ආවේශය.
~~~මරණින්
මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~
දහඅටවන කොටස.(අවසන් කොටස)
‘‘ලොකු තොවිලයක් කරන්න වෙනවා.‘‘
‘‘එතකොට හරි යයිද?.‘‘
‘‘නැතුව නැතුව. මතකනේ මානෙල් දුවගේ
අම්මට ඒ කාලේ කරපු තොවිලය.‘‘
චුටී සියා අම්මා දෙස බලා මද සිනහවක් පාමින්
අයියාගේ පැනයට පිළිතුරු දුන්නා. ඔහුගේ ඒ කතාවට
අම්මාගේ මූණ අදුරුවී යනවත් සමගම
අම්මා තාත්තා දෙස හොරහින් බැලුවා. අම්මා දන්නවා තාත්තා
අපිත් එක්ක ඒ දේවල් කතා
කරනවට අකමැතී බව. නමුත් තාත්තාගේ මුහුණේ තිබුණේ තිබුනේ මද
සිනවකත් සමග ජයග්‍රාහි
හැගීමක්. තාත්තගේ ඒ හැගීම කියා පෑවේ ඒ ගැන කතා කරන්න අකමැති නෑ
කියන එක තේරුම්
ගත්තු මම ඒ ඇසිල්ලෙන්ම කතාව අහගන්න හිතුවා.
‘‘චූටී සීයත් ආවද ඒ කාලේ.‘‘
‘‘ඔව් දෝණී . මම විතරක වෑ.‘‘
‘‘මමත් උදව්වට ආවා.‘‘
චුටී සියාගේ කතාවට බාධා කරමින් තාත්තා චුටි
සීයා කියාගෙන පැමිණී දෙය අවසන් කලා. ඒ වෙද්දී
චුටී සීයටත් තේරිලා වන්නට ඕනේ තාත්තා
ඒ ගැන කතා කරන්නට අකමැති බව. ඔහු තාත්තා දෙස
බලමින් තනිවම සිනා සුනා.
‘‘ ඇයි චූටී මාමේ.‘‘
‘‘පුතේ ඔබ තාම ඔය පොරොන්දුව
රකිනවද?‘‘
‘‘ඒත් .‘‘
‘‘ඒත් නෙමෙයි. මේ දරවන්ටත් ඔය
දෙවල් දැන ගන්න ඉඩ දීපන් පුතේ.‘‘
චූටී සියා අපි සැමටම ඇසෙන අයුරින පැවසුවා.
‘‘ඔව් චුටී මාමේ මම හිතනවා ඒ රහස
හංගගෙන මම මගේ දරුවන්ට කලේ ලොකු වැරැද්දක් කියලා.‘‘
‘‘ඔව් වැරැද්දක් තමා. දැන්වත් ඒක
හරි ගස්ස ගනින් පුතේ.‘‘
තාත්තා ලොකු සුසුමක් හෙළලා මගේයි
අයියාගෙයි දිහා අයාචනාත්මකව ස්වරූපකින් බැලුවේ අනේ
මට සමාව දෙන්න මගේ දරුවනේ
කියන්න වගේ.
‘‘මොකද කට්ටිය වට වෙලා. අනේ මට
කලින් එන්න බැරි වුණා අංකල්.‘‘
විවෘතව තිබූ ඉදිරිපස දොරෙන් නිවසට ඇතුල්
වෙමින් ඇමතුවේ ඉශාන් අයියා.
‘‘ඒකට කමක් නෑ පුතේ දැන් ආවනේ.
ඔයත් ආපු එක හුගක් හොදයි.‘‘
‘‘මේ දරුවා කවුද?.‘‘
චූටි සීයා ඉශාන් අයියා දෙස හිසේ සිට දෙපතුළට යන තෙක් හොදිසියෙන් බලමින්
විමසා සිටියා.
‘‘ආ.. චූටි මාමේ කියන්න බැරි
වුනානේ මේ ඉශාන් පුතා .අපේ දෝණිව බදින්න ඉන්න පුතා.‘‘
‘‘අනේ ඇත්තද? ලබන අවුරුද්දේ
මංගල්ලේට දිනත් දාගෙන කිවුවට මම මේ පුතාව
අදනේ දැක්කේ.‘‘
ඉශාන් අයියත් සිනා සී චුටී සියා අසලින්ම වාඩී
වුණා.
