තමන්ගේ තෘප්තිය උදෙසා ගැලපෙන විලාසිතා කිරිම තමයි fashion කියන්නේ..
ගොඩක් අය කැමතියි කොණ්ඩේ හදන්න ,කපන්න, ලස්සනට අදින්න, ප්‍රශ්නේ තියෙන්නේ ඔය හැමදේම තමන්ට හරියයි ද කියන එක. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් තමන්ට ගැලපෙන fashion එක මොකක් ද කියලා බලලා තමයි කරන්න ඕනි. නිකම් මොකටද කාටවත් joke එකක් වෙන්නේ.. නේද ?
කාලයෙන් කාලයට එක එක විලාසිතා එනවා. හැබැයි ඒවා හැමදේම කරන්න ඕනි කියලා නීතියක් නෑ. අනික, එන හැම කුණු ගොඩම බදාගන්න ඕනී කියලා දෙයකුත් නෑ.
ගොඩාක් fashion අපිට එන්නේ යුරෝපයේ ඉදලා. ඉතින් සුද්දන්ගේ ඒවා අපේ රටට හැමතිස්සෙම හරියන්නෙ නැහැනේ. ගැලපෙන අය නැතුවම නෙමෙයි, කොහොම වුණත් තමන් දැනගන්න ඕනී තමන්ට ගැලපෙන නොගැලපෙන fashion හරියටම මොනවාද කියලා තෝරගන්න.
අනික කොල්ලන්ට කෙල්ලන්ට වෙන වෙන fashion තියනවා. ඒවා පටලගන්න හොද නෑ!
මහත අයගේ fashion කෙට්ටු අයට ගැලපෙන්නේ නෑ, කෙට්ටු අයගේ fashion මහත අයට ගැලපෙන්නේ නෑ. එතකොට භාගයක් එළියේ නැත්තම් ගෝනිවල බැහැලා වගේ තමා.ජීවිතේට fashion ඕනි… අපි fashion කරන්නත් ඕනේ වගේම ඒ අපට ගැලපෙන විදියට මිසක් යන්නෙ කොහේද මල්ලේ පොල් fashion නෙමෙයි..
ඇහින්දාස් fashion නිසා තමයි අද fashion අන්දොස් වෙලා තියෙන්නෙ.කරන දෙයක් දැනගෙන කරන්න ඕනි. නොදැන කරොත් අතරමග! ඉතින්, ජීවිතේ සිම්පල් විදියට විඳින්න.ඒ වගේම fashion ගැන මොකද හිතන්නේ commentsවලින් කියන්න අමතක කරන්න එපා!