන දෑස් පිසදාමා අමාරුවෙන් හිනා වුණා. සුභාශ්ට ඇයි 

කියලා තේරුණ නිසා ම සුභාශ්ටත් ඇත්තටම දුක හිතුණා. ඇත්තටම මාර සංවේදී කොල්ලෙක් කටකාර

 කමට කියෙව්වට.

‘‘ඉශාන් මට හෑන්ඩ් සෙට් එක දෙනවද?.‘‘

ආ.. හරි සර් ඉන්න මම ගේන්නම්. කරන්න යන දේ තේරුනත් ඉශාන් සුභාශ්ට තවත් විහිළු කලේ නෑ.

‘‘ ඉශාන් . ස්කෝලේ ගියේ නෑ නේද මම ඇස්සිඩෙන්ට් වුණ දා ඉදන්ම.‘‘

‘‘කමක් නෑ සර්. සර්ට හොද වුණාම සර් එක්කම යනවා.‘‘

‘‘පිස්සුද ඉශාන් තව විභාගෙට මාස කීයද? අපරාදේ අද ඉස්කොලේ යන්න තිබුණේ ඔයාට. හුගක් පාඩු

 වෙලා ඇති.‘‘ සුභාශ් බැරෑරුම් විදියට කිව්වා.

‘‘අයියෝ හිතන්න එපා සර්. මම වැඩ්ඩනේ.‘‘ ඉශාන් දගකාර විදියට කිව්වේ ඇදන් හිටපු බැනියමේ කර

 අත ගාමින්.

‘‘හෙට ඉදන් ඉස්කොලේ යන්න ඉශාන් . තේරුණාද?.‘‘

‘‘ එතකොට සර්ව බලා ගන්නේ කවුද?.‘‘

‘‘මම බලාගෙන ඉදලා හරියනවද ළමයෝ. මම අපේ නංගිව ගෙන්න ගන්නම්. එයාට තව විභාගෙට 

මාස දහයක් විතර තියෙනේ. ඔයාට තව මාස කියද?‘‘

ඉශාන්ට උඩ පැන පැන නටන්න හිතුණා. සුභාශ්ව අල්ලගෙන මිරිකන්න හිතුණා. මගේ සාවී එක්ක

 එනවලු. එහෙනම් මම කොහොමවත් ස්කෝලේ යන්නේ නෑ. මගේ සාවී දාලා මම කොහේ යන්නද?.

 ඉබ්බා දියට දැම්මම ඇන්නාවේ කිව්වලු.

‘‘ඉශාන් අහන්ද ඉන්නේ .හෙට ඉදන් ආයි ස්කෝලේ යන්න ඕනේ හරිද?.‘‘

‘‘හරි සර්.‘‘ මගේ සාවී ගෙනත් දෙනවා නම් ඕනේ දෙයක් කරන්නම්කෝ කියලා කියන්න ඉශාන්ගේ

 හිත කිවුවත්. මේ සාවිගේ අයියා නේද?. මගේ මස්සිනා.. හිහි මගේ සර් මාව පට්ට ගහයි. ඉශාන් 

තනියෙම කල්පනා කලා.

මතු සම්බන්ධයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු Krish Banz අයියාට
මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න. කැමති 

නම් ඔයාලගේ පොටෝ අපිට දෙන්න.
හෙට කොටස සොනාලී අක්කා  ගෙන්
අද කොටස අකුරු ගැන්වු මම 

සදුනි කාංචනා.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:36 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:39 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුුල.


20- වන කොටස.


පහුවෙනිදා උදේම ඉෂාන් පාසල් ගියත් හිත නම් තිබුනේ ගෙදර...කොයි මොහොතේ තමන්ගේ 

සිත කැළඹූ රැවැත්තිය තම නිවසට ඒවිදැයි හිත දෙගිඩියාවෙන් පසු වුනා....ඒ නිසාම ඔහුට තමන්ගේ

 අධ්‍යාපන කටයුතු වෙත නිසි පරිදි ඒකාග්‍රගතවූ මනසක් යොමු කරන්න නොහැකි වුනා...

තම සිත තුල සක්මන් කල කුලුදුල් ආදරය මේ තරම් පෙරලියක් සිදු කරාවි යැයි ඔහු මොහොතකටවත්

 නොසිතුවේය ..

"ඉෂාන්.... මං මෙච්චර වෙලා ඉගැන්නුවේ මොනව ගැනද....?" ඉංග්‍රීසි ගුරැතුමා විචාල පැනයෙන්

 ඉෂාන්ගේ සිහින ආලකමන්දාව සුනු විසුනු විය...

හැකි ඉක්මනින් ඔහු තම පෙලපොත බලද්දි එහි පෙරලි තිබුනේ ව්‍යාකරණ කොටසකි...

"පැසිව් වොයිස් ගැන...සර්....."

ගුරැතුමාගේ දෑස් විශ්මයෙන් පුලුල් වෙද්දි පන්තිය පුරා සිනා හඩ කෙමෙන් උත්සන්න විය..

"යනවා පොත අරන් පන්තියෙන් එළියට ...මෙච්චර දවසක් එන්නැතුව ඉදලා ආව වෙලේවත් පාඩම 

අහන් ඉන්නෑ...."

පන්තියේ සිසුන්ගේ ඉඟි බිඟි මැද ඉෂාන් පන්තියෙන් එළියට ගියේය....නමුත් ඒ කිසිවක් ඔහුගේ කල්පනා

 දැහැන බිදීමට තරම් දකෂ නොවීය...මුලු දවස පුරා තමන්ගේ සාවිය කෙරෙහි රැන්දු සිත් ඇති ඉෂාන් 

පාසල් නිම වීමේ සීනුවත් සමග එළියට පැන ගත්තේ ඒ සොදුරැ යෞවනිය සිත් පුරා දැක ගැන්මේ 

නොනිමි ආශාව සහිතවයි...

"ඉෂාන් මට හෙඩ් ෆෝන් එක දෙන්නකෝ..".

"හා ..සර්....මේ...සාවි ....අද ආවද...."

"ආ නෑ...එයා හෙට එයි....අද එයාට වැඩ වගයක් තියෙනවා කිව්වා..."

මැලවුන මුහුනින් යුතු ඉෂාන් හෙඩ් ෆෝනය සුභාෂ් වෙත දී හැකි ඉක්මනින් කාමරයෙන් පිට විය...

නමුත් ආපසු හැරෙද්දිම ඔහුට දැක ගත හැකි වූයේ සාවි තම නෙත් ඉදිරියේ සිටින අයුරැයි..තම නෙත්

 අදහාගන්න නොහැකිවා සේ ඔහු තම අත කොනිත්තා ගත්තේය .

"මොකද අමුතු සතෙක් දැක්කා වගේ බලන්නේ..." ලැජ්ජාවෙන් සාවී පැවසුවේ තම දෙනෙත් ඉෂුගේ 

තරැ දෑස් මත රදවමිනි...

"අයියා කිව්වානේ හෙට එන්නේ කියලා...."

"ඇයි ඉතින් මං ආව එක නරකද...?"

"අම්මේ ....මොන නරකක්ද මං පිස්සු හැදිලා හිටියේ...කොයි මොහොතේ දකින්නද කියලා..."

එකෙනෙහිම ඉෂුගේ උකුසු ඇස ඈත කෙලවර යමක් වෙත යොමු විය...

"ඇයි ඉෂූ....."

"ඔයා පොඩ්ඩක් මෙහෙම්ම ඉන්න..."යැයි පැවසූ ඉෂාන් පසුසස දොරින් පිටවී ගොස් ගසක් පිටුපස

 සැගවී ඔත්තු බැලූ පුද්ගලයෙකු වෙත පැන පොර බදනවා ජනේලයෙන් සාවි දුටුවාය...

භීතිය නිසාම කෑගැසීමටවත් නොහැකි වුනු ඈ උන් තැනම ගල්වී ගියාය....

ඉෂාන් සමග පොර බදා ඔහුව ඉවතට තල්ලු කල දාමරිකයා අසල නවතා තිබූ බයික් එක පණ ගන්වා

 ගියේ දූහුවිලි වලාවක් වාතලයට මුසු කරමිනි..

නිවැසියන් බියවේ යන සිතුවිල්ල නිසා කිසිවක් නොපැවසූ පෙම්වතුන් දෙදෙනා සුපුරැදු පරිදි කාලය

 ගත කරන්නට විය...මේ අතරේ ඔවුන් දෙදෙනා කතිකා කරගත්තේ කෙලෙසක හෝ පහන්‍යාව 

මෙම ගමනට එකතු කරගෙන පෙම්වතුන් දෙදෙනාට නැවතත් එකතු වීමේ අවස්තාවක් ලබා දීමටයි..

සැළසුමේ පරිදි පහන්‍යාව ගැනීමට ඇගේ නිවස ආසන්නයට වෑන් රථය එනතුරැත් කිසිවෙක් සාවිගේ

 මිතුරිය ඇය යැයි විශ්වාස කලේ නැත....

පහන්‍යා දුටු මොහොතේ සුභාෂ්ගේ දෙනෙත් පෙම්වත් වූයේ නිරැදක කතරක අතරමන් වූවෙකු හට 

වතුර පොදක් ලැබුනාක් මෙන්ය...එය දුටු ඉෂූ සාවිට දෑසින් ඉඟි කලේය....

"පහන්‍යා එන්න පිටිපස්සේ ෂීට් එකට...."සාවි ඇයව තමා ආසන්නයට කැදවා ගත්තේ කිසිවෙකුට

 සැක නොසිතෙන්නටය...

ගමන් ආරම්භ කල වෑන් රථය නැවතත් නතර වූයේ අධික වේගයෙන් තිරිංග තද කළ හෙයිනි....

සිදුවූයේ කුමක්දැයි සෙවීමට සියල්ලෝ වීදුරැ වලින් හිස් පිටට යොමා බැලුවෝය...

තමන්ට ඉදිරියේ සිටින පුද්ගලයා දුටු පහන්‍යාගේ දෙනෙත් භීතියෙන් ඇළලී ගියාය..

"ආ නඩේම වන්දනා ගමනක් යන්න වගේ...."ඒ විජේය....

ඔහුටඋදව්වට තවත් අයෙක් ඒ අසලට පැමිණෙද්දි පහන්‍යා බියපත්ව සුභාෂ්ගේ දෑත තදින් තම 

දෑගිලි වලින් පටලවා ගත්තාය...

"තාම නැවැත්තුවේ නෑනේ....මහත්තයා කැමතිද තව කකුලකුයි අතකුයි වෙද මහත්තයාට කියලා 

අතගාව ගන්න....වන්දනාව ගිහින් එන්නකෝ අපි හම්බෙමු ඊට පස්සේ......මේ විජේ ආයේ නොකිව්වා

 කියන්න එපා...ඔබතුමාට යහතින් ඉන්න මං දෙන අවසාන අවවාදය මේක....එහෙනම් අපි කැපුනා...."

 සුභාෂ්ට තර්ජනය කල විජේ තම සගයන් සමග ආපසු ගියේ පවනට බදු වේගයෙනි...

විනාඩි කිහිපයක් ගතවනතුරු කිසිවෙකුට පියවි සිහිය එළඹ ගතනොහැකි වුයේ සියල්ලෝම මරණ 

බියෙන් තැති ගෙන සිටි නිසාවෙනි..

"අපි යමු ගමන..." පියවි සිහිය ලද සැනින් ඉෂාන්ගේ පියා පැවසුවේය ...

පෙම්වතුන් අතර පවා බැල්මක් හෝ හුවමාරැ නොවුනේ ඔවුන් කම්පනයට පත්ව සිටි හෙයිනි...

වෙද මැදුරට පැමිණෙන විට සවස් වී තිබුන හෙයින් වෙද මහත්තයා ප්‍රතිකාර නොපමාව ආරම්භ 

කලේය...පළමුව බෙහෙත් තෙල් ගෙන අදාළ ස්ථානය සම්භාහනයට පටන්ගත්තේය....

"ආ....ආ...අම්...මෝ...මහත්ත...යා....රිදෙනවා....අනේ...."පිරිමියෙකු වුවත් දෙනෙතින් කදුලු 

වැගිරෙන්නට විය...තව දුරටත් තම පෙම්වතාගේ වේදනාව දරාගත නුහුණු පහන්‍යා සුභාෂ් අසළටම 

ගියාය.....ඇගේ දෙනෙතේ වූ කදුලු තවදුරටත් සගවා සිටින්නට නොහැකි වු තැන ඇය ඒවා තම 

කොපුල් පුරා නිදහසේ මුදා හැරියාය...

.......

අද කතාවට කවර් ෆොටෝ එකට ෆෝටෝ එක ලබා දුන් ජීවන්ත මල්ලිට විශේෂ ස්තුතිය පිරිනමනවා......
හෙට කොටස සදූ නංගිගෙන්
කතාවේ අද කොටස ඔයාලට ගෙනාපු මම ....සොනාලී.........



දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Mar 2017 11:33 PM
  •  Quote
  •  Reply
කොටස් 20කුත් ඇවිත් නේද.. මේ ටික කියවන්න වෙන්නේ පස්සේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
08 Mar 2017 03:07 AM
  •  Quote
  •  Reply
"කොපුල් පුරා නිදහසේ මුදා හැරියාය..." නිකන් මැවිලා පෙනවා වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Mar 2017 02:11 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Mar 2017 02:15 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

21- කොටස.

සියල්ලන් එහෙ මෙහෙ වු විට සුභාශ් ළග ඉතිවු වුන පහන්යා හරිම දුකෙන් ඔහු දෙස බැලුවා.

‘‘ඇයි පහන්යා. ‘‘ සුභාශ් හෙමින් සැරේ පහන්යට ළං වෙලා අහද්දි පහන්යගේ නැවතිලා තිබුණු කදුළු
 තවත් වැඩි වුණා.

‘‘ඔයාට හුගක් රිදුනද සුභාශ් අයියේ.‘‘

‘‘අනේ ඉතින් මටනේ රිදුනේ ඔයා අඩන්නේ ඇයි.‘‘ සුභාශ් පහන්යගේ ඇස්වලටම එබුණා. සුභාශ්
 හොදටම දන්නවා පහන්යා එයාට ආදරෙ බව. පහන්යත් හොදටම දන්නවා සුභාශ් එයාට ආදරේ 
බව. ඒත් ඒ දෙන්නම ඒ ආදරේ විද ගන්න ඉස්සර වුනේ නෑ.

‘‘අනේ ඒතරම් රිදුනේ නෑ.. හ්ම් .. දැන් ඔය කදුළු පිහදාගන්න.‘‘ සුභාශ්ගේ කීකරු නැති අත ඉබේටම
 නතර වුනේ පහන්යගේ සියුමැලි කොපුළ මත. රෝස පාට කොපුල මත රැදී තිබුණු කදුළු බිදු සුභාශ් 
එයාගේ මහපට ඇගිල්ලෙන් සිනිදුවට පිසදැමුවා. පහන්යගේ හිතේ හැගිලා තිබුණ ආදරේ සුභාශ්ගේ
 ඒ උණුසුම් ස්පර්ශයට හුගක් ආස වුණා. මුළු ලෝකය අමතක කරලා දාපු පහන්යා සුභාශ් ළග ඉදගෙන
 දෙනෙත් පියා ගත්තා.

