***අහිමි වස්සානය***
05. වන කොටස.
''මොනවද බන් උබ තනියම කියවන්නේ.''
ඇත්තටම පසිදු මන් ළග බවත් මට අමතකයි. සෙව්මි
අක්කගේ පන්තියේ
මිස් පන්තියෙන් පිට වෙලා
යද්දී ළමයි සේරම නැගිටලා පොත් ටික අකුලා
ඩේක්ස් එකේ යට කෑල්ලට දැම්මා. මම නිනව්වක්
නැතුව සෙව්මී අක්කා
දිහාම බලන් හිටියා මිසක් වටපිටාවේ මොකද වෙන්නේ කියලා බලන්න
කල්පනා වුනේ නෑ.
''ඒ දිගා යමන් උබට හෙන ගෙඩියක් පාත වෙන්න එන්නේ. ආන් චුතුමී
අක්කා ඔබව දැක්කා.
''
මලකෙලියයි අන්න අරකි යකින්න
වගේ මගේ දිහා බලන් ඉන්නවා.
මගේ සෙව්මී අක්කා නම් තාම මාව දැක්කේ නැහැ. එයාගේ ඒ
අහිංසක හිනා
පොදක් ළග මට මුළු ලෝකෙම අමතක වෙනවා.
''දිගා වරෙන් උබ කෙල්ලන්ගෙන් ගුටි කන්නද බන් හදන්නේ .ආන් අරකි තව
කෙල්ලෝ
දෙතුන් දෙනෙක් එක්ක මෙහෙට එනවා.''
එතකොට තමා මම දැක්කේ චතුමී
අක්කා තව කෙල්ලෝ දෙතුන් දෙනෙක්
එක්ක මේ පැත්තට එනවා. යකෝ මගේ සෙව්මී අක්කට වත්
නැති
අමාරුවක්නේ මුන්ට තියෙන්නේ. දැන් මෙතනින් ගියොත් සේරම චෝර
වෙනවා. ඔහේ ඕනේ
එකක් කියපුදෙන්. ඕක මට හැමදාම පුරුදු බනෙනේ.
මම දැන් සෙව්මී අක්කා දිහා බලන එක
නවත්තලා කෝප වුන කුළු
වැස්සියෝ ටික දිහා ඇනූම් කාලා මැරෙන්න බලන් ඉන්නවා.
''අඩෝ දිගා.. ඔබ මෙතනට එන්නද හොරෙන් පැනලා ආවේ.''
''බලහල්ලකෝ පොඩ්ඩක් අර පැත්ත .''
''අඩෝ දිගා අපි මෙතනින් මාරු වෙමු. උවුන්ට අහු වුනොත් අපේ කෑලිවත්
හොයා
ගන්න හම්බෙන්නේ නැහැ.''
''උබලා බය නම් පලයල්ලා.''
අපේ සෙට් එකේ හය දෙනාම එතනට
සෙට් වෙලා මට යන්න අඩගහද්දි
මම එහෙම කිව්වේ, මගේ මිත්‍රයෝ ටික මාව දාලා යන්නේ නැති
බව දන්නා
නිසා.
''ඔබට ඔය පරිප්පුව කන්න ඕනේ නම් අපිත් ඉතින් කන්නම්. උබ බය වෙන්න
එපා දිගා.
අපි උබව මොන දෙකදී වත් තනි කරන්නේ නෑ.''
ගිහාන් මගේ මගේ කරවටා අතක්
ගෙන කිව්වා.
''නිම්සර මල්ලි මොකද මෙතන''
''ඇයි අක්කිලා. අක්කිලට මෙතනල ලියලා දීලද? එනම් අක්කිලා මෙතන
ගෙදර අරන්
යන්න. අපි යන්නන්කෝ ඇ.''
මගේ යාළුවො සෙට් එක චතුමි
අක්කලා විහිලුවට ගද්දි මම සද්ද නැතුව
බලන් වුන්නා.
'' දැන් කවුද මෙතන නිම්සර . මම කතා කරන්නේ නිම්සර එක්ක.''
