Go to previous topic
Go to next topic
Last Post 03 May 2017 07:55 AM by  smt90
දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි
 53 Replies
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Dec 2015 09:19 PM

    අලිගැටපේර අපට ගුණදායී වන්නේ ඇයි?

    අපගේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂක වර්ග අඩංගු වන ආහාර වර්ග බොහෝ ඇත. ඒ අතරින් අලිගැටපේර වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අලිගැටපේර වල මැගිනීසියම්, පොටෑසියම්, vitamin C, vitamin K1, vitamin B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වේ. නමුත් බොහෝ දෙනා මේවායේ අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු යැයි යන විශ්වාසය මත අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී.

    8

    මේ ලිපියෙන් අලිගැටපේර වල ඇති පෝෂ්‍යදායී ගුණයන් පිළිබඳව මනාව පැහැදිලි කර දේ.

    01.  කෙසෙල් වලට වඩා පොටෑසියම් අඩංගු වේ. 

    පොටෑසියම් යනු පොහෝ දෙනෙක්ගේ සිරුරේ හිඟයක්ව පවතින පදාර්ථයකි. අලිගැටපේර වල ඔබට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය අන්තර්ගත වේ. මෙය සිරුරේ රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ආධාර වේ.

    1

    02. තන්තු වලින් පරිපූර්ණ වේ. 

    අලිගැටපේර වල තන්තු බහුල වේ. තන්තු මඟින් සිරුරේ බර අඩු කිරීම, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන අතරම, බොහෝ රෝග වලට ඇති අවධානම ද අඩු කරයි.

    4

    03. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

    දිනපතා අලිගැටපේර ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. එමෙන්ම මේවා මඟින් රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ හා LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ද අඩු කරයි.

    2

    04. පිළිකා නාශක ගුණය.

    අලිගැටපේර වල ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වේ. මෙය සිරුරේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරවන අතර, මේවා පිළිකාකාරක නිදහස් අංශු හා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.

    3

    05. ආතරයිටිස්  වේදනාව සමනය කරයි.

    අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ අලිගැටපේර වලින් ලැබෙන සංයෝගයක් මඟින්  ආතරයිටිස් රෝගය නිසා හටගන්නා වේදනාව මෙන්ම අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනාවන් සමනය වන බවයි.

    5

    06. වකුගඩු වලට හානි සිදුවීම වැළැක්වීම

    අලිගැටපේර වල ඇති ඔලෙයික් අම්ලය හා ප්‍රතිඔක්සිකාරක වකුගඩු වල හටගන්නා ආබාධයන්ට හොඳම ඔසුවකි. එමෙන්ම මේවායින් දියවැඩියාවෙන් අක්මාවට සිදුවන හානි ද වළක්වයි.

    6

    07. නීරෝගී ඇස් හිමි කර දේ.

    අලිගැටපේර වල lutein හා zeaxanthin යන සංයෝගයන් අඩංගු වේ. මෙම කැරොටිනොයිඩ මඟින් අක්ෂි කාචය පරිහානිය වළක්වයි.

    7

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Dec 2015 09:20 PM
    මමත් ආස කරන කෑමක්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Dec 2015 09:39 PM
    අලි ගැට පෙර ගැන තව කොහෙ හරි ලිපි තිබුනා මතකයි ..කමක් නැහැ කොයි තරම් කැවත් එපා වෙන්නෙ නැති නිස බැලුවත් ඒ වගෙ තමයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Dec 2015 11:18 PM
    අනිවා.. අලි පේර කියන්නේ රස ගුණ දෙකම ඇති කදිම පළතුරක්.. මේවා නිතර කෑමෙන් මහත් වෙනව කියලත් කියනවනේ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Dec 2015 05:48 AM
    මාත් ආසම කෑමක් ... හරිම ගුණයි කියලා දන්නවා වුනාට විස්තර දන්නේ අද නේ ..ස්තුති අයියා .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Jan 2016 10:43 PM

    හෘදය සුවපත් කරන ආහාර වර්ග

    නීරෝගී හදවතක් පුද්ගලයෙකුගේ ආයු කාලය දීර්ඝ කිරීමට දායක වේ. අද කාලයේ බොහෝදෙනා හෘදයාබාධ, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ව වලින් පීඩා විඳී. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ අප ගන්නා ආහාරයි. රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් බැඳී රුධිර වාහිනී සිර වීම සිදුවේ. මේ ලිපිය මඟින් ගෙන එන්නේ බෙහෙත් වර්ග වලින් ඈත් වී රුධිර වාහිනී පිරිසිඳු කරන ආහාර වර්ග කීපයක් පිළිබඳවයි.

    01. හාතවාරිය

    15-1442305823-asparagus

     

    මෙය  හෘදයේ පැවැත්මට හොඳම ආහාරයකි. තන්තු, ඛණිජ වර්ග හා ලේ කැටි ඇති වීම වළක්වන විටමින් වර්ග වලින් පරිපූර්ණ වේ.

    02. අලිගැටපේර

    15-1442305829-avocado

     

    ප්‍රෝටීන, විටමින් හා  තන්තු වලින් සමන්විත අලිගැටපේර හෘදයේ රුධිර සංසරණය ක්‍රමවත් වීමට දායක වේ.

    03. දොඩම්

    15-1442305863-oranges

     

    දොඩම් වල සෙමට එරෙහිව ක්‍රියා කරන විටමින් C බහුල වේ. එලෙසම දොඩම් වල රුධිර වාහිනී බිත්ති සවිමත් කරන හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන pectin තන්තු අඩංගු වේ.

    04. බ්‍රොකොලි

    15-1442305834-broccoli

    විටමින් K බහුල බ්‍රොකොලි රුධිර වාහිනී බිත්ති චූර්ණීකරනය වීමෙන් වළක්වනවා. එලෙසම ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් පොහොසත් බැවින් ආහාර පාලනය කරන්නන්ට වැදගත් වේ.

    05. කස කසා ඇට

    15-1442305840-chiaseeds

     

    තන්තු වලින් හා alpha-linoleni අම්ලයෙන් සමන්විත කස කසා ඇට ඔබගේ රුධිර වාහිනී කොලෙස්ටරෝල් වලින් තොරව පවත්වාගැනීමට දායක වේ.

    06. පොල් තෙල්

    15-1442305848-coconutoil

     

    මෙය විමතියට කරුණක් වුවත් පාලනයකින් යුතුව රුධිර වාහිනී තුල කොලෙස්ටරෝල් අඩු කිරීමට දායක වේ.

    07. දෙළුම්

    15-1442305869-pomegranate

     

    දෙළුම් නිරන්තරයෙන් පරිභෝජනය කරන්නේ නම් ශරීරය තුළ නයිට්රික් ඔක්සයිඩ් නිෂ්පාදනය  වැඩි වේ. දෙළුම් වල ප්‍රතිඔක්සිකාරකයන් බහුලව ඇත. මේවා මඟින් රුධිර නාලිකා තුළ වහනය ක්‍රමවත් වේ.

    08. කහ

    15-1442305877-turmeric

     

    Atheroclerosis යනු ධමනි බිත්ති ඝන වීම නිසා ඇති වන තත්වයකි. කහ භාවිතය මේ තත්වයන් අඩු කිරීමට දායක වේ.

    09. සියළු ධාන්‍ය වර්ග

    15-1442305882-wholegrains

     

    සියළුම ධාන්‍ය වර්ග වල තන්තු හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බහුලය. ඒවා රුධිර වාහිනී පිරිසිඳු කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

    10. මාළු

    15-1442305857-fattyfish

     

    මාළු ආහාරයට එක් කර ගැනීම මුළු ශරීරයටම ගුණදායී වේ. මාංශ පේෂී වර්ධනයට, මානසික සුවතාවයට මෙන්ම පෙනීම වැඩි කර ගැනීමටද වැදගත් වේ. මාළු වල ඇති Omega 3 මේදය රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් බැඳීම අඩු කරයි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Jan 2016 05:48 PM
    Thanks aiyye....
    akmawata beheth wattoruwak nadda?
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 Jan 2016 01:24 PM
    හොද ආහාර එකතුවක් .... හොද දැනුවත් කිරීමක් .ස්තුති අයියා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Jan 2016 06:43 PM
    01. හාතවාරිය


    ඊයෙත් කැඳ කෝප්පයක් බිව්වා අල්ලපු වත්තේ වටෙන් කඩාගෙන..
    හෘදයත් සුවපත් වුණා.. හරිම රසයි.. (අල්ලපු වත්තේ වැටේ හැදිච්ච නිසාද මන්ද. )
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Jan 2016 07:05 PM
    Posted By maduranga001 on 07 Jan 2016 06:43 PM
    01. හාතවාරිය


    ඊයෙත් කැඳ කෝප්පයක් බිව්වා අල්ලපු වත්තේ වටෙන් කඩාගෙන..
    හෘදයත් සුවපත් වුණා.. හරිම රසයි.. (අල්ලපු වත්තේ වැටේ හැදිච්ච නිසාද මන්ද. )

    අල්ලපු වත්තට එබෙනවා වැඩියි දැන් ....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Nov 2016 12:53 AM

    හෙළයන්ට දිව ඔසුවක් වූ කොත්තමල්ලි


    කොත්තමල්ලි නමින් හැඳින්වෙන ඖෂධීය පානය පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකික අප කාගේත් සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගාබාධ සුව කර ඇති දිව ඔසුවකි. මෙයට ඇත්තේ දමිළ සම්භවයක් වුවද පසු කාලයේ දී එය ශ්‍රී ලංකාවටම පොදු අත් බෙහෙතක් බවට පත්වී ඇත. කොත්තමල්ලි පානයේ ප්‍රධාන වශයෙන් ඇත්තේ කොත්තමල්ලි ඇට හා ජලය වන අතර බොහෝ විට වෙනත් සංඝටක කිහිපයක් ද එයට එකතු කරගනු ලැබේ.