තවත් කොනකට වෙලා මේ සිදුවීම බලන් හිටිය කෙනෙක් හිටියා. ඒ තමයි ඉශාන්. ඉශාන් ඉතිං 
සීන් එක සේරම දන්නවනේ. කොයි වෙලෙත් සුභාශ් සර් ළග තමා ඇහැ තිබුනේ. මොකද පහන්යගෙයි
 එයාගෙය් නැන්දමගෙන් ලොකු නෑනයි එයයි දෙන්නම පරිස්සම් වෙන්න ඕනෙනේ. ඒවෙලාවේ 
හැමොගෙම ඇස් වහලා ඉශාන් ළගට ආවේ සාවින්දී.

‘‘ඉශු මොකක් දිහාද බලන් ඉන්නේ.‘‘ සාවින්දී ඉශාන් බලන් ඉන්න පැත්ත බලන්න උත්සහ ගද්දී ඉශාන් 
සාවින්දිව උරහිස් දෙකෙන් අල්ලා එයාගේ පැත්තට හරව ගත්තා.

‘‘ඉශු මම දෙයක් දැක්කා..‘‘ අමුතුම හිනාවක් මුහුණට නගා ගත්තු සාවින්දී ඉශාන්ගේ දෑස් දිහාම බලාන
 කිව්වා.
‘‘මොකද්ද සාවී.‘‘

‘‘අපේ අයියයි.. පහන්යා අක්කයි.‘‘

‘‘අයියෝ දැක්කද? උදැල්ල දාන්න නම් එපා ඈ.‘‘ ඉශාන් කිව්වේ හිනා වෙමින් ආයෙත් වතාවක් සුභාශුයි 
පහන්යයි දිහා බලමිනුයි.

‘‘පිස්සුද අනේ.. මගේ නෑනට මං තරම් වෙන ආදරේද කව්රුත්.‘‘

‘‘ඒ කියන්නේ ඔයා මේක දැනන් හිටියද සාවී.‘‘ ඉශාන් සාවින්දී දිහා බලලා පුදුමයෙන් හිනා වුණා.

‘‘පොඩ්ඩක් ඉව වැටිලා තිබුනේ. ඔයා එදා කිව්වනේ. අපි දෙන්නා ලබන සතුට අයියටත් දෙමු කියලා.
 එතකොට තවත් සැක හිතුණා.‘‘ සාවින්දී එයාට සැක දැනුන තැන් කියාගෙන ගියා.

‘‘සාවී අපි පොඩි වැඩක් කරමුද?.‘‘ ඉශාන් කිව්වේ දගකාර විදියට.

‘‘මොකද්ද?.‘‘

‘‘අපි අයියවයි නෑ.. සර්වයි ලොකු නෑනා වයි බය කරමු.‘‘

‘‘අනේ පව් ඉශූ... මට බෑ..‘‘ සාවින්දී කිව්වේ තම සහෝදරයා වෙනුවෙන් ඇති වුන සැබෑ වේදනාවෙන්.

‘‘සාවී ඉක්මන් කරලා අපි එතනට යමු.‘‘ ඉශාන් සාවින්දිගේ අතකින් ඇදගෙන ඒ පැත්තට දුවන්න ගත්තා.
 එතකොටම සාවින්දී දැක්කා වෙද ගෙදර ඇතුළේ ඉදන් අම්මා එළියට එනවා.

‘‘ඉශු... අම්මා.‘‘

‘‘ඒක තමා මැට්ටියේ.. ලොකු නෑනව බේර ගනියෝ.‘‘ ඉශාන් සාවින්දිව අතරලා ගිහින් නතර වුණේ
 සුභාශ්ගේ ඇගේ හැප්පෙමින්.

‘‘සොරි සොරි සර්...‘‘ අමාරුවෙන් වැටෙන්නේ නැතුව නතර වුණ ඉශාන් කිව්වා.

‘‘ඉශාන් මොකද වෙලා තියෙන්නේ.‘‘ සුභාශ් රවාගෙන් ස්කෝලේ විදියට කතා කරද්දී ඉශාන්ට බකස් 
ගාලා හිනා ගියා.

‘‘ඉශූ මල්ලී මොකද දාන්ගලේ තව චුට්ටෙන් සුභශ් අයියා වැටෙනවා.‘‘

‘‘ අම්මෝ දෙන්නගේ ලව් එකනේ... ට්රිැප් එකක් ගිය දුර නේ...‘‘ ඉශාන් එහෙම කිව්වේ සුභාශ්ගෙන් 
ටිකක් ඈත් වෙලා. මොකද ළග හිටියොත් කණ රත් වෙන්න අල්ලනවා කියලා ඉශාන් දන්නවා.
‘‘ආ අයියේ.‘‘ සාවින්දී ඇවිත් නතර වුණේ පහන්දි ළගින්ම වාඩී වෙමින්. සාවින්දිට කියපුවා සේරම 
ඇහුණද දන්නේ නෑ පහන්යගේ හිතත් ටිකක් බයෙන් හෙල්ලුනා.

‘‘මොකද පොඩ්ඩී එක විදියක්.‘‘ සුභාශ් හිනා වෙන ඉශානුයි සාවින්දී දිහා මාරුවෙන් මාරුවට බලමින්
 විමසුවා. 

‘‘අපි මේ ආවේ ලොකු නෑනා බේර ගන්න.‘‘ සාවින්දී පහන්යව පිටු පසින් තුරුළු කරගෙන උරහිස 
මතින් හිස තියාගෙන ඇස් වලින් ඉගි කලා.

‘‘මොන ලොකු නෑනෙන්ද?.‘‘ සුභාශ් තවත් උත්හස ගන්නේ ආදරේ හංග ගන්න. සාවින්දිවත් ඉශාන්වත්
 ඒකට පොඩ්ඩක් වත් කැමති වුණේ නෑ. දෙන්නා දෙන්නට ආදරේ බව ඔවුන් හොදටම තේරුම් අරන්
 තිබුණා.

‘‘ස්ස්ස්ස්ස්... ලොකු නෑනේ නැන්දම්මා කමින්.‘‘ දෙතොල් මත ඇගිල්ලක් තබා ගත්තු සාවින්දී රහසින්
 වගේ කියද්දී. පහන්යටත් හොදටම හින ගියා. වෙන මොනවා කියන්නද? අච්චර දඩබ්බර සුභාශ්ටත්
 හිනාව හංග ගන්න බැරි වුනා.

‘‘අයියා නගේ දෙන්නා එකතු වෙලා මොකද කියන්නේ පහන්යා දු.‘‘ සුභාශ්ගේ අම්මා පහනයගේ 
කොපුලක් ආදරෙන් අතගාමින් ඇහුවා. සාවින්දී හොරෙන්ම ඉශාන් දිහා බැලුවා. ඉශාන් ඉන්නේ හිනාව
 තච කරන්. ඒක දැක්කම සාවින්දිටත් හිනා. ඉශාන් සුභාශ් දිහා බලල ඇහෙන් පෙන්නුවේ පහන්යව. 
සුභාශ්ටත් හිනා. හැමදාම හිතේ හංග ගන්න හැදුවත් සුභාශ්ගේ එකම හීනය වෙලා තිබුණේ පහන්යා.
 පහන්යට අම්මා හුගක් ආදරේ වෙනවා දකිද්දී සුභාශ්ට ඇත්තට සතුටු හිතුනා. අනේ අම්මා පහන්ය 
එයාගේ ලේලි වෙනවට කැමති වෙනවා නම්. සුභාශ්ගේ යටි හිත කිව්වා.

‘‘දැම්ම ගියොත් නම් කරුවල වැටෙන්න කලින් ශ්රීන මහ බෝධිය වැද ගන්න පුළුවන්.‘‘ ඉශාන්ගේ 
තාත්තා එහෙම කියද්දි හැමෝම ඉක්මණට වෑන් එකට ගොඩ වුණා. ඉශාගේ තාත්තගේ උදව් ඇතුව 
වෑන් එකේ මුල්ම ආසනේ වාඩී වුන සුභාශ් හිටියේ අස්ථි බිදුන කකුල ආසනේ උඩ තියාගෙන. 
ඉශාන්ගේ අම්මයි සුභාශ්ගේ අම්මයි වෑන් එකේ පිටු පස ආසන වලට යද්දී පහන්යා මුල්ම ආසනේ 
දිගහරින ආසනය දිගහැරගෙන වාඩී වුණා.

‘‘පහන්යා දූ එන්න පිටි පස්සට ‘‘ සුභාශ්ගේ අම්මා හිස්ව තිබුණ පිටුපස අසුන් පෙන්වමින් පැවසුවා.

‘‘මම මෙතන ඉන්නම් ආන්ටි. ඉශුයි සාවීත් මෙතනනේ.‘‘ ඉශානුයි සාවින්දී රියදුරු අසුනට පිටුපස තිබුණු
 පුංචී ඉඩේ වාඩී වෙලා ඉන්න අයුරු පෙන්වමින් පහන්යා කිව්වා.

‘‘මේ ළමයිට නම් පිස්සු මේ තරම් ඉඩ තියෙනවා. එන්න ළමයිනේ පිටි පස්සට.‘‘

‘‘අනේ අම්මේ අපි අයියා ළග ඉන්නම්කෝ.‘‘ සාවින්දී නාහෙන් ඇඩුවේ ඉශාන් දාලා පිටි පස්සට යන්න 
හිතතක් නැති නිසා.

‘‘ඔහෙ ඉන්න පුළුවන් නම් ඉන්න අරින්න නෝනේ.‘‘ ඉදිරිපස අසුනේ වාඩී වෙලා හිටිය ඉශාන්ගේ තාත්තා
 පිටුපස බලා සිනා සෙමින් කිව්වා.

පහන්යා වාඩි වෙලා හිටියේ සුභාශ්ගේ ඇස් ඉස්සරහමයි. ඒක නිසාම සුභාශ් කිසි ලොභකමක් නැතුව 
පහන්යා දිහාම බලන් හිටියා. පහන්යටත් ඕනේ වුනේ සුභාශ් දිහා බලන්න. පහන්යත් හොරෙන් 
හොරෙන් සුභාශ් දිහා බැලුවා. ඒ හැම වෙලේක සුභාශ්ගේ ඇස් දෙක ඇය දෙසට යොමු වෙලා නිසා
 පහන්යා අහක බලා ගත්තා. කවුරුත් සැක නොකරන අක්කා මලෝලා දෙන්න වෑන් එකේ ඉස්සරහම
 වාඩී වෙලා පොඩි වුන් දෙන්නෙක් වගේ රණ්ඩු වෙවී පොර කකා හිටියා. දෙන්නගේ දාන්ගලේ නිසා 
කවුරුත්ම ඉශානුයි සාවින්දිවයි සැක කලේ නෑ.

‘‘පහන්යා අක්කේ සිංදුවක් කියමුකෝ.‘‘ සාවින්දී අයාචනා කලත් පහන්යා බෑ කිව්වා.

‘‘අපිත් ඉතින් සප් එක දෙන්නම්.‘‘ කෑම අරන් ආපු භජනයකුත් අතට ගත්තු ඉශානුත් කතාවට හවුල්
 වුණා.

‘‘අනේ මට බැහැ ඉශු මල්ලී.‘‘

‘‘අනේ සුභාශ් සර් කියන්න කියන්නකෝ.‘‘ ඉශාන් ඉස්කෝලේ පුරුද්දට වගේ සර්ට ගතු කියද්දී සුභාශ්ට
 හිනා. ඔහුට ආසාවක් තිබුණා පහනයගේ හඩින් සිංදුවක් අහන්න. මොකද පහන්යා මුලින්ම හම්බුණ 
දවසේ කෙල්ලෝ ටිකක් එක්ක එකතු වෙලා ගිටර් එකකුත් කරේ දාගෙන සිංදු කියයවා සුභාශ් අහම්බෙන්
 වගේ දැකලා තිබුණා.

‘‘පහන්යා සිංදුවක් කියමු කම්මැලී වගේත්නේ.‘‘ සුභාශ්ගේ ඉල්ලීම අහක දාන්න නම් පහන්යට හිත් 
දුන්නේම නෑ. සුභාශ්ගේ ඉල්ලිම නිසා පහන්යා සිංදු කීපයක්ම කිව්වා. ඉශානුයි සාවින්දිත් ඒ සිංදුවලට
 හවුල් වුණා. ඒක නිසාම ශ්රි මහ බෝධිය ගාවටම එනකන් වෙලාව යනවා කට්ටියට දැනුනේ නෑ.

‘‘දැන් ඇති පුතේ ඔන්න අපි පූජා අඩවියට ඇතුල් වුණා. ‘‘ පාර අයිනේ ගහලා තිබුණ නාම පුවරුවක්
 පෙන්වමින් ඉශාන්ගේ තාත්තා කිව්වා. 

පහන්යගේ ළගටම වෙලා ශ්රීප මහ බෝධීන් වහන්සේ වැද පුදා ගෙන පහන්යව මගෙම කරලා දෙන්න 
කියන්න ආසාව සුභාශ්ගේ හිතේ ලොකුවටම තිබුණා. ඒත් ඇවිද ගන්න බෑනේ. කිහිලිකරු වලින් 
ඇවිදින එක හරිම අමාරු වැඩක්. සුභාශ්ට පුරුදුත් නැහැ කිහිළිකරුවලින් ඇවිදලා. පහන්යා එක්ක 
බෝධිය වදින්න තිබුණ අසාව නිසාම අමාරුවෙන් හරි සුභාශ් ඒ ගමනට එකතු වුණා.

‘‘පුතා යන්න පුළුවන් නේද?.‘‘ සුභාශ් අමාරුවෙන් ඇවිදිනවා දකිද්දී සුභාශ්ගේ අම්මට බලන් ඉන්න 
බෑ. පහන්යට ඕනේ වුනේ සුභාශ්ට වාරුව දෙන්න. මේ හැමෝම ඉස්සරහා එහෙම කරන්න පහන්යට
 පුළුවන් කමක් නෑ. ඒක නිසාම සාවින්දිගේ අතේ එල්ලිලා සුභාශ් තියන තියන අඩික් ගානේ පහන්යා 
වේදනාවෙන් බලන් හිටියා.
බෝ මළුව කිට්ටුවට එනකන්ම කිහිළිකරුවෙන් ආපු සුභාශ්ට තව නම් යන්න බෑම කියලා හිතුණා.
 ඉහළ මළුවට නොයාමට හිතපු සුභාශ් කට්ටියට කියලා පහළ මළුවේ වැලි පොළොවේ වාඩි වුනේ 
කට්ටියගේ උදවු ඇත්ව. 

සැදෑන් අදුරත් පරිසරය වෙලා ගනිමින් තිබුණ ඒ මොහොතේ දකින්නට ලැබුණ දර්ශනවල තිබුනේ 
හරිම අලංකාරයක්. වැලී පොළවේ වාඩී වුන සුභාශ් මද අදුරත් සමග සිහිල් පවනට ලෙලෙන බෝ 
කොළ දිහා බලං හිටියා.

‘‘ඔයාලා යන්න මම සුභාශ් ළග ඉන්නම්.‘‘ ඉශාන්ගේ තාත්තා සුභාර් ළග ඉන්න ඉදිරිපත් වුණා. 

