Go to previous topic
Go to next topic
Last Post 21 Apr 2017 09:11 PM by  indika76
පුංචි කතා එකතුවක්..
 53 Replies
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:52 PM
  •  Quote
  •  Reply
කෙටි කතා ටිකක් ලියන්න හිතුවා'
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:53 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:54 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:54 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 01:56 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

malki
Basic Member
Basic Member
Posts:216






--
25 Nov 2016 02:02 PM
  •  Quote
  •  Reply
lassanaii....oya hoda katha kariyakne....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Nov 2016 02:07 PM
  •  Quote
  •  Reply
ස්තුතියි මල්කි අක්කි
දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Nov 2016 01:39 AM
  •  Quote
  •  Reply
සඳුනි දැන් ජර්මණියටත් ඇවිත් වගේ.. ලස්සණ කථාවක්. හරියට ජර්මණියේ ඉඳලා ලිව්වා වගේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 03:45 AM
  •  Quote
  •  Reply
ජර්මනියේම ඉන්න කෙනා එහෙම කියනවනං අපි මොනව කියන්නද නේද
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Nov 2016 04:22 AM
  •  Quote
  •  Reply
ඔය ඉතින් කියන කෙනාම තමා මට ජර්මනිය ගැන විස්තර කිව්වේ. 

ගොඩක් ස්තුතියි සමන්ත මාමේ. මම මේ කතාව තරගයකට යොමු කළා.

 ඔන්න ජයග්‍රනහයක් ලැබුනත් නැතත් ගෞරවය සමන්ත මාමාට.

 

කැමති කෙනෙක් ඉන්නවද නිමානයක් කරන්න.

01 කෙටි කතා.

02. පද්‍ය රචනා.

03.ගද්‍ය රචනා.

04.ගීපද රචනා,

05.ගී පද ගායනා.

06.පද්‍ය ගායනා.

07.තනු නිර්මාණ.

08. සිතුවම්.

09. නිමානාත්මක චායාරුප 

10. මුහුණු පොත තේමා ගීත.

   මේ අංශ වලින්.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 04:51 AM
  •  Quote
  •  Reply
හයියෝ ඔය සිතුවිලි අපිට එන්නෙ නැහැ. ආවත් ගලපන්න තේරෙන්නෙත් නැහැ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Nov 2016 08:47 AM
  •  Quote
  •  Reply
මටත් නම් ඔය දේවල් ගැන හැකියාව නෑ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Nov 2016 09:04 AM
  •  Quote
  •  Reply
අපි මේකෙන් අයින් වෙනවා ඔයාලම් තරග කරන්න....................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Dec 2016 01:26 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Dec 2016 01:29 PM
  •  Quote
  •  Reply

පිළිසරණ ඔබයි ....

පළමු කොටස.

''අම්මේ ... අම්මේ..''

''ඇයි සුරංගි කෑ ගහන්නේ''

'' අද නම් මට හුගක් බඩගිනී අයියලා එනකන් ඉන්න බෑ අම්මේ.''

     සුදු ගවුම පිටින්ම මිදුලේ සෙල්ලම් කරමින් සිටි සුරංගි අම්මගේ උකුලට වාරු වෙමින් කිව්වා.

 පවුලේ බඩපිස්සිය වූ සුරංගි තවමත් වයස අවුරුදු හය ඉක්මවූ  සුරතල් දියණියක් .ඇගේ  සුරතල්

 වදන් මවගේ කාන්සිය පාළුව මගහරවා ගන්නට ලොකු රුකුලක් වුණා.

        සුරංගිගේ මෑණියන් වූ චන්ද්‍රානි කුමාරිට සුරන්ගිත් සමග දරුවන් සතර දෙනෙක් හිටියා. 

ඒ වගේම පුතුන් තිදෙනෙක් හා දියණියක්  මෙලොවට බිහි කල  ඇය දැන් කනවැන්දුම් වී සිටියා.

 පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලද ඇයට නැවතත් මහගෙදරට යන්න වුනේ, තම 

සැමියාගේ  අයහපත් හැසීරීම නිසා කලකිරීම නිසයි. තම සැමියා තවත් ස්ත්‍රියක සමග රහසේම 

හාද වී ඇති බව අතටම අසු වූ දිනයේ ඇයට මුළු ලෝකය එපා වුනා. එනිසා දරු දෙදෙනාද

 රැගෙන නැවත දෙමාපියන් වෙත පැමිණියා.

  

       නමුත් තවමත් විවාහා නොවූ සහෝදර සහෝදරියන් නිවසෙහි සිටි නිසා ඇයට නිවාසෙහි

 සිටීම අසීරු කාර්යක් වුනේ, නිවැසියන්ගේ කියවිලි නිසයි. බට පදුරට ගිනි ඇවිලුනා සේ පුපුරමි 

ගම පුර පැතිර ගියේ''ආන් අර චන්ද්‍රානී  කෙල්ල පුංචි කොලු පැටව් දෙන්නෙකුත් අරන් ගෙදර 

ඇවිත්.'' කියයි.  

       කල් ගෙවෙත්ම ඇගේ දිවියට ලං වුනේ  තවමත් ගැටවර වියේ පසු වුනේ ගමේ ග්‍රාම 

සේවකවරයායි.  සෙනරත් වීජීසේකර නම් වූ අවිවාහක තරුණයෙකි. වැලි කතරට වැටුන දිය

 බිදුව වගේ සෙනරතගේ ආදරේ තමන්ගේ ජීවිතේට දැනෙද්දී චන්ද්‍රානි ඔහුව බොහෝ 

සෙයින් විශ්වාස කළා. ඇය නැවතත් කරදරයට පත් වන්නට පොරකන්නේ කියලා ඇගේ 

දෙමාපියන් සෙනරත්ට තදින් අකමැති වුණා. සෙනරත්ගේ බලවත් ඉල්ලීම මත රහසේම 

ගමෙන් පලා ගොස් ඔහු සමග අලුත් ජීවතයක් ආරම්භ කරන්නට ඇය තීරණය කළා.

     අවුරුදු අටක් වියැති වැඩිමහල්  පුතු සහ අවුරුදු හතරක් වියැති පොඩි පුතු සමග  ඇය 

සෙනරත් සමග වෙනත් ගමක පදිංචි වුණා. ඔවුන් පුංචි නිවසක සතුටින් කල් ගෙව්වත් සෙනරත්ගේ 

දෙමාපියන්ද සෙනරත්ව අත්හැර තිබුනා. ඒ ඔහු දෙදරු මවක් සමග දීගකෑමට තීරණය කල නිසා. 

සිටි ගමෙන් රහසේම පලා ආ නිසා ග්‍රාම සේවක රැකියාවද ඔහුට අහිමි වුන නිසා, අතට අසුවන

 ඕනෑම රැකියාවක් කරන්නට ඔහු පෙලබුනා. කල් යත්ම තවත් පුතෙකු සහ දියණියක පවුලට

 එක වීම නිසා, සෙනරත්ට ජීවන බර තදින්ම දැනෙන්න ගත්තා.

     ස්ථිර රැකියාවක් නැති නිසා සෙනරත් වැඩිමහල් පුතුන් දෙදෙනා නැවත මහා ගෙදරට යවන

 ලෙස පවසමින් චන්ද්‍රානි සමග ගැටුම් ඇති කර ගත්තා. දෙමාපියන් එපා කියා ඔවුන්ට ද්‍රෝහී වූ

 ඇයට නැවත දෙමාපියන්ගේ පිළිසරණ පතන්නට නොහැකිව අසරණ වුණා. මේ හේතුව 

නිසා ඉගෙනීම අතහැර දමා රැකියාවක් කරන ලෙස  දාසය වන වියේ පසුවන පුතුට ප්‍රකාශ 

කලේ හිතට එකගව නොවෙයි. වෙන කරන්නට දෙයක් නොවූ නිසා.

       අවසානයේ පෙදරේරු රැකියාව කරනට පටන් ගත සෙනරත් අධික ලෙස මත් පැන්

 පානයට ඇබ්බැහි වුණා. බීමත් කම නිසා රෝගී වූ ඔහු සුරන්ගිට අවුරුදු හතරක් වනවිට 

මෙලොව හැර දමා ගියා.

        දරුවන් සතර දෙනෙකු සමග තනිවුන ඇය සෙනරත් විසින් සාදා දුන් ලෑලි නිවසේ ජීවත් 

වුනේ අගහිග කම් රැසක් මැද. සෙනරත් විසින් ඉතිරි කර ගිය දෙයක් නොවූ නිසා , ලොකු පුතුගේ

 මාසික ආදායමෙන් පවුල නඩත්තු වුණා. මේ සියලු වියවුල් මැද අසරණ වූ ඇය ජීවත් වුනේ 

දරුවන් වෙනුවෙනුයි .දරුවන්ට හොදින් උගන්වා ගැනීමට සිතු ඇය අසල වූ තේ කර්මාන්තසාලාවේ 

රැකියාවක් කරන්නට ගත්තා. ඇගේ ජීවිතයේ කටුක බව තේරුම් ගත කර්මාන්ත ශාලාවේ 

බලධාරීන් ඇයට සුළු රැකියාවක් ලබා දුන්නේ දරුවන් වෙනුවෙන් නිතර පිටවීම අවශ්‍ය වූ නිසා.

    චන්ද්‍රානීගේ උකුලේ වාඩී ගෙන ලය මත හිස හොවාගෙන සුරන්ගිට හොදටම නින්දගිහින්

 තිබුනා. සිගිති දියණියගේ හිසකේ අතරින් ඇගිලි තුඩු යවා පිරිමදිමින් ඇය ඇගේ අවාසනාවන්ත

 අතීතය සිහිපත් කළා.

''අම්මේ''

''මද්දුමයා මොකද මේ මඩ නාගෙන .අදත් කොල්ලෝ එක්ක ගහ ගත්තද.''

      ඇගේ තුන්වන දරුවා වූ සුනන්ද නිවාස තුලට ඇතුල් වුනේ සුදු ඇදුම බොර පැහැ ගන්වා 

ගෙනය.

''ඔව් මන් උන්ට ගැහුවා.''

''ඒ මොකද පුතේ.''

''උන් අම්මට එක එක ඒවා කිව්වා. මටත් බැන්නා, මට ඉවසුන් නැති වුණා.''

''ඉවසපන් පුතේ අපිටත් හොද දවසක් උදා වෙයි .'' 

       චන්ද්‍රානී  සුනන්දව ලගට අඬගසා ගෙන නළල සිප ගනිමින් කිව්වා. මේ කාලය තුල ඔවුන්ගේ 

නිවසට එබී බලන  නාදුනන බීමත් පුද්ගලයෙක් නිතර දකින්නට ලැබුනා. රැයක්  දවලාක්

 නොමැතිව බීමතින් ගතකරන ඔහු දිනක් සිඟිති දියණියට ආප්ප කීපයක් දී තිබුනා.

          එදින  සිට  චන්ද්‍රානී කෙතරම් සුරංගිට කෙතරම් තරවටු කලත් විමලේ මාමා යනුවෙන් පවසමින්

 සුරංගි ඔහු සමග කුළුපග වුණා.  දිනෙන්  දින සුරංගී දියණිය බලන්න ඒම විමලේගේ පැමිණීම 

 අනිවාර්ය ක්‍රියාවක් වුණා. දිනපතා නොයෙකුත් දේ සුරංගිට ගෙනත් දීමත් ඔහුගේ පුරුද්දක් වුණා.

 කිසිදා කඩුල්ලෙන් එහාට  නොපැමිණි විමලේ ,චන්ද්‍රානි සමඟ කතා කිරීමට පෙලබුනේ නැහැ.

       කොස් ගස් තුනක් සහ මහෝගනී ගස් දෙකකින් වදුල වූ මිදුලේ පිහිටි පුංචි ගෙය දකින අයට

 පෙනුනේ අට්ටාලයක් වගේ. මිදුලේ පැත්තක්ම  වසාගෙන සාරවත්ව වැවී තිබු උදුපිලිය නිල්ල 

සුරගිටත් සුනන්දටත් සෙල්ලමට අපුරූ තැනක් වුණා. පවුලේ දෙවෙනියා වූ නිමන්ත තරමක 

දඩබ්බරයෙක් . කිසිවෙක් ගැන තැකීමක් නොකළ ඔහු නිතර තම හිතුමතේ කටයුතු කළා. 

නිතරම චන්ද්‍රානීට චොදනා කල නිමන්ත නිවාස තුල අඬදබර ඇති කළා. නිමන්ත නිසා හිතේ

 ගින්දරෙන් සිත් චන්ද්‍රානි මිදුලේ කොනක වූ ලෑලි පෙට්ටියකට වහලයක් සවිකර තිබු කුඩා බුදු

 මැදුර ඉදිරිපිට උදේ හවා බුදු වැද අයැද සිටියේ ඇගේ ජීවිතය වූ දරුවන්ට පීඩාවක් නොවන 

ලෙසයි. ඔවුගේ ජීවිතය මේ අට්ටාල නිවාස තුල කෙතරම් කටුකද කිවහොත්, වැසි කාලයේදී 

සුළගත්  සමග ඇතුලට ගසාගෙන ආ හිරිකඩත්, වහලයේ දිරාගිය තහඩු අතරින් වෑස්සුනු ජල

 පාරවලුත් නිසා නිතර සේම රෝග වලින් පීඩා වින්දා. පායන කාලයෙදී තහඩු රත් වී ඇති කරන 

අධික උණුසුම පීඩා ඇති කළා. චන්ද්‍රානි නිතර දුක් වුනේ තමා කල පවු ගෙවන්නට තම දරුවන්ට

 සිදු වී ඇති බවයි. නිමන්තගේ හැසිරීම ඇගේ වේදනාව වැඩි කරන්නට තවත් ඉවහල් වුණා. 

මාසෙකට වතාවක් පමණක් නිවසට පැමිණි වැඩිමහල් පුතු නිලන්ත මවගේ දුක අඩු කිරීමට

 සමත් වුණා. චන්ද්‍රනීගේ එකම පිළිසරණ වුනේ ලොකු පුතු නිලන්තයි .

    එක සැදෑවක ඉර අවරගිරින් බැස යද්දී  සැදෑ අදුරත් සමග චන්ද්‍රානි නිවාස වෙත ආවේ තේ 

කර්මාන්තශාලාවේ වැඩ නිමවලා. ඇය නිවසට පැමිණෙන විට අවුරදු අටක් වයසැති මද්දුමයා

 සුනන්දත් සමග සුරංගී උදුපියල්ලේ සෙල්ලම් කරමින් සිටියා.

'' සුරංගි හොදටම හවස් වෙලා බුදු පහන තියන්න මල් ටිකක් කඩන්නකෝ.''

     එසේ කියමින් ගෙට වැදුන චන්ද්‍රානී රාත්‍රී ආහාරයට යමක් පිසින්නට, ඉටිකොළ වලින් 

ආවරණය කර තිබු කුස්සියට වැදුනා.

'' චන්ද්‍රානී දුවේ ..... චන්ද්‍රානී දුවේ..''

'' කවුද?''

      චන්ද්‍රානී වැඩට ඇදන් ගිය ඇදුමට උඩින් ඉන දවටාගෙන වුන් චීත්තය කොනක ඇත පිසදාමින්

 කුස්සියෙන් දොරෙන් එබී කඩුල්ල දෙස බැලුවා. ඇය නොහදුනන ස්ත්‍රියක් නිසා ලිපට පිබීමෙන්

 හිස මත රැඳුන අළු පිස දමමින් චන්ද්‍රානී කඩුල්ල දෙසට ආවා.

''ආ චන්ද්‍රානී ළමයෝ මම මේ අපේ විමලේ ආවද බලන්න ආවේ.''

''මේ  විමලේ අයියගේ අම්මා වෙන්න ඇති.''

    පැසී ගිය කෙස්සත්, තරමක් කුදු වූ කොන්දත් නිසා ඇය විමලේගේ මව ලෙස චන්ද්‍රානි 

අනුමාන කළා.

''ඔව් ඔව්.''

''අනේ නැන්දේ විමලේ අයියා අපේ සුරංගි කෙල්ල  එක්ක කතා කලාට කවදාවත් කඩුල්ලෙන් 

මෙහාට එන්නේ නෑ.''

''සුරංගි කෙල්ල ගැන නිතරම කියවනවා අපේ කොල්ලා.''

''එන්න නැන්දේ ගෙට.''

    අමාරුවෙන් කඩුල්ල පැන ගත් විමලේගේ මව වූ සුමනාවතී චන්ද්‍රානීගේ ලෑලි ගෙට 

ගොඩවැදුනා.

''අම්මේ කවුද මේ ආච්චි අම්මා.''

     සුරංගි සුරතලයට අම්මාගෙන් විමසමින් දොර රෙද්දට මුවා වුනේ, අගාන්තුක ස්ත්‍රියක් 

පැමිණීමෙන් ඇති වූ ලැජ්ජාවෙන් ඇබරෙමින්.

''මේ විමලේ මාමාගේ අම්මා සුරංගි.''

''අනේ ආච්චි අම්මේ, විමලේ මාමා කෝ. මාව බලන්න හුග දවසකින් ආවේ නෑනේ.''

         සුරංගි දොර රෙද්ද එහෙට මෙහෙට පද්දමින් බිම බලාගෙන කිව්වා.

''කෝ මෙහාට එන්න බලන්න සුරංගි දුව.''

''ආච්චි අම්මා මගේ නමත් දන්නවද?''

''ඔව් ඔව් එන්නකෝ . විමලේ මාමාගේ පණිවිඩයකට මම මෙහෙ ආවේ.''

   හරියට හුරුපුරුදු කෙනෙක් වගේ සුරංගි කෙලින්ම සුමනාවතීගේ උකුලේ හරිබරි 

ගැසී වාඩී වුණා.

'' ඉන්න නැන්දේ කෙතලේ පැහෙනවා මම තේ එකක් හදන එන්නම්.''

''දැන් තේ බොන්න බෑ දුවේ රැට කන්නත් බැරි වෙනවා දැන් තේ බිව්වොත්.''

''අනේ චුට්ටක් බොමු නැන්දේ .නැන්දා අපේ ගෙදරට ආවමයිනේ මේ.''

''ඇත්තටම මම මේ වැදගත් දෙයක් කතා කරන්න ආවේ.''

''මොකද්ද නැන්දේ.''

''අපේ විමලේ දැන් ටික දවසක ඉදන් හුගක් වෙනස් වෙලා. වෙනදට බීගෙන දවසම කෑ ගහන 

මිනිහා , දැන් ගෙට වැදිලා ඉන්නවා ගෑණු ළමයා වගේ.''

''ඇයි නැන්දේ අසනීපයක්ද?''

       සුමනාවති මද සිනාවක් පා සුරන්ගිගේ  පුංචි දෑත් සිය දෑතින් අල්ලාගෙන පිරිමදින්නට විය.

''නෑ නෑ ඌට මේ සුරංගි කෙල්ල දැක්කම උගේ දරුවා මතක් වෙනවලු.''

     සුමනාවතී  විමලේගේ කතාවට මුල පිරීය.  විමලේ නම් ගැටවර වයසේ දී රට වෙනුවෙන් 

යුධ වැදුන හමුදා නිලධාරියෙකි . යුධ බිමේදී සිදු වූ පිපිරීමකින් මරණය ලගට ගොස් ආපසු

 පැමිණි ඔහු මාස තුනක් පමණ එක්තැන් වී සිට ඇත. ඒ  කාලයේදී තම බිරිද තම දියණියද 

සමග වෙනත් පුරුෂයෙකු සමග පලා යාම නිසා කලකිරුණු ඔහු තදින් බීමට අබ්බැහි විය . 

නැවත සේවයට වාර්තා කලද ඔහුගේ අමුතු හැසිරීම් නිසා ඔහු මානසික රෝගියෙකු ලෙස සලකා 

සේවයෙන් පහ කර ඇත. එතැන් පටන් අද දක්වා අවුරුදු දහයක් පමණ කිසි බලාපොරොත්තුවකින්

 තොරව බෝතලය ඔහුගේ ජීවිතය කරගෙන තිබුණි. තම දියණියට බොහොම ආදරය කල

 ඔහු ඇය ලබා ගැනීමට නීතියේ පිහිට පැතුවත් ,මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසා තිබු

 නිසා ඔහු නඩුව පැරදී ඇත. එතැන් පටන් දරුවාද සමග බිරිද කොහි සිටිනවාදැයි විමලේට

 දැන ගන්නට ලැබී නොමැත. දිනයේ බීමට පමණක් අවශ්‍ය තරම් මුදලත් උපයා ගත විමලේ

 අසල්වැසියන්ටත් , නෑදෑ හිතවතුනටත් හිරි හැර කරමින් මහා ගෙදර ජීවත් වී ඇත.

''දැන් තේරෙනවනේ චන්ද්‍රානී දුවේ අපේ කොල්ලා සුරංගි දුවට ආදරේ ඇයි කියලා.''

       සුමනාවතී දෑසට නැගුන කඳුල චීත්ත කොනෙන් පිස, සුරන්ගිව ආදරෙන් තුරුළු කරගනිමින් 

කිව්වා.

''මට හරිම දුකයි නැන්දේ.''


නැවත හමුවෙමු.


සිතුවිලි ගැලපුම සඳු...

දිනයක වැටහේවී...........
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Dec 2016 11:49 PM
  •  Quote
  •  Reply
අළුත් කථාවක් පටන් අරගෙන.. ඔහොම යමු.. ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Dec 2016 02:11 AM
  •  Quote
  •  Reply

පිළිසරණ ඔබයි ....

අවසන් කොටස.

''දැන් මම ආ කාරණය කෙලින්ම කියන්නම්.''

'' මොකද්ද නැන්දේ.''

''අපේ විමලේ ඔහොම සන්සුන් වෙලා ඉන්නේ මේ පුංචි එකී නිසා. මම ආවේ අපේ කොල්ලව

 දුවට යෝජනා කරන්න. සුරංගි කෙල්ලට තියෙන ආදරේ නිසා විමලේගේ හිතෙත් ඔය 

අදහස තියෙයි මයේ හිතේ.''

    

       චන්ද්‍රානීගේ දෑස් උඩ ගියේ එක පාරට වැදුන අකුණ මොකද්ද යයි කල්පනා කරමිනුයි .

 ඒ වදන් අදහා ගන්න නොහැකී වූ ඇය මොකුත් නොකියාම කල්පනා කරන්න වුනේ , ජීවිතේ 

දෙවතාවක් කල වරද නැවත කරන්නට නොහැකි බවයි.

'' උබ මොකද කියන්නේ දුවේ.''

''අනේ නැන්දේ අයෝ බඳින්න නම් මගේ හිතක වත් නෑ. දැන් මට දීග දෙන වයසේ ළමයිනුත්

 ඉන්නවනේ.''

''ඒ වුනාට තව උබට පොඩි එවුනුත් ඉන්නවනේ. දරුවෝ හතර  දෙනෙකුගේ යුතුකම් ඉටුකරනවා 

කියන එක  ලේසි පහසු වැඩක් නෙමේ''

      තවත් කිසිත් පවසන්නට නොගිය චන්ද්‍රානී කල්පනාවකට වැටුනා.

'' ලොකු කොල්ලාගෙනුත් අහලා හොද තීරණයක් ගනින් දුවේ. මගේ කොල්ලා නොබී ඉන්නේ 

උබයි සුරංගි කෙල්ලයි නිසා. මම මේ යෝජනාව කලේ දෙන්නාගේම හොදට.''