''නිම්සර කියන්නේ අපේ එළකිරි බොක්ක. නිම්සර මොකද අපි මොකද
අක්කිලාට මොකද
වෙන්න ඕනේ කියන්නකෝ.''
''ආ ඒකත එහෙමද. ඔයාලගේ බොක්කට කියන්නකෝ අපේ සේව්ට පැණි
හලන එක නවත්තන්න
කියලා.''
''අප්පෝ කවුද ඔය අක්කිලට පැණි හැලුවේ. ෂෝයි නංගි බබාලා ඉද්දි.''
''ඒක තමා ඔයාලගේ බොක්කටත් ඒක කියලා දුන්නා නම් හොදයි.''
චතුමී අක්කා හිටියේ හුගක්
තරහින් . අපේ එවුන් කියන ඒවාට කාටද ඉතින්
මල පනින්නේ නැත්තේ.
''මොනවද චතුමී අක්කේ කියන්නේ. මගේ හිතේ එහෙම දෙයක් නෑ. සෙව්මී
අක්කා මගේ
යාලුවෙක් විතරයි.''
එක පාරටම වැරැද්ද බාර ගන්න
ගියොත් සෙව්මී අක්කා මාත් එක්ක කතා
කරන එකත් ඇත අරිවී .මම පොඩ්ඩක් චතුමී අක්කව ශේප් කර ගන්න ට්‍රයි
කළා.
''නිම්සර මල්ලි ඔයාට මන් දැන් කීප දවක්ම කිව්වාද. බොරු වැඩ නොකර
පාඩුවේ
ඉන්නවා. දැන් ඉන්ටවල් දෙන්න කලින් ඉදන් මෙතන ඉදන් බලන්
හිටියේ නෑ කියලද කියන්නේ.''
යකෝ මේකිගේ නම් තියෙන්නේ උගුසු
ඇස් දෙකද්ද කොහෙද
''කෝ කට. ඒවට උත්තර නෑ නේද?''
''ඒ බන් චතුවා මොකද්ද අවුල.''
''මොකද බන් ඔය පොඩි එකෙක් අල්ලන් කරන්නේ.''
සෙව්මී අක්කගේ පන්තියේ කොල්ලෝ
ටිකත් එතනට එකතු වුණා. අද
නම් මගේ අවසානේ තමා. මට සෙව්මී අක්කා එක්ක කතා කරන්න
අවස්ථාව
තියෙන වචනෙත් මුන් නැති කරන්න යන්නේ.
''මු පොඩි වුනාට වැඩ ලොකුයි නීරෝ. එකයි අවුල.''
''ඇයි පොඩ්ඩා මොකද කියන්නේ.''
''නිම්සර මල්ලි අපේ සෙව්ගේ පස්සෙන් එනවා.''
''මේ උස කොල්ලද?''
නීරෝ අයියා මගේ ලගට ඇවිත්
අමුතු බැල්මක් දාද්දී අපේ සෙට් එක
පුල් සයිලන්ට්. එක අතකින් උන් එහෙම ඉන්න එක
හොදා. වාචාල කමට
උන් කියවන්න ගත්තොත් තවත් ප්‍රශ්නේ දුරදිග යනවා. අයියලා කියලා නෑ
දෙන්න පුළුවන් හොම්බ ෆෑලැට් වෙන්න එන
කේන්තියට. අනුන්ගේ මගුල්
හොයන්න එනවා. මම මේ තරම් ඉවසන්නේ සෙව්මී අක්කා වෙනුවෙන්.
වලියක් දාගෙන පන්ති තහනම් වුනාම මටමනේ පාඩු. නීරෝ කියන්නේ
උසස් වෙලා පන්තියට
අලුතින් ආපු උන් අපිට උවුන් මොක්කුද .නිකන්
කොක්කු වගේ තමා.
''කොල්ලා උබද නිම්සර කියන්නේ.''
''ඔව් අයියේ''
''කෙල්ලෝ පස්සේ ගියාට නම් කමක් නෑ බං. අපේ සෙව් අකමැති නම් උබ
පරිස්සමින්
ඉදහන්.''