‘‘නෑ නෑ අප්පච්චිත් යන්න මම ඉන්නම්. ‘‘ ඉශාන් කොහොමවත්ම සුභාශ්ව දාලා යන්නේ නැති
 බව දැනන් හිටිය ඉශාන්ගේ තාත්තා තර්ක නොකර ඉහළ මළුවට යන්න සැරසුණා.

‘‘පහන්යා දුව එන්න.‘‘ සුභාශ්ගේ අම්මා පහන්යට අඩ ගහන්න අමතක කළේ නෑ.

‘‘මම සාවී නංගා එක්ක එන්නම් ආන්ටී.‘‘ පහන්යත් කොහොම හරි එතනම නතර වුණා.

‘‘සාවී.... අක්කේ. දැන්නම් හොද අවස්ථාවක් නේද අපි දෙන්නත් මාරු වෙමු.‘‘ හොරෙන් හොරෙන්
 සුභාශ් දිහා බලල කියපු ඉශාන් සාවින්දිගේ අතින් ඇදගෙන බෝ මළුව පැත්තට ගියා. සුභාශ්ටයි
 පහන්යටයි ඕනේ වෙලා තිබුණේ තනී වෙන්න මොහොතක්. ඒක නිසාම ඉශාන් සාවින්ගේ අතින් 
අල්ලන් ගිය බව සුභාශ් දැක්කේ නෑ.

‘‘ඉශු... අත අතාරින්න ළමයෝ අයියා දකී.‘‘ සාවින්දී ඉශාන්ගේ පස්සෙන් ඇවිදන් යන ගමන් කිව්වා. 

‘‘පිස්සුද ඒ දෙන්නට දැන් අපිව පේන්නේ නෑ. ‘‘ සුභාශුයි පහන්යයි මුහුණට මුහුණ බලාගෙන ලොකු
 කතාවක ඉන්නවා පෙන්වමින් ඉශාන් කිව්වා.

අම්මලා ඉන්න පැත්තට ගිහින් මල් පොල්තෙල් ඉල්ලගෙන ඉශානුයි සාවින්දි දෙන්නම එකතු වෙලා 
මල් පහන් පූජා කළා.

‘‘කෝ ඉශාන් පුතේ සුභාශ් .‘‘ ඉශානුයි සාවින්දී ඇවිදින් ටික වෙලාවක් ගියහම තමා සුභාශ්ලගේ 
අම්මට සුභාශ්ව මතක් වෙලා තිබුණේ.

‘‘ අපි දෙන්නටම විභාගේ ළගයි කියලා අපි දෙන්නව එව්වා ආන්ටී.‘‘ ඉශාන් පණ්ඩිතයා වගේ කියද්දී
සාවින්දිට හිනා ගියේ ඉශාන්ගේ කටට කොහොම මෙහෙම වචන එනවද මන්දා කියලා හිතමින්.
මතු සම්බන්ධයි.

අද කවර්ස් පොටෝ එක හැඩ ගැන්වු හර්ෂ මල්ලීට
මගේ විශේෂ ස්තූතිය. ඔයලටත් පුළුවන් ඔයාළගේ පොටෝ එක මේ විදියට පල කරගන්න. කැමති
 නම් ඔයාලගේ පොටෝ අපිට දෙන්න.


හෙට කොටසත් මගෙන් තමා ඈ
අද කොටස අකුරු ගැන්වු මම 
සදුනි කාංචනා.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
09 Mar 2017 05:33 PM
  •  Quote
  •  Reply
හර්ශ මල්ලි නම් ශොට් එකක් දාගෙන වගෙ ඉන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Mar 2017 02:38 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Mar 2017 02:44 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

විසිදෙවන කොටස.


මළුවේ කොණක වාඩි වුණ ඉශානුයි සාවින්දී හුගක් දේවල් බෝ සමිදුගෙන් ඉල්ලුවා. දෙන්නම අමතක

 නොකරම සුභාශ්වයි පහන්යවයි ඉක්මනින්ම ළං කරන්න කියලා නම් පැතුවා. කාටත් රහසේ පෙම් 

කරන පෙම්වතුන් දෙන්නා වැලි පොළව මත එකම තැන ඉදගෙන හිටියේ හරිම සතුටින්. කාගෙන් වත්

 එයාලට බාධාවක් තිබුණේ නෑ. සුභාශ්ගේ අම්මයි ඉශාන්ගේ අම්මා දිගටම වතාවත් වල නියැලුන 

හින්ද අනිත් අය ගැන තිබුණ අවදානය හුගක් අඩු වෙලා තිබුණා.

‘‘සාවි අපි දැන් යමු නේද.. අපේ ලොකු නෑනා එහෙම මොනවා කරනවද දන්නේ නෑ.‘‘ ඉශාන්ගේ හිත

 කොයි වෙළෙත් තිබුනේ ඒ දෙන්නා ළග.

‘‘අනේ තව ටිකක් මෙතන ඉදන් ඉමුකෝ ඉශු.. ඔයා ආස නැද්ද මගේ ළගට වෙලා ඉන්න.‘‘ සාවින්දිට 

පොඩ්ඩක් විතර දුක හිතිලා තිබුණා.

‘‘අනේ නෑ සාවී .. මම ඔයා ළග ඉන්න තරම් වෙන මොනවටවත් ආස නෑ.. හරි හරි අපි ඉමු .. ඒ 

දෙන්නටත් ටිකක් පාඩුවේ ඉන්න දීලා. ‘‘ එහෙම කියන ගමන් ඉශාන් වැලි පොළව මත තියන් හිටිය

 සාවින්දිගේ අත මත සිය අත තැබුවා. ඉශාන්ගේ හිතට නම් ආවේ සාවීව පපුවට තුරුල් කර ගන්න 

තරම් ආදරයක්. ඒත් මේක පුද බිමක්නේ.. අනික අම්මත් ඉන්නවා නැන්දම්මත් ඉන්නවා.

‘‘අනේ ඉශු අම්මලා දකී.‘‘ හැම වෙලේම වගේ සාවින්දී හුගක් කළබලවුණා. ඉශාන් සාමාන්යන විදියට 

හැසිරුණාට සාවින්දිගේ හිතේ නම් හොදටම බය රැදිලා තිබුණා.

‘‘එයාලට අපි මතක නෑ සාවී.. බලන්නකෝ මෙහෙ බලන්නේවත් නෑ.. ඉශාන්ගේ ඇස් දෙක අම්මලගේ

 පැත්තට යොමු වෙලා තියෙන හැටි දැක්කම සාවින්දිට හොදටම හිනා. 

‘‘ඔයා නම් පුදුම හොර පූසෙක්..‘‘ සාවින්දී ඉශාන්ගේ කම්බුලක් රිදෙන්නම මිරිකුවා.

‘‘මොකද මැට්ටියේ.. මම මිරිකුවොත් නම් ඔයිට වඩා රිදෙයි හොදද.‘‘ ඉශාන් සාවින්දිගේ අත සිය උකුලට

 ගනිමින් පැවසුවා.

සියල්ලන්ගෙන්ම නිදහස් වෙලා තනි වුණ සුභාශුයි පහන්යයි දෙන්නා වචනයක් වත් කතා කරන්නේ නෑ

 .. හැබැයි හිත් වලනම් කියලා ඉවර කරන්න බැරි තරම් ගොඩක් දේවල් හිර වෙලා තිබුණා. දෙන්නගෙන්

 එක්කෙනෙක් වත් ඉක්මන් වෙන්න අකමැති නිසා ඒවා සිත්වලම හැංගිලාම තිබුනා.

දෙන්නා එක්කම බෝ සමිදු දිහා බලාගෙන පැතුවේ එකම දෙයක් විතරයි.දෑස් පියාගෙන ප්රාාර්ථනා

 කරමින් ඉන්න පහන්යව දැක්කම සුභාශ්ට තවත් නිහඩව ඉන්න බැරි වුණා.

‘‘පහන්යා ..‘‘

‘‘ඇයි සුභාශ් අයියේ.‘‘ දෑස් හැරපු පහන්යා සුභාශ් දිහා බැලුවා.

‘‘ඔයා මොනවද ප්රායර්ථනා කලේ.‘‘ පහන්යගේ මුහුණ ලැජ්ජාවෙන් බර වෙද්දී ඇය ඉවත බලා ගත්තා.

‘‘මොකද මට කියන්න බැරි දෙයක්ද ඉල්ලුවේ.‘‘

‘‘නැහැ නැහැ.. කියන්න බැරි නෑ.. අද බෑ දවසක කියන්නම්.‘‘

‘‘ඒකත් එහෙමද?‘‘ සුභාශ්ට හිනා ආවේ, සුභාශ්ටත් හිතා ගන්න පුළුවන් නිසා පහන්යා ඉල්ලපු දේ.

‘‘ඔයා මොනවද ප්රාලර්ථනා කලේ.‘‘ පහන්යත් ඊට දෙවෙනී වුණේ නෑ සුභාශ්ගෙන ආපහු ඇහුවා.

‘‘මම ප්රාඇර්ථනා කලේද .. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා මට ලැබෙන්න කියලා.‘‘

 පහන්යට දැනුනේ පුදුමයක් සුභාශ් වෙනදට නම් මේ තරම් විවෘතව දෙයක් කියනවා අඩුයි. සුහාශ් 

කොහොමත් කතා කරනවා අඩුයි හිතේ තියෙන දේවල් අනිත් අයට කියන්නෙම නැති කෙනෙක්.

‘‘කවුද සුභාශ් අයියේ ඒ වසනාවන්ත ග්ර්ල්...‘‘ පහන්යගේ හිත නම් කලින්ම කිව්වා ඒ කෙල්ල එයා තමා 

කියලා. ඒත් සුභාශ්ගේ කටින්ම ඒක අහගන්න පහන්යා හුගක් ආස වුණා.

‘‘කියන්නද?.‘‘ සුභාශ් අමුතුම විදියකට පහන්යා දිහා බලද්දී පහන්යගේ හිත හිරි වැටිලා ගියා. රෝස පාට

 කමුබුල් දෙක තවත් රතු වුණා. සුභාශ්ගේ කතා කරන ඇස් දිහා බලන් ඉන්න බැරි වුණු පහන්යා බිම 

බලා ගත්තා. ඒත් පහන්යගේ මුහුණේ දීප්තිමත් සිනහවක් ඇදිලා තිබුනා. නැති වුණ මොනවදෝ

 හොයනවා වගේ පහන්යා සිය අත්ලේ රේඛා ගනින්න පටන් ගත්තේ සුභාශ් දිහා හොරැහින් බලමින්.

 පහන්යට වෙලාවකට හිතුනා ඉශාන් සුභාශ්ට වඩා මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියලා. දැකලා 

වැඩි දවසක් යන්නත් කලින් ඉශානුයි සාවින්දී ආදරවන්තයෝ වීම ගැන පහන්යට දැනුනේ පුදුමයක්.

‘‘කියන්නකෝ...‘‘ ඇසිපිය නොගහා සුභාශ් පහන්යා දිහා බලන් ඉද්දී පහන්යට ආදරෙයි කියලා අහ

 ගන්නකන් ඉවසීමක් නැති වුණා.

‘‘යමු නේද පුතා... දැන් හොදටම හවස් වෙලා.‘‘ සුභාශ් කියන්න හිතාන පහන්යට ළං වෙන්න හදද්දිම

 සුභාශ්ගේ අම්මයි ඉශාන්ගෙ අම්මයි එතනට ආවා. මෙතරම් වෙලා සැගවිලා හිටිය ආදර දැහැනින් මිදුණු 

පහන්යා එක පාරටම හිට ගත්තා.. පහන්යට පොඩි බයකුත් දැනුනා කට්ටියට අමුත්තක් වත් දැනුනද

 කියලා.

‘‘යමු අම්මේ.‘‘ එහෙම කියලා සුභාශ් බිම ඉදගෙන පහන්යා දිහා බැලුවා. නොහිතපු විදියට පහන්යගෙයි

 සුභාශ්ගෙයි ඇස් එකට හම්බුණා. සුභාශ්ගේ ඇස් දෙකේ පුංචී දුකක් තැවරිලා තිබුණා කියලා පහන්යට 

හොදටම තේරුණා. සුභාශ්ට දැන් හොදටම දැනෙනවා පහන්යා එයාට ආදරෙයි කියලා. කවුරුත් 

නොදන්නවා වුණාට පහන්යා ගෙදරටත් බොරු කියලා එයාලත් එක්ක මේ ගමන ආවේ කියලා සුභාශ් 

හොදටම දැනන් හිටියා. සුභාශ් ඒ බව දැන ගත්තේ දවසම පහන්යා දිහාම බලන් හිටිය නිසා. පහන්යට 

 ඇහිලා තිබුණා. මේ හැම දෙයක්ම කරන්නේ, පහන්යත් සුභාශ්ගේ ළග ඉන්න ආස නිසා කියලා සුභාශ්

 හිතුවා.

‘‘කෝ සුභාශ් පුතේ ඉශාන් එහෙම.‘‘ ඒ වෙනකලුත් ඉශානුයි සාවින්දී මළුවෙන් පහළට ඇවිත් තිබුණේ 

නෑ. තවමත් වැල්ල මත වාඩී වුණ ආදරවන්තයෝ දෙන්නා දොඩමළු වෙලා වුන්නා.

‘‘ආවේ නැද්ද ඒ දෙන්නා .අපි හිතුවා පේන්න නැතුවම ඔයාලා ළග ඇති කියලා.‘‘ ඉශාන්ගේ අම්මත් කතාවට

 හවුල් වුණා.

‘‘ඉන්න ආන්ටී මම කෝල් කරලා බලන්නම්.‘‘ පහන්යා ඉක්මන් වුණේ ඉශානුයි සාවින්දි හොයන්න කවුරු

 හරි ආපහු යන එක නවත් වන්න ඕන නිසා. දෙන්න කොහෙට හරි වෙලා ආදර ලෝකෙක අතරමං වෙලා 

ඇති කියලා පහන්යට ඉවෙන් වගේ දැනුනා. ඇමතුම් කීපයක්ම ගත්තත් ඉශාන්වත් සාවින්දී වත් 

ප්රුතිචාරයක් දැක්වුවේ නෑ.

‘‘ඔයාලා වෑන් එකට යමු. මම බලලා එන්නම්.‘‘ පහන්යා උඩ මළුවට යන්න සූදානම් වුණා.

‘‘ඔය දරුවා යන්න. මම එයාලව හොයන් එන්නම්. ‘‘ ඉශාන්ගේ තාත්තා පහන්යව නැවැත්තුවා. පහන්යට 

බය හිතුණා ඉශානුයි සාවින්දී අතටම අහු වෙයි කියලා. පහන්යා ඒක නිසා වෙන කවුරුත් එයාලව හොයන්න

 යන එක නතර කලා.