‘‘දැන් ඔය මංගල්‍ය දෙකම එකම දවසේ
කරා නම් නරකද?‘‘
‘‘ අපේ කිසිම අකමැත්තක් නෑ
ගුරුන්නාසේ . මේ කරදරෙන් අපේ ළමයා ගොඩ අරන් ඉන්න ඕනේ.
සේරටම කලින්.‘‘
‘‘මට ගුරුන්නාසේ කියන්න එපා . අපි
දැන් නෑයෝ වෙන්න නොවැ ඉන්නේ.‘‘
‘‘ඒත් අපේ දරුවා මේ කරදරෙන් නිදහස්
කරලා දෙන මනුස්සයට දෙයියෝ කිව්වත් හිතට මදි වගේ.‘‘
‘‘බය වෙන්න එපා දුවේ . කිරි ගහට
ඇන්න් වගේ වැඩේ තියෙයි. වැඩි කල් දාන්නේ නෑ තව දවස් තිනෙන්
සේරම කරදර ඉවරයි.‘‘
‘‘අනේ ගුරුන්නාසෙට ගොඩාක් පිං.‘‘
හිමාලගේ අම්මා එහෙම කියද්දී චුටි සියා සිනහා
වෙමින් බලා සිටියා.
‘‘දෝණී අර දුවව ඇහැරවන් එන්න.‘‘
‘‘හා චුටී සීයේ.‘‘
මම හේතු අහන්නේ නැතුවම හිමාව අවදිකරන්න
ගියා. හිමා හොදටම නිදි ඇරවන්නත් ලෝබයි. අවශ්‍ය
වැඩක් වෙන්න ඇතිනේ කියලා මම හිමාව
ඇරවගෙන ආලින්දයට ආවා.
‘‘ ඇයි චූටි සියේ හිමා නංගව එක්ක
එන්න කිව්වේ.‘‘
‘‘තාත්තා හංගන රහස කියන්න. ආත්ම,
දේවාල, බූතයෝ , පේතයෝ , පිසාචයෝ, කුම්බාන්ඩයෝ හුගක්
අය විශ්වාස කරන්න කැමති නෑ.
විශ්වාස කරන එකත් පිස්සුවක් වෙලාවකට. ඒත් අපි හැදේම දැන ගන්න
ඕනේ. දැන් ඔයාලගේ
අම්මට ඒ ගැන අත්දැකීමක් තිබුන නිසානේ මේ දුවගේ තත්වය දැන ගෙන මාව
ගෙන්න ගත්තේ.‘‘
‘‘ඔව් ඔයා හරි චුටී මාමේ . අද මම
ඇත්ත කියනවා.‘‘
‘‘අන්න හොදයි. එක් එක්කෙනා හිතන්නේ
එක එක විදියට .අපිට බෑ අනිත් අයගේ හිත් වලට නීති දාන්න.
අනික ඔයා හිත විදියේ
අවුලක් ඇතිවෙන්නෙත් නෑ මේ ළමයි ඕක දැන ගත්තට.‘‘
‘‘ඔව් චූටී මාමේ. දෝණි , ලොකු පුතේ
ඔයාල දන්නේ නෑනේ මමත් ඉස්සර ඔය සේරම ශාන්ති කර්ම
කලා.‘‘
‘‘ඒ කියන්නේ තාත්තා ගුරුන්නාන්සේ
කෙනෙක්ද?.‘‘
‘‘ඔව්.‘‘
‘‘ඇයි ඉතින් තාත්තා අපෙන් ඕක
හැංගුවේ. හිමා නංගට අසනීප වුන වෙලේ හරි කියන්න තිබුනනේ.‘‘
‘‘ඔව් පුතේ. ඒත් මම ඒ දෙවල් වලින්
ඈත් වෙලා හුගක් කල්. ඒක හින්දා දෙයක් කරන්න බය හිතුනා.‘‘
‘‘ඉතින් තාත්තේ අම්මා කිව්ව කතාවේ
තරුණ කට්ටඩියෙක් හිටියේ නෑනේ.‘‘
බලන් ඉද්දිම අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම
මූණු වල ලස්සන සිනහවක් ඇදුණා.