    ඔවුන් කතා කරන දෙයි හරිහැටි වැටහීමක්  නොවූ නමුත් සුරංගි නිහඩව ඔවුන්ගේ කතාවට 

සවන් දුන්න. ඒ පිළිබද කිසිම හැගීමක් නොවූ චන්ද්‍රානී එය ලොකු පුතු නිලන්තට කියන්න පවා 

මැලි වුණා. නමුත් දිනක් මාසේ නිවාඩුවට නිවසට පැමිණ සිටි නිලන්ත් රාත්‍රියේ මවගෙන් ඒ 

පිළිබද විමසුවා.

'' අම්මේ ඇත්තද මේ සුරංගි කියන කතාව.''

''ඔව් යෝජනාවක් ආවා මම කැමති නෑ. ඒකයි ලොකු පුතා එක්ක නොකිව්වේ''

''ඒක හොදයි. මොන විලි ලැජ්ජ නැති වැඩක්ද ඒක. ඒ මිස්නිස්සුන්ට පිස්සුද. අපි කොහොමද 

ඇදුමක් ඇදලා පාරේ බැහැලා යන්නේ.''

        ලොකු පුතු නිලන්තගේ අදහස හොදින් තේරුම් ගත් ඇය ආයෙත් විමසුවොත් කෙලින්ම අකමැතී 

කියන්නට සිතා ගත්තා. කුඩා දරුවන්ට පාසල් උපකරණ, නොයෙක් කෑම වර්ගත්   කඩුල්ල ලගට 

ගෙනවිත් දුන් විමලේ, කිසි විටි චන්ද්‍රානී සමග කතා කලේ නෑ. සුරංගි බැලීමට නිතර පැමිනි ඔහු ,

දැන් මුළුමනින්ම බීම අතහැර දමා තිබුනා. එමෙන්ම විමලේ අලුත් නිවසක් හදන බවද චන්ද්‍රානීට 

වටින් ගොඩි ආරංචි වුණා.

      දරුවන් සතර දෙනෙකු බිහි කලද තවමත් තිස්අට වියෙහි පසුවුන චන්ද්‍රානීගේ තරුණ පෙනුම 

එතරම් වැහැරී ගොස් තිබුනේ නැහැ. කලකිරීමත් , ශෝකයත් නිසා බාහිර ස්වරුපය අමතක කර තිබු 

ඇය නිතර පනාවක් නොවදීමෙන් අවුල් වූ කේෂ කලාපයත් ,කිලිටි, විශාල ඇදුනුත් නිසා ඇගේ 

තරුණ බව සැගවී තිබුනා.

      දිනක් කඩුල්ල වෙත පැමිණි විමලේ චන්ද්‍රානී සමග කතා කලේ මුල් වතාවට. ගමේ කා සමගත් 

වැඩි කතාවට නොගිය විමලේ  චන්ද්‍රානී සමග කතා නොකිරීම අමුතු දෙයක් වුනේ නෑ.

''චන්ද්‍රානී නංගියේ.''

''ආ විමලේ අයියනේ. කෙල්ලට  නම් පොඩ්ඩක් නින්ද ගිහින්.''

''මම මේ උබ එක්ක කතා කරන්න ආවේ. අපේ අම්මා උබට කල යෝජනාවට උබ තීරණයක් ගත්තද

 නංගියේ.''

''අනේ විමලේ අයියේ මම දැන් ඉන්නේ දීග යන වයසක නෙමෙයි. අනික රෑ වැටුන වලේ දවල්

 වැටෙන්න මම කැමති නෑ.''

''මේ පොඩි එවුන් නිසාවත් වරෙන්. මම උබලා සේරම බාර ගන්න කැමතී.''

'' අපේ ලොකු කොල්ල මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති නෑ. මේවා රට්ටු හිනස්සන වැඩ. අපිට 

මේ ගමේ ඉන්නත් බැරි වෙයි,''

''රට්ටුන්ට ඕනේ ඒවා නෙමෙයි මම කරන්නේ. උබ තීරණයක් ගනින් .ඉතුරු හරිය මම බලා ගන්නම්.''

     සෙනරත් මියගොසින් දැන් වසර දෙකක් ගතවෙලා වැඩිමහලු නිලන්ත දැන් දහඅට වියේ පසු වෙනවා.  

දෙවෙනියා නිමන්ත අවුරුදු දාහතරක් වෙනවා  . මෙතරම් ලොකු දරුවන් සිටිද්දී මොන කසාද ඇය

 විමල්ගේ යෝජනාව ගැන තවත් හිතුවේ නෑ. අවුරුදු දෙකක්ම පිරිමියෙකුගේ පිළිසරණක්  නොමැතිව

 ජීවත් වෙන්නට හැකි වී තිබු නිසා, ඇයට තව දුරටත් කාගේවත් පිළිසරණක් අනවශ්‍ය යයි සිතුනා.

      දිනක් අටවන වියේ පසුවුන සුනන්ද පාසලේදී වැටී නළල පලාගෙන තිබුනා. ආරංචිය ලද සැනින් 

පාසලට චන්ද්‍රානී පැමිණියේ පාසල නිවාස ආසන්නයේම තිබු නිසයි. දැන් කරන්නේ මොකද්ද උදව් 

ඉල්ලනේ කාගෙන්ද කියලා චන්ද්‍රනී කදුළු සලමින් අවසිහියෙන් සිටි සුනන්දව වඩා ගන්නට උත්සහ

 කළා.

''කෝ දෙන්න නංගියේ කොල්ලව මම ගන්නම්.''

      කොහෙන් හො පණිවිඩය ලැබී විමලෙත් පාසලට පැමිණ තිබුනා. දරවා හරහට වඩා ගත් ඔහු  

ඉක්මන් ගමනින් ඩගසාගෙන විත් තිබු ත්‍රිරෝද රථයට නැගී සුනන්දව හැකි ඉක්මනින් රෝහල 

වෙත ගෙන යනු ලැබුවා.

      දවස් කීපයකට පසු මාසයේ නිවාඩුවට පැමිණි නිලන්ත සමග චන්ද්‍රානී මේ බව පැවසුවා.

''හොද වෙලාවට විමලේ මාමා වත් ආවේ නේද අම්මේ.''

''අනේ ඔව් පුතේ.''

      චන්ද්‍රානීගේ සිතේ විමලේ ගැන යම් පැහැදීමක් ඇති වී තිබුනා. ඔහුගේ යෝජනාවට අකමැති වුවත්

 ඔහු හා කතා කරන්නට ඇය පෙලබුනා. නිතර දෙවෙලේ නිවසට පැමිණි සුමනාවතී ,විමල්ගේ මව 

ඇයට නිතරම යෝජනාව ගැන සිහපත් කළා. නමුත් චන්ද්‍රානී නිලන්ත කිවූ දෙයකට පිටින් කටයුතු 

කරන්න අකමැති වුණා.

       මේ වන විට නිලන්ත මිතුරෙකුගේ මාර්ගයෙන් විදෙස් ගතව රැකීයාවක් කරන්නට මග පාදාගෙන 

තිබුනා. මිතුරෙකුගෙන් ණය මුදලක් ලබා ගත් ඔහු ගුවන් බලපත්‍ර සකසාගෙන තිබුනා.නිලන්තගේ 

සිහින මල්පල ගන්වමින් රටෙන් පිටවන දවස ලගා වුණා.  නිලන්ත හිටියේ හුගක් සතුටින් දැන්නම්

 බයක් නැතුව මගේ අම්මාටයි නංගිලා මල්ලිලාටයි බලන්න පුළුවන්නේ කියලා.

       රට යන්නට යන්නට දවස් කීපයක් තිබියදී දිනක් විමලේ නිලන්තව හමුවෙන්නට පැමිණියා.

 හුග වෙලාවක් කතා කරමින් සිටි විමලේ සුරන්ගිටත් සුනන්දටත් අතවනා පිටවී ගියා.

     එදින පාන්දර දෙකට පමණ නිවසින් පිටවන්නට නියමිතව තිබුනේ හතර වන විට ගුවන් 

තොටුපලට යාමට අවශ්‍ය වූ නිසා. රාත්‍රියේ ඇදුම් නමා බෑගයට අසුරින් නිලන්ත තම මෑණියන්

 ඇමතුවා.

''අම්මේ.''

''ඇයි ලොකු පුතේ.''

''අම්මා කැමතිද විමලේ මාමාව බඳින්න''

''අනේ මට ඕනේ නෑ පුතේ. මගේ පුතාට පුළුවන්නේ දැන් මල්ලිලා දෙන්නටයි නංගිටයි බලන්න.''

     ලොකු වියදමක් දරා වෑන් රථයකින් ගුවන්තොටුපොළට යාමට අකමැති වූ නිලන්ත. ත්‍රිරෝද

 රථයක තම බෑග් දමාගෙන තනියම යාමට තීරණය කළා. මාසයකට වතාවක් පමණක් නිවසට 

පැමිණි නිසා, ඔහුට ගමේ එතරම් හොද මිතුරන් සිටියේ නෑ. පාන්දර දෙක කිට්ටු වෙද්දී ගමනට 

සුදානම් වුන ඔහු මෑණියන්ගේ දෙපා නැමැද ආශිර්වාද ලබා ගත්තා. නිලන්තව තුරුළු කරගෙන 

අඩන්න ගත් චන්ද්‍රානී සිය පුතුගේ මුහුණ සිප ගත්තේ සිය කදුළේ සීතල ඔහුගේ මුහුණේ තවරමින්.

 චන්ද්‍රානීට සිය පුතුගේ ඈත වීම දරා ගන්න අපහසු වුණා. තම වැඩිමහල් සොහොයුරාට වැද සමු

 දුන් නිමන්තත් , සුනන්දත් පසු වුනේ දැඩි වේදනාවකින්. නිලන්තගේ දෙපා මුල වැඳ වැටී ඉකි ග

සන්නට පටන් ගත් සුරංගී, වඩාගෙන ඔහු ඇය සනසන්නට උත්සහා කළා. නොයෙකුත් සෙල්ලම්

 බඩු, ටොපි, චොක්ලට් ගැන කිව්වවත් සුරංගි හිටියේ මුණ බේරී කරන්. යම් වගකීමක් දරන්නට 

හැකි වයසක හිටියේ නිමන්ත විතරයි ,ඔහුත් දඩබ්බරයෙක් නිසා නිලන්තට මේ  ගමන හිතට ලොකු

 බරක් වුණා.

'' ලොකු මල්ලියේ උබට තමයි අද ඉදන් අම්මයි නංගි මල්ලි බලා ගන්න වෙන්නේ, දැන් වත් ඔය 

මුරණ්ඩු කම් නවත්තලා අම්මලා බලා ගනින්.''

     අවසාන වශයෙන් එසේ කියූ නිලන්ත ත්‍රී රෝද රථයට බෑග් පටවා ගත්තා. යන මොහොත උදා

 වෙත්ම විමලේ කඩුල්ල පැන නිවාස දෙසට පැමිණියා.

''යමු පුතේ සේරම හරි නේද.''

''අම්මේ මම කැමති අම්මා විමලේ මාමාව බඳිනවට. අම්මලට පුළුවන් හෙටම විමලේ මාමා හදපු

 අලුත් ගෙදර පදිංචියට යන්න. ඒ දේවල් සේරම මම සුදානම් කරලා තියෙන්නේ.''

    චන්ද්‍රානී කුමක් කියම්දැයි සිතමින් පුදුමයෙන් නිලන්ත දෙස බැලුවා.

''ඒ කිව්වේ පුතේ.''

''විමලේ බාප්පා හොද කෙනෙක් අම්මේ. අම්මලට දැන් මමත් නැති  නිසා පිළිසරණක් ඕනෙනේ.''

''යේ අපි විමලේ මාමාලාගේ ගෙදර නවතින්න යනවද. මට ආච්චි අම්මාගෙන් හැමදාම කතන්දර 

අහන්න පුළුවන්. යේ යේ''

         සුරංගි සත්ටින් උඩ පනිමින් කෑ ගැහුවා. සුරංගිටත්, සුනන්දටත්  කවදාවත්ම ආච්චි 

අම්මෙක්ගේ ආදරය ලැබිලා තිබුනේ නෑ. ඒ චන්ද්‍රානි නැවත දෙමාපියන් වෙත නොගිය නිසා. ඒ 

නිසා සුමනාවතිගේ ආදරය විදින්න ඔවුන් කැමතිව සිටියා.

''මෙහෙ එන්න සුරංගියෝ.''

      සුරංගි දුවගෙන ගිහින් විමලේගේ ගෙලේ එල්ලුනා.

''මම තමයි දැන් ඔයාගේ තාත්තා.''

''තාත්තා.''

''ඔව් තාත්තා.''

     තම මව දෙසත් ලොකු අයියා දෙසත් හිස හරවා බැලු සුරංගි විපුලේගේ ගෙල බදාගෙන තුරුළු

 වුණා.

''ඔව් මගේ සුරංගියෝ ඔයාලා සේරම අද ඉදන් මගේ. මම තමා ඔයාලගේ තාත්තා.''

       දැඩි පිරිමි හිතට දැනුන අවංක සතුට නිසා නෙතට ඉනු කදුල පිට අත්ලෙන් පිස දමමින්, විමලේ

 සුරංගිගේ කොපුලක් මත හාදුවක් තැබුවා. විමල්ගේ  දෙපා නැමද ආශිර්වාද ගත නිලන්ත. ඔහු සමග

 ත්‍රී රෝද රථයට නැගී ගුවන්තොටුපල කරා ඇදී ගියේ, නිම නැති යහපත් බලාපොරොත්තු රැසක් 

සිත් තුල පොදිබැඳගෙන.



සමාප්තයි!!!!!



සිතුවිලි ගැලපුම සඳු.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
05 Dec 2016 02:36 AM
  •  Quote
  •  Reply
අවසානය හරිම සුන්දරයි...
විමලේ බාප්පාගේ ගෙදරට සියල්ලම යන එක ගොඩක් හොදයි..
ඔහු හොඳ රැකවරණයක් ලබාදේවි යැයි සිතෙනවා..
ස්තූතියි සඳූ...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Dec 2016 03:01 PM
  •  Quote
  •  Reply

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Dec 2016 03:23 PM
  •  Quote
  •  Reply

සැගවුණු කදුළු.


      තවත් එක් මුසල රැයක්. අමාවක දවසක් නොවුනත් අහස් ගැබ පායා මද ආලෝකයත් ලබා දුන් අඩ

 සදත් විශාල කළු වළාවකින් වැසී ගොසින්. රාත්‍රි අට පසු වෙන්නට කිට්ටු වී තිබුනත් තම සැමියා නිවෙසට

 නොපැමිණිම නිසා නොසන්සුනව සිටි දිස්නා ඉදිපස දොර අභියස වාඩි වී මග බලන්නට විය. අද නිවසේ

 සිටිනේ ඇය පමණිකි. දරුවෙකු ලබන්නට ඔන්න මෙන්න හුන් දිස්නාට තනිව නිවසේ සිටීමට බිය සිතිණි. 

ඇගේ තනියට නිවසේ රැදී වුන් ඇගේ අම්මාද, හෙට දින නැවත එන පොරොන්දුවෙන් මහ ගෙදර බලා පිට

 වී තිබුණි.

       මොකද අනේ නලින්ද අයියා තාම නැත්තේ යයි සිතමින් ඇය අදුරේම නිවසින් පිටතට පැමිණියේ 

අතකුත් ඉනේ ගසාගෙන අමාරුවෙනී. ඇයගේ දරුවා බිහිවන කාලය ඉතා ආසන්න වී තිබු නිසා උදරය 

ඉදිරියට නෙරා විත් ඇවිදින්නට පවා අපහසුය. ඇගේ දෙපාද පිට්ටු ගෙඩි මෙන් ඉදිමී ඇති නිසා ඇවිදින විට

 වේදනා ගෙන දෙයි. අමාරුෙවන් ටික දුරක් ඇවිද ආ ඇය නිවස ඉදිරි පිට වු බංකුව මත හිදගත්තේ අපහසුවෙනි.

 එහි හිද ගත් විට දෙපා බිම නොවදින නිසා , විශාල උදරයත් සමග හිදගෙන සිටීම ඇයට සුවදායක නොවීය.

 

     අවටින් ඇසුනු බකමුනෙකුගේ හ්ම්ම්ම්ම් හඩ නිසා ඇගේ සිත තුළ චකිතයක් ජනිත විය. ඇගේ තිගැස්ම 

දැනුන කුසේ වුන දරුවාද දගලන බව ඇයිට දැනිනි. කුස මත අතක් තබා ගෙන පිරි මදිමින් ඇය සිතුවේ දගලන්න

 එපා පැටියෝ දැන් තාත්තා එයි. මගේ පැටියා බය වෙන්න ඕනේ නෑ යනුනෙනි. ඇගේ දරුවා කුස තුළ දගලන 

වාරයක් පාසා ඇගේ සිත ගිණි ගන්නා කරුණක් විය. ඇගේ සිත කිව්වේම ඇය හොද අම්මා කෙනෙකු නොව

මවක් වීමට වත් සුදුසු නොවන ගැහැණියක් බවයි. තම කුස වුන් දරවා චලනය වන වරයක් පාසා සිත තුළ සතුටු

 මොදු වන මව් වරුන් අතර ඇය සැමදා රහසේම හඩා වැටුණාය. ඒ ඇගේ අතීතයේ සිදු වූ තුවාලක් පැසවා 

නැවත නැවත රිදුම් දෙනවා වැනිය. ඇගේ ජීවිතයේ කිසිදා අමතක කළ නොහැකි කුරිරු රාත්‍රියක් තිබිණී.

 අද අවට පරිසරයේ වූ අදුර ,එදින අදුරට සමාන වීම ඒ මතකය අළුත් වීම හේතු විය. ඒ සිතුවිලි සිතින් යටපත්

 කර ගන්නට ඇයට නොහැකිය. ඇයට ඇයවම එපා කරවන ඒ දර්ශන පෙල සිත් තුළ චිත්‍රණය වන්නට වුයෙන් 

සිත තවත් වේදනාවට පත් විය.

 

      ඒ සිදුවීම සිදු වූ කාලයේ දිස්නාගේ වයස අවුරුදු පහලොවකි. දහය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඇය 

කුඩා කළ සිටම ඉගනීමට සමතියෙකි. දුප්පත් පවුලක එකම ගැහැණු දරුවා වූ ඇය තම සොහොයුරන් දෙදෙනාද 

සමග අගහිග කම් මැද ඉගෙනීම් කටයුතු කරගෙන යන්නට විය. ඒ වන විට ඇයගේ අප්පච්චීත් රෝගාතුරව 

රොහල් ගත කර සිටි නිසා ඔවුන්ගේ අගහිග කම් තවත් වැඩි වන්නට විය. අප්පච්චීට සුව කිරිමට නොහැකි

 පපුවේ වේදනාවකි. වෛද්‍යවරු පවසා තිබුනේ ඔහු තව දුරටත් මහන්සී වී රැකියා කරන්නට වුනොත් තවත් 

ජීවත් කරවීම අපහසු බවයි. එනිසා මහන්සී වීමට ඉඩ නොදෙන ලෙසයි. නමුත් රෝහලෙන් ගෙදර පැමිණි 

මොහොතේ සිට ඔහුගේ සිත ක්‍රියා කලේ කුලී වැඩක් හෝ සොයා ගන්නා ආකාරය පිළිබදවයි. කෙතරම් අවවාද 

කරත් දරුවෙන් හොදින් ඉගෙන ගෙන ලොකු මිනිසුන් වෙනවා දැකිමට ආසා කල ඔහු  ඒ සදහා වෙහෙෙසන්නට

 කැමතිය.

 

     පවුලේ වියදම් දරන්නට මුදල් අවශ්‍ය නිසා දිස්නාගේ මව ඇගළුම් කම්හලක සේවය කරන්නට පටන් ගෙන

 තිබුණී. එනිසා නිවසේ උයන පිහන කටයුතුත්, සෙහා්දරයින් දෙදෙනා බලා ගැනීමේ වගකීමත් දිස්නා පිට පැටවින

.අළුයම නිවසින් පිට වෙන ඇය රෝහලට ගොස් සිය සැමියාද බලා, ඇගළුම් කම්අල වෙත යයි. නැවත සවසත්

 ඔහු බලන්නට යන ඇය ,රෑ බෝ වී නිවසට පැමිණ තැම්බුණ දෙයක් ආහාරයට ගෙන නිදා ගනී. ඒ දිස්නාගේ

 අම්මාගේ දිනචර්යාවයි. දරුවන් ගැන සොයා බැලිමටවත් ඉස්පාසුවක් ඇයට නොතිබුන නිසා සහෝදරයන් 

දෙදෙනාට අම්මා වී සිටියේ දිස්නායි.

     දිස්නාගේ පියගේ පැත්තෙන් දුරින් නැදෑ වෙන පවුලක් ඔවුන්ගේ නිවසේ සිට නිවස් කිහිපකට එහාට වන්නට

 පිහිටා තිබුනි. දිස්නාගේ දෙමාපියන්ට හයියකට උන්නේ ඔවුන් පමනක් නිසා, ඔවුන් ළගින්ම ආශ්‍රය කෙරනි. 

මුදල් අපහසු තාවකදී වුව නොපැකිලී උදවු කිරීමට දිස්නාට නෑදෑකමින් බප්පා වු ඔහු ඉදිරි පත් විය. හදිසි 

අවස්තාවකදී දිස්නාගේ අම්මා ඔවුන්ව නතර කර යන්නේ ද එම බාප්පාගේ නිවසේයි. නිතරම වගේ බීමතින් 

වුන් ඔහු නිතර බොරු මනස්ගාත කියවන නිසා දිස්නා බාප්පාගේ නිවසට යාමට අකමැතිය. දිස්නාට බාප්පාගේ 

ක්‍රියා කලාපයද එතරම් ඇල්ලුවේ නැති නිසා හැකි තරම් ඔහු මග හැර සිටීට ඇය උත්සහ කලාය. නමුත් දවසට

 එක වරක් වත් දිස්නලාගේ නිවසට ගොඩ වදින ඔහු මල්ලිලා දෙදෙනා සමග බීමතින් දොඩවමින් හිද පිටවී යයි.

 

     එදිනත් අද වැනිමය. වෙනදාට රෑ හත පසු වන්නට පෙර නිවසට පැමිනෙන අම්මා එදිනද රාත්‍රි අට පසුවන

 තුරුත් නිවසට ආවේ නැත.

‘‘ ලොකු කෙල්ලේ උඹ අපේ ගෙදර යන්නද හදන්නේ.‘‘

 

‘‘ඔව් බාප්පේ. අද අම්මා රෑ වැඩ වගේ.‘‘

 

     කතා කිරීමට අකමැති වුණත් බිමතින් පැමිණි බාප්පාට පිළිතුරු දීමට ඇයට සිදු විය.

 

‘‘කෝ පොඩ්ඩක් හිටහන් ලොකු කෙල්ලේ .මට අර උබලගේ අප්පචිගේ ආයුධ පෙට්ටියෙන් මිටියක් හොයා

 ගන්න ඕනේ.‘‘

 

     මේ වෙරිමරගාතේ මිටි මොකටද අහන්නට ඇයට සිත් වුනත් ඇය නිහඩවම දොර අගුළු දැමීම නවතා බාප්පාට 

නිවසට ඇතුල් වීමට ඉඩ හැරියා. විදුලි බුබුළු නොදැල්වු ඔහු අතේ තිබු විදුලි පන්දම දල්වාගෙන ආයුද පෙට්ටිය

 අවුස්සන අයුරු ඇය දොර අභියස සිට බලා වුන්නා.