‘‘අනේ අංකල් යමු .මම වැන්දෙත් නැහැනේ. මම වැදලා එයාලවත් අඩගහන් එන්නම්. සුභාශ් අයියටත් 

තනියම යන්න බෑනේ.‘‘ පහන්යා කොහොම හරි කට්ටිය පිටත් කරලා උඩ මළුවට ගියා. පහන්යගේ මේ

 හැසිරීම සුභාශ්ගේ හිතේ සැකයක් ඇති කරලා තිබුනා. තමන්ට වාරුව දීගෙන පහන්යට සුභාශ් ලගින් 

යන්න අවස්ථාව උදා වෙද්දී. ඒ අවස්ථාව මගඇරලා ඉශාන්ලව හොයන්න යන්නේ ඇයි කියලා සුභාශ් 

කල්පනා කලා. සුභාශ් ඉශාන්ගේ තාත්තගේ වාරුවෙන් යන ගමන් කල්පනා කලේ එදා අපේ පොඩ්ඩී 

ඉශාන්ට ඉශු කිව්වා. මම ඒ ගැන අහද්දී හොදටම බය වුණා. මොකක් හරි හොරයක් තියෙනවද?. සුභාශ් 

සිද්දී එකින් එක ගලපලා බැලුවා. සුභාශ්ට සැකයක් ආවා ඉශානුයි සාවින්දී අතර සම්බන්ධයක් වත්ද කියලා.

 සුභාශ් කියන්නේ ගුරුවරයෙක්නේ. ඉතින් සුභාශ්ට ඒ වගේ දේවල් ඉක්මණටම ඉව වැටෙවා. සුභාශ් 

සාවින්දීව අල්ලගෙන මේකේ ඇත්ත නැත්ත අහ ගන්න හිතා ගත්තා. සාවින්දි සුභාශ්ට හුගක් බයයි .බල 

කරලා ඇහුවම සාවින්දී බයටම කිය බව සුභාශ් දැනන් හිටියා.

පහන්යා හිතුවා වගේම තවමත් ජෝඩුව එක්ක වැල්ලේ ඉද ගෙදගෙන වෙනම ලොකෙක. හැමදාම ඉශාන් 

විහිළු කරන නිසා පහන්යා මේක ඉශාන්ව බය කරන්න අවස්ථාවක් කර ගන්න හිතුවා. සෙනග අතරින් 

හොරෙන්ම දෙන්නට කිට්ටු වුණ පහන්යා කටහඩ ටිකක් වෙනස් කරලා ‘‘දෙන්නා මොකද මෙතන‘‘ කියලා 

ඇහුවා. පිටුපසින් එක පාරටම ඇහුණ කටහඩත් එක්ක බය වුණ සාවින්දී පපුවටත් අතත් තියාගෙන ඇස්ලොකු

කරන්න පහන්යා දිහා බැලුවා. ඉශානුත් හොදටම බය වෙලා එක පාරටම හිටි තැනින් නැගිට්ටා.


‘‘අම්මෝ පහන්යා අක්කී ඔයා නම් හරි නරකයි . මම හොදටම බය වුණා. තාමත් පපුව ගැහෙනවා.‘‘ වාඩී 

වෙලා හිටපු තැනින් නැගිටපු සාවින්දී පපුව මත අතක් තබාගෙනම කිව්වා.

‘‘මම හැම වෙලේම මේ දෙන්නව බේර ගන්නවා .. පහන්යා අක්කී ඉදන් අපිව බය කරනවා‘‘ ඉශානුත් 

නොක්කාඩු කිව්වා. පහන්යට නම් හොදටම හිනා. කොහොම හරි දෙන්නව බය කලානේ.

‘‘ඉන්නකෝ අක්කී මම රිටන් එක දෙන්නම්.‘‘ ඉශාන් පහන්යට කිව්වේ හිනා වෙමින්.

‘‘තව නූලෙන් දෙන්නට රිටන් එක හම්බෙනවා මම නැත්තම්. ඔයාලගේ තාත්තා එන්න හැදුවේ ඔයාලව

 හොයන්න. මම අමාරුවෙන් එයාව නවත්තලා ආවේ.‘‘ පහන්යා මමන් කරපු හපන්කම ආඩම්බරයෙන්

 කිව්වා. 

‘‘මගේ හොද අක්කී.‘‘ සාවින්දී පහන්යගේ අතේ එල්ලිගෙන හුරතල් වුනා. තුන් දෙනා එක්කම එක පෙළට 

පියවර තබපු ඔවුන් වෑන් රථය තිබෙන දෙසට ගමන් කලා.

‘‘දැන් ඉතිං තියෙන්නේ ගෙදර යන්න.‘‘ ඉශාන්ගේ තාත්තා වෑන් එක පිටත් වෙන්න සුදාන්ම් වෙද්දී 

පැවසුවා. ඒ එක්කම සුභාශ් ලොකු සුසුමක් පිට කරලා හිතුවේ මේ තරම් පහන්යගේ ළගින් ඉදලත් 

මට ආදරෙයි කියලා කියා ගන්න බැරි වුණානේ කියලා. පිටට නොපෙන්නුවට පහන්යටත් දැනුනේ 

ලොකු දුකක්. ආයි කවදා කියලා සුභාශ්ව දකින්න ලැබෙයිද කියලා පහන්යා කල්පනා කලා.

ඉශානුයි සාවින්දීත් අමාරුවෙන් හිත වල තිබුනු වේදනාව පිටට පෙන්නන්නේ නැතුව පොඩි ළමයි දෙන්නෙක් 

වගේ රණ්ඩු වෙවී හිටියා . හොදටම රෑවෙලා තිබුණ නිසා වෑන් එකේ හුගක් අයට නින්ද ගිහින්. සුභාශ්ට නම්

 නින්දක් නෑ. ඉක්මණටම පහන්යට ආදරෙයි කියන්න සුභාශ්ට ඕනේ වුණා. සුභාශ් හිතින් සැලසුම් කලා

 මේක කියා ගන්න ක්රටමයක්. 

‘‘ඉශාන්... කෝ පොඩ්ඩක් පොන් එක දෙනවා.‘‘

‘‘දැන් මොකටද සර් පොන්.. මේ...‘‘ ඉශාන්ට ඉබේටම කියවෙන්න ගියා. 

‘‘දෙකනවකෝ පණඩිත නොවි.‘‘ ඉශාන් පොන් එක සුභාශ් අතේ තිබ්බා. සාවින්දී එවපු කෙටි පණිවිඩ සේරම

 මකපු බව විශ්වාස වුනත් ඉශාන්ට පොඩි බයකුත් දැනුනා. ටික වෙලාවක් යද්දි වෑන් එක තුළ තිබුණ නිහඩ

 බව බිදිමින් පහන්යගේ පොන් එක නාද වුණා. ඉශාන්ට එකපාරටම තේරුණා මොකද්ද මේ වෙන්නේ

 කියලා . ඉශාන් තනියෙන් හිනා වෙද්දී සුභාශ් ඉශාන්ට රැව්වා. වෑන් එකේ කට්ටිය ඉන්න නිසා කතා 

කරන්න බැරි හින්දා සුභාශ් පහන්යට කෙටි පණිවිඩයක් යැව්වා.

සුභාශ්ගේ අතේ දුරකථනය තියෙනවා පහන්යා දැක්කේ නෑ. දැන් වෙන් වෙන්න වෙනවනේ කියලා දුකෙන්

 හිටපු පහන්යා වීදුරුවෙන් පිටත බලාගෙන කල්පනා කර කර හිටියා.

‘‘පහන්යා අක්කී. ගෙදරින්ද දන්නෑ. පොන් එක රිං වුණා බලන්න.‘‘ පහන්යට ඒ බව දැනුනේ නැති නිසා ඉශාන්

 කිව්වා. ඒ හඩට කීකරු වුණ පහන්යා දුරකථනය අතට අරන් බැලුවා. ඉශාන්ගේ නම්බර් එකෙන් මැසේජ් 

එකක් .. පහන්යා පුදුමයෙන් ඉශාන් දිහා බැලුවා. ඉශාන් ඇරෙන් සුභාශ්ව පෙන්නුවා. සුභාශ්ගේ අතේ 

ඉශාන්ගේ දුරකථනය තියෙනවා දැක්කම පහන්යට වැඩේ තේරුණා. පහන්යා ඉක්මණටම කොටි පණිවිඩය

 බැලුවා.

‘‘පහන්යා ඔයාට හෙට අපේ ගෙදර් එන්න පුළුවන්ද?.‘‘ පහන්යට පුදුමයකට වඩා දැනුනේ සතුටක් ... එන්නම් 

සුභාශ් අයියේ කියන්න වගේ සුභාශ් දිහා බලපු පහන්යා.‘‘ හා සුභාශ් අයියේ.. ඒත් ඇයි.‘‘ කියලා සටහන් කලා.

 වෑන් ඒකේ තිබුණ නිහඩ බව නිසාම පුංචී සද්දයත් ලොකුවට ඇහෙන නිසා පහන්ය දුරකථයේ හඩ පිට විම 

නතර කරලා දැම්මා.

‘‘මට දෙයක් කියන්න තියේ....ඇයි ඔයාට මාව දකින්න ඔනේ නැද්ද?.‘‘

‘‘ඕනේ ඕනේ.. මම අනිවාර්යෙන් එන්නම්.‘‘ දුරකථන හරහා පණිවිඩ මාරු වුණත් ඊටත් වඩා ලොකු කතාවක්

 දෙන්නගේ දෙනෙත් වලින් කියවුණා. ඒ විදියට පහන්යලගේ ගේ ළග වාහනය නතර වෙනකන් පහන්යා 

දන්නෙත් නෑ. අම්මාලා එළියට ආවොත් සේරම මාට්ටු වෙන බව දන්න පහන්යා ඉක්මණින්ම වෑන් එකෙන් 

බැහැ ගත්තා. නිදියන් හිටි කට්ටියට යන බව වත් නොකියපු පහන්යා ඉක්මණටම වෑන් එක එතනින් පිට

 කර ගත්තා. පාන්දර දෙකට විතර කිට්ටු වෙලා තිබුණ නිසා පහන්යලාගේ අම්මා දොර ඇගෙන එළියට 

එන්න ටිකක් පරක්කු වුණා. ඒකත් පහන්යට වාසියක් වුණා.

‘‘මොකද දෝණී මේ තරම් පරක්කු‘‘ පහන්යගේ අම්මා විමසුවේ, වෙනදා රෑ වුණාම කොහෙ හරි නවතිනවා

 මිසක් පහන්යා වැඩ කරන තැන රෑ ගමන් තියා ගන්නේ නැති බව පහන්යගේ අම්මා දැනන් හිටියා.

‘‘වෑන් එක මගදී කැඩුණා අම්මේ.. ඉතිං ටිකක් පරක්කු වුණා. හෙට විශේෂ වැඩ වගයක් තියෙයි කියලා නතර 

වෙන්නේ නැතුව ආවා.‘‘ පහන්යට කලින් කිව්ව බොරුව වහ ගන්න තව ලොකු බොරුවක් කියන්න සිද්ද වුණා.

ඊට විණාඩී කීපයකට පස්සේ වෑන් එක සුභාශලගේ ගේ ළග නතර වුණා.

‘‘ අංකල් මම දවසක් දෙකක් ගෙදර ඉදලා එන්නම්.‘‘ අම්මයි නංගී වෑන් එකෙන් බහිද්දි සුභාශ් කිව්වා.

‘‘ඒත් සුභාශ්.. බෙහෙත් බදින්නේ කොහොමද?. ‘‘ ඉශාන්ගේ තාත්තා විමසුවා.

‘‘බෙහෙත් කඩේ කින් බෙහෙත් ටික ගන්න බැරියෑ අංකල්.. මට ගෙදර ඉන්නත් ආසයි දැන්.ගෙදර ආව දවසක්

 මතක නෑ .. තාත්තව දකින්න ආසයි.‘‘

‘‘අනේ දවසක් දෙකක් හිටපුදෙන් මිස්ටර් ඉද්දමල්ගොඩ ‘‘ සුභාශ් ගෙදර ඉන්න ආස වෙද්දී, සුභාශ්ගේ අම්මටත් 

පුතාව ගෙදර තියා ගන්න ආස හිතුණා.

‘‘එහෙ ගියා නම් හැමදේටම පහසුයි. ඔය ඕන බෙහෙත් කළමනා වටපිටාවෙන් ලේසියෙන්ම හොයා ගන්නත් 

තිබුණා.‘‘ ඉශාන්ගේ තාත්තාගේ හිතට බයයි තියෙන තර්ජනත් එක්ක සුභාශ්ව මෙහෙ දාලා යන්න. අර මිනිස්සු

 උදෙත් පාර හරස් කරලා තර්ජනේ කලානේ.

‘‘අනිද්දා උදෙන්ම එන්නම් අංකල්.‘‘ සුභාශ් ආයෙත් පැවසුවේ හෙට කොහොම හරි පහන්යව ආයෙත් දැක 

ගන්න ඕන නිසා.

‘‘පුතා එහෙනම් ඔයාත් ඉදලා සර් එක්කම එන්න.‘‘ සාවින්දිව දාලා යන්න බැරිව දුකෙන් හිටපු ඉශාන් කියන 

පරක්කුවට වෑන් එකෙන් එළියට පැන්නා. ඉශාන්ගේ තාත්තගේ හිතේ ඉශාන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා.

 ජීවිතේට එන ඕනේ තර්ජනයකට තනියෙන් මූණ දෙන්න ඉශාන්ට පුළුවන් බව ඔහු විශ්වාස කලා. ඉශාන්ගේ

 අම්මා නම් කැමති වුනේ නෑ ඉශාන්ව දාලා යන්න. ඉශානුත් ඉන්න දගලන නිසා අන්තිමට ඉශානවත් 

නවත්තලා වෑන් එක පිට වෙලා ගියා..

මතු සම්බන්ධයි.

හෙට කොටස තනෝජ්(ගෙම්බාගෙන්)

අද කොටස අකුරු ගැන්වු මම 

සදුනි කාංචනා.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Mar 2017 12:19 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Mar 2017 12:23 PM
  •  Quote
  •  Reply
෴සෙනෙහස පාමුල෴

*විසි තුන්වන කොටස*

සුභාශ් ඇඳට වි තනියම කල්පනා කරන්නෙ හෙට දිනය ගැනයි "හෙට පහන්යාට මම කොහොමද

 හිතේ තියන එක කියන්නෙ..??
"කෙල්ල ඇත්තටම මට ආදරෙයිද දන්නෙත් නැනේ.."
"මම හිතන්නෙනම් කෙල්ල මට ගොඩාක් ආදරෙයි..?
තමන්ගෙ හිතටම එහෙම කියා ගත්ත සුභාශ් දිගු හුස්මක් හෙලයි...

තාම නින්දනම් අහලකවත් නැ රැ 12ටත් කිට්ටු වේලා..

***********************

පහන්යා ඇඳේ එහෙ මෙහේ පෙරලි පෙරලි ඇඟිලි හප හප කල්පනා කරන්නෙ "ඇයි දෙයියනේ හෙට 

වෙන්න මෙ තරම්ම පරක්කු තාම වෙලාව 11.30යි..?"
සැරෙන් සැරේ මොබයිල් පොන් එක අතට ගන්න පහන්යා නිතරම වෙලාව බලයි..

