ප්‍රශ්නය
- පසුගිය සතියේ අප ඔබ සමග කතා කළේ ස්‌නායු රෝග ගැනයි. ඒ අනුව අප නියුරෝපති
නමැති රෝගය ගැන සාකච්ඡා කළා. ශරීරයේ පර්යන්ත ස්‌නායු හානියට පත් වීම නිසා
මෙය හට ගන්නා බවයි ඔබ පැහැදිලි කළේ. මේ මගින් ශරීරය දුර්වල වන බවත්
හිරිගතිය සහ වේදනාව ඇති වන බවත්, ඔබ කිව්වා. මේ වේදනා සහගත තත්ත්වයන් ඇති
වන්නේ අත් සහ පාදවල බව තවදුරටත් සඳහන් වුණා. මෙම වේදනාව ශරීරයේ සෙසු
කොටස්‌වලටත් පැතිරී යන්නට පුළුවන්. පර්යන්ත ස්‌නායු පද්ධතිය අපට වැදගත්
වන්නේ මොළය මගින් නිකුත් කරන සංඥා සුෂුම්නාව ඔස්‌සේ ශරීරයේ සෙසු කොටස්‌වලට
බෙදා හැරෙන්නේ එමගින් නිසයි.
වෛද්‍ය අමිල බණ්‌ඩාර - හැබැයි මේ
ස්‌නායු රෝගය සුවපත් කරන්න පුළුවන් බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. දැනට බටහිර
ලෝකය තුළ මේ රෝගය සුව කිරීම සඳහා පර්යේෂණ පැවැත්වෙනවා. මෙය සුව කරන්න නම්
කළ හැකි එකම දෙය තමයි හානියට පත් වූ ස්‌නායු නැවත වරක් ප්‍රතිසංස්‌කරණය
කිරීම බටහිර විද්‍යාව තුළ තවමත් කරන්නේ මේ රෝගය කළමනාකරණය කිරීම පමණයි.
ස්‌නායුවල තිබෙනවා ඉතා කුඩා තන්තු. දුරකථන සහ අන්තර්ජාල සංඥා එහා මෙහා ගෙන
යන Optic Fiber වැනි මේ තන්තු හානි වූ විට ක්‍රමයෙන් සුවපත් කළ හැකි
ආයුර්වේද කසාය වර්ග තිබෙනවා. ඒ අතර ස්‌නායු හානි වීමට හේතුව සොයාගත යුතුයි.
එම සාධකය වළක්‌වාගත් විට රෝගය නැවත හටගන්නේ නැහැ.
ප්‍රශ්නය - නියුරෝපති රෝගය මාරාන්තිකද?
වෛද්‍ය
අමිල බණ්‌ඩාර - මෙය නිදන්ගත වෙන්නටත් පුළුවන්. උග්‍ර වෙන්නටත් පුළුවන්.
හැබැයි මාරාන්තික වන අවස්‌ථා අඩුයි. දියවැඩියා රෝගීන්ට හැදෙන නියුරෝපති
වර්ගයක් තිබෙනවා. මෙය ඉතා බහුල රෝගයක්. මෙය දියවැඩියාව හා සමාන්තරව නරක්
කර ගත්තොත් එක්‌තරා මාරාන්තික අවදානමක් හටගන්නවා.
ප්‍රශ්නය - නියුරෝපති රෝගියකු නොගත යුතු ආහාර ලෙස ඔබ දකින්නේ මොනවාද?
වෛද්‍ය අමිල බණ්‌ඩාර - නිසි පෝෂණ ගුණය
නැති වුණාම නියුරෝපති රෝගය ඉතාම නරක විදියට ශරීරය පුරා පැතිර යනවා. මේ නිසා
පලතුරු, එළවළු, නිවුඩ්ඩ සහිත සහල්, ශරීරයට හිතකර මේද ආහාරයට ගත යුතුයි. ඒ
වගේම මේද සහිත මස් වර්ග සහ කිරි ආහාරවලින් වැළකිය යුතුයි. නියුරෝපති රෝගය
තිබෙන විට නොසැලකිලිමත් ලෙස ආහාර ගත්තාම Type 2 වර්ගයේ දියවැඩියාව ඇති
වෙනවා.
ප්‍රශ්නය - මේ සඳහා සුදුසු ප්‍රතිකාර මොනවද?
වෛද්‍ය අමිල බණ්‌ඩාර - ආයුර්වේදයේ
තිබෙනවා වේදනා නාශක ආලේපන සහ කසාය. උදාහරණයක් ලෙස සුදුලුනු සහ උළුහාල්
ගනිමු. මේ දෙක ඉතාම වටිනා වේදනා නාශක දෙකක්. වෛද්‍යවරයා නියම කරන ආයුර්වේද
වේදනා නාශකයකට යා යුතුයි. එසේම අපස්‌මාර තත්ත්වය නැති කරන ආතතිය නැති කරන
ඖෂධ වර්ගවලටත් යොමුවිය යුතුයි.
ලබන සතියට