 

‘‘කෝ ලොකු කෙල්ලේ මේක නෑනේ පොඩ්ඩක් ඇවත් හොයලා දීපන්කෝ.‘‘

 

     මොන කරදරයක්ද මන්දා යයි සිතු ඇය නිවසට ඇතුළු වී විදුලි බුබුළු දැල්ලුවාය.

 

‘‘මේ චුට්ට ලයිට් ගිහින් නේ.‘‘

   යයි හෙමින් මිමිනු ඇය මිටිය සෙවීමට ආයුධ පෙට්ටිය ළගට හැරෙන විටම කවුරුන් හෝ ඇයව තදින් 

ග්‍රහනය කර ගත්තාය. නිවස තුළ සිටයේ ඇයත් බාප්පත් පමණක් නිසා මෙලෙස ඇය අල්ලා ගත්තේ මන්ද 

අහන්නට වත් ඇය කාලයක් නොලැබුණි. ඝණ අන්ධකාරය මැද ඇය බලහත්කාරයෙන් ගෙයි බිත්තියකට

 සිරකරගෙන සිටින්නේ බාප්පා බව නැහැයට දැනුනු මත් පැන් ගද නිසා වැටහිණි. ඇයට කෑ ගසන්නට ඉඩ 

නොතැබූ ඔහු කට මිරිකා අල්ලාගෙන තිබුණි.

‘‘ කට පියාගෙන හිටපන් ලොකු කෙල්ලේ මම අද වගේ දවසක් එනකන් තමා බලන් හිටියේ.‘‘

   අනේ බාප්පේ මට මෙහෙම කරන්නේ ඇයි. මම ඔයාගෙම දරුවෙක්  වගේ නෙමෙයිද?. අනේ මාව ආරින්න

 කියා කන්නලව් කරන්නට වත් ඇයට ඉඩක් නොලැබිනි. මාව අතෑරවන් වනචරයා. උබනම් අපේ නෑයෙක්

 නෙමෙයි. ඔබටත් ළමයි ඉන්නවනේ.. උන්ට මෙහෙම කරදරයක් වෙනවට උබ කැමතිද මිනිහො .කියා බැන

 වදින්නටද ඇයට අවස්ථාවක් නොලැබුණි.  සියුමැලි මල් කැකැළක් පිපෙන්නටත් පෙර පාපතරයෙකු අතින් 

එදින කෙලෙසිනි. නව යෞන් වියට පා තබන්නට මග බලමින් සිටි ඇගේ සියුමැලි සිරුර රළු අත් මත තෙරෙපී

 රිදුම් දෙන්නට විය. ශරීරයේ පීඩාවට වඩා ඇගේ රිදුම් දුන්නේ සිතයි. ඇයිට ඉදිරියට කළ යුත්තේ මොකද්ද 

යන්නද සිහියක් නැත. වැටී වුන කබල් ඇදෙන් නැගිටන්නද ගතට සවියක් ඇයට නොවිනී. නිරුවත් වූ සිරුර 

තම ගවුමම ගෙන වසාගෙන ඇය ඉකි බින්දාය.

 

‘‘ලොකු කෙල්ලේ තොට ජීවත් වෙන්න ආසාවක් තියෙනම් ඔය ඇදුම ඇදගෙන වර යන්න අපේ ගෙදර. 

නැත්තම් මම තොව මෙතනම මරලා ගගට ගිහින් දානවා. කාට හරි මේ ගැන කියලා අහු වුනොත් බලා ගනින් 

මම කරන දේ.‘‘

 

   ඇවිදින්නටත් බැරිව වැනි වැනි ආ පුද්ගලයාට දැන් වෙරි නැත. කතා කර ගන්න බැරිව වචන ගොත ගැසු 

පුද්ගලයාගේ වචන දැන් ගොත නැත. ඒ සියල්ල ඔහුගේ රගපෑම්ය. ඔහු සැමදා මාන බලමින් වුන්නේ ඇය බිලි

 ගන්නටයි.

‘‘කිව්වම අහලා ඔය ඇඩිල්ල නවත්තලා වරෙන් යන්න. මම යනවා. උබ එහෙ ගිහින් එහෙම හොටු පෙරන් 

අඩන්න ලැස්ති වෙන්න එපා තේරුනාද?.‘‘

 

       එසේ පැවසු ඔහු පිටවී ගිය පසු  මුළු රෑම නිවසේ තනිව ගත කළ ඇය, එළිවෙන තුරුම හැඩුවාය.දිවි නසා

 ගන්නට සිතුණු වාර අනන්තය.ඔහු ළගින් දැනුනු මත් පැන ගද ඇයට නැවත නැවත දැනී තමාවම අප්‍රිය කරවීය. 

කෙසේ හෝ මරණින් ජීවිතය කෙලවර කර නොගත් ඇය 

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Dec 2016 03:24 PM
  •  Quote
  •  Reply

ජීවත් විය. නමුත් සැමදා සිත යටින් පිච්චුනේ අම්මා සමග මෙය කියන්නට බැරි නිසයි.දියණියකට මවක් සමග

 කීමට හැකි දෙයක් ද මේ සිදු වුනේ. කෙසේ නමුත් අම්මාට ඇති දුක් ගින්දර සමග ඇයට මෙය මව සමග 

පැවසිය නොහැකිය. බාප්පාගෙන් නිතර නිතර ඇය ඇති වු බලපෑම් නිසා දිස්නා අම්මාට මෙය කීමට තවත්

 බිය විය. ඉන් පසුත් වරින් වර ඇය බාප්පා ගේ ගොදුර විය. ඒ පිළිබද හිතින් හඩා වැටුන ඇය කිසිම හැගීමක්

 නැත්තියෙකු ලෙස ජීවත් වීමට හුරු විය.

     එලෙස මාස කීපයක් ගත වන විට ඇයට තදින් අසනීප විය. වමනේ යන්නටත් සිහිසුන් වන්නටත් පටන්

 ගෙන තිබුණි. ඒ පිළිබද දැනුමක් නොතිබු ඇය මව සමග බෙහෙත් ගන්නට වෛද්‍යවරයෙක් වෙත ගියාය.

 එහිදී ඔවුන්ට දැන ගන්නට ලැබුනේ දිස්නා ගැබ් ගෙන බවයි. ජීවිතයේ කටුක බව නිසාම වයසට වඩා මුහුකුරා

 ගිය පෙනුමක් තිබු දිස්නා පාසල් දැරියක් කියා වෛද්‍යවරයාට වටහා ගත නොහැකි විය. ඇගෙන් වයස

 නොවිමසා සිටි වෛද්‍යවරයා දිස්නාගේ මවට දොස් නැගුවේය. මොකද පොඩි වසෙදිම මේ දරුවා කසාද 

බැන්දුවෙ. බලන්න තාම පුංචි කෙල්ලක් වගේ දරුවෙක් හදා ගන්න මේ ළමයට තේරෙනවාද යනුවෙනුයි.

 

        දිස්නාට එවෙලෙහිම දිවි නහ ගන්නට සිත් විය. එදා රෑම මම මැරුනා නම් අද අම්මට මේ හැටි දුකක් නෑ

 කියා ඇය දුක් විය.නිවසට පැමිණි මොහොතේ සිට දිස්නාට ගුටි දෙමින් දිස්නගේ මව විමසුවේ කවුද? කා එක්ක

 නටලද උබ මෙහෙම එකක් කර ගත්තේ. මම දැන් මේවා තාත්තට කියන්නේ කොහොමද?. තව ටික දවසක් 

යද්දී ගමේ මිනිස්සුන්ට මූන දෙන්නේ කොහොමද?. වනචර බැල්ලී. උබට මිනිහෙක් ඕනේ වුනා නම් කියන්න

 තිබුනනේ. එහෙන්ම ඉස්කොලේ යවන්න මහන්සි නොවී බන්දලා දෙනවනේ යනුවෙනී.

 

        තවත් ඉවසා සිටිය නොහැකි තැන දිස්නා මව සමග ඇත්ත පැවසුවාය. ඉන් පසු උදා වුනේ ඊටත් වඩා දරුනු 

තත්වයකි. බාප්පාට නිවසටම ගොස් බැන වැදුනු අම්මාට බාප්පා කියා තිබුනේ, උබට පිස්සුද නංගියේ මගෙත් 

මේ කෙල්ලෝ ඉන්නවා. මගේ දරුවා වගේ ඉන්න එකීට මම එහෙම එකක් කරයිද? ඔය ඕකිගේ බොරු. කොහෙ

 හරි යන කොල්ලෙක් එක්ක නටලා හදා ගන්න ඇති. මේ දේවල් බලා හිදින්නට බැරිව දිස්නා වස බී මැරෙන්නට

 උත්සහ කරද්දී  අම්මාගේ අතට අසු විය. අවසානයේ උසාවී ගානේ ගිහින් අපිට වියදම් කරන්න සල්ලී නෑ. අර

 ලෙඩ ගානේ ඉන්න මිනිහා මේවා දැන ගත්තොත් එතනම හුස්ම හිර වෙලා මැරලා යයි. උසාවි ගිහිල්ලත් නඩු

 කියන්න වෙන්නේ අපේ එකෙක් සැකයි කියලනේ. මොන විලි ලැජ්ජා නැති වැඩක්ද? අනික උබ ඔය කියන 

කතාව මට විශ්වාස කරන්න බෑ. එය අම්මාගේ අවසන් තීරණය විය. කෙතරම් නරක තීරණයක්ද? දිස්නාගේ 

පෑරුනු සිත තවත් පෑරුනි. ගෙදර තිබු තත්වය අනුව අම්මාගේ කීම වැරදී නැතැයි වරෙක ඇයට සිතුණි.

 

     කුසේ වැඩුනු දරුවා ගබ්සා කරන්නට උත්සහ කළත් එයට කල් පමා වී වැඩි විය . එනිසා දිස්නාගේ

 මවගේ යහළුවෙකුගේ ගෙදර දිස්නා නතර කරනු ලැබුවේ දරුවා ලැබෙන තුරයි. මේ සිදු වීම කාටත් රහසක්

 ලෙස සගවාගත් අම්මා, දිස්නාව  හොද ඉස්කෝලෙකට යවන්න යාළුවෙකුගේ ගෙදර නතර කරනවා 

කියා පාසලෙන් අස්වීමපවා ගෙන දිස්නා එහි නැවැත්වීය. කෙමෙන් දරු ගැබ විශාල වුවත් ඇයට දරුව

 ගැන හැගීමක් නොවීය. 

ඇගේසිත කෑ ගැසුවේ ඔය අර වනචරයගේ දරුවා යනුයි. දරුවා කුසේ දගලද්දී. සිරුර ඉදිමී වේදනා දැනෙද්දී, රෑ නින්ද 

දරුවා නිසා අහිමි වෙද්දී, නිතර ඇති වුන කොන්දේ වේදනා වලදී ඇයට නුපන් දරුවා ගැන දැනුනේ සෙනෙහසක්

 නොව වදක් ලෙසයි. ඇය සිටියේ දරුවා බිහි වී ඇය කොයි මොහොතේ නිදහස් වේදැයි මග බලමිනුයි. සැබිවන්ම

 මම මගේ දරුවට ආදරේ කලේ නෑ. දෙවියනේ මගේ කුසින් වදාපු ඒ දරුවට මම ආදරේ කලේ නෑ. මම මොන

 විදියේ අම්මෙක්ද? මම මහම මහ පව්කාර අම්මෙක්. ඒ මගේ පළවෙනි දරුවා, මගෙ කුසින් ඉපදුන මුල්ම දරුවා 

ඒ දරුවට කිරි ටිකක් දෙන්න වත් මම කැමති වුනේ නෑ. ඇයි මම මේ තරම් පව්කාර ගෑණීයෙක් වුනේ. දිස්නා 

මෙලෙස සිතින් හඩා වැටිනි.

 

    ඇගේ කුසින් බිහි වු කුළුදුල් දරුවා අද ඇය සිටිනා තැනක් වත් නොදනී. පැය ගනනාවත් වේදනා විද ලේ දහඩිය

 හෙළා මෙළවට බිහි කළ දරුවා පැය කීපයකට පසු කාටදො හදා ගන්නට විකිණු බව දැන ගන්නට ලැබුනේ 

පසුවයි.  එදා ඇය තමන්ට උපන් දියණියගේ රෝස පැහැ මුහුණ බලන්නට අකමැති විය. අද ඇය එදා කළ පව් 

වලට කරුම ගෙවන්නීය. ඉන් පසු නැවත අම්මා ළගට දිස්නා නොගියේ ගම පුරා ඇයට දරුවෙක් ලැබුණ බව 

පැතිරුණු නිසාත් , බාප්පා දැකීමට අකමැති නිසාත්ය.  මවගේ යහළුවගේ නිවසේම බැලමෙහෙවර කරමින් ඇය

 ජීවත් වුයේ රැකියාවක් කිරීම වයස නොවු නිසාවෙන්ය. ඒ අතර කාලයේදී දිස්නාගේ අප්පචිගේ කණටද මේ 

සිද්දිය ආරංචී වී තිබුණි. ඒ වේදනාවෙන්ම වැඩි කල් නොගොස් අප්පචචී මියැදුනි. ඉන් පසු අම්මාද මල්ලිලා

 දෙදෙනා සමග කුලී නිවසක් ගෙන නගරය ආසන්නයේ ජීවත් වන්නට පටන් ගත් නිසා දිස්නා නිතර දෙවෙලේ 

ඔවුන් බලන්නට යන්නට විය. අවුරුදු දහඅටෙන් පසු අම්මා සේවය කරන ඇගළුම් කම්හලේම රෑකියාව ගිය ඇය

 මැණියන් සහ සොහොයුරන් සමග අලුත් අළුත් ජීවිතයක් පටන් ගන්නට හැකි විය.

 

    වයසෙන් මුහුකුරා යත්ම් තම මිතුරියන් තම දරුවන්ගේ සුරතල් වැඩ කතා වෙමින් සතුටු වෙද්දී ඇයට තම 

දරුවා සිහි වී වේදනා දැනිනී. ඇයි මම මගේ දරුවා දුන්නේ. මට අමාරුවෙන් හරි මගේ දුවව  මට හදා ගන්න 

තිබුනේ. එන්න  එන්නම ඇගේ දුක වැඩි වන්නට විය. කිසිදා විවාහ වීමට නොසිතු ඇය දරුවා සොයා ගැනීමට 

නොකළ දෙයක් නැත. නමුත් දරුවා කොහෙදැයි ඇයට සොයා ගත නොහැකි විය. අනේ මගේ දුවට මම නමක් 

වත් දැම්මේ නෑනේ.ඇය උපන් මොහොතේම උනුසුමින් වෙන් කළ දරුවා ගැන වද විය.

 

     වසර දහයකට පසු අම්මාගෙත් ,මල්ලිලාගෙත් බලකිරීම නිසා  නලින්ද සමග විවාහා වූ ඇය දැන් අට මස්

 ගැබිනියකි. විවාහා විමට පෙරම නලින්ද සමග සියලු දේ පැවසු ඇයට දරුවා සොයා ගැනිමට ඔහුද උදව් කීරීමට

 කැමතිය. නමක් වත් චායාරුවක් වත් නැතුව අපි කොහොම හොයන්නද දිස්නා. දරුවා සිහිකර හඩන හැම විටම

 නලින්ද එසේ පැවසුවේ දිස්නාගේ හිත හදන්නටය.

 

   දිස්නා අදුර මැද තවමත් බංකුව මත හිදගෙන හඩයි. රෑ නමට පසු වී තිබුනත් නලින්ද තවම පැමිණ නැත .

කොපුළ දිගේ වෑස්සුණු උණු කදුළු බිදු හමා ආ සුළගේ දැවටී සීතල වී ඇගේ කුස මත තිබු පිටඅත්ලට වැටුනී. 

නොසිතු මොහොතක ඇයට තද කොන්දේ වේදනාවක් දැනෙන්න විය. දරුවා ලැබෙන්නට තව දින තිබෙන 

නිසා මෙලෙස වේදනා ඇති වන්නේ ඇයි දැයි ඇය නොතේරෙයි. දැනුනු වේදනාව නිසා ඇයට ඉබේටම කෙදිරි

 ගෑවෙන්න විය.  දිස්නාගේ ඉකි බිදුමත් කොදිරියත් ඇසුනු යාබද නිවසේ කුසුමේ නැන්නදා අවට කීපදෙනකුටම

 අඩ ගසාගෙන ඇයව රෝහල වෙත රැගෙන යන්නට විය.

         දරුවා බිහිවීමට සුදානම් බව තීරනය කළ වෛද්‍යවරු ඇයව ප්‍රසුතිකාගාරය වෙත රැගෙන යාමට සුදානම් විය

. ඒ වන විට නලින්ද ද රෝ හලට පැමිණ සිටි. අන්තිම මොහොතේ දිස්නා නලින්දගේ අතේ එල්ලී හඩන්නට විය. 

 කතා කරන්නට නොපෙලඹුන ඇගේ නෙත කිව්වේ. මගේ දු .. මම එයා වෙනුවෙනුත් මේ වේදනාව වින්දා ඔයාට

 පිං අයිති වෙයි මගේ දුව හොයලා දෙන්න යනුවෙනි.

 

.....................................................................................................................

‘‘ළමයි සේරම අත් සෝදගෙන පිහානයි කෝප්පයයි අරන් තමන්ට නියමිත තැන්වල වාඩි වෙන්න.‘‘

 

    ළමා නිවාසයක පාලිකාවකගේ හඩයි. මේ දිස්නාගේ දියණිය රුවින්දි ජීවත් වන ළමා නිවාසයයි. අනිත් ළමන්

 සෙල්ලම් කරද්දී පිට්ටනය කොනක තණ කොළය මත හිද ගත් හුරුබුහුටි දැරියක් එය නොඇසුනා මෙන් 

නිසොල්මනේ හිදී.

 

‘‘කෝ ළමයි ඉක්මණට ඇතුළට එන්න. ‘‘

 

     පාලිකාව නැවතත් සියලු ළමුන් ඇතුළට ගැනීමට වෑයම් කරයි.

 

‘‘රුවින්දී .. තාම ඔතනද? අද කෑම එපාද? ‘‘

 

     පැත්තකට වී නිහඩව වුන් ළමයා රුවින්දීය ඇයට වයස අවුරුදු නමයකි.  ඇය කවදත් නිහඩ දැරියකි 

.කා සමගත් කතාවට නොයන ඈ ඇගේ පාඩුවේ හිදීමට වඩා කැමතිය. ඇය දවසටම උවමනාම දෙයකට 

පමනක් වචන දහයකට වඩා කතා නොකරයි. පාලිකාව ළගටම පැමිණි විට ඇය දෙස මහුණ ඔසවා බැලු 

රුවින්දී හුන් තැනින් නැගිට ශාලාව දෙසට ගමන් කරන්න විය.

 

‘‘අම්මේ මටත් මේ බබාලා එක්ක කන්න ඔනේ.‘‘

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Dec 2016 03:25 PM
  •  Quote
  •  Reply

‘‘මගේ පැටියා මොකද එයාලා එක්ක කන්නේ. මම මගේ පැටියට හබුං කවන්නම්කෝ.‘‘

         

‘‘බෑ බෑ අම්මී මට ඒ බබාලා එකක්ම කන්න ඕනේ . මට දෙන්නකෝ මගේ පිගාන.‘‘

 

‘‘කෝ එන්න ඒනම් මගේ පැටියගේ අත් සොදන්න.‘‘

 

රුවින්දී අත් සොන්නට යන විට ළමා නිවාසයට කෑම රැගෙන ආ පිරිසගේ තම වයෙසේම පිරිමි දරුවෙකු

 අම්මා සමග සුරතල් වන අයුරු ඇය ගල් ගැසී බලා හිදී.  ඒ දරවාගේ මව ආදරයෙන් අත්දෙක අල්ලවා 

සෝදන අයුරු බලා හුන් රුවින්දීට මගේ අම්මාත් මේ වගේම ඇති නේද කියා සිතුනී. අත් සොදවා පිගාක් 

අතට දී දරුවා වඩාගෙන් ඇය යන්නට ආපසු හැරුණි.

 

‘‘මගේ පැටියා හොද ළමයා වගේ අද එහෙනම් හබුං ගොඩක් කන්න ඕනේ ඔන්න.‘‘

 

     දෑසේ කදුළු පුරව ගත් රුවින්දි ඇගේ දෑසට අසු විය. ඇගේ කදුළු හමුවේ හදවතේ ඇවිළුනු සෙනහස නිසා 

ඇය එතනම නැවතිනී.

 

‘‘ඇයි පැටියො අඩන්නේ.‘‘

 

    තම දරුවා බිමින් තැබූ ඇය රුවින්දි ළග දණ නමා මුහුණට එබෙමින් විමසන්න විය. රුවින්ද ඒත් නිහඩය. 

උණා තිබු කදුළු රෝස කම්බුල් දිගේ රූරා යයි.

 

‘‘මොකද්ද මේ  බබාගේ නම . ඇයි අඩන්නේ. එන්න මම අත් සෝදවන්න.‘‘

 

     රුවින්දිගේ කදුළු හමුවේ තෙත් වුන මව් හදවත නිසා ඇය රුවින්දිට සෙනහස පෑවාය.

 

‘‘ඇයි අම්මේ මේ බබා අඩන්නේ එයාගේ අම්මා නැති නිසාද?.‘‘

 

‘‘රුවින්දී ඔයා තාම ඔතනද? කෝ එන්න මෙහේ. මේ ළමයා නම් කවදාවත් පිළිවෙලට වැඩක් කරන්නේ

 නෑ.‘‘

 

     එතනට පැමිණි කටකාර පාලිකාවක් බලෙන්ම රුවින්දිගේ අතින් ඇදගෙන ගියේ ඇය ළග දණ නමා 

වුන් ස්ත්‍රියට මද සිනහවක් පාමිනි.

 

‘‘ ඇයි ඒ දරුවා අඩන්නේ මිස්.‘‘

 

‘‘එයා එහෙම තමයි .කා එක්ක වත් කතා කරන්නේ නෑ. නිතරම අඩනවා. හැම වෙලේම තනියම ඉන්න 

තමා බලන්නේ . අපි පුරුදු කරලා තියෙන විදියට වැඩ කර ගත්තේ නැතුවට අපිට කිසි කරදරයක් නෑ ඉතිං

 එයාගෙන්.‘‘

 

    කිසිදු ආදරයකින් තොරව රුවින්දිගේ අත් සොදවමින් පාලිකාව රුවින්දි ගැන විස්තර කරන්න විය.

 

‘‘මේ බබා හුගක් කල් ඉදන්ද මෙහේ ඉන්නේ.‘‘

 

‘‘ඔව් ඉපදිලා දවස් ගානෙන් මෙහාට ගෙනාවේ. ‘‘

 

‘‘අනේ පව් අම්මට මොනවා වෙලාද?.‘‘

 

‘‘ඒක නම් දන්නේ නෑ. අපිට මෙයාව බාර දුන්නේ අපි අදුරන නෝනා කෙනෙක්. ඒ නෝනා අපේ ළමා 

නිවාසේ වෙනුවෙන් හුගක් උදවු කරනවා.‘‘

 

‘‘කෝ ඉක්මණට යන්න රුවින්දී.‘‘

 

    පිගානක් සහ කොප්පයක් අතට ගත් ඇය ශාලාව දෙසට දුවන්නට විය.

 

‘‘අම්මී මට ඒ බබා ළග ඉදන් කන්න ඔනේ. කෝ දෙන්න පිගාන.‘‘

 

      අම්මා අතේ තිබූ පිහාන උදුර ගත් පිරිමි දරවා රුවින්දි පිටු පස දුවන් යන්න විය.