පහන්යා ඇත්තටම දැන් ඉන්නෙ සිහින ලෝකෙක හෙට දිනය තමන්ගෙ ජීවිතයේ අලුත් පිටුවක් 

පෙරලෙනවා කියලා පහන්යාගේ සිත දැඩි ලේස කියනවා..
"රින්...රින්...."..රින්..රින්"
පහන්යාගේ පොන් එක එක දිගටම රින් වෙයි..
"කවුද මේ පාන්දර මට ගන්නෙ"
එක පාරට තිගැස්සුනු පහන්යා තමන්ටම කියාගන පොන් ආන්සර් කරන්න කලින් නම්බර් එක 

බලයි...
"ඈ....දෙව්මි...මේ වෙලාවේ මොකද...?? "මොකද දෙව්මි උඹට නින්ද යන්නෙ නැතිනම් නිදා 

ගන්න 

එකෙකුට හරි නිදා ගන්න දිපන්කො බන්.."
පහන්යා එහෙම කිව්වෙ සුභාශ් ගැන හින මව මව හිටපු නිසාය..
"නැ යකෝ මම උඹට කියන්න ගත්තෙ හෙට උදෙන්ම ගමනත් යන්න තියනවා කියලා සර් කිව්වා 

බන්......."
""මොක....ක් ... මොකක්ද බන් එ කතාව..??
"දන්නෙ නැ සර් මට කතා කරලා කිව්වා පහන්යට කියන්න වෙලාවක් නැ සර් වැඩක කියලා මට

 කියන්න කිව්වා.."
""හෙට උදෙන්ම එන්න කියලත් කිව්වා පහන්යා"

දෙව්මිගේ එ වචන ටිකෙන් පහන්යට හිතා ගන්නවත් බැරි උනා හෙට දැන් මොකද කරන්නෙ 

කියලා..
පහන්යා තනියම කල්පනා කරා
"දෙව්මි උඹ මට ලෝකු උදව්වක් කරපන්කො.."
"මට හෙට ලෝකු වැඩක් තියනවා ""
"උඹට පුළුවන්නම් සර්ට කියනවද මගේ පොන් එක වැඩ කරේ නැ කියලා උදේට මම පොන් එක

 of කරන්නම්"
"
*******************
"ඇයි දැන් එහෙම කියන්නෙ මොකක්ද හෙට තියන වැදගත් වැඩේ..??
"ඇයි සුභාශ් වත් බලන්න යන්නද..hikzzz .??
"නැ...මෙ...මෙ..එක නෙවේ""
"මොකද එක කියද්දි කෙල්ල ගොත ගැහෙන්නෙ අවුලක් නැ love එකක්නෙ.
මම එහෙම කියන්නම්.""
"හැබැයි එතනින් එහාට වෙන දෙවල් මම දන්නෙ නැ ඔන්න.."
"Love නිසා job එකත් ගහල යනවා මම දන්නවා වැඩි දවසක් යන්න කලින්""
දෙව්මි එක දිගට කියවයි..
"හරි හරි හොඳ කෙල්ලනේ හෙට විතරක් මෙ උදව්ව කරන්නකො""

දැන් එ ප්‍රශ්නෙනම් හරි පහන්යා දිගු හුස්මක් ගනියි.
"චුටි දු....""චුටි..දු"
එක පාරටම අම්මගේ එ සද්දෙට ගැස්සිලා අවදිවුන පහන්යා එක පාරටම අම්මගෙන් ඇහුවෙ "වෙලාව 

කියද අම්මා"
"6යි දු...උදෙන්ම දුවට වැඩට යන්න තියනවා කියපු නිසා මම කතා කරේ""
පාන්දර 3/4 වෙනකම් නින්දත් නොනිද්දත් අතර සිටි පහන්යාට අම්මා කතා කරන තුරු වෙලාව ගැන

 මතකය් තිබුනේ නැත..
"ඔව් අම්මා උදෙන්ම යන්න ඔනේ"
ඉක්මනටම වොශ් රෑම් එකට ගියපු පහන්යා හරිම සතුටින් උදෙන්ම නාගන කොන්ඩේ කඩාගන එලියට 

ආවේ දහසකුත් නැවුම් බලාපොරොත්තු හිතේ පොදි බැදගනය..

*********************
සුභාශ්නම් මුලු රැම නිදි මැරුවේ ඇත්තටම නින්ද ඔහුගෙ අහලකටවත් පැමිනිය නැති නිසාය..
එ තරමටම අද දිනය ගැන හිතේ තිබුන කුතහලය, සතුට හිතා ගන්නවත් බැරි තරම්ය..
"දැන් හතත් වෙලා තව පැයක් දෙකක් යද්දි පහන්යා ගෙදරට එයි...??
"මම කොහොමද හිතේ තියන කියන්නෙ ගෙදර අයත් ඉන්නවා.."
සුභාශ් තමන්ටම කියා ගත්තා
"කොහොම හරි කියනවා..අද""
දැඩි ලේස හිතට එහෙම කියා ගත්ත සුභාශ්ට එක පාරටම කල්පනා උනේ තමන්ගෙ නංගී සාවින්දි 

ගැන...
ඉයේ තමන්ට හිතේ ඇතිවුන සැකය සාවින්දිගෙන් අහන්නත් ඔනේ "එත් දැන් අහන්න වෙලාවක් 

නැනේ..""අද පහන්යා ඇවිත් ගියාට පස්සෙ මම එක අහන්නම්කො.."
තමන්ටම එසේ කියා ගත් සුභාශ් එක පාරටම ගැස්සි ගියේ තමන් ලග ඉශාන් ඉන්නවා දැකිමෙන්ය..
"මොකද ඉශාන් මෙ උදේ පාන්දරම..?
"නැ..නැ සර් මට උදෙන්ම ඇහැරුනා ඉතින් මම සර්ව බලන්න ආවා.."
ඉශාන්ටත් දැන් වැඩිය නින්ද යන්නෙ නැත උදෙන්ම නැගිට්ටෙ සාවිගේ මුණ බැලිමටයි..

*********************

පහන්යට පාරට බැහැපු වෙලාවෙ ඉඳන් තියෙන්නෙ පුදුම හදිස්සියක්... සුභාෂ්ගෙ ගෙදර තියෙන්නෙ 

ලංකාවෙ කෙලවරේ තරම් දුරක වගෙයි පහන්යට දැනෙන්නෙ. ඉගිල්ලෙන්න පුලුවන් උනානම් කෙල්ල

 ඇහිපිය ගහන්න කලින් සුභාෂ්ගෙ ගෙදර දොරකඩ ඉඳියි.. සුභාෂ්ගෙ හිතේ කලබලෙයි හදිස්සියයිත් 

මේ වගේමයි කියල පහන්යා හොඳටම දන්නවා. 
සුභාෂ්ව දැකපු මුල්ම දවසෙ ඉඳන් වෙච්ච දේවල් එකින් එකට මතක් වෙද්දි පහන්යට වෙලාව යනව

 කියල අමතක උනා. 
*****
කාමරේට වෙලා ජනේලෙන් මිදුල දිහාම බලන් ඉඳලම සුභාෂ්ගෙ ඇස් වලට වෙහෙසයි. ඒත් ඊට වඩා

 හිතට දැනෙන අමුතු හැඟීම බලවත්. හිතේ අස්සක් මුල්ලක් නෑර පහන්යා ගැන සිතුවිලි වලින් පිරිලා. 

හිතේ තියෙන ආදරේ කියාගන්න විදිය හිත හිතා සුභාශ්ගෙ හිත දහ අතේ කල්පනා කරනවා. එක 

පාරටම මිදුලෙ ඈත කෙලවරෙන් මතුවෙච්ච සුභාෂ්ගෙ බලාපොරොත්තුව සුභාෂ්ව තවත් කලබල කලා..

පහන්යාගෙ හිතට ලොකු අමුත්තක් දැනෙනව. සුභාශ්ගෙ ගෙදරට ආපු පළවෙනි වතාවනෙ. ගේ 

දොරකඩට ගිහින් පහන්යා හෙමිහිට දොරට තට්ටු කලේ ගැහෙන හදවතින්.. සාලෙට වෙලා පොතක්

 බලන සාවින්දි දොරට තට්ටු කරන සද්දෙ ඇහුණ ගමන් ඉස්සරහට දුවගෙන ආවා. ඇය දැක්කෙ 

දොරකඩ හිටගෙන ඉන්න පහන්යව..

"පහන්‍යා අක්කා ඔයා මෙහෙ....?"සාවින්දි ඇස් දෙක නළලට අරන් පහන්ය දිහා බලාගෙන. පහන්යා

 මොනවත් නොකිය යන්තම් හිනා වුණා.
"එන්න අක්කා ඇතුළට.. අයියේ.... මේ පහන්‍යා අක්ක ඇවිත්.."
සුභාෂ්ට කාමරෙන් එලියට යන්න හදිස්සියි. ඒත් කොහොමද යන්නෙ.. 
"නංගි මට එලියට එන්න අමාරුයිනෙ. පහන්යා අක්කව මෙහෙට එක්කරගෙන එනවද..?" සුභාෂ් 

කාමරේ ඉඳගෙනම සාවින්දිට කිව්වා.
කාමරේ දොර රෙද්ද මෑත් කරගෙන ඇතුළට යන සාවින්දි පස්සෙන්ම පහන්යත් කාමරේ ඇතුලට

 ගියා. 
"අක්කා ඔයාල කතා කරන්නකො එහෙනම්. මං අම්මට කියන්නම් ඔයා ආවා කියල.." සාවින්දි 

එහෙම කියල කාමරෙන් එලියට ගියා.
"පහන්යා.." සුභාශ් කටහඬ අවදි කලා. 
"මොකද මූණ හොඳටම රතු වෙලා. මහන්සියිද?" සුභාෂ් අහද්දි පහන්යට පුංචි හිනාවක් ගියා.

 කොයිතරම් මහන්සියක් දැනුණත් ඒ හැමදේම මේ ඇස් ගාව අමතක වෙනව කියල සුභාෂ් දන්නෙ

 නැතිව ඇති.. පහන්ය තමන්ටම හිතින් කියාගත්තා.
"කතා පෙට්ටියත් වැහිලා. ලෙඩෙක් බලන්න ආවනම් අහන්නෙ නැද්ද කොහොමද කියලවත්..

"සුභාශ් ආයෙමත් ඇහුවෙ කෙල්ල වචනයක්වත් කතා කලේ නැති නිසා. 
"ලෙඩාට ඇති ලෙඩක් මූණෙන්නම් පේන්නෙ නෑ. ඉතින් මොකටද කොහොමද කියල අහන්නෙ.. "
"ආ ඇත්තද?? ඔව් දැන් ලෙඩ සනීපයි. දොස්තර නෝනා ළඟට ඇවිල්ලනෙ ඉන්නෙ. "
"සුභාශ් අයියේ.."
"ම්ම්ම්..."
"ඇයි මේ හදිස්සියේ ඔයා මට එන්න කිව්වේ.."
"ඇයි ඔයාට ඒක කරදරයක්ද? මං එන්න කියපු එක..."
"අනේ නෑ..."
"මට එන්න පුලුවන් උනානම් මේ හා පැටික්කිව තනියම මෙච්චර දුර ගෙන්නන්නෙ නෑ මං.. 

සොරි පහන්යා.."
"ඒකට කමක් නෑ... ඉතින් කියන්න්කො.. මොනවද කියන්න තියෙනව කිව්වෙ?"
"ම්ම්ම්ම්.... මෙහෙම බෑ... අපි එලියට යමු. ඉන්නකො තාත්තට කතා කරනකන්.. මට තනියම 

එලියට යන්න බෑනෙ ඇවිදගෙන.."
"ඉතින් ඇයි මේ මං ඉන්නෙ.. යමු මංඔයාව එක්කගෙන යන්නම්.." පහන්යා එහෙම කියල 

කිහිලිකරු දෙක ඇඳ ලඟට අරගෙන සුභාශ්ව හෙමිහිට නැගිට්ටවද්දි සුභාශ්ට දැනුනෙ කියාගන්න

 බැරි තරම් ආදරයක්. ඇස් වලට කඳුලුත් ආවා. එලියෙ ලොවි ගහ යට බංකුවෙන් සුභාශ්ව හෙමිහිට

 ඉන්දවල පහන්යා තාමත් හිටගෙන.
"ඉතින් ඉඳගන්න. බුලත් දෙනකන්ද ඉන්නෙ?" සුභා හිනාවෙවී කියද්දි පහන්යත් හිනා වෙලා 

ඉඳගත්තා.

"පහන්යා.. මට ලස්සන වචන ගලපන්න තේරෙන් නෑ. හිතේ ඔයාට කියන්න දෙයක් තියෙනව. ඒක

 නොකිය ඉන්න බැරි උනා. ඒකයි ඔයාට එන්න කිව්වෙ.."
"ලස්සන වචන ඕන නෑ... කියන්නකො ඔයා .." 
"මං... මං කැමතියි මගේ ජීවිතේ ඉතුරු කාලෙ හැම තප්පරයක්ම... ඔයා.. එක්ක ගත කරන්න.. 

පහන්යා මං... ඔයාට ආදරෙයි..." සුභාශ් හිතේ තිබ්බ දේ අමාරුවෙන් වචන වලට ගළපද්දි පහන්යගෙ

 ඇස් වලට කඳුලු ඇවිත් ඒ ඇස් දිලිසෙන්න ගත්තා. 
"ඇයි පහන්යා.. අනේ මං.." සුභාශ් කියන්න යද්දිම පහන්යා සුභාශ්ගෙ අත් දෙකෙන්ම අල්ලගත්තා.

 සුභාශ්ගෙ මූණට එබිලා බලාගෙන ඉඳියෙ සතුටට එක වචනයක්වත් කතා කරගන්න බැරි නිසා.

"මගේ ජීවිතේ අහපු ලස්සනම වචන ටික ඔයා දැන් කිව්වෙ මහත්තයෝ.. ඔයිට වඩා ලස්සන වචන තව 

කොහෙන්ද?"
"ඔයා...."
"ඔව් මහත්තයෝ.. මං කැමතියි ඔයා එක්ක මුලු ජීවිත කාලෙම හුස්ම ගන්න. මං ඔයාට ආදරෙයි..

"කෙල්ල අඬ අඬා කියද්දි සුභාශ්ට දැනුණෙ උහුලගන්න බැරි තරම් සතුටක්.
"අඬන්නෙපා මගෙ මැණික.. මේ කඳුලු සතුටට කියල මං දන්නවා. ඒත් ඔය ඇස් වල කඳුලු දකින්න 

බෑ මට. කෝ හිනාවෙන්න.." සුභාශ් එහෙම කියද්දි පහන්‍යා ඔලුව උස්සල යන්තමට හිනා වුණා. 

සුභාශ් පහන්යගෙ නළලට ආදරේ පොරොන්දුව එකතු කරපු පළමු හාදුව දුන්නෙ කියාගන්න 

බැරිතරමෙ ආදරෙකින්...

මතු සම්බන්ධයි.

*අද කවර් පොටෝ එකට පොටෝ එක දුන්න thilanka thakashila දෙපලට මාගේ හදපිරි ස්තූතිය*

අද කතාව අකුරු කල මම ගෙම්බා*තනෝජ්*

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Mar 2017 06:49 PM
  •  Quote
  •  Reply
දැන් නව කතා වල්ට "hikzzz .' කියලත් දානවා නෙද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 01:42 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 01:50 PM
  •  Quote
  •  Reply
සෙනෙහස පාමුල.

24- කොටස.

සුභාශ්ගේ මුල්ම හාදුව නිසා රතු කර ගත් මුහුණ ඉවත හරවා ගත් පහන්යා පුළුවන් තරම් සුභාශ් ගේ 

දෙනෙත් මගෑරියා. 

‘‘පහන්නයා.‘‘... ‘‘ම්ම්ම්ම්‘‘ පහන්යා ඔහු දෙස නොබලාම කිව්වා.