    කොත්තමල්ලි පානයේ අඩංගු වන්නේ මොනවාද?

    කොත්තමල්ලි සාදාගන්නා ක්‍රම කිහිපයක්ම තිබේ. ඇතැම් ප්‍රදේශ වල මෙයට ගම්මිරිස් ඇට ස්වල්පයක් ද එකතු කරන බව ඇසුව හොත් පාඨක ඔබෙන් සමහරෙක් මවිතයට පත් වනු ඇත. කොත්තමල්ලි පානයේ ප්‍රධානතම සංඝටක වියලි කොත්තමල්ලි ඇට සහ ඉඟුරුයි. අවශ්‍ය නම් ඊට ගම්මිරිස් ඇට හෝ සීනි එක් කරගත හැකියි.

    කොත්තමල්ලි ඇට වල ඇති ඖෂධීය ගුණ

    කොත්තමල්ලි ඇට

    ප්‍රතිප්‍රදාහක ගුණ – කෝටර ප්‍රදාහය අඩු කිරීමට කොත්තමල්ලි වලට හැකියාව තිබේ.

    විටමින් C වලින් අධික වීම – සෙම්ප්‍රතිශ්‍යාවට විටමින් C වලින් හරියටම ඇති බලපෑම තවමත් සොයාගෙන නැති නමුදු විටමින් C හොඳ ප්‍රතිඔක්සිකාරකයක් බව කවුරුත් දන්නා දෙයකි. ප්‍රතිඔක්සිකාරක අපේ රුධිරයේ තිබෙන මුක්ත ඛණ්ඩක (පහතින් විස්තර කර ඇත) උදාසීන කරවයි. මුක්ත ඛණ්ඩක අපේ DNA සහ සෛල විනාශ කරවීමට සමත් වන අතර, අප ආතතියකට ලක් ව සිටින විට, දුම් පානය කරන විට, මත්පැන් පානය කරන විට සහ අධික හිරුඑළියට හෝ දුෂිත පරිසරයකට නිරාවරණය වූ විට ප්‍රමාණයෙන් ඉහළ යයි. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාවක් නොමැති වුව ද ප්‍රතිඔක්සිකාරක අපේ ශරීරයට අතිශය වැදගත් ය.

    විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීම – විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබෝෆ්ලෙවින්) සහ විටමින් B3 (නයසින්) වැනි සංකීර්ණ කොත්තමල්ලි වල අඩංගුය. විටමින් C ලෙසින්ම මේවායින්ද අපේ සෙම්ප්‍රතිශ්‍යාව සෘජුව සුව නොකලත් මෙම සංකීර්ණ සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගය. විටමින් B වර්ග අටක් තිබෙන අතර ඒ සියල්ල ආතතිය වළක්වන විටමින් ලෙස හැඳින්වෙන්නේ ඒවා අපේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර ආතතියෙන් ඇතිවන හානියට එරෙහිව සටන් කිරීමට සහය විය හැකි බැවිණි. ප්‍රෝටීන් සහ විටමින් A සමඟ මුසු වූ විට ඉහත සඳහන් විටමින් B වර්ග 3ට අක්ෂිකාචයේ පටල බැඳීමට ඇති ඉඩකඩ ද අඩු කරවිය හැකියි.

    ඉඟුරු වල ඖෂධීය ගුණය

    ඉඟුරු
    ඉඟුරු

    ආහාර රුචිය ඉහළ නැංවීම – අසනීප වී සිටින විට ශරීරය දුබල තත්වයක පවතින බැවින් නොකඩවා ආහාර ගැනීම ඉතා වැදගත් ය. අධික සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන විට සාමාන්‍යයෙන් ආහාර රුචිය අඩු වී යන අතර ඉඟුරු ස්වල්පයක් භාවිතයෙන් මෙය වළක්වා ගත හැක.

    ප්‍රතිප්‍රදාහක ගුණ – කොත්තමල්ලි ඇට මෙන්ම ඉඟුරු වලට ද කෝටර ප්‍රදාහය අඩු කිරීමට හැකියාව තිබේ.

    එපමණක් නොව ජර්මානු පර්යේෂණයකින් හෙළි වී ඇති පරිදි ඉඟුරු වලට දහදිය දැමීම ඉහළ නැංවිය හැකියි. ආසාදන වැලැක්වීමට සමත් විෂබීජ නාශක ගුණයක් දහඩිය වල අඩංගු වේ. මෙම සංයෝගය සහ එමගින් නිෂ්පාදනය වන ප්‍රෝටීනය සෑදීමට මුල් වන ජානය ඒකලිත කිරීමට පර්යේෂකයන් සමත්ව ඇති අතර ඔවුන් එය ඩ’මිසයිඩින් (dermicidin) ලෙස හඳුන්වයි. මෙය සිරුරේ ස්වේත ග්‍රන්ථි වල නිපදවෙන අතර දහඩිය මතට ශ්‍රාවය වී සම මතුපිටට පැමිණ ක්ෂුද්‍රජිවින්ගේ ආක්‍රමණ වලින් සහ E. coli හා Staphylococcus aureus (සමේ ආසාදන වලට විශාල වශයෙන් හේතු වේ) වැනි බැක්ටීරියා වලින් ද Candida albican වර්ග ඇතුළු දිලිර වලින් ද ආරක්ෂා කරගනී.

    ගම්මිරිස් වලින් ලැබෙන සහය

    ගම්මිරිස්
    ගම්මිරිස්

    සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සඳහා ප්‍රසිද්ධම ආයුර්වේද ප්‍රතිකර්මය ගම්මිරිස් ය. අපේ ශ්වාසනාලයේ සිරවී තිබෙන සෙම් සොටු ආදිය ඉවත් කිරීමට සමත් ශ්ලේෂ්මහාරක ගුණයක් ගම්මිරිස් වලට තිබේ. එසේම එය කිවිසුම් යාම සහ කැස්ස ඇති වීම ඉහළ නැංවිය හැකි ස්වාභාවික උද්දිපකයක් වන නිසා සෙම් සොටු ආදිය ඉවත් වී යාමට එය උපකාර වේ. මෙහි ප්‍රතිබැක්ටිරිය ගුණාංග ද අඩංගු වන නිසා ආසාදන පමණක් නොව කෘමීන්ගේ සපාකෑම් වලින් ද ආරක්ෂා කරයි. විටමින් C මෙන්ම ගම්මිරිස් ද ප්‍රතිඔක්සිකාරකයකි.

    සෙම්ප්‍රතිශ්‍යාවේ පෙරළකුණු වලට එරෙහිව සටන් කිරීමට පමණක් නොව අපි එදිනෙදා ගන්නා ආහාර වේලට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ සපයා දෙමින් ඔබේ ප්‍රතිජීවක පද්ධතිය ශක්තිමත් කිරීමටත් කොත්තමල්ලි වලට මනා හැකියාවක් තිබේ. මින් පසු කොත්තමල්ලි පානයක් අතට ගන්නා විට මේ සරල පාරම්පරික ශ්‍රී ලාංකික පානයේ කෙතරම් ඖෂධීය සාරයක් අඩංගු දැයි සිහිකිරිමට අමතක කරන්න නොකරන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Nov 2016 09:51 AM
    මම අද කොත්තමල්ලි එකක් බිව්වා.
    මේ ටිකේ පොඩ්ඩක් සෙම ගතියයි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    27 Nov 2016 02:49 PM
    koththamalii aga niwana panayak .


    arayata nam allapu wachtha nathuwama ba wage
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    27 Nov 2016 04:20 PM
    බොමු අපි කොත්තමල්ලි.
    ස්තුතියි සමන්ත මාමේ
    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Nov 2016 07:33 PM
    කතාව ඇත්ත නමුත් කිසිම තැනකින් හරියට මෙ කොත්ත මල්ලි ගැන නියම ප්‍රචාරයක් යන්නෙ නැහැ ...මිනිස්සු එහි ගුන දන්නෙ නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Nov 2016 06:45 AM
    අපේ අම්මලා අපිට උණට හෙම්බිරිස්සාවකට උනත් බොන්න කියන්නේ ඉගුරැ කොත්තමල්ලි ටිකක් තම්බලානේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Jan 2017 10:21 PM
    ලියුකේමියාව මතුවන අයුරු

    ලියුකේමියාව (Leukaemia) නමැති පිළිකා රෝගය පිළිබඳව අපි අසා ඇත්තෙමු ඇතැම් දෙනා මෙම පිළිකා රෝගයට පවසන්නේ ලේ වතුර වන රෝගය යෑයි කියාය.

    ලියුකේමියාව යනු කුමක්‌ද?

    අපගේ රුධිරය සෑදී තිබෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්‌ටිකා සහ ප්ලාස්‌මාව යන කොටස්‌වලිනි. රතු රුධිරාණු මඟින් අවශ්‍ය ඉන්ද්‍රියයන් වෙත ඔක්‌සිජන්a සපයනු ලබයි. සුදු රුධිරාණු මඟින් ශරීරය විෂ බීජවලින් ආරක්‌ෂා කරනු ලබයි. රුධිර පට්‌ටිකා මඟින් අනවශ්‍ය ලේ ගැලීම්වලින් ශරීරය ආරක්‌ෂා කරයි.