‘‘තාම මම තාත්තා අපේ ගෙදර ආපු හරිය
කිව්වේ නෑ දෝණි.‘‘
‘‘අනේ ඉතිං කියන්නකෝ අම්මේ.‘‘
මම අම්මාගේ ගෙල වටා දෑත් යවා තුරුළු කර
ගනිමින් සෙටියේ ඇන්ද මත හිද ගත්තා.
‘‘අනේ ඔව් අම්මේ අර ආච්චී අම්මා
දේවලේදී පිරිමි කට හඩකින් කතා කරා කිව්වේ ඊට පස්සේ මොකද
වුනේ.‘‘
‘‘ ආ ඔව්. එදායින් පස්සේ අපි හොදටම
දැන ගත්තා අම්මාගේ ඇගේ ආත්මයක් ඉන්නවා කියලා. තාත්තා
හුගක් ගුරුන්නාසේලා හොයාගෙන
එක එක පුජා කලා තොවිල්ම කීයක් කරන්න ඇද්ද කිසිම හොදක්
වුනේ නෑ. තිබුණ සල්ලිත් නැති
නාස්ති වුනා විතරයි. පස්සේ හොයලා බලනකොට ඒ ආපු ඔක්කොම
හොරු. කරන්න පුළුවන් දෙයක්
නෑ. අම්මාගේ බඩේ තිබුණු ගෙඩියත් එන්න එනනම ලොකු වුනා බලන්
ඉද්දිම.සේරම හොරු .මොකද
කරන්නේ කියලා හිත හිතා ඉද්දි තමා ඔයාලගේ තාත්තා අපේ ගෙදෙට්ට
උඩ තිබුණ ගෙදරට ආවේ.‘‘
‘‘ඒ එද්දිත් තාත්තට මේ වැඩ
පුළුවන්ද අනේ.‘‘
‘‘ඔව් දෝණී ඒ වෙනකොටත් මම වරන්
අරන් ඉවරයි. කබල්ලෑව, මුන්නේස්සරම්, කතරම, සමන්දේවාලේ,
අනුරාධපුරේ මේ හැම තැනකම
ගිහින් කරන්න ඕනේ සේරම කරලා වරං අරන් හිටියේ.‘‘
‘‘වරං ගන්නවා කියන්නේ මොකද්ද තාත්තේ.‘‘
‘‘වරං ගන්නවා කියන්නේ මේ දේවල් ආවට
ගියාට කරන්න බෑ. ඔය කියපු හැම තැනකටම ගිහින්
දෙවියන්ගෙන් අවසර ගන්න ඕනේ පුජා
තියන්න ඔනේ. මුක වරං ගන්න ඔනේ. දේව ආභරන ගන්නත්
ඒ පුද පුජා කරන්න ඔනේ.‘‘
‘‘අනේ අපිට ඕවා තේරෙන්නේ නෑ චුටී
සීයේ.‘‘
‘‘ඒ දේවල් හැමදේම පරතෙරටම දැන ගන්න
ඕනේ නෑ. ඒත් යන්තම් හරි දැනන් ඉන්න එක
වටිනවා. ‘‘
‘‘අංකල් ඒ කාලේ පොඩි කොල්ලෙක්
වෙන්න ඇතිනේ.‘‘
‘‘මට එතකොට මට වයස විසි එකයි අම්මට
දාහතයි.‘‘
‘‘ ඉතින් ඉතින්.‘‘
‘‘මම ගියේ ඔයාලගේ අම්මලගේ ගෙට උඩ
ගෙදර මගේ යාළුවගේ ගෙදර. මට දේවලයක් හදන්න ඔනේ
වෙලා ඉද්දී ඒ යාළුවා කිව්වා එයාගේ
ගමට එන්න කියලා. මාත් ඉතිං නිකමට වගේ ගියා. ඒ ගිහාම තමා
මට ඔයාලගේ අම්මා
හමුබුනේ..‘‘
‘‘දැන් කොහොමද දෙන්නා සෙට් වුනේ.‘‘
‘‘දොණී මොකද්ද ඔය කතා කරන විදිය.‘‘
අම්මා ලැජ්ජාවටද කොහෙද මට තරවටු කරද්දී
තාත්තා හිනා වෙනවා. තාත්තාගේ හිනාව දකිද්දී හැමෝටම
හිනා ගියා.