‘‘තරහද?...‘‘

‘‘මොකටද සුභාශ් අයියේ...‘‘ පහන්යා දන්නවා සුභාශ් මොනවා ගැනද අහන්නේ කියලා.. ඒත් දන්න 

බව අගවන්න පහන්යා මැලි වුණා.

‘‘තරහා නැත්තම් එච්චරයි..‘‘ සුභාශ් ඔහු ළගම වාඩී වෙලා හිටිය පහන්යගේ කර වටා අතක් යවලා ළං 

කර ගත්තා. පහන්යා ට මේක හරියට හීනයක් වගේ.. පහන්යා.. නිතරම කල්පනා කලේ මේ දේවල් 

වෙන්නේ හැබෑටමද කියලා.. තමන්ගේ ඇස් ,කන්ම අදහා ගන්න බැරි තත්වයක තමා පහන්යා හිටියේ.

‘‘පුතා තේ ටික ගේන්නද?.‘‘ සුභාශ්ගේ අම්මා උගුර පාදලා විමසද්දී.. පහන්යා බයටම සුභාශ්ගෙන් ඈතට

 විසි වුණා... අම්මා දකින්න ඇද්ද කියලා සුභාශ්ටත් බයක් දැනුන.. නමුත් දවසක අම්මා පහන්යට අකමැති

 නොවන බව නම් සුභාශ්ට හොදටම දැනුනා.. නමුත් මේ පහන්යා ගැන ගෙදරට කියන්න හොද වෙලාවක්

 නෙමෙයි කියලා තමා සුභාශ්ගේ මතය වුනේ.

සුභාශ්ගේ ළගටම වෙලා පැය කීපයක් ගත කරපු පහන්යා.. වරුවෙන් සේවයට වාර්කා කරන්න පිටත් වුණා.

 පහන්යට හිතක් තිබුණේ නෑ.. සුභාශ්ව දාලා යන්න. හෙට සුභාශ් ඉශාන්ලගේ ගෙදර ගියාම ආයි කවදා 

දකින්න ලැබෙයිද කියලා පහන්යා.. කීපවරක්ම හිතමින් හීල්ලුවා.. පහන්යට නොකිව්වට සුභාශුත් හිත 

යටින් ලොකු දුකකින් හිටියේ.. පහන්යා ගියාට පස්සේ සුභාශ්ට එක පාරටම මතක් වුනේ ඉශානුයි සාවින්දී..

 ඔවුන් පේන තැනක ඉන්නවද බැලුවත් ඔවුන් පේන හරියක හිටියේ නෑ.. සුභාශ් කිහිළි කරුවෙන් අමාරුවෙන්

 ඇවිද ඇවිද ඒ දෙන්නව හෙව්වා. එතකොට තමා ඉශානුයි සාවින්දි සාවිනිදිගේ කාමරේ ඇතුලේ කතා කර 

කර ඉන්නවා දැක්කේ.. සුභාශ් සද්ද නොකරම ඔවුන් දෙන්නගේ කතාව අහන් හිටියා.. කලින් සුභාශ්ගේ 

හිතේ ඇති වෙලා තිබුණ සැකේ නිසාමයි සුභාශ් එහෙම කරන්න හිතුවේ.

‘‘අනේ ඉශූ යන්නකෝ... අම්මා වත් ආවොත්. මට ආයි ඔයාව දකින්න වත් ලැබෙන එකක් නෑ.‘‘ 

‘‘හරි හරි සාවී... මම යන්නම් ඉතින්... මම මේ... නවතින්න ආවේ නෑනේ.‘‘ ඉශාන් සාවින්දිගේ පොත් 

මේසය උඩ ඉදගෙන සාවින්දිත් එක්ක ලොකු කතාවක. සාවින්දි නම් හිටියේ හුගක් බයෙන්.. මොකද 

සාවින්දී අයියාගේ හැටි හොදටම දන්නවා.. පොඩි හරි සැකයක් ආවොත් අල්ලගෙන තමා නවතින්නේ 

කියලා සාවින්දී දැනන් හිටියා. ඉශානුත් සුභාශ් සර්ගේ හැටි නොදැන නෙමෙයි. ඒත් සුභාශ් මේ වෙලාවේ 

පහන්යා අක්කා එක්ක ඉන්නේ කියලා හිතුණු ඉශාන් බය නැතුව සාවින්දි එක්ක කතා කර කර හිටියා.

‘‘මොකද මොතන වෙන්නේ...‘‘ උගුරු පහදපු සුභාශ් එක පාරටම කිහිළිකරුවේ වාරුවෙන් කාමරයට 

ඇතුල් වුනා. සුභාශ්ගේ හඩත් එක්කම මේසෙන් බිමට පැනපු ඉශාන් ඉන්නේ.. හොදටම බය වෙලා.. ඒ 

මදිවට සාවින්දී.. සාවින්දිය නිකන් සිහිසුන් වෙන්න ළං වෙලා වගේ දැනුනේ.. 

‘‘ ලොකු... ඉශූ මල්ලී.. කම්මැලි නිසා මාත් එක්ක කතා කරන්න ආවා..‘‘ සාවින්දි ඉක්මණටම නිදහසට 

කරුණු කිව්වා..

‘‘මම ඇහුවේ නෑනේ නේද?.‘‘සුභාශ් හරිම සන්සුන්ව කතා කළත් ඔහු ඉන්නේ කේන්තියෙන් කියලා 

සාවින්දී දැනන් හිටියා.. මොන ප්රනශ්යකදී වුණත් සුභාශ් කෑකෝ ගහලා ගහලා බැනලා ප්රොශ්නය 

විසදන්න හදන කෙනෙක් නෙමෙයි.. නමුත් සුභාශ් නිහඩව දෙන දඩුවම අනිත් සියලුම දඩුවම් වලට වඩා

 වේදනාකාරී කියලා සාවින්දිත් ඉශානුත් දෙන්නම හොදටම දැනන් හිටියා.

‘‘ඉශාන්.. ගිහින් යන්න ලෑස්ති වෙන්න.‘‘ සුභාශ් ඉශාන් දිහා කෙලින් බලලා එහෙම කියද්දී ඉශාන් 

ඉබේටම කාමරෙන් එළියට ගියා. සුභාශ්ට තිබුණ බය නිසාම ඉශාන් නිහඩවම ඇදුමක් මාරු කරගෙන 

යන්න සූදානම් වුණා. සුභාශ් සර් සාවින්දිට ගහයිද කියලත් ඉශාන්ට බය හිතුණා. ඒත දැන් සර් ඉස්සරහට 

ගියොත් තවත් සර්ට කේන්ති යන බව දන්න ඉශාන්.. සුභාශ්ගේ ඇද මත වාඩී වෙලා කල්පනා කලා.

‘‘පොඩ්ඩී... මොළේ කියලා එකක් නැද්ද?.. මම ඕවද කරන්න කියලා තියෙන්නේ.‘‘

‘‘අනේ ලොකු....‘‘ සාවින්දී දැන් බයටම අඩනවා... ඉශාන්ට මොනවා කරයිද කියලා සාවින්දිට බයයි.‘‘

‘‘දැන් මොකුත් කතා කරන්න ඕනේ නෑ.. මම පස්සේ එන්නම් නිදහසට කරුණු අහන්න.. ඉශාන් යනකන් 

කාමරෙන් එළියට එනවා නෙමෙයි තේරුනාද?.‘‘ අනේ ලොකු ඉශූට නම් ගහන්න වත් බයින්න වත් එපා..

 ඉශු නමෙයි මමයි මොකට වැරදී කියලා සුභාශ්ගේ දෙපා මුල වැටිලා අඩන්න සාවින්දිට ඕනේ වුණා. අයියට 

තිබුණ බය නිසාම සාවින්දී ඇදට වැඩිලා අඩන්න පටන් ගත්තා.

‘‘පොඩ්ඩී... ඇඩුවට කම්ක්නෑ.. ඔය විකාර අම්මට එහෙම දැන ගන්න තියනවා නෙමෙයි.. මේ සම්බන්දේ 

මෙතනින් ඉවරයි.. ආයි කවුරුවත්ම මේක දැන ගන්න ඕනේ නෑ..‘‘ ඇදේ පෙරළිලා හිටපු සාවින්දි කදුළු 

නවත්ත ගන්න උත්සහ කරමින් හිස සැලුවා පමනයි.
‘‘ ඔලුව හොල්ලලා මදී මට ආයි අහු වෙන්න එපා.. එදාට මේ අයියා මීට වඩා හුගක් දරුණු වෙයි.. ලැජ්ජ 

නැද්ද පොඩ්ඩී.. ඉශාන් ඔයාට මල්ලියෙකුත් නේද?.. ‘‘ සාවින්දිටයි.. ඉශාන්ටයි බාධාවක් නොවිච්ච වයස 

සුභාශ්ට ලොකුම බාදාව වෙලා තිබුණා..

‘‘ඉශාන් තව ටිකකින්.. ඔයාට කැබ් එකක් එයි ගෙදර යන්න..‘‘ සුභාශ් එහෙම කියාන කාමරයට ඇතුල් 

වෙද්දී බර කල්පනාවක හිර වෙලා හිටිය ඉශාන් ඇදෙන් නැගිට්ටා. ඉශාන්ට සර්ට මූණ දෙන්න බෑ.. ඉශාන්

 හිටියේ බිම බලාගෙන. සාවින්දිට දුන්න අවවාදෙම සුභාශ් ඉශාන්ටත් දුන්නා... ඉශානුත් සාවින්දී වගේම

 හිස සැලුවා මිසක් මොකුත් කිව්වේ නෑ..

‘‘සර්... අනේ මට සමාව දීලා මාත් එක්ක යමු සර්.. මට සර්ව මෙහෙ දාලා එහෙ යන්න බෑ.‘‘ හුගවෙලවෙක 

නිහඩ බවකින් පස්සේ ඉශාන් කිව්වා.

‘‘බෑ .. මම ආයි එන්නේ නෑ එහෙ... මගේ වැරැද්ද?.. මිස්ට ඉද්දමල්ගොට එහෙම දැන ගත්තොත් මේවා..

ෂි.. මම කොහොමද ඒ මිනිස්සුනට මුහුණ දෙන්නේ.. මෝඩ වැඩ කරන්න එපා ඉශාන්..‘‘ සුභාශ් ඉන්නේ 

වුණ දේ ගැන හුගක් අවුලෙන් බව ඉශාන්ට හොදටම දැනුනා.

‘‘ඒත් සර් කකුලට බෙහෙත්..‘‘

‘‘ඒවා මම බලා ගන්නම්.. ඔයාලා හම්බනොවුනා නම් අපි බේත් නොකර ඉන්නේ නෑනේ.. ඒවා හිතන්න

 එපා.. ඉස්සරලා විභාගේ ගැන හිතනවා.‘‘ ඉශාන්ගේ කතාවට හරස් වුන සුභාශ් කියගෙන ගියා. සුභාශ්ගේ

 ජීවිතේට මේතරම් උදව් කරපු.. මිස්ටර් ඉද්දමල්ගොඩටයි මිසිස් ඉද්දමල්ගොඩටයි වචනයකින් වත් රිදෙනවා

 දකින්න සුභාශ් ආස වුනේ නෑ. මිස්ටර් ඉද්දමල්ගොඩට කෝල් කරපු සුභාශ් එහෙ ආයෙත් නොඑන්නේ.. 

තාත්තා අකමැති නිසා කියලා කිව්වා. තාත්තා දන්න වෙදගෙදරක් තියේ කියලා තාත්තා එතනින් බෙහෙත්

 කරන්න යන්නෙත් කියලා.. සුභාශ් ලොකු බොරුවක් කිව්වා.

ඉශාන් අන්තිම මොහොතේ යන්න පිටත් වෙන්න සුභාශ්ගේ දෙපා මුල වැටිලා විදිද්දී සුභාශ්ගේ හදවත හුගක් 

වේදනා දුන්නා. මොකද සුභාශ් දන්නවා ඉශාන් එයාට මොන තරම් ආදරෙයිද කියලා. තමගේ ජීවිතේ පරදුවට

 තියලා ඉශාන් ඔහුගේ ජීවිතයත් රැක ගත් බව සුභාශ්ට අමතක නෑ.. හිතේ හැංගිලා තිබුණ ආදරය අමාරුවෙන් 

හිත ඇතුලේ තද කරගෙන සුභාශ් අමාරුවෙන් දැඩි බවක් මවා පෑවා.ඉශාන් ගියාට පස්සේ සුභාශ් පැත්තකට 

වෙලා ඉශාන් ගැන කල්පනා කලා.. ඇත්තටම ඉශාන් ගැන සුභාශ්ට තිබුනේ වේදනාව කැටි වුණ තරහක්.. 

ඒක නිසාම සුභාශ් ඉශාන්ට හිතින් බැන වැදුණා.

සුභාශ් ඉශාන් එක්ක නොයා ඉද්දිම සුභාශ්ගේ අම්මට සැකයක් ඇති වුණා. ඒ මදිවට.. සාවින්දිත් දුකෙන් 

පැත්තනට වෙලා ඉන්නවා. ඒක නිසාම සුභාශ්ගේ අම්මා දිගින් දිගටම ප්ර ශ්න කලා. ඒ එකකටවකත් සුභාශුයි

 සාවින්දී.. හරි උත්තරයක් දුන්නේ නැ.

හරිම වේදනාවෙන් දවස් කිපයක්ම ගෙවිලා ගියා. හිතේ නිදහසක් නැති නිසාම සාවින්දී ගෙදරන් පිටටවත් 

ගියේ නෑ.. පංතී වත් ස්කෝලෙවත් ගියේ නෑ.. පාඩම් කරණ බව පෙන්වපු සාවින්දී.. පොත් ටික පොරලගෙන

 පොත් දිහා බලාගෙන හොරෙන් ඇඩුවා. සුභාශ් සාවින්දිගේ ජංගම දුරකථනයත් ගත්තු නිසා.. කාට හරිම දුක

 කියා ගන්නවත් විදියක් සාවින්දිට තිබුණේ නෑ..

ඉශානුත් තොන්තුවෙලා වගේ පැත්තකට වෙලා ඉද්දී ඉශාන්ගේ ගෙදර අය හිතුවේ සුභාශ් සර් නැති පාළුව ,

 දුක නිසා වෙන්න ඇති කියලා. ඉශාන්ගේ හිත කිව්වෙම ආයෙනම් කවදාවත්ම සාවින්දිගේ කට හඩවක් 

අහන්න ලැබෙන එකක් නෑ කියලා.ඉශාන්ට ඉවෙන් වගේ දැනුනා සර් සාවින්දිගේ දුරකථනය ගන්න ඇති 

කියලා.

ඉශාන්ට සුභාශ් සර්ට කතා කරන්න ඕනේ වුනත් කේන්ති යාවී කියලා බය හිතුණා.. ඒක නිසාම ඉශාන් 

සර්ගේ විස්තර ගන්න අම්මා ළග හුරතල් වුණා. ඉශාන්ගේ අම්මටත් දැන් නම් චුට්ටක් විතර සැකයි.. පහුවදා

 එන්නම් කියලා නතර වුණ මනුස්සයා තනියට තියලා ආව ළමයව කැබ් එකක එව්වා. කිරි පැණී වගේ හිටි 

ගුරයි ගෝලයි තරහා වෙලාද කියලා ඉශාන්ලගේ අම්මා විහිළු කළා. කොහොම වුණත් සුභාශ් ආයෙමත් අපු 

නැති එක ගැන නම් ඉශාන්ගේ අම්මගේ හිතේ ආත්මාර්ථකාමී සතුටක් තිබුණා. හැම අම්මම තමන්ගේ

 දරුවගේ ආරක්ෂාව ගැන හුගක්ම හිතනවනේ.. සුභාශ් මෙහෙ ඉන්න කොට අර කල්ලියෙන් ඉශාන්ට 

කරදර වෙයි කියලා ඇයට ලොකු බයක් තිබුණ. 