 

‘‘බබා ඔහොම ඉන්න මම එනකන්.‘‘

 

   හදිස්සියේම ගලක හැපී පිරිමි දරුවා බිම ඇද වැටිනි.

 

‘‘අම්මී .... අම්මී.. අනේ  අම්මී...‘‘

 

   ඔහු වේදනාවෙන් කෑ ගසද්දී ඔහුගේ මව දුවගෙන විත්  ඔහු වඩා ගත්තාය.

 

‘‘අනේ මගේ පැටියෝ. ඔයාට තුවාළද? කෝ කොතනද වැදුනේ.‘‘

 

        රුවින්දී ගමන නවතා ඒ දෙසම බලා වුන්නාය. දරුවාට තුවාල වී යයි වේදනවාට පත් වු මට ඔහු සිඹිමින්

 නළවන්නට උත්සහ ගත්තාය.

 

‘‘ඇයි පුතේ. කෝ මගේ පැටියා අඩන්න එපා. එන්න තාත්ති එක්ක කාර් එකට යමු.‘‘

 

    එතනට දුවගෙන ආ ඔහුගේ පියා ඔහුව වඩාගෙන සිප ගනීමින් උර තලයේ හාන්සි කරවාගෙන පහළට 

ගමන් ගන්නට විය. ඒ දෙස දෑස් දල්වා බලා හුන් රුවින්දී නැවතත් පිගාන පැත්තකට දමා තණ නිල්ල දෙසට 

දුවන්න විය.

 

‘‘රුවින්දී කොහෙද දුවන්නේ. ඔයා නිසා තමා අර බබා වැටුනේ. හැබැයි මුරණ්ඩු කමට ඔහොම හැසිරුනොත් 

අද කෑම නෑ ඔයාට.‘‘

 

     කිසිවක් නොඇසුන ගානට රුවින්දී දුව ගොස් කලින් වාඩි වී හුන් තැනම වාඩී විය. අම්මාත්  තාත්තාගේත්

 ආදරය මැද හිදින දරුවා දැකීමෙන් ඇගේ සිත හොදටම පෑරී ඇත. නිතරම අම්මා නැති අඩුව ඇයට හොදින් 

දැනෙන්නේ පුංචී වයසට හුගක් දේ ගැන කලපනා කරන්න ඇය පුරුදු වී සිටි නිසයි. රුවින්දි සැමදා උදේට 

සවසට බුදුන් වැද ඉල්ලන්නේ එක දෙයක් පමණයි.

 

   
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Dec 2016 03:25 PM
  •  Quote
  •  Reply

    අනේ බුදු සාධු මට මගේ අම්මාව ගෙනත් දෙන්න. මට අම්මාගේ මූණවත් දකින්න ඕනේ. මම දන්නවා 

මගේ අම්මත් අනිත් අම්මලා වගේම මට ආදරේ ඇති. ඇයි මගේ අම්මේ ඔයා මාව මෙහෙට ගෙනත් දැම්මේ.

 මෙහෙ ඉන්න මැඩම්ලා කියනවා. මගේ අම්මා මාව ඉපදුන ගමන්ලු මෙහෙට ගෙත් දැම්මේ. එයාලා මට ආදරේ 

නෑ අම්මේ. චූටි දේටත් මට ගහනවා.

 

      දෙමාපිය රැක වරනය නැතිව තනි වුන මේ රුවින්දිගේ වේදනාවයි. දවලක් රැයක් නැතිව අම්මාගේ ආදරය

 උණුහුම සොයන රුවින්දීගේ නිහඩ බව තුළ ඇත්තේ වේදනාව පමණයි. මව්න් දකින්නට පෙරුම් පුරන ඈ

 තවත් කාත් කවුරුවක් නොමැති ඇය වැනිම දරුවන් ගොඩක් මැද අතරමන් වී සිටී.

..........................................................................................................................................

දිස්නා තම දියණිය සිටිනා තැන නොදැන තමා කළ පව් සිහි කරමින් තම දියණිය දැක ගැනීමට පෙරුම් පුරයි.

 රුවින්දී ළමා නිවාසයක් තුළ තම මව් දකින්නට,  අහිමී වු මව් සෙනෙහස විදින්නට, ඒ උණුහුමේ ගුලි වෙන්නට

 පෙරුම් පුරයි. ඔවුන් කිසිදා හමුවේද ? හමුනොවේද? අවසානය ප්‍රශ්ණාර්තයකි.


සමාප්තයි!!


     දෙතැනක හිද වැලපෙන මෙවැනී අසරණ දරුවන් අද සමාජයේ කෙතරම් සිටිනවාද? මේ අසරණයින් 

මෙලෙස දඩුවම් විදින්නට කළ වරද කුමක්ද? මෙය සමාජයේ පිලිල වන් ළමා අපචාරකයන් නිසා පුංචී මල්

 කැකැළු වලට අත් වන අසාධාරන ඉරණම මෙය  නොවේද?.

ඔබගේ දෙනත බදු දරුවන්ගේ ආරක්ෂාව ගැන සැමදේටත් ප්‍රථමයෙන් සිතන්න. ඔවුන් රැක ගන්න.


සිතුවිලි ගැලපුම සඳු

 

     

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Dec 2016 10:25 PM
  •  Quote
  •  Reply
කුසලානයක් අනිවා ලැබෙයි මේකටනං
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Dec 2016 10:14 AM
  •  Quote
  •  Reply
ශා අයියේ පැතුමට ගොඩාක් ස්තූතියි. කුසලාන එපා ඒ ඇති. තරගේ කෙටි කතා කියවන්න එෆ්බී එකෙන්
දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Dec 2016 07:21 PM
  •  Quote
  •  Reply
කතාව සුපිරියි නංගී...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Dec 2016 09:54 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 28 Dec 2016 10:14 AM
ශා අයියේ පැතුමට ගොඩාක් ස්තූතියි. කුසලාන එපා ඒ ඇති. තරගේ කෙටි කතා කියවන්න එෆ්බී එකෙන්

එහෙමට කථා කියවන්නෙ නැහැ මම

අපේ කෙනෙක්ගේ දෙයක් නිසයි ආසාවෙන් මේ දේවල් කියවන්නේ

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
29 Dec 2016 05:03 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 27 Dec 2016 03:25 PM

    අනේ බුදු සාධු මට මගේ අම්මාව ගෙනත් දෙන්න. මට අම්මාගේ මූණවත් දකින්න ඕනේ. මම දන්නවා 

මගේ අම්මත් අනිත් අම්මලා වගේම මට ආදරේ ඇති. ඇයි මගේ අම්මේ ඔයා මාව මෙහෙට ගෙනත් දැම්මේ.

 මෙහෙ ඉන්න මැඩම්ලා කියනවා. මගේ අම්මා මාව ඉපදුන ගමන්ලු මෙහෙට ගෙත් දැම්මේ. එයාලා මට ආදරේ 

නෑ අම්මේ. චූටි දේටත් මට ගහනවා.

 

      දෙමාපිය රැක වරනය නැතිව තනි වුන මේ රුවින්දිගේ වේදනාවයි. දවලක් රැයක් නැතිව අම්මාගේ ආදරය

 උණුහුම සොයන රුවින්දීගේ නිහඩ බව තුළ ඇත්තේ වේදනාව පමණයි. මව්න් දකින්නට පෙරුම් පුරන ඈ

 තවත් කාත් කවුරුවක් නොමැති ඇය වැනිම දරුවන් ගොඩක් මැද අතරමන් වී සිටී.

..........................................................................................................................................

දිස්නා තම දියණිය සිටිනා තැන නොදැන තමා කළ පව් සිහි කරමින් තම දියණිය දැක ගැනීමට පෙරුම් පුරයි.

 රුවින්දී ළමා නිවාසයක් තුළ තම මව් දකින්නට,  අහිමී වු මව් සෙනෙහස විදින්නට, ඒ උණුහුමේ ගුලි වෙන්නට

 පෙරුම් පුරයි. ඔවුන් කිසිදා හමුවේද ? හමුනොවේද? අවසානය ප්‍රශ්ණාර්තයකි.


සමාප්තයි!!


     දෙතැනක හිද වැලපෙන මෙවැනී අසරණ දරුවන් අද සමාජයේ කෙතරම් සිටිනවාද? මේ අසරණයින් 

මෙලෙස දඩුවම් විදින්නට කළ වරද කුමක්ද? මෙය සමාජයේ පිලිල වන් ළමා අපචාරකයන් නිසා පුංචී මල්

 කැකැළු වලට අත් වන අසාධාරන ඉරණම මෙය  නොවේද?.

ඔබගේ දෙනත බදු දරුවන්ගේ ආරක්ෂාව ගැන සැමදේටත් ප්‍රථමයෙන් සිතන්න. ඔවුන් රැක ගන්න.


සිතුවිලි ගැලපුම සඳු

 

     

ලස්සන කතාවක්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Dec 2016 09:00 PM
  •  Quote
  •  Reply
මට නම් මේ කාලේ සන්දුනිගේ කතා කියවන්න කාලයක් නැහැ නේ ඉස්සරහට කියවන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 07:31 PM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 07:31 PM
  •  Quote
  •  Reply

12.මයේ පුතේ....

ජීවිතයේ සැදෑ සමය මෙතරම් වේදනාකාරී එකක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. මගේ දරුවේ මුණුපුරෝ, මිණිබිරියෝ මැද සතුටින් ඉන්න ලැබෙයි කියලා මම හිතුවා. ඒකට දැන් මට සිද්ද වෙලා තියෙන්නේ හැමදාමත් අද දවස වෙනකන් ඇගිලි ගැන ගැන මග බලන් ඉන්න. කමක් නෑ මගේ දරුවනේ ඔයාලා සැපෙන් සතුටින් ඉන්නවා නම් මම මෙහෙට වෙලා ඔයාලගේ සතුටු මුහුණවල් දකින්න මග බලාගෙන ඉන්නම්. මට පුළුවන් මේ හැමදේම එක මොහොතකට ඔයාලගේ මුහුණෙන් දකින් සිනා පොද වෙනුවෙන් ඉවසන්න.

මාසේ දවස් තිහහම මම දවලක් රැයක් නැතුව ඇගිලි ගැන්නා. ඇයි මගේ පුතේ, දුවේ ඔයාලා තාම පරක්කු. ඔයාලා බය වෙන්න එපා. මම කාටවත්ම කිව්වේ නෑ ඔයාලා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා. මම ඔයාලා ලැජ්ජ වෙන මොකුත්ම කරන්නේ නෑ. ඔයාලා මගේ කුසින්ම උපන් දරුවෝ. ඒක නිසා මම ඔයාලා ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ කා එක්කවත්.

‘‘තාත්තේ.‘‘

‘‘ආ .. මගේ රත්තරං ආවද?. කෝ චුටී දෝණී ආවද?‘‘

‘‘නෑ තාත්තේ .. බබලට මහන්සී නේ මේ තරම් දුර ආවම.‘‘

‘‘ඈ...‘‘

‘‘බබාලට මහන්සී මේතරම් දුර ආවම.‘‘

‘‘මොක...ද්ද පුතේ... මට දැන් ඇහෙනවා අඩුයි.‘‘

‘‘බබලා ආවේ නෑ.‘‘

‘‘ඈ.. මොකද්ද?දෝණි කෝ.‘‘

‘‘ආවේ නෑ.‘‘

‘‘ආවා නේද පුතේ.. කෝ මගේ දෝණී සීයා තාත්තා ගාවට එන්න.‘‘

‘‘ෂික් ඇහෙන්නැත්තම් පාඩුවේ ඉන්න ඕනේ දැන් මම කී පාරක් කිව්වද?.‘‘

‘‘ඈ.. මොකද්ද පුතේ.‘‘

 මගේ පුතාට දැන් හුගක් කේන්ති ගිහින් බව මට ඔයාගේ මුහුණෙන්ම පේනවා. මට ඇහෙන්නේ නෑ මගේ පුතේ, පුතා මට කියන දේ.  පුතාගේ කට දිහාම බලන් ඉදලා මම ඒක තේරුම් ගන්න උත්සහා කලේ මගේ පුතාට කේන්ති යයි කියලා තමයි. ඒත් මට ඒක තේරුනේ නෑ මයේ පුතේ. දැන් මගේ ඇස් පෙනීමත් අඩුයි නොවැ.චූටී දෝණි ඇවිල්ලත් නෑ කියලා මට දැනෙනවා. මගේ පුතාලත් චූටී කලේ අපි පරිස්සම් කලේ ඔය විදියටම තමයි  මගේ රත්තරණේ.

දැන් මම එකම දේ දෙතුන් පාරක් අහද්දී මගේ පුතාට හුගාක් කේන්ති ගියා. මගේ පුතා පුංචී කලේ . මම පුතාව මගේ කරේ තියාන හැම තැනම ඇවිදිනවා. ගම පුරාම ඇවිදිනවා. මගේ පුතාට තේරුමක් නෑ. මගේ මහන්සිය වත් මගේ පුතාට තේරුමක් නෑ. අත් උරහිස් කකුල් රිදෙද්දී මම බෑ නොකියා ඇවිදන් යනවා. ඒ මගේ පුතා පරසරයේ ලස්සන දැකලා සතුටු වෙනවා දකින්න මම ආස නිසා.ඔයා වට පිටාවේ ලස්සන දේවල් දිහා බලාගෙන සතුටු වෙනවා කෙලවරක් නැතුව ප්‍රශ්න කරනවා. එදා මගේ පුතා මගෙන් ඇහුව කිසිම දේකට ඔයාගේ තාත්තට තේන්ති ආවේ නෑ මගේ පුතේ. මගේ පුතා දහ දොළොස් වතාවක් මගේන් ‘‘ තාත්තේ අර කුල්ලා මොකද?. , ඌ කොහෙද යන්නේ, ඌටත් පුතාලා ඉන්නවද?, ඌ මොකද කරන්නේ, ඌ ගිරවෙක්ද තාත්තේ. ‘‘ කියලා එකම ප්‍රශ්ණ ටික හැම දාම ඇහුවත් මම ඒ හැම ප්‍රශ්ණයකට උත්තර දුන්නා. එදා මගේ පුතාගේ ප්‍රශ්න කිරීම මම ඉවසපු නිසා තාමා මගේ පුතා අද සමාජේ හොද තැනක ඉන්නේ.

වෙහෙස මහන්සිය නොබලා මගේ පුතාලා වෙනුවෙන් කැප වුනේ. මගේ පුතාට අද කණ නෑහෙන මේ තාත්තගේ ප්‍රශ්ණ කීපයට උත්තර දෙන්න බැරි තරමට මගේ පුතාට අද ඉවසීමක් නෑ. එදා මම පුතා වගේ හැසිරුණා නම්  මම ගුණේ කියවා නෙමෙයි මගේ පුතේ. ඒ කරපු කිසිම දේකට මට ආපහු කිසිම දෙයක් ඕනේ නෑ. මම මගේ හිතත් එක්ක කියපු මේ කතාව මගේ පුතා එක්ක මම කිව්වා නම්. මගේ පුතා මෙලටත් මෙතනින් ගිහින්. මගේ ආදරේ සෙනෙහස මගේ හිතේම තිබුණ දෙන්. මහළු නිවාසෙක තනි වෙලා ඉන්න මට මගේ පුතා ළග ඉන්න මේ චූටී මොහොත මොන තරම් වටිනවද කියලා මගේ පුතා දන්නවද?. මගේ පුතාට දැන්ම ඒවා තේරෙන්නේ නෑ. ලබන මාසේ මගේ පුතා මාව බලන්න එනකන් මම ජිවත් වෙයිද කියන්න මම දන්නේ නෑ. ඒත් මම මගේ පුතා එනකන් මග බලන් ඉන්නම්.

සමාප්තයි!!

සිතුවිලි ගැලපුම සදු.

දිනයක වැටහේවී...........
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
07 Feb 2017 07:31 PM
  •  Quote
  •  Reply
එහෙනම් ඒ කතාවත් කොටස් සොලසකින් හමාරයි ..........නියමයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
07 Feb 2017 07:31 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 25 Jan 2017 03:29 PM

12.මයේ පුතේ....

ජීවිතයේ සැදෑ සමය මෙතරම් වේදනාකාරී එකක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. මගේ දරුවේ මුණුපුරෝ, මිණිබිරියෝ මැද සතුටින් ඉන්න ලැබෙයි කියලා මම හිතුවා. ඒකට දැන් මට සිද්ද වෙලා තියෙන්නේ හැමදාමත් අද දවස වෙනකන් ඇගිලි ගැන ගැන මග බලන් ඉන්න. කමක් නෑ මගේ දරුවනේ ඔයාලා සැපෙන් සතුටින් ඉන්නවා නම් මම මෙහෙට වෙලා ඔයාලගේ සතුටු මුහුණවල් දකින්න මග බලාගෙන ඉන්නම්. මට පුළුවන් මේ හැමදේම එක මොහොතකට ඔයාලගේ මුහුණෙන් දකින් සිනා පොද වෙනුවෙන් ඉවසන්න.

මාසේ දවස් තිහහම මම දවලක් රැයක් නැතුව ඇගිලි ගැන්නා. ඇයි මගේ පුතේ, දුවේ ඔයාලා තාම පරක්කු. ඔයාලා බය වෙන්න එපා. මම කාටවත්ම කිව්වේ නෑ ඔයාලා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා. මම ඔයාලා ලැජ්ජ වෙන මොකුත්ම කරන්නේ නෑ. ඔයාලා මගේ කුසින්ම උපන් දරුවෝ. ඒක නිසා මම ඔයාලා ගැන වචනයක් වත් කතා කරන්නේ නෑ කා එක්කවත්.

‘‘තාත්තේ.‘‘

‘‘ආ .. මගේ රත්තරං ආවද?. කෝ චුටී දෝණී ආවද?‘‘

‘‘නෑ තාත්තේ .. බබලට මහන්සී නේ මේ තරම් දුර ආවම.‘‘

‘‘ඈ...‘‘

‘‘බබාලට මහන්සී මේතරම් දුර ආවම.‘‘

‘‘මොක...ද්ද පුතේ... මට දැන් ඇහෙනවා අඩුයි.‘‘

‘‘බබලා ආවේ නෑ.‘‘

‘‘ඈ.. මොකද්ද?දෝණි කෝ.‘‘

‘‘ආවේ නෑ.‘‘

‘‘ආවා නේද පුතේ.. කෝ මගේ දෝණී සීයා තාත්තා ගාවට එන්න.‘‘

‘‘ෂික් ඇහෙන්නැත්තම් පාඩුවේ ඉන්න ඕනේ දැන් මම කී පාරක් කිව්වද?.‘‘

‘‘ඈ.. මොකද්ද පුතේ.‘‘

 මගේ පුතාට දැන් හුගක් කේන්ති ගිහින් බව මට ඔයාගේ මුහුණෙන්ම පේනවා. මට ඇහෙන්නේ නෑ මගේ පුතේ, පුතා මට කියන දේ.  පුතාගේ කට දිහාම බලන් ඉදලා මම ඒක තේරුම් ගන්න උත්සහා කලේ මගේ පුතාට කේන්ති යයි කියලා තමයි. ඒත් මට ඒක තේරුනේ නෑ මයේ පුතේ. දැන් මගේ ඇස් පෙනීමත් අඩුයි නොවැ.චූටී දෝණි ඇවිල්ලත් නෑ කියලා මට දැනෙනවා. මගේ පුතාලත් චූටී කලේ අපි පරිස්සම් කලේ ඔය විදියටම තමයි  මගේ රත්තරණේ.

දැන් මම එකම දේ දෙතුන් පාරක් අහද්දී මගේ පුතාට හුගාක් කේන්ති ගියා. මගේ පුතා පුංචී කලේ . මම පුතාව මගේ කරේ තියාන හැම තැනම ඇවිදිනවා. ගම පුරාම ඇවිදිනවා. මගේ පුතාට තේරුමක් නෑ. මගේ මහන්සිය වත් මගේ පුතාට තේරුමක් නෑ. අත් උරහිස් කකුල් රිදෙද්දී මම බෑ නොකියා ඇවිදන් යනවා. ඒ මගේ පුතා පරසරයේ ලස්සන දැකලා සතුටු වෙනවා දකින්න මම ආස නිසා.ඔයා වට පිටාවේ ලස්සන දේවල් දිහා බලාගෙන සතුටු වෙනවා කෙලවරක් නැතුව ප්‍රශ්න කරනවා. එදා මගේ පුතා මගෙන් ඇහුව කිසිම දේකට ඔයාගේ තාත්තට තේන්ති ආවේ නෑ මගේ පුතේ. මගේ පුතා දහ දොළොස් වතාවක් මගේන් ‘‘ තාත්තේ අර කුල්ලා මොකද?. , ඌ කොහෙද යන්නේ, ඌටත් පුතාලා ඉන්නවද?, ඌ මොකද කරන්නේ, ඌ ගිරවෙක්ද තාත්තේ. ‘‘ කියලා එකම ප්‍රශ්ණ ටික හැම දාම ඇහුවත් මම ඒ හැම ප්‍රශ්ණයකට උත්තර දුන්නා. එදා මගේ පුතාගේ ප්‍රශ්න කිරීම මම ඉවසපු නිසා තාමා මගේ පුතා අද සමාජේ හොද තැනක ඉන්නේ.

වෙහෙස මහන්සිය නොබලා මගේ පුතාලා වෙනුවෙන් කැප වුනේ. මගේ පුතාට අද කණ නෑහෙන මේ තාත්තගේ ප්‍රශ්ණ කීපයට උත්තර දෙන්න බැරි තරමට මගේ පුතාට අද ඉවසීමක් නෑ. එදා මම පුතා වගේ හැසිරුණා නම්  මම ගුණේ කියවා නෙමෙයි මගේ පුතේ. ඒ කරපු කිසිම දේකට මට ආපහු කිසිම දෙයක් ඕනේ නෑ. මම මගේ හිතත් එක්ක කියපු මේ කතාව මගේ පුතා එක්ක මම කිව්වා නම්. මගේ පුතා මෙලටත් මෙතනින් ගිහින්. මගේ ආදරේ සෙනෙහස මගේ හිතේම තිබුණ දෙන්. මහළු නිවාසෙක තනි වෙලා ඉන්න මට මගේ පුතා ළග ඉන්න මේ චූටී මොහොත මොන තරම් වටිනවද කියලා මගේ පුතා දන්නවද?. මගේ පුතාට දැන්ම ඒවා තේරෙන්නේ නෑ. ලබන මාසේ මගේ පුතා මාව බලන්න එනකන් මම ජිවත් වෙයිද කියන්න මම දන්නේ නෑ. ඒත් මම මගේ පුතා එනකන් මග බලන් ඉන්නම්.

සමාප්තයි!!

සිතුවිලි ගැලපුම සදු.

ගොඩක් දෙමාපියන්ගේ අනාගතය මේ වගේ...

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Feb 2017 07:31 PM
  •  Quote
  •  Reply
මේක අද සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා. එත් හොඳ කතාවක්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 07:32 PM
  •  Quote
  •  Reply
මේ 12 කොටසේ සමාප්තිය පමණයි. තවත් දෙයි ඉස්සරහට
සමාජේ මෙවැනි දේවල්නම් බොහෝමයි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
08 Feb 2017 04:42 AM
  •  Quote
  •  Reply
ඉරිදා වේලාවක ඔක්කෝම කතා ටික බලන්න ඕන
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2017 04:44 AM
  •  Quote
  •  Reply
ස්තුති නංගි අපිට ලස්සන කතා එකතුවක් දුන්නට
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Feb 2017 05:25 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Feb 2017 05:29 AM
  •  Quote
  •  Reply

.....සුපෙම් හැගුම්....