    මෙම රුධිර සෛල සහ රුධිර පට්‌ටිකා නිපදවන්aනේ අස්‌ථිවල මැද කොටසේ ඇති ඇටමිදුළුවලය. මේවා ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට පත්වේ.

    ඇට මිදුලුවල මුලින්ම නිපදවන්නේ නොමේරූ සෛලය. (Blast Cells) මෙම නොමේරූ සෛල ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට වර්ධනයවේ. සමහර අවස්‌ථාවලදී මෙම නොමේරූ සෛල සාමාන්‍ය පරිණත සෛල බවට වර්ධනය නොවේ. එවිට එම සෛල අසාමාන්‍ය සෛල බවට පත්වේ. මෙම අසාමාන්‍ය සෛල රුධිරයට එක්‌වූ විට ලියුකේමියා රෝගය මතුවේ.

    ලියුකේමියා රෝගය ඇති වීමට බලපාන හේතු මොනවාද?

    ලියුකේමියා රෝගය ඇති වීම සඳහා නිශ්චිත හේතු කිව නොහැකියි. ඇතැම් ජානගත රෝග ඇති පුද්ගලයිනට ලියුකේමියා රෝගය ඇති වීමට පවතින ඉඩකඩ වැඩිය.

    උදාහරණයක්‌ ලෙස ඩවුන් සින්ෙඩ්‍රාම් දරුවන් (Down Syndrome)හැඳින්විය හැකිය. ඊට අමතරව අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීමද පරමාණු අනතුරුවලට ලක්‌වී දිවි බේරාගත් අය පිළිකා සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නා ඇතැම් ඖෂධ නිසාද පසුකාලීනව ඉතා කලාතුරකින් ලියුකේමියාව මතු විය හැකිය.

    HTLV නමැති වෛරස ආසාදනය නිසා පසු කාලීනව ඉතා කලාතුරකින් ලියුකේමියාව රෝගය මතු වන බව හෙළිවී ඇත.

    ලියුකේමියා වර්ග තිබේද?

    ප්‍රධාන වශයෙන් ලියුකේමියා වර්ග හතරක්‌ ඇත.

    ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියා (Acute Lymphoblastic Leukaemia) සෙමින් වර්ධනය වන ලියුකේමියා (Chronic Lymphoblastic Leukaemia) සහ සුදු රුධිරාණු වර්ගය අනුව ඇති වන ලියුකේමියා වර්ග දෙකක්‌ ඇත. (Acute Myeloid Leukaemia) සහ Chronic Myeloid Leukaemia)

    කුඩා දරුවනට වැළඳෙන ලියුකේමියා අතර වැඩි ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙන්නේ ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියාවය. Acute Leukaemia එයින් Acute Lymphoblastic ලියුකේමියාව බහුලව දැකිය හැකිය.

    ලියුකේමියා රෝග ලක්‌ෂණ මොනවාද?

    ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියා Acute Leukaemia වර්ග සහිත රෝගීන්ගේ රෝග ලක්‌ෂණ කෙටි කලක්‌ ඇතුළත දක්‌නට ලැබේ. එහිදී දින ගණනක්‌ පවතින උණ, කුද්දෙටි ඉදිමුව, ඇඟේ ලේ පැල්ලම් ඇතිවීම, විදුරු මස්‌, නාසය සහ මුත්‍රා මාර්ගයෙන් ලේ පිටවීම, ඇඟ සුදු මැලිවීම ආදී රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

    සමේ ආසාදන, බඩ ඉදිමීම, අසූචි තද කළු පැහැයෙන් පිටවීම, විදුරුමස්‌ ඉදිමීම හා පිරිමින්ගේ වෘෂණ ඉදිමීම වැනි රෝග ලක්‌ෂණද සමහර අවස්‌ථාවලදී දක්‌නට ලැබේ.

    සෙමින් වර්ධනය වන ලියුකේමියා රෝගවලදී (Chronic Leukaemia)) එම රෝගීන්ගේ රෝග ලක්‌ෂණ වසර දෙක තුනක්‌ යන තුරු දැකගත නොහැකිය.

    මෙවැනි රෝගීන් බොහෝ විට හඳුනා ගන්නේ වෙනත් රෝගාබාධ සඳහා පරීක්‌ෂා කරනු ලබන අවස්‌ථාවලදීය.

    නමුත් රෝගය පවතින කාලය තුළ අධික මහන්සිය, කුද්දෙටි ඉදිමීම, බඩ ඉදිමීම, හන්දිපත් අමාරුව ආදී රෝග ලක්‌ෂණ මතුවේ.

    ලියුකේමියා රෝගය හඳුනා ගැනීමට ඇති පරීක්‌ෂණ මොනවාද?

    පූර්ණ රුධිර පරීක්‌ෂාවකදී (Full Blood Count) ඇටමිදුලු පරීක්‌ෂාව මඟින්  (Bone Marrow Biopsy), කුද්දෙටි ඉදිමී ඇති අවස්‌ථාවලදී ලබා ගන්නා කොටස්‌ පරීක්‌ෂා කිරීමෙන් (Fine Needle Aspiration Biopsy) සහ සුෂුම්නා තරලය ලබාගෙන සිදු කරන පරීක්‌ෂණ මඟින් ලියුකේමියා රෝගය හඳුනාගත හැකිය.

    ලියුකේමියා සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

    ලියුකේමියා සඳහා නිශ්චිත ප්‍රතිකාර සහ ආධාරක ප්‍රතිකාර ලෙස ප්‍රතිකාර ක්‍රම දෙකක්‌ භාවිතා කරයි.

    නිශ්චිත ප්‍රතිකාර ලෙස යොදා ගන්නේ පිළිකා නාශක ඖෂධය. කලාතුරකින් විකිරණ ප්‍රතිකාරද යොදා ගනී.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 Jan 2017 01:53 AM
    Posted By maduranga001 on 07 Jan 2016 06:43 PM
    01. හාතවාරිය


    ඊයෙත් කැඳ කෝප්පයක් බිව්වා අල්ලපු වත්තේ වටෙන් කඩාගෙන..
    හෘදයත් සුවපත් වුණා.. හරිම රසයි.. (අල්ලපු වත්තේ වැටේ හැදිච්ච නිසාද මන්ද. )


    … … … …අහල පහල වැල වැල වල කැද කොහොමත් රසයි බන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 Jan 2017 05:51 AM
    හොද දෙයක් අයියේ මේ ලේඩේ ගැන දැනුවත් කිරිමට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Jan 2017 06:45 AM
    හැමෝම දන්නේ ලේ වතුර වෙනවා කියන ලෙඩේනෙ.
    අපේ ගමේ හුගක් ඉස්සර පොඩි ලමයි දෙන්නෙක් මියැදුනා මේකෙන්.
    දැන් නම් ලියුකේමියාව අඩුවෙන් අහන්න ලැබෙන්නේ මේ පැති වල නම්.
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    03 Jan 2017 06:59 AM
    ලියුකේමියාව පිලිබද යොමු කල ලිපියට බොහොමත්ම ස්තූතියි
    මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක හොදයි.
    යකඩ වලින් හැදිල ඉන්න මිනිස්සු නෙවෙයිනේ මේව අපිටත් හැදෙන්න පුලුවන්
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 Jan 2017 06:46 PM
    රෝග පිළිබඳව දැනුවත්ව ඉන්න එක හොදයි..
    දැනුවත් භාවය නැති කමින් තමයි රෝග වර්ධනය කර ගන්නේ...
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    03 Jan 2017 09:25 PM
    බොහොම ස්තුති තොරතුරු වලට
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    25 Jan 2017 09:53 PM

    නින්ද අඩුවීම නිසා ඔබේ සෞඛ්‍යයට සහ සාමාන්‍ය ජීවිතයට විය හැකි බරපතල හානි ගැන දැනුවත්වෙන්න

     

    “නැඟිටිනව ළමයො නිවාඩු කියල නිදියන්නෙ නැතුව නැඟිටල වැඩක් පලක් කරගන්නවා” වගේ කතා ඕනෙම ගෙදරකින් උදේකට ඇහෙන්න පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන දේ ඇහුවට පස්සෙ නම් ඔහොම කෑගහන්න කලින් අම්මලා සහ බිරින්දෑවරු දෙපාරක් හිතන එක නම් අනිවා .

    “නිදාගන්නෙත් පැය 4යි 5යි මචන්ල ඒ තරමට ලයිෆ් එක මාර බිසී” මෙහෙම කියන හුඟ දෙනෙක් අඩුවෙන් නිදාගන්න එක අමුතුම ලයිෆ් ස්ටයිල් එකක් කියල හිතාගෙන ලොකුකමට ඔහොම කියනව සහ ඒ බව ඔප්පු කරන්න එහෙම කරනව. හැබැයි ඉතින් එහෙම අයට කියන්න තියෙන්නෙ නොදැනුවත්වම ඔය කරගන්නෙ ලොකු වරදක් කියලයි. ඒ නිසා තමන්ගෙ වයසට අනුව අවශ්‍ය අවම නින්ද ගැන අවබෝධයකින් ඉන්න එක හුඟක් වැදගත්.