ඒක නිසාම සුභාශ්ට කොල් කරපු හැම වෙලාවකම කිව්වේ.. ‘‘පුතා මෙහෙ ආවට නම් කමක් නැ.. සනීප 

වුනාම. හැබැය.. ඔය පාතලකරයො එක්ක හැප්පෙන එක නැවැත්තුවොත් හොදයි.. මතකනේ එක පාරක් 

වුණ දේ.. ඔයින් බේරුනා ඇති.‘‘ කියලා.සුභාශ් නම් පසු බහින්න කැමති වුනේම නෑ.. ඒ ගැන වචනයක් 

වත් කතා නොකෙරුවත් හිත ඇතුගේ කිදා බැහැලා තිබුනේ.. ‘‘මම කොහොම හරි ඔය මිනිස්සුන්ගෙන් 

සරණ ළමයි ටික බේර ගන්නවා කියන හැගීම විතරයි.


සතියකට විතර පස්සේ.. සාවින්දී අමාරුවෙන් හිත හදාගෙන පංති ගියේ යාළුවෙක්ගෙන් හරි දුරකථනයක් 

ඉල්ලගෙන ඉශාන්ට කතා කරනවා කියලා හිතාගෙන.. හිතපු විදියටම සාවින්දී.. ඇමතුමක් ගත්තා.. ඒත්

 ඉශාන් පිළිතුරු දුන්නේ නෑ නෑ.. නදුනන අංකයකින් එද්දී සාවින්දි වෙන්න ඇති කියලා ඉශාන්ට හිතුණා..

 මම මේක ආන්සර් කලොත් සර්ට අහුවෙනවා.. සාවී මට කතා කලා කියලා.. මොකද සර් සාවිගේ 

නම්බරෙන් මගේ පොන් එක ඩයිවට් කරලා තියෙන්නේ.. කල්පනාවෙන් වැඩ කරපු ඉශාන් වෙන 

අංකයකින් සාවින්දිට ගත්තා ඒ වෙද්දී.. සාවින්දි ගත්තු අංකය කාර්යබහුල වෙලා තිබුණා..

ඉශාන් ඇමතුමට පිළිතුරු නොදේදී.. සාවින්දිට හුගාක් දුක හිතුණා. ඒක නිසාම පහන්යට ඇමතුමක් 

අරන් දුක කියන්න හිතපු සාවින්දී.. පහන්යට කතා කලා.. සාවින්දී.. මේතරම් දවස් හිතේ තද කරන් 

හිටිය දුක කදුළුත් එක්කම පහන්යට කියලා හිත සැහැල්ලු කර ගන්න උත්සහා ගත්තා..

‘‘අනේ පහන්යා අක්කී.. ඉශුත් මාත් එක්ක තරහා වෙලාද කොහෙද පොන් ආන්සර් කරන්නේ නෑ.. අනේ

 අක්කේ අපේ ලොකු වසයි.. මම කොහොමද ගෙදරදී.. කතා කරන්නේ.. ඉශු පොඩ්ඩක් තේරුම් ගන්න 

එපෑ.‘‘ සාවින්දී අඩද්දී.. පහන්යටත් දුකයි.

‘‘කළබල නොවී ඉන්න සාවී.. මම ඉශු එක්ක කතා කරන්නම්.‘‘

‘‘අනේ අක්කේ.. අපේ ලොකු ඉශුට ගහයිද?.‘‘ සාවි එක පාරටම ඇහුවා.

‘‘සුභාශ් අයියා ඒ තරම් නපුරුද?.‘‘ පහන්යට පුදුම හිතුණා සුභාශ් බෝ පැලේ වගේ ඉන්න නිසා.

‘‘නෑ... නෑ... ලොකු මට හුගක් ආදරෙයි. ඒ නිසා මට බයක් දැනෙනවා.

‘‘ඔයා දන්නවද.. සුභාශ් ඉශුටත් ඔයාට වගේම ආදරෙයි.. බය වෙන්න එපා.‘‘ පහන්යා සාවින්දිව 

සැනසුවා...

‘‘ඉන්නකෝ මම ඉශුට අරන් බලන්නම්.‘‘ පහන්යා එවෙලෙම ඉශාන්ට ඇමතුමක් ගත්තා.. ඒ ඇමතුමට

 පිළිතුරු නොදුන් ඉශාන් වෙනත් අංකයකින් ගත්තා.. ඉශාන් සේරම විස්තරය කිව්වම සුභාශ් මේතරම්

 නපුරුයිද කියලා පහන්යට මොහොතකට හිතුණ.. සර්ලගේ හැටි ඔහොම තමා.. පහන්යට තනවම 

හිනාවකුත් ආවා. ඒ පිටට සවින්දිට නැවත ගත්තු පහන්යා... ඉශාන්ගේ අළුත් අංකය සාවින්දිට දුන්නා.. 
‘‘හුගක් පරස්සම් වෙන්න සාවි.. බය වෙන්න එපා .. මම කොහොම හරි සුභාශ් අයියව ශේප් කරලා 

දෙන්නම්.. හැබැයි..ඔයාලා ටිකක් ඉවසීමෙන් ඉන්න.. ‘‘ පහන්යා එහෙම කියද්දී, මේ තරම් දවස් 

කෙලවරක් නැතුව විසදුමක් හොයපු සාවින්දිගේ හිතට ලොකු සැනසීමක් දැනුනා.

සුභාශ් ගමෙන් ගියාට පස්සේ..හැටේ වත්තේ විජෙයි උගේ ගෝලයෝ වුණ හේරයි සුද්දයි, අනිත් වුනුයි

 නිදහසේ තමන්ගේ වැඩ කරන් ගියා.. සුද්දා නම් වුන සුරංග හොදට ඉගෙන ගත්තු කොල්ලෙක්.. විශ්ව

 විද්යාුලෙත් ටික කාලයක් ගියා.. ඒ කාලෙදී.. කවුද කල්ලියක් සුරංගගේ අම්මයි තාත්තවයි මරලා

 සුරංගවත් මහපාරට ඇදලා දැම්මා.. ඒ.. සුරංගලාගේ ඉඩමේ නිධානයක් තියෙනවා කියලා ඉව වැටිලා

 තිබුණ නිසා.. නඩු කිව්වුත් සුරංගට සහනයක් ලැබුනේ නෑ.. හොර ලියකියවිලි හදලා වුන් ඉඩම් අයිතිකර

 ගත්තා.. කොහෙද යන අහිංසක මිනිහෙක්ව හිරේ යවලා.. වංචාකාරයෝ බේරුණා.. සුරංග උන්ගෙන් පළි 

ගන්න තමා.. හැටේ වත්තේ විජේට එකතු වුනේ.. ඒත් ඒ හොරු කවුද කියලවත් සුරංගට තාම දැන ගන්න 

ලැබුණේ නෑ.. තමන්ටම කියලා වැටිලා ඉන්න පැළක් වත් නැති සුරංග තමන් එක්ක රහසේම ආපු ගෑණි..

 පුංචී කොලු පැටව් දෙන්නයි එක්ක ලැයිම් කාමරයක ජීවත් වෙනවා... උන්ගේ ජීවිත හරියට මෙලොව 

අපාය වගේ.. සුරංගට පොඩි වුන් ගැනයි ගෑනි ගැනයි දුකක් නැතුව නෙමෙයි.. එත් දැන් මේ රස්සවෙන් 

සුරංග බේරුමක් නෑ.. මේ වැඩ කරන්නේ ආසාවෙන් නෙමෙයි.. විජේ අයියාගෙන් ඈත් වුනොත් මහ උළු 

ගෙදර තපින්න වෙන බව සුරංග දන්නවා.. ඒක නිසාමයි සුරංග විජේ අයියාලග ඉන්නේ.

‘‘ ඒ... සුද්දා.. මොකද අවුල.. පොඩි උන්ට අසනිපයක් වත්ද?‘‘ සුරංග බෝක්කුවක් උඩ ඉදගෙන කල්පනා

 කරද්දී.. විජේ අය්යා සිකරැට්ටිවක් දල්වන ගමන් ඇහුවා.

‘‘නෑ .. විජේ අයියේ.. මට මේ .. මගේ අම්මායි අප්පොච්චි මතක් වුණා.‘‘

‘‘හරි... හරි.. බං කල්පනා කරන්න දෙයක් නෑ.. මම කිව්වනේ.. උන්ගෙන් අපි වාඩුව ගන්නවා මයි.. 

කෙහෙල් මල් නීතිය.. උන්ට පුළුවන් අහිංසකයෝ හිරේ දාන්න විතරයි..‘‘ විජේ අයියාගේ කතාවත් එක්ක..

 සුරංගගේ දුකට කෝපයකුත් එකතු වුණා.

‘‘ඔව්... හෝරා කියපං..‘‘ එවෙලෙම විජේ අයියගේ දුරකථනය නද දුන්න නිසා ඔහු ඇමතුමට සවන් දුන්නා..

 සුරංගත් බලන් හිටියේ මොකද්ද නිව්ස් එක කියලා.

‘‘ඒ... සුද්දා බයික් එක ගනිං.. ආන් අරු ආයි ගමට එනවලු...‘‘ ඇමතුම විසන්දී නොකරම විජේ අයියා 

කේන්තියෙන් කියද්දී සුරංග බයික් එකට පැනලත් ඉවරයි.. විජේ අයියත් බයික් එකට නැගුන විලසම 

සුරංග රේසි බයිසිකලයේ කුරුල්ලා වගේ ඉදිරියට ඇදුනේ කවුද එන්නේ කියලා වත් අහන්නේ නැතුව.

‘‘මොකාද විජේ අයියා එන්නේ.‘‘ නයරය කිට්ටු වෙද්දී..සුරංග විමසුවා.

මාසෙකට පසුසේ සුභාශ්ට දැන් හොදට පොළොවේ අඩිය ගහලා ඇවිදින්න පුළුවන්.. සුභාශුයි පහන්යයි.. 

දැන් හොදටම ආදරෙන් ළං වෙලා හිටියා.. සුභාශ්ලගේ ගෙදරින් නම් දෙන්නගේ සම්බන්දේ දන්නවා..

 ඉක්මණින්ම පහන්යලගේ ගෙර යන්න තමයි සුභාශ්ලගේ දෙමාපියෝ හිතන් ඉන්නේ.. සුභාශුයි 

පහන්යවයි එකතු කළාම වත් මේ මුරණ්ඩු වැඩ නතර වෙයිනේ කියලා සුභාශ්ගේ අම්මා හිතුවා.. 

ඉශාන්ගෙයි.. සිවින්දිගෙයි ආදර පලහිලව්ව දැන් සේරටම අමතක වෙලා ගිහිනි තිබුණා.. ලොකු නෑනගේ

 උදව් නිසාම.. දෙන්නා හුගක් පරිස්සමින් සම්බන්දේ පවත්වගෙන ගියා.. සාවින්දි නම් හුගක් බයෙන්

 ඉන්නේ.. මේ පාර අහු වුනොත් නම් තමන්ව ගෙදරිනුත් පන්නයි කියලා සාවින්දි හිතුවේ.. ඒත් සාවින්දිට

 ඉශාන්ව අමතක කරන්න බැ.. ඒ තරමට සාවින්දීයි ඉශානුයි.. ආදරෙන් බැදිලා සිටියා.. කවදා හරි දවසක

 ඉශාන්ටයි සාවින්දිටයි ළං වෙන්න පහන්යා උදව් කරයි කියන බලාපොරොත්තුව දෙන්නගෙම හිත් වල 

ලොකුවටම තිබුණා.

කකුළ හොද වුණ ගමන් සුභාශ් ආයෙමත් ගමට එන්න සැරසුණා... කළු මමලාගේ ගෙදරටත් කතා කරපු

 සුභාශ්.. කැබ් එකක් කතාකරගෙන කැළණීයෙන් පිට වෙලා ආවේ අම්මයි අප්පච්චී එපා කියද්දී.. එන්න 

කලින් සුභාශ් හැමදේම සැලසුම් කලා.. පහන්දිලාගේ ආයතනයට කතා කරපු සුභාශ් කල්ලිය පොලිසියට 

කොටු කරන්න උදව් ඉල්ලුවා.. පහන්යටත් සුභාශ්ගේ ජීවිතේ ගැන බයයි.. ඒත් ඒ.. සාධාරන වැඩේට 

හරස් වෙන්න ඇය අකමැති වුණා... සුභාශ් පහන්යට එන්න එපා කියලා නීති පනවලා ගියත්.. සුභාශ්ට 

හොරෙන්ම බොසුයි තව කීපදෙනෙකුයි එක්ක පහන්යත් ගමට එන්න සැරසුණා.

‘‘ඉක්මන් කරලා වරෙල්ලා වෑන් එකත් අරන්.. මු මෙතනදි මිස් වුනොත් අපිට අල්ල ගන්න වෙන්නේ 

නෑ..‘‘ හැටේ වත්තේ විජේ අයියා මග බල බල කේන්තියෙන් පුපුරු ගැහුවා.. ඒ කෑ ගැහිල්ලත් එක්කම 

විජේගේ ගෝලබලයෝ පිරුන වෑන් එක ඔවුන් වෙතට ආවා. පාරේ පාළු හරියක වංගුවකුත් අල්ලා වෑන් 

එක නතර කර ගත්තු උන් මග බලන් හිටියා.. විජෙත් සුරංගත් ඇරෙන්න අනිත් සේරම කළු ඇදලා 

මුහුණුත් ආවරණය කරගෙන හිටියේ..

සුභාශ් ඈත තියාම දැක්කා... කට්ටියක් එතන ඉන්න බව ඔහු ඉදිරියටම ආවා. වෑන් එක පාරට හරස් 

කරලා විජේගේ කට්ටිය සුදානම් වුනේ සුභාශ්ට ගහන්න.. ඒත් ඒ එක්කම පිටි පස්සෙන් ආපු පොළිස් 

ජිප් එක දැකපු කල්ලිය සුභාශ්ව වෑන් එක ඇතුළට ඇදලා දාගෙන වේගයෙන් එතනින් පිට වුණා... 

විජේත් සුරංගත් අතුරු පාරකට හරවද්දී.. පොලීසියේ කණ්ඩායම වෑන් එක පස්සෙන්ම ලුහුබැදගෙන 

ගියා.. එන්න එන්නම වේගය වැඩි කරපු වෑන් එක අතුරු පාරවල් වලට දමමින් පොලිස් කණ්ඩායම 

මගාරින්න උත්සහා කලා.. අන්තිමේ පිටු පස ටයර් වලට වෙඩි තියලා වෑන් එක නවත්ත ගන්න පොලීසියට

 හැකි වුණා.. පොලිස් කණ්ඩායම වෑන් එක වරට කරලා බලද්දී ඇතුලේ හිටියේ රියදුරා විතරයි.. මුං 

කොහේට පැන්නද?..