‘‘අම්මට ලැජ්ජා හිතිලා වගේ නේ
අයියේ.‘‘
‘‘මොකට ලැජ්ජ වෙනවද?. තාත්තා
දේවාලේ හදන්න ගත්තේ අපේ ගෙට උඩ තිබුණ ලොකු නුග ගහ යට.
ලොකු පුජා උත්සව නිතරම තිබුන
නිසා අපි සේරටම යනවා. ඒවා බලන්න. ඔයාලගේ තාත්තා ඒ නුගේ යට
බෝ ගහක් හිටෙව්වා. අන්න
ඒ උතස්සවයෙදි තමා කපිල මුලින්ම මාත් එක්ක කතා කලේ.‘‘
‘‘තාත්තා මොනවද අම්මේ ඔයාට කිව්වේ
කැමතී කිව්වද? ආදරෙයි කිව්වද?.‘‘
‘‘පිස්සුද දෝණි අපි ගම් වල කෙල්ලෝ
අදුරන්නැති මිනිස්සුත් එක්ක කතා කරන්නත් බයයි. ඔයාලා මේ පහළ
ගෙදර නේද කියලා ඇහුවා
විතරයි. මම ඉතින් උත්තර දුන්නේ නෑ. සද්ද නැතුව ගෙදර දිව්වා.‘‘
‘‘ඒ මොකද?. ඊට පස්සේ.‘‘
‘‘කොහොම හරි ඔයාලගේ තාත්තා අපේ
තාත්තා එක්ක යාළු වුනා. වසන්ත අයියත් එක්ක නිතර අපේ ගෙදර
ආවා. පුතාට මතකයි නේද
වසන්ත මාමා.‘‘
‘‘ඔව් ඔව් අර උඩ ගෙදර මාමා නේද?.‘‘
‘‘ඔව් ඔව්. පස්සේ දේවලේ හොදට කරන්
ගියා. මාර සෙනගක් ආවේ. අර ගමේ හිටිය කට්ටඩියට කර කියා
ගන්න දෙයක් නෑ. ඌත් හොරෙක් ඌ
කාටවත් කරපු හොදක් නැති හිංදා ගමේ මිනිස්සු ඒ කට්ටඩියට
කැමති නෑ.‘‘
‘‘පස්සේ.‘‘
‘‘ඔයාලගේ තාත්තා අපේ තාත්තට කියලා
තිබුනා . අයියේ උබ බය වෙන්න එපා ඔබලෑ දරුවෝ වෙනුවෙන්
මම අක්කව මේ කරදරෙන් ගලවලා දෙන්නම්
කියලා.‘‘
‘‘තාත්තා අයියද කිව්වේ සීයට.‘‘
‘‘ඔව් පුතේ ඒ කලේ මම ඔයාලගේ අම්මා
බදින්න හිතන් හිටියේ නෑ. අම්මා එතකොට හෙන ලැජ්ජයි
පේන්නවත් එන්නේ නෑ . අපි එනවා
දකිද්දිම හැංගෙනවා.‘‘
‘‘කොහොමද හොද කලේ.‘‘
‘‘මම අළුත් නිසා ඒ තරම් ලොකු
තොවිලයක් කරන්න මට බෑ තනියෙන් මම චුටී සීයව ගෙන්න ගත්තා. චූටි
සියා හින්දා තමා මමත්
ඒ දේවල් කරන්නත් හිතුවේ.‘‘
‘‘මම ඇවිත් බැලුවා. ගෙට ගොඩ
වෙද්දිම දැනුනා ලොකු හුණයමක් කරලා කියලා. ඒ මදිවට පෙරේත විමනක්.