                                        කෙටි කතාව.


        ඇයි රත්තරං ඔයා අද පරක්කූ.. මම හිතුවා ඔයා අද වත් කලින් එයි කියලා. අපි දෙන්නා මැරි කරලා

 තාම මාස කියද? ඔය තරම් ඉක්මණින් ඔයා වෙනස් වුනේ කොහොමද? ඔයා දැන් හරිම අමුතුයි දිලුම්.. 

මැරි කරන්න කලින් මට ආදරේ කරපු ඔයාමද මේ... කියලා මට වෙලාවකට හිතෙනවා. මට මතකයි මැරි

 කරන්න කලින් හැම අවුරුද්දෙම අපි වැටන්ටයින් සැමරවා.. අපි දෙන්නම ඒ දවස විතරක් විශේෂ කර

 ගත්තේ නැතුවට ඔයා මගේ සතුට වෙනුවෙන් විශේෂ දෙයක් කලා.. විශේෂ තෑග්ගක් දුන්නා...අද කලින් 

ඕප් වෙනවා කිව්වා නේද?මට තෑගි නම් එපා රත්තරං කලින් ගෙදර එන්නකෝ....

         යාන්තමට සවස හතර පසු වුණ මොහොතේ සිට ගීත්මාගේ නෙත් දෙක නැවතී තිබුනේ.. පොල් 

රුප්පාව අතරන් වැටී තිබුණු පාර වෙතය.. ගීත්මාගේ නැන්දම්මා වූ.. රම්‍යා කීපවරක්ම ආලින්දියට පැමිණ

 සිය අළුත ගෙනා ලේලියගේ නොවිසිලි බාවය දෙස බලා තනිවම සිනාසුනාය. ඇගේ ක්‍රියාවට චූටී

 සද්දයකින් වත් බාදා නොකරපු රම්‍යත් මග බලන් සිටියේ.. තම පුතු දිලුම් නිවසට පැමිනෙන තුරුය.

     තද හිරු රශ්මිය මියෙදෙමින් තිබු මොහොතේ පරිසරය තුල වුයේ සංසුන් බවකී. වරන් වර හමා ආ සුළං

 රුල්ල සමග නිවසට පැමිනෙන්නට තිබු පටු පාරට මායිම් වූ පොල් ගස්වල අතු එහෙ මෙහෙ සැලුණේ 

ලතාවකටය. පෙර මග බලා ඉද වෙහෙස වු නෙත් පුල්රුප්පාවේ  පොල් අතු අතර රදවා ගත් ඇය කල්පනා 

ලොවකට කිමිදුනාය.

       ඔයාට මතකද දිලුම් ඒ සුන්දර දවස්... ඔයයි මමයි හිත යටින් ආදරේ කරපු දවස්.. මතකද අපේ ආදරේ 

පටන් ගත්තු හැටි... මද සිනහවකුත් සමග සියුම් සුසුමක් පිට කළ ඇය ස්තෝප්වේ ඇති අසුනකට බර වුනේය.

ඒක හරිම අපුරූ සිද්දියක්.. අපි හරිම පුංචී එතකොට.. ශිෂත්‍යවය පාස් වෙලා තමා ඔයයි මමයි දෙන්නම එක

 ස්කොලෙට ආවේ.. ඒ කලේ අපි දෙන්නම හරිම රංඩු කෙකි දෙකක්.. මතකද දිලුම් දවසක් අපි හය වසරේ 

ඉද්දී.. අපි සෙල්ලම්ක් දැම්මා.. වන් ටූ ත්‍රී බම්බල පී... කියලා.. හිහි.. ඇය තනිව සිනාසුනාය.

        එදා අපි දෙන්නම  ඒ සෙල්ලමට හිටියා.. මතකද හිස් පීරීයඩ් එකක අපි ඒ සෙල්ලම කලේ .. ටීචර්ලට

 හොරෙන් කලේ.. මගේ යාළුවා හිරූ.. එයා ඇස් පියාන අර වැකිය කියද්දී ඔයයි මායි.. ..තව පංතියේ 

යාළුවොයි පිටි පස්සේ හුණ කූරකන් ඇද ගත්තු ඉරේ ඉදන් දුවගෙන ආවා.. හිරූ ආපහු බලද්දී.. අපි ගල් 

වෙලා හිටියා.. මතකද.. හෙල්ලුනොත් හරි හිනා වුනොත් හරි අපි පරාදයි...නේ.. කොහොම හරි කළබලේට

 දුවන් යද්දී.. කකුල් පැටලලි අපි දෙන්නම වැටුණා.. මාට තාමත් ලැජ්ජයි.. ඔයා වැටුනේ මගේ ඇග උඩට..

 මාව බේරන්න ගිහින් ඔයාගේ වැලමිට තුවාල වුණා.. මට පොඩ්ඩක් වත් රිදුනේ නෑ.. ඒත් මම හයියෙන් 

ඇඩුවා.. තුවාල වුණ ඔයා එදා බය වෙලා බලන් හිටියා.. තුවාලෙන් ලේ ගලන බව ඔයාට මතක නෑ.. මගේ 

කෑ ගැහිල්ලට පංතියට දුවන් ආපු ටීචර්ත් බැන්නේ ඔයාට.. අඩපු නිසා ටීචර් මට ගැහැවේ නෑ.. ඔයාගේ තුවලෙට

 බෙහෙත් දාගෙන ආවට පස්සේ පංතියේ සේරම ළමයින්ට වේවැලෙන් පාර ගානේ දුන්නා.. ඔයත් ගුටි කෑවා.. 

එදා ඉදන් ඔයා මාත් එක්ක තරහා වුණා නේද දිලුම්.. අයියෝ පව් ඔයා.. ඇය මුහුණ අත්ලෙන් වහගෙන 

තනියෙම සිනා සෙන්නට වුවාය.. ළග තිබු කෝර්ටන් ගසකින් කොළයක් කඩා ගත් ඇය එය කුඩා කැබලි වලට

 ඉරන්නට පටන් ගත්තාය.

   ඔයාට හරියට කේන්ති යනවා.. අපේ පංතියේ යාළුවෝ ඔයාට මගේ නම කියලා ඔච්චම් කරද්දී.. ගීත්..... මා..

 කියද්දි ඔයා යාළුවන්ට ගහන්න පන්නනවා.. එයාලා මටත් කිව්වේ.. දිලුම් කියලා.. මටත් කේන්ති.. මොකද

 මමත් එතකොට ඔයා එක්ක තරහයි.. එදා ඔයා මගේ ඇගට වැටුණ දවසේ ඉදන්ම අපේ යාළුවෝ අපිට විහිළු 

කලා.. මතකද අපි දෙන්න කොච්චර රණ්ඩු කර ගත්තත්  යාළුවෝ විහිළු කරද්දී එක පැත්තේ.. අපිත් එයාලට

 එක එක නම් කියලා විහිළු කලා. ඒ කාලේ හැගීමක් තිබුනේ නෑ.. යාළුවෝ විහිළු කලත් එවෙලේ රණ්ඩු 

වුණා.. පස්සේ ඒක අමතකයි..

   අපි නමය දහය පංතිවලට  එද්දී.. මට මතකයි ඔයාට මගේ නම කියලා විහිළු කරද්දී ඔයා හිණා වෙනවා.. 

වෙලාවකට හිනා වෙවී හොරෙන්ම මගේ දිහා බලනවත් මම දැකලා තියෙයි.. එහෙම කාලයක් යද්දී.. මමත් 

ආස වුණා.. යාළුවෝ ඔයාගේ නම කියලා මට ඔච්චම් කරනවට. ඔයත් මාත් එක්ක කතා නොකර මගාරින 

නිසා.. මමත් ඔයා එක්ක කතාවට ආවේ නෑ.. ඒත් අපේ යාළුවෝ නම් අපි දෙන්නව අල්ලගෙන විකාර 

කියවලා හුගක් සතුටු වුණා.. මට හිතෙන්නේ ඔයාත් ඒවට කැමැත්තෙන් හිටියේ.. හැමෝම දිහා රවලා 

බැලුවත් හැංගුන සතුටක් හිතේ තියෙයි කියලා මගේ හිත ඔයාගේ මූන දකින හැම වෙලාවෙම කිව්වා. 

අසුනින් නැගිට දුරකථනය අතට ගත් ඇය දිලුම්ට ඇමතුමක් ගැනීමට උත්සහ ගනිමින් පොල් ගස් සෙවන

 වෙත ඇවිද ගියාය. කීපවරක්ම ගත්තත් දිලුම්ගේ දුරකථනයට සම්බන්ධ වීමට ඇයට නොහැකී විය. පාරට

 යාබද ගලක් මත වාඩී වුණ ඇය නැවතත් පාර දෙස නෙත් යොමා ගත්තාය.

     එකොළහ වසරෙදී.. ඔයා පුදුම විදිහට වෙනස් වුණා.. මාත් එක්ක කතා කරන්න ලැජ්ජා වුණත්..  ඔයා

 නිතරම මගේ දිහා බලන් හිටියා.. මම දන්නවනේ.. ඔයා හෙන ලැජ්ජාකාරයා.. හී... මම ඉතිං ඔයාට හපන්.. 

ඔයා ඒ වෙද්දී, මම ස්කොලේ ඇරිලා ගෙදර එන්න පුරුදු වෙලා හිටිය අක්කාගේ යාළුවෙක් වෙලා හිටියා..

ඔයාත් ඉද හිට අපි එක්ක ස්කොලේ ඇරිලා පයින් ආවා.. මට මතකයි.. මග දිගට ඔයා අඹ ගස් වලට පොලු 

ගහනවා.. අනුන්ගේ වතු වලට පැනලා යාළුවෝ එක්ක ජම්බු ගස් වෙරලු ගස් සුද්ද කරනවා.. ඇයි එරමිණියා

 ගෙඩී.. අපිට කලින් ඒ තැන වලින් ගෙඩි කඩා ගන්න ඔයා අපි එනකන් මග බලන් ඉන්නවා.. මම දන්නවා

 ඔයාට ඕනේ මට දෙන්න.. ඒත් ඔයා දෙන්නේ.. අර අක්කට.. අක්කත් දන්නවා දෙන්නගේ ලව් ස්ටෝරිය..

 එයා අපි දෙන්නගේම මුණු රතු වෙන කතා කියද්දී.. ඔයා අහක බලාගෙන හිනා වෙනවා..

   මම බලන් හිටියේ ඔයා මට ආදරෙයි කියනකන්... මොකද මම තේරුම් අරන් හිටියේ මගේ හිතෙත් ඔයා

 ඉන්න බව.. මමත් හිත යටින් ඔයාට ආදරේ කළා.... ඒ ලස්සන දවස.. ජීවිතේ කවදාවත්ම අමතක කරන්න

 බැරි ඒ අපුරූ දවස.. ඔයා මම ස්කෝලේ ආපු නැති එක දවසක අර අක්කා එක්ක කියලා තිබුණ කතාව...

 මට විශ්වාස කරන්න බැරි වුණා.. හැබැයි මම ඒ දවස බලාපොරොත්තුවෙන් මයි හිටියේ.. සත්තයි.. මට 

දැනුනා ඔයා මට ආදරේ කරන බව..

     ඒ අක්කා අපේ ගෙදරට ඇවිත් මාව තනිකරගේන මට කිව්වා.. ‘‘ මේ ගී... ආන්න ඔයාගේ කුමාරයා 

ආදරේ ප්‍රකාශ කරන්න කිව්වා කියලා.‘‘ මම හිතුවේ විහිළු කියලා.. මොකද ඔයා මගෙත් එකක් කතා 

කරන්නත් ලැජ්ජ නිසා. මම ඒකට මොකුත් ම නොකියා ඉද්දී..  දවසක් ඉන්ටවල් එකකදී ඔයා මගේ 

ළගට ආවා.. හිරුත් මගේ ළග හිටියා.. ඔයා කිව්වා.‘‘ ගීත්මා... මට ඔයා එක්ක කතා කරන්න ඕනේ‘‘ 

කියලා.. මගේ හදවත එතනම නතර වුණා.. මම ගල් ගැහිලා ඔයා දිහාම බලන් හිටියා.. එතකොට 

තමා හිරූ මගේ උරහිස්සට අත තියලා යන්න ලෑස්ති වුනේ.. මම මොනවා හිතිලද මන්දා හිරූගේ අතේ 

එල්ලුනා.. මට දැනුනා... මගේ හදවත හරි වේගෙන් ගැහුණා.. සියොලගම උණුසුම් වෙලා.. මගේ ඇගට 

හීන් දාඩියක් ඉනුවා කියලා.

‘‘ඔයාත් ඉන්න හිරූ..... ටිචර් කෙනෙක් එහෙම දැක්කොත් හරි නෑනේ.‘‘ මගේ හිත තේරුම් අරන්ද

 ඔයා හිරූට එහෙම කිව්වේ.. හිරූ ආයෙත් මගේ ළගින් වාඩී වුණා.

‘‘ගිත්මා... මම දෙයක් අර අක්කා එක්ක කිව්වා..‘‘

‘‘මොකද්ද?‘‘

‘‘මගේ හිතේ ඔයාට ආදරයක් තියෙයි කියලා...‘‘ මම නොහිතපු විදියට මගේ ඇස් දෙකටම එබිලා.. 

ඔයා ආදරෙයි කිව්වා.. මේ තරම් දවස්.. ලැජ්ජාවෙන් හිටපු කොල්ලාට මොකද වුනේ කියලා තමා මට 

එක පාරට හිතුනේ.. මම බිම බලාන හිනා වෙද්දී. හිරූ මගේ උරහිසින් අල්ලලා කිනිත්තුවා.

‘‘කෙලින්ම ඔයාගේ අදහස කියන්න ගීත්මා... අකමැති නම්.. අමතක කරලා දාන්න.‘‘ අනේ එහෙම හිතන්න 

වත් එපා දිලුම්.. කියන්න වගේ දුක තැවරුණු මුහුණකින් මම ඔයා දිහා බැලුවා.. ඔයාත් හිටියේ.. දුකෙන් වගේ..

‘‘මෙයා ඔයාට කැමතී දිලුම්..‘‘ හිරු කිව්වේ.. මම ගොළුවෙලා බලන් ඉද්දී. ඒ විදියට පටන් ගත්තු ආදරේ නිසා

 අපි දෙන්නා කොහොම හරි එකතු වුණා.. අම්මලා ඔයාට අකමැති වෙද්දී.. මම හිතුවා ඔයාව මට නැති 

වෙයි කියලා.. ඔයා කොහොම හරි මාව ඔයාගේ කර ගත්තා.

              සොදුරු සිහිවටනයන් අතර සැරි සරන ඇගේ සිත සතුටින් ඉපිලුනත් දිලුම්ගේ රුව හොයන ඇගේ

 නෙත් දෙක නම් හොදටම විඩා බර වී තිබුණි. එක වරම දුරකථනය නද දෙද්දී... ඇය සතුටින් දුරකථනය

 දෙස බැලුවේ දිලුම් වන්නට ඇතැයි සිතාය. මොහොතින් ඇගේ මුහුණ වෙනස් වුවාය.

‘‘කියපං හිරූ.‘‘ ඇය කතා කලේ දුකින්ය.

‘‘කොහොමද අළුත් කපල් එකගේ වැලන්ටයන් එක.. ආව් ආ...ව්.. අද සුපිරි සැමරිල්ලක් සමරයි නේද?.‘‘

 පාසල් කල මිතුරියගේ ඉගි බස් නිසා ඇයට දැනුනේ වේදනාවක් පමණකි.

‘‘හ්ම්ම්ම්.‘‘

‘‘මොකද බං.. කෝ දිලුමා...‘‘ ඇයි ඇසුවේ පුදුමයෙන් බව ගීත්මටත් වැටහුනාය.

‘‘එයා වැඩ බං.. කලින් එනව කිව්වා.. තව නෑ.. ‘‘

‘‘බැන්දම ඔහොම තමා බං.. කොයි වෙලේ ආවම මොකද වයිප් ගෙදරනේ.‘‘ දිලුම්ගේ පමා වීමෙන් දුකින් 

වුන්නත් ඇය හිරූගේ කතාවට එකග වන්නට අකමැති වුවාය.

‘‘නෑ.. නෑ... බං... දිලුම් ඒ කාලේ ඉදන් අමුතුයිනේ .. උබට මතකනේ... එයා ආදරේ කරන හැටි වෙනස්.‘‘

 ලොකු සුසුමකුත් සමග ගීත්මා සිය මිතුරිය සමග පැවසුවාය.

‘‘මොකද්ද බං.. ඉන්න කාලේ සතුටින් ඉන්න ඕකේ.. බලපං අපි දෙන්නා අද බීච් ගියා.. මම නම් දැම්ම

 බදින්නේ නෑ.. අපෝ බැන්දම දිලුම් වගේම වෙයි.‘‘ ඇය සැහැල්ලුවෙන් පැවසුවාය. තවත් ටික 

වෙලාවක් කතා කරමින් සිටි ඇය ඇමතුමට සමු දුන්නාය.

      දිලුම්... මොකද්ද මේ වෙන්නේ.. බලන්න.. ඔයාට මම හුගක් ආදරේ කළා.. මට ඒ කලේ ඔයාගේ 

වෙනස තේරුනේ නැද්ද ඒ නිසා.. අනිත් අය අත්පටලන් තැන් තැන් වල කතා කරද්දී.. ඔයා මට ඒ විදිහට 

කතා කරන්න අඩ ගැහුවේ නෑ.. ඔයා කිව්වේ.. ඒ මගේ ආරක්ෂාවට කියලා.. අනිත් අය යාළුවෝ ඉස්සරහා

 ... තමන්ගේ කෙල්ල ගැන කියවද්දී.. ඔයා මං ගැන කාටවත්ම කිව්වේ නෑ.. මටත් කියන්න එපා කිව්වා... 

මම ඒත් ඒ ගැන හිතුවේ නෑ.. ඉදලා හිටිලා දවසක ඔයා මුණ ගැහෙද්දී.. මගේ හිතට දැනුන සතුට නිසා මම

 ඔය දේවල් අමතක කලා.. අපේ අනිත් යාළුවෝ.. බීච් යද්දී.. මල් වතුවල යද්දී...තව තව තැන් වල ඇවිදිද්දී...

 ඔයා මාව එක්ක ගියේ නෑ.. මම හිතුවේ ඔයා මාව හුගක් ආරක්ෂා කරන නිසා කියලා... හුගක් ආදරය 

කරන නිසා කියලා..අනිත් අය සුදු ,රත්තරං, පැටියෝ, වස්තු .. කියලා කතා කරද්දී.. ඔයා කවදාවත් මට 

ඒ නම් කියලා කතා කලේ නෑ.. මම හිතුවේ ඒවා සෝබන කතා කියලා ඔයා හිතන නිසා වෙන්න ඇති 

කියලා.. කොච්චර ආදරේ කළත් ඔයා කවදාවත් මට වචනයෙන් ආදරෙයි කියලා කිව්වේ නෑ.. මම ඒකටත්

 දුක් වුනේ නෑ... මම හිතුවේ ඔයා වචනින් නොකිව්වත් හිතේ ලොකු ආදරයක් තියෙයි කියලා.. මම හිතපු 

විදිය වැරදිද?.. ඔයාට මාව විශේෂ නැද්ද රත්තරං. හිරූගේ කතාවත්, දිලුම්ගේ ප්‍රමාධයත් සමග ගීත්මාගේ 

සිත කැළඹී තිබුණී. තවත් මග බලා සිටීමෙන් දුක වැඩි වේ යැයි සිතු ඇය නිවස තුළට පිවිසියාය.

‘‘ගීත්මා... ‘‘ පිටුපසින් පැමිණි යමෙක් ඇය තදින් අල්ලා ගත් විට ඇයට මදක් බිය දැනුනාය. කෑ ගසන්නට

 සිතුවත් කට හඩත් ,දැනුන සුවදත් සමග  ඇය නිහඩ විය.. ඒ දිලුම් බව ඇය දනී.

‘‘දිලුම් ... ඇයි පරක්කු වුණේ...‘‘

‘‘මග බලන් හිටපු බව දන්නවා.. දැන් දුකින් කියලත් මම දන්නවා.‘‘ ඔහු මගේ සිත කියවන්න විය. 

මොහොතකට හෝ වැරදියට සිතුවේ .. මගේ සිත මෙතරම් හදුනන සිත ගැන දැයි ඇයට ලොකු දුකක් 

දැනුනාය. මොහොතින් ඔහුගේ පැත්තට හැරුණු ඇය  ඔහුගේ උරතලයේ හිස හොවා ගත්තාය.. සිහින් 

ඉකි බිදුම් පිට වෙද්දී.‘‘ ඇයි මේ... ‘‘ දිලුම් ඇගේ හිස පිරිමදිමින් විමසුවේය.

‘‘මොකුත් නෑ.. දිලුම්...‘‘

‘‘මොකුත් නැත්තම් අඩන්නේ..‘‘ ඔහු ගීත්මාව දෑතට වාරු කරගෙන මුහුණට එඹුනේය.

‘‘ම..ට දුක හිතු..නා ඔයා..ට මාව එ..පා වෙ..ලා කිය...ලා.‘‘  ඉකි බිදුම් අතරනි ඇය අමාරුවෙන් පැවසුවාය.

‘‘මගේ පිස්සු කෙල්ල... මට ඔයාව කවදාවත් එපා වෙන්නේ නෑ.. එපා වෙනවා නම් .. මේ තරම් පෙරුම්

 පුරලා ඔයාව ළං කර ගන්නවද ළමයෝ.‘‘ ඇය තදින් තුරුළු කරගෙන නළළ මත හාදුවක් තැබූ ඔහු පැවසුවේය.

‘‘සොරී.. දිලුම්... මම ආදරෙයි.. රත්තරං...‘‘

‘‘මමත් මගේ කෙල්ලට මටත් වඩා ආදරෙයි.. මේ බලන්න..මම තෑග්ගක් ගෙනාවා...‘‘ ඔහු අලංකාර

 කොළයකින් ඔතා සකස් කළ ත්‍යාගය ගීත්මා අත තැබුවේය.

  

......සමාප්තයි.......

මගේ යාළුවො හිතුවද මට ඔයාලව අමතක වුණා කියලා.. අමතක නෑ අනේ.. මෙන්න 

ආදරවන්තයින්ගේ 

දිනය වෙනුවෙන් මගේන් ඔයාලට.. හැමදාම මට චෝදනා කරනවනේ දුක් දෙනවා කියලා... ඔන්න..

 ආදරණිය දිනයක ආදරණිය කතාවක්.. හුගාක් ආදරෙන්..

2017.02.14

බුදු සරණයි...

සිතුවිලි ගැලපුම සදූ..

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 06:23 AM
  •  Quote
  •  Reply
ඒක ඇත්ත දුකක් නෑ හරිම ලස්සනයි
ඒක පාර්ශවයෙන්ම ගලාගෙන අවසානය ලස්සනට ඉවර කරල
කියවන්නත් ආස හිතුනා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 02:11 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 02:15 AM
  •  Quote
  •  Reply

වෙනසකට ගතු කියන නීල වර්ණැති අම්බරය වසා ගත් සුදු සේද සලු වන් මේඝ කෙමෙන් අඳුරු වන්නට පටන් ගත්හ. හරිත වර්ණ වූ තණ බිස්ස දිළිසෙන්නට අරැඹුනේ පිනි කුඩු ආභරණ කරගනිමිණි. 
සප්ත ස්වරයෙන් සවන් කිති කැවුනේ කොහේදෝ හිඳ පාව ආ වස්දඬුරාවයකිනි. ගත මත නලියූ සීතල ඕප් නැංවුනේ ඒ මිහිරි හඬටයි.. 

