පලතුරු රස රහස්
ලෝකයේ රසැති ගුණැති පලතුරු කෙතරම් තිබේ ද? එ්වායේ පෝෂණය තරමට ම අරුම පුදුම තතු ද අප‍්‍රමාණ ය. එවන් පලතුරු රස රහස් කීපයකි මේ.
‘කෙසෙල්’ යනු පලතුරක් නොව ‘ඖෂධයකි’. කුඩා කාලයේ දී පුංචි දරුවන්ට කෙසෙල් කෑමට ඉඩ ලබා දෙන්නේ එහි ඇති පෝෂණීය බව නිසාත් දිරවීමට පහසු ගුණය පවතින නිසාත් ය.
බීජ බාහිරින් පිහිටා ඇති එක ම පලතුර වන්නේ ‘ස්ට්‍රෝබෙරි’ ය. එක් ස්ට්‍රෝබෙරි ගෙඩියක පිටතින් බීජ 200ක් වත් පිහිටයි.
ලෝකයේ ඇපල් වර්ග 7000කට අධිකව පවතින අතර ජලයේ දැමූ විට ඇපල් ගෙඩි පාවෙනුයේ එ් තුල 25% ක් වාතය පවතින නිසාවෙනි.
එළවලූ ලොවේ නම් දරන ‘පිපිඤ්ඤා’ හා ‘තක්කාලි’ සැබෑ ලෙස ම එළවලූ නොව පලතුරු වර්ගයන් ය.
‘රතු පැහැ පලතුරු’ හදවත පිිරිසිදු කරන අතර ‘තැඹිලි පැහැ පලතුරු’ දෑස් සෞඛ්‍යමත් කරයි. ‘කහ පැහැ පලතුරු’ රෝගී වීමෙන් වළකාලන අතර ‘කොළ පැහැ පලතුරු’ අස්ථි හා දත් ශක්තිමත් කරලයි. විද්‍යාඥයන්ට අනුව ‘දම් හා නිල් පැහැ පලතුරු’ මතකය වර්ධනය කිරීමට සමත් ය.
උත්පලා ප‍්‍රබුද්ධිකා