Posted By Apsari1 on 14 Oct 2018 11:13 PM
වෛද්‍යවරියක් හැටියට ඔය වීඩීයෝවේ සදහන් කියන තර්කයට මම එකග වන්නේ නැහැ.මොකෝ මිනිස් සිරූරේ සවාභාවිකවම නිශ්පාදනය වෙන විටමින් වර්ග විටමින් B1-B12 දක්වා නම් කල හැකි.
එතකොට ඇත්තටම මේ B17 කියන්නේ මොකද්ද?
B17 ස්වාභාවිකව නිශ්පාදනය වෙන්නේ ශාක වල පමනයි.ඉතින් කොහොමද කියන්නේ මිනිස් සිරූරේ ස්වභාවිකව නිර්මානය නොවන දෙයක් ඌන වීම පිලිකාවට හේතුවක් කියලා.පිලිකා හැදෙන්න වෙනත් විවිද හේතූ තියෙනවා.හැබැයි විටමින් B17 ඌන වීම කියන එක කොහෙත්ම පිලිගන්න බෑ..
අනික ඔය විටමින් B 17 කියන්නේ Amygdalin or Laetrile කියන රසායනික ද්‍රව්‍යයයි.මිනිස් සිරූරට ඕක බාහිරින් ලබා දෙන්න පුලුවන්.
ඇතැමෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍යට පුළුවන් කියලා පිලිකා සෛල මර්ධනය කරන්න.නමුත් සමහරෙක් කියනවා ඒ රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකරයි කියලා.
නමුත් පිලිකාවට හේතුව විටමින් B17 ඌන වීම කියන එකට විද්‍යාත්මකව පිලිගත හැකි තහවුරු කිරීමක් නෑ.
හරිම වටින පැහැදිළි කිරීමක්.......මාත් ඒ ලිපිය කියවල පුදුම වෙලා හිටියෙ........ස්තුතියි අප්සරී විද්‍යාත්මක පැහැදිලි කිරීමට