කාගේද ඒ මියුරු ස්වරය
කා වෙතද ඒ සොඳුරු පණිවුඩය. කුමක් නමුත් එය සිහිකලේ නුඹව .. ආයෙමත් නුඹව ..
නුඹයි මගේ සංසාර සිහිනය.. 

ඈතකින් පාව ආ ඒ මියුරු හඬත් සමඟම මගේ සිත ඇදී ගියේ ජීවිතයේ සොඳුරුම කාලපරාසයක තවත් එක් ආරම්භයක් වෙත.

සාමාණ්‍ය කොල්ලෙක්ගේ ජීවිතය පිටින් නිදහස් නමුත් අභ්‍යන්තරය වගකීම් වලින් පිරී ඇත. අනාගත අරමුණු, ඉලක්ක ,පරමාර්ථ, බලාපොරොත්තු, මේ සියල්ල එකිනෙක නිරන්තරයෙන් ගැටෙයි. 

සාමාණ්‍ය කොල්ලෙක් වෙච්ච මගේ ජීවිතෙත් ඒ වගේ..නිතරම අනාගතය වර්ථමානයත් එක්ක ගැටෙන තැන මගේ දුර්වලථා මාව අඩපන කරවනවා.මම ඉන් බැහැර වන්නට නිතරම උත්සහ කලේ විනෝදය සොයා යෑමක්. ඒ නිසාමද මන්දා ප්රශ්ණ දාහක් ආවත් මූනේ හිනාව ඉතුරු වුනේ.. 

ජීවිතය පුදුමාකරයි. මං ලගට ආව අය ඊටත් වඩා පුදුමාකාරයි. සමහරු කියලා ගියා. තවත් සමහරු නොකියා ගියා. සමහරු හේතුවක් නැතුවම මාව එලවගත්තා. 
ජීවිතේ හැටි එහෙමයි කියලා මං ඉවස ගත්තා. 

කෙනෙක් ගියාම ඒ හිස්තැන පුරවන්න තව කෙනෙක් කොහෙන් හරි එනවා. ඒත් සමහරු ඉතිරි කරපු හිස්තැන් පුරවන්න කාටවත්ම බැරි වෙන අවස්තාත් නැතිවම නෙවේ. ඒ සිතිවිල්ලත් වෙනස් කල කෙනෙක් මට මුන ගැහුනානම් ඒ ඔයයි.

අරුනෝදය චමත්කාර කරවන සූර්යාවලෝකනය වාගේ ඔය ඇස් මගේ ඇස් මත පතිතවූ මොහොතේ සිටම මේ හිත ඔය හිත හොයන්න පටන් ගත්තේ අන්න ඒ හේතුවටම වෙන්න ඇති. 

රෝස කුසුමක් වගේ ඔය සිරියාවන්ත මූහුණු පොඩ්ඩ හැඩ කරන ඒ දිලිසෙන නෙතු යුගල තප්පරේකට මගේ ලඟ නැවතෙද්දි මම වින්දේ කල්ප ගනනක ආශ්වාදයක්. ජිවිතයේ කවදා හෝ දවසක මට මේ ශරීරය අත හැර යන්න වේවී.. නමුත් ඔය ඇස් පිහාටු යට එ් දවස වෙනකම් මගේමයි කියලා අයිතියක් එක්ක ජීවත් වෙන්න තිබුණා නම්.. 
ඒ තප්පරේ ඇතුලෙදිත් ඊට පසුවත් සිය දහස් වතාවක් මට හිතුනේ අහම්බයක් නිසා නම් නොවෙයි.
යන්තමට ඔයා පහුරු ගෑව ඒ මගේ හිත ඔයාටම පුදන්නට හිතුනේ දැකපු පලවෙනි වතාවෙමයි. හීනයක් වගේ ඇස් මානෙට ආව ඔයා මීදුමක් වගේ බොඳවෙලා යයි කියලා හිතිලා බය නොහිතුනාමත් නෙවෙයි. ඒත් ඒ බය ඔයා පහ කරලා හැරියේ වෙරළ සිඹින සයුරු රළ වගේ නිතරම මා ලඟට ඇවිත්.. 

හීතල වෙච්චි හිතක් ආදරණීය උනුහුමක් හෙව්වේ මිතුරියක්ගෙන් නම් නෙවෙයි .. ඒත් ඔයා මිතුරියක් වෙලා මැලවිච්ච හිතට ආයෙමත් බලාපොරොත්තුවක් ඇති කලා අලුත් ආරම්භයක් එක්ක අලුතින්ම ජීවිතය පටන් ගන්න . ඉතිං හරි දුකෙන් වගේ සමාප්තිය සනිටුහන් කරන්නට වුනා ඒ මිතුදමට. කනගාටුයි මටත් එවන් මිතුදමක් අහිමිවීම ගැන. ඒත් ඒ දුක පෑල දොරින්ම පැනලා දුවනවා ඔය තොල් පෙති මගෙ නමින් ආදරෙයි කියලා මතුරනකොට. 

සම කල හැකි කිසිවක් නොවෙන තරමටම මම ආදරය කරන ඒ හිතත් මට ඊටත් වඩා ආදරය කරනකොට හිත පෑරවෙන දුකක් දැනෙනවා කූළුඳුලේම මේ හිත නුඹට පුදන්නට බැරී වීම ගැන.. කුළුඳුලේම ඒ ආදරේ විදින්නට බැරි වීම ගැන. ඒත් ඒ නැව්ම් ආදරය හැමදාමත් නැව්ම් පිරිසිදු හිතින්ම ආදරය කරනකොට. 
පමා වී නමුත් සැබෑ සෙනෙහස හමු වීම හීනයක් වගෙයි තාමත් මට .. 

චූටී චූටි ප්රශ්න එනවා තමයි හිත් හඳුනගනිද්දි නොදැනුවත් කමට. ඒ ප්රශ්නවලට හිත රිදෙනවා තමයි තියන ආදරේට. එ්ත් ලස්සන ඔය ඇස් කඳුලින් බර වෙනකොට ඔයා මහ කලු ගලක් කියන මේ හිත උණු වෙන්නෙත් ආදරේට. ඉතිං අපේ ඒ චූටි චූටි ප්රෂ්න විසඳුන්නැතත් නිමවෙනවලු හරිම ඉක්මනට. 

පෙම්බර සඳකැන් පායනවා අමාවක අහස වගේ මේ හිතටත් ඔයා හින්දා .ඔයා දන්නවද මියුරු සප්ත ස්වර නාද රටා මවපු ඒ වස්දඬු රාවයත් එක්ක සිහිවුනේම ඔයාගේ තොල්පෙති වලින් මුමුණන හඬ. 
සාමාණ්‍ය කොල්ලෙක්ගේ සාමාන්‍ය ජීවිතය විනාසයි තමයි සුභ නැකතින් හෙට ඔයා මගේ ආදරණීය බාර්‍යාව වෙනකොට.. ඒත් ඒ සාමාණ්‍ය ජීවිතයට වඩා මම දැන් කැමති ඔයාගෙි ඇස් පිහාටු යට ඉන්න හීන දැකපු මගේ ඇස් පිහාටු යට තියන් ඔයාව පරිස්සම් කරන වගකීම ගන්න. හෙට අපි දෙන්නාගේ ජීවිත වල එක ගමනක අවසානය සනිටුහන් කරන එතන ඉඳන් අලුත් කතාවක් අලුත් විදියට පටන් ගන්න ලස්සනම ලස්සන දවස. ඒත් බාර්‍යව වුනත් හැමදාමත් මගේ ආදරවන්තියම වෙලා ඉන්න. මොකද මම ගොඩක්ම ආදරේ ඒ අහිංසක පෙම්වතීට. ඔයා දන්නවද ඔයා තමයි මට මගේ ජීවිතේටම ලැබුණු හොඳම වැලන්ටයින් තෑග්ග. 

තප්පරෙන් තප්පරේ ගෙවිලා යද්දි හිත ඔච්චම් කරනවා හෙට දවස ගැන ඉඟි කරලා මට. යන්තමට ලැජ්ජාවක් සේන්දු නොවෙනවාමත් නොවෙයි මුහුනට. ඒත් ඉවසුමකුත් නැති තරම් හෙට වෙනකම් මට. අනේ මේ වස්දඬු රාවය නැවතුනානම් මට හෙට දවසට සූධානම් වෙන්න.. 

-
නිමි-

ආදරයට ආදරය කරන ඔය හැමෝටම සුභම සූභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා කියලා ආදරකතා පව්ලෙන් ඔයාලාට සුභ පැතුම් එකතු කරනවා.

මේක හදිස්සියෙන්ම ලියපු චුටිම චුටි මනස්කල්පිත නිර්මාණයක්.. කියවපු ඔයාලාගේ අදහස් ඕනේ.. 

ගයාන් ධනූ

 —

<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Mar 2017 09:04 PM
  •  Quote
  •  Reply
හදිසියෙන් ලියුව නිසාද මන්දා වෙනදා තරම් කථාව එතරම් සුන්දර නෑ..
තුන් වතාවක්ම කියවූවා.. ගලපගන්න ටිකක් අමාරුයි..
වෙනදා ලියන කතානම් මෙයට වඩා රසවත්...
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Mar 2017 02:36 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Mar 2017 02:39 AM
  •  Quote
  •  Reply

෴සැළකුම්෴


කෙටි කතාව.

"අම්මේ මම ගිහින් ඉක්මනටම එනවා.. අම්මට ඒ හැටි ආමාරුවක් නෑ නේද?"

"අනේ.. නෑ කෙල්ලේ... මට ඒ හැ..ටි අමාරුව...ක් නෑ."ඇදේ රෙදි කඩ මල්ලක ගුලී වී අමාරුවන් හුස්ම ඉහල පහල දමමින්.. වරින් වර පපුව පිරිමැද ගනිමින් සිටි සුමනා කිව්වාය..

සුමනාට සිටියේ එකම දියනියකී.. ඇය නමින් ඉමල්කා නම් විය.. ඇයගේ ජීවිතයට ළං වූ වංචාකාර තරුණයෙක් නිසා අවුරුදු විසි තුන පසු කළ ඇයට පියෙකු නැති දියණියක් සිටී. පියාගේ අභාවයෙන් පසු.. අම්මාගේත් දරුවාගෙත් ජීවීත ඇගේ දෑත මත රැදී ඇත..මහා මෙරක් තරමට දුක් උසුලන ඇය දෑතේ පයේ දිරියෙන් එදා වේල සරි කර ගනියි.

අම්මා සනීපයෙන් සිටි කාලයේ ඇගේ දියණිය ගැන ඉමල්කාට කිසිම බියක් තිබුණේ නැත.. රැකීයාවට ගිය පසු ඇය රැකුමට අම්මා සිටි බව ඇය දැන සිටියාය. තමාට උරුම සෝසුසුම් පිරි ජීවිතය තම දරුවාට උදා වන්නට ඉඩ නොදීම ඇගේ එකම අභිප්‍රාය විය. වසර සතරක් සපිරිණු සිඟිත්තිය දැන් පෙර පාසල් වියේ පසු වෙයි. අම්මා රෝගාතුර වෙද්දි දියණියගේ ආරක්ෂාව ගැන සිතා, ඇයව දිවා සුරැකුම් ආයතනයකට ඇතුල් කළාය. ඇයට පියෙකුගේ රැකවරණය අවශ්‍ය බවද ඇය දැන වුන්නාය. තවමත් තරුණ වියේ පසුවන ඇයට විවාහා යෝජනා නම් එමට ය. නමුත් සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන දේ තුල කිසිවෙකු පිළිගැනීමට ඇය කැමතී නොවීය.

ජීවිතේ දුෂ්කර අවස්ථාවන් හිදී පිළිසරනට සිටින යම් කෙනෙක් වේද ඒ මාපියන් පමණක් බව පාඩම් ලද්දේ ඈ ඒ අයුරිණී. නමුත් ඇය බොහෝ පමා වී තිබුණී. යතාර්ථවාදීව ලොව දෙස බලන්නට පන්නරය ලද ඇය, පියෙකු නැති දියණියත්, අසනීප මෑණියනුත් රක්ෂා කරන්නට වෙහෙසුනාය.

නිසි කල නිසි දෙය නොකිරීමේ වරද ඇයට එතැනදීද ඉදිරියට පැමිණයාය. නිසි අධ්‍යාපනයක් නොලද ඇයට රැකියවක් සොයා ගැනීම අසීරු වුවාය. අවසානයේ ඇඟළුම් නිශ්පාදන ආයතනයක සොච්චම් වැටුපකට දහඩිය හලන්නට ඇයට සිදු විය .

"ගුඩ් මොර්නිං ඉමල්කා.. මොකද මුණත් එක්ක තඩිස්සී වෙලා."ඇය සමග එකම අංශයේ සේවය කල විශාඛා කලබලයෙන් ඇවිද ආ ඉමල්කාගෙන් විමසුවාය.

"මම පස්සේ කියන්නම් බං."යැයි පැවසූ ඉමල්කා, හනිකට කාර්යාලය දෙසට යන්න වුවාය.

"මේකිට අවුලක් වගේ දරුවට වත් අසනීපයක්ද?" අනෙක් යෙහෙළියන් සමග කතා වු ඇය මහණ යන්ත්‍රය ක්‍රියාත්මක කර දවසේ වැඩ ඇරඹුවාය.

"හා... හා.. මදැයි ඔය කියෙව්වා... වැඩ පටන් ගනිල්ලා.. මම චුට්ටක් එහා මෙහා වුනොත් ඉවරයි නේද?" ඒ සුපරික්ෂක අරවින්දගේ හඩයි. ඔහුගේ හඩින් මුහුණු බිමට නැඹුරු කර ගත් සේවක පිරිස කඩිනමින් සිය කාර්ය ඉටු කරන්න වූහ.

‘‘කෝ මේ ඉමල්කා‘‘ ඉමල්කාගේ මහණ යන්ත්‍රය ළග නතර වුණ අරවින්ද විමසන්නට වුවේය. ඒ වන විටත් ඉමල්කාගේ මහණ යන්ත්‍රය මත අඩක් නිම කළ ඇගළුම් කන්දක් ගොඩ ගැසි තිබුණි.

‘‘විශාඛා කෝ ඉමල්කා‘‘ කිසිවෙකු පිළිතුරු නොදෙද්දී අරවින්ද විශාඛාගේ ඇගට කඩා පැන්නේ මහ හඩින් කෑ ගසමිණී.

‘‘ඒ.. එ..යා එච් .ආර් එක පැත්තට ගියා සර්...‘‘අරවින්දගේ නපුරු බැල්ම මගහරින්ට උත්සහ ගත් විශාඛා හොරැහින් ඔහු දෙස බැලුවාය.

‘‘බලනවා මෙතන ස්ටොක් එක...මට කියන්නෙත් නැතුව එච් ආර් ගිහින්... ඒ මදිවට.. මම උඹලගේ ඕනඑපාකම් බලන්නෑ වගේනේ...යනවා.. යනවා... ගිහින් අඩගහන් එනවා..‘‘ විශාඛාගේ උරහිසට තට්ටුවක් දැමු අරවින්ද සන්සුව පැවසුවේය.අප්පේ කියලා වැඩක් නෑ... ඕනඑපා කම් සපුරන මිනිහා.. ඉමල්කා දැන්  කී දවසක් නිවාඩුක් ඉල්ලුවද අම්මා කිලිනික් එක්ක යන්න.. හොද වැඩේ ඕකී එච්. ආර් ගිය එකමයි හොද?. අරවින්දට සිතින් බනිමින් ඇය ඉමල්කා සොයා ගියාය.

     ඉමල්කා අද වැඩක පැමිණියේ නෑවිදින්ම බැරි කමටය. අම්මා පපුවේ වේදනාව වැඩි වී මුළු රැය ම කෙදිරි ගෑ නිසා ඇයව රෝහල  වෙත ගෙන යාමට ඇයට අවැසිව තිබුණි. නමුත් නිවාඩු නොගෙන දිනක් සේවය වාර්තා කිරිමේ වරද ඇය දැන සිටියාය. ඉන් ප්‍රතිඵල ලැබෙන්නේ මාසික වැටුප අතට ලැබුණ දිනටය. දිනක නොපැමිණිම සියලු දීමට කපා දැමීට හේතු වු නිසා ඇය අමාරුවෙන් හෝ නිවාඩුවක් අනුමත කර ගැනීමට සිතුවාය.

‘‘ඉමල්කා මොකද මේ උදේම අඩාගෙන..‘‘ නිවාඩු ඉල්ලුම් පත්‍රයද  දික් කරගෙන ඉමල්කා අරවින්දට කිට්ටු වුනේ දෙකට නැමීගෙනය.

‘‘මොකද්ද මේ... මොකද නිවාඩු.‘‘

‘‘අනේ සර්.. දැන් දවස් ගානක ඉදන් අම්මට අමාරුයි.. මම සර්ට කිව්වේ..‘‘ ඇය ඉකි බිදුම් පාලනය කර ගන්නට උත්සහ ගත්තාය.

‘‘පිස්සුද තම්සෙට.... ඉමල්කා.. බලනවා  තමුසෙට සෑහෙන්න ස්ටොක්.. ඕන් ඕක මෙහාට දීලා ගිහින් මහන්න පටන් ගන්නවා. ඉල්ලන ඉල්ලන පාරට නිවාඩු දෙන්න ගියොත් හොදට තියෙයි. තමුසේ ගියාම මමද ඔතන මහන්නේ...‘‘නිවාඩු ඉල්ලුම් පතද උදුරා ගත් අරවින්ද ඇයට බැන වැදුනේය. ඔහුගේ මහ හඩින් දොස් නැගුම්  හමුවේ වුව ඇය වැද වැටෙමින් නිවාඩු ඉල්ලුවාය. ඔහුගෙන් නිවාඩු නොලැබෙන බව දැන වුන් නිසා කාර්යාලයෙන් නිවාඩු  ඉල්ලුවත් ඉන් කීවේද සුපවයිසර්ගෙන් අවසර ඕන යනුවෙනී.

‘‘හරි මුලින් ස්ටොක් එක කඩනවා... ඔය හිටියා වගේ අම්මා තව ටිකක් ඉදී.. පොඩ්ඩක් තේරුම් ගන්නවා තමුසේ ගියාම මම කොහොමද අද ටාගර්ට් එක කවර් කරන්නේ.. තමුසේ නිසා අනිත් ළමයින්ගේ ඉන්සෙන්ටිව් එකත් නැති කරන්නද තමුසේ කියන්නේ..‘‘ තවත් කියන්නට දෙයක් නොමැති වු කළ ඉමල්කා කදුළු සලමින් තම අසුන මත හිද ගත්තාය. අරවින්දත් ඉමල්කා සිටි තැනින් සෙලවුනේ නැත. ඒ ඇය නැවත කාර්යාලයට දන්වාවී කියා දැනුන බිය නිසා විය හැකිය. ඇයට මද ඇසිල්ලකදු නොදුන් ඔහු ඇගෙන් දිගින් දිගට වැඩ ගත්තේය.

‘‘සර්... දැං වත් මට යන්න දෙන්නකෝ..‘‘ පස් වන වතාවටත් ඇය අරවින්දගෙන් අයැද සිටියාය. ඇයගේ කය මෙහෙ තිබුණත් සිත තිබුණේ මව සහ දියණිය ළග  විය.. අම්මට අමාරුද දන්නෑ.. මම අද කොහොම හරි ගෙදර යන්න හිතන් ආපු නිසා දෝණිව ඩේ ක්යාර් දැම්මෙත් නෑ.. අනේ මොනවා වෙනවද දන්නෑ... මුන්ට නම් හෙනම වදින්න ඕන.. වැඩ.. වැඩ.. වැඩ විතරයි.. අපිට හෙන ගැහුවත් කමක් නෑ.. ඉමල්කාගේ සිත කෝපයෙන් පුපුරු ගැසුවාය.

‘‘මහනවා ... මහනවා... මට වද නොදී... තමුසේ ගියහම මට ඔතෙන්ට දාන්න ළමෙක් නෑ.‘‘ දහවල් විවේකයෙන් පසුවද ඔහුගේ ප්‍රතිචාරය මෙලෙස විය. දැන් නම් ඉමල්කාට ඔහුගෙන් නිවාඩු ඉල්ලා වැද වැටීමද අප්‍රිය විය තිබුණි. මව් වෙනුවෙන් හිත සංසුන් කර ගත් ඇය උත්සහය අත් නොහැරියාය. කෙමෙන් තේ විවේකය පැමිණියත් ඇය ඊට අසුනින් නැගිට්ටේ නැත. පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථනයකින් හෝ අම්මාට බෙහෙත් ටිකක් අරන් දේනට සිතු ඇය පැයක් කලින් සේවය නිම කරන්නට සිතා වුන්නාය. ඒ වෙනුවෙන් ඇය තේ විවේකය කැප කර සියල්ල ඉක්මණින් නිම කරන්න සිතුවාය.

‘‘සර්... මට අද කලින් යන්න ඕන...‘‘ එතනට පැමිණියේ රූපිකාය. ඇගේ හැසිරීම කෙසේද යන්න මුළු ආයතනයම දැන වුන්නාය. සල්ලිකාර පුද්ගලයින්ගේ අතින් අත යන ඇය, හැටහතර මායම් හොදින් ප්‍රගුණ කර සිටියාය.  ඇගේ ඇඹ්රිලි, පැද්දිලි. හුරතල්විලි හමුවේ, අරවින්ද ඉමල්කට නොදුරු අසුනක වාඩී වී රූපිකා වෙතට හැරුණේය.විවේකය අවසන් වීමට තිබුණේ තවත් පොඩි කාලයක් පමණි.

‘‘හරි හරි කෙල්ලේ කවුද බෑ කිව්වේ.. කෝ... පුරවන් එනවකේ ගේට් පාස් එකක්.‘‘ඒ වචන පෙළ ක්ෂණිකවම හීයක් මෙන් ඉමල්කාගේ හදවතට කිදා බැස්සාය.නෙත් අගට නැවතත් කදුළු කැට මෝදු වුයේ උදේ සිට ඇය ඉල්ලු නිවාඩුව දීමට අකමැති වූ පුද්ගලයා , හේතුවක් නොවිමසාම රූපිකාගේ නිවාඩු දීමට සූදානම් විමයි. ඉමල්කා බොදවී ගිය දෑසින් ඔවුන් දෙස බැලුවාය.

අනේ.. තෑන්ක්ස් සර්... අද මම බර්ත්ඩේ පාර්ටියි එකකට යන්න. ඇය තවත් අගර දගර පාන්නට විය. සුරතල් වන්නට විය.

‘‘ආ... එහෙනම් අද නියමෙට තියෙයි නේ.. අපිටත් චාර්න්ස් එකක් දෙන්න ඉතිං.‘‘ ඔහුගේ මුහුණේද ඇදී තිබුනේ මණමාල සිනහවකී.

‘‘කවුද සර්.. බෑ කිව්වේ... සර්ටනේ ඕන කමක් නැත්තේ..‘‘ ඔවුන් සිතා සිටින්නට ඇත්තේ ඉමල්කාට මේ කිසිත් නෑසෙන බවයි. තවත් ඉවසා සිටිය නොහැකි වු තැන ඉමල්කා අසුනින් නැගිට නැවත කාර්යායලයට යන්නට  සැරසුණාය.

