(#සම්පූර්ණ_කතාවම_කමෙන්ට්_වලට_දමා_ඇත)
*
*
*** කාලකන්නියා ***
කෙටිකතාව
*
*
සීතල සුලන් ගත
වැදුනු මිහිර විය.යකින්නිගේ අව්ව හවස් කාලය චමත්කාර කල නෙතක රසදු්නක්ම විය.
ලා රතු පාට ඉර
එලිය වැටි ගල් වල හැපි හැපි පෙන කැටි නංවමින්
ගලාගෙන ගිය දිය පහර මැද නාමින්
සිටි ඇය අප්සරාවියක් බදුය.. තෙත් වුනු දිය රෙද්ද ඇගට ඇලි ඇගේ හැඩ මතු කරයි..
නිරුවත් සමට ලා රතු හිරු චලිය වැදි ඇය දිලිසෙද්දි ඇය දෙසම නෙත් යොමා සිටි කුමාර ඇද
සිටි සරම වත්තම් කරගෙන සිටියේ යම් වෙහෙසක් දරමිනි..
’සරම කැහැපොට
ගහගත් ඔහු දනිස් වලට බර දි හිදගත්තේ වැටී තිබින් ගල් අහුරක් අතකට ගනිමිනි..
කුඩා ගල්
කැට වලින් නනා හිටි නදිට රිදෙන නොරිදෙන
තරමට පහර දෙන්නට විය..
“’ අනේ ඌයි
කුමාර අයියේ ඕක නවත්ත ගන්නකෝ”
“අනේ ගොඩක් රිදුනද මගේ රත්තරංට “
ඔහු එසේ
කියයමින්ම තවත් ගල් කැටයකින් ඇයට දමා ගසන්නට විය
“අනේ ඔය ඉතින්
නිකන් ඉන්නකෝ “
“’නිකන් ඉන්න
තමායි මාත් මේ පෙරුම් පුර පුර ඉන්නේ.... යමුකෝ ගෙට ‘”
“අපෝ මහ....
ටිකක් සංවර වෙන්න ලමයා සංවර වෙන්න “
“මගේ අඹුවත්
එක්ක මං මොන සංවරයක්ද?”
“ඔයා නම් හරි නරකයි
කුමාර අයියේ”
“නදි “
“ම්ම් “
“අමිලයව හැම
වෙලේම මතක් වෙනවා නදි මගේ හිතට මහ බරක්
මේක... මම ඌට කලේ කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහි කම. “
“කුමාර අයියේ
දැන්වත් අමිල අයිය ගැන හිත හිත දුක් වෙවි ඉන්න එක නවත්වන්න “
“අමිල අයියට
හොදට මොලේ තියනවා.. එයා තේරුම් ගන්න ඇති මට එයත් එක්ක ඒ විදියට දීග කන්න බැරි
විත්තිය..”
“ඔයාගේ
පැත්තෙන් ඔයා සාධාරණ වුනාට මගේ හොදම යාලුවා අමිල.. මිනිස්සු දාහක් අතරින්
මනුස්සයෙක් කියලා කියන්න පුලුවන් මනුස්සයෙක්ට මම කරපු බලු වැඩේ මගේ මුලු හිතම
පාරනවා කෙල්ලේ
මට ඌ ලග දන
ගහන් වැටිලා සමාව ගන්න හිතෙනවා වෙලාවකට “
“ඒත් ආදරේ ලග
මම ගොඩක් අසරණයි නදි..”
“කුමාර අයියේ
අමිල අයියා ගැන හිත හිත ඉන්න එක නතර කරන්නකෝ
ඔයාට වඩා මට
දුකයි ... ඒත් මම හීන මවපු මගේම ලෝකයක් තියනවා ..
මට ඒ ලෝකේ
එයත් එක්ක ගොඩනගන්න බැ .. ඒකයි මම ඔයත් එක්ක ආවේ”
නදි කියපු ඒ
කතාවට කුමාරව ගොලු වෙලා ගියත් කුමාර
හිතින් ඇතකට පාවෙලා ගියා..
ඒ ලස්සන
අතිතෙකට
වරක්”,,,
ආදර සම්බන්දතාවයක්
බිද වැටි හිතින් වැටුනු කුමාර ලිදකට
පනිද්දි
ඒ ලිදටම පැනලා
කුමාරව බේරගත්තේ අමිල..
පසු දින
උදෑසනම කුමාරව මුන ගැසීමට ගිය අමිල කුමාරගේ කම්මුල ට පහරවල් කිහිපයක් ගසමින්
“”මිනිහෝ ජිවිතේ
ගොඩක් ලොකුයි නිකරුනේ උඹ ගැන හිතන්නෙවත් නැති කෙල්ලෙක් හින්දා නාස්ති කරගන්න එපා
.. උඹ මැරිලා ගියා නම් උඹ හිතනව ඔකි උඹේ මිනිය බදාගෙන අඩයි කියලා පිස්සෙක් වෙන්න
එපා යකො..
උඹව වදපු
අම්මටයි තාත්තටයි දුකක් දෙන්න එපා
ඔය දුක දවස්
දෙකයි නැත්තම් තුනයි
ඒතු උඹ ඊයේ
මැරිලා ගියානම් උඹෙ අම්මයි තාත්තයි ජිවත් වෙනකම් මැරි මැරි උපදිනවා. තො වගේ මැටි
මෝලෙක් උපද්දලා විදින දුකට.””
“සොරි මචන් මම
හිතුවේ මං ගැන විතරයි ... ඒකි කොහොම වුනත් මම බොක්කෙන්ම ලව් කලානේ බං.
ඉතින් මම
කොහොමද බන් ඒකි වෙන එකෙක්ගේ අතේ එල්ලිලා යද්දි හිත හදාගෙන බලාගෙන ඉන්නේ...”
“දැන් ඔවා අමතක
කරපන් කුමාරයා මිනිසුන්ට ඔයිට වඩා දේවල් නැතිවෙනවා .. ඒත් ඒ මිනිසු මැරෙන්නේ නැනේ
මොන කට්ටක් කාගෙන හරි ජීවත් වෙනවා..”
කුමාරගේ හිත
හැදිමට අමිල ඒ තරම් කාලයක් ගත වුයේ නැත..
ගමේම කීර්තිය දිනා
සිටි කුමාර සහ අමිල යන මිතුරන් දෙදෙනා හුදෙක් කාලය ගතකලේ එකටමයි.
එකම පාසැලක
එකම පන්තිය ඉගෙන ගත් ඔව්න් දෙදෙනාගෙන් අමිල අධ්‍යාපනයට තරමක් වැඩි නැඹුරුවක්
දැක්වු නිසා අමිලට සරසවි වරම් ලැබුනි. කුමාර රැකියාවකට යොමු වන්නට විය.
සරසවි ගිය
අමිල අවුරුදු තුනකින් නැවත ආවේ අධ්‍යාපන කටයුතු පසෙකින් තබා හදිසියෙම් විවාහ වු
නදි සමගයි..
එසේ පැමින
සතියක්වත් ගත වීමට මත්තෙන් අමිලට වම් අත
හා වම් කකුල අහිමි වුනේ කෝච්චියට හසු වී
මෙනි..
මේ හුස්මෙන් අවසන් විය හැක..
ඒක් කතාවක්..