සුභාශ් සැලසුම් හදන් ආවේ මේ විදියට කල්ලිය කොටු කරලා දෙන්න.. ඒත්.. සුභාශ්ට වාඩා කපටි වුන 

උන්.. පොලිස් කණ්ඩායම අගේට රවටලා සුභාශ්වත් අරන් පැනලා තිබුණා.

අවසන් කොටසින් හමු වෙමු..
අවසන් කොටස ලියන්නේ තනෝජ් අයියා..
අද කොටස අකුරු කෙරූ මම සදුනී.

අද කවර් පොටෝව සරසපු වසනාටත් ක්රිවශ් අයියාත් ගොඩක් ස්තූතියි.

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 01:52 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Apr 2017 01:55 PM
  •  Quote
  •  Reply
෴සෙනෙහස පාමුල෴

*අවසන් කොටස*


මිනිත්තු 3/4 යද්දි පොලිස්සියට තෙරුනේ තමන් හොදටම නොමග යවා විජේගෙ කල්ලිය සුභාශ් සර්ද 

රැගෙන පැන ගොස් ඇති බවයි..

********************* 

එ මොහොත වෙද්දිත් එතනට පැමිනෙමින් සිටි පහන්යා ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබුනේ සුභාශ්

 රැගෙන විජේගෙ කණ්ඩායම පැන ඇති බවයි..
පහන්යා මුලින්ම කලේ මිස්ට ඉද්දමල්ගොඩගෙ ගෙදරට යැමයි..
එහි කලබලෙන් ගිය ඔවුන්ට දැක ගැනිමට හැකි වුයේ එ මොහොතේම පොලිස් ජීප් රථයත් එහි ඇති

 බවයි. සියළුම දෙනා මිදුලට පැමින සිටි අතර පහන්යාද වෑන් එකෙන් බැස එතනට දිව ගියේ සුභාශ්ට 

කුමත් උනාද කියා දැන ගැනිමේ අටියෙනි..

"රින්.....රින්......රින්""
පහන්යාගෙ දුරකථනය නාද විය.
"මෙ පහන්යා මිස් වැදගත් පණිවිඩයක් හොදින් අහ ගන්න...."
මෙ තමන්ට රහස් ඔත්තු සපයන නාඳුනන නම්බරයයි 
"කියන්න මොකද්ද තොරතුර..""
"සුභාශ් ගැන තොරතුරක්.."
"මොකක්...??....කො....කො.....සුභා....ශ්..කො..??
පහන්යා කතා කලේ කලබලයෙනි..
ඈයට තම ආදර වන්තයා ගැන ලෝකු බයක් එ මොහොතේ දැනුනෙ විජේගෙ කල්ලිය ඔහුව රැගෙන 

පැනගොස් සිටි නිසාය..
"හැටෙ වත්තෙ කෙලවරක තියන කනත්තට එහා පැත්තෙ පාළු ගෙදර දැන් සුභාශ්ව හිර කරන් 

ඉන්නවා..""
""ඔයාලා පරක්කු උනොත් සුභාශ්ගෙ මීණිය තමයි දකින්න වෙන්නෙ..""
""අනේ....ම...ගෙ...සුභාශ්....අනේ...එයා...ට මොකුත්.....කරන්න ....එපා.."'"
දුරකළුතය විසන්දි විය දැසේ කඳුළු පුරවාගත් පහන්යා එ විස්තරය පොලිස්සිය‍ටද එ මොහොතේ 

පැවසුවෙ සුභාශ් ඉක්මනින්ම බෙරා ගැනිමට අවශ්‍යය නිසාය...

විනාඩි 2/3 ඇතුලත සියළුම දෙනා සුභාශ් බෙරා ගැනිමට අවශ්‍යය දෙවල් කතා කරගන ඉක්මනින්ම

 පිටත් විය..
පහන්යාගෙ දෙනෙතින් කඳුළු වැටෙන්නෙ ඈයටත් නොදැනිමය එ තමන්ගෙ ආදර වන්තයා දැන් පත්ව

 සිටින තත්වය නිසාය..

විජේට වැරදුන එක තැනත් වුනේ කිසිවෙකු තමන් සිටින තැනට කිසිසේත්ම නොපැමිණෙන බව සිතීමයි.

 ඒ එම ස්ථානය කිසිවෙක් නොදැන සිටි නිසාය.
එය පහන්යා ඇතුලු කණ්ඩායමට සහ පොලිසිය‍ට සුභාශ් රදවාගන සිටි ස්ථානයට යැමට රුකුලක් විය..

විජේ ඇතුළු පාතාලේ කණ්ඩායම සුභාශ් රදවාගන සිටින පාළු නිවසට 1km පමන දුරින් ජීප් රිය හා 

වෑන් රිය නැවැත්තු කණ්ඩායම් දෙක එතැන් පටන් පාළු නිවසට ගියේ කාටත් හොරා වෙන වෙනම ටිම් 

4ක් ලෙසයි..

********************** 

දැන් සියළුම දෙනා නිවස වටකර සිටියි.
විජේ දැන් තමන්ගෙ පිස්තොලය සුභාශ්ගෙ නලලට එක එල්ලයෙ එල්ල කරන් සිටින්නෙ 
"තො දෙයියන් බුදුන් සිහි කර ගනින්.""
"" අද තොගෙ අවසානය.." යැයි ගුගුරමිනි.
එසේ කියනවාත් සමඟම පොලිසියෙන් අන කලේ සියලුම ටි 56 අවි ඔවුන් දෙසට දිගුකර "විජේ දැන් ඔය

 පිස්තොලය බිම දාලා බාර වෙයන් අපිට නැතිනම් වෙඩි කාලා මැරෙන්න ලැස්ති වෙයන්""යැයි කියමිනි.

""කිසිදු බයක් නැති විජේ සුභාශ්ගෙ බෙල්ල වටෙ අතක් යවා නලලට පිස්තොලය තියා කියා සිටියේ.
""එකෙක් හරි ලන් උනොත් මම මුගෙ ඔලු කට්ට කුඩු වෙන්න වෙඩි තියනවා""යනුවෙනි.
ඔහුගෙ එම වචනයට පොලිසියේ අවි බිමට පාත් උයේ සුභාශ්ට විජේ වෙඩි තියාවිදැයි ඇති වූ බයටය..

එතනිත් නැවත වෑන් රථය ගාවට සුභාශ් ද ඇදගන විජේ පැමිනියේ නැවතත් එතනින් පැන යාමටයි..
එත් කවුරුත් කිසි විටකත් නොසිතු දෙයක් එ මොහොත් සිදු උයේ සියලුම දෙනා පුදුම කරමින්...
කාටත් නොකියා එතනට පහන්යලා පිටි පස්සෙන් පැමිනි ඉශාන්ද පැමින වෑන් රිය පිටි පස්සෙ සැඟවි සිට

 ඔහු විසින් වැරෙන් පොලු පහරක් විජේගෙ කොන්දට එල්ල කරේ විජේව සිහිසුන් කරමින්ය...

එ පොලු පහර එල්ල කරනවා සමගම ඉශාන්ට වෙඩි පහරක් එල්ල වන්නෙ විජේගෙ කණ්ඩායමෙ 

එකෙකුගෙන්ය.
එ සමගම පොලිසිය සහ විජේගෙ කණ්ඩායම අතර මිනිත්තු 2/3 ක වෙඩි හුවමාරුවකින් පසුව විජේගෙ 

කණඩායම පොලිසියට යටත් විය..
වෙද්දිත් විජේගෙ කණ්ඩායමේ දෙදෙනෙක් මිය ගොස් අවසන්ය..

පහන්යා ඇතුලු කණ්ඩායම සුභාශ් හා ඉශාන් රැගෙන ඉක්මනින්ම ගියේ හොස්පිටල් එකටයි..

**********************

පැය 12හක ඔපරේශන් එකකින් පසුව ඉශාන්ගෙ පපුවෙ තිබුන මුනිස්සම් කෑබැල්ල අයින් කර ගැනිමට 

වෛද්‍යය වරුන්ට හැකියාව ලැබුනි..
එහෙත් තාම ඉශාන්ට සිහිය නැත..

*********************

පොලිසියට රැගෙන ගිය විජේ ඇතුළු කණ්ඩායම උසාවියට ඉදිරි පත් කිරිමෙන් පසුව දින 14 සිරභාරයට

 ගැනුනෙ ඉලඟ නඩු වාරයට දින නියම කිරිමෙන් පසුවය...

*********************
*මාස 6කට පසුව*

දෙවෙනි නඩු වාරයෙදි සියල්ල පාපෝච්චාරණය කෙරු විජේ තමන් සහ තමන්ගෙ සගයින් 3ක් විසින් සුද්දා

 වන සුරංගගෙ අම්මා සහ තාත්තා ඝාතනය කල බවත්. එසේ කලේ ඉඩමේ ඇති නිදානයක් ගැනිමට බවත් 

උසාවිය ඉදිරියේ කියා සිටිය අතර.
තව දුරටත් කියා සිටියේ එම ඉඩමේ නිධානයක් නැති බව පසුව දැන ගත් බවය..

අවුරුදු ගනනාවක් වැලලි තිබුන ඝාතණයක සුල මුල එදා උසාවිය ඉදිරියේ පිලි ගත් විජේ ඇතුළු සිවු දෙනෙක් 

මිණි මැරිම, මීණි මැරිමට තැත් කිරිම, මන්කොල්ල කෑම් , කුඩු බෙදා හැරිම් යන වැරදි වලට වැරදි කාරයා

 වු සිවු දෙනාට මරණ දණ්ඩනය නියම විය.
එසේම විජේ ඇතුළු සිවු දෙනෙක් විසින් තමන්ගෙ මව සහ පියා ඝාතණය කල ඇති බවට යම් සැකයක් 

තිබුන සුද්දා නොහොත් අමිල විජේ ඇතුළු කණ්ඩායමේ සියළු දෙනාම පොලිසියට අල්ලා ගැනිමට පහන්යාට 

නාඳුනන පුත්ගලයෙකු ලෙස උදව් කලේ විජේගෙන් පලි ගැනිමටය..

සියලු කාරනා උසාවිය ඉදිරියේ පාපෝච්චාරණය කිරිමෙන් පසුව සුද්දා නොහොත් අමිල මීණි මරා නැති 

බවත් සුභාශ්ව මරණයෙන් බෙරා ගැනිමට උදව් කර ඇති බවත් උසාවිය පිලි ගත් අතර නමුත් මන්කොල්ල

 කෑම් වලට වරදකරු වු ඔහු බර පතල වැඩ සහිතව වසර 12කට සිර භාරයක් නියම කෙරින..

***************

ඉශාන්ගෙ ජීවිතය පරදුවට තබා තමන්ගෙ ජීවිතය ගලවා ගත් ඉශාන් ගැන සුභාශ් තුල ඇත්තෙ එක කුසේ

 උපන් සහොදරයෙකුට ඇති කැක්කුමකි. 
මාස 6කට පසුව සුවය ලබා ඉශාන් ගෙදර පැමිනි පසුව එහි ගිය සුභාශ්ගෙ ගෙදර අයත් පහන්යලාගෙ 

ගෙදර අයත් ඉදිරියේ සුභාශ් ඉශාන් සහ සාවි ගැන ඔවුන් ඉදිරියෙම සියලුම දෙවල් පැහැදිලි කරේ කිසි 

දෙයක් සැගවිමට අවශ්‍යය නැති නිසාය..

එ වෙද්දි සුභාශ් හා පහන්යා විවාහ විමට දින පවා නියමකර්ගෙන තිබුනි..
සියලුම දෙනාගෙ තර්ක විතරක් මැද අවසාන තීරණය වූයේ ඉශාන් හා සාවි විවාහ කර දෙන බවයි.
එයට තව බොහො කල් තිබෙන නිසා ඔවුන් දෙදෙනාට හොදින් ඉගෙනිමේ කටයුතු කරන ලෙස දෙමාපියන් 

සහ සහොදර සහොදරියන්ගෙන් උපදෙස් ලැබුනි...

*********************

සුරංග සිර භාරයට පත් විමෙන් පසුව සුරංගගෙ දරු දෙදෙනා හා බිරිඳ බලා ගැනිමේ සියලුම දෙවල් බලා 

ගත්තෙ පහන්යා විසිනි..
එ සුභාශ් අදටත් ජීවත් වෙන්නෙ සුරංග නිසාවෙන් බැවිනි..

**********************

*වසර 8කට පසු*

සුරංග හිරෙන් නිදහස් වි ගෙදර එන්නෙ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි..
එ වෙද්දි පහන්යා විසින් තම පවුල නඩත්තු කරගන යැම සදහා තම බිරිඳට පුංචි කඩ කෑල්ලක් සාදා දි තිබුන

 නිසා එය ඔහුගෙ දෙනෙතට කඳුලක් එක් කලේය..

ඉට දින දෙකකට පසුව තිබෙන ඉශාන්ගෙ සහ සාවිගෙ වෙඩින්ග් එකට සුරංගට සහ ඔවුන්ගෙ පවුලට 

ආරාධණා කර තිබුනි..

******************** 

ඉශාන්ට හා සාවිට ඇත්තටම එය හිනයක් මෙන් විය..
වයසින් අවුරුදු දෙකක් වැඩිමල් සාවිව කවදාවත් තමන්ගෙ කර ගැනිමට නොහැකි වෙවි කියා සිතු ඉශාන්

 හා තමන්ට වඩා බාල ඉශාන්ව කවදාවත් තමන්ගෙ කරගැනිමට නොහැකි වෙවි කියා සිතු සාවිටත් මෙය

 හිනයක් බඳු විය..
නමුත් ඔවුන් දෙදෙනා සියළුම දෙනාගෙ ආශිර්වාදය මැද විවාහ උයේ එ හීනට සැබෑ කර ගනිමින්ය..

එ වන විට පහන්යාට හා සුභාශ්ට පුංචි දරු පැටියෙක් සිටියෙය..

සුරංග එදා පන්යාට ස්තූති කලේ තමන් නැති අතරෙ තමන්ගෙ පවුලට කර ඇති අප්‍රමාණ උදව් නිසාය.. 

නිමා වූ දිනය සියල්ලන්ගේම මුහුණට හිනාවක් සහ මතකයට අමතක නොවන දිනයක් එක් කලේය. 

සාවිගේත් ඉෂාන්ගේත් සුවහසක් බලාපොරොත්තු සපිරි නව දිවිය එතෙකින් ඇරඹුනේ සොඳුරු දෙහදක

 පැතුම් ඉටුකරලමිනි..

නිමි 

අවසන් කොටස ලියු මම ගෙම්බා ගෙම්බා *තනෝජ්*

අවසන් කොටසට කවර් පොටෝ එක සැපයු *සදිසි&තනෝජ්* යුවලට මාගෙ ස්තූතිය..

තවත් කතාවකින් අපි හමුවෙමු.
*කතාවේ කොටල් ලියු සහ කතාව කියවු ඔබ සැමට ස්තූතියි*

බුදු සරණයි!
ජේසු පිහිටයි!

දිනයක වැටහේවී...........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
08 Apr 2017 06:10 PM
  •  Quote
  •  Reply
අන්තිම කොටසත් දීලා තියෙන්නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0


---