‘‘කොහෙද තමුසේ යන්නේ... ඉමල්කා..‘‘ අරවින්ද කොපයෙන් විමසුවේය.

‘‘සර් මට දැන් වත් නිවාඩුව දෙන්න..‘‘ ඇය සංසුන් වන්නට  විශාල උත්සහයක් ගත්තාය.ඇගේ හද තුළ වෛරයෙන් පිරි තිබුණි. සිත වේදනාවෙන් රිදුම් දෙයි.

‘‘තමුසෙට පිස්සුද ඕයි... බලනවා ස්ටොක් එක දිහා..‘‘ අරවින්ද නැගිට තවත් ඇගළුම් තොගයක් ඇය දෙසට විසි කළේය.

‘‘සර්ට අර උඩැක්කියට නිවාඩු දෙන්න පුළුවන් පාර්ටි වලට යන්න... මට මගේ අම්මට බෙහෙත් ටිකක් අරන් දෙන්න නිවාඩු ඉල්ලුවම තමා ස්ටොක් මතන් වෙන්නේ.‘‘ තවත් ඉවසිය නොහැකි තැන ඉමල්කා පැවසුවේ, අවශ්‍ය විට පිළිසරණක් නැති මේ රැකියාව අහිමි වුවත් කම් නැත යන හැගීමෙනි. එවර අරවින්දට කට උත්තර නැති විය. මුහුණද අදුරු වී ගියේය. මද වේලවකින් රූපිකා ගස්සාගෙන එතැනින්  පිට වෙද්දී.. අරවින්ද ඉමල්කාට කිට්ටු වුවේය.

‘‘අපට සළකන විදියට තමා අපිත් සළකන්නේ...‘‘

  ඉමල්කාගේ සියෝලගම දැවි ගියාය. දිනක් ඇයට කළ ඇරයමු එක වරම මතකයට නැගෙද්දී, ඇය අමාරුවෙන් හුස්ම පහලට හෙලා ගත්තාය. එදයින් පසු ඔහු නිහඩව ඉද්දී ඉමල්කා හිතුනේ අරවින්ද එය අමතක කර ඇතැයි කියාය. නමුත් දැන් ඇයට වැටහී ඇත  . මෙය නිවාඩු දිමේ ගැටළුවක් නොවේය .වාඩු පිරිමැසීමකී. සැළකුමට සැළකුමකී.

   වෙනත් රැකියාවක් ලැබෙන තුරු ඇයට මේ රැකියාව අහිමි කර ගත නොහැකිය. තවත් රැකියාවක් ලැබුණත් ය මිටත් වඩා නරක විය හැකි ය. තවත් කිසිත් කතා කිරීමට නොසිතු ඇය.. මුහුණේ රූරා වැටෙමින් තිබූ කුදළු බිදු පිටඅත්ලෙන් පිසගෙන නැවතත් මහන යන්ත්‍රය  ඉදිරිපිට වාඩී වුවාය.


....සමාප්තයි....

සිතුවිලි ගැළපුම සදූ...

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
17 Mar 2017 04:33 AM
  •  Quote
  •  Reply
ඉතාමත් සංවේදී කතාවක්...
මෙය කතාවක් වුවත් නූතන සමාජයේ සත්‍ය වශයෙන්ම මෙවැනි සිදුවීම් වනවා....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Apr 2017 05:19 AM
  •  Quote
  •  Reply
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Apr 2017 05:21 AM
  •  Quote
  •  Reply

මියෙන බව නොදනී..

කෙටි කතාව

    මමත් මගේ කුඩා දියණියත් ,ස්වාමියත් සමඟ අළුත් නිවසට පදිංචියට පැමිණ දින කිපයකී.  මෙතරම් කල්තාවකාලික නවාතැන් වල ජීවත් වූ අපි  මේ නිවස මිළට ගත්තේ අපගේ මිතුරෙකුගේ උදව් උපකාර ඇතිවය. තවමත් අපි අසල්වාසින් සමඟ වැඩි ඇසුරක් නොවු නිසා වටා ගෙවල් වල කවුරුන් සිටීදැයි නොදනිමු.

‘‘චූටී දෝණි... මොකද පුතේ හැම තිස්සෙම ඔතනට වෙලා කරන්නේ..‘‘නිවසට පැමිණි දිනයේ සිට මගේ වසර පහක් වියැති පුංචි දියනිය කම්බි වැට අසලට ගොස් යාබද නිවස දෙක බලා හිදිනු මම නිතර දැක ඇත්තෙමි. උදෙන්ම එම නිවසෙහි වෙසෙන ස්ත්‍රියක් රැකියාවකට යන අයුරු මා දැක ඇත. නිවෙසේ දොර ජනෙල්ද වසා දමා තිබු නිසා මා අනුමාන කලේ නිවසෙහි කිසිවෙකු නොසිටින බවයි.

‘‘අම්මේ.. මට ඒ ගේ ඇතුළින් කවුද අඩනවා ඇහෙනවා.‘‘ මාගේ ළගට පැමිණි දියණිය පැවසුවාය. ඇය මීට ප්‍රථමත් මා සමග එවැනි දේ පවසා ඇත. මමත් කීපවරක්ම වැට අසලට ගොස් බැලුවත් එවැන්නක් මට අසන්නට නොලැබිණි.

‘‘අනේ.. ඒ ගෙදර කව්රුත් නෑ පැටියෝ.. ඒ ගෙදර නැන්දී උදේම වැඩට යනවා ..දූ දැකලා නැද්ද?‘‘

‘‘අනේ නෑ අම්මේ යමුකෝ.. මම බොරු නෙමෙයි කියන්නේ..‘‘ ඇය ඇවිටිලි කරන්න විය. නමුත් එලෙස නාදුනන නිවසකට යාමට අපිට නොහැකිය. එනිසා මම ගමන ප්‍රතික්ෂේප කලෙමී.

‘‘අපි ඒ නැන්දී ඉන්න වෙලේක යමු.. තාම අපි එයාලව අදුරන්නෙත් නෑනේ.‘‘ දියණිය සැනසු මම එදෙසට නොගියෙමී.

තවත් දිනෙක දියනිය මා වෙත දිව ආවේ බියෙන් තැතිගෙනය.

‘‘අම්..මේ... අම්..මේ...‘‘ ඇය වට පිට බලමින් හති හරිමින් යමක් කියන්නට උත්සහ ගත්තේ යාබද නිවස පෙන්වමිණි.

‘‘ඇයි මගේ දෝණි.. මම කියලා තියෙනේ මගේ පැටියට ඒ පැත්තට යන්න එපා කියලා.‘‘ මම ඇය තුරුළු කර ගත්තේ ඇගේ තැති ගැන්ම වැලැක්වීම සදහාය.

‘‘අම්..මේ... අර ගේ ඇතුලේ.. කවුද ඉන්නවා.. හෙළුවෙන්..‘‘ මගේ හිතට දැනුනේ කෝපයකී. මා යන්නට එපා යැයි පවසද්දී ඇය නිවස තුළට එඹී බලා ඇති බව මට වැටහුණි.

‘‘චූටී දෝණි.. ඔයා කියන දෙයක් අහන්නෙම නෑ නේද?.‘‘

‘‘අනේ අම්මේ යමුකෝ බලන්න... ‘‘ ඇයි නැවතත් මට ඇවිටිලිකරන්න විය. වසා තිබෙන නිවසක් තුළ නිරුවත් අයෙක්. මගේ සිත තුළට කුකුසක් ඇතුල්වී තිබුණි. සිටින පුද්ගලයා නිරුවතින් සිටින්නේ මන්ද?.. දොර ජනෙල් වසාගෙන ඉන්නේ මන්ද ?දහසකුත් ගැටළු මා සිත තුල පෙළ ගැසෙන්නට විය.

‘‘හරි දෝණී ඔයා ගෙදරම ඉන්න මම බලලා එන්ම්...‘‘සිටින පුද්ගලා නිරුවතින් සිටිණම් දියණියට නැවත දකින්නට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කියන දෙය මා සත්‍යක් දැයි දැන ගත යුතුය. දියණියට නොපැමිනෙන ලෙස පොරොන්දු කරවාගෙන මම යාබද නිවසේ මිදුළට ඇතුල් වුනෙමී. මගේ සිතට නැගෙන්නේද බියෙකි. මොකාද මේ පාළු ගේ අස්සේ ඇත්තේ .. මම ජනේලයේ සිදුරකින් ඇතුල බැලුවෙමි. කවුරුන් හෝ අයෙක් බිම නිදාගෙන සිටි. ගෙබිම පුරා පියන් කොප්ප , කොට්ට, රෙදි තැන තැන විසි කර දමා තිබුණි. මා දුටුවේ සිටින අයෙකුගේ පිටු පසින් වුවත් ඒ ගැහැණියකගේ සිරුරක් බව මට හරියටම වටහා ගත හැකිවිය. පව් අසනීපෙන් ඉන්න කෙනෙක්ද මන්දා   මොකද දැන් මම කරන්නේ.. අනවශ්‍ය වැඩක්ද මම මේ කරන්නේ.. මම නැවත වරක් මගේ සිතින් විමසුවෙමි.

‘‘හො...ඕ....හෝ...ඕ... ආහා.. ආහා... ‘‘ මට පිටු පා වැතිර සිටි ඇය අත් දිගු කරමින් මොනවදෝ කියන්නට උත්සහ ගත්තාය. මඳ වෙලාවකින් හඬන්නටත් ගොළු භාෂාවකින් මොනවදෝ කියන්නටත් විය. නැවතත් සංසුන් වු ඇය කෙදිරි ගාමින් වැතිරි වුන්නාය.

  තවත් ඉවසිය නොහැකිය ඇයට කුමක් හෝ අපහසුතාවයක් දැනෙනවා විය හැකිය. මම ඉදිරිපස දොර වෙතට පිය නැගුවෙමි. මා සිතුවේ දොර අඟුල දමා ඇති බවකි . නමුත් මා අත තබනවාත් සමගම නිවසේ දොර විවර විය. පුදුමයකි . මම වටපිට පරික්ෂාවෙන් බලා නිවසට ඇතුල් වුනෙමි. දොර හැරීම සමඟ නිවසට ඇතුල් වු ආලෝකය නිසා මට පිටුපා සිටි ඇය මා දෙසට හැරුණි. නමුත් මා දුටු විගස ඇය වකුටු වී බියෙන් මුහුණ සඟවා ගන්න වුවාය.

   ඇය තවමත් එතරම් වයස නැති ගැහැණු ළමයෙකි. ඉනෙන් පහලට පමණක් පරන කොට කලිසමක් අන්දවා සිටි ඇය වුන්නේ අඩුකය  නිරුවත්වය.අවුල් වි ගිය කෙටි කෙස් වැටියත් ඉදිරියට නෙරා ආ දත් පෙළත්,තරමක් විකෘති මුහුණත් ඇය විශේෂ අවශ්‍යතා  සහිත ආභාදිත දරුවෙක් බව මම හැදින ගත්තෙමි. නමුත් වයස අවුරුදු දාහතරක පහළොවක පෙනුමක් තිබු ඇගේ සිරුර නව යොවුන් වියට හැඩ ගැසෙමින් තිබුනේ. මීට ප්‍රතම කීපදිනකම බීගත් මිනිසුන් කසිප්පු තිප්පොලේ සිට මේ මිදුළ මැදිනි යනු අයුරුද මම දැක තිබුණෙමි. කුමක් හෝ ලොකු වරදක් මෙතන ඇති බව මට හොදින් වැටහුණි. මට ඈ ගැන දැනුනේ වේදනාවකී.

‘‘දරුවෝ...‘‘ මම ඇය වෙත නැඹුරු වී හිස පිරිමැද්දෙමි. හොරැහින් කීපවරක් මා දෙස බැලු ඇය මුහුණ සඟවා ගත්තාය.‘‘

‘‘කෝ මෙහෙ බලන්න ... මම ඔයාට කරදරයක් කරන්නෑ.‘‘ මම කිපවරක් ඇවිටිලි කරන විට ඇය හිමින් සීරුවේ මා දෙසට අවධානය යොමු කළාය. මම ඇයට සුහද සිනහවක් පැවෙමි. මා සමඟ සිනහා වු ඇය අත දැගු කර නිවස කොණක බිම පෙරළි තිබු වතුර ජෝගුවක් පෙන්නුවාය. ඇයට වතුර අවශ්‍යව ඇති බව මම වටහා ගත්තෙමි.  මම වතුර ටිකක් රැගෙන විත් ඇයට පෙව්වෙමී.හොදටම පිපාසවෙන් සිටි ඇය අමෘත්තය ලැබුනා මෙන් එක හුස්සමට පානය කරන්න විය. පවු දෙයියනේ මොන තරම් තිබහෙන්ද ඉන්න ඇත්තේ. නිවස තුළ සිටින්නට අපසු තරමට මළ මුත්‍රා දුර්ගන්දය පැතිර තිබුණි. ඉන් පැහැදිලි වන්නේ ඇවිද්න තියා වාඩිවන්නටත් නොහැකි ඈ හට උපකාර කරන්නට කිසිවෙක් මෙහි නැති බවයි.

   නාදුනන අයෙකුගේ නිවසට ඇතුල් වීම වරදී. නමුත් මාද දියණියක් සිටින මවකී.මැයද  මා මෙන්ම තවත් ස්ත්‍රියකි. ඒ හැම දේටත් වඩා අපි සියල්ලන් සතුන්ට වාඩි මනස උසස් යැයි කියන මනුස්සයින්ය. ඉදිරියට වන දෙයක් නොසිතු මම ඇය ට හැකි අයුරින් උපකාර කලෙමි. ඇයට වෙනත් ඇදුමක් අන්දවා වට පිටාවද පිරිසිදු කළ මම දියණය සමඟම පැමිණ ඇයට බත් ටිකද්ද කැව්වෙමි. ඇය ඒ වන විට මා සමග හොදින් කුළුපගව සිටියාය. ඇයට කතා කරන්නද නොහැකිය. යාන්නම පුංචී සද්දයක් පිට වෙනවා පමණකි. ඇය ඉගි භාෂාවලින් අපි සමග පැවසු දේවල් අපි තරමක් වටහා ගත්තෙමු. මා හට දැන් මේ පිළිබද විමසීමට කෙනෙකු අවශ්‍යය .ගමේ කිසිවෙකු නාදුනන නිසා විමසන්නටද කෙනෙකු නොමැත.

   අවසානයේ මම ඊට මදක් එහාට වන්නට තිබු නිවසට ගොඩවැදුණේ.. ඇය මෙලෙස  ආරක්වක් අවධානයක් නැතිව දාමා ඉන්නේ මන්දැයි දැන ගැනීමට වෙමි. ඔව්න් පැවසු අයුරින් ඇයගේ පියා අපගේ නිවෙස් වලට පිටුපසින් තිබුණ රක්ෂිතයේ කසිප්පු තිප්පලේ හිමිකරවා බවයි. අම්මාගේ චරියාව ගැන වුවත් ඔවුන් පැවසුවේ එතරම් සුභ දෙයක් නොව. ඇයද අයාලේ යන ස්ත්‍රියක් බවයි. ඒ සියල්ලම ගමේ මිනිසුන්ද දන්නා බවයි. නමුත් මා විමසුවේ මේ බවක් පොළිසියට හෝ නොදැන්වුයේ මන්ද යනුවෙනි. එවිට ඔවුන් කියා සිටියේ.. ඔය මිනිස්සු ගමේ මිනිස්සු එක්ක වැඩි ඇයි හොදැයියක් නෑ.. අබ්භොත කෙල්ල ගැන මොකකෙක් හරි අනුකම්පා කරලා දෙයක් කිව්වොත්. මහ එකා හවසට යනවා රෙද්ද උස්සගෙන ඒ ගෙදෙට්ට. කට ගොන්නක් බීලා බීලා ගම දෙවනක් කරලා තමා නවතින්නේ.

   ඔවුන් එසේ කීවත් මම අසරන දරුවා වෙනුවෙන් දෙයක් කිරීමට සිතුවෙමි. සැන්දාවේ  මම අර ගැහැනිය මුණ ගැසෙන්නට ගියෙමි.

‘‘නංගියේ... නංගියේ...‘‘

‘‘ආ... කව්ද මේ.. දැකලා නම් පුරුද්දක් නෑ..‘‘ නිවස තුළ සිට පැමිණි ඇය සිණා මුහුණෙන් මා ඇමතුවාය.

‘‘අපි මේ අල්ලපු ගෙදරට ළගදි පදිංචියට ආවේ.‘‘

‘‘ආ.. එහෙමද?.. මම ගෙදර ඉන්න එකක් වෑ.. ඉතිං කොහේ දකින්නද?.‘‘

‘‘සමා වෙන්න ඕනේ.. මම මෙහෙම කිව්වට...‘‘ මම කතාවට මුලපිරු වෙමි. මා හට සිදු වුයේ ඇගේ දුක් ගැනවිල්ලට සවන් දීමටයි. ඇය පැවසුවේ ඔවුන් දරුවා සුවපත් කර  ගැනීමට ඇය කුඩා කළ සිට සියලු ගේ දොර ඉඩ කඩම් විකුණා වෙහෙස වු බවයි. , මුදුල් වියදම් වි සියල්ලම අහිමි වී ගියත්, ඇය සුවපත් නොවු බවයි. ඔවුන් දැන් සිටින්නේ කුලියට නිසාවෙන් ඇය දුක් මහන්සියෙන් ඇඟළුම් කම්හලක සේවය කරන බවත් තව දුරටත් පඅවසුවාය. මේ දුක් කරදර හෝතුවෙන් ජීවිතය අතහැර සිටින දරුවාගේ පියා ඔවුන් ගන නොබලන බවත්. හොදටම බිමට පුරුදුව ඇති බවත් ඇය පැවසුවේ කදුළු අතුරිනි.

   කවුරුන් පවසන දේ නිවැරදි දැයි මට වටහා ගත නොහැකිය. ගමේ මිනිසුන් කිය දෙයිද ඇත්තක් තිබිය යුතුය. නමුත් තුවාලයේ වේදනාව දන්නේ තුවාලය තිබෙන පුද්ගලයාය. පිට සිට හුල්ලන්නන්ට එහි වේදනාව කිසිදා නොදැනෙයි. අනිත් මිනිසුන්ගේ වැරදිම දැකීම මිනිසුන්ගේ පුරුද්දයි. එනිසා මම ඇගේ වේදනාට මදක් ඇහුම්කම් දුන්නෙමි.

     දිගින් දිගට මම ඒ දියණිය ගැන සොයා බැලුවෙමි.  මට හැකි අයුරින් දහවල් කාලයේ මම ඇයට උවටැන් කළෙමි. ඇයද දැන් මගේ පැමිණීම බලා පොරොත්තුවෙන් සිටියාය. මාසයක් පමණ නිසොල්මනේ ගෙවි ගියහ. ඇන් ඇය පිළිබදව නිවසියන් පෙරට වඩා සොයා බලන බවක් මට හැගුණි. නමුත් දිනක මා දුටු දෙයින් සිත හොදටම බිදුණි. ඉස්තරම් වර්ගයේ කාර් රථයකින් නිවස අසලට පැමිණි ඇය උකුළු මුකුළු පාමින් හැරලන්න ආ පුද්ගලයාට සමු දුන්නාය. ඇය කී දෙවල් බොරු ලෙස සිතුනත් ඇගේ පෞද්ගලික ජීවිතය මට අදාල නැතැයි මම සිතුවෙමි. මා හට දිනෙන් දිනම දකින්නට ලැබුනේ එවැනි සිදු වීමිමය. මා හට හැඟුනේ ඔවුන් මා රවටාගෙන දරුවාට උවටැන් කර ගන්නා බවකි. නමුත් මා සිත හදාගෙන දියණිය ගැන උපන් අනුකම්පාවෙන් කටයුතු කලෙමි.

  දිනක් මම ඇගෙන් නිකමට මෙන් හවසට හවසට පැමිණෙන වාහන ගැන විමසුවේ ඇය මා සමග හොදින් මිතුරු වි සිටි නිසාය. නමුත් ඇගේ මුහුණ වෙනස් විය. ඒ පිළිබඳ මා විමසනවාට ඇය අකමැති බව මම වටහා ගත්තෙමි. ඉන් ඉදිරියට ඒ ගැන නොවිමසා ඉටින්නට මම සිතා ගත්තෙමි.ඇගේ ක්‍රියාව නිවැරදි යැයි මම නොපවසමි. නමුදු ඇයව යහමගට ගැනිමට මා හට අපහසු දෙයකි.

   මම නොසිතු අයුරින් දිනක සැදෑවේ බීගත් දරුවාගේ පිය අප නිවස  ඉදිරිපිටට පැමිණ මට හොද හැටි බැන අඬගස්නට විය.  ඔවුන් මගෙන් උදව් ඉල්ලුවේ නැති බවත් , උදව්වට පැමින තම බිරිදට පද සාදන බවත් කියමින් ඔහු මුළු ගමම දෙවනක් කලේය.  සියල්ල ගැනම කළකිරුණු මා දින කීපයක් දරුවාට උවටැන් කරන්නට නොගිහින් වුන්නේ අපහසුවෙනී. දවස තිස්සේ.. ඇගේ අහිංසක ලොකු ඇස් දෙක මට මැවී පෙනුනි. කුස ගින්නේ පිපාසයෙන් දුක් විදින්නේ මගේ දියනිය මෙන්න තවත් දරුවෙකු නොවදැයි මගේ හඳ පුපුරු ගසන්නට විය. නමුත් ඒ නිවසට ගොඩ වදින්නට මා හට නොහැකිය. මගේ දියණියගෙන්ද බේරුමක් නොවුවේ.. අක්කා බඩගින්නේ ඇති අම්මේ අපි යමුකෝ.. ඒ මාමා බැන්නට කමක් නෑ යනුවෙනී. ඉවසා සිටිය නොහැකි තැන මම හොරෙන්ම නිවස දෙසට ගියෙමි. සිතු අයුරන්ම ඇය පෙර සිටි ජරා වලටම වැටී වුන්නාය. ඇය වෙනුවෙන් හඳවතට එකඟව නීතිමය පියවරක් ගන්නට මම සිතුවෙමි. දුරකථන අක්කයක් මගේ මිතුරියකගේ ආධාරයෙන් සොයා ගත් මම ළමා රක්ෂන දෙපාර්තුමේන්තුවට ඇමතුවෙමි. එදින හැදැ වෙන්නට පෙර දරුවා පරිවාස භාරයට ගත්තාය.. ඇය ආයෙත් දකින්නට වත් නොලැබේවී යැයි දැනුනත් . ඇයට වන යහපත ගැන සිතා මම සිත සනසා ගත්තෙමි.

  එදින රාත්‍රියද ඉතා බියකරු විය. හවස නිවසටම පැමිණී දරුවාගේ අම්මා මට හොඳ හැටි දොස් නැගුවේ මට නැති අමාරුවක්නේ මේ ගෑනිට මගේ ළමයා ගැන තියෙන්නේ යනුවෙනි. රාත්‍රියේ බීනෙ සහචරයින් සමඟ එකතු වු දරුවගේ පියා බැන අඬ ගසමින් වහලයට හා දොර ජනෙල් වලට ගල් ගසන්නට විය. පොළිසියෙන් පැමින ඔහුව අත්අඩංගුවට ගන්නා තුර අප හට හිරිහැර වලින් නිමාවකි නොවීය. ඔවුන්ට එරෙහිව උසාවියේ නිඩුවක් ගොනුකර තිබු නිසා සාක්ෂිකාරියක් ලෙසද ඉදිරිපත් වීමට මට සිදු විය. අවසානයේ සිදු වුයේ මාසික වන්දියක් ගෙවන ලෙස දෙමාපියන්ට නියෝග දී.. දියනිය විශේෂ අවශ්‍යතා සහිත දරුවන් රැක බලා ගන්නා නේවාසික පාසලකට යොමු කිරිමයි.