එක දිගට තොවිල්
කීපයක් කරන්න වුනා.‘‘
‘‘ මොනවද තොවිල් වලදී කරන්නේ.‘‘
‘‘මම ආපු දවසෙම මානේල් දුවගේ
තාත්තගේ කාමරේ නුලක් මැතිරුවා ආරක්ෂාවට දාන්න. මම කිව්වා
ආතුරයව මම ඉන්න දිහාට
එවන්න එපා කියලා. මොකද අර ලග තිබුණ දේවාලේ හිටිය කපුවා. ආත්මය
අයින් කරනවා වෙනුවට
ඒ ආත්මයේ බලය තවත් වැඩි කරලා තියෙන්නේ කියලා මම දන්න හිංදා.‘‘
‘‘ඇයි චුටී සියේ ඒ කට්ටඩියා එහෙම
කරන්නේ.‘‘
‘‘ඉඩම් අයිතිකර ගන්න .අපි එද්දී ඒ
මිනිහා ගමේ පව්ල් ගොඩක් විනාශ කරලා
නැත්තටම නැති කරලා
තිබුනේ. පුදුමයි මානෙල් දුවගේ අම්මගේ වාසනාව අපි එනකන් ජීවත්
වුන එක. ඒ කරලා තිබුණ ඒවැ
හැටියට වෙන මනුස්සයෙක් නම් මැරිලා.‘‘
‘‘මහ ජරා කට්ටඩියෙක්නේ.‘‘
‘‘එහෙම තමා තණ්හාව හැදුනම.‘‘
‘‘ඊට පස්සේ.‘‘
‘‘මමයි පුතයි කාමරේ නුල මතුරද්දී .
මානේල් දුවලගේ අම්මා හැදුවෙම අපි ඉන්න තැනට එන්න. ඇගේ
හිටිය ආත්මයට ඕනේ වෙලා
තිබුනේ ඒ වැඩේ නවත්තන්න.‘‘
‘‘ඉතිං ආච්චී මොකද කලේ. ..‘‘
‘‘කාමරයට එන්න දෙන්නේ නැති නිසා
බිත්තිය දිගේ නගින්න ගත්තා. අපි ඉන්න කාමරයට එන්න.‘‘
‘‘බිත්තිය දිගේ‘‘
‘‘ඔව් මම එළියට ඇවිත් බැලුවා කට්ටය
බහින්න කියලා කෑ ගහද්දී. මානෙල්ලගේ අම්මා ස්පයිඩර් මෑන්
වගේ බිත්තිය උඩටම නැගලා.
මාව දැක්කා විතරයි මගේ බෙල්ලට පැන්නා. මගේ බෙල්ල මිරිකලා මරන්න
හැදුනේ. චූටි මාමා
එතකොටම අපි මතුර මතුර හිටිය නූල පිටිපස්සෙන් ඇවිත් කරේ බැන්දා.‘‘
‘‘ඉතින්.‘‘
‘‘ පස්සේ ටිකක් සන්සුන් වුනා.‘‘
‘‘අම්මෝ.‘‘
‘‘ඊට පස්සේ කරේ බඩේ ගෙඩිය හොද කරපු
එක.‘‘
‘‘තාත්තා බෙහෙත් කරන්නත්
දන්නවද?.‘‘
‘‘නෑ නෑ. ඒ ගෙඩිය බෙහෙත් කරලා හොද
කරන්න පුළුවන් එකක් නෙමේ. බැරි වෙලා හරි උපරේෂන්
කලානම් මැරෙන්නත් තිබුනා.‘‘
‘‘ඒකත් වරං වලින්ද කලේ.‘‘
‘‘ඔව් පුජාවක් කලා වෙනමම.‘‘
‘‘ඒක නම් ඇත්තටම හාස්කමක්. තෙල්
වර්ග ගොඩක් තාච්චියට දාලා රත් කරලා ඒකට දෙහි කපලා දැම්මා.
ඔයාලා පිළි ගනීද මන්දා.
මෙහේම පැහෙන තෙල් තාච්චියට අත දාලා තෙල් අරන් ගෙඩිය තිබුන තැන ගෑවා.‘‘
‘‘ බඩ පිච්චුනේ නැද්ද?.‘‘
‘‘නෑ.. බඩවත් තාත්තගේ අතවත්
පිච්චිලා තිබුනේ නෑ. පහුවදා බලද්දි ගෙඩියක් තිබුණ තැරනක් වත් නෑ.‘‘
‘‘මාරයිනේ. එහෙම වෙන්නේ කොහොමද?.‘‘
‘‘ඒකනේ හාස්කමක් කිව්වේ.‘‘
‘‘අදහන්නත් අමාරුයි. ඊට පස්සේ.‘‘
‘‘ඊට පස්සේ ලොකු තොවිලයක් කලා.