    නින්ද කියන්නෙ මිනිස් ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක් කියල කොයි තරම් කිව්වත් දහසක් වැඩ රාජකාරි එක්ක නින්ද නම් අපි අවශ්‍ය පමණ ලබාගන්නෙම නැති දෙයක්. දවස පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට විවේකයක් ලබාගන්න තියෙන එකම අවස්ථාව තමා මේ නින්ද. මේ නින්ද මොන තරම් වැදගත්ද කියනව නම් අනිවා අපි මේ ගැන මීට කලින් හොඳ නින්දකට ටිප්ස්, ඔබට සුව නින්දක් ලැබෙනවද නැද්ද, සුව නින්දකට ඔබට කල හැකි දේ කියල ලිපි කීපයක්ම කලා මතක ඇති.

    අද මේ කියන්නෙ යන්න නින්ද අඩු වීමේ භයානක කම ගැන. අඩු නින්ද ඔබේ ශරීරයට කරන්න පුළුවන් හානි ගැන ඔබ දැනන් හිටියද? මේ ටික කියෙව්වට පස්සෙ නම් ඔබ අනිවා ඔබේ නින්දට මීට වඩා තැනක් දෙන්න තීරණය කරාවි.

     

    1. නින්ද නිසා වන අනතුරු
    Less Sleep

    Source – youtube.com

    හැමෝම දන්න සරල දේකින් පටන් ගමුකො. ඔබ වාහනයක් එලවන පුද්ගලයෙක් නම් නින්ද අඩුකම කියන්නෙ බොහොම භයානක දෙයක්. ඔබේ විතරක් නෙවෙයි ඔබ සමඟ වාහනේ ගමන් ගන්න අනිත් අයගේ ජීවිතත් අවදානමකට ලක් වෙනව. දුර ගමන් යද්දි රියදුරා එක්ක පොඩි චැට් එකක් දාගෙන යන්න පුළුවන් කථාවට බර කෙනෙක්ව ඉස්සරහ සීට් එකට නග්ගන්නෙ අන්න ඒ හින්ද. නින්ද අඩු වීමෙන් වාහනේක ඒකාකාරී ලෙස ගමන් ගනිද්දි ඉබේටම නින්ද යන්න පුළුවන්. එහෙම උන අනතුරු සහ ඒ නිසා උන ජීවිත හානි ගැන ප්‍රවෘත්ති ඕනෑ තරම්.

     

    2. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
    Less Sleep

    Source – abc.net.au

    කාලෙන් කාලෙට එන එක එක ජාතියේ වයිරස් උණ හෙම්බිරිස්සාවල්, කැස්සවල් වලට ඔබ නිරන්තරයෙන්ම ගොඳුරු වෙන කෙනෙක්ද? චුට්ටක් හිතල බලන්න ඔබ දවසකට නිදාගන්න ඕන පැය ගාණ සම්පූර්ණ කරනවද කියල. එහෙම නැත්නම් අනිවාර්යෙන් මේ දුර්වල ප්‍රතිශක්තිකරණයේ දෝෂය ඔබේමයි. වයස 17ට වැඩි සෑම වැඩිහිටියෙක්ම පැය 7ත් 9ත් අතර නින්දක් ලබා ගැනීම අනිවාර්යයි.

     

    3. නින්ද අඩුකම අධි රුධිර පීඩනයටත් හේතුවක්
    Less Sleep

    Source – doctormurray.com

    පැය 5කට 6කට වඩා අඩු නින්දක් ලබන කෙනෙක්ට අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් තියෙනව. ස්ට්‍රෙස් හෝර්මෝන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ සිරුරට ඇති හැකියාව නින්ද අඩු කම නිසා නැති වීම තුලින් හානිකර ලෙස ඔබේ රුධිර පීඩනය ඉහල යා හැකියි. අධි රුධිර පීඩනය ඔබේ හදවතට හොඳ නැති බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ නිසා නින්ද අඩුකම රුධිර පීඩනය, හෘද රෝග, හදිසි හෘදයාබාධ, දිය වැඩියාව වැනි රෝග රැසකට පාර කපනව. එකකට එකක් සම්බන්ධ ශරීරාංග එකක් ලෙඩ උනොත් අනිකටත් බලපෑමක් එල්ල කරනව. මේ නිසා සුව නින්දක් ලබා ගැනීම අනිවාර්යයි.

    <form> action="//aniwa.us12.list-manage.com/subscribe/post?u=d19bd7e240ed23c7ee4377b43&id=09491e0bf2" method="post" id="mc-embedded-subscribe-form" name="mc-embedded-subscribe-form" class="validate" target="_blank" novalidate="novalidate">
    </form>
    <form> action="//aniwa.us12.list-manage.com/subscribe/post?u=d19bd7e240ed23c7ee4377b43&id=09491e0bf2" method="post" id="mc-embedded-subscribe-form" name="mc-embedded-subscribe-form" class="validate" target="_blank" novalidate="novalidate"> </form>

     

    4. නින්ද අඩුයිද? මහත් වෙලාද?
    Less Sleep

    Source – eatthis.com

    නින්ද අඩුකමයි මහත් වීමයි අතර තියෙන්නෙ වෙනමම සම්බන්ධයක්. ඔබ වැඩක නිරත වෙලා ඉන්න වෙලාවක නිදිමතක් ඈලි මෑලි ගතියක් දැනුනොත් තේ එකක් කෝපි එකක් බීල පැණි රසට මොනාහරි කනවමනෙ. ඔය ඔෆිස් වල ඉන්න සමහරු නම් ලාච්චුවේ ටොෆි චොකලට් එහෙමත් හංගගෙන ඉන්නව නිදි මත වෙලාවක කටේ දාගන්න. අඩු නින්ද ඔබේ මොලයට ඔබ අවශ්‍ය තරම් ආහාර ගත්තායැයි අඟවන Leptin හෝර්මෝනය නිපදවීම අඩු කරන අතර ඔබේ කෑම රුචිය වඩවන Ghrelin කියන රසායනව වැඩි පුර නිපදවනව. ඉතින් මහත් වෙන එක අරුමයක් නෙවෙයි නේද?  ඔබ පැය 7,8ක නින්දක් අනිවාර්යෙන් ලබන කෙනෙක් වෙලත් කෑම පාලනයකින් තොරව මහතයි නම් තව ටිකක් නිදාගත්ත කියල නම් ඔබ කෙට්ටු වෙන්නෙ නෑ. මේ කියන්නෙ නින්ද අඩුකම හින්ද එහෙමත් නැත්නම් නිසි ලෙස පැය 7ක නින්දක් සම්පූර්ණ නොකරන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ගැනයි.

     

    5. ලිංගික ශක්තිය හීන කරවයි
    Less Sleep

    Source – eatthis.com

    නින්ද අඩුකම කියන්නෙ අනිවාර්යෙන්ම ඔබව විඩාබර කරන කාරණයක්. විඩාබර බව නිසාම නුරුස්ස්නා ස්වභාවයක් ඔබ තුල නිතරම දකින්න ලැබෙනව. මේ විඩාපත් බව ඔබේ ශක්තිය හීන කරවීම තුල ලිංගික සම්බන්ධතා කෙරෙහි ඔබේ උනන්දුව අඩු කරවනව. ලිංගිකව ක්‍රියාශීලී නොවීම ඔබව තව තවත් ශාරීරිකව දුර්වල වන්න කාරණයක්.

     

    6. අඩු නින්ද දියවැඩියාවට අත වැනීමක්
    Less Sleep

    Source – netdoctor.co.uk

    මෙක දෙපැත්තටම බලපාන් කරුණක්. නින්ද අඩුකම දියවැඩියාවට බලපාන්නෙ වක්‍රාකාරව. අර කලින් කියපු විඩාබර බව, නිදිමත නැති කරගන්න ඔබ ගන්නා ආහාර ඔබට දියවැඩියාව ඇති වෙන තැනට කටයුතු කරන්න පුළුවන්. එ වගේම තමයි දිය වැඩියාව හැදුනු කෙනෙක්ට නම් නිතර නිතර රාත්‍රියටත් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්න පුළුවන් නිසා නින්දට බාධා ඇති වීම. එහෙම දියවැඩියාව තියෙන කෙනෙක් අඩු නින්දක් ලබන එකත් දියවැඩියා තත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්.

     

    7. නින්ද අඩුකම ස්නායු පද්ධතියට එල්ල කරන බලපෑම
    Less Sleep

    Source – ninds.nih.gov

    ඔබේ නින්දේදී මොලය විසින් දවස පුරා ක්‍රියාකාරී ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට විවේකයක් ලබාදී නව ස්නායු ක්‍රියාකාරිත්වයක් ඇති කරවනව. මෙයට ඔබ ඒ ගතවන කාලය නිදා ගැනීම අවශ්‍යයි. අඩුවෙන් නිදා ගන්න තරමට ඔබේ ස්නායු පද්ධතියට අවශ්‍ය විවේකය නොලැබෙනව. ඒ තුලින් විඩාපත් ස්නායු ඔබව මානසිකව ඇදවට්ටන්න බලනව වගේම ශාරීරිකව විඩාපත් කරනව. මේ නිසා ඇඟට පණ නැති කම ක්ලාන්තය වැනි රෝග ලක්ෂන මතු වීමත්, අවේලාවක අනතුරු සහිත තැනක මෙසේ සිදු උනොත් ඉන් වෙන්න පුළුවන් හානියත් වැඩියි.