''අනේ එහෙම එකක් නෑ අයියේ. සෙව්මී අක්කා මගේ යාලුවෙක් විතරයි.''
''අරි අපි බල.මු උබ මොකාටද එන්න හදන්නේ කියලා.''
නිරෝ අයියා මගේ කොලර් එකෙන්
අල්ලලා එහෙම කියලා .ආයෙත්
උරිස්සෙන් අල්ලලා ෂර්ට් එක හදමින් කිව්වා. දැන් මටත්
ඉවසුම් නැහැ. වෙන
දෙයක් වෙන්න කියලා දෙන්න හිතෙනවා මුගේ ආඩම්බර බහින්න.
''අනේ චතු උබලා මේකටද මාවත් දාලා ආවේ. නීරෝ ඕක නවත්තන්න.
නිම්සර මල්ලි මගේ
යාලුවෙක් . මොකද ඔය කරන්නේ . මොකද්ද අවුල.''
'' මේ චතු කියන්නේ මු උබට ඇනයක් වෙලා කියලා.''
''මොන විකාර කතාවක්ද ඒක. නිම්සර මල්ලි ඔයා යන්න.''
සේව්මී අක්කා එයාගේ හීනි ඇස
දෙක තවත් හීන් කරලා මට එහෙම කියද්දී
මම පිස්ස්වෙන් වගේ බලන් හිටියා.
'' උබ මොකද බන් ඌව බෙරන්නේ.''
''එහෙම එකක් නෑ බං. ඒ මල්ලි හරි හොදයි. මගේ හොද යාලුවෙක්.''
''මම උබට කිව්වා කියලා මතක තියා ගනින්. ඌ උබට වඩා බාලයි''
''මම උබලට කීපාරක් කිව්වද ? ඒ මල්ලි මගේ යාලුවෙක් විතරයි.''
සෙව්මි අක්කා මගේ දිහා බලලා
පොඩි හිනාවකුත් එක්ක ඇස්
දෙකෙන්
පෙන්නුවේ කැන්ටිම. මම දන්නවා මට දැන් මෙතනින් යන්න
තමා මේ
කියන්නේ කියලා.
'' යමන් දිගා යන්න මේ අක්කිලා සේරටම පිස්සු.''
ගිහාන් එහෙම කියද්දී චතුමී
අක්කා අයෙත් රවලා බැලුවා. දැන් නම් මට
කන්නත් බැහැ මම පන්තිය පැත්තට යන්න හැරුනා.
''ඒ දිගා කන්නේ නැද්ද? ලන්ච් එකත් ඉවර වෙන්න ලගයි.''
''ආ උබලා කාපල්ලා. මට කන්න බැහැ බන්.''
මම සාක්කුවෙන් ගත්ත මාරු
සල්ලි ටික රිද්මයාගේ අතේ තියලා
පන්තියට ඇතුල් වුණා.
''උබලා කෑම අරන් වරෙල්ලා මාත් දිගා එක්ක ඇතුලට යනවා මචංලා''
එදා හවස ගෙදර
ගියාම අම්මා හොදටම දෙහි කපන්න ගත්තා. මේ
සිද්දිය තාත්තාට කියන්නේ නැතුව නවත්ත
ගත්තේ අයි කවදාවත් පරක්කු
වෙලා ස්කොලේ යන්නේ නෑ කියලා අම්මට පොර්න්දුවක් දීලා. මම
තාප්පෙන් පනින එක ගැන දොස් කියලා තිබුනත්, ඉගෙනීම ගැන නම්
හොදයි කියලා තිබුනා.ඒක
නිසා මට පන්තිභාර සර් ගැන පොඩි පැහැදීමක්
ඇති වුණා.