කරලා තිබුණ හුනියම කපලා . පෙරේත තට්ටු දිලා , බහිරව පුජා
තියලා, ගෙයි පවුන්ඩේෂන්
එකේ යට කරලා තිබුණ මිණී අළු මුට්ටිය හරලා ගත්තා. පස්සේ ගේ ආරක්ෂා
කරලා අට කොනේ ආරක්ෂා මුටුටි එල්ලුවා..‘‘
‘‘මිණී අළු.‘‘
‘‘ඔව් මිණි අළු මුට්ටිය හොරෙන් ගේ
හදද්දි යට කරලා තිබුනේ අර කට්ටඩියා. මානෙල් දුවගේ අම්මාගේ
ඇගේ හිටිය ආත්මයෙන් ප්‍රශ්න
කරද්දී සේරම කිව්වා.‘‘
‘‘කව්ද ආච්චිට වැහිලා තියෙන්නේ.‘‘
‘‘ අර මම කිව්වේ අපිට ඉඩම දුන්න
මාමා. අපි පොඩි කාලේ මැරුනා කිව්වේ අන්න එයා වැහිලා තියෙන්නේ
දොණී.‘‘
‘‘ඒ මාමා ආදරෙයිනේ. ඇයි එහෙනම් වද
දෙන්නේ.‘‘
‘‘එයා බලෙන් ඇවිත් නෙමේ .ඒවා අර
හොර කට්ටඩියගේ වැඩ. අම්මගේ ඇගට මාමාව බැදලා.
අනික අපිට
ආදරේ යන තමා දෝණි ආපහු අපි ළගට එනේනේ මැරුණම. එයාලා ඒවා කරන්නේ
ආදරේට එයාලා ලගට
ගන්න. ඒත් එයාලා දන්නේ නෑ
මැරෙන හැම කෙනාම පෙරේත ලෝක වල එයාලා ලගම ඉපදෙන්නේ නෑ
කියලා.‘‘
‘‘ආච්චිට හොද වුනාද දැන්.‘‘
‘‘ඔව් ඊට පස්සේ හොදටම හොද වුණා.
තාමත් ඔයාලගේ ආච්චි හොදට ඉන්නවනේ.‘‘
‘‘අනේ චුටී සීයේ. මගේ හිමා නංගාවත්
බේරලා දෙන්නකෝ.‘‘
අයියා චුටී සියාගේ දෙපා මුල වාඩී ගෙන හිස
උකුලේ හොවා ගන්න ගමන් කිව්වා. අයියගේ නෙත් දෙකේ
කදුළු පිරිලා. ඔහු කදුළුන් දිදුලන
ඇස් වලින් හිමා දිහා බලද්දී හිමාගේ නෙතෙත් කදුළු පිරුනේ බලන් ඉද්දිමයි.
කට්ටිය
මැද්දේ අයියාට තුරුල් වෙන්න තිබුණ ලැජ්ජාව නිසාද කොහෙද හිමා එයාගේ අම්මගේ තුරුලට
ගුලි වෙලා අඩන්න ගත්තා.
‘‘හරි පුතේ . අපි කොහොමත් ඒක
කරනවා. කෝ නැගිටින්න .ගෑනු ළමෙක් වගේ අඩන්නේ නැතුව. නැගිටින්න
. බලන්න අර දුවවත්
ඇඩෙව්වා ඔයා.‘‘
චුටි සියා අයියවා උරහිස් දෙකෙන් අල්ලලා නැගිට්ටවමින්
කිව්වා.
‘‘කෝ අම්මයි තාත්තයි සෙට් වුණ හැටි
කව්වේ නෑනේ.‘‘
හැමෝගෙම අවධානය වෙනස් කරන්න හිතාන මම නෙතේ නැගිගෙන ආපු කදුල යටපත් කර
ගනිමින් කිවුවා.
‘‘ ඔව් දෝණි දෙන්නට ලැජ්ජයි වගේ ඒවා කියන්න. බලන්න එපෑ ඒ කාලේ දෙන්නගේ ලව් එක.‘‘
‘‘අනේ චූටි මාමේ මොනවද කියන්නේ.‘‘
තාත්තා එහෙම කිද්දී අයියටත් සිනහා ආවා.
‘‘මොකද පුතේ. ඔයාලා දන්නවද දෝණී .