     

    8. මානසික ආතතිය
    Less Sleep

    Source – huffingtonpost.com

    නින්ද අඩුකම මානසික ආතතියේ ලක්ශණයක්. ඒ වගේම නින්ද අඩු කම නිසාම මානසික ආතතිය ඇති වෙන්නත් පුළුවන්. ඉන්සොම්නියා කියන රෝග තත්ත්වයත් මේ මානසික ආතතිය නිසා ඇති වෙන්න පුළුවන්. වෙහෙසකර බව, අවදානය යොමු කිරීමේ අපහසුතා, ගැටළු නිරාකරනය කිරීමේදී තීරණ ගැනීමේ හැකියාව මදකම වගේ මානසික ප්‍රශ්න බොහොමයකට නින්ද අඩුකම හේතු වෙන්න පුළුවන්. මේ නිසාම මානසික ආතති තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්.

     

    9. අවසාන වශයෙන්
    Less Sleep

    Source – steakbytes.com

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ හරි හම්බ කරන්නෙ සතුටින් ජීවත් වෙන්න. නමුත් ඒ හම්බ කිරිල්ල අතර තුර තමන්ගෙ සෞඛ්‍ය ගැනත් අනිවා හිතන්න. එහෙම නොවුනොත් ඔබට අවසානයේ හම්බ කරන සේසතම ලෙඩ දුක් වලට වියදම් කරන්න වෙන එක තරම් දුකක් නෑ. ලොකු දෙයක් නෙවෙයි දිනකට අවශ්‍ය තරම් නින්ද ලබාගන්න. යන්ත්‍රයකට උනත් දරාගන්න පුළුවන් කාලයක් සහ ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් කාලයක් තියෙනව. අපේ ශරීරයත් ඒ වගේ. ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් උපරිම කාලයක් තියෙනව. නිවාඩුවක් විවේකයක් නොදුන්නොත් ශරීර යන්ත්‍රය ලෙඩ දෙන්න ගන්නව. හිතන්නවත් ඉඩක් නොතියා ක්‍රියා විරහිත වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ඔබේ පළමු සම්පත කරගන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    DanuLiyanage
    Veteran Member
    Veteran Member
    Posts:3457






    --
    25 Jan 2017 10:15 PM
    දෙවියනේ කියලා මම නම් ගෙදර ඉද්දි නිදාගන්න පරක්කු උනාට දවල් 12 විතර වෙනකම් නිදාගන්නවා. රැට නිදා ගද්දි නම් රැ 3 විතර වෙනවා . කොහොම නමුත් වැදගත් විස්තරයක් ස්තුති
    මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    26 Jan 2017 01:01 AM
    Posted By DanuLiyanage on 25 Jan 2017 10:15 PM
    දෙවියනේ කියලා මම නම් ගෙදර ඉද්දි නිදාගන්න පරක්කු උනාට දවල් 12 විතර වෙනකම් නිදාගන්නවා. රැට නිදා ගද්දි නම් රැ 3 විතර වෙනවා . කොහොම නමුත් වැදගත් විස්තරයක් ස්තුති

    අපෝ ඒ නින්ද ගැනනං මතක් කරන්න එපා.

    අර සුරේෂ්ගේ ස්තූති කථාව හොදයි තව


    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    26 Jan 2017 01:55 AM
    මටත් නින්ද යන්නේ නෑ.එක එක හීන පේනවා.වටිනා ලිපියක් මේක.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    26 Jan 2017 11:27 PM
    ස්තුති අයියේ මේ වටිනා ලිපිය අපිත් සමග බෙදාගත්තට
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Jan 2017 04:58 AM
    මේ ගැන අපිට නම් හිතන්නම වෙනවා.මොකද අපිට පැය 5ක වත් නින්දක් නෑ.
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    27 Jan 2017 03:32 PM
    හි හී.. මටද මන්දා කිව්වේ... රෑට නින්ද නොයන එකයි මට තියෙ අවුල...
    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Jan 2017 05:52 PM
    මෙක සදුනිට හොද ලිපියක්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Chandima
    Advanced Member
    Advanced Member
    Posts:509






    --
    31 Jan 2017 11:02 PM
    ekanam atta office eke project eka nisa dan rata paya 4k wath hariyata ndagnna wenne naha. eke amuruwa dawlta tamai danenne. kama kana ekkawath dawlata hariyata karanna baha agama awulk wela wage
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    31 Jan 2017 11:32 PM
    අම්මෝ දැක්කහම බයත් හිතෙනවා... අපිත් ඉක්මනටම මේ ලෙඩ වලට ගොදුරු වෙයි ද ?
    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    31 Jan 2017 11:37 PM
    මඩුරනගයට හොදයි මෙ ලිපිය
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    madhawas
    Advanced Member
    Advanced Member
    Posts:973






    --
    31 Jan 2017 11:40 PM
    මොවවා නැතත් නිදා ගන්න එක නම් කරනවා . ස්තූතියි අයියේ විස්තරයට.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Jan 2017 11:51 PM
    Posted By Ind007ka on 31 Jan 2017 11:37 PM
    මඩුරනගයට හොදයි මෙ ලිපිය
    ඇත්ත. මේ ගැන මමත් දැනුවත් වෙලා ඉන්නෙ.
    දවල්ට වැඩ කරන්නම වෙනවා. ආයතන දෙකේම. දවල්ට වැඩ ඉවරකරගන්න බැරි උණොත් රෑට වැඩ කරන්නම වෙනව. ඩෙඩ් ලයින් ද අරවද මේවද නිසා. අනෙක US ටයිම් එකට ඉන්න වෙනව ක්ලයන්ට් ලාට අමතන්න. සමහර කාලවලට මේවට නෝ ඔප්ෂන්. සැප ගන්න පැය හත අටක් නිදා ගත්තොත් ඉතිං හබක් තමයි. අනේ මන්ද. රැවුලයි කැඳයි දෙකම බේර ගන්නේ කොහොමද කියල. නමුත් අනිවා මොනව හරි කරගන්න වෙනව. නැත්නම් දන්නෙම නැතිව මැරිලා වැටේවි.
    හැබැයි මේකේ කියල තියෙන පළවෙනි කාරණාව නිසාම තමයි මම රියදුරු මහත්මයෙක් ගෙනියන්නෙ දුර ගමන් යද්දී. යනෙන ගමන් නිදා ගන්න පුළුවන් නේ. මගේ යාලුවෝ කිහිප දෙනෙක්ම ජීවිතෙන් සමුගත්ත ඩ්‍රයිව් කරද්දී නින්ද ගිහිං.

    @තුෂාන් මලය- තුෂාන් මල්ලි කියල තියෙන ක්‍රමේ නම් වෙනස් කර ගනින් මලේ. උදේ 3 ට නිදා ගෙන දවල් දොළහට ඇහැරෙන එකේ රෑ එකොළහට නිදාගෙන උදේ හතට නැගිටහන්කෝ. ඉවරනේ.


    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    01 Feb 2017 06:33 AM
    ඔන්න මම නම් මුර සේවය නවත්තලා රෑ නිදා ගන්න පටන් ගත්තා මේ ලිපිය නිසා
    දිනයක වැටහේවී...........
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    01 Feb 2017 07:13 AM
    තුෂාන් අපේ ගෙදර නැති දවසටනං මමත් වෙලාවට කලාවට අවශ්‍ය පැය ගාන නිදා ගන්නවා
    ඒත් ආපු දවසටනං අම්මපා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    01 Feb 2017 10:18 AM
    මන් නිදා ගන්න හරිම ආසයි ,එක නිසා නිදිමරන් නම් ඇහැරන් ඉන්නේ නැ ..නිදන්න මයි බලන්න පොඩ්ඩ බැරි වෙන්න
    හොද දැනුවත් කිරීමක් .
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    01 Feb 2017 05:11 PM
    මේකනම් ගොඩක් වැදගත් ලිපියක්....
    නිද්ද හරියට ලැබුනේ නැත්නම් ලෙඩ ගොඩකට මුල
    පුළුවන් තරම් රැ 12 ට කලින් නිදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    20 Apr 2017 10:45 PM

    බඩ බස්සගන්න දුවන්න කලින් කැලරි ගැන මේ කරුණු 7 කියවලා ඉන්න

     

    සාමාන්‍යයෙන් දැන් කාලේ වැඩි දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි බඩ එන එක. එහෙම නැත්තං අරහෙන් මෙහෙන් මහත් වෙන එක. ඔන්න ඉතින් ඔය වෙනස ඇඳුම් වල බොත්තම් කැඩිලා විසිවෙන එකෙන් නැත්තං කණ්ණාඩියෙන් බලලා මිසක් පේන්නේ නැතුව යන එකෙන් දැනෙන්න ගත්තහම කට්ටිය කැලරි කවුන්ට් කරන්න පටන් ගන්නවා. ඒ කිව්වේ අඩු කැලරි කෑම, ඒ කිව්වේ ශරීර සුවතාවයට හිතකර කෑම කන්න පටන් ගන්නවා. ගොඩක් දෙනෙක් ඇත්තටම හිතාගෙන ඉන්නේ කෑමක් ගත්තහම ඒකේ තියෙන කැලරි කියන්නේ කවුරුහරි කනවා බලාගෙන හිටියොත් වැඩි වෙන, හැබැයි කාටවත් නොපෙන්නෙන්න කෑවොත් අඩුවෙන දෙයක් කියලා. ඒකනේ යාලුවෝ එක්ක කැලරි කවුන්ටරෙන් කාලා, හොරෙන් බර්ගර්ස් ගිලින්නේ! හරි, කොහොම වුනත් කමක් නෑ, තමන්ගේ ශරීර සුවතාවට ගැන සීරියස් හිතන මනුස්සයෙක් නං කැලරි ගැන පොඩ්ඩක් දැනගෙන හිටියට පාඩුවක් නෑ.