පසු දින මම කලින්දා වගේම
උදේම නිවසින් පිට වුනේ සෙව්මී අක්කා
මගහැරෙයි කියලා තිබුන බය හින්දා. මම සෙව්මී
අක්කා එන අතුරු පාර දිහා
බලන් හිටියා. ඊයේ වුන සිදුවීම නිසා සෙව්මී අක්කා මාත්
එක්ක තරහද
දන්නෙත් නැහැ. මම හතයි කාල වෙනකනම එතනට වෙලා බලන් හිටියත්
සෙව්මී අක්කා
ආවේ නැහැ. වෙනදා යන බස් එකේ එල්ලිලා ගිහින් පුරුදු
විදියටම තාප්පෙන් පැනලා පාසල
ඇතුලට ගියේ. සෙව්මී අක්කා මට මග
හැරෙන්න ඇති කියලා හිතමින්.
මම පන්තියට යන්න කලින් සෙව්මී
අක්කලාගේ පන්තිය පැත්තට ගියා.
අද සෙව්මීගේ පුංචි පොත් මේසය හිස්. ඒ කියන්නේ අද සෙව්මී
අක්කා
ඉස්කෝලේ ඇවිත් නැහැ. මගේ සෙව්මී
අක්කට මොකද වුනේ. මම දහසක්
දේ පිළිබද අනුමාන කරමින් පන්තියට ඇතුල් වුණා.
'' ඒ දිගා මොකද මුණ එල්ලන්.''
'' පසිදුවා සෙව්මී අක්කා ඉස්කෝලේ ඇවිත් නැහැනේ.''
''මමත් දැක්කේ නම් නැහැ.''
''ඔව් බන් මම මග බලන් ඉදලා ආවේ .වෙනදට එයා එක්ක එන නංගිවත් අද
අවේ නැහැ. ඊයේ
වුන සිද්දිය නිසා මාව මගාරින්න ඇති කියලා මම හිතුවේ .
ස්කෝලෙත් නැහැනේ.''
''දැන් මොකද කරන්නේ අර බෝම්බෙන් මම අහන්නද අද සෙව්මී අක්කා
අවේ නැත්තේ ඇයි
කියලා.''
''අනේ පුළුවන් නම් ලොකු දෙයක් රිද්මයා.''
''පරිස්සමින් රිද්මයා. මතකනේ ඊයේ ඒ අක්කාව අපි විහිලුවට ගත්තා. අනික
අපි ඕක
අහන්න ගියාම එයාගේ කතාව ඇත්ත වෙනවනේ දිගා.''
පසිඳු කියන එකත් ඇත්ත. ඒත් මට වෙන විකල්පයක්
නැහැ.
''කමක් නැහැ රිද්මයා උන් උහේ ඕනේ එකක් කියපුදෙන් ඔබට පුලුවන්නම්
ගිහින් අහන
වරෙන්.''
'' යමං මාත් එන්නම්.''
උදෙ පීරියඩ් එක භාර මිස් පන්තියට ආවේ නැති නිසා
රිද්ම ගිහාන් එක්ක
පන්තියෙන් පිටත් වුණා. මම නොවිසිල්ලෙන් මග බලන් හිටියේ මොකද
වුනේ
කියලා දන ගන්න..
'' ඒ බං ඒකි දන්නෙත් නැහැ වගේ.''
''ඇයි මොකද කිව්වේ.''
''මොනවද විකාර ටිකක් කියවලා බැනගෙන බැනගෙන ගියා බන්. මිස්
කෙනෙක් පන්තියට
ආව නිසා අපි මාරු වෙලා ආවා.''
''ඒකිගෙන් නම් අපිට මොකුත් අහගන්න බැහැ බං. උබ එක්ක මාර තරහක්නේ
ඒකිට තියෙන්නේ.''
ගිහනුත් රිද්මගේ අදහසට එකග
වෙද්දී මම හිතුවේ දැන් මොකද කරන්නේ
කියලා.
''ඕක ඒ හැටි හිතන්න එපා දිගා. අසනීපයක් වෙන්න ඇති.''
''මට බය එයා එක්ක ඉස්කෝලේ එන නංගිත් අද අපු නැති එකනේ. ''
හමුවන්නයි පැතුම ..
සිතුවිලි ගැලපුම සඳු
දිනයක වැටහේවී...........