ඒ කලේ අපි සේරටම හොරෙන් මේ දෙන්න යළු වෙලා. පස්සේ
මට අහු වුණා. මම සේරම කරදර ඉවර
වුණාම මේ යෝජනාව මානේල් දුවගේ අම්මටයි තාත්තටයි දැමිමා.
කොහොම හරි එයාලා අකමැති වුනෙත් නෑ. වයස හරි
ගියාම දෙන්නව බැන්දුවා.‘‘
‘‘අන්කල් ඇයි ඉතින් දේවල වැඩ
නැවැත්තුවේ.‘‘
‘‘ ඔයාලගේ අම්මලාගේ ගෙදරින් ආව
නිතියක් තමා.‘‘
‘‘ඔව් ඔව් මාමණ්ඩිට බයේ
නැවැත්තුවේ.‘‘
‘‘ඒ ඇයි.‘‘
තාත්තාට හොදටම හිනා. ලැජ්ජාව නිසාම අම්මත්
බිම බලන් තනියම හිනා වෙනවා.
‘‘ අපි හුනියම අහපහු කැපුව නිසා අර
කට්ටඩියා තුන් මාසයක් යන්න කලින් පුවෝ ගහලා මැරුනා. ඒක
දැක්කම මානේල් දුවගේ ගෙදර
අය බය වුනා. ඔය වැඩ කරන්න ගිහින කපිල පුතාටත් මොනවා හරි වෙයි
කියලා.‘‘
‘‘අම්මෝ එහෙනම් නවත්තපු එක
හොදයි.‘‘
‘‘එහෙම බය වෙන්න ඔනෙත් නෑ .හරියට
දැනගෙන කරා නම් හරි. හැබැයි පොඩ්ඩක් හරි
කට වැරදුනොත්
ඉවරයි ඉතින්.‘‘
‘‘අම්මෝ බයානක වැඩ.‘‘
-----------------------------------------------------------------------------------------------------------------
-- මාස කීපයකට පසු--
‘‘ අනේ හිමා ඔයා හුගක් ලස්සනයි
අද.‘‘
‘‘මං විතරද මගේ පුංචී නෑනත් අද
හුගක් ලස්සනයි.‘‘
‘‘ආ එහෙමද ලොකු නෑනේ.‘‘
‘‘ මේ දැන් මල්ලිලා එහෙම ළග ඇති
නේද?.‘‘
‘‘අමමෝ මල්ලි කෙසේ වෙතත් අපේ බූරු
අයියා නම් දැන් ළගම ඇති.‘‘
මමය හිමයි දෙදෙනාම එකම රූපලාවන්‍ය
ශිල්පිනියෙකු අතින් මානාලියන් ලෙස හැඩ ගැන්වෙමින් සිටියා.
චූටි සියා කිව්
විදියටම අපේ වෙඩින් දෙකම එකම දවසේ එකම හෝටලයේ අද පැවැත් වෙන්න සුදානමින්
තියෙන්නේ.
අපි වටා ලස්සනට හැඩ වුන මල් කුමාරයෝ හය දෙනෙකුත් දෙවන මනමාලියන් දෙදෙනෙකුත්
සිටියා.
සියලුම දෙනාගේ කැමැත්ත මත විවාහා මංගල්‍ය
හොදටම පවත්වන්න අපි තීරනය කරලා තිබුනා.
‘‘ අන්න මනමාලයෝ දෙන්නත් ඇවිත්.
ඔන්න සුට් එකට ලෑස්ති වෙන්න මනමාලියෝ දෙන්නා. මල් බුකේ
දෙන්න එනවලු දැන් යාළු
මනමාලයෝ දෙන්නා.‘‘
තැන තැන විසර තිබු රෑපලාවණ්‍ය උපකරන එකතු කර
අප සිටි කාමරය පිළවෙල කරමින් අපිව අන්දවපු
අක්කා කිව්වා.
‘‘ අපි ඇතුලට එන්නද?.‘‘
ඒ කාමරයට මුලින්ම ඇතුළු වෙන්නට පැමිණි
චායාරූප ශිල්පියාගේ හඩ.
සමාප්තයි.......!!
සිතුවිලි ගැලපුම සඳු.
කොටස් දහ අටක් පුරා මාත් එක්ක රැදී සිටි
ඔයාලා සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි.!
දිනයක වැටහේවී...........