     

    1. කවුද ඩෝ කැලරි කියන්නේ?
    Calories 101

    Source – stylecraze.com

    ගොඩක් දෙනෙක් කැලරි (cal) කිව්වහම හිතාගෙන ඉන්නේ මොනවා හරි අතට අහු වෙන දෙයක්, ඒ කියන්නේ කෑම වල තියෙන මේදය වගේ කියලනේ. ඇත්තටම කැලරි කියන්නේ මිනුමක්. උදාහරණයක් විදියට අපි දිග මනින්න සෙන්ටිමීටර පාවිච්චි කරන්නේ. ඒ වගේ. කැලරි වලින් මනින්නේ ශක්තිය. හරියටම කියනවා නම් කෑම සහ බීම හරහා අපි ඇඟට ගන්න ශක්තිය වගේම ශාරීරික ක්‍රියාකාරීත්වයන් හරහා අපි දහනය කරන ශක්තිය මනින ඒකකය වෙන්නේ කැලරි.

    හැබැයි මේ කැලරි වල විද්‍යාත්මක නිර්වචනය එන්නේ තාපගතික විද්‍යාව හරහා. උදාහරණයක් විදියට කුඩා කැලරි එකක් කියන්නේ ග්‍රෑම් එකක වතුර ප්‍රමාණයක් සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වයෙන් නංවන්න අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය. එතකොට විශාල කැලරි එකක් කියන්නේ වතුර කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ දාන්න අවශ්‍ය වෙන ශක්තිය. ලොකු කැලරි පොඩි කැලරි පැටලැවෙනවා නං ඔලුවේ තියාගන්න ඕන කරන්නේ මෙච්චරයි.

    ලොකු කැලරි 1 ක් (Cal, kcal) = පොඩි කැලරි (cal) 1000 ක්!

     

    2. දැන් එතකොට කැලරි වලින් මහත් වෙන්නේ කොහොමද?
    Calories 101

    Source – healthyfood-diet.com

    අපි මෙහෙම හිතමු. කැලරි කියන්නේ ශක්තිය මනින මිනුමක්. ශක්තිය නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ. ශක්තිය නැති වුනොත් අපේ ඇ‍ඟේ සෛල මැරිල යන්න පටන් ගනී. අපේ හදවත්, පෙණහලු නවතියි. හැමදේම බඩු බනිස් වෙලා යයි. ඒ නිසා අපි කෑමෙන් බීමෙන් ශක්තිය ලබාගන්නවා. ඒ ශක්තිය මනින්නේ කැලරි වලින්!

    දැන් ඔය කැලරි අඩුවෙන් හම්බෙනකොට ශරීර සෞඛ්‍යයට කේස් වගේම තමයි වැඩියෙන් හම්බුවෙනකොටත්. ඇයි, වැඩියෙන් හම්බෙන කැලරි ගිහින් නතර වෙන්නේ මේදය විදියට. පැහැදිලි නැද්ද? මෙහෙමයි. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක කැලරි 4 ක් තියෙනවා. ප්‍රොටීන් ග්‍රෑම් එකකත් කැලරි 4 ක් තියෙනවා. එතකොට මේදය ග්‍රෑම් එකක කැලරි 9 ක් තියෙනවා. එතකොට අපි බලමු සරලව බිත්තර මද කෝප්පයක් ගත්තොත්, ඒකේ කැලරි කොච්චර තියෙනවද කියලා. ඒකේ මේදය ග්‍රෑම් 24 ක් තියෙනවා. ඒ කියන්නේ කැලරි 216 යි. ප්‍රොටීන් ග්‍රෑම් 31 ක් තියෙනවා. ඒ කියන්නේ කැලරි 124 යි. කාබෝහයිඩ්‍රේඩ් ග්‍රෑම් 2 යි. එතකොට කැලරි 8 යි. මුළු එකතුව, කැලරි 348 යි!

    දැන් ඇඟට කැලරි වලින් මනින්න පුලුවන් ශක්තිය හම්බුවෙන්නේ ඔය මේදය හරි කාබෝහයිඩ්‍රේඩ් හරි ප්‍රෝටීන් හරි විදියටනේ. අන්න ඒවා ඉතින් වැඩිපුර ලැබෙනවා කියන්නේ කොහේ හරි ගිහින් තැන්පත් වෙන්න ඕනනේ. ඔතන තමයි කොස්ස හිටින්නේ.

     

    3. දවසකට ඇඟට ලැබුණට කමක් නැති කැලරි ප්‍රමාණය
    Calories 101

    Source – acaloriecounter.com

    නිරෝගී මනුස්සයෙක් දවසකට බැලන්ස් ආහාර වේල් කීපයක් ගන්න ඕන, එහෙම නැත්තං නිරෝගී මනුෂ්‍යයෙක්ට දෛනිකව අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණය වෙන්නේ පිරිමියෙක්ට නම් කිලෝ කැලරි 2,500 ක්, ගැහැණියකට නම් කිලෝ කැලරි 2,000 ක් විතර. මේ ප්‍රමාණය තමයි ඇඟ මහත් නොවී, ඇ‍ඟේ ශක්තියත් හීන නොවී බැලන්ස් එකේ ඉන්න ඕන කරන කැලරි ප්‍රමාණය. හැබැයි එකක්. මේ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් ගැන සලකා බලලානේ. මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන් වයස, ශරීර බර, පරිවෘත්තිය පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ශාරීරික ක්‍රියාකාරිත්වය කියන කාරණා එක්ක.

    එතකොට දැනටම ඇ‍ඟේ එහේ මෙහේ ශක්තිය පුරවගෙන ඉන්න ඩයල් එකක් බර අඩු කරගන්න නම් මේ කැලරි ප්‍රමාණය දවසකට අරගෙන හරියන්නෙ නෑ. ඒ වගේ කෙනෙක් කාන්තාවක් නම් දවසකට කැලරි 1500 ක් ගත්තහම ඇති. එතකොට පිරිමියෙක් නම් කැලරි 2000 ක් ගත්තහම ඇති. මේ විදියට කෑම පාලනය කරන්න පුලුවන් නම් සතියකට බර රාත්තලකින් වගේ අඩු කරගන්න පුලුවන්. හැබැයි මේ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතලා. විවිධ කරුණු කාරණා නිසා මේක වෙනස් වෙන්න පුලුවන්.



     

    4. හිස් කැලරි කියන්නේ මොනවද?
    Calories 101

    Source – naturalbalancefoods.co.uk

    මේ හිස් කැලරි කියලා කියන්නේ මෙහෙමයි. අපි කියමු කෑමකින් ලැබෙනවා ශක්තිය, හැබැයි ඒකේ පෝෂ්‍යදායී ගුණය, පෝෂණ ගුණය නැති තරමට කුඩායි කියලා. ඒ කියන්නේ තන්තු හරි, ඇමයිනෝ අම්ල හරි, ප්‍රති-ඔක්සිකාරක හරි, ඛණිජ ලවණ හරි අඩු තරමේ විටමින් වර්ග හරි මේකේ නැති තරමයි. ඉතින් මේ වගේ කැලරි ඇඟට එකතු වෙනවා කියන්නේ ඇඟට ප්‍රයෝජනයක් නැතුව අනවශ්‍ය මේද විදියට එකතු වෙන එක කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උදාහරණයක් විදියට කිව්වොත්, වත්තෙන් කඩලා මිරිකලා සීනි නොදා ගත්තු නැවුම් දොඩම් යුෂ අවුන්ස 8 ක වීදුරුවක් බිව්වොත් කෙනෙක්ට කැලරිම 112 ක් විතර ලැබෙනවා. හැබැයි මේ කැලරි 12 ඇතුළත තියෙනවා වැඩුණු මිනිහෙක්ට දවසකට ඕන වෙන විටමින් සී ප්‍රමාණය. හැබැයි අපි ගමු දොඩම් රසට හදපු කාබොනේටඩ් බීමක් වෙන ඔරේන්ජ් බාර්ලි එකක්. ඒකේ කැලරි 120 ක් අඩංගු වෙනවා. හැබැයි අර කිව්ව විටමින් සී හරි වෙනත් පෝෂ්‍යදායී දෙයක් හරි එක බිංදුකාලක් ඇත්තේ නෑ. ඒ වෙනුවට තියෙන්නේ හිස් කැලරි. ඒ කිව්වේ මේදය සහ සීනි.

    මේ හිස් කැලරි එකතු වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඝණ මේදය විදියට. ඒ කියන්නේ කාමර උෂ්ණත්වයේදී මෙම මේදය ඝණ ස්වභාවයෙන් තියෙන්නේ. ගොඩක් කෑම වල ඇත්තටම මේ ඝණ මේදය ස්වභාවිකවම තිබුණත්, දැන් ඔය කෑම වර්ග නිෂ්පාදනය කරනකොට තව වැඩි පුර එකතු වෙනවා. අනික් හිස් කැලරි එකතු වෙන ක්‍රමය තමයි කෑම වලට පිටින් එකතු කරන රස කාරක විදියට. ඒ කියන්නේ ඔය කොකාකෝලා වගේ දේකට එකතු වෙන සීනි වල ඉඳන් අපි එදිනෙදා පාවිච්චි කරන සෑහෙන කෑම වර්ග ගණනාවක මේ වැඩිපුර සීනි තියෙනවා. මේවා ඉතින් ඇඟට එහෙමට කියලා වැඩක් නැති කැලරි තමයි.