   තව දුරටත් මෙම ගමෙහිවත් නොසිටි ඔවුන් ගමෙනුත් නික්ම ගියේ ඒ සිද්දියෙන් පසු ගම්මුන්ගේ කටවල් නතර කරන්නට ඔවුන්ට නොහැකී වු නිසාය. වසර ගණනාවක් ගෙවි ගියේය. මම කීපවරක්ම දරුවා බැලිමට පාසලට ගියෙමි. දැන් ඇයට ඇවිදන්නට නොහැකි වුවත් වාඩී වී, රෝධ පුටුවක ගමන් කරමින් තම කටයුතු කර ගැනීමට හැකි ව තිබුණි. ඇයට දකින අය එතරම් සිහියේ නොතිබුනත් මා දුටු විගස ඇය මා හදුන ගත්තාය. මාසික වියදම් පවා හරි හැටි නොගෙවන ඇගේ දෙමාපියන් ඇය බලන්නටවත් නොපැමිනෙන බව මට එම පාසලෙන් දැන ගන්න ලැබුණි. කෙසේ නමුත් දැන් ඇය හොදින් හිදුනු දැකීම මගේ සිතට මහත් සහනයක් විය.

     මම මාස ගණනාවකට පසු දිනක් ඇය බැලීමට ගියෙම්. දැන් ඇය අවුරුදු විසි දෙකක පමණ තරුණීයකී.  ඒ දිනයේ කාර්ය මණ්ඩලයේ අයෙක් මට පැවසුවේ ඇගේ මව් කීපදිනකට ප්‍රතම පැමිණ දියනිය බලා ගිය බවයි. තවත් දුරට විස්තර  සොයා බැලු පසු දැන ගන්නට  ලැබුනේ  ඇය ගරභාශ්යේ පිළිකාවක් හේතුවෙන් මරණාසන්නව රෝහල් ගත කර ඇති බවයි.  මම දරුවා වෙත ගියෙමී

‘‘දුවේ... අම්මා ආවද ඔයා බලන්න...‘‘

‘‘ආ... ආ.. හෝ... ඕ... ආ... ‘‘ ඇය මොනවාද කියවාගෙන ගියේ සිනාසෙමිනි. ඇය අම්මා කියන වචනය ගැන වත් අරුතක් නොදැනුන බවක් මට හැඟුනෙමි.

  එදිනම දවාලේ මම ඇගේ මැණියන් සිටින රෝහලද සොයාගෙන ඒ වෙත ගියෙමි. මුළු සිරුරම ඉදිමි . සිරුර පුරාම බට සවිකර සිටි ඇය කතා කර ගැනීමට පවා අසීරු තත්වයක වුන්නාය. මා දුටු විගස හදුනා ගත් ඇගේ දෙකම්බුල් දිග කදුළු කැට දෙකක් රෑරා යන්නට විය. ඇය කිසිත් පැවසුවේ නැත. මා දෙස බලමින් හුල්ලමින් හැඩුවාය. නමුත් ඒ කදුළු පිරුණු ඇස් මගේන දහස් වතාවක් සමාව අයදින බවක් කීවාය. ඇයට දැන් සියල්ල අවබෝධ වී ඇති බව වැටහුණි. ඇගේ කඳුළු හමුවේ දොම්නසින් පිරුණු මගේ සිත මේ අවස්ථාවේ ඈ ඉදිරියට පැමිණ ඇගේ සිතට වේදනාවක් වීම ගැන මා ගැනම කණගාටු වුණෙමී. කිසිවෙක් ඇය බලන්නට පැමිණියේ නැති දැයි මම ළග වනු අයෙකුගෙන් විමසුවෙමි. ඔවුන් පැයවසුවේ.. මෙයාට කවුරුත් නැහැලු මිස්.. හස්බනුත්  බිලා ම බඩ ඉදිමිලා අවුරුද්දකට කලින් මැරුනලු යනුවෙනි.

     ඇය එදා අද මෙන්... දිනක අපි මියෙන බව දැන තම අසරණ දියනියට නිසි සැලකුම් කළේ නම් ඒ පිනින් මෙතරම් දුක්ඛිත තත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. එදා ඈ වටා පිරි වරා ඇගේ සිරුරෙන් සුව විදි කිසිවෙන් අද ඈ හමුවේ නැත. අද ඇය ඉන්නේ තනිවම ගිලන් ඇදකය.එදින් දිනක මෙලෙස සිදුවේ යැයි ඇයට සිතන්නට ශක්තියක් තිබුණා නම්.. මම සිතුවෙමි.ශරීර  සවි ශක්තිය ඇති කළ ...දිනෙක අප රෝගී වී... දුර්වල වී ..මියෙදෙන බව.. සිහි තබා ගත යුතුය..වගකීම් වලින් මිදිමට මං නොසයමින් අසරණ වුවන්ට උපකාර කළ යුතුය. දිනෙක අපටද මෙවැනී තත්වයක් උදා වුව හොත් යැයි සිතා ඔවුන්ගේ සිතින් අප ඔවුන් දෙස බැලිය යුතුය.

සමාප්තයි..

සිතුවිලි ගැළපුම... සඳු.

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Apr 2017 06:35 AM
  •  Quote
  •  Reply
ඉතාමත් ආදර්ශවත් කතාවක්...
පින් පව් එනවා අපි පසු පස්සේ‍...
ස්තූතියි සදුනි නංගී...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Apr 2017 06:25 PM
  •  Quote
  •  Reply
නියමයි සදුනි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
20 Apr 2017 08:46 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 16 Mar 2017 02:39 AM

෴සැළකුම්෴


කෙටි කතාව.

"අම්මේ මම ගිහින් ඉක්මනටම එනවා.. අම්මට ඒ හැටි ආමාරුවක් නෑ නේද?"

"අනේ.. නෑ කෙල්ලේ... මට ඒ හැ..ටි අමාරුව...ක් නෑ."ඇදේ රෙදි කඩ මල්ලක ගුලී වී අමාරුවන් හුස්ම ඉහල පහල දමමින්.. වරින් වර පපුව පිරිමැද ගනිමින් සිටි සුමනා කිව්වාය..

සුමනාට සිටියේ එකම දියනියකී.. ඇය නමින් ඉමල්කා නම් විය.. ඇයගේ ජීවිතයට ළං වූ වංචාකාර තරුණයෙක් නිසා අවුරුදු විසි තුන පසු කළ ඇයට පියෙකු නැති දියණියක් සිටී. පියාගේ අභාවයෙන් පසු.. අම්මාගේත් දරුවාගෙත් ජීවීත ඇගේ දෑත මත රැදී ඇත..මහා මෙරක් තරමට දුක් උසුලන ඇය දෑතේ පයේ දිරියෙන් එදා වේල සරි කර ගනියි.

අම්මා සනීපයෙන් සිටි කාලයේ ඇගේ දියණිය ගැන ඉමල්කාට කිසිම බියක් තිබුණේ නැත.. රැකීයාවට ගිය පසු ඇය රැකුමට අම්මා සිටි බව ඇය දැන සිටියාය. තමාට උරුම සෝසුසුම් පිරි ජීවිතය තම දරුවාට උදා වන්නට ඉඩ නොදීම ඇගේ එකම අභිප්‍රාය විය. වසර සතරක් සපිරිණු සිඟිත්තිය දැන් පෙර පාසල් වියේ පසු වෙයි. අම්මා රෝගාතුර වෙද්දි දියණියගේ ආරක්ෂාව ගැන සිතා, ඇයව දිවා සුරැකුම් ආයතනයකට ඇතුල් කළාය. ඇයට පියෙකුගේ රැකවරණය අවශ්‍ය බවද ඇය දැන වුන්නාය. තවමත් තරුණ වියේ පසුවන ඇයට විවාහා යෝජනා නම් එමට ය. නමුත් සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන දේ තුල කිසිවෙකු පිළිගැනීමට ඇය කැමතී නොවීය.

ජීවිතේ දුෂ්කර අවස්ථාවන් හිදී පිළිසරනට සිටින යම් කෙනෙක් වේද ඒ මාපියන් පමණක් බව පාඩම් ලද්දේ ඈ ඒ අයුරිණී. නමුත් ඇය බොහෝ පමා වී තිබුණී. යතාර්ථවාදීව ලොව දෙස බලන්නට පන්නරය ලද ඇය, පියෙකු නැති දියණියත්, අසනීප මෑණියනුත් රක්ෂා කරන්නට වෙහෙසුනාය.

නිසි කල නිසි දෙය නොකිරීමේ වරද ඇයට එතැනදීද ඉදිරියට පැමිණයාය. නිසි අධ්‍යාපනයක් නොලද ඇයට රැකියවක් සොයා ගැනීම අසීරු වුවාය. අවසානයේ ඇඟළුම් නිශ්පාදන ආයතනයක සොච්චම් වැටුපකට දහඩිය හලන්නට ඇයට සිදු විය .

"ගුඩ් මොර්නිං ඉමල්කා.. මොකද මුණත් එක්ක තඩිස්සී වෙලා."ඇය සමග එකම අංශයේ සේවය කල විශාඛා කලබලයෙන් ඇවිද ආ ඉමල්කාගෙන් විමසුවාය.

"මම පස්සේ කියන්නම් බං."යැයි පැවසූ ඉමල්කා, හනිකට කාර්යාලය දෙසට යන්න වුවාය.

"මේකිට අවුලක් වගේ දරුවට වත් අසනීපයක්ද?" අනෙක් යෙහෙළියන් සමග කතා වු ඇය මහණ යන්ත්‍රය ක්‍රියාත්මක කර දවසේ වැඩ ඇරඹුවාය.

"හා... හා.. මදැයි ඔය කියෙව්වා... වැඩ පටන් ගනිල්ලා.. මම චුට්ටක් එහා මෙහා වුනොත් ඉවරයි නේද?" ඒ සුපරික්ෂක අරවින්දගේ හඩයි. ඔහුගේ හඩින් මුහුණු බිමට නැඹුරු කර ගත් සේවක පිරිස කඩිනමින් සිය කාර්ය ඉටු කරන්න වූහ.

‘‘කෝ මේ ඉමල්කා‘‘ ඉමල්කාගේ මහණ යන්ත්‍රය ළග නතර වුණ අරවින්ද විමසන්නට වුවේය. ඒ වන විටත් ඉමල්කාගේ මහණ යන්ත්‍රය මත අඩක් නිම කළ ඇගළුම් කන්දක් ගොඩ ගැසි තිබුණි.

‘‘විශාඛා කෝ ඉමල්කා‘‘ කිසිවෙකු පිළිතුරු නොදෙද්දී අරවින්ද විශාඛාගේ ඇගට කඩා පැන්නේ මහ හඩින් කෑ ගසමිණී.

‘‘ඒ.. එ..යා එච් .ආර් එක පැත්තට ගියා සර්...‘‘අරවින්දගේ නපුරු බැල්ම මගහරින්ට උත්සහ ගත් විශාඛා හොරැහින් ඔහු දෙස බැලුවාය.

‘‘බලනවා මෙතන ස්ටොක් එක...මට කියන්නෙත් නැතුව එච් ආර් ගිහින්... ඒ මදිවට.. මම උඹලගේ ඕනඑපාකම් බලන්නෑ වගේනේ...යනවා.. යනවා... ගිහින් අඩගහන් එනවා..‘‘ විශාඛාගේ උරහිසට තට්ටුවක් දැමු අරවින්ද සන්සුව පැවසුවේය.අප්පේ කියලා වැඩක් නෑ... ඕනඑපා කම් සපුරන මිනිහා.. ඉමල්කා දැන්  කී දවසක් නිවාඩුක් ඉල්ලුවද අම්මා කිලිනික් එක්ක යන්න.. හොද වැඩේ ඕකී එච්. ආර් ගිය එකමයි හොද?. අරවින්දට සිතින් බනිමින් ඇය ඉමල්කා සොයා ගියාය.

     ඉමල්කා අද වැඩක පැමිණියේ නෑවිදින්ම බැරි කමටය. අම්මා පපුවේ වේදනාව වැඩි වී මුළු රැය ම කෙදිරි ගෑ නිසා ඇයව රෝහල  වෙත ගෙන යාමට ඇයට අවැසිව තිබුණි. නමුත් නිවාඩු නොගෙන දිනක් සේවය වාර්තා කිරිමේ වරද ඇය දැන සිටියාය. ඉන් ප්‍රතිඵල ලැබෙන්නේ මාසික වැටුප අතට ලැබුණ දිනටය. දිනක නොපැමිණිම සියලු දීමට කපා දැමීට හේතු වු නිසා ඇය අමාරුවෙන් හෝ නිවාඩුවක් අනුමත කර ගැනීමට සිතුවාය.

‘‘ඉමල්කා මොකද මේ උදේම අඩාගෙන..‘‘ නිවාඩු ඉල්ලුම් පත්‍රයද  දික් කරගෙන ඉමල්කා අරවින්දට කිට්ටු වුනේ දෙකට නැමීගෙනය.

‘‘මොකද්ද මේ... මොකද නිවාඩු.‘‘

‘‘අනේ සර්.. දැන් දවස් ගානක ඉදන් අම්මට අමාරුයි.. මම සර්ට කිව්වේ..‘‘ ඇය ඉකි බිදුම් පාලනය කර ගන්නට උත්සහ ගත්තාය.

‘‘පිස්සුද තම්සෙට.... ඉමල්කා.. බලනවා  තමුසෙට සෑහෙන්න ස්ටොක්.. ඕන් ඕක මෙහාට දීලා ගිහින් මහන්න පටන් ගන්නවා. ඉල්ලන ඉල්ලන පාරට නිවාඩු දෙන්න ගියොත් හොදට තියෙයි. තමුසේ ගියාම මමද ඔතන මහන්නේ...‘‘නිවාඩු ඉල්ලුම් පතද උදුරා ගත් අරවින්ද ඇයට බැන වැදුනේය. ඔහුගේ මහ හඩින් දොස් නැගුම්  හමුවේ වුව ඇය වැද වැටෙමින් නිවාඩු ඉල්ලුවාය. ඔහුගෙන් නිවාඩු නොලැබෙන බව දැන වුන් නිසා කාර්යාලයෙන් නිවාඩු  ඉල්ලුවත් ඉන් කීවේද සුපවයිසර්ගෙන් අවසර ඕන යනුවෙනී.

‘‘හරි මුලින් ස්ටොක් එක කඩනවා... ඔය හිටියා වගේ අම්මා තව ටිකක් ඉදී.. පොඩ්ඩක් තේරුම් ගන්නවා තමුසේ ගියාම මම කොහොමද අද ටාගර්ට් එක කවර් කරන්නේ.. තමුසේ නිසා අනිත් ළමයින්ගේ ඉන්සෙන්ටිව් එකත් නැති කරන්නද තමුසේ කියන්නේ..‘‘ තවත් කියන්නට දෙයක් නොමැති වු කළ ඉමල්කා කදුළු සලමින් තම අසුන මත හිද ගත්තාය. අරවින්දත් ඉමල්කා සිටි තැනින් සෙලවුනේ නැත. ඒ ඇය නැවත කාර්යාලයට දන්වාවී කියා දැනුන බිය නිසා විය හැකිය. ඇයට මද ඇසිල්ලකදු නොදුන් ඔහු ඇගෙන් දිගින් දිගට වැඩ ගත්තේය.

‘‘සර්... දැං වත් මට යන්න දෙන්නකෝ..‘‘ පස් වන වතාවටත් ඇය අරවින්දගෙන් අයැද සිටියාය. ඇයගේ කය මෙහෙ තිබුණත් සිත තිබුණේ මව සහ දියණිය ළග  විය.. අම්මට අමාරුද දන්නෑ.. මම අද කොහොම හරි ගෙදර යන්න හිතන් ආපු නිසා දෝණිව ඩේ ක්යාර් දැම්මෙත් නෑ.. අනේ මොනවා වෙනවද දන්නෑ... මුන්ට නම් හෙනම වදින්න ඕන.. වැඩ.. වැඩ.. වැඩ විතරයි.. අපිට හෙන ගැහුවත් කමක් නෑ.. ඉමල්කාගේ සිත කෝපයෙන් පුපුරු ගැසුවාය.

‘‘මහනවා ... මහනවා... මට වද නොදී... තමුසේ ගියහම මට ඔතෙන්ට දාන්න ළමෙක් නෑ.‘‘ දහවල් විවේකයෙන් පසුවද ඔහුගේ ප්‍රතිචාරය මෙලෙස විය. දැන් නම් ඉමල්කාට ඔහුගෙන් නිවාඩු ඉල්ලා වැද වැටීමද අප්‍රිය විය තිබුණි. මව් වෙනුවෙන් හිත සංසුන් කර ගත් ඇය උත්සහය අත් නොහැරියාය. කෙමෙන් තේ විවේකය පැමිණියත් ඇය ඊට අසුනින් නැගිට්ටේ නැත. පෞද්ගලික වෛද්‍යමධ්‍යස්ථනයකින් හෝ අම්මාට බෙහෙත් ටිකක් අරන් දේනට සිතු ඇය පැයක් කලින් සේවය නිම කරන්නට සිතා වුන්නාය. ඒ වෙනුවෙන් ඇය තේ විවේකය කැප කර සියල්ල ඉක්මණින් නිම කරන්න සිතුවාය.

‘‘සර්... මට අද කලින් යන්න ඕන...‘‘ එතනට පැමිණියේ රූපිකාය. ඇගේ හැසිරීම කෙසේද යන්න මුළු ආයතනයම දැන වුන්නාය. සල්ලිකාර පුද්ගලයින්ගේ අතින් අත යන ඇය, හැටහතර මායම් හොදින් ප්‍රගුණ කර සිටියාය.  ඇගේ ඇඹ්රිලි, පැද්දිලි. හුරතල්විලි හමුවේ, අරවින්ද ඉමල්කට නොදුරු අසුනක වාඩී වී රූපිකා වෙතට හැරුණේය.විවේකය අවසන් වීමට තිබුණේ තවත් පොඩි කාලයක් පමණි.

‘‘හරි හරි කෙල්ලේ කවුද බෑ කිව්වේ.. කෝ... පුරවන් එනවකේ ගේට් පාස් එකක්.‘‘ඒ වචන පෙළ ක්ෂණිකවම හීයක් මෙන් ඉමල්කාගේ හදවතට කිදා බැස්සාය.නෙත් අගට නැවතත් කදුළු කැට මෝදු වුයේ උදේ සිට ඇය ඉල්ලු නිවාඩුව දීමට අකමැති වූ පුද්ගලයා , හේතුවක් නොවිමසාම රූපිකාගේ නිවාඩු දීමට සූදානම් විමයි. ඉමල්කා බොදවී ගිය දෑසින් ඔවුන් දෙස බැලුවාය.

අනේ.. තෑන්ක්ස් සර්... අද මම බර්ත්ඩේ පාර්ටියි එකකට යන්න. ඇය තවත් අගර දගර පාන්නට විය. සුරතල් වන්නට විය.

‘‘ආ... එහෙනම් අද නියමෙට තියෙයි නේ.. අපිටත් චාර්න්ස් එකක් දෙන්න ඉතිං.‘‘ ඔහුගේ මුහුණේද ඇදී තිබුනේ මණමාල සිනහවකී.

‘‘කවුද සර්.. බෑ කිව්වේ... සර්ටනේ ඕන කමක් නැත්තේ..‘‘ ඔවුන් සිතා සිටින්නට ඇත්තේ ඉමල්කාට මේ කිසිත් නෑසෙන බවයි. තවත් ඉවසා සිටිය නොහැකි වු තැන ඉමල්කා අසුනින් නැගිට නැවත කාර්යායලයට යන්නට  සැරසුණාය.

‘‘කොහෙද තමුසේ යන්නේ... ඉමල්කා..‘‘ අරවින්ද කොපයෙන් විමසුවේය.

‘‘සර් මට දැන් වත් නිවාඩුව දෙන්න..‘‘ ඇය සංසුන් වන්නට  විශාල උත්සහයක් ගත්තාය.ඇගේ හද තුළ වෛරයෙන් පිරි තිබුණි. සිත වේදනාවෙන් රිදුම් දෙයි.

‘‘තමුසෙට පිස්සුද ඕයි... බලනවා ස්ටොක් එක දිහා..‘‘ අරවින්ද නැගිට තවත් ඇගළුම් තොගයක් ඇය දෙසට විසි කළේය.

‘‘සර්ට අර උඩැක්කියට නිවාඩු දෙන්න පුළුවන් පාර්ටි වලට යන්න... මට මගේ අම්මට බෙහෙත් ටිකක් අරන් දෙන්න නිවාඩු ඉල්ලුවම තමා ස්ටොක් මතන් වෙන්නේ.‘‘ තවත් ඉවසිය නොහැකි තැන ඉමල්කා පැවසුවේ, අවශ්‍ය විට පිළිසරණක් නැති මේ රැකියාව අහිමි වුවත් කම් නැත යන හැගීමෙනි. එවර අරවින්දට කට උත්තර නැති විය. මුහුණද අදුරු වී ගියේය. මද වේලවකින් රූපිකා ගස්සාගෙන එතැනින්  පිට වෙද්දී.. අරවින්ද ඉමල්කාට කිට්ටු වුවේය.

‘‘අපට සළකන විදියට තමා අපිත් සළකන්නේ...‘‘

  ඉමල්කාගේ සියෝලගම දැවි ගියාය. දිනක් ඇයට කළ ඇරයමු එක වරම මතකයට නැගෙද්දී, ඇය අමාරුවෙන් හුස්ම පහලට හෙලා ගත්තාය. එදයින් පසු ඔහු නිහඩව ඉද්දී ඉමල්කා හිතුනේ අරවින්ද එය අමතක කර ඇතැයි කියාය. නමුත් දැන් ඇයට වැටහී ඇත  . මෙය නිවාඩු දිමේ ගැටළුවක් නොවේය .වාඩු පිරිමැසීමකී. සැළකුමට සැළකුමකී.

   වෙනත් රැකියාවක් ලැබෙන තුරු ඇයට මේ රැකියාව අහිමි කර ගත නොහැකිය. තවත් රැකියාවක් ලැබුණත් ය මිටත් වඩා නරක විය හැකි ය. තවත් කිසිත් කතා කිරීමට නොසිතු ඇය.. මුහුණේ රූරා වැටෙමින් තිබූ කුදළු බිදු පිටඅත්ලෙන් පිසගෙන නැවතත් මහන යන්ත්‍රය  ඉදිරිපිට වාඩී වුවාය.


....සමාප්තයි....

සිතුවිලි ගැළපුම සදූ...

අද සමාජයේ සිදුවන මෙවැනි ක්‍රියා කෙටි කතාවක් ඇසුරින් සාර්ථකව ඉදිරිපත් කර තියෙනවා.. හරිම සංවේදී කතාවක්..ස්තූතියි නංගි 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
21 Apr 2017 09:11 PM
  •  Quote
  •  Reply
සදුනි නංගී කාලෙකින් කෙටි කතාවක් දැම්මෙත් නෑ නේද?
දාමද අලුත් කතාවක්...
0


---