     

    5. එක එක කෑම වල තියෙන කැලරි මනින්නේ කොහොමද?
    Calories 101

    Source – discovermagazine.com

    මේක ඉතින් අපිට එක පාර මනින්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට ඕන තරම් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සේවාවෙන් දත්ත ගබඩාවක් හදලා තියෙනවා එහේ තියෙන හිතාගන්න පුලුවන් හැම කෑම ජාතියකම අන්තර්ගත වෙන කැලරි ප්‍රමාණ දාලා. ඕකේ අපි පරිභෝජනයට ගන්න කෑම ජාතිත් සෑහෙන්න තියෙනවා. එහෙම හරියන්නෙ නැති නම් පොඩි ලිස්ට් එකක් හදාගමු නිතර දෙවේලේ කන බොන දේවල කැලරි ප්‍රමාණ දාලා.

    බත් තේ කෝප්ප 01 (130-140g) : කිලෝ කැලරි 180

    එළවළු මේස හැඳි 03 (50 g) : කිලෝ කැලරි 25-40

    කොළ එළවළු මේස හැඳි 03 (50 g) : කිලෝ කැලරි 25-40

    පොල් සම්බෝල මේස හැඳි 01 : කිලෝ කැලරි 58

    මස්‌ හෝ මාළු 30-40g : කිලෝ කැලරි 40-80

    තම්බන ලද බිත්තර 01 ක්‌ : කිලෝ කැලරි 75

    බිත්තර ඔම්ලට්‌ 01 ක්‌ : කිලෝ කැලරි 89

    තම්බන ලද පරිප්පු මේස හැඳි 01 : කිලෝ කැලරි 35

    තම්බන ලද මුං ඇට තේ කෝප්ප 01 : කිලෝ කැලරි 150-170

    තම්බන ලද කඩල තේ කෝප්ප 1 : කිලෝ කැලරි 150-200

    පිට්‌ටු කෑලි 01 (50 g) : කිලෝ කැලරි 141

    ඉදිආප්ප 06 (75 g) : කිලෝ කැලරි 120-130

    පාන්පෙති 02 (50 g) : කිලෝ කැලරි 125

    තෝසේ 01 (50 g) : කිලෝ කැලරි 125

    මධ්‍යම ප්‍රමාණයේ රොටියක්‌ (50 g) : කිලෝ කැලරි 171

    පීසා 01 (100 g) : කිලෝ කැලරි 271

    ආප්ප 01 (50 g) : කිලෝ කැලරි 90

    කිරි තේ කෝප්ප 01 (සීනි තේ හැඳි 01 සමග කිරි පිටි තේ හැඳි 03) : කිලෝ කැලරි 32

    චයිනීස්‌ රෝල් 01 : කිලෝ කැලරි 75-100

    බනිස්‌ 01 (50 g) : කිලෝ කැලරි 60-80

    පරිප්පු වඩේ 1 (50 g) : කිලෝ කැලරි 155

    මුදවපු කිරි කෝප්ප 01 (100 g) : කිලෝ කැලරි 60

    කෙසෙල් ගෙඩි 01 (100 g) : කිලෝ කැලරි 95

    ඇපල් ගෙඩි 01 (100 g) : කිලෝ කැලරි 48

    අන්නාසි පෙති 02 (100 g) : කිලෝ කැලරි 46

    ගස්‌ ලබු (100 g) : කිලෝ කැලරි 32

    කෝලා බීම (500 ml) : කිලෝ කැලරි 210

    චොක්‌ලට්‌ කේක්‌ (40 g) : කිලෝ කැලරි 143

    රට කජු අල්ලක ප්‍රමාණයක්‌ (28 g) : කිලෝ කැලරි 160

    දැන් මේ ලිස්ට් එක බැලුවහම තේරෙනවා නේද ඩයට් කරන්න කියලා කියන්නේ ඇයි කියලා? එතකොට ඩයට් කෑම වේලක් හැදෙන්නේ කොහොමද කියලා!

     

    6. දැන් කෙට්‍ටු වෙන්න නොගෙන ඉන්න ඕන කැලරිද නැත්තං මේදයද?
    Calories 101

    Source – fitday.com

    මෙන්න බොන්න වෙන ප්‍රශ්න. එහෙම කිව්ව ගමන් බොන්න යන්න එපා. ඇල්කොහොල් අඩංගු බීම ජාති වලත් අර උඩින් කිව්ව හිස් කැලරි අන්තර්ගතයි!

    මේකට සරලම උත්තරේ මේකයි. කෙට්‍ටු වෙන්න ඕන නම් සතියකට රාත්තලක් අඩු කරගන්න දවසකට ගන්න ඕන කැලරි ප්‍රමාණය උඩින් කියලා තියෙනවනේ. ආන්න ඒ කැලරි ප්‍රමාණය තරයේ පිළිපදින්න. එතකොට ඒ කැලරි ප්‍රමාණය ඇතුළේ ආහාරමය මේදය අඩංගු කෑම බීම නොගෙන ඉන්න. ඒ කිව්වේ හිස් කැලරි නොගෙන ඉන්න කියන එක. සරලවම කියනවා නම් කැලරි සහ මේදය කියන දෙකම කපා හරින්න වෙනවා ඇඟ අඩු කරගන්න නම්.

     

    7. එහෙමනම් කැලරි අඩු කෑම කාලා වැඩේ ගොඩදාගන්න පුලුවන්ද?
    Calories 101

    Source – lifematters.asia

    පොතේ හැටියට නම් උත්තරේ ඔව්. හැබැයි මෙහෙමයි. අපි රෙකමන්ඩ් කරන්නේ කැලරි කවුන්ට් කර කර එක තැනක දවසම වාඩි වෙලා ඉන්න එක නෙවෙයි. ජිම් එකට යන්න හරි, උදේට උදේට පොඩි ජොගින් හරි වෝකින් පාරක් හරි දාන්න බැරි නම්, දවසේ වැඩ කටයුතු කම්මැලි නැතුව කරන එකෙන්ම කැලරි යම් ප්‍රමාණයක් දහනය කරගන්න පුලුවන්. ගෙදර දොරේ වැඩ කියන්නේ හිතන තරම් අමාරු දේවල් නෙවෙයිනේ. හැබැයි සෑහෙන කැලරි ප්‍රමාණයක් දවසකට දහනය කරගන්න පුලුවන් මේ වැඩ වලින්. ඉතින් ඒවා අනිවා වෙන්න ඕන.

    ආයෙත් ප්‍රශ්නෙට ආවොත් මෙහෙමයි. සීනි තොග පිටින් තියෙන කොකාකෝලා එකක් බොනවට වඩා ඩයට් කෝක් එකක් බීලා කැලරි වැඩිපුර ලැබෙන 160 ක් විතර අඩු කරගන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා ඩයට් කෝක් එකෙන් විටමින්, ඛණිජ ලවණ හරි වෙනත් පෝෂණීය ගුණ හරි ලැබෙන්නේ නැහැනේ. ඉතින් කෙලින්ම ඩයට් කෝක් වෙනුවට සීනි නැති ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජූස් වලට යන එක එතකොට කොයි පැත්තටත් වාසියි.

    අනික කැලරි අඩු කරා කියලා ඇඟට ඕන තන්තු, ඛණිජ ලවණ, විටමින් මැවෙන්නේ නැහැනේ. ඒ නිසා ඩයට් ප්ලෑන් එකක් හදාගන්න ඕන හිස් කැලරි, ඒ කිව්වේ අනවශ්‍ය මේදය සහ අනවශ්‍ය සීනි ප්‍රමාණයන් කපා හරින ගමන්ම කැලරි ප්‍රමාණය අඩු කරන්නත්, හැබැයි දවසකට ඇඟට ඕන පෝෂණගුණය ඒ විදියටම ලැබෙන විදියටත් තමයි. එහෙම ඩයට් ප්ලෑන් එකක් හදාගන්න හොඳ ක්‍රමය තමයි පෝෂණවේදියෙක් නැත්තං ඩයටීෂියන් කෙනෙක් මුණගැහෙන එක. ඕනම ඉස්පිරිතාලෙක මේ සේවය ලබාදෙන වෛද්‍යවරු ඉන්නවා.

     


     
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    21 Apr 2017 12:55 AM
    ලිපිය වැදගත්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Apr 2017 03:21 AM
    නූතන සමාජයට ගැලපෙන ලිපියක්...
    අතට අහුවෙන දෙයක් කනවා මිස මෙහෙම දෙයක් ගැන හිතලා කන්නේ නෑ..
    මේවා පිළිපදිනවා නම් ලෙඩ රෝග රාශියක් අඩුකර ගන්න පුළුවන්...
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    21 Apr 2017 05:01 AM
    ස්තුතියි අයියේ.මේකනම් මට වැදගත් වෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    21 Apr 2017 10:00 PM

    ලොව තරබාරුම කාන්තාවගේ
    බර සැත්කමකින් අඩුකරයි


    ඒමන්ති මාරඹේ

    ලොව වෙසෙන තරබාරුතම කාන්තාව ලෙස නම් දරා සිටි කිලෝ 500 ක්‌ බරැතිව සිටි ඊජිප්තු ජාතික එමාන් අබ්ඩ් එල් අµs ගේ බර ඉන්දියාවේ මුම්බායි නගරයේදී සිදු කරන ලද සැත්කමකින් පසු කිලෝ 250 ක්‌ (රාත්තල් 550) පමණ දක්‌වා හරි අඩකින් අඩුවී ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයෝ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

    එමාන්ගේ බර සැත්කමින් පසු තවත් අඩු වෙමින් පවතින බව විදෙස්‌ මාධ්‍යයන් වාර්තා කර තිබේ.

    ලොව තරබාරුතම කාන්තාව වශයෙන් සැලකෙන අවස්‌ථාව වන විට වසර 25 ක්‌ මුළුල්ලේ ශරීරයෙහි අධික බර හේතුවෙන් ඇයට නිවසෙන් පිටතට යාමට පවා නොහැකිවී තිබූ අතර ඇය කාලය ගත කරන ලද්දේ ඇඳේය.

    තම සිරුර හැරවීමට පවා අපහසුවෙන් සිටි එමාන් හට සිරුරෙහි බර අඩු කරලීමේ සැත්කම මාස දෙකකට පෙර සිදුකරන ලද්දේ මුම්බායිහි ඉන්දීය ජාතික ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වන මුµaසාල් ලක්‌ඩවාලා විසින් සයිµS රෝහලේදීය.

    මෙම සැත්කම සඳහාම එමාන් ඇය සිටි ඇඳ පිටින්ම විශේෂිත වූ ගුවන් යානයකින් ඊජිප්තුවේ සිට ඉන්දියාව කරා ගෙන එනු ලැබිණි.

    ශරීරයෙහි බර අඩු කිරීමේ සැත්කම් කිරීමේ පළපුරුද්දක්‌ ඇති වෛද්‍ය ලක්‌ඩවාලාට අනුව එමාන්ට වයස අවුරුදු 11 දී බර වැඩි වීමත් සමගම හටගෙන තිබූ ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj රෝග තත්ත්වය නිසා ශරීරයේ බර සැත්කමින් පසු අඩු වුවද ඇය තවමත් අංශ භාග තත්ත්වයේ පසුවේ. කතා කිරීමේ හා ගිලීමේ අපහසුතාවයකින් ඇය පෙළුනද ඇයට රෝද පුටුවක වාඩිවෙලා හිඳගෙන සිටීමට හැකි බව වාර්තා වේ.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Apr 2017 10:35 PM
    බර බාගයකින් වගේ අඩුවුනා කියන්නේ ලොකු සැහැල්ලුවක් දැනෙනවා ඇති..
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    23 Apr 2017 08:57 AM
    වැඩිය ඕනෙ නෑ ඉන්දික අයියේ ...අපිට වුනත් ඇග කෙට්ටු වුන තරමට දැනෙන පහසුව කියලා වැඩක් නෑ.
    මගෙත් ටිකක් බඩ වැඩියි. නැමිලා ඉන්න බෑ ඉස්සර වගේ.හරි අමාරුයි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    23 Apr 2017 02:45 PM
    ම්ම්ම්ම්ම්ම්ම් හොද ලිපියක් .. අපෝ ඇග නම් සැහැල්ලු කර ගන්න තරමට පහසුයි තමා .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 May 2017 09:37 PM

    දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි

    දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ඇතැමෙකුගේ කකුල් දෙක හොදටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකක් නැහැ. ඇතැම් විට ඒ අත්දැකිම ඔබත් විදිලත් ඇති. විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැනු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවා.ඇත්තටම මෙය රෝගි තත්ත්වයක්ද.

    එක දිගට පැය 6 ක් 8 ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමත් අතර සැක කටයුතු සම්බන්ධයක් තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත් Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වය බව. අපගේ ශරීරය තුළ රුධිර සංසරණය සිද්ධ කිරීමට රුධිර නාල වර්ග 2 ක් ප්‍රධාන කොට උපකාරී වෙනවා. එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන “ධමනි” අනික් වර්ගය තමයි හෘදය වස්තුවට ආපසු රුධිරය රැගෙන එන “ශිරා” හෘදය වස්තුව තුළ ඇතිවෙන හෘද ස්පන්දනය හෙවත් ගැස්ම නිසා ධමනි තුළ වේගයෙන් රුධිරය ගමන් කරනවා. අපට “නාඩි” ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමනයයි. නමුත් ශිරාව තුළ ආපසු ගමනේදී මේ ආකාරයට වේගවත් රුධිර ගමනක් සිද්ධ වන්නේ නැහැ. අපි එක දිගට ඉඳගෙන ගමනක් යාම වැනි ඉරියව්වකදී අපගේ පාදවල ඇති මේ “ශිරා”වල රුධිර ගමනය තවදුරටත් අවහිර වීමක් සමඟ එක තැන රැඳීමක් සිදුවෙනවා. ප්‍රතිඵලය වන්නේ පාදවල, විශේෂයෙන් අපි බත්

    කෙන්ඩ ලෙස හඳුන්වන (Calt) ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වූ රුධිරය කැටි ගැසීමකට ලක්විය හැකි වෙනවා. මෙලෙස ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම DVT ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ එම ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැවීම, මතුපිට පෙනුමට ඇති නහර ගැටගැසීම හෙවත් නහර පිරී නෙරා තිබීම ආදී ලක්ෂණයි. නමුත් ඉතා වැදගත් කරුණක් වන්නේ මේ රෝග තත්ත්වය ඇති රෝගීන් 50% පමණ පිරිසකට සමහරවිට මේ අකාරයේ කිසිම රෝග ලක්ෂණයක් නොදැනීමයි. මේ නිසා මේ රෝග තත්ත්වය තීරණය කිරීමට ඉහත රෝග ලක්ෂණවල ඇතිවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම තව අනිකුත් රෝග කිහිපයක් නිසාත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශයට විෂබීජයක් ඇතුල් වූ විට, ඇතිවන ආසාදන සහ මස්පිඬුවල ඇතිවන අනතුරු, ආබාධ වසා පද්ධතිය (කුද්දෙටි) අවහිරවීම් නිසා ඇතිවන ඉදිමීම ආදී රෝග ගැනත් සිතේ තබාගත යුතු වෙනවා. ඉතිං, මේ ආකාරයට ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම භයානක වන්නේ කොහොමද කියලා සොයා බලමු. මම මුලින් සඳහන් කළ ආකාරයට ශිරාවෙන් කෙරෙන්නේ නැවත හෘදය වස්තුව වෙත රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ පාවිච්චි කරන ලද අපිරිසිදු රුධිරය නිසා එම රුධිරය හෘදය වස්තුව මඟින් පෙනහලු වෙත පිරිසිදු කිරීම සඳහා (ඔක්සිජන් ලබා ගැනීම සඳහා) ලබා දෙනවා.

    ප්‍රශ්නය වන්නේ ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියහොත් ඇතිවන විනාශයයි. ඒ කියන්නේ හෘදය වෙත කැඩීයන රුධිර කැටිය හෘදය මඟින් පෙනහලු වෙත පොම්ප කරනු ලබනවා. මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල තුළ කුඩා නහරයක් හෝ රුධිර කැටිය විශාල එකක් නම් ප්‍රධාන නහරයක් අවහිර කරනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ පෙනහල්ලේ ප්‍රධාන කොටසකට හෝ රුධිර කැටිය කුඩා එකක් නම් කුඩා කොටසකට රුධිර ගමනය අවහිර වී අක්‍රීය වීමයි. මේ තත්ත්වය සමහරවිට මාරාන්තික එකක් වෙන්න පුලුවන්. පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් රෝගියා මිය යන්නට හෝ දැඩි සත්කාරයක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් උද්ගත වන්න පුුලුවන්.

    එක දිගට ඉඳගෙන පැය ගණනක් ගමන් කිරීම විශේෂයෙන් ගුවන් ගමන්වලදී ඇතිවන අවදානමට අමතරව, ශරීරය තුළ ඇති වෙනත් රෝග පිඩාත්, රෝගියා ලබා ගන්නා සමහර ඖෂධත් මේ සඳහා බලපානවා. ඒවා අතර ඇඟපත තරබාරු වීම, ප්‍රධාන ශල්‍යකර්ම වලට භාජනය වීම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝර්මෝන පෙති ගැනීම, සමහර පිළිකා වර්ග විෂබීජ ආසාදන, වෙනත් නිධන්ගත රුධිර ආබාධ අවධානම් කරුණු ලෙස සඳහන් කළ හැකි වෙනවා. එක දිගට වාහනයක් තුළ ගමනක් යාමේදී පැය 2 – 3 කට වරක් වත් ඇවිදීම, සිටගෙන සිටීම වැනි ඉරියව්වල වෙනසක් සිදු කිරීම හෝ ඉලාස්ටික් බැන්ඩේජ් පැළැඳීම වැනි උපක්‍රම වැදගත් වෙනවා. කෙසේ වෙතත් මෙවැනි වැලැක්වීම පිළිබඳ උපදෙස් මීට වඩා පුලුල්ව වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතු එකක් වනවා. රෝගයට ප්‍රතිකාර ලෙස රෝහල් ගත කර රුධිර කැටිය දියවීමට බෙහෙත් වර්ග එන්නත් කිරීමක් අවශ්‍ය වෙනවා

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    02 May 2017 09:41 PM
    අම්මො මෙකත් ලෙඩක්ද ? බය බැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    03 May 2017 04:19 AM
    ත්‍රීකුණාමලයේ ගියාට පස්සේ කකුල ඉදිමිලාද...
    0

    Dushan
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    03 May 2017 04:44 AM
    වටිනා ලිපියක් ස්තුති
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 May 2017 06:09 AM
    මේ ලිපිය නම් වැදගත්..මොකද අපේ අම්මගෙත් කකුල ඉදිමෙලා තියෙනවා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    smt90
    Veteran Member
    Veteran Member
    Posts:1736






    --
    03 May 2017 07:55 AM
    මේකනම් වැදගත් ලිපියක් නිවාඩුව කියවන්න ඕනේ...